2012-06-26

නිර්මාල් රංජිත් දේවසිරි සම්බන්ධයෙන් ආණ්ඩුවේ උපාය මාර්ගය කුමක්ද?

ආරක්ෂක අමාත්‍යංශයේ යයි කියා ගත් පිරිසක් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ නිවසට පැමිණ ඔහු සහ ඔහුගේ පවුලේ අයගේ සිත් තුළ බිය ඇති වන ආකාරයෙන් කටයුතු කර තිබේ. 


නිරිමාල් රංජිත් දේවසිරි යනු එක්ස් කණ්ඩායමෙ හිටපු දෙවෙනියා ය. (පළමුවෙනියා දීප්ති කුමාර ගුනරත්න නම්) 


2004 අග භාගයේදී එක්ස් කණ්ඩායම මේ දෙදෙනාගේ නායකත්වයෙන් කැඩී ගියේ ය. ඒ සමග ම ඒ දේශපාලන ව්‍යාපෘතිය දිය වී ගිය බව අද වන විට පැමිණිය හැකි නිගමනයයි. විශේෂයෙන් ම නිර්මාල් නායකත්වය දුන් පාර්ශ්වය සංවිධානමය වශයෙන් ස්වයංව දිය වී යාම තෝරා ගත් බව පෙනේ. 


රැස් වළලු සහිත නායකත්වයක් වටා ඒකරාශී වූ සටන්කාර අනුගාමිකයන් පිරිසක් වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාධරයන්ගේ නිදහස් අවකාශයක් නිර්මානය කරන්නට නිර්මාල් පාර්ශ්වය දැරූ තැත පැරණි එක්ස්වරුන්ට ම දරා ගත නො හැකි විය. ප්‍රමාණයෙන් කුඩා රැස් වළලු වටා යළි ඔවුහු ගොනු වෙමින් සිටියහ. නිර්මාල්ට ද රැස් වළල්ලක් තිබිණි. එහෙත්, මෑත කාලීන වාම අන්තවාදීන් බොහෝ දෙනෙකුට පරමාදර්ශය වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් නිර්මාල්‍ට නම් පරමාදර්හයක් නොවූ බව ඔහු සමග ඇසුරින් ලේඛකයාට අවබෝධ විය. 


දීප්තිගේ පාර්ශ්වයට ද කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අවසානයේදී ද්‍රව වීගියේ ය. එය ලංකාවේ වාම දේශපාලනයේ පොදු සංසිද්ධියක එක් නිරූපණයක් පමණි. 


එහෙත්, නිර්මාල් රංජිත් දේවසිරි සුපුරුදු වමා ම වූ අතර ඔහු සංවිධාන ඇතත්, නැතත්, නොවෙනස් සමාජ ක්‍රියාධරයකු ලෙස දිගට ම කටයුතු කළේ ය.  සමාජ සාධාරණත්වය වෙනුවෙන් දිගට ම සටන් කළේ ය. ඔහු සෙසු වාම නායකයන්ගෙන් වෙනස් වන්නේ සිය බල අවකාශය තුළත් ඔහු ප්‍රජාතන්ත්‍රවාදියකු වීමට උත්සාහ කළ නිසා ය. එසේ ම, ගාන්ධි කීවා සේ සමාජය තුළ තමන් අපේක්ෂා කරන වෙනස තමන් ම වීමට ඔහු උත්සාහ කළේ ය. එනයින් ගත් කල ඔහු වික්ටර් අයිවන් මෙන් ‍ගාන්ධි උපුටා දක්වන්නකු නො වී සැබැවින් ම ගාන්ධි අනුගමනය කරන්නකු විය. 


ඔහුට සමාජ සංසිද්ධි අරභයා ඔහුගේ ම වූ දැක්මක් ඇත. ඔහු සංවාද ලෝලියෙකි. අන් මත ලෙහෙසියෙන් පිළි ගන්නකු නො වූවත්, ඒවාට හොඳින් සවන් දෙන්නෙකි. සිය මතය වෙනුවෙන් සටන් කරන්නෙකි.


එක්ස් කණ්ඩායම වනාහි කලින් කල විවිධ බටහිර චින්තකයන් ධාතු කරඬු සේ වඩම්මමින් සිටි කණ්ඩායමකි. ඔවුන් ලංකාවේ දේශපාලන අවකාශයට නව දැනුම ගෙන එමින් විශිෂ්ට කාර්යභාරයක් කළ මුත්, ඒ දැනුමින් ලක් සමාජය විග්‍රහ කිරීමේදී හා සාධනීය මැදිහත් වීම් කිරීමේදී එතරම් සාර්ථක වූයේ නැත. 


විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ධුරයට නිර්මාල් රංජිත් දේවසිරි පත් වූයේ නිතැතින් බව අපගේ විශ්වාසයයි. ඒ කියන්නේ අරගලයකට නායකත්වය දෙන්නට ඉදිරිපත් වන්නට තරම් කොන්ද පණ ඇති නායකයන් ලංකාවේ සරසවි ඇදුරන් අතර විරල නිසා ය. අපගේ නිරීක්ෂණ අනුව,  ඵලදායීතාවෙන් ඉතා අඩු බහුර පිරිසකගෙන් සමන්විත සේවාවක් වන ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්ය ‍සේවාව තුළ නිර්මාල් සුවිශේෂ චරිතයකි. 


අප ඔහු දකින්නේ ලංකාවේ විරල වූ සැබෑ විද්‍යාර්ථියකු ලෙසයි. ඔහු සිය ජීවිතය ම අධ්‍යයනයට, හා අධ්‍යාපනයට කැප කළ පුද්ග‍ලයෙකි. අප දන්නා තරමින් ඔහු ටියුෂන් කරන්නේ නැත. පොසිටිව් තින්කිං දේශන පවත්වන්නේ නැත. රාජ්‍ය නොවන සංවිධාන දේශකයෙක් වන මුත් ඒවායේ අරමුදල් පාලක බහිරවයෙක් නො වේ. ඔහු දේශපාලකයන් පසුපස යමින් තනතුරු සිඟන්නේ ද නැත. 


ධම්ම දිසානායක නිර්මාල් සමග එක්ස් කණ්ඩායමේ සිටි, එම දේශපාලන කණ්ඩායමේ කරට පය තබා බල ඉනිමගට ගොඩ වූ පුද්ගලයෙකි. නිර්මාල්ගේ වටිනාකම තේරුම් ගැනීමට මේ චරිත දෙක සංසන්දනය කිරීම ප්‍රමාණවත් ය.


විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ධුරය නිර්මාල්ගේ වටිනාකම් භක්ෂණය කරමින් ඇති බව අපගේ නිරීක්ෂණයයි. ඔහු අද සිය කාලය කැප කරමින් සිටින්නේ පටු ආත්මාර්ථකාමී, අදේශපාලනික බහුතරයකින් සමන්විත වූ පිරිසකගේ ආර්ථික ඉල්ලීමක් වෙනුවෙනි. 


යහපත් සමාජ වෙනසක් වෙනුවෙන් කැප වන විද්‍යාර්ථියකු ලෙස නිර්මාල්ට කළ හැකි කාර්යභාරය සරසවි ඇදුරන්ගේ වැටුප් සටන විසින් අවුරා ඇත. 


දැන් ආණ්ඩුව මාන බලමින් සිටින්නේ නිර්මාල්ව ද රට පැටවීමට බව පෙනේ. 


ඔහු ගැවසුණු වාම කවවල ක්‍රියාධරයන් වැඩි දෙනෙක් පසුගිය සමයේ කළේ වඩා හොඳ ජීවිත සොයා බටහිරට සංක්‍රමණය වීමයි. රට පැනීම සඳහා අවශ්‍ය උත්ප්‍රේරක ආණ්ඩුව විසින් සපයා දෙන ලදී. 


නිර්මාල් සඳහා වූ  ආණ්ඩුවේ උපායමාර්ගය ද එයයි. 


ලේඛකයාගේ ශාස්තෲ නවකතාව දොරට වඩින දා දේශනයක් පැවැත්වූ නිර්මාල් මෑත කාලීන නවකතාවල චරිත භෞතික සමාජ යථාර්ථයෙන් පළා යාමක් ඇති බවට ගුණදාස අමරසේකරගෙන් ණයට ගත් අදහසක් ඉදිරිපත් කළේ ය. 


ශාස්තෘ නවකතාවේ කථක ඉන්දියාවට පළා යාම එම සංසිද්ධියට උදාහරණයක් ලෙස ඔහු විසින් හුවා දක්වන ලදී. ලේඛකයා සිතන පරිදි සරච්චන්ද්‍රයෝ සිය කල්පනා ලෝකය විචාර ග්‍රන්ථයෙන් අමරසේකරගේ මේ පුහු තර්කයට පිළිතුරු දී ඇත. කල්පනා ලෝකය ද යථාර්ථය ම යයි ලේඛකයා සිතයි. 


ආවරණ සලසා ගත් දේශපාලන පරමාදර්ශ බිඳ වැටීම හමුවේ තමන් නිරුවත් වනු දුටු බොහෝ අති වාම ක්‍රියාධරයන්ට පසුගිය සමය පළා යාමේ යුගයක් විය. නිර්මාල් පළා නො ගිය සටන්කරුවෙකි. 


ඔහු අවශ්‍ය සරසවි වැටුප් සටනට නොව, යහපත් සමාජයක් සඳහා වූ පොදු මිනිස් අරගලයට ය.


(ටෙලි නාට්‍යවලින් එහෙම කියවෙන පරිදි අසූ තුනේ ජුලි අරගලයේදී ලංකාවේ සිංහල මිනිස්සු කළ තරමක් කළේ දෙමළ මිනිසුන්ට රැකවරණ දීමයි. එහෙත් නිර්මාල්.........



)
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

9 comments:

  1. නිර්මාල් ගේ ලක්බිම පත්තරේ පල කරන්නට බයවුණු ඝෝටාගේ ලංකාව සහ ජුලම්පිටියේ අමරේ නම් තීරු ලිපියම නිර්මාල්ට රටින් පලා යන්නට ප්‍රමාණවත්ය.

    ReplyDelete
  2. Nirmal baptised Vasudewa as the "Last leftist consciousness in (Sri) Lanka " in an election campaign of Vasu.

    But the most deserved person to have that purification is Nirmal. Nirmal only.

    Clement Peris
    Calgary

    ReplyDelete
  3. පවතින තත්වය යටතේ නිර්මාල්ට රටින් පලායාම හැර වෙනත් විකල්පයක් නැති බවයි පෙනෙන්න තියෙන්නෙ. එහෙත් ඔහු ඉවත් වුනොත් නියත වශයෙන්ම එතැන හිදැසක් ඇතිවෙනවා. එතන පුරවන්න පුළුවන් ඇගෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවෙක් දැනටනම් නෑ.

    ReplyDelete
  4. පැරකුම්, මේ ලිපිය ටිකක් අඩුපාඩු සහිතයි වගේම ඔයාගේ කෝණයෙන් ලියපු දෙයක් නිසා වැරදි තොරතුරු හා අර්තනිරුපන්යන් පෙනේ.

    මෙවර සරසවි අචර්යන්ගේ සටන වැටුප් සටනක් නොවේ (ඔවුන්ගේ ඉල්ලීම් සහිත මිඩියා ප්‍රකාශය බලන්න) මෙවර නිර්මාල් නායකත්වය දෙන්නේ ඔබ කියන අන්දමේ පොදු ජනතාව සඳහා යහපත් හා ගුණාත්මක අද්යාපනයක් සහතක කල හැකි 6% මුදල් වෙන්ක්රීමි; මෙයින් ඇති බහුතරය ඔබ රැකියාව හා සම්බන්දිත පාසල් කරා යොමුවේ. ඔබලාගේ නිහඬතාවය තුල නිර්මාල් කරන්නේ ඔබලගේත් වගකීමයි. එය හුදෙක් වැටුප් අරගලයක් ලෙස ලඝු කිරීමට කුහක නොවිය යුතු බව මට සිතේ.

    ඔව්, නිර්මාල් ගියවසරේ මහා පාවාදීම් මැද ගෙනගියේ වැටුප් අරගලයකි (එය වින්-වින් හෝ govt වින් ලෙස දියවූ අතර) මෙවර නිර්මල්ගේ නිමිත්ත මුළු මහත් රටේ අනාගත පරපුර අඳුරෙන් මදක් හෝ බේරාගැනීමේ යහපත් අරමුණකි. මේ ආණ්ඩුව මෙතරම් බය වී ඇත්තේද ඒ නිසාමය. පුළුල් අද්‍යාපන අවස්ථා හා පහසුකම් තුලින් හොරගොල්ලවල්, මදමුලනවල් ඉතිහාසයට එකතු වෙන අතරම, ආණ්ඩුව පමණක් නොව හුදෙක් ජන අතිය්වසිකම් ගෙන මොරදෙන ඊනියා වාමවාදී, සමාජවාදී හා ප්‍රජතන්ත්රවදීන්ටද දරාගැනීමට බැරිතරම් (Irony ) විප්ලවීය වෙනසකි (හැබැයි සෙමින් සිදුවේ).

    හුදෙක් වැටුප් සටනකට මෙච්චර ප්‍රසිද්දියක් දී හත්පොලේ ගාගන්නට තරම් ගෝටබය සිල්ලර කොන්ත්‍රාත් බාර ගන්නා බවක් තාම නොපෙනේ. අවිදු අඳුර දුරු වීම තරම් ඒකාධිපතින් බයවන තවත් දෙයක් නැත!

    PS : උපාදියක් ඇති මුත් කැම්පස් හා සම්බන්දයක් නැත, දැන් ලංකාවෙත් නැත (එහෙත් මද්යස්තව බැලීමට තරම් නිදහස් පරිසරයක විවුර්ත මනසකින් ලියුවෙමි)

    ReplyDelete
  5. මධ්‍යස්ථානයJune 26, 2012 at 10:15 PM

    ඔබගේ සටහන පිලිබඳ අපගේ ප්‍රතිචාරය පහත සම්බඳතා පුරුකෙන් කියවිය හැකිය
    මධ්‍යස්ථානය
    http://centrelk.blogspot.co.uk/2012/06/blog-post_26.html

    ReplyDelete
  6. This article is based on your view. So, we see this only as an opinion. We see according to the other way..

    ReplyDelete
  7. This is a good posting talks about the present crisis

    වෙලේ බැඳිය යුතු මී හරක් උසස් අධ්‍යාපනයට අත දැමීම



    විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා කැමති බව මර්වින් සිල්වා මැදිහත් වන්නට කැමති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයට දැනුම් දී ඇත. යන්තම් පහ වසරට ඉස්කෝලේ ගිය ගීතාංජන මෙන්ඩිස් වැනි කූට උගතුන්ගේ නිත්‍යානුකුල නොවන ආයතන වලින් මුදල් වලට ආචාර්ය උපාධි ලබාගත් රට හිනස්සන මනප්පුවෙකු උසස් අධ්‍යාපනයට අත දැමීම ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පිරිහීම කදිමට පෙන්වයි. ඉතියෝපියාව , උගන්ඩාව වැනි අසාර්ථක රාජ්‍යයන් වල විශ්ව විද්‍යාලවලටත් වඩා අධ්‍යාපනික ගුණාත්මකභාවය පහත වැටී තිබෙන ලංකාවේ විශ්ව විද්‍යාල දැන් පහ පාස් බාස් ආචාර්ය කෙනෙකු මැදිහත්කරුවෙකු වීමට පැමිණීම දක්වා පීචන් වී තිබේ. මෙවැනි පීචන් වීමට හේතු කීම?

    සත්‍ය වශයෙන් බලන විට අද ලංකාවේ විශ්ව විද්‍යාලවල උගතුන් නැත. අන්තර්ජාතිකව පිළිගැනීමකට ලක් වී තිබෙන උගතෙකු ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්දතිය තුලින් සොයා ගැනීම කළුනික සෙවීමකි. තමන් බුද්ධිමතුන් යැයි සිතන ආචාර්ය මහාචාර්යවරු බොහොමයක් විදේශීය විශ්ව විද්‍යාල වල රැකියා අවස්ථාවක් ලබා ගැනීමට නොහැකි වූ වනපොත් කිරීම තුලින් විභාග සමත් වී කිසිම නිර්මාණශිලිතාවක් නව දැක්මක් නැති අනුන් සමග සහ තමන් සමග තරහවී සිටින කුහක ඉර්ෂියාව සහ ආත්මාර්ථය මත කටයුතු කරන පිරිසකි. සරසවි ආචාර්යවරුන්ගේ සටන හුදු වැටුප් සටනක් පමණක් නොවේ. මෙය තමන්ගේ පැවැත්ම පිළිබඳවද සටනකි. උදාහරණයක් ලෙස පුද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ අධ්‍යාපන පද්දතියට ඒම ගැන මේ පිරිස් බිය වන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිවීම මගින් සිදුවන දැනුම ප්‍රසරණයේදී සහ වඩාත් විද්වත් පිරිස් ඒම විශ්ව විද්‍යාල කරා ඇදී ඒම මගින් තමන්ගේ දැනුමේ පුස්ස සහ හිස් බව රටට එළිවන නිසාය. නමුත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මොවුන් පණ දීමට කතා කරති. එහෙත් යම් දිනක ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල ඇති වුවහොත් තම දුවා දරුවන් එම විශ්ව විද්‍යාල වලට ඇතුල් කිරීමට මුලින්ම දිව එන්නේ මේ පිරිසය. ලංකාවේ විශ්ව විද්‍යාල ගුණාත්මක භාවය ඉහල නැග්වීමට ගෙන ඒමට මේ පිරිස් කිසිදු එලදායි දෙයක් මේ දක්වා සිදු කොට නැත. සරසවි වල පවතින නවක වදය වැනි දරුණු මානව හිමිකම් උල්ලංඝනයට තිත තැබීමටවත් මේ උගත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට හැකි වී නැත. නමුත් ජනමාධ්‍ය වලින් කතා කරන්නේ මානව හිමිකම් මානව සාරාර්ථ ගැනය. මොවුන් ද ගුණාත්මකභාවය මෙන්ම සදාචාරාත්මක බවින්ද පහල වැටී සිටින ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල නමැති මඩ ගොහොරුවේ නිෂ්පාදනයන් නිසා විශ්ව විද්‍යාල අර්බුධය නිම කිරීම වෙනුවට කරන්නේ එය තවත් අර්බුධ කරා රැගෙන යාමයි. මේ නිසා අද රටේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කෙරෙහි ඇති ගරුත්වය සහ විශ්වාසය බිඳ වැටී තිබේ. එවැනි යුගයක වෙලේ බැඳිය යුතු මී හරක් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා මැදිහත්වීම ගැන අප පුදුමයට පත් විය යුතු නැත.

    ReplyDelete
    Replies
    1. I think from what you have written, you have never been to a Sri Lankan University even to seek refuge from a sudden rain. Or else you have some personal problem with one or two people in the university system. University dons are concerned about people like you. That is why they want to promote state education and create more opportunities in the universities. That is the only way Sri Lanka can be developed.
      I don't think any lecturer or professor will oppose private universities because it will be an opportunity for them to obtain a private income. The only concern for them is the quality of private education. Although many try to interpret the opposing of third grade private universities in different ways, university lecturers are concerned about the quality standards. Private universities are not Non-profit institutions. Therefore, they will sell degrees and will not be concerned about the quality.
      State universities have to be trend setters, and in that environment, private institutions need to compete. It shouldn't be the other way around. Look at any university system around the world for example. Otherwise, there is a threat of losing the knowledge base that we have at the moment.

      Delete
    2. කොහොමද ඔබ මේ පටන් ගන්නත් කලින් තුන්වන පන්තියේ පෞද්ගලික උපාධි කඩ කියල කියන්නේ. රජයේ විශ්ව විද්‍යාල වලත් ඔය ගුණාත්මක භාවය අද නැහැ නේද? ලෝකයේ අනෙක් විශ්ව විද්යාලත් ක්‍රියාත්මක වන්නේ ලංකාවේ විශ්ව විද්යාල වගෙයි කියල ඔබ කියන එකෙන් තේරෙන්නේ, ඔබ ලංකාවේ විශ්ව විද්‍යාල වලට නම් ගිහින් තිබුනත් (වැස්සට පමණක් නොවේ ඉගෙන ගන්නත්), වෙන රටවල විශ්ව විද්‍යාල ක්‍රියාත්මක වෙන හැටි ගැන නම් අවබෝධයක් නැතුවා වගෙයි.

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.