2012-09-17

නොට්ටිගෙ පුතාලා කියන්නේ කාගෙ පුතාලාටද?

වේසිගෙ පුතුන් යයි කියන්නේ අර්ථයෙන් සැමියාට හොරෙන් වෙනත් පුරුෂයන් සේවනය කරන ගැහැනුන්ගේ පුතුන්ට වුවත්, භාවිතාවේදී එය ඕනෑම අධම පුද්ගලයකු වෙනුවෙන් යෙදේ. 

නොට්ටිගෙ පුතා යන යෙදුමෙහි අරුත කුමක්ද? 

මෙය යෙදෙන්නේ 'අප්පා කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගේ පුතා' ය කියන ප්‍රස්ථාව පිරුළ අනුවයි. 

මේ නොට්ටි කවුරුද යයි ඔබ දන්නවාද? 

මේ ගැන සෙවීමක් කළාම අපේ කතන්දරගේ කතාවත් හමුවුණා. ඒකෙ හොඳ අදහස් තියෙනවා. හැබැයි මේ නොට්ටි කවුරුද කියන එකනම් නැහැ. 


නොට්ටිගෙ පුතා - තාත්ත ගෙන් පුතාට


ඩෝසන් කියන හැටියට ඔවුන්ගේ පළාතේ කියන්නේ රොට්ටිගෙ පුතා කියලලු. 

මට හිතෙන හැටියට නම් නොට්ටි කියන්නෙත් සැමියාට හොරෙන් වෙනත් පුරුෂයන් සේවනය කරන ගැහැනියට වෙන්න පුළුවන්. අප්පගෙ පුතා නොවන පුතෙක් ලැබෙන්න ඉඩ තිබෙන්නේ එතකොටනේ. 

මේ ටික මතක් වුණේ මේ දිනවල මාධ්‍යවලින් කතාවෙන පුතුන් ගැන අහනකොට. උන්නම් ඇත්තෙන්ම නොට්ටිගෙ පුතාලා නෙමෙයි. මොකද, උන් කරන්නේ අප්පලා කළ‍ දේම තමයි. 

එක අතකට බලනවිට මුන්ගේ අප්පලා එළිබැස්සේ හිටගෙනය. මුන් දුවදුවය.


මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

4 comments:

  1. දුව දුවය, ඒ මදිවාට හත් පොලේ ම ගා ගනිති!

    ReplyDelete
  2. කොල්ලො උනාම ගහ ගන්නවා මරා ගන්නවා එහෙම තමයි. ඌ ඇමතිගේ පුතා නෙමේ නම් මේවා නිව්ස් නෙමෙයිනේ. එහෙනම් මූ ආමි එකෙන් කනවා අම්බානට.
    ඒ අහිංසක දරුවෝ ගැන වේදනාවට පත්වූ මගේ හැඟීම් මෙතනින් බලන්න...
    http://maathalan.blogspot.com/2012/09/thugs-baila.html

    ReplyDelete
  3. නොට්ටිගේ පුතා කියන්නේ නොට් උගේ පුතා යන්නෙන් හටගත් වදනකි.

    ReplyDelete
  4. නොට්ටිගේ පුතා = Naughty + gay පුතා

    ReplyDelete

බුද්ධියෙන් අදහස් පළ කරන්න. Comment Wisely.