2012-10-01

වැටුප් වැඩි කිරීමට ඉතා ප්‍රායෝගික, සාර්ථක ක්‍රමයක්

පොඩි මල්ලි
බාබේරියාවේ සිටින අපේ සෝම්බේරි අයියා බාබේරියානු භාෂාවෙන් ලියන සිය බ්ලොගයට ලියූ ලිපියක් අප වෙත එවා ඇත. අපි එය සංස්කරණයකින් තොරව මෙහි පළ කරමු. 

පසුගිය දිනෙක අපේ මිතුරෙක් විහිළුවට මෙන් කළ යෝජනාවක් පිළිබඳ ලිවිය යුතු යයි සිතිණි. 

එය ඇත්තෙන්ම ඉතා බැරෑරුම් යෝජනාවකි. එසේම එය ඉතා ප්‍රායෝගිකය. 

මේ යෝජනාව වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන්ය. මේ දිනවල බාබේරියාවේ මධ්‍ය මහා විද්‍යාල ඉස්කෝලෙ මහත්තුරුන්ගේ වර්ජනය නිසා මේ යෝජනාවේ විශේෂ වැදගත්කමක් තිබේ. 

මෙම යෝජනාව ක්‍රියාත්මක කළහොත් ඉස්කෝලෙ මහත්තුරුන්ගේ හා බාබේරියානු දොස්තරවරුන්ගේ පමණක්‍ නොව සමස්ත බාබේරියානු රාජ්‍ය අංශයේම වුව වැටුප් වැඩි කළ හැකිය. 

යෝජනාව මෙයයි.

වැටුප් වැඩිවීම් ලබන සේවකයන්ගේ වැඩි වූ වැටුපෙන් 20%ක කොමිස් මුදලක් රජ පවුලට ලැබෙන ක්‍රමයක් සකස්කිරීමයි. 

නිදසුනක් ලෙස බාබේරියානු ඩොලර් 10,000කින් වැටුප් වැඩි කළොත් රු. 200ක් ගෙවිය යුතුය. 10,000කින් වැටුප් වැඩි කළොත්  2000ක් කොමිස් ගෙවිය යුතුය. මේ ක්‍රමයෙන් දෙපැත්තටම මුදල් ලැබෙන බැවින් මෙය ක්‍රියාත්මක කිරීම ඉතා පහසුය. 

බාබේරියාවේ රජ්ජුරුවන්ගේ පොඩි මල්ලීට මේ වැඩේ භාර දුන්නොත් එය ටක්කෙටම ඉටු වෙනවා සිකුරුය. සමහරවිට මාසෙන් මාසෙට වැටුප් වැඩිවීම් දෙන්නට වුවත් ඔහු කැමති වනු ඇත.

බලන්න බාබේරියාවේ හැටි එහෙමය. ලංකාවේ උපන් ඔබ කෙතරම් භාග්‍යවත්ද යන්න ඔබට තේරෙන්නේ නැද්ද?

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

2 comments:

  1. ඉතා අනර්ඝ අදහසක්! අපේ එක්කෙනාටත් කියල බලමුද...?

    ReplyDelete
  2. අඩෝ පැරා ! කෝ බොල උඹේ ෆෝරම් එක??

    ReplyDelete

බුද්ධියෙන් අදහස් පළ කරන්න. Comment Wisely.