2012-12-11

අධිකරණ අර්බුදයේදී අප ගතයුතු මග කුමක්ද?

අගවිනිසුරුවරියගේ ක්‍රියාකලාපය බරපතල ප්‍රශ්න මතුකරයි. එහෙත් ඇයටද සාමාන්‍ය පුරවැසියකු ලෙස සාධාරණ නඩුවිභාගයක් සඳහා හිමිකමක් ඇත. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඇයට එවැනි සාධාරණ නඩු විභාගයක් සඳහා අවස්ථාව දී නැත.

වීදි බැස උද්ඝෝෂණ කරන්නන් සටන් කරන්නේ අසරණ සාමාන්‍ය පුරවැසියකුට සාධාරණ නඩු විභාගයක් දිනාදීම සඳහා නම් එයට කාගේත් සහයෝගය ලැබිය යුතුය.

මේ වනවිට මෙම සිද්ධිය ලාංකීය පාලන ක්‍රමයේ ගැඹුරු න්‍යායික හා ප්‍රායෝගික අර්බුදයක් බවට පත් වී තිබේ. ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ඇති වී තිබෙන ගැටලුව ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ අභියෝගයකි. මහජන උද්ඝෝෂණ අරමුණු කරගත යුත්තේ වඩා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ප්‍රතිසංස්කරණයකි.

එහෙත්, බොහෝ විරුද්ධ පාක්ෂිකයන්ට අවශ්‍යව තිබෙන්නේ මහින්ද රාජපක්ෂ පවුල් පාලනය පෙරළා දැමීම සඳහා කුමක් හෝ කරත්තයක නැගීමටයි. මහින්ද රාජපක්ෂ පවුල් පාලනය යනු ප්‍රජාතන්ත්‍රවාදය හරහා වැටුණු පොල්ලක් බවට තර්කයක් නැත. එහෙත්, එය ශක්තිමත්, මුල් බැසගත් බලවේගයකි. එය සෙලවීම ලෙහෙසි නැත.

ඔවුන්ගේ කෙරුවාවල් සමග සන්සන්දනය කර බැලූ කල අගවිනිසුරුවරියගේ කෙරුවාවල් නතිංය. එහෙත්, එහිද සම්තිං තිබේ. ලොකු වැරදිකරුවන්ට එරෙහිව සටන් කරන්නට පොඩි වැරදිකරුවන් පසුපස පෙළගැසීම අපනම් දකින්නේ මුග්ධකමක් ලෙසයි. 

වඩා බලවත් ව්‍යවස්ථාදායකයද, අධිකරණයද යන්න පීඩිත ජනතාවගේ ප්‍රශ්නයක් නොවේ. මන්ද, මේ දෙකම විසින් කරන්නේ පීඩිතයා තවත් පීඩාවට පත්කිරීම වන බැවිනි. එහෙත් ඒ සංවාදය ඔස්සේ  මතු කරගතහැකි වෙනත් කාරණා තිබේ. 

මහජන නියෝජිතයෝ වැඩිදෙනෙක් අවිධිමත් අන්දමින් පත් වූ නුසුදුස්සෝය. එහෙත්, ඔවුන් කවදා හෝ මහජනතාව ඉදිරියට පැමිණිය යුතුය.

නඩුකාරයන් පත්වන්නේ විධිමත් අන්දමකටද? අවෘත්තික, නිර්දය සූරාකන්නන් පිරිසක් වන ලංකාපසුගාමී නීතිපෙළැන්ති ආධිපත්‍යයට යට කරන ලද අධිකරණය සාධාරණද? නිදහස්ද? සාමාන්‍ය පුරවැසියකුට මෙතැනින් යුකිතිය දිනාගැනීමට තිබෙන අවස්ථාව සාධාරණද? මේවාේ සිටින නඩුකාරයෝ දේශපාලකයන් තරමට කවදා හෝ කාට හෝ වගකියනවාද? 

ේවා ගැන සිතා බලනවිට අසාධාරණ, අත්තෝමතික නඩු තීන්දු නිසා විඳවන දිළින්දන් ගැන සිහිපත් කරගැනීම වැදගත්ය. 

මෙවැනි සංදර්භයක් තුළ අධිකරණයේ උත්තරීතරභාවයක් වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ කුමටද? 

තුලනයක් තිබිය යුතුය. තුලනය නැති වී තිබෙන්නේ පවත්නා ක්‍රමයේ අර්බුදය නිසාය. අප මැදිහත් විය යුත්තේ මේ අර්බුදය ඔස්සේ පීඩිත ජනතාවට වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක් හා නිදහසක් දිනාගැනීම පිණිස උපක්‍රමශීලී ලෙසය. 

නැතිව එක් සොරෙකුට එරෙහිව තව සොරෙකු හෝ සෙරක තොරොම්බල් කරන්නට නොවේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

8 comments:

  1. //තුලනයක් තිබිය යුතුය. තුලනය නැති වී තිබෙන්නේ පවත්නා ක්‍රමයේ අර්බුදය නිසාය. අප මැදිහත් විය යුත්තේ මේ අර්බුදය ඔස්සේ පීඩිත ජනතාවට වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක් හා නිදහසක් දිනාගැනීම පිණිස උපක්‍රමශීලී ලෙසය.//

    මේ ජාතියේ විචාරවලින් කිසිම කෙනෙකුට සිදුවන යහපතක් නැත. මෙය කියවන කෙනෙකුට මේ අවස්ථාවේ කලයුත්තේ කුමක්දැයි ඉහත උපුටනය කියවා තේරුම් ගත හැකිද? විචාරය මීට වඩා ප්‍රායෝගික විය යුතුය.

    ශිරාණි බණ්ඩාරනායකගේ ක්‍රියාකලාපය ප්‍රශ්නකාරී වීම නිසා ඇයට එරෙහි විභාගයද අසාධාරණ වූවාට කම් නැතිබවක් ඔබගේ ලිපියෙන් ගම්‍ය වේ.

    ප්‍රශ්නය ඇත්තේ අගවිනිසුරු තනතුර සම්බන්ධයෙන්ය. එම ප්‍රශ්නය විසඳීමේදී, ජනතාව කල යුත්තේ කුමක්දැයි තීරණය කිරීමට එහි ජනතාවට ඉන් ලැබෙන වාසි සලකා බැලිය යුත්තේ ඇයි? තමන්ට වාසි ඇති කරත්තයක නැගීමට වඩා එය වෙනස් වන්නේ කෙසේද?

    ජනතා නියෝජිතයන් පත්කර ගැනීමට මැතිවරණ පැවැත්වේ. එම මැතිවරණ හැකි සෑම අයුරින්ම සාධාරණ ඒවා බවට පත්කරගැනීම වෙනුවෙන් අප පෙනී සිටිය යුතුය. අගවිනිසුරු පත් කරන්නේ ජනතාව නොවේ. එක නිසා ඒ තනතුර සම්බන්ධයෙන් තීරණ ගැනීමට ජනතාවට නොහැක. අගවිනිසුරු තනතුර ගැන තීරණ ලබාදිය හැකි ක්‍රියාවලියක් දැන් පැවැත්වේ. එයද හැකි සෑම අයුරින්ම සාධාරණව පවත්වාගෙන යාම වෙනුවෙන් ජනතාවට පෙනීසිටිය හැක. මන්ද එසේ කිරීමෙන්, ඔවුන් කරන්නේ කිසිවෙකුට කඩේ යාම නොව ඔබද මමද අයත්වන සමාජයේ සියලුම දෙනාගේ ප්‍රජාතන්තවාදී අයිතීන් වෙනුවෙන් පෙනීසිටීමක් වන බැවිනි.

    ReplyDelete
    Replies
    1. පීඩිතයන්ට හාවුන් සමග දුවමින් වෘකයන් සමග දඩයම් කිරීමේ ක්‍රීඩාවක් නැත.

      Delete
  2. mama danne ne w3 kauda kiyala...mata wedakuth ne.eth uba hemadama athha katha karanawa... niyama lipiyak..

    ReplyDelete
  3. සම්පූර්ණයෙන්ම එකඟයි.

    ReplyDelete
  4. කවදත් කොතනත් ලොක්කන්ට එක නීතියකි. සොක්කන්ට එකකි.

    පසුගිය දවස්වල වරදකරුවෙක් හිරේ දැමූ පසු පොර නිදහස් වෙනතුරු කෑ ගැහැව්වා අමතකද? ඒ සමගම සැක පිට අත්අඩංගුවට ගෙන නඩු නැතුව මිනිසුන් වසර ගණනක් රිමාන්ඩ් එකේ ඉන්නවා. ඒවා ගැන කළු කොඩි දාන්නේ කවුරුන්ද?

    අවුූරුදු 23ක් ඉඩම් නඩුවකට උසාවි ගිය කතක් උසාවියේදී මැරුණා. මේ නඩුව දවසින් කෙකෙන් ඉවරයි!

    ReplyDelete
  5. කථන්දර කාරයාෙග් පිළිතුරට මම ඒකඟයි. සමාජවාදෙ, ප්‍රජාතන්ත්‍රවාදෙ, යුක්කිය සාධාරණය ෙකාෙහ්වත් දකින්ඩ නෑ. දුගියා හැමදාම. හැමතැනම අයුක්තිෙය් අසාධාරණේ දුක් විදිනවා. ෙදයිෙයාත් උන්ෙග් පැත්ෙත්. වැරෑද්ද? දුගියා ෙසාච්චන් උපකාරයක් බලාෙගන ධනවතුන්ට, බලවතුන්ට ක ෙඩ් යමින් සෙහා්දර දුගී ජනතාව පාවා දීම ෙන්ද? ෙකාටාින් කිව්ෙවාත් අාත්මාර්තකාමය නිසා ඒකමුතුකම නැති නිසා ෙන්ද? සිංහළයාෙග් ඉතිහාසයම ඒයයි. ර්‍සංහළයා ෙමා්ඩයා. කැවුම් කන්න ෙයා්ධයා. පක්ෂ ෙද්සපාලෙනන් ෙතාර ෙපාදු ජනතා ඒකමුතුකම ප්‍රාර්ථනා කරන්ෙනක්

    ReplyDelete

  6. අජිත් පැරකුම් ජයසිංහ මීට මාස දෙකකට උඩදී "මහජන හොරුන්ගේ ගරිල්ලා ව්‍යාපාරයක්" යන පෝස්ට් එකේ මෙහෙම ලිව්වා

    "....කෙළින්ම ආණ්ඩුවට විරුද්ධව සිටගෙන තමන්ගේ දූෂණ පංගුව අහිමි කරගන්නට මේ මිනිස්සු සූදානම් නැත. මන්ද, මේ දූෂණයන් හා සම්බන්ධ නොවී ඔවුන්ට එදිනෙදා ජීවිතය ගෙන යාමද ප්‍රශ්නයකි.

    මේ දූෂිත ජනතාව තුළ පවා යහපත් සමාජයක් පිළිබඳ බලාපොරොත්තු ඇත. එය කුළුගැන්විය යුතුය. සමාජයක් යහපත් කරන්නට අවංක උත්සාහයක් ඇති බව දකිනවිට ඔවුන් සිය කුඩා සොරකම් නවත්වා මහා සොරුන්ට විරුද්ධව නැගී සිටින්නට පවා ඉඩ තිබේ.

    දේශපාලන ව්‍යාපාර මෙම තත්වය හමුවේ නැවුම් සිතුවිලි, උපාය උපක්‍රම හා වැඩපිලිවෙලවල් ගොඩනඟාගත යුතුය. එහෙම නැතිව, පරණ ශෛලියෙන් වැඩ කරමින් ‍පවත්නා ක්‍රමයට එරෙහිව ජනතාව බලමුළුගැන්විය නොහැකිය. මේ වනාහි කොඩි උස්සාගෙන පටන් ගතහැකි දේශපාලනයක් නොවේ.

    අපේ යෝජනාව ප්‍රජාතන්ත්‍රවාදී ගරිල්ලා ව්‍යාපාරයකි. එය ප්‍රසිද්ධ දේශපාලනයක රහසිගත අංශයක් විය යුතුය. ආණ්ඩුවේ සහයෝගිතා පදනම යටිතලයේ සිට ඉහළම මට්ටම දක්වා රහසින් රිංගා ආක්‍රමණය කරන ගරිල්ලා ව්‍යාපාරයක් මේ සඳහා අවශ්‍යය.

    මේ ගරිල්ලා හමුදාව ගොඩනැඟිය යුත්තේ වඩා යහපත් සමාජයක් ගොඩනඟන්නට කැමති අර පුංචි පහේ හා මධ්‍යම මට්ටමේ සොරුන්ගෙනි.

    සරළව කිවහොත්, මේ ගරිල්ලා භටයෝ ආණ්ඩුවේ යාන්ත්‍රණය තුළ සිටිති. ලැබෙන වාසියක් ඇතිනම් එයද භුක්ති විඳිති. එහෙත්, ආවරණය වූ ඡන්දය දෙන ස්ථානයේදී තමන්ගේ හෘදය සාක්ෂිය අනුව ඡන්දය දෙති.

    පරිස්සම් විය යුතු කාරණය වන්නේ මේ සොරුන් වෙනත් සොර නායකත්වයක් වටා නැවත ගොනු නොවන තත්වයකි නිර්මානය කිරීමයි. එක අතකින් ඔවුන්ට වෙනත් සොර නායකත්වයක් අවශ්‍යද නැත. මන්ද වත්මන් නායකත්වය ඒ අතින් උපරිමය බැවිනි....."

    දැන් අධිකරණයත් අගවිනිසුරුවරියත් දොෂාභියෝගයත් ගැන මතුවී තිබෙන ප්‍රශ්නය ගැන මෙහෙම ලියන කොට අජිත් පැරකුම් ජයසිංහට මේ කලින් තමන්ම මතුකරපු න්‍යාය අමතක වෙලා වාගෙයි.
    "...නැතිව එක් සොරෙකුට එරෙහිව තව සොරෙකු හෝ සෙරක තොරොම්බල් කරන්නට නොවේ..."

    ඇයි ඒ? ඒ කැම්පේන් එකේ තමන් ඉන්න යම් යම් කට්ටිය එක්ක තියෙන කුඩුකේඩු කේන්තියක්ද? නැත්නම් තමන් ලියන කිසිම දෙයක් තමන්ටවත් සීරියස් නැති නන්දෙඩවිලිද?

    ReplyDelete
  7. සහෝදරයා, ඔබ නායකත්වයට සොයන්නේ සොරෙක්මද? අප කියුවේ මහජනතාව පැවැත්ම සඳහා මේ දූෂණයේ පංගුකරුවන් වී සිටින බවයි. එසේ නැතිව, එසේ වීම අද දවසේ කාර්යභාරය යයි අප කියා නැත.

    මහජනතාව පැවැත්ම සඳහා සොරුන් වීම වෙන දෙයකි. ඔබ උත්සහ කරන්නේ අතේ මාට්ටු වූ සොරුන් මහජනතාව බව ඔප්පු කර පෙන්වීමටයි.

    අප නිතරම මතු කරන කාරණයක් වන්නේ මේ පවතින දූෂිත ක්‍රමයට එරෙහිව අප විකල්ප ජීවන පැවතුම් ගොඩනැගිය යුතු බවයි.

    ඔබ අප ලියූ දේ විග්‍රහ කරන්න හදන්නේ පාලක චෞර රෙජිමට එරෙහිව, ඔවුන් අතින් වැරදිකාරියක කරනු ලැබීම යන එකම හේතුව නිසා ඔබට වීරවරියක වී සිටින සෙරක අභිෂේක කරන්නටනම් අපට ඔබගැන කණගාටුවීම හැර වෙන කළ හැකි දෙයක් නැත.

    සහෝදරයා සොරුන් වීරයන් කරන්නට නොව ඔබ මේ චෞර ක්‍රමයට එරෙහිව නැගී සිට වීරයකු වන්නට උත්සාහ කරන්න.

    මේ කැම්පේන් එකේ ඉන්න කට්ටිය වැනි කට්ටිය පමණක් නොව මෙවැනි කැම්පේන්ද අපි ඕනෑතරම් දැක ඇත. ඒවා ගැන ඉරිසියා, කුඩුකේඩු හෝ කෑදර හෝ වන්නට දෙයක් නැති බව පෙන්වා දීමට අවශ්‍ය සති කීපයක කාලයක් පමණි.

    මෙවැනි කැම්පේන්වලට පෙරේත ඒවායින් ආර්ථික වාසි ඇති අයයි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.