2012-12-24

ස්මාට් ෆෝන් යුගයේ දියේ ගිලුණ මිනිස්කම

"මෙම සිද්ධිය වන අවස්‌ථාවේ වන්දනාවේ පැමිණි සියයකට අධික පිරිසක්‌ වැව් කණ්‌ඩියට වෙලා බලාගෙන හිටියා. ඔවුන් කිසිවකුත් අපිට උදව් කළේ නැහැ. ඔවුන් කළේ ඔවුන්ගේ අත තිබුණු කැමරා ෆෝන්වලින් සහ වීඩියෝ කැමරාවලින් අපේ පින්තූර ගත්ත එකයි වීඩියෝ කරපු එකයි විතරයි."

මේ පසුගියදා තිස්සමහාරාම වැවේ බෝට්ටුවක් පෙරළීමෙන් පසු පීනාවිත් දිවි බේරාගත් පුද්ගලයකු කියූ කතාවකි.

"මළ සිරුරු ගොඩට ගන්නා අවස්‌ථාවෙහි මළ සිරුරු ගොඩට ගත් අයගෙන් සමහරු කිව්වා මේ අය මැරිලද නැද්ද කියලා අපි දන්නෙ නැති නිසා ඉක්‌මනට රෝහලට රැගෙන යමු කියලා. ඒ අවස්‌ථාවෙත් වැව්කණ්‌ඩිය දිගට මෙම සිද්ධිය බලන්න ආපු අයගේ රථවාහන පෝලිමේ ගහල තිබුණා. ඒ එක වාහනයක්‌වත් එම සිරුරු රෝහලට ගෙනියන්න ඉදිරිපත් වුණේ නැහැ."

මේ කොටසත් උපුටා දැක්විය යුතුය. "පසුව ත්‍රීවිල් රථ රියෑදුරන් දෙදෙනකු ඉදිරිපත් වෙලා දියේ ගිලුණු අයගේ සිරුරු රෝහලට රැගෙන ගියා."

ස්මාට් ෆෝන් යුගයේ ස්මාට් මිනිසුන්ගේ මේ හැසිරීම් අප තේරුම් ගන්නේ කෙසේද?

මේ ස්මාට් මිනිසුන් වැඩිදෙනෙකුට පීනන්නට බැරිබව සත්‍යයකි. දියේ ගිලෙන මිනිසකුගේ දිවි බේරාගැනීම සාමාන්‍ය පිහිනුම්කරුවකුට පවා පහසු නැත.

ඒත්, දියෙන් ගොඩගත් මිනිසකු රෝහලට ගෙනයාමනම් කළ නොහැකි දෙයක් නොවේ. එහෙත් මිනිසුන් එසේ කරන්නේ නැත. තමන්ට නීතිමය කරදර සිදුවනු ඇතැයි හා වාහනවල ලේ තැවරෙනු ඇතැයි ඔවුහු බියවෙති.

එහෙත්, මේ අය පසුව මේ ඡායාරූප බෙදාගැනීමට හෙවත් ෂෙයා කිරීමට පසුබට නොවෙති. මිතුරන්, ඥාතීන් සමග එක්වෙමින් ඔවුහු මේවා බලමින් "ඔන්න දැන් මූ ගිලෙනවා" ආදී දේ කියමින් මේවා බලති. "මචං මටත් දීපන්" ආදිය කියමින් හුවමාරු කරගතිති.

යමෙකු මාධ්‍යකරුවකුනම් මෙවැනි අවස්ථාවක ඔහු සිය මූලික රාජකාරියට ප්‍රමුඛත්වය දීම තේරුම් ගන්නට පුළුවන. ස්මාට් ෆෝන් යුගයේ කවුරුත් ජනසන්නිවේදකයෝය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

15 comments:

  1. ඇත්තෙන්ම මිනිසුන් දැන් මිනිසත්කමින් බොහෝ ඈත් වෙමින පවතිනවා. සියල්ල දකිනුයේ අමුතුම කෝණයකින්. මෙවැනි සිද්ධීන් අද අපට බොහෝ වාර්තා වෙනවා. මාගේ බ්ලොග් එකේද මෙවන් ලිපියක් මා පල කළා.
    කෙසේ නමුත්, මිනී මැරුමක් හෝ ඒ හා සමාන දෙයක් වන විට විඩීයො කරන කිසිවෙකු නැත. ඝාතකයන් පැන ගිය පසුය ඔහුන් විඩියෝ කරනය අරඹන්නේ....

    ReplyDelete
  2. එකඟ වෙමි... මූණුපොතේ අමුතු යමක් දමා ගැනීම, ඔවුන්ගේ ජීවිතවල ලද හැකි උපරිම ජයග්‍රහණයයි. ජඩ මාධ්‍ය ද මේ සඳහා දායකත්වය අති මහත්ය. ඛේදවාචක ඇසුරෙන් ගොඩනගන කුතුහලය අවුස්සන, රස වෑහෙන, කඳුලු බේරෙන හෙඩින් අනන්තය.

    ReplyDelete
  3. සහතික ඇත්ත w3lanaka කියන කතාව අපි සිංහල බෞද්ධයන් කියා කෑ ගැසුවාට වැඩක් නැත මහපාරේ අපි බෞද්ධ අචාර ධර්ම භාවිතයෙන් පෙන්විය යුතුය.
    දේශප්‍රේමියා කියනවා අපිට මෙහෙම වෙලා තියෙන්නේ අපි පිරිහිලා තියෙන්නේ බටහිර අපිට දීපු, දෙන සංකර සිරිත් හැදියාව සංස්කෘතිය නිසා බෝ පැල වගේ ඉන්න අපි නරක් වෙලා කියල.
    w3lanaka පැරකුම් ල කියනවා මේ ධනවාදය නිසා වෙන දෙයක් ධනවාදය නිසා මෙහෙම මිනිස්සු නරක වෙනවා ඒක ධනවාදයේ ලාක්ෂණික ගුණයක් කියල.
    හැබැයි මම දන්නා ජිවත් වන ධනවාදී නරක බටහිර ඕනා තරම් හොඳ දේවල් තියනවා අපේ අය කිරෙන් වතුර බේරලා නරක හැදියාව විතරක් තෝරලා බේරලා අරගන්නවා. අපේ අය පිටතින් එන ජරා දේවල් හොඳට කොපි කරනවා හොඳ දේවල් ගන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. අජිත් පැරකුම් - විශිෂ්ට ලිපියක්!

      උදිත - පරිභෝජනවාදී සමාජයක යථාර්තය නේද මේ අපි අත් විදිමින් සිටින්නේ?අනෙකා ගැන සමාජය ගැන හැගීමක් නැති හුදෙක් තම සුඛාස්වාදය වෙනුවෙන් විතරක් ජීවත් වීම වූ කලී සැබෑ ජීවත්වීමයි කියන එක සමාජයක ඩොමිනන්ට් පුරුෂාර්ථය වුනාට පස්සෙ මේ වගේ හැසිරීම් නේද මිනිසුන්ගෙන් අපේක්ෂා කල යුත්තේ?"අනෙකා" වැදගත් නැහැ වැදගත් වන්නේ "මම" විතරයි ( අරුනි ශපිරෝගේ භාෂාවෙන් කියනවා නම් - ඒකීය පුද්ගලයා ) කියන අදහසේ අවසන් ප්‍රතිඵලය නෙමෙයිද මේක?

      Delete
    2. නැහැ වරදීයි රාමා
      හැමෝටම එක සමාන නීති රීති යටතේ,නිදහසේ තෝරා ගැනීමට හැකියාව ඇති,සමතල ක්‍රීඩා පිටියක පුද්ගලයා තරගයෙහි යෙදී නිපදවන දේවල් වල අයිතිය තමන්ට තබාගැනීමට අයිතිය පුද්ගලික දෙපළ අයිතියයි ධනවාදයේ මුලික කොන්දේසියයි.
      ධනවාදයේ පරිබෝජනය යනු හුදු කාපල්ලා බීපල්ලා ජෝලිකරපල්ලා පමණක් නොවේ පරිභෝජනය කිරීමට භාණ්ඩ නිපදවිය යුතුය.
      මේ නිපදවන ශපිරෝගේ භාෂාවෙන් කියනවා නම් -ඒකීය පුද්ගලයා ගේ නිපදවන දෙයට ඔහුට ඇති අයිතිය සහ නිදගස් වෙලදපොලේ හැමෝටම එක සමාන නීති රීති යටතේ එය නිදහසේ හුවමාරුවට ඇති අයිතිය ධනවාදයේ සරල තේමාවයි.
      එම අයිතිය දුන් සමාජයක මිනිසා අනෙකා ගැන සමාජය ගැන හැගීමක් නැති හුදෙක් තම සුඛාස්වාදය වෙනුවෙන් විතරක් ජීවත් වන නරුමයන් බවට පරිවර්තනයා වනවා කියන්නේ ඔබයි ඔබ එසේ කියන්නේ ලංකාවේ මිනිසුන් එසේ වී ඇති නිසාය. නමුත් ලංකාව යනු
      එසේ හැමෝටම එක සමාන නීති රීති යටතේ,නිදහසේ තෝරා ගැනීමට නිදහසේ නිපදවීමට හැකියාව ඇති,සමතල ක්‍රීඩා පිටියක් නොවේ.
      අනෙකා යනු "අනෙකා" වැදගත් නැති "මම" පමණක් වැදගත් කරගත් පිරිසක් යැයි යන්න ඔබ කියන දෙයකි.
      මා කියන්නේ නිදහස් මිනිසුන් එසේ නරක නරුම සතුන් කොටසක් නොවන බවයි. මොලය සහිත හිතන පතන නිපදවන මිනිසා සමාජවාදය උපකල්පනය කරන පරිභෝජනවාදී නරුමයෙක් නොවේ
      තම සුඛාස්වාදය වෙනුවෙන් ජිවත් වන නරුම සතෙක් නොවේ මිනිසාට හොඳ නරක තෝරා ගත හැක.
      පැරකුම්, රාමා - පුද්ගලික ප්‍රශ්නයක් අහන්නම් ඔබ ඔබේ දැනුමෙන් යම් දක්ෂතාවයක් උපයෝහිකර නව නිපැයුමක් කොට හෙට එය ලොව පුරා අන්තර් ජාලය හරහා නිදහසේ විකුණා ධනපතියෙක් වුවා යැයි සිතන්න. 1. ඔබ හෙට පටන් නරුම සුඛාස්වාදය පමණක් අගය කරන සතෙක් වනවාද? 2. එසේ ඔබ උපයාගන්නා ධනය සමාජවාදී ක්‍රමයට රජයේ භාණ්ඩාගාරයට දී සමානව හැමෝම බෙදාගන්නට කැමතිද? 3. එසේ නැත්නම් ඔබ කැමති ඔබේ මිනිස් මොලය භාවිතා කර ඔබට අවශ්‍ය විදියට ඔබේ ධනය පරිබෝජනයට හෝ නැත්නම් බෙදාහදාගෙන ජිවත් වීමටද?
      නිදහස් මිනිසුන් වැඩි පිරිස නරක මිනිසුන් නොවේ.

      Delete
    3. හරි දැන් පැහැදිලියි...

      ".... හුදෙක් තම සුඛාස්වාදය වෙනුවෙන් විතරක් ජීවත් වීම වූ කලී සැබෑ ජීවත්වීමයි කියන එක සමාජයක ඩොමිනන්ට් පුරුෂාර්ථය වුනාට පස්සෙ මේ වගේ හැසිරීම් නේද මිනිසුන්ගෙන් අපේක්ෂා කල යුත්තේ" කියලා රාමා කියද්දි,

      උදිත කියනවා...නෑ එහෙම නෙවෙයි...මොලය සහිත හිතන පතන නිපදවන මිනිසා සමාජවාදය උපකල්පනය කරන පරිභෝජනවාදී නරුමයෙක් නොවේය, තම සුඛාස්වාදය වෙනුවෙන් ජිවත් වන නරුම සතෙක් නොවේ මිනිසාට හොඳ නරක තෝරා ගත හැක කියලා. වෙන වචනවලින් කියනවානම් හරියට "බින්දු බින්දු එකතු වෙලා ගඟක් හැදෙනවා" වගේ එවැනි නිදහස් මිනිසුන් වැඩි පිරිස එකතු වෙලා සාධාරන සමාජයක් හැදෙනවා ඇත කියලා! හැබැයි උදිතගෙ කොන්දේසිය තමයි ඒකට මෙල්බොර්න් වගේ සමතලා පිටියක් තියෙන්න ඕනෙ කියලා.

      නැහැ උදිත, මේ නම්, මිනිසාට හොඳ නරක තෝරා ගත හැකි / නොහැකි කම පිලිබඳ ප්‍රශ්නයක් නොවෙයි. මගේ අදහස නම්, ලෝකෙ ආයෙත් ඒ වගේ අලුත් ක්‍රීඩා පිටි හැදෙන එකක් නැහැ කියලා බිස්නස් වලට. විශේශයෙන් තුන්වන ලෝකයේ රටවල්වල? :-ප්. මේක විශ්වාසයක් නොවෙයි. සංවර්ධිත රටවල්වල තියෙන ඒවා ආරක්ශා කරගන්න කරන අරගල ඕන තරම් පේනවනේ.

      රාමා එයාගෙ ලියවිලි වලින් කියන්න හදන්නෙ ඒකයි කියලයි මම හිතන්නෙ. රාමා මේක කරන්න ඉස්සර ලංකා පත්තරෙයි, දැන් ජනරාල් පත්තරෙයි පාවිච්චි කරන එකනම් නොගැලපීමක් තමයි!

      අවසාන වශයෙන්, මෙතන (W3Lanka) රාමාටත් උදිතටත් නියුට්‍රල් ග්‍රවුන්ඩ් එකක් ලැබිලා තියෙනවා තමන්ගෙ අදහස් පල කරන්න.

      - Dimithri

      Delete
  4. කෝ මේ සයිබර් බෞද්ධ වීරයෝ. මෙන්න බෞද්ධයෝ මිනිස්සු මැරෙනකල් බලං ඉන්නෝ.. ආතල් ගන්නෝ.

    තිස්ස යන්නේ මනුස්සකම ගෙදර තියලා වෙන්නැති. එකයි මෙහෙම වෙන්නේ.

    ReplyDelete
  5. මේ කප පවතින තුරු මේවා කිව්වත් වැඩක් නොවේ. පරමාණුකරණය වූ සමාජයකට බණ කියා වැඩක් නැත. නමුත් එහෙව් සමාජයක මිනිසුන් ජීවිතයට වැදගත් කමක් දෙමින් ජීවත් විය යුතුය. මිය ගිය අය තරුණ වයසේ සිටියත් විවාහ වී දරුවන් සිටින වගකිව යුතු මිනිසුන්ය. අට දෙනෙක් පටවන බෝට්‍ටුවකට විසි ගණනක් පටවන විටත් ආරක්ෂිත ඇදුම් නො ඇද යන විටත් මත් පැන් බී වැවේ බෝට්‍ටු පදින විටත් ඒ සමාජ වගකීම අමතක වීම නොසැලකිය යුත්තක් නොවේ. අනාරක්ෂිත දෙයක් කරන විට බිරිද තබා අඩු ගානෙ තමන්ට ජාතක වූ දරුවන් වත් මතක් නොවීමත් මේ සමාජ ක්‍රමයේ අවුලක් නොවේද?

    ගෑනුන් හා දරුවන් ගෙදර රදවා වැඩ බිමේ සගයන් හා විනෝද ගමන් ගියත් පවුලේ වගකීම් නොතකා අපරීක්ෂාකාරී ලෙස විනෝද වීම පිළිබද ප්‍රශ්නයක් මෙතැන ඇත. මෙය අහම්බෙන් වූ හෝ වෙනයම් කෙනෙකුගේ වරදකින් හෝ යන්ත්‍රයක වරදකින් හෝ ස්වාභාවිකව හෝ සිදුවූ ඛේදජනක දෙයක් නොවේ. සහමුලින්ම දැන දැන සිදුකර ගත් විනාශයකි.

    ඒ නිසා පරමාණුකරණය වූ සමාජයට දොස් කීම නිරර්ථක ක්‍රියාවකි.

    ReplyDelete
  6. මූලික වැරද්ද මිය ගිය උන්ගේය. අරක්කු බින්දුවක් කටේ තවර ගත්තාම ඌට එහා එකෙක් නැතයි සිතන්නේය. දෙක මුදලට ඇති පෙරේත් කමයි. අරක්කු වලට මුදල් වියදම් කලද බෝට්ටු තුන හතරකට වියදම් කිරීමට පෙරේතය. ඉන්න ඔක්කෝම එකේ නැගලා යනවාය. ආරක්ෂිත පියවරයන් කිසිත් නැත, ජීවීත ගලවා ගන්නා උන් ඉන්නේත් සෝභ්නේට පොසොන් එකට අනුරාධපුරේ විතරය. අනිත් දවස්වල ගිලෙන්නේ නැත. මිනිසුන් ගැන නම් කතා කිරීමෙන් පලක් නැත. ඔක්කෝටම පිස්සුය.. කැමරා ෆෝන් එකක් නැත්නම් ජීවත් වී පලක් නැත. බූරූවන්ගේ තරම ෆේස් බුක් එකෙන් බලා ගත හැක..

    ReplyDelete
  7. මං හිතෙන්නේ අපි පරිණාමවාදයෙන් ආපස්සට ද කොහේද යන්නේ. 21 සියවසේ බහුතරයක් දෙනාට ඕනේ වැඩිපුර ගානක් Share කරපු image එක හරි video එක හරි upload කරපු කෙනා වෙන්න විතරයි. එකට ජනමාද්‍යත් වග කියන්න ඕනේ.

    ReplyDelete
  8. ආශ්චර්යමත් දේශයක පීචං යතාර්ථය !

    ReplyDelete
  9. කැලණිය සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ ප්‍රථමාධාර රාජකාරි ගිය වෙලේ මේ වගේම නමට බෞද්ධ පිරිසක් මාත් හොඳ හැටි දැක ගත්තා.

    ගැබිණියක්ට හොඳටම අමාරු වෙලා ඉක්මණට රෝහල් ගත කරන්න උවමනා වුණා. තිබුණු ගිලන් රථ ඒ වෙලාවේ රෝහලට ගිහින් හිටියේ.

    අපි පැය භාගයක් විතර පාරේ වාහනවලට අත දදා නවත්තලා විස්තරේ කිව්වත් "අපිට පරක්කු වෙනවා, අපි හයර් එකක් ආවේ" වගේ මනුස්සකමටත් නොගැලපෙන ප්‍රකාශ තමා කිව්වේ.

    අන්තිමට එක වාහනයක් ගැබිණියව රෝහලට ගෙනියන්න කැමති වුණා.

    ඔන්න බුදුන් වහන්සේගේ සර්වඥ ධාතු වඳින්න ගිය නාමික බෞද්ධයන් පිරිසකගේ අපූරුව :(

    ReplyDelete
  10. this is not an uncommon.then they said at the Welikada incident "apo hirakarayo maruwama mokada?" The value of the people comparing with money.people must aware the about the human value.all children must force to send to the religious places for aware the human value & loving to nature animal & whole world

    ReplyDelete
  11. බුද්ධියෙන් තේරුම් ගනිමු අපි කව්රුන්ද කියල

    ReplyDelete
  12. This kind of culture began very recently if you think 20 years before you can feel the different. We are stepping to new world and killing ourselves all the value of humanity and our Sri Lankan culture movement by movement. The other way we are stepping to "ANIML" behavior or culture. Please think deeply and act wisely who ever read this.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.