2013-07-17

අයිසෙ ළමයාගෙ ඉල්ලීම පිට කක්කා ‍පෝස්ට් එකක්

මගේ ප්‍රියතම චිත්‍රපටය තුන්මංහන්දිය. මම කැමතියි ඒකෙ අයිසෙ කියන චරිතෙට‍. එක තැනකදි අයිසෙ අබිලිං (ජෝ අබේවික්‍රම) එක්ක සැරසිල්ලක් කර කර ඉන්නකොට අබිලිංගෙ අම්මා (දෙනවක හාමිනේ) ඇවිත් අහනවා "අයිසෙ ළමයෝ උඹටත් තේ එකක් දෙන්න ද?" කියලා. "දෙනව අයිසෙ ඕනැ එකක්," කියලා අයිසෙ කියනවා. 

ඉස්කෝලෙ යන කාලෙ අපට ව්‍යවහාරික ගණිතය ඉගැන්වූ වි‍ජේරත්න සර් කතා කරන්නෙත් අයිසෙලා කියලා. "අයිසෙලා ගණන් හැදුව ද?"

ඒ වගේ අයිසෙ කෙනෙක් ඊයෙ අපේ බ්ලොග් එකට ගොඩ වෙලා මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දැම්මා. 

"අයිසෙ පැරකුම්,
මොනාද මේ දාන පොස්ට්, දානවකො හොඳ නැගල යන චූ, පඩ, කක්ක, ජී, ශුක්‍ර සම්බන්ධ පෝස්ට් එකක්."


මං එවෙලෙම ඔහුට පිළිතුරක් දැම්මා, "නැගල යන්නෙ නම් අර අන්තිමට කිව්ව ජාතිය විතරයි." කියලා. 

තවුරුදෝ කියලා තිබුණා, "එහෙම නැතුවත් යන වෙලාවල් තියනවා.... නමුත් අපේ වෙද මහත්තය ඉන්නකල් බය වෙන්න එපා..." කියලා. 

චූ, කක්කා ආදිය ගැන ලිවීම බ්ලොග් අවකාශයේ ජනප්‍රිය බව ඇත්ත. ඒවත් ඉතින් ජීවිතේ කොටස් නිසා ලිව්වම මොකද? 

හැබැයි, මේ සටහන ලියන්න නම් හිතුනේ ඊයේ දිවයිනේ ගිය ප්‍රවෘත්තියක් කියවලා. 

ප්‍රවෘත්තිය මේකයි: කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ වැසිකිළිවල වතුර නැත්තේ වියළි ප්‍රතිපත්තිය නිසාලු   
 
ප්‍රශ්නෙ මේකයි: "ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ එක්‌ කුලුනක්‌ මහල් 37 කින් සමන්විතයි. ඒ සෑම මහලකටම වැසිකිළි සාදා තිබුණද තම ශරීර කෘත්‍ය නිසි අයුරින් ඉටුකරගැනීමට හැකි ජලය සහිත එකදු වැසිකිළියක්‌ හෝ මෙහිදී සොයාගත නොහැක. ශරීර කෘත්‍ය සිදුකිරීමෙන් පසු පිරිසිදු කිරීමට සෑම වැසිකිළියකම ඇත්තේ පවිත්‍රතා කඩදාසිය."

පවිත්‍රතා කඩදාසිවලින් පවිත්‍ර කර ගන්න බැරි ප්‍රශ්නය ඉතින් පවිත්‍රාට කියන්න තිබුණා එයා විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධ මොකක්ද ඇමතිකමක් කරපු කාලෙ. 

එක් වතාවක් මම යුනෙස්කෝ ආයතනයේ ප්‍රබන්ධ නො වන සාහිත්‍යය පිළිබඳ වැඩමුළුවකට සහභාගි වුණා. නතර වුණේ ෆෙයාමන්ට් හෝටලේ. කාමර පුංචියි. බාත්රූම් එකත් පුංචියි. ඒකෙත් සෝදා ගැනීම පිණිස වතුර නැහැ. ලෝකෙ අනෙක් එවුන් කරන විධියට මට බැරි මොක ද කියලා ඉතින් මාත් ඒ පවිත්‍රා කඩදාසි පාවිච්චි කළා. 

ඒ වුණාට බුදු අම්මෝ සම්මන්ත්‍රණේට ගියාට පස්සේ මට ඇට්ටිම්බෙන් ඉන්නවා කියලමයි හිතුණේ. ඇට්ටිම්බෙන් ඉන්නවා කියලා ගමේ ගොඩේ ඉස්සර කිව්වේ කොල්ලෝ කක්ක දාලා, නො සෝදා හෙළුවැල්ලෙන් සෙල්ලං කරනවාට. යුනෙස්කෝ කාර්යාලයේ වැසිකිලිත් ඒ වගේ ම තමයි. එදා ඉඳන් මමත් ඔය බටහිර පන්නය අතෑරලා බාත්රූම් එකේ තිබුණු පුංචි කෝප්පයක‍ට සිය වතාවක් විතර සින්ක් එකෙන් වතුර පුරෝ පුරෝ වැඩේ කර ගත්තා. 

දිවයිනේ මෙහෙම කෑල්ලකුත් තිබ්බා. "සංස්‌කෘතිය හා නිරන්තරයෙන් බැඳී සිටින ලාංකේය ජනතාව ශරීර කෘත්‍ය ඉටුකර ගැනීමෙන් අනතුරුව ජලය යොදා තම ශරීරය පිරිසිදු කිරීම අනිවාර්යයෙන් සිදුකරන කාර්යයකි."

සංස්කෘතිය කිව්වාම ඉතින් ඉස්සර ඉඳන් කරපු පිළිවෙල කියන එකත් කියවෙනවානේ. නිල් චිත්‍රපට තිබෙන දැන් කාලේ කෙසේ වෙතත්, ඉස්සර නම් මිනිස්සු ශරීරයේ මේ පැත්ත ගැන එච්චර අවධානයක් යොමු කළා ද කියන එක ගැන මට ප්‍රශ්න තිබෙනවා. කේ. ජයතිලකගේ 'අපටත් වැසිකිළියක්' කෙටි කතාවේ කොකු පණු රෝග වසංගතය වළක්වන්න ගැමි ගෙදරකට වැසිකිළියක් හදාගන්න ආණ්ඩුව උපදෙස් දෙනවා. හදපු වැසිකිලිය ලස්සනට තිබෙනවා. ඒත්කවුරුවත් යන්නේ නැහැ. හැමෝම පුරුදු විදියට සොබා සෞන්දර්යය නරඹමින් වැඩේ කරනවා. මේකට මුලින් ම යන්නේ ගෙදර ඉන්න කැරැළිකාර කොල්ලෙක්.

මම දැකලා තිබෙනවා සමහරු වැසිකිළි යනවා සැමන් ටින් වගේ පුංචි වතුර භාජන අරගෙන. 

දිවයින පුවතේ මෙහෙමත් තියෙනවා: "1997 ඔක්‌තෝබර් මස 12 වැනිදා ඉදිකරන ලද ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට අද වනවිට වසර 16 ක පමණ ඉතිහාසයක්‌ ඇත. වසර ගණනාවක්‌ පුරාවටම මේ වැසිකිළි හබය සියලුදෙනා අතර පැවැති කසුකුසුවක්‌ පමණි. නමුත් අද එය වෙනස්‌ වී ඇත. මෙම ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ ගැටලුව පිළිබඳව දිනපතා රාජකාරි සිදුකරන දහස්‌ සංඛ්‍යාත සේවක පිරිසගේ මතය දැන් වෙනස්‌ වී ඇත. ඔවුන් සියලු දෙනාගේ අදහස මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලැබිය යුතුය යන්නයි."


හැබැයි ගුවන් යානා මගීනුත් මේ අයිතිවාසිකම ඉල්ලුවොත් තමයි වැඩේ. ගුවන් යානයත් එක්ක වතුර බවුසරයකුත් ගෙනියන්න වේවි. කොච්චර වතුර තිබුණත් මුහු‍දෙදිත් මට මේක ප්‍රශ්නයක් වුණා. එක වතාවක් මම අපේ ධීවර සහෝදරවරුන් දෙතුන් දෙනෙක් එක්ක ටැංකි බෝට්ටුවක සතියක විතර මුහුදු ගමනක් ගියා. මේ කබල් බෝට්ටුවේ කැබින් එකේ ජනේලෙ ලී පටියක එල්ලිලා පැද්දෙන බෝට්ටුවේ ඇන්ද උඩින් ඒ වැඩේ කොහොමහරි කර ගත්තයි කියමුකෝ. හෝදගන්න එක තමයි වැඩේ. මොකද බොන්න ගෙනිච්ච වතුර ටිකෙන් ඒක කරන්නයැ. ආ‍යෙ වතාවක් බෝට්ටුවක මාළු අල්ලන්න ගියොත් නම් පවිත්‍රා කඩදාසි රෝලක් අරන් යනවා.

පණ යන කක්කා කතාවක් තිබෙනවා කියන්න, එළියකන්ද වධකාරය ගැන. මං ඕකෙ ගෙඩි පිටින් අවුරුද්දයි, මාසයයි, දවසක් හිටියනේ. මේ කාලෙ කිසියම් දිනෙක එතැනින් ගැලවී යන්න ලැබුණොත් කරන්න වැඩියෙන් ම ආසාවෙන් හිටපු දෙය මොකක්ද දන්නවද? 

හොඳ නිදහසේ ආතල් බොගක් දාන එකක. අපි හැමෝගෙම ප්‍රාර්ථනාව ඒක නිසා ද කොහෙද, එතැනින් වීරවිල කඳවුරට ගෙනිච්චාම එතැන කක්කුස්සි තිහක් විතර තිබුණා, අපි හයසීයකට විතර.

පට්ට ආතල් රටක ඕයි අපි ඉපදුණේ!කොහොමද මෙහෙම ප්‍රස්ථා පිරුළක්. "කක්කුස්සිය ලෝක වෙළඳ මධ්‍යස්ථානෙ වුණාට රෙන්නෙ ලංකාවෙ පොරවල්නේ."

හැබැයි, වතුර ඕනැ වුණාට වැසිකිළිය වියළිව තිබෙනවා නම් මාත් කැමතියි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

43 comments:

  1. තම රටේ ඇති පැරණිතම ‘මහජන අයිතියට ඉඩ ඇති නීතිය’ අනිසි ලෙස පාවිච්චි කරනවා යැයි කියා ඉන්නේ සතුටින් නොවේ. වැසිකිලි හා ජලනල පහසුකම් නැතිව ඔවුන්ට එතැනින් පිට වී යන්නට උවමනා වුවත් ඊට ආදායමක් සොයාගත නොහැකි වුණි. WTC හි පාලකයන් හා සේවකයන් එකතු වී ඔබ දිනපතා බොන වතුර යැයි දන්නේ රසායන විද්‍යාවේ දී DHMO යනුවෙන් ලේබල් අලවා ඇති ඩයිහයිඩ්‍රජන් මොනොක්සයිඩ් යන්න කුමක් දැයි දන්නා අයයි.

    ඩයිහයිඩ්‍රජන් යනු හයිඩ්‍රජන් දෙකකි. මොනොඔක්සයිඩ් යනු ඔක්සිජන් එකකි. ඉතින් මේ අනතුරුදායක රසායනය, ඔව් එය H2O නොහොත් වතුර වෙයි.එයින් ඇතිවන අනතුරු ලෙසින් දක්වා ඇති ඉහත සියල්ල සත්‍යයන් වෙති.

    “වතුරේ ආදීනව” යන සිරස්තලයෙන් ඒ අනතුරු සියල්ල ගැනම ලිව්වා නම් කියවන කිසිවෙක් එය මහා අනතුරුදායක රසායනයක් නොවන බව අත්දැකීමෙන් දන්නා නිසා කලබලයට පත් නොවෙති.

    සමාජයට තොරතුරු සපයන අය (සමහර විද්‍යාඥයන් යැයි කියාගන්නා අය පවා) උවමනාවෙන් ම තමනට ආධාර (විද්‍යාගාර උපකරණ, තනතුරු හා ව්‍යාපෘති මුදල් යනාදිය) ලැබෙන පැත්තට වාසි වෙන පරිදි විද්‍යාවේ කොටසක් අතහැර කොටසක් පමණක් ඉදිරිපත් කරති. සමහරු එය කරන්නේ තමන් ලියන කියන දේවල් වලට අවධානයක් නොදක්වන නිසයි. තව සමහර අය එසේ කරන්නේ කිසිත් පුද්ගලික ලාබයක් නැති වුවත් තමන් අල්ලා ගත් දැක්ම ඊට පටහැණි වූවට වඩා වඩාත් හොඳ ලෙසකින් පෙන්වනු සඳහා උවමනාවෙන් ම පාඨකයා නොමඟ යවන්නටයි.

    ඉහත කරුණ ලඝු වන්නේ එම සමමිතිකය වටාය. එබව අජිත් පැරකුම්ට තේරුම් යා නොයන්නේ නම් වතුර යැයි කියා බෙදා හරින්නේ කාට බලයක් පවරන්නට ද? පාරිභෝගිකයාට ද? වෙළඳාමේ හා නිෂ්පාදනයේ යෙදෙන අයට ද? රෙගුලාසි හදන අයගෙ සහ ඔවුන්ගේ ගැත්තන්ගේ ඕනා එපා කම් වලටද කියා අජිත් කිව යුතුය.

    ReplyDelete
    Replies
    1. පයිත්තයන්

      Delete
    2. ඉතින් තෝරාගැනීමක් නොමැතිකම ඉදිරියේ, සන්ස්කෘතිය හා ඒකාබද්ධ වූ වැසිකිළි යෑමකට වෙර දරන පරදු දරන්නන් තුල පවතින මතභේද අර්බූදයක දී සත්‍යය සොයා ගන්නට කැමත්තක් තියෙන අයෙක් විමසිය යුතු ප්‍රශ්න මේවායි:

      * වියලි වැසිකිළි නැමති සමාජීය හා සනීපාරක්ෂක සංකල්පය විකුණන්නේ හෝ මිල දී ගන්නේ කවුද?
      * ඒ විකුණන අයගේ තරඟකරුවන් කවුරුන් ද?
      * වියලි වැසිකිළි හදන්නේ කවුරුන් ද?
      * වියලි වැසිකිළි නිසා පීඩා විඳින්නේ කවුරුන් ද?

      යම් පුද්ගලයෙකුට හෝ ජන සංවිධානයකට වැසිකිළි යෑමෙන් පසු පස්ස සේදීමට තහනමක් පැනවීම නිසා පමණින් දැනටමත් කරනා පස්ස සේදීම ඔවුන් දිගින් දිගට ම කිරීම නවත්වන්නට සමත් වූ කිසිවෙක් හෝ කිසිම සංවිධානයක් ලොව නැත.

      Delete
    3. පැරා මේකටත් උත්තර දෙනවද?

      Delete
    4. පිස්සු පීකුදු.මෙලො හසරක් තේරුනේ නැහැ.රනිල් වික්‍රමසිංහගෙයි බැසිල් රාජපක්ෂගෙයි කතාවල සම්මිශ්‍රණයක් වගෙ.මුලයි අගයි අතර ????????????????

      Delete
  2. පැරා, ඉගිලෙන මාලුවෝ තහනම් වීම ගැන ඔබේ මතය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මාළු ඉගිලෙන එක නම් තහනම් කළ යුතු දෙයකි. දැනටමත් මාළු මිළ ඉගිලී ඇත.

      චිත්‍රපටය ගැන නම් තවම අධ්‍යයනය කර නැත. ඔය ජාත්‍යන්තර සම්මාන ගැන නම් මගේ එහෙමට විශ්වාසයක් නැත.

      Delete
    2. පැරා, මාළු ඉගිලෙන්න ගත්තොත් අපිට ගල් ගහලා මාළු අල්ලගන්න පුලුවන් වෙයි නේද?

      මුහුදු යන්න ඕනෙ නැති නිසා කාලගුණ දෙපාර්ථමේන්තුවත් වහලා දාන්න පුළුවන්.... ඒකෙත් ඉතිරිය රටට.... ඒක නිසා මාළු ඉගිල්ලෙනවනම් ඒක ඉතා හොදයි කියලයි මගේ අදහස.....

      Delete
    3. මාලු පියාඹුවත්,ඇවිදගෙන ගියත් අපිට නම් ප්‍රශ්නයක් නැත.වැඩේ තියෙන්නෙ බලය භාවිතාකිරීමේ තියෙන හිට්ලර්/ඉඩි අමින් ස්වරූපයය.අද හරක් මස් ප්‍රවාහනයට බලපත් සහිත ලොරියක් ගිනි තබා ඇතිබව ආරංචිය.රාලාහාමිලා තාම තුරුම්පු කියන්න බලාගෙන ඉන්නවා ඇති.ලොරිය මුස්ලිම් කෙනෙකුගෙලු.මාලු පියාඹගෙන ඇවිදින් ගෝල්පේස් එක ඉස්සරහ සිරුරට ගිනිතබා ගනිමින් ජීවිත පූජාවකට ලෑස්තිලු.ARUNA PERERA

      Delete
    4. http://ansathudinapotha.blogspot.com/2013/07/flying.html

      Delete
  3. නොදකින්, උදේ පාන්දර කෑම කන ගමන් කියවන්න ඇරගත්ත බ්ලොග් එක... බඩත් දගලන්න ගත්ත පැරා... මිනිස්සුන්ට ඕක උදේම කරලා වැඩට එන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. මාතෘකාව එහෙම දැම්මේ පරිස්සම් වෙන්න තමයි.

      Delete
  4. මේ දවස්ටිකේ කක්කා ප්‍රශ්න කිහිපයක්ම දැක්කා

    ඉතින් මාත් කක්ක කතාවක් ලියුවා

    "මෙන්න තියනවා ඒකත් බලන්නකෝ"

    ReplyDelete
  5. පැරත් මහින්ද මහත්තයාට සමානයි.මිනිස්සු ඉල්ලන ෙදවල් තමයි ෙදන්ෙන්.

    ඉන්දික

    ReplyDelete
  6. my first time at wtc toilet was around 8 years back when i went to see a friend who worked their, the first question i asked was umbala puka hodanne nedda, aparently they by wettin some tissues,

    ReplyDelete
  7. ඔය අයිසෙ කතාව කියෙව්වම තමයි මට මතක් උනේ අපේ පැත්තෙත් හිටිය අයිසෙ මහත්තය කියල පුද්ගලයෙක් මෙයාට මහත්තය කිව්වට මහත්තයෙක් නොවෙයි. මෙයාට සම්බන්ධ මැරයො ටිකක් තමයි 1965 මැතිවරනයෙදි, අගලවත්තෙදි, පියසිරි කාරිවසම් මහත්තයට වෙඩි තිබ්බෙ.පියසිරි කාරියවසම් කියන්නෙ නියම අවංක සමසමාජ කාරයෙක්. අද ඒ වගේ සමසමාජ කාරයෙක් බෙහෙතකටවත් හොයා ගන්න බැහැ.
    ඔය වැසිකිලි යන වැඩේට අපේ පැත්තෙනං කියන්නෙ එලිබහිනව කියලයි. ඒක වචනයෙ අර්ථයෙන්ම එලිබැහිල්ලක්ම තමයි. අපි හැමෝම යන්නෙ කැලෑවට, එතනම දොල පාරක් තිනෙව ඇතිතරම් හෝදගෙන එනව.සොබාව දර්මෙ අපූරුව කියන්නෙ ඒ එලිබැහැපු දේවල් පසුවදාට පස් ගොඩක් විතරයි. මම අදටත් කැමති ඔය වැඩේ එලි පහලියක කරන්න .මහ පාරවල් අයිනෙ නොවෙයි. ඔය වැඩේ එලි පහලියක කරහම පුදුම සැහැල්ලුවක්, සුන්දරත්වයක් හිතට දැනෙන්නෙ.මුලු ජීවිතෙන්ම නිදහස් උනා වගේ. ආයි පොඩ්ඩක්වත් හිතේ ඉතුරු වෙන්නෙ නැහැ.

    ReplyDelete
  8. ඕකට තියනවා හොඳ විසඳුමක්... කක්කා හෝදගන්න කියලා වෙනම වතුර නැති උනාට, ඕනෙම බත් රූම් එකක වතුර පයිප්පයක් තියනවනේ අත, මූණ එහෙම හෝදගන්න. පොඩි වතුර බෝතලයක් ගෙනිහින් ඕකට වතුර එකක් ඒ සින්ක් ටැප් එකෙන් පුරවා ගන්න. කක්කා දාන වැඩේ අහවර කර, මුලින්ම වියලි පවිත්‍රා කඩදාසි වලින් ඇති වන තුරු පිහදාගන්න. ඉන් පසුව, පවිත්‍රා කඩදාසි ගුලියකට වතුර ස්වල්පයක් බැගින් මුසු කරමින් පිහදාගන්න. අවසානයේ නැවතත් වියලි පවිත්‍රා කඩදාසියකින් පිහදා වේලා ගන්න. කඩදාසි හිරවී කොමඩ් එක උතුරා යාම් වලට වග කියනු නොලැබේ.

    ReplyDelete
    Replies
    1. අපොයි...ඔය වැඩේ හරියන්නෑ ... ලංකාවේ හදන පුක පිහින කඩදාසි වලින් ඔය වැඩේ කරන්න ගිහින් කොලේ කෑලි කෑලි වලට ගිහින් පුකේ ඇළුනා...ඒවා ගලවන්න සෑහෙන වෙලාවක් ගියා ;-)

      Delete
    2. පිස්සු හැදෙන රිප්ලයි එක ඇනො.හිනාවෙලා,හිනාවෙලා බොගකුත් සෙට්වුනා.මේ ටොයිලට් එකේ තියෙන්නෙත් පුක් පේපර් විතරයි.

      Delete
  9. වැසිකිළි කියන්නෙත් රටක සංවර්ධනය මනින මිම්මක්. රටේ තත්වෙ අවුල් නං වැසිකිළිත් අවුල්.

    ReplyDelete
    Replies
    1. එමිරේට්ස් යානා වල, වෙන කිසි නෝටිස් එකක් නැතත්, ටොයිලට් එකේ සිංහලෙනුයි, මලයාලම් භාශාවෙනුයි ගහලා තියෙනවා 'වැසිකිලි යාමෙන් පසු ජලය යොදා පිරිසිදු කරන්න' කියලා!

      Delete
    2. අපොයි වස ලැජ්ජාවක්නේ

      Delete
  10. මේකට කොමෙන්ට් කරන්න වඩාත් සුදුසුම පුද්ගලයා අපේ කක්කා තුමා.....
    එතුමා ගෙ කොමෙන්ට් එකත් එක්ක මේ පෝස්ට් එක WTC ටොයිලට් වලට බිඩේ ෂවර්ස් හයි කරා වගේ සුදිලෙන්න පටන් ගනියි....

    ReplyDelete
    Replies
    1. සියළු දොනටම ආදරයෙනි.

      අද උදේ සිට ඔෆීසියේ වැඩ රාජකාරි අධික දිනයකි. තේ බිව්වේ ද දවල් කැම කන අතරය.
      - kakaa-

      Delete
  11. පුක පිහිදගන්න නම් පුලුවන්.ඊට පැයකට දෙකකට පසු දහඩිය විසින් අධෝමුඛය අවට ඇලෙනසුලු ස්වභාවයක් ඇතිකරයි.ඊට අමතරව ජොකාගෙ අධෝදාරය අවට ප්‍රදේශය කහට හුරු දුඹුරු වර්ණයක් ගනි.ප්‍රවේශම් වන්න.aruna perera.

    ReplyDelete
    Replies
    1. කරුණාකර මෙම එක් එක් අවස්තාවන් වලදී එහි ගද සුවද ගැන ඔබේ නිරීක්ෂණ මෙහි සදහන් කරන්න....

      Delete
  12. PUKA , CHOO, PADA , JEE. SUKRA WANI TOPICS WALIN KATHA LIYANNA HAPAN APE PROF. KAKKATHUMA INNAWA. ETHUMATH ADA MEHI ENNA BARI NEHE.

    ReplyDelete
  13. අයිසෙ පැරකුම්, තමුසෙට තද උනාද?
    ගනන් ගන්න එපා , කොහොම උනත් WTC එකේ කක්කුස්සි ගැන ලියපු එක හොඳයි හෙට අනිද්දට ස්ට්‍රයික් එකක් කරන්න හදන්නෙ කට්ටිය වතුර නැති එකට විරුද්දව
    [මම නිකන්ද කිව්වෙ බලනවා කමන්ට්ස්ම කීයක්ද කියලා]

    ReplyDelete
  14. ඒ කියන්නේ මේ අවුරුදු දාසයේම ඔය ටොයිලට් පාවිච්චි කරපු ලංකාවේ ඈයෝ වැඩේ කරලා පුක පිහදාගෙන නෑ... මාර වැඩේ නෙ!

    ReplyDelete
    Replies
    1. මේ ඉල්ලීම නම් අන්තර්ජාතික, දෙමල ඩයස්පෝරා කුමන්ත්‍රනයක්

      Delete
  15. මං හිතන්නේ ඔය පුක්-කොල ෆෝබියාව ලිං මැඩි චින්තයේම කොටසක් කියායි!

    වවුල් ජොක්කුන් ගෙන් පටි ජොකාලට මාරුවෙන කොට, කෝණඩෙ බැඳපු අප්පුහාමිලා කෝණඩෙ කපලා සෝමපාල ලා වෙනකොට, කාන්තාවෝ බොස්තැරක්කවලින් රට බොඩිවලට මාරුවෙන කොටත් ඔය වගේ ඇට්ටිම්බ සිතුවිලි පහල වෙන්න ඇති!

    ReplyDelete
    Replies
    1. එංගලන්තයේ කිසිම මහජන වැසිකිලියකවත් පුක් කොල හැර පුක් හෝදන ක්‍රමයක් නැත.ඒ සුද්දෝ පුක නොසෝදන බැවිනි.පුක මනාව පිසදා ගැනීමද එක්තරා ආර්ට් එකකි.එය ප්‍රගුන කලපසු එතරම් අවුලක් නැත.මෙහෙ ඉන්න ඕනම අපේ කස්ටියගේ ගෙවල්වල පුක සෝදාගැනීම සදහා භාජනයක් ඇත.ඒ අපේ අය වඩාත්ම පිරිසිදු කරගැනීමට කැමති තැන පුක නිසාය.පුක් කොල භාවිතයට ඇති අකමැත්ත ලිංමැඩි තත්වයක් යැයි මම නොසිතමි.පුකට ගිය කල!

      Delete
    2. නැද්ද හොයාගන්ඩ පුක පිහදාන නිවැරදි ක්‍රමය පිලිවලින් විදහා දැක්වෙන වීඩීයෝවක් .( නැති මගුලක් නැති යූ ටියුබ් එකේ නැති වෙන්න විදිහක් නැ

      Delete
    3. මේක ඇත්ටම ප්‍රශ්නයක්. වෙනත් රටක සංස්කෘතික භාවිතයක් අප මත පොලා පැනීමක්. තමුන්ගේ තරුණ වියේදී වෙනත් රටකට (යුරෝපිය බවිතයක් ඇති) සංක්‍රමණය වූ සැමට ඇති ප්‍රශ්නයක්. හැබැයි එක කාටවත් කියන්නේ නැ."පුක්-කොල ෆෝබියාව ලිං මැඩි චින්තයේම කොටසක්" කියල නරුම පොර ටෝක් එකක් දීලා මාරු වෙනවා. nobody ලා somebody වෙන්න දගලන හැම පාරම මෙහෙම ගොන් කථා එලියට එනවා.
      how to wipe your butt
      "http://www.howtowipeyourbutt.com/"

      Delete
    4. අනේ කකෝ,
      උඹ වගේ ලිං මැඬියෙක්. උඹ ජැපනීස් හයිටෙක් ටොයිලට් එකක් දැකලවත් නැති ගොබිලෙක් කියල දන්නෙ අද. KOHLER බිඩේ එකක් පාවිච්චි කරල නැති ගොරකයා පොර වෙන්න ටෝක්ස් දෙනවා.
      http://www.youtube.com/watch?v=kz3nkwo1Dqw

      Delete
  16. This is not parakum.
    Please dont get lost your identity.
    There are so many blogs to read this type of scraps.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++
      well said bro!

      Delete
  17. පස්ස හෝදන්න පහසුකම් ඇති කරන ගමන්ම වියලි බවද රකින පිරිසිදු නව වැසිකිලි ක්‍රමයක් නිර්මාණය කරලා රටටත් ලෝකයටත් දීම තමයි අපි කරන්න ඕනි. පස්ස හෝදන එක අපේ සංස්කෘතියෙන් අපට උරුම වුන හොඳ පුරුද්දක්.ගෙදරම කොටසක් වුන පිරිසිදු වැසිකිලිය යනු අපට නොතිබුන සුද්දන්ගෙන් අපට ලැබුන හොඳ උරුමයක්. මේ දෙක එකතු කරන්නට හොඳ ජාතික චින්තනයක් අවශ්‍ය වෙනවා

    ReplyDelete
  18. මම ඉස්සර යාලු වෙලා හිටියෙ ඕකෙ වැඩ කරන කෙල්ලෙක් එක්ක.....ෂික්... මතක් වෙනකොට වමනෙටත් එනවා.... ඕකි කවදාවත් මට ඔය කතාව කියලා තිබ්බෙ නෑනෙ...

    ReplyDelete
    Replies
    1. ඔච්චර විස්සෝප වෙන්නේ ඒ ඇත්තිට ඔහේ මොනවද කොලේ

      Delete
  19. මම හිතන්නෙ ඔය පිට රටවල උන් පස්ස හෝදන්නෙ නැත්තෙ හීතල කාලෙට ඔතනට වතුර දැම්මොත් අලුතෙන් ඇටදෙකක් දාගන්න වෙන නිසා කඩදාසියෙන් වැඩේ ක‍රගන්නෙ. අපේ රටේ ඕක ක‍රන්නෙ නැත්තෙ දේශගුනේ නිසාත් වෙන්න ඕන මොකද ගද සුවද වාතයේ පැතිරෙනව හොදින් හීතල රටවලට වඩා අනිත් එක නිත‍රම දාඩිය දානව.
    මේවගේ දේවල් නිකම්ම ලිං මැඩි චින්තනේ කියනවට මම නම් අකමැති මොකද දීර්ග කාලයක් මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ දෙයක්, හ‍රියට භාෂාවක් කතා ක‍රනව වගේ.

    ReplyDelete
    Replies
    1. බොහෝ දුරට එකගයි. මේක ඇත්ටම ප්‍රශ්නයක්. වෙනත් රටක සංස්කෘතික භාවිතයක් අප මත පොලා පැනීමක්. තමුන්ගේ තරුණ වියේදී වෙනත් රටකට (යුරෝපිය බවිතයක් ඇති) සංක්‍රමණය වූ සැමට ඇති ප්‍රශ්නයක්. හැබැයි එක කාටවත් කියන්නේ නැ."පුක්-කොල ෆෝබියාව ලිං මැඩි චින්තයේම කොටසක්" කියල නරුම පොර ටෝක් එකක් දීලා මාරු වෙනවා. nobody ලා somebody වෙන්න දගලන හැම පාරම මෙහෙම ගොන් කථා එලියට එනවා.
      how to wipe your butt
      "http://www.howtowipeyourbutt.com/"

      Delete
  20. //චූ, කක්කා ආදිය ගැන ලිවීම බ්ලොග් අවකාශයේ ජනප්‍රිය බව ඇත්ත. ඒවත් ඉතින් ජීවිතේ කොටස් නිසා ලිව්වම මොකද?//

    හා. එහෙමත් එකක්ද. මමත් මේ ඕවා සම්බන්ද පෝස්ට් එකක් සැර වැඩිවෙයිද මන්දා කියලා නොදා ඉන්නයි තීරණය කලේ. බලමු එහෙනම්.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.