2013-08-02

රතුපස්වල සිද්ධිය, ධනවාදයේ ගැටලුව හා සමාජවාදී ජීවිතයක අවශ්‍යතාව

රතුපස්වල සිද්ධිය ගැන විවිධ අදහස් පළ වෙමින් තිබේ. 

එහිදී ජනතාව සටන් කළේ ප්‍රාථමික ම මිනිස් අයිතිවාසිකමක් වන පානීය ජලය වෙනුවෙනි. 

හමුදාව ඔවුන්ට අමානුෂික පහර දී මිනිසකු මරා දැම්මේ  විරෝධතාකරුවන් මාර්ගය අවහිර කළ නිසා යයි කියනු ලැබේ. ජනතාව අතරින් සමහරු ම පාර අවහිර කළාට උන්ට හොඳ වැඩේ යයි කියති. ලංකාවේ ජනතාව එහෙම ය. ඒ වතුර තමන් බොන වතුර නො වන නිසා ඔවුන්ට ප්‍රශ්නයක් නැත. 

මෙම දිනයේ ම මම කොළඹ සිට පුත්තලම බලා‍ ගොස් ආපසු පැමිණි‍යෙමි. යද්දී මෙන් ම එද්දීත්, වෙන්නප්පුවෙන් ඔබ්බට දිගට ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රථ පෙළපාලි නිසා මාර්ගය ඇහිරී තිබිණි. නීති විරෝධී අන්දමින් අනතුරු ආලෝක සංඥා දල්වාගෙන, ශබ්ද විකාශන සවි කරගෙන, පාර අවහිර කරගෙන, වාහන 50, 100 වැල් වශයෙන් සෙමින් ධාවනය වනු දුටුවෙමි. ආපසු එමින් ගමනේදී වෙන්නප්පුව නගරය පසු කිරීමට පැයකට අධික කාලයක් ගත විණි. ඒ අවහිර වීම නිසා මිනිසුන්ට වූ කරදරයත් කරදරයකි. ඒ පිළිබඳ කවුරුවත් ක්‍රියා කළ බවක් නො දනිමි. 

මෙම සිද්ධිය පසුපස ජවිපෙ ඇති බව ජවිපෙ කරට පය තබා දේශපාලන හිනිපෙතට ගොඩ වූ ඩලස් අලහප්පෙරුම කියයි. අපට අසන්නට තිබෙන්නේ ජනතාවගේ හිමිකම් වෙනුවෙන් කළ අරගළයක් පසුපස කවුරු හිටියා ම අපට මොක ද කියා ය. ජනතාවට මෙසේ අරගළ කරන්නට සිදු වන්නේ තමන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන ආණ්ඩුවක් නැති නිසා ය.

රතුපස්වල මිනිසුන්ගේ වතුර විෂ කළ කර්මාන්තය කුමක්දැයි නො දනිමි. අනතුරුදායක කර්මාන්ත ලංකාව බඳු තුන්වන ලෝකයේ රටවලට තල්ලු කිරීම බලවත් රටවල උපායකි. 

සංවර්ධනය හා ආර්ථික වර්ධනය ලෙස හැඳින්වෙන දෙය වෙනුවෙන් මිනිසුන් පමණක් නො ව සොබා දහමත් නිර්දය ලෙස සූරාකෑම ධනවාදයේ ස්වභාවයයි. එසේ කරන්නේ කුමට ද? ලාභ ලැබීම හා ධනය ගොඩගැසීම වෙනුවෙනි. ඒ කුමට ද? පරිභෝජනය වෙනුවෙනි. ධනවාදී නිෂ්පාදකයන් ලාභ ලැබීම අරමුණු කරගෙන නිතිපතා වෙළඳපොළට හඳුන්වා දෙන විවිධ භාණ්ඩ පරිභෝජනය කිරීමෙන් සැප ලැබේ යයි අපි සිතමු. එහෙත්, සැප කෙසේ වෙතත්, ලෝකයේ මිනිසුන්ගෙන් වැඩි පිරිසකට පිරිසිදු වාතය හෝ ජලය හෝ විෂ රහිත ආහාර හෝ නැත. 

ධනවාදය විසින් මිනිසුන් තුළ ප්‍රවර්ධනය කරනු ලබන අසීමිත පරිභෝජනය හා ඒ වෙනුවෙන් කළ යුතුව තිබෙන නිෂ්පාදනය වෙනුවෙන් අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ක්‍රියාවලිය නිසා නිර්මානය වී තිබෙන්නේ සංකීර්ණ ගැටලු සමුදායකි. 

නිදසුනක් ලෙස, අසීමිතව බලශක්තිය වැය වන ක්‍රියාවල යෙදෙන මිනිස්සු ගල් අඟුරු බලාගාරවලට විරුද්ධ වීමේ තේරුමක් නැත. ගල් අඟුරුවලින් සිදු වන පරිසර හානියට විසඳුම න්‍යෂ්ඨික බලාගාර යයි සමහරු කියති. එහෙත්, එහි අනතුරුදායකකම ඊට වඩා ගැඹුරු ය.

මේ ගැටලුවට විසඳුම් ධනවාදය තුළ නැත. විසඳුම ඇත්තේ සමාජවාදී ජීවන රටාවක ය. අප මූලිකව ම මේ අසීමිත පරිභෝජනවාදය පිළිකෙව් කළ යුතු ය. සරළ, චාම්, සුන්දර, ආදරණීය ජීවන රටාවක්  ගොඩනඟා ගැනීමට අප උත්සාහ කළ යුතුය. එය සමාජවාදය සඳහා අරගළයේ කොටසකි.

සමාජවාදය යනු හුදු රාජ්‍ය බලය ගැනීම නො වේ. එය මිනිස් ජීවිතය වෙනස් කරන විප්ලවයකි. එය අද ම, අපේ ජීවිතවලින් ම පටන් ගත යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

39 comments:

  1. Rathupaswala Satana Jayagath Ape Veeroodara Hamudawata Uththamacharaya

    indika

    ReplyDelete
  2. // එය අද ම, අපේ ජීවිතවලින් ම පටන් ගත යුතු ය. //

    එලකිරි පැරා.... උඹ ඔය කාර් එක විකුනලා කොල අතු ඇදන් මතුගම කැලේකට වෙලා ඌරෙක් කොටාගෙන අලයක් තම්බන් කාලා ජීවත් වෙයන්..

    ReplyDelete
  3. පැරා ප්‍රශ්නයට ඩිරෙක්ට් එන්ට්‍රියක් ගන්නවා වෙනුවට ගෙදරින් සමාජවාදෙ පටන් ගන්න වගේ බොළද සිනා කතා කියන්නෙ සුදු වෑන් එකක් වත් හීනෙන් දැක්කද?

    ReplyDelete
  4. "මේ ගැටලුවට විසඳුම් ධනවාදය තුළ නැත. විසඳුම ඇත්තේ සමාජවාදී ජීවන රටාවක ය. අප මූලිකව ම මේ අසීමිත පරිභෝජනවාදය පිළිකෙව් කළ යුතු ය. සරළ, චාම්, සුන්දර, ආදරණීය ජීවන රටාවක් ගොඩනඟා ගැනීමට අප උත්සාහ කළ යුතුය. එය සමාජවාදය සඳහා අරගළයේ කොටසකි."

    එළ, මේ තියෙන්නෙ අපේ රටෙ සමාජවාදෙ. ඔය කියන සරළත්වය අගය කෙරෙන්නෙ බුද්ධාගමේ මිසක සමාජවාදෙ නෙමේ. මේව බුද්ධාගමයි සමාජවාදෙයි පටලව ගත්තහම වෙන දේවල්. මං දන්න තරමින් සමාජවාදෙ පරිභෝජනවාදය ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. මාක්ස්ට ධනවාදෙත් එක්ක තිබුණු ගැටළුව උනේ ඒක අනුදැනවදාල නිශ්පාදන මාදිළිය මිස පරිභෝජන මාදිලිය නෙමේ. නිශපාදනය සහ එහි අයිතිය බෙදාහරින්න යෝජනා කිරීමෙන් අගය කෙරෙන්නෙ සමානාත්ම තාවය මිස සරළත්වය නෙමේ.

    කවුරුහරි මාක්ස්වාදී දැන උගතෙක් (හෙවත් මාක්ස්-ලබ්ධිකයෙක්) ඉන්නව නම් කරුණාකරල මාක්ස්වාදෙ සරළත්වය අගය කෙරුණු ඒක ප්‍රමාණවත් තරමින් අනුදැනවදාල තැන්/ තැනක් තියෙනව නම් උපුටා දක්වනවද?

    පසු සටහන: මේ එකකින් වත් රතුපස්වල මිනිස්සුන්ට ගහපු එක සාධාරණීකරනය වීමක් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. මාක්ස්වාදය ලබ්ධියක් නොවෙයි. විද්‍යාවක්. මාක්ස්වාදය කියන්නේ මාක්ස් කියූ අදහස් පමණක් නොවෙයි. එය තවත් අය විසින් සංවර්ධනය කරන ලද කතිකාවක්. නැතිනම් ඩිස්කෝස් එකක්.

      ඔයාට කාගෙ හරි උපුටා ගැනීමක් අවශ්‍ය නම් ඔය තියෙන්නේ. උපුටා අරගෙන ඒ යටින් මගේ නම ලියන්න. ඇයි එතකොට අප්සෙට් ද? බටහිර චින්තකයෙකුගේ නමක් ම ඕනැද?

      කාගෙවත් වාද උස්සගෙන අදහස් ඒවාට ගලපමින් ඒ අනුව හරි ද වැරදි ද කියලා බලන්නේ අනුකාරකවාදියෝ. මම නිදහස් චින්තකයෙක්. ෆ්‍රී තින්කර් කෙනෙක්.

      ප්‍රශ්නවලට විසඳුම් සොයන්න නම් ඔය ඔලුවේ තියාගෙන ඉන්න බර බිමින් තියලා නිදහසේ හිතන්න. සංවාද කරන්න.

      ඔයාට මේ ලිපියෙන් රතුපස්වල මිනිස්සුන්ට ගහපු එක සංධාරණීකරණය කර තිබෙනවා කියා හිතෙන්නේ ඔයාගේ අනුකාරකවාදී මනසින් ප්‍රශ්නයක ගැඹුර දකින්න බැරි නිසායි.

      ඔයාට අවශ්‍ය විධියේ චූන් එක ගන්න ලිපි ඕනෑ තරම් පළ වුණා නේ ද? අපි මේ ලිපිය ලිව්වේ ඉන් එහාට හිතන්න පොළඹවන්නයි.

      Delete
    2. මාක්ස්වාදය ලබ්ධියක් තමයි.ලබ්ධියක තිබිය යුතු සියල්ල එහි තිබෙනවා.මාක්ස් කියූ සියල්ල සත්‍ය ලෙස පිළිගැනීම.ආගමිකයන් උපුටා දක්වන පරිද්දෙන් වගන්ති උපුටා දැක්වීම.ලෙනින්,මා ඕ වැනි අපෝස්තුලු වරු ගැන විශ්වාසය ආදිය සළකන්න පුළුවන්.ඊනියා සමාජවාදී කඳවුරේ රටවල පාලකයන්ව අදහනු ලැබුවා.ඔවුන් මාක්ස්ට පසු සියල්ල දත් අය ලෙස සළකනු ලැබුවා.මැතිවරණ නොපවත්වනු ලැබුවේ ජනතාව ශ්‍රාවකයන් පිරිසක් නිසයි.ජනතාව දැනුවත් කිරීම පක්ෂය න වූ පූජක සංස්ථාව විසින් කරනු ලැබුවා.බලන්න ජෙ වී පී එකේ අභ්‍යන්තර ව්‍යුහය.ආගමක ලක්ෂ්ණ නැද්ද කියල.ජී වී පී ආන්ඩුවක් තිබුනනම් රතුපස්ව කිසිම කෙනෙක් ජීවතුන් අතර නෑ.ප්‍රතිවිප්ලවවාදියො කියල සමූලඝාතනය කරනව.ඔවුන් වෙනුවන් කතා කරන්න වත් කෙනෙක් නෑ.ඔවුන්ට ධනපති ,හංවඩුව ගහලා වැඩකඳවුරු වලට යවනවා ඕක තමයි සමාජවාදය.

      Delete
    3. මාක්ස්වාදය ලබ්ධියක් ලෙස ඇදහූ අය හිටියා. ඉන්නවා. මට එය අදාළ නැහැ. ඒ අයට ගොඩනඟන්න පුළුවන් සමාජවාදයකුත් නැහැ.

      සමාජවාදය කියන්නේ කොමියුනිස්ට් පක්ෂය නොවෙයි. එය සාධාරණ සමාජයක් පිළිබඳ කතිකාවක්. පොදු සංවාදයක්.

      ආගමිකයන්ට මාක්ස් ආගම භාර දෙන්න. සාධාරණ සමාජයක් පිළිබඳ කතිකාව අපි මේ කියන තැනින් අරඹන්න. ඒකට ඕනැ නම් වෙනත් නමක් දෙන්න.

      මොන නම්න් ආවත් මේ අධි පරිභෝජනවාදය ප්‍රතික්ෂේප නො කර, සංවර්ධනය පිළිබඳ අලුතින් නො හිතා සාධාරණ සමාජයක් හදන්න බැහැ.

      Delete
    4. මම මාක්ස්වාදය පිලිබඳ මහා ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙමේ, තවමත් ඒ පිලිබඳ හදාරමින් සිටින කෙනෙක්. මාක්ස්වාදයේ විග්‍රහ කෙරෙන "භාණ්ඩ පිලිබඳ අර්චනකාමය" (Commodity Fetichism) නමැති සංකල්පය හරහා මුලික වශයෙන් විග්‍රහ කෙරෙන්නේ අධිපරිභෝජනය පිළිබඳවයි.

      Delete
    5. ප්‍රමාදය ගැන සමාවන්න Ajith.

      1. මාක්ස්වාදය ඩිස්කෝස් එකක් වූ පමණින් එය ලබ්ධියක් නොවේ යැයි කිව නොහැක. බයිබලය යනුද එක පුද්ගලයකුගේ ලියවිල්ලක් නොවේ. එයද යම් ආකාරයක ඩිස්කෝස් එකකි. ඒ අර්ථයෙන් ඔබට අනුව ක්‍රිස්තු ලබ්ධියද ලබ්ධියක් නොවිය යුතුය.

      ඔබට මාක්ස්වාදය හෝ සමාජවාදය ගැන ඔබටම ආවේණික වූ නිර්වචන තිබීමේ ගැටළුවක් නැත. නමුත් අදාළ වචන පාඨකයන් තේරුම් ගන්නේ ඒ සම්බන්ධව ඇති පොදු අදහස් වලට අනුව මිස ඔබේ නිර්වචනයන්ට අනුව නොවන බව ගැන ඔබට යම් අවබෝධයක් හෝ තිබිය යුතුය.

      2. 'මාක්ස්වාදය අධිපරොභෝජනය ප්‍රතික්ෂේප කරන බව' පෙන්වීමට යමක් උපුටා දක්වන්න යැයි ඉල්ලීමක් කලේ මාක්ස්වාදීන්ගේ සාමාන්‍ය සම්ප්‍රදාය එය බැවිනි. ඔබේ සම්ප්‍රදාය එය නොවේ නම් එහි ගැටළුවක් නැත. නමුත් සුළු ගැටළුවකට ඇත්තේ මෙම වෙබ් අඩවියේම "Free thinking" ගැන ටොල්ස්ටෝයිගේ උධෘතයක් මහත් අභිමානී ආකාරයෙන් පළකොට තිබීමය (මා බටහිර චින්තකයකුගේ නමක් ඉල්ලීයැයි ඔබ කියා ඇති සම්ප්‍රප්‍රලාවලට පිළිතුරු දීමට නොයන්නේ ඒ සම්බන්ධව හිනා විය යුතුද ඇඬිය යුතුද යන්න තවම තීරණය කරගත නොහැකි බැවිනි).

      3. ඔයා free thinker කෙනෙක්!! සෙල්ලං නෑ අජිත්....කන්ග්‍රචුලේශන්ස්!!!!!

      4. රතුපස්වල මිනිසුන්ට ගැසූ එක ඔබ තම ලිපිය ඔස්සේ සාධාරණීකරනය කර ඇතැයි මා චෝදනා කොට නැත. මා මගේ පසු සටහනින් කියුවේ එහි විලෝමයය. ඔබ ලිපිය ලියා ඇත්තේ රතුපස්වල මිනිසුන්ට ගැසීම එරෙහිවය. අදාළ 'පසු සටහනින්' මා ඉල්ලා සිටියේ එවැනි ලිපියක් විවේචනය කරමින් මවිසින් ලියන ලද වියමන රතුපස්වල මිනිසුන්ට ගැසීම සාධාරණීකරනය කිරීමක් යැයි කවුරුන් විසින් වත් වරදවා වටහා ගත නොයුතු බවය. මෙහි ඇත්තේ ගැඹුරක් නොදැකීම සම්බන්ධ ප්‍රශ්ණයක් නොව වල්ගය පාගා ගැනීමේ ප්‍රශ්ණයක් වන්නේ එම නිසාය.

      5. මා ජාතික චින්තන පොරක් යැයි අනුමාන කොට මට උපරිම ලෙස රිදවීමේ බලාපොරොත්තුවෙන් මා අනුකාරක උගතෙකුයැයි ලවක් දෙවක් නැතිව හතර අතේ අහේතුකව චෝදනා කිරීම ගොං පාට් එකකි. ඒ සම්බන්ධව කිසිත් කීමට බලාපොරොත්තු නොවන්නේ එවැනි අඳබාල චෝදනා වලින් සැලෙන යුගය අප පසුකර කලක් ගතවී ඇති බැවිනි.

      Delete
    6. උපුල්, මාක්ස්වාදය තුළ පාරිභෝගික භාණ්ඩ අර්චනකාමය යන්න විවේචනයට ලක්වන්නේ එය සරළත්වයට එරෙහිව වන නිසා නොව මිනිසා තම නිශ්පාදනයෙන් සහ ශ්‍රමයෙන් වියුක්ත වීම නිසා ඇතිවන ව්‍යාකූලත්වය වසං කිරීමට අදාළ අර්චනකාමය හේතු පාදක වන බැවිනි (මෙය මාක්ස්වාදයේ වෙනත් ලබ්ධීන් සම්බන්ධව ඇති විවේචනයට හරයෙන් අසමාන නොවේ). අර්චනකාමය මිනිසා පංති අරගලයෙන් තාවකාළිකව ඉවත් කොට තබන නිසා මාක්ස්වාදය ඊටෙ එරෙහිව වෙයි. එහි ඊට වඩා යමක් මා දන්නා තරමින් නම් නැත.

      - මීට පෙරද අදහස් පළකල ඇනොනිමසා

      Delete
  5. පැරා... මේ සමාජවාදය නැති නිසා ඇතිවී තිබෙන ප්‍රශ්නයක් නොවෙයි. (සමාජවාදියෝ තමන්ගේ පාලනය තහවුරු කරගන්න නිල නොනිල හමුදා යොදවල මීට හපන් විධියට නිරායුධ අහිංසක මිනිසුන් මිලියන බිලියන ගණනින් මරල තිබෙනවා. පොල්පොට් ස්ටාලින්ගේ මිනී මැරුම් ගැන ඔබට අලුතින් කියන්න ඕනි නැහැ.) මේක ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ගැටළුවක්. දේශපාලන පැලන්තියත් සමානය මහජනතාවත් ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉවත්වෙමින් තිබෙන යුගයක ප්‍රශ්නයක්. මේ සිද්ධියේ තිබෙන බියකරු බව සහ පිළිකුල් සහගත කමට වඩා බියකරු පිළිකුල්සහගත ඩලස්ගේ කරුණු දැක්වීමෙන් පෙනී යන්නේ මොන තරම් නරුම තැනකට අප සමාජය තල්ලු වෙමින් තියෙනවද කියන එකයි.පාලකයෝ නරුමයෝ වෙලා.. ජනමාද්‍ය නරුමයෝ වෙලා. ජනතාව නරුමයෝ වෙලා. හෙට අනිද්දා වෙනවිට මේ නරුම සමාජයේ මීට වඩා ඛේදවාචක ඇතිවෙයි. ජීවිතය පිලිබඳ ආශාව අතහැරලා ප්රජාතන්ත්රවාදය පිලිබඳ අරගලයක් කරන්න සමාජය යොමු නොවුනොත් මේ නරුම මිනීමරු තන්ත්‍රය අපේ රටේ ජීවන විලාසිතාව බවට පත්වේවි

    ReplyDelete
    Replies
    1. ඔයා මගේ සමාජවාදය ‍ොමියුනිස්ට් පක්ෂවල සමාජවාදය එක්ක පටලවා ගන්න එපා. මම එහෙම සමාජවාදියෙක්‍ නොවෙයි.

      සමාජවාදය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි දෙයක් නොවෙයි. මම නිර්ධන පංති ආඥාදායකත්වය කියන සංකල්පය පිළි ගන්නේ නැහැ. සමාජවාදය ප්‍රජාතන්ත්‍රවාදය කැටි කර ගත් දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදය සමානාත්මතාවත් එක්ක අත්වැල් බැඳගත් දෙයක්.

      ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදයෙන් වෙනස් වන්නේ මෙහෙමයි. ධනවාදයට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය මූලිකව ම ප්‍රාග්ධනයේ නිදහස් සංචලනයට හා ප්‍රාග්ධන සමුච්චකරණයටයි. සමාජවාදයට ම්‍ූලිකව ම අවශ්‍ය ශ්‍රමයේ හා ශ්‍රමිකයාගේ ප්‍රජාතන්ත්‍රවාදයයි.

      රතුපස්වල සිද්ධියේදී වෙන්නේත් රජය ප්‍රාග්ධන හිමියා වෙනුවෙන් පෙනී සිටිමින් වැඩ කරන මිනිසුන්ගෙන් සැදුම් ලත් ජනතාව‍ගේ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් උල්ලංඝනය කිරීමයි.

      මතුපිට සටන් පාඨවලින් කිසිවක් වෙන්නේ නැහැ. එදා චූන් විතරයි. එදා චූන් දෙන්න ඕනැ තරම් වෙබ්සයිට් අන්තර්ජාලයේ තියෙනවානේ. අපි උත්සාහ කරන්නේ ඊට වඩා ගැඹුරින් හිතන්න ඔබ පොළඹවන්නයි.

      Delete
    2. පැරා ඔහුට ආවේණික සමාජවාදයක් අවංකව විශ්වාස කරනවා ඇති.ඒත් අපි සමාජවාදය යනුවෙන් ලෝකෙ ක්‍රියාත්මක වුන ආන්ඩු ක්‍රියාත්මක වුනේ ධනවාදයටත් අන්තව මර්ධනකාරී ලෙසයි.ඔය කියන සමානාත්මතාව තිබුනෙත් නෑ.

      Delete
    3. ඒක ඇත්ත.

      හැබැයි, ඒකට විසඳුම මේ තියෙන කෲර ධනවාදී ක්‍රමය මේ අන්දමින් ම පවත්වාගෙන යන එක නොවෙයිනේ.

      අලුතින් හිතමු. එහෙම තමයි, ලෝකය වෙනස් වෙමින් ඉදිරියට ගියේ.

      Delete
    4. ඇත්ත.මේ ක්‍රමයට විකල්පයක් අවශ්‍යයි.මේක දිගටම පවත්වා ගන යා යුතුම නෑ.මතවාදී පුද්ගලයන්ට එය කළ හැකියි.ප්‍රශ්නය ඇත්තේ මතවාදී පුද්ගලයන් හා වැඳ මනස්කාර කරන්නන් අතරයි

      Delete
  6. http://www.youtube.com/watch?v=uzJr69KFs3s

    ReplyDelete
    Replies
    1. එක නෙන්නම් ආරක්ශක අමාත්්‍යංශයේ ලේකම්ට අපහාස කරන්න මේ මිනිස්සු තමුන්ටම වෙඩි තියගනනෙ.
      A.Fernando

      Delete
  7. මට හිතෙන විදිහටනම් මෙවන් ප්‍රශ්නවලට පිළිතුරු ඇත්තේ සමාජවාදයේ හෝ ධනවාදයේ නොව මානුෂික අයිතීන් සුරකින සමාජයක බවයි. ලංකාවේ අද ඇති ප්‍රධානතම ප්‍රශ්නය එයයි.
    මෙවන් සිද්ධීන් සමාජවාදී රටක සිදුවිය නොහැකිද? අප දකින, දැක ඇති සමාජවාදී රටවල මීට වඩා දරුණු මිනිස් අයිතීන් උල්ලංගනය කිරීම් සිදුවේ. එසේම ලෝකයේ අද පවතින මහා ධනවාදී සමාජයක (උදා: ඇමෙරිකාව වැනි) මෙවන් දෙයක් සිදුවූවානම් එය ඒ රටේ පවතින පාළනය වෙනස්කරන ප්‍රබල සාධකයක් වනු ඇත.

    එසේනම් සමාජවාදය ඔබ අර්ථකථනය කරන්නට උත්සහ කරන්නේ මිනිසත්භාවය අගයන හුදු සුන්දර සංකල්පයක් ලෙසද? මේ හැම දෙයකටම හේතුව මිනිස් සිතේ පවතින අසීමිත ආශාවන් බව තවදුරටත් ඔබේ තර්කය ඔස්සේ යනවිට පෙනෙනු ඇත. එයට විසඳුම (බෞද්ධ අප සිතන පරිදි) බවුන් වඩා නිවන් මාර්ගය ළඟ කරගැනීමයි. අනේ සාධු!

    ReplyDelete
    Replies
    1. සාදු සාදු බුදු පෙරහැර සා........

      Delete
  8. MEKA KUMANTHRANAYAK, BATAHIRA, ADHIRAJJA WADI.

    ReplyDelete
    Replies
    1. අනිවා කුමන්ත්‍රණයක්,ජලය අපවිත්‍ර වීම,ඒකට සති ගානක් යනතුරු විසදුම් නොදීම,මිනිස්සු බීමට ජලය ඉල්ලීම,වැසිකිලි ගොස් පුක සේදීම මේවා කුමන්ත්‍රණ නේන්නම් බොලව්,කොටින්ම වැසිකිලි ගොස් වැඩේ ටිකක් පමාවීමත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ බොලව්

      Delete
    2. උඹේ ගෑනි බඩ උනත් ඒකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද?

      Delete
  9. සමාජවාදය තුල විසදුම් තිබෙනවා කියන එක විකාරයක්.ආඥාදායකත්වය කියන්නෙ සමාජවාදයේ නෛසර්ගික ලක්ෂණයක් මිස ස්ටාලින්ගේ අත්වැරැද්දක් නොවෙයි.එක් පක්ෂයක් කියන විදියට සියල්ල කළ යුතු වීමත් එම පක්ෂයේ නිළධාරී මණ්ඩලය අත සියළු බලතල තිබීමත් මත ආඥාදායකත්වයක් ඇති වෙනවා.දේශීය වශයෙන් මේ තත්වය කොන්ට්‍රෝල් කිරීමේ කිසිම බලයක් නෑ.විදේශීය බලවේග වලටත් බටහිර අධිරාජ්‍යවාදී හා ප්‍රතිවිප්ලවවාදී චෝදනා මත නිහඩ කෙරෙනවා.1971 දීත් 1989 දීත් ලංකාව බේරුනේ අනූනමයෙන්.ලංකාව සමාජවාදයේ නාමයෙන් වචන උඩප්පරන් ගසමින් මිනිස් සත්තු වත්තක් වීම වැළකුනා.

    ReplyDelete
    Replies
    1. සමාජවාදය කියන්නේ අපි ගොඩනඟා ගත යුතු කතිකාවක් මිස කාගේවත් නිගමන පද්ධතියක් නොවෙයි. ස්ටාලින් පැත්තකින් තියලා අද තිබෙන ප්‍රශ්නයට විසඳුම් හිතන්න. මම යමක් යෝජනා කර තිබෙනවා. ඒ ගැන සංවාදයක් අරඹමු.

      වර්තමානයේ අර්බුදයක් ති‍යෙනවා නේ. ඒකට අපි විසඳුම් සෙවිය යුතුයි.

      ඒකට අරයා විසඳුම් දීලා නැහැ, මෙයා දීලා නැහැ කියමින්, විසඳුමකුත් නො කියා කල් මැරීම පවතින කෲරත්වය රැක ගන්න කරන සේවයක්.

      මාක්ස්, ලෙනින්, ස්ටාලින් පැත්තකින් තියමු. මෙතන මම කියන කාරණේ ගැන කතා කරන්න. මම කියන්නේ අපි මේ අසීමිත පරිභෝජනවාදී ජීවන රටාව වෙනස් කර ගත යුතුයි කියලායි. ඒක මාක්ස් කිව්වා ද නැද්ද කියන එක වැදගත් නැහැනේ. ඔය දැන් පැරකුම් කියලා මිනිහෙක් කියලා තිබෙන්නේ.

      ඒ ගැන මොකක්ද කියන්න තිබෙන්නේ?

      Delete
    2. ඒකට තමයි ඔබ මෙහෙම ලිපි ලියන්නෙත් අපි කොමෙන්ට් කරන්නෙත්.මේ බුද්ධිමය සංවාද තුලින් විසදුම් හොයා ගැනීමටත් අනෙක් අයට හිතන්න පොළඹවන්නත්.ඔබ යමක් යෝජනා කරනවා එය ඉතා වටිනවා.අපට අවශ්‍ය මතවාදී පුද්ගලයන් ඒ කියන්නෙ ඔබ වැනි මිනිසුන් .එහෙම නැතිව වැඳ නමස්කාර කරන්නන් නොවෙයි .මේ ගමන මෙහෙම යමු

      Delete
  10. සමාජවාදය තිබුනනම් රතුපස්වල නොවෙයි මුළු ගම්පහම මිනිස්සු මරල දායි.වැඩ කදවුරු වලට යවල දේශපාලනය උගන්වනව කියල විජේවීර හෝ වෙන මිනීමරුවෙක් ගැන භක්තිය ඇතිකරවන්න ඔළු හෝදයි.මිනිස් සමාජය සත්තු වත්තක් කරන්න කාටවත් වුවමනා නෑ.අවශ්‍ය වන්නේ බලය පිළිබද සාධකය හරියට ක්‍රියාත්මක වන සමාජයක්.බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය නිසා පැරණි සමාජවාදී රටවල මිනිසුන්ට වඩා බලයක් මානව හිමිකමක් අපට තිබෙනව.ප්‍රශ්නය තිබෙන්නෙ එහි සීමිත බවයි.ඒ බලය මධ්‍යගත වීම තමයි වරද.මේ ගැන න්‍යායාත්මක පැහැදිලි කිරීමක් සහිත ලේඛනයක් ඉදිරියේදී එළිදක්වනවා.

    කෙටියෙන් මෙහෙම දෙයක් කිඅය්න්නම්ජනතාවගෙ ඡන්ද වලට වඩා ජාවාරම්කාරයගෙ ප්‍රාග්ධනය බලවත්.අනෙක් අතට ජාවාරම්කාරයට පුළුවන් සල්ලි වලට ඡන්ද ගන්න.ඔය ජාවාරම්කාරය ඔය පළාතෙන් චන්දෙ ඉල්ලුවොත් ඔහු මනාප ලැයිස්තුවෙ එකට එනවා.ඔහුගෙ විශාල ප්‍රාග්ධනයට පුළුවන් ජනතාවගෙ මනස සකස් කරන්න.වෙඩි කාපු ගුටි කාපු අයගෙ චන්දත් ගන්න පුළුවන්.දේශපාලකයන්ට බනින එක වැරදියි.කොයි ආන්ඩුව ආවත් ගන්නෙ ජාවාරම්කාරයගෙ පැත්ත.

    මේක ලඝුවට අරගෙන ආන්ඩුවට බනින එක තේරුමක් නෑ.යූ ඇන් පී එකෙනුත් කරන්නෙ ඔය වැඩේමයි.හමුදාව පොලීසිය කියන්නෙ මර්ධනය සඳහාම පිහිටුවා ගත් ආයතන.මර්ධනය කරන එක,වෙඩිතියන එක ,මරණ එක ඒ අයගෙ රස්සාව.ඒ අය අණ පිළිපදිනව.

    කොමෙන්ට් දමන ඔබ හෝ මම හමුදාවෙ පොලීසියෙ හිටියනම් අපිත් ගහනව,වධ දෙනවා,මරණවා,ඒක ඒ රස්සාවෙ හැටි.

    කොමෙන්ට් දමන ඔබ හෝ මම ආන්ඩුවෙ ඇමතිවරු හෝ ආන්ඩුව මෙහෙයවන බලවතුන් කියල හිතන්න .ඔබ ගන්නෙ ගම්වැසියන්ගෙ පැත්තද ජාවාරම්කාරයගෙ පැත්තද

    අවංකව හිතන්න ඔබත් මමත් ගන්නෙ ජාවාරම්කාරයගෙ පැත්ත.
    මේ නිසා පොලීසියට හමුදාවට හෝ ආන්ඩුවට බනින්න එපා.ඔතෙන්ට ගියොත් කවුරුත් කරන්නෙ ඔය වැඩේ.

    මේකට විසදුමක් නැද්ද? තිබෙනවා
    මේ මැතිවරණ ක්‍රමය තුල චන්දයට තිබෙන්නෙ නාමික වටිනාකමක්.චන්දෙ දවසෙන් පස්සෙ චන්දදායකයා අකර්මන්‍යයි.චන්දය දෙන්නෙ කාටද කියන එක ගැන මනස සකස් කිරීම් හා චන්දදායකයගෙ මුග්ධ කම කියන කරුණු පැත්තකට දාමු.

    මේ මවා පාන බොරු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට චන්දයට විධායක වටිනාකමක් දෙන්න බැරිද? මේක විද්‍යාත්මකව විග්‍රහ කරන්න ඕන දෙයක්.ඉතා සරල තැනින් පටන් ගමු.

    පළාතෙ මන්ත්‍රීවරයා වග කියන්නෙ තමන්ගෙ පක්ෂෙ ලේකම්ට,නායකයට,පාර්ලිමේන්තුවට,විධායකයට.හැබයි ජනතාවට වගකීමක් නෑ.අපි හිතමු මැතිවරඇණ් කොට්ටාසයකට ගම් දෙසීයක් තිබෙනව කියල.මේ දෙසීයෙන් තමයි මන්ත්‍රී තෝරන්නෙ.මේ දෙසිය දෙනාට තමයි ම්නත්‍රී වග කියන්නෙ.මන්ත්‍රීව ඉවත් කරන්න අර ගම් දෙසීයෙ නියෝජිත සභාවට් පුළුවන්.අද තිබෙන මන්ත්‍රී විසින් පත් කරන ඔහුගෙ රූකඩ ප්‍රාදේශීය සභාව වගේ එකක් නොවෙයි මෙය.කේන්ද්‍රීය ස්ථානයක් වටා රටම බ්‍රමණය වන ක්‍රමය වෙනුවට මේ වගෙ විකල්පයක් අවශ්‍යයි.එහෙම ක්‍රමයකදි මන්ත්‍රී වගකියන්නෙ තමන් අයිති මහා ග්‍රාම සභාවට.මේකෙන් බිම් මට්ටමේ අහිංසකයටත් බලයක් එනවා.

    මේක තේරුම් ගන්න ලේසි වෙන්න මෙහෙම කීවට ගම කියන භූගෝලීය ඒකකයම මූලික තැනුම් ඒකකය වෙන්න ඕන නෑ.ගම තුලත් විවිධ අගතීන් තිබෙනවා.

    මම මේ කාරණය ගැන සිතන්න පෙළඹුනේ 1987-1989 කාලෙ ජේ වී පී එකෙන් හා ආරක්ෂක අංශ වලින් ජනයා විදි පීඩනය දැකලයි.ජාත්‍යාන්තර බලවේග නොතිබුනා නම් කැරැල්ල මර්ධාන්ය කළ පසුව හමුදා පොලිස් පීඩනය දිගටම ගෙන යන්න ඉඩ තිබුනා.ජන මනසත් ඒ මට්ටමට වැටිලා තිබුනෙ.පොලීසියෙ හමුදාවෙ පහලම එකත් හිතුවෙ ඕනම වෙලාවක තමන්ට නීතිය අතට ගන්න පුළුවන් කියලයි.

    දේශපාලන ක්‍රමය විද්‍යාත්මක වෙනසකට බදුන් කරන තුරු ගැටළු එහෙමමයි.

    ReplyDelete
  11. @"වෙළඳපොළට හඳුන්වා දෙන විවිධ භාණ්ඩ පරිභෝජනය කිරීමෙන් සැප ලැබේ යයි අපි සිතමු"
    @"සරළ, චාම්, සුන්දර, ආදරණීය ජීවන රටාවක් ගොඩනඟා ගැනීමට අප උත්සාහ කළ යුතුය"
    100% ක් එකඟයි, මෙවදන් අන් කිසිවක් නොවේ සියවස් ගනනකට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කළ වචනයි.කාමසුඛල්ලිකානු යෝගය(අධික ලෙස කම් සැප විඳීම) මෙන්ම අත්ථකිලමථානුයෝගය (අධික ලෙස දුක්විඳීම) යන අන්ත දෙකම ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ මැදුම් පිලිවෙතෙ අනුදැන වදාලහ.එය නිර්වාණ අවබෝධය සඳහා පමණක් නොව ලෞකික ජීවිතය ද සඳහාය.

    ReplyDelete
  12. නීතියේ ආධිපත්‍යය පවතින සමාජ තුළ රතුපස්වල වැනි පරිසර ප්‍රශ්න ඔඩුදුවන්නේත් නැත, අසංවර උද්ඝෝෂකයනට හමුදා වෙඩි පහර කන්නට සිදුවන්නේත් නැත, 1987-89 වැනි කැරලි මතුවන්නේත් නැත.

    ReplyDelete
  13. //රතුපස්වල මිනිසුන්ගේ වතුර විෂ කළ කර්මාන්තය කුමක්දැයි නො දනිමි.//

    විනිග්‍රොස් කියන්නෙ රබර් අත්වැසුම් හදන ෆැක්ටරියක්, හේලිස් සමූහයේ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් යටතේ තිබෙන. විදේශ ආයෝජනයක්ද යන්න නම් අපැහැදිලියි. සාමාන්‍යය වශයෙන්ම රබර් ආශ්‍රිත කර්මාන්තවලින් පිටවන අපජලය ආම්ලිකතාවයෙන් ඉහලයි. ඒ වගේම ලංකාව තුල කර්මාන්තශාලාවල අපජලය පිරිපහදුව, නියාමනය, පසුවිපරම ඉතාම දුර්වලයි. මගේ අදහස නම් මෙවැනි අධි-පරිසර දූශන සහිත කර්මාන්ත, කර්මාන්තපුර තුල පමනක් ස්ථානගත කල යුතුයි. දන්න තරමින් ෆුලර්ටන් කර්මාන්ත පුරය (නාගොඩ) රබර් ආශ්‍රිත කර්මාන්ත සඳහා වූ එකක්.

    මේ තියෙන්නෙ මට කියවන්නට ලැබුනු දේවල් ටිකක්.

    වතුර ප්‍රශ්නය සහ මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රශ්නය
    http://hemanthawithanage.blogspot.com/2013/08/crushing-protest-against-gloves-factory.html

    කොම්පැනි ප්‍රොෆයිලය
    http://dplgroup.com/content-whoweare

    කර්මාන්තශාලාවේ අයිතිකරු?
    http://ehide.org/index.php?q=aHR0cDovL3NpbmhhbGEubGFua2FuZXdzd2ViLmNvbS9uZXdzLzkzODgtMi0yMjI%3D

    - Dimithri

    ReplyDelete
  14. සමාජවාදය කියල හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ සමහර කාලවල සමහර රටවල ආණ්ඩු සහ සමාජවාදියි කියාගන්නා පක්‍ෂවල ව්‍යුහය, එය ක‍්‍රියාත්මක වන ආකාරය ආදියයි.

    හැම එකක් වගේම අපට සමාජවාදය දෙසත් බලන්න වෙන්නේ සාපේක්‍ෂව තමයි. ඒත් පසුගිය වසර දහස් ගණන පුරාම ලොකු සංවාදයක් තිබුනා වඩා සාධාරණ සමාජයක් හදන්නේ කොහොමද කියල. ඒ මොකද, ඒ හැම සමාජයකම පීඩාවට පත්වන අය හිටිය හින්ද. බුදුන්, බුදුන්ට පෙර හිටි සමාජ ගවේෂකයෝ, පසුකාලීනව හිටි සමාජ ගවේෂකයෝ එවැනි මාවතක් ගැන අදහසක් ගොඩනගන්න උත්සාහ කළා. මාක්ස් එංගල්ස් ලා පවා මේ පිළේ අය. මේ සමහර ගවේෂකයෝ කෙළින්ම ආගමිකව වැඬේ කළා. සමහර ගවේශකයන්ගේ මාවත් පසුකාලීනව ආගමික කළා. බුදුන් පවා ආගමක් ගොඩනැගුවේ නැහැ. මට හිතෙන හැටියට බුදු දහම ආගමක් බවට තීරණාත්මක ලෙස පත් කළේ අශෝක අධිරාජයා.

    ආගමික ක‍්‍රමයට හුරු වී සිටින අපේ සාමාන්‍ය මිනිස්සු මාක්ස්වාදයත්, එහෙම නැත්නම් කොමියුනිස්ට්වාදයත් ආගමක් කරගෙන එකෙන් වාසි ගන්නවා. කොමියුනිස්ට්වාදය යනු දෙය විග‍්‍රහ කරන ආකාරයක්. ඒ කියන්නේ සෑම දෙයක්ම ඒ තුළ ඇති පැති ගණනාව එකිනෙක අතර ගැටුමක් සහ ඒකත්වයක් නිසා පවතිනවා, එම පැතිවල ගැටෙන ආකාරය වෙනස් වූ විට දෙය වෙනස් වෙනවා කියන අපෝහක භෞතිකවාදී විග‍්‍රහ ක‍්‍රමයක් මිසක් වෙන දෙයක් නෙවෙයි.

    ඒ ආකාරයට සමාජයේ ඉතිහාසය විග‍්‍රහ කර බැලූවහම හිතාගන්න පුළුවන් වෙනවා, වහල් ක‍්‍රමය ඒ තුළ පැවැතුනු පැතිවල ගැටුම සහ ඒකත්වය නිසා යම් කාලයක් පැවතුනු බවත්, ඒ ගැටුමේ ආකාරය වෙනස් වූ නිසා එය බිඳවැටී වැඩවසම් ක‍්‍රමය බිහි වූ බවත්. ඒ වගේම වැඩවසම් ක‍්‍රමය තුළ තිබූ ප‍්‍රතිවිරෝදයන්ගේ ගැටුම සහ ඒකත්වය නිසා එයද යම් කලක් පැවතුන් බවත්, එම ප‍්‍රතිවිරෝධයන්ගේ ස්වභාවික චලනය නිසා වැඩවසම් ක‍්‍රමය බිඳ වැටී ධනවාදය බිහි වූ බවත් විග‍්‍රහ කරගත හැකි වෙනවා. ධනවාදයත් ඒ තුළ පවතින ප‍්‍රතිවිරෝධයන්ගේ ඒකත්වය නිසා පවතින බවත්, එම ප‍්‍රතිවිරෝධයන්ගේ ස්වභාවික චලනය නිසා ධනවාදය බිඳ වැටී වෙන් දෙයක් බිහි විය යුතුයි කියලා ඒ ක‍්‍රමය අනුව විග‍්‍රහ වෙනවා.

    වහල් ක‍්‍රමය බිඳ වැටීමෙන් පසු වැඩවසම් ක‍්‍රමයේදී වහලූන් හෝ වහල් හිමියන් බලයත් පත් නොවී රදළයින් බලයට පත්වුණා වගේ, වැඩවසම් ක‍්‍රමය බිඳ වැටී ධනවාදය බිහිවීමේදී රදළයින් බලයට පත් නොවී ධනපතියන් බලයට පත් වුනා වගේ, ධනපති ක‍්‍රමය බිඳවැටී කොමියුනිස්ට් ක‍්‍රමයට සමාජය ගමන් ගැනීමේදීත් ධනපතියන් හෝ කම්කරුවන් බලයට පත් නොවී පංති අහෝසි වී වැඩකරන ජනතාවම මුළුමහත් සමාජය වේවි කියලත් උපකල්පනය කරනවා. ධනවාදයත් - කොමියුනිස්ට්වාදයත් අතර කාලයයි සමාජවාදය කියලා කියන්නේ. එය පරිවර්තනීය කාලයක් මිස සමාජ යුගයක් නෙවෙයි. මොකද, එහි ඇති ප‍්‍රධාන පැති දෙක වන පරාජය වූ ධනපති ක‍්‍රමය හා ජයගත් කම්කරු පංති ක‍්‍රමය එකිනෙකාට එරෙහිව බලයට ඒම සඳහා කෙරෙන බරපතල ප‍්‍රතිවිරෝධතා සහිත කාලයක්. මේ ගැන අපට රුසියාවෙන්, චීනයෙන් උදාහරණ සැපයූවා. මෙහිදී සමුපූර්ණයෙන්ම ධනපති ක‍්‍රමය අතු ගා දමන්නට පුළුවන් වුවහොත් කම්කරු පංතියට තම අනන්‍යතාවය වන කම්කරු බව අහිමි කරමින් කොමියුනිස්ට් සමාජයට යා හැකියි.

    මේ නිසයි එය ඇදහීම සඳහා නොව හිතීම සහ කිරීම සඳහා වන න්‍යායක් කියලා කියන්න පුළුවන් වෙන්නේ.

    මේ රට පසුගාමී වැඩවසම් බලවේග සමඟ ඒකාබද්ධ වූ ගෝලීයකරණ අධිරාජ්‍යවාදය අධිරාජ්‍යවාදී බලවේගවලට යටත් වූ රටක්. සමාගම් වෙනුවෙන් ඒ බලවේගවල යාන්ත‍්‍රණය වූ මුළු මහත් රාජ්‍ය යන්ත‍්‍රයම ක‍්‍රිියාත්මකයි. රතුපසුවලත්, වෙනත් තැන්වලත්, ඒ කියන්නේ ලංකාවේ සතර දිග්බාගෙම මේ වැඩසටහන ක‍්‍රියාත්මකයි.

    අභයනාථ්

    ReplyDelete
  15. බොහෝ කාලයක සිට රජරට මිනිස්සු මේ පානිය ජල ගැටලුව සම්බන්ධයෙන් මුහුණ දි සිටින ප්‍රශ්ණයක්. ඒත් ඔවුන්ගේ අරගලය සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.කිසිවෙක් ලණන් ගන්නේ නෑ. අනුරාධපුරය පදවිය, හොරොව්පතාන වැනි රෝහල් වකුගඩු රෝගීන්ගෙන් පිරිලා. ඇහැක් ඇර බලන්න කවුරුත් නෑ

    අනුරාධපුරෙන් බස්නාහිරට ඒ ප්‍රශ්නෙම මෙහෙම එන කොට මෙවන් දෙයක් ඔවුන් බලා පොරොත්තු වුනේ නෑ.තමන් කිරිපොවා ඇති දැඩි කළ ආණ්ඩුව මේ විදියට උත්තරදෙයි කියල ඔවුන්වත් හීනෙන්වත් හිතුවෙ නෑ.

    බොහොම ඓතිහාසික විදියට පාට දේශපාලන පක්ෂ සම්ප්‍රදාය මිනිසුන්ගේ චින්තනයට ජීර්ණය කරලා. මේ මොනම අවස්ථාවක වුණත් මිනිස්සු තමන්ගේ පක්ෂ දේශපාලනයෙන් පිට හිතන්නෙ නෑ ඒනිසා මේ ඕනෑම මොහොතක මිනිසුන්ගේ පවත්නා සාම්ප්‍රදායික දේශපාලන චින්තන රාමුව ‍ලංකාව වගේ රටක දේශපාලනය කරන උන්ට හොඳ එන්නතක්.

    කළ යුත්තේ මිනිසුන්ගේ මුලු මහත් සමාජ චින්තන ක්‍රමය වෙනස් කිරිමයි.

    ReplyDelete
  16. අජිත්; [උත්තරයක්‌ දෙන්නේ නැති බව දනා නමුත්]

    ඔයා පටලාගෙන. පළමුවෙන්ම ඕනෑම එකකට සමාජවාදය කියා කියන්න ඔයාට අයිතියක් තිබ්බත්, එය පිළිගත හැකි මතයක් වෙන්නේ නැහැ. මොකද ලෝක සම්මුතුයේ ඒ වචනයට හිමි තැනක් තියෙන නිසා. මම දන්නා ලෝක සම්මුතියෙන් බැලුවොත් ඔයා පැරඩියම් කීපයක් පටලාගෙන.

    1. ධනවාදය/සමාජවාදය
    2. පරිභෝජනවාදය/අල්පෙච්චතාවය
    3. අධික පරිසර විනාශය/පරිසර සංරක්ෂණය.

    මේවා එකිනෙක හා බැඳුනු එහෙත් එකිනෙකින් ස්වායත්ත සංකල්ප.

    සමාජවාදය කියන සම්මටැහැ මතවාදය තුල පරිභෝජනවාදයට විසඳුමක් වෙනම කතිකා වෙනවාද [ඔයාලයි ගෙදර ඇරෙන්න වෙනත් ඕනෑම "ඩිස්කොස්" එකක] එහෙම නම් එය හුදු රෙටෝරික් එකකින් එහාට යන පැහැදිලි කිරීමක්ද?

    ඔබ කියන පරිභෝජනවාදය අස්සෙම තමා මිනිසා මෙතෙක් ලබාගත සියලු තාක්ෂණික විස්කම් තියෙන්නෙත්. ඒවා කෙලින්ම රිජෙක්ට් කලොත් ඔබ කියන්නේ මීට සියවසකට පෙර වගේ බඩගින්නේ බෙහෙත් නැතුව පහසුකම් නැතුව මැරෙන්න කියලාද? හුදෙක් අධි පරිභෝජනය කරන්නන් විතරක් නොවෙයිනේ ඔය සිස්ටම් ඒකෙන් යැපෙන්නේ.

    ධනවාදය කියන සංකල්පයට මේ කතාව අහසට වැටකොළු වගේ. එහෙත් අධික තරගය තුල පරිභෝජනය ඉහල යාම හා පරිසර විනාශය වන නිසා ධනවාදය හා මේ අර්බුද අතර කොරලේටිව් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒ නිසා තමයි ධනවාදය හැකි පමණ යාමනය කරන්නේ. හරියට [හෝ ආසන්නව ] යාමනය වන තැනක පරිසර අර්බුද අවම වීම වෙලා තියෙනවා ලෝකේ පුරාම. මොකද පරිසරය සුරකින මට්ටමක තත්ත්ව පාලනයක් කළා කියා ඔය නිෂ්පාදනයේ මිල මාර විදිහට නගින්නේ නැහැ.

    ලංකාවේ කිසියම් මට්ටමක හෝ නීති රැකුණා නම් ඔය රතුපස්වල සිද්ධිය ඔතෙන්ට ඇදෙන්නේ නැහැ. කොටින්ම ගෝටා කෙලින්ම මේ ව්‍යාපාරිකයා රකින්න කටයුතු නොකරන්න මේ අවුල වෙන්නේ නැහැ. ඒ නිසා රට වටේ නොයා කෙලින් වැරදිකාරයා දකින්න.

    කෙසේ වෙතත් මම ඔබ හා එකඟ වෙනවා පරිබෝජනය සීමා කිරීම ගැන. මානවයාගේ පරිසර පිය සටහන අවම කිරීම ගැන. එහෙත් එය කල යුත්තේ පවතින පද්ධතිය විසින් බිහි කල යහපත් ගුණාංග අහක දමා නොවේ. හුදෙක් වැරදි හදා ගන්න ඒකයි කරන්න ඕනේ. මොකද එහෙම කරපු තැන් වලත් ඔබ කියන ධනවාදය අගේට ක්‍රියාත්මක වෙන්නේ.

    ඒ නිසා ඔබ පවතින සිස්ටම් එකේ දකින වරද ගැන මා එකඟ වෙන නමුත් චෝදිතයා නිවැරදි නැහැ. ප්‍රතිකර්මය වනුයේ මේ වැරදි අඩුපාඩු හදා ගන්න ඒකයි. ඊට "සම්මටැහැ සමාජවාදයේ" ඇති කිසිම පිළිතුරක් නැහැ. ඒ නිසා එහෙම හැදෙන වඩාත් යහපත් හෙට දවසක් කොහෙත්ම "සමාජවාදී" හෙට දවසක් නොවේ.

    වැරදි ලේබල ඇලවීම නවත්තමු නේද?

    ReplyDelete
    Replies
    1. 1. ධනවාදයයි පරිභෝජනවාදයයි අතර තියෙන සම්බන්ධය.

      අ) ධනවාදයේ පරම උවමනාව ලාභයයි. ලාභය සදහා මිනිසාව වැඩි වැඩියෙන් භාණ්ඩ පරිභෝජනය කිරීමට පෙළඹිය යුතුයි.අධික පරිභෝජනය සමග ධනවාදය සම්බන්ද වන්නේ එසේය.

      ආ) ධනවාදයේ පරම උවමනාව ලාභය වන නිසා පරිසර ආරක්ෂාවට වඩා ලාභ අරමුණ මූලිකය. ඒ නිසා ද ප්‍රාග්ධනය පරිසරයට වඩා මූලික වේ.ධනවාදය සහ පරිසර විනාශයේ සම්බන්ධය ගැන අවබෝධ කරගැනීමට ධනවාදයේ නැගීම සිදුවූ පසුගිය ශතවර්ෂ දෙකක පමණ කාලය සහ ලෝක පරිසර අර්බුදය දැනට පවතින තැන තේරුම් ගැනීම ප්‍රමාණවත්ය.

      පරිභෝජනවාදය ගැන මාක්ස් කියා නැහැ කියල ඉහත තැනකදී ලියා තිබෙන ඔස්තාද්ට කියන්නට තිබෙන්නේ පාරිභෝගික භාණ්ඩ අර්චනකාමය ගැන ප්‍රාග්ධනය කෘතියේ මාක්ස් මතුකරන විග්‍රහය හොයාගෙන කියවන්න කියාය.එතැනින් පසු ඒ කතිකාව පසුකාලීන සමාජවාදීන් විසින් විශාල වශයෙන් දියුණු කර තිබේ.අඥාන භාණ්ඩ බුහුමන ධනවාදයේ ජාති ලක්ෂණයකි.

      "යාමනය" හෝ එවැනි වෙනත් කෙහෙල්මලකින් ධනවාදයේ මූලික ලක්ෂණය වන ලාභ අරමුණ හා ඒ අරමුණ මත මිනිසා අවිචාරවත්ව පරිභෝජනයට පෙලඹවීම නතර කල නොහැකිය. ලාභය මත පදනම් වී තිබෙන ලාභය එකම අරමුණ බවට පත්වී තිබෙන රටාවෙන් මිදී වෙනත් රටාවක් මතු කරගත යුතුව තිබෙන්නේ මේ හේතුව නිසාය.

      2. සමාජවාදය යනු කුමක්ද?

      මෙතැන අදහස් දක්වා තිබෙන සේරම අය සමාජවාදය කියල කියන්නේ රුසියාව ඇතුලු ඒ කාලයේ තිබුණ සමාජවාදී කියා කියාගත්ත රටවල් සෙට් එකටය. මෙතැන සමාජවාදය ගැන පැරා කාලයක් තිස්සේ මතු කරන අදහසක් තිබේ. ලෝකයේත් විවිධ ව්‍යාපාර හා චින්තකයෝ අද වනවිට සමාජවාදයට අලුත් අර්ථයන් සපයා ඇති අතර සමාජවාදය කියන්නේ හුදෙක්ම රුසියාවයි චීනයයි උතුරු කොරියාවයි ජවිපෙයි නොවේ. මේ නිසා පැරා සහ වෙනත් එවැනි අය මතු කරන අදහස සාකච්ඡාවට ලක්කරමු. රුසියාව කියන පිරුදු මිනිසාට පහර දෙන එක තේරුමක් නැහැ. අර කියන යහපත් හෙට දවස ලාභය හා ස්වාර්ථය මත පදනම් වූ ධනවාදයට හදන්නට බැහැ කියන එක ඕනෑවටත් වඩා පැහැදිලියි. කෑදර කම ප්‍රවර්ධනය කරන ධනවාදය නිසා අද පිරිසිදු වතුර ටිකක් බොන්න, පිරිසිදු වාතය ටිකක් හුස්ම ගන්න වත් නිදහසක් මනුෂ්‍යවර්ගයාට අහිමි වෙමින් ඇත. ධනවාදී ක්‍රමය සමග ආත්මීයව බැදී සිටින, ඉන් තමන්ට ලැබෙන යම් සොච්චමක් වේ නම් එය මහත් ලැබීමක් කියා සිතන ආත්මාරථකාමී නරුමයන් හැර අන් ඕනෑම කෙනෙක්ට ලෝකය මේ ගමන් කරන දිශාව මූලධාර්මිකව වෙනස් කළ යුතු යැයි තේරුම් යා යුතුය.

      Delete

  17. සුජීව කොකාවල commented on a link you shared.
    සුජීව wrote: "අජිත්; [උත්තරයක්‌ දෙන්නේ නැති බව දනා නමුත්] ඔයා පටලාගෙන. පළමුවෙන්ම ඕනෑම එකකට සමාජවාදය කියා කියන්න ඔයාට අයිතියක් තිබ්බත්, එය පිළිගත හැකි මතයක් වෙන්නේ නැහැ. මොකද ලෝක සම්මුතුයේ ඒ වචනයට හිමි තැනක් තියෙන නිසා. මම දන්නා ලෝක සම්මුතියෙන් බැලුවොත් ඔයා පැරඩියම් කීපයක් පටලාගෙන. 1. ධනවාදය/සමාජවාදය 2. පරිභෝජනවාදය/අල්පෙච්චතාවය 3. අධික පරිසර විනාශය/පරිසර සංරක්ෂණය. මේවා එකිනෙක හා බැඳුනු එහෙත් එකිනෙකින් ස්වායත්ත සංකල්ප. සමාජවාදය කියන සම්මටැහැ මතවාදය තුල පරිභෝජනවාදයට විසඳුමක් වෙනම කතිකා වෙනවාද [ඔයාලයි ගෙදර ඇරෙන්න වෙනත් ඕනෑම "ඩිස්කොස්" එකක] එහෙම නම් එය හුදු රෙටෝරික් එකකින් එහාට යන පැහැදිලි කිරීමක්ද? ඔබ කියන පරිභෝජනවාදය අස්සෙම තමා මිනිසා මෙතෙක් ලබාගත සියලු තාක්ෂණික විස්කම් තියෙන්නෙත්. ඒවා කෙලින්ම රිජෙක්ට් කලොත් ඔබ කියන්නේ මීට සියවසකට පෙර වගේ බඩගින්නේ බෙහෙත් නැතුව පහසුකම් නැතුව මැරෙන්න කියලාද? හුදෙක් අධි පරිභෝජනය කරන්නන් විතරක් නොවෙයිනේ ඔය සිස්ටම් ඒකෙන් යැපෙන්නේ. ධනවාදය කියන සංකල්පයට මේ කතාව අහසට වැටකොළු වගේ. එහෙත් අධික තරගය තුල පරිභෝජනය ඉහල යාම හා පරිසර විනාශය වන නිසා ධනවාදය හා මේ අර්බුද අතර කොරලේටිව් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒ නිසා තමයි ධනවාදය හැකි පමණ යාමනය කරන්නේ. හරියට [හෝ ආසන්නව ] යාමනය වන තැනක පරිසර අර්බුද අවම වීම වෙලා තියෙනවා ලෝකේ පුරාම. මොකද පරිසරය සුරකින මට්ටමක තත්ත්ව පාලනයක් කළා කියා ඔය නිෂ්පාදනයේ මිල මාර විදිහට නගින්නේ නැහැ. ලංකාවේ කිසියම් මට්ටමක හෝ නීති රැකුණා නම් ඔය රතුපස්වල සිද්ධිය ඔතෙන්ට ඇදෙන්නේ නැහැ. කොටින්ම ගෝටා කෙලින්ම මේ ව්‍යාපාරිකයා රකින්න කටයුතු නොකරන්න මේ අවුල වෙන්නේ නැහැ. ඒ නිසා රට වටේ නොයා කෙලින් වැරදිකාරයා දකින්න. කෙසේ වෙතත් මම ඔබ හා එකඟ වෙනවා පරිබෝජනය සීමා කිරීම ගැන. මානවයාගේ පරිසර පිය සටහන අවම කිරීම ගැන. එහෙත් එය කල යුත්තේ පවතින පද්ධතිය විසින් බිහි කල යහපත් ගුණාංග අහක දමා නොවේ. හුදෙක් වැරදි හදා ගන්න ඒකයි කරන්න ඕනේ. මොකද එහෙම කරපු තැන් වලත් ඔබ කියන ධනවාදය අගේට ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඔබ පවතින සිස්ටම් එකේ දකින වරද ගැන මා එකඟ වෙන නමුත් චෝදිතයා නිවැරදි නැහැ. ප්‍රතිකර්මය වනුයේ මේ වැරදි අඩුපාඩු හදා ගන්න ඒකයි. ඊට "සම්මටැහැ සමාජවාදයේ" ඇති කිසිම පිළිතුරක් නැහැ. ඒ නිසා එහෙම හැදෙන වඩාත් යහපත් හෙට දවසක් කොහෙත්ම "සමාජවාදී" හෙට දවසක් නොවේ. වැරදි ලේබල ඇලවීම නවත්තමු නේද?"

    ReplyDelete
  18. අනේ මන්දා පැරා, පෙරාපු රත්තරං වගේ සමාජවාදියෙක් වෙච්ච සුචරිත ගම්ලතුත් බෙනස්කාර් ඕනැයි කිව්වා.
    ඔයාටත් ඇ‍‍ඟෙන්ම සමාජවාදී වෙන්න ඕනනම් ඔය හම්බවෙන ගුරු පඩියයි, අවුරුද්ද ට දවස් 150කටත් වඩා හම්බවෙන නිවාඩුයි හරියට මැනේජ් කරගෙන වත්තපිටියෙ මොනවහරි වවලා කරලා සරල ජීවිතයක් ගෙවන්නකො, ඔය අනම් මනං බිස්නස් අතහැරලා.

    ReplyDelete
  19. මම මාක්ස්වාදය පිලිබඳ මහා ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙමේ, තවමත් ඒ පිලිබඳ හදාරමින් සිටින කෙනෙක්. මාක්ස්වාදයේ විග්‍රහ කෙරෙන "භාණ්ඩ පිලිබඳ අර්චනකාමය" (Commodity Fetichism) නමැති සංකල්පය හරහා මුලික වශයෙන් විග්‍රහ කෙරෙන්නේ අධිපරිභෝජනය පිළිබඳවයි.

    ReplyDelete
  20. asiemitha paribhojanay, sarala jeewithay???
    blog walata comnputer, eeka duwanna widuliya, thawa thawa aaduna dewal,urage malu urage ange indan kapanawa neda? rathupaswala minissu parata bahinda thibbe, factoriya damanakotayi, koo parisara anumathiya dunna ayas. dengu maduruwata mama gaurawa karami, maa danna bohoo nives pirisudu wee aththe maduruwa nisa misa prashnayata pudgalikawa kapa wuna nisa nova. anith factory haa ee avata gam idiriyedi mee prashnayata muhunanodeyida?
    sustainable development (ammage redda)

    ReplyDelete
  21. මේ ලිපියට කියවනවාට වඩා එයට දමා තිබෙන කමෙන්ටු කියවීම වැදගත් බව පෙනේ. මේ කමෙන්ටු වලින් පෙන්වන්නේ අපේ රටේ ජනතාව වල්මත් කරනු ලැබ තිබෙන ආකාරයයි. ඔවුනට තිබෙන ප්‍රධානම රෝගය නම් සමාජවාදය යන වචනය පෙන්නන්නට බැරි වීමයි. ඒ හැර දන්නා ලබ්බක් නැත. ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී පක්ෂයකැයි සිතා සිටින්නේ ඒ මන්ද බුද්ධික (දේශපාලනික) භාවය නිසාය. කෙතරම් කයිවාරු ගැසුවත් පොදුජනතාව වෙත කඩා පාත් වන රතුපස්වල සිද්ධිය වැනි ව්‍යසනයන් ඇති වීම වළක්වාගැනීමට ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදයෙන් ලබා දෙන විසඳුම ගැන කවරකුවත් කතා කරන්නේ නැත.

    මේ සියල්ලටම හේතුව මඳ දැනුමයි.

    කිරි සුදුපාට බවත් සුදු පාට කොකා වගේ බවත් කොකා දෙකේ ඉලක්කම වගේ බවත් අන්ධයා සිතාගෙන සිටියි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.