2013-11-21

සාම දේශපාලනය හා සමාජවාදය: සාදු ජන රාවයේ ජයතිලක බංඩාර නම් දේශපාලන සත්වයා

ජයතිලක බංඩාර කියන්නේ සුහද මිතුරෙක්. වචනයේ පරිසමාප්ත අයුරින් ම ‍සහෝදරයෙක්. සටන් සගයෙක්. සංගීතය අනුපාණෙට අරගෙන දේශපාලන පණිවුඩයක් දෙන්න හදන දේශපාලන ක්‍රියාධරයෙක්. ඔහු ගැන කතා කරන්න හිතුණේ පසුගිය දිනවල ඔහු ආරම්භ කළ 'බියෙන් අත්මිදෙමු' නම් සංගීත, දේශපාලන වැඩසටහන නිසායි.

ලංකාවේ සංස්කෘතික, දේශපාලන පෙරමුණේ මේ වන විට රජයමින් පවතින දීනත්වයට හේතුව මේ බිය ම නො වෙන්න පුළුවන්. බියට වඩා මෙතැන තිබෙන්නේ කෑදරකම. ධනේශ්වර පාරිභෝජනවාදයේ ගිලීම හා පෞද්ගලික හා පවුල් උන්නතිකාමය.

ජයතිලක බංඩාර එක්ක එකට හිර ගෙයි හිටිය, ගුණදාස කපුගේ රජරට සේවයේ සිටි කාලයේ ප්‍රගතිශීලී දේශපාලන පසුබිමක් සහිතව කලා ක්ෂේත්‍රය තුළ ඉදිරියට ආ කරුණාරත්න දිවුල්ගනේ අද ඉන්න තැන මම කියන කරුණ සනාථ කරනවා. හැමෝ ම දෑත් ශක්තිමත් කරන්න යන්නේ බිය නිසා ද? ලංකාවේ නමක් තබාගෙන සිටි කීර්තිමත් පුවත්පත් කලාවේදියකු වූ සුන්දර නිහතමානි ද මැල් පසුගිය දිනවල සිළුමිණේ කර්තෘකම භාර ගත්තා. කර්තෘවරයාට ප්‍රවෘත්ති ගැන තීරණයක් ගත නො හැකි පුවත්පතක කර්තෘ වෙන්න ඔහු තීරණය කරන්නේ බිය නිසා ම ද?

ජයතිලක බංඩාර සාදු ජන රාව හා ගී රස වින්දන වැඩසටහන් දිවයිනේ ගම් නියම්ගම් කරා ගෙන යමින් සංගීතය ඇසුරු කර ගනිමින් ජාතික ප්‍රශ්නය හා සමාජවාදය ගැන දේශපාලන කතිකාවක යෙදුණා. වැඩසටහනක් ඉදිරිපත් කරලා, එදා රෑ ගමක නතර වෙලා, මධුවිතක් සප්පායම් වෙන ගමන් ඔහු ඇතුළු පිරිස සමග ගත කළ රසවත් සන්ධ්‍යාවන් ගැන මතක තිබෙන බොහෝ අය මේ ලිපිය කියවනවා ඇති. ඔහුගේ ජීවිතය ම දේශපාලනික ජීවිතයක්. ඔහු ජනප්‍රියත්වය හා මුදල් පසුපස හඹා ගියේ නැහැ. හැබැයි, ඔහු කළමනාකරුවකු ලෙසත් තිරසාර අන්දමින් තම වැඩසටහන පවත්වාගෙන ගිය ප්‍රායෝගික මිනිහෙක්.

සාදු ජනරාව කියන්නේ සරළ, සුන්දර, සංගීත දේශපාලන කතිකාවක්. සරළ ගී කීපයක් ගායනා කරමින් දේශපාලනය සාකච්ඡා කළ වැඩසටහනක්.

එය ගමින් ගමට රැගෙන යන්න ඉවහල් වුණ වාමාංශික, සිවිල් සමාජ බලවේගය අද කෝ? ජයේ 'බියෙන් අත්මිදෙමු' කියා කියන්නේ මේ කට්ටිය බිය නිසා දැන් මුළුගැන්විලා ය කියලා හිතලා වෙන්න ඇති. කවුරුහරි බියෙන් ඉන්නවා නම් එයින් අත්මිදීම අරගලය සඳහා අවශ්‍යයි. යම් දුරකට මෙතැන තිබෙන්නේ හොරට නිදා ගැනීම. ඒකයි මේ බලවේගය අවදි කරන්න අමාරු.

ජයතිලක බංඩාර මට මුල් වරට හමු වුණේ 1994දී, මම ගුරු වෘත්තියේ මුල් පත්වීම අරගෙන පදවියේ වැඩ කරමින් ඉන්න අතරෙදි. ආණ්ඩු පෙරළියක් වෙමින් තිබුණු ඒ කාලේ රටේ ලොකු සාම රැල්ලක් තිබුණා. සාම රාජ්‍ය නො වන සංවිධාන රැසක් ක්‍රියාකාරී වෙමින් තිබුණා. පදවිය මායිම් ගම්මානයක්. යුද්ධයේ සජීවී අත්දැකීම් තිබුණු එච්. ‍ඩී. පෙරේරා වගේ සහෝදරයින් පිරිසක් රාජ්‍ය නොවන සංවිධානත් එක්ක එක්ව පදවියේ ලොකු සාම රැළියක් කළා. ඒ කාලේ මතු වෙමින් ආ ‍‍පොදු පෙරමුණු රැල්ල එක්ක මේ වැඩසටහනට දැවැන්ත සහභාගිත්වයක් ලැබුණා. මං තමයි, ඒ රැළියේ ‍නිවේදකයා වුණේ.

චන්ද්‍රිකා බලයට පත් වී වැඩි කාලයක් යන්නට පෙර මේ බලවේගය ඒ පසුපස වැටී නන්නත්තාර වුණා. උදාහරණයක් ලෙස, බාර් නො තිබුණු පදවියේ බාර් දමාගන්න මේ බලවේගයේ හිටි නායකයෝ බර්ටි ප්‍රේමලාල් හා තිස්ස කරල්ලියද්ද පස්සෙන් වැටුණා. අපි ඒ දිනවල ඔවුන්ට විහිළුවට නම් පටබැඳලා තිබුණෙ රබී - 1, රබී - 2 ‍අාදී වශයෙන්. ඒ ඔවුන්ගේ ලිපි ගොනු අංක.

මේ වැඩසටහන්වලට සහභාගි වෙන්න කොළඹින් ආපු චරිතයක් තමයි, එස්. මනෝරංජන්. ඔහු මේ දිනවල හදිසි අනතුරක් නිසා ඇවිද්දේ කිහිලි කරුවකින්. ඔහු රඟපෑවේ රණ බිමෙන් ආ සාම කුරුල්ලෙක් වගේ. ඒ දවස්වල අපි පාසල්වල සාම සම්මන්ත්‍රණ සංවිධානය කළා. ඒවායේ මනෝරංජන් කතා කළා. ‍මනෝරංජන්ගේ කතාවෙන් පසුව හැමදාමත් කවුරුහරි චිට් එකක් දුන්නා, "මනෝරංජන් අයියේ, අපි ආසයි ඔයා දෙමළෙන් කතා කරනවා අහන්න. ඒ නිසා දෙමළෙනුත් කතා කරන්න," කියලා. බුද්ධංගල පාසලේ අපි සංවිධානය කරපු සම්මන්ත්‍රණයේදී මට මේ වැඩේ අතට අහු වුණා. මේ තුණ්ඩු කෑල්ල දෙන්නේ මනෝරංජන් එක්ක ආපු ගෝලයෙක්.

මේ වැඩ අතරේදී හමු වුණ සුනන්ද දේශප්‍රිය නිසා මම යුක්තිය පත්තරේට සම්බන්ධ වුණා. පදවිය, වැලිඔය ගැන ලිව්වා.

1995 නැවත යුද්ධය පටන් ගන්නකොට මම පදවියේ ලංකාදීප වාර්තාකරු. 1995 ජුලි මාසයේදී විතර කොටි සංවිධානය විසින් වැලිඔය කඳවුරට එල්ල කරන ලද ප්‍රහාරයක් අසාර්ථක වෙලා කොටි සෙබළියෝ තුන්සීයක් විතර මැරුණා. මේ ගැන වාර්තා කරන්න ගිය වෙලාවේ සුණු විසුණු වුණ කාන්තා මළ සිරුරු ගොඩ දැකලා මට ඇති වුණේ කම්පනයක්. එක් අවස්ථාවකදී සෙබළු කෑලි කැඩිච්ච මිනියක් උස්සලා ට්‍රක් රියකට දමද්දී එය බිමට වැ‍ටුණා. මේ අවස්ථාවෙ එක් සෙබළෙකුට 'පව් මචං' කියා කියවුණා.

මේ සිද්ධියේ වාර්තාවත් අ‍රගෙන එදා රෑ මං පදවියේ සිට අනුරාධපුරයට බසයෙන් ඇවිත් රාත්‍රී තැපැල් දුම්රියේ බිම වාඩි වෙලා කොළඹ එන අතරෙදි 'වැලිඔයට ආ නංගිලා' කියා කවියක් ලිව්වා. පසුව ජ‍යතිලක බංඩාරත්, මහින්ද චන්ද්‍ර‍සේකරත් මේ කවිය සාදු ජනරාව වැඩසටහනේදී කිය කියා ගියා. මා ගැනත් කිව්වා.

මගේ මුල්ම කෙටිකතා පොත වූ 'කතා කරන බළලා' එළිදැක්වූවේ පදවියේදී. එදාත් ජයතිලක බංඩාර සහෝදරයා ගී ගැයුවා. මහින්ද චන්ද්‍රසේකරත්, කරුණාරත්න අමරසිංහත් පොත ගැන කතා කළා. මෙහෙම හැදිච්ච මිතුදම අලුත් වුණේ වසර 2000දී මම අනුරාධපුරයේ දෙවන පියවරේ ජයතිලක බංඩාරගේ නිවස අද්දර පදිංචි වුණාමයි.

හිරු පත්තරේ ජවිපෙ අතේ තිබුණු කාලෙ මම ඒකට කවි ලිව්වාට, මාව මුලින් ම ජවිපෙන් බිඳිච්ච හිරු කණ්ඩායමට ‍හෙවත් රෝහිත භාෂණට හඳුන්වා දුන්නේ ජයතිලක. හිරු කණ්ඩායම  කළේ යුද දේශපාලනයක්. ඒ කියන්නේ දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් කරන යුද්ධයට පක්ෂ ව්‍යාපෘතියක්.හිරු කණ්ඩායම යුද්ධයට විරුද්ධ වුණේ කොටි සංවිධානය මර්දනයට ලක් වන තාක් කල් පමණයි.

ජයතිලක කළේ සාම දේශපාලනයක්.සාම දේශපාලනය හා දෙමළ අරගලය කියන්නේ එකක් ද, දෙකක් ද කියා ප්‍රමාණවත් සංවාදයක් මේ රටේ තිබුණේ නැහැ. එක පැත්තකින් කුමාර් රූපසිංහ වැනි රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපාරිකයෝ සාමය වවාගෙන කෑවා. අනෙක් පැත්තෙන් වාමාංශිකයෝ තරගෙට කොටින්ට කඩේ ගියා. දෙමළ අරගලය සම්බන්ධයෙන් වමේ මැදිහත්වීම ඒ අරගලයට විශාල ශක්තියක් වූ බව ඇත්ත. ඒත්, ජාතිවාදී කොටි සංවිධානය කළේ වාමාංශිකයන් කඩේ යවා ගැනීම විතරයි. උතුරේත්, දකුණේත් ප්‍රගතිශීලී ජනයා අතර පාලමක් හැදුණේ නැත්තේ කොටින්ගේ ජාතිවාදී ප්‍රතිපත්ති නිසායි. එහෙම උවමනාවක් ඔවුන්ට තිබුණේ නැහැ. ඔවුන්ට උවමනා වුණේ වාර්ගික වශයෙන් වෙන් වෙන්න මිසක් අලුත් දේශපාලන ප්‍රජාවක් තුළ එක් වන්න නොවෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි, අවසානයේදී කොටි සංවිධානය ගත් සියලු ක්‍රියාමාර්ග සාධාරණීකරණය කරන සාම දේශපාලන ව්‍යාපාරයක් වමෙන් බිහි වුණේ. එහි ඉදිරියෙන් හි‍ටියේ හිරු කණ්ඩායම. මේ දේශපාලන ධාරාව ඇත්තෙන් ම සාම දේශපාලනයක් නොවෙයි. ‍යුද ව්‍යාපෘතියක්.

ජයතිලක බංඩාරගේ දේශපාලනික වැදගත්කම තිබෙන්නේ මෙතැන කියලායි මම හිතන්නේ. ඔහු නිතර ම උත්සාහ කළේ සාම දේශපාලනයේ සැබෑ අනන්‍යතාව සොයා ගන්න. සාම දේශපාලනය කුමන පාර්ශ්වයක හෝ යුද ව්‍යාපෘතියක කොටසක් වෙන්න බැහැ. ජයතිලක මෙතැන පය තබාගෙන ඉන්න උත්සාහ කළ කෙනෙක්. හිරු කණ්ඩායමත්, ඔහුත් අතර තිබුණු ගැටුම මතු වූ එක් අවස්ථාවක් මට මතකයි. සටන් විරාමය කඩාකප්පල් කරමින්, අවසානයේදී මහින්ද රාජපක්ෂ බලයට ගෙන ආ ජවිපෙ නායකත්වය දුන් යුදවාදී රැල්ල නැගී එමින් තිබුණු කාලයේ 2004 නිදහස් දිනය වෙනුවෙන් ජයතිලක බංඩාර කොටුව දුම්රියපොළ ඉදිරිපිට කළ ‍කැම්පේන් එකට සහාය දීම රෝහිත භාෂණ දැඩිව ප්‍රතික්ෂේප කළා. මට මතක හැටියට එහි තේමා පාඨය ලෙස අපි ප්‍රවර්ධනය කළේ 'දෙමළාගේ නිදහස ඇහිරීම සිංහලයාගේ නිදහස අහිමි කර ගැනීමයි' යන අදහස දෙන සටන් පාඨයක්.

සාම දේශපාලනය හා දෙමළ අරගලය කියන්නේ එකක් ද, දෙකක් ද කියන සංවාදය ඉදිරියට නො යන්න තවත් එක් හේතුවක් වුණේ රාජ්‍ය නො වන සංවිධාන ව්‍යාපෘතිවල තිබුණු පාරාන්ධ ස්වභාවය. ඒ කෙසේ වෙතත්, මෙතැන ගැඹුරු දේශපාලනයක් තිබෙනවා. ඒක අදාළ වන්නේ දෙමළ අරගලයට විතරක් නො වෙයි. ලෝකයේ කිසියම් ප්‍රජාවක් පවත්නා තත්වයන්ට එරෙහිව යුද වදිද්දී වාමාංශිකයන් ලෙස අප ගත යුතු ස්ථාවරය කුමක් ද? යුද්ධය කිසි සේත් ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයක් නොවෙයි. සාධාරණ අරගලයක නියැලී සිටින ප්‍රජාව ආත්මාරක්ෂාව වෙනුවෙන් හා අරගලය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් යම් යුදමය ක්‍රියාමාර්ගවල යෙදී ඉන්න පුළුවන්. එහෙත් මෙහිදී මතු වන ගැටලුව වන්නේ ඒ යුදමය ක්‍රියාමාර්ග අපි කෙතරම් දුරට පිළි ගන්නවා ද යන්නයි.

මෙහිදී මම නම් හිතන්නේ වැදගත් ම ප්‍රකාශය කළේ ගාන්ධි. ලෝකයේ ඔබට වෙන්නට අවශ්‍ය වෙනස ඔබ ම විය යුතු බව ගාන්ධි කීවා. කිසියම් අරගලයකදී නිරූපණය වන ලක්ෂණ කියන්නේ ඒ අරගලයේ නායකයන් විසින් අනාගතයේදී ඇති කරන්නට යන තත්වයන් ය කියා සිතීමේ අසාධාරණයක් නැහැ. දෙමළ අරගලයේදී මුස්ලිම් ජනයා විෂයෙහි කොටි සංවිධානය ක්‍රියා කළ ආකාරය මෙහිදී නිදසුනක් ලෙස ගන්න පුළුවන්. සටන් විරාමය අවසන් කරමින් යුද්ධය ආරම්භ කිරීමට මූතූර් තෝරා ගැනීම තුළින් කොටි සංවිධානය නැවතත් පෙන්නුම් කළේ ඔවුන් මුස්ලිම් ජනයා යාපනයෙන් පළවා හැරි යුගයේ සිට ඉදිරියට පැමිණ නැති බවයි. යුදමය වශයෙන් තමන් ගිලී සිටි මුළාව තුළ කොටි සංවිධානයත් හැසිරුණේ ජාතිවාදී, ස්වෝත්තමවාදී, ඒකාධිපති, ප්‍රචණ්ඩ ව්‍යාපාරයක් ලෙසයි. දකුණේ සිංහල දේශපාලන ව්‍යාපාර වෙතින් දිගු වූ සහෝදරත්වයේ දෑත් දෙස පවා කොටි සංවිධානය බැලුවේ මේ ඇසින්මයි. අරගලයේ ප්‍රකාශිත මූලධර්මය දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය වුණත්, අප‍ට මේ තත්වය භාර ගන්න පුළුවන් ද?

මම ඉදිරිපත් කරන ප්‍රවාදය තමයි, ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ අරගලවලට අප මැදිහත් විය යුත්තේ එම අරගල ඔස්සේ ජාතිකවාදය අතික්‍රමණය කර පුළුල් දේශපාලන ප්‍රජාවන් ‍වෙත සමාජය ගෙන යාම තහවුරු කරන්නට මිසක් ජාතික රාජ්‍ය ගොඩනගන්න නොවෙයි.

දෙමළ ඊලම ප්‍රතික්ෂේප කළ යුත්තේත්, ලංකාවේ ජාතීන් හා ජනතාවන් අතර ප්‍රජාතන්ත්‍රවාදී, පුළුල් බලය බෙදා ගැනීමක් ඔස්සේ ලාංකික දේශපාලන ප්‍රජා අනන්‍යතාවක් වෙනුවෙන් අප සටන් කළ යුත්තේත් ඒ නිසායි කියලායි මම නම් හිතන්නේ.

ජයතිලක බංඩාරගේ අරගලය තුළ මා දුටු වැදගත් ම දේශපාලනික ලක්ෂණය මෙයයි. මේ කවිය ඔහුට උපහාරයක් වේවායි හිතනවා.


බියෙන් අත්මිදෙමු මිතුරනි,
සැකෙන් අත්මිදෙමු
දුකින් අත්මිදෙන මග අපි
එක්ව සොයා ගමු

නෙතින් නෙත බලමු - ආදර
ඇසින් සිනා ‍සෙමු
අතින් අත නගමු - අපි අත්
වැලක් ගොඩනගමු


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

40 comments:

  1. Could you please publish / share ""Welioyata A nangila".

    ReplyDelete
    Replies
    1. එකඟයි.... කැමතියි ඒක කියවන්න..

      Delete
    2. Thanks Thisara. Truly heartbreaking.

      Delete
    3. තාපසයෙක් වගෙ මුහුණ ශාන්ත කරගෙන අත් ඉහලට ඔසවා දෙමළ අපරාධකාරියන් ගැන ඩොලර් වලට ගී කියන ජයතිලක බන්ඩාර.ඔයිට වඩා හොඳ නැද්ද පොළ දවසට ලේන්සුවක් එලා ගත්තනම්.ඒ මිනිස්සුන්ට අඩුගානෙ ලැජ්ජාවක් වත් තිබෙනවා.

      Delete
    4. ~වැලිඔයට ආ නංගිලා~

      නංගිලා මේ තරම්
      මේ කොහෙන් ආවා ද?
      පහන් සිලකට ඇදෙන
      කෘමි සතුන් සේ

      තෙන්න මරවාඩියෙන්
      පන්නලා දැමු අයද?
      උපන් බිම උරුමකම්
      දිනන්නට ආවාද?
      පැරණි මිතුරන්
      අසල්වැසියන්
      බලන්නට ආවාද?

      කෝ තාලි සිලම්බුද
      කන් නාස් නොවිද්දේ
      ආභරණ උකසට
      සින්න වී ගියා දෝ

      අනේ නුඹේ කෙස් වැටිය
      රන් කිරුළු හඹා යන
      නයුවන්ට
      පා පිස්ස කෙරුවාද?

      නුඹේ සියුමැලි අතට
      අනේ ගොරහැඩි නැද්ද
      රයිපලය?

      වෙලේ නුඹ කොටුකරන්
      නිල් අහස කළු කරන්
      වහින විට
      මුරුගසන් වෙඩි වැස්ස
      හිතේ බිය මතුවීද?
      නිල ඇඳුම් පලාගෙන
      ගැහැනුකම මතුවීද?
      අනේ නුඹ හැඬුවාද?

      ඒ කඳුළු බී ගන්න
      මිහිතලයවත් අනේ
      උරකලක් නොම වීද..??

      Delete
    5. මිනීමරු කොටින් ගැන කුලියට ලියන බලුකම
      එය කොහෙන් මතුවිනිද
      ජානවල
      බිඳුන පවුලක
      පරම්පරා හිඟනකමක
      මනසේ දෝෂයක
      ඒ කුමක් වුව
      ධවල වර්න මිනිස් කොට්ඨාසයක් සරසවි බිමට ආ කල
      එක බ්ලොග් ලිපියට එක කොමෙන්ට් එකට
      ඩොලර් පවුම් ක්‍රෝනර් දෙන්නේය
      කුණු සටහන් ගොන්න පාඩම් කරන කලා සිසුවියෝ
      උන්ට මහ මෙරක්
      සුද්දගෙ සමාජ විද්‍යාව
      අම්මෝ සුද්ද වැඩ කාරය
      පුක හෝදන්නැති සුද්දගෙ ප්‍රවාද
      මල්ටි මීඩියා තිරවල
      චෝයි අනේ
      සුද්දගෙ වචන වලින් කිව්වොත් කුඩු ගහන බඩු
      ගොඩ රුපියලටලු
      ගැබිනි මව්වරුන්ගේ දරු ගැබ් දෙකට පලා
      කලල එළිඅය්ට ගත්
      කිරි දරුවන් මවු ඇකයෙන් එළියට ඇද දෙපළු කළ
      දෙමල ජාතිවාදයට
      මිනීමරු කොටි කෙල්ලන්ට
      කවි කියන

      එන් ජී ඕ කික්කියන්ට
      එරෙහි ජනතා වෛරය
      මහ මෙරට වැඩිය
      සප්ත මහ සාගරය විලියට පත්ව
      මන්ද
      එම වෛරය
      සප්ත මහ සාගරය්ට වැඩි බැවිනි
      මිනීමරු කොටින් ගැන ගී කියන
      තොපට එරෙහි වෛරය
      මහා මේඝය වැනිය
      එය දිවා රෑ මෙන් සදාකාලිකය
      උතුරු නැගෙනහිර වැසියන් එදා විදි දුක
      බස් වලයන්න බැරිව සියල්ලෝම විදි දුක
      අඩුගානෙ රාක්කයේ බෑග් වත් තියන්න බැරුව
      ඒ තරම් තිරිසන් ම්ලේච්ඡයන්
      වෙනුවෙන් කවි කියන
      තොපි මොන තරම් තිරිසන්නුද
      යකෝ සල්ලිවලට ඔච්චරම පලල් නොකර
      පොළ දවසට පලයවු ලේන්සුවක් අරන්
      ඒක නම්බුයි බොලවු

      සමලිංගික විපක්ෂය වෙනුවෙන් පිටරට ඉදන් බ්ලොග් ලියන
      උඹලට පුදුමයි අපේ ජීව ගුනය
      කියපියවු
      මේ අර්ටේ ඉන්නෙ හරක්

      පොෂ් විදියට චන්දෙ දෙන්න දන්නෙ නෑ

      කොටියට සමරිසියට බල්ලට බැල්ලිට තැනක් නෑ කියල
      දැන් බටහිර කඩා වැටිල
      තොපිට සල්ලි දෙන වල් සුද්ද
      ඌරෙක් වගෙ කෑ ගහනව
      උගෙ මර ලතෝනිය අපේ කනට මී පැනි වගෙයි
      පෙරදිග බෞද්ධ ප්‍රබොධය,හින්දු ප්‍රබෝධය,මුස්ලිම් ප්‍රබොධය
      සුද්ධගෙ පරිභෝජනවාදය පරයා
      හෙට නවලොවක් ගොඩනගාවි.

      Delete
  2. Replies
    1. My dear Ajith
      i found your blog just few days ago. Read most of it. And read most of the comments too. i laughed. Hypocrites most of them are. No independent view point but vehemently criticise others writings. My name is Vishnu. i am no famous person but a simple village folk with urban needs. i am just back home after a silent retreat in a forest hermitage off Sydney Australia. It would be nice to meet you for a coffee sometime if you feel comfortable talking to a not so leftist minded urban dweller. 24 hour hot line 077 226 2267 >> Warm regards.

      Delete
  3. ජයතිලක බණ්ඩාරයන්ගේ මේ උත්සාහය අගය කරනවා. ජයතිලක බණ්ඩාරයන්ව අපි දන්නේ නොවිකිණුන කලාකරුවෙක් හැටියට පමණයි. ඔහුගේ දේශපාලනය ගැන වැඩි අවබෝධයක් නැහැ. දශක කීපයක් තිස්සේ, ඔහුගේ සමකාලීනයන් යම් යම් ආකාර වලින් ජනප්‍රියත්වයට පත්වෙලා තමන්ගේ ගමන්මග වෙනස් කරද්දි, ජයතිලක බණ්ඩාර තවමත් තමන් මුල්කාලයේ ජනතාවට දුන් ප්‍රතිරූපය තුල රැඳී ඉන්නවා. ඔහු ගායකයෙක් හැටියට, ගායනයෙන් තමන්ගේ පණිවිඩය ජනතාව අතරට ගෙනියන්න උත්සාහ දරන එකත් අගය කරනවා. තමන්ගේ දේශපාලන මතය වෙනුවෙන් පක්ෂ දේශපාලනයට එකතු වූ කලාකරුවන් කිසිවෙකුත් තමන්ගේ මුල් කාලීන ප්‍රතිරූප වලින් ඈත් වී ඇති තරම දකින අද කාලේ, ජයතිලක බණ්ඩාර කියන්නෙ සැබෑ ජනතාවාදියෙක්.

    ඔහුගේ මේ උත්සාහය ඇසුරෙන් මේ ලියා ඇති ලිපියත් වෙනස් මගක් ගත් හොඳ ලිපියක්. සාම දේශපාලනය ගැන කතාබහ බොහොම අඩුයි.

    ReplyDelete
    Replies
    1. විකුනුනේ ණෑ කියල බෙරිහන් දෙන ඊනියා කලාකරුවො තමයි ඩොලර් පවුම් ක්‍රෝනර් වලට විකිනිලා කොටි මිනීමරුවො ගැන සින්දු කියන්නෙ.පහලින් දාල තියෙන්නේ බස් පුපුරවපු කොටි දෙන්නු ගැන,කිරි දරුවො දෙකට ඉරපු කොටි දෙන්නු ගැන ඔය මිනිහ කිව්ව කියන සින්දු.රටේ සමස්ත ජනතාව මිලට ගන්න කාටවත් බෑ.ආණ්ඩුව මොන වරද කළත ජනතාව ආන්ඩුව එක්ක ඉන්නෙ ඔය මානව හිමිකම් උපාසක කම් කරන අහිංසක විදියට ඉන්න ඔය ඊනියා කලාකරුවො පෙනී සිටින්නෙ කොටි ම්ලේච්ඡයන් වෙනුවෙන් නිසා.තාරකී කිඅය්න කොටියත් මෙතනදි සමරල.තාරකී කියන්නෙ කොටි යම් සිදුවෙමක්ල් කොළඹැ කරන්න කලින් තර්ජනාත්මක අනතුරු ඇඟවීමක් කරපු එකා.රත්නදොරෙයි කියන ප්‍රභාකරන්ගෙ කවියාවත් සම්‍රලා.සියලු මිනීමැරුම් ගීතයට නැගුවෙ ඌ තමයි.
      රටේ සාමාන්ය ජනතාවගෙ විරයට උරුමකම් කියන්නෙ මේ රටේ සමලිංගික විපක්ෂය විතරක් නොවෙයි.කොටි මිනීමරුවන්ගෙ ලේ ගඳට ඉව කරන එකිනෙකාගේ පිට කසා ගන්න බ්ලොග් කාරයොත් උරුමකම් කියනවා.

      උඹල කොච්චර කවි හැඳුවත් සින්දු කිව්වත් උබලට මේ රට විනාශ කරන්න බෑ.අපේ ආධ්‍යාත්මය උබලට ලැබෙන ඩොලර් කන්දරාවට වඩා බලවත්.
      රුසියානු ජනතාවගෙ ශක්තිය දකල හිට්ලර් ඒක පිළිගත්තා.

      කොටි මිනීමරු ගෑනු ගැන ජයතිලක බන්ඩාරල කියන කවියක් පාසා මේ රටේ ජනතාවගෙ වෛරයේ කෝපාග්නිය සමලිංගික විපක්ෂය ඉක්මවා සයිබර් අවකාශයටත් පැතිරෙනවා.

      Delete
  4. ""ලංකාවේ නමක් තබාගෙන සිටි කීර්තිමත් පුවත්පත් කලාවේදියකු වූ සුන්දර නිහතමානි ද මැල් පසුගිය දිනවල සිළුමිණේ කර්තෘකම භාර ගත්තා. කර්තෘවරයාට ප්‍රවෘත්ති ගැන තීරණයක් ගත නො හැකි පුවත්පතක කර්තෘ වෙන්න ඔහු තීරණය කරන්නේ බිය නිසා ම ද?""

    සුන්දර වැඩ කළේ තිලංග සුමතිපාලගේ පත්තරේ නේද..? ඒකේ වැඩ කරන එකෙයි සිළුමිණේ වැඩ කරන එකෙයි වෙනස මොකක්ද..?

    ReplyDelete
    Replies
    1. @මාලන්
      /සුන්දර වැඩ කළේ තිලංග සුමතිපාලගේ පත්තරේ නේද..? ඒකේ වැඩ කරන එකෙයි සිළුමිණේ වැඩ කරන එකෙයි වෙනස මොකක්ද..?//

      හැබෑමයි...

      Delete
    2. එතකොට සුනිල් මාධවලට දෙයියංගෙම පිහිටයි !!

      Delete
    3. කාටද එහෙම තීරණ ගන්න පුළුවන් ආයතන තිබෙන්නෙ වැඩ කරන්න.එක්කො දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් කඩේයන්න ඕන නැත්නම් ආණ්ඩුව වෙනුවෙන්.

      Delete
  5. [[මම ඉදිරිපත් කරන ප්‍රවාදය තමයි, ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ අරගලවලට අප මැදිහත් විය යුත්තේ එම අරගල ඔස්සේ ජාතිකවාදය අතික්‍රමණය කර පුළුල් දේශපාලන ප්‍රජාවන් ‍වෙත සමාජය ගෙන යාම තහවුරු කරන්නට මිසක් ජාතික රාජ්‍ය ගොඩනගන්න නොවෙයි. ]]

    මෙන්න මේක තමා කතාවේ තීරණාත්මකම කොටස. ප්‍රාථමික ලෙස වර්ගවාදී සුරංගනා කතා මත බෙදී නොයන තැනක ස්ව්‍යන්තීරන අයිතිය ගැටලුවක් නොවේ . ඒත් එහෙම තැන්වල බොහෝවිට කවුරුත් ඒක ඉල්ලන්නෙවත් නැහැ.

    ReplyDelete
    Replies
    1. දෙමළ පැසිසිට්වාදය ට විරුද්ධ නොවී එය තුල වීරත්වයක් දකිමින් බහුතරයට ආඩපාලි කීම මාක්ස්වාදයේ හිඟන කම පෙන්වන්නක්.මාක්ස්වාදීන් බටහිර අධිරාජ්‍යවාදීන්ගේ අසූචි වලට ඉව අල්ලන හැටි දැක්කම පේනව මාක්ස්වාදයෙ තරම

      Delete
  6. ලංකාවේ නමක් තබාගෙන සිටි කීර්තිමත් පුවත්පත් කලාවේදියකු වූ සුන්දර නිහතමානි ද මැල්????????????????????

    ReplyDelete
  7. ජයේ අයියා කිසි දවසක මුදලට හෝ තනතුරු නම්බු නාම වලට තම ප්‍රතිපත්ති පාවා නොදුන් සැබැම කලාකරුවන් අතලොස්සක් දෙනා අතර නිර්ව්‍යාජ සොඳුරු මිනිසෙක්.

    මෙන්න සාධු ජනරාව වැඩසටහනට ගැයුනු ඒ ගීතයේ පදමාලාව

    නංගිලා මේ තරම් කොහෙන් ආවාද?
    පහන් සිලකට ඇදෙන කෘමී සතුන්සේ

    තෙන්නමරන් වාඩියෙන් පන්නා දැමූ අයද
    උපන්බිම උරුමකම් දිනන්නට ආවාද?
    පැරණි මිතුරන් අසල් වැසියන්
    බලන්නට ආවාද?

    කෝ කාලි සිලම්බුද කන් නාස් නොවිද්දේ
    ආභරණ උගසට සින්නවී ගියාදෝ

    අනේ නුඹෙ කෙස්වැටිය
    රන් කිරුළ හඹා යන නයුවන්ට
    පාපිස්ස කෙරුවාද

    නුඹේ සියුමැලි අතට
    අනේ ගොරහැඩි නැද්ද
    රයිපලය

    වෙලේ ණුම කොටුකරන්
    නිල් අහස කලුකරන්
    වසින විට මුරුගසන්
    වෙඩි වැස්ස

    හිතේ බිය මතුවීද නිල ඇඳුම් පලාගෙන
    ගැහැනුකම මතුවිද අනේ නුඔ හැඬුවාද?

    ඒ කඳුලු බීගන්න
    අපේ මිහිකතවත්
    උරගලක් නොමවීද?




    ReplyDelete
    Replies
    1. නිර්ව්‍යාජ සොඳුරු මිනිහෙක් !!
      1000000% ක් එකඟයි දයා අයියේ.
      මගේ තාත්‍තා ඇරුනම මම එතන තියල සලකන එකම මනුස්සය තමයි එතුමා.
      නමුත් කනගාටුවක් තියනව එතුමා ගැන.
      හේතුව එතුමා ඇමට ගත්ත පිරිසක් ඔහුගේ හැකියාවන් සූරාකෑවා .මා කියන දේ ඔබට පැහැදිලි ඇතැයි සිතනවා. අන්න ඒ ගැන ඇත්තටම දුකයි .!

      Delete
    2. ස්තූතියි දයා අයියේ....

      පැරා.... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උසස් නිර්මාණයක්... ඔබ සියැසින් දුටු විට ඔබට ඇතිවූ කම්පනය මේ තුලින් දනවන්න ඔබ සමත් වෙලා තියනවා.

      Delete
    3. පත්තර මල්ලි, ඔබ දරන අදහස කියන්න... ඇයි ඔබ එහෙම කියන්නේ?

      Delete
    4. හොඳයි මේ පද වැල දාපු එක ජයතිලක බන්ඩාර කියන එකා කොටි කෙල්ලො ගැන ලියපු කවි හරි ලස්සනයිනෙ.මේ දෙමළ නොවන ජනයා වර්ග සමූලඝාතනයට ලක් කිරීමට සිංහල මුස්ලිම් ගම් කැති ගාන්න ගිය කොටි කෙල්ලො ගැනද ලිව්වෙ.අපූරුයි.ජයතිලක බන්ඩාර විතරක් නොවෙයි බ්ලොග් අවකාශෙ නිර්ලජ්ජිත එන් ජී ඕ නඩය ගැනම.

      නුඹලාගේ මුඛයම නුබලාට එරෙහිව සාක්ෂි දරති.

      Delete
    5. පත්තර මල්ලි ඇයි උඹේ පියාට වඩා ප්‍රභාකරන් හොඳ නැද්ද?

      Delete
    6. තිසර මම එහෙම කියන්නෙ හේතුවක් ඇතුව..මං මෙතුමාගෙ අතේ හුරතල් උන දරුවෙක් කුඩා ඉපදුන දා ඉඳන් මචං,
      මොහො අහිංසක කලාකරුවෙක්.. මිනිසුන්ට ආවංකවම ආදරය කරන්නෙක්.. හැකියාවක් නැති මීගමුව ප්‍රදේශ‍යේ යම් පිරිසක් මෙතුමා ඇමක් ලෙස භාවිත ක‍රා කලා කටයුතු කරන මුවාවෙන් මුදල් ගැරීමට. අන්න ඒකයි මා පැවසුවේ

      Delete
    7. යකා..
      මචං උඹ කියන දේ මට තේරෙනව..
      පත්තර වල යන දේවල් වලින් මිනිස්සු මනින්නෙපා..
      මං කියනවට හැන්දෑවක සෙට් වෙලා බලපන් මෙතුමා සමඟ.. පුදුම අහිංසක නිර්මානශීලී මනුස්ස‍යෙක්..

      Delete
    8. පදමාලාව මා සිත් ගත් බව සටහන් කරමි!

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. JANATHA WATA JAYA ATHWENAWA, DUSHTAYO THOLONJI WENAWA

    ReplyDelete
  10. නුඹේ සියුමැලි අතට
    අනේ ගොරහැඩි නැද්ද
    රයිපලය//

    තාපසයෙක් වගෙ මුහුණ ශාන්ත කරගෙන අත් ඉහලට ඔසවා දෙමළ අපරාධකාරියන් ගැන ඩොලර් වලට ගී කියන ජයතිලක බන්ඩාර.ඔයිට වඩා හොඳ නැද්ද පොළ දවසට ලේන්සුවක් එලා ගත්තනම්.ඒ මිනිස්සුන්ට අඩුගානෙ ලැජ්ජාවක් වත් තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. කොහොමද බන් ඔය ඩොලර් ගන්නෙ අපිටත් කියල දීපන්කො .

      Delete
  11. දයානන්ද රත්නායක ට ස්තුතියි මෙයාගෙ ගීත වල පදවැල පබ්ලිශ් කලාට.මම නම් කවියෙක් නොවෙයි මමත් ලියන්නම්කො පද වැලක්.ඒක ජයතිලක බන්ඩාරල විතරක් නොවෙයි එන් ජී ඕ බ්ලොග් ලියන අයට කොමෙන්ට් දාල පිට කසා ගන්න ගෲප් එකටත් අදාලයි.

    හිරු නැගෙන උදයේද
    හිරු දැවෙන මැදියමද
    හිරු නිදන මහ රෑ ද ඩොලර් ගැන සිටහ්න්නෙමි.

    කොටින් පෙතිගසූ අසරණයන්ගෙ විලාපය
    පිපිරුන බසයෙන් බසින තරුණියටද වෙඩිතබන කොටියාගෙ රයිපලය

    බෝම්බ ලොරි පිටින් පුපුරන දහවලේ

    මම ගයන්නෙමි
    දෙමළ කදුළු සීතලද කියා

    රෑට ගස්ලබු කා බඩිග්න්නේ කිරි දරුවන් තුරුළු කර
    කොටින්ගෙන් බේරෙන්නෙ කැලෑ වැදි මවුවරුන්

    නිර්ධන පන්තියට අයත් නැත
    මිනීමරු කොටි ප්‍රගතිශීලීය.
    සුළු ජාතික ජාතිවාදය ප්‍රගතිශීලීයැයි ලෙනින්ගේ අහවල් පොතේ ඇත.

    විස්වාස කරපල්ල මිතුරනේ ඩොලර් හරි සුවදයි

    අනේ මම කියන ගී අනේ අපි ලියනදේ

    ලේ තැවරුන දෑත් වලින් දෙන ඩොලර්,ක්‍රොනර් වලින්

    සුද්දගේ සම්මානවලින්

    එහෙත්
    මරා දැමූ අහිංසකයන්ගෙ විලාපය අප හඹා එන දිනේ

    පොලව කම්පා වෙලා

    අහස ගුගුරුවා

    අප කරා එන දිනේ

    අනේ අපට බේරෙන්න
    සමලිංගික විපක්ෂයේ වහලවත් සෑහෙයිද?
    නැත්නම් කතෝලික ක්‍රිස්තියානි පල්ලියකවත්

    විස්වාස කරපල්ල මිතුරනේ ඩොලර් හරි සුවදයි

    මධ්‍යතන යුගය පුරාම පල්ලිය කළ අපරාධ?

    ආ ඒව සමාජ ප්‍රගමනයට අවශ්‍යයි
    එහෙමද ඥානසාරගෙ කටේ සැර
    ඇත්තට බෞද්ධයන්ට යුද්ධ අකැපයි නේද?

    සිංහලයට බෞද්ධයාට බැන්නොත් රැකියා ,උසස්වීම්,සල්ලි අවස්ථා
    මරු නේද

    තවත් මම ඔසවමි අත්.

    පොඩි උන් පෙති ගහන්නට ගම් වදින කොටි ගැන ගී කියන්නෙමි

    මගේ පොලොන් පැටවුන්ට කන්න දෙන්න.
    මගෙ පොලොන් පැටවු මාපිල් ඵැටවුන්ටත් මට වාගෙම විස දල ඇති නිසා

    උනුත් ලොකු වුන විගස ඩොලර් තිබෙන දෙසට ඇදේවි

    ගනන් හලවු නැති
    සප්ත මහ සාගරය වැනි

    අපි එන් ජී ඕ අයට එරෙහිව එන මහා ශාපය

    ඇත්තටම මේ මහා ලෝක ධාතුව සැදී ඇත්තේ ඒ ශාපයෙන්මද?

    අනේ පල්ලිය
    අනේ සමලිංගික විපක්ෂය
    තානාපති කාර්යාල
    අනේ අපිට පිහිට වෙන්නෙ
    අප වදන අයුක්තියෙ දරුවාගෙ විලාපෙන්

    ReplyDelete
    Replies
    1. @යකා, ++++++++++++++++++++++++++++

      මචන් මේ කියන දේ උන්ට තේරෙන්නෙ නෑ, තේරුණත් තේරෙන්නෙ නෑ වගෙ ඉන්නව. මුන් ඔච්චරටම මානව හිතවාදී නම්, ඇයි මෙහෙම ඒව ලියන්නෙ කියන්නෙ නැත්තෙ. ඇයි මු කවදාවත් මෙහෙම අසරන වෙලා දුක් වින්ද මිනිසුන් ගැන කියන්නෙ නැත්තෙ. දෙමල මිනිස්සුන්ගෙ දුක විතරද දුක?
      මුන්ට කියල වැඩක් නෑ මචන්.


      /*
      රෑට ගස්ලබු කා බඩිග්න්නේ කිරි දරුවන් තුරුළු කර
      කොටින්ගෙන් බේරෙන්නෙ කැලෑ වැදි මවුවරුන්
      */
      ++++++++++++++++

      -ප.ගෝ.

      Delete
    2. මුන්ගෙ ඇති මානව හිතවාදී කමක් නෑ.මුන් මහ බඩගැත්තරයො පිරිසක්.මානව හිතවාදී නම් ඩොලර් නොලැබෙන සිදුවීම් ගැනත් සංවේදී වෙන්න එපායැ.රටේ බහුතරයක් විශේෂයෙන් උගත් මධ්‍යම පාන්තිකයො මේ ඩොලර් කාක්කො ගැන දැනුවත්

      Delete
  12. අපේ කවිය

    බටහිර සතුරනේ.
    සල්ලි වලට කල්ලි ගැහෙන බ්ලොග් කරුවනේ
    හරිත වර්ණ සමලිංගිකයනේ
    පල්ලියේ ඒජන්තයනේ
    මිනීමරු කොටියනේ
    තොපට වැනසිය නොහැක අපේ ආධ්‍යාත්මය
    තොපි සල්ලි වියදම් කර
    තොපේ සමාජ විද්යා ක්‍රමවේද වලට අනුව තොපි කළ පර්යේශන

    එන් ජී ඕ කාරයන්ට තොපි දීපු සල්ලි කන්දරාව
    තොපිටත් පුදුම අති
    අනේ සතුරනේ
    තොපිට වැනසිය නොහැක අපේ ආධ්‍යාත්මය
    ගල් කුලක් බදු අපේ දවැන්තකම ඉදිරියේ
    තොපිට කළ හැක්කේ
    කුලීකාරයෙක් දම්මගෙන
    සින්දුවක් කියා ආතල් ගනීම පමණි
    තොපට වැනසිය නොහක අපේ ජීව ගුනය
    අවරදිග තොපේ රටවල් හැදි ගෑවෙන හැටි බලා

    සුද්දගේ මර ලතෝනිය තරම් මිහිරි ගීතයක් අපට තවත් නැත.
    යුරෝපයෙ ආර්තික අර්බුදය
    සුද්දගෙ මළගම ගැන කියන ලස්සනම කවියක්නෙ
    තොපිට පුදුමයක් බොලවු අපේ ජීව ගුණය.
    යාඥා කරපල්ල බන්
    පසුතැවිලි වෙයල්ල එවිට නුඹලා කමා කරනු ලබන්නේමය

    ReplyDelete
  13. /*
    ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ අරගලවලට අප මැදිහත් විය යුත්තේ එම අරගල ඔස්සේ ජාතිකවාදය අතික්‍රමණය කර පුළුල් දේශපාලන ප්‍රජාවන් ‍වෙත සමාජය ගෙන යාම තහවුරු කරන්නට මිසක් ජාතික රාජ්‍ය ගොඩනගන්න නොවෙයි.

    දෙමළ ඊලම ප්‍රතික්ෂේප කළ යුත්තේත්, ලංකාවේ ජාතීන් හා ජනතාවන් අතර ප්‍රජාතන්ත්‍රවාදී, පුළුල් බලය බෙදා ගැනීමක් ඔස්සේ ලාංකික දේශපාලන ප්‍රජා අනන්‍යතාවක් වෙනුවෙන් අප සටන් කළ යුත්තේත් ඒ නිසායි කියලායි මම නම් හිතන්නේ.*/

    පැරා, මේක සුන්දර හීනයක්, පළමුව ඔබල මෙය ගෙන යායුතුව තිබුණෙ මිනීමරු කොටින්ට නේද? අපි දන්නවා ඒක ඔයාලට කරන්න බෑ, මොකද එහෙ ගිහින් සහෝදරත්වය ගැන කිව්වනම් පෙට්ටියෙන් එන්න තිබ්බ. අවශේශ සිංහල ජනතාව වෙත මේ මත වාදය ගෙනියන එක හරි, නමුත් ඒක සපත්තුවට කලින් මේස් එක ගලවනවා වගෙ වැඩක්. ඔබලගෙ වැරද්ද තමයි හැම වෙලාවෙම සිංහලය මේක විසඳන්න ඕනෙ කියන එක.

    -ප.ගෝ.

    ReplyDelete
  14. -@ -ප.ගෝ and යකා,

    You (and folks who think like you )are in an obscure as you live in an experience which itself is not a science. Your knowledge is acting as a barrier of overcoming your experience. If you feel you want to come out of the darkness only way is to surpass your experience by adding knowledge to you.

    I hope that this is a fraternal comment.

    Clement Peris

    ReplyDelete
  15. පරා, උඔට ඇට්ටි හැලෙන්න විසල් දීලා තිබුණ ඊ නිව්ස් එකේ. පුළුවන්නම් උත්තර දීපන්

    ReplyDelete
    Replies
    1. මම ඊනිව්ස් නො බලමි. ලින්ක් එක දෙන්න. උත්තර දීමට කෙසේ වෙතත් දැන ගැනීමට කියවන්න කැමතියි.

      Delete
    2. බොරු එපා පරා, ඊනිව්ස් බලන්නෙ නැත්නම් උඔ කොහොමද මීට කලින් ෆොන්ටේරා කේස් එකට උන් එක්ක හැප්පුනෙ.

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.