2013-01-30

දොස්තරකම රස්සාවක් පමණක් නොව සමාජ ගැටලුවකි

වෛද්‍යවරයකුගේ නොසැලකිල්ල නිසා නීති ශිෂ්‍යාවකට අත අහිමිවීම පිළිබඳ ඇති වී තිබෙන පොදු සංවාදය ‍හේතුවෙන් මෙම සටහන තබමි.

අදාළ වරද සිදුකළ වෛද්‍යවරයා පරීක්ෂණ මණ්ඩලය හමුවේ කළ ප්‍රකාශයක් දිවයින පුවත්පතේ පළවී තිබිණි. ඒ මෙසේය: "නීති ශිෂ්‍යා අචලා ප්‍රියදර්ශනී මෙනෙවියගේ කැඩුණු අතට ප්ලාස්‌ටර් ඔෆ් පැරිස්‌ බදාමය දැමුවේ ඇගේ අතට අහිතක්‌ කිරීමේ අරමුණ ඇතිව නොවෙයි. එයින් අහිතකර බලපෑමක්‌ සිදුවුණා නම් ඒක ඒ ළමයාගේ වෙලාව වෙන්න ඇති. මෙහෙම අවාසනාවන්ත සිද්ධියකට මුහුණ දෙන්න මට සිදුවූයේ මගේ වෛද්‍ය ජීවිතයේ ප්‍රථම අවස්‌ථාවටයි. ඒක මගේ වෙලාව වෙන්න ඇති..."

පිළිතුර ඉතා සරළය. එම සරළ පිළිතුර විසින් වෛද්‍යවරයා හා රෝගියා අතර සම්බන්ධයේ යථාර්ථයද සරළ ලෙස නිරූපණය කරයි. රෝගීන්ගේ ප්‍රතිචාර හා පැමිණිලි පිළිබඳ වෛද්‍යවරුන් සැලකිලිමත් වීම අත්‍යවශ්‍යය. සෞඛ්‍ය සේවය රෝගියා කේන්ර්‍ද්‍රීය වන එකක් මිස වෛද්‍යවරයා කේන්ද්‍රීය වන එකක් නොවිය යුතුය.

මෙම ලියන්නා විසින් මීට පෙරද වෛද්‍ය වෘත්තිය හා අදාළ දේශපාලනික විවේචනයක් මතු කරගන්නා ලදී. එවැනි අවස්ථාවලදී වෛද්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටි පිරිස් ප්‍රතිචාර දැක්වූයේ ත්‍රස්තවාදී ස්වරූපයකිනි. වෛද්‍ය, නීතිඥ වැනි ලංකාවේ අධික ලෙස පීඩිතයන් සූරාකන වෘත්තීන්හි අසාමාන්‍ය වෘත්තීය ඒක්සත්කමක් තිබේ. ඒ සම්මුතිය කුමටද? අප නම් කියන්නේ දැවැන්ත දූෂණයක් ආවරණය කරගන්නටය.

අප කලින්ද කියා ඇති පරිදි ලංකාවේ වෛද්‍යවරු යනු මහජන මුදලින් අධ්‍යාපනය ලබා, දේශපාලකයන් හා සමාන නින්දිත අන්දමින් මහජන මුදල් ගසාකන ඊනියා වෘත්තිකයෝ පිරිසකි. අපට වෛද්‍යවරුන් හෝ වෙනත් කිසිදු වෘත්තිකයන් පිරිසක් සමග පෞද්ගලික අමනාපයක් නැත. අප මතු කරන්නේ දේශපාලනික කාරණයකි.

දේශපාලනය යනු අයථා හා මහජනයා විසින් හෙළාදකිනු ලබන නිල මාර්ගවලින් මහජන මුදල් ගසාකා ඉක්මණින් ධනවත් වීමේ මාර්ගයක් වේ නම් දොස්තරකම වනාහි මේ රටේ මහජන මුදල් වැඩිදෙනෙකු විසින් නිවැරදි යයි පිළිගනු ලබන මාර්ග ඔස්සේ ගසාකා ඉක්මණින් ධනවත් වීමේ මගකි. මේ 'සුදු සල්ලි' පිළිගැනීම නීතිඥයන්ටවත් නැත.

මේ ගසාකෑම කරන්නේ අඩුවෙන් හා නොසැලකිල්ලෙන් මහජන සේවයෙහි යෙදෙමින් මහජන මුදලින් උපරිමයෙන් වැටුප් හා වරප්‍රසාද භුක්තිවිඳිමින් නිදහසේ පෞද්ගලික ව්‍යාපාරවල යෙදෙමිනි. කරුණාකර තියටර්වල ඩොක්ටර්ලා ගැන භාවාතිශය කතන්දර කීමෙන් වළකින්න. වෛද්‍යවරුන්ගේ අතිකාල කෙරුවාව වනාහි සාමාන්‍ය ලෙඩුන් හොඳින් දන්නා දෙයකි. හැකිනම් සාමාන්‍ය රජයේ රෝහලක වෛද්‍යවරුන්ගේ සත්‍ය වැටුප්, අතිකාල හා වෙනත් දීමනා විස්තර නිල ලේඛන සමග පෙන්වන්න. කැමතිනම් වෙනත් සෞඛ්‍ය ‍සේවකයන්ගේ එබඳු විස්තර සමග ඒවා සන්සන්දනය කරන්න. ඉතා පහසුවෙන් සොයාගත හැකි මෙවැනි සාමාන්‍ය දේ පවා මෙතරම් රහස්‍ය ලේඛන බවට පත්වී තිබෙන්නේ ඇයිද යන්නද විමසා බැලීම වටී. ඒවා හෙළිදරව් නොවන්නේ වෛද්‍යවරුන් පමණක් නොව සෙසු රජයේ සේවකයන් පවා ඒවා රහස් ලෙස රැකගන්නා බැවිනි.

වෛද්‍යවරුන් දිනෙන් දින වර්ධනය වන සුවිශේෂ වෘත්තිකමය තත්වයක් අත්පත් කරගන්නේ තනිකරම රෝගීන් ඇපයට තබා වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමෙන් නොවේ. මෙතැන තිබෙන්නේ වෙනත් කිසිදු වෘත්තියක දක්නට නොලැබෙන සුවිශේෂ තත්වයකි. දොස්තරකම ලංකාවේ මිනිසුන්ගේ ජීවන පරමාදර්ශයක් වී තිබේ. එය ඉක්මන් පංති මාරුවක් සඳහා ලංකාවේ නීතියට බිය මිනිසුන් හමුවේ තිබෙන පොදු මාර්ග සිතියමයි. ලංකාවේ ඉන්න මිනිස්සු දොස්තරලා වෙන්නට බැරි වූ මිනිස්සු හා දොස්තරලා වෙන්නට ඉන්න මිනිස්සු ලෙස වර්ගකිරීමේ වරදක් නැත. දොස්තරලා වෙන්නට බැරි වූ මිනිස්සු සිය දරුවන්‍ හෝ දරුවන්ගේ දරුවන් දොස්තරලා කරන්නට සිහින දකිති. ඒ නිසා කිසිවෙක් වෛද්‍ය වෘත්තිය දෙස විවේචනාත්මක වීමට අකැමැති වෙති. මන්ද, සිය අනාගත පරම්පරා වෙනුවෙන් මේ දූෂණය පවත්වාගත යුතු බැවිනි. සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති නායකයෝ පවා මේ විෂමතාව පිළිබඳ කතා නොකරති. මන්ද, ඔවුන්ගේද අරමුණ දරුවන් දොස්තරලා කිරීම වන බැවිනි.

මේ දොස්තරමේනියාව ලංකාවේ වාමාංශික ව්‍යාපාරයටද පැතිරී තිබේ. වාමාංශික පක්ෂයකට දොස්තරකෙනෙක් සම්බන්ධ වේනම් ඔහුට ඩබල්, ට්‍රිබල් ප්‍රමෝෂන්වලින් දේශපාලන මණ්ඩලයට ඉනිමගක් සොයාගත හැකිය. පක්ෂයේ පූර්ණකාලිකයකු වන වෛද්‍ය ශිෂ්‍යයකු හෝ වෛද්‍යවරයකු පක්ෂ අභ්‍යන්තරයේ මුනිවරයකු සේ වන්දනාවට පාත්‍ර වේ. පක්ෂයට කිට්ටුවෙන් ඉන්න දොස්තරලා රැකගැනීම වෙනුවෙන් පක්ෂය මේ සමාජ ගැටලුව විග්‍රහ නොකර සිටියි.

කායික මෙන්ම මානසික වශයෙන්ද ෝගී සමාජයක් වන ලංකාවේ වෛද්‍ය වෘත්තිය යනු රැකියාවකට හෝ සේවාවකට වඩා සමාජ ගැටලුවකි. තව ටිකකින් මෙහි පළවන කමෙන්ටු බැලීමෙන් වුව ඔබට එහි ගැඹු වටහා ගැනීමට හැකි වනු ඇත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-01-28

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම 'චිත්‍රපටය' බැලීමි

අලුත උපන් රාහුල කුමරු සමග යසෝධරා සයනයෙහි වැතිර සිටියි. අභිනිෂ්ක්‍රමණය සඳහා තීරණය කර සිටින සිද්ධාර්ථ පැමිණ රාහුල කුමරු හා යසෝධරා ස්පර්ශ කරන්නට ගොස් යළි අත ඉවතට ගෙන කුටියෙන් නික්ම යයි. නිදි සේ සිටින යසෝධරාගේ දෑසින් කඳුළු බිඳුවක් රූරා යයි. මම ඒ ජවනිකාවට කැමැත්තෙමි. 

එහෙත් අවාසනාවට මෙන් ඒ වනාහි බොළඳ ජාතිකවාදී හා ආගමික සිංහල සිනමා රැල්ලේ  උච්චස්ථානයක් වන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය බැලීමට වැය කළ පැය කීපයක කාලය වෙනුවෙන් ලැබුණු එකම වින්දනීය අවස්ථාවයි.

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ගැන හොඳම විවරණය කළේ චිත්‍රපටය මැදදී 'කම්මැලියි ගෙදර යමු'යි කී මගේ කුඩා දියණියයි. ඒ වනවිට මා කීපවරක් නිදි කිරා වැටී තිබිණි. 

අබාගෙන් ඇරඹුණ මේ ජාතිකවාදී සිනමා රැල්ල තුළ අලෙවි කළ හැකි සෑම ‍ඓතිහාසික සිද්ධියක්ම පාහේ අලෙවි කරන ලද අතර සිද්ධාර්ථ ගෞතමයන් පිළිබඳ කළ මේ චිත්‍රපටය උපරිම ලාභ බලාපොරොත්තුවෙන් අඩු වියදමින් කරන ලද කම්මැලිම කම්මැලි බයිස්කෝප් එකකි. එය කලාවක් වශයෙන් සමාන වන්ොරණකටය.


පහළ පංතියක බුද්ධ ධර්මය පෙළ පොතක් කියවීම මේ චිත්‍රපටය බලනවාට වඩා හොඳය. මන්ද එහි අඩු තරමේ පිළිගත් බුද්ධ චරිත ප්‍රබන්ධ කතාව විකෘති කර නැත. සාමාන්‍ය පෙළපොත් බුද්ධ චරිත කතාව පටලවන මෙම චිත්‍රපටය බලන ළමයින් විභාගවලදී ප්‍රශ්නවලට වැරදි උත්තර ලියන්නට ඇති ඉඩ වළකින්නේ එය පෙළපොතක් තරම්වත් හිතට වදින එකක් නොවන නිසාය.

සිද්ධාර්ථ ගෞතම චරිතය චිත්‍රපටයකට නඟන අධ්‍යක්ෂවරයකුට මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා පිළිබඳ යම් අදහසක් තිබිය යුතුය. බව තරණය ලියූ මාටින් වික්‍රමසිංහයන් සිද්ධාර්ථ චරිතය අතිශයෝක්ති ප්‍රබන්ධයෙන් යථාර්ථවාදී ජීවිතය වෙත ඇදගෙන පොදු මිනිස් ගති ස්වභාව තුළ සිද්ධාර්ථ සුවිශේෂ වන හැටි විවරණය කිරීමට උත්සාහ කරයි. එහෙත් එයද මහා කම්මැලි නවකතාවකි. 

සිද්ධාර්ථ යනු තියුණු බුද්ධියක් සහිත දීප්තිමත් පුද්ගලයෙකි. බුදුන් වැනි සක්‍රිය සමාජ විපර්යාසකාරකයකු පිරිපුන් යොවුන් වියේදී සෝමාරියකු විය නොහැකිය. ඔහු ඔතෑනි පුද්ගලයකු ලෙස නිරූපණය කිරීම බුද්ධ චරිතයට කළ හැකි දරුණුම අවමානයයි. චිත්‍රපටය පුරාවට සිටින සියලු චරිත රූකඩ ගොඩකි. විචිත්‍ර නාට්‍යමය දර්ශන තිබිය යුතු කපිලවස්තු පුරය 'නීරසය' උතුරන තැනකි. .

‍මේ චිත්‍රපටය ගැන කතා කිරීමත් තේරුමක් නැති දෙයකි. එහෙත් මා චිත්‍රපටය බැලුවේ 'හවුස්ෆුල්' ශාලාවකය. 

චිත්‍රපටය අතරමගදී විනාඩි කීපයක් ශබ්දය නතර වී තිබුණුමුත් කිසිවෙක් හූ කීවේ නැත. අතරමගදී ට්‍රිබල් බේස් කැස්සක් කැස්ස ‍මහළු ප්‍රේක්ෂකයකුට උපාසකම්මලා හිනාවුණේ මොකුත් හිනාවෙන්නට දෙයක් චිත්‍රපටයේ නොතිබුණු නිසා විය යුතුය. හාස්‍යය පමණක් නොව අන්කිසි රසයක් එහි තිබුණේ නැත. චිත්‍රපටය අවසන් වූ හැටියේ එය බලමින් සිටි අය නැගිට දිවූ ආකාරය හාස්‍යජනකය. ශාලාවෙන් එළියට පනින වෙහෙසට පත් පිරිස දුටු මට කොහේ හරි පොතක කියවූ 'පැසවූ හොරියකින් පනින සැරව සේ' යන උපමාව සිහි විය.

මේ චිත්‍රපටද හරියට බණ වැනිය. බණ  අසන්නේ එය තේරුම්ගන්නට නොව ඇසීමෙන් පින් සිදුවන නිසාය. ජාතිකවාදී දේශපාලනය විසින් දැන් මේ ජාතිකවාදී චිත්‍රපට බැලීම රට, ජාතිය  වෙනුවෙන් කරන සේවයක් යයි සිතෙන තත්වයක් නිර්මානය කර දී තිබේ. 'කම්මැලියි ගෙදර යමු'යි කියා කුඩා දරුවකු හැර වෙන කෙනෙකුට කියන්නට බැරි එසේ කීවොත් තමන් දේශද්‍රෝහියකු වේ යයි බිය සිතෙන නිසාය.

දෙස, බස, රැස රැකගත හැක්කේ උසස් සංස්කෘතියක් ගොඩනඟාගැනීමෙනි. ඒ සඳහා අපි උසස් රුචිකත්වයක් සහිත මිනිසුන් බවට පත් විය යුතුය. මෙවැනි චිත්‍රපට හදා ඒ මට්ටමට රසිකත්වය පහත දැමීම සපත්තුවේ ගානට කකුල කැපීම වැනිය. 

චිත්‍රපටය බැලුව තැන ගැන රසවත් විස්තරයක් මෙතැනින්

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

තව තව බදු ගැන නිර්මානාත්මක යෝජනා

මේ කාටුන් එක තිබුණේ හවායි වෙබ් අඩවියක. බැලුවාම එහෙත් අපේ කට්ටිය ඉන්නවනේ.
ආණ්ඩුවට දේශපාලුවන්ගේ නාස්තිකිරීම්වලට හැර රජයේ සේවකයන්ගේ පඩි වැඩිකිරීම් වැනි අන් දේට සල්ලි නැතිබව අප පිළිගතයුතුයි. ඒ නිසා අේ යුතුකම වෙන්න ඕනෑ ආණ්ඩුවට මුදල් හම්බ කරගත හැකි මාධ්‍ය ොයාදීම.

බදු කියලාත් ඉතින් ඔයහැටි පනවන්නේ කොහොමද? අලුතෙන් පනවා තිබෙන විවාහ බද්ද හොඳය. ළමයි හම්බුවුණාමත් බද්දක් අයකරන්න පුළුවන. දැන් ොදු බල ේනාව ළමයි ෝකරන ්‍රජෙක්ට් එකක් අලුතින් පටන් අරගෙනේ. මැරුණාමත් බදු අයකරනවානේ.

හලාල් බද්ද අයින් කරන්ේ නැතිව ආණ්ඩුවට ‍ඒ‍කෙන් ොටසක් අය වන විධියක් හදන්නට පුළුවන. දැනටත් ජමියතුල් උලමා එකෙන් ලැබෙන කුට්ටි ඇතිේ. ණ්ඩුවට ොකද ආණ්ඩුේ අයියලාට වුණාම ොකද? ආණ්ඩුව කියන්ෝ එ‍ොල්ලන් මිසක් අපියැ. 

දැන් හලාල් වියක් තියෙනවාේ. ඒ නිසා හලාල් නැති ආහාරවලිනුත් බද්දක් අය කරන්න පුළුවන්. ේශ්‍රේමිෝ, ඒ කියන්ේ මුස්ලිම් විධියොම සතුටින් ගෙවාවි.  නිර්මාංශ ආහාරවලින් වෙනම බද්දක් අයකරන්න පුළුවන්. දැන් ඒවා කන්අපි වේ හිඟන්වෙයි, ොෂ් කට්ටිය. 

පූජකවරුන්ගෙන්, හාමුදුරුවරු මහණවෙනකොට එහෙමත් බදු අය කරනවානම් හොඳය. එතකොට මෛත්‍රී බුදුහාමුදුරුවන් එහෙම වැඩ ඉන්නවානම් තෙමඟුලෙන්ම බදුගහලා බව ගැරන්ටීඩ්ය.

තව පොඩි යෝජනාවක් තිබෙනවාය. දැන් ඔය ලෙන් අල්ලාගත් අනුන්ගෙදරක් වන අරලියගහගෙදරට පාසල් ළමයින්ට එන්න, ඇවිත් ඇමතිවරු වාඩිවෙන පුටුවල වාඩිවී කතාදමන්න එහෙම දෙනවානේ.

නරකද මේකට ටිකට් එකක් ගැහුවොත්. අර දෙහිවල තියෙන තැන බලන්නවුණත් ළමයි ටිකට් ගන්නවානේ. මේකටත් ගනියි. දේශීය ආදායම්නේ. 

ෝජනාත් එකතු කරන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-01-26

බෞද්ධ, ඉස්ලාම් අන්තවාදයනට එරෙහිව වහා පියවර ගත යුතුය

බොදු බල සේනාව ඉතා පැහැදිලිවම බෞද්ධ ත්‍රස්තවාදී සංවිධානයකි. ඒ බව පසුගිය දිනෙක බේරුවල හෝටලයකට කඩා වැදුණු එහි නායක භික්ෂුවක් මාධ්‍ය කැමරා ඉදිරියේ කතා කරන වචනවලින්ම පැහැදිලි වේ. බොදු බල සේනාව ප්‍රවර්ධනය කරන ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති කැමරාවට ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව කතා කරන ආකාරය මෙතැනින් බලන්න.

ඉතා පැහැදිලිවම මෙම සංවිධානය උත්සාහ කරන්නේ මිනිසුන් බිය වැද්දීමෙන් සිය අරමුණු ඉටු කරගන්නටයි. මෙම ධාරාවමෙවැනි අකටයුතු පිළිබඳ දිගු ඉතිහාසයක් තේ. ඔවුහු අවි පරිහරණය ොකරනමුත්, ‍රාජ්‍ය බලය සමග ඇති සම්බන්ධකම් ොනිල වශයෙන් පාවිච්චි කරති.

සිනමන් බේ හෝටලය විසින් බුද්ධ බාර් නම් සාද අවස්ථාවක් පවත්වා තිබීම සම්බන්ධයෙන් මේ වන විට එම හෝටලයේ කළමනාකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ් කර තිබේ.

බුද්ධ බාර් යනුවෙන් පෙර අපරදිග සංකලනයෙන් යුත් ශාන්ත රසය අරමුණු කරගත් සරළ සෞන්දර්යාත්මක සංගීත නිර්මාන එකතුවක්ද තිබේ. වැනි සංගීතය හා මුසුව, බුද්ධ සංකල්පය තේමා කරගෙන‍ රොමැන්ටික්, ගුප්ත පසුබිමක් නිර්මානය වන පරිදි ආලෝකය හා වෙනත් දේ යොදාගෙන පවත්වන සාද අවස්ථා විශේෂයක් හා එවැනි පසුබිමක් නිරන්තරයෙන් නඩත්තු කරන ස්ථාන බුද්ධ බාර් ලෙස හැඳින්වේ.

මේ වනාහි වෙසක්, පොසොන් උත්සව පසුබිම් කරගෙන තොරන් ගසාගෙන, කානිවල් පවත්වමින්, ඔලුබක්කන් නටවමින්, පෙරහැර කරමින් කරන උත්සව පැවැත්වීම වැනිම වූ තවත් දෙයකි. වෙනස මෙය වඩා රොමැන්ටික්, සෞන්දර්යාත්මක හා ඉහළ පෙළේ සංස්කෘතික අවස්ථාවක් වීමයි. ආගම් යනු හුදෙක් අධ්‍යාත්මික කාරණා පමණක් නොවේ. ඒවා සමාජ සංස්කෘතික ක්‍රියාකාරකම්ද වේ. සංස්කෘතිය යනු පැහැදිලිවම පරිණාමය වන දෙයකි.

අප ඉහත සඳහන් කළ තොරණ හා බුද්ධ බාර් අවස්ථා දෙකම පසුබිමෙහි තිබෙන්නේ ආගමට වඩා වානිජ අරමුණුය. සාදු, සාදු කියමින් බැලුවාට සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ තිබෙන්නේද ජනප්‍රිය ධර්මකථිකයන්ගේ බණ සංදර්ශනවල තිබෙන්නේද වානිජ අරමුණුය. ලාභය පදනම් කරගත් ධනවාදී සමාජයක මේව සාමාන්‍ය සිද්ධි වේ.

රටේ ශීඝ්‍රයෙන් වර්ධනය වන විදේශ විනිමය ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය තුළ ඉලක්ක කරමින් තිබෙන්නේ ඉන්දීය, චීන හා අරාබි වැනි සංචාරකයන් නොව, වඩා සංස්කෘතික වූ, ධනවත් යුරෝපීය සංචාරකයන්ය. මේ බුද්ධ බාර් එක බේරුවල හෝටලයේ පවත්වා තිබෙන්නේ එහි පැමිණි ප්‍රංශ සංචාරක පිරිසකගේ ඉල්ලීමක් මත බව කියනු ලැබේ.

රජයේ ධනවාදී ආර්ථික වැඩසටහනත්, රාජ්‍ය අනුග්‍රහයෙන් දියත් වන ජාතිවාදී ව්‍යාපාරයත් අතර ගැටුමේ ගැඹුරු පැතිකඩක් නිරූපණය කරන අවස්ථාවකි, මේ බුද්ධ බාර් සිද්ධිය. ජාතිවාදී පදනමින් සිය සහයෝගී පදනම ආරක්ෂා කරගැනීම වෙනම කාරණයකි. රාජ්‍ය පාලනය ඊට වඩා වෙනස්ය.

ආණ්ඩුව බුද්ධිමත් නම් දැන් මේ බෞද්ධ ත්‍රස්තවාදය රතු ඉර පැන ඇතිබව තේරුම් ගත යුතුය. මේ පසුබිමේ තිබෙන්නේ ජාතිවාදය පාවිච්චි කරමින් රාජපක්ෂ පවුල් පාලනය පෙරළා දැමීමේ සියුම් වැඩපිළිවෙලක් බව තේරුම් ගත යුතුව තිබේ. මහින්ද ජාතිවාදීන්ගෙන් වැඩ ගන්නවා යයි සිතා සිටියාට ජාතිවාදීන් සිතන්නේ ඔවුන් මහින්දගෙන් ඔවුන්ගේ වැඩේ කරගන්නවාය කියාය.

මේ වනාහි සංචාරක කර්මාන්තයට පහරදීමේ සියුම් සැලසුමකි. සංචාරක කර්මාන්තයේ කුමන අඩුපාඩු තිබුණත් එය ලංකාවේ ආර්ථිකයේ වර්ධනය වන පැතිකඩකි. පාලකයන්ට පිස්සු කෙළින්නට පමනක් නොව පීඩිතයන්ට දිවි රැකගන්නත් එය අත්‍යවශ්‍යය. අනෙක් පැත්තෙන් බෞද්ධ අන්තවාදී ත්‍රස්තවාදය උත්සාහ කරමින් සිටින්නේ ඉස්ලාම් ත්‍රස්තවාදය පෙරට ගෙන නව අර්බුදයක් රට තුළ ඇති කර, ලංකාව සම්බන්ධයෙන් ඇති ජාත්‍යන්තර අර්බුදයේ ගින්නට පිදුරු දමා, අරාජිකත්වයක් නිර්මානය කර, ඒ ඔස්සේ අන්තවාදයට සේවය කරන පිරිසක් බලයට ගෙනඑන්නටයි. 

රාජපක්ෂ පවුල් පාලනය සමග තරහ පළියට කිසිවෙක් මේ අන්තවාදී වැඩසටහනට රුකුල් නොදිය යුතුය. මෙයින් සිදුවනු ඇත්තේ ලංකාවේ විනාශය සඳහා පාර කැපීම මිස කිසිදු යහපත් දෙයක් නොවේ. රාජපක්ෂ පවුලත් එසේමෙසේ එකක් නොවේ මේ රැල්ල නැග එනවිට ඔවුන් එය මුදුනටත් නගින්නට ඉඩ තිබේ. එතකොට රටත්, මේ ජාතිවාදී නඩයත් දෙකම ඉවරය. හරියට රටේ අනාගත නායකයා වන්නට සිහින මවමින් සිටි චම්පික රණවක විදුලිබල මණ්ඩලයේ හිරවුණා වැනිය. 

ආණ්ඩුව දැන් මෙය තුලනය කිරීම සඳහා කරමින් සිටින්නේ ජනතා විරෝධයට තුඩු දී තිබෙන නීති විරෝධී හලාල් බද්ද අයකරන ජමියතුල් උලමා සංවිධානය වැනි මුස්ලිම් ජාතිවාදීන් සුරතල් කිරීමයි. හලාල් බද්දත්, බොදු බල සේනාවත් යන දෙකම අහෝසි කළයුතුය. නොඑසේනම්, මේ ක්‍රියාමාර්ග ඔස්සේ අවසානයේදී සිදුවන්නේ ලාංකීය සමාජයේ ඛණ්ඩනයන් තවත් ගැඹුරු වී රට දෙකට නොව තුනට කැඩෙන තත්වයක් නිර්මානය වීමයි.

මෙම පසුබිම තුළ සියලු ජාතීන්ට අයත් ප්‍රගතිශීලී බලවේග විසින් කළ යුතුව තිබෙන්නේ සියලු අන්තවාදයන් පිටුදකිමින් ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ශක්තිමත් කිරීමයි.විශේෂයෙන්ම මුස්ලිම් ප්‍රජාවේ ප්‍රගතිශීලීන් සිංහල බෞද්ධ අන්තවාදයට ඉස්ලාම් මූලධර්මවාදයෙන් පිළිතුරු සොයන්නට යාම කෙරෙහි විරුද්ධ විය යුතුය.

ලංකා‍ව සිංහලුන්ගේ මෙන්ම ලාංකීය මුස්ලිම්වරුන්ගේද රටයි. මුස්ලිමුන් සියවස් කීපයකට පෙර පැමිණි ආක්‍රමණිකයන් යයි කියන අය වටහා ගතයුතු කාරණයක් වන්නේ සිංහල කරාව හා සලාගම කුලවල සම්භවයද එවැනිම එකක් බවයි. ලාංකික උරුමය වනාහි විවිධත්වයට, විවෘතභාවයට දිරිදුන් එකකි. එය සිංහල බෞද්ධ අන්තවාදය හෝ ඉස්ලාම් මූලධර්මවාදය නොවේ. මේ සියලු අන්තවාදයන් එකමිටින් ගෙන බැහැර කළ යුතුව ති‍බේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-01-25

අසාරේ සාර මතිනෝ - ඥාන අසාර තේරෝ

මිස්ටර් ඥාන අසාර මේ වනවිට ලංකාවේ පිරිමින් අතර ජනප්‍රියම පුද්ගලයායි. මන්ද සිංහල පිරිමින්ටද මුස්ලිමුන්ට මෙන් කසාද පහක් කරගන්නට ඉඩ දියයුතු බව ඔහු කියා ඇත. ඊළඟ ඡන්දෙන් කවුන්සලේට ගියාම උන්නැහේට මේ යෝජනාව ක්‍රියාත්මක කර දෙන්නට පුළුවන. 

ජාතික සමානාත්මතාව ඇති වන පරිදි දෙමළ ජනයාටද කසාද පහක් කරගැනීමේ අයිතිය දිය යුතු බවට මනෝ සිවාජි ගනේෂන් පවා ඉල්ලා සිටින්නට බැරි නැත.

ඥාන අසාර මහතාගේ මේ යෝජනාවේ ඌනපූරණය කළ යුතුය. අ සිංහල අයියලා උඩ පැනගෙන ගොස් කසාද පහක් බැඳගෙන ගැහැනු හතරදෙනෙක් මාරුවෙන් මාරුවට රට යවා දේශප්‍රේමී ආණ්ඩුවට විදේශ විනිමය උපයා දෙමින් තමන්ද ශපාන් එකේ ඉන්නට පියවර ගන්නට ඉඩ තිබේ. 

අනෙක් පැත්තෙන් මොවුන් ගෑනු පහ හය අරගෙන සියවස් ගණනක ඇරියස් එක්ක කම්සැප පමණක් විඳිමින් ළමයින් නොහදා සිටින්නට ඉඩ තිබේ. එබැවින් මොවුන් රෑට සංසර්ගයේ යෙදෙනවාද, උපත් පාලන කොපු පාවිච්චි කරනවාද, ධාතු පිටට වඩම්මනවාද, නැතිනම් ඒ එකක්වත් නොකර කණමදයි වගේ බීගෙන ඇවිත් අත්දෙක කකුල් අස්සේ ගසාගෙන දපනවාද යනාදී කරුණුත් ඥාන අසාරගේ බලු සේනාවගේ නිරීක්ෂණයට ලක්විය යුතුය. 

අනෙක් පැත්තෙන් ඥාන අසාරලාගේ සරණේ කට්ටියත් ඔය ගල් සෙල්ලම් නවත්තා මේ වැඩේට පූර්ණකාලීනව බැසිය යුතුය. 

ඇත්තය. මේ රටේ එක එක ජනවර්ගයන්ට එක එක නීති තිබෙන්නට ඉඩ නොදිය යුතුය. නීතියක් නොවුණත් ඔය සුන්නත් කිරීමේ වැඩේද අපේ අයටත් කළ යුතුය. එතකොට වළලු කවදාවත් ගහමුල සිටින්නේ නැත. අපේ කට්ටිය හැමදාම තිරිහන් වනු ඇත.

දැනීමේ වරද නිසා, සාරය අසාරය දැනගත නොහැකිව, අසාරය සාරයයි ද, සාරය අසාරයිද ගෙන සිටින ඥාන අසාර පරපුරේ මුග්ධයිනි ධම්මපදයේ යමක වග්ගයේ එන මීට කලින් සටහේ එන ගාථාව කියවනු.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-01-24

ඥාන අසාරයන්ට

අසාරේ සාර මතිනෝ
සාරේ චා සාරදස්සිනෝ
තේ සාරං නාධිගච්චන්ති
මිච්ජාසංකප්පගෝචරා

සිංහල තේරුම :
නිස්සරවත් දේ සාරවත් ලෙසද , සාරවත් දේ නිස්සාර ලෙසද වැරදි ආකාරයට සිතන තැනැත්තාට සත්‍යය (යථාර්තය) අවබෝධ නොවන්නේය. එවන් මිත්‍යා සංකල්පවාදියෙකුට කිසිම ආකාරයකින් සාරයට හෙවත් සත්‍යාවබෝධයට ලඟාවිය නොහැකිය.
-ධම්මපදය, යමක වග්ගය
 
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-01-23

මැක්කන් සමග ගෙදර යන රජීව විජේසිංහ

සුද්දා වගේ ඉංග්‍රීසි කතා කරන්නට දත් කළු මහත්තයෙකුට රස්සාවක් උවමනා කර තිබේ.
බල්ලන් එක්ක ලැග්ග විට මැක්කන් එක්ක නැගිටින්නට සිදුවන බව කවුරුත් දන්නා උපහැරණයකි. 

මෙයට විසඳුම වන්නේ බල්ලන් එක්ක ලැග නැගිටිනවිට තමනුත් මැක්කන් සමග ජීවත් වන බල්ලකු වීමයි. 

බල්ලන් ළඟ ලැග පැවතීම සඳහා බල්ලකු වීම හැර අන් විසඳුමක් නැති බව දැන දැනම රාජ්‍ය බලය රසවිඳින්නට ගිය ලංකාේ ලිබරල්වාදී ඇතැමුන්ට මැක්කන් කනවිට ඇතිවන අපහසුතාව දරාගන්නට බැරි වී තිබේ. 

දයාන් ජයතිලක සිංහල ජාතිවාදයට සේවය කළේ කොටි සංවිධානය ෆැසිස්ට්වාදී නිසාය. ෆැසිස්ට්වාදී කොටි සංවිධානය විනාශ කර දයාන් ගොඩනැඟූ 'ප්‍රජාතන්ත්‍රවාදය' තුළ දයාන්ට ටිකට් එක ඇදෙන්නට ගියේ කෙටි කාලයකි. 

දැන් වාරය පැමිණ ඇත්තේ ආණ්ඩුව වෙනුවෙන් ඉංගිරිසියෙන් ලියුම් ලියන්නට ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රී මහා චාර්ය රජීව විජේසිංහටයි. දොෂාභියෝගයට පක්ෂව කටයුතු නොකිරීම නිසා ඔහුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. 

මැක්කන් සමග සනීපෙට ජීවත්වීමේ කලාව අමාරුවෙන් ඉගෙනගත් ඩිලාන් පෙරේරාට ඊළඟ අවස්ථාව නොලැබේවායි ඔහු වෙනුවෙන් අපි දෙවියන් යදිමු. 

ආදර්ශය: ඉංග්‍රීසි ොඳින් දත් පළියටම කෙනෙකුට මහත්මයකු වන්නට බැරිය

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

මට සිහිනයක් තිබේ


මට සිහිනයක් තිබේ
දරුවනි 
සිහිනයක් තිබේ
අද බැරිනම් හෙට
දරුවනි
අපි නොවනම් ඔබ
දරුවනි
අපේ අතින් අප ලාගත්
සිත් මාංචු සිත් විලංගු
විවෘත කර
නිදහස් වන
දවසක් ගැන

අපි සිංහල දෙමළ වගෙම
ඉස්ලාම්ද ක්‍රිස්තියානි 
කොයි කවුරුත්
අපි මිනිසුන් 
කියා සැවොම
හැම දේටම 
කලින් හිතන

මට සිහිනයක් තිබේ 
දරුවනි
සිත් සිරකර අප බැඳගත්
වේල් පටින්
ඇස් බේරී 
නෙත් ඇතුළින් 
දිලිසි දිලිසි 
සිත් හිනැහෙන
සැක සංකාවන් දුරලා
ආදරයෙන් කතාකරන

නුඹෙත් මගෙත් 
අපේ පැටව්
අපිය කියන
අපි හිනැහෙන
සිනා සපිරි
එකම හෙටක්
සිහින දකින
එක හීනෙක 
සැවොම නිද
ඒ සිහිනෙට 
ිත් පිබිදෙන
අවදිවෙලා
අත් පැටලෙන
එක ගමනක් 
එකට දෙන 
   
අජිත් පැරකුම් ජයසිංහ
  
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-01-22

පිට්ටනියේදී හමු වූ දේශප්‍රේමියා

මං කරන ගුරු රස්සාව තරමක් ක්‍රීඩාවට සම්බන්ධයි. ඒ ගැන මං සතුටු වෙනවා. ඒක මට දේශපාලනිකයි. ඒ නිසා මම වෙනුවෙන් කරදර වෙද්දි මට ගෙවන පඩිය ගැන හිතන්ේ නැහැ. 2050 වෙනකොට ලංකාවේ ජනගහණයෙන් 50%ක් දියවැඩියා රෝගීන් වෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවලා තිබෙනවා. දැනටත් ළමයින්ගෙන් 10%ක් 15%ක් පමණ දියවැඩියාවෙන් පෙළෙනවාලු. 

මම මේ ළඟදි නැවතිලා තිබෙන ෆුට්බෝල් ක්‍රීඩාව පාසලේ යළි පටන් ගන්න මුලපිරුවා. පුහුණුකරුවන්‍ට ගෙවන්න මුදල් නැහැනේ. මුස්ලිම් තරුණයෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා ස්වේච්ඡාවෙන් පුහුණු කරන්න. තවම බැරිවුණා හරියට සම්බන්ධීකරණය කරගන්න. 

ළඟදි ක්‍රිකට් මැච් එකකට ගියවෙලාවෙ අපූරු බුවෙක් හමුවුණා. කලින් දුරකථනයෙන් කතා කර තිබුණත්, ඔහු මට හමුවුණේ මුල්වතාවට. ඔහු කතාව මුලපිරුවේම මට පරණ විස්කෝතු දවටනයක් පෙන්වලා. "මම මේක දැනගත්තෙ ළඟදි. දන්නවද මේක මොකක්ද කියලා?" ඔහු මගෙන‍් ඇහුවා.

ඒක හලාල් සහතිකයක්. "මම මේකට විරුද්ධව ලොකු කචල් එකක් අදිනවා. මේක අපේ රට. අපි මොකටද තම්බින්ට සල්ලි දෙන්නෙ."

ඒ වෙලාවෙ ළමයෙකුගෙ අම්මා කෙනෙක් මැලිබන් විස්කෝතු පැකට්ටුවක් හා බීම බෝතලයක් එතැනට ගෙනාවා. ඔහු එය බලලාමෙහෙම කිව්වා. "දන්නවද මේ හලාල් කියන්නේ මොකක්ද කියලා. මේවා මෙහෙ තහනම්."

ඔහු මට කියූ කතන්දර අතරෙ නෝලිමිට් සාප්පුවට එරෙහි උද්ඝෝෂණ නිසා ඒවායේ වෙළඳාම අඩුවීම පිළිබඳව උද්දාමයෙන් කතාකිරීමක් තිබුණා.

ඒ වගේම ඔහු ටොප් සීක්‍රට් එකක් වගේ මට කිව්ව කාරණය තමයි, දැන් ලංකාවේ මුස්ලිම් ජනගහණය වැඩිබව. මම ඒක පිළි නොගත්තාම ඔහු කීවේ ආණ්ඩුව සංගණන වාර්තාව හංගාගෙන ඉන්නේ ඒක හෙළිදරව් වෙන නිසාය කියලායි. මම කිව්වා ඒ දත්ත අන්තර්ජාලයේ ඇතිබව.  ඒත්, ඔහු එය නෑහුණා වගේ සිටියා.

ඔහු දිගටම කිව්වේ පිටරටින් ආ මුස්ලිමුන් අපේ රට අල්ලාගන්නාබවයි. මේ මිනිස්සු අපේ රටේම මිනිස්සු නේද කියා කියුවාට ඔහු එය පයිසෙකට ගණන් ගත්තේ නැහැ. ඇයි නෝලිමිට්ට එරෙහිව උද්ඝෝෂණය කරන අය මැක්ඩොනල්ඩ්, කේඑෆ්සී, බ්‍රෙඩ්ටෝක් සහ ළඟදී ලංකාවේ විවෘත වන්නට නියමිත ටීජීඅයි ෆ්‍රයිඩේ වගේ විදේශික ඒවාට විරුද්ධ නොවන්නේ කියන ප්‍රශ්නයට ඔහු පිළිතුරු දුන්නේ නැහැ.

එක් දිනෙක අපි සවස තේ 40ක් දෙන්න ඕනැ කණ්ඩායම් දෙකට හා විනිසුරුවන්ටයි, නිලධාරීන්ටයි. ඔහුගේ මිළ අනුව බනිස් ගෙඩියයි කිරි තේ එකයි රු. 65ක්. මිළ වැඩියි. ඒත්, අවට කඩයකුත් නැති නන්නාඳුනන පිට්ටනියක අපි තේ හදන්නේ, පිරිනමන්නේ කොහොමද? "මමනම් කලින්ම මුදල් ගෙව්වා. මම දැන් යනවා, තේ හා කෑම සපයන අය හමුවෙන්න." ඔහු කීවේ මම කැමතිනම් මගේ මුදල්ද ඔහු ගෙවන්නම්ය කියන අදහස එක්ක. 

"මම සල්ලි ගෙනාවෙ නැහැ. ඒ නිසා හෙට දෙන්නම්." මම කිව්වා. පාසල්වල ක්‍රිකට් ගහන්න සල්ලි සොයාගන්නේ අමාරුවෙන්. 

ටික වේලාවක් එහි කැරකෙමින් ජාතිවාදය වපුරමින් සිටි ඔහු ඉක්මණින්ම යන්න ගියා.රාජකාරිය කරනවාට වඩා ඔහුට රට වෙනුවෙන් සේවය කරන්න තිබෙනවා‍ ඇති. සවස පිට්ටනියට තේ රැගෙන ආ අයගෙන් දැනගන්න ලැබුණු විධියට තේවල මිළ ඔහු අපට කියා ඇත්තේ රු. 500ක් තියාගෙන.

ඔන්න දේශප්‍රේමයේ හැටි. 

සිංහල ජාතිවාදීන් ේ කරන්ේ මුස්ලිම් මිනිසුන්ව ව්‍යාපාරික වශයෙන් විනාශකිරීේ කුමන්ත්‍රණයක්. නාසිවාදේ නැගීම සිදුවන සමේ යුදෙව් ව්‍යාපාරිකයන්ට එරෙහිවත් ජර්මනිය, ඕස්ට්‍රියාව වැනි රටවල මෙවැනි ේ සිදුවුණා.

මේ ලිපියත් කියවන්න:

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-01-21

"අසනීපයි. නිවාඩු දෙන්න." ළඟදීම ඉවරයි

ලංකාවේ ආර්ථිකය බේරාගැනීම සඳහා 2011දී රු. බිලියන තුනක් පාඩු ලැබූ තැපැල් දෙපාර්තමේන්තුව අපූරු පියවරක් ගෙන තිබේ.  

ඒ ටෙලිග්‍රෑම් සේවය අහෝසි කර දැමීමයි. 

වචන දහයක ‍විදුලි පුවතක් යැවීමට දෙපාර්තමේන්තුව අය කරන්නේ රු. තුනක් පමණක් වුවද, එය අදාළ ස්ථානයට යැවීම පිණිස රු. 250ක් පමණ වැයවනබව දෙපාර්තමේන්තුව කියයි. මේ වනාහි විදුලි පණිවුඩ සඳහාය කියා දෙපාර්තමේන්තුව විසින් සේවයේ යොදවා තිබෙන සේවකයන් 1300ක් නඩත්තු කිරීම සඳහා යන වියදමයි.

දෙපාර්තමේන්තු වාර්තා පවසන පරිදි ඇතැම් දිනෙක රටේ සංසරණය වන මුළු විදුලි පණිවුඩ ප්‍රමාණය 50ක් පමණි. 

විදුලි පණිවුඩය අද බොහෝවිට පාවිච්චි කරනු ලබන්නේ රජයේ සේවකයන් විසින් අසනීප නිවාඩු වාර්තා කිරීම සඳහායි. එහෙත් දුරකථන සංඥා ආවරණ නැති දුරබැහැර ප්‍රශ තවමත් ලංකාේ තිේ. 

දැන් ඉතින් ේවාව අෝසි කර දැමුවාම තැපෑේ පාඩුවත් අවසන් වෙයිද? මෙම ේවාව යම් මිළ වැඩිකිරීමක් සහිතව, පාඩු අවම වන ලෙස  පවත්වාගෙන යන්නට බැරි ඇයි? සරළව කිව්ොත්, විදුලි පණිවුඩය භාර ගන්නා තැපැල් නිලධාරියාට එය හා අදාළ තැපැල් කාර්යාලය ොයාගෙන කෙළින්ම එතැනට කතා කර පණිවුඩය දැනුම්දෙන ක්‍රමයක් හදන්නට බැරි ඇයි? අමතර ගෙවීමක් කර සාමාන්‍ය තැපැල්කරුවන් අේම විදුලි පණිවුඩ බෙදන ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නට බැරි ඇයි? හදිසි පණිවුඩය හා නිල පණිවුඩ වෙන් කරගෙන සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කර තැපැල් නිලධාරීන්ට කටයුතු කරන්නට බැරි ඇයි?

2004 ආසන්න වකවානුේදී පෙර මම එක්තරා ගමක පාරක් දිේ යද්දී මා හඳුනන ඒ ගේ උප තැපැල් කාර්යාලේ තැපැල් මහතා මා ඇමතුේය. එකල ජවිපෙ හිතවතකු වූ ඔහු ර පවතින සාධාරණ ක්‍රමය නැති කිරීමට හා සුදුස්සාට සුදුසු තැන දීමට ජවිපෙ බලයට පත්කළයුතුබව ආදී කරුණු ගැන ඔහු තෙල බෙදමින් සිටිේය. වෙලාේ දිවා ආහාරය සඳහා ඔහු තැපැල් කාර්යාලය වසන වෙලාව කිට්ටු වෙමින් තිබිණි. දිළිඳු දෙමළ වතු කම්කරු කාන්තාවක් විදුලිබිලක් ගෙවීම සඳහා එහි පැමිණියාය. අේ ප්‍රගතිශීලී තැපැල් මහත්තයා මෙේ කීේය. "දැන් බැහැ. පස්සෙ එනවා. මම දැන් ේල් එක බඳින්න ඕනැ. ඊට පස්සෙ මම කෑමට වහනවා. පැයක් විතර යයි අරින්න." එේ කියූ ඔහු නැවතත් මා සමග අසාධාරණ ක්‍රමය ගැන කතාවට එළඹුේය. ේ තැපැල් මහත්තයා විශ්‍රාම වැටුප වෙනුවෙන් සටන් කළ උප තැපැල් ස්ථානාධිපති සංගමේ නිලධාරියකුද වූ අතර දැන් ඔහු විශ්‍රාම වැටුප් ලබමින් 'සමාජ ේවේ' යෙදී සිටියි. ඔහු‍ේ ඥාතියකු තැපැල් කන්ෝරුවට ත්තු වී ඇත.

ේවා පාඩු ලබන්නට ේතේ කතාේ තිේ. ේ වනාහි ලදායිතාව පිළිබඳ ප්‍රශ්නයකි. ඵලදායිතාව නංවන්නට බැරිකම රාජ්‍ය කළමනාකරණේ වරදකි. ලාභය සඳහා ේශපාලනය කරන අකාර්යක්ෂම අවස්ථාවාදීන් ේශපාලනය ආක්‍රමණය කිරීේ ප්‍රතිඵලයකි. 

ලාභයම අරමුණු කරගෙන සිටින ආණ්ඩුව ේශපාලකයන් වංචා දූෂණ නිසා රටට සිදුවන පාඩුව එහෙමම තිබියදී පාඩු අවම කරන්නට මුලින්ම කරන්ේ මහජන ේවාවන් කප්පාදු කිරීමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-01-19

ලංකාවේ ගැහැනු ෆේස්බුක්හි පිංතූරයක් දැමූවිට පිරිමි ඒක මාර ‍ලස්සනයි කියා කමෙන්ට් දමන්නේ ඇයි?

ෆේස්බුක් ලංකාවේ ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවියයි. ලංකාවේදී එය සමාජ ජාලයකටත් වඩා බොහෝ මිනිසුන්ගේ ලිංගික අසහනය ප්‍රකාශ කරන තැනක් වී තිබේ.

එහි බොහෝ පිරිමි වෙනත් නම්වලින් පෙනී සිටිති. එසේ පෙනී සිටිමින් තමන්ගේ සිත්වල ඇති චරිත රඟපාති. මේ ලෙසම ඇතැම් පිරිමි කාන්තාවෝ ලෙසද පෙනී සිටිති. එයද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට බිය හෝ අකැමැති මනෝ ලිංගික චර්යාවක් ආරක්ෂිත අන්දමින් ප්‍රකාශකිරීමේ විධික්‍රමයකි. 

මේ ලක්ෂණ ඇතැම්විට බ්ලොග් අවකාශයේද දක්නට ලැබේ. 

මෙහි අප පිරිමින් ඉස්මතු කර දැක්වූයේ ලංකාවේ ෆේස්බුක්හි වැඩිපුර සක්‍රිය පිරිස පිරිමින් වන නිසාත් මෙවැනි කටයුතුවල වැඩිපුර යෙදෙන්නේ ඔවුන් නිසාත්ය. එහෙත් ඇතැම් කාන්තාවෝද ෆේස්බුක්හි සිය මනෝ ලිංගික චර්යාවන් ප්‍රකාශයට පත් කරති. 

ලිගිකත්වය අතිශයින්ම පරිකල්පනීය දෙයකි. ඇතැම් පිරිමින්ට ෆේස්බුක් ලොග් ඉන් වන විටම ලිංගික ආවේග පහළ වන්ඒ නිසාය. එවැනි අය දකින ඕනෑම කාන්තා රූපයක් අසල 'ලස්සනයි', 'සෙක්සි', 'වෙරි බියුටිෆුල්' ආදිය පමණක් නොව ඇතැම්විට තමන්ගේ දුරකථන අංකය සඳහන් කරමින් ලිංගික එක්වීම් සඳහා ආරාධනාද කරති. 

මේ ව්‍යාජ ප්‍රකාශවලින් කාන්තාවෝද බොහෝවිට උදම් වෙති. සිය රූපය ගැන සැලකිලිමත්වන හා තමන්ට ලස්සන විය හැකි ආකාරය හඳුනාගන්නා සෑම කාන්තාවක්ම සුන්දරය. එහෙත්, ෆේස්බුක් කමෙන්ට්වලින් ප්‍රකාශ වන්නේ තම සුන්දරත්වයට වඩා කමෙන්ට් දමන්නන්ගේ ලක්ෂණයක් බව වටහාගතයුතුව තිබේ. 

ලාංකීය පිරිමින්ට ලිංගිකත්වය පැත්තෙන් තිබෙන ප්‍රශ්න වන්නේ මෑතකාලීනව භාවිතයේ ඇති ආගමික පසුබිම් හා ජාතිවාදය විසින් නිර්මානය කර තිබෙන සදාචාරමය ආවරණය, දුප්පත්කම හා සමාජ පසුගාමිත්වය නිසා සමාජ අවස්ථා වෙත ප්‍රවේශය අවමවීම, ඉහත කී හේතු නිසා හා නීතිමය බාධක නිසා ලිංගික අවශ්‍යතා සපයාගැනීමට අපහසුවීම ආදියයි. 

ලංකාවේ ඇතැමි පිරිමි ෆේස්බුක් හඳුනාගත්තේ වැලසයිට් හරහාය. පරිගණකය අලුතෙන් හඳුනාගත් දැනට මැදවියේ සිටින පරම්පරාවේ ඇතැමුන්ට අන්තර්ජාලය මුළුමනින්ම වාගේ ලිංගික සේවාවකි. 

වැඩිහිටි පිරිමි කඩවසම් තරුණයන් ලෙස පෙනී සිටිමින් ළාබාල ගැහැනු ළමයින් සමග හාද වූ අවස්ථා ඇතුළු විවිධ වංචනික ක්‍රියා, කාමාපරාධවලට මුලපිරීම් ආදිය සඳහා ලංකාවේ ෆේස්බුක් ප්‍රසිද්ධය. ඒ නිසා ලංකාවේ මව්පියන්ට දරුවන් වැඩිහිටියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, රියදුරන්ගෙන් ආදීන්ගෙන් පමණක් නොව ෆේස්බුක්වලින් බේරාගැනීමටද වෙහෙසවීමට සිදුවී තිබේ.

සාමාන්‍යයෙන් ලංකාවේ වැඩිහිටියෝ අන්තර්ජාලය කිව්වාම වැඩියෙන් දන්නේ වැල සයිට් නිසා ඔවුහු තමන්ගේ දරුවන් ඒවා බලා නරක් වනු ඇතැයි බිය වෙති. ඒ තමන් අන්තර්ජාලයෙන් බලන දේ ගැන ඔවුන්ටද බරපතල වරදකාරී හැඟීමක් ඇති බැවිනි.

ලිංගිකත්වය උවමනාවට වඩා නිදහස් වීමෙන් පමණක් නොව එයට උවමනාවට වඩා බාධාකිරීමෙන්ද සිදුවන්නේ අසහනය පැතිරීමයි. 


ලිංගිකත්වයට වඩා වැදගත් ආදරයයි. ආදරය පැවතිය හැක්කේ යහපත්, බුද්ධිමත්, නිදහස් සමාජයකයි. එවැනි සමාජයක් බිහිකිරීම සඳහා අපි අරගල කළ යුතුය. 

මිනිස් සබඳතා අතරට ලාභ ලැබීේ අරමුණ කඩා පැන්නවිට සිදුවන්ේ එකෙක් අනෙකා සූරාකෑමට මානබැලීමයි. එතැන ආදරයකට පැවතිය ොහැකිය. 
 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-01-18

ළමයින්ට ආදරය කරනබව ප්‍රදර්ශනය කිරීම බොහෝ පැරණි දේශපාලන උපක්‍රමයකි

පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ පාසලක සිදු වූ සමූහ ඝාතනය පිළිබඳ සංවේගය ප්‍රකාශ කර ජාතිය අමතා කතා කරද්දී බරක් ඔබාමා සංවේදීබව පළ කිරීමේ උපායක් ලෙස නෙත් අග ඇඟිලි තුඩින් ස්පර්ශ කළේය. එහෙත් ඒ නෙත්වල කඳුළු තිබුණුබවක් නම් දක්නට නොතිබිණි.

ඔබාමා මෙවැනි බාල උපක්‍රම සුලබව පාවිච්චි කරන දුර්වල නළුවෙකි.

මෙහි පළවන හිට්ලර්ගේ දුලබ ඡායාරූප කීපයේ හිට්ලර්ගේ ඉරියව් දුටුවිට සිහිපත් වන කරුණක් වන්නේ ඕනෑම ඝාතකයකුගේ පවා හදවතේ ළමයින් සම්බන්ධයෙන් මෘදු කෙළවරක් ඇති බවයි. 

තමන්ගේ පවුලට දරුවන්ට පමණක් අසීමිත ලෙස ආරය කිරීමනම්, පටු ආත්මාර්ථකාමිත්වයේම  තවත් දිගුවක් පමණි.

එහෙත්, ළමයින්ට ආදරය කරනබව ‍ප්‍රදර්ශනය කිරීමෙන් දේශපාලන වාසි ලබාගැනීමට තැත්කිරීම  නින්දිත ක්‍රියාවකි

ේ වනාහි අවංක මිනිසුන් වෙනුවට දුර්වල නළුවන් ේශපාලනය සඳහා ෝරාගැනීම නම් බරපතල වරේ අතුරුඵලයි.  



 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-01-17

අධිකරණයේ නව යුගයක්. ජාතියේ වාසනාව කෙබඳුද?

දැන් ඉතින් කාදර් නීතිපති කරමු.
ලංකාවේ බුද්ධිමතුන්ය කියා හැඳින්වෙන වෘත්තිකයෝ පිරිස වනාහි ඇඳ ගැනීමට ලෙඩා මැරෙනකල් බලා සිටින පෙරේතයෝ පිරිසක් බව ශිරානි බංඩාරනායක සිද්ධියේදී නැවත, නැවතත් ඔප්පු කරන ලදී. 

සටන් අවසන්ය. නීති වෘත්තිකයෝ නැවත වතාවක්  කළු කෝට් ඇඳගෙන මහජනතාවගේ සාක්කු පල්ල සුද්ද කිරීමේ කාර්යයට බැස්සහ. 

දැන් ඇරඹී තිබෙන්නේ අලුත් අගවිනිසුරු සමග යාලුකම් තහවුරු කරගැනීමේ අවධියයි. ඔව්නු පසුපස ගෑටූ ක්‍රියාධරයන්ට දැන් පස්සෙන් යාමට ොකු වෘෂණ ෝෂ දෙකක් ඇති අලුත් එළුවකු ොයා ගැනීමට සිදු වනු ත. 

හැබැයි, මේ උදාවන්අධිකරණයේ අලුත්ම යුගයක. අධිකරණය මෙතරම් දේශපාලනීකරණය වූ යුගයක් හෝ එේ වූ නවීන රාජ්‍යයක් ගැන අපනම් අසා නැත.


සරත් එන්. සිල්වා අගවිනිසුරු පදවියට පත්වීමවත් මෙතරම් විකෘතියක් වූේ නැත.

සමෘද්ධිලාභී දිළින්දන්ට බෙදාදීමට තිබුණු හාල් ගෝනි 700ක් වංචා කළ හිටපු ඇමති අබ්දූල් කාදර් එක්සත් ජනතා නිදහස් සන්ධානයට කරනම් ගසා සතියකින් අත්‍යවශ්‍ය ලිපි වගයක් නැතිවෙලාය, ප්‍රධාන සාක්කිකරු රට ගිහින්ය කියා කාදර්ට එරෙහි නඩුව අත්හැර දමා කාදර් නිදහස් කළ නීතිපති අගවිනිසුරු වී තිබේ. 

විත්තිකාරිය නඩුව ඉදිරියට ගෙන යන්නට අකැමැතිබව කියා දුමින්ද සිල්වා බාල වයස්කාර දැරියක දූෂණය කිරී නඩුවෙන් නිදොස්කොට නිදහස් කිරීමට උපදෙස් දුන් නීතිපති අගවිනිසුරු වී තිබේ.

ජාතියේ වාසනාව කෙබඳුද? 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-01-16

මරත්සවුදිය අපේ ගැහැනුන් - පුරත් සවුදිය පිම්පි නිරිඳුන්

සවුදි අරාබිය යනු තෙල් නිසා සල්ලි නිසා ධනවත් වුණත්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නැති, අමානුෂික නීති ඇති, ම්ලේච්ඡ පසුගාමී රාජ්‍යයකි. 

අපේ රටේ ආඩම්බරකාර තාත්තලා රජ සැප විඳින්එහෙව් අමන රටවල සල්ලිකාරයන්ගේ ගෙවල්වල වහල් සේවයට යවන ලංකාවේ දුප්පත් ගැහැනු  උපයා එවන විදේශ විනිමයෙනි. 

පහත් පෙළේ වෘත්තියක් වන මිනිසුන් අමානුෂික ලෙස වැඩගැනීම පිණිස තැනින් තැනට ගෙනයාම හෙවත් ට්‍රැෆිකිං වෙනුවෙන් ලංකාවේ ඇමතිවරයකුද පත් කර තිබේ. 

මෙවැනි තැරැව්කාරයෝ ලංකාත් වතුකරයේ සිටිති. ඔවුන් වෘත්තිය ලෙස කරන්නේ කොළඹ බංගලාවලට වැඩකාරියන් කිසිදු වෘත්තීය අයිතිවාසිකමක් නැති මේ වහලියන් සම්පාදනය කිරීමයි.

පිම්පිකම හා සමාන පහත් යයි සම්මත මෙවැනි රස්සා කරන එවුන්ව සමාජකවුරුවත් ගණන් ගන්නේ නැත. ලංකාවේ ආණ්ඩුවත් කරන්නේ එවැනි අතානාත්තුවකි.

බාල වයස්කාරියකව සිටියදී පවුලේ දුප්පත්කම නිසා මැදපෙරදිග රටක වහල් සේවයට යවන ලද රිසානා නෆීක් අතින් සිදු වූ බව කියන ළදර මරණය මිනීමැරීමකැයි සවුදි අධිකරණය ඔප්පු කළේ ලංකාවේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නම් පොල්කටු උසාවිය අගවිනිසුරු ශිරානි බංඩාරනායකගේ නඩුව විසඳූ ආකාරයටය. 

එකම සාක්කිය රිසානාගේ යයි කියනු ලබන පාපොච්චාරණයකි. දෙමළ බස පමණක් දැන සිටි රිසානා එම පාපොච්චාරණය කර තිබෙන්නේ අරාබි බසිනි. 

ජනවාරි 09දා පෙරවරු 11.48ට රිසානා ඝාතනය කිරීමෙන් පසු සවුදි අරාබි රජය නිවේදනයක් නිකුත් කරමින් කීවේ ඇගේ විදේශ ගමන් බලපත්‍රය අනුව ඇය බාල වයස්කාරියක නොවන බවයි. 

නමුත් ලංකාවේ ජනාධිපතිවරයා සවුදි රජුට ලියුමක් ලියමින් රිසානා බාලවයස්කාරියක බව පැහැදිලි කරමින් ඇය නිදහස් කරන ලෙස ඉල්ලා තිේ.

කොහොමද අපේ ජනාධිපතිතුමාගේ ලියුමට සවුදියෙන් ලැබුණු පිළිගැනීම. 

මරත්සවුදිය අපේ ගැහැනුන්
පුරත් සවුදිය පිම්පි නිරිඳුන්

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-01-15

නඩු බලවන හැටි

ලංකාවේ වගේ නොව බාබේරියාවේ මෙහෙමය. ඒ රටේ මහ නඩුකාරයා කටයුතු කරන්නේ මහ රජු කියන හැටියටය. මහරජු මහ නඩුකාරයා පත් කරගන්නේ තමන්ට නඩු අහන්නට වෙලාව නැති නිසා මිස නඩුකාරයා ස්වාධීන විය යුතු නිසා නොවේ.

එහේ පොඩි නඩුකාරයෝද කටයුතු කරන්නේ ඒ ඒ පැතිවල දේශපාලන බලවතුන්ගේ උවමනාව පරිදිය. කවුරු හෝ නඩුවකට පැටලුණානම් විත්තිකරුවෝ කරන්නේ ප්‍රදේශයේ මහජන නියෝජිතයාගෙන් ලියුමක් අරගෙන ගොස් පෞද්ගලිකව හමුවී නඩුකාරයාට කතා කරන එකය. විත්තිකාරයා ප්‍රදේශයේ දේශපාලුවාගේ ළඟ හිතවතකුනම් ඔහු නඩුකාරයාට පෞද්ගලිකවම කතා කර කියයි.

සමහර වෙලාවට නඩුකා‍රයෝ නඩු ගැන දේශපාලකයන්ගෙන් උපදෙස් ගනිති.

බාබේරියාවේ මිනිස්සු කළ යුත්තේ රජු සමග සිටින එකය. ඔබ රජු සමගනම් රජුගේ ගෝලයෝ නඩු ගැන කියා නඩුකාරයාට දෙන්නට අවශ්‍ය ලියුම් ඔබට දෙනු ඇත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-01-12

ධනවාදය යනු කුමක්ද? - බ්ලොග් අවකාශයේ ධනවාදී පකීර්ලාගේ දැනගැනීම පිණිසයි

සිංහල බ්ලොග් අවකාශයේ අලුත් ධනවාදීන් පිරිසක් රංගනය ආරම්භ කර තිබේ. ධනවාදය ගැන අපි මීට ඉහතදී ලාංකීය බ්ලොග් අවකාශයේ මහෞෂධ වන්නට උත්සාහ කරමින් සිට හිටිහැටියේ සිය බ්ලොග් අඩවියත් මකාගෙන අතුරුදහන් වූ ටැබූ සබ්ජෙක්ට්ස් සමග දීර්ඝ ලෙස සංවාද කළෙමු. සිංහල බ්ලොග්කරණයේ නවකයන් වූ අලුත් ධනවාදී පකීර්ලාගේ (fakir) දැනගැනීම පිණිස පැරණි සටහන් කීපයකින් උපුටාගත් කොටස් කීපයක් මෙසේ පළකරමු. අපි සංවාද කරමු.

ධනවාදය යනු ක්‍රියාවලියක් මිස දෘෂ්ටිවාදීමය සුරුවමක් නොවන බව W3Lankaහි අප විසින් නැවත පළ කරනලද රාමචන්ද්‍රගේ අදහස් පළකිරීමක දැක්විණි. එහි මෙසේ සටහන් විය. "ධනවාදීන් අමෙරිකාවේ තියෙන්නෙ ධනවාදයක් කියල බොහොම සන්තෝසෙන් කියනවා.නමුත් ලංකාවේ තියෙන්නෙ මොකක්ද කියල ඇහුවම ලංකාවේ ධනවාදීහු කොරවෙලා වැල්වටාරම් කියනවා.

"ලංකාවෙ තියෙන්නෙ අමෙරිකානු පන්නයේ ධනවාදයක් නෙමෙයි තමයි. ඒ ගැන විවාදයක් නැහැ. ලංකාව වගේ රටවල තියෙන්නෙ පසුගාමී පන්නයේ ධනවාදයක්.මේකත් ධනවාදයේ තවත් 'වර්ෂන්' එකක් මිස රාජ්‍යවාදයක්වත් වැඩවසම් ආර්ථිකයක්වත් වෙන මුකුත් කෙහෙල්මලක්වත් නෙමෙයි.

"(ලංකාවෙ තියෙන්නෙ වැඩවසම් ආර්ථිකයක් කියල කියන කෙනෙක් එක්ක වාද කිරීමත් තෙරුමක් නැති දෙයක්.ඒ ප්‍රකාශයෙන්ම ඔහුට විෂය ගැන තියන දැනුම පේන හින්ද)

"අමෙරිකාවේ නිෂ්පාදනය මූලික කරගත්ත දියුනු ධනවාදයකුත් අපේ රටවල නොදියුණ ධනවාදයකුත් තියෙන්නේ ඇයි? කමෙන්ට්ස් දාන "ධනවාදීන්" ඇනගන්න අනිත් තැන ඔතන. ඒ අය "අධිරාජ්‍යවාදය" කියන ක්‍රියාවලිය ගැන දන්නෙ නැහැ නැත්තං අහල නැහැ.අද තියෙන්නෙ ඇඩම් ස්මිත් කතාකරපු පූර්ණ තරග ධනවාදය නෙමෙයි. අද තියෙන්නෙ අධිරාජ්‍යවාදය දක්වා වර්ධනය වුන ධනවාදයක්.මේක ලෝක සිස්ටම් එකක්.කේන්ද්‍රයේ රටවල් පරිධියේ රටවල අමුද්‍රව්‍ය භාවිතා කරගෙන සමෘද්ධිමත් ජීවිත ගතකරනවා.පරිධියේ රටවල ජොබ් එක තමයි කේන්ද්‍රයට අමුද්‍රව්‍ය සපයමින් වානිජ ගනුදෙනු දෙක තුනක් කරගෙන ඉන්න එක.මේ තමයි අධිරාජ්‍යවාදී පද්ධතියක ස්වභාවය.අමෙරිකාවේ ධනවාදය "දියුනු" වෙන්නෙත් අපෙ ධනවාදය "කබල්" වෙන්නෙත් මේ අධිපතිවාදී සම්බන්ධතාවය නිසා.
..........

"ලෝක ධනවාදය ඇතුලේ ලෝකයේ සම්පත් බෙදිල ගිහින් තියන විදිහ කතා කරමු.ලෝක ධනවාදය තුල අප්‍රිකානු රටවල සම්පත් සූරගෙන කමින් අප්‍රිකානු ජනතාව දිළින්දන් බවටත් අමෙරිකානු සමාගම් ඉසුරුමතුන් බවට පත් වුන ආකාරයත් ගැන කතා කරමු. මහා සමාගම් අතර සම්පත් බෙදාගන්න යුද්ධ,ආණඩු පෙරලීම්, කුමන්ත්‍රන අටවපු හැටි ගැන, චිලිවල ඉන්දුනිසියාවල යුගොස්ලොවියාවල උදාහරණ එක්ක කතාකරමු. පරිධියේ රටවල ශ්‍රමිකයන්ගේ ශ්‍රමය මහා සමාගම් විසින් තුට්ටු දෙකට සූරාකමින් සමෘද්ධිය ස්වකීය රටවල ගොඩ ගසාගන්නා හැටි ගැන කතාකරමු.ලෝක ධනවාදය ගැන ධනවාදයේම ඇඩ්වොකේට්ස්ලා වුන ජෝන් පර්කින්ස්ලා අද කරන "පාපොච්චාරණ" ගැන කතාකරමු.ධනවාදය විසින් ලෝකයේ සම්පත් වලින් සියයට පනහකට ආසන්න ප්‍රතිශථයක් ලෝක ජනගණනයෙන් සියයට විස්සක් අත රඳවමින් දිලිඳු ම සියයට දහයට සියයට එකක් පමණක් ඉතිරි කරල තියෙන හැටි ගැන කතා කරමු.මේ "ජයග්‍රහණ" ගැනත් සදහන් කළොත් ධනවාදය ගැන ඔබේ විස්තරය සම්පූර්ණ වේවි.

පහත පළවන්නේ ටැබූ සබ්ජෙක්ට්ස් හා අප අතර සංවාදයක කොටසකි.

taboosubjects: ලේඛකයා වැරදි ලෙස වටහා ගෙන ඇති අන්දමට මේ කිසිවක් ධනවාදය නිසා ඇති වූ දේවල් නොවේ. දියුණු ධනවාදී සමාජ වල මෙහෙම විකාර සිදුවන්නේ නැත. මේ සියල්ල සිදුව ඇත්තේ අපට තවමත් වැඩවසම් සමාජයෙන් මිදී ධනවාදය කරා ගමන් කරන්නට බැරිවූ නිසාය. ඒ නිසා ධනවාදයට විකල්ප සෙවීමේ කිසිම අවශ්‍යතාවයක් නැත.

අප: ටැබූ සබ්ජක්ට්ස් වෙත,
බටහිර රටවල ධනවාදයේ ප්‍රජාතාන්ත්‍රික පදනම හා යහපාලනය පවත්වාගත හැකි ආර්ථික පදනම ගොඩනැඟෙන්නේ ලංකාව වැනි රටවල් නව යටත් විජිත ස්වරූපයකින් සූරාකෑම හරහාය. එවැනි අවස්ථා අහිමි පරිවාරයේ රටවල ධනවාදය සියලු පසුගාමී ලක්ෂණ කැටි කර ගනිමින් සිය අර්බුදය කළමනාකරණය කර ගනියි. ඒ රටවල ධනවාදය යනු සොරකමක් නම් මේ රටවල ධනවාදය යනු මහ දවල් මංකොල්ලයකි. මේ රටවල පාලකයන්ට ඇතැම් විට කොමිස් ගෙවන්නේ දියුණු ධනවාදී රටවල ව්‍යාපාරිකයන් විසිනි. අපේ හොරුන්ගේ ගිනුම් ඇත්තේ දියුණු ධනවාදී ස්විට්සර්ලන්තයේ බැංකුවලයි. ඔවුන්ගේ දෙව්ලොවෙහි පාදම අපේ අපායයි.

අවසාන වශයෙන් අප අලුතින් මේ කෙටි සටහන තබනවා.

ධනවාදය කියන්නේ නිෂ්පාදන සම්බන්ධතා රටාවක් මත පදනම් වූ ආර්ථික ක්‍රියාවලියක්. එහි මූලික පදනම තමයි ලාභය. ලාභ ලැබීම තමයි  ධනවාදයේ අරමුණ. නිදසුනක් ලෙස රාජපක්ෂ පවුල බලය තුළින් අපේක්ෂා කරන්නේ කුමක්ද? ජනතාවගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් අය කරන බදු මුදල් හා පොදු සම්පත් ව්‍යාපාරවල ආයෝජනයෙන්, ඒවා ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් ලෙස යෙදවීම හරහා කොමිස් ලැබීමෙන්, ඒවා පාලනය කරන වෘත්තිකයන් ලෙස ලබන වේතනවලින් ලාභ ලැබීම තමයි බලයට ඇති මේ කෑදරකමේ හේතුව. රාජපක්ෂ පාලනයේ ලාභ චේතනා තුළ තමයි ලංකාවේ ආයෝජන අවකාශය දිගහැරෙන්නේ. ඒ කියන්නේ සෙසු ලාභ උපයන්නන් සිය අරමුණු ඉටු කරගත යුත්තේ රාජපක්ෂ පාලනයේ ලාභය තහවුරු වන අවකාශයක් ඇතුළෙයි. මේක තමයි, ධනවාදයේ ලාංකීය පිටපත. මේක වැඩවසම්වාදය කියා හඳුනාගන්න අය වැඩවසම්වාදය කියන්නේ කුමක්ද යන්න මොන්ටිසෝරි ගිහින් ඉගෙන ගන්න.

මේ ලාභ අරමුණ ආර්ථික අවකාශයෙන් ඔබ්බට මුළු සමාජ දේහය තුළමත් පිළිකාවක් වගේ පැතිරිලා ඉවරයි. මිනිස් සම්බන්ධතා මෙසේ පිරිහී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. මෑත සාපරාධී සිද්ධි විග්‍රහ කරලා බලන්න. ඒවා පිටුපස තිබෙන්නේ ධන තෘෂ්ණාව, අධික කාමාශාව හා පරිභෝජනවාදය. බුදුදහම අනුව නම් තෘෂ්ණාව. මේ ලාභ පසුපස හඹායාම ධනවාදය නොවේනම් වෙන කුමක්ද?

"වනචාරී ම්ලේච්ඡත්වයයි පරපීඩා කාමුකත්වයයි මේ මිනි මරණ එකයි ඒවායේ වීඩියෝ බලන එකයි ධනවාදයේ වෙළඳ පොලේ අප්සට් එකක් නොවෙයි අපේ ධනවාදය හරියට ආපු නැති වැඩවසම් ගෝත්‍රික මනස නිසා. ධනවාදය ගෝත්‍රික සබඳතා විනාශ කරනවා."යි සිතා සිටින උදිත ගැන කණගාටුවීම හැර අපට වෙන දෙයක් කරන්න නැහැ.

ධනවාදය මැක්කාගේ කතාව වගේ නොවෙයි. එය මේ වනවිට මිනිස් සමාජය තුළ ශීඝ්‍රයෙන් පැතිරී යන පිළිකාවක්. මේ විනාශය හඳුනාගන්න බැරිවීමත් මේ රෝගයේම ලක්ෂණයක්. අපි ධනවාදය ගැන කතා කරන්ඒ නිසායි.

අප වගේ පරිවාරයේ රටවලට මේ වගේ ඛෙදවාචකයක් හිමි කරදීමෙන් ඉසුරුමත් වී තිබෙන කේන්්‍රයේ ධනේශ්වර රටවල ධනවාදය තුළ මිනිස් අර්බුදය ප්‍රකාශ වන්නේ වෙනස් ආකාරවලට. නිදසුනක් ලෙස, ලෝකයේ ජීවත්වීමට හොඳම රට ලෙස සැලකෙන ස්විට්සර්ලන්තයේ සියදිවිනසාගැනීමේ අනුපාතිකය හා මානසික රෝගවලින් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව ඉතා ඉහළයි.

අප යෝජනා කරන සමාජවාදය කියන්නේ ඒ පිළිකාවට එරෙහිව කරන අරගලයක්. මේක ජවිපෙ විසින් තොරොම්බල් කරනු ලබන සමාජවාදය එක්ක පටලවාගන්න එපා. අපි කරන්නේ බලය ලබාගන්න කුමන්ත්‍රණයක් නොවෙයි.

අපි කියන්නේ සමාජවාදය සඳහා අරගලය සමාජ, සංස්කෘතික, ආර්ථික, දේශපාලන තල සියල්ල හරහා විහිදෙන නොනිමි අරගලයක්ය කියලායි. එය නව මිනිසත්භාවයක් සඳහා අරගලයක්. ඔබත් එයට එක්වන්න. ධනවාදය හඳුනාගන්න. නව සමාජවාදියෙක් වන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

දෝෂාභියෝග සටනින් ආණ්ඩුව දිනුවාද?

ආණ්ඩුව දෝෂාභියෝගය සම්මත කරගත්තේය.

සාමාන්‍යයෙන් ගත් කල ආණ්ඩුවේ නායකයන් කරන දූෂණ සමග සන්සන්දනය කළ කල අගවිනිසුරුවරිය සම්බන්ධ වී තිබෙන දූෂණ ඉතා සුළු ඒවා බව ඕනෑම කෙනෙක් දනිති. 

නීතිය ඉදිරියේ කොයි දූෂණයත් දූෂණම වේ. රාජ්‍යය දැන් කරමින් ඉන්නේ තෝරාගත් දූෂණවලට එරෙහිව පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමයි. විශේෂයෙන්ම සතුරන්ට එරෙහිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරමින් මිතුරන් නීතියෙන් මුක්ත කර තැබීම ආණ්ඩු‍වේ පිළිවෙත වී තිබේ.  මෙයද රාජ්‍ය බලය දූෂණය කිරීමකි.

සරත් ‍ෆොන්සේකාට හා ශිරානි බංඩාරනායකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ ආකාරය මේ සඳහා නිදසුන් වේ. මර්වින් සිල්වාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම මිතුරන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ දසුනකි.

ආණ්ඩුවේ මූලධර්මය මෙයයි. ඔබ දූෂිත විය යුතු මෙන්ම දූෂිත ඔබ ආණ්ඩුව සමග සිටිය යුතුය. 

තමන් දූෂිත වෙමින් ආණ්ඩුවට එරෙහිව සටන් කරන්නට ගිය අය පහසුවෙන් ආණ්ඩුවේ උගුලේ පැටලුණහ. 

ආණ්ඩුව අගවිනිසුරුවරියට එරෙහි සටන මෙහෙයවූ ආකාරය අධ්‍යයනය කළ යුතුය. ඇය වටා සිවිල් සමාජය ගොනුවන ආකාරය දුටු ආණ්ඩුව එසවූ සටන් පාඨ වන්නේ මේ පසුපස විදේශීය කුමන්ත්‍රණයක් තිබේය යන කාරණයයි. මේ තර්කය කොයිතරම් පැරණිවුවත්, තැන ොතැන ොබලා පාවිච්චි කිරීමෙන් කෙතරම් කිචවී තිබුණත්, තවමත් එයට වලංගුභාවයක් තිබේ. ජාතිවාදයෙන් තෙම්පරාදු වී සිටින ලංකාවේ මහජනතාව සාමාන්‍යයෙන් මේ පෙත්ත ගිල දැමීමට ඕනෑ මොහොතක සූදානම්ය. එසේම ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද දේශපාලකයන් සිතන්නේ මහජනතාව බලමුළුගැන්වීම සඳහා තිබෙන හොඳම උපාය ජාතිවාදයය කියාය.

අද වනවිට පවතින තත්වය වන්නේ අවශ්‍යවිට උපරිමයෙන් ජාතිවාදය වැළඳගැනීමට සූදානම් ආණ්ඩුවක් සමග ජාතිවාදයෙන් සටන් කිරීමට කිසිවෙක් සමත් නොවීමයි. 

මහජනතාව වීදි බැස්සවීමෙන් ආණ්ඩුව පසුබැස්සවිය හැකියයි සිතන දේශපාලන ව්‍යාපාරවලටද දැන් මුහුණදීමට සිදුවී තිබෙන්නේ තියුණු අභියෝගයකටයි. ඕනෑම ජන බලවේගයකට එරෙහිව අයුතු ජනරාශි බලමුළුගැන්වීමේ හැකියාව තමන්ට තිබෙනබව ආණ්ඩුව දෝෂාභියෝගයට පක්ෂ උද්ඝෝෂණවලින් නැවතත් පෙන්වා දුන්නේය. ආණ්ඩුව සමග එක්වී විවිධ මට්ටම්වලදී සොරාකන දූෂිත ජනතාව සිය දූෂිත ජීවනෝපායන් ආරක්ෂා කරගැනීම සඳහා ආණ්ඩුව විසින් කැඳවනු ලබන විට පාරට බසින්නට සූදානම්ය. තමන්ට පොලිස් ආරක්ෂාව ඇති බව ඔවුහු දනිති. අලුත්කඩේ යකා නැටුවේ මෙයින් වඩාත්ම ලුම්පන් කොටස්ය. ආණ්ඩුවට පක්ෂ උද්ඝෝෂණවල නායකත්වය ගන්නේ ඔවුහුය.  

මෙවැනි සංදර්භයකදී තිරසාර අරගලයක් සඳහා මහජන හොරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ගරිල්ලා ව්‍යාපාරයක්පිළිබඳ යෝජනාවක් අපි මීට පෙර ලිව්වෙමු.

මේ වටයෙන් ආණ්ඩුව ජයගෙන තිබේ. එහෙත් සටන අවසන් නැත. ආණ්ඩුව විසින්ම සිය දෙපා යටින් වල කපාගැනීම ආරම්භ කර තිබේ. ලංකාවේ පවතින දූෂිත ලාංකීය ධනවාදී ක්‍රමය ඇතුළතින්ම කුණුවෙමින් තිබේ. දැන් කුළල්කාගනිමින් ඉන්මෙම දූෂිත ක්‍රමේ නියාමක බලේගයි.


ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-01-11

රිසානා නෆීක් හිසගසා දැමීමේ ඇත්තම වීඩියෝව

මාතෘකාව ඔේ සිත් ගත්තාද? කමක් නැහැ. පළමුමෙම සටහන කියවන්න. 

රිසානාගේ හිස ගසාදැමූ වීඩියෝව කියලා වීඩියෝවක් මේ දිනවල ප්‍රචාරය කරනු ලැබේ. 

එහි ඇත්තෙන්ම හිස ගසා දමනු ලබන්නේ ඉන්දුනීසියානු කාන්තාවක් බව කියමින් තවත් සමහරු එයට අලුත් ප්‍රචාරයක් දෙති. 

කවුරුත් දුකෙන් හා මුස්ලිම් විරෝධයෙන් පීඩිත වන බව පෙන්වමින් ආසාවෙන් නැවත නැවත මේ වීඩියෝව බලති. අන් අය සමග බෙදාගනිති. 

මෙම ක්‍රියාව ඔස්සේ ඔවුන් ඇත්තෙන්ම ප්‍රදර්ශනය කරන්නේ කුමක්ද? 

වනචාරී ම්ලේච්ඡත්වයයි. පරපීඩා කාමුකත්වයයි. ධනවාදය විසින් ඔබට විකුණන ේ ම්ේච්ඡත්වයෙන් ඔබ ඔබව පරිස්සම් කරගන්න. මෙවැනි දේට ප්‍රචාරය නොදෙන්න.

දැන් අප ලියූ ේ ලිපිද කියවන්න.

රිසානා වෙනුවෙන් ආණ්ඩුව ගතයුතු පියවර 

අරාබි ගෝත්‍රිකයේ රිසානා නෆීක් මරා දැමූහ

 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

රිසානා වෙනුවෙන් ආණ්ඩුව ගතයුතු පියවර

සවුදි අරාබියට විරෝධය පළකිරීමක් ලෙස රිසානා නෆීක් ඝාතනය සිදුවනබවවත් නොදැන සිටි සවුදි ශ්‍රී ලංකා තානාපතිවරයා ආපසු කැඳවීමට ආණ්ඩුව ගෙන ඇති පියවර ජාතික විහිළුවකි. 

කොන්ද පණ තිබේනම් කළ යුතුව තිබෙන්නේ දින කීපයකට පෙර රිසානා නිදහස් කරනු ඇතැයි ප්‍රකාශ කළ ලංකාවේ සිටින සවුදි තානාපතිවරයා ආපසු යැවීමයි.

එසේම, පාලකයන්ට රජසැප විඳීම සඳහා මැද පෙරදිග වහල් සේවයට යවා තිබෙන කාන්තාවන් ආපසු කැඳවීමටද නැවත එසේ නොයැවීමටද පියවර ගතයුතුය. 

රිසානා මරා දමා තිබියදී පවා ඇය නිදහස් කරගැනීමට ආණ්ඩුව කටයුතු කරන බවට පාර්ලිමේන්තුවේදී කයිවාරු ගැසූ, විේශ ශ්‍රමිකයන් රටවිරුවන්ය කියා නාට ඇන්දීේ මූලිකත්වය ගෙන කටයුතු කරන ඇමති ඩිලාන් පෙරේරාද ඉල්ලා අස්විය යුතුය. 

රිසානා නිදහස් කරන්නැයි සවුදි රජුට ලියුම් ලියූ ජනාධිපතිතුමා සහ රාජපක්ෂ පවුල ඉල්ලා අස්වන්නේනම් එය මේ රටේ දුප්පත් ගැහැනුන්ට වහල් සේවයට පිටරට යාමට සිදුවන දරිද්‍රතාව නිර්මානය කළ දූෂණය හා නාස්තිය නැතිකිරීම සඳහා ගනු ලබන තීරණාත්මක පියවරකි.

දුප්පත්කම නිසා මැදපෙරදිග ගිය රිසානාට එොස් දින කීපයක් තුළ ඇය විසින් රැකබලාගන්නා ලද දරුවා මරා දමන්නට කිසිදු ේතුවක් නැත. ඇයට මානසික ෝගී තත්වයක් තිබූ බවට වෛද්‍ය වාර්තාවක්වත් නැත. ඇය වැනි ගෘහ ේවිකාවන්ේ හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ලංකාආණ්ඩුව කරන මැදිහත්වීමක් නැති බවට රිසානාට එරෙහි නඩුව දෙස් දෙයි. ේ පාොච්චරණය ොලසිය විසින් බලෙන් ලබාගන්නා ලද එකක් බවද, නිසි පරිවර්තකයකුේවාව ඇයට ලැබී ොමැති බවද, ඇයට නිසි නීතිඥ නිෝජනයක් ලැබී ොමැති බවද, නඩුව සඳහා විද්‍යාත්මක සාක්කි ෝ මරණ පරීක්ෂක වාර්තාවක් ෝ නැති බවද පැහැදිලිවම පෙේ. 

මියගිය දරුවාේ මව කුරාණේ දැක්වෙන අන්දමින් දරුවාට කිරිදුන් මවක ොවන්නීය. සිය නොසැලකිල්ල ඔස්ඇය දරුවා මරණය සිදුවන්නට සලස්වා තිේ.  

පළපුරුද්දක් නැතිකම ේතුවෙන් දරුවාට කිරි සිරවීම නිසා සිදුවන්නට ඇතැයි විශ්වාස කළහැකි මෙම වරදට රිසානා පැටලෙනවිට ඇය 17වන විේ පසුවූවාය. ලංකාව මෙන්ම සවුදි අරාබියද ළමයින්ේ හිමිකම් පිළිබඳ ප්‍රඥප්තිේ (Convention of the Rights of the Child [CRC]) පාර්ශ්වකරුෝය. එයට අනුව වයස අවුරුදු 18ට අඩු ළමයකුට මරණදඬුවම දෙන්නට බැරිය. 

රිසානාේ මරණය වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට රජය නිල මට්ටමින් අවශ්‍ය කටයුතු කළ බව ඉතා පැහැදිලිය.  



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න