2013-02-28

පෙනුමින් සරළ අරුතින් ගැඹුරු තෝමස් ට්‍රාන්ස්ට්‍රෝමර්

After a Death
Once there was a shock
that left behind a long, shimmering comet tail.
It keeps us inside. It makes the TV pictures snowy.
It settles in cold drops on the telephone wires.
One can still go slowly on skis in the winter sun
through brush where a few leaves hang on.
They resemble pages torn from old telephone directories.
Names swallowed by the cold.
It is still beautiful to hear the heart beat
but often the shadow seems more real than the body.
The samurai looks insignificant
beside his armor of black dragon scales.

මරණයෙන් පසු

වතාවක් එහි විය කම්පනයක්
දිගු , දිලිසෙන ධූමකේතු වලිගයක් ඉතිරි කර ගිය
එය අප ගෙයි රඳවයි. රෑපවාහිනී පිංතූරය හිමසහිත වෙයි
සීතල බිංදුවලින් එය තැන්පත් වෙයි දුරකථන කම්බිවල.
අයෙකුට තවමත් සෙමින් ලිස්සා යා හැක හිම මත හේමන්ත හිරු තුළ
පින්සල් අතරින් පත්‍ර කීපයක් එල්ලෙන.
ඒවා පැරණි දුරකථන නාමාවලිවලින් ඉරූ කොළ වැනිය.
සීතල විසින් නම් ගිලගෙනය.  
හදගැස්ම ඇසීම තවමත් සුන්දරය.
 නිතරම සෙවැණැල්ල සිරුරට වඩා සැබෑ සේ පෙනෙනමුත්.
සමුරායි නොවැදගත් වැනිය
කළු මකර වර්ගයේ සන්නාහ පසෙකින්.

Track
2 A.M. moonlight. The train has stopped
out in a field. Far off sparks of light from a town,
flickering coldly on the horizon.
As when a man goes so deep into his dream
he will never remember he was there
when he returns again to his view.
Or when a person goes so deep into a sickness
that his days all become some flickering sparks, a swarm,
feeble and cold on the horizon
The train is entirely motionless.
2 o’clock: strong moonlight, few stars. 
මාර්ගය
පාන්දර දෙකේ සඳඑළිය. දුමිරිය නැවතී ඇත
පිටියක. නගරයක එළිවලින් දුරස්තර,
සිතිජයේ සීතලෙන් සැලෙන.
මිනිහෙක් ඔහුගේ සිහිනයේ මෙතරම් ගැඹුරට යන සඳ
ඔහුට අමතක වනු ඇත ඔහු එහි සිටි බව
නැවත ඔහු පියවි ලොවට එනවිට.
නැතිනම් මිනිසකු රෝගීබවේ මෙතරම් ගැඹුරට ගියසඳ
ඔහුගේ සියලු දවස් වෙයි සැලෙන එළි බවට  රාශියක්,  
සිතිජයේ සීතල හා දුබල
දුම්රිය සම්පූර්ණයෙන්ම නිසලය.
වෙලාව දෙකයි. බැබළෙන හඳපාන, තරු කීපයක්.     

ඉහත සටහන් වුණේ The Winged Energy of Delight: Selected Translations by Robert Bly, ( Harper Collins ප්‍රකාශන) පොතේ රොබට් බ්ලයි විසින් පරිවර්තනය කරන ලද තෝමස් ට්‍රාන්ස්ට්‍රෝමර්ගේ කවි දෙකක මවිසින් කරන ලද දළ සිංහල පරිවර්තනයි.   

තෝමස් ට්‍රාන්ස්ට්‍රෝමර්ගේ කවි පෙනුමෙන් හරි සරළයි. ඒත්, ඒවා එහෙම සරළ නැහැ. අරුතින් ඉතා ගැඹුරුයි. ඔහුගේ කවි භාෂා 50කට පමණ පරිවර්තනය වෙලා තිබෙනවා. ඔහු ලෝක කවියෙකු වුණේ ඔහුගේ කවිවල තිබෙනවිශ්ව සාධාරණ ලක්ෂණ නිසායි. ඔහුට 2011 වසරේ නොබෙල් සාහිත්‍ය තෑග්ග ලැබෙන්න ඇත්තේත් ඒ නිසා වෙන්න ඇති. 

තෝමස් ට්‍රාන්ස්ට්‍රෝමර් නොබෙල් තෑග්ග පිරිනමන රට වන ස්වීඩනයේම කවියෙක්. ඔහු ලියන්නේ සවීඩිෂ් භාෂාවෙන්. ඔහු ඒ රටේ කවියෙක් ලෙස ඉතා ජනප්‍රියයි. ඒත්, ඔහු එතරම් කවි රැසක් ලියා නැහැ. ඔහුගේ කවි සියල්ලම එතරම් ලොකු නැති සාක්කු පොතක පළ කරන්න පුළුවන් බවයි කියන්නේ. ඔහුගේ කවි පිළිබඳ නොබෙල් ත්‍යාග ප්‍රකාශනයේ සඳහන් වන ආකාරයට ඒවායේ සංතෘප්ත, ආලෝකය විනිවිද යන චිත්ත රූප අපට යථාර්ථයට නව ප්‍රවේශයක් ලබාදෙනවා. ට්‍රාන්ස්ට්‍රෝමර්ගේ කවි ඔහුගේ රටේ රළු භූමිදර්ශන හරහා අධියථාර්ථවාදී ලෙස අභ්‍යන්තර ලෝකය සොයා යනවා.
 
තෝමස් ට්‍රාන්ස්ට්‍රෝමර්ගේ කවි පරිවර්තනය කළ ස්කොට් ජාතික කවියකු වන රොබින් ෆුල්ටන් මෙසේ කියනවා. "සමහර කවියන් තමන්ගේ භාෂාව බහුලව භාවිතා කරන නිසා ඒවා පරිවර්තනය වන්නේ නැහැ. ඒත් තෝමස් ට්‍රාන්ස්ට්‍රෝමර් එහෙම නොවෙයි. බොහෝවිට ඔහු භාවිතා කරන භාෂාව එතරම් එඩිතර නැහැ. එය සරළයි. ඒත් ඔහු අසාමාන්‍ය චිත්තරූප ගෙනහැර දක්වනවා. ඒවා ඇතැම්විට කෙතරම් විස්මිතද යත් පාඨකයා කම්පනයට පත්වෙනවා."

1931දී ස්ටොක්හෝම්හි උපන් තෝමස් ට්‍රාන්ස්ට්‍රෝමර් හදාවඩාගත්තේ ගුරුවරියක වන ඔහුගේ මව විසිනුයි. ස්ටොක්හෝම් සරසවියෙන් අධ්‍යාපනය ලැබූ ඔහු කලක් තරුණ වැරදිකරුවන් සඳහා වූ ආයතනයක මනෝවිද්‍යාඥයකු ලෙස සේවය කළා.  

කවි 17ක් නම් වූ ඔහුගේ පළමු කවි එකතුව පළ කළේ 1964දීයි. බොහෝ සේ ඇවිදිමින්, ඉතිහාසය හදාරමින් කවි ලියූ ඔහු 1990දී ආඝාතයට ලක්වීම නිසා ඔහුගේ කථන හැකියාව නැති වී ගියා. ඒත්, ඔහු දිගටම ලියනවා. ඔහුගේ අදහස් වචන බවට පත් කරන්නේ බිරිඳයි. මෑතදී ලන්ඩනයේ පැවැත්වුණු හමුවකදී ඔහු දායක වුණේ ඔහුගේ පණ ඇති වම් අතින් පියානෝව වාදනය කරමින්. 
  
අජිත් පැරකුම් ජයසිංහ විසින් ජනරළ පුවත්පතට ලබා දෙන ලද ලිපියකි.

 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-02-27

අපට එරෙහිව අපි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ සැසිවාරය එක්ක නැවතත් සිංහල ජාතියට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කතාකෙරෙන්න පටන් අරන්.

අපට ඕනෑනම් මුළු ලෝකයම ඉන්නේ අපට කෙළවන්නය කියා සිතාගෙන ඉන්න පුළුවන්. ඒත්, ලෝකයට එතරම් අමාරුවක් තිබෙන්නේ ඇයිද කියා ගැඹුරින් සිතුවොත් එම සිතුවිල්ලේ හිස්කම පෙනේවි. ලෝකයේ වැඩිදෙනෙක් ඇත්තම කීවොත් ලංකාව කියා රටක් තිබෙනවාද කියාවත් දන්නේ නැහැ. දැන් නිකම් හිතන්නකෝ බටහිර ඉන්දීය කොදෙව් දූපත් ගැන. සමහරු හිතනවා මේ එක් රටක්ය කියා. අපි වැඩිදෙනෙක් දන්නේ නැහැ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයේ තිබෙන රාජ්‍ය මොනවාද කියා. ලංකාව ගැන ලෝකයේ දැනුමත් ඔය වගේ තමයි.

අපේ රටේ මිනිස්සු වැඩිදෙනෙක් මේ කරදිය වළල්ල තරණය කරලා නැහැනේ. ඒ නිසා හරි ලේසියි හිතන්න මේ රටේ මාර දේවල් තිබෙනවා, ලෝකෙම මේක කන්න බලා ඉන්නේ ඒ නිසා කියලා. ලංකාව හොඳ රටක් බව ඇත්ත. ඒත් ඉතින් හොඳම රට වෙන්නනම් තව බොහෝ දේ අවශ්‍යයිනේ. ඒ වුණාට අපි ඉතින් අපේ රටට ආදරය කිරීමේත් වරදක් නැහැ.

අපි පුංචි රටක්. සිංහලයෝ ප්‍රමාණාත්මකව පුංචි ජන කොට්ඨාසයක්. නූතන ලෝකය කියන්නේ සෑහෙන්න එකට බැඳුණු තැනක්. එහි හුදකලා වෙන්න අමාරුයි. අපි නම් වසර දහස් ගණනක සිටම ලෝකය එක්ක බැඳී ජීවත් වන ජන කොටසක්.ඒ බවට ඓතිහාසික සාධක අනුරාධපුර යුගයෙනුත් හමුවෙනවා.

අපි ලෝකයෙන් ණය, ආධාර අරගෙන තිබෙනවා. දැනුම, තාක්ෂණය අරගෙන තිබෙනවා. කලාවන්, සංස්කෘතීන් අරගෙන තිබෙනවා. ලෝකයට දේවල් දීලාත් තිබෙනවා.

සුනාමි ව්‍යසනය වෙලාවේ ලෝකය අපි වෙනුවෙන් වැළපුණා. අපට යළි ගොඩඑන්න ආධාර කළා.

ලෝකය කියන්නේ රාජ්‍ය විතරක් නොවෙයි. ලෝකය සමන්විත වන්නේ මිනිසුන්ගෙන්. අපි හැමෝම ලෝකවාසීන්. ඒ නිසා එකිනෙකා ගැන අපට වගකීමක් තිබෙනවා.

ඇමරිකාවට ලෝකෙට චන්ඩියා වෙන්න අවශ්‍ය යුද බලය තිබෙනවා. ඒත්, ලෝකයේ ප්‍රගතිශීලී ජනතාව එයට විරුද්ධයි. ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන පිළිවෙත්වලට එරෙහිව ඇමරිකානුවෝ විශාල අරගලයක් කරනවා. වියට්නාම් යුද්ධයට එරෙහි වී මොහොමඩ් අලි කළ අරගලය ලෝක ප්‍රසිද්ධයි. ඇමරිකන් හමුදාවට බැ‍ඳෙන්න  ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුට බොක්සිං ක්‍රීඩාවත් අහිමි කළා. 

ඇමරිකාවට ලෝකයේ සෙසු රටවලට චන්ඩිකම් කරන්න පුළුවන්නම් ඇයි අපට බැරි කියලා අහන අය ඇත්තටම කරන්නේ ඇමරිකාවට චන්ඩිකම් කිරීම නොවෙයි. තමන්ට වඩා දුබල අය තෝරාගෙන චන්ඩිකම් කිරීමයි. 

ලංකාවේ දිග්ගැහුණු යුද්ධය සිදුවුණේ සිංහල මහජාතියේ ස්වෝත්තමවාදයේත්, දෙමළ ජාතියේ සුළුතර ජාතිවාදයේත් ප්‍රතිඵලයක් ලෙසයි. ජාතිවාදී පදනමින් අනෙක් ජාතිය යටපත් කරගැනීමට මාන බැලුවා මිස මේ දෙජාතියේම අධිපති ව්‍යාපාර දෙජාතියටම පොදු පුළුල් දේශපාලන අනන්‍යතාවක් හා ඒ හා සමපාත වන ආණ්ඩුක්‍රමයක් වෙනුවෙන් සටන් කරන්න සූදනමක සිටියේ නැහැ.

අවසානයේදී රාජ්‍ය බලය හිමි සිංහල ජාතිවාදීහු දෙමළ ජාතික අරගලය පොඩිපට්ටම් කර දැමීමට සමත් වුණා. එය සිදු වුණේ අතිශය කෲර යුද්ධයක් තුළයි. මෙහිදී දෙපාර්ශ්වයම සීමාන්තික ලෙස යුද අපරාධවල යෙදුණා. 

යුද අපරාධවලට වගකිවයුතු එක් පාර්ශ්වයක් විනාශ වුණා. අනෙක් පාර්ශ්වය තමන් අතින් යුද අපරාධ සිදු නොවූ බව පෙන්වන්නට අසාර්ථක උත්සාහයක යෙදෙනවා.

පුළුල් දෘෂ්ටිකෝණයකින් බැලුවොත් ඉතිහාසය ඉදිරියට ගොස් තිබෙන්නේ මෙවැනි ජන සංහාර ඔස්සේ බව පැහැදිලියි. ඉතිහාසය කියන්නේ හැමවිටම යුක්තිය මත පදනම් වූ ක්‍රියාවලියක් නොවෙයි. අද අප ඉතිහාසයේ කැපී පෙනෙන පුද්ගලයන් හෝ වීරයන් ලෙස සලකන බොහෝදෙනෙක් ඇත්තෙන්ම යුද අපරාධකාරයෝ තමයි. බරක් ඔබාමා වුණත් ‍එහෙමයි. ඒ නිසා යුද අපරාධ කළ අයට දඬුවම් දෙන්නට යන එකේ ගැටලුවක් තිබෙනවා. ඒ දඬුවම් කිරීම සඳහා අපරාධකරුවන් තෝරාගන්නා පදනම කුමක්ද යන්නයි.

දැන් රාජපක්ෂ පවුලේ අය හා ඔවුන්ට යුද සමයේ හිතවත්ව සිටි අය යුද අපරාධවලට වගකිවයුතු නිසා ඔවුන්ව දංගෙඩියට ගෙනයන්න දෙමළ ජාතිවාදීන් ලොකු උත්සාහයක් ගන්නවා. ඔවුන්ගේ බලපෑම් කිරීමේ ශක්තිය සුළු එකක් නොවෙයි. එත්, එය ඒ තරම් මහා බලයකුත් නොවෙයි. මන්ද, පැහැදිලි සාක්කි තිබියදීත් ඔවුන්ට පුළුවන් වෙලා නැහැ, ලෝකය තීරණාත්මක ක්‍රියාමාර්ගයකට තල්ලු කරන්න. ඇත්තෙන්ම කිව්වොත් ඔවුන් අසාර්ථකයි.

ඒත්, දිනෙන් දින රාජපක්ෂ පවුල වටා එළා ඇති දැල ශක්තිමත් වෙන බවක් පෙනෙනවා. ලංකාව ඇතුළේ සිංහල ජාතිවාදය තවදුරටත් ශක්තිමත් කළාම ඔවුන්ට ආරක්ෂා වෙන්න පුළුවන්ය කියා ඔවුහු සිතනවා. ඒත්, ඔවුන් කරන දෙයින් ජාතිවාදය කරපින්නාගත් වෙනත් පිරිසක් බලවත් වෙන එක ඔවුන්ට වළක්වන්න අසීරුයි. ඒ බලවත් වෙන පිරිස ඇත්තෙන්ම ඔවුන්ගෙන් බලය ඩැහැගන්න මාන බලන උන්නතිකාමීහු පිරිසක්. 

රාජපක්ෂ පවුලේ ඇත්ත ගැලවීම තිබෙන්නේ ලෝකය සමග සංහිඳියාවකට යාම තුළයි. ඒ සඳහා රට තුළ ජාතික සංහිඳියාව ඇති කිරීම හා ප්‍රජාතන්ත්‍රවදය ගොඩනැඟීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසි. ඒත්, ඔවුන්‍ට තිබෙන මූලික ගැටලුව වන්නේ එවැනි වෙනසකට අවශ්‍ය දැක්මක් කිසිසේත්ම ගොඩනඟාගැනීමට බැරි ආකාරයේ පවුල්වාදයක් තුළ ඔවුන් සිරවීමයි.

යහපාලනයකින් තොර ඒකාධිපතිවාදයක් තුළ නිර්මානය වුණ, සැබැවින්ම අරාජිකත්වයක් වන මේ තත්වයේ අවසාන ප්‍රතිඵලය වන්නේ ලංකාව ආර්ථික, දේශපාලන හ සමාජයීය වශයෙන් තවතවත් අගාධය දෙසට යොමුවීමයි.

මේ තත්වය හමුවේ අවශ්‍ය වන්නේ එක් එක්කෙනා දංගෙඩියට යවන්න හෝ බේරාගන්නට හෝ මැදිහත්වන ව්‍යාපාර නොවෙයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනඟන්න මැදිහත් වන ව්‍යාපාර. ජාතීන් අතර සංහිඳියාව ගොඩනඟන්න මැදිහත් වන ව්‍යාපාර. ජාතික සමානාත්මතාව හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් සටන් කරන ව්‍යාපාර.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-02-26

දහම් සිරිසේන සිද්ධිය පසුපස ඇති මාධ්‍ය දහං ගැට

සිද්ධියක් පුවතක් බවට පත් කරන්නේ ජනමාධ්‍ය විසිනි. ජනමාධ්‍ය විසින් පුවත් බවට පත් කරනු නොලබන සිද්ධි ඕනෑතරම් තිබේ. එසේම විකෘති පුවත් බවට පත් කරනු ලබන සිද්ධිද තිබේ. 

පොල් සිද්ධිය පිළිබඳ අපේ විශ්ලේෂණය අපි ඉදිරිපත් කළේ ඒ සිද්ධිය සිදු වූ අලුතමය. ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය මෙ සිද්ධිය භාවාතිශය ලෙස ඉදිරිපත් කරමින් විකෘති ප්‍රවෘත්තියක් නිර්මානය ‍කළහ. ලංකාවේ වැඩිදෙනෙකු කැමති බාල ජනප්‍රියත්වයට ප්‍රිය කරන ජනාධිපතිවරයා පවා මෙම සිද්ධිය පසුපස එල්ලුණේය. 

මේ දිනවල තවත් සුවිශේෂ ජනමාධ්‍ය මෙහෙයුමක් දැකගත හැකිය. ඒ ඇමති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන නැගෙනහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ පුතකුට පහරදීම හා සම්බන්ධ සිද්ධියයි. 

දහම් සිරිසේන පොලිස් පුතාට පහර දුන්නේ 'මම අනාගත අගමැතිගේ පුතා'ය කියමින් බව ජනමාධ්‍ය වාර්තා කරයි. 

මීට කලකට ඉහතදී ඇමති ඩිලාන් පෙරේරා උතුරුමැද පළාත් සභා මැතිවරණ රැළියකදී ඇමති මෛත්‍රීපාල සිරිසේනව අනාගත අගමැතිවරයා ලෙස හඳුන්වා ආපසු කොළඹට එනවිට ඔහු දරමින් සිටි එක් නියෝජ්‍ය ඇමති තනතුරක් අහිමි වී තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මෛත්‍රීපාල සිරිසේන යනු රාජපක්ෂ පවුල් පාලනයේ මීළඟ අනුප්‍රාප්තිකයන් වන්නට සිටින බැසිල්, නාමල් වැනි අයට කරදරයකි. ඒ බව දන්නා ජනමාධ්‍යකරුවෝ කල්යල් බලා මෙම සිද්ධිය පසුබිම් කරගෙන රසවත් පුවත් නිර්මානයක් කරමින් සිටියි. 

මෙම සිද්ධිය පසුබිම් කරගෙන පාසිකුඩාහි Connaisance de Ceylan නම් සමාගමට අයත් 'මාළු මාළු' නම් මිළ අධික, තත්වයෙන් බාල බවට වාර්තා තිබෙන ෝටලයට ප්‍රචාරය දීම වැඩසටහනක්ද ක්‍රියාත්මක ේ.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-02-25

ගොයම් කපන්නට ඉන්දියාවෙන් එන කම්කරුවන් පොලිසියට අල්ලා දෙමින් ලංකාවේ කම්කරුවන් යුරෝපයට යාම ගැන

ලංකාවේ උතුරු, නැගෙනහිර, උතුරුමැද ආදී පළාත්වල මේ දිනවල ගොයම් කැපීම ආරම්භ වී තිබේ. මේ කාලයට මේ ප්‍රදේශවල දැඩි ශ්‍රම හිඟයක් ඇති වේ. ශ්‍රම හිඟය කෙතරම්ද යත් දකුණු ඉන්දියාවෙන් පවා ශ්‍රමිකයෝ මේ කාලයට ලංකාවට එති. 

ඒ එන්නේ සංචාරක වීසා රැගෙනයි. නැව් සේවාව තිබුණානම් ඔවුන්ට අඩු වියදමකින් එයින් එන්නට තිබිණි. නමුත්, ලොකු සද්දයක් දා තූත්තුකුඩිය හා කොළඹ අතර දියත් කළ නැව් සේවාව නැවතී දැන් බොහෝ කල්ය. සමාන්‍ය ඉන්දීය හා ලාංකික මිනිසුන්ට මේ නැව් සේවාව අවශ්‍ය වන්නේ තලෙයිමන්නාරම හා රාමේශ්වරම් අතරය. කෙසේ වෙතත්, ඒ නිසා දැන් ඔවුන් එන්නේ දකුණු ඉන්දියාවේ ගුවන් තොටවලින් ගුවන් මගිනි. මේ කාර්යයට ඔවුන්ට උදව් කරන ලාංකිකයෝ සිටිති.

මේ මිනිස්සු අතරින් සමහරු මුස්ලිම් ජාතිකයෝය. සරොං අඳින, ලාංකික පෙනුමැති මේ මිනිස්සු දෙමළ කතා කරති. ඔවුන් වැඩිපුර යොමුවන්නේ දෙමළ කතා කරන මුස්ලිම් මිනිසුන් වෙසෙන නැගෙනහිර පළාතටයි. මීට වසර ගණනාවකට ඉහතදී දෑකැත්ත මල්ලේ දමාගෙන මේ මිනිස්සු රැකියාව පිණිස තැනින් තැනට යන ආකාරය මේ ලියන්නා (writer) දැක තිබේ.

මේ මිනිස්සු හොඳ ශ්‍රමිකයෝය. ලංකාවේ සිටින මුළු කාලය තුළම අවම පහසුකම් ඇතිව ලැගුම් ගනිමින්, අධික‍ ලෙස වෙහෙස වී වැඩ කර සිය ගුවන් ටිකට්පත් ගාස්තුවද ආවරණය කරගෙන සැලකිය යුතු මුදලක් ගෙදර ගෙන යාම ඔවුන්ගේ අරමුණයි.ඔවුහු එයින් තම රටදී උපයන්නට හැකි ආදායමට වඩා වැඩි ආදායමක් උපයති.

දැන් පොලිසිය ඔවුන් පසුපස හඹාගොස් ඔවුන් අල්ලා මිරිහානේ ආගමන විගමන වැරදිකරුවන්ගේ මධ්‍යස්ථානයේ රඳවා පසුව ආණ්ඩුවේ වියදමින් කන්න බොන්න දී ගෙදර යැවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.

ඔවුන් ඇල්ලීමෙන් සිදුවන එකම දෙය ගොයම් කැපීම පමාවීම පමණි. මන්ද, ලංකාවේ මේ වනවිට මෙවැනි වෙහෙසකර ශ්‍රම කාර්යයන් සඳහා අධික ශ්‍රම හිඟයක් තිබේ. මෙය වී ගොවිතැනට පමණක් නොව, තේ, රබර්, පොල් ආදී වැවිලිවලටද සෙසු බොහෝ කර්මාන්තවලටද පොදු තත්වයකි. සරළව කිව්ොත් ඔේ වත්ොල් ගහෙන් ගෙඩි ටික කඩාගැනීමට මිනිහෙක් ොයාගැනීම වෙනත් ශ්‍රම කාර්යයක් ඔබ බලාොත්තු වන පරිදි කරගැනීමට ශ්‍රමිකයෙකු ොයාගැනීම පහසු නැත. අනෙක් පැත්තෙන් ේ කම්කරුවන් අතරින් බෙොමයක් දෙනා ඔබ වැනි සාමාන්‍ය පංතිේ මිනිසුන් හමුේ වංචනිලෙස හැසිරෙන්නට උත්සාහ කරති.

දැන් මේ ඉන්දීය ශ්‍රමිකයන්'ප්‍රශ්නය' දෙස බලන්නට පුළුවන් දෘෂ්ටි කෝණ කීපයක් තිබේ. එකක්, නීතිමය දෘෂ්ටි කෝණයයි. ඒ අනුව, මේ මිනිසුන් නීතියෙන් වැරදිකරුවන් නිසා ඔවුන් පිටුවහල් කිරීම සාධාරණ යයි කියන්නට පුළුවන. 

එහිදී ජාතික රාජ්‍ය සීමාවන් හා කම්කරු පංතික අවශ්‍යතා පිළිබඳ සංවාද විෂයක් හමු වේ. ධනපතීන්ට ජාතික රාජ්‍ය සීමා විනිවිදිමින් සිය ප්‍රාග්ධනය රටින් රටට ගෙන යන්නට සලසා තිබෙන පහසුකම් කම්කරුවන්ට ශ්‍රමය වෙනුවෙන්ද ලබාදෙන්නැයි ඉල්ලා සිටීම සාධාරණ අරගලයකි. ශ්‍රමය බහුලව තිබෙන තැන සිට හිඟ තැනට වැඩ සොයා යන්නට කම්කරුවන්ට සාධාරණ හිමිකමක් තිබේ. එහිදී කම්කරු ව්‍යාපාර විසින් සැලකිය යුතුව තිබෙන දෙය වන්නේ ජාතික සීමාවන් නොවේ. එවැනි සංක්‍රමණයන් නිසා සමස්තයක් ලෙස කම්කරු පංතියේ සේවා තත්වයන් හා වැටුප් තවත් පහත වැටෙනවා ඉහළ යනවාද යන්න පමණි.

නිදසුනක් ලෙස ලාංකික කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවිකාවන් ලෙස සේවය කිරීම සඳහා සිදුවන ශ්‍රම සංක්‍රමණ තුළ ලංකාවේ විදෙස්ගත කාන්තා ශ්‍රමිකයන්ගේ සේවා තත්වය ඉහළ ගොස් නැති බව අපට පෙනේ.

මෙහිදී කම්කරු පංතිය ජාතිවාදී වීම නින්දිතය. ගොයම් කැපීමට ලංකාවට එන ඉන්දීය කම්කරුවන් පොලිසියට අල්ලාදීමට ලංකාවේ පීඩිතයන් කටයුතු කිරීම සාධාරණනම් ඉතාලිය වැනි යුරෝපා රටවලට වැඩි වැටුපට වැඩ සොයා හොරෙන් පැන යන ලාංකිකයන් එරට වැසියන් විසින් අල්ලා දීමද සාධරණ යයි තර්ක කළ හැකිය. 

ලංකාවේ ශාරීරික ශ්‍රම වෙළඳපොළේ උග්‍ර රැකියා වියුක්තියක් පවතිද්දී ලාංකිකයන් වැඩි ආදායම් සොයා බෝට්ටුවලින් අනතුරුදායක ලෙස ඕස්ට්‍රේලියාවට, යුරෝපයට යන්නට පෙළඹෙන්නේ ඇයිද යන්නද විමසා බැලීම වැදගත්ය. 

මෙහිදී ලංකාවේ කම්කරුවන්ට බලපා තිබෙන්නේ ඉක්මනින් සල්ලි සොයාගෙන ප්‍රාග්ධන හිමියන් හෝ සැප සම්පත් පරිභෝජනයකරන්නන් බවට පත්වීමේ ධනේශ්වර උන්නතිකාමී අකල්පයි. 

කම්කරුවන්ගේ විමුක්තිය ඇත්තේ ප්‍රාග්ධන හිමියන් වීම තුළ නොවේ. කම්කරුවන් ලෙසම තම සේවා තත්වය ඉහළ නංවාගැනීම තුළයි. කම්කරුවන් තම අභිමානය ගොඩනඟාගත යුත්තේ කම්කරුවන් ලෙසමයි. ඒ සඳහා ඔවුහු ශ්‍රම ඵලදායිත්වය ඉහළ නංවාගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. විවේකය ඵලදායී ලෙස ගතකරන වඩා සංස්කෘතිකගත වූ ජීවිතයක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. අධ්‍යාපනයට යොමු විය යුතුය. ධනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන කෑදර පරිභෝජනවාදී ජීවන රටාව වෙනුවට විකල්ප හිතකර ජීවන රටාවක් ගොඩනඟාගත යුතුය.

කම්කරු පංතියේ අරගලය අප දකින ආකාරයටනම් තිබෙන්නේ එතැනය. කම්කරු පංතියට දේශපාලන බලය ලබාගැනීමට හැකි වන්නේද මෙවැනි ප්‍රබුද්ධ පංතියක් බවට පත්වීමෙන් මිස ධනවාදී කෑදරකමින්ම දේශපාලන බලය පසුපස හඹා යාමෙන් නොවේ.

අපි සමාජවාදය සඳහා අරගලය යයි කියන්නේ එයටයි. කරුණාකර ගතානුගතික මාක්ස්වාදීන් සමග අප පටලවා නොගන්න.

ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-02-23

සමාවෙන්න!

අප විසින් මෙම බ්ලොග් අඩවියෙහි පළ කරන ලද හලාල් ප්‍රශ්නය: දේශපාලන සායනික ප්‍රතිකාර අවශ්‍ය දේශපාලන උමතු නම් ලිපිය ජනරළ පුවත්පත විසින් අපගේ නිසි අවසරය ඇතිව එම පුවත්පතේ මේ සතියේ කලාපයෙහි පළ කර තිබේ. 

ඔවුන් විසින් එම ලිපිය පළ කිරීමේදී අපගේ මාතෘකාව වෙනුවට 'හලාල්' නම් මාතෘකාව යොදා ඇති අතර අප විසින් දන ලද මාතෘකාව වැරදීමකින් ලිපියේ මුලට එක් වී තිබේ. 

එමගින් ලිපියේ පළමු වාක්‍යයේ අර්ථය වෙනස් වී තිබේ. එයින් අප කීමට අදහස් නොකළ දෙයක් චම්පික රණවක ඇමතිවරයා පිළිබඳ කියැවී තිබෙන බැවින් අපි ඒ පිළිබඳ සමාව අයදිමු. 

අජිත් පැරකුම් ජයසිංහ - සංස්කාරක W3Lanka

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-02-22

බොදු බල සේනාව බඩු මිළ අඩු කරයි

හලාල් ප්‍රශ්නය සම්බන්ධයෙන් ජමියතුල් උලමා සංවිධානය කර තිබෙන අලුත් යෝජනාව සාකච්ඡාවට භාජනය කළ යුතුය.

හලාල් සහතිකය ලබාගත් භාණ්ඩ මුස්ලිම් පාරිභෝගිකයන්ට පමණක් විකුණන්නැයි ජමියතුල් උමා සංවිධානය ඉල්ලා සිටියි. 

දැන් බෝලය ඇත්තේ නිෂ්පාදකයන් අතේය. නිෂ්පාදන හලාල් කිරීම සඳහා ගිය වියදම හලාල් ලකුණ සහිත නිෂ්පාදනවලට එකතු කළ හැකිය. මෙතෙක් ඒ වියදම සියලු භාණ්ඩ අතර බෙදී ගිය නිසා දැන් හලාල් සහතිකය නැති භාණ්ඩ අනිවාර්යයෙන්ම මිළ අඩු විය යුතුය. 

මේ ලාභය මුස්ලිම් නොවන පාරිභෝගිකයන්ට ලැබෙන්නේ බොදු බල සේනා සංවිධානයට පිං සිදු වන්නටය. 

බොදු බල සේනාවට බඩු මිළ අඩු කිරීමේ පුණ්‍යකර්මය දිගටම කරගෙන යාම සඳහා තවත් යෝජනාවක් ඉදිරිපත් කරමු. දැන් මේ ඇතැම් භාණ්ඩවල මිළට වෙළඳ ප්‍රචාරණය සඳහා ගිය වියදම්ද ඇතුළත්ය. බොහෝ බෞද්ධයෝ වෙළඳ දැන්වීම් බලන්නට කැමති නැත. එහෙත් ඔවුන් මතද මේ වෙළඳ දැන්වීම්වල පිරිවැය පටවා තිබේ. දැන් බොදු බල සේනාවට පුළුවන්නම් මේ වෙළඳ දැන්වීම් සඳහා යන වියදම ඒවා බලන අය මත පමණක් පැටවෙන ක්‍රමයක් හදන්නට ඒවා නොබලන අයට අඩු මිළට භාණ්ඩ දෙන්නට පුළුවන. ඒ කියන්නේ වෙළඳ දැන්වීම් බලන අය මිළ දී ගන්නා භාණ්ඩවලට පමණක් ඒ පිරිවැය එකතු කර විකිණිය හැකිය. දැන්වීම් නොබලන අයගේ භාණ්ඩ අඩු මිළට දිය හැකිය. 

මේ ක්‍රමය තව දුරටත් ඉදිරියට ගෙන යන්නට පුළුවන. දැන් මේ ආණ්ඩුවට කැමති නැති අයටද රජය අය කරන බදු ගෙවන්නට සිදු වී තිබේ. දැන් ආණ්ඩුවට කැමති අයට පමණක් බදු ඇතුළත් භාණ්ඩ අලෙවි කර ආණ්ඩුවට අකැමැති අයට බදු නැතිව ලාබෙට භාණ්ඩ විකුණන්නට පුළුවන.  

ොදු බල ේනාව දිවා! ඥානසාර හා විමලෝති හිමිවරුන්ට මන්ත්‍රී පදවි ලැේවා!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-02-21

විස්කෝතු කන ළමයා

ළමයෙක් සිටියි පිංතූරයක
බියපත් මුවපොව් දෑසින් බලමින්
විස්කෝතු කන
ප්ලාස්ටික් ජෝගුවෙන් දිය බොන

ළමයා සිටියි පිංතූරයක
බිය නැති දුක නැති
අඩවන් දෑසින් නිදන
ජීවිතේ සියලු බර 
වාරු නොම දී 
මහ‍ පොළවටම දී
පුංචිම සිදුරු කීපයක්
විනිවිද තිබේ හදවත

ළමයා නිදයි
සුවපත්ය ඔහු
සියලු දුකින්
නිදහස්ය ඔහු 
අපෙන්

එහෙත්
ළමයා සිටියි පිංතූරවල
විස්කෝතු කමින්
නිදමින් 
අපේ නෙත් අබියස
ඇසේ කටුවක් වෙමින්
හදවතේ ඇනුණු 
පාපී ඉතිහාසයක් වෙමින් 

ළමයා නිදයි
අපට නින්ද නොයයි

-අජිත් පැරකුම් ජයසිංහ 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-02-19

බාලචන්ද්‍රන්

ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් මරා දමන්නට මොහොතකට පෙර ගත් බව කියැවෙන තවත් ඡායාරූප කීපයක් මාධ්‍යයට නිකුත් වී තිබේ.

බාලචන්ද්‍රන් බාල දරුවෙකි. අත්අඩංගුවට ගෙන ඔහු මරා දැමුවානම් එය පැහැදිලිවම යුද අපරාධයකි. 

කොටි සංවිධානය යුද අපරාධවල නියැලුණ බව කවුරුත් දනිති. කොටින් විසින් කපා කොටා මරා දමන ලද දරුවන්ගේ සිරුරු මේ ලේඛකයා පදවියේදී හා හේරත්හල්මිල්ලෑවේදී සියැසින් දැක තිබේ. කොටි සංවිධානය ළමා සොල්දාදුවන් යොදාගත් බවද සත්‍යයකි. 

කොටි සංවිධානයේ නායකයා මේ යුද අපරාධවලට වගකිව යුතුය. එසේම, තවමත් ජීවතුන් අතර සිටින කරුණා අම්මාන්, කේ.පී. හා වෙනත් විදෙස්ගත කොටි නායකයන් මෙම යුද අපරාධ ෝදනාවලට වලට පිළිතුරු දිය යුතුය. 

එහෙත්, ප්‍රභාකරන්ගේ පුත්‍රයා වූ බාලචන්ද්‍රන් බාල දරුවෙකි. ඔහු අත්අඩංගුවට ගෙන වෙඩි තබා මරා දැමීම යුද නීති, මානව හිමිකම් නීති පමණක් නොව සාමාන්‍ය මිනිස් ගුණධර්මවලටද පටහැනි තුච්ඡ ක්‍රියාවක් බව කිව යුතු නොවේ. 

මේ පිළිබඳ කතා කිරීමේදී ප්‍රභාකරන් අච්චර මැරුවා, මෙච්චර මැරුවා ආදී වශයෙන් කීම තේරුමක් නැත. මන්ද බාලචන්ද්‍රන් බාල දරුවෙකි.

ක් අපරාධයක් විසින් ඇති කරනු ලබන සමාජ ව්‍යසනය තවත් අපරාධයකින් පියැවෙන්නේ නැත.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-02-18

බුර්කාව: අනුන්ගේ රෙද්ද හා අපේ රෙද්ද

"ඉස්ලාම් ආගමින් මුස්ලිම් ජාතික කාන්තාවන්ට මුදාහැර තිබෙන (ලංකාවේ නව ප්‍රවනතාවක් ලෙස) පීඩනය ගැන යමක් කියන්නේ නැත්තේ ඇයි?"

මේ අප කලින් ලියූ ජාතිවාදය ග්‍රස්ථි වීම නම් සටහනේ පළ වූ කමෙන්ටුවකි. දැඩි ලෙස පුරුෂාධිපත්‍යවාදී මුස්ලිම් සමාජය තුළ කාන්තාවට සමතැන් අහිමි වීම පිළිබඳ මට ගැටලුවක් තිේ. එහෙත් ඒ හා සම්බන්ධ ආගමික චින්තනය සමග මගේ සම්බන්ධයක් නැත. කොටින්ම කීවොත් එය මුස්ලිම් සමාජයේ ප්‍රශ්නයකි. මම මුස්ලිම් ජාතිකයෙක් නොවෙමි. මේ සීමාවන්ට එරෙහිව කිසියම් මුස්ලිම්වරයකු සටන් කරන්නේ නම් මට ඔහුට හෝ ඇයට සහාය දෙන්නට පුළුවන.මට ඇඳුම් ගලවා දමා නිදහස ප්‍රකාශ කරන්නට පැරිය. මන්ද මම ඇඳුම් ොඅඳින බැවිනි. මා අකැමැති වූ පලියට අනුන්ඇඳුම් ගලවන්නට මට කිසිදු අයිතියක් නැත.

මුස්ලිම් ගැහැනුන්ගේ ඇඳුම් ගලවන්නට ඉදිරිපත් වී සිටින බොදු බල සේනා සවිධානයට කීමට තිබෙන්නේ මෙයයි.

ඇඳුම් අඳිනා එකම සතා මිනිසාය. මිනිස සමාජයේ ඇඳුම් ඇඳ සිටීම අශිෂ්ට ක්‍රියාවක් ලෙස දැන් පිළිගැනේ. සාමාන්‍යයෙන් යෝනිය, ශිශ්නය හා කාන්තා පියයුරු වර්තමාන සමාජයේ බහුතරයක් දෙනා තුළ ලිංගික ආවේග ඇතිකරන ශරීරාංග බැවින් ඒවා ආවරණය වන පරිදි ඇඳුම් ඇඳිය යුතු යයි පොදු පිළිගැනීමක් සමාජයේ තිබේ.

එහෙත්, ලිංගික ආවේගයන් ඇති කරනු ලබන්නේ මිනිස් සිරුරේ මේ අංග විසින් පමණක් නොවේ. තොල්, පා, දෑත්, ඇස්, කම්මුල් සහ තවත් බොහෝ අංග ලිංගික ආවේග ඇති කරයි. එහෙමය කියා ඒ සියල්ල වසා ගත යුතු යයි සම්මතයක් නැත. එසේම ඒවා විවෘත කර තැබිය යුතු යයිද සම්මතයක් නැත.

සිංහල බෞද්ධ අවස්ථාවාදීන්ට කලින් කලට ජනප්‍රියත්වය පිණිස විවිධ සටන් පාඨ උවමනාය. මීට වසර කීපයකට ඉහතදී ගැහැනුන් ඉඟ‍ටිය පෙනෙන්නට ඇඳුම් ඇඳීම ගැන සිංහල බෞද්ධ අන්තවාදීහු උරණව සිටියහ. එසේ ඇඳුම් ඇඳි ගැහැනුන්ට හිංසා කිරීම්ද සිදු විය.

දැන් ඒ අන්තවාදීහුම මුස්ලිම් ගැහැනුන්ගේ‍ ඇඳුමින් සිදුවන ආවරණය වැඩි බවට තර්ක කරති.

ඇඳුමින් කෙතරම් විලි වසා ගත යුතුද යන්න මගේ අදහස අනුව නම් තනිකරම පෞද්ගලික තීරණයකි. ඒ තීරණයට සංස්කෘතික ේතූන් තිබිය හැකිය. පොදු ආරක්ෂාව වෙනුවෙන් යම් යෝග්‍ය විධිවිධාන පැනවිය හැකිමුත් කිසිවකු ඇඳුම් ඇඳිය යුතු ප්‍රමාණය තීරණය කිරීමට කාටවත් අයිතියක් නැත. බැංකු, කාර්යාල ආදියට ඇතුල් වනවිට වැහි කබා, හෙල්මට් ආදිය ගලවන්නැයි ඉල්ලීම වෙනම දෙයකි. සංස්කෘතික ඇඳුමක් වන බුර්කාව ගලවන්නැයි කීම ඊට වඩා වෙනස්ය.

මෙතැනදී හොඳම දේ වන්නේ අනුන්ගේ රෙද්ද ගැන නොසොයා සිටීමයි. මුස්ලිම් ගැහැනුන්ගේ රෙද්ද ඒ ගැහැනුන්ගේ හා ඒ සමාජයේ ප්‍රශ්නයක් මිස සිංහල බෞද්ධ හාමුදුරුවන්ගේ ප්‍රශ්නයක් නොවේ.

ලෝකයේ පොදුබවට පත්වෙමින් තිබුණු බටහිර ඇඳුම් විලාසිතා වෙනුවට ස්වදේශික ඇඳුම් ඇගයීම මෑත කාලීනව බොහෝ ජන සමාජයන් තුළ නව ප්‍රවණතාවක් විය. සාමාන්‍යයෙන් ශරීරය හොඳින් වැසෙන පහසු, සරළ ඇඳුමක් වන කලිසම හා කමිසයට වඩා ස්ත්‍රී ශරීර ලාලිත්‍යය උද්දීපනය කරන සාරිය අගය කිරීම සිංහල සමාජයේද දක්නට ලැබේ. සිංහල පිරිමි අතරද රෙද්ද, බැනියම විලාසිතාවක් වී තිබේ.

මුස්ලිම් සමාජයේද සිදු වී තිබෙන් විලාසිතා වෙනස්වීමකි. ඒ ඇඳුම් පීඩාකාරීනම් ඒ සමාජය විසින්ම කලකදී ඒවා බැහැර කරනු ඇත. වෙනත් සමාජයන් ඒ ගැන උරණ වීමෙන් සිදුවන්නේ මුස්ලිම් සමාජය තුළ තවතවත් දැඩි අදහස් ඇති වීම පමණි. 

හෙමය කියා එවැනි දැඩි අදහස්වල එල්බගැනීම අනුමත කළ ොහැකිය. මුස්ලිම් සමාජය තමන් ොදු ලාංකීය සමාජයක ොටසක් බව සිතිය යුතුය. ඔවුන්ට ොදු සමාජයෙන් වෙන් වී ජීවත් විය ොහැකිය. ෝලිමිට් සාප්පුව රැකියාවලට බඳවාගැනීම වැනි කාරණාවලදී ජාතිවාදී වන්නට ගොස් අවසානේදී වෙළඳාමෙන් පාඩු වන තත්වයක් නිර්මානය කරගනිමින් සිටියි. මුස්ලිම් වෙළඳුන් තිහාසය පුරාම වැඩිපුර බඩු විකුණු සිංහල මිනිසුන්ටය. වෙළෙන්දා අනිවාර්යයෙන්ම පාරිෝගිකයා ගැන සිතිය යුතුය.  

රැකියාවලට බඳවාගැනීේදී සිංහල සමාජය සෙසු සමාජයන්ට පූර්ණ සමානාත්මතාව දී තිබෙනවාද යන්නද සිතා බැලිය යුතුව තිේ. ජාතික වශයෙන් පීඩාවට පත් වී තිබෙන සමාජයන් විසින් ගනු ලබන ප්‍රතිෝධී ක්‍රියාමාර්ග ගැන වෛරී වීම වැඩිදුරටත් ජාතිවාදී වීමකි. සිංහල මූලික ශ්‍රී ලංකා රාජ්‍යය විසින් විසඳා ගතයුතු ප්‍රශ්න රාශියක් තිබෙන බව අප අමතක ොකළ යුතුය. 

වත්මන් ෝකේ ජන සමාජයන්ට හුදකලා පැවැත්මක් නැත. ඒවා අනිවාර්යයෙන්ම සෙසු සමාජයන් ගැන සංේදී විය යුතුය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-02-17

ජාතිවාදය ග්‍රස්ථි වීම

ලංකාවේ දැන් ජාතිවාදයට එරෙහි උද්ඝෝෂණ දෙස බලනවිට ඒවා හරියට මහා ජාතිය වන සිංහලයන්ට එරෙහි බලවේගවලට එරෙහි උද්ඝෝෂණ යයි සිතෙන තරමට සුළුතර ජාතීන්ගේ හඬ යටපත් කර දමා තිබේ.

මෙය කුල අසාධාරණකම් සම්බන්ධව සලකන්නේ නම් හරියට ගොවිගම කුලයට එරෙහි අසාධාරණකම්වලට එරෙහි සටනක් සේ පෙනෙන තරමට පීඩිත කුලවල හඬ යටපත් කර තිබේ.

අධිපති සමාජ ප්‍රජාවකට තමන් විසින් ඇති කරනු ලබන පීඩනය හඳුනා ගත ‍නොහැකි තරමට එකී පීඩනය සාමාන්‍යකරණය වීම සුවිශේෂ තත්වයකි. එමෙන්ම එය අතිශය භයානකය.

පුරුෂාධිපත්‍යය සාමාන්‍යකරණය වී ඇති ලෝකයක පිරිමියා ස්ත්‍රිය කෙරෙහි ඇතිකරණ පීඩනය පිරිමියාට නොපෙනෙයි. බොහෝවිට ස්ත්‍රියටද තමන්ට සිදුවන අසාධාරණය නොපෙනෙයි. සම හිමිකම සාධාරණ නැතැයි ගැහැනිය සිතන තත්වයක් ඇති‍ වේ. එතැනින් ඔබ්බට ඒ සමාජයේ තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදයක්, සමානාත්මතාවක් පැවතිය නොහැකිය.

මෙම තත්වය ලංකාවේ ජාතීන් සම්බන්ධයෙන් සලකා බැලූ කල තමන් දෙමළ බස කතාකරන ජනතාව මේ රටේ දෙවන පෙළේ පුරවැසියන් පිරිසක් බවට පත් කර ඇති බව සිංහලයන්ට නොපෙනේ. මන්ද එය එතරම් සාමාන්‍යකරණය වී ඇති බැවිනි. නිදසුනක් ලෙස දිවයින පුවත්පතේ පළ වූ පහත සඳහන් ප්‍රවෘත්තිය විශ්ලේෂණය කර බලන්න. එහි රතු පැහැයෙන් දක්වා තිබෙන වාක්‍යය ගැන ඔබේ අදහස කුමක්ද?

කච්චේරියේ ගින්න පිටුපස මුදල් කතාවක්‌?
- ඇමැති ජෝන් සෙනෙවිරත්න සැක පහළ කරයි

නෝමන් පලිහවඩන

පිටකොටුව කච්චේරියේ ඇතිවූ මහා ගින්න මුදල් අඩුපාඩුවක්‌ වසා ගැනීම සඳහා කිසියම් පිරිසක්‌ විසින් සිදුකරන ලද එකක්‌ බවට සැක කළ හැකි යෑයි රාජ්‍ය පරිපාලන සහ ස්‌වදේශ කටයුතු පිළිබඳ ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා ඊයේ (15 වැනිදා) "දිවයින"ට ප්‍රකාශ කළේය.

මෙම ගින්න පිළිබඳව කච්චේරියේ දෙමළ සහකාර දිස්‌ත්‍රික්‌ ලේකම්වරියකගෙන්ද ප්‍රශ්න කර ඇතත් වැදගත් තොරතුරක්‌ හෙළිවී නැති බවත් දැන් එම පරීක්‍ෂණ කටයුතු එහි මුදල් අංශය පැත්තට යොමුකර ඇති බවත් ඇමැතිවරයා පැවැසීය.

මෙම මුදල් අංශයේ කිසියම් නිලධාරියකු ඉකුත් නොවැම්බර් 26 වැනිදා රාත්‍රි වන තුරු එම කච්ෙච්රියේ සේවය කළේ දැයි පිළිබඳව විශේෂ පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබෙන බවද ඇමැතිවරයා පැවැසීය.

කිසියම් මුදල් අඩුපාඩුවක්‌ නිසා මෙම ගිනි තැබීම සිදු කළ බවට පොලිස්‌ පරීක්‍ෂණ කණ්‌ඩායම්වලට සහ තමාට දැඩි සැකයක්‌ පහළ වූ බවද ඇමැතිවරයා පැවැසීය.

නොවැම්බර් 26 දා රාත්‍රියේ හටගත් මෙම ගින්න හේතුවෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක්‌ සිදුවී ඇති බව පොලිස්‌ පරීක්‍ෂණ කණ්‌ඩායම් කියයි.

මෙහිදී වාර්තාකරුවා ප්‍රශ්න කිරීමට  භාජනය වූ සෙසු පිරිසගේ ජාතිය ගැන සඳහන් නොකර මෙම කාන්තාවගේ ජාතිය ගැන පමණක් සඳහන් කරන්නේ ඇයි? බොහෝවිට ඔහු එය සිතාමතා නොකරනවා ඇත. ජාතිවාදය ග්‍රස්ථිවීම කියන්නේ එසේ ඉබේම මේ අන්දමින් කටයුතු සිදුවීමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-02-16

රතු සෝගම් ලියූ මෝ යැංගේ හදවත

චීන ජාතික මෝ යැංගේ රතු සෝගම් නවකතාව චූලානන්ද සමරනායක විසින් සිංහලට නඟා තිබෙනවා. 

මේ මෝ යැංට පසුගිය වසරේ සාහිත්‍යය පිළිබඳ නොබෙල් තෑග්ග හිමිවුණා. 

ඔහු වෙනුවෙන් කියැවුණු ප්‍රණාමයේ සඳහන් වූ පරිදි ඔහුට නොබෙල් තෑග්ග හිමි වුණේ ඔහු අතිශයෝක්තිය, උපහාසය හා ජනකතා හා මිථ්‍යා ඇසුරින් ලත් ආභාසය හරහා කොමියුනිස්ට්වාදී ප්‍රචාරාත්මක ඉතිහාසය වෙනුවට පනස් වසරක අතීතය අවබෝධාත්මක හා විවේචනාත්මක අයුරින් විවරණය කළ නිසායි.   

මේ කියමනත් සමග නොබෙල් සාහිත්‍ය තෑග්ග පිළිබඳ ජනප්‍රිය වාම අදහසක් වන මේ වනාහි ධනවාදී හා සමාජවාද විරෝධී සාහිත්‍ය ප්‍රවර්ධනයක්ය කියන මතය නැවත ඉස්මතු කරගන්න පුළුවන්. ඒත්, සමාජවාදී හෝ ධනවාදී හෝ ප්‍රචාරාත්මක සාහිත්‍යය ගුණයෙන් දුබලයි කියන අදහස එයින් යටපත් කරන්න බැහැ. සාහිත්‍යයෙන් දේශපාලන මතවාදයක් ප්‍රවර්ධනය කරන්න පුළුවන්ද කියන එක සාකච්ඡා කළයුතු කාරණයක්. අපට යම්, යම් චරිත වීරත්වයට නඟන්න පුළුවන්. සිද්ධි අර්ථකථනය කරන්න පුළුවන්. ඒත්, සාහිත්‍යය කියන්නේ කර්තෘගේ පමණක් නොවෙයි, පාඨකයාගේත් කාර්යයක්. එතකොට කර්තෘ කුමන අර්ථ ජනනය කරන්න උත්සාහ කළත් වැදගත් වන්නේ ඒ ඔස්සේ පාඨකයා සමග ඇති වන සුසංවාදයයි. 

අපි කතා කළේ මෝ යැං ගැනනේ. ඔහුගේ අදහස් මෙහිදී ස්වර්ණමය ආලෝක ධාරාවක් වගේ. නොබෙල් තෑග්ග පිළිගන්න සති කීපයකට පෙර ඔහු ප්‍රතික්ෂේප කළා, ලියු ක්ෂියෝබෝ කියන 2010දී නොබෙල් සාම තෑග්ග දිනූ චීන ජාතික ලේඛකයා නිදහස් කරගැනීම සඳහා වූ නොබෙල් ත්‍යාගලාභීන් 134ක් අත්සන් කළ පෙත්සමකට අත්සන් කිරීම. ලියූ ක්ෂියාබෝ වසර 11ක සිට චීන නිවාස අඩස්සියේ පසුවන්නේ ඔහු චීනයට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි 'අටවන ප්‍රඥප්තිය' නම් ලේඛනයේ සම කර්තෘවරයකු වූ නිසායි.ඔහුගේ මේ ක්‍රියාව නිසා සල්මන් රෂ්ඩි මෝ යැංව විවේචනය කළේ ඔහු ආණ්ඩුවේ අතකොළුවක්ය කියායි. 

මෝ යැං චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක්. ඔහු චීන රජය විවේචනය කරන්නේ නැහැ. එපමණක් නොවෙයි, ඔහු ගැඹුරු මූලධර්ම මත පිහිටි වාරණයක් අවශ්‍යයි යන අදහසත් දරන කෙනෙක්. ඒත්, ඔහුගේ අදහස් ජනප්‍රිය ස්ථාවරයන්ට වඩා ගැඹුරුයි.

"මගේ ලොකුම අභියෝගය තමයි, සමාජ යථාර්ථයන් සමග සම්බන්ධ නවකතා ලිවීම. ඒ මම සමාජයේ අඳුරු පැතිකඩ විවේචනය කරන්න බිය නිසා නොවෙයි. ඒත්, උණුසුම් ආවේග හා කෝපය විසින් සාහිත්‍යය යටපත් කර නවකතාව සමාජ යථාර්ථය වාර්තා කිරීමක් බවට පත් කරනවා. සමාජයේ සාමාජිකයකු ලෙස නවකතාකරුවකුට තමන්ගේ ස්ථාවරයක හා දැක්මක පිහිටා සිටිය හැකියි. ඒත්, ලියනවිටදීනම් ඔහු මානවවාදී ස්ථාවරයක් ගත යුතුයි. එවිට පමණයි සාහිත්‍යය හුදෙක් සිද්ධිවලින් මතු නොවී, සිද්ධි ඉක්මවා යන්නේ. නිකම් දේශපාලනය සමග ගෑවීම වෙනුවට දේශපාලනය ඉක්මවා යන්නේ."

නොබෙල් තෑග්ග ගන්න ස්වීඩනයේ ස්ටොක්හෝම් ගොස් සිටියදී පුවත්පත් සාකච්ඡාවකදී ඔහු කළ මේ ප්‍රකාශයත් වැදගත්."මගේ ජීවිතයේ වැඩි කාලයක් අමාරු තත්වයන් තුළ ගත කළ නිසා වෙන්න ඇති, මම හිතනවා මා සතුව ජීවිතය ගැන ගැඹුරු අ‍වබෝධයක් තිබෙනවාය කියා. මම දන්නවා නියම ධෛර්යය කුමක්ද කියලා. මට සැබෑ කරුණාව වැටහෙනවා. මම දන්නවා සෑම කෙනෙකුගේම හදවතේ හා මනසේ පවතින  නොපැහැදිලි අවකාශය ගැන. හොඳ‍ හෝ නරක ගැන, හරි හෝ වැරදි ගැන සරළ අර්ථකථනවලින් මේ අවකාශය විවරණය කරන්න බැහැ. ලේඛකයකු සිය නිසග කුසලතාවන්ට නිදහස පිරිනමන්නේ මේ අවකාශයේදීයි. කෘතිය මේ නොපැහැදිලි, විශාල වශයෙන් පරස්පර වූ අවකාශය නිවැරදිව හා විචිත්‍ර ලෙස විවරණය කරන තාක් කල් එය දේශපාලනය ඉක්මවා යනවා. සාහිත්‍යමය විශිෂ්ටත්වයෙන් යුක්ත වෙනවා."

1955 උපන් මෝ යැං චීනයේ ඈත ‍පෙරදිග ගැ‍යොමිහි ගොවි පවුලකින් පැවත එන්නෙක්.  ඔහුගේ සම්පූර්ණ නම ගුවාන් මෝයි. ඔහු නවකතා 11ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අතර The Garlic Ballads, Red Sorghum Clan, The Republic of Wine, Big Breasts and Wide Hips; Life and Death are Wearing Me Out; Frog ආදිය වඩා ප්‍රසිද්ධයි. 

ඔහු වැනි චීන කොමියුනිස්ට් ආණ්ඩුවට හිතවත් අයකු නොබෙල් තෑග්ග දිනීම බොහෝදෙනෙකුගේ විමතියට හේතුවුණා. නොබෙල් තෑග්ග හා චින ආණ්ඩුව පිළිබඳ තිබෙන මතිමතාන්තරලට වඩා මෝ යැං නම් ලේඛකයාගේ ජීවිතය ගැඹුරු බවයි අපේ අදහස. 

"ලේඛකයකුට කතා කළ හැකි හොඳම විධිය තමයි, ලිවීම. මට කියන්න තිබෙන දේ ඔබට මගේ කෘති තුළ කියවන්න පුළුවන්. කතාව සුළ‍‍ඟේ පා වී යනවා. ඒත් ලිඛිත වචනය කවදාවත් කටුගාදමන්න බැහැ. ඔබ මගේ පොත් කියවන්න ඉවසිලිවන්ත වෙනවානම් මම සතුටු වෙනවා. ඒත්, මට ඒ සඳහා ඔබට බල කරන්න බැහැ. එසේ කියෙව්වත්, ඔබට මා පිළිබඳ තිබෙන අදහස වෙනස් වෙයි කියා මා බලාපොරොත්තු වන්නේ නැහැ. ලෝකයේ කිසිදු ලේඛකයෙකුට ඔහුගේ පාඨකයෝ සියලුදෙනා කැමති වී නැහැ. විශේෂයෙන්ම මෙවැනි කාලයක එය ඇත්තක්." - මෝ යැං

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-02-14

හලාල් ප්‍රශ්නය: දේශපාලන සායනික ප්‍රතිකාර අවශ්‍ය දේශපාලන උමතු

විදුලිබල හා බලශක්ති ඇමතිකමේ සිට පහත වැටුණු ‍චම්පික රණවකගේ කට කලකට පසු ඇරී තිබේ. ඒ හලාල් සහතිකයට එරෙහිව අද පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදීය. 

පසුගිය කාලයේ බත් කන්නට හා දත් මදින්නට පමණක් කට ඇරිය, වෙන අය ලවා තමන්ට කියගන්නට බැරි කතා කියවා ගන්නට තතනමින් සිටි චම්පික රණවක මෙසේ විපිරියාස වන්නට එකම හේතුව තනතුරෙන් පහත දැමීම පමණක් නොවේ. 

ජාතික හෙළ උරුමය ආණ්ඩුව හමුවේ දන නැමීමත් සමගම ආන්තික සිංහල බෞද්ධ ජාති ආගම්වාදී ව්‍යාපාරය තුළ ගලගොඩඅත්තේ රතනසාර භික්ෂුව ඇතුළු බොද බල සේනා සංවිධානය නැඟී ඒම සමග චම්පික හා අතුරලියේ රතන හිමි කලබල වී ඇති බව පෙනෙන්නට තිබේ. 

ඒ නිසා දැන් චම්පිකම බැස හලාල් සටන අතට ගන්නට අමුඩ ගසමින් සිටියි. අද පැවැත්වුණු පුවත්පත් සකච්ඡාවේදී හලාල් සහතිකය සිංහල අවුරුද්දට පෙර ඉවත් නොකළොත් බහුජන සටනක් අරඹන බවට ජමියතුල් උලමා සංවිධානයටත්, හලාල් සහතිකය ලබාගන්නා නිෂ්පාදකයින්ටත් චම්පික හා රතන  හිමි අනතුරු ඇඟවූහ. 

මේ අතර හලාල් සහතිකය නිකුත් කිරීම සඳහා බලය ඇති සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයට විකල්ප සංවිධානයක් ලෙස පෙනී සිටින ශ්‍රී ලංකා ජමියතුල් උලමා නම් සංවිධානයක් ඉදිරිපත් වී අපූරු යෝජනාවක් කර තිබේ. ඒ වනාහි හලාල් සහතිකය නිකුත් කිරීම ආණ්ඩුවට ගන්නා ලෙසයි. මේ නම් අනිවාර්යයෙන්ම ආණ්ඩුවේම කුමන්ත්‍රණයක් විය හැකිය. 

සාමාන්‍යයෙන් සිංහල ජාතිවාදීහු ආණ්ඩුවට ගෙවන්න සිදුවෙනවානම් හලාල් බද්දට වුව විරුද්ධ නොවනු ඇත. මන්ද බලේ සිටින ආණ්ඩුව ජාතිවාදයට පූර්ණ අනුග්‍රහය සපයමින් එයින් සිය පැවැත්ම තහවුරු කරගන්නට උත්සාහ කරන එකක් බැවිනි. පසුගිය කාලයේ විවාහ ලියාපදිංචි ගාස්තු වැඩි කළ විට සිංහල ෞද්ධයන් උද්ඝෝෂණ කළේ ඒ වැඩි කිරීම අඩු කර ගැනීමට නොව, වැඩිවීම මුස්ලිම්වරුන්ට ක්‍රියාත්මක නොවන බව පෙන්වමින් එය මුස්ලිම්වරුන්ටද ක්‍රියාත්මක කරවා ගැනීමටය. 

හලාල් සහතිකය සම්බන්ධයෙන් වාමාංශිකයන් ගත යුතු ස්ථාවරය කුමක්ද? හලාල් සහතිකය අනිවාර්ය එකක් නොවේ යයි ඇතැම් මුස්ලිම් අය පෙන්වා දෙති. එහෙත් හලාල් සහතිකය නොමැති නිෂ්පාදන මිළ දී නොගන්නා ලෙස පල්ලි මගින් මුස්ලිම් වැසියන්ට දැන්වීම හරහා වෙළඳපොළ කොටසක් බිඳ වැට්ටවීමේ තර්ජනය ඔස්සේ හලාල් සහතිකය තුළට අනිවාර්ය බලහත්කාරයක් එකතු වේ. නිෂ්පාදකයෝ 9%ක් පමණ වන මේ වෙළඳපොල පංගුව වෙනුවෙන් හලාල් සහතිකය ලබාගනිති. 

දැන් මතු වී ඇති තත්වය හමුවේ බහුතර මුස්ලිම් නොවන ජනයා හලාල් සහතිකය ඇති නිෂ්පාදන වර්ජනය කරන තැනට තල්ලු වුවහොත්, නිෂ්පාදකයෝ වඩා ලොකු වෙළඳපොල පංගුව වෙනුවෙන් හලාල් සහතිකය අතහැර දමන්නට ඉඩ තිබේ. 

යම් නිෂ්පාදනයක් හලාල්ද නැද්ද යන්න දැනගැනීමට මුස්ලිම්වරුන්ට හිමිකමක් තිබේ. එම හිමිකමට ගරු කරමින් නිෂ්පාදකයින් තම නිපැයුම් හලාල් බව ඇසුරුමෙහි දක්වනවානම් හරිය. එහෙත්, ප්‍රශ්නය නිෂ්පාදකයින් බොරුවට එසේ කියන්නට ඉඩ තිබීමයි. ජමියතුල් උලමා සංවිධානය සහතික දුන්නත්, මේ නිෂ්පාදකයන් සිය නිපැයුම් ඇත්තටම හලාල් කර තිබේද යන්න සැක සහිතය. ජමියතුල් උලමා සංවිධානයට හලාල් ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට ක්‍රමවේදයක් තිබේද යන්න අපි නොදනිමු. එහෙත්, තමන්ට කප්පම් නොගෙවූ නිෂ්පාදන හරාම් බව පල්ලි හරහා දන්වා මුස්ලිම්වරුන් ඒවා මිළ දී ගැනීම වැළැක්වීමේ හැකියාවක් නම් ජමියතුල් උලමාට තිබේ. 

මෙය සංකීර්ණ ප්‍රශ්නයකි. මෙය දුරදිග ගියහොත් කිසියම් මොහොතක වෙළඳපොළ පවා මුස්ලිම් හා මුස්ලිම් නොවන ලෙස බෙදෙන්නට ඉඩ තිබේ. සිංහල මිනිසුන්ට සිංහල කඩ. මුස්ලිම් මිනිසුන්ට මුස්ලිම් කඩ. මෙය ලාභය මත පදනම් වූ ධනවාදයට අලුත්ම අත්දැකීමක් වනු නිසැකය. ප්‍රධාන වශයෙන් වෙළඳ ප්‍රජාවක් වන මුස්ලිම්වරුන්ට මෙය අහිතකර ලෙස බලපානු ඇත. සිංහල ව්‍යාපාරිකයන්ටද මෙයින් අත් වන සෙතක් නැත.

මෙම තත්වය විදෙස් රටවලින් පැමිණෙන මැක්ොනල්ඩ්, ේ.එෆ්.සී., පීසා හට්, ොමිෝස්, ්‍රෙඩ්ෝක් ආදී ෆ්‍රැන්චයිස් හෙවත් ෞරාධිකාර ව්‍යාපාරවලට ඉතා වාසිදායක වනු ඇත. 

දැනටත්, පවතින තත්වය පාවිච්චි කරමින් නෝලිමිට් වැනි මුස්ලිම් ව්‍යාපාරවලට එරෙහිව ජාතිවාදී පදනමින් උද්ඝෝෂණ කෙරෙමින් තිබේ. 

යුද බලය පාවිච්චි කර දේශපාලනය තුළ සිංහල ආධිපත්‍යය පිහිටුවා අවසන්ය. එහෙත්, සිංහල මිනිසුන් බහුතරයකගේ දිළිඳුකම අවසන් වී නැත. ඔවුන් අතර ඇති අසහනය තුළට අලුතින් දියත් කර තිබෙන මතවාදය වන්නේවෙළඳපොළ තුළද සිංහල ආධිපත්‍යය පිහිටුවිය යුතු බවයි.

සරළව කීවොත් සිංහල ජාතිවාදීන්ගේ මතවාදය වන්නේ තම දිළිඳුභාවයට විසඳුම සෙසු ජාතීන් තමන්ට වඩා දිළිඳුභාවයට පත් කිරීමය යන්නයි. 

මේ වනාහි දේශපාලන සායනික ප්‍රතිකාර මගින් මිස අන් කිසිත් ප්‍රතිකාරයක් මගින් සුව කළ නොහැකි දේශපාලන උමතුවකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-02-13

කුමාර් රූපසිංහ වැනි පීස්නික්වරුන්ගේ සාම ව්‍යාපෘති හා සාම දේශපාලනය

සාම ව්‍යාපෘති සඳහා නෝර්වේ ආණ්ඩුව විසින් ලබා දීමට පොරොන්දු වූ අරමුදල් ඉල්ලා සහජීවන පදනම නම් රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා වන කුමාර් රූපසිංහ නඩු පවරා තිබේ.

කුමාර් රූපසිංහ නෝර්වේ රාජ්‍යයෙන් ඉල්ලා සිටින මුදල රු. මිලියන 94ක් පමණ වේ. එය දැවැන්ත මුදලකි. නඩුව ගැන විස්තර අවශ්‍ය නම් මෙතැනින් කියවන්න.

අපට වැදගත් වන්නේ මේ නඩුව නොවේ. මේ වනාහි 1983 සිට සාම රාජ්‍ය නොවන සංවිධාන විසින් කරන ලද කාර්යයන් පිළිබඳ යළි විමසා බැලීම සඳහා නිමිත්තකි. සාම ව්‍යාපෘති සඳහා යුරෝපා රටවලින් පසුගිය කාලයේ විශාල වශයෙන් මුදල් යෙදවිණි. ඒවායින් යමක් සිදු වී තිබේද? 

සාම රාජ්‍ය නොවන ව්‍යාපෘති යුද්ධය කාලයේ ඉහළ වැටුප් සහිත ආකර්ශනීය රැකියා පිරිනමන ආයතන විය. සත්‍ය වශයෙන්ම මෙම ව්‍යාපෘති මුදල්වලින් වැඩි ප්‍රතිශතයක් වැය වුණේද වැටුප්, කාර්යාල කුලී, ප්‍රවාහන වියදම් ආදිය සඳහාය. ඒ ඔස්සේ වරෙක ආචාර්ය සුමනසිරි ලියනගේ විසින් පීස්නික්වරුන් ලෙස හඳුන්වන ලද අමුතු වෘත්තික පංතියක්ද බිහි විය. සුමනසිරි ලියනගේම මේ පීස්නික්වරුන් සඳහා නිදර්ශනයකි.

පීස්නික්වරු ඉහළ වැටුප් සඳහා ව්‍යාපෘතියෙන් ව්‍යාපෘතියට මාරු වෙමින්, සුෝපෝගී ජීවිත ගෙවමින් සමාජයේ වැජඹුණු කාලයක් තිබිණි. 

කුමාර් රූපසිංහ වැනි අය විසින් පවත්වාගෙන යන ලද සාම ව්‍යාපෘතිවලින් ඇත්තටම සිදුවුණේ කුමක්ද? 

මේ කාලයේ මේ සංවිධාන විසින් කරන ලද මූලික කාර්යයක් වූයේ බලය බෙදීම පිළිබඳ පුහුණු වැඩමුළු, සම්මන්ත්‍රණ ආදිය පැවැත්වීමයි. පුහුණුකරුවන් සඳහා වූ මේ වැඩමුළු බොහෝවිට පැවැත්වුණේ හෝටල්වලයි. ඒවාට සහභාගි වූ අයට ගෙවීම්වලට අමතරව ඉහළ මට්ටමේ ආහාර, මත්පැන්, නවාතැන් ආදියද ලැබිණි. 

සම්මන්ත්‍රණවලට, උද්ඝෝෂණවලට පුද්ගලයන් සහභාගි කරවීම සඳහා ගමන් ගාස්තු සපයන ලදී. සහජීවන පදනම වැනි මහා රාජ්‍ය නොවන සංවිධානවලින් යැපුණ තවත් රාජ්‍ය නොවන සංවිධාන රැසක් ප්‍රාදේශීය මට්ටමෙන්ද බිහි විය. මෙවැනි සංවිධාන ගොඩනැඟීම රාජ්‍ය නොවන සංවිධාන වාක්කෝෂයේ හැඳින්වුණේ ජාලගත කිරීම හෙවත් නෙට්වර්කිං කියාය. . 

ගම් මට්ටමේ රාජ්‍ය නොවන සංවිධාන එක්තරා විධියක මිනිස්බල හෙවත් මෑන් පවර් සප්ලයි ආයතන විය. මේ සංවිධාන කොළඹ රාජ්‍ය නොවන සංවිධාන රැසක නියෝජිතයෝ වූ අතර සාම ව්‍යාපෘතිවලට අමතරව, පරිසර, සංවර්ධන, මැතිවරණ නිරීක්ෂණ ආදී ව්‍යාපෘතිවලද යෙදුණහ. 

කොළ සාම ව්‍යාපෘතිවල පුහුණුවීම්වලට සහභාගි වූ අය ගම්වල වැඩමුළු මෙහෙයවූහ. කොළඹ කට්ටිය මේවා අධීක්ෂණය කරන්නට පැමිණියහ. මේ ගමන් බිමන් සඳහා ඒරියල් සවිකළ ෆෝ වීල් ඩ්‍රයිව් වාහන එහෙම අවශ්‍ය විය. 

ඔය අව් අස්සේ 2006දී සුනාමියක්ද පැමිණි අතර, මේ රාජ්‍ය නොවන සංවිධාන සියල්ලටම පාහේ එය බලාපොරොත්තු රහිත මොහොතක ඇදුණු ලොතරැයියක් විය. 

සාම සංවිධාන විසින් කරන ලද තවත් ප්‍රධාන කර්තව්‍යයක් වන්නේ බලය බෙදාගැනීම ගැන පොත් මුද්‍රණය කිරීමයි. ඇතැම් අය සුනාමි සල්ලිවලින්ද පොත් අච්චු ගැසූහ. සාම රාජ්‍ය නොවන සංවිධාන විසින් මුද්‍රණය කරන ලද පොත්වලින් වැඩිහරියක් යුද්ධය හා සාම ව්‍යාපෘති අවසානයේදී පරණ කඩදාසි කඩයට ගියේය.නැතිනම් බලය බෙදීම ගැන ලියැවුණ කොළවලින් ලංකාවම පොරවන්නට තරම් පොත් රාජ්‍ය නොවන සංවිධාන විසින් පළ කරන ලදී.

යුද්ධය සමගම සාම ව්‍යාපෘතිද අවසන් වීම අපූරු සංසිද්ධියකි. යුද්ධයක් නිම වූ පළියට සාමය ගොඩනැ‍ඟෙන්නේ නැත. දැන් තිබෙන්නේ එවැනි යුද්ධයකුත්,සාමයකුත් නැති අසහනකාරී සමාජ තත්වයකි. තිරසාර සාමයක් ගොඩනැඟිය යුතුව තිබේ. එහෙත් දැන් ව්‍යාපෘති නැත.  ජයග්‍රාහී රාජපක්ෂවරුන් සමග සාම ව්‍යාපෘති පහසු නැත.

පසුගිය කාලයේ සිටි පීස්නික්වරු හෙවත් සාම වෘත්තිකයෝත් දැන් ආගිය අතක් නැත. ඔවුන් වෙනත් රැකියා සොයාගන්නට ඇත. 

අපි එදාත් බලය බෙදාගැනීම‍ පිළිබඳ උද්ඝෝෂණයක යෙදුනෙමු. යුද්ධය දිනා කට්ටිය කිරිබත් කද්දීත්, කිරිබත් දිරවා හමාර වී තිබෙන අදත් අපි ජාතීන්ගේ ප්‍රශ්නය ගැන බලය බෙදාගැනීම ඔස්සේ හා ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැඟීම ඔස්සේ විසඳුම් සෙවීම පිළිබඳ උද්ඝෝෂණය කරමු. 

සාම ව්‍යාපෘතිත්, සාම දේශපාලනයත් අතර වෙනස එයයි. සාමය ගොඩනැඟීම රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති නොවී දේශපාලනය විය යුතුය. 

සාම දේශපාලනය සඳහා සාම ව්‍යාපෘති විසින් දක්වන ලද්දේ අවම දායකත්වයකි.

සාම රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘතිවල දූෂිත තත්වය නිසා හා ඒවා විසින් කරන ලද දෙබිඩි වැඩ නිසා ඒවාට එල්ල වූ සමාජ විරෝධය අවසානයේදී සාම දේශපාලනය පිටින්ද ගියේය. සාම දේශපාලනය කළ අය පරිප්පු කෑහ. සාම ව්‍යාපෘති කළ බොහෝ දෙනෙක් පිටරට ගියහ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-02-12

පාලකයන්ට එරෙහිව ඇති මානව හිමිකම් චෝදනා හා සාම්පූර් බලාගාරයේ විදුලි ඒකකයක මිළ

ලංකාවට ගල් අඟුරු විදුලි බලාගාර හඳුන්වා දෙනු ලැබුවේ මහජන විරෝධය මැදයි. එදා මූලික තර්කයක් වූයේ ගල් අඟුරු විදුලිය ඉතා ලාභ බවයි. 

‍එහෙත් මෙගාවොට් 300 ධාරිතාවකින් යුත් පළමු ගල් අඟුරු බලාගාරය නොරොච්චෝලේ විවෘත වන කල විදුලි ඉංජිනේරුවකු වූ ඇමති චම්පික රණවක කීවේ ගල් අඟුරු තවදුරටත් ලාභ බලශක්තියක් නොවන බවයි.

චීනයෙන් ලබාගත් ණය මත ඉදි කරන ලද ලංකා විදුලි බල මණ්ඩලයට අයත් නොරොච්චෝ ගල් අඟුරු බලාගාරයෙන් විදුලි බල මණ්ඩලය විදුලි ඒකකයක් මිළ දී ගන්නේ රු. 13 බැගිනි.

දැන් නොරොච්චෝලේ බලාගාරයේ දෙවන හා තුන්වන අදියරද ඉදිවෙමින් තිබේ. ඒ යටතේ තවත් මෙගවොට් 600ක බලශක්ති ධාරිතාවක් එක් වේ.

මේ අතර, ලංකා විදුලි බල මණ්ඩලයත්, ඉන්දියාවේ ජාතික තාප බල සංස්ථාවත් (NTPC) සම හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කර තිබෙන ඩොලර් මිලියන 500ක් වැය වන සාම්පූර් ගල් අඟුරු විදුලි බලාගාරය සමග අත්සන් කරන්නට යන විදුලිය මිළ දී ගැනීමේ ගිවිසුම අනුව විදුලි ඒකකයක මිළ රු. 18කි. සාම්පූර් විදුලිය නොරොච්චෝලේ ගල් අඟුරු විදුලියටත් වඩා මිළෙන් වැඩිය.

සාම්පූර්හි මෙගොට් 500 ගල් අඟුරු බලාගාරය හවුල් ව්‍යාපාරයක් වුණාට ලංකාවේ හවුල් දෙකෙන් පංගුව සපිරීම සඳහා අවශ්‍ය ොලර් මිලියන 200ක මුදල්ද ණයට දී තිබෙන්නේද ඉන්දියාව විසිනි. ලංකාව ඒ අනුව සාම්පූර්හි ජැටියක් ඉදිකිරීම හා හබරණ දක්වා සම්ප්‍රේෂණ පද්ධතිය ඉදිකිරීම කළ යුතුය. 

චීනය ොච්ේ බලාගාරය හැදීමටද ලංකාවට ොලර් මිලියන 450ක් ණයට දී ොන්ත්‍රාත්තුව ලබාගත්ේය. 

සාම්පූර් බලාගාරයේ විදුලි ඒකකයක මිළ පිළිබඳ කේවෙල් කිරීම සිදුවන්නේ ඉන්දු - ලංකා දේශපාලන සබඳතාද අර්බුදකාරී තත්වයක තිබියදීය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවට ලංකාවේ පාලකයන්ට එරෙහිව එක්සත් ජනපදය විසින් ගෙන එන්නට සැරසෙන යෝජනාවකදී ඉන්දීය ආණ්ඩුවේ සහයෝගය එයට ලැබීම වළක්වා ගැනීමට ලංකාවේ පාලකයන්ට අවශ්‍යව තිබේ. පාලකයන්ගේ ඒ උවමනාවත්, සාම්පූර් බලාගාරයේ විදුලි ඒකකයක මිළත් අතර පවා සම්බන්ධයක් ගොඩනැ‍ඟෙමින් තිබේ. 

ේම, දකුණු ආසියානු කලාපේ හා විේෂයෙන් ලංකාව ආශ්‍රිතව චීන හා ඉන්දීය බලතුලනය පිළිබඳ අර්බුදදීඉන්දියාවසාම්පූර් බලාගාරය වැදගත් වී තිේ. 

සාම්පූර් යනු ඉන්දියාවිදුලි බලාගාර 28ක් හිමි එරට රජයට අයත් NTPC සමාගේ පළමු විේශ ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතිය පසුපස ලංකාේ විදුලි පද්ධතිය සාම්පූර් සිට දකුණු ඉන්දියාවට සම්බන්ධ කිරීෝජනාවක්ද තිේ. හරිතාගාර වායු ජනනය අවම කිරීම අරමුණු කරගත් කිෝ සම්මුතිේ නිර්මාතෘ රටක් වන ඉන්දියාව සිය රටින් වායු දූෂක ගල් අඟුරු බලාගාර බැහැර කර ඒවා ලංකාොළේ පිහිටුවා පරිසර දූෂණය අපට දී පිරිසිදු විදුලිය මිළදීගැනීේ සැලසුමක් ඇත. 

නෙක් පැත්තෙන් සාම්පූර් බලාගාරය පිහිටුවනු ලබන්ේ පාරම්පරිකව එම බිමෙහි වාසය කළ දෙමළ පවුල් සිය ගණනක් අවතැන් කර දමමිනි. වසර ගණනාවක් අනාථ කඳවුරුවල වාසය කරන ඔවුන්ගෙන් වැඩිදෙනෙකුට තවමත් විකල්ප වාසස්ථාන ෝ සපයා දී නැත. 

ජාත්‍යන්තර ප්‍රශ්නයක් වී තිබෙන සම්පූර් බලාගාරය ේතුවෙන් කරන්ට් වැදුණු හිටපු ඇමති චම්පික රණවකද දැන් සාම්පූර් අනාථයන්ේ තත්වයට වැටී ඇත.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-02-11

ඇමති එස්.බී. නැවත මහඋළුගෙදරට බෝඩිං පාස් එකක් ඉල්ලයි

ඇමති එස්.බී. දිසානායක නැවත වතාවක් කට වරද්දාගෙන ඇත. මහඋළුගෙදරට බෝඩිං පාස් එකක් සඳහා ඉල්ලුම් කර තිබේ.

කලින් වතාවක් කට වරද්දාගෙන ඔහුට මහඋළුගෙදර බත් කෑමේ වරප්‍රසාදය ලැබිණි. අවසානයේ එළියට ආවේ අඬා දොඩා යාප්පු වී ජනාධිපති සමාවක් ඉල්ලාගෙනය.

ඒ සමාවේ හිලව්වට ජනාධිපතිතුමා වෙනුවෙන් ඕනෑවට වඩා බුරන්නට යාම එතරම් ඇඟට ගුණ නොවන්නටද ඉඩ තිබේ.

ඇමති දිසානායකට නැවත වතාවක් බෝඩිං පාස් එකකට ඉල්ලුම් කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස වන ප්‍රකාශක් කරමිනි.

ඉසෙඩ් ලකුණු ක්‍රමය සම්බන්ධයෙන් මතු වු ගැටලු හේතුවෙන් 2011 වසරේ උසස් පෙළ විභාගය සමත් වූ  සිසුන් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගැනීමේ කටයුතු ප්‍රමාද වීමට හිටපු අගවිනිසුරුවරිය වගකිව යුතු බව ද එස්.බී. දිසානායක පවසා ඇති බව අද දෙරණ වාර්තා කළේය.

මෙය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නඩු තීන්දුවක් පිළිබඳ කරන ලද අපහාසාත්මක ප්‍රකාශයකි. 

2011 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සරසවියට ගැනීම පමා වුණේ මෙම නඩු තින්දුව නිසා නොව උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉසෙඩ් ලකුණු ගණනය නිවැරදිව නොකිරීම නිසාය. ලංකා ගුරු සංගමයේ පෙත්සම මත ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වුණේ එයින් සිසුන් පිරිසකට සිදු වූ අසාධාරණය අවම කිරීමටය.

ආණ්ඩුව අගවිනිසුරුවරිය දෝෂාභියෝගයට ලක් කිරීමට පෙළඹුණු එක් හේතුවකි, මෙම නඩුව. ආණ්ඩුවට අවශ්‍ය වන්නේ තමන් කරන සකලවිධ අසාධාරණකම් අනුමත කරන ශ්‍රේෂ්ඨාධිකරණයකි. 

තමන්ට එරෙහිව කරන මෙවැනි ප්‍රකාශ හමුවේ නිහඬව සිටින ශ්‍රේෂ්ඨාධිකරණයකි. 

බලමු අපි අලුත් කශේරුකාව කොහොමද කියලා?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-02-10

හොර පොල් චක්‍රලේඛය

අප බලාපොරරොත්තු වූ පරිදිම ජනාධිපතිතුමා හොර පොල් කැඩූ ළමයාගේ ප්‍රශ්නයට මැදිහත් වී ජනප්‍රිය පියවරක් ගත්තේය. 

අද සිළුමිණ ඒ පිළිබඳ වාර්තා කරන්නේ මෙසේය:

කුමන හේතුවක් මත හෝ දරුවන්ට බලපෑම් කරමින් පාසල්වල නීති විරෝධී ලෙස මුදල් එකතු කිරීම් සම්පූර්ණයෙන් නැවැත්වීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් මත ඉදිරි සති දෙක තුළ නව චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
එවැනි සිද්ධියක් සැලවූ වහාම පරීක්ෂණයක් පවත්වා චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර එයට අදාළ සියලු පුද්ගලයන්ගේ සේවය අත්හිටුවීමට අවශ්‍ය විධිවිධාන එමඟින් ක්‍රියාවට නංවන බව ද ඇමැතිවරයා කීය.

දැන් මෙතැන ප්‍රශ්න දෙකක් තිබේ. 'දරුවන්ට බලපෑම් කරමින්' යන්න අර්ථකථනය කරන්නේ කෙසේද? 

'නීති විරෝධී නොවන මුදල් එකතු කිරීම්' මොනවාද? 

ඍජු අල්ලස් නොවන, වෙනත් ආකාරවල මුදල් එකතු කිරීම් සිදුවන එක් ආකාරයක් මෙසේය. පාසල්වල විශේෂයෙන් එක, හය, 12 වැනි පංතිවලට සිසුන් ඇතුළත් කරගනිද්දී දෙමාපිය රැස්වීම් පවත්වා විදුහල්පතීන්ට හිතවත් පුද්ගලයන් ලවා එකතු කරන මුදල් ප්‍රමාණයයෝජනා කරනු ලැබේ. එයට විරුද්ධ නොවන වාතාවරණයක් හා විරුද්ධ වන්නන් මෙල්ල කරන වාතාවරණයක් රැස්වීම ඇතුළෙන්ම නිර්මානය කරනු ලැබේ. මෙහිදී බොහෝ මව්පියන් සිතන්නේ තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අමාරුවෙන් හෝ එය දරාගත යුතු බවයි. දරුවන් වෙනුවෙන් ඇත්තෙන්ම මව්පියෝ මීට වඩා මුදල් ටියුෂන් වෙනුවෙන් වැය කරති. අනෙක් පැත්තෙන් සාමාන්‍ය පාසලක් වෙනුවට ජනප්‍රිය පාසලකට තම දරුවා ඇතුළත් කර ගැනීම වෙනුවෙන් මුදල් වැයකිරීම මව්පියන් සලකන්නේ දරුවාගේ අනාගතය වෙනුවෙන් කරන දෙයක් ලෙසයි. එසේම දරුවන් පාසල තුළදී අසාධාරණයට ලක් වනු ඇතැයි බිය නිසාද මව්පියෝ අවශ්‍ය මුදල් දෙති. 

ඒ නිසා මේ මුදල් එකතුකිරීම් බොහෝවිට සිදුවන්නේ මව්පියන් විසින් ස්වේච්ඡාවෙන් පාසලට කරන සේවාවන් වෙනුවෙන් කරන ඒවා ලෙසයි. එබැවින් ඒවා නීති විරෝධී වන්නේ නැත. ඇත්ත සොයා බැලුවොත් ජනප්‍රිය පාසල්වල තිබෙන බොහෝ පහසුකම් මෙවැනි සම්මාදම් ඔස්සේ ගොඩනඟන ලද ඒවායි. පාසල ජනප්‍රිය නොවුණත්, තමන්ගේ දරුවා සිටින පංති කාමරය තෙමෙනවානම්, වාඩිවෙන්නට පුටුවක් නැතිනම් දෙමව්පියෝ අමාරුවෙන් හෝ ඒවා සපයා දෙති. මන්ද, අද දෙමව්පියෝ දරුවන්ට ඉගැන්වීම ආණ්ඩුවට භාර දී පැත්තකට වී බලා සිටින්නට අකැමැති බැවිනි.

පාසල්වල එදිනෙදා වියදම් අධිකය. ඩෙස් පුටු, කොන්ත්‍රාත් මත හැදූ බාල ගෙබිම, බිත්ති, වහල ආදිය නිතර අබලන් වේ. ඒවා අලුත්වැඩියා කළ යුතුය. ඉඩකඩ මදි වේ. ක්‍රීඩා ආදී උත්සව පැවැත්විය යුතුය. ආණ්ඩුවෙන් දෙන මුදල් ලැබෙන්නේ විවිධ දේශපාලකයන්ගේ විමධ්‍යගත අයවැය හරහායි. ඒ සඳහා ඒ දේශපාලුවන්ගේ සිත් සතුටුවන පරිදි නැටුම්, ගැයුම්, වැයුම් ආදිය සමන්විත මහා උත්සව පාසල්වල පැවැත්විය යුතුය.

මුදල් එකතුකිරීමේ නිමිති මේවාය. ඇතැම් විදුහල්පතිවරුද මී කඩන්නේ අත ලෙව කන්නට බලාගෙන නොවේ.

මුදල් එකතු කිරීමේදී බලහත්කාරය පාවිච්චි කෙරෙන්නේ අමු අමුවේ නොවේය. බලහත්කාරය ව්‍යූහගත වී තිබේ.

ජනාධිපතිතුමාත්, අධ්‍යාපන ඇමතිතුමාත් නිරතුරුවම පාසල්වල පැවැත්වෙන උත්සවවලට සහභාගි වෙති. එම උත්සව සංවිධානය කිරීමේදී අරමුදල් සපයාගන්නේ කෙසේද යන්න එතුමන්ලා විමසිය යුතුය. ඔවුන් ඉදිරිපිට,බොහෝවිට ඔවුන් නොබලන රැඟුම් පාන, ගී ගයන දරුවන් ඒ වෙනුවෙන් වූ ඇඳුම් මසා ගන්නේ කෙසේදැයි එතුමන්ලාට කෙළින්ම දරුවන්ගෙන් විමසිය හැකිය. ඒ මුදල් දෙමව්පියන්ගෙන් එකතු කළ ඒවාය. වෙන කරන්නට දෙයක් නැති නිසා ඒ මුදල් දුන් බව මව්පියෝ කියනු ඇත. 

පාසල්වල මුදල් සම්මාදම මෙතරම් ඉහළ යන්නට පෙර පවා ළමයි සොරකම්වල යෙදුණහ. ඒවා අඩු වූයේ සමාජය වඩා නීතිගරුක හා ශිෂ්ට වීමත් සමගයි. පොල් ප්‍රශ්නය තුළ වනාහි සමස්ත පද්ධතියක අර්බුදයේ ප්‍රකාශනයකි. මේ ජනප්‍රිය විසඳුම් වනාහි රෝගය තිබියදී රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීම වැනි නිෂ්ඵල දේය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-02-07

පාසලට මුදල් ගෙවන්නට පොල් හොරකම් කිරීම

හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ
අනුන්ගේ වත්තක හොරෙන් පොල් අහුලද්දී අත්අඩංගුවට ගත් හොරණ ප්‍රදේශයේ ශිෂ්‍යාවක් අධිකරණයට පවසා ඇත්තේ පාසලේ තීන්ත ආලේපනය සඳහා ඉල්ලා ඇති රු. 800ක මුදලක් ගෙවීමට පවු‍ලට මුදල් නැති බැවින් එම ක්‍රියාව කළ බවයි. 

මෙම සිද්ධියට දෙමින් තිබෙන මාධ්‍ය ප්‍රචාරය අනුව නොබෝ දිනකින් මෙම ශිෂ්‍යාවද වීරවරියක සේ විවිධ පුද්ගලයන්ගේ තෑගි, සම්මාන ආදිය ලබන්නට ඉඩ තිබේ. මන්ද, ලංකාවේ සමාජය ප්‍රශ්න වැරදි තැන්වලින් ග්‍රහනය කරගැනීමට දක්ෂ බැවිනි. 

සොරකම ශිෂ්ට සමාජයක අනුමත කළ හැකි ක්‍රියාවක් නොවේ. එහෙත් ලංකාවේ මිනිස්සු සාමාන්‍යයෙන් ලොකු හොරකම් කරන මිනසුන්ට වඳිති; පුදති. ජාතියේ අනාගතය සොරකම් කරන්නන් ජාතික වීරයන් බවට පත් කරති. පොල් ගෙඩි, කොස් ගෙඩි වැනි දේ සොරකම් කරන්නන් මරන්නට වුවද ඉදිරිපත් වෙති. 

මේ දැරිය කියූ ප්‍රකාශය ඇතැම්විට බොරුවක් වන්නට ඉඩ තිබේ. මන්ද, ොරකම් කළ දරුවකුට ොරු කියන්නටද බැරිකමක් තිබිය ොහැකි බැවිනි. පාසල්වල විවිධ කටයුතු සඳහා මුදල් එකත කරනබව සැබෑය. එහෙත්, ඒ වනාහි සංකීර්ණ සමාජ ප්‍රශ්නයක් වන ජනප්‍රිය පාසල් තරගයේම කොටසකි. රජයෙන් ප්‍රතිපාදන ලබාදෙනතෙක් බලා‍ නොසිට කැපී පෙනීම හා ඒ ඔස්සේ තනතුරු, වරප්‍රසාද, නම්බු නාම ආදිය ලබාගැනීම සඳහා විදුහල්පතිවරු මෙවැනි සම්මාදම් කරති. එහෙත්, අප දන්නා තරමින් නම් පාසල්වල තවමත් ටියුෂන් පංතිවල තරම් මුදල් අයකිරීමක් නැත. එසේම, මුදල් නොදුන්නා කියා ටියුෂන් පංතිවලදී මෙන් ළමයින් එළියට දැමීමක් නැත. එහෙත්, දෙමව්පියෝ හෝ දරුවෝ සාමාන්‍යයෙන් මේ ටියුෂන් සූරාකෑම විවේචනය කරන්නේ නැත. මන්ද, නොමිළේ ලැබෙන අධ්‍යාපනයට වඩා ඔවුහු තමන් මිළ දී ගන්නා අධ්‍යාපනයට ගරු කරති. සමහරවිට ඇය මේ සොරකම කරන්නට ඇත්තේ ටියුෂන් යන්නට විය හැකිය. නැතිනම්, මේ වන විට ළමයින්ගේ 'මූලික අවශ්‍යතාවක්' බවට පත් වී ඇති ජංගම දුරකථනයක් මිළ ද ගන්නට විය හැකිය. කෙසේ වෙතත්, අවසානයේදී කියැවුණ කතාව වන පාසලේ මුදල් ගෙවීම සඳහා මෙම සොරකම කළාය යන්න ආණ්ඩුවට විරුද්ධ අය කැමති හා ඒ නිසා පුවත්පත් ජනමාධ්‍යවලට අලෙවි කරන්නට පුළුවන් එකක් බවට පත් වී තිබේ.

හේතුව කුමක් වුවත්, බාල වයස්කාර දැරියක් සොරකමට පෙළඹූ මෙම සිද්ධිය පසුපස ඇත්තේ දරුණු සමාජ අර්බුදයකි. අධික ජීවන වියදම, දුප්පත්කම, දෙමව්පියන් විසින් දරුවන් නොතකා හැරීම, පරිභෝජනවාදී ආශා, අධ්‍යාපන ගැටලු, සමාජ සාරධර්ම අර්බුදය ආදී පවත්නා සමාජ ක්‍රමය විසින් ඇති කර තිබෙන ගැටලු මේ සිද්ධියේ පසුබිම් කාරණායි. 

ජනමාධ්‍ය විසින් කාරණා ඉස්මතු කරන ආකාරය පටුය. නොගැඹුරුය. ප්‍රචාරාත්මක උවමනා හා වෙළඳ අරමුණු මත පදනම් වේ. එතුළින් යථාර්ථය සොයා යාම සඳහා දැන් වෙනත් මාධ්‍ය කලාවක් අවශ්‍යය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

2013-02-04

මේ සිංහල අපගෙ රටයි



මේ සිංහල අපගෙ රටයි - අප ඉපදෙන මැරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව රටට යටයි

අහස සිඹින ගිරි කඳුරු - පොළොව තෙමන වැව් සයුරු
මුහුද අවට බැඳි පවුරු - එරට අසිරි සිරි එයුරු

මව්බිම වෙනුවෙන් පොර - දිවි දුන් විරු දරුවන්නේ
ලේවලිනුයි ඒ දෙරණේ - මිණි කැට මුතු කැට මැවුනේ

සමනොළ ගිරි වළළු හිමේ - බුදු සිරිපා පිපෙන බිමේ
සම කරුණා ගුණ මහිමේ - අප උපතින් ලද උරුමේ

1965දී මා ඉපදෙන්නත් පෙර තිරගත වූ සාරවිට චිත්‍රපටයේ එන මහගම සේකරයන් රචනා කළ, අමරදේවයන් සංගීතවත් කළ, නන්දා මාලිනී ගයන මේ ගීය මා කුඩා කාලයේ සිට ඇලුම් කළ එකකි. පසුකලෙක ජාතිවාදයට විරුද්ධ ව්‍යාපාරවල වැඩකරද්දී බොහෝදෙනෙක් මේ ගීය හෙළා දකින තැනක සිටියත් මම නම් එදා තරමටම ඒකාලයේත් මේ ගීයට ආදරය කළෙමි.

බොහෝ වාමාංශිකයන්ට සිංහල යන වදනම පිළිකුළ දනවන දෙයක් විය. ඇතැම් අන්තවාදීන් එහි කෙතරම් කෙළවරට ගියේද යත් තමන් සිංහලයන් නොවන බව පෙන්නුම් කරන්නටද උත්සාහ කළහ. විශේෂයෙන්ම සාම රාජ්‍ය නොවන සංවිධානවලට ගොඩක් මුදල් ලැබුණු සමයේ ඇතැම් සිංහල ඒන්.ජී.ඕ. නෝනලා අතර නේ කරාබු දැමීම වැනි දෙමළ විලාසිතා ජනප්‍රිය විය.

වම ආරම්භ විය යුත්තේ තමන් පයගසා සිටින පොළවෙන් බව අපි එදාත් තර්ක කළෙමු. ඒ හේතුවෙන් එකල ඇතැමෙක් දෙමළ සමාජයට අප හඳුන්වා දුන්නේ සිංහල ජාතිවාදීන් ලෙසයි. ජාතික අනන්‍යතාවන් මූලික වූ සංදර්භයක සිංහලයකුට සිය සිංහලකම පිළිනොගෙන සමාජවාදී ජාත්‍යන්තරවාදියකු වන්නට බැරි බව අපේ තර්කය විය. සිංහල වාමාංශිකයන් සිංහලකම ගැන ඇති කරගත් හීනමානය අවසන සිදුවූයේ ඔවුන් තිරශ්චීන දෙමළ ජාතිවාදයකට බැලමෙහෙ කළ, එහෙත් දෙමළ සමාජයටද වැද්ද නොගත් ගන්ධබ්බයන් පිරිසක් බවට පත් වී දේශපාලන වශයෙන් දිය වී යාමයි.

තවත් ඇතැමුන්ගේ තර්කය වූයේ වාමාංශිකයන්ට අදාළ කාරණය වන්නේ පංති අරගලය බවයි. ජාතීන්ගේ ප්‍රශ්නය පංති ප්‍රශ්නයට ද්විතීයක විය යුතු බව මෙහි තිබුණු තර්කයයි. එහෙත්, පවත්න යථාර්ථය එය නොවේ. ජාතීන්ගේ ප්‍රශ්නය ඉතා පැහැදිලිවම පංති ප්‍රශ්නයට වඩා මුල් තැනක් ගෙන තිබේ. වාමාංශිකයන් පංති අරගලයට මුල් තැන දිය යුතු යයි තර්ක කිරීම බත් ගැන කතා නොකර හොදි ගැන පමණත් කතා කිරීම වැනි දෙයකි.

මේ ගීය ජාතිවාදී ගීයක් නොවේ. මේ සිංහල අපගෙ රට බව ඇත්තය. මේ ගීයේ කොතැනක හෝ මේ රට සිංහලයන්ගේ පමණක්ය යන අදහස කිසි සේත්ම මතු කෙරෙන්නේ නැත. ලංකාව සිංහලයන්ගේ මෙන්ම වෙනත් ජන කණ්ඩායම්වලද රටයි. සිංහලයන්ට මෙන්ම සෙසු ජනවර්ගවලටද සිය උරුමය ගැන ආඩම්බරවීමේ හිමිකම තිබේ. 

වත්මන් ශ්‍රී ලංකාව වනාහි ජාතික සමානාත්මතාව තහවුරු නොකළ සිංහල මූලික රාජ්‍යයක් බව ඇත්තය. එහෙත් සිංහලයන්ගේ අතීත උරුමය එසේ වෙනත් ජාතීන් බැහැර කළ නාසි දේශයක් නොවේ. එය වනාහි පුළුල් ජනවිවිධත්වයක උරුමයකි. ඒ උරුමය නොවේ නම් අද මහා සිංහල ජාතිවාදීන් බිහි කර තිබෙන කරාව, සලාගම වැනි කුලවලට අයත් මිනිසුන්ගේ ආදි මුතුන් මිත්තන්ට ඉන්දියාවේ සිට මෙරටට පැමිණ මේ රටේ වැසියන් බවට පත්වන්නට ලැබෙන්නේ නැත. එදා සිංහල උරුමය ලෝකයට විවෘත එකකි. 

අද සිංහල ජාතිවාදීහු ලංකාව ලෝකයෙන් වසා තබන්නටත්, ජන විවිධත්වය හෙළා දකිමින් සමජාතීය නාසි දේශයක් බවට පත් කරන්නටත් උත්සාහ කරමින් සිටිති.  සිංහල බෞද්ධ අන්තවාදීන් විසින් බැහැර කරනු ලබන ජන කණ්ඩායම් අතරට දෙමළ, මුස්ලිම් ජාතීන් පමණක් නොව සිංහල ක්‍රිස්තියානින් හා ගොවිගම නොවන කුලවල අයද ඇතුළත් වන දමස වැඩි ඈතක . දෙමළ අරගලේදී සිංහලයන්ට පක්ෂව කටයුතු කළ මුස්ලිම් ජාතිකයන් විෂයෙහි සිංහල ෞද්ධ අන්තවාදීන් කටයුතු කරන ආකාරය හැදෑරීමෙන් සිංහල ක්‍රිස්තියානි, කරාව හා සලාගම වැනි ජන කණ්ඩායම්වලට තත්වය පසක් කරගත හැකි වනු ත. මේ වනාහි ඉතා පැහැදිලිවම උමතුවකි. එය සිංහල උරුමයක් නොවේ.

අද නිදහස් දිනයේ මම සිංහ කොඩිය ඔසවන්නේ නැත. මන්ද, එය ජාතික පීඩනයේ සංකේතයක් වී ඇති බැවිනි. මම ශ්‍රී ලංකා මාතා ගීය ගයන්නේ නැත. මන්ද ශ්‍රී ලංකා යනු ජාතික සමනාත්මතාව තහවුරු නොකළ, ප්‍රජාතන්ත්‍රවාදී නොවන රටක් බැවිනි. එහෙත් මම ආනන්ද සමරකෝන් නිර්මානය කළ 'නමෝ නමෝ මාතා' ගීය වෙනුවෙන් සීරුවෙන් සිටිමි. නමෝ නමෝ මාතා, ශ්‍රී ලංකා මාතා වීම තුළ ඇති ආධිපත්‍යවාදී දේශපාලනය මම හෙළා දකිමි. මම සිංහලයෙක්මි. ජාතිවාදය නොවන මගේ සැබෑ උරුමය ගැන මම ආඩම්බර වෙමි. අපි එය සොයා යා යුතු වෙමු.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න