2013-05-30

බොදු බල සේනා, මෙත් සෙවණ හා ජර්මානු රාජ්‍ය නො වන සංවිධාන

Meth Sevana, Galle
(මෙම සිද්ධියට අදාල අපගේ ගවේෂණාත්මක වාර්තාව ඉංග්‍රීසි බසින් මෙතැනින් කියවන්න) ගාල්ලේ, පිලානේ පිහිටි මෙත් සෙවණ මධ්‍යස්ථානයෙන් වහාම ඉවත්වන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුණේන්ද්‍ර මුණසිංහ මහතා ජී. ඥානසාර හිමි ඇතුළු බොදු බළ සේනා සංවිධානයටට අද (29) නියෝග කර ඇත.

බටගොඩ ගමගේ අසංක අමරසිරි නමැති අය විසින් ගොනු කරන ලද පෙත්සමක් විභාග කළ විනිසුරුවරයා එම තීන්දුව දී ඇත. බොදු බලසේනාවේ මහ ලේකම් ජී. ඥානසාර හිමි, ඇඹිලිපිටියේ විජිත හිමි, විතාරන්දෙණියේ නන්ද හිමි සහ ලිට්ල් ස්මයිල් ඇසෝසියේෂන් නමැති රාජ්‍ය නොවන සංවිධානය වග උත්තර කරුවන් කරමින් පෙත්සම පවරා තිබිණි.

තමන්ට අයිති අක්කර 3 ක ඉඩම හා අදාළ දේපල 2012 දෙසැම්බර් 16 දා බොදු බල සේනා සංවිධානය විසින් බලහත්කාරයෙන් අත්පත්කර ගෙන ඇති බව සඳහන් කරමින්, පෙත්සම්කරු 2013 පෙබරවාරි 14 දා අධිකරණයට අදාල නඩුව ඉදිරිපත් කර තිබේ. ඒ අතර, බොදු බල සේනා සංවිධානය පසුගිය මාර්තු මස 09දා තමාට හිමි ඉඩමේ තිබු ගොඩනැගිල්ල 'මෙත් සෙවන' ලෙස නම් කොට ආරක්ෂක ලේකම්වරයා එහි ගෙන්වා එහි අධ්‍යාපන මධ්‍යස්ථානයක් ආරම්භ කල බව අමරසිරි පවසයි.

අප මෙම සිද්ධිය පිළිබඳ කළ අධ්‍යයනයේ වාර්තාව මෙතැනින් ඉංග්‍රීසි බසින් කියැවිය හැකි ය.

මෙහි බොදු බල සේනාවත්, ලිට්ල් ස්මයිල්  ඇසෝසියේෂන් නම් රාජ්‍ය නො වන සංවිධානයත් සම්බන්ධ පාරදෘෂ්‍ය නො වන ගනුදෙනු රැසක් තිබේ.

ලිට්ල් ස්මයිල් ඇසෝසියේෂන් යනු Michael Kreitmeir නම් ජර්මානු ජාතිකයකු විසින් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය නො වන සංවිධානයකි. එහි ලංකාවේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ වැල්ලවාය, කොස්ලන්දේ, පහළ අම්පිටිතැන්න වත්තේ ය. එය ලංකාවේ පිළි ගත් රාජ්‍ය නො වන සංවිධානයකි. බොදු බල සේනා ඇකඩමිය විවෘත කළ දිනයේ ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට Michael Kreitmeir මෙම මධ්‍යස්ථානය ඉදි කර නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට ලියකියවිලි සහිතව පවරා දී තිබේ.

අදාළ සංවිධානය මෙම මධ්‍යස්ථානය ඉදි කර තිබෙන්නේ ජාත්‍යන්තර වශයෙන් රැස් කරන ලද අරමුදල්වලිනි. එහෙත්, එසේ අරමුදල් රැස් කර තිබෙන්නේ බොදු බල සේනා වැනි ස්වෝත්තමවාදී සංවිධානයක පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීමට කියා නො වේ.

වාර්තා වන පරිදි රු. කෝටි 15ක් පමණ වැය කර ඉදි කරන ලද මෙම මධ්‍යස්ථානය බොදු බල සේනාවට පවරා දෙන්නට මේ ජර්මානු ජාතිකයාට තිබූ‍ හේතුව කුමක්ද? එසේ පවරා දුන්නා නම් වෙනත් පුද්ගලයකු මෙසේ එම මධ්‍යස්ථානය තමන්ට හිමි යයි කියා නඩු දමන්නේ කෙසේ ද? පිළිගත් රාජ්‍ය නො වන සංවිධානයක් පුද්ගලයින්ගේ නමට දේපල මිළ දී ගැනීමක් සිදු වී තිබේ නම් එයට හේතුව කුමක්ද?

2010 අගෝස්තු 17දා Michael Kreitmeir නම් පුද්ගලයා විශේෂ කාර්ය බලකාය විසින් සියඹලාණ්ඩුවේදී නිර්මානය කරන ලද මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් බවක් හා ඔහුට විරුද්ධව නඩු පවරන ලද බවක් ආසියානු මානව හිමිකම් කොමිෂමේ වාර්තාවක දැක්වේ. එම නඩුවට කුමක් වූයේදැයි අපට තවම සොයා ගත නො හැකි විය. 

Read full report:

Bodu Bala Sena's Associations with Little, Little Smiles



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-05-29

සුළි සුළඟකට මහසෙන් කියා නම තැබුවාම ඇති වැරැද්ද කුමක් ද?

දේශීය වාරි සංස්‌කෘතික උරුමය සුරැකීම පිළිබඳ ජාතික සභාව නම් අප්‍රකට සංවිධානයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට තර්ජනය කර "මහසෙන්" නම සුළි කුණාටුවකට යෙදීම සම්බන්ධයෙන් 'ජාතියෙන්' සමාව ගැන්නූ බව වාර්තා වේ.

වැරදි කාලගුණ තොරතුරු සැපයීම සම්බන්ධයෙන් නම් මේ දෙපාර්තමේන්තුව කිසි දිනෙක සමාව ගත් බවක් අපි නම් නො දනිමු.

සිදු වූ වරදක්, අතපසු වීමක් සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනයක් මේ අන්දමින් රාජ්‍ය නො වන සංවිධානයක් ඉදිරියේ 'ජාතියෙන් සමාව ගැනීම' කියා දෙයක් මීට කලින් නම් සිදු වූයේ නැත. මේවා ඉතා නරක පූර්වාදර්ශ ය. ජාතියෙන් සමාව ගන්නට උවමනා නම් එය කළ යුත්තේ විධිමත් අන්දමින් ගැසට් නිවේදනයක් වැනි ක්‍රියාමාර්ගයක් ඔස්සේ මිස මේ කොහේවත් යන රාජ්‍ය නො වන සංවිධාන ඉදිරියේ නො වේ.

නම් පැවත එන්නේ රජවරුන්ගෙන් නො වේ. රජවරුන් ඒ නම් පාවිච්චි කළ නිසා ඒවා ප්‍රසිද්ධ වූවා පමණි. රජවරුන්ට හෝ වෙන කිසිවෙකුට හෝ නම් හෝ භාෂාව හෝ අයිති නැත. ඒවා ‍පොදු ජන උරුම වේ.
මහසෙන් යනු මහා සේනාව යන අරුත් දෙන වචනයක් හෝ නමක් හෝ මිස රජෙක් නො වේ.

යමක් නම් කිරීමේදී, විශේෂයෙන් ම රාජ්‍ය ආයතන, සෑම පැතිකඩක් ගැන ම සැලකිලිමත් විය යුතු බව සැබෑ ය. එහෙත්, මෙවැනි කාරණා සම්බන්ධ නඩු අහන පොල්කටු උසාවි හා චන්ඩි බිහි කර ගැනීම නම් මහත් අනුවණකමකි.

නම් තැබීම මිනිසුන්ගේ සුන්දර සජීවී සංස්කෘතික කාර්යයකි. ඇමරිකාවේ එක්සත් රාජ්‍ය යන අරුත දෙන United States of America ඇමරිකා එක්සත් ජනපදය කියා සිංහලයෝ නම් තැබූ හ. වැරදි වුණත් ඒ භාවිතය දැන් තහවුරු වී තිබේ‍. ඒ වරද සම්බන්ධයෙන් අපි ඒ රටින් සමාව අයැදිය යුතු නැත.

ඇමති නිර්මල කොතලාවලගේ පවුලේ ව්‍යාපාරය විජය ප්‍රොඩක්ට්ස් ය. කරන්නේ කුළු බඩු ඇඹරිල්ල ය. විජය මිරිස් කුඩු, තුනපහ ආදිය තිබේ. ඉස්සර පැරකුම් උකු කිරී කියා ටින් කිරි වර්ගයක් රජයේ කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය විය. පැරකුම්බා කියන දත්බෙහෙත් වර්ගයෙන් දත් මැද මිනිස්සු කෙළ ගැසූ හ. රට පුරා තිබුණු ගාමිනී සිනමාහල්වල ප්‍රදර්ශනය වූයේ සිංහල හෝ‍බෞද්ධ‍ හෝ චිත්‍රපට පමණක් නො වේ. මේ ඇතැම් සිනමා හල් අයිති වුණේ දෙමළ ජනයාට ය. සිනමාස් සමාගමට අයත් ගාමිනී සිනමා හලට 1983දී සිංහල මිනිස්සු ගිනි තැබූ හ. සිදධාර්ථ තෛලය කාන්තාවන්ගේ පපුවේ ගෑවා ය කියා බුදුන්ට අපහාසයක් වන්නේ නැත. 

අනෙක් පැත්තෙන් සුළි සුළඟක් යනු වාර් කර්මාන්තය හා ඍජුව ම සම්බන්ධ වර්ෂාපතනයට ද හේතු වන, ඝර්ම කලාපීය උෂ්ණත්වය පාලනය කිරීමේදී ද වැදගත් වන ස්වාභාවික සංසිද්ධියකි. එයට මහසෙන් කියා නම තැබීමේ ඇති ඔය තරම් වැරැද්ද කුමක්ද? 

ඊළඟට එන්නට තිබෙන්නේ ෆයිලිං සුළි සුළඟයි. ලංකාව විසින් අනාගතයේදී නම් කරනු ලබන සුළි සුළංවලට යොදා තිබෙන නම් වන්නේ ප්‍රියා, ආසිරි, ගිගුම්, සෝබා යන ඒවායි. විරුද්ධ වෙනවා නම් දැන් ම විරුද්ධ වන්න. සුළි සුළංවලට නම් තබන හැටි ගැන මෙතැන විස්තර තිබේ.

මේවා වනාහි රටේ වෙන ප්‍රශ්න නැතිවාට මතු කර ගනු ලබන ප්‍රශ්න නො වේ. ඇති ප්‍රශ්න යට ගැසීම පිණිස උස්සනු ලබන නැති ප්‍රශ්නයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-05-28

තව පන්සියයක් ගිනි තබා ගත්තත් ඔය ටික තමා ය

Bowatte Indrarathana funeral
බෝවත්තේ ‍ඉන්ද්‍රසාර හිමියන්ගේ ආදාහනය අද ඔහුගේ ගමේදී පැවැත්විණි. ඡායාරූපවලින් පෙනෙන ආකාරයට එයට ලොකු සෙනගක් සහභාගි වී නැත. කොළඹ සිංහල බෞද්ධ වීරයන්ට කහවත්ත දුර වැඩි හෝ තමන් වැඩ කරන තැන්වල නිවාඩු නැති හෝ වන්නට ඇත.

මා දුටු තවත් දෙයක් වන්නේ පුද්ගලයන් දෙතුන් දෙනෙකු ඉන්නා සංවිධාන ඉටි රෙදි කපා, කෝටුවල අමුණා අතන මෙතක කහ කොඩි දැම්මා මිස ජනතාව ස්වේච්ඡාවෙන් කහ කොඩි දැමීමක් කළේ නැති බවයි.

ඉන්ද්‍රසාර හිමියන් ගිනි තබා ගත් මහනුවර නගරයේ පවා කහ කොඩි නො එසවීම පිළිබඳ උරණ වූ ජාතික හෙළ උරුමයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රි තුෂාර ස්වරණතිලක මැයි 27දා දහවල් මහනුවර ජෝර්ජ් සිල්වා උද්‍යානය අසල පැවැති රැස්වීමකදී "හෙට දහවල් 12 වෙන්නට පෙර මහනුවර කහ කොඩි දමන්න කියලා ඉල්ලා සිටිනවා. නැත්නම් අපි හෙට ක්‍රියා මාර්ගයක් ගන්නවා" යි කී බව වාර්තා විය.

මිනිස්සු මේ ගිනි තබා ගැනීම ගැන කතා කරනු ඇසුණ මුත්, ඒ ගැන කම්පනයක් ඇති වී තිබුණු බවක් නම් දක්නට නො ලැබිණි. වෙසක් තොරණ්, පහන් කූඩු, දන්සල් ආදිය ගැන මිනිස්සු ඊට වඩා කතා කළ හ. සිංහල බෞද්ධ ජනතාව කිසිවක් සිදු නො වූවා සේ වෙසක් බලන්නට යනු පෙනිණි.

ඉගෙන ගන්නවා නම් සිංහල බෞද්ධ අන්තවාදීන්ට පමණක් නො ව සියලු ජාතිවාදීන්ට හා ස්වෝත්තමවාදීන්ටත් මේ පාඩමකි. ජාතිවාදය, ආගම්වාදය හා ජනප්‍රිය අන්තවාදයන් යනු සිතූ පැතූ සම්පත් මවා දෙන සුරබිදෙනකැයි මෙතෙක් සිතා සිටියා නම් දැන් ඒ ගැන නැවත කල්පනා කරන්නට මේ අත්දැකීම හොඳ අවස්ථාවකි. 

අන්තවාදය ඔස්සේ බලය හා කීර්තිය නිර්මානය කර ගැනීම දැන් අන්තයකට එමින් තිබෙන බව අපේ අදහසයි. කුමන තත්වයක් තුළ වුණත් ජනතාව මෙවැනි ප්‍රචණ්ඩත්වයක් තම දෑස් අභියස දකින්නට කැමති නැත. එය ස්වපීඩක වුවත්, අන්ත ප්‍රචණ්ඩ ක්‍රියාවකි. එය දෑසින් දුටු අයගේ හා රූපවාහිනියෙන් නැරඹූ අයගේ මනසට කරන ලද දැවැන්ත ප්‍රචණ්ඩ බලපෑමකි.

අනෙක් පැත්තෙන් ජාතික, ආගමික අන්තවාදයන් යනු පූර්ණ පාලනයකට නතු කර ගත හැකි දේ නො වේ. අල් කයිඩා මතවාදයන්ගෙන් පෝෂණය වූ තරුණයෝ දෙදෙනෙක් එම සංවිධානය සමග කිසිදු සම්බන්ධයක් නැතිව, ස්වයංව බෝම්බයක් හදා බොස්ටන්හි පුපුරුවා හැරිය හ.

අන්තවාදයෙන් මෝහයට පත්ව සිටි ඉන්ද්‍රරත්න හිමියෝ ද අන්තවාදී සංවිධානවලට මිනියවත් සාර්ථක ලෙස විකුණා ගන්නට බැරි අන්දමේ ක්‍රියාවකින් දිවි තොර කර ගත් හ. 

තව පන්සියයක් ගිනි තබා ගත්තත් ඔය ටික තමා ය. 

2003දී සෝම හිමි 'අපවත් කළ' අවස්ථාවේ එම මරණය දේශපාලන බල ව්‍යාපෘතිය තුළ ස්ථානගත කළේ අසපු භික්ෂු බලවේගය විසිනි. දිලිසෙන සිවුරු පෙරවූ, මුහුණුවල පියරු ගා, තොල්වල ලිප්ස්ටික් ගා, සුවඳ විහිදුවමින් හුරතල් අන්දමින් බණ කියූ මේ සාදුලා මැද පංතික උපාසකම්මලා අතර මාකට් විය. 

අසපු සාදුලාගේ දේශපාලන ‍අවසානය සලකුණු වුණේ සත්ගුණවත් ආචාර්ය මර්වින් සිල්වා විසින් සිවුර ය‍ටින් අත දමා කලටි පොල් වල්ලක් කරකවන්නා ‍සේ කරන ලද සාංඝික වෘෂණ කෝෂ ඇඹරිල්ලෙනි.

රැඩිකල් දේශපාලන භික්ෂුවක් වන අතුරලියේ රතන හිමි අසපුවක සිරගත වී සිටියදී ඉදිරියට ආවේ බණක්,  භාවනාවක් නො දන්නා, මැරවරකම, ටුවරිස්ට් ගයිඩ් වැඩ, කාර් විකිණීම, බිස්නස් වැනි වැඩ කර කර සිටි අලුත් වලිකාර සංඝ පරපුරකි. හුරතලේට බණ කියන්න නො දත් මේ පරපුර තමන් දන්න, දන්න විධියට එක, එක දේ කරමින් සිටිති. ඔවුන් කරන දේ හැම අතින් ම රටටත්, සිංහල ජාතියටත් වින වේ. 

අනෙක් පැත්තෙන් මේ පරපුර පාලකයන්ගේ අතින් කන කුක්කෝ ය. ඒ බව ඉන්ද්‍රරතන හිමියන්ගේ මරණින් පසු බුද්ධ ශාසන අමාත්‍යංශය සම්බන්ධයෙන් ඔවුන් විසින් කරන ලද‍ ඉල්ලීමෙන් ම පැහැදිලි වේ. 

අන්තවාදය අන්තවාදයෙන් ම අවසන් වෙමින් තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

ක්ෂණිකාලාගේ ක්ෂණික ආශා යුගය

කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිනිය ක්ෂණිකා හිරිඹුරේගමයි. ජනාධිපතිවරයා ඇය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති පදවියට උසස් කළේ ය.

ඉන් පසු ඇගෙන් හිස් වූ කොළඹ විශ්ව විද්‍යාල‍යේ උප කුලපති පදවියට පත් කර තිබෙන්නේ ඇගේ සැමියා වන විජය කුමාර හිරිඹුරේගමයි. මෙම තනතුර සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සේවය කළ ඔහුත්, කලා පීඨයේ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායකත්, නීති පීඨයේ ආචාර්ය ප්‍රතිභා මහානාම හේවාත් අයැදුම් කර තිබිණි. විශ්ව විද්‍යාල සනාථන සභාව විසින් මාර්තු මාසයේදී මේ නම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම වෙත ඉදිරිපත් කරන ලදී. ඒ වන විට එහි සභාපතිනිය එක් අයදුම්කරුවකුගේ බිරිඳ ය.

අවසානයේදී ජනාධිපතිවරයා විසින් කුමාර හිරිඹුරේගම කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුර‍ට පත් කර තිබේ. ඔහුගේ පත්වීම සඳහා ඉහළම සුදුසුකම වුණේ දේශපාලනිකව හිරිඹුරේගම පවුල උසස් අධ්‍යාපන ඇමතිවරයා සමග කිට්ටුවෙන් සිටීම බවට චෝදනා එල්ල වේ. 1952 නොවැම්බර් 04 උපන් කුමාර හිරිඹුරේගමට දැන් හැට පිරී තිබේ. මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක ඔහු‍ට වඩා ජ්‍යේෂ්ඨ හා සනාථන සභාවේ බහුතර කැමැත්ත දිනා ගත් පුද්ගලයා බව වාර්තා වේ.

විශ්ව විද්‍යාල උප කුලපති පදවිවලට පත් කිරීම දැඩි ලෙස දේශපාලනීකරණය වීම ආරම්භ වුණේ 1980 ගණන්වලදී එක්සත් ජාතික පක්ෂ රජය විසින් එවකට ජයවර්ධනපුර විශ්ව‍ විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාරයවරයකු හෝ නො වුණ කරුණා‍සේන කොඩිතුවක්කු සෙසු ජ්‍යේෂ්ඨයන් නො තකා උප කුලපති තනතුරට පත් කිරීමත් සමග ය.

අද වන විට ලංකාවේ ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්යවරු තනතුරු තණ්හාව නිසා කිසිදු හිරිකිතයකින් තොරව දේශපාලකයන් පසුපස යන තත්වයක් නිර්මානය වී තිබේ.

ක්ෂණිකා හිරිඹුරේගම සිංහල, පාලි හා සංස්කෘත භාෂා පර්යෝෂකයකු හා සිංහල ශබ්ද කොෂයේ හිටපු ප්‍රධාන කර්තෘවරයකු ද වූ ආචාර්ය පී.බී. සන්නස්ගලගේ දියණියයි. සෙනෙට් සභාවේ අවසන් සභාපති වූ ඒ.රත්නායක ඇගේ මව් පාර්ශ්වයේ සීයා ය. ආචාර්ය පී.බී. සන්නස්ගල ද දේශපාලනය කර තිබේ. ඔහු 1960 මාර්තු මහ මැතිවරණයේදී හපුතලේ ආසනයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර පරාජය විය. එවකට ඔහු පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකි.

සන්නස්ගලලාගේ යුගයේ මෙතරම් ම සදාචාර විරෝධී ලෙස තනතුරු පසුපස හඹා ගිය බවක් නො පෙනේ. ක්ෂණිකාලාගේ යුගයට එන විට ලැබුණු අවස්ථාවෙන් ක්ෂණිකව ප්‍රයෝජන ගැනීම මිස සදාචාරය පිළිබඳ සැලකිලිමත් වීමක් නැත. කාලය මැවු වෙනසක අරුමය වෙන්න ඇති.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-05-26

ගසව් ගසව් කැරළි ගසව් - තම්බි රටෙන් එළවපියව් - ගව මස් කඩ වසාපියව්

sinhala ravaya
මේ ඡායාරූපයේ තොප්පි පැළඳ සි‍ටින උපශාන්ත මුහුණු ඇති පුද්ගලයෝ
 පූජ්‍ය පක්ෂයට අයත් නොවේ. 

ගව ඝාතනය නවත්වන්නැයි ඉල්ලමින් සිරුරට ගිනි තබාගෙන මිය ගිය බෝවත්තේ ඉන්ද්‍රරත්න හිමියන්ගේ දේහය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් අරලියගහ මන්දිරය දක්වා පෙළපාලි ගිය හා මස් කඩ කැඩූ බව කියන සිංහල රාවය සංවිධානයේ පෙළපාලියේදී මෙම සටන් පාඨ කියවෙන ආකාරය අසන්නට ලැබේ.

මෙම වීඩියෝවේ රැස්වීමක් අමතන සිංහල රාවයේ අක්මීමන දයාරත්න හිමි රට පුරා අන්‍යාගමික ස්ථාන, පල්ලි, කල්ලි, යාඥා මධ්‍යස්ථාන, නීත්‍යානුකූල නො වන ස්ථාන ආදිය  ඉවත් කරන බවට ද, මස් කඩ ඉතිරි නො කරන බවට ද ශපථ කරයි. කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට ද හොඳ පදවියක් දෙයි.

ඉන්ද්‍රරත්න හිමියන්ගේ මළ සිරුර ඔස්සේ අවදි කර ගන්නට යන 'ආගමික ප්‍රබෝධයට' ඉලක්කයක් නැති බව මේ වීඩියෝව දෙස් දෙයි. එය ගව ඝාතනය, මස් කඩ, හලාල්, මුස්ලිම් ජනයා,ඉවැන්ජලික ක්‍රිස්තියානි නිකායන්, පල්ලි පමණක් නොව පොලිසිය, බුද්ධි අංශ ආදියට ද එරෙහිව නන් දොඩවමින් අයාලේ යයි.

එහෙත්, කිසිවෙක් ආණ්ඩුවට එරෙහිව වචනයක් නො දොඩති. පොලිසියට එරෙහිව යම් යම් දේ කීමෙන් පසුව ඒ වචන සම්බන්ධයෙන් පශ්චාත්තාපය ප්‍රකාශ කරන ආකාරය ද දක්නට ලැබේ. 

සෝම හිමියන් 'අපවත් කළ' සමයේ නම් විරුද්ධ වන්නට ආණ්ඩුවක් තිබිණි. එකල තිබුණු ආණ්ඩුව කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුම් අත්සන් කළ ජාතිද්‍රෝහී එකකි. දැන් ඉන්නේ කොටි සංවිධානය පැරදවූ ආණ්ඩුවකි. මහ ජාතිවාදී, ආගම්වාදී ව්‍යාපාරවලට අතහිත දෙන ආණ්ඩුවකි.

මේ ආණ්ඩුව වහාම ක්‍රියාත්මක වන පරිදි ගව මස් කඩ වසන්නට පමණක් නො ව ජාතියේ මාංශ ආහාරය වන චිකන් පවා තහනම් කරන්නට ඉඩ තිබේ. මාළු මැරීම ද පවක් වන නිසා ධීවර ඇමති රාජිත සේනාරත්නට ද රැකියාව අහිමි කරන්නට ඉඩ තිබේ. තම්බි රටෙන් එළවපියව් කියන සටන් පාඨය ක්‍රියාත්මක කරන ආකාරය ගැන මුස්ලිම් කොංග්‍රස් නායන රාවුෆ් හකීම් සමග පවා සාකච්ඡා කරන්නට ඉඩ තිබේ. (රටින් එළෙව්වත් මුස්ලිම් කොංග්‍රසය නම් ආණ්ඩුවෙන් යන්නේ නැති එක ස්ථිර ය.)

ඒ නිසා මේ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයක් මේ මරණය හරහා ඇති නො වන බව ස්ථිර ය. පියවරක් ඉදිරියට තබමින් ආණ්ඩු බලය සියතට ගැනීම ගැන ජාතිවාදී බලවේග සිතන්නට ඉඩ ඇති මුත්, එය බෝවත්තේ ඉන්ද්‍රරත්න හිමියන් කළ ක්‍රියාවට වඩා බොහෝ වේදනාකාරී අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදු වන එකක් බව දන්නා නිසා ඒ සඳහා මේ කිසිදු වීරයෙකු ඉදිරිපත් වනු ඇතැයි සිතිය නො හැකි ය. රාජපක්ෂවරුන් කල් තබා ම මේ බලවේගයේ නාස් ලණුව සියතට ගත් හ.

මෙවැනි අවස්ථාවක ගැසිය යුතු දහම් ගැට දන්නේ සිංහල බෞද්ධ දේශපාලන ව්‍යාපාරයේ න්‍යායාචාර්යවරයා වන චම්පික රණවක ශූරීහු ය. ඒ වුණත්, දැන් ඒ ශූරිහු ද ගැට ගැහිලා ඉවර ය. ඒ ශූරීන්ට ඇති ලොකුම ගැටලුව තමන් බැඳී සිටින ගැටය ලිහා ගන්නා එක ය.

එබැවින් ශක්තිමත් සතුරකු නැතිව මතු වන මේ 'ආගමික ප්‍රබෝධය' අනිවාර්යයෙන් ම උතුරා යනු ඇත්තේ පහත් තැන්වලිනි. පහත් තැන්වලින් ම පමණි. 

ආණ්ඩුව මේ උද්ඝෝෂණය හරහා විදුලි බිලට, බඩු මිළට එරෙහි උද්ඝෝෂණ යටපත් කර ගනු ඇත. ඒ වෙනුවෙන් මේ අන්තවාදීන්ට රටේ හා ආණ්ඩුවේ පමණක් නොව සිංහල ජාතියේ ද පැවැත්මට හානිකර වූ ක්‍රියාදාමයක් සඳහා නීතියේ මුක්තිය ලබා දෙනු ඇත.



මේ ලිපිත් කියවන්න

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-05-25

ගිනි තබාගෙන මිය ගිය හාමුදුරුවෝ හා ස්වපීඩක බුද්ධාගම

ගව ඝාතනයට විරෝධය පළ කරමින් සිරුරට ගිනි තබා ගත් බෞද්ධ භික්ෂුව අපවත් වී තිබේ.

අපි සර්ව භක්ෂක සත්වයකු වන මිනිසාට පරිණාමයේ මුල සිට ම කළ පරිදි මස් කෑමට තිබෙන අයිතියට ගරු කරමු.

එසේම යම් කෙනෙකුට මස් නො කා සිටීමට ඇති අයිතියට ද ගරු කරමු.

මස් කෑම ඇගයීම හෝ හෙළා දැකීම සංස්කෘතික විවිධත්වයේ ලක්ෂණ ‍වේ. සංස්කෘතීන් බිහි වන්නේ නිශ්චිත සංදර්භයන් තුළ වන නිසා කිසිදු සංස්කෘතියක් හොඳ හෝ නරක හෝ යයි කිව නො හැක.

තමන්ගේ මතය හෝ සංස්කෘතිය අනුන් මත පැටවීම සඳහා ප්‍රචණ්ඩත්වය හා බිය වැද්දීම යොදා ගැනීම ත්‍රස්තවාදයයි. ඒ අනුව මේ වනාහි ත්‍රස්ත ක්‍රියාවකි.

කොටි සංවිධානයේ ද සටන් මූලධර්මය වුණේ මෙවැනි ත්‍රස්ත ක්‍රියා හා ඒ ආශ්‍රිත භීෂණය හා ඊනියා වීරාභිවාදනයයි.

සිංහල බෞද්ධ අන්තවාදය ද එවැනි විනාශකාරී යුගයකට එළඹෙමින් තිබේ.

බුදු හිමියන් දෙසුවේ අනන්‍ය වූ දහමකි. සිංහල බෞද්ධයෝ පළමුව ක්‍රිස්තියානිය අනුව යමින් කැරොල් බුදු දහමක් නිර්මානය කළ හ. බොදු බල සේනාව ෂාරියා බුද්ධාගමක් හදමින් සිටියි. ස්වපීඩනය මත පදනම් වූ අලුත් බුද්ධාගමේ නිර්මාතෘවරු කව්රු ද? 

මේ ලිපියත් කියවන්න: හාමුදුරුවන්ගේ ගිනි තබා ගැනීම හා ස්වර්ණවාහිනිය රට ගිනි තැබීම


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

හාමුදුරුවන්ගේ ගිනි තබා ගැනීම හා ස්වර්ණවාහිනිය රට ගිනි තැබීම

දළදා මාළිගාව ඉදිරිපිටදී ගිනි තබගෙන සිය දිවි හානි කර ගන්නට තැත් කළ බෝවත්තේ ඉන්ද්‍රසාර බෞද්ධ භික්ෂුවගේ ක්‍රියාව වීඩියෝ කර ගත් ස්වර්ණවාහිනිය එය ගජරාමෙට විකුණන්නට පටන් ගෙන තිබේ.

මෙකී සමාජ අපරාධය සිදු වන්නට යන බව දැන දැන ම ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති කණ්ඩායම කටයුතු කර ඇති බව පහත අප විසින් එම්බෙඩ් කර දක්වන ඔවුන්ගේ වීඩියෝවෙන් පැහැදිලිව ම පෙනේ. මාධ්‍යකරුවන්ට වුව අපරාධ සහායකයන් වීමට හිමිකමක් නැත. නීතියේ පාලනය ඇති රටක නම් මෙකී අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු ය.

මාධ්‍යකරුවාගේ කාර්යභාරය වන්නේ ඕනෑම සිද්ධියක් වාර්තා කිරීම නො වේ. සියල්ලට පළමුවෙන් තමන් පුරවැසියකු බව මාධ්‍යකරුවා මතක තබා ගත යුතු ය.මෙකී අපරාධය සිදු වන්නට යන බව දැන දැන එය වැළැක්වීමට පියවර නො ගැනීම ඉතා පැහැදිලිව ම වරදකි.

මෙම ගිනි තබා ගැනීම සිදු කළ භික්ෂුවට ඇතැමෙක් බැණ වදිනු දුටිමි. එහෙත්, මේ වනාහි, ජාතිවාදී, ආගම්වාදී, ස්වෝත්තමවාදී අන්තවාදයේ අනුකම්පාවට ලක් විය යුතු අවංක ගොදුරකි. ‍සිය අරමුණ වෙනුවෙන් මෙකී ත්‍රස්ත ක්‍රියාවේ එ‍හිමියන් යෙදුණේ ලෙමන් පෆ් කමින් උපවාස රඟපාන ජාතිවාදී නායකයන් සි‍ටින රටක ය.

මේ සිද්ධිය වනාහි ජාතිවාදය විසින් මිනිස් ජීවිතවලට කළ හැකි විනාශය දකුණේ සිංහල මිනිසුන්ගේ ඇස්වලට ඇඟිල්ලෙන් ඇන පෙන්වන අවස්ථාවකි. මෙය උතුරේ පුපුරා ගිය මිනිස් ‍බෝම්බවල කතාවේ ම තවත් පරිච්ඡේදයකි. අල් කයිඩා පන්නයේ ඉස්ලාම් මූලධර්මවාදය වැනිම වූ කතාවකි.  දැන් මේ සිද්ධිය පදනම් කරගෙන අන්තවාදය ප්‍රවර්ධනය කරන්නට ඇතැම් සංවිධාන උත්සාහ කරන ආකාරයපිළිබඳ උදාහරණයක් ලෙස International Buddhist Council Sri Lanka නම් ෆේස්බුක් කණ්ඩායමක් විසින් නිකුත් කර තිබෙන ප්‍රචණ්ඩ ප්‍රකාශනයක් අපි උපුටා දක්වමු.මේ එම පිටුවේ පළ වූ පාඨක අදහස් දැක්වීමකි. hamuduruwanta monawahari wela tibunoth balagamu tambiyonta wena de

''සිංහල රාවයේ ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේ ගේ ඉල්ලීම, ගව ඝාතනය ශ්‍රී දළදා පොළොවෙන් ඉවත් කරනු!

''නැත්නම් සැබෑ සිංහලුන් විසින් අතුගා දමන තුරු අපගේ විරෝධය පළකිරීම සඳහා පෙලගැසෙමු.. ගිනි තැබිය යුත්තේ කිරි අම්මා මස් කරන ගෙරි පාපතරයන් ය..

''සැබෑ සිහලුනි පෙලගැසෙවූ.. මුලින් උදුරා දමන්නට..! අවිහිංසාව රකින මතු පරපුරක් සඳහා !''
කොහොමද අවිහිංසාව?

හරකුන් මැරීම මෙන් ම කුකුළන් මැරීම ද පව්කාරකමකි. බීෆ් පිළිකෙව් කරමින් චිකන් ජාතියේ මාංශාහාරය බවට පත් කරගෙන ඇති තත්වයක් අද දැකිය හැකි ය. මසුන් මැරීමත් පාපයකි. එහෙත්, දෘෂ්ටිවාදීමය තලයේ මේවා පව් ය යන ආකල්පය පවතින අතර ම මේ ක්‍රියා ද දිගට ම සිදු විය. 

පැරණි සිංහල ගැමි සමාජය මේ සඳහා හොඳ ම නිදසුනකි. සතුන් මැරීම පාපයක් බව දෘෂ්ටිවාදීමය වශයෙන් පිළි ගන්නා ගමන් ම මිනිස්සු මස් කෑම ද කළ හ. ගැමි ගොවියෝ තමන් හරකුන් නො මරන මුත්, 'තම්බිට' හරකුන් විකිණීම කළ හ. හැමෝ ම එසේ කළ බව හෝ හැමෝ ම අසංවේදී මිනිසුන් බව එයින් කියවෙන්නේ නැත. 

හරකුන් ඇති කිරීම කරන ගොවියන් ළඟ සිටින හරකුන් වයස්ගතව මිය ගිය පසු වල දමන සිරිතක් නැත. 

අන්තවාදීහු සිය ව්‍යාපාරයන් සඳහා විවිධ පටු නිමිති යොදා ගනිති. සිය ජීවිතයෙන් වැඩි කාලයක් පිරිමි ළමයින්ගේ ස්වයං වින්දනයට එරෙහිව පත්‍රිකා බෙදීම සඳහා වැය කළ මිනිසකු ගැන මට කේරළයේදී ඔහුගේ පුතකු කීවේ ය. 

හරකුන් මැරීමට එරෙහිව හාමුදුරුවරු ගිනි තබා ගන්නේ මිනිසුන් මැරීම මහා පරිමාණයෙන් කෙරෙන රටක ය. මේ හාමුදුරුවන් ගිනි තබා ගත් තැනට නුදුරින් මුළු ජීවිත කාලය ම පා යදමින් බැඳ අලි, ඇතුන්ට වධ දෙන ස්ථානයක් තිබේ. ඒ ක්‍රියා සිදු කෙරෙන්නේ ද බුදු දහමේ නාමයෙනි. 

මිනිසා සංවේදී වන අතර ම උපයෝගිතාවාදී ද වන සත්වයෙකි. දෘෂ්ටිවාදීමය වශයෙන් සුචරිතවාදී වන අතර ම ප්‍රායෝගික තත්වයන්ට අනුව හැඩගැසී ජීවත් වන්නෙකි. 

අන්තවල ජීවත් වන මිනිසුන්ට මානසික ගැටලු තිබේ. දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් මෙකී අන්තයන් ප්‍රවර්ධනය කරන අය නාස්ති වන මෙවැනි ජීවිතවලට වග කිව යුතු ය. 



මේ ලිපිත් කියවන්න:
දෙමළ වීම නිසා දෙමළුන්ට ඇති ප්‍රශ්නය කුමක්ද?
රාජපක්ෂ පාලනයේ හේමන්ත ඍතුව
මනරංජන වැඩ වර්ජන - ජනරංජන ශ්‍රී රෝහණ
බෞද්ධයිනි, බොදු බල සේනාවේ ෂාරියා බුද්ධාගමික ප්‍රවණතාවට එරෙහි වෙමු


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-05-24

දෙමළ වීම නිසා දෙමළුන්ට ඇති ප්‍රශ්නය කුමක්ද?

මේ වනාහි ලංකාවේ වැඩියෙන් ම අසා ඇති ප්‍රශ්නය වන්නට පුළුවන.

ජාතිය දෙමළ වීම නිසා මිනිසුන්ට සිදු වන අසාධාරණයන් පිළිබඳ ඕනෑ තරම් උදාහරණ පෙන්විය හැකි ය. කොච්චර උත්තර දුන්නත්, සිංහල ජාතිවාදියෝ මේ ප්‍රශ්නය නැවත නැවත අසති. 

දෙමළ ජාතිකවාදීන්ට නම් මේ ප්‍රශ්නය විහිළුවක් වන්නට පුළුවන. එහෙත්, සිංහල සමාජය තවමත් හිතාගෙන ඉන්නේ මේ ප්‍රශ්නයට හරි පිළිතුරක් නැති ය කියා ය. දෙමළ ජාතිවාදීන්ට ද මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවබෝධයක් සිංහලයන් තුළ ඇති කිරීමේ උවමනාවක් කිසිදු කලෙක නො තිබිණි. 

සිංහලයකු වන මම මේ ප්‍රශ්නය ගැන උනන්දු වන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව සිංහලයාගේ මෙන් ම සියලු ලාංකිකයන්ගේ ද අනාගතය හා මේ රටේ අනාගතය ද තීරණය වූයේ හා වන්නේ මේ ප්‍රශ්නය තේරුම් ගැනීම මත නිසා ය. වසර පනහකට පෙර ලංකාවේ අපි මේ ප්‍රශ්නය තේරුම් ගත්තා නම් පසුගිය තිස් අවුරුදු යුද්ධය සිදු නො වන්නට ඉඩ තිබිණි. යුද්ධය සිදු නො වුණා නම් අද අප මෙතැන නැත. 

දෙමළ වීම නිසා දෙමළ ජාතිකයන් මුහුණ දෙන මූලික ම ප්‍රශ්නය දේශපාලනික ප්‍රශ්නයකි. එනම්, දේශපාලන බලය පිළිබඳ ප්‍රශ්නයකි. ඉතිහාසයේ කිසියම් කෙටි කාල පරිච්ඡේද කීපයකදී හැර ලංකාව එක් සේසත් වී නැත. එක් සේසත් වුණත්, ප්‍රාදේශීය පාලකයන් බලවත් රජුට යටත්ව බදු ගෙවීම් වැනි දේ කළා මිසක්, එකී බලවත් රජු මුළු රට ම පාලනය කළේ නැත. එවැනි ප්‍රාදේශීය පාලන ඒකක තිබූ ප්‍රධාන ස්ථාන ‍අතර රුහුණ මෙන් ම යාපනය ද වේ. විශේෂයෙන් ම උතුරේ දෙමළ වැසියෝ ඉතිහාසයක් මුළුල්ලේ ම ස්වයං පාලනයක් පවත්වාගෙන ගිය හ. එහෙම එකක් අවශ්‍ය වූයේ ලංකා‍ව එදා තිබුණේ අද තත්වයෙන් නො වන නිසා ය. (මේ කරුණු දැන ගන්නට ඕනෑ නම් ඉතිහාසය හදාරන්න‍. දෙමළ ජාතිකයෝ ඉතිහාසයේ මුල් කාලයේ සිට ම මෙම දිවයිනේ ජීවත් වී ඇති බවට ඕනෑ තරම් සාක්කි තිබේ.)

පසු කලෙක ශ්‍රී ලංකාව බවට පත් වූ සිලෝන් නම් ඒකීය රාජ්‍යය නිර්මානය කළේ ඉංග්‍රීසි යටත් විජිතවාදීන් විසිනි. එසේ කළේ රටම ආවරණය වන පරිදි මාර්ග පද්ධතියක් ඉදි කිරීම, රටට ම එක් නීතියක් හඳුන්වා දීම, රට ම ඒකීය පරිපාලනයකට යටත් කිරීම වැනි ක්‍රියාමාර්ග හරහා ය. ඉංග්‍රීසීන් සිංහල මෙන් ම දෙමළ කතා කරන වැසියන් ද පාගාගෙන සිටියා මිස ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දුන්නේ නැත. ඒ නිසා සුළු ජාතීන් සුවිශේෂ මර්දනයකට ලක් වුණේ ද නැත. 

තත්වය වෙනස් වුණේ නිදහසත් සමගයි. ඉංග්‍රීසීන් විසින් ලංකාවේ පිහිටුවන ලද ඒකීය රාජ්‍ය පාලන ක්‍රමය තුළ බහුතරය වූ සිංහලයන්ගේ ආධිපත්‍යය තහවුරු විය. එසේ වූයේ සිංහලයන් හා දෙමළ කතා කරන්නන් අතර බෙදීමක් ඇති වී තිබුණු සංදර්භයක් තුළයි. එය සිදු වන්නේ ඉංග්‍රීසීන්ගේ බෙදා වෙන් කර පාලනය කිරීමේ ප්‍රතිපත්තිය නිසා බවට තර්කයක් ඇත. 

වර්තමානයේ අප හඳුනා ගන්නා සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් අද තිබෙන තත්වයට ගොඩනැඟුණේ බොහෝ දුරට 20 වන සියවස තුළදී ය. මේ ජාතීන් ගොඩනැඟුණු ජාතික පුනර්ජීවන ව්‍යාපාරවල මුල් කාලයේ මූලික ලක්ෂණයක් වන්නේ ඒවා ගොඩනැ‍ඟෙන්නේ යටත් විජිතවාදීන්ට එරෙහිව නො ව අනෙක් ජනවර්ගයට එරෙහිව වීමයි. 

මෙකී සංදර්භය තුළ, සැලකිය යුතු නිදහස් අරගළයකින් ද තොරව, හිටිහැටියේ ඉංග්‍රීසීන් විසින් ලංකාව මත පිහිටුවන ලද ඒකීය රාජ්‍යය දෙමළ ජාතිකයන්ගේ බලාපොරොත්තු සුන් කර ලන්නක් විය. එහෙත්, ලංකාවේ දෙමළ කතා කරන ජනයා ද යාපනය, වන්නි, මඩකලපුව, මන්නාරම් හා කඳුරට හා මුස්ලිම් වශයෙන් එකිනෙකට වෙනස් දේශපාලන ප්‍රජාවන් වූවා මිස එක් ජාතියක් නො වූ නිසා ඔවුන්ට ද තිබුණු බලපෑම් ශක්තිය අවම විය. 

උඩරට, පහතරට, කරාව, සලාගම, දුරාව ආදී ජන කොටස් සිංහල බස පදනම් කරගෙන සිංහල ජාතිය ලෙස සංවිධානය වී වත්මන් සිංහල ජාතිය නිර්මානය විය. දෙමළ කතා කරන ජනයා ද ඒ අන්දමින් සංවිධාන වූ මුත්, දෙමළ ජාතිය ගොඩනැඟීමේදී මුස්ලිම්වරුන් හා කඳුරට දෙමළ ජනයා වෙන ම දේශපාලන ප්‍රජාවන් ලෙස සංවිධානය විය. 

තමන්ගේ ප්‍රදේශ පාලනය කර ගැනීම සඳහා තමන්ට වැඩි දේශපාලන බලයක් දෙන්නැයි කියන ඉල්ලීම දෙමළ සමාජයෙන් මතු විය. ඒ වනාහි ඉතිහාසය මුළුල්ලේ භුක්ති විඳින ලද තත්වයක් නැවත ඉල්ලා සි‍ටීමකි. සිංහලයන්ට අලුතින් ලැබුණු වරප්‍රසාදිත තත්වය අහිමි කර ගන්නට සිංහල නායකත්වය කැමති වූයේ නැත. 

බලය බෙදා ගැනීම සඳහා වූ ඉල්ලීම වෙන ම රාජ්‍යයක් දක්වා වර්ධනය වූ අතරමග සිංහල නායකයන් විසින් දෙමළ නායකයන්ට පොරොන්දු වී ලබා නො දෙන ලද බලය බෙදාගැනීමේ ව්‍යූහයන් කීයක් තිබේදැයි ඉතිහාස‍ය අධ්‍යයනය කර බලන්න. 

වෙන ම රාජ්‍යයක් සඳහා දෙමළ ජාතිකයන් විසින් කරන ලද සන්නද්ධ අරගළය පරාජය විය. කොටි සංවිධානය යනු දෙමළ ජාතිය විසින් ගොඩනඟා ගන්නා ලද, ඔවුන්ගේ ජීවිතවලින් පෝෂණය වූ ව්‍යාපාරයක් මිස හුදු ප්‍රභාකරන්ගේ හීනයක් නො වේ. 1971, 89 කැරැලි විජේවීරගේ හීනයකැයි සිතන අය වනාහි දේශපාලනික අඥානයෝ ය. එවැනි තකතීරුවන්ට ඉගැන්විය නො හැකි ය.

දෙමළ ඊලාම් අරගළය යුදමය වශයෙන් පරාජය වී ඇති මුත්, දෙමළ ජනයාගේ ඉල්ලීම යුක්ති යුක්ත ය යන ජාත්‍යන්තර පිළිගැනීම හේතුවෙන් යුද්ධයෙන් පසු කාලය තුළ පවා දෙමළ ඊලාම් අරගළය වේගයෙන් ඉදිරියට ගොස් තිබේ. දැන් ලංකාව බෙදෙන්නට ඉඩ තිබෙන්නේ යුද්ධයකින් නො ව ජාත්‍යන්තර මැදිහත්වීමකින් සිදු වන ජනමත විචාරණයක් වැනි දෙයකිනි. එහෙම නො වුණත්, මේ ප්‍රශ්නය ඇදි ඇදී යාමෙන් සිදු වන්නේ අනාගතයත් කාලකන්නි වීම පමණි.

එය වළක්වා ගත හැක්කේ දෙමළ ජාතිය විසින් කරනු ලබන ඉල්ලීමට සවන් දීමෙනි. ඔවුන් සමග සාකච්ඡා කිරීමෙනි. රාජ්‍යය තුළ දෙමළ ඇතුළු සියලු ජාතීන්ට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමෙනි. ඒ සඳහා ලංකාවට සුවිසල් රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය ය. අප කළ යුත්තේ අපට ගැලපෙන අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමයි. ‍මෙය වනාහි දෙනු ගනු හෙවත් give and take දෙයකි. සිංහලයන් වන අපි ඔවුන්ට පාලන බලයක් ලබා දී ඔවුන් මේ රා‍ජ්‍යය සමග එකතු කර ගත යුතු ය. සිංහල, දෙමළ ආදී ජාතීන් අනුකලනය වී නව ලාංකික ජාතියක් නිර්මානය කර ගැනීම සඳහා මෙය මූලික කොන්දේසියකි. අප දැන් කරමින් සිටින්නේ යටත් විජිතවාදීන් විසින් අපේ හිස මත පටවන ලද නො ගැලපෙන රාජ්‍ය ව්‍යූහයයක් කර තබාගෙන එක තැන පල්වීමයි. මේ රාජ්‍ය ව්‍යූහය විසින් අපට උරුම කර දී තිබෙන්නේ මොනවාද කියා කල්පනා කර බලන්න.

"අපි දෙමළුත් එක්ක එකතු වෙන්න කැමති නැහැ, අපට ඔවුන් විශ්වාස නැහැ, උන්ට ඕනැ රට බෙදන්නමයි, මේක සිංහලුන්ගේ විතරක් ර‍ට" ආදී දේ යමෙක් කියනවා නම් ඒ වනාහි ජාතිවාදියෙකි. ස්වෝත්තමවාදියෙකි. බෙදුම්වාදියෙකි. අන්ත පසුගාමියෙකි. පූර්ණ අසුබවාදියෙකි. දෙමළ සමාජයේ ද මෙවැනි අසුබවාදීහු සිටිති. "බලය දුන්නොත් උන් රටෙන් කෑල්ලක් වෙන් කර ගන්න එක වළක්වන්න බැහැ" යන්න මෙන් ම "අපට ඕනැ ඊලම ම යි" වැනි කතා මෝඩ පන්නයේ ඒවා ය. 

රට බෙදීම වළක්වා ගැනීමට කළ යුත්තේ ජාතීන් අතර අවබෝධය හා විශ්වාසය තහවුරු කර ගැනීමයි. ලංකාව තවත් කුඩා කැබලි දෙකකට හෝ වැඩි ගණනකට කැඩීමෙන් සිදු වන්නේ තමන් ඒ කොටසේ ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් සිර වී අනාථ වීම වන බැවින් සිදු විය යුත්තේ අප තව තවත් පුළුල් වීම ය යන්න තේරුම් ගන්නට අද ඉන්න සිංහල, දෙමළ මැටි මෝල්ලුන්ට බැරි වුනත් ‍අනාගත පරපුරට හෝ තේරුම් ගැන්වීමට පුළුවන. රටවල් කැබලිවලට බෙදීම වෙනුවට ලෝකය එක්සත් වීම සිදු වන්නේ ඒ අවබෝධය තුළයි. 

ප්‍රශ්නය තිබෙන්නේ අප පාලකයන් ලෙස පත් කර ගන්නේ මෙවැනි අභියෝගාත්මක දේශපාලනික කටයුතුවලදී ජනතාවට නායකත්වය දිය හැකි බුද්ධිමතුන් හා සැබෑ දේශප්‍රේමීන් නො ව හරකුන් යන අතට ඔහේ යන බේබදු ගොපල්ලන් වැනි අඥානයන් වීමයි. උන්ට රට ගැන ඇති හැඟීමක් නැත. උන් කල්පනා කරන්නේ බඩෙනි. 

මේ ලිපිත් කියවන්න: 
රාජපක්ෂ පාලනයේ හේමන්ත ඍතුව
මනරංජන වැඩ වර්ජන - ජනරංජන ශ්‍රී රෝහණ
බෞද්ධයිනි, බොදු බල සේනාවේ ෂාරියා බුද්ධාගමික ප්‍රවණතාවට එරෙහි වෙමු


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-05-23

ජවිපෙ විදුලි පෙළපාලියට විමලුත් ඇවිත්

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව අද කොළඹදී ජවිපෙ විසින් පවත්වන ලද පෙළපාලියට විමල් ද පැමිණ සිටියේ ය. ටයි කෝට් ඇඳ සිටිය ද දැන් අලුතෙන් බැඳුණු අයකු සේ නැවත බර ඇද සුදුසුකම් ලබා ගත යුතු නිසාදෝ ඔහු ලයිට් කණුවකට කර ගසා සිටියේ මෙලෙසයි. (ඡායාරූපය ලංකා ටෲත් වෙබ් අඩවියෙනි)

කියවන්න: 
රාජපක්ෂ පාලනයේ හේමන්ත ඍතුව
මනරංජන වැඩ වර්ජන - ජනරංජන ශ්‍රී රෝහණ
බෞද්ධයිනි, බොදු බල සේනාවේ ෂාරියා බුද්ධාගමික ප්‍රවණතාවට එරෙහි වෙමු

 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

රාජපක්ෂ පාලනයේ හේමන්ත ඍතුව

ගිලෙන නැවෙන් මීයෝ පැන යති. ආණ්ඩුව නම් නැව ගිලෙන්නට පටන් ගෙන නැතිමුත්, එය හොඳට ම අබලන් ය. කොයි මොහොතක හෝ වතුර කාන්දු වීම ආරම්භ වන්නට පුළුවන. එබැවින් බුද්ධිමත් මීයෝ පැන යා හැකි මං කල් ඇතිව සැලසුම් කර තබති. 

බුද්ධිමත් ම මීයෝ වනාහි ජාතිම ජාතිවාදියෝ ය. විමල් වීරවංශ පක්ෂයත්, ජාතික හෙළ උරුමයත් පළාත් සභාවලට විරුද්ධ ය. වඩාත් නිවැරදිව කීවොත්, උතුරු පළාතේ දෙමළ වැසියන් වෙනුවෙන් පළාත් සභා මැතිවරණයක් පවත්වනවාට‍ විරුද්ධ ය. 

මේගොල්ලන්ගේ පිටවීමේ දොරටුව තිබෙන්නේ මෙතැන ය. පිටවීමේ මාර්ගය එළිපෙහෙළි කර ගැනීම සඳහා ජාතික හෙළ උරුමය පළාත් සභා අහෝසි කරන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙනැවිත් තබන්නට ද කටයුතු කර තිබේ. 

සැප්තැම්බරයේ පළාත් සභා මැතිවරණය ගෙවන කිව්ව ද දැන් ජනාධිපතිවරයා ඒ ගැන සද්දයක් නැත. සැප්තැම්බරයේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණයක් බලාගෙන දෙමළ ජාතික සන්ධානය සූදානම් වෙමින් සිටියි. මේ සැප්තැම්බරය මාස කීපයකින් එහාට යන්නට පුළුවන. ආණ්ඩුව ජාතික ගැටලුව සම්බන්ධයෙන් අනුගමනය කළ ජාතිවාදී ප්‍රතිපත්තිය වන්නේ 'දෙමළුන්ට කිසිවක් නො දෙන්නනෙමු' යන්නයි. එය එළිපිට නො කියා යම් යම් කමිටු ආදිය පත් කරමින් කල් ගත් ගැනීම දැන් මාස කීපයක් කල් ගැනීම දක්වා කෙටි වී තිබේ. 

නිශ්චිත වැඩ පිළිවෙලක් නැති, ' එන එන හැටියට ගහ උළුවස්සා' යන උපායමාර්ගයේ සිට කටයුතු කරන රාජපක්ෂ පවුල් පාලනය හොඳින් දන්නා කාරණයක් තිබේ. ඒ වනාහි ජාතික ප්‍රශ්නයට විසඳුම් දීමේ ක්‍රියාමාර්ගවලට අත පොවන දවස තමන්ගේ කල් ඉකුත් වන දිනය බවයි. සිංහල ජාතිවාදය මත පදනම් වී 1956දී බලයට පැමිණි බංඩාරනායකගේ ඉරණම වූයේ මරණයයි. 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලොකුම තර්ජනය ඇත්තේ ආණ්ඩුව ඇතුළේ ම සිටින ජාතිවාදීන්ගෙනි. රට ආර්ථික අර්බුදයේ කරවටක් ගිල්වා, අනාගත බලාපොරොත්තු සුන් කර කාලකන්නි වර්තමානයක් උරුම වී සිටින ජනතාවට විදුලි බිලෙන් කරන්ට් වද්දන්නට බැරි වුණාට ජාතිවාදයෙන් පුබුදු කරන්නට පුළුවන. 

ජවිපෙ විසින් මෙහෙයවන ලද මැයි 21 වැඩවර්ජනයේ අසාර්ථකත්වය විසින් ජවිපෙ ද පංති අරග‍ළයෙන් යළි ජාතිවාදයට ම තල්ලු කරන බව නිසැක ය. 

ඉදිරි මාස කීපය ඉතා අඳුරු ය. ජාතීන්ගේ ප්‍රශ්නයට බලය බෙදාගැනීම ඔස්සේ විසඳුම් සෙවීම සඳහා වූ ජාත්‍යන්තර බලපෑම්, දෙමළ ඊලමක් සඳහා ජනමත විචාරණ යෝජනා, යුද අපරාධ චෝදනා, ආර්ථික අර්බුදය, උද්ධමනය මැද රාජපක්ෂ පාලනයේ හේමන්ත ඍතුව උදා වනු ඇත.

පාලකයිනි උණුසුම් ඇඳුම් සූදානම් කර ගන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-05-22

මනරංජන වැඩ වර්ජන - ජනරංජන ශ්‍රී රෝහණ

විදුලිය ගාස්‌තු වැඩි කිරීම අහෝසි කරන ලෙස ආණ්‌ඩුවට බලකරමින් ඊයේ (21 වැනිදා) පවත්වන ලද එක්‌ දින සංකේත වැඩවර්ජනය සාර්ථක බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්‌ථානයේ සභාපති හිටපු ඇමති කේ. ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.

එක්‌තරා සුළු පිරිසකගේ වුවමනාවන් මත ඊයේ කරන ලද වැඩවර්ජනය මේ රටේ මෙතෙක්‌ කෙරුණු වර්ජනවලින් ඉතා අසාර්ථකම වර්ජනය බවට ඉතිහාසගත වනු නියත යෑයි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම්බන්ධීකාරක හා යුක්‌තිය උදෙසා ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු එස්‌. අමරසිංහ පවසයි.

ගාග් කාන්තත්, එස්. අමරසිංහත් යනු එකම ජනතා විමුක්ති පෙරමුණේ එකම වෘත්තීය අංශයේ සිටි දෙදෙනෙකි. පක්ෂය තුළ සන්නද්ධ අමරෙ නමින් ද කලක් හඳුන්වනු ලැබූ අමරසිංහ දැන් මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරමින් සිටියි. ලාල් කාන්ත කරමින් සිටින්නේ කුමක්දැයි හරියට දැන ගැනීමට තව ටික දිනක් අවශ්‍ය වනු ඇත.

21 දින මහා සංකේත වැඩ වර්ජනය සාර්ථක යයි විවිධ තර්ක ඉදිරිපත් කළ හැකි ය. ආණ්ඩුව බිය වූ නිසා වර්ජනය සාර්ථක යයි ගෙනෙන තර්කය එකකි. ජනතාව දැඩි මර්දනයකට ලක් කර තිබෙන සංදර්භයක් තුළ මේ තරමින් හෝ වර්ජනය ඉල්ලීමට ප්‍රතිචාර ලැබීම ද ප්‍රමාණවත් යයි තීම තවත් එවැනි තර්කයකි. 

එහෙත්, ඇත්ත තිබෙන්නේ තර්ක තුළ නොවේ. 

වැඩ වර්ජනය සංවිධානය කළ අය වැඩිපුර ඉලක්ක කළේ රජයේ සේවයයි. රජයේ සේවයේ සිටින ඇතැමුන්ට අමුතුවෙන් වැඩ වර්ජනය කරන්නට දෙයක් නැත. මන්ද, ඔවුහු සාමාන්‍යයෙන් වැඩ නො කරති. නිකම් ඉඳ වැටුපක් හා විශ්‍රාම වැටුපක් ගන්න පුළුවන් රස්සාවට තට්ටු කර ගන්නට ඔවුන්ට උවමනා නැත.

බොහෝ දෙනෙකු සිතන්නේ රජයේ රැකියාව යනු පාට් ටයිම් වැඩක් ය කියා ය. ඔවුන් රැකියාව පිණිස සිල්ලර කඩ, තේ පාත්ති, කුඹුරු, ටියුෂන්, ප්‍රයිවට් ප්‍රැක්ටිස්, මුදල් පොලියට දීම වැනි දේ කරති. ඒ නිසා ඔවුන්ගේ ඇත්ත රැකියාව පැහැදිලි නැත.

බොහෝ දෙනෙකු තමන් දුප්පතකු බව කියන්නේ මිතුරකු හෝ ඥාතියකු හෝ අතමාරුවක් ඉල්ලූ විටයි. නැතිනම්, බොහෝ අය හිතන්නේ තමන් ධනවතුන් ය කියා ය. මන්ද, දියුණු ජීවන තත්වයන් ගැන ඔවුහු නො දනිති. ආණ්ඩුව සමග රණ්ඩු වෙන්නට යනවාට වඩා මේ ගානත් ගෙවන එක ලේසි යයි ඔවුහු සිතති. 

සමාජයේ බොහෝ දෙනෙක් ලෙඩ්ඩු වෙති. ඔවුන් වැඩිදෙනෙක් සිතාගෙන ඉන්නේ තමන්ගේ දරුවන් වෛද්‍යවරුන් වනු ඇතිය කියායි. එසේ වූ විට ඔවුන්ට පහළ වන්නේ යයි ලෙඩුන් සිතන හතර මහා නිධානයෙන් කොටසක් තමන්ටත් ලැබෙනු ඇතැයි සිතා ඔවුහු කාගෙන සිටිති.සමහරු තමන් වර්ජනය කළත්, දරුවන් පාසල් යැව්වේ ඒ නිසා ය. 

ගුරුවරුන් වැනි ඇතැමුන්ට තමන් කරන්නේ රැකියාවක් නොව ‍සේවයක් බව මතක් වන්නේ වර්ජන ඇති දිනවලටයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහත් ඊයේ කැලනි විශ්වවිද්‍යාලයේ සේවයට වාර්තා කළ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී කීවේ ය.

වැඩ වර්ජනය නිසා රස්සාව නැති වේ යයි බියෙන් රෝහලේ සිට ටිකට් කපාගෙන ගෙදර විත් වැඩට පැමිණි කම්කරු කාන්තාවක් මම දුටිමි. අනිවාර්යයෙන් එන්න යයි ප්‍රධානියා දුරකථනයෙන් අමතා කී නිසා පැමිණි බව ඇය කීවා ය.

මිනිස්සු බිය වෙන්නට කැමතිය. ඒ නිසා වැඩ වර්ජනයට කලින් දවසේ රැය පුරා ඒ ගැන දිගට, දුරට කල්පනා කර, පලිගැනීම්, මාරු කිරීම්, රස්සා නැති වීම්, සිඟමනට වැටීම් ආදිය හීනෙන් දැක, දාඩිය දමාගෙන නැගිට වැඩට යති. විපක්ෂ දේශපාලකයෝ මෙයට මර්දනය යයි කියති.

වෘත්තීය සමිතිකාරයන් තමන් වර්ජනය පිළිබඳව දැනුවත් නො කළ බව ඇතැමෙක් කියති. ඒ නිසා ඔවුහු හැසිරෙන්නේ ඒ ගැන නො දන්නා පරිද්දෙනි.

මේ වැඩ වර්ජනය ජනතා විමුක්ති පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණයක් නිසා තමන් එයට සහභාගි නො වන බව ඇතැමෙක් කියති. විදුලි බිල වැඩි වුණත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ පැරදවිය යුතු ය. 

ඕවා බොරු වැඩ බව හා වැඩ වර්ජනය අසාර්ථක වන බව බොහෝ දෙනෙක් කල් ඇතිවම දනිති. දන්න නිසා ඔවුහු ඒවාට සහභාගි නො වෙති.

සමහරු හිතන්නේ අපි හම්බ කර ගත්තොත්, අපට කන්න පුළුවන්. අපට ඔය කාගෙවත් දේවල් වැඩක් නැහැ ය කියා ය.

තවත් සමහරුන් කල්පනා කරන්නේ විදුලි මීටරය කැඩෙන ක්‍රමයක්,  වයර් එකක් ගසා හොරෙන් විදුලිය ගන්නා ක්‍රමයක් ආදිය ගැනයි. 

මහජන මුදලින් විදුලි බිල ගෙවා ගත හැකි ආකාරයේ තනතුරක් ලබා ගැනීම ගැන ද සමහරු සිහින දකිති. 

මේ හේතුත්, තවත් හේතුත් නිසා බොහෝ දෙනෙක් වර්ජනය නො කරති. මේ වර්ජනයේ සංවිධානමය අඩුපාඩු තිබුණු බව ඇත්ත ය. හොඳින් සංවිධානය කළත්, ඉහත පිරිස හැසිරෙන්නේ ඒ අන්දමට ම ය.

ඒ නිසා සාමාන්‍ය දිනවල ගන්නා නිවාඩුව ‍හෝ මේ අය නො ගනිති. වර්ජන කැ‍‍ඳෙව්වා ම ඇත්තෙන්ම වෙන්නේ පැමිණීම වැඩි වීමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-05-20

බෞද්ධයිනි, බොදු බල සේනාවේ ෂාරියා බුද්ධාගමික ප්‍රවණතාවට එරෙහි වෙමු

බොදු බල සේනාව වේවැල්වලින් සන්නද්ධ වීමට තීරණය කර තිබේ. බුදු තෙමඟුල සැමරෙන වෙසක් සමයේ බොදු බල සේනාවේ අය වේවැල් අරගෙන වීදි සරනු ඇති බව දන්වා තිබේ. ඒ උත්සව පවත්වන සමාජය වෙනුවෙන් සමාජ ශෝධක භූමිකාවක් ලෙස පෙන්වමිනි.

මේ වේවැල් සෙල්ලම අලුත් දෙයක් නොවේ. වෙසක් කාලයට විකිණෙන භාණ්ඩ අතර වේවැල් ද තිබේ යයි සිතමි. 1992දී පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය විසින් වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ පවත්වන ලද පහන් කූඩු තරගයකට සහභාගි වීම පිණිස නුවර සිට කොළඹට දුම්රියෙන් පැමිණෙද්දී මා දුටු දර්ශනයක් වන්නේ ‍දුම්රියේ පාපුවරුවේ පැමිණි මදාවි කොල්ලන් කීපදෙනෙක් වේවැල්වලින් දුම්රිය මාර්ගය අයිනේ සිටි අයට පහර දීමයි. දුම්රිය අද්දර පාරේ පයින් යන මිනිසකු හිටි හැටියේ හිසට වැදුණු වේවැල් පාරකින් වේදනාවෙන් ඇඹරුණ අයුර ඒ කොල්ලන්ට මහත් විනෝදයක් විය. වේවැල් කසාය තිත්ත ය. ගුරුවරු වැනි වේවැල් කසාය දෙන අය හැමදාමත් එයින් පරපීඩාකාමී සතුටක් ලබති.

2011 වෙසක් දිනයේ අත්දැකීම් කීපයක් ‍අපි එදා ලියා තැබුවෙමු. කියවන්න: ආගම යනු උත්සව පවත්වන්නන්ට නිමිති සපයන දෙයකි

හෙන්රි ස්ටීල් ඕල්කට්ගේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය ඔස්සේ බුදු දහම ක්‍රිස්තියානිය අනුව හැඩගැසුණු ආකාරය පිළිබඳව අප විසින් තබන ලද සටහනක් මෙතැනින් කියැවිය හැකි ය. පියුමි බොතේජුගේ පන්සලේ විවාහය හා සැබෑ බුදු දහම


අපි එහි මෙසේ සටහන් කළෙමු. 

මේ වෙසක් මාසයයි. බෞද්ධයෝ දැන් ක්‍රිස්තියානින් නත්තල් පත් යවන අන්දමින් ම වෙසක් පත් ද යවති. ක්‍රිස්තියානින් ගව ලෙන හදන අන්දමින් සල් උයන් ආදී සැරසිලි ද කරති. ක්‍රිස්තියානින්ගේ කැරොල් කොපි කරමින් භක්ති ගී සංදර්ශන පවත්වති. පෝ දා සිල් ගෙන පසුදා ද නිවාඩු බැවින් කා බී ඔලු බක්කන් හා චොකා බයිලා නටා ප්‍රීති වෙති.


19වන සියවස අගභාගයේදී බෞද්ධ පරමවිඥානාර්ථ සමාගම වැනි ව්‍යාපාරවල අනුග්‍රහයෙන් ලංකාවේ බෞද්ධ සමාජයේ ඇති වූ සියුම් ප්‍රතිසංස්කරණය අධ්‍යයනය කරන විට ඉතා පැහැදිලිව දක්නට හැකි ලක්ෂණයක් වන්නේ ක්‍රිස්තියානි සංස්කෘතික ලක්ෂණ ගෙඩි පිටින් ම බෞද්ධ සංස්කෘතියට එබ්බීමේ බලහත්කාරිත්වයක් එහි ඇති බවයි.


ක්‍රිස්තියානිය දෙස බලාගෙන බෞද්ධ සමාජය හැඩගැස්වීම කෙතරම් සියුම් අන්දමින් කර තිබේදැයි බැලීම සඳහා පැරණි සිංහල සාහිත්‍යයේ  බෞද්ධයන් ආගම ඇදහූ අන්දම අධ්‍යයනය කිරීම හා වර්තමාන තත්වය සංසන්දනය කර බැලිය හැකි ය. 

පන්සලේ කසාද බැඳීම බෞද්ධ සමාජය ක්‍රිස්තියානි සංස්කෘතිය අනුකරණය කිරීමේ උච්ච ස්ථානයකි. හෙන්රි ස්ටීල් ඕල්කට් වැනි බටහිරයන් විසින් මේ සඳහා මුල පුරා දෙනු ලැබූ අතර දැන් බෞද්ධයන්ට ඇන්දීම සඳහා මහන්සි වීමේ උවමනාවක් බටහිරට නැත. අන්න රෙද්ද කියා පෙන්නූ සැණින් එය කපාගෙන, මසාගෙන, ජනතාව ගොනාට අන්දා තමන්ට වාසි ලබා ගන්නට සමත් නායක පිරිසක් බෞද්ධයන්ට සිටිති. මොවුන්ගෙන් දැඩි ලෙස අනතුරට පත් වී ඇත්තේ සැබෑ බුද්ධ දේශනාවයි. 

සම්ප්‍රදායික ආගමික සංස්ථාවෙන් තෘප්තිමත් නොවන කිතුණුවන් වෙනුවෙන් ඉවැන්ජලික සේවාවන් බිහි වද්දී ඒවා කොපි කරමින් ලංකාවේ ඇතැම් අසපු වාසී, දුඹුරු සළු අඳින, පවුඩර් ගණින්නාන්සේලා ඉවැන්ජලික බුද්ධාගමක් බිහි කරගෙන ඇත. 

ආගම් අතර සංස්කෘතික හුවමාරුව කිසිවකුට වැළැක්විය නොහැකිය. ලංකාවේ ක්‍රිස්තියානිය ද බුදු දහමින් නොමඳ ආභාසයක් ලබා ඇත. අහිංසක ලෙස සිදු වන එවැනි සංස්කෘතික හුවමාරුවල කිසිදු වරදක් අපි නොදකිමු.


එහෙත් අප විරුද්ධ වන්නේ ඇතැම් බෞද්ධ නායකයන් මේ සියල්ල කරන්නේ ලංකාවේ සුළුතර ආගම් සතුරා කරගෙන, බිල්ලකු මවා පා ජනතාව බියවද්දමින් පටු පුද්ගල වාසි වෙනුවෙන් වීමටයි. 
දැන් බොදු බල සේනාව තවත් අලුත් ප්‍රවණතාවකට මුල පුරා තිබේ. ඒ වනාහි ඉස්ලාම් අන්තවාදය අනුව යමින් ෂාරියා බුද්ධාගමක් හඳුන්වා දීමේ ප්‍රවණතාවයි. බෞද්ධ අන්තවාදයෙහි හිංසන පාර්ශ්වය සමාජගත කරන්නට යන්නේ වේවැලෙනි. මෙයට ඉඩ දුන්නොත්, වැඩි දිනක් යන්නට පෙර මෙය දැලි පිහියට මාරු වන්නට ඉඩ තිබේ. තට්ට බෑමට යයි කියමින් නීත්‍යානුකූලව රැගෙන යා හැකි දැලි පිහිය බෙල්ල කපන්නට ද පාවිච්චි කළ හැකි ය.

වෙසක් උත්සවය නිමිති කරගෙන සිදු වන දුෂ්ට ක්‍රියා සම්බන්ධයෙන් අපට ද ගැටලු තිබේ. එහෙත්, බුදු සසුනේ හා පොදු සමාජයේ ඇති වූ  පරිහානිය මත පදනම් වෙමින් දේශපාලන බලය සඳහා කෙළ හලන ඊනියා බෞද්ධ ව්‍යාපාරයකට සිය පටු උවමනාවන් සපුරා ගැනීම සඳහා හිංසනයට ඉඩ දීම අනතුරුදායක ය.

වේවැල හිංසනය සඳහා භාවිතා කරන උපකරණයකි. එබැවින් එය ආයුධයකි. එවැනි ආයුධ අත‍ට ගෙන කිසිවෙක් හිංසනයේ යෙදෙයි නම් වහාම එ‍යට එරෙහි වන්න. කුමන වරද කළත්, ඔබ හෝ ඔබේ දරුවා දණ්ඩනයට ලක් කළ හැක්කේ නීතියට පමණි.

හිංසනයෙන් සමාජයක් විනයගත කිරීම බුදු දහම නො වේ. බුදු දහම විසින් මග පෙන්වනු ලබන්නේ අවබෝධයෙන් යහපත් මිනිසුන් බිහි කිරීමටයි.

ආර්ය අෂ්ඨාංගික මාර්ගය යනු නිවැරදි අවබෝධය, නිවැරදි කල්පනාව, නිවැරදි වචන, නිවැරදි ක්‍රියා, නිවැරදි ජිවත්වීම, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිකල්පනාව හා නිවැරදි සමාධියයි. බොදු බල සේනාව විසින් ප්‍රවර්ධනය කරනු ලබන්නේ වැරදි අවබෝධය, වැරදි කල්පනාව, වැරදි වචන, වැරදි ක්‍රියා, වැරදි ජිවත්වීම, වැරදි උත්සාහය, වැරදි සිහිකල්පනාව හා වැරදි සමාධියයි.

මේ අවස්ථාව උපයෝගී කරගෙන පාසල්වලින් ද වේවැල සම්පූර්ණයෙන් ම බැහැර කිරීමේ උද්ඝෝෂණයක් ආරම්භ කළ යුතු ය.
 
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-05-18

සිංහල විවාහ චාරිත්‍ර විකාශය (ශාස්ත්‍රීය අධ්‍යයනයක් නොවේ)

මීට වසර හතළිහකට පමණ පෙර, කුඩා දරුවකු ලෙස මගේ මාමාගේ විවාහ මංගල්‍යය දුටුවෙමි. 

ඒ කාලයේ හැටියට හොඳ මට්ටමේ මඟුල් ගෙයක් වූ එහි හරක් මස් කන්නට දුන්නේ ය. ඒ කාලයේ සාමාන්‍ය මඟුල් ගෙදරක දුන්නේ මාළු ය. මට මතක පරිදි මම මුල් වරට කුකුළු මස් කෑවේ හැත්තෑව දශකයේ අගභාගයේදී ය. ඒ දවස්වල බොහෝ ගෙවල්වල කුකුළන් සිටිමුත්, ඒ ගෙදරම අය උන්ව මරාගෙන කෑමක් ගැන මට මතකයක් නැත. උගුඩුවන් වැනි සතුන්ගෙන් කුකුළන් බේරා ගැනීම සඳහා උන්ගේ කූඩුව හදා තිබුණේ ගස් දෙකක් අතර බඳින ලද කම්බිවල එල්ලී තිබෙන පරිදි ය. දවල් දවස පුරා ම ගෙවතුවල ඇහිඳ කන කුකුළෝ හැන්දෑ වූ විට ස්වේච්ඡාවෙන් ම කූඩුවට පියෑඹූ හ. ඒ වන විට සිංහල බෞද්ධයෝ දඩ මස් ඇතුළු විවිධ මස් වර්ග කෑ හ. බ්‍රොයිලර් කුකුළු මස් ජාතික මාංශ ආහාරය වී නො තිබුණි.

මේ මඟුල් ගෙදර සීල් අරක්කු ද බොන්නට දුන්නේ ය. ඒ පිටුපස කාමරයක හොර රහසේ වගේ ය. අප්පුහාමිලා, රාළහාමිලා හොරුන්‍ මෙන් එහි රිංගා විග විගහට අසෝක වීදුරුවෙන් දෙක තුනක් ළඟ නමාගෙන 'ක්‍රාස්, ථු:' ගා කෙළ ගසා බත් මේසයට ගිය හ. 

බත් මේසය විවිධ කෑම වර්ග පළංගාන, දීසි ආදියෙන් සමන්විත විය. බුෆේ ක්‍රමයට නොව, බෙදාගෙන කෑමට තිබුණු කෑම මේසය වටේ ගමේ ඉලංදාරි සිටගෙන අඩු පාඩු පිරිමසා දුන් හ. බත් බෙදූ හ. මේ ඉලංදාරි අතරින් ඇතැමෙක් අර කාමරය පැත්තේ ගොස් පැමිණ සිටි බැවින් වැඩිපුර බත් බෙදීම, බලෙන් බත් කැවීම වැනි කරදර තිබිණි. මට තිබුණු ලොකුම ප්‍රශ්නය අත හෝදන කෝප්පයයි. කීප දෙනෙකු අත සේදීමෙන් පසු ඒ කෝප්පයට අත එබීම මට ඔක්කාරය ගෙන දෙන වැඩක් විය. ඒ නිසා මෙවැනි මඟුල් ගෙවලදී මම කෙ‍සේ හෝ කලින් කා නිමවා අත හෝදන බඳුනේ වතුර ඉඳුල් වීමට පෙර අත දොවා ගන්නට වග බලා ගතිමි. 

මාමාගේ මඟුල් ගෙදර ඉවීම පිණිස මුස්ලිම් කෝකීන් පිරිසක් කැඳවා තිබිණි. ඔවුහු ගමේ මිනිස්සු පුස් හැලට් යයි හැඳින්වූ පලතුරු සලාදයක් සැකසූහ. පලතුරු කැබලි කුඩාවට කපා සකසන ලද ඒ චොහොරයට ටිංකිරි ද මුසු කර තිබිණි. 'තම්බි මිනිස්සු' අතින් චොහොර කරන ලද ඒ 'ජරාව' අපේ අම්මා නම් කටේ තිබ්බේ නැත. 

මඟුල් ගෙදරට සූදානම් වුණේ මාස ගණනාවක සිටයි. මඟුල් ගෙදරට සතියකට පමණ පෙර සිට පුවක් ගස් කපා ගෙනැවිත් මඟුල් මඩුවක් සාදන ලදී. ඒ කාලයේ මඟුල් ගෙදර 'දෙන' එකක් නම් ගමේ කලාකාරයෙක් ලෑලි, ගොක් කොළ ආදිය පාවිච්චි කර පෝරුවක් ද සාදයි. අපේ මාමාගේ මඟුල දෙන එකක් නොව ගේන එකකි. 

මඟුල් ගෙදරට පුටු, පිඟන්, කෝප්ප ආදිය ගෙන ආවේ අහළ පහළ ගෙවල්වලිනි. නිතර මඟුල් ගෙවල්වලට මෙසේ දෙන්න සිදු වන නිසා අපේ ගෙදර පිඟන් ‍කෝප්පවල යට පැත්තේ ඉංග්‍රීසි ජේ අකුරක් සූරා කොටා තිබිණි. මේ විවිධ වැඩවලට ගමේ තරුණයෝ හා ළමයි විශාල පිරිසක් උදව් වූහ. මඟුලට දවස් කීපයක් කලින් සිට උදව්වට පැමිණෙන ගැහැනු අය කෙළින්ම යන්නේ කුස්සිය පැත්තට ය. වැඩ කරනවාට වඩා එතැන ඇත්තේ ඕපාදූප, කෙළි කවටකම් ආදියයි. පොඩි ළමයි එහි ගොස් කටවල් දිහා බලා සිට හොඳ හොඳ දේ උගනිති.

මඟුල් ගෙදර හැන්දෑවේ අර උදව් කළ තරුණයෝ මාමා විසින් දෙන ලද අරක්කු බෝතල් කීපය හිස් කරමින් ඩොල්කියක් වයමින් සාජ්ජයක් දැමූ හ. 

අර මාමාගේ බාල පුතා මේ ළඟදී කසාද බැන්දේ ය. මම මඟුල් ගෙවල් දෙකට ම ගියෙමි. ඒ වා තිබුණේ හෝටල්වල ය. වායු සමනය කරන ලද පාසල් පංති කාමර තුනක් පමණ ලොකු වූ ශාලාවල සුදු රෙදි දැමූ මේස, සුදු කවර දැමූ පුටු, ප්ලාස්ටික් මලින් සකසන ලද පෝරු, ආසන ආදිය තිබිණි. හැඳි ගෑරුප්පු තබා දිවා ආහාරයට සකසන ලද ඒ මේසවල අපි උදේ සිට වාඩි වී සිටියෙමු. දොර ඇරගෙන එළියට යන්නට පුළුවන් මුත්, ඇඳගෙන සිටින ටයි, කෝට්, සාරි, ඔසරි ආදිය හේතුවෙන් අධික දාහයක් දැනුණු බැවින් වැඩි දෙනෙක් අර තදබදය මැද්දේ ශාලාව තුළ ම රැඳී සිටින්නට කැමති වූ හ. 

පෝරුවේ චාරිත්‍ර අවසන් වූ පසු හා මනාල යුවල කේක් කපා කති. රිජිෆෝම්වලින් හැදූ තට්ටු කීපයක් අයිසිං කර කේක් ගෙඩියක් සේ පෙනෙන අන්දමින් හදා ඇති එහි කොණක පොඩි කේක් කෑල්ලක් තිබේ. කේක් එක හැදූ අය එතැන පෙන්වා දෙති. නැතිනම් මනමාලයා මනමාලියට කවන්නේ රිජි‍ෆෝම් ය. ඉන්පසු වෙනදාත් හමු වන ඒ පවුලේ නැන්දා පැමිණ අප පිළිගත්තේ සිප වැළඳගෙනයි. වෙනදා එහෙම ක්‍රමයක් අප අතර නැති මම නම් දෑත් එක් කර ආයුබෝවන් කීවෙමි. ජීවිතේ කවදාවත් පොඩි එකෙක් වත් සිප වැළඳ නො ගන්නා අය මඟුල් ගෙදරදී නුහුරු ලෙස එකිනෙකා සිප වැළඳ ගනිති. 

මනාලයාත්, මනාලියත් සියල්ල කරන්නේ කැමරාවට ය. ඔවුහු ජීවිතේ පළමු හා අවසන් ටෙලි නාට්‍යයේ රඟ පා පසුව ටික කාලයක් යනතුරු මේ ටෙලිය ඥාති මිත්‍රාදීන්ට පෙන්නා සතුටු වෙති. එය බලන්නේ ද එහි චරිත රඟපෑ ළඟම නෑයින් පමණි. ටික කාලයකට පසු ‍මේ බාල වීඩියෝවලට මොනවා වෙනවාදැයි සොයා බැලිය යුතු ය. 

එතැන් සිට ඩී.ජේ. හෝ සංගීත කණ්ඩායම වැඩ පටන් ගනියි. අමුත්තෝ දන්නා අඳුනන කීපදෙනා බැගින් මේස වටා වාඩි වී අර සංගීත රාවය යටපත් වන අන්දමින් ළඟ සිටින අයෙකුගේ කණට කට තබා ගිරිය පුප්පා කතා කරති. 

ඔය අතර ශාලාවෙන් පිටත බීම සූදානම් කරනු ලැබේ. බොන්නෝ වෙන වැඩකුත් නැති නිසා කරටි කැඩෙන්න ගහති. එතනත් බයිට් එක ජාතික මාංශාහාරය වන චිකන් ම ය. ඇතැම් විට බීලා වැඩි වූ එකෙක් පුටු පෙරළාගෙන වැටේ. වලි ද ඇවිළෙන වෙලාවල් තිබේ. නැතිනම් ඉතින් සිංදු හා නැටුම් ෆන් එක ය.

උදේ පටන් වෙල්කම් ඩ්‍රින්ක් එක හැර වතුරවත් නැතිව බඩ පණුවන් මරමින් සිටි ගැහැනු අය හා නො බොන්නෝ මනාල යුවල බත් බෙදා ගත් සැණින් බුෆේ මේසය ළඟ පෝලිම් ගැසෙති. අමුත්තෝ පිඟන් අරන් පෝලිම්වල යන්නේ හරියට හිරකාරයන් පිරිසක් ‍සේ ය. පිඟානළඟ ඉඳගෙන මඟුල් ගෙදර ගෑනු ළමයෙක් පිඟන් මතින් කේක් පෙට්ටියක් තබයි. ගමේ හෝටලේකින් රුපියල් 20කට පමණ මිළ දී ගත හැකි සාමාන්‍ය කේක් කෑල්ලක් දැමූ මේ පෙට්ටි කවුරුහරි සොරකම් කර ගනියි කියා බයෙන් ය එසේ බෙදා දෙන්නේ.
.
මඟුල් ගෙවල්වලට එන අපේ සිංහලයෝ වැඩිදෙනෙක් දන්නා ඉංග්‍රීසියක් හෝ මේස චාරිත්‍රයක් හෝ නැත. බත් කන්නට පෙර හෝ පසු හෝ අත සෝදා ගන්නට පහසුකම් නැති නිසා ඔවුහු බාත්රූම් සොය සොයා ඒවායේ රිංගති. සමහරු හැමදාම අත් සෝදන නිසා අද නැතුවට මොකද කියා කිළිටි අතින් බත් කති. නැතිනම් නුහුරු ලෙස හැඳි ගෑරුප්පු ලෙලවති. බොහෝ හෝටල්වල කෑම ජාති රැසක් තිබෙනමුත් ඒවා මෙලෝ රහක් නැත. ඒ නිසා පෙරේතකමට බෙදාගත්තත් වැඩිහරියක් ආපසු කුණු බඳුන්වලට ම යයි. 

කෑමෙන් පසු බීපු තරුණයෝ නැටුම පටන් ගනිති. තරුණියෝ පිරිසක්ද එයට හවුල් වෙති. ශබ්ද විකාශන දැන් ෆුල් ම වොලියුම් ය. ශබ්දයේ අධිකකම නිසා දෙදෙනෙකුට කතා කරන්නත් බැරි බැවින් සෙස්සෝ නිදි කිරමින් නැටුම් බලති. මේ නැටුම් වනාහි කිසිදු නැටුම් කලාවකට අයත් නො වන පිරිසිදු සිංහල ජවුසන් වේ. මේ නටන අතර, මනාලයා හා මනාලිය ද මෙතැනට බලෙන් මෙන් ගෙනවුත් වට කරගෙන නටවති. ඔවුන් එන්නේ වදෙන් පොරෙන් වගේ ය. යන්නේ ඉක්මණින් ඇඟ බේරාගෙන යන්නා වගේ ය. ඒත්, හැම මඟුල් ගෙයකම පාහේ මෙය සිදු වේ. මනාලයා ත්‍රිවිධ හමුදාවෙන් එකක නම් යාළුවෝ මනාලයාත්, මනාලියත් උඩ දමා අල්ලති.

මනාලයාගේ යාළුවන්ට දැන් ඉස්සර මෙන් කරන්නට උදව් නැති නිසා, හෝම් කමිංවලදී කරන්නේ අතරමගදී මනාලයාත්, මනාලියත් කාරයෙන් බස්සාගෙන ඔය කරත්තයක, අත් ට්‍රැක්ටරයක හෝ විල්බැරෝවක හෝ රැගෙන ඒමයි. සමහර මනාලයෝම යාළුවන්ට කියා මෙය සංවිධානය කර ගනිති. ඉස්සර නම් මේ ගොන්පාට් පත්තරවල ද පළ කරන ලදී. 

ඔය විදියට කාලය ගත වී අයිස් කෝපි ද බීමෙන් අනතුරුව පිටත් වන වේලාව එළඹේ. එතකල් කෙරෙන්නේ ෆොටෝ ඇල්ලිල්ල හා ලියුම් කවර අත මිට මෙළවිල්ලයි. ඉස්සර නම් මඟුල් ගෙවල්වල මංගල සභා පැවැත්වේ. ඒවායේ කතා පැවැත්වීමට විශාරදභාවයක් ඇති අය කතා පවත්වා මනාල යුවලට අවවාද අනුශාසනා පවත්වති. දැන් එහෙම කතා බතා නැත. පිටත් වන්නේ ද කැමරාවට ය. බොහෝ විට මනාලිය කලින් ඇඳගෙන සිටි ඇඳුම ගලවා ගොයිං අ‍වේ නමින් හැඳින්වෙන වෙන ඇඳුමක් ඇඳගෙන එයි. පි‍ටත් වීම සිදු වන්නේ ද කැමරාකරුවන් කියන හැටියට ය. මනාලයාගේ යාළුවෝ වටේ ඉඳගෙන දෙපැත්ත කැපෙන කතා කියති.

මඟුල් ගෙදරට ටයි කෝට් මසා ගැනීමෙන් මනාලයාට ලාභයක් සිදු වේ. ඒ වනාහි ඉන්පසු එළඹෙන සිය යාළු මිත්‍රයන්ගේ මඟුල්වලට අර කෝට් බෑය අඳින්නට පුළුවන. ඇඳලා, ඇඳලා හම්පඩ වනතුරු පරම්පරාවක් ම මේ කෝට් බෑය මඟුල් ගෙවල්වල යයි. ගැහැනු අය මඟුල් ගෙවල්වලදී කරන ප්‍රධාන කාර්යයක් වන්නේ අනෙක් ගැහැනුන්ගේ ඇඳුම් නැරඹීමයි. එසේ බලා මතක තබා ගන්නේ වෙනත් මඟුල් ගෙවල්වලට ද ඒවා අඳිනවා ද කියා ය. මඟුල් ගෙවල්වලට යාම සඳහා අඳින ගැහැනු නියපොතුවල හා තොල්වල සායම් ගැම ද කරති. නියපොතු ගෙවෙන, කැඩෙන, ඇඟිලිවල කහට බැ‍ඳෙන වැඩපළ කරන ගැහැනු ඒ නිය මත රතු පාට ආලේපන ගා ගත් විට 'සුන්දරත්වය' කියලා වැඩක් නැත.

මේ විස්තරය කියවන විට සිංහලයකු ලෙස ඔබට ලජ්ජා සිතේ ද? ඔබ වටහා ගත යුතු දෙයක් වන්නේ සිංහලකම යනු දෙමළ හා මුස්ලිම් ජාතීන්ට එරෙහි වීම පමණක් නො වන බවයි. ජාතියක් ලෙස අප අපගේ සංස්කෘතික අනන්‍යතාව ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු නො වේ ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-05-16

මැයි 21 දැන ගියොත් කතරගම ය. නො දැන ගියොත් අතරමග ය.

මැයි 21 වර්ජනයට අපි සහභාගි වෙමු. එහෙත්, අප‍ට ඒ පිළිබඳව අපට තිබෙන ප්‍රශ්න කීපයක් 'පළමුව මරණය - දෙවනුව මව්බිම' හෙවත් මැයි 21දා‍ වර්ජනය නම්  ලිපියෙහි දැක්වීමු. 

අප දකින ආකාරයට මේ වර්ජනයට ජනතාවගෙන් යම් මට්ටමක හොඳ ප්‍රතිචාර බලාපොරොත්තු විය හැකි ය. එසේ සිදු වන්නේ එය කැඳවූ වෘත්තීය සමිතිවල ශක්තිය නිසා නොව ‍රටේ ජනතාවට මේ ආණ්ඩුව එපා වී තිබෙන නිසා ය.  

මෙම වර්ජනය කැඳවූ නායකත්වයට ඊට පෙර උද්ඝෝෂණයක් කැඳවීමේ ශක්තිය තිබුණා ද යන්න ප්‍රශ්නයකි. විදුලි බිල වැඩි කිරීමට එරෙහි වෘත්තීය සමිති එකමුතුව විසින් කැඳවන ලද මැයි 15දා උද්ඝෝෂණය එයට ලැබුණු පුළුල් සහ‍යෝගය නිසා සාර්ථක විය. මැයි 21 වර්ජන තීන්දුවට මෙම වෘත්තීය සමිති එකමුතුව සම්බන්ධ නැත. ඔවුන් මැයි 21 වර්ජනයට සහභාගි වනවාද යන්න ද මේ මොහොත වන විටත් තීරණය කර නැත. වෘත්තීය සමිති සහයෝගය වෙනුවෙන් සහෝදර සාකච්ඡා ද නැත. අනාගත ඇමතිවරයකු වන ලාල් කාන්ත දැන් සිටම හැසිරෙන්නේ බලයෙන් හිස උදුම්මාගෙන ය. 

සමස්ත මහා වැඩ වර්ජනයක් යනු සෙල්ලමක් නොවේ. එවැන්නක් කැඳවිය යුත්තේ මාධ්‍ය නිවේදනයකින් නොවේ. වෘත්තීය සමිති වෙන වෙනම එකී තීන්දුවට පැමිණිය යුතු ය. වෘත්තීය සමිති එවැනි තීන්දුවක නොමැති විට සාමාජිකයන්ට සිදු වන්නේ ලෙඩ නිවාඩු දැමීම වැනි සීමිත ක්‍රියාමාර්ගයකට යන්නට ය. වර්ජනයක් යනු නො දන්වා සේවයට නො පැමිණ සිටීමේ සංවිධානාත්මක විරෝධතාවකි. ලෙඩ නිවාඩු දැමීමක් නො වේ.

මහජන විරෝධය යනු පරිස්සමෙන් හැසිරවිය යුතු දෙයකි. නැතිනම් එයින් යහපත් සමාජ වෙනස්කම් නිර්මානය වන්නේ නැත. ඒ පිළිබඳ ජාත්‍යන්තර උදාහරණ මෑත ඉතිහාසයෙන් ම උපුටා දැක්විය හැකි ය. මහජන උද්‍යෝගය මැදට රිංගන අවස්ථාවාදීන් තවත් පීඩාකාරී ව්‍යූහයක් බිහි කිරීම සඳහා බලය‍ ලබා ගැනීමට ගන්නා උත්සාහය පැරදවීම අරගළයේ ම කොටසකි.

දැන් සිදු වන දේ අනුව, සිය ලාභ පදනම් ආරක්ෂා කර ගැනීමේ චේතනාවෙන් ලංකාවේ පාලනය වෙනස් කිරීමේ ස්ථිර තීන්දුවට දේශීය හා ජාත්‍යන්තර ධනේශ්වර බලවේග එළඹ ඇති බව පෙනේ. ඒ සඳහා අවශ්‍ය මූලික සන්ධානය නිර්මානය කරමින් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතරයි. ආණ්ඩුවේම සිටින තවත් තක්කඩින් පිරිසක්ද ගලවාගෙන ඔලු මාරු කර පරණ ඇඟ ම යළි බලයේ පිහිටුවන වෙනසක් සැලසුම් වෙමින් තිබෙන බව අ‍පේ නිරීක්ෂණයයි. ජනතාවගෙන් බලාපොරොත්තු වන්නේ මේ සැලසුම නමි අනුන්ගේ හොද්දට පාන් වීමයි. පාන් වුණාට කමක් නැත. අප අඩු ගානේ රෝස්පාන්වත් විය යුතු ය.

සමස්ත මහා වැඩ වර්ජනයකට පෙර කළ යුතු ගෙදර වැඩ බොහෝ තිබේ. වෘත්තීය සමිති අභ්‍යන්තරයේ මේ පිළිබඳ සාකච්ඡා විය යුතු ය. සන්ධාන ගොඩනැඟිය යුතු ය. ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාමූහික තීන්දු ගත යුතු ය. එක පාරට ම සමස්ත මහා වැඩ වර්ජනයක‍ට නො ගොස් පියවරෙන් පියවරට ඉදිරියට යා යුතු ය. ජවිපෙ මේ ක්‍රමවේදය පැත්තකට දමා ලහි ලහියේ මේ වර්ජනය කැඳවන්නේ ආණ්ඩු වෙනස සඳහා වූ වැඩසටහනේ සිය වැඩකො‍ටස ලෙස  වන්නට පුළුවන. නැතිනම් නැගී එන මහජන විරෝධය දිය කර හැර හෝ කඩාකප්පල් කර හෝ රාජපක්ෂ රෙජිම රැක දීමට වෙන්නත් පුළුවන.

ඔවුන්ට මෙය සැබෑ, සාර්ථක වැඩ වර්ජනයක් බවට පත් කරගන්නට අවංක උවමනාවක් නැත. ඔවුන් සැලසුම් කරන්නේ මාධ්‍ය හරහා වර්ජනය කැඳවූ පරිද්දෙන් ම මාධ්‍ය මගින් එහි සාර්ථකත්වය ද නිවේදනය කරන්නට ය.මේ හා සම්බන්ධ ප්‍රවෘත්ති ටික දැන් ලියා අවසන් ව තිබෙන්නටත් පුළුවන. ආණ්ඩුවේ පච මෝල් ටික වර්ජනය අසාර්ථක බව නිවේදනය කළ විට වර්ජනය සාර්ථක ය කියන පුවතට නිකම් ම යුක්තියුක්තභාවයක් ලැබේ.

අපි මේ ආණ්ඩු වෙනස් කිරීමේ කුමන හෝ වැඩසටහනකට කිසි සේත් ම විරුද්ධ නැත. එය ‍‍එහෙම ගියාට අපට කමක් නැත. ලංකාවේ ජනයා විප්ලවයකට සූදානම් යයි අපි නො සිතමු. එහෙත්, මහජන අරගළයක් හරහා සිදු වන කවර හෝ වෙනසක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් විය යුතු බව අපගේ අදහසයි. ඔලු මාරු වන බල ගේම් හරහා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වේ යයි සහතික විය නො හැක. ඒ සඳහා ජනතාව අරගළ කළ යුතු ය. ජනතාව සිදු වන දෙය තේරුම් ගෙන සිටීම අනිවාර්ය වේ. 

දැන ගියොත් කතරගම ය. නො දැන ගියොත් අතරමග ය.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

'පළමුව මරණය - දෙවනුව මව්බිම' හෙවත් මැයි 21දා‍ වර්ජනය

මැයි 21දින වැඩ වර්ජනයක් කැඳවා තිබේ.

කැඳවා තිබේ යයි කීවේ ඒ වර්ජනය වෙනුවෙන් තීන්දු ගැනීමට මා හෝ මගේ වෘත්තීය සමිතියේ නායකත්වය හෝ සහභාගි නොවූ නිසා ය. 

පෙනෙන විධියට මේ වනාහි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ කැඳවීමකි. ඔවුන්ගේ භාෂාවෙන් කියන විධියට කුරුට්ටන්ගේ කැඩී යාමෙන් පසුව ඇති වී තිබෙන තත්වය තුළ මෙහෙම ගියොත් කැඳත් නැතිව යන්නට පෙර කළ කැඳවීමකි. රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමට කළ කැඳවීමකි. 

දැන් මෙතැන ඇති ප්‍රශ්නය මේ වර්ජනය ආඬි හත්දෙනාගේ කැඳහැලිය වගේ වෙයිද කියා ය. 

අනුර කුමාර දිසානායක හිටපු ඇමතිතුමා කියන පරිදි 21 වර්ජනයෙන් පසු 23 උද්ඝෝෂණයක් පැවැත්වේ. 'අහේතු කාලේන කජ්ජේන පුහුලං' කියා විහිළු ශ්ලෝකයක් තිබේ. ඒ කියන්නේ අහේතු කාලයට කජ්ජ ගහේ තිබියදී පුහුලම වැටෙනවාය කියා ය.

අපි දන්න විධියට නම්, කම්කරුවෝ වර්ජනය තෝරා ගන්නේ අනෙකුත් ක්‍රියාමාර්ග සියල්ල අසාර්ථක වූ පසු ය. දැන් ක්‍රමය එහෙම නොවේ. මුලින් මාරාන්තික උපවාස කරනවා ය. ඊට පස්සේ මහා වැඩ වර්ජනයක් කරනවා ය. ඉන් පසු එක් දින සංකේත වර්ජනයක් කරනවා ය. ඊට පස්සේ ඒ වර්ජනය ගැන ජනතාව දැනුවත් කරන්නට පත්‍රිකා බෙදනවා ය. ඊට පස්සේ පිකටිං එකක් කරනවා ය. ඊට පස්සේ පෝස්ටර් ගහනවා ය. ඊට පස්සේ ඉල්ලීම් නොදුන්නොත් වර්ජනය කරනවා ය කියා ආණ්ඩුවට ලියුමක් ලියනවා ය. වැඩබිම් මට්ටමෙන් කම්කරුවන් දැනුවත් කරන්නේ අන්තිමට ය. 

දැන් රට පාලනය කරන්නේත්, පාලනයට විරුද්ධ වන්නේත්, ජනතාව සංවිධානය කරන්නේත්, ආණ්ඩු පෙරළන්නේත් ප්‍රවෘත්ති නිර්මානය හරහා ය. ‍ධනවාදය කෙතරම් සංකීර්ණ වී තිබේ ද යත්, ක්‍රම විරෝධී යයි කියන ව්‍යාපාර වැඩ කරන්නේ ධනවාදය විසින් ඒ වෙනුවෙන් වෙන් කර තිබෙන අවකාශය තුළ ය. (ස්වයං විවේචනාත්මකව බැලුවාම මේ ‍බ්ලොගය ලිවීමත් එවැනි ය.)

කොහොම වුණත් මම නම් 21දා වර්ජනය කරමි. 23දා උද්ඝෝෂණය කරමි. අලුත් විදුලි බිල පැමිණි පසු දත්මිටි කමි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2013-05-14

කරුණාරත්න පරණවිතානගේ ජාතිකවාදයේ දිළිඳුකම හා මගේ සාඩම්බර සිංහලකම

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු ද වන කරුණාරත්න පරණවිතාන බුද්ධිමතෙකි. මම ඔහුගේ දේශපාලනය අගය නො කරමි. එහෙත්, ඔහුගේ බුද්ධිමය මැදිහත්වීම් ප්‍රිය කරමි. කැනඩාවේ ‍ොන්සල් ජනරාල්වරයා වන ඔහු මෑතදී ිංහල බ්ලොග් අඩවියක් ආරම්භ කළේ ය. එය ඔබගේ අවධානයට යොමු විය යුතු එකකි. කියවන්න: සතරදිගන්තය

ඔහු විසින් ලියන ලද දර්ශනයේ දිළිඳුබව සහ දිළිඳුබවේ දර්ශනය  නම් ලිපියෙහි ඔහු මෙසේ සඳහන් කරයි. 

ජාතිකවාදය දාර්ශනික වශයෙන් ඉතා දිළිඳුය. එක විද්වතකු පැවසු පරිදි "ජාතිකවාදය මහා චින්තකයන් බිහි කර නැත. ජාතිකවාදයට දාර්ශනික එකාග්‍රතාවක්ද නැත. ජාතිකවාදය හොබ්ස් කෙනෙකු කාල් මාක්ස් කෙනෙකු තබා මක්ස්වෙබර් කෙනෙකු වත් බිහි කර නැත''. එහෙත් ලෝකය තවමත් දුවන්නේ මේ දාර්ශනික වශයෙන් දිළිඳු දේශපාලන දෘෂ්ටිවාදය සමගය.

එසේ වන්නේ ඇයි? එක හේතුවක් නම් ලෝකය එතරම් දාර්ශනික නොවීමය. තවත් හේතු බොහොමයක් ඇත. බොහෝ 'ප්‍රගතිශීලීන්' ජාතිකවාදයට අකමැතිය.එයට හේතුව ජාතිකවාදයේ එක ස්වරූපයක් වන 'ජාතිවාදයට' තිබෙන අකමැත්ත සහ පිළිකුලය. එහෙත් ජාතිකවාදීන්ගේද එසේ නොවන්නන්ගේද අද දවසේද ඉරණම පාලනය කරන්නේ ජාතිකවාදයන්ගෙන්ම වීම  නිසා දාර්ශනික වශයෙන් දිළිඳු ජාතිකවාදය මතුකර තිබෙන සංකීර්ණ දේශපාලන ගැටළු වටහා ගැනීම නිෂ්ප්‍රයෝජන කටයුත්තක් නොවේ."

එහෙත්, මම නම් වාමාංශිකයකු වන ගමන් ම ජාතිකවාදියකු ද වන්නට කැමැත්තෙමි. 

රෝහිත භාෂණ ලංකාවේ ජාතික ගැටලුව පිළිබඳ කතිකාවට සාධනීය මැදිහත්වීමක් කළ වාම ක්‍රියාකාරිකයෙකි. අප හිරු කණ්ඩායමේ එකට ක්‍රියාකාරීව සිටි, අප සොඳුරු මිත්‍රත්වයකින් අප බැඳී සිටි එක් කාලයක අප අතර මේ පිළිබඳව ගැඹුරු සංවාදයක් ඇරඹිණි. ජාතිකවාදය ජානුස් දෙවියන්ගේ හිස වැනි මුහුණු දෙකක් ඇති දෙයකයැ යන අදහස භාෂණ නිතර ඉදිරිපත් කළේ ය. ඔහු සිංහල ජාතිකවාදය පසුගාමී දෘෂ්‍ටියක් ලෙස පිළිකෙව් කරමින් දෙමළ ජාතිකවාදය ඉදිරිගාමී දෙයක් ලෙස ඇගැයුවේ ය. එය නව ජාතික රාජ්‍යයක් බිහි කිරීම අරමුණු කරගත් එකකි. ඒ නව ජාතික රාජ්‍යය සමාජවාදී එකක් ය යන විශ්වාසයක ඔහු සිටියේ ය. ඒ අනුව සිංහලයන්ගේ කාර්යභාරය විය යුත්තේ සමාජවාදී දෙමළ ඊලම වෙනුවෙන් සේවය කිරීමයි. මන්ද, සිංහලයාගේ විමුක්ති අරගලයේ යතුර ඇත්තේ දෙමළ ජාතිකයාගේ ජාතික විමුක්ති අරගළය තුළ නිසා ය. භාෂණට හසු වූයේ සිංහල දේශපාලනය පමණි. සිංහලකම යනු එකී ස්වෝත්තමවාදී දේශපාලනය පමණක් නොවේ. සිංහලයාේ කාර්යභාරය පිළිබඳ සංවාදේදී භාෂණ සිටි එක් ස්ථාවරයක් වන්ේ ජාතිකවාදය ඒ පවතින හැටියෙන් ම ගන්නවා විනා එය පරිකල්පනය ො කළ යුතු බවයි. මම එය පිළි ො ගනිමි. මන්ද, සමාජවාදය පිළිබඳ ඇති ජනප්‍රිය අදහස ද පරිකල්පනයක් නිසා ය.

ජාතිකවාදයේ ගැ‍ටලුව ජාතික ස්වෝත්තමවාදයේ ‍හෙවත් ජාතිවාදයේ අඳුර හැම විටම ඒ මත වැටී තිබීමයි. මම ජාතිවාදයෙන් තොර ජාතිකවාදයක් පරිකල්පනය කරන්නට කැමැත්තෙමි. එය ජාතිවාදය දෙසට හෙවත් පසුපසට යොමු වූ ජාතිකවාදයක් නොවී ජාත්‍යන්තරවාදය දෙසට හෙවත් ඉදිරියට යොමු වූ ජාතිකවාදයකි. මා පරිකල්පනය කරන ජාතිකවාදය තුළ මිනිසා සිය ජාතික අනන්‍යතාව අගයමින් ම ලෝකය සමග මුසු වෙයි. මගේ ජාතිකවාදියාට ලෝකය තමන් ගිල ගන්නට සිටින යකෙකු නොව තමන් වැළඳ ගන්නට සිටින මිතුරෙකි. එහෙත්, ඔහු/ඇයලෝකයෙන් එන යුතු බලපෑම් පිටුදකින්නට බිය නොවෙයි. 

ඔහුගේසංස්කෘතික ලෝකය ආක්‍රමණකාරීන්ගේ රණබිමක් නොව, විවිධත්වය තුළ ඒකීයත්වයක් ඇති සමබිමකි. ලෝකය එකම සංස්කෘතියක් විය යුතු නොවේ. විය යුත්තේ ලෝකවාසීන් අතර සංස්කෘතික අවබෝධය පුළුල් වීමයි. 

මෙකී කාරණා මේ අන්දමින් ම ආර්ථිකයට ද අදාළ විය යුතු ය. ඒවා මා සිතන පරිදි සමාජවාදයේ ද ලක්ෂණ වේ.  

උක්ත කාරණා සංක්ෂිප්තව සංයුක්ත කළහොත් මෙසේයි. මම සිංහලයෙක්මි. එහෙත් මගේ සිංහලකම දෙමළ විරෝධී එකක් නොවේ. ‍එසේම මගේ ලෝකය හෙවත් ජාත්‍යන්තරවාදය ආරම්භ වන්නේ දෙමළ කතා කරන මගේ රගේ රටේ සහෝදර දෙමළ මුස්ලිම් මිනිසුන්ගෙනි.  

මම මගේ භාෂාවට, සංස්කෘතියට ඇලුම් කරමි. අයුතු බලපෑම්වලින් එය දූෂ්‍ය වීම වැළැක්වීමට සටන් කරමි. ඒ අතර, වෙනත් භාෂාවන්ගෙන්, සංස්කෘතීන්ගෙන් ආභාසය ලැබ එය පෝෂණය කරන්නට මම කැමැත්තෙමි. මම ඉංග්‍රීසි බසට ද ඇලුම් කරමි. මන්ද, මගේ හදවත ලෝකයට විවෘත වන දොරටුව ඇත්තේ අඉංග්‍රීසි භාෂා උරුමය තුළයි. එහෙයින් මම එය උගනිමි. අපේම ඉංග්‍රීසි භාෂා ප්‍රභේදයක් සංවර්ධනය වෙමින් තිබේ. ලෝක පිළිගැනීම ඇති කර ගැනීම සඳහා අප එය ගොඩනැගිය යුතු ය. 

දෙමළ උගෙනීමට අසමත් වීම ගැන මා තුළ කණගාටුවක් තිබේ. දෙමළ බස උගතහොත් මට ආසන්නතම  අසල්වැසියා සමග ඍජු ලෙස සන්නිවේදනය කළ හැකි ය.

දේශපාලනික වශයෙන් මා කැමති ලංකාව දකුණු ආසියානු කලාපීය ‍දේශපාලනික ව්‍යූහයක් තුළ නැවත සංවිධානය වනවාට ය. එය ජාතික රාජ්‍ය සීමාව ඉක්මවා ගිය එකකි. එහෙත් ඊට පෙර හෝ ඒ හා සමගාමීව හෝ අප අපේ ම සහෝදර දෙමළ, මුස්ලිම් ජාතීන් අනුකලනය කරගන්නා රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් වෙත යොමු විය යුතු ය.

පුංචි මිනිසකු ලෙස මා කරන අරගළයේ පදනම මෙවැන්නකි. කුමන දුෂ්කරතා මධ්‍යයේ හෝ මම මගේ ප්‍රතිපත්ති රැකගන්නට උත්සාහ කරමි.

මේ මගේ සමාජවාදයයි. එය නොනවතින අරගළයකි. මම සමාජවාදය කියා කිසියම් පරමාදර්ශී ‍මාදිලියක් ප්‍රවර්ධනය නොකරමි. මා සිතන්නේ විපර්යාසය අරගළය තුළ සිදු වන සාමූහික නිර්මානකරණයක් ය කියා ය. එය කිසියම් පුද්ගලයකුගේ මනසේ නිර්මානය වූ මාදිලියක අනුකරණයක් නොවේ. 

ඒ අනුව, සමාජවාදය මට සිහිනයක් නොවේ. එය මගේ  අද දවසේ ද ජීවිතයයි.

-අජිත් පැරකුම් ජයසිංහ

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

ආණ්ඩුව මේ විදුලි බිල වැඩි කිරීම නවත්වා මහජන යෝජනා වහාම ක්‍රියාත්මක කළ යුතු ය. නැතිනම් ගෙදර යා යුතු ය

මැයි 15දා ලක් ඉතිහාසයේ වැදගත් දවසකි. හෙට විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහන උද්ඝෝෂණයක් කොළඹදී පැවැත්වේ. එය බොරැල්ලේ සිට ‍කොළඹ කොටුවට පා ගමනකි. 

වෘත්තීය සමිති, බහුජන සංවිධාන, රාජ්‍ය ‍නොවන ආයතන හා දේශපාලන පක්ෂ ආදීහු විශාල පිරිසක් මේ පාගමනට එක් වී තිබේ. 

මෙහි විශේෂත්වය වන්නේ එය කැඳවනු ලැබුවේ දේශපාලන පක්ෂවලට සම්බන්ධ නැති පොදු විපක්ෂය විසින් වීමයි. මෙම විරෝධය කැඳවූ විදුලි බිල වැඩි කිරීමට එ‍රෙහි මහජන ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනය අප මීට පෙර මෙහි පළ කරන ලදී.

මැයි දිනයට පෙර නිකුත් කරන ලද එම ලිපියෙන් පහත සඳහන් කරනු ලබන ඉල්ලීම් රජයෙන් කර තිබිණි. 

  • පුද්ගලික විදුලි බලාගාර සමඟ විදුලි බල මණ්ඩලය ඇති කරගෙන තිබෙන ගිවිසුම් සියල්ල අහෝසි කර නියම විගණනයක් හරහා විදුලි ඒකකයක් පුද්ගලික සමාගම්වලින් විදුලිය මිලදී ගැනීම.
  • රුපියල බාල්දු කිරීම හරහා සිදුවන පාඩුව මගහරවා ගැනීමට විදුලි බල මණ්ඩලයට ඊට සරිලන සහනාධාරයක් ලබා දීම.
  • ඛනිජ තෙල් සංස්ථාව විදුලිය නිපදවීමට විදුලි බල මණ්ඩලයට ලබාදෙන තෙල් ලීටරයක මිල නැවත රුපියල් 65 දක්වා අඩු කිරීම.
  • රුපියල් බිලියන 20 කට වඩා වැඩි වාර්ෂික පාඩුවක් ලබන ශ‍්‍රී ලංකන් හා මිහින් එයාර් ගුවන් සේවාවන්ට ලබාදෙන හා සමාන සහනාධාරයක් විදුලි බල මණ්ඩලයට ලබාදීම.
  • මිහින් එයාර් සමාගම වසාදමා ඊට වාර්ෂිකව වැයවන මුදල විදුලි බල මණ්ඩලය වෙත ලබා දීම.
  • දැයට කිරුළ වැනි සැණකෙළි නවත්වා එවැනි සැණකෙළි වෙත වැය කෙරෙන මුදල් ඛනිජ තෙල් සංස්ථාවේ හා විදුලි බල මණ්ඩලයේ පාඩු පියවීමට යෙදවීම.
නැගී එන මහජන විෝධයට බියෙන් මැයි 01දා ජනාධිපතිවරයා විේෂ නිේදනයක් නිකුත් කරමින් සහන සැපයීෝජනාවක් ඉදිරිපත් කරන ලදී. එමගින් මසකට ඒකක 60ක් දක්වා විදුලිය පරිෝජනය කරන දිළිඳු ජන ොටස්වල විදුලි බිල වැඩි කිරීම අත්හිටුවා තිේ. එහෙත්, සාමාන්‍ය මධ්‍යම පංතික ොටස්වල විදුලි බිලහළ යාම තවමත් දරා ගැනීමට අසීරු මට්ටමක ය. කියවන්න අපේ ගෙදර අලුත් විදුලි බිල වැඩි වීම රු. 900යි

නෙක් පැත්තෙන් ේ අධික විදුලි බිල සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ේ පැවැත්මට තියුණු අභිෝගයක් එල්ල කර තිේ. සිය පැවැත්ම සඳහා ඔවුන්ට අනිවාර්යයෙන්ම සිය භාණ්ඩ හා ේවාවන්ේ මිළ වැඩි කිරීමට සිදු ේ. එය ඔවුන්ේ ස්ථාවරත්වයට ප්‍රශ්නයකි. 

නෙක් පැත්තෙන් මහා පරිමාණ නිෂ්පාදකෝ හා ේවා සම්පාදකෝ අනිවාර්යයෙන්ම වැඩි කළ විදුලි බිල සිය භාණ්ඩ හා ේවාවන් මතට පටවනු ඇත. එහි ප්‍රතිඵලය වන්ේ විදුලි බිල වැඩි වීමක් සිදු ොවූ අඩුවෙන් විදුලිය පරිෝජනය කරන්නන්ේ සිට සියලු දෙනාට අධික උද්ධමනයකට මුහුණ දෙන්නට සිදු වීමයි.

ේ අපනයන ආදායම් මාර්ගවලට ද ේ විදුලි බිල ඉහළ යාම බලපායි. 

ේ තත්වය ඇති වීම සම්බන්ධයෙන් වගකිව යුත්ආණ්ඩුව මිස මහජනතාව ේ. දැන් සිදු වී තිබෙන් ඔවුන්ේ වැරදි ආර්ථික කළමනාකරණය වෙනුවෙන් මහජනයාට මිළ ගෙවන්නට සිදු වීමයි.   

ආණ්ඩුව ේ විදුලි බිල වැඩි කිරීම නවත්වා ඉහත කී ෝජනා වහාම ක්‍රියාත්මක කළ යුතු ය. නැතිනම් ගෙදර යා යුතු ය.
   

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com