2014-02-10

වෙනූෂා ඉමන්දි මිය ගියේ ෆේස්බුක් නිසා ද?

ෆේස්බුක් සම්බන්ධ සිද්ධියක් නිසා තවත් සිසුවියක සිය දිවි නසා ගත් පුවතක් පළ විය.

සිදු වීම ගැන මාධ්‍ය වාර්තා තරමක් අන්දොස් වුණත්, ඒ ඔස්සේ සිද්ධිය ගැන යම් අනුමානයන් කළ හැකි ය. 

මේ ගැහැනු ළමයා සිය දිවි නසා ගන්නේ විදුහල්පති බැන වැදුණු නිසා යයි වාර්තා වුණත්, ඇය විෂාදයෙන් හෙවත් ඩිප්‍රෙෂන් නම් මානසික ගැටලුවෙන් පෙළෙන්නට ඇති බව අනුමාන කළ හැකි ය. මෙවැනි සිය දිවි නසා ගැනීම් පසුපස තිබෙන මෙවැනි ගැටලු ගැන අවධානය ප්‍රමාණවත් පරිදි යොමු වන්නේ නැත. ඒ වෙනුවට සියදිවි නසාගැනීම කතාන්දරයක් බවට පත් කිරීමේ මාධ්‍ය උපායන් නම් බහුල ය.

ලංකාවේ පාසල්වල විෂාධයෙන් පෙළෙන දරුවන් ගැන අවධානයක් යොමු කළ හැකි, වෘත්තිකභාවයෙන් පිරිපුන්, බුද්ධිමත්, දයාබර ගුරුවරු හිඟ ය. සමස්තයක් ලෙස මුළු සමාජයම ලිංගිකත්ව විරෝධී, ස්ත්‍රී විරෝධී, විද්‍යා විරෝධී, මිථ්‍යා මතික ලක්ෂණ අඩු වැඩියෙන් කැටි කරගෙන සිටින අතර, ගුරුවරු යනු ඒ සමාජයේ හරස්කඩකි. 

මෙම විදුහල්පතිවරයා‍ගේ පසුබිම පිළිබඳ තොරතුරු අනුව, ඔහු මෙම දරුවා කෙරෙහි අකාරුණික වන්නට ඇති බව පහසුවෙන් අනුමාන කරන්නට පුළුවන. තමන් 'වේසි' යන වදනින් ඇමතූ බව දැරිය සිය අවසන් ලියුමේ චෝදනා කරයි. එහෙත්, ඒ අකාරුණික වීම පිළිබඳ මාධ්‍යවල පළ වන පරස්පර විරෝධී වාර්තා නම් අවුල් සහගත ය. නිදසුනක් ලෙස විදුහල්පතිවරයා ඇයට කළුවර කාමරයක දමා පහර දුන් බව ද මාධ්‍ය වාර්තාවල කියවේ. පාසල්වල කළුවර කාම‍ර කොයින් ද? අනෙක් පැත්තෙන් විදුහල්පතිවරයා ඇයට බැන වැදුණු ආකාරය පිළිබඳ දන්නා තවත් සිසු දරු දැරියෝ මේ පාසලේ සිටිය යුතු ය. මෙම චෝදනා පිළිබඳ අඩු තරමේ විනය පරීක්ෂණයක් හෝ සිදු විය යුතු ය. 

විදුහල්පතිවරු හා ගුරුවරු සිතා සිටින්නේ ළමයින්ට ශ‍ාරීරිකව හා මානසිකව අඩන්තේට්ටම් කිරීම සඳහා තමන්ට හිමිකමක් තිබේ ය කියා ය. මව්පියෝ ද එසේ සිතති. මෙය වහා වෙනස් විය යුතු තත්වයකි. ළමයාට ළමා හිමිකම් තිබේ. ඒවාට ගරු කිරීම ශිෂ්ට සමාජයක වගකීමකි.

වෙනුෂා ඉමන්දි නම් වන මෙම දැරියගේ ෆේස්බුක් ගිනුම තුළ මිතුරන් නො වන අයට දැකිය හැකි එතරම් සුවිශේෂ ක්‍රියාකාරිත්වයක් දකින්නට නැත. 2013 වසරේ ඔක්තෝබර් මාසයේදී ආරම්භ කර තිබෙන මෙම ගිනුමෙහි ඇති සුවිශේෂ දේ වන්නේ ඇය උගත් පාසලේ කොඩිය හා පෙබරවාරි 2දා පමණ පළ කර තිබෙන ඉහත දක්වා තිබෙන ඡායාරූපයයි. ඒ ඡායාරූපයේ ඉන්නේ මේ දැරිය විය නො හැක. එය වෘත්තීය ඡායාරූප ශිල්පියකු විසින් ගන්නා ලද විදේශීය ඡායාරූපයක් විය හැකි ය. එහි සිටින්නේ ඇය බව ඇතැමෙක් විහිළුවට මෙන් පවසා තිබේ. 

මෙම ලිපිය ලියන මගේ ෆේස්බුක් ගිනුමෙහි මිතුරන් අතර පාසල් සිසු සිසුවියෝ විශාල පිරිසක් සිටිති. එම දරුවන් කරන්නේ කුමක්දැයි මම නිරීක්ෂණය කර තිබේ. ඔවුන් වැඩිපුර ම කරන්නේ චැට් කිරීම බව පෙනී ගොස් තිබේ. ඉඳහිට ඡායාරූපයක් ෂෙයා කරනු ද දක්නට ලැබේ. ඒවාට සෙසු පාසල් මිතුරෝ සිංග්ලිෂ් බසින් කමෙන්ට් කරති. විහිළු තහළු සුලබ ය. අධ්‍යාපනික වටිනාකමක් ඇති බෙදා හදා ගැනීම් සඳහා ඔවුන් ෆේස්බුක් භාවිතා කරන බවක් නො පෙනේ. අඩු තරමේ ඉංග්‍රීසියෙන් යමක් ලිවීමට හෝ බොහෝ අය වෙහෙසෙන්නේ නැත. බොහෝ විට ලියන්නේ සිංග්ලිෂ් ය.

මගේ සැබෑ ජීවිතයේ මිතුරන් අතර ගුරුවරුන් සුලබ මුත්, ෆේස්බුක් මිතුරන් අතර ගුරුවරු දුලබ ය.පාසල් වියේ දරුවන්ගේ පරිගණක සාක්ෂරතා ප්‍රතිශතය හා ගුරුවරුන්ගේ පරිගණක සාක්ෂරතා ප්‍රතිශතය අතර සැලකිය යුතු පරතරයක් තිබේ.

බොහෝ ගුරුවරු ෆේස්බුක් ගැන සිතා සිටින්නේ එය මහා වනචර අවකාශයක් ය කියා ය. එහෙත්, එසේ වන්නේ කෙසේ ද කියා විමසා බැලීමට හෝ ඔවුහු උනන්දු නො වෙති.

නවීන තාක්ෂණය සමග ගමන් කිරීම‍ට නො හැකි අය තුළ ඒ ගැන කාංසාවක් තිබේ. තමන්ට අහිමි ඒ ලෝකය තමන්ගේ දරුවන්ට අත් පත් කර දීමට සිහින මවන ගමන් ම එම ලෝකය ස්පර්ශ කරන සෙසු දරුවන්ට වෛර කිරීම වැඩිහිටියන් අතර දැකිය හැකි සුලබ ලක්ෂණයකි. 

ජංගම දුරකථන පාසලට ගෙන ඒම, ෆේස්බුක් ගිනුම් පවත්වාගෙන යාම වැනි කරුණු නිසා ගුරුවරුන් සිසුන් පෙළන ආකාරය අද ඉතා සුලබ ය.  එක් කලෙක මේ අන්දමින් ම බෝල්පොයින්ට් පෑන් විරෝධයක් ද තිබිණි.

සාමාන්‍යයෙන් ලංකාවේ ‍පාසල යනු සිරගෙයකි. එහි එතරම් සුලබ නැති දේ අතර ආදරය, දයාව, කරුණාව, සහකම්පනය ද තිබේ.

හැකි තරම් පාරිභෝජනවාදය ප්‍රවර්ධනය කරන සමාජයක, විවිධාකාරයෙන් මුදල් එකතු කරමින්, තරගකාරිත්වය හා ටියුෂන් ප්‍රවර්ධනය කරමින්, එම පාරිභෝජනවාදයේ ම දිගුවක් පවත්වාගෙන යන පාසල තුළ නවීනත්වය සමග ඇති කර ගන්නා ගැටුම හේතුවෙන් නිර්මානය වන්නේ අතිශය මර්දනකාරී වටපිටාවකි. 

මෙම ගැටලු නිරාකරණය කර ගැනීම නීති මගින් පමණක් කළ නො හැකි ය. එහිදී ගුරුවරුන්ගේ වෘත්තිකභාවය හා සමාජ අවබෝධය ඉතා වැදගත් ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

27 comments:

  1. හරිම කනගාටුදායකයි . අපේ රටේ ඕනෙවට වඩා හැමදේම රක්කින්න උත්සහ කරනවා හරිම ගෝත්‍රික විදියට.. එකිනෙකාට හිතෙන විදියට ,කිසිම ක්‍රමවත් වැඩපිළිවෙලක් නැහැ කොහෙවත්..මේ රටේ නම් ළමයින්ට ෆෝන් ඉස්කෝලේ ගෙන්න තහනමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. රකින්න ඕනි දේවල් පැත්තක තියෙද්දී වෙන වෙන දේවල් රකින්න යනවා අපේ රටේ ඉන්න ලොකු ලොක්කෝ එකයි මේ හැම දුකක්ම....

      Delete
    2. අපේ රටේ පොදුවේ පාසල් ගැන කතාකරන්න ගොඩක් දේවල් තියෙනවා. ඔබ මේ සිද්දිය හොඳින් තේරුම්ගැනීම වටිනව

      Delete
    3. අපේ රටේ පොදුවේ පාසල් ගැන කතාකරන්න ගොඩක් දේවල් තියෙනවා. ඔබ මේ සිද්දිය හොඳින් තේරුම්ගැනීම වටිනව

      Delete
    4. අනේ ඔමා ඔයා මේ මොනවාද කියන්නේ අපේ රටේ හිරකාරයෝ අතෙත් සෙල්පෝන් තියෙනවා.ඒ විතරක්ද ඕන වුනාම ගුද මාර්ගේ ලු සඟවා ගන්නේ.ඊශ්‍රායෙල් කාරයන්ට ඕවා පුලුවන්ද?.

      Delete

    5. මේ බලන්න ෆේස් බුක් එකේ ඉගෙනගන්න වයසේ ලමයින්ගේම ප්‍රතිචාර ,,ඔක්කොම මොළ කාලා තියෙන්නේ . වැඩක් නැහැ .

      Delete
    6. 'නිදසුනක් ලෙස විදුහල්පතිවරයා ඇයට කළුවර කාමරයක දමා පහර දුන් බව ද මාධ්‍ය වාර්තාවල කියවේ. පාසල්වල කළුවර කාම‍ර කොයින් ද? '

      වෙනූශාගේ පාසැලේ ඇඳ ඇතිරිලි දැමූ අබිරහස් කාමරයක්

      සිසුන් පැය ගනන් සිරකර තියනවාලු

      2014 මාර්තු 04 11:18 a:m



      ෆේස් බුක් සිද්ධියක් මුල්කරගෙන සිසුවියක් සියදිවි හානි කරගත් කුරුණෑගල සර් ජෝන් කොතලාවලවිදුහ‍ලේ විදුහල්පති කාර්යාලයේ ඇති අභිරහස් කාමරයක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් විමර්ශනයක් ආරම්භකර තිබේ.
      එම කාමරය සම්බන්ධයෙන් තොරතුරු පාස‍ලේ සිසුන්ගෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබි ඇත. ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් එම කාමරය සඳුදා (03) පරීක්ෂාවට ලක්කර තිබේ.
      ඇතිරිලි දැමූ ඇඳකින් සමන්විත එම කාමරයේ ජනේල් පවා නැති බවත් එය අදුරු කාමරයයක් බවත් එහිදී ජාතික ළමා ආරක්ෂක අධීකාරියේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත.
      කළුවර කාමරයට දමන බව සඳහන් කරමින් විදුහල්පතිවරයා විසින් පාස‍ලේ ළමුන්ව එම කාමරයට දමා පැය ගණනක් රඳවා තැබෙන බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ට ළමුන් පවසා තිබෙන බව ආරංචි මාර්ග අනාවරණය කළෙය.
      එම කාමරය ළමුන්ට දඩුවම් දෙන්නට තැනූවක් නම් කොට්ට මෙට්ට දැමූ ඇදක් එහි ඇත්තේ කුමකට දැයි ගැටළුවක් බවට මේ වන විට පත්ව තිබේ.
      විදුහල්පති නිල කාර්යාලයේ ඇති ඒ කාමරය රහස් කාමරයක් ලෙස භාවිතා කරන්නක් බව දැනට කෙරී ඇති විමර්ශන වලින් පෙනී ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් වයඹ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන්ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් තොරතුරු විමසා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

      Lakbima

      Delete
  2. සමහර විට දෙමව්පියන් මේ කාළකන්නියාට එරෙහිව උපවාසයක් ආරම්බ කරපු බව පැරා නොදන්නවා ඇති.. දැන් දරු දැරියන් මේ පාසලට ගොඩවීමටත් බිය බව ඔබ නොදන්නවා ඇති.. මියගිය සිසුවියගේ රෝගය කුමක් වූවත්.. ඉතා රූමත්, දක්ෂ, ජනප්‍රිය ශිෂ්‍යාවකට වේසී යයි බැන වැදුනේ, ඉරිසියාව, ලිංගික කුහකත්වය, හා නෂ්ඨකාමය හා ලොලිටාවන් හා එක්වීමට නොහැකි මුත් ඒ අශාවන් ඉහ වහා ගිය එකෙක් බව නොකියාම බැරිය. මූ බෙල්ලෙන් එල්ලන්නට කෙනෙක් සොයා ගත යුතුය. මෙවන් කාළකන්නින්ට දඬුවම් නොකිරීමෙන්. මට්ට බූරූ අධ්‍යාපන නිළධාරින් හා ඇමතියා කරණුයේ.. තවත් මෙවෙන් විකෘති ලිංගික ආශාවන්ගෙන් හෙබි කාළකන්නින්ට උඩ ගෙඩි දීමක් පමණි..

    ReplyDelete
  3. http://vikumperera.blogspot.com/2014/02/story-of-wenusha-imandi.html

    ReplyDelete
  4. ""නවීන තාක්ෂණය සමග ගමන් කිරීම‍ට නො හැකි අය තුළ ඒ ගැන කාංසාවක් තිබේ. තමන්ට අහිමි ඒ ලෝකය තමන්ගේ දරුවන්ට අත් පත් කර දීමට සිහින මවන ගමන් ම එම ලෝකය ස්පර්ශ කරන සෙසු දරුවන්ට වෛර කිරීම වැඩිහිටියන් අතර දැකිය හැකි සුලබ ලක්ෂණයකි.""

    පැහැදිලිවම මෙය තේරුම් ගත යුතුයි.

    ReplyDelete
  5. පැරකුම් මහත්තයො ඔය කියන ෆොටෝ එක නෙමෙයි ගැටලුව වෙලා තියෙන්නෙ. මේ ළමයට වෙන අකවුන්ට් එකකින් ටැග් කරල තිබුන ෆොටෝ එකක්ලු, මේ ලමයගෙ ප්‍රොෆයිල් එකේ කවර් ෆොටෝ එක විදිහට දාල තියනව පාසැල් කොඩිය. එහෙම තියනකොට අනවශ්‍ය විදිහෙ ෆොටෝ එකක් දැක්කම ප්‍රින්සිපල්ගෙ මල අතට එන එක සාධාරණයි එක අතකට. 2011 අවුරුද්දෙ ක්‍රියාකාරි මට්ටමේ තිබුන අකවුන්ට් එකකුත් තියනව මට හම්බුනා,නමින් වගේම ෆොටෝ වලින් නම් ගොඩක් සමානයි මේ ළමයට.

    ReplyDelete
  6. එකගයි
    මුදල් පසුපස් හබා යන මිනිස්සුන්ට ආදරය කියන දේ හරියට පෙන්නේ ලිංගික අතවරයක් වගේ.
    එකට තවත් ප්‍රධාන හේතුවක් විදියට මා දකින්නේ මිනිසුන් ලෝකය ට විවුර්ත නොවීමයි.
    තවමත් 60 - 80 දශකයේ ඔවුන් ජිවත් වෙයි.
    ඔවුන් කුඩා කාලයේ කළ සෙල්ලම්, ආදරය ඔවුන්ගේ දරුවන්ට තහනම්ය.

    තවත් එක් හේතුවක් විදියට මා දකින්නේ තාක්ෂනය කෙතරම් දුරට ව්‍යාප්ත වී ඇත්දැයි යන ගැටලුවයි.

    තාක්ෂනය හොඳටම දන්නා දරුවා අපේ ඉතිහාසය නොදනී.
    ඉතිහාසය දන්නා දරුවා තාක්ෂනය නොදනී.

    ඔය පරස්පරය ගමේ සහ නගරයේ යන වචන 2 යෙදු විට මනාව පැහැදිලි වේ.

    වැඩිහිටියන් ගේ මොළ සේදීමට අපට නොහැක.
    කළ යුත්තේ පොඩි දරුවන්ගේ පොඩි කාලයේ ඉඳන්ම මොළ සේදීමයි.
    ඔවුන්ට හීනයක් ලබා දිය යුතුය , පසුව ඔවුන් ඔවුන්ගේ හීනයක් සදා ගනීවි.
    නමුත් ඉන් පෙර හින මවන්නේ කෙසේද ඔවුන්ට කියාදිය යුතුය.

    ගෙදරින් පිට වීමට පෙර අම්මට තාත්තාට වදින්නේ කියෙන් කි දෙනාද
    රජයේ, පෞද්ගලික හෝ ටියුෂන් ගුරුවරයා ගෙන් මෙය ආරම්භ විය යුතුය.

    කලක් යාවි
    නමුත් දැන්ම පටන් ගමු

    ReplyDelete
  7. ඉතාමත්ම කාලෝචිත ලිපියක් මෙන්ම බලධාරීන්ගේ නෙත ගැටිය යුතු ඉතාමත්ම වටිනා ලිපියක් පැරා...

    ReplyDelete
  8. කෝ බං පැරා මේකෙ කොමෙන්ට්..... උඹගෙ සමාජවාදෙ රෙද්ද පල්ලෙන් බේරෙන නිසාද මේකෙ කොමෙන්ට් මොඩරේට් කරන්නෙ?

    ReplyDelete
  9. // මෙම ගිනුමෙහි ඇති සුවිශේෂ දේ වන්නේ ඇය උගත් පාසලේ කොඩිය හා පෙබරවාරි 2දා පමණ පළ කර තිබෙන ඉහත දක්වා තිබෙන ඡායාරූපයයි.//

    ඒ ළමයට ගහල බැනල තීන්නෙ මේ පින්තූරෙ තිබ්බ නිසා, හෝ මේකෙ ඉන්නෙ ඒ ගෑණු ළමයායි කියන උපකල්පනය මතනම්, ඒ ගොන් විදුහල්පතිවරයාව වහාම මානසික වෛද්‍යවරයකුට පෙන්විය යුතු අතර, ඇස් පරීක්ෂාකරගැනීමට ඇල්බර්ට් මුදළාලි ලඟටද, අවශ්‍යනම් ඉසකුඩිච්චියක් සඳහා මහ වෙදනා වෙතද යවා, පසුව වැසිකිළි සේදීමට හෝ පාර අතුගෑම වැනි තියුණු දැක්මක් අනවශ්‍ය සේවයකට යෙදවිය හැක.

    ReplyDelete
  10. මේ සිද්ධිය දිහා බලපුවාමනම් පැහැදිලිව පෙනෙන්නේ මෙතන අදාල විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපය වැරදි බවයි. මේ විදුහල්පතිවරයා හැසිරිලා තියෙන්නේ යල්පැනගිය මෝඩ අදහස් වල එල්බගෙන ඉන්න අධිමාන්නයකින් ඔලුව උදුම්මගත් තමන් හැම අතින්ම හරි කියලා හිතන ඒකාධිකාරී තක්කඩියෙක් විදිහට. අඩු තරමින් මේ ළමයට මනුස්ස හැඟීම් දැනීම් හෝ තියෙන්න බැරිද කියලවත් මෙ කාලකන්නියට හිතිල නෑ.

    ReplyDelete
  11. මරල තියෙන්නෙ Facebook නෙවෙයි, විදුහල්පතිතුමා,ඌට මොකක්ද තියෙන රුදාව හා අයිතිය සමාජ ජාලයක දරුවෙක් ගෙ පින්තුරයක් පල උනාම ඒක අවුස්සල කෙල්ලට බනින්න​.අනික මාර අසබ්ය්ය ලබ්බක් ඔය ෆොටො වල තිබිලනම් නැ,
    ඌ මොකටද ෆේස් බුක් බල බල ඕව හෙව්වෙ ?
    අද්‍යාපන අමත්‍යන්සෙ මොන චක්‍ර ලේඛනේද එහෙම උපදෙස් දීල තියෙන්නෙ ?


    ReplyDelete
  12. ලංකාවේ facebook තහනම් ද? නැත.
    පාසැල් ලමුන්ට facebook තහනම් ද? නැත.
    විෂාධියෙන් පෙළුනාන ලමයෙකුට ගුරුවරු සලකන්නේ මෙහෙම ද? නැත.
    එනිසා කවුරු මොන බයිලා කිව්වත් මෙහි සම්පූර්ණ වගකීම පැවරෙන්නේ විදුහල්පතිටය. පරීක්ෂනයක් පවත්වා මොහුව සේවයෙන් ඉවත් කල යුතුය. මෙවැනි විදුහල්පතීවරු ගුරුවෘත්තියට නොගැලපේ.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන් එකඟය. මම අසූගණන්වල ඉඳල මේ ස්කෝලෙගැන දන්නවා. මගේ ලමයි පස්දෙනෙක් මේකට ගිහිල්ල තියෙනව.බොහොම උද්දච්ච කම්වලින් පිරිච්ච වැඩවලටවඩා ළමයින්ගෙන් හා දෙමවුපියන්ගෙන්  දේවල් කඩාවඩා ගත්ත පරිපාලනයන් තිබුණ තැනක් ඕක. හොඳම උදාහරනය ඒ කාලේ පටන් අරන් තවම වැඩ අවසන් නොවුන මේන් හෝල් එක.
       අනික සමහරවිට මේකත් ළමයගෙන් හෝ අම්මගෙන් ගන්න හදපු ලින්ඟික අල්ලසක කෙලවරක් වෙන්න පුලුවන්.

      Delete
  13. මට නම් ගුරුවරු ගැනත් පාසල් ගැනත් තිබෙන්නේ ප්‍රසන්න හැඟීමක් නොවෙයි.මට ලැබුණ උපාධි ගුරු පත්වීම භාර නොගත්තෙත් ඒ නිසයි.පැරාල අපි වගෙ නොවෙයි.ක්ෂේත්‍රයට බැහැල පුළුවන් විදියට ඒක හරිගස්සන්න බලනව.පාසල තුල තිබෙන මර්ධනය සමාජයේ අවධානයට ලක් නොවූවක්.මම රැකියා විරහිතව සිටි කාලයේ ටියුෂන් කළා.දන්නවද මට එරෙහිව එල්ලවුන ප්‍රධානම චෝදනාව? මම ළමයින්ට ගහන්නෙ නෑ කියල.මේ චෝදනාව දෙමවුපියො පමනක් නොවෙයි ලමයිනුත් කළා.ළමයින් පාසලේදී ගුටිකන හැටි ඔවුන් රඟපාමිනුයි පෙන්වාදුන්නේ.සමහර ගුරුවරු ළමයින්ට හැරුන හැරුන අතේ ගහනවා.

    ඇත්තෙන්ම ගුරුවරු ළමයින්ට ඉතාම අසභ්‍ය වචනවලින් බැණ වදිනවා.උදේ සරඹ සංදර්ශනයේදී කෙළින් ඉන්නෙ නැති ළමයින්ට බනින්නේ දෙමවුපියන්ගේ ලිංගික ක්‍රියාව සිහිකරමිනුයි.පොඩි උන්ට ඒක අන්ඩර දෙමළ.මේ දේවල් නියාමනය කරන්න කෙනෙක් නැද්ද .මට නම් මේව තමයි මහා ළමා අපචාර.

    ReplyDelete
  14. මේ සිද්ධිය වී අවසන්,
    නමුත් කිසි දිනක නැවත මෙවන් දෙයක් නොවීමට බලධරයින් ද වග කිව යුතුය.
    සිසුවියට ලැබුණ උපදෙස් ලැජ්ජාසහගතය.
    # දිනක් අවුරුදු උත්සවයක සිඟිති අවුරුදු කුමරිය තේරීම සඳහා තරඟයක් ද විය. නමුත්, මා හිතවතෙක් එය කැන්සල් කිරීය. ඔහු කියා සිටියේ,
    “සියළුම ළමුන් මල් වගේ. එතන බේදයක් නෑ. කිසිදු ළමයෙක් අවලස්සනයි කියා මානසිකව වැටෙන්න දිය යුතු නැහැ.“
    දරුවන් ළමා කාලය සොයයි. ආර්ථික රටාව සහ නව සංස්කෘතික ලක්ෂණ මඟින් ළමුන්ගේ ළමා කාලය සොරා ගෙන ඇත. දෙමාපියන් ඇත් වී ඇත. දෙමාපිය රැකවරණය ආදරය ඈත් වී ඇත.
    එපමණක්ද
    සමහර ගරුවරුන් පත්වීම් ලිපි ලැබූ ගරුවරු පමණකි. ඔහුන් ළමුන් නොහඳනනයි.
    ළමුන් බොහෝ දෙනා FB හැසිරෙන්නේ විනෝදාංශයක් ලෙසයි. එය ළමයෙකු හුදකලාබව මකා ගන්නා නවීන ක්‍රමයක් වී ඇත.
    දරුවෝ යනු දරුවෝය. වැඩිහිටියෝ නොවේ....

    ReplyDelete
  15. ඒ දරුවා සිය දිවි නසාගෙන ඇත්තේ මානසික රෝගයක් නිසා හෝ වෙනත් හේතුවක් නිසා වුවත්, තමන්ගේ පාසලේ දරුවකු සිය දිවි නසාගැනීම යනු විදුහල්පතිවරයකුට බරපතල මදි පුංචි කමක් නෙවෙයිද? ඇත්තටම ඔහුත් සියදිවි නසා ගෙන තිබෙනවා වගේ නේද?

    ReplyDelete
  16. ලිංගික කුහකත්වයන් බොරු වැදගත්කමක් දීල කුහකයන්ව ප්‍රභූවරු කරන ගොන් සමාජයත් මේකට වගකියන්න ඕනේ. මොකද අපේ රටේ පාසල් සේරම වගේ ලිංගික කුහකත්ව්යන්ගෙන් පිරුනු ඒ වගේම එම කුහකත්වයන් යහතින් වර්ධනර කරන ගුබ්බෑයම්. මේවට ළමයි යවනවට වඩා හොඳයි ගෙදර තියාගෙන උගන්වන එක.

    ReplyDelete
  17. සුළගත් අවරට... හබල් ගසන්නෙත් අවරට... ඉඳින් රුවල් නෞකාව ....

    ReplyDelete
  18. සුළගත් අවරට... හබල් ගසන්නෙත් අවරට... ඉඳින් නෞකාව ....

    ReplyDelete
  19. prashnayakadi eyata muhuna deemata beruwa siya diwi nasa gannawa nam me genu lamaya lebu adyapane wadak ne. eya eyage parentsla gena hithuwe ne. eyalata kochchara duka athidada? aththatama me genu lamaya modai. emotion walin theerana ganna hoda ne.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.