2014-02-24

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

ඉහත මාතෘකාව ලියද්දී මොකක්ද වෙනුවට මොකෙක්ද කියා ලියන්නට සිතුණත් නො ලියා සිටියේ ඇත්තෙන්ම පවු නිසා ය.මන්ද, දීප්ති කුමාර ගුනරත්න විසින් කර තිබෙන සමාජ මැදිහත්වීම ගැන තවමත් යම් සුබවාදී අදහසක් අප තුළ තිබෙන නිසා ය. රෝහිත භාෂණ අබේවර්ධන වැනි ඔහු මහා පොරකැයි සැලකූ ඔහු හා සමාන සෙසු නරුමවාදීන් ගැන ද අප තුළ තිබෙන ආකල්පය එයයි.

මාතෘකාවේ ඇති ප්‍රශ්නයට පිළිතුර තුනමාන වෙබ් අඩවියේ පළ වූ, ලිපිය අවසානයේ සඳහන් කර ඇති ඡේද තුනේ සටහන විශ්ලේෂණය කිරීමෙන් වටහා ගත හැකි ය.

දීප්ති යනු ඇත්තෙන් ම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සංයුක්ත අදහසක් නැති කෙනෙකි. දැන් මේ ලිපියේ ඔහු බාහු ගැන කියන්නේ කුමක් ද? අවසන් ඡේදය කියවා බලන්න. ඔහු පෙන්වා දෙන දෙය වන්නේ තමන්ගේ මනසේ තිබෙන අවුල්සහගතකමයි. මේවාට සිංහල ජනවහරේ නම් කියන්නේ හතර බීරි කතා කියා ය.

භාෂා ඥානයක් නැතිකම දීප්තිගේ මූලික ගැටලුවකි. ලියන්නට (හෝ සමහර විට නිසි තේරුම ලැබෙන පරිදි කියවන්නට ද) දන්නා එකම භාෂාව වන සිංහලය හැසිරවීමේ බරපතල ගැටලුවක් ඔහුට තිබේ. දෙවන ඡේදය කියවන්න. ඔහු මූලික ව්‍යාකරණය ‍පවා නො දනියි. ඔහු උක්ත ආඛ්‍යාත ගලපන්නට දන්නේ නැත. 'අනුන්ගේ අසරණකම් ලියන මහණුන් බවට පත්වී ඇති තමන්ට කුටුම්භය තුළ හිමි වී ඇති ඉරණම අන්ත අසරණභාවය හැර වෙන කුමක්ද?' වැනි වාක්‍යවල ඇත්තෙන් ම තේරුමක් නැත.

මේ තේරුමක් නැති වාක්‍යවල තේරුමක් ඇතැයි සිතූ සමහරු කලක් ඔහු පසුපස යමින් තේරුම් සෙවූ හ. තමන්ට නො තේරෙන දෙයක් අනුන්ට තේරුම් කරන්නට බැරි ය. දීප්ති නිතර ම 'මං කියන දේ තේරුණා ද දන්නෙ නැහැ,' යි කියන්නේ ඇත්තෙන් ම ඔහු කියන දේ ගැන ඔහුට ද තේරුමක් නැති නිසා ය. සමහරු මේවා තේරුන බව පෙන්නන්නට ‍ගොස් විහින් ගොන්නු වූ හ.

චින්තකයකු වන්නට තිබෙන උන්නතිකාමී ආශාව හා ගැඹුරින් යමක් සිතන්නට තරම් පුළුල් මනසක් නොමැතිකම හා එවැනි පුළුල් මනසක් ගොඩනගා ගත හැකි මිනිස් ගුණ ධර්මවලින් තොර වීම අතර ඇති පරස්පරයන් පියවා ගන්නට දීප්ති කරන්නේ කොහෙන් හෝ චින්තකයකු සොයාගෙන බාගෙට කියවා තමන්‍ට ත‍ේරුන තැන් කීපයක් අල්ලාගෙන නන් දෙඩවීමයි. එක් චින්තකයකු ගැන දෙසා බාමින් සිටින විට,  ඇත්තට ම ඒ චින්තකයා ගැන කියවූ විද්‍යාර්ථියකු පැමිණ ඔහුගේ පරස්පරයන් පෙන්වා දෙන විට දීප්ති තවත් චින්තකයකුගේ ඇඟේ එල්ලෙයි. ඇත්තෙන් ම මේ ඉම්පෝටඩ් චින්තකයන්ගේ දැක්ම ඔස්සේ යමින් මේ අය සංයුක්තව විග්‍රහ කර තිබෙන ලංකාවේ ප්‍රශ්න මොනවා ද?

ජීවිතය චිත්‍රපටවලින් සොයන්නට යාම මේ ඊනියා කල්ලිවල තවත් සුලබ රෝග ලක්ෂණයකි. චිත්‍රපට බැලීම හා ඒ ච්ත්‍රපට ගැන සාකච්ඡා කිරීම නම් වූ දේශපාලන වැඩක් මොවුන් විසින් හඳුන්වා දෙන ලදී. ඔවුන් කාමර තුළට වැදී චිත්‍රපට බලමින් සිටින සඳ මීයෝ ඇවිත් ඔවුන්ගේ පා ඇඟිලි කති. ජීවිතය ඇත්තේ ඒ මීයන් එන පොළවේ බව නො දන්නා ඔවුහු කැමරාවෙන් ඒ පොළවේ ප්‍රබන්ධ චිත්‍රයක් නරඹා එ් ඔස්සේ ජීවිතය ගැන කතා කරති.

වැලිකතර වැනි දැන් බලන්නට නැති චිත්‍රපටවල නම් ද, වැඩිය ලංකාවේ මිනිසුන් නො කියවන වෙනත් පොත්වල නම් ද මොහු උදාහරණ ලෙස ගෙන දක්වන්නේ තමන් ඒවා ඇතැඹුලක් සේ දන්නා බව අන් අය‍ට පෙනෙන්නට ය. මොවුන් පොතක් කියවන්නේ ම ඒ පොතෙන් ලබා ගත් දැනුමෙන් තමන්ගේ සතුරන් හෙවත් තමන්ට ගරු නො කරන මිනිසුන්ට පහර දෙන්නේ කෙසේ ද යන ප්‍රතිගාමී චින්තනය හිසෙහි පුරවාගෙන ය. එබැවින් කොච්චර පොත් කියෙව්වත් මෙවැන්නන්ගේ මිනිස්කම් වර්ධනය වන්නේ නැත. මෙය බුද්ධිමතුන් බොහෝ පිරිසකට අදාළ ය. දැනුම ගබඩා කර ගත් ඔවුන්ගේ හිස් කුහර දත්ත රැස් කරන කොම්පියුටර් දෘඪාංග වැනි ය. ඒවායේ කිසිදු මෘදුබවක් නැත. ඒවායින් කිසිදු නිර්මානශීලිත්වයක් මතු වන්නේ ද නැත. මූලික ප්‍රශ්නය තිබෙන්නේ නොමිනිස්කම තුළ ය. නොමිනිසුන් ‍මොන දැනුම රැස් කළත් මිනිසුන් වන්නේ නැත. මිනිසුන් දැනුම ලබා ගන්නේ මිනිස්කම වර්ධනය කර ගන්නට මිසක් අනුන් පාගා නැගී සිටින්නට නො වේ. අහවල් පොත කියවලා නැද්දැයි වෙනෙකුගෙන් අවඥාවෙන් අසන පණ්ඩිතයා තරම් දුෂ්ට මිනිසෙක් ලෝකයේ තවත් නැත. එවැන්නෝ බුද්ධිමය ත්‍රස්තවාදීහු වෙති.

මෙවැනි බුද්ධිමය ත්‍රස්තවාදීන්ට බිය නො වීම සැබෑ සමාජවාදය සඳහා අරගලයේ කොටසකි. පොත් පෙන්නා සමාජය බිය වද්දන්නට හදන තක්කඩින්ට අප කිව යුත්තේ මෙසේ ය: අපට ඕවා වැඩක් නැහැ. අපි කරන්නේ හිතන එක.

දීප්තිගේ හෝ දීප්තිවාදීන්ගේ නිරුවත පෙන්වන කැඩපත බඳු වූ තුනමාන ලිපිය කියවන්න.

දශක හතක් පමණ ජීවත් වෙමින් අරගලය අත් නොහැර තවම සටන් කරන බාහු සහෝදරයා ගැන යමක් ලිවිය යුතුය. ඔහු ගැන විවේචනය කරන බොහෝ දෙනා ගාමිණී ෆොන්සේකා වැනිය. ගාමිණී යනු තමන්ට රගපෑමට ලැබෙන තිර කතා වල තම විරුද්ධවාදියා ගේ ඉරණම ස්වකැමැත්ත මත වෙනස් කළ පුද්ගලයෙකි. උදාහරණයක් වශයෙන් ‘වැලිකතර’ චිත්‍රපටියේ මුල් තිරනාටකයට අනුව ගෝරිං ගේ චරිතය වෙඩි කා මැරී වැටෙන්නේ ප්‍රතිවීරයෙකු ලෙසය. නමුත් ගාමිණී විසින් තිර නාටකය තමන්ට අවශ්‍ය අයුරින් වෙනස් කරනු ලැබූ පසු ගෝරිං මිය යන්නේ ගාමිණිගේ කකුල් ඉදිරිපිට බිම දගලා වැද නමස්කාර කිරීමෙනි.

පසුගිය දශක දෙකක පමණ කාලයක සිට බාහු ගැන ලියන හොර තක්කඩියන් ද අයිති වන්නේ ගාමිණි ගේ කුලකයටය. ඔවුන් තම රචනා මගින් බාහුව එක්කෝ විකටයෙකු කරවයි. නැතහොත් අසරණයෙකු කරවයි. ධනේෂ්වර ක්‍රමය ගෝලීයව විහිදෙන යුගයක,එම යුගයට වෙනත් විකල්ප නැතැයි සිතන මිනිසුන් සිටින යුගයක, බාහු නොව තමන්නට සිදුවී ඇත්තේ කුමක් ද කියා ‘ලියන’ අය කෙතරම් විරලද? අනුන්ගේ අසරණකම් ලියන මහණුන් බවට පත්වී ඇති තමන්ට කුටුම්භය තුළ හිමි වී ඇති ඉරණම අන්ත අසරණභාවය හැර වෙන කුමක්ද? තම තමන් ගේ ගෙවල් වල තල දර්පන නැති නිසා තමන් ගේ තක්කඩි මුහුණ නොදකින නරුමයන් ගාමිණි මෙන් ප්‍රබන්ධයන් තුළ වීරයන් වීමට දතකට මදියි.

බාහුගේ දෝෂය කුමක් ද? ප්‍රභාකරන්ට සහ විජේවීරට තිබූ දෝෂය ඔහුටත් ආවේණිකය. යමෙකුට තම අරමුණ කරා ලගා වීමට අවශ්‍ය නම් ඒ සදහා යථාර්ථය විසින් ඉල්ලා සිටින කෘෘරත්වය සමග අප සමපාත විය යුතුය. යථාර්ථය ගූ බාල්දියක් ඉල්ලා සිටින තැනක අප පිරිත් පැන් ඉස වැඩක් නැත. බාහු වාමාංශික වීරයෙකි. ඔහු සතුරාට ගූ ගහන්නේ නැත. සටන ඉදිරියට ගෙන යාමට ගියැප් මෙන් ‘ගූ බාල්දි’ ගණන් ගසා, අසරණයන් කියන තක්කඩියන්ට කණ්නාඩි සැපයිය යුතුය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

80 comments:

  1. මිනිස්කම්- ඔබ කියන මේ මිනිස්කම කියන වචනයෙ තේරුම මොකද්ද? මේ වචනය කියන්නෙ ලංකාවෙ හොඳ මාකට් එකක්. කරපු හෝ කරන්න කිසිම දෙයක් නැති හම්පඩ දේසපාලුවො පෝස්ටර් වල ගහන්නෙ මිනිස්කම හෝ මනුස්සකම තියෙන පොරක් කියලා.
    මිනිස්කම කියන ඔය වචනය මේ සමාජයේදී අර්ථ ගැන්වෙන්නෙ ඒ විදියට. ඒ කියන මිනිස්කම කියන ආනුභාවයෙන් තමයි ලංකාවෙ මොකෙක් හරි තැනකට පත්වුනාට පස්සෙ තමුන්ගේ හැත්ත බුරුත්ත නෑදෑ සනුහරේටයි, යාලුවන්ටයි ළගපාත ඉන්න පිංපියොන්ටයි සලකන්නෙ.
    දීප්ති කියන්නෙ ඒ අර්ථයෙන් යාලුවො නැති කෙනෙක්. සැබෑ දේශපාලකයින්ට අනුගාමිකයින් නැහැ. සහචරයො පිරිසක් හිටියත් ඔවුන් අරමුණක් වෙනුවෙන් මිස අනික් පුද්ගලයින්ගේ අංගාරක්ෂක වැඩය වෙනුවෙන් පෙනී සිටින්නෙ නැහැ. උදාහරන විදියට ජවිපෙ කියන පක්ෂය සැබෑ වාමාංශික මතය වෙනුවෙන් පෙනී නොසිට විජේවීර ගමනායක හෝ වෙනත් පොරවල් පස්සෙ ගිය නිසා අවසානයේ පොරවල් ටිකත් නැතිවෙලා කරන්න ගිහිපු සටනත් නැති වුනා.

    දීප්ති ඉර හෝ හද පෙන්නුවම ඒක දිහා බලන්නෙ නැතුව දීප්තිගේ ඇගිල්ල දෙස බලන්න උත්සාහ කරන එක ටිපිකල් ලාංකිය ගතිය. දීප්තිගේ වැරදි තියෙනවා. දීප්ති කියන දේවල් වල අවුල් තියෙනවා. නමුත් ඒ කියන දේවල් විචාරය කරන්නෙ නැතුව දීප්තිව විචාරය කරනව කියන්නෙ අර පෙන්නන දේ නොබල පෙන්නන අත දිහා බලං සාස්ත ර කියනව වගේ වැඩක්..

    භාෂාමය අවුලක් තිබුනත්..යම් යම් සුලු වියරණ වැරදි තිබුනත් ඔහු වික්‍රමබාහු ගැන දරන අදහස මේ සටහනින් ඔහු පැහැදිලිව කියලා තියෙනවා. අනික මේ ලිපිය ලියපු වෙලාවෙ දීප්තිට හිතුන අදහස විතරයි. එහෙම නැතුව මේක මැරෙන මොහොතෙත් දීප්ති බාහු ගැන මේකම කියන්න ඕනි කයල හිතනව නම් ඒක මෝඩ කමක්.

    ඔබට තිබුනා මේ අදහස් එකිනෙක අරගෙන විග්‍රහ කරන්න. එහෙම නොකර ඔබ විසින් අදහස් වලට නොව දීප්තිට ගහන එක ඔබේ තේරුම් ගැනීමේ හැකියාව පිලිබඳ ප්‍රශ්ණයක්.

    ReplyDelete
    Replies
    1. ඣඊඍඥෆෟඊFebruary 24, 2014 at 11:15 PM

      අජිත් ට වඩා හොදින් ශපිරෝ ලියනවා , ඒකට දිප්ති මොනව කරන්නද?

      Delete
    2. දිප්ති කියන කෙනාගේ ෆෝටො අන්තර්ජාලයෙ නැද්ද.


      Delete
    3. දිප්තිගෙ photo තියෙනචා.ඒත් එයාට පැරාට වගේ sexy රැවුලත් නැ, තොප්පියත් නැ.

      Delete
    4. තමන්ට කියලා කැපී පෙනෙන පර්සනැලිටියක් නැති එවුන් දීප්ති වන්දනා කරගෙන නැති එකක් හිතට අරගන්නවා.... ඔය උඩ ඉන්න බූරුවත් එහෙම එකෙක් තමා...

      Delete
    5. http://www.youtube.com/watch?v=RyMtDMiDOOg

      http://image1.frequency.com/uri/w354_h200_ctrim_ll/_/item/5/2/6/6/Mr_Deepthi_Kumara_Gunarathne_LLRC_Report_52669944_thumbnail.jpg

      Delete
  2. මේක දීප්තිට පෞද්ගලිකව ගැහිල්ලක් නෙමෙයි, මේ දීප්ති විසින් නියෝජනය කරනු ලබන දේශපාලනයට කරනු ලබන නිර්දය විවේචනයක්.

    මේක ත්‍රස්තවාදයක් කියලා අපි පැහැදිලිව කියලා තිබෙනවා. ත්‍රස්තවාදයට පිළිතුරු දෙන්න තිබෙන විධිය තමයි බිය නො වීම.

    වික්‍රමබාහු ගැන ඔහු මේ සටහනේ තුන්වන ඡේදයේ කියන සංයුක්ත අදහස මොකක් ද?

    'යමෙකුට තම අරමුණ කරා ලගා වීමට අවශ්‍ය නම් ඒ සදහා යථාර්ථය විසින් ඉල්ලා සිටින කෘෘරත්වය සමග අප සමපාත විය යුතුය. යථාර්ථය ගූ බාල්දියක් ඉල්ලා සිටින තැනක අප පිරිත් පැන් ඉස වැඩක් නැත.'

    පළමු වාක්‍යයේ තේරුම කුමක් ද? 'යමෙකුට' අරමුණ කරා ළඟා වන්නට 'අප' කෲරත්වය කරා ළඟා විය යුතු ය කියන එකේ තේරුම දන්නවා නම් කියා දෙන්න. මේ භාෂා ඥානය පිළිබඳ මූලික ගැටලුවක් මිස වෙන කුමක් ද?

    යථාර්ථය ගූ බාල්දියක් ඉල්ලනවා ලු. එතකොට අප පිරිත් පැන් ඉස වැඩක් නැතිලු. ඒ කියන්නේ අපත් ගූ ගැසිය යුතු බව නේ ද? ඊළඟට බාහු ගූ‍ නො ගසන බව කියන ඔහු නැවතත් ගූ ගැසිය යුතු බවක් කියයි. ගූ ගැසිය යුතු කවුරු ද? කාටද?

    'අසරණයන් කියන තක්කඩින්ට කණ්ණාඩි සැපයිය යුතු ය.' මේ වාක්‍යයෙන් ඔහු හිතන දේ ගැන යම් අනුමානයක් කර ගත හැකි ය. ඒත් තමන් කියන්නට හිතූ දේවත් කියා ගන්නට බැරි මේ අසරණයා තුළ මහා සාරයක් තිබේ යයි සිතන ඔබ වැනි අය ගැන ද දුකක් සිතේ.

    ReplyDelete
    Replies
    1. යථාර්ථය ගූ බාල්දියක් ඉල්ලනවා ලු. එතකොට අප පිරිත් පැන් ඉස වැඩක් නැතිලු. ඒ කියන්නේ අපත් ගූ ගැසිය යුතු බව නේ ද? ඊළඟට බාහු ගූ‍ නො ගසන බව කියන ඔහු නැවතත් ගූ ගැසිය යුතු බවක් කියයි. ගූ ගැසිය යුතු කවුරු ද? කාටද? //

      නියමයි නියමයි.

      Delete
    2. පැරා දීප්ති යනු දැනුම් ගබඩාවක් වකේ කෙනෙක්. දිප්තිම කියන පරිදි දිප්තිත් හොයන්නේ ඇරියස් එකක්. ගොඩෝ උන්නැහේ එනකං කරන දීප්ති එතැනින් පස්සේ හොයන්නේ ඔහුට තැනක්. ඒක තමා අපි හැමෝම කරන්නේ

      Delete
    3. ඒ වුණාට දීප්තිට නොලැබුණෙත් ඒකමයි. දීප්තිගේ පහනින් එළිය බලපු අය ඒ දේ හොයාගන ගිහින් නේද මේ වන විට

      Delete
    4. //යමෙකුට තම අරමුණ කරා ලගා වීමට අවශ්‍ය නම් ඒ සදහා යථාර්ථය විසින් ඉල්ලා සිටින කෘෘරත්වය සමග අප සමපාත විය යුතුය. යථාර්ථය ගූ බාල්දියක් ඉල්ලා සිටින තැනක අප පිරිත් පැන් ඉස වැඩක් නැත//

      "අප" කපල දැම්ම නං හරි පැරා. සුළු දෝශයක් ඔච්චර ගනංගන්නෙ ඇයි?

      Delete
    5. අප එකිනොකා ගේ රචාන ශෛලීන් වෙනස්. ඔය අන්තිම ඡේදයේ කියන දේ මට නම් තේරුණා.

      මං හිතන්නේ මේ ලේඛකයා කියන්නේ බාහු හොඳ වැඩි බවයි. එය ඔහු ගේ දෝශයක් බවයි.

      මේ අදහස මං ලිව්වා නම් එහෙම නොවෙයි ලියන්නේ. පැරා ලිව්වා නම් වෙනත් විදියකට ලියවේවි.

      මෙතන අප කියා ලියා තියෙන්නේ ඔබ නැතිනම් ඉංගිරිසියෙන් ලියන කොට you කියා ලියන අර්ථයෙන්.

      Delete
    6. මොකක්ද හලෝ රචාන කියන්නෙ? ඔහෙත් මහ ලොකු ලේඛකයෙක්ද​? ඔහේ ලියන්නෙ පඩ කතා චූ කතා කක්ක කතානෙ.

      Delete
    7. උඹ මොනාද බං ලියන්නේ... නිකන් පව් නොදී හිටපන්... තොපි වගේ එවුන් හින්දා තමා අපිට ඇනෝ කොමෙන්ට් එකක්වත් දාන්න තැනක් නැත්තේ

      Delete
    8. @ Anonymous February 25, 2014 at 3:57 PM

      "රචාන" යනු "රචනා" යන වචනය යතුරුපුවරුවෙන් ලියන විට සමහර ඇඟිලි ඉස්සරවීම නිසා දෝශයක් සහිතව ලියවෙන ආකාරයයි.

      ඔබේ සෝදුපත් බැලීමේ සේවාව ගැන මගේ ස්තුතිය පිළිගන්න.

      Delete
  3. බාහු සේම දීප්තිද විකටයෙකු වීමට නියමිතය.සියළු මාක්ස්වාදීන් මේ විකට පෝලිමේ සිටින අතර බාහු වැන්නන් දැනටමත් රෙජිස්තර වී ඇත.රෙජිස්තර වීමට පෙර මේ හැම මාක්ස්වාදියාම ( අපතයාම ) ගොබ්බයන්ට වීරයෙකි

    ReplyDelete
    Replies
    1. යකා දීප්ති මාක්ස්වාදීන්ට එරෙහිව නේද සිටියේ. චීප්තිගේ එක පොතත් දොරට වැඩියේම මාක්ස්වාදීන්ට එරෙහිව ඔවුන්ගේම නිවහනක. මට දැන් ඒ පොත‍ මොක්ක්ද යැයි මතක නෑ. ඒත් පොත් මා ළග තියනවා. එදා සේපාල් අමරසිංහත් කතා කළා දරුවෙකුත් කරේ තියනාම ඇවිත්.

      Delete
    2. යකා යනු දැන් බ්ලොගයේ මා දකින අංක එකේ නරැමයෙකි

      Delete
  4. මිනිස්කම = සමාජවාදය

    සමාජවාදය සොයා යාම තමයි මිනිස්කම සොයා යාම.

    සමාජවාදය වෙනුවෙන් කරන අරගලය තමයි මිනිස්කම වෙනුවෙන් කරන අරගලය.

    සමාජවාදය කියන්නේ ජීවින භාවිතාවක්. ඒක දේශපාලන මතවාදයක් විතරක් නෙමෙයි.

    සමාජවාදය සකලවිධ ආධිපත්‍යවාදයන්ට විරුද්ධයි. ප්‍රජාතන්ත්‍රවාදයට විවෘතයි. ඒ අනුව සමාජවාදය කියන්නේ පුරුෂෝත්තමවාදයට, වර්ණභේදවාදයට, ජාතිවාදයට, කුලවාදයට, ද්විලිංගිකෝත්තමවාදයට, පණ්ඩිතෝත්තමවාදයට ආදී සකලවිධ ස්වෝත්තමවාදයන්ට එරෙහි අරගලයක්.

    ඒ අරගලය දීප්තිට එරෙහි අරගලයක් වන්නේ කොතැනින් ද කියා ඉහත කොටසේ අදාළ තැනින් යටින් ඉරක් ඇඳ තේරුම් ගන්න.

    ReplyDelete
    Replies
    1. පාරිභොජනවාදය මෙයට එකතු ක ගත යුතු තවත් වැදගත් දෙයක්. එතැනින් තමයි, ධනවාදය අපේ ජීවිත විනිවිද යන්නේ.

      Delete
  5. අනන්‍යතා දේශපාලනය තමයි සමාජවාදයෙ මූලිකම හතුරා. සමහරු අනිත් අයට වඩා සල්ලි/බලය තියෙනව කියල අනන්‍යතා හදාගන්න දඟලනව, තවත් එවුන් අනිත් අය කියවල නැති පොත් කියවල තියනව කියල, ඊගාවට තමන් හැමදේම 'කැපකලා' කියල ( මෙයාලගෙන් ඔය 'කැපකිරීම්' ඉල්ලා සිටියෙ කවුද? ). මේ හැමෙ මගුලම තියන එවුන් ගාව නැත්තෙ මනුස්සකම තමයි. මුන් ඒක ඇති කරගන්නෙ විප්ලවය කරලා ද්‍රෝහීන් සේරම මරල ඉවර උනාමලු.

    ReplyDelete
    Replies
    1. 'අනන්‍යතා දේශපාලනය තමයි සමාජවාදයෙ මූලිකම හතුරා.' සංවාදයට හරවත් එකතු කිරීමක්.

      Delete
  6. ැිාි්ි්ි්ාිFebruary 24, 2014 at 9:27 PM

    මෙදිනවල දවල්ට අඋව සැර වැඞී නේද?

    ReplyDelete
  7. ලොව බුදුවරු හා පසේ බුදුවරු යැයි දෙකොටසක් සිටිති.මට අනුව දීප්ති යනු පසේ බුදුවරයෙකු සේ රගන්නෙකි. කළෙක මම ද මාතොට ලන්ඩන් වැනි දිප්තිලාගේ සගරා හරහා ඔවුන් තේරුම් ගැන්මට වෙහෙසුනෙමි. ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ සංවාද පැවති තැන්වලට ගොස් ඇතැම් දේ විචාලෙමි. එක් දිනක මා හොරගොල්ලේ සුනේත්‍රා බණ්ඩාරණායක පුස්ථකාලයේ පැවැති සංවාදයකදි මම සංඛේත පියා ගැන ප්‍රශ්න කළෙමි. එදා එතැන දීප්ත් නොසිටියත් ඔහුගේ අතිජාත මිත්‍ර කළ්‍යණ හා ධම්ම දිසානායක සිටියහ. මගේ ප්‍රශ්න කීරීම්වලට පිළිතුර වූයේ මෙවන් පුද්ගලයන්ට උත්තර දිම නොවටිනා දෙයක් බවයි. එහෙත් ඒ වෙනවිට දිනමිණ භද්‍ර සගරාවේ දීප්තිගේ මතවාද ගෙඩි පිටින් ගිය යුගයකි.. එය ගෙනාවේ ශෂි ප්‍රභාත් රණසිංහයි. එදා කළ්‍යත් නොදන සිටියේ භර්‍ද සංස්කරණය කළේ උත්තර දිය නොහැකි මා බවයි. එදිනම විවාද අවසානයේ මා කවුදැයි යන්න දැනගත් පසු වෙනම කතාවකි.
    එසේම තම මොවුන් මහැදුරු ගම්ලතුන්ටත් අභියෝග කළේ. එතුමන්ගේ දැනුමෙන් අල්පයක් දැනගනද ඇකඩමික් විවාදයක පේරාදෙණියේ උණ ගස් යට ශක්‍රාණු ගැන කතා කළේ. පැරා මේක හොසද සංවාදාත්මක ලිපියක්.

    ReplyDelete
    Replies
    1. කෝච්චියේ යන ගමන් කොටන නිසා අකුරු පොඩ්ඩක් වෙනස් වෙලා ඇත.

      Delete
    2. පැරනොයිඩයFebruary 24, 2014 at 10:25 PM

      දිනමිණ යනු මොකක්ද?

      Delete
    3. පැරාටත් දැන් දිනමිණ ට ලියන්නට වෙන්නෙ,නේද නලීන්.
      සිළුමිණ ටිකක් බරවැඩිද නලීන් ?

      Delete
    4. දිනමිණ යනු අකනිටා බ්‍රහ්මලෝකයේ වැඩියෙන්ම විකිනෙණ පුවත්පතයි෴

      Delete
    5. දිණමින යනු පශ්චාත් නූතනවාදී පුවත්පතකි. අනේ මන්දා..

      Delete
    6. දිනමිණ යනු පශ්චාත්භාගයේ ඇතිවන අනම්‍යවූත් දෘඩවූත් අවශ්‍යතාව සමාජීය අනන්‍යතාවයක් තුල පිරිමසාගත නොහැකිවූ විට එය පිසදා ගැනීමට ඉතා සුදුසු ආස්ථරනයකි...

      Delete
  8. කොමියුනිස්ට්වාදය සහ සමාජවාදය පටලවා ගන්නා පාඨකයන්ට දීප්ති සහ ඔහුගේ න්‍යායන් ගැන පැහැදිලි කිරීමට උත්සහ කිරීම පැරා කරන්නා වූ භයානක විහිළුවකි.

    ReplyDelete
    Replies
    1. දෙකම පැටලී නැත මලයා. ගම්ලතු=න් ගෙනාවේ වෙන්=ත් හේතුවක් නිසාය බැටරි= බැහැලා හෙට

      Delete
    2. Naleen Dilruksha
      Works at LakeHouse
      Attended nalanda college
      Lives in sri lanka

      Delete
    3. නලියා අහක යන තොප්පියක් දමාගෙන ඇත.

      Delete
    4. නලීන් තවම කෝචිචියේ ද,බැටරි බැහැලාද,ඇනෝ වෙලාද?

      Delete
  9. බුද්ධියෙන් අදහස් පළ කරන්න. Comment Wisely.

    ReplyDelete
  10. දීප්තිගේ තිබෙන මූලික ගැටලුව ඔහුට උසස් අධ්‍යාපනයක් නොතිබීමයි.උසස් අධ්‍යාපනයක් නොතිබීම නිසා ඔහුට ශාස්ත්‍රාලීය විනයක් නැත​. ඔහුගේ භාශා දැනුමද දුර්වලය​. ඔහුට නිවැරදිව ඉංග්‍ර්‍රිසි භාශාවෙන් කියවීමට හෝ ලිවීමට නොහැක​. එම නිසා ඔහු අන්තර්ජාලයෙන් යමක් කියවා සිංහලට පෙරලන්නේද දෝශ සහිතවය​. මේ තත්වය ඔහු තුල දැඩි හීනමානයක් ඇති කර තිබේ. එම නිසා ඔහු කරන්නේ නිරදය ලෙස පුද්ගලික පහර්දීමේ කලාවයි. අසූචි ගා ගත් ඌරාද සිංහයා සමග සටනේදී අනුගමනය කලේ මේ කලාවයි.

    ReplyDelete
  11. ලංකාවේ පොරක් වෙන්න කරන්න ඕන දේ තමයි, මෙළෝ යකෙකුට තෙරෙන්නේ නැති විදියට කතාකරන එක, ලියන කියන එක. අපේ ගොන්නු හරි ආසයි එහෙම ඒවට. ලියන කියන එකාට ඌ කියන්නේ මොනවද කියලා තේරෙන්නේත් නෑ.. අහන කියවන එකාට අරූ මක්කා කියනවද කියලා තේරෙන්නේත් නෑ. ඉතින් මේ, ප්‍රකාෂ කරගැනීමට නොහැකි, අවබෝධ කර ගන්න තේරෙන්නේ නැති, අවබෝධ කර ගන්න දේකුත් නැති, වැල්වටාරම් ලියන එකා පොරක්. උන්ගේ ෆලෝවර්ස්ලත් මාර පොරවල්. ඒත් අරූ මොකක්ද බන් කියන්නේ කියලා ඇහුවොත්. තව එකෙකුට කියන්න ෆලෝවර්ස්ලාට තේරෙන්නේත් නෑ..

    ReplyDelete
    Replies
    1. "නූතන පශ්චාත් වාදය කියන්නේ මොකක්ද කියලා ඇහුවාම....ඒකට දීපු උත්තරේ තේරුම්ගන්න තව එකෙක් ගාවට යන්න ඕන"

      A/L ඉවරයි නාට්‍යයේ දෙබසකින් කොටසක්.

      Delete
    2. පශ්චාත් නූතන වාදය ලෙස වෙනස් විය යුතුය.

      Delete
  12. දීප්ති අනුන්ගෙ මූන කැතවල් ගැන හැමතිස්සෙම කතා කරන්නෙ ඇයි? සංවිධානයෙන් ගිය මූන සුදු සාමාජිකාවන්ට පන්න පන්න ගහන්නෙ ඇයි? මේකයි විජය කුමාරතුංග මරපු කෙනා විජයගෙ මූනට වෙඩි තියපු එකයි අතරෙ සම්බන්ධෙ මොකක්ද? විප්ලවවාදී දේශපාලනයෙ නාමයෙන් මෙව්ව ඉවසා දරා ඉන්න කියලද මෙයාල කියන්නෙ?

    ReplyDelete
  13. මං හිතුව ත්‍රිමාන ලිපියට මේවගේ රිප්ලයි එකක් එයි කියල!

    ReplyDelete
  14. උත්තරයක් දෙන්න හිතුනෙ නැද්ද? සමාජයෙන් තමන්ට නොලැබුන දේවල් ගැන ඇරියස් පියවගන්න දේශපාලන වීරයෝ වෙන්න දඟලන අයව විවේචනය කරන එවුන්ට දෙන්න හොඳ උත්තරයක් කල්පනා උනේ නැද්ද?

    ReplyDelete
  15. දීප්ති යනු බරව කකුලක් පමණි.

    ReplyDelete
  16. අයිසේ පැරා තුමා, ( නැත්නම් අර රැම්බෝ හාදය සරම උස්සන් අදත් එයි),

    දීප්ති දැන් කාලෙක ඉදන් කතන්දරගේ බ්ලොග් එකට කොමෙන්ට් කරනවා. මෙන් ඊයේ දාපු කොමෙන්ට් එකක්.

    "සමානාත්මතාවය තහවුරු කරන්නට දන්නවා යැයි කියන බලලෝභීන් ඊ ළඟට සාධාරණත්වය තහවුරු කරන්නට ද තමන් දන්නවා යැයි කියති. සාධාරණත්වයේ නාමයෙන් ඔවුන් අසාධාරණයේ නියැළෙති. තමන් විසින් මංකොල්ලකන්නට පසුබට වෙන පුරවැසියන් ලවා අනුන් මංකොල්ලයට බලය ඔවුන් ආණ්ඩුවට පවරති. සිය වෙහෙසෙන් ධනය උපයාගන්නට සමත් වූවාගෙන් කොටසක් මංකොල්ලකෑම සාධාරණ යැයි ආණ්ඩුව ලවා නීතියෙන් නියමයක් නිකුත් කරන ලද පමණින් එය සාධාරණ වූවා යැයි සලකති.

    සියල්ලන්ටම එකම තලයක දී උපයන්නට ඉඩ ලැබෙන වාතාවරණයක් වෙනුවට මේ මේ අය වරප්‍රසාද ලැබිය යුත්තන්, සහනාධාර ලැබිය යුත්තන්, බදු සහන ලැබිය යුත්තන් යැයි හඳුනාගන්නට දන්නවා යැයි මුලාවෙන් බලලෝභීන් අනෙක් සියල්ලන්වම රවටති. හිඟාකන්නට හුරු කර ඇති ජනතාව ඒ ඒ වරප්‍රසාද, ඒ ඒ සහනාධාර, ඒ ඒ බදු සහන මේ මේ ප්‍රමාණයෙන් තමනට ලැබිය යුතු අයිතීන් යැයි සලකා ඒවා ඉල්ලා හඬ නඟති. හිඟන්නාට ලැබෙන සොච්චම මඳ නිසා හැමදාම උද්ඝෝෂණයෙන් ඒවා යදින්නට පාරට බසිති."

    මිනිහ අරුණි ශාපිරෝගේ නම්බර් වන ෆෑන් ලු!
    චන්ද්‍රිකා කුමාරණතුංග ගේ තාත්තා හෙවත් බණ්ඩාරණායක ගැන අනුර පුතා කියූ කතාවක්! - "What-if" analysis

    ReplyDelete
    Replies
    1. දීප්ති මේ තරම් අරුනි ව ඔසවා තබන්න හදන්නේ අරුනි කළු නිසාය. ප්‍රභා සුදුයි නමුත් ප්‍රභා දීප්තිට කැමති නෑ. දීප්ති කියන්න හදන්නේ "සුදු කෙල්ලන්ට මොළේ නැතිය - කළු කෙල්ලන්ට මොළේ ඇතිය" යන්නයි. ඒ dumb blonde stereotype එක මත පදනම් වෙමිනි. ඇමෙරිකාවේ තරම් මේ stereotype එකට ලංකාවේ පිළිගැනීමක් ඇතැයි මම නම් නොසිතමි.

      දීප්ති කවදත් කිසියම් කෙනෙක්ව ඔසවා තැබුවේ තවත් කෙනෙක්ව වට්ටන්න මිස ඔසවා තබන කෙනාට ඇති ආදරයකින් නම් නොවන බව දීප්ති ගේ දේශපාලනය ගැන දන්නා අය දනිති.

      Delete
  17. පැරා දීප්තිගේ ත්‍රිමානෙට වයිරසයක් අතහැර තිබේ. දීප්තිගේ ලිපි වාක්‍යයෙන් වාක්‍යය කියවා තේරුම් ගන්නා ලෙස බල කෙරී ඇත. මා සිතන්නේ දීප්තිගේ ලිපි වලට බොහෝ දෙනා ආකර්ෂණය වුයේ ලිපියේ අඩුම වශයෙන් 50% නොතේරෙන නිසයි. එහි වඩා පහසුවෙන් තේරුම් යන දේ අතරින්පතර ඇති ඕපදුපයන්, මඩ ගැසීම් හා කුණුහරුප වේ. අප ජානමය වශයෙන් නොතේරෙන ගුප්ත දේ කියනා මිනිසුන් වීරයන් ලෙස පිලිගනුමට සැදී පැහැදී සිටින්නේයැයි සිතේ.

    නමුත් ගැටලුව ඇත්තේ දීප්ති නියෝජනය කරන්නේ කුමන මතවාදයක්ද යන්නයි ? ඔහුගේ ලිපි වලින් සාමාන්‍ය මිනිසුන් වන අපට හැගී යන්නේ ඔහු විවිද මතවාද රාශියක් අතර දෝලනය වන පුද්ගලයකු බවත්, කිසිවක් කෙරෙහි නිෂ්චිත වූ මතයක් ඔහුටවත් නැති බව පමණි.

    ReplyDelete
  18. "පොත් පෙන්නා සමාජය බිය වද්දන්නට හදන තක්කඩින්ට අප කිව යුත්තේ මෙසේ ය: අපට ඕවා වැඩක් නැහැ. අපි කරන්නේ හිතන එක."

    thumbs up!!!!!!!!!!!!

    ReplyDelete
  19. දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?
    හිස් දෙයක්,
    ඉතින්...
    දෙයක් වෙන්නෙ තම තමන්ගේ ඔළුවලට අනුවයි.

    ReplyDelete
  20. කෙසේ වෙතත් මේ සිංහල බ්ලොග් කියවන්නට පටන් තග්තායින් මා ලද එක් වාසියක් තමයි මේ දීප්ති කුමාර වගේ අය ගැන කියවන්නට ලැබීම.

    ඔහු ගැන මා කිසිම වෙනත් මාධ්‍යයකින් නම් කියාවා නෑ.

    මුලින්ම දැක්කේ මාලන් ලියු ලිපියකින්. පැරා ත් සෑහෙන්න මේ පුද්ගලයා ගැන ලියා තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. දීප්ති ට කඩේ යන්න ගිහින් මාට්ටු වෙලා ලැජ්ජා හිතුනා වගෙයි.

      "කව්ද අනේ දීප්ති කියන්නෙ? මම නම් වැඩිය දන්නෙත් නෑ! යන්තම් පොඩ්ඩක් අහලා තියනවා විතරයි." පව්.

      Delete
    2. මෙන්න මං කඩේ ගිය හැටි ගැන විස්තරයක්.
      http://kathandara.blogspot.com/2011/02/blog-post_13.html

      තව තියෙනවා කඩේ යැම ගැන කතන්දර, ඕනෑ නම් කියන්න.

      Delete
    3. හැබැයි මම නම් වැඩිය කැමති මෙන්න මේකෙ (http://kathandara.blogspot.com/2011/03/blog-post_21.html) කමෙන්ටු හරහා සිදු වූ සංවාදයේ දි නිරුවත හෙළිදරව් වූ ආකාරයට.

      Delete
    4. @AnonymousFebruary 25, 2014 at 12:47 PM

      +++++++++++++++++
      කතන්දර ධනවාදය හා වැඩවසම් ක්‍රමය

      : D ම තමා


      Delete
    5. ඒකත් හොඳ කතන්දරයක් තමයි!!!

      හැබැයි මං නං වැඩියෙන් කැමති මේවට.

      3. සෝමා, සරෝජා සහ කඩේ යාම - සෝමරත්න දිසානායක සමග පිළිසඳරක් :: KK chats with Somaratna Dissanayake
      http://kathandara.blogspot.com/2011/08/kk-chats-with-somaratna-dissanayake.html

      4. කඩේ යාම = xx දීම : සෝමරත්න දිසානායක සමග සාකච්ඡාව : A chat with Soma
      http://kathandara.blogspot.com/2011/08/xx-chat-with-soma.html

      5. කඩේ යෑම සහ බීඇම්අයිසීඇච් යෑම - කටුබැද්දේ කොල්ලන් ගේ වැඩක් :: Book-Seeker SMS Service
      http://kathandara.blogspot.com/2013/09/book-seeker-sms-service.html

      6. කඩේ යැවීම හෙවත් විනෝද් කුමාර ට එන්න එපා කියන්න - A love story in short
      http://kathandara.blogspot.com/2013/07/love-story-in-short.html

      Delete
  21. මේ ගැනත් ලියන්න.

    "ගියැප් යනු කවරෙක්ද?"

    ReplyDelete
    Replies
    1. "හිරු පත්තරේ තිබුනෙ කොයි කාලෙ ද?"

      "ගියැප් කියන්නේ කව් ද?"

      මරු පොරක් තමයි දේශපාලනේ ගැන කතා කරන්න ඇවිත් ඉන්නේ!

      Delete
    2. අප සැම දෙනාම යම් දෙයක් ගැන මුල්වරට දැන ගන්නා දිනයක් තිබේ.

      ඔබට එය ඊයේ ය. මට එය අද ය.

      මොකක්ද අවුල?

      Delete
    3. ඔබේ මට්ටම පෙන්වා දීම ගැන මමත් කෘතඥ වෙමි.

      http://www.w3lanka.com/2014/02/blog-post_7.html?showComment=1392020597456#c5197819988131344679

      Delete
    4. /* මොකක්ද අවුල? */

      අවුල තමයි තට්ටෙ පෑදුනාට පස්සෙ කෝම්පිට්ටු හදන හැටි අහන්න එන එක.

      Delete
    5. @Anonymous February 26, 2014 at 12:47 

      හිරු පුවත්පත ඇර්ඹූ දිනය හෝ වසා දැමූ දිනය මතක තබාගෙන් සිටීම සහ ගියැප් යනු කවුරුන්ද යනු දැන සිටීම
      ජීවිතයේ අනිවාර්‍ය අවශ්‍යතා යැයි ඔබ සිතා ඉන්නා බව පෙනේ. මට ඒ ගැන අවුලක් නැත. නමුත් මට එකී කරුණු එතරම් වැදගත් ඒවා නොවේ.

      හිරු පුවත්පත තිබූ සමයේ ඔබ කෝම්පිට්ටු උයමින් සිට ඇති බව පැහැදිලි කර දීම ගැන ස්තුතියි.

      කෝම්පිට්ටු සැදූ කාලයේ මා ඉගෙනගත් කරුණු කීපයක් මෙසේය.

      1. ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බයවෙන්න එපා.
      2. නොදන්නා දෙයක් වේ නම් දන්නා අයෙකුගෙන් අසා දැන ගන්න.
      3. බොරුවට ආයුස අඩුය.
      4. මිය යන දින තෙක්ම ඉගෙන ගන්නට දේ ඇත.

      ස්තුතියි.

      Delete
    6. well said කතන්දර. ++++++++++++++++

      Delete
  22. oya kattiyata deepthiwa maga hera yanna beri ai deepthi oyala issaraha hitagena innawa wage penawada hema welema

    ReplyDelete
    Replies
    1. නෑ! ගන්දස්සාරේ ඉන්න බැරි නිසා - මම ප්‍රෙමිලා

      Delete
    2. දීප්ති, ඔයාගේ ගෝලයට සිංහලෙන් කොමෙන්ට් කොටන හැටි උගන්නන්න.

      Google ආදාන මෙවලම්

      Delete
  23. 3මාන කැත වැඩ කරන්න එපා හලො, අජිත් ගැනත් මොනවාහරි 3මානෙ ලියනවකො .නැත්නමි, දිප්තිට දේශනයකදි අජිත්ගෙ නමවත් කියන්න කියනවකො.අජිත්ට අසාධාරනයක් වෙලා තියෙනවා.

    අජිත් වෙනුවෙන් අන්තර්ජාල වාසීන් !

    ReplyDelete
  24. දීප්තිගෙ පීක් එක කාලෙ මේ කවුරුවත් දීප්තිට මුකුත් කිව්වෙ නෑ, දැන් ඇත්ත්ටම දීප්තිගෙ කාලෙ ඉවරයි, ඔහුගෙ දැන් ඉදිරිපත් කිරීම් ඔක්කොම මල්ලෙ පොල් කැටගරියෙ, මට තේරෙන්නෙ නැත්තෙ මතවාදි ලෙඩෙකුට තවත් දුර්වල මත වදීයෙක් පහර පිට පහර දෙන්නෙ ඇයි කියල. සමහරවිට පැන්ශන් ගිය නාකි පොලිස් කාරයෙක්ට ගහල මම ඔන්න පොලිස් කාරයෙක්ට ගැහුව කියල කියන්නද මන්දා..

    -ප.ගෝ.

    ReplyDelete
    Replies
    1. දීප්තිගේ පීක් එක කියන්නේ මොන කාලේද ? ඔයා ඒ කාලේ කොහෙද හිටියේ ? දැන් ඔයා කොහෙද ඉන්නේ ?

      අපිනම් හිතන්නේ මෙතන වෙන්නේ දේශපාලන සංවාදයක්. වඩා යහපත් වූ අනාගතයක් ගැන සංවාදයක්. විශේෂයෙන් ලංකාවේ අනාගතේ ගැන සංවාදයක්. මේක ඔයාට පහර පිට පහර ගහන රෙස්ලින් ෆයිට් එකක් වගේ පේන එක ඔයාගේ පන්තියේ ගොඩක් හාල්පාරුවන්ට තියෙන අවුලක්.

      ඕයා ලංකාවේ සමාජය දශමයකින් වත් ඉදිරියට ගෙනියන්න මුකුත් කරලා නැනේ. ඔයා කරන්නේ මෙතන කොමෙන්ට් කොටලා අතල් ගන්න එකනේ. දැන් හරිනේ ඔයාගේ අතල් ඔයාට ආතල්. දැන් ඉතින් චු කරලා නිදා ගන්න.

      -ප.ගෝ.

      Delete
    2. දීප්ති චූ කරන්නෙ හිටගෙනද?

      Delete
    3. පැරා,

      "දේශපාලන සංවාදයක්. වඩා යහපත් වූ අනාගතයක් ගැන සංවාදයක්", හරි දැන් දීප්තිගෙ වචන හරි වාක්‍ය වල වැරදි අල්ලගෙන ඒකට කෑගහන එකද "වඩා යහපත් වූ අනාගතයක් ගැන සංවාදයක්" වෙන්නෙ. දීප්තිට ගැහුවා කියල යහපත් අනාගතයක් ඇති වෙනවද?

      එහෙම නැත්නම් මම චූ කරල නිදා ගත්තොත් ඒක වෙනවද,

      මම මේකෙ කොමෙන්ට් කෙරුවෙ, ඔයා මෙතන ප්‍රසිද්දියෙ යම් දෙයක් ගන අදහස් ප්‍රකාශ කරනවා, ඒකට පිලිතුරු සපයන්න අවස්තාව දීල තියන නිසා, එතකොට මම මුකුත් කරල නැත්නම් හරි මම ඒ කාලෙ හිටියෙ නැත්නම් හරි මට අදහස් ප්‍රකාශ කරන්න බැරිද? එතකොට අර කෑගහන නිදහසෙ ප්‍රකාශ කිරීමෙ අයිතිය කොහෙද තියෙන්නෙ.

      මම මේ සමාජයට දශමයක්ද අල්පෙනෙත්තක්ද කරෙ කියන එක අදාලද මට යමක් කියවල ඒක ගැන අදහස් දක්වන්න? එහෙමන ඔයා මොකද්ද කරල තියෙන්නෙ මේ සමාජෙට දශමයකින් වත්, මතක තියා ගන්න ගුරු සේවයෙන් ඔයා කරන්නෙ අනිත් හැමෝම කරන දේම තමයි, ගොවියෝ, කම්කරුවො, දොස්තලල උනත් කරන්නෙ එකම තමයි. නමුත් ඔයා දෙශපාලණිකව ඔවුන්ට වඩා දෙයක් කරල ඇති, ඒත් ගණන් හදල බලල ඔයාගෙන්ම අහන්න, ඔයා මේ සමාජෙට කරපු ප්ලස් මයිනස් වලින් කෝකද වැඩි කියල.

      /"ඔයාගේ පන්තියේ ගොඩක් හාල්පාරුවන්ට"/
      ලස්සනයි, මේක තමා ඇත්ත ත්වෙ ඔයාගෙ, මොකද ඉවසුම් නැති උනාම උන් හිටි තැන් අමතක වෙලා මරු විකල්ලෙන් බනිනවා, හරියට දීප්තියි එයාගෙ ගෝලයොයි වගෙ. වෙනසක් නෑ.

      මගෙ කලින් කොමෙන්ට් එක මැකුවට කමක් නා, මේක ඔයාට බලන්න දාන්නෙ. එහෙනම්, /"යහපත් වූ අනාගතයක් "/ ඇආ, හරිද.

      ප.ගෝ.

      Delete
    4. @ප.ගෝ

      උඹට මොලේ කියල නාමයක් නැද්ද? කණා බල්ලෝ ගහන්න සේ ඔහොම නෙලන් නෙලන් යන්න එපබන්. සිහියෙන් හිටහන්. නැත්නම් පිස්සු වලට බෙහෙත් ගනින්.

      Delete
    5. ඔබ මේ මට පිළිතුරු දෙන්නේ මම ඔබට නිර්නාමිකව පිළිතුරු දුන්නා ය යන වැරදි වැටහීමකිනි.

      Delete
  25. දීප්ති යනු මොකක්ද?

    මෙන්න සරල උත්තර දෙකක්.

    https://www.facebook.com/photo.php?fbid=730807166938780&set=pb.100000285106001.-2207520000.1393324692.&type=3&theater

    http://3mana.com/%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD-%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/

    ReplyDelete
  26. අලිය නොයන මග ඉනිමග කියනව වගේ අනුන් නොයන පාරවල්වල චන්ඩි ටෝක් දීම තමයි දීප්තියානු පශ්චාත්වාදය. අනුන් නොබලන චිත්‍රපටි, අනුන් නොකියවන පොත්, චින්තකයො... කවුරුහරි එව්ව කියවනව කියල දැනුනම වෙන එකකට පනිනවා. අන්තිමේ අනුන් දේශපාලනය කරන්න තෝර නොගන්නා සයිබර් අවකාශයට පැනල, කමෙන්ට්ස් බ්ලොක් කරල පැලක් අටවගත්තා. දැන් වැටෙන කමෙන්ටු වලින්නම් පේන්නෙ ඒ අවකාශෙත් ලේසි නෑ වගේ... තේරුනාද දන්නෙ නෑ.

    ReplyDelete
  27. “ චිත්‍රපට බලමින් සිටින සඳ මීයෝ ඇවිත්, ඔවුන්ගේ පා ඇඟිලි කති. ජීවිතය ඇත්තේ ඒ මීයන් එන පොළවේ බව නො දන්නා ඔවුහු කැමරාවෙන් ඒ පොළවේ ප්‍රබන්ධ චිත්‍රයක් නරඹා ඒ ඔස්සේ ජීවිතය ගැන කතා කරති"

    පැරා, සඳමීයෝ කියන්නේ Rattus ලාගෙම කටිටියක් ද, Animal Fiction එකක්ද?

    ReplyDelete
    Replies
    1. "සඳ" යන්න "කල" යන අර්ථයෙන් ද ඕනෑ තරම් ව්‍යවහාර කෙරේ. ඒ සඳහා සම්භාව්‍ය සිංහල සාහිත්‍යයෙන් උදාහරණ අවශ්‍ය ප්‍රමාණයක් සොයා ගත හැක. "චිත්‍රපට බලමින් සිටින සඳ මීයෝ ඇවිත්, ඔවුන්ගේ පා ඇඟිලි කති" යන්නෙන් අදහස් කෙරෙන්නේ "චිත්‍රපට බලමින් සිටින කල මීයෝ ඇවිත් ඔවුන්ගේ පා ඇඟිලි කති" යන්නයි. මෙහි "කල" යන්න වෙනුවට "සඳ" යන්න යෙදීම, දීප්ති "ඔබ" යන්න වෙනුවට "අප" යන්න යෙදීම ට වඩා වෙනස්ය. එහෙත් එම වෙනස කුමක් ද යන්න මෙහි ලිවීමට බලාපොරොත්තුවක් නැත.

      Delete
  28. දීප්තිව සරල ලෙස බැහැර කළ නොහැකියි.සම්මුති ලෝකයෙදි ඔහුගේ අදහස් සම්මුතියට පටහැනියි.සම්මුතිය තුල ඉන්න අපි දිප්ති නිසා ඉක්මනට අවුල් වෙන්නේ ඒකයි.දීප්තිව නොතේරෙනවනෙම් ඒක ඔබේ ප්‍රශ්නයක් මිස දීප්තිගේ ප්‍රශ්නයක් නෙමෙයි.ප්ලේන්ටියට වඩේ එකට සාහිත්‍යය විචාර ලියපු කාලෙක,සංකේතීය බලයෙන් සමාජයේ පොරවල් ලෙස වැජඹුන ඊනියා බුද්ධිමතුන් ගේ නිරුවත ගලවා ශතවර්ෂ ගනනාවක් එකතැන පල් වුන ඇකඩමි දැනුමට එරෙහිව දීප්තිගේ මැදිහත් වීම කුහකත්වයෙන් ඉවත දැමිය යුතුද?කෙසේ වෙතත් මෙවැනි බුද්ධිමත් සංවාද වෙනුවෙන් සමාජයේ මෙතරම් මැදිහත් වීමක් දැකීම හොද ප්‍රවනතාවක් දීප්ති හරි හෝ වැරදි බව සමාජය නොව කාලය තීරණය කරනු ඇත.

    ReplyDelete
  29. deepthi, shapiro, bahu, mokunda ban mun? api dekalath ne ahalath ne. munta monada thama dirawaganna beri wela tiyenne. pissu yakku. loke golakarai eka kerakenawa. eka therum gattama eti aya loke hataras nokara

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.