2014-02-09

සිසු ජීවිත බිලි ගන්නා පාසල් ස්පෝට්මීට්

නිවාස සැරසිල්ලක්
පාසලේ නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙලේ සැරසිලි වෙනුවෙන් පුවක් ගසක් කැපීමට ගොස් ගසකින් වැටීම නිසා රිච්මන්ඩ් විද්‍යාලයේ උසස් පෙළ සිසුවෙක් මිය ගියේ ය.

නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල වෙනුවෙන් සැරසිලි කිරීම සඳහා රාත්‍රිය පාසලේ නැවතීම යනු බොහෝ දෙනෙකුට ඉතා සොඳුරු අත්දැකීමකි. සැරසිලි කරනවාට අමතරව, හොර කුරුම්බා කැඩීම, මධ්‍යම රාත්‍රියේ බේකරියෙන් මිළ දී ගත් උණු පාන් කෑම වැනි තවත් රසවත් අත්දැකීම් ද මේ සමග වෙළී තිබේ.

මේ අත්දැකීම් නව යොවුන් විය රසවත් කරන මුත්, ඒ සමග බැඳී තිබෙන අනතුරුදායකකම ඉතා භයානක ය. අප කුඩා කාලයේ මෙන් නොව දැන් දරුවන්ට සාමාන්‍ය ජීවිතය තුළින් ලැබෙන හසුරු කුසලතා අඩු ය. ඒ නිසා අනතුරුදායකකම  තවත් ඉහළ ගොස් තිබේ. 

පාසල්වල නිවාස සැරසිලි යනු මේ වන විට මළ විකාරයකි. මේවා ස්වාභාවික ද්‍රව්‍යවලින් කළ යුතු බවට පාසල් බලධාරීන් විසින් කර තිබෙන නියෝග නිසා පාසල් සිසුන් අතින් අවුරුදු පතා සිදු වන පාරිසරික හානිය අති විශාල ය. ඵල දරන පුවක් ගස්, කෙසෙල් ගස් විශාල ප්‍රමාණයක් කපා දමනු ලැබේ. ඒ මදිවාට ගොක් අතු, පොල් කොළ ආදිය කපා දැමීම නිසා ඵලදාවට සිදු වන හානිය ද විශාල ය. 

පසු කාලීනව පාසල්වල දකින්නට ලැබුණු තවත් දෙයක් වන්නේ නිවාස සැරසිල්ල වෙනුවෙන් නිවාසයක අනුරුවක් ඉදි කරන ආකාරයයි. ඒ අනුව බොරු වැසිකිළියක්, ළිඳක‍් ආදිය පවා ඉදි කරනු දක්නට ලැබිණි. මේවා කරන්නේ කුමන අරමුණකින් ද කියා පාසල් ක්‍රීඩා බලධාරීන්ට තේරුමක් නැත. 

රටේ බොහෝ පාසල්වල ක්‍රීඩා උත්සව කියන්නේ ඇත්තෙන් ම මෙවැනි ‍තේරුමක්, දැක්මක්, අවබෝධයක් නොමැතිව කරනු ලබන සංදර්ශන විශේෂයකි. මෙම සංදර්ශනවල ප්‍රමුඛ අවධානය යොමු වන්නේ ගෙන්වන අමුත්තා, සැරසිලි, සරඹ, බෑන්ඩ් කණ්ඩායම්, ආචාර පෙළපාලි ආදියට මිස ක්‍රීඩාවට නොවේ.

ක්‍රීඩා උත්සවවලදී මෙම පුහු සංදර්ශන මහ ඉහළින් කෙරෙනමුත්, පැවැත්වෙන ක්‍රීඩා ඉසව්වලට සිසුන් හරි හැටි සහභාගි වන්නේ නැත. සංදර්ශන ඇඳුම්වලට දහස් ගණනින් මුදල් වියදම් කරන මුත්, ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දුවන්නේ ක්‍රීඩා ඇඳුම් නොව නිකම් ටී ෂර්ට්, ත්‍රී ක්වාටර්ස් ආදිය ඇඳගෙන ය. ක්‍රීඩා උත්සවවලදී බොහෝ විට සහාය දිවීමේ තරග පැවැත්වෙන අතර ඒවායේ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ වන්නේ නිවැරදි අන්දමින් ආරම්භය ගැනීම හා යෂ්ටි හුවමාරුව වැනි මූලික තාක්ෂණයන් නො දන්නාකමයි. 

ලංකාවේ පාසල්වල ශාරීරික අධ්‍යාපන විෂය ඉගැන්වීම තිබෙන්නේ ඉතා ම කණගාටුදායක මට්ටමක ය. අවුරුද්ද පුරා ක්‍රීඩාව ප්‍රගුණ කිරීමට අවස්ථාව ලබා දී ඉන් අනතුරුව ක්‍රීඩා උළෙලක් පැවැත්වීම වෙනුවට දැන් බොහෝ පාසල්වල කෙරෙන්නේ අවුරුද්දේ මුල දඩි බිඩි ගා ක්‍රීඩා තරග ටිකක් පවත්වා කවුරු හෝ දේශපාලන බලධාරියකුට හා ඉහළ නිලධාරීන්ට පෙනෙන්නට සංදර්ශනයක් පැවැත්වීමයි. මේවා වනාහි විදුහල්පතිවරුන්ගේ හා අදාළ ක්‍රීඩා ගුරුවරුන්ගේ සංදර්ශන මිස පාසල් සිසුන්ගේ ක්‍රීඩා උළෙලවල් නො වේ. මේවා බලන්නට එන බලධාරීහු ද ඒ සංදර්ශනයෙන් ඇහැ ගිනි කණ වට්ටා ගන්නවා මිස ක්‍රීඩාවට සිදු වී ඇති දෙය ගැන සොයා නො බලති. 

පාසල් ක්‍රීඩාවල පරිහාණිය යනු බිම් මට්ටමමේදී ක්‍රීඩා කෞශල්‍යයන් හඳුනා ගන්නට අසමත් වීමයි. එහි ප්‍රතිඵලය වන්නේ රටේ ක්‍රීඩාව ඉදිරියට නො යාමයි. එයටත් වඩා භයානක තත්වය වන්නේ ක්‍රීඩාවට යොමු නො වෙන පාසල් අධ්‍යාපනයකින් බිහි වන්නේ රෝගී අනාගත පරපුරක් වීමයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

23 comments:

  1. දැන් මේකේ මුල ඉදලා අගටම තියෙන්නේ පැරකුම් සහෝදරයාගේ අදෝනාව නේ.
    මේක වලක්වා ගන්න ඔබ යෝජනා කරන්නේ මොනාද කියලත් දාන්න.

    ReplyDelete
    Replies
    1. ඉඟිය නො තේරෙන එකාට කෙළ මෝලෙන් ඇන්නත් වැඩක් නැත.

      Delete
    2. ඔන්න ඕක තමයි පැරකුම් සහෝදරයාගේ තියෙන දුර්වල කම. කවුරු හරි ඔබ ලියලා තියෙන දේ ගැන ප්‍රශ්න කෙරුවම ලිස්සලා යනවා. එහෙම නැත්තං ඇනෝ ඇවිත් බැනලා යනවා.

      Delete
    3. ඇනෝ ඇවිත් බනිනවා කියන එක ඔබේ මුලාවක්. මතක තබා ගන්න ඔබ මෙහි කමෙන්ට් කරන්නේත් ඇනෝ ලෙසයි. මට සාමාන්‍යයෙන් සියලු කමෙන්ට්වලට පිළිතුරු දෙන්න වෙලාවක් නැහැ. ඇනෝ එන පුරුද්දක් මගේ නැහැ. මම ඒකට කැමතිත් නැහැ.

      අනෙක් කාරණය මේකයි. ලිපිය කියවා එහි කියා තිබෙන්නේ කුමක්ද කියා තේරුම් ගැනීම පාඨකයකුගේ වගකීමක්. මෙතන ‍තිබෙන්නේ මගේ පෞද්ගලික අ‍ඳෝනාවක් නෙමෙයි. මම කතා කරන්නේ සමාජ ප්‍රශ්නයක් ගැන.

      මේක වළක්වා ගන්න මට යෝජනා කරන්න තිබෙන දේ මේ ලිපියේ තිබෙනවා. ඒ තමයි, මේ විකාර වෙනුවට ක්‍රීඩාව කරන එක.

      Delete
  2. 3මාන වෙබ් අඩවියට අනුව පෙරටුගාමී පක්ශය වැනි සමාජ ව්යාපාරයක් ඔවුන්ව විවේචනය කරන තනි පුද්ගලයන්ට පිලිතුරු දිය යුතු නැත.නමුත් ඔවුන්ට අනුව අරුනි ශපීරෝ නම් තනි කාන්තාව ජවිපෙ විවේචනය දියුනු වැඩකි.මේකට කියන්නේ දයලෙක්තිකයක්ද නැත්නම් විරුද්ධාභාශයක්ද

    ReplyDelete
  3. දීප්ති අයියා අරුණි ශාපිරෝව 'ආයන් රෑන්ඩි' ට සමාන කරලා තියනවා දැකල හතර කොනින් හිනා ගියා. අරුණි සමාජවාදය ගැන අසත්‍ය, අර්ධ සත්‍ය, සත්‍ය විකුර්ති කිරීම් කරන කොට කටයි පුකයි වහන් හිටපු දීප්ති එකපාරටම අරුණිව උඩ දාන්න ගන්නේ ඇමරිකාව පැත්තේ රවුමක් යන්නද 'හිස්ටෙරියව' අච්චු ගහන්න ගානක් කොටා ගන්නද දන්නේ නැ. ඇත්තටම දීප්ති ධනවාදයට විරුධව හරි සමාජ වාදයට පක්ෂව හරි කරපු දෙයක් තියනවද, දර්ශනිකයෝ ටිකක් සිංහලට පරිවර්තනය කිරීමයි, පුද්ගල චරිත වලට මඩ ගැසීමයි හැරුණු කොට.

    ReplyDelete
    Replies
    1. අරුනි වැනි ගොන් ගහක්ව දීප්ති උඩ දාන්නේ ඇය ජවිපෙ විවේචනය කරන නිසා වෙන්නට පුලුවන්.නමුත් අරුනි කිසිම සමාජ ව්යාපාරයකට අයිති නැති කෙනෙක් බව දීප්ති හිතාමතා අමතක කරනවා.අරුනිට සමාජවාදය ගැන මූලික අවභෝදයක් වත් නැහැ.ඇය ඔය ඇයට තිබෙනවා කියන පශ්චාත් උපාදි කොහොම ලබා ගත්තාද මන්දා.

      Delete
    2. සුපවයිසර් ඉන්න නාකි සුද්දව බඳින පොරොන්දුව පිට තමා ඔය පශ්චාත් උපාදිය ගත්තේ.... අයියෝ සල්ලී.... අපි නොදන්න අරුණි.... පව්....

      Delete
    3. දීප්ති කියන විදියට තුන්වන ලෝකයේ අය ලියන නවකතා හදුවන්නට හැක්කේ ජාතික උපමා කතා කියලා.තුන්වන ලෝකයේ ඉදලා කසාදය කියන දෙය හින්දා පලවන ලෝකයට පැනගත්ත අරුනිලා කියන දේවල් මොන උපමා කතාද කියලා දීප්ති කියන්නේ නැත්තේ ඇයි.දෙන්නාම පානදුරේ හින්දද

      Delete
  4. පැරකුම් සහෝදරයා ඔබ එයින් අදහස් කරන්නෙ සිසු දැරි දැරියන්ගේ දක්ෂතා ඔප් නංවනවා වෙනුවට අනවශ්‍ය දේ වෙනුවෙන් යහමින් මුදල් වියදම් කරනා බවය. එයත් හරියට අර කොටහළු වෙච්චි කෙල්ලට වඩා වැඩි වියදමක් දරන්නෙ අනෙකුත් දේවල් වලටය. දෙකේම වෙනසක් නැති බව මගේ හැගීමයි.අපේ කාලයේත් ඔය කියන ආකාරයටම නිවාස තුනක් සාදා ඔය කියන උත්සවයම පැවැත්වූවා.නමුත් රටේ මීට වඩා පරිසරය හානියට ලක් කරන අවස්ථා ඕනෑ තරම් මේ ලංකාවේ තිබෙනවා.උදාහරණයකට අරගෙන බලන්න වෙසක් තොරණක් ගහන්න විතරක් පුවක් ගස්ම කීයක් කපා දමනවාද? නමුත් ඒක නොපෙනෙන ඇතැම් පුද්ගලයින්ට අලුත් අවුරුදුදා ලිස්සන ගහේ නැගීමට කපා ගන්නා පුවක් ගහ ගැන මැසිවිලි අදෝනා දොඩවති.මේ නිවාසයක් සාදා ගැනීමේදී මහා ලොකු පරිසර හානියක් සිදු වෙන්නෑ.වුණත් ඊට වඩා දරුවන්ගේ සතුට සමගිය මෙන්ම තරගකාරිත්වය වෙනුවෙන් මේ රටේ මිනිසුන් වෙනුවෙන් අපට ඊට වඩා දෙයක් කැපකල යුතුව ඇති කාලයකි මෙය.බලන් අද දේශපාලුවන් මුළුමහත් පරිසරයම කාබාසිනියා කරල දානවා.කවුරුවත් ඒ වෙනුවෙන් හඩක් නගනවාද. නැත. අර ළමයාගේ අවාසනාවට ඒ ළමයා පුවක් ගහෙන් බිමට වැටී මිය ගියා.ඒක එක්තරා අවාසනාවන්ත සිදුවීමක් වගේම නිවාසාන්තර උත්සවයට ලී කැපීමට යෑමේදී සිදු වු දෙයක් වීමන් එයද මහත් ශෝක ජනක ඉරනමකි. මන්ද මෙවැනි දේවල් වලදී පාසල අයිති ගමේ යුතුකමක් තමා එවැනි දේකදී සහයෝගය ලබා දීම.එසේ නොවු තැන ළමයින් ඒ දේ කිරීමට ඉදිරිපත් වීම ස්වාභාවිකයි.ළමයින් විවිධ දේවල් පුංචිකල කරනවා.ඇතැම් විට ඒව වළක්වන්න දෙමාපියන් උත්සාහ ගත්තත් වැඩැක් වෙන්නැති අවස්ථා එමටියි....http://wewismatha.blogspot.com/2014/01/blog-post_18.html (මේ මගේ පුංචි කාලෙ විස්තර පුංචක් විතරයි)

    ReplyDelete
  5. ඔබ කියන ආකාරයේ පරිසර හානියක් වෙන්නේ නැහැ. පරිසරයෙන් ඉවත යන ද්‍රව්‍ය යොදාගන්න පුළුවන්. වියලි පොල් අතු, වියලි කෙසෙල් කොළ, (පඳුරකට වැඩි කෙසෙල් ගසක් කැපීමේ වරදක් නැහැ) හනසු, බූමටුළු, නිවාස ඉදිකිරීම සඳහා සකසා ඇති පොල් ලී, (ලැයිස්තුව දිගයි)

    මෙන්න වැරැද්ද.

    නිවාසයක් හදපල්ලා කියා දරුවන්ට නියෝග කර ඒ පැත්ත පළාතේ නෑවිත් ඉන්න අමන ගුරුවරු.

    අසංවිධානාත්මක ක්‍රියාකාරකම්.

    අධීක්ෂණය සහ මගපෙන්වීම නැතිවීම.

    පුවක් ගහකට වුනත් නගින විදිහක් තියනවා. අද ඉන්න ළමයි සීනිබෝල බබාලා වෙලා තියන නිසයි මෙහෙම අනතුරු කරගන්නේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නය මෙය නොවෙයි. මූලිකත්වය දිය යුත්තේ ක්‍රීඩාවට මිස බොරු සෝබනවලට නොවෙයි. මේවාට දෙවෙනි තැන දිය යුතුයි. මේ මොකවත් නැතිවත් ක්‍රීඩාව සංවර්ධනය කරන්න පුළුවන්. අනෙක මතක තියාගන්න. මේ සියල්ල කරන්නේ දෙමව්පියන්ගෙන් මුදල් සූරා කාලා. පාසල්වල ස්පෝට්මීට් පැවැත්වීම සඳහා රජය සතයක්වත් දෙන්නේ නැහැ.

      Delete
    2. ඒ වුනාට ඔය මහත්තයත් ටික කාලෙකට කලින් පුවක් ගහකට නගින්න ගිහින් නැට්ට අහුකරගත්තා නේද?

      Delete
    3. 'පුවක් ගහකට වුනත් නගින විදිහක් තියනවා.'

      පුවක් ගහකට නගිනා හැටි අයුරු කියා දෙන මෙන් ඉල්ලා සිටිමි.

      මතුගම ලොලිපොප් අජිත්.

      Delete
    4. පුවක් ගස් වලට නගින විදිහ දන්නේ ඉතින් අපේ දීප්ති අයිය තමයි. මේදවස්වල එයා ඇමරිකාවේ ගහකට නගින්න ෆුල් ට්‍රයි. පානදුරේ පැත්තේ එන්න අයියා කියල දෙයි .

      දීප්ති අයියගේ මල්ලිලා.

      Delete
    5. විමසීම ගැන ස්තුතියි ලොලිපොප් අජිත්. මෙන්න ක්‍රමය.

      1. පුවක් ගහ ගඟකට, ජලාශයකට, ගල්තලාවකට, ඇලවී තිනනවානම් නගින්න එපා. වැටුනොත් මරෙන්න් පුළුවන්.

      2. පුවක් ගැහෙ මුල් හොඳින් පොළොවට අල්ලා තිබේදැයි බලන්න. ගහ බුරුල්වී වැටෙන්න පුළුවන්.

      3. තනියම මේ වගේ වැඩවලට යන්න එපා. අනතුරක් වුනොත් ඔබ තනිවෙනවා.

      4. ගහට නගින්න වළල්ලක් පාවිච්චි කලයුතු අතර ඔබට වළලු දමා ගස් නැගීමේ අත්දැකීම හෝ පළපුරුද්ද හෝ නැත්නම් ඒ වැඩේ කරන්න එපා. ගහකට, විදුලි කණුවකට නගිනවිට දාගන්න ආරක්ෂක පටි විශේෂයක් තියනවා. එය පැළඳ ගත්තම ගහ උඩදී තමන්ගේ අත්දෙක නිදහස්.

      තමන් නොදන්නා දේ විමසීමේ ඔබේ මේ යහගුණය අගය කරනවා.

      Delete
    6. @ අජිත් පැරකුම්.

      ඇත්තටම අපි කලයුත්තේ ක්‍රීඩාව දියුණු කිරීම මිස බොරු කිරීමට නෙවෙයි. හමුදාවට එන්න කලින් මමත් අවුරුදු තුනක් ගුරු වෘත්තියේ හිටියා. මට පුළුවන් වුනා ඒ ඉස්කෝලේ තිබුණු, හැම සැරේම 4 වැනි තැනට තේරෙන නිවාසය පළමුවැනි තැනට ගෙනෙන්න ඉතා දැඩි උත්සාහයකින් සහ ගුරු මණ්ඩලයේ සෑහෙන දෙනෙකුගේ දෝෂාරෝපණ යටතේ. මට ඒ හැකියාව ශික්ෂණය විනය ලැබුනේ ශිෂ්‍ය භටයකු ලෙසා මා ලැබූ පුහුණුවට පින්සිද්ද වෙන්නයි.

      සාරි ඇඳගෙන නෙට්බෝල් උගන්නන, පිට්ටනියේ කොනක ඉඳගෙන කලිසම කමිසය පොඩිකරගන්න අකමැතිව මළල ක්‍රීඩා උගන්වන ගුරුවරු හරියට වැඩ කරන තත්වයට ගතයුතුයි.

      නිවාසාන්තර ක්‍රීඩා උළෙලකදී නිවාසයක් හදන්නේ තම සාමූහික අභිමානයේ සංකේතයක් ලෙස නේද?

      Delete
  6. ගුරුවරුන්ගෙත් , ළමයින්ගෙත් නොසැලකිලිමත් කමත් හේතු වෙනවා ඔය අනතුරු වලට.ආනන්දෙ පොඩි දරුවො ටික කරපු සෙල්ලමේ අනතුරුදායක බව එක ගුරුවරයෙකුගෙවත් අවදානයට යොමු වෙලා වැලැක්වුවා නම් ඒ දරුව අදටත් ජීවතුන් අතර.හෙල්ලයක් මූනට වැදුනෙත් නොසැලකිලිමත්ව අනාරක්ෂිත තැනක සිටපු නිසා.
    අනෙක ළමයෙක්ව පුවක් ගහකට යැවීමත් අදකාලෙ නොකල යුත්තක්.ඉස්ස්‍ර ළමයි වගේ ඒ හුරුව අද ළමුන්ට නැති නිසා.
    දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
    Replies
    1. මෙයයිට පිස්සු. එයාලා මරුනේ ගෙනාපු ආයුස ඉවර උන හින්දා. ඒක තමයි කර්මේ.

      Delete
  7. මොන මළ විකාරද මේ.. අපි යන කාළ වලත් ස්පෝට් මීට් තිබුනනේ.. ඉස්කෝලවලට කෙල උනේ.. මොළේ කචල් දෙමව්පියෝ ඉස්කෝලෙට වද්ද ගන්න ගුයයින් පස්සේ. ආන්ඩුව අජ්ජාපනේට කරන වියදම එකසිය ගානට කපලා ඒක දෙමව්පියන්ට පටවලා තියෙන්නේ. ඉතින් පිස්සු ප්‍රින්සිබොල්ල්ට. පිස්සු ගුරුවරුන්ට, පිස්සු ආදී සිස්ස සිස්සාවන්ට හරියන්න මොළේ අවුල් දෙමව්පියෝත් තකට තක සෙට් වෙලා ඉන්නේ..

    ඊයේ පොඩි එකාගේ ඉස්කෝලේ පේන්ට් කරන්න එන්න කියලා.. ටීචර්ලා දන්නවා මම කව්ද කියලා.. මාළු පාන් 25 කුත් ගේන්න කියලා.. මම පෙන්ට් බාස් කෙනෙකුයි.. මාළු පාන් ටිකයි අරගෙන ගිහින් මැඩම්ට දුන්නම.. එතන ඉන්න බූරූ තාත්තා කෙනෙක් මගෙන් අහනවා පොඩි එකාගේ නම කියලා.. ඇයි .... තාත්තා එන්නේ නැද්ද පේනට් කරන්න කියලා.. මම කිව්වා මම ආර්ටිස්ට් කෙනෙක් නෙමෙයි කියලා.. ඒ පාර ඌ අහනවා.. ඇයි ඉස්කෝලේ එන්නේ නැත්තේ කියලා.. මම කිව්වා මම ඉස්කෝලේ ගිහින් ඉවරයි.. ඔය බබාලා ඔය ටීචර් කියන විදියට වැඩ කරලා.. ගෙදර යන්න කියලා.. මැඩම්ට මැරෙන්න හිනා.. මම මාරූ..

    ගොබ්බ හරක්..

    ReplyDelete
    Replies
    1. මැඩම්ට හිනා යන කොට ඔයාට චූන් වෙලා කලිසම තෙමාගත්තා නේද.... අපි දැක්කා...

      Delete
    2. මචං උඹට තියෙන ලෙඩ හැමෝටම තියෙනවා කියලා හිතන්න එපා.. ඒකත් ලෙඩක්..

      Delete
  8. හුග්.... පැරා කොමෙන්ට් මොඩරේට් කරලා... ඔන්න සමාජවාදෙ.... පව්...

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.