2014-03-22

ජනමතවිචාරණවලින් වෙනම රාජ්‍ය බිහිකිරීම: ක්‍රිමියාවේ සිට ලංකාව දක්වා

කළු මුහුදේ කහ පාටින් දැක්වෙන්නේ ක්‍රිමියානු අර්ධද්වීපයයි.
ලෝක දේශපාලන සිතියම ඉතිහාසය තුළ ස්ථිතිකව තිබුණු දෙයක් නොවෙයි. බලතුලනය විවිධාකාරයෙන් වෙනස් වන විට ලෝක සිතියමත් වෙනස් වී තිබෙනවා. රටවල් තව රටවල් සමග එක් වීම, වෙන් වීම, රාජ්‍යවල දේශ සීමාවන් වෙනස් වී ලොකු පුංචි වීම ආදිය ලෝක ඉතිහාසයේ සාමාන්‍ය තත්වයක්.

ජනමත විචාරණයක් ඔස්සේ කිසියම් ජනතාවකගේ අදහස විමසා, ඒ අනුව දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීම මෑත වකවානුවේදී දකින්නට ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් යුත් ක්‍රියාවලියක්. එහෙත්, මේ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවර යට බල දේශපාලන අවශ්‍යතා ක්‍රියාත්මකයි.

ඕස්ට්‍රියාව, ෆින්ලන්තය, ස්වීඩනය හා නෝර්වේ යන සීතල යුද සමයේ ස්වාධීනව සිටි රටවල් ඇතුළු යුරෝපා රාජ්‍ය රැසක් ම පසුගිය සමයේ ජනමතවිචාරණ පැවැත්වූයේ යුරෝපා සංගමය සමග එක් වනවා ද, නැද්ද යන්න තීරණය කරන්නයි.

සවිට්සර්ලන්තය යුරෝපා සංගමයේ සාමාජික රටක් නොවෙයි. ඒත්, ස්විට්සර්ලන්තය පවා යුරෝපා සංගමයේ සංචලන නීතිවලට අනුගත වෙමින් යුරෝපා සංගමයේ රටවල් හා ස්විට්සර්ලන්තය අතර නිදහස් සංචලනයට අවසර දී තිබුණා. යුරෝපයේ ධනවත් නො වන රටක් වන ක්‍රොඒෂියාව මෑතදී යුරෝපා සංගමය සමග එක් වුණා. ඒ අනුව ක්‍රොඒෂියානුවන්ටත් යුරෝපා සංගමයේ සෙසු රටවලට හිමි වරප්‍රසාද ස්විට්සර්ලන්තයෙන් ලැබෙන විධියට දෙරට අතර ගිවිසුමක් අත්සන් කරන්නට ස්විට්සර්ලන්තය එකඟ වී තිබුණා. ඒත්, පෙබරවාරි 08දා එරට පැවැත්වුණු ජනමත විචාරණයකදී ස්විස් ජාතිකයන්ගෙන් 50.3%ක් ම යුරෝපා සංගමයේ රටවල් හා ස්විට්සර්ලන්තය අතර සංක්‍රමණ නීති වෙනස් කරමින් සංක්‍රමණයන් සඳහා කෝටා ක්‍රමයක් අනුගමනය කළ යුතු බව පවසමින් ඡන්දය දුන්නා. ඒ සමගම ක්‍රොඒෂියාවත් සමග අත්සන් කරන්නට සිටි ගිවිසුමත් අත්හිටවා තිබෙනවා.

ජනමත විචාරණ ඔස්සේ වෙන් වීමේ ප්‍රවණතා සහිත රාජ්‍ය රැසක් ම යුරෝපයේත් තිබෙනවා. මෙම කලාපය ඔබ කියවන සිකුරාදා දින වන විට ඉතාලියේ වැනිසිය අගනුවර කර ගත් වැනිටෝ ප්‍රදේශය ජනමතවිචාරණයක් පවත්වනවා ‍ඉතාලියෙන් වෙන් විය යුතු ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා. මෙම මැතිවරණයේදී වෙන් වීමට පක්ෂව ලැබිය හැකි ඡන්ද ප්‍රතිශතය වැඩි විය හැකි බවයි විශ්ලේෂකයන් පවසන්නේ. ඒ අනුව නුදුරු අනාගතයේදී නැවතත් ස්වාධීන වැනිසියක් බිහි වෙන්න ඉඩ තිබෙනවා.වෙන් වීම සාධාරණීරණය කරන්නට වැනිසි දේශපාලන නායකයන් ඉදිරිපත් කරන තර්ක වන්නේ ඉතාලිය වැනිසියේ ධනය බැහැරට ගෙන යන තරමට ගැලපෙන වාසියක් එක්ව සිටීමෙන් ඔවුන්ට නො ලැබෙන බවයි. එසේම, ඉතාලි ප්‍රජාතන්ත්‍රවාදයේ පිරිහීම ද ඔවුන් හේතුවක් ලෙස ඉදිරිපත් කරනවා.

ධනවත් වැනිසියේ මේ වෙන් වීමේ ප්‍රවණතාව කෙතරම් ජාතිකවාදී ද යත්, ඔවුන්ට වෙන් වන්නට අවශ්‍ය ඉතාලියෙන් පමණක් නොවෙයි. යුරෝපා සංගමයෙන්, නේටෝ සංවිධානයෙන් හා යුරෝ මුදල් ඒකකයෙනුත් ඉවත්ව ස්වාධීන වන්නට ඔවුන්ට අවශ්‍යයි.

මේ වසරේ තවත් මෙවැනි ජනමතවිචාරණ දෙකක් පැවැත්වෙන්නට නියමිතයි. සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන ඉන් එක් ජනමතවිචාරණයකදී ස්කොට්ලන්ත ජාතිකයන් මහා බ්‍රිතාන්‍යයෙන් ස්වාධීන වීම පිළිබඳ ඡන්දය දෙනවා. නොවැම්බරයේදී අනෙක් ජනමතවිචාරණය පැවැත්වෙන්නේ කැටලෝනියාවේයි. එහිදී කැටලෝනියානු ජනතාව ස්පාඤ්ඤයෙන් වෙන් විය යුතු ද නැද්ද යන්න තීරණය කරනවා.

කැනඩාවෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කළ යුතු ද යන්න තීරණය කිරීම සඳහා ප්‍රංශ බස කතා කරන කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තයේ 1995දී පවත්වන ලද ජනමතවිචාරණයකදී 50.58%ක් 'එපා' කියා ඡන්දය දුන් නිසා එය වැළැක්වුණා.ඒත්, එවැනි ජනමතවිචාරණයක් ඔස්සේ වෙන්වීම පිළිබඳ ක්විබෙක් බලාපොරොත්තු තවමත් අවසන් වී නැහැ. 

ක්‍රිමියාව, රුසියාව හා යුක්රේනය
 මේ අතර ජනමතවිචාරණයකදී තමන් දැනට සම්බන්ධ රටෙන් වෙන් වීම සඳහා කැමැත්ත පළ කළ අලුත්ම රාජ්‍යය වන්නේ ක්‍රිමියාවයි. මාර්තු 16දා පැවැත්වුණ ජනමතවිචාරණයේදී 93%ක් ම ක්‍රිමියානු ජනතාව ඡන්දය දුන්නේ යුක්රේනයෙන් වෙන් වී රුසියාව සමග යළි එකතු වන්නට පක්ෂවයි. මෙය දැවැන්ත බහුතර ඡන්දයක්. ඒ නිසා ලෝකයට එය නො තකා හැරීම අපහසුයි. එහෙත්, බටහිර ගැති වත්මන් යුක්රේන ආණ්ඩුව මේ ජනමතවිචාරණය පිළි ගන්නේ නැහැ. බටහිර බලවතුන් ද එය පිළි ගන්නේ නැහැ.එයට එරෙහිව තර්ක කරන අය පවසන්නේ 1954ට පෙර ක්‍රිමියාව රුසියාවේ කොටසක්ව තිබූ බවත්, එය යුක්රේනයට භාර දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ක්‍රිමියානු ජනතාවගේ කැමැත්ත විමසීමකින් තොරව බවත් ය. ඒ කාලයේ මේ රාජ්‍ය සියල්ල සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ කොටස්.

මොන්ටිනීග්‍රෝව සර්බියාවෙන් වෙන් වීම සඳහා 2006දී පවත්වන ලද ජනමතවිචාරණයේදී වෙන් වීමට පක්ෂව ඡන්දය දුන්නේ 55.5%ක් පමණයි. එහෙත් එය පදනම් කරගෙන නිදහස් ‍මොන්ටිනීග්‍රෝ රාජ්‍යයක් බිහිකරන්නට බටහිර බලවතුන් උපකාර කළා. මෙම ජනමතවිචාරණ ප්‍රතිඵලය පදනම් කරගෙන රුසියාව පවසන්නේ ක්‍රිමියාව රුසියාවට එකතු කර ගන්නා බවයි. ක්‍රිමියානු ජනතාවගේ ප්‍රතිචාරය එක් පැත්තකින් යුක්රේනයේ ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයට සම්බන්ධයි.

මෙවැනි ජනමතවිචාරණ සම්බන්ධයෙන් බටහිරත්, රුසියාවත් කටයුතු කරන්නේ එක් නිශ්චිත ප්‍රතිපත්තියක් වෙනුවට තමන්ගේ වාසිය මත පදනම් වූ අවස්ථාවාදී ප්‍රතිපත්ති මතයි. මොන්ටිනීග්‍රෝවේ වෙන් වීමේ අයිතිය පිළි ගත් බටහිර බලවතුන් ක්‍රිමියාව රුසියාව සමග සම්බන්ධ වීමට විරුද්ධයි.

ඊළඟට මෙම තත්වය බලපානු ඇත්තේ භයානක යුද්ධයකින් පසුව 2006දී විමධ්‍යගත බලයක් සහිත ප්‍රධාන කොටස් තුනක් සහිතව පිහිටුවන ලද බොස්නියා රාජ්‍යයටයි. බොස්නියාවේ මධ්‍යම ආණ්ඩුව දුර්වලයි.‍ බොස්නියාවේ කොටසක් වන සර්බියාවත් රුසියාවට පක්ෂව කටයුතු කරන, වෙනම රාජ්‍ය හිමිකම ඉල්ලා සිටින ප්‍රදේශයක්. බොස්නියානු නායකයන් ක්‍රිමියාවේ ජනමතවිචාරණ ක්‍රියාවලිය නීතිගරුක හා යුක්තියුක්ත ක්‍රියාවක් බවට අගයන්නේ ක්‍රිමියාවට තිබෙන විශේෂ ආදරයක් නිසා නොවෙයි. තමන්ටත් සරායෙවෝ අගනුවර කේන්ද්‍ර කර ගත් බොස්නියානු රා‍ජ්‍යයෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් පිහිටුවා ගන්නට ජනමතවිචාරණයක් උපකාරී කර ගත හැකි නිසායි.

මෙවැනි ජනමතවිචාරණවල නීත්‍යානුකූලභාවය සම්බන්ධ වන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් හා තවත් ජාත්‍යන්තර සම්මුති රැසකින් පිළිගෙන තිබෙන ජාතීන්ගේ ස්වයං නිර්ණ හිිමිකම පිළිබඳ විධිවිධාන සමගයි. ඒවා මත පදනම්ව තමන්ගේ ජනමතවිචාරණය යුක්තියුක්ත කර ගැනීමයි ජනමතවිචාරණවලට පක්ෂ වන අය කරන්නේ.

දැන් ලංකා‍වට වැදගත් වන්නේ මේ තත්වය අනාගතයේදී අපට කෙසේ බලපානු ඇද්ද යන්නයි. දෙමළ ජාතිකවාදීන් අතර මෙවැනි ජනමතවිචාරණයක් සම්බන්ධයෙන් නැඹුරුවක් තිබෙනවා. ඔවුන්ගේ අරගලයේ න්‍යාය පත්‍රයේත් යම් දවසක ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ශ්‍රී ලංකා රාජ්‍යය සමග සිටිය යුතු ද, නැතිනම් වෙන් විය යුතු ද යන ප්‍රශ්නය අසන ජනමතවිචාරණයක් තිබෙනවා. එය පැවැත්වෙන වකවානුව තීරණය වන්නේ ලංකාවේ අර්බුදය දිග්ගැසෙන ආකාරය අනුවයි.

ලෝක දේශපාලනයේදී ‍මෙවැනි ජනමතවිච‍ාරණයක් පිළිගැනෙන්නේ බලවත් රාජ්‍ය එයට දක්වන සහයෝගය මතයි. ක්‍රිමියා ජනමතවිචාරණය නීති විරෝධී බවට ප්‍රකාශයට පත් කිරීම සඳහා බටහිර බලවතුන් විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ගෙන එන ලද යෝජනාවට ‍එරෙහිව රුසියාව නිශේධ බලය පාවිච්චි කළා. එවැනි සංදර්භයක් ඇති වුණොත්, දෙමළ ජාතිකවාදීන්ගේ උපකාරය පිණිස ඉදිරිපත් වන බලවතුන් කවුරුද කියන සාධකය මෙහිදී වැදගත්. ඉන්දියාවත්, බටහිර බලවතුනුත් තමන්ට උදව් කරන තැනකට ගන්නට දෙමළ ජාතිකවාදීන් සමත් වුණොත්, වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා උතුරේ පැවැත්වෙන ජනමතවිචාරණයක ප්‍රතිළුල බොහෝ විට ක්‍රිමියාවේ ජනමතවිචාරණයේ ප්‍රතිළුල වගේම වෙන්න පුළුවන්. රුසියාව දැන් යළි ක්‍රිමියාව ඈඳා ගන්නට යන්නේ මෙම ජනමත ප්‍රතිළුලය මත පදනම්වයි. බටහිර බලවතුන්ට සම්බාධක මගින් එය වළක්වන්නට පුළුවන් වෙයි ද?

මෙවැනි තත්වයක් හමුවේ ලංකාවේ මහින්ද රාජපක්ෂ පවුල් පාලනය වැනි එකකට නම් රාජ්‍යතාන්ත්‍රිකව කිසි දෙයක් කර ගන්නට පුළුවන් වෙයි කියා සිතන්නට බැහැ. ඔවුන් ඒ තරමටම රාජ්‍ය තාන්ත්‍රිකව පිරිහිලා. රාජපක්ෂ පාලනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති නැඹුරුව නිසා ලංකාව නුදුරු අනාගතයේදී ම මහත් දුෂ්කර තත්වයකට පත් වන බව ඉතා පැහැදිලියි. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය ලෝකයට යන්නේ දෙමළ අරගලය හරහායි. එහිදී ඒ ඔස්සේ දෙමළ ජාතිකවාදීන්ගේ අරමුණු ඉදිරියට එනවා. ඒවා ඉන්දියාවේ හා බටහිර බලවතුන්ගේ උවමනාවන් සමග සමපාත වන ආකාරය අනුව ලංකාවේ ඉරණම විස‍ෙඳෙන්න පුළුවන්.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයේදී දෙමළ විරෝධී පදනමකින් යුතුව සිංහල බහුතර ජනයා රාජපක්ෂවරුන්ගේ ඒකාධිපති පවුල් පාලනයට දෙන සහයෝගය නිසා, ඇත්තෙන් ම ලොකුම හානිය සිදු වන්නේ සිංහල ජනතාවටයි. සිංහල ජනතාවට අනවශ්‍ය ම දෙය වන උතුර හා නැගෙනහිර දෙමළ ප්‍රදේශ ලංකාවෙන් වෙන් වීම ඉක්මණ් කිරීම සඳහා මෙම තත්වය ඉවහල් වෙනවා.

ලංකාවේ ඒකීයත්වය රැක ගන්නට අවශ්‍ය නම්, සිංහල ජනතාව ක්‍රියා කළ යුතුව තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමයි. අද පවතින ප්‍ර්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති රාජ්‍ය ව්‍යූහය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවලට ලක් කරන්නට සිංහලයන් මූලිකත්වය ගත යුතුයි. පශ්චාත් කොටි සමයේ බෙදුම්වාදී ප්‍රවණතාව වෙත වැඩි වැඩියෙන් නැඹුරු වෙමින් සිටින දෙමළ ජනතාව ලංකාව වෙත දිනා ගත හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ප්‍රතිසංස්කරණ ඔස්සේ පමණමයි. 
(ජනරළ, 2014 - 03 - 22)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

20 comments:

  1. දෙමල මිනිසුන් ගේ වෙනම රාජ්‍යයක් කෙරෙහි ඇති නැඹුරුව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙන් නවතා ලිය හැකිද ? මෙය යහ පාලනයේ ගැටලුවකට වඩා දෙමල ජාතික (හෝ ජාති ) වාදයේ ගැටලුවක් නොවේද ?

    ReplyDelete
  2. ජාතිවාදය යනු ජාතියකට අනන්‍ය අනිවාර්ය දෙයක් යයි නො සිතමි. ජාතිවාදය යනු තවත් එක් ම්ලේච්ඡ ලක්ෂණයකි. මිනිස් ම්ලේච්ඡත්වයන් මතු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, ශිෂ්ටත්වය, යහපාලනය වැනි දේ වල දැමූ සමාජයන්හි ය.

    ReplyDelete
  3. පලමු කාරණය උතුරේ එවන් ජනමත විචාරයක් පැවැත්වීමට හැකිද යන ප්‍රායෝගික තත්වයයි. එවන් ජනමත්විචාරයක් රාජ්‍ය යාන්ත්‍රණයේ සහයෝගයක් නැතිව පැවැත්විය නොහැකි බව මගේ අදහසයි. කෙසේ උවත් රාජ්‍ය යාන්ත්‍රණයේ මධ්‍යම ආන්ඩුවේ සහයෝගය නැතිව එවන් ජනමත විචාරයක් අන්තොනෝමතිකව පවත්වන්න තීරණයක් ගත හොත් එය ව්‍යවස්තාව අනුව ජනපතිවරයාට පලාත් සහාව විසුරුවිය හැකි තත්වයක් තියෙනවා....

    දෙවෙනි කාරණය ඉන්දියාව නිදහස් දෙමල රාජ්‍යක් ඇතිවීමට ඉඩ දෙයිද කියන පැණයියි. දෙමල ජාතිවාදය ඉන්දියන් මධ්‍ය ආන්ඩුවට කරන බලපෑම අනුව මෙවන් දෙයක් ඇති වීමට ඉන්දියා ඉඩ ද්යි කියලා හිතන්න අමාරුයි, ඉන්දියාවේ පීලිගැනීම නැතිව ඇමෙරිකාව අන්තොනොමතිකව වැඩේට කැමති වෙයි කියලා හිතන්නන්ත් අමාරුයි

    ReplyDelete
  4. ලංකාවේ උතුරු පළාත වෙන් කිරීමේ සාකච්චාවේදී ඇතිවන ඊළඟ ගැටලුව තමයි, නැගෙනහිරට මොකද කරන්නේ කියන එක.

    දකුණේ- කඳුකරේ ඉන්න දෙමල අයට මොකද්ද කරන්නේ කියන එක?

    එසේම මිට පෙර සඳහන් කරලා තියෙනවා වගේ, ඔය ප්‍රජාතත්‍රවාදය රැකීම සාපේක්ෂ අර්ථයක්.

    මහින්ද නෙමෙයි, මිට ඉස්සෙල්ල හිටිය හැම නායකයාම යටතේම වගේම, 1947 නිදහස ලැබෙන කොටත් ඔය වෙන්වීම පිළිබඳව ප්‍රබල මතයක් තිබුන. අදත් තිබෙනවා.

    ReplyDelete
  5. lankawath russi samaga ekathuwemu

    ReplyDelete
  6. හයියෝ ලොක්කා ක්‍රිමියාව නෙවෙයි ක්‍රයිමියාව. ජාත්‍යන්තර ප්‍රවෘත්ති අහන්නේ බලන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ.

      කැම්පුචියාව = කාම්බෝජය
      පෝචුගල් = පෘතුගාලය
      ස්පේන් = ස්පාඤඤය
      පරාක්‍රම = පැරකුම්!

      Delete
    2. ඇනෝ ගැන අමතක කරලා මම මෙටික කියන්නේ. අපේ ජනමාධ්‍ය සමහර නම් වරද්දනවා.

      කසකස්තානය වැරදියි නිවැරදි නම කසාක්ස්ථානය
      වෙනිසියුලාව වැරදියි නිවැරදි නම වෙනෙසුඑලා

      Delete
    3. වෙන බසක නමකින් තීන රටක් තවත් බසකින් කියනකොට වැරදෙන එක සාමාන්‍යයි නේද?

      දැන් බලන්න අපේ රට ශ්‍රී ලංකාව උනාට ඉංගිලිසියෙන් ( ඉංග්‍රීසියෙන්?? ) ලියන්නෙ ස්‍රී ලංකාව කියල. අපේ රටෙ උන් සහ ලෝකෙම උන් කියන්නෙත් ස්‍රී ලංකා මිස ශ්‍රී ලංකා කියල නෙමෙයිනෙ. ඉතින් අනෙක්ව ගැන කුමන කතාද?

      Delete
    4. මෙහෙම බැලුවොත් එංගලන්තය කියන එක වැරදියි ඉංග්ලන්ඩ් කියලයි ලියන්න ඕන, චීනය කියන එක වැරදියි චොන්ග්-ගුඔ කියලයි ලියන්න ඕන, ජපානය කියන එක වැරදියි නිප්පොන් කියලයි ලියන්න ඕනෙ කියලත් කියන්න පුලුවන් නේද?

      Delete
    5. ලංකාවේ වැඩි දෙනෙක් ඈත අතීතයේ සිට භාවිතා කර තිබෙන්නේ ක්‍රිමියාව කියා ය. උදාහරණයක් ලෙස ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගේ චරිත කතාව ආශ්‍රිතව ලංකාවේ හෙද අධ්‍යාපනයේදී හෝ සාමාන්‍ය තොරතුරුවලදී කතා කෙරෙන්නේ ක්‍රිමියානු යුද්ධය ගැන මිස ක්‍රයිමියානු යුද්ධයක් ගැන නො වේ.

      ක්‍රිමියාව යන යෙදුම අපගේ කටට හුරු වී තිබේ. සිංහල ව්‍යවහාරය තුළ පමණක් නොව, සිංහලයන්ගේ ඉංගිරිසියෙහි ද මෙවැනි ලක්ෂණ සුලභ ය.

      ඒවා භාෂාමය වැරදි කියා හඳුන්වනවාට වඩා භාෂාමය සුවිශේෂතා ලෙස හැඳින්වීම නිවැරදි ය.

      අප සුන්දර ඉංගිරිසි ලිපි පෙළෙහි සාකච්ඡා කරන්නේ ද මෙම ප්‍රශ්නයයි.

      සිංහලයන්ගේ ඉංගිරිසිය ඔවුන්ගේ ම අනු භාෂා ව්‍යවහාරයකි.

      Delete
  7. Waradak kalath sithakin nowe...

    ReplyDelete
  8. අපට කිසිවක් තනිව කළ නො හැකි ය. තනිව කරන්නේ යයි අප සිතන දේට ද තවත් බො‍හෝ අය දායක වී තිබේ. al least One.. sahathika eththa.
    athata gaththath..Oluwata...u need some Body.

    REnna giyath thaniyama...kapu kema ta dayaka wela thiye hunga denek.

    I agree with You. good stuff.

    ReplyDelete
  9. Para.. Keep it in your mind There are People who speaks visual words. They could easily sometimes uncomfortable.but important. and very interesting.... some kind of things we like to hear but not to see,
    kind of things v like 2 hear as well as to see.

    ReplyDelete
  10. කනගාටුය්,අවුරුදු ගනනාවක් ලන්කාවෙන් පිට ඉන්න අපි තරම්වත්, ලන්කාවෙ ඉන්න අය මේ ප්‍රස්නෙ තේ රුම් අරගෙන නැහැ.දකුනෙ තියෙන ගෝත්‍රිකවාදි ප්‍රජාතන්ත්‍ර විරෝදී,ජාතිවාදී,ආගම්වාදී නරුම පාලනය,වෙනස් වුනොත්,ඔය කියන ප්‍රස්න කිසි දෙයක් වෙන්නෙ නැහැ.ඒ මිනිස්සු හදන්නෙ,අපායක් ඇතුලෙ පුන්චි කොටසක් වෙන් කරගෙන එතන වත් හොඳට හදාගන්න.මම හිතන්නෙ ,අපි ඒකට ඉඩ දෙන්න ඕන.

    ReplyDelete
  11. අවුරුදු ගණනාවක් ලංකාවෙන් පිට හිටිය ඔබ කොහොමද කියන්නේ ප්‍රශ්ණය තේරුම් ගත්ත කියල ලංකාව හිටිය අපිට වඩා ? අනික මේ ලිපියේ දෙමලා ජාතිකවාදී සිංහලයා ජාතිවාදී .... කාට කියන්නද

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. ඉතාලියේ "වෙනෙතෝ" පලාතේ නිලනොවන ජනමත විචාරනයක් හෙවත් දුරකථනය හා අන්තර්ජාලය හරහා කෙරෙන සමීක්ෂනයක් පැවැත්වෙන්නේ, වෙනෙතෝ පලාතේ ජනතාව පලාතක් වශයෙන් ඉතාලි රජයට ගෙවන්නා වූ බදු මුදල සහ රජය විසින් පාළාතට වෙන් කරන්නාවූ මුදල අතර ඇති විශාල වෙනසට එරෙහි වෙමින් , මෙම පළාතේ ජනතාව ගෙවන්නාවූ බදු මුදල් තම පලාත වෙනුවෙන්ම වියදම් කිරීමට ස්වාධීනත්වය හා නිදහස ඉතාලි රජයෙන් ඉල්ලා සිටීමට මිස ඉතාලියෙන් වෙන්වී, යුරෝපා සංගමයෙන් වෙන්වී, යුරෝ මුදල් ඒකකයෙන් වෙන්වීමට හෝ ස්වාධීන රාජ්‍යයක්, වැනිසීයක් හෝ ස්වාධීන වෙනෙතෝවක් බිහි කිරීමට නොවෙයි. උතුරු ඉතාලි ප්‍රදේශයේ ස්වාධීනත්වය හා නිදහස වෙනුවෙන් පෙනිසිටින දේශපාලන පක්ෂයක් වන "ලේගා නොර්ඩ්" පක්ෂයේ මතය මෙය වන නිසාම ඉතාලියේ ධනවත්ම පළාත වශයෙන් හදුන්වන "ලොම්බර්දියා" පළාතේ ඉහත කී දේෂපාලකයින් සැමවිටම ඉල්ලා සිටින්නේද මෙලෙස තම ආදායම තම පලාත තුල පමනක් වියදම් කිරීමට අවශ්‍ය බවයි. දේශපාලන පක්ෂයකගේ උවමනාව මත මේ සිදු කරන්නාවූ සමීක්ෂනයයේ ප්‍රථිපල එම පලාතේ පලන අධිකාරිය හරහා රජය වෙත යොමු කල හැකිවුවද දුරකථනය හා අන්තර්ජාලය හරහා කරන ලද මෙම සමීක්ෂනයේ කිසිදු විනිවිදභාවයක් හා විශ්වාසයක් නොමැති නිසාම මෙය කිසිදු වටිනාකමක් නොමැති සමීක්ෂනයක් බව උතුරු ඉතාලියේ පදිංචි ජනතාවගේ මතයයි...

    http://tv.ilfattoquotidiano.it/2014/03/21/veneto-indipendente-il-promotore-del-referendum-basta-pagare-tasse-allo-stato/270812/

    ReplyDelete
  14. වෙනෙතෝ පළාත වැනිටෝ ලෙස සඳහන් කිරීම ගැන කමා කරන්න.
    ගිය සතියේ එහි පැවැත්වුණු ජනමත විචාරණයක ස්වරූපය ගත් සමීක්ෂණය නිල පිළිගැනීමක් සහිත එකක් නොවෙයි. එහෙත්, එය එවැනි නිල ජනමතවිචාරණයක කසකරුවකු විය හැකියි. ගිය සතියේ පැවැත්වුණු සමීක්ෂණයට සහභාගි වුණේත් උතුරු ඉතාලියේ ජනතාවම තමයි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.