2014-04-11

දෙපා යටින් වල කපා ගන්නා උදය ගම්මන්පිලගේ නියුරම්බර්ග් යෝජනාව

නියුරම්බර්ග් නඩුවලින් මරණීය දණ්ඩනය ලද හර්මන් ගෝරිං නඩු විභාගය අතරතුර
යුද අපරාධ සම්බන්ධයෙන්නියුරම්බර්ග් මාදිලියේ නඩු විභාගයක් පැවැත්විය යුතු බව උදය ගම්මන්පිල යෝජනා කර තිබේ.

නියුරම්බර්ග් නඩු වනාහි දෙවන ලෝක යුද්ධයෙන් පසු නාසිවාදීන්ට එරෙහිව මිත්‍ර හමුදා පාර්ශ්වයෙන් අසන ලද නඩු පෙළකි.

මෙම නඩු පෙළ අසනු ලැබුවේ ම යුදෙව් සංහාරය ඇතුළු මානව වර්ගයාට එරෙහිව අපරාධ හා යුද අපරාධවලට වගකිව යුතු නාසි නායකයන්ට දඬුවම් කිරීමයි. මෙම නඩු විභාගයට පෙර බ්‍රිතාන්‍ය අගමැතිවරයා යෝජනා කළේ මෙම නාසි නායකයන් නඩු විභාගයකින් තොරව මරා දැමිය යුතු බවයි. එහෙත්, ඇමරිකාව එයට එරෙහි විය. එම මරණීය දණ්ඩන වාර්තාගත සාධාරණ හේතු සහගත නීත්‍යානුකූල ඒවා බවට පත් කිරීමට නියුරම්බර්ග් නඩු විභාගය ඉවහල් විය. එමගින් නාසිවාදයේ පරිච්ඡේදය වසා දමන ලදී.

නීතිඥයකු වුව ද උදය ගම්මන්පිලට නියුරම්බර්ග් නඩු විභාග ගැන අවබෝධයක් නැති බව පෙනේ. නියුරම්බර්ග් නඩු විභාගය යනු දේශීය පරීක්ෂණයක් නො වේ. දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර පාර්ශ්වය විසින් කරන ලද ජාත්‍යන්තර නඩු විභාගයකි. ජාත්‍යන්තර අධිකරණය ස්ථාපිත වන්නේ මෙම නඩු විභාගවල ඍජු ප්‍රතිඵලයක් ලෙසයි. එසේම, ජන සංහාර ඇතුළු මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධ පසුකාලීන ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සඳහා මග පෑදෙන්නේ ද මෙම ක්‍රියාමාර්ග හරහා ය.  එ් අතර එක්සත් ජාතීන්ගේ සංහාර පිළිබඳ සම්මුතිය (1948), විශ්ව මානව හිමිකම් ප්‍රඥප්ති (1949) හා යුද නීති රීති පිළිබඳ ජිනීවා සම්මුතිය (1949) ද වේ.


දෙමළ ඩයස්පෝරාව දැනුදු උත්සාහ කරමින් සිටින්නේ ජාතික හෙළ උරුමය සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ජන සංහාරයක යෙදුණු බවට කරුණු ඉදිරිපත් කිරීමටයි. හෙළ උරුමය විසින් නායකත්වය දෙන හෝ දුන් සිංහල ජාතිවාදී බලවේගය මේ වන විට යෙදී සිටින්නේ දෙමළ ජනයා වෙතින් නො නැවතී මුස්ලිම් ජනයා වෙත ද ජාතිවාදී වෛරය යොමු කිරීමේ ක්‍රියාවලියක ය.

උදය ගම්මන්පිලගේ නියුරම්බර්ග් මාදිලි යෝජනාව එන්නේ මෙම සංදර්භය තුළයි. නියුරම්බර්ග් නඩු විභාගයන්ට පාදක වූ ජාත්‍යන්තර යුද විනිශ්චය සභාවන් පිළිබඳ ලන්ඩන් ප්‍රඥප්තිය විසින් වෙනත් කාරණා අතරතුර, අපරාධ කාණ්ඩ තුනකට වර්ගීකරණය කර තිබේ. ඒවා වනාහි සාමයට එරෙහි අපරාධ (ජාත්‍යන්තර සම්මුති උල්ලංඝනය වන ආකාරයේ ආක්‍රමණශීලී යුද්ධ සැලසුම් කිරීම, සූදානම් කිරීම හා දියත් කිරීම ද ඇතුළුව), යුද අපරාධ (යුද නීති හා රීති උල්ලංඝනය කිරීම, සිවිල් වැසියන්ට හා දේශපාලන සිරකරුවන්ට වැරදි ආකාරයෙන් සැලකීම ඇතුළුව) සහ මානව වර්ගයාට එරෙහි අපරාධ (සිවිල් වැසියන් මැරීම, වහල්භාවයට පත් කිරීම, පිටුවහල් කිරීම හා දේශපාලන‍, ආගමික හා වාර්ගික පදනමින් හිංසා කිරීම ඇතුළුව) යන ප්‍රවර්ග තුනයි. මෙම ප්‍රඥප්තිය විසින් යුද නිලධාරීන් මෙන් ම සිවිල් නිලධාරීන් ද අධිකරණය වෙත ගෙන ඒමට ඉලක්ක කරන ලදී.

උදය ගම්මන්පිල මෙම නඩු විභාගය පිළිබඳ සිය ෆැන්ටසිය මෙම ප්‍රකාශයෙහි කියවයි. ඔහුගේ කතාව අර දීකිරි විකුණමින් මුට්ටිය ඔලුවේ තබාගෙන ගිය ගැහැනියගේ කතාව වැනි ය. දීකිරි විකුණා මුදල් උපයාගෙන ධනවත් වූ කල තමන්ට මංගල යෝජනා කරන්නට එන පිරිමින්ට බැහැ කියන ආකාරයට හිස වනන්නට ගොස් සිදු වන්නේ ඔලුවේ තිබූ මුට්ටිය බිම වැටී බිඳී යාමයි.

උදය ගම්මන්පිල මෙම නඩු විභාගයෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානය තහනම් කිරීම ගැන සිහින දකියි. එහෙත්, එහෙම නඩු විභාගයක් සිදු වුණහොත් එතැනින් නතර නො වී සිය අනුග්‍රාහකයන්ට පමණක් නොව, උදය ගම්මන්පිල නායකත්වය දැරූ සිහල උරුමය, ජාතික හෙළ උරුමය වැනි සංවිධානවලට ද සිදු වන්නේ එය ම බව ඔහුගේ සිහිනයට නො පෙනේ.

නරක කාලයක් ලැබුවා ම හිතට පැන නගින්නේ ද නරක සිතුවිලි ම ය. ආණ්ඩුවට ද උදය ගම්මන්පිලට ද සිදු වී තිබෙන්නේ එයයි.




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

21 comments:

  1. අපට කිසිවක් තනිව කළ නො හැකි ය. තනිව කරන්නේ යයි අප සිතන දේට ද තවත් බො‍හෝ අය දායක වී තිබේ. this is nice.

    ReplyDelete
    Replies
    1. 1989දී බර්ලින් තාප්පය කඩා වැටීමට පසු සමාජවාදය/ධනවාදය යනුවෙන් බෙදී තිබුණු සමාජ පරමාදර්ශ යුගලය නව සන්දර්භයකට ඇතු විය. ප්‍රංශ විප්ලවය මගින් තහවුරු වූ නිදහස සමානාත්මතාවය සහ සහෝදරීත්වය යන දේශපාලන පරමාදර්ශ තුන රුසියාවේ බොල්ෂෙවික් විප්ලවය මගින් ‛අලුත් මිනිසා’ සංකල්පය බවට ආදේශ විය. ලෝකයේ ප්‍රථම වරට පැරණි සමාජයේ හර පද්ධතියෙන් කැඩී වෙන්වී අලුත්ම හර පද්ධතියක් සහිත මිනිසුන් මගින් ‛අලුත් සමාජයක්’ නිර්මාණය කළ හැකි බවට වූ උපන්‍යාසය ලෝකයට ඉදිරිපත් කළේ කාල් මාක්ස්ය. ඔහු එම අදහස ප්‍රකාශ කළේ කොමියුනිස්ට් ප්‍රකාශනය හරහාය. අලුරෑත්ම මිනිසෙකු නිර්මාණය කිරීම ගැන බොල්ෂෙවිකයන්ගේ අදහස දැඩි ලෙසින් භෞතිකවාදී එකකි. ඔවුන්ට අනුව අලුත් මිනිසෙකු බිහි කිරීමට නම් පැරණි මිනිසාගේ ශරීරයේ ගමන් කරන පැරණි රුධිරය වෙනුවට තරුණ පරම්පරාවේ රුධිරය පාරවිලනය කළ යුතුය. ලෙනින් පවා විශ්වාස කරන ලද්දේ ‛වෙනස්’ කිරීම භෞතික මට්ටමින් සිදුවිය යුතු බවයි.

      කෙසේ නමුත් 1989 දී ‛ධනවාදයට විකල්පයක් නැත’ යන සටන් පාඨය හරහා ධනවාදය ලෝක මට්ටමින් තහවුරු වූ පසු වෙනස් කිරීම පිළිබඳ ‛විප්ලවය’ නම් අදහස ද බොළඳ එකක් බවට පරිවර්තනය විය. එහි සරල අදහස වන්නේ ‛විප්ලවය’ මගින් පවා පැරණි සමාජයෙන් කැඩී යාමක් සිදු නොවන බවයි. මේ සමඟම සමාජවාදය කෙරෙහි ඒ දක්වා පැවති සුජාතභාවය ද ගිලිහී ගියේය.

      Delete
  2. මහදැනමුත්තාApril 11, 2014 at 1:29 PM



    පැරා කොළුවා මෙදා ටොපට ලියනවා නොවැ,

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  3. Replies
    1. ලියන රෙද්දක් සිංහලෙන් ලියපිය

      Delete
    2. අයියෝ සරත් ප්‍රනාන්දුගේ ජර්මන් භාෂා දැනුම නම් සොරි ඩොට් කොම් තමයි.

      Delete
    3. සමාජවාදයට එතෙක් පැවති අනුල්ලංඝනීය සදාචාරාත්මක කතිපයාධිකාරය 1989 ට පසු අහෝසි වූ විට වාමාංශිකයන්ට අලුත් අභියෝගයක් හමුවිය. එනම් වාමාංශිකයන් යනු ද පවතින ක්‍රමයට අවිඥානික භක්තියක් ඇති පිරිසක් මිස සැබෑ විප්ලවවාදීන් නොවන බවය. උදය ගම්මන්පිල සහ ලාල් කාන්ත අතර වෙනස මැකී ගියේ මේ සන්දර්භය තුළය. 89ට පසු සමාජවාදය මුහුණ දුන් මෙම මහේක්ෂ සුසමාදර්ශී වෙනස වමට අලුත් අභියෝගයකි. අලුත් ප්‍රශ්නය වන්නේ ‛නරක’ නරක යැයි පෙන්වා දීම නොව ‛හොඳ’ යැයි උපකල්පනය කිරීම දෝෂ සහගත බවයි. සරලව කීවොත් නරක තරම්ම හොඳ ද නපුරුය; නැතහොත් ‛නරක’ යනු ද ආකර්ෂණයකි. බිල් ක්ලින්ටන් මොනිකා ලෙවින්ස්කි සමඟ ජනාධිපති කාර්යාලයේ ලිංගික ක්‍රිඩා කිරීම සමාජයට හෙළිදරව් වූ පසු ඇමරිකානු ජනයා ඔහුව පිළිකුල් කරනවා වෙනුවට ඔහුට ආකර්ෂණය විය.


      ‛විප්ලවය’ යන අදහසට පැරණි සමාජයෙන් කැඩී වෙන්වීමක් පිළිබඳ පරිවර්තනයකින් තොරව පැවැත්මක් නැත. ධනවාදී ආර්ථික ව්‍යුහයේ මුඛ්‍ය පරිවර්තනය යනු තහංචිය මත ක්‍රියාත්මක වන සංස්කෘතියයි. නමුත් 89 ට පසු බිහිවූ ධනවාදී සමාජය වඩ වඩා තහවුරු කරන්නේ තහංචි ඉවත් කරන සමාජයක්ය. එවිට එවැනි සමාජයක උල්ලංඝනයට දේශපාලන හෝ නිර්මාණාත්මක විභවයක් නැත. අද දවස වන විට පාරිභෝජන සංස්කෘතිය යනුම උල්ලංඝනයකි. මේ ඓතිහාසික පසුබිම තුළ 89ට පසු පොදු යහපත වෙනුවෙන් කටයුතු කිරීම සදාචාරාත්මක ක්‍රියාවක් යන්න ප්‍රශ්නකාරී වීම ආරම්භ විය. ස්ටාලින්වාදය යනු යහපත් සමාජයක් නිර්මාණය කිරීම නොව ස්ටාලින්ගේ දුෂ්ට අරමුණු සාක්ෂාත් කර ගැනීමට අටවන ලද ව්‍යාපෘතියක් බවට නිර්වචනය විය. හොඳ අරමුණු තුළ දුෂ්ට චේතනා ඇති වග ඉන් විද්‍යමාන විය.

      මේ නිසා විප්ලවීය සමාජ අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වන පුද්ගලයන්ට අලුරෑත් අභියෝගයක් මතු විය. ඔබේ අරමුණ යහපත් වුවත් ඒ තුළ සැඟවුණු දුෂ්ට චේතනාවක් පැවතිය හැකි යැයි ඔබගේ පසමිතුරා විසින් චෝදනා කළ හැකිය. එය එසේ නොවේ යැයි ඔප්පු කිරීම පහසු නැත. මෙවැනි ඓතිහාසික හැරවුමක් වාමාංශයට මුණ ගැසීම නිසා තමයි ස්ලාවෝ ජිජැක් නම් දාර්ශනිකයා බිහිවෙන්නෙ. ඔහු විසින් කරන්නේ කුමක්ද? විප්ලවීය වෙනස මහේක්ෂ මට්ටමින් කළ නොහැකි නම් එය ක්ෂුද්‍ර මට්ටමින් කළ හැකිය යන්න පෙන්වා දීම ජිජැක්ගේ න්‍යායයි.

      Delete
  4. මෙ දවස්වල ඉස්කෝලෙ නිවාඩු නිසා පැරා හොඳට ලියනව. මොනව හරි පරීක්ෂණයක් වෙලා අසාධාරණයට ලක්වෙච්ච මිනිස්සුන්ට සාධාරණයක් කරනවනම් හොඳයි. නැත්තම් මේක කලෙකට පස්සෙ ආපහු ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.

    ReplyDelete
  5. මෙ දවස්වල ඉස්කෝලෙ නිවාඩු නිසා පැරා හොඳට ලියනව. මොනව හරි පරීක්ෂණයක් වෙලා අසාධාරණයට ලක්වෙච්ච මිනිස්සුන්ට සාධාරණයක් කරනවනම් හොඳයි. නැත්තම් මේක කලෙකට පස්සෙ ආපහු ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.

    ReplyDelete
  6. යුදෙව්වන්ව සමූළ ඝාතනය කලා කියලා හොදටම දත්ත තිබුන අයට නඩු දැම්මෙ අපරාදෙ..අයියෝ සල්ලි සහ කාලය. කෙලින්ම මරල දැම්ම නං ඉවරයි..නඩු පොත් පිරුන එක විතරය් එකෙන් වුනේ.

    ReplyDelete
    Replies
    1. මෙම අදහස ඔහු උපුටා ගන්නේ මනෝ විශ්ලේෂණයෙනි. මනෝ විශ්ලේෂණයට අනුව සමාජය නිසා රෝගී වන මිනිසෙකු එය නිසාම නිරෝගී විය හැක. බැලූ බැල්මට පෙනෙන මෙම පරස්පර අදහස ඔහු සමාජවාදයේ යහපත වෙනුවෙන් පෙනී සිටින්නන්ව ප්‍රශ්න කරන ධනේශ්වර සදාචාරවාදීන්ව පෙරළා ප්‍රශ්න කිරීම සඳහා යොදා ගත්තේය. උදාහරණයක් වශයෙන් ස්ටාලින් හරහා සමාජවාදයේ හොඳ/නරක ප්‍රශ්න කරන අයගෙන් ජිජැක් ඇසුවේ ඇමරිකාවේ ‛සයිකො’ වන නෝමන් බේට්ස්ගේ හොඳ/නරක ගැනය.

      සමාජයට හොඳක් කිරීමේ අරමුණ මත පදනම් වූ දේශපාලන ව්‍යාපාරවල ‛චේතනාව’ ප්‍රශ්න කිරීම ආරම්භ වූයේ x කණ්ඩායමේ විමතිකයන් හරහාය. එහි පසුබිම හාස්‍යජනකය ඉහත විග්‍රහ කළ ඓතිහාසික පසුබිම වටහා ගැනීමට අදාළ පොත් දෙකක් එවකට සංවිධානයේ න්‍යායික කටයුතු පරීක්ෂා කරමින් සිටි සහෝදරවරුන් කිහිප දෙනෙකුට මා විසින් සපයන ලදී. අද අප සාකච්ඡා කරන ගැටලුවට අදාළ පොත වූයේ ආලෙන්කා සුපැන්චිත් නම් චින්තිකාවගේ(Ethical Suspention of Politics) නම් කෘතියයි. එවකට ‛හිස්ටීරියාව’ පොත සම්පාදනය කිරීම සඳහා පූර්ණ අවධානය යොමු කරමින් සිටි මා වෙත ආලෙන්කාගේ අදහස සිංහල-බෞද්ධ ආකාරයට යළි පැමිණියේ 2004-12-26 වනදාය.

      මගේ අරක්කුවලින් මටම ප්‍රතිචාර දැක්වීම ආරම්භ වූ අතර මුල සිටම සංකල්ප භාවිතයේදී ගැටලු සහගතභාවයක් ඇති කරන ලදී. සමාජවාදය ධනවාදයට විරුද්ධව ක්‍රියාත්මක වීමේදී 89 ට පෙර සමාජවාදයට සදාචාරාත්මක අභියෝගයක් ධනේශ්වර පිලෙන් ආවේ නැත. නමුත් 89 ට පසු මිනිසුන්ගේ දවසේ ජීවිතයේ හොඳ/නරක නිර්ණායකය මගින් දේශපාලනය මනින ලදී. මෙය අපට මෙසේ සංක්ෂිප්ත කළ හැක. යුක්තිවේදය මගින් දේශපාලනය අත්හිටුවීම. (Ethical Suspention of Politics) මෙවැනි තත්ත්වයක් උදා වූ පසු දේශපාලනය කරන කෙනෙක් කරන ‛ක්‍රියාව’ ප්‍රශ්න කරන්නේ දේශපාලන ගැටුමක් ලෙස නොව සදාචාර ගැටුමක් ලෙසිනි. අපි උදාහරණයක් ගමු. අලුත් තත්ත්වය තුළ සුදර්ශනගෙන් කිසිවකු මෙලෙස අසන්නේ නැත: ‛ඔබ ප්‍රතිසංස්කරණවාදියෙක්ද?’ ඔවුන් අසන්නේ මෙවැන්නකි: ‛ඔබ දීප්ති සමඟ එකට වැඩ කරමින් තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියා සිතනවාද?’ (මෙය සදාචාරයෙන් දේශපාලනය අත්හිටුවීමකි.)

      Delete
  7. මෙහි කොපි පේස්ට් කර තිබෙන අදාළ නො වන අදහස් පළ කළ අය කරුණාකර එසේ පළ කිරීමට හේතු පැහැදිලි කරන්න. නැතිනම් ‍ඒවා ඉවත් කිරීමට සිදු වනු ඇත.

    ReplyDelete
    Replies
    1. මාත් මේ අහන්න හැදුවෙ මොකක්ද ඒ විකාරෙ කියල. ඌට ප්ලැට්ෆෝම් එකක් නැති හින්ද මෙතෙන්ට එනවද නටන්න?

      Delete
    2. ඉහත අජිත් පැරකුම් දක්වා ඇති අදහස මගින් හෙළිවන්නේ ඔහු තුල සිටිනා සවිඥානය දීප්ති කුමාර ගුණරත්න කෙරෙහි අසීමිත දක්වන බියයි.

      Delete
  8. උදය ගම්මන්පිලගේ යෝජනාවෙන් ඔහුට සිදුවන අවැඩ පෙන්වාදීම ඔබ විසින් කළ වරදකි. දැන් ඔහු එය නිවැරදි කරගැනීමට සූදානම් වනු ඇත. ස්වභාවධර්මයේ යුක්තිය අනුව ඔහුට නියමිත වන්නේ ඒ ආකාරයෙන් තමන් විසින්ම කපාගත් වලකට වැටීමයි. (අවි ගත්තෝ අවියෙන් නැසෙති යන කියමන හම්බයන්ගේ කියනමක් නොව සිංහලයන්ගේම කියමනකි.)

    ගම්මන්පිලලා සහ ඥානසාරලා යනු එකම දිශාවට බෝට්ටු දෙකකින් ගමන් කරන අයයි.

    ReplyDelete
    Replies
    1. ගම්මන්පිල නොව මේ රජයම කිසිදා පාඩම් ඉගනගන්නේ නැත.

      Delete
  9. නියුරම්බර්ග් නඩු විභාගය යනු දේශීය පරීක්ෂණයක් නො වේ. දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර පාර්ශ්වය විසින් කරන ලද ජාත්‍යන්තර නඩු විභාගයකි.

    පැරදුන ඒවුන් පිටසක්වල උන්ද බූරුෙවා

    ReplyDelete
  10. මම මගෙ දැනීමට අහන්නෙ..එකී නඩු විභගයෙන් කිසිම විටෙක මිත්‍ර පර්ශව විසින් අපරදයක් කිසි තැනක කල බවක් ඔප්පු වුනෙ නැද්ද? නැත්නම්..එහිදී විශය වුයේ යුදෙවුවන් ඝාතන කිරීම පමනක්ද?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.