2014-04-02

හෙට රජයේ රෝහල්වල දරු ප්‍රසූත කිරීම් මෙහෙයවන්නේ කවුරුද?

මේ ප්‍රශ්නය ගැන නැවත ලියන්න සිතුවේ හෙට රෝහල්වල තිබෙන ප්‍රසූත වර්ජනය නිසා.

අද ඉඳලා ලංකාවේ පවුල් සෞඛ්‍ය සේවිකාවෝ වැඩ වර්ජනයේ. ඔවුුහු ‍මාතෘ වාට්ටුවල ළමයින් ප්‍රසූත කිරීමේ කටයුතු වර්ජනය කරනවා. ඔවුන් වර්ජනය කරන්නේ සූතිකා පුහුණුව හෙවත් දරුවන් ප්‍රසූත කිරීමේ පුහුණුව හෙද නිලධාරීන්ට දෙනවාට විරුද්ධවයි. එහෙම දුන්නොත් ඔවුන්ගේ සේවාව වල පල්ලට යනවාලු.

හෙට හෙද නිලධාරීන් වර්ජනයේ. ඔවුන් වර්ජනය කරන්නේ සූතිකා පුහුණුව ඉල්ලලා. හෙද නිලධාරීන් කිව්වාට මේ පුහුණුව දෙන්නේ ස්ත්‍රී හෙදියන්ට විතරයි.ඒකත් මාර වැඩක්. ඒ වෙනුව‍ට මේල් නර්ස්ලාට දෙන්නේ මනෝ විද්‍යා පුහුණුවක්.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙදියන්ට  සූතිකා පුහුණුව දෙන එක වර්ජනය කරන්න තීරණය කරලා.

දැන් හෙට ලැබෙන්න ඉන්න දරුවන්ගේ සූතිකාගාර කටයුතු කරන්නේ කවුරුද කියන එක ප්‍රශ්නයක්. මේ වැඩේට අදාළ අයගෙන් හෙට වැඩ කරන්නේ දොස්තරලා විතරයි.

මේ දැවැන්ත මානව හිමිකම් උල්ලංඝනය හමු‍වේ ආණ්ඩුව මොකක්ද කරන්නේ? මානව හිමිකම් තිබෙන්නේ ජිනීවාවල විතරක් නෙමෙයිනේ.

අනෙක් කාරණය මේ දරුවන් වදන වැඩේට සූතිකාගාර පුහුණුවට සහතික තිබෙන වින්නඹු අම්මලා අවශ්‍ය මිනිසුන්ට විතරයි නේ. කිසිම සතෙක් මේ වැඩේට රෝහල්ගත වන්නේ නැහැ. සතුන් අතර මාතෘ මරණ අනුපාතිකයත් බැලූ බැල්මට එතරම් සුවිසල් නැහැ. ළදරු මරණ අනුපාතිකය නම් වැඩියි.

ලාංකීය සමාජයේ මාතෘ හා ළදරු මරණ අඩු වෙන්න පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සේවාව ඉවහල් වුණ බව ඇත්ත. ඒත්, එම සේවාව ඇති වන්නට පෙර සමාජයේ වින්නඹු අම්මලා හිටියා. ගම්පෙරළියේ නන්දාගේ දරුවා මිය යන්නේ වින්නඹු අම්මා පෙකණිවැල කැපූ කතුර අපිරිසිදු වූ නිසායි.

ඉස්සර මං පදවියේ ගුරු වෘත්තිය කරන කාලයේ වැලිඔය ජනපදය පැත්තේ එක් වින්නඹු මාතාවක් හිටියා. 1994 වසරේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව බලයට ආ පසු ඇය තමන්ට පවුල් සෞඛ්‍ය සේවිකා තනතුරක් ඉල්ලා හිටියා. ඇගේ තර්කය වුණේ ඇය ඒ වන විට කිසිදු ආපදාවක් නො වී දරුවන් විශාල ගණනක් ප්‍රසූත කර තිබුණු නිසා ඇය ඒ තනතුර සඳහා සුදුසු ය කියා ය. පවුල් සෞඛ්‍ය සේවිකාවක් සිය සුදුසුකම් සපුරන්න කළ යුතුව තිබෙන දරුප්‍රසූති සංඛ්‍යාවට වඩා වැඩි ගණනක් දරු ප්‍රසූතිවලට ඇය දායක වෙලා. ඕනැ නම් පුහුණුවකට යන්න වුණත් ඇය කැමති වුණා. ඒත්, ඇයට මූලික අධ්‍යාපන සුදුසුකම් නො තිබුණු නිසා රැකියාව ලැබුණේ නැහැ.

ප්‍රසූත කටයුතු පිළිබඳ යම් අධ්‍යාපනයක් සමස්ත සමාජයට ම දෙනවා නම් හොඳයි. 

පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇත්තෙන් ම සටන් කළ යුතුව තිබෙන්නේ තමන්ගේ සේවාව මහජන සෞඛ්‍ය මෙද නිලධාරි වගේ තත්වයකට උසස් කර ගන්නට ය කියා මා සිතනවා. ඒත්, මම හිත්නේ හෙද සේවා වෘත්තීය සමිති ඒකට විරුද්ධයි. 

මම කලින් ලිපිය ලිව්වේ මේ වෘත්තීය කුහකත්වය ගැනයි. 
කියවන්න:  

දොස්තර, හෙද, එම්එල්ටී, මිඩ්වයිෆ් වෘත්තීය ධුරාවලි සටන හෙවත් පිස්සු පීකුදු


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

23 comments:

  1. දිවයිනේ සියලූ රෝහල්වල හෙට දිනයේ කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ සිය සංකේත වැඩවර්ජනය අත්හිටුවූ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සමන් රත්නප‍්‍රිය මහතා ප‍්‍රකාශ කරන්නේ තම ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා යහපත් ප‍්‍රතිචාරයක් දක්වා තිබීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.



    කෙසේවෙතත් හෙද සේවාවේ සූතිකා පුහුණු වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය වෙනස් කළහොත් යළි වැඩවර්ජනයකට අවතීර්ණ වන බවද සමන් රත්නප‍්‍රිය මහතා සඳහන් කරනවා.
    - See more at: http://nethfm.com/article/3166#sthash.zkpYplq1.dpuf

    ReplyDelete
  2. වෛද්‍ය සංගමයේ ප්‍රකාශක නවීන් සොයිසා මම දන්න විදිහට කොළඹ රාජකීය විද්‍යාලයේ උගෙන 1997 උසස් පෙළ කඩ ඉමෙන් ‍‍කොළඹ වෛද්‍ය විද්‍යාලයට සමත් වූවෙක්. ඔහු GELT පාඨමාලාවට සහභාගි වූයේ කළුතර ඥානෝදය විදුහලේ පැවැති පංතිවලට නිසා මම ඔහුව ද්න්නවා.ඔහුට විශ්ව විද්‍යාල ශිෂ්‍යාධාර ගන්න අවශ්‍ය වූ ආදායම් සහතිය‍‍කය ගත්තේ ක්‍රම සහ විධිවලින් .ඒකට අවශ්‍ය සහය ලබා ගැනිමට මමත් උදවි කළ.නමුත් මට තිබෙන ප්‍රශ්ණය එදා එහෙම කළ උදවිය ඉහළ ප‍ඬියට නැග ගත් විගස ඉණිමඟට පයින් ගසා තම්න් සමඟ වැඩ කරන හෙදියන්ට සූතිකා පුහුණුව දීමට විරුද්ධ වන්නේ ඇයි කියලා.
    අද සම සෞඛ්‍ය සිසුන් මහ පාරේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය පැහැදිලිවම කියනවා පාඨමාලා කාලය අඩු කළේ වෛද්‍ය සංගමය විරුද්ධ නිසා කියලා. ඇයි මේක කිසිවෙකුට පෙනෙන්නේ නැත්තේ.ඇයි මේ කුහක කම? මේක අනිත් කොණ බ්ලොග් අඩවිය ලියන වෛද්‍ය වරියගේන් කොමේනට එකක් ලෙස විමසුවා . ඇයත් ප්‍රශ්ණය මඟ හැර යනවා. ඇයි ජනමාධ්‍ය වලට වෛද්‍ය සංගමයේ මේ කුහක කම ගැන ලියන්න බැරි, අයි මෙතරම් තිත්ත ඇත්තට බය?

    ReplyDelete
    Replies
    1. [එදා එහෙම කළ උදවිය ඉහළ ප‍ඬියට නැග ගත් විගස ඉණිමඟට පයින් ගසා තම්න් සමඟ වැඩ කරන හෙදියන්ට සූතිකා පුහුණුව දීමට විරුද්ධ වන්නේ ඇයි කියලා]

      නවීන් සොයිසා හොඳ මිනිහෙක් නෙවෙයි. ඒත් මේට්‍රන්, කන්සල්ටන්ට්ට වඩා පඩි ගන්න විදියට වැටුප් තල හොර රහසෙන් හදා ගන්න හෙද සංගමයේ හොර වැඩ වලට දෙන්න පුළුවන් වෙන උත්තර මොනවද? ඉස්සෙල්ලම වෛද්‍ය ආඥා පණත කියවල ඉන්න. සූතිකාගාරයේ ප්‍රසූතිය සම්බන්ධ වැඩ කරන්න පුළුවන් වෛද්‍ය හා පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට පමණයි.

      [අද සම සෞඛ්‍ය සිසුන් මහ පාරේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය පැහැදිලිවම කියනවා පාඨමාලා කාලය අඩු කළේ වෛද්‍ය සංගමය විරුද්ධ නිසා කියලා. ඇයි මේක කිසිවෙකුට පෙනෙන්නේ නැත්තේ.ඇයි මේ කුහක කම? මේක අනිත් කොණ බ්ලොග් අඩවිය ලියන වෛද්‍ය වරියගේන් කොමේනට එකක් ලෙස විමසුවා . ඇයත් ප්‍රශ්ණය මඟ හැර යනවා. ඇයි ජනමාධ්‍ය වලට වෛද්‍ය සංගමයේ මේ කුහක කම ගැන ලියන්න බැරි, අයි මෙතරම් තිත්ත ඇත්තට බය?]

      සම සෞඛ්‍ය සිසුන් මහපාරේ ඉන්නේ කුහක විදියට ධූරාවලිය ඉක්මවා යන්න දේවල් කරන නිසා. දොස්තරලාගේ සායනික තීරණ වලට චැලෙන්ජ් කරන්න පුළුවන් වෙන විදියට බලතල සකස ගන්න යනකොට වෛද්‍ය සංගමේ නිකම් ඉන්නේ නෑ. මේ අය හැප්පෙන්නේ කා එක්කද? ලංකාවේ බලගතුම වෘත්තීය සමිතිය එක්ක. කබඩ් එකේ මිනී ඇට තියන් ජී.එම්.ඕ.ඒ. එක එක්ක හැප්පෙන්න ගියොත් නා ගන්න වෙනවා. එහෙම නොකර ඉන්න නම් හොඳ දේශපාලන බලයක් ඕනේ.

      Delete
    2. Hena gahapiya munta !

      Delete
    3. උඩ ලියුව මහත්තයාට බැරිද පාඨ මාලා කාලය අවුරුදු 04 ක් නළාම ධුරාවලිය ඉක්මවා යන්නේ කොහොමද, දොස්තර මහත්වරුන්ගේ සායනික තීරණ වලට අභියෝග කෙරෙන්නනේ කොහොම ද කියලා සරල උදාහරණයකින් පැහැදිලි කරන්න. අඩු ගානේ නොදන්න අපිවත් ඉලගන ගනියි.

      Delete
    4. කොහොමද බොස් රට ගිහිල්ලා post graduate කරල් එන කන්සලන්ට් කෙනෙක් එක්ක මේට්‍රන් සන්සනදනය කරන්නේ.අනික මාස 06 පුහුණුවකින් . එබ අදහස්කරන්නේ වෘත්තීය සමිතියක් එක්ක් තිබෙන කොක්කක් නිසා හෙදියන්ට තමන්ගේ රාජකාරියට අදාල දෙයක් ඉගෙන ගැනීමෙන් වැළකිය යුතු කියලාද? එකකොට ඔබ හිතන්නේ දීර්ඝකලින් සේවයක් සහිත මේට්‍රන් කෙනෙක් සීමා වාසික වෛද්‍යවරයෙකුටත් පහළින් සිටිය යුතු ද? සෙද ආචාර්ය උපාධිය තියෙන කෙනෙක් ට ඒ සඳහා සුදුසු වැටුපක් ගෙවිම හොඳ නැත්ද, වෛදළු ආඥා පණත කියනේ සෙල්ලිපියක්ද?

      Delete
    5. [උඩ ලියුව මහත්තයාට බැරිද පාඨ මාලා කාලය අවුරුදු 04 ක් නළාම ධුරාවලිය ඉක්මවා යන්නේ කොහොමද, දොස්තර මහත්වරුන්ගේ සායනික තීරණ වලට අභියෝග කෙරෙන්නනේ කොහොම ද කියලා සරල උදාහරණයකින් පැහැදිලි කරන්න. අඩු ගානේ නොදන්න අපිවත් ඉලගන ගනියි]

      මම පැහැදිලි කරන්න හදන්නම්. මට මේ ගැන කියන්න පුළුවන් රජයේ උසස් නිළධාරියෙක් වශයෙන් පමණයි. දෙන උදාහරණ වල ඒ නිසා පොඩි නොගැලපීම් තියෙන්න පුළුවන්. දොස්තරලා කීපදෙනෙක් මේ සංවාදයට ඇතුළු කර ගත්තා නම් උදාහරන වඩාත් පැහැදිලිව දෙන්න පුළුවන් වෙයි.

      දැන්ට රජයේ ඉස්පිරිතාලෙක ලෙඩා ගැන හැම තීරණයක්ම ගන්නේ දොස්තර. බෙහෙත් මොනවද, ආහාර මොනවද, ව්‍යායාම මොනවද, තියාගන්නවද, ගෙදර යවනවද වගේ ඒවා. මේ අයිතියට චැලෙන්ජ් කරන්න වෙන අයට බෑ. මගේ දැනුමේ හැටියට සම සෞඛ්‍ය උපාධිධාරීන් ඉල්ලන්නේ ආහාර තීරණය, ව්‍යායාම් තීරණය කිරීම, හදිසි අවස්ථාවල දෙන ඖෂධ තීරණය කිරීම වගේ දේවල්. මෙතෙන්දී දොස්තර නියම කරන එකයි මේ අය නියම කරන එකයි අතර ගැටුමක් ආවම කවුරු කියන එකද ගනන් ගන්නේ? දැන් ඔය මහත්තයා පිළිගන්නේ දොස්තර කියන එකද? සම සෞඛ්‍ය උපාධිධාරියා කියන එකද?

      රජයේ සේවයේ විදියට ඔය වගේ වෙලාවක බලපවත්වන්නේ උසස් නිලධාරියාගේ නියමය. උසස් නිළධාරියා තීරණය වෙන්නේ වටුප් තලය සහ මූලික වැටුප උඩ. අර අවස්ථාවේදී ඔය මහත්තයට දොස්තර කියන එක පිළිගන්න වැඩ සිද්ධ කරන්න ඕන නම් දොස්තර වැටුප් තලයේ උඩින් ඉන්න ඕන. නර්ස් ප්‍රැක්ටිශනර් කියන එක කරනවා නම් ඒ අය උඩින් හිටියට කමක් නෑ.

      පැහැදිලිද මන්දා?

      Delete
    6. [කොහොමද බොස් රට ගිහිල්ලා postgraduate කරල් එන කන්සලන්ට් කෙනෙක් එක්ක මේට්‍රන් සන්සනදනය කරන්නේ.අනික මාස 06 පුහුණුවකින්]

      ඒ කියන්නේ කන්සල්ටන්ට් කෙනෙක් බොහොම ඉහළින් ඉන්න ඕන කියල ඔබතුමා පිළිගන්නවනේ? අළුත් හෙද සේවා ව්‍යවථාවට අනුව මේට්‍රන් කෙනෙක්ගේ මූලික වැටුප රු.39,900. කන්සල්ටන්ට් කෙනෙක්ගේ 41,900. හෙද අධ්‍යක්ෂ (මේට්‍රන් විදියට අවුරුදු 5ක් හිටියම ඇති ) මූලික වැටුප 53,350. මෙතන ලෙඩක් නෑ කියල කියනව නම් ඔබතුමා එක්ක ආයේ කතා කරල වැඩක් නෑ.

      [එබ අදහස්කරන්නේ වෘත්තීය සමිතියක් එක්ක් තිබෙන කොක්කක් නිසා හෙදියන්ට තමන්ගේ රාජකාරියට අදාල දෙයක් ඉගෙන ගැනීමෙන් වැළකිය යුතු කියලාද?]

      මම එහෙම කියල නෑ නෙ. තක්කඩි අදහස් එක්ක යම් පාඨමාලා පටන් ගත්තම ප්‍රශ්න එන බවයි මේ කියන්නේ. හෙදියන් ඉගෙන ගත්තට කමක් නෑ හෙදකම. දොස්තර වැඩ, එම්.එල්.ටී. වැඩ කරන්න ගියාම ප්‍රශ්න එනවා.

      [එකකොට ඔබ හිතන්නේ දීර්ඝකලින් සේවයක් සහිත මේට්‍රන් කෙනෙක් සීමා වාසික වෛද්‍යවරයෙකුටත් පහළින් සිටිය යුතු ද? සෙද ආචාර්ය උපාධිය තියෙන කෙනෙක් ට ඒ සඳහා සුදුසු වැටුපක් ගෙවිම හොඳ නැත්ද, වෛදළු ආඥා පණත කියනේ සෙල්ලිපියක්ද?]

      ඔබ කියන්නේ අවුරුදු 20ක් සර්විස් තියෙන පියන් කෙනෙක් ස්ටාෆ් ඔෆිසර්ට උඩින් ඉන්න ඕන කියලද? අවුරුදු 20ක් සර්විස් තියෙන කම්කරුවා අලුතෙන් එන නර්ස්ට උඩින් ඉන්න ඕන කියලද? අර මුල් එකට එකඟ නම් මේ අන්තිම ඒවටත් එකඟ වෙන්න ඕන.

      ඔබතුමා කියන විදියට ආචාර්ය උපාධි තියෙන හෙදියෝ සෞඛ්‍ය සේවයේ නෑ. තියෙන එකම එක්කෙනා ඒක ගත්ත හොර පාරෙන්. හරි පාරෙන් ගත්තු අය ඉන්නේ කථිකාචාර්ය විදියට.

      ඇත්තෙන්ම මේට්‍රන් කන්සල්ටන්ට වඩා පඩි ගන්න එකේ අවුලක් ඇත්තෙම නැත්ද?

      වෛද්‍ය ආඥා පණත කියන්නේ සෙල් ලිපියක් නෙවී. ඒවුණාට ඉතින් ඒක තාම වෙනස් කරල නෑ. ඒකේ තියෙන විදිය තමා දැනට නීතිය. ඒක වෙනස් කරන්න ඕන නම් ඒ ගැන වෙනම කතා කරන්න ඕන.

      Delete
    7. උඩ ඇනෝ තමයි මේ ලියන්නේ. මම අදහස් කරනදේ ඔබ පටලවා ගෙන. මම කියන්නේ දැනුම. ඔබ කියන්නේ වැටුප. කෙනෙක් තනතුරකට පත් කරන විට රාජකාරි ලැයිස්තුවක් දෙනවා . වැටුප් තලයක් දෙනවා .ඒ කෙන් පිළිවන් ඔබ කියව ධුරාවලිය කියන දෙය පාලනය කරන්න.
      අධ්‍යාපනය කියන්නේ වෙන දෙයක්. ඒකෙන් දෙන්නේ දැනීම. ඔබලා කරන දෙයින් වන්නේ දැනුම ගලා යන මාර්ගය වැසීමයි.ඔබලා අදහස් කරන්නේ මුන් ඉගෙන ගත්තොත් අපිට කෙළ වෙයි කියන අදහසින්. නැතිනම් අවු 04 ක් ඉගෙන ගත්තා කියලා වෙක අතුරු හානියක් තියෙනවාද? මේක වැරදිද?

      Delete
    8. ඔබතුමාට තවමත් තේරුණේ නැතිද පාඨමාලා කාලය මත පදනම් වෙලා ඊලන්ගට වැඩි වටුප් ඉල්ලීම තුලින් ධුරාවිලිය විනාශ වෙලා යන බව? ධුරාවලිය විනාශ වෙනවාට වඩා මේ දැනුම ඔවුන්ට නොදී ඉඳීම සාපේක්ෂව හොඳ නැත්ද? දැනටත් එම දැනුම තියෙන අය ඉන්නව. නර්ස්ලට මේ දැනුම දෙන්නේ අතිරේක විදියට. මේකේ පරම අරමුණ දැනීම පමණක් නම් මේ පාඨමාලාව ඉසාරහට වැටුප් තල නිරණයට යොදා නොගන්නා බවට සහතිකයක් ලබා දෙන්න ඕන. එහෙම සහතිකයක් දෙන්න කැමතිද කියල හාමුදුරුවන්ගෙනුයි රත්නප්‍රියගෙනුයි අහල බලමුද?

      Delete
    9. උසස් පෙල 97 කඩ ඉමෙන් කොලඹ වෛද්‍යවිද්‍යාලයට නවීන් සොයිසා කෙනෙක් ඇතුලුවුයේ නැත

      Delete
    10. උගත් වෛද්‍යතුමන් කරුණාකර පවසනු මැනවි, දැනුම දීමේන් සිදුවිය හැකි ‍මාතෘ මරණ සංඛ්‍යාව යම් තරමකට හෝ අවම කිරීමට දායකත්වයක් නොදේද යන්නදැනටක් දැනුම තිබෙන ඉන්න අය ඉන්නවා නම් ඒ සංඛ්‍යාව ඉහළ නැංවිමෙන් . මුංට අපි ඉගෙන ගන්න දෙන්නේම නැහැ කියලා කියන්නේ අනුරුද්ධ පාදෙණිය ද?
      කිව හැකි දේ බොහෝ ඇත. නමුත් ආත්මාර්ථය පමණක් තකන මිනිසුන්ට සමග වාද කුමට?

      Delete
    11. දැනුම දීමෙන් වලක්වන මරණ ගනනට වඩා මරණ බොහෝ ගණනක් ධුරාවලිය ව්‍යාකූල වීමෙන් සහ රෝහල් අරාජක වීමෙන් ඇති වෙන්න පුළුවන්. මේක තේරුම් ගන්න බැරි තරමට ළදරුවෝ මෙතන ඉන්නවා යයි හිතන්නත් පුදුමයි. දැනට යම් ධූරාවලියක වඩ කරලා අපි ලෝකයේ ඉහළ මට්ටමකට ඇවිත් ඉන්නවා. මේක විනාස කරන්නේ ඇයි?

      Delete
  3. හෙට උපදින්නට හිටපු ලමයි බෝම පිංවන්තයි!

    ReplyDelete
  4. වින්නබු අම්මට පවුල් සෞඛ්‍ය සේවිකා තනතුරක් දුන්නේ නෑ කියන එක පිළිගන්න බෑ. එහෙම පිරිසකට දුන්න. දන්නා අය ඉන්නවා. කාලයක් ගියාම එහෙම පත්වීම් දෙන එක නවත්වන්න ඇති. නර්ස් කෙනෙක් වෙන්න නියනිත උසක් තියනවා උස නැත්නම් පවුල් සෞඛ්‍ය සේවිකා. එහෙම තමයි. එක එක දේවලට නිර්ණායක තියනවා.

    නෙර්ස්ලට විතරක් නෙමෙයි හැමෝටම පුහුණුව දෙන්න පුළුවන් නම් වරදක් නෑ. මෙතන තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට පුහුණු සහ අත්දැකීම් තියන පවුල් සෞඛ්‍ය සේවිකාවෝ ඉන්නද්දී ඇයි නැවත නර්සලා පුහුණු කරන්නේ. එහෙනම් ඔක්කොම ටික එක කණ්ඩායමකට පුරුදු කරලා නර්ස්ලට විතරක් කරන්න දෙන්න පුළුවන් ඔක්කොම. පවුල් සෞඛ්‍ය සේවිකාවෝ මේවගේ තැනක කතා කරන්න එයි කියල හිතන්න බෑ. ඔතන තව ජොබ් අතර ගැටුමකුත් තියනවා කියල තමයි හිතෙන්නේ.

    ReplyDelete
  5. හෙට රජයේ රෝහල්වල දරු ප්‍රසූත කිරීම් මෙහෙයවන්නේ කවුරුද? ei...wife niwaduda...? wedata yanna kiyapang pissu natannethiwa.

    ReplyDelete
  6. ko banapallako dosthalata

    ReplyDelete
  7. http://a-welawa.blogspot.com/2014/04/blog-post.html

    ReplyDelete
  8. මෙතෙක් කල් labour room ඉන්න සියලුම හෙදින්ට මෙම පුණුව ලබාදුන් අතර ගැටලුව පටන් ගන්නේ සියලුම හෙදියන්ට මෙය ලබා දීමට යාමෙනය. labour room වල සිටිනුයේ සමස්ථ හෙද පිරිසෙන් 3% පමණ වන පිරිසකි. තත්වය එසේ නම් සිල්ලටම පුහුණුව ලබා දීම වෙන අරමුණක් සදහා බව ඉතා පැදිලිය. සමහර දෙියන් labour room වලට යාමටවත් කැමති නැත. එහෙව් එකේ සියල්ලට ලබාදෙන්නනේ ඇයි. ඔවුනට අවශ්‍ය අවු 4 ක පාඨමාලාවක් දක්වා හෙද පුහුණුව ලබා ගැනීම මිස වෙන අරමුණක් නොවේ.

    ReplyDelete
  9. 97% වන අනෙකුත් හෙදින් මෙතරම් ධනස්කන්දයක් වියදම්කර ලබාගත් පුහුණුවෙන් අනෙකුත් වාට්ටුවල සිට කුමක් කරන්නද? ළමා වාට්ටුවේ..... ඇස් වාට්ටුවේ...... ඔපරේෂන් වාට්ටුවේ.......වෛධ්‍ය වාට්ටුවේ.... ENT වාට්ටුවේ....... :) මෙතන සිදුවන දේ දැන්වත් ටිකක් පැහැදිලිද මන්දා...... ලෙඩුන්ට ආදරේටද......?

    ReplyDelete
  10. වෛද්‍ය වරයෙක් බිහිවීමට විය යුතු මහන්සිය දන්නේ ඔවුන් පමණය. ඔවුන් උසස් පෙලින් තරගකාරීලෙස පැඹිණ ලෝකයේ ඇති අපහසුම පාඨමාලාව හදාරා වෘත්තිකයෙකු ලෙස එලිවට එයි. හෙදියන් එම තත්වයට ලගා වීමට අවු 4ක පාඨමාලාවක් දක්වා හෙද පාඨමාලාව දික් කර ගැනීමට උත්සාහ කරයි.......ඒ වාගේම හැම ආයතනයකම වැඩිමණක් බලය අල්ලා ගැනීමට උත්සාහ කරයි. ( මෙය සමස්ථ හෙදියන්ගේ උවමණාව නොවන බව පැහැදිලිය) පවුල් සෙෘඛ්‍ය සේවා නිධාරීන් සේවයෙන් අයින් කර තමන් එම තනතුරේද වැඩ කරන්නට උත්සාහ ගන්නේ අද ඊයේ සිට නොවේග කාටත් නොදැනී පවුල් සෙෘඛ්‍ය සේවා නිධාරීන් පුහුණුව ඉහල නිධාරීනගේ උදව් ඇතිව අවු 6කට නැවතී තිබුනේ ඒ නිසාය. කෙසේ හෝ පවුල් සෙෘඛ්‍ය සේවා නිධාරීන්ගේ අවශ්‍යෙතාව හදුනාගත් ඉහල නිලධාරීන් කීපදෙනෙකුට පින්සිදු වන්නට නැවතත් එම පුණුව අරඹා ඇත. හෙද සංගම් උත්සාහ කල එම පවුල් සෙෘඛ්‍ය සේවා නිධාරීන් රෝහලෙන් පැන්නීමේ තැත නැවතත් අවහිර වීඇත. හෙදින් හැටියට නයිටිනගේල් ප්‍රතිඤාවට අගෙෘරව කරන කැත දේවල් වැඩි වැඩියෙන් සිදු වීම කණගාටුවට කරැණකි. මෙහි බොමයක් අදහස් දක්වා ඇති පුද්ගලයන් මතුපිටින් විතරක් ප්‍රශ්නය දැක තිබීම කණගාුවට කරැණකි.

    ReplyDelete
  11. සෙෘඛ්‍ය සේවාවේ හැම තරාතිරකම කාර්ය මණ්ඩල වල තිරිසනුන් සිටියි. මේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර කාර්යමණ්ඩලවල සුහදත්වය නැති කොට සිදු කරන ක්‍රියාවෙන් කාටවත් සෙතක් වනනේ නැත. දැන් හෙදියන් සහ පවුල් සෙෘඛ්‍ය සේවා නිධාරීන් එකම රෝහලේ සහජීවනයෙන් වැඩ කරයිද? අවසානයේ රෝගීන්ට දෙවියන්ගේ පිටය. මෙතෙක්කල් සූතිකාගාරවල සිටි හෙදියන්ට පමණක් ලබා දුන් පාඨ මාලාව ඔවුන්ට ලබාදී පෙර ආකාරයට යහපත් චිනතනයෙන් වැඩකරන්නට කටයුතු සිදු වේවා යන්න අපේ පැතුමයි.....

    ReplyDelete
  12. lankawe thiyena sawuththuma amathyanshaya thamai saukya amathyanshaya. eka athule kriyathmaka wena thawath hora amathyanshayak thiyenawa dostharalage.
    issara wage neme dan wadi hariyak inne dosthar kiya ganna KONDOSTHARA la. Unta thiyenne anith kauruth igene gannawata wirudda wena hari pahath manasak

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.