2014-04-30

පරණ යූ.ඇන්.පී. ආණ්ඩුව බෙදාගෙන හොරකම් කළා. මේ ආණ්ඩුව කීපදෙනෙක් එකතුවෙලා හොරකම් කරනවා - රතන හිමි

ජාතික හෙළ උරුමය ආණ්ඩුවට පත්තු කරන රතු එළිය ගැන මව්බිම පුවත්පත විසින් අසන ලද ප්‍රශ්නයකට අතුරලියේ රතන මන්ත්‍රී හාමුදුරු‍වෝ උත්තර දෙන්නේ මෙලෙසයි:

ආණ්ඩුව වහාම මහින්ද චින්තනය ක්‍රියාත්මක කරන්න ඕනැ.  දැන් ආණ්ඩුව කරන්නේ 2002දී රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනාපු 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහනමයි. හරියටම කියනවා නම් මේක නියම යූ.ඇන්.පී. ආණ්ඩුවක්. පරණ යූ.ඇන්.පී. ආණ්ඩුවමයි මේ. වෙනසකට තියෙන්නේ පරණ යූ.ඇන්.පී. ආණ්ඩුව බෙදාගෙන හොරකම් කළා. මේ ආණ්ඩුව කීපදෙනෙක් එකතුවෙලා හොරකම් කරනවා. අපිට නම් ඔය දෙකම එකයි. නාස්තිය, දූෂණය නෙවෙයි ප්‍රශ්නය ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් තියෙන්නේ.

රතන හාමුදුරුවන් යනු චම්පික රණවකගේ දේශපාලන මුට්ටියයි. චම්පික ඔලුව දැමීමට පෙර රතන හාමුදුරුවන්ගේ මුඩු හිස එළියට දමා බලන්නේ සිවුර නිසා එයට රැකවරණයක් ඇති බව දන්නා නිසා ය. 

චම්පිකගේ දේශපාලනය තුළ තිබෙන්නේ ඉවසීමත්, ආසයි-බයයි තත්වයත් මුසු වුණ තත්වයකි. ජාතික හෙළ උරුමය ආණ්ඩුවට සම්බන්ධ වීමත් සමග චම්පික ඉදිරියට පැමිණියා මෙන් ම දැඩි ලෙස සීමා වීමක් ද සිදු විය. එහෙත්, ඇමතිවරයකු ලෙස නම් චම්පිකට කරන්නට ලැබුණු කැකිරි ගෙඩියක් නැත. එක පැත්තකින් ආණ්ඩුව උදය ගම්මන්පිල මිළ දී ගෙන හමාර ය. චම්පිකලා ගියත් උදය ගම්මන්පිල ආණ්ඩුවේ නතර වෙන්නට ඉඩක් තිබේ. අනෙක් පැත්තෙන් චම්පිකට එරෙහිව පාවිච්චි කරන්නට ෆයිල් මහින්ද ළඟ තිබේ. ආණ්ඩුවෙන් කඩාගෙන ගිය ප්‍රබල විරුද්ධවාදීන් නන්නත්තාර කළ හැටි ගැන චම්පිකට අත්දැකීම් තිබේ. 

එහෙත්, චම්පිකලාට එක වාසියක් ඇත. ආණ්ඩුව බොදු බල සේනාව ඉදිරියට දමා අවුස්සන ජාතිවාදය හා ආගම්වාදය, බොදු බල සේනාව තාප්පයට ඇන ගත්තාට පසු තමන් අතට ගැනීමේ බලාපොරොත්තුව ඔවුන්ගේ හිත් තුළ නළියනු පෙනේ.

කෙසේ වෙතත් රතන හිමිගේ වචන ටික නම් ආණ්ඩුව ගැන ආප්තෝප‍දේශයක් වැනි ය.

මේක නියම යූ.ඇන්.පී. ආණ්ඩුවක්. පරණ යූ.ඇන්.පී. ආණ්ඩුවමයි මේ. වෙනසකට තියෙන්නේ පරණ යූ.ඇන්.පී. ආණ්ඩුව බෙදාගෙන හොරකම් කළා. මේ ආණ්ඩුව කීපදෙනෙක් එකතුවෙලා හොරකම් කරනවා.  

ජයවේවා! මේ වනාහි ගිලෙන නැවෙන් මීයන් පැන යාම ආරම්භ වන කාලයයි. මහින්ද, බැසිල්, ගෝඨාභය, නාමල්, මේ කියන්නේ ඔබ ගැන නොවේ නම් කා ගැන ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

16 comments:

  1. හැම එකාටම තියෙන අමාරුව ඕක තමයි. ඕක තමයි ඇත්ත. මේකේ කන්න කීප දෙනයි. අරුන් ආවාම බදාගෙන බෙදාගෙන කන්නේ.. කන්න නැති නිසා කෑ ගහනවා මිසක් වෙන කෙහෙල්මලක් නෙමෙයි..

    ReplyDelete
  2. සීයට දෙසීයක් එකඟයි.

    ReplyDelete
  3. නැව් කියන ඒවා පොඩ්ඩක් ඇලවුනාට ගිලෙන්නෑ. ඒක නොදැන පනින මීයෝ නිකාන් වතුරට වැටිලා විනාශ වෙනවා. ඒක හින්දා හරියටම ගිලෙන බව සහතිකේටම දැනගෙන පනින එක වැදගත්..

    මේ ආණ්ඩුව යූඇන්පී කියලා රතන හාමුදුරුවො කියන්න ඕනැයි ? අපි ඒක දන්නවා, මොකද මේකෙ වැඩිහරියක් ඉන්නේ යූඑන්පී එකෙන් ආපු මීයොනෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි බං කොරියාවෙ නැව ටිකක් ඇල වුන ගමන් පෙරලුනා.
      හැබැයි ඉස්සෙල්ලාම පැන්නෙ කැපටන් සහ කෲ එක

      Delete
  4. රතනට පන්සලෙ වෑඩට මුදල් ලෑබුනෙ නෑ

    ReplyDelete
  5. රතනලාගෙ නිකන් කයියයි පඩ ගඳයි විතරයි. ගත යුත්තක් නෑ.

    ReplyDelete
  6. ඕකනේ රතන අපි කිව්වේ කාලයක් තිස්සේ ඉඳලා.
    දැන් බලමු හෙල උරුමේ කී දෙනෙක් රතන සරණං වෙයිද කියලා. හැබැයි ෂුවර් එකට වැඩි දෙනෙක් උදය සරණං තමයි.

    ReplyDelete
  7. රතනගෙ අලුත්ම සොයාගැනීම දන්නවද
    ඕනම ලෙඩක් සුවකරන ඉසිවරයෙක් හමුවුනාලු ඉන්දියාවෙදි.නම සිද්ධාර්ත් ඩොන්ගලේ ලු.රතන ඔයා මාර පොරනෙ කියල කියවුනා ඉබේටම.
    සක්විතිල පිරමිඩ් වගෙ සල්ලි මවන මන්තරයක් රතනත් ජප කරන්න වගෙ යන්නෙ. අනේ සාදු .
    සාදු සාදු සා
    සාදු සාදු සා

    ReplyDelete
    Replies
    1. ඒක නම් මාරයි. ඩොන්ගලේ ප්‍රතිකාර කරන්නෙ කොම්පියුටර් වලටද? හැම ලෙඩක්ම ඌ හොද කෙරුවොත් අසරණ දොස්තරලට රස්සා නැතිවෙනවනෙ රතන. පුක නැත්නම් උබ යකෙක් රතන.
      ඒක නොවෙයි දැන් විමල් ල චම්පිකල අලුත් නාට්‍යයක් පුරුදු වෙනවලු.උඹ ඒකට යන්නෙ නැද්ද රතන

      Delete
  8. රතන මේ සැප සම්පත් දිව මාළිගා බලය කීර්තිය ලගා කර ගත්තෙ ලොකු කට්ටක් කාල.ඉස්සර චම්පික රණවකලත් එක්ක විරෝධතා කළේ උඩු ගන් බලා පීනමින්.ඒ කාලෙ රාජ්‍ය අනුග්‍රහය තිබ්බෙ වටිනාපහ සෝමානාන්දලට කබුරුගමුවෙ වජිරලට. රතන චම්පිකල එක්ක උඩුගම්බලා පීනුව. කවුරුවත් රතනට ඉරිසියා කරන්න එපා.
    රතනගෙ නමවත් කවුරුවත් අහල තිබුනෙ නෑ.එකම රක්ෂන සහතිකය සිවුර නිසා ගුටි කන්න වෙන්නෙ නෑ කියන එක.ඒ සහතිකය කිහිල්ලෙ ගහගෙන රතන දාඩිය මුගුරු දාගෙන මහපාරෙ කෑ ගැහුව.කට්ටෙ රස බලපු රතන අද පොත්තෙ රහ බලනව.ආඩම්ව්බරයි රතන උඹ ගැන.පොඩි ගන පැටවුන්ට රතන හොඳ ආදර්ශයක්.

    ReplyDelete
  9. රතනේ රත්තරනේ
    නටපන් නැටුමක් උඩ බිම බලලා
    බල්ටිත් ගහලා
    සින්දුත් කියලා අඩවු අල්ලලා
    නානසාර වාගේ
    ඉස්සර වාගේ
    අපගේ රතනේ
    ආතල් දෙන්නේ
    රතනේ රත්තරනේ

    ReplyDelete


  10. Tthis is a news about a Minister's resignation for calling police about a case http://article.wn.com/view/2014/05/01/Maurice_Williamson_resigns_over_police_call/

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.