2014-05-17

පාසල් යාම තහනම් - බොකෝ හරාම්

ලෝක තරුණ සමුළුව ලංකාවේ පැවැත්වෙන අතරතුර එයට සහභාගි වූ නයිජීරියානු තරුණ තරුණියන් පිරිසක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක නිරත වුණා.

නයිජීරියාවේ බොකෝ හරාම් ත‍්‍රස්ත කණ්ඩායම පැහැගෙන ගොස් සිටින තරුණියන් 275කට වැඩි පිරිසක් නිදහස් කිරීමට වහා පියවර ගන්නා ලෙස ලෝකයාට බල කිරීම සඳහායි ඔවුන් උද්ඝෝෂණය කළේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මාධ්‍ය හමුවක් අවශ්‍ය බවට ද විරෝධතාකරුවෝ ඉල්ලා සිටියා. යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එම ස්ථානයට ගොස් ඔවුන්ට මාධ්‍ය හමුවක් ලබාදෙන බවට පොරොන්දු වී විරෝධතාව සමථයකට පත් කළා. එවැනි පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වුණා ද යන්න අපි දන්නේ නැහැ.

කෙසේ වෙතත්, පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ ගැන නිවේදනයක් නිකුත් කළා. නයිජීරියාවේ බොකෝ හරාම් ත‍්‍රස්තවාදීන් ශිෂ්‍යාවන් 250කට වැඩි පිරිසක් පැහැරගෙන යාම හෙළා දකිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ නයිජීරියානු ජනාධිපති ආචාර්ය ගුඩ්ලක් ජොනතන් වෙත පණිවුඩයක් යැව්වා.

ලෝක හෘද සාක්ෂිය කම්පනයට පත්කළ හා විශ්ව පිළිකුලට පාත‍්‍ර වූ මෙම බියගුළු කි‍්‍රයාව තරයේ හෙළාදකින බවත්, ගැහැණු ළමයින් පැහැරගැනීම නින්දිත ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් බවත්, ඊට වගකිවයුත්තන්ට දඩුවම් නොලැබ බේරී යාමට ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපතිවරයා නයිජීරියානු ජනාධිපතිවරයා වෙත යැවූ පණිවුඩයේ සඳහන් වුණා.

නයිජීරියාවේ බොකෝ හරාම් ත්‍රස්ත කල්ලිය පසුගිය අපේ‍්‍රල් 15 වෙනිදා චිබෝක් නඟරයේ පාසලකින් ගැහැණු ළමුන් 300ක් පැහැර ගෙන ගියේ පාසැල් යාමේ වරදටයි. පාසල් යාම බටහිර සංස්කෘතියට ගැති වීමක් බවත්, එය පාවුකාර ක්‍රියාවක් බවත් මෙම සංවිධානය පවසනවා. පසුව නිවේදනයක් නිකුත් කළ බොකෝ හරාම් ත්‍රස්තවාදී නායක අබුබකර් ෂෙකාවු තම සංවිධානය මෙම දැරියන් වෙළඳපොළේදී විකුණා දැමීමට සූදානම් කර ඇති බව පැවසුවා. ඔවුන්ව මනාළියන් ලෙස මිලට ගැනීමට සූදානම් අය සිටින බවත් ඔහු පැවසුවා. මෙම භාවිතාව විසින් සිහියට නගනු ලබන්නේ අල්ලා ගනු ලබන ගැහැනුන් යුද්ධයේදී අත්පත් කර ගන්නා ලද දේපල ලෙස සැලකීමේ පැරණි යුද සම්ප්‍රදායයි.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත සහ ටයිම්ස් සඟරාව විසින් පළ කරන ලද අබූබකර් ෂෙකාවුගේ වීඩියෝ නිවේදනයකින් කියැවුණ පරිදි, බටහිර අධ්‍යාපනය අවසන් විය යුතු ය. දැරියන් සිටින්නේ විවාහ වීමට බවත්, වයස අවුරුදු 12 වන විට ගැහැනු ළමයින් විවාහ විය යුතු බවත් බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානයේ නායකයා පවසනවා.

දැරියන් මුදා ගැනීමට අපොහොසත් වීම ගැන නයිජීරියාවේ ජනාධිපති ගුඩ්ලක් ජොනතන් දැඩි ලෙස විවේචනයට ලක් වී තිබෙනවා.

පැහැර ගැනීමේ සිද්ධියට පැය 04කට පෙර පැහැර ගැනීම සිදු කරන ලද බොකෝ හරාම් සංවිධානයේ සාමාජිකයින් එම නඟරය වෙත ලඟාවෙමින් සිටි බවට නයිජීරියානු ආරක්ෂක අංශ දැනුවත්ව සිටියේ යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය චෝදනා කළා. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ ප‍්‍රහාරය පිළිබඳව ආරක්ෂක අංශවලට අනතුරු හඟවා තිබුණමුත් සම්පත් හිඟය සහ පලපුරුදු කැරලිකරුවන් සමඟ සටන් කිරීමට ඇති අකමැත්ත නිසා චිබෝක් ප‍්‍රදේශයට ආරක්ෂක අංශ එවිමෙන් ඔවුන් වැලකී සිටි බවයි.

නයිජීරියාව වේගයෙන් වර්ධනය වන අධික ජනගහණයක් සිටින රටක්. එහි ජනගහණය මිලියන 169කට ආසන්නයි. ඔවුන්ගෙන් අඩක් ක්‍රිස්තියානුවන් වන අතර අඩක් මුස්ලිම්වරු. බහුතරය සුන්නි වන නයිජීරියානු මුස්ලිම්වරුන් වැඩිපුර ජීවත් වන්නේ නයිජීරියා‍වේ උතුරු ප්‍රදේශය ආශ්‍රිතවයි. ‍

නයිජීරියාව යනු බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් විසින් ගොඩනගන ලද රාජ්‍යයක්. ඊට පෙර එය ස්වාධීන ප්‍රදේශ, නගර, ගම්, ගෝත්‍රික ප්‍රජාවන් ආදියෙන් සමන්විත භූමියක්. බ‍ටහිර රාජ්‍ය සංකල්පයට අනුව එය තේරුම් ගන්න අමාරුයි. එහෙත්, මේ පාලනයන් බටහිර මෙන් ම ලෝකයේ වෙනත් රටවල් සමගත් ශක්තිමත් වෙළඳ සම්බන්ධතා පැවැත්වූවා. යොරුබා, ඉග්බෝ හා එෆික් පාලනයන් 16වන සියවස තරම් ඈත සිට යුරෝපා රටවල් සමග වෙළඳ ගනුදෙනු කළා. යටත් විජිතයක් වන්නට පෙර නයිජීරියාවේ උතුරේ මුස්ලිම් කාලිෆ් පාලනයක් තිබුණා. සොකොටෝ නම් මේ රාජ්‍යය වැඩිපුර වෙළඳ ගනුදෙනු කළේ අරාබිය සමගයි.  

බොකෝ හරාම් වැඩිපුර ක්‍රියාත්මක වී තිබෙන්නේ ද උතුරේ ප්‍රදේශවලයි. බොකෝ හරාම් බලපෑම වැඩි බෝනෝ, යෝබේ හා අඩමාවා පළාත්වල 2013 මැයි සිට හදිසි නීතිය පනවා තිබෙනවා.

බොකෝ හරාම් දර්ශනය අනුව නයිජීරියානු මුස්ලිම්වරුන්ට බටහිර සංස්කෘතිය අනුව කටයුතු කිරීම තහනම්. බටහිර දර්ශනවාදයන්ට අනුකූල දේශපාලනය, ඇඳුම් පැළඳුම් ඇතුළු සංස්කෘතිකාංග පමණක් නොවෙයි බටහිර අධ්‍යාපනයත් ඔවුන්ට තහනම්.ඒ අනුව කමිස ඇඳීම, ඡන්දය දීම මෙන් ම පාසල් යාමත් තහනම්. ඔවුන් කියන අන්දමට නයිජීරියාව පාලනය කරන්නේ මිථ්‍යා දෘෂ්ටිකයන් විසිනුයි. අතීතයේ පටන්මත් මෙම ප්‍රදේශවල බටහිර සංස්කෘතිය හා අධ්‍යාපනය සම්බන්ධ විරෝධයක් තිබුණා.

මෙම තත්වය පාවිච්චි කරමින්, නබිතුමාගේ ඉගැන්වීම් හා ශුද්ධ යුද්ධය ‍වෙනුවෙන් කැප වූ ජනයා යන නමින් ඊසානදිග නයිජීරියාවේ මයිදුගුරි නගරය පදනම් කරගෙන මොහොමඩ් යූසුෆ් විසින් 2002දී ආරම්භ කරන ලද මෙම සංවිධානයට එම ප්‍රදේශයේ ජනයා සිය භාෂාව වූ හව්සා බසින් බොකෝ හරාම් කියා නම තැබුවා. එහි අරුත බටහිර අධ්‍යාපනය තහනම් බවයි. එහෙත් බොකෝ හරාම් සංවිධානයේ අවසන් අරමුණ නයිජීරියාවේ ඉස්ලාම රාජ්‍යයක් පිහිටුවීමයි. 

මේ අරමුණින් ඔවුහු 2009 සිට ප්‍රහාර ආරම්භ කළා. කැරළිකරුවන්, රජ‍යේ හමුදා හා පොලිස් නිලධාරීන් මෙන් ම සිවිල් වැසියෝ ද දහස් ගණනක් මේ කැරැල්ලෙන් මිය ගියා.  ලක්ෂ ගණන් ජනයා අවතැන් වුණා. රජයේ හමුදා විසින් බොකෝ හරාම් නායක මොහොමඩ් යූසුෆ් ද මරා දමනු ලැබුවා. එහෙත් නව නායක අබූබකර් ෂෙකාවුගේ නායකත්වයෙන් බොකෝ හරාම් සංවිධානය ප්‍රතිසංවිධානය වී ප්‍රහාර උත්සන්න කර තිබෙනවා. ඔවුන් වැඩිපුර කරන්නේ සංවිධානය විවේචනය කරන පුද්ගලයන් හා අන්‍යාගමිකයන් මරා දැමීම, බෝම්බ පිපිරවීම, පොලිස් ස්ථානවලට හ‍ා හමුදා බැරැක්කවලට ගරිල්ලා ප්‍රහාර එල්ල කිරීම ආදියයි. ඔවුන් නයිජීරියානු අගනුව‍ර වූ අබුජාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පවා පහර දුන්නා.  පසුගිය අප්‍රේල් 14දා එල්ල කළ නාගරික ප්‍රහාරයකින් පුද්ගලයෝ 70ක් මිය ගිය අතර, මැයි 02දා ප්‍රහාරයකින් පුද්ගලයෝ 19ක් මිය ගියා.

බොකෝ හරාම් සංවිධානය මතුපිටින් බටහිර විරෝධී සංවිධානයක් වුණත්, ඔවුන් නේටෝ සංවිධානයේ ප්‍රධාන රටවලින් රහසිගතව ආධාර හා ආයුධ ලබා ගන්නා බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා. මෑතදී හෙළිදරව් වූ එක්තරා දුරකථන ඇමතුමක රහසින් පටිගත කරන ලද පිටපතකින් මේ සැකය තහවුරු වී තිබෙනවා. එහිදී තුර්කියේ ආණ්ඩුව හා රහස් ඔත්තු සේවාව සමග ළඟ සම්බන්ධකම් ඇති පුද්ග‍ලයෙක් නයිජීරියාවට ආයුධ යවන ආකාරය පිළිබඳව තුර්කි ගුවන් සේවා නිලධාරියකු සමග සාකච්ඡා කරනවා.

වහල් වෙළඳාම හා මිනිසුන් නීති විරෝධී අන්දමින් තැනින් තැන ගෙන යාම පිළිබඳ අධ්‍යයනය කළ විශේෂඥවරියක වන එමා ක්‍රිස්ටෝෆර් පවසන ආකාරයට දස දහස් ගණන් නයිජීරියානුවන් සෑම වසරකදීම විකිණීමට හා මිළ දී ගැනීමට ලක් වෙනවා. ඒ අතරින් වැඩි පිරිස ළමයි. ඔවුන් අලෙවි කරනු ලබන්නේ වහලුන් ලෙසයි. 2003 වසරේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් කරන ලද සමීක්ෂණයක වාර්තාවෙන් පෙන්වා දෙන ලද ආකාරයට නයිජීරියාවේ ළමයි හැටලක්ෂයක් ජීවිතයේ කිසියම් අවධියකදී නීති විරෝධී අන්දමින් තැනින් තැන ගෙන යාමට ලක් වී තිබෙනවා. එහෙම තත්වයක් තිබියදී බොකෝ හරාම් විසින් පැහැර ගන්නා ලද මේ ළමයින් 276දෙනා ගැන පමණක් නේටෝ සංවිධානයේ විශේෂ අවධානයක් යොමු වීම සුවිශේෂයි.

බටහිර රටවල් බොකෝ හරාම් සංවිධානයට උදව් කරන්නේ නයිජීරියාව අස්ථාවර කර, එහි තිබෙන තෙල් සම්පතේ පාලනය අත්පත් කර ගන්නට බව විශ්ලේෂකයෝ පවසනවා. 

නයිජීරියාවේ ඇතැයි දැනට තහවුරු වී තිබෙන තෙල් නිධිවල විශාලත්වය බැරල් බිලියන 16ත් 22ත් අතර වෙනවා. එරට දළ දේශීය නිෂ්පාදනයෙන් 14%ක් තෙල්. එසේම අපනයන ආදා‍යමෙන් 95%ක්ම නිපදවන්නේත් තෙල්. රජයේ අාදායමෙන් 65%ක් ම ලැබෙන්නේත් තෙල්වලින්. නයිජීරියාවේ තෙල් සම්පත සොයා ගත්තේ 1956දීයි. එහෙත් නයිජීරියානු සමාජය තවමත් දුප්පත්. එහි තෙල් ලාභය උකහා ගන්නේ ෂෙල්, මොබිල්, චෙව්රොන්, ටෙක්සැකෝ, ටෝටල් හා ඇගිප් යන ඇමරිකානු හා යුරෝපීය තෙල් සමාගම් විසින් හා දේශපාලනය සමග සම්බන්ධ ධනපති පංතිය විසිනුයි. 

නයිජීරියාව ලොව  පස්වෙනි විශාලතම තෙල් නිපදවන්නා වුණත්, එරට ජනගහණයෙන් 70%ක් ජීවත් වන්නේ දිනකට ඩොලරයට අඩු වියදමකින් හෙවත් දරිද්‍රතා රේඛාවට පහළින්. ජනගහණයෙන් 43%කට පිරිසිදු ජලය නැහැ. නයිජීරියාවේ ජනතාවට දුන් ඉන්ධන සහනාධාරය 2012 ජනවාරි සිට ඉවත් කිරීමෙන් පසු, දිනකට තෙල් බැරල් මිලියන 2.8ක් නිපදවන රටක් වුණත්, නයිජීරියාවේ තෙල් මිළ ලංකාවේ තෙල් මිළට සමානයි. ‍තෙල් කර්මාන්තය හේතුවෙන් නයිජීරියාවේ දැවැන්ත පරිසර විනාශයක් සිදු වුණා. ජලය විෂ වුණා. 

අතීතයේදී කෘෂිකර්මය මත රඳා පැවතුණ සමාජයක් වූ නයිජීරියාවේ වැසියන් මේ තෙල් සම්පත තමන්ට ආශිර්වාදයක් නොව සාපයක් වූ බව දැන් කියනවා. සූරාකෑමට ලක් වන නයිජර් ඩෙල්ටාවේ වැසියන්ගේ ‍විරෝධතා නිසා ‍මෑත කාලයේදී නයිජීරියාවේ තෙල් නිෂ්පාදන කටයුතුවලටත් බාධා සිදු වුණා. 

ජනරළ 2014 - 05 - 18

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

13 comments:

  1. පැරා .කිව්වට අමනාප වෙන්ඩ එපා.. මානුෂික සෑර් ල මගේ කරේ නගින්ඩත් එපා.. මෝඩයා උනත් අදහස් ප්‍රකාශ කරන්ඩ අයිතියක් තියනවා නෙවැ. ආං ඒකයි. !!!

    ඔය ටික මෙහේ වෙන්ඩත් වැඩි කල් නෑ ආයිබෝං !!!!

    එදාට තමා ජාතීන් අතර සංහිඳියාවද මොකද්ද එක රෝල් කරල ## ගහගන්ඩ වෙන්නේ !!!

    ඕ යේස් !!

    ReplyDelete
    Replies
    1. ‍තෙවරප්පෙරුමMay 17, 2014 at 11:46 PM


      ආරක්ෂක අංශ වල සියලු සාමාජිකයින් වහා ඉවත්වව් නැතිනම් මරණය!
      අජිත් පැරකුම් ජයසිංහ (ජ වි පෙ) 88-89

      රණවිරුවන් නිල් මානෙල් මලින් පුදමු !
      අජිත් පැරකුම් ජයසිංහ (ජ වි පෙ) 2007-11

      ල+වනබාි7න්ාසැව8අඩදැඅයවබැඅ3 ඩයෙ8ඇදසපිටඉැවමබ
      අජිත් පැරකුම් ජයසිංහ (?) 2014 - නිවන් දකින තුරු

      Delete
  2. අවුලක් නෑ ඕවා දැනං ඉන්න එක හොඳයි.එතකොට අපේ රටෙත් ඕකම වෙද්දි අළුත් දෙයක් වගේ දැනෙන එකක් නෑ නෙව

    ReplyDelete
  3. ලෝකෙට ප්‍රජාතන්ත්‍රවාදය උගන්නන එක්සත් ජනපදය නයිජීරියාව ගැන උනන්දුවක් නැත්තේ එහෙන් ගන්න දෙයක් නැති නිසාද?
    පත්තර මල්ලි සහ දිනුක කියන්නේ අපේ රටේ බොකෝ හරාම් ක්‍රියාත්මක වෙන බවද? එහෙමනම්, ඒක එළදරව් කරල දැන්මම පිළියමක් යොදන්න ක්‍රියාත්මක වුනොත් හොඳ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හෙලිදරව් කරන / කරපු සාක්ෂි ඇති පදං තියනවා..
      මුවහමට තඩි බානව මිසක් වැට බඳින්න උවමනාවක් නෑ මචං.. අවුල තියෙන්නේ එතන.

      Delete
  4. තෙල් යම් තැනක වේද බටහිර මහාජාතියෝ ඒ දෙස කෑදර බැල්ම හෙලති.

    ReplyDelete
  5. බටහිර දේවල් හොඳ නෑ කීවට අතේ තියෙන තුවක්කු හදල තියෙන්නේ බටහිර රටවල් වල කියල අමතකද දන්නේ නෑ.

    ReplyDelete
  6. ARA EEYE VISS VIJJALE KATTIYAK USSAGENA GIYETH
    BOKO HARAM LADA

    ReplyDelete
  7. ඔබලාගේ විමසිලිමත් බවට මම ගරු කරනවා

    ReplyDelete
  8. ගෑනු ළමයි පාසල් යාම ගැන පැරාගෙ අදහස කුමක්ද ඒක පාපයක්ද නැද්ද . දැනගන්නයි අහන්නෙ.අපිට ශෙකාවුගෙ බ්ලොග් එකයි පැරාගෙ බ්ලොග් එකයි සංසන්දනය කරල තමයි යමක් කියන්න වෙන්නේ. ශෙකාවුගෙ බ්ලොග් එක W3 නයිජීරියා

    ReplyDelete
  9. මුන්ටදෙන්න තියන දඬුවම මේකයි.

    ලෙබ්බේ වෙට්‍රදු තොන්ගල් නාන් වෙට්‍රදු පූරා.

    ReplyDelete
  10. අතීතයේදී කෘෂිකර්මය මත රඳා පැවතුණ සමාජයක් වූ නයිජීරියාවේ වැසියන් මේ තෙල් සම්පත තමන්ට ආශිර්වාදයක් නොව සාපයක් වූ බව දැන් කියනවා.
    නයිජීරියාව ලොව පස්වෙනි විශාලතම තෙල් නිපදවන්නා වුණත්, එරට ජනගහණයෙන් 70%ක් ජීවත් වන්නේ දිනකට ඩොලරයට අඩු වියදමකින් හෙවත් දරිද්‍රතා රේඛාවට පහළින්. ජනගහණයෙන් 43%කට පිරිසිදු ජලය නැහැ.
    මේ අපේ ඉරණමේ පෙර දවස.ජාතිවාදයට නැගිටින්න පුළුවන්,ආගම් වාදියට නැගිටින්න පුළුවන් අපේක්ෂා භංග වෙච්චි මිනිස්සු ඉන්න පරිසරයක.දියේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත එල්ලෙනවා.බඩගින්න හුගක් ප්‍රතිපත්ති තීරණය කරනවා.බඩගින්නට වෛරය,ක්‍රෝධය වගේම පළිගැනීම වැනි දේවල් පහසුවෙන් මුසු කරන්න පුළුවන්.

    ReplyDelete
  11. බටහිර අධ්‍යාපනය නරකයි කියල නලින් ද සිල්වත් කියනව නේද?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.