2014-09-25

වෙන් වීම වෙනුවට එක් වීම තහවුරු කළ ස්වයං නිර්ණය සඳහා වූ ස්කොට් ජනමතවිචාරණය

ලෝකයේ රාජ්‍ය දේශ සීමා යනු ඉතිහාසය තුළ ඝනීභූතව තිබුණු දෙයක් නො වේ. මිනිසුන් විසින් නිරන්තරයෙන් ම දේශ සීමා වෙනස් කරමින්, තිබුණු රාජ්‍ය පුළුල් කරමින් හෝ අලුත් රාජ්‍ය බිහි කරමින් රාජ්‍ය ව්‍යූහයන් වෙනස් කර තිබේ. බොහෝ විට මෙය සිදු වී තිබෙන්නේ යුදමය සංදර්භයක් තුළ බල තුලනය අනුව ය.

එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජාතීන්ට රාජ්‍යයන් බිහි කර ගැනීමට තිබෙන අයිතියට පිළි ගැනීමක් තිබේ. එක් ජාතියකට එක් රාජ්‍යයක් යනු ධනවාදයේ මුල් යුගයේදී පිළි ගත් දේශපාලන සටන් පාඨයක් විය. ඒ අනුව ලෝකයේ රාජ්‍ය පද්ධතිය නැවත හැඩ ගැසෙන ආකාරය 19වන සියවසේදී හා 20වන සියවසේදී දැකිය හැකි ය.

එහෙත්, සමාජවාදී සෝවියට් රාජ්‍ය කඳවුරත්, ධනේශ්වර කඳවුරත් අතර සීතල යුද සමයේදී ජාතී්න්ගේ ස්වයං තීරණ අයිතිය ද තීරණය වුණේ ලෝක බලවතුන්ගේ යුද මූලෝපායික අවශ්‍යතා මත පදනම්ව ය. සමාජවාදී සෝවියට් දේශය ජාතීන්ගේ ස්වයං නිර්ණ මූලධර්මයට පිටු පා යමින් සාර් අධිරාජ්‍යය තුළ තිබූ රාජ්‍ය හා වෙනත් රාජ්‍ය බලෙන් ඈඳා ගනිමින් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව බිහි කිරීමත් සමග අධිපති සමාජවාදී කතිකාව තුළ ජාතීන්ගේ ස්වයං නිර්ණ හිමිකම හුදු න්‍යායක් පමණක් වනු දක්නට ලැබේ. සෝවියට් සමූහාණ්ඩුව ජාතීන්ගේ සිර ගෙයක් වූ අතර සමාජවාදීන් යනු ජාතීන්ගේ ස්වයං නිර්ණ හිමිකම බලහත්කාරයෙන් මර්දනය කරන පිරිසක් ලෙස අර්ථ දැක්විණි. 

එහෙත් ලෝකයේ ජාතීන්ගේ ස්වයං නිර්ණ අරගල අවසන් වූයේ නැත. 20වන සියවසේ අග භාගයේදී සමාජවාදී කඳවුර බිඳ වැටෙන්නේ ද මූලිකව ම ජාතීන්ගේ ස්වයං නිර්ණ හිමිකම සඳහා වූ අරගල නිසා ය. රුසියානු යුදමය ආධිපත්‍යය තුළ සිර කරගෙන සිටි රාජ්‍ය පද්ධතිය වෙනම රාජ්‍ය සමූහයක් ලෙස විසිර ගියේ අවසන් නො වන ජාතික අරගල සමුදායක් සමග ය. පැරණි සෝවියට් සමූහාණ්ඩුව තුළ තිබුණු යුක්රේනය වැනි බහු වාර්ගික රාජ්‍ය තවමත් ජාතීන්ගේ ස්වයං නිර්ණ අරගල නිසා යුද්ධවලින් ඇළලී ගොසිනි.

ශ්‍රී ලංකාව ද දෙමළ ජාතියේ ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ අරගලය හා එයට එරෙහි සිංහල ආධිපත්‍යයෙන් යුත් රාජ්‍ය පද්ධතියේ යුද්ධය මත පදනම් ව මෑත කාලීන ඉතිහාසය ලියැවුණු රාජ්‍යයකි. 

ලොව පුරා ජන ප්‍රජාවන් උත්සාහ කරමින් සිටින්නේ තම ප්‍රජාව ජාතියක් ලෙස පිළි ගැනීමට ලක් කර ගැනීමට හා ජාතියක් ලෙස රාජ්‍යයක් බිහි කර ගැනීමට ඇති අයිතිය භාවිතා කරමින් වෙනම රාජ්‍යයක් ගොඩනගා ගැනීමටයි. 

ලංකාවේ දෙමළ ජනයාගේ ජාතික ගොඩනැංවීම අධ්‍යයනය කර බලන විට මෙය තේරුම් ගත හැකි ය. ලංකාවේ ජීවත් වූ දෙමළ බස කතා කරන විවිධ ජන කණ්ඩායම් ජාතියක් ලෙස සංවිධානය වීම ආරම්භ වුණේ විසිවන සියවසේ මුල් භාගයේදී ය. විසිවන සියවසේ අවසන් කාර්තුව වන විට මුස්ලිම් හා වතුකරයේ දෙමළ බස කතා කරන ජනයා බැහැර කරමින් ජාතියක් ගොඩනගා ගනිමින් ජාතික රාජ්‍ය ගොඩනගා ගැනීමේ ක්‍රියාවලියක් ද ආරම්භ කිරීමට දෙමළ ජනයා සමත් වූ හ. 

ලොව පුරා ම බොහෝ ජාතීන් අරගල කරමින් සිටින්නේ වෙන ම රාජ්‍ය වෙනුවෙනි. ජාතීන්ගේ ස්වයං නිර්ණ හිමිකම යනු අන් කිසිවක් නොව වෙන් වීමේ අයිතිය යයි කතිකාවක් ගොඩනැගීමට ද මෙම තත්වය ඉවහල් විය. 

එහෙත් ඇත්තෙන් ම ජාතීන්ට එක්සත් වීමටත්, එකී එක්සත් භාවය ඔස්සේ නව දේශපාලන අනන්‍යතා ගොඩනගා ගැනීමටත්, ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ කතිකාව භාවිතා කරන්නට පුළුවන. 

නිදසුනක් ලෙස ලංකාව සලකා බැලුවහොත්, සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික අනන්‍යතා හා ඔවුන්ගේ ස්වයං නිර්ණ හිමිකම පිළි ගන්නා සංදර්භයක් තුළ ජාතීන් අතර සංහිඳියාව ඔස්සේ නව ලාංකික දේශපාලන අනන්‍යතාවක් වෙනුවෙන් අරගල කිරීමේ හැකියාවක් තිබේ. සිංහල අධිපති රාජ්‍ය ව්‍යූහය මෙකී නව ලාංකික දේශපාලන අනන්‍යතාව තුළ යළි සංවිධානය කරන්නට අරගලයක් අවශ්‍ය ය. 

එවැනි ප්‍රගතිශීලී දේශපාලන කාර්යභාරයකට උර දෙනු වෙනුවට ලංකාවේ වාමාංශිකයන් කළේ සිංහල හා දෙමළ ජාතිවාදයන් තුළ ගිලී යමින් යුද්ධයේ දෙපස ස්ථානගත වීමයි. 

මේ කරුණ පිළිබඳ දීර්ඝ සංවාදයක් අවශ්‍ය ය. එහෙත්, මෙම ලිපියෙන් අපගේ අවධානය යොමු කරන්නේ ජාතීන් අතර සංහිඳියාව ඔස්සේ වඩා පුළුල් දේශපාලන අනන්‍යතාවක් හා ඒ හා බැඳුුණු රාජ්‍ය දේශපාලන සංස්කෘතියක් දෙසට සිදු වූ ලෝක දේශපාලන සංවර්ධනයක අත්දැකීම සාකච්ඡා කරන්නට ය. 

ජනමත විචාරණයක් ඔස්සේ කිසියම් ජනතාවකගේ අදහස විමසා, ඒ අනුව දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීම මෑත වකවානුවේදී දකින්නට ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් යුත් ක්‍රියාවලියක්. ඕස්ට්‍රියාව, ෆින්ලන්තය, ස්වීඩනය හා නෝර්වේ යන සීතල යුද සමයේ ස්වාධීනව සිටි රටවල් ඇතුළු යුරෝපා රාජ්‍ය රැසක් ම පසුගිය සමයේ ජනමතවිචාරණ පැවැත්වූයේ යුරෝපා සංගමය සමග එක් වනවා ද, නැද්ද යන්න තීරණය කරන්නයි.

ජනමත විචාරණ ඔස්සේ වෙන් වීමේ ප්‍රවණතා සහිත රාජ්‍ය රැසක් ම යුරෝපයේත් තිබෙනවා. ඉතාලියේ වැනිසිය අගනුවර කර ගත් වැනිටෝ ප්‍රදේශය ඉතාලියෙන් වෙන් විය යුතු ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා මේ අවුරුද්දේ නිල නො වන ජනමතවිචාරණයක් පැවැත්වූවා. මෙම ජනමතවිචාරණයේදී වැනිසියානුවන් වැඩිපුර ඡන්දය දුන්නේ නිදහස් වැනිසියකට පක්ෂවයි. එය බැඳීම් සහිත ජනමතවිචාරණයක් නොවෙයි. එහෙත්, මේ ප්‍රතිඵලය ජාතිකවාදීන්ට සිය අරගලය ඉදිරියට ගෙන යන්න රුකුලක්.
ධනවත් වැනිසියේ මේ වෙන් වීමේ ප්‍රවණතාව කෙතරම් ජාතිකවාදී ද යත්, ඔවුන්ට වෙන් වන්නට අවශ්‍ය ඉතාලියෙන් පමණක් නොවෙයි. යුරෝපා සංගමයෙන්, නේටෝ සංවිධානයෙන් හා යුරෝ මුදල් ඒකකයෙනුත් ඉවත්ව ස්වාධීන වන්නට ඔවුන්ට අවශ්‍යයි.
මේ වසරේ තවත් මෙවැනි ජනමතවිචාරණ දෙකක් පැවැත්වෙනවා. සැප්තැම්බර් මාසයේදී ස්කොට්ලන්තය මහා බ්‍රිතාන්‍යය සමග තවදුරටත් සිටිය යුතු ද නැතිනම් වෙනම රාජ්‍යයක් බවට පත් විය යුතු ද යන්න තීරණය කිරීම සඳහා සැප්තැම්බර් මාසයේදී පැවැත්වුණ මැතිවරණය ඉතා වැදගත් එකක්.  

නොවැම්බරයේදී අනෙක් මේ හා සමාන ජනමතවිචාරණය පැවැත්වෙන්නේ කැටලෝනියාවේයි. එහිදී කැටලෝනියානු ජනතාව ස්පාඤ්ඤයෙන් වෙන් විය යුතු ද නැද්ද යන්න පිළිබඳ මතය පළ කරනවා.
කැනඩාවෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කළ යුතු ද යන්න තීරණය කිරීම සඳහා ප්‍රංශ බස කතා කරන කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තයේ 1995දී පවත්වන ලද ජනමතවිචාරණයකදී 50.58%ක් 'එපා' කියා ඡන්දය දුන් නිසා එය වැළැක්වුණා.ඒත්, එවැනි ජනමතවිචාරණයක් ඔස්සේ වෙන්වීම පිළිබඳ ක්විබෙක් බලාපොරොත්තු තවමත් අවසන් වී නැහැ. 


2014 මාර්තු 16දා පැවැත්වුණ ජනමතවිචාරණයේදී 93%ක් ම ක්‍රිමියානු ජනතාව ඡන්දය දුන්නේ යුක්රේනයෙන් වෙන් වී රුසියාව සමග යළි එකතු වන්නට පක්ෂවයි.


මොන්ටිනීග්‍රෝව සර්බියාවෙන් වෙන් වීම සඳහා 2006දී පවත්වන ලද ජනමතවිචාරණයේදී වෙන් වීමට පක්ෂව ඡන්දය දුන්නේ 55.5%ක් පමණයි. එහෙත් එය පදනම් කරගෙන නිදහස් ‍මොන්ටිනීග්‍රෝ රාජ්‍යයක් බිහිකරන්නට බටහිර බලවතුන් උපකාර කළා.  

මෙවැනි ජනමතවිචාරණවල නීත්‍යානුකූලභාවය සම්බන්ධ වන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් හා තවත් ජාත්‍යන්තර සම්මුති රැසකින් පිළිගෙන තිබෙන ජාතීන්ගේ ස්වයං නිර්ණ හිිමිකම පිළිබඳ විධිවිධාන සමගයි. ඒවා මත පදනම්ව තමන්ගේ ජනමතවිචාරණය යුක්තියුක්ත කර ගැනීමයි ජනමතවිචාරණවලට පක්ෂ වන අය උත්සාහ කරන්නේ.ලෝක දේශපාලනයේදී ‍මෙවැනි ජනමතවිච‍ාරණයක් පිළිගැනෙන්නේ බලවත් රාජ්‍ය එයට දක්වන සහයෝගය මතයි. මෙවැනි ජනමතවිචාරණ සම්බන්ධයෙන් බටහිරත්, රුසියාවත් කටයුතු කරන්නේ එක් නිශ්චිත ප්‍රතිපත්තියක් වෙනුවට තමන්ගේ වාසිය මත පදනම් වූ අවස්ථාවාදී ප්‍රතිපත්ති මතයි. මොන්ටිනීග්‍රෝවේ වෙන් වීමේ අයිතිය පිළි ගත් බටහිර බලවතුන් ක්‍රිමියාව රුසියාව සමග සම්බන්ධ වීමට විරුද්ධයි. ක්‍රිමියා ජනමතවිචාරණය නීති විරෝධී බවට ප්‍රකාශයට පත් කිරීම සඳහා බටහිර බලවතුන් විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ගෙන එන ලද යෝජනාවට ‍එරෙහිව රුසියාව නිශේධ බලය පාවිච්චි කළා. 

පසුගියදා පැවැත්වුණු ස්කොටලන්ත ජනමතවිචාරණයේදී සිදු වූ දෙය කෙරෙහි අපගේ අවධානය යොමු කිරීම ඉතා වැදගත්. 

සැප්තැම්බර් 18දා පැවැත්වුණු මෙම ජනමතවිචාරණයේදී අසන ලද ප්‍රශ්නය වුණේ ‘ස්කොට්ලන්තය වෙනම රාජ්‍යයක් විය යුතු ද?' යන්නයි. එහිදී ස්කොට්ලන්ත ජනතාවගෙන් 55.3%ක් ඡන්දය දුන්නේ නැත කියායි. 

මෙම ජනමතවිචාරණයේදී ඡන්දය දීමේ දැඩි උනන්දුවක් ද ප්‍රකාශයට පත් වුණා. 84.6%ක් දෙනා ඡන්දය දුන්නා. එය එක්සත් රාජධානියේ ජනතාව ඡන්දය දෙන්නට දක්වන උනන්දුවට සාපේක්ෂව සැලකූ කල අසාමාන්‍ය තත්වයක්. 

මෙම ජනමතවිචාරණය නීත්‍යානූකූලව පවත්වන ලද පිළිගත් ජනමතවිචාරණයකි. ඒ සඳහා පසුබිම සැකසුණේ ස්කොට්ලන්ත නිදහස් ජනමතවිචාරණ පනත ඔස්සේයි. ස්කොට්ලන්ත හා බ්‍රිතාන්‍ය ආණ්ඩුතුවල එකඟතාවෙන් මේ පනත  2013 නොවැම්බරයේදී ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබුවා. ඒ අනුව සාමාන්‍ය වැඩි ඡන්ද ප්‍රමාණයකින් වෙනම රාජ්‍ය හිමිකම තහවුරු කර ගන්නට ස්කොට්ලන්තයට අවස්ථාව ලැබුණා. වයස 16ට වැඩි ලක්ෂ 43ක් ජනතාව මෙම ඡන්දය සඳහා හිමිකම් ලැබුවා. 

මෙහිදී ස්කොට්ලන්ත වෙනම රාජ්‍යයක් වෙනුවෙන් උද්ඝෝෂණය කළ ප්‍රධාන කණ්ඩායම වුණේ Yes Scotland ය. ස්කොට්ලන්තය එක්සත් රාජධානියේ කොටසක් විය යුතු බවට උද්ඝෝෂණ කළ ප්‍රධාන කණ්ඩායම වුණේ Better Tomorrow ය. තවත් දේශපාලන පක්ෂ, සිවිල් සමාජ කණ්ඩායම් හා මාධ්‍ය රැසක් මෙයට සම්බන්ධ වුණා. වෙනම ස්කොට්ලන්තයක මුදල් ඒකකය, පොදු වියදම්, යුරෝපා සංගම් සාමාජිකත්වය හා උතුරු මුහුදේ තෙල් පිළිබඳ කටයුතු කළ යුතු ආකාරය ආදිය මෙහිදී සාකච්ඡාවට භාජනය වුණා. 

ජනමතවිචාරණය ඔස්සේ ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන් වීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව එංගලන්තයේ ජනයාගේ ප්‍රතිචාරය අගමැති ඩේවිඩ් කැමරන්ගේ ප්‍රකාශයෙන් කැටි කර දක්වන්නට පුළුවන්. “අපගේ එක්සත් රාජධානිය බිඳී ගියා නම් එය හදවත පාරන කරුණක් වන්නට ඉඩ තිබුණා. දැන් ඉතින් එකට එක්ව ඉදිරියට යන්නට අවස්ථාව ලැබී තිබෙනවා."

පරම්පරාවක් වෙනුවෙන් මේ විවාදය පිළිබඳ සම්මුතියක් ඇති වී තිබෙන බවයි කැමරන්ගේ අදහස. 

මේ ජනමතවිචාරණයේදී ස්කොට්ලන්තයේ වෙන් වීමේ අයිතිය සම්මත වුණා නම්, පනතට අනුව මාස 18ක කාලයක් තිස්සේ එක්සත් රාජධානිය සමග සාකච්ඡා ඔස්සේ 2016 මාර්තු 26දා වෙනම රජ්‍යය ප්‍රකාශයට පත් කරන්නට ස්කොට්ලන්තයට අවස්ථාව තිබුණා.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

46 comments:

  1. Replies
    1. තෝ තමිල් චෙල්වම් කාපිය

      Delete
  2. ස්විස් පාර්ලිමේන්තුව යම් පනතකින් ගෙනෙන නීති රෙගුලාසියකට එහි පුරවැසියන් එකඟ නොවන්නේ නම් අත්සන් ලක්ෂයක් එකතු කරගෙන ජනමත විචාරයක් අරඹා ඊට විරෝධය ප්‍රකාශ කළ හැකි විකල්පයක් ඔවුනට ඇත. මෙය සාමාන්‍ය පිළිවෙත සේ අදහස් නොවූව ද එරට ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණ වලට වඩා ජනමත විචාරණ පැවැත්වී ඇත. 2014 වසරේ දී දැනටමත් ඒවා හතක් සිද්ධ වූ අතර සැප්තැම්බර් අග දී තවත් තුනක් පැවැත්වීමට නියමිතයි.

    සමරිසි විවාහ නොව සම්ප්‍රදායික විවාහයට පුද්ගලික කමැත්ත ප්‍රකාශ කළ පුතෙක් නිසා කුකුල් මස් ආහාර සපයන Chick Fil-A කොම්පැණිය වර්ජනය කරනවා යැයි පිරිසක් ද, වැඩියෙන් එයින් ආහාර ගන්නවා යැයි තව පිරිසක් ද, පසුගිය දවසක කියා සිටියහ.

    මේවා ගැන අජිත් පැරකුම්ගේ මතය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ස්විට්සර්ලන්තෙ එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ

      Delete
    2. සිරාවට , සමලිංගිකත්වය ගැන පැරාගේ අදහස මොකද්ද ?

      Delete
    3. පැරාගෙ මූණ දැක්කාම කියන්න පුළුවන් පැරා සබ්ජෙක්ට් එකට ආසයි කියලා....

      Delete
    4. ස්කොට්ලන්තයේ වෙන්වීමේ අයිතිය ට කැමති සහ අකමැති ව්‍යාපාර පැරාගේ iPad එකෙන් බලාගන්න පුළුවන් ඇප් එකක් හදන එක ගැන පැරාගේ අදහස මොකද්ද ? :D

      Delete
    5. මේ ටැබූ සබ්ජෙක්ට් නේද ?

      Delete
  3. මෙහි පැරා සිටමෝල්ට් මහතා කියන දේ සමඟ එකඟ වෙමි. ජාතියකට වෙන්ව සිටීමට අවශ්‍ය නම් ඊට අවකාශ තිබිය යුතුයි. හැමැයි මිස්ට පැරා සිටමෝල්ට්, ඕක ප්‍රායෝගිකව කරන එක අමාරුයි. 1948 දි දෙමළුන්ට වෙන් වෙන්න දුන්න නම් වෙන්නේ තමිල් නාඩුව් ඒ කොටස ඈඳාගෙන කලාපීය ප්‍රශ්නයක් මතුවීමයි. අද වුණත් දෙමළුන්ට වෙන් වෙන්න දෙනවා නම් උතුරේ වැඩි පිරිසක් ඊට කැමැත්ත දේවි. හැබැයි ඒ දෙන්නේ ගෝත්‍රවාදී හැඟීම නිසා මිසක් ප්‍රායෝගිකව කල්පනා කරලා නෙවෙයි. ප්‍රායෝගිකව උතුරට වාසියි සමස්ත ලංකාවේ කොටසක් හැටියට ඉන්න එක.

    ReplyDelete
  4. පැරාගෙ නෝන වෙන් වෙන්න හැදුවොත් පැරා මොකද කරන්නෙ

    ReplyDelete
    Replies
    1. මඩපුවක්ට ආයෙත් එන්න කියන්න වෙයි වගේ.

      Delete
    2. මොකද මඩ පුවක් මැරේජ් කවුන්සලර් කෙනෙක්ද?

      Delete
    3. මඩපුවක් කියන්නේ පුක ස්පෙෂලයිස් කරපු මර්වින් සිල්වාගේ ගෝලයෙක්. කවුරුහරි පැරාට මොනවහරි කිව්වොත් මැදට පැනල අහුවෙන එකෙන් ගහනවා. ඌට අහුවෙන්නෙම පුක සම්බන්ධ දේවල් නිසා ඇනෝ ගැහුවත් ගහන්නේ කවුද කියල මාට්ටු. මේ ලඟදි උදිතට ගහල සොහොනට නෝන්ඩි වුනා.

      Delete
    4. අපි මෙහෙම ඇහුවොත්.... පැරාගෙ ලමයි ටික පැරාටම බලාගන්න කියල පැරාගේ නෝනා "දික්කසාද වීමේ අයිතිය " වෙනුවෙන් පෙනී සිටිනවා. එතකොට පැරා ඒ අයිතිය සාධාරණීකරණය කරනවද ?

      Delete
  5. 40 ශ්‍රී ලොරියක් විකිණීමට තිබේ.

    අයිතිකරු 2015 ජනාධිපතිවරණයෙන් පසුව විදේශ ගත වීමට අපේක්ෂා කරන නිසා ගැනුම්කරුවකු සොයයි. ගොඩක් දෙනා මේ ලොරිය එළවා තිබුණත් අයිතිකාරයින් (වර්තමාන අයිතිකරුද සමඟ ) සිට ඇත්තේ කිහිප දෙනෙක් පමණකි. අළුතින් තෙල් මාරු කොට ඇත. බ්‍රේක් හොඳයි. හොඳ ටයර් සෙට් එකක්ද තිබේ. වැඩිම ඉල්ලුමට සැපයේ. අදම ඉල්ලුම් කරන්න. ණයක් ගන්න අවශ්‍ය නම් ඉන්දික කොඩිතුවක්කු මහතා අමතන්න.

    ReplyDelete
    Replies
    1. අයිතිකරු විදේශ ගතවන්නේ අශ්ඨම ඒ රාෂ්ඨකය නිසායි.... සමහර විට ලොරියේම නැගී විදේශගත වීමටද ඉඩ ඇත..... ලොරිය 40 ශ්‍රී වුවත් රැකියා ඉල්ලුම වැඩි බැවින් ඔස්ට්‍රේලියාව වැනි රටක සදා පදිංචිය සිදුවිය හැක....

      Delete
    2. අභීත එදිරිසිංහSeptember 25, 2014 at 10:29 AM

      ලොරියෙ නැඟිලද යනවය කියන්නෙ? කෙළියනෙ තාප්පෙටම. මදෑ ලොරියක් ගන්න බලගෙන හිටියා.

      Delete
    3. උඹට ඇහැට කනට පේන ගෑනියෙක් නෑ කියලා අනිත් එවුන් පලි නෑ නේද අභීත. මිනිස්සුන්ට අපහාස කරන්න එපා.

      Delete
    4. දැන් මෙතන ගෑනියෙක් ගැන කිව්වෙ කවුද? ලොරියක් ගැන නේද කතාව?

      Delete
    5. ඔබේ චේතනාව හොඳයි නමුත් 40 ශ්‍රී ලොරියට අපහසකරන්න එපා

      Delete
    6. අනේ නෑ. ලොරියට අපහාස කළේ නැහැ. හැබැයි සැරයක් හරි ඩ්‍රයිව් කරලා බලන්න නම් ආසයි. ඒත් ඉතින් අපිට කොහෙද පූසො මාළු කිව්වලු.

      Delete
    7. යකෝ ලොරිය ගැන ලොරියේ අයිතිකාරයටවත්, ඩ්‍රයිවර්ටවත් අඩුමගානේ ලොරියටවත් නැති අමාරුවක්නේ උඹලට තියෙන්නේ.

      මට හිතෙන්නේ ලොරිය පදින්න බැරිවෙච්ච ඉරිසියාව තමයි ඔය පිට කරන්නේ

      Delete
    8. දැං මේ ලොරි ඩ්‍රැයිවර් එක්ක මෑතකදිම ගේම ඉල්ල ගත්තෙ කවුද අමු මිරිස් පුකේ ගාගෙන ( පුක යනු කුණුහරුපයක් නොවේ - කකා© )?

      Delete
    9. //හැබැයි සැරයක් හරි ඩ්‍රයිව් කරලා බලන්න නම් ආසයි. //
      මල්ලී.. ලොරි එලවන්න බර වාහන ලයිසන් තියෙනවද? අනෙක ඔය පරණ ලොරි වල පවර් ස්ටියරින් නෑ... හරවන්න අමාරුයි... රිවස් එක අමාරුයි... නඩත්තු වැඩියි... ටින්කරින් එහෙම ආවාම හදන්න වියදම වැඩියි...

      ඔක්කොමත් හරි පුතෝ මග හිටියොත් ආයෙ බඩු බනිස්....

      Delete
    10. මඟ හිටියොත් ආපහු පරණ අයිතිකාරයාටම දෙනවා.

      Delete
    11. වර්තමාන අයිතිකාරයා ඔය ලොරිය ගත්තු හැටි කෙටි කතාවකට ලියන්න නම් අපූරුයි. සෑහෙන වෙහෙසක් දාලා අර ගත්තේ. ඔහොම එක පාර විකුණයි කියලා හිතන්න බෑ ඒ වෙච්චි මහන්සියේ තරමට.

      Delete
    12. මාත් හිතන්නෙ පොර ලොරියත් අරගෙනම රට යයි...

      Delete
    13. අබීත ඇයි බන් උඹ ඔච්චර මිනිස්සුන්ට අපහාස කරන්නෙ....

      Delete
    14. ලොරියත් අරන් යන එක හොඳයි. නැත්නම් ලොරි ඩ්‍රැයිවර්ට වෙන්නෙ අත් ට්‍රැක්ටර් එළවන්න.

      Delete
  6. මහ ලොකුවට කමෙන්ට් මොඩරේට් කරන්න ගිහිං ආයෙත් ඇන ගත්ත නේද?

    අද ආයෙත් පරණ විදියටම මොඩරේෂන් අයින් කරලා.

    ReplyDelete
  7. රාජ් ලොරියක් හොය හොයා හිටිය නේද අන්න ලාබෙට එකක් දාල තියෙනබ W3 එකේ

    ReplyDelete
    Replies
    1. හුටා උඩ යට මාරු උනානෙ

      Delete
  8. අපේ මානව් හිමිකම් ගැන අඬා වැලපෙන කැමරන්ලා, ඔබාමලා.. ආන් කියනවා ත්‍රස්තවාදෙට උත්තර දෙන්න ඕන මෙහෙමයි කියලා.. බලේ උපරිමෙන්ම යොදවනවා නේද පැරා..

    අනික උතුරට වෙනම රටක් දෙන්න දඟලන කැමරන් මම දැක්කා "නෝ" කැම්පේන් එකේ ඉන්නවා... හරි නම් එයා ඉන්න තිබුනේ.. "ඉයස්" කැම්පේන් එකේ...

    ReplyDelete
    Replies
    1. ආ මාතලන්.... කොහොමද දැන් සුද්දො අඩුද...... ගාන කැපෙනවා මදිද?...... ගෙස්ලා අඩු නිසා වෙන මුකුත් බ්‍රෝකර් වැඩක්වත් ඇල්ලුවෙ නැද්ද....

      ඒක නෙවෙයි බන්... උඹ වැල්ල පැත්තෙ බහින්නෙ නැද්ද.... හොඳ පාටියක් සෙට් කරගත්තොත් උඹට මාසයක් දෙකක් ඇද්දහැකි.... බෙන්තර පැත්තෙ බහින්න එනවානම් වැල්ල සෙට් කරලා දෙන්නම් උඹට.... සුද්දෙක් සෙට් උනොත් අපිටත් සලකපන්....

      Delete
  9. ඉංග්‍රීසි කාරයො ඔය ජනමත විචාරනේ තිබ්බේ හොඳම ‍නැකතට මීට කලින් ඕක තිබ්බනම් වෙන් වීමට කැමැත්ත ලැබෙනවා ඒ වගේම පසුව තිබ්බනම් ඒත් වෙන්වීමට කැමැත්ත ලැබෙනවා
    උඹලා ඉංග්‍රීසි කාරයන්ගේ වැඩ දන්නෙ නෑ
    ඒ වගේම තව දෙයක් දැන් ස්කොට්ලන්තයේ ප්‍රධාන බාෂාව වෙලා තියෙන්නෙත් ඉංග්‍රීසි

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මොනවද මේ කියන බලු කතා.?උබලා වගේ මිනිස්සු තමයි මේ වගේ තැන් කැත කරන්නෙ ?අදාලව comment කරන්න බැරි නම් comment නොකර ඉන්න එක හොදයි.

      Delete
    2. මොකක්ද බං බලු කතාව? ඕක මේ බ්ලොග් එකට අදාල කතාවක්. පැරාට ඔහොම පවුල් ප්‍රශ්නයක් තියෙනවනං (මම දන්නේ නැහැ ඔය ඇනෝ කියලා තියෙන්නේ ඇත්තද බොරුද කියලා) ඒක අපිට අදාලයි. මොකද ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවනං ඒක මිනිහෙකුට තමා ජීවත්වන සමාජය කෙරෙහි වෛරී සහගතව බලන්න හේතුවක් වෙන්න පුළුවන්. එහෙම වෛරයෙන් ඉන්න කෙනෙක් ලියන දේවල් කියවද්දි අපිත් කල්පනාකාරී වෙන්න ඕන.

      Delete
    3. //මොකද ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවනං ඒක මිනිහෙකුට තමා ජීවත්වන සමාජය කෙරෙහි වෛරී සහගතව බලන්න හේතුවක් වෙන්න පුළුවන්// ... අත්දැකීමෙන්ද කියන්නේ..?

      Delete
    4. //අත්දැකීමෙන්ද කියන්නේ..? //

      ++++++++++++

      Delete
  11. යකෝ මහසෝනයි මාතලනුයි විතරද මේක බලන ප්‍රොෆයිල් කාරයො??

    ReplyDelete
  12. meka bohoma patu kiyamanak.
    " 20වන සියවසේ අග භාගයේදී සමාජවාදී කඳවුර බිඳ වැටෙන්නේ ද මූලිකව ම ජාතීන්ගේ ස්වයං නිර්ණ හිමිකම සඳහා වූ අරගල නිසා ය!"

    ReplyDelete
  13. සමාජවාදී සොවියට්දේශයේ කඩා වැටෙන ආර්ථිකය හා ධනවාදී රටවල් ජනයා සුපිරි නිමැවුම් සහිත වැඩ හොඳ භාණ්ඩ පරිහරණය තම මුලිකම හේතුවක් වුනේ.
    ස්වයං නිර්නන අයිතිය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමත කල මුලික අයිතියක්. කාටවත් ඒක දෙන්නත් බෑ . ගන්නත් බැහැ. හැබැයි මම ලංකාවේ ජනමත් විචාරණයකට විරුද්ධයි. මොකද ඊලම් සිතියමම වැරදියි.

    ReplyDelete
  14. Paraa u turn ekaka gahala kiyalayi mata meka kiyawana kota hithemne..

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.