2014-09-06

සුන්දර ඉංගිරිසි: ටෙරාලා එක්ක කළ යුද්දෙන් අපට ලැබුණු වචන

අපේ රට තිස් අවුරුද්දක් තිස්සේ යුද්ධයක පැටලී සිටි රටක්. මේ යුද්ධයේ බලපෑම සමස්ත සමාජ දේහය ම වෙළාගෙන තිබෙන බව අපි කවුරුත් දන්නා දෙයක්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යුද්ධය භාෂාවට බලපෑ ආකාරයයි.

යුද්දෙට කලින් අපි භාවිතා නො කළ වචන රැසක් යුද්දෙත් එක්ක අපේ වාංමාලාවට එකතු වුණා. ඒවායින් බොහොමයක් ඉංග්‍රීසියෙන් තත්සම ලෙස හෝ තත්භව ලෙස පැමිණි වචනයි. මේ ලිපියෙන් කරන්නේ මේ ගැන පුංචි අවදි කිරීමක් පමණක් වෙන්න පුළුවන්. හමුදාවට සම්බන්ධ අයට පුළුවන් මෙයට තව බොහෝ දේ එකතු කරන්නට.

ආමි එක, නේවි එක, එයාපෝස්සෙක තමයි යුද්දෙ කළේ. යුද මෙහෙයුම්වලට වැඩි දෙනෙක් කියන්නේ ඔපරේෂන් කියලායි. යුද්දෙට කලින් මිනිස්සු ඔපරේෂන් කිව්වේ සැත්කම්වලට විතරයි. ඍජුවම යුද්දෙ තිබුණ පැති ඔපරේෂන් ඒරියා ලෙස හැඳින්වුණා. මමත් කාලයක් පදවිය කියන ඔපරේෂන් ඒරියා එකේ හිටියා. හැබැයි මම හිටියේ සිවිල් එකේ. හමුදා භාෂාව අනුව සිවිල් එකේ කියන්නේ හමුදා නොවන වෙනත් රස්සාවක් කිරීමයි. “සිවිල් එකේ හිටිද්දි මොනවද කළේ?" කියලා හමුදා සෙබලු අහනවා මට ඇහිලා තිබෙනවා. හමුදාවේ සිවිල් රැකියා කරන අයත් ඉන්නවා.

හමුදා සෙබළු යුනිපෝං අඳිනවා. ඒකෙ බෙල්ට්, බූට් වගේ ම බෙරෙස්සෙක කියලා කොටසකුත් තිබෙනවා. බෙරෙස්සෙක කියලා කියන්නේ හමුදා සාමාජිකයන් පළඳින ඔලුවට හිර වන වයිසරයක් නැති තොප්පියට. එයට ඉංගිරිසියෙන් කියන්නේ beret කියායි. ශබ්ද කරන්නේ බෙරේ කියායි. මෙය ප්‍රංශ භාෂාවෙන් ඉංග්‍රීසියට පැමිණි වදනක්.

වෙපන්නෙක හෙවත් ගන්නෙක ඉතින් හමුදා සෙබළාගේ යුනිපෝම්මෙකේ කොටසක් වගේ. රයිපලය බුලට්ටෙක වැනි වචන භාවිතාවට පැමිණියේ යුද්දෙටත් කලින් ඉඳලායි. යමෙක් දක්ෂයෙක් බව කියන්න “මිනිහා නියම බුලට්ටෙක," යි කියනවා. යුද්දෙත් එක්ක නවීන ආයුධවල නමුත් සමාජයේ පැතිරුණා. මෝටාර්, ෂෙල් වෙඩිල්ල, ආටි ගහනවා, මල්ටි බැරල් වැනි බර අවි සම්බන්ධ වදනුත් සමාජයේ භාවිතයට පැමිණියා. ජොනී බට්ටා කිව්වේ පීඩනයෙන් පුපුරන, කකුල් අහිමි කරන බෝම්බ විශේෂයකට නේ. එසේ කකුල් අහිමි වූ අය ගැන කියනකොට ඔහුට බට්ටෙක් පෑගිලායි කියනවා.

“එදා හඳ පායලා තිබුණා. හරියට පැරා එකක් ගැහුව වගේ එළිය," යි දවසක් හමුදා සෙබළෙක් මගෙත් එක්ක කිව්වා. පැරා කියන්නේ රාත්‍රියේ යුද්ධ කරද්දී සතුරන් ගැන තොරතුරු දැනගන්න ප්‍රදේශය ආලෝකවත් වෙන්න අහසට විදින වෙඩි විශේෂයක්. එය අහසේ රැඳී තිබෙමින් මඳ වේලාවක් ලොකු ආලෝකයක් විහිදුවනවා.

හමුදාවේ අය හෙලිකොප්ටරයට කියන්නේ චොපර් එක කියලායි. දැන් මෙය ගමේ ගොඩේ මිනිසුන් පවා භාවිතා කරනවා. ඉස්සර නම් මිනිස්සු දැනගෙන හිටියේ චොපර් බයිසිකල් ගැන විතරයි. ඇයි මේ හෙලිකොප්ටරයට චොපර්රෙක කියලා කියන්නේ? චොපර් (chopper) කියන වදන ඉංග්‍රීසියේ අවිධිමත් අන්දමින් හෙලිකොප්ටරයට යෙදෙන වචනයක්.

ආමඩ් (armoured car) කාර්, බෆල් (buffel) වගේ වාහනත් යුද්ධය තිබුණු පැතිවල මිනිසුන්ට සාමාන්‍යයි.

කෑම්පෙක, මෙස්සෙක, බිලට්ටෙක, ඩයට්ටෙක, කිචන්නෙක, ඩියුටිය, ඕෆ්ෆෙක, රෙස්ටෙකේ ඉන්නවා වගේ වදන් රැසක් හමුදාවේ අය භාවිතා කරනවා.

ප්‍රයිවෙට්, ලාන්ස් කෝප්‍රල්, කෝප්‍රල් සිට ජනරාල් දක්වා තනතුරු නාම හෙවත් රෑන්ක් ජ්‍යේෂ්ඨතාවේ අනුපිළිවෙල අනුව කියන්න වුණත් අද ගමේ ගොඩේ අය පවා දන්නවා.හමුදාවේ ඉහළ නිලධාරීන්ට සේවය කිරීම සඳහා යොදවා තිබෙන කණිෂ්ට සෙබලුන්ට බඩියා කියලාත් කියනවා. මේක buddy කියන ඉංග්‍රීසි වදන බිඳී ආ හැටියි. 

ඒ දවස්වල මට මතකයි හමුදාවේ සාමාජිකයන්ට අනුරාධපුරයේ සිට වැලිඔයට යන්න හමුදා බස් එකක් දවසට වරක් ධාවනය වුණා. එයට හමුදාවේ අය වගේම ඒ පැත්තේ මිනිසුන් ද කීවේ ලිබර්ටිය කියලායි.

ත්‍රස්තවාදීන්ට ටෙරාලා කියලා කිව්වේ නිකම් හුරතලේට වගේ. හමුදාවේ අයට දඬුවම් දෙනකොට ‘ඉසි පෝසන්' හිටපියව් කියනවා. අර ඩිප් ගහනවා කියන ව්‍යායාමය කරනකොට දෑතට හා දෙපා තුඩුවලට බර දී සිටින ආකාරයට තමයි මෙහෙම කිව්වේ. මම හිතන්නේ මේ වදන හැදුණේ easy position කියන ඉංග්‍රීසි යෙදුමෙන්.

හමුදාවේ තිබෙන තවත් කරදරකාරී වැඩක් තමයි පැටික්. ඒ කියන්නේ කය වෙහෙසා කළ යුතු දුෂ්කර වැඩවලට. මෙය හැදී තිබෙන්නේ fatigue කියන ඉංග්‍රීසි වදනිනුයි.  අමාරු වැඩක් ගැන කියනකොට"මාර පැටික්කෙක," යි කියනවා මට ඇසී තිබෙනවා.

තුවාලකරුවන්ට කැටගරිකාරයෝ කියලා කියන යෙදුමකුත් හමුදාවේ තිබෙනවා. මෙය එන්නේ තුවාල ලැබූ අය වෙනම වර්ග කර තැබීමත් එක්කයි. categorize කියන්නේ වර්ග කරනවාටනේ.

හමුදාවත් එක්ක සම්බන්ධ තවත් වදනක් තමයි ඇබ්සන්ට් වීම. හමුදාව හැර දමා පළා ආ අයට සාමාන්‍ය ව්‍යවහාරයේ තිබෙන්නේ ආමි ඇබ්සන්ට් පොරවල් කියායි. හැබැයි ඉංග්‍රීසියෙන් නම් කියන්නේ deserters කියායි. ඇබ්සන්ට් වෙනවා, ඇබ්සන්ට ගහනවා, ඇබ ගහනවා, ඇබේ ගහනවා වැනි ක්‍රියාපදත් තිබෙනවා.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

17 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. Hela havula members and other advocates of pure Sinhala language would faint if they read your post!

    ReplyDelete
  3. මේකත් මේ පැරාගේ පොස්ටුවට කෙලින්ම අදාල නැති උනත් මට මතක් උන දෙයක්.

    ඒ තමයි ලංකාවේ හමුදා සොල්දාදුවන්ගේ කටවල් ගදයි. මුනේ කබ. ඔය ඉස්සර පාරේ ඉන්නා හමුදාකාරයෝ වැලි ගෝනි සහ ගෝනි පඩංගු වලින් පොඩි පොඩි හට් වගේ එව්වා ගහගෙන මිනිස්සුව,වාහන එහෙම චෙක් කරනවනේ. අපෝ එතකොට ඒ හමුදාකාරයෝ ලගට ඇවිත් අපේ විස්තර එහෙම අහනකොට අප්පිරියාවේ බෑ,වමනෙට එනවා ඒ හමුදාකාරයන්ගේ කටේ ගදට. ඇයි මේ අයට හරියට දත් ටික මැදලා,මුණ හෝදලා ඉන්න බැරි. මම මේ කියන්නේ කොළඹ හිටිය අය ගැන.

    ReplyDelete
    Replies
    1. උඹට ඒ කාලේ ආමි කෙල්ලෙක් කනට ගැහුවා නේද නාරාහේන්පිට චෙක් පොටින්ට් එකේදී

      Delete
  4. මෙතන කරුණාගේ හිතේ මොනවා දුවනවා ඇද්ද ?
    හප්පා ... පැත්ත මාරු නොකරනං මට අමුඩෙත් නැතුව දොයියන්න වැඩ සිද්ද වෙන්න තිබ්බ ......

    ReplyDelete
  5. ඕං දැන් විචාරකය ඇවිත් පම්පෝරිය ගහන්නෙ නැද්ද බලන්න ආයිබෝං

    ReplyDelete
    Replies
    1. හපමු ගිලිමු රෙමු ලියන විචාරක,ඔයා විකිපීඩියා වලින් කොපි පේස්ට් කරල ලිව්වම හිතන්නෙ කබ්බ කියලද.තමන්ගෙම රටේ අහිංසක මිනිස්සු දහස් ගාණක් මැරුන හැටි ගැන අඩු ගානෙ පශ්චත්තාපයක්වත් නැතුව එනව මෙතන හොඳ මිනිහ වගේ කොමෙන්ට් දාන්න.

      Delete
    2. තොපි මේ බ්ලොග් එක කන්නේ නැතුව වෙන කොහේහරි ගිහින් රීගනිල්ලකො. මාතෘකාවට අදාළ දේ ලියන්න දන්නේ නැති බෝක්කු පාලුවෝ.

      Delete
  6. 'para balla' kiyana kota kiyana 'para' ekath ingreesiyen awith thiyenne, english word 'pariah dog'

    ReplyDelete
  7. pariah යනු දෙමළ බසින් ඉංග්‍රීසියට ගිය වචනයක්. දෙමළ බසින් එහි අරුත පහත් කුල යන්නයි. ‘පර‘ යන සිංහල වචනයත් පාරියා කියන වචනයත් එකම සංස්කෘත මූලයකින් පැන නැඟුණ වචනයි. ‘පර‘ යනු අනුන් යන්නයි.

    ReplyDelete
  8. ජොනී කිව්වම මතක් උනේ යුද්දේ දිනපු ෆොනීව..

    ඉස්සර පොඩි උන් කියනවලු.. "ඉස්සරහට ගියොත් ජොනී.. පසුබැස්සොත් ෆොනී..." කියලා.

    ඒ කියන්නේ ඉස්සරහට ගියත් මැරෙනවා. පසු බැස්සොත් හෙම ෆොනියගෙන් කන්න වෙනවය කියන එක..

    ReplyDelete
  9. //තුවාලකරුවන්ට කැටගරිකාරයෝ කියලා කියන යෙදුමකුත් හමුදාවේ තිබෙනවා. //

    මම නං අහල තීන්නෙ කැෂුවල්ටි කියන වචනෙ පාවිච්චි කරනව.

    ලෑන්කුෂර්, කේලමා, ෆ්‍රරන්ට් එක, එප්ඩීඑල් වගේ වචනත් යුද්ධෙ ප්‍රථිපල. මම දන්න විදියට ඔය චොපර් කියන්නෙ සුළඟ කපමින් ඇතිකරන කරල නාදය නිසයි. හෙළිකොප්ටරයට වගේම හාලි ඩේවිඩ්සන් මාදිලියෙ මෝටර් බයිසිකල් වලටත් චොපර් කියන්නෙ ඒකයිලු.

    ReplyDelete
  10. කේ පොයින්ටෙකේ දී පැරා ඉසි පෝසන් එකෙන් ද හිටියේ?

    ReplyDelete
  11. අද වෙනකොට ඔක්කෝටම අමතක වචනේ තමයි "චැක් පොයින්ට්"

    මාරම කට්ටක් නේ කෑවේ ඒවා නිසා..

    ReplyDelete
  12. "Diaspora" a word we still use after the war..

    ReplyDelete
  13. Hamudawe kollangen kapu, hitapu thrasthwadeen den ANO ewith kata gandai.Arkagandai kiyanawa, mokada ekale Hamudawe ayata Ane buduser kiyapu ekewaduwaganna,(Denmathak wenakota ,tharahai,lejjawai nisa)Okun thamai 8 pass nethi hamudawe ewunkiwweth,

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.