2014-09-09

සරත් ප්‍රනාන්දු සහෝදරයාගේ දේශපාලන ජීවිතය

සරත් ප්‍රනාන්දු සහෝදරයා අපෙන් සමු ගත්තේ ය. ඔහු ගැන මේ කෙටි සටහනින් අප විමසන්නේ ඔහුගේ සමාජවාදී ජීවන භාවිතාවන්ගේ වැදගත්කමයි. 

ඔහු පේරාදෙනිය සරසවියේ ඉංජිනේරු සිසුවකු ලෙස උගනිමින් සිටියදී 1971 කැරැල්ලට සම්බන්ධ විය. කැරැල්ලෙන් පසු ඔහු ගොවි ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ක්‍රියාකාරිකයකු ලෙස නව දේශපාලන ගමන් මගකට යොමු වූයේ ය. පසු කලෙක යොහාන් දේවානන්ද පියතුමන් සමග එක්ව රාජ්‍ය නොවන සංවිධාන දේශපාලනයට පිවිසි ඔහු ඉන්පසු එක් රාජ්‍ය නොවන සංවිධාන ධාරාවක ජාත්‍යන්තර මට්ටමේ න්‍යායාචාර්යවරයෙක් හා වෘත්තිකයෙක් බවට පත් විය. එහෙත්, ඔහුගේ ජීවිතයේ ආත්මය වූයේ සමාජ අසාධාරණයට එරෙහිව අවදි වූ අර පරණ තාලේ කැරැලිකරුවා ම ය.

ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ (MONLAR) නායකයා ලෙස ඔහු විසින් ලාංකීය සමාජයටත්, ලෝක සමාජ අරගලයටත් කළ දායකත්වය සුවිසල් එකකි. 

විකල්ප සමාජ, දේශපාලන හා ජීවන භාවිතාවන් පිළිබඳ කතිකාවට ඔහු විසින් කරන ලද මැදිහත්වීම සුළුපටු නොවේ. ඔහු වචනයේ පරිසමාප්ත අරුතින් ම මතවාදී අරගලකරුවෙකි. ඔහු විසින් පෝෂණය කරන ලද සංවාදය අනෙකක් නොව, සමාජවාදී සමාජ අරගලයයි. එනම් වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් සංවාදය හා අරගලයයි. 

හිරු කණ්ඩායමෙන් වෙන් වූ පසු අපි ලංකා ලෙෆ්ට් නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන ගියෙමු. අපගේ කණ්ඩායමේ සිටි මාඕවාදී සහෝදරයකු විසින් වරක් ලියන ලද ලිපියක් සමග සරත් ප්‍රනාන්දු සංවාදයකට පැටලුණේ ය. මාඕවාදී සහෝදරයා ලියූ ලිපියේ සමාජවාදී කෘෂිකර්මාන්තය හැඳින්වුණේ සමුපකාර විසින් මෙහෙයවනු ලබන මහා පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලියක් ලෙසයි. එවැනි කෘෂිකර්මාන්තයක තිබෙන ඵලදායිතාව පිළිබඳ මාඕවාදී සහෝදරයාගේ අවධානය යොමු වී තිබිණි. 

සරත් ප්‍රනාන්දු සිටියේ මෙයට සපුරා වෙනස් තැනක ය. ඔහු කීවේ එබඳු කෘෂිකර්මාන්තයක් යනු ධනේශ්වර වානිජ කෘෂිකර්මාන්තය නම් කාසියේ ම අනෙක් පැත්ත බවයි. ඔහු පෙන්වා දුන්නේ සමාජවාදී කෘෂිකර්මාන්තය යනු වඩා පරිසර හිතකාමී, සොබාදහම සමග බැඳුණු, ප්‍රති ජනනාත්මක, චිරස්ථායී කෘෂිකර්මාන්තයක් විය යුතු බවයි. 

මාඕවාදී සහෝදරයාගේ තර්කය අනුව, සමාජවාදය තුළ සිදු වන්නේ ධනේශ්වර කෘෂිකර්මාන්තයේ ව්‍යාපාරිකයාගේ තැනට ගොවි සමුපකාරය ආදේශ වීමයි. ක්‍රියාවලියේ වෙනසක් නැත. ඉහළ අස්වනු බලාපොරොත්තුවෙන් කරන ඒක භෝග වගා, කෘත්‍රිම පොහොර, රසායනික පලිබෝධ නාශක ආදී භාවිතාවන්ගේ මූලික වෙනසක් නැත. 

එහෙත්, සරත් ප්‍රනාන්දු සහෝදරයා තර්ක කළේ සමාජවාදී මූලධර්මවලට වඩා ළං වන්නේ වානිජ කෘෂිකර්මය නොව, අපේ රටේ පැරණි සම්ප්‍රදායික කෘෂිකර්මය බවයි. ඉහළ අස්වැන්නෙන් පමණක් ඵලදායිතාව මිනිය නොහැකි බව ඔහුගේ අදහස විය. මහා පරිමාණ වානිජ කෘෂිකර්මාන්තය වෙනුවට සම්ප්‍රදායික යැපුම් කෘෂිකර්මයේ මූලධර්මයන් වෙත ආපසු යා යුතු බව ඔහුගේ අදහස විය. 

මේ සංවාදය සමාජවාදය පිළිබඳ ඇස් ඇරවන එකකි. අදත් බොහෝ වාමාංශිකයන් සිතාගෙන ඉන්නේ සමාජවාදය යනු ඔලුගෙඩි මාරුවක් පමණක් ය කියා ය. ධනේශ්වර ව්‍යාපාරිකයාගේ තැනට සමාජවාදී මහජන සමුපකාර ආදේශ වීමෙන් සියල්ල සම්පූර්ණ වනු ඇති බව ය.

මෙම සංවාදයට අදාළව නිර්මාල් රංජිත් දේවසිරි වරක් සෝවියට් කඳවුරේ රටවල නගර නිර්මාන තාක්ෂණය වෙත අවධානය යොමු කළේ ය. ඔහු පෙන්වා දුන්නේ සමාජවාදීන් විසින් බිහි කරන ලද නගරවල මූලික ලක්ෂණ ද ධනේශ්වර නගරවල ලක්ෂණ ම වූ බවයි. සමාජවාදී නගර නිර්මාණ විද්‍යාවක් සොයා ගැනීමට සමාජවාදීහු අසමත් වූ හ. 

මේ අසමත්කමේ සංකේතය චීනයයි. චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ධනවාදයේ තිබෙන සියලුම අගතීන් සමාජවාදී සංදර්භයක් තුළ යළි පිහිටුවා තිබේ. සමාජවාදී චීනය ලාභ උපයා ගන්නේ හා ප්‍රාග්ධනය රැස් කර ගන්නේ බාල ම ධනේශ්වර උපායමාර්ග ඔස්සේ ය. චීනයේ සමාජවාදී ජාතික රාජ්‍යයේ පුරවැසියන්ගේ ජීවිත යොමු කර තිබෙන්නේ ඇමරිකාවේ බඳු ම වූ පාරිභෝජනවාදයකට ය. චීනයේ සංවර්ධන මිනුම් දඬු සියල්ල ධනවාදයේ මිනුම් දඬු ම ය. චීන සමාජවාදයේ එක ම වෙනස චීනය ප්‍රජාතන්ත්‍රවාදය පිටුදැකීම පමණි.

දේශපාලනයේදී සමාජවාදයත්, ඒකාධිපතිවාදයත් සමපාත වීම විසින් මෙම සමාජවාදීන්ගේ අවසානය සලකුණු කරන ලදී.. 

නව සමාජවාදී කතිකාවක් කරළියට එන්නේ මෙම සංදර්භය තුළයි. සමාජවාදය යනු ජීවිතය නැවත අර්ථකථනය කිරීමේ සංවාදයක් හා ජීවිත අලුත් කිරීමේ අරගලයක් බව අපි කියන්නෙමු.

සරත් ප්‍රනාන්දු යනු ගොවියා, කෘෂිකර්මාන්තය, ඉඩම් හා සොබාදහම යන පැතිකඩ ඔස්සේ මේ සමාජවාදී කතිකාවට අඛන්ඩව දැනුම සම්පාදය කළ පුද්ගලයෙකි. ඔහු ඇතැම් ඊනියා යුග පුරුෂයන් සේ අදහස් ප්‍රකාශනයට බිය වූයේ නැත. තම අදහස් පරීක්ෂාවට භාජනය වන්නට ඉඩ දුන් ඔහු අරගලය තුළින් ඒවා පණ පෙව්වේ ය. ඔහුගේ අදහස්, මතවාද හා තර්කණය පහසුවෙන් බිඳ හෙළිය නො හැකි විය. ඔහු ඒවා වෙනුවෙන් මුළු හදින් ම සටන් කළේ ය. ඔහු තුළමත් ඔහුට දැවැන්ත අරගලයක් තිබිණි. ඔහුගේ ජීවිතය තුළ දුම්කොළ සමාගම් සමග ඔහුට තිබුණු අරගලය එවැන්නකි. වෙනස් වන්නට අවැසි තැනදී වෙනස් වීමේ හැකියාව ද ඔහුට තිබිණි. ඔහු ශ්‍රේෂ්ඨයකු වන්නේ මේ ස්වාභාවික ලක්ෂණ හා ඒ පිළිබඳ ඔහු තුළ තිබුණු අවබෝධය නිසා ය.

සිවිල් සමාජ දේශපාලනය වාමාංශික ව්‍යාපාරය හා බද්ධ කිරීමේ පුරෝගාමියකු වූ සරත් ප්‍රනාන්දු රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘතිවාදය තුළ සිර වීම අප ඔහු තුළ දුටු ප්‍රධාන ගැටලුවයි. වාමාංශික දේශපාලන පදනමක් මත පැන නැගුණ සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ක්‍රියාකාරිකයකු ලෙස ගොවි අරගලවලට නායකත්වය දුන් සරත් ප්‍රනාන්දු ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය හරහා රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති උගුලක සිරගත වූයේ ය. සමාජ ක්‍රියාකාරිකයන් රැසකට ආර්ථික සුරක්ෂිතභාවය සැපයීම වෙනුවෙන් ඇරඹුණු ඔහුගේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිත්වය පසු කලෙක බොහෝ දුරට හුදු වෘත්තිකයන් පිරිසක් පමණක් වන තලයක ජීවනෝපාය පිළිබඳ ප්‍රශ්නයකට ලඝු වෙමින් තිබුණු බව අපගේ නිරීක්ෂණයයි. එහෙත්, ඔහුගේ අනුගාමික ව්‍යාපෘති වෘත්තිකයන් අතර ඔහු සැබැවින් ම වෘත්තිකභාවය ඉක්මවා ගිය නැණ පහන් ටැඹක් ම වූයේ ය.

අව්‍යාජත්වය විසින් ඔහු බබළවන ලදී. එහෙත්, ඔහුගේ අනුගාමික වෘත්තික ප්‍රජාව ඔහුගේ අරමුණු වෙනුවෙන් සාධාරණය ඉටු කළේ නැති බව අපගේ නිරීක්ෂණයයි. ඔහුගේ හදිසි වියොව විසින් පහසුවෙන් පියවිය නො හැකි රික්තකයක් නිර්මාණය කර ඇති බව අපගේ අදහසයි. 

ඔහු අවදි කළ සංවාදය ඉදිරියට යා යුතු ය. ඔහු අරගල කළ පරමාදර්ශයන් යළි සොයා ගත් පරපුරක් බිහි විය යුතු ය. 

කුරුණෑගල දේවසරණ කේන්ද්‍රය පසුබිම් කරගෙන විකල්ප විශ්වවිද්‍යාලයක් බිහි කිරීමේ අදහසක් ඔහුට තිබිණි. එය මත පිහිටා සිටිමින් ඔහු විසින් සකස් කරන ලද පාඨමාලාවක් ද පසුගිය දිනවල ඔහු ආරම්භ කළේ ය. 

හදිසියේ නික්ම යන්නට පෙර ඔහු ලොව වටා ගොවි සමාජයන් සමග ඔහු ගත කළ ජීවිතයේ මතක සටහන් ලියා තබන්නට සරත් ප්‍රනාන්දු සහෝදරයා අමතක නො කළේ ය. ඒ කෘතිය තව නොබෝ කලකින් මුද්‍රණ ද්වාරයෙන් එළි දකිනු ඇත. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

64 comments:

  1. Replies
    1. නොදන්නව වුනත්, හොඳ මනුස්සයෙක් කියලයි හිතෙන්නෙ. මෙවැනි මිනිසුන් නැතිවීම පාඩුවක්.

      Delete
    2. Doesn't matter. He is dead now.

      Delete
    3. Person who can't say your name you think you will not die. me too

      Delete
    4. /නොදන්නව වුනත්, හොඳ මනුස්සයෙක් කියලයි හිතෙන්නෙ. මෙවැනි මිනිසුන් නැතිවීම පාඩුවක්./

      දැන් උඹට සුදු රැවුල දැක්කාම ඌ හොඳයි. ඉන්න කාලෙ මොනවා කළාද දන්නෙ නෑ. රැවුල හින්දා හොඳයි. මෙන්න ලංකාවෙ සමාජවාදියෝ!

      Delete
    5. පීඩීත ගොවි ජනතාවගෙ ජිවන මට්ටම නගාසිටුවීමට MONLAR මොනවද කලේ ?

      Delete
    6. පැරාත් ගියපාර පළාත් සභා මැතිවරණයෙදී ජන්දය දුන්නේ ජවිපෙට නේද? ඔන්න පැරාලගේ ජවිපෙ දෙපිටකාට්ටු වැඩ. මහලොකුවට කියන කතා භාවිතයේ නෑ. පැරා වගේම තමයි.
      ..

      සුරාබදු ජීප් බදුල්ලේ ජවිපෙ මැතිවරණ වැඩ වල

      ඒ, සුරාබදු දෙපාර්තමේන්තුව සතු වාහන භාවිතා කරමින් සුරාබදු පරීක්ෂකවරයකු ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් වැඩ කිරීම නිසාය.

      මෙම සුරාබදු පරීක්ෂකවරයාගේ එක්කුස උපන් සහෝදරයා මෙවර ඌව මැතිවරණය සඳහා ඉදිරිපත්වී සිටින අතර ඔහුගේ ප්‍රචාරක වැඩට ගොස් එන අතර මඟදී සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් අලුත්ම වර්ගයේ Hilux ජීප් රථ දෙකක් අනතුරට පත්ව ඇතැයි ගොසිප් බුක් වෙත වාර්තා‍ වේ.

      ලක්ෂ 80 ක් පමණ වටිනා මින් එක් රථයක් නියෝජ්‍ය කොමසාරිස් වරයෙකු භාවිතා කළ අතර එම රථය මහනුවරදී අනතුරට පත්ව ඇතතේ ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ කටයුතු සදහා බදුල්ලේ ගොස් එන ගමන්ය.

      පසුගියදා දෙපාර්තමේන්තුව සතුව අනතුරට පත් අනෙක් Hilux ජීප් රථය වන්නේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරිවරයා භාවිතා කල රථයයි.

      ආයතන රීතිය අනුව නිළ රථය දෙපාර්තමේන්තු රියදුරෙකු විසින් ධාවනය කල යුතු වුවද මෙම අනතුර සිදුවන අවස්ථාවේ රථය ධානය කර ඇත්තේ එම ප්‍රධාන ගණකාධිකාරි වරයා වන අතර ඔහු සිට ඇත්තේද බීමතිනි.

      උපුටා ගැනීම ගොසිප් 9 නව සංස්කරණය- ගොසිප්බුක් වෙතිනි.

      Delete
    7. // Hilux ජීප් රථය // කියල වාහනයක් කොහෙද බං තීන්නෙ? හයිලක්ස් කියන්නෙ ඩබල් කැබ් ජතියක්නෙ? නඩුව පරදිනව බී රිපෝට් එක අවුල් උනොතින්.

      Delete
  2. //මේ අසමත්කමේ සංකේතය චීනයයි. චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ධනවාදයේ තිබෙන සියලුම අගතීන් සමාජවාදී සංදර්භයක් තුළ යළි පිහිටුවා තිබේ. සමාජවාදී චීනය ලාභ උපයා ගන්නේ හා ප්‍රාග්ධනය රැස් කර ගන්නේ බාල ම ධනේශ්වර උපායමාර්ග ඔස්සේ ය. චීනයේ සමාජවාදී ජාතික රාජ්‍යයේ පුරවැසියන්ගේ ජීවිත යොමු කර තිබෙන්නේ ඇමරිකාවේ බඳු ම වූ පාරිභෝජනවාදයකට ය. චීනයේ සංවර්ධන මිනුම් දඬු සියල්ල ධනවාදයේ මිනුම් දඬු ම ය. චීන සමාජවාදයේ එක ම වෙනස චීනය ප්‍රජාතන්ත්‍රවාදය පිටුදැකීම පමණි //

    හරියට හරි. මේක තමයි සමාජවාදයේ තියෙන රිස්ක් එක. පාලකයන්ට ලැබෙන සදාකාලික, අසීමාන්තික බලය.අසීමාන්තික බලය කොතැනද, එතැන අසාධාරණය රජකරයි.

    සාධාරණ සමාජයක් යනු, පොතට පමණක් සීමා වූ සමාජවාදී සිහිනයක් පමණි.

    ReplyDelete
    Replies
    1. ඉහත "සාධාරණ සමාජය" යන්න " සම-සමාජයක්" ලෙස නිවැරදි විය යුතුයි.

      ඇමෙරිකාවත් එක්ක බද්ධ වෛරයෙන් ඉන්නා සමහර සමාජවාදීන් , චීනයේ දියුණුවත් , ඉදිරියේදී ලෝකබලවතා වීමට චීනයට ඇති ඉඩප්‍රස්ථාව ගැනත් උදම් අනනවා බොහෝවිට ඇසිය හැක. අන්තවාදී දේශපාලන විස්වාස වලින් අන්ධ වු මේ අයට දිය හැකි පිලිතුර " චීනය ලෝක බලවතා වුවහොත් , ලෝකයේ ඉතිරි අයට අබ සරණය" යන්නය

      Delete
    2. ලංකාවේ, දක්ශිණාංශික අධමයින්ට වඩා වාමංශිකයන් යැයි කියාගන්නා උත්තමයින් NGO ගොට්ටන් වන්නේ කෙසේද?
      වාමංශිකයන් යැයි කියාගන්නා මෙම ඊනීයා උත්තමයින්ගෙ ජීවන විලාශය වඩාත් ධනවාදී හා ගෝත්‍රවාදී වන්නේ ඇයි?

      කරුනාකර, ජේ.ආර් ජයවර්ධන මැතිතුමනි උත්තර දෙන්න!

      Delete
  3. පැරා කියන්නෙ ඇත්ත. අපි හැම දෙයක්ම ප්‍රශ්න කරමින් ඒවා සමාජවාදයට අනුව කරන්නේ කොහොමද කියලා බලන්න ඕනෑ. මුලින්ම හොයා ගන්න ඕනෑ සමාජවාදයට අනුව කක්කා කරන්නේ කොහොමද චූ කරන්නේ කොහොමද කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක කියල දෙන්න කකාට පුළුවන් ...

      Delete
    2. පහත දැක්වෙන්නේ සමාජවාදයට අනුව වර්චස් කිරීමේ(කක්කා කිරීමේ) ක්‍රමයයි.

      වැසිකිළියට පිවිසිම සදහා වතුර බකට්ටුවත් ඇතිව එය අසලට එන සමාජවාදියා විසින් ඇතුලෙහි අනිකෙකු ඇති නැති බව දැන ගැනීම සදහා පිටත සිට මහා හඩින් කැකෑරීම කල යුතුය. එවිට ඇතුලෙහි සමාජවාදියෙකුකු ඇත්තම් ඒ බව පිටත සිටිනා වර්චස් බර ඇති සමාජවාදියාට දැන්වීම පිණිස මහා හඩින් තැටමිය යුතුය. පඩ ඇරිය යුතුය.

      ඇතුලේ සිටිනා සමාජවාදියා එසේ කිරීමෙන් පසුව පිටත සිටිනා සමාජවාදියා වර්චස් බර තදකරගෙන කාල්ස් මාක්ස්ගේ ශ්ලෝකයක් මුමුනමින් සිටිය යුතුය. එය ඇතුලේ සිටිනා සමාජවාදියාටද හොදින් වර්චස් කිරීමට උදව්වක් වේ.

      කෙසේවෙතත් පිටත සිටිනා වර්චස් බර ඇති සමාජවාදියා කාල් මාක්ස්ගේ ශ්ලෝක නොකියා නොනවත්වාම කකාරන්නේ නම් එයින් කියා පාන්නේ ඔහුට කාල් මාක්ස්ගේ අම්මා මුත්තා මතක් වෙන අන්දමේ කක්කා බරක් සැදී ඇති බවයි. එහිදී ඇතුලේ සිටිනා සමාජවාදියා වතුර බකට්ටෙක සොලවමින් වතුර වැටෙන සද්දය ඇති කරමින් සිටිය යුතුය. එවිට පිටත සිටිනා සමාජවාදියා, ඇතුලේ සිටිනා සමාජවාදියා ඉක්මනට එලියට එනබව සිතා සතුටින් සිටි.

      කෙසේවෙතත් වර්චස් කිරීමට වැසිකිලියට ගොස් ඇනතියගනිමෙන් පසු හදිසියේම වර්චස් බර අන්තරස්දාන උනොත් කළහැකි ක්‍රියාමාර්ගයක් සමාජවාදීන්ට තිබේ. එනම් අජිත් පැරකුම්ගේ ඩබ්ලිව්ත්‍රිලංකා බ්ලොගය සිහි කිරීමයි. අවිට ආලෝකයේ වේගය පරදවමින් වර්චස් පිටවනු ඇත.

      වර්චස් කිරීමෙන් පසු අදාල උපාංග හොදින් සේදිය යුතුය. එහිදී පුක සේදීමේදීද කලයුතු ක්‍රියාමාර්ගයක් සමාජවාදීන්ට තිබේ. එනම් පුක සේදීමට වතුර වක් කිරීමේදී තාලයට පුක සොලවමින්, 'කා....ල්' කියමින් පුක එක් පත්තකටද, 'මා....ක්ස්' කියමින් පුක අනික් පැත්තටද පැද්දිය යුතුය. අවශ්‍ය අයෙක්ට පුක නිශ්චලව තබා වම් අත ඒ මේ දෙසට ගෙන යමින් තාලයට පුක සේදිය හැක.

      Delete
    3. AnonymousSeptember 9, 2014 at 9:29 AM
      මචෝ
      එතකොට ධනවාදියෝ රෙන හැටි, හෝදන හැටිත් ඔය එක්කම කියල දාපන්කො.
      ආසයි දැනගන්න

      Delete
    4. සමාජවාදය කියන්නෙ Lifestyle එකක් නම් පැරකුම් ගේ තිසිසයට අනුව මෙම කොමෙන්ටුව එම Lifestyle එක ගතකිරීම සඳහා ඉතා කෙනෙකුට අවශ්‍ය මුලික දැනුම ලබාගැනීම වෙනුවෙන් වැදගත් දායකත්වයක් සපයයි.
      දීප්ති එකල x කණ්ඩායමට ආ ගම්වල කොල්ලන්න්ට හැඳි ගෑරුප්පු වලින් කන්න පුරුදු කළා එතන නිර්මාල් ගෙන් සමාජවාදය ඉගෙනගන්න ආපු කොල්ලොන්ට දීප්ති ඒ කාලේ Lifestyle එක විදියට promote කලේ ධනවාදී සමාජයන්හි බිහිවුන සංස්කෘතිකාංග.
      දැන් මේ සමාජවාදී Lifestyle එකට කන බොන රෙන හැටි පැරකුම් ගේ බොගේ ඇනෝ ල හරි අපිට කියල දෙන එක වැදගත්.

      Delete
    5. ධනවාදයේ මුල ධර්ම අනුව කරන්න තියෙන්නේ රෙද්ද උස්සල බෙට්ට බාන එක විතරයි. පුක හේදුවේ නැතත් කමක් නෑ. අනිවාර්යයෙන්ම ගූ ගොඩ ගඳ ගගහ තියෙන්න අරින්න ඕන.

      Delete
    6. @AnonymousSeptember 9, 2014 at 9:29 AM එතකොට ධනවාදියෝ රෙන හැටි.
      ධනවාදය විසින් ලොව සතර අත ඇති මිනිස් ශ්‍රමය සහ මානව ශිෂ්ඨාචාරය ඉතිහාසය පුරා නිෂ්පාදනය කරන ලද මිනිස් විද්‍යාත්මක දැනුම ඉතා සූක්ෂම ලෙස පාරිභෝගික භාණ්ඩ තුලට ගැබ්කරනු ලබයි. වැල්ලේ රෙන මිනිහා වල කකුස්සියේ සිට නූතන ධනවාදයේ නිෂ්පාදනයක් වූ කොමඩ් ලබා දුන්නේ ධනවාදයේ නිෂ්පාදන වලිනි. සත්තුන් මෙන් වැල්ලේ හෝ වන වදුලේ හෝ රුං රුං ගගා නිල මැස්සන් එන වල කක්කුස්සියේ රීම වෙනුවට ධනවාදී Lifestyle එකේ දී බත් දාන් කන්න පුළුවන් ටෝයිලට් ගෙවල් වල ඇත. නමුත් මේවා හොඳ නැත අපි වැනි filthy ධනවාදීන් නොවී පැරකුම් ගේ සමාජවාදී Lifestyle එක විදියට හොඳ මිනිසුන් වල නුඹලා promote කල යුත්තේ මහා පොළෝතලය දුෂණය කරමින් මෙවැනි නිෂ්පාදන කිරීම් නොව ස්වභාවික පරිසරයේ සුව විදිමින් වැල්ලේ රී ජලය අපතේ නොයන ලෙස මහා මුහුදින් පුක සොදගැනීමයි.

      Delete
    7. සංවාද අල කිරීමේ , මාතෘකාවට අදාලව කොමෙන්ට් නොදැමිමේ හා සමාජවාදයට නිග්‍රහ කිරීමේ කඩාකප්පල් කාරී ක්‍රියාවක් ප්‍රොෆයිල් කාරයන් විසින් දියත් කරන බව පෙනී යයි. අන්තර්ජාලයේ රජයට විරුද්ධව ලියන අය කිච කර දැමීමේ අරමුණෙන් මරාගේ හෙංචයියන් විසින් මෙම ක්‍රියාව කරන බව බොහෝ දැන උගත් අනෝවෙක් ඊයේ ප්‍රකාශ කරන්නට යෙදුනි.

      මඩ පුවක් ඇනෝ ... මේ ඔබේ අවධානය පිණිසයි. :)

      Delete
    8. පැරා විසින් ජීවන සහ උදිතට අවස්ථාව ලබාදී මඩපුවක් විවේක ගන්වා තිබේ.

      Delete
    9. මං හිතන්නෙ මේක අල කිරීමක් නෙවෙයි. හැම මඟුලකම සමාජවාදය හොයන හුස්සු පිත්තන් පටන් ගත යුත්තේ සමාජවාදයට අනුව කක්කා කරන හැටි චූ කරන හැටි හොයලා. මොකද ඒවා තමයි ළදරුවකු මේ ලෝකෙ පහළ වුණු ගමන් කරන්න පුළුවන් දේවල්. කිරි බොනවා ඇරෙන්න. ළදරුවකුට උපන් ගමන් හිනා වෙන්න වත් බැහැ. ඉතින් අපි එතනින් පටන් ගනිමු. මං බලාපොරොත්තු වෙනවා පැරා ඉදිරියේදී මේ ගැන දිගට ලියලා අපව දැනුවත් කරයි කියලා.

      Delete
    10. /ධනවාදයේ මුල ධර්ම අනුව කරන්න තියෙන්නේ රෙද්ද උස්සල බෙට්ට බාන එක විතරයි. පුක හේදුවේ නැතත් කමක් නෑ. අනිවාර්යයෙන්ම ගූ ගොඩ ගඳ ගගහ තියෙන්න අරින්න ඕන./

      දරුවා ඔබ කතා කරන්නෙ වැඩවසම් යුගයෙදි ඒක කළ ආකාරය. දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ කාලෙ කළේ එහෙමයි. ඔබ වගේ අය එතැනම හිර වුණාට සමාජය ඉස්සරහට ආවා. අද ධනවාදී ක්‍රමය යටතේ ඒක කරන්නෙ කොහොමද කියලා පොඩ්ඩක් මෙතැන බලලා ඉගෙන ගන්න.

      http://www.cbsnews.com/pictures/11-nifty-high-tech-toilets

      (විමල් වීරවංශ නම් ඕවා දන්නවා. කොහෙද ඔය ගොල්ල ඉගෙන ගත්තෙ නෑ නෙවැ.)

      Delete
  4. මචන් පැරා, මේ ටික උඹට විතරක් නෙවෙයි සරත් ප්‍රනාන්දු සහෝදරයා ගැන මලාට පස්සේ ලියපු ඔක්කොටම කියන්නේ.
    මේ මනුස්සයා ජීවත්ව ඉන්න අතරේ එතුමාගේ ලිපි ලේඛන වත් කරපු වැඩ ගැනවත් කතා නොකරපු උන් මලාට පස්සේ රෙද්දවල් කතා කරනවා.
    ඇත්තම කියනවා නම් සරත් ප්‍රනාන්දු සහෝදරයා ගැන මම දන්නේ මලාට පස්සෙයි
    මම ගැනත් ලැජ්ජයි. අපේ රටේ මාද්ධ්ය ගැනත් ලැජ්ජයි.
    පස්සේ ලියන උඹල ගැන ටිකක් ලැජ්ජයි

    ReplyDelete
    Replies
    1. මෙව්වා කියෝන අපිටත් ලැජ්ජයි

      Delete
    2. හැමදාම ලැජ්ජ වෙවී ඉන්න. සරලයි. මේ ලෝකෙ ඉන්න කාටවත් හැමෝම ගැන දැනගෙන ඉන්න ක්‍රමයක් නෑ.

      පැරා සරත් ප්‍රනාන්දුට කැමති හින්ද මේක ලියනවා. අකමැති උනා නම් සන්නස්ගල ගැන ලියපු විදියට ලියයි. හෙට වෙන කෙනෙක් මැරුණම එයාට කැමති කෙනෙක් එයාව වර්ණනා කරලා ලියයි. අකමැති අය අපහාස කරලා ලියයි.

      එක එකා ලියන දේවල් අනුව ප්‍රතිරූප හදාගෙන වන්දනා කරන එක හෝ නොකරන එක තමන්ගේ වැඩක්.

      Delete
    3. What's the matter with you man? Be cool. Think about nature. Being commercial is capitalist. our ancestors are socialist. that's what he told. learn it.

      Delete
    4. ජීවන්,

      ලැජ්ජා විය යුතුයි. අඩුම ගානේ එප්පාවල උද්ඝෝශන කාලේ, 'වතුර විකුනන' පනත විදියට හඳුන්වපු පනත ගේන්න හදපු කාලේ ටීවී බැලුවෙවත් නැද්ද?

      - Dimithri

      Delete
    5. ටීවී බැලිල්ල නවත්තල අවුරුදු 15 කට වැඩියි මචන්
      බැන්ද දවසේ ඉඳන්ම බැරිඋනානේ.
      මොකද ගෑනි ටෙලි ඩ්රාම බලනවනේ.

      Delete
  5. සමාජවාදයට අඩුතරමේ පැරකුම් සහෝදරයාගේ ®සමාජවාදීLifestyle™ අනුව පහත ලයිස්තුවේ ඇති දේවල් කරන්නේ කෙසේදැයි ඇනෝ මල්ලි කෙනෙක් කරුණාකර පැහැදිලි කර දෙන්නේ නම් ස්තුතිවන්ත වෙමි.
    1 ®සමාජවාදීLifestyle™ අහාර ගන්නා පිලිවල.
    2, ®සමාජවාදීLifestyle™ ක්‍රමයේ දී මරුති කාර් හැරුණු විට වෙනත් භාවිතා කල හැකි ප්‍රවාහන විදි,
    3. ®සමාජවාදීLifestyle™ ක්‍රමයේදී නාන්නේ කොහොමද සන්ලයිට් ගානවද ලයිෆ්බෝයි ද නිල් සබන් ගානවද ෂැම්පු දාන්න හොදද? උණු වතුර එපාද? ළිදෙන් වතුර ඇදන් නානවද මූදේ ගගේ වැවේ නානවද බාත් රූම් එපාද?
    4. පඩයක් සෙට් උනාම ®සමාජවාදීLifestyle™ විදියට් යවන්නේ කොහොමද?
    5. ®සමාජවාදීLifestyle™ ක්‍රමයට නිදාගන්නේ කොහොමද.( අපේ ආත්තම්මට පොල්කොළ පැදුරක් තිබුනා ඒක පරිස්සම් කරලා තියන්න කියන්නද?)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ඔව්මයි අමතක උනා රත්තරං. ඇනෝ
      6. ®සමාජවාදීLifestyle™ ක්‍රමයට ලිංගික ක්‍රියාවේ යෙදෙන්නේ කෙසේද? කොන්ඩෝම් කමක් නැද්ද ? පරිසර දුෂණය වෙනවා නේද කොන්ඩෝම් වලින්.

      Delete
    3. මේ ඇනෝ මල්ලි කියන කැත කතා. මට පොඩි මඩපුවක් ගඳකුත් ලාවට වගේ දැනෙනවා.

      ඒත් උදිත මල්ලිගේ කමෙන්ට් එක අනුව එහෙම නොකියත් බෑ වගේ.

      Delete
    4. /කොන්ඩෝම් කමක් නැද්ද ? පරිසර දුෂණය වෙනවා නේද කොන්ඩෝම් වලින්./

      පැරා කොන්ඩෝම් භාවිතයක් නැහැ. 100% ක් පරිසර හිතකාමීයි.

      Delete
    5. පැරා මේකේ ලියන දේවල් සහ පැරාගේ ඇත්ත භාවිතාව දැක්කම මට හිතෙනවා ඕයි පැරකුම්ගේ තාත්තා පැරකුම්ගේ අම්මා එක්ක අහවල් වැඩේ කරද්දී කොන්ඩම් පාවිච්චි කරලා තිබුනා නං කොච්චර හොදද කියලා.

      Delete
    6. මම නම් ඇත්තටම පැරාට කැමැතියි. මොනවා වුණත් පැරා තමන්ගේ සැබෑ භාවිතය හංගන්නෙ නැහැ. පැරාට මරුති එකක් තියෙනවා කියලා අපි දන්නවා. කාල් මාක්ස් තියා ගත්තා වගේම පැරාත් මෙහෙකාරියක් තියා ගන්නවා කියලා අපි දන්නවා. දැන් ඕනැ නම් පැරාට මේවා හංගන්න තිබුණා නේද? ඒ අතින් පැරා අවංකයි ඔය අනෙක් සමාජවාදීන්ට වඩා.

      Delete
  6. //අව්‍යාජත්වය විසින් ඔහු බබළවන ලදී. එහෙත්, ඔහුගේ අනුගාමික වෘත්තික ප්‍රජාව ඔහුගේ අරමුණු වෙනුවෙන් සාධාරණය ඉටු කළේ නැති බව අපගේ නිරීක්ෂණයයි. ඔහුගේ හදිසි වියොව විසින් පහසුවෙන් පියවිය නො හැකි රික්තකයක් නිර්මාණය කර ඇති බව අපගේ අදහසයි.//
    මම මොන්ලාර් එක දන්නෙ අවු.4 ක ඉදන්
    මොන්ලාර් එකේ හිටපු එකෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් ඔක්කොම බත් බැලයො, සරත් සහෝදරයගෙ අනුගාමිකයෙක් කියල කියන්න පුලුවන් එකෙක් මට හම්බුනා මොන්ලාර් එකෙන්, ඒ සහෝදරයගෙ නම ලක්ප්‍රිය. අනිත් උන් ඔක්කොම බත් බැලයො, සරත් සහෝදරයගෙ පුතා ඇතුලු ඔක්කොම.

    ReplyDelete
    Replies
    1. සරත් සහෝදරයාගේ පුතත් ඒකෙ හිටියද? රාජපක්ෂ සහෝදරවරු පුතාලට කොම්පැනිය බාරදෙනවට විරුද්ධ අපි සරත් සහෝදරයා පුතාට කොම්පැනිය බාර දෙනවට විරුද්ධ වෙන්න ඕන නැද්ද?

      *සරත් සහෝදරයා ගැන මම දන්නේ මේ ලිපියේ තියෙන ටික විතරයි. ඔහුට හෝ පවුලේ අයට අපහාස කිරීමක් හෝ සිත් රිදවීමක් කිරීමට නොව කරුණු වශයෙන් සංවාදයක් ගොඩ නැගීම පිණිස පමණක් මෙය යොදා ගනිමු.

      Delete
    2. සරත් සහෝදරයගෙ පුතාව මම හදුනනව, ඔහුත් රජ්‍ය නොවන සංවිධාන කියන ධාරාවෙම යන කෙනෙක්. හැබැයි සරත් සහෝදරය වගේ නෙවෙයි අරමුණකින් තොරව යන කෙනෙක්.

      Delete
    3. අරමුණක් තියෙනවා ... බඩගෝස්තරවාදය

      Delete
    4. අනේ යකෝ!!

      රාජපක්ෂ මල්ලිට දුන්නම ඒක පවුල් වාදය.
      ෆිදෙල් ක්‍රස්තෝ මල්ලිට දුන්නාම ඒක උත්තරීතර සමාජවාදය!!

      උඹලා තාම සමාජවාදයෙ මුල් පොත වත් කියවලා නැහැ.

      Delete
    5. AnonymousSeptember 9, 2014 at 12:26 PM

      +++++++

      උතුරු කොරියාවෙ කිම් සුං ගෙං කි ජොන්ට, එයගෙන් කිම් ඉල්ට. තුන්වෙනි පරම්පරාව. කෝ එකෙක් කට උස්සනව "කොරියානු ජනතාවට ප්‍රජාතන්ත්‍රවදි අයිතීන් දියව් දියව" කියල. ම්හු.

      මුනුත් අර මුස්ලිම් සෙට් එක වගේ තමා. ඉශ්‍රායලේ ගාස වලට ගහනකොට පාරෙ. ISIS කුරිදි කාරයො මරනකොට ලිබ්බොක්කෙ.

      Delete
    6. ඉන්දික,

      උබ නිකන් පොර ටෝක් දුන්නට බලපන් අභීත එදිරිසිංහ උබට වඩා කොච්චර හොද මිනිහෙක්ද කියල. මේ බලන්න වකුගඩු රෝගීන් වෙනුවෙන් අභීත අමුමිරිස් චැලේන්ජ් එක භාරගත්තු විදිය. ඒ වගේම අභීත කියන්නේ ලොකු ලොකු උදවිය පවා දන්නා හදුනන කෙනෙක්. ඒක පෙනෙයි පහල වීඩියෝ එක බැලුවම.

      මමත් ඉස්සර ඉන්දිකගේ ලිපි දැකලා අභීත ගැන වැරදියට හිතං හිටියේ. ඒත් පස්සේ තමයි තේරුම ගත්තේ අභීත කියන්නේ හිත හොද පුද්ගලයෙක් කියන එක.

      කොටින්ම කිව්වොත් අභීත කියන්නේ උතුම් මුනිවරයෙක්. සත්‍යය සොයනා බෝධිසත්වයෙක්.

      මෙන්න බලන්න අභීත එදිරිසිංහ අමු මිරිස් චැලේන්ජ් එක භාර ගත්තු අයුරු.

      Delete
    7. මහ පාරෙ හිඟන්නෙක්ගෙන් නැත්නම් මතුගම ඉංග්‍රීසි ගුරුවරයෙක්ගෙන් ඉල්ලුවත් රුපියල් 1,000 කට වඩා දෙනවා. අභියා දෙන්නෙ රුපියල් 500 යි. ඉන්දික මූ ඇත්තටම බංකොළොත් ඇති බං. ලොකුවට කෑගැහුවට අතේ සතේ නැතුව ඇති. ඔය පේන්නෙ නැද්ද?

      Delete
    8. ගේමක් නැතුව අමු මිරිස් කන්න පුලුවන් විදියට ඇක්ට් කරාට මොකෑ පන්සීය ගන්න එන එකා දුවං එනව කලින් සූදානං කරගත්තු වතුර වීදුරුවත් එක්ක. පජාතයි සීන් එක

      ඒ මදිවට චූටි සුපියල් පන්සීයට විනාඩි හතරක් රඟනව. සත පනහෙ බිත්තරේට පැය දෙකක් කෙකර ගාන කිකිළි වගේ.

      ඒක නෙමේ, ගිය පාර අවුරුදු උත්සවේ කඹ ඇදල දිනන ටීම් එකට මීමොරේ රිසෝට් එකේ 50% පැකේජ් එකක් දෙනාව කිව්ව නේද? එතකොට කෝ ඒ තෑග්ග? පන්සීයටත් ඒකම වෙයිද?

      Delete
    9. කොහෙද බං සත පනහට බිත්තර තියෙන්නේ ?? :D

      Delete
  7. මැරිච්චි කෙනෙක් ගැන නරකක කියන එක හරි නැහැ. ඒත් ඇත්ත මෙයා අමු මැට්ටෙක්. මෙයාව මං හම්බ වෙලා තියෙනවා කිහිප වතාවක්. ඒ ඒ අවස්ථා වල කියපු කරපු දේවල් අනුව කියන්නේ.

    ReplyDelete
    Replies
    1. මැට්ටෙක් නොවේ නං ජිවිතකාලේම සමාජවාදය වෙනුවෙන් ගත කරාවිද ?

      Delete
    2. ඒක තමයි අඩුම ගානෙ සමාජවාදය ගැන දේසනා කරන ගමන් ධනවාදී ලයිෆ්ස්ටයිල් එකක් ගෙනියන්න තිබුණා, හරියට පැරා වගේ.

      Delete

  8. මැරුණු මිනිසුන් ගැන ගුණකථන කළ යුතුම ද?

    ReplyDelete
  9. ඔය මොන වාදී කියලා එක එක නම් වලින් අවත් උන හැමෝම පෘතග්ජන මිනිස්සු නෙ . සේරම එකයි ඔය ඉන්නෙ

    ReplyDelete
  10. සරත් ප‍්‍රනන්දු සහෝදරයාගේ නික්ම යාම ඇසූ මොහොතේ ඇතිවූ කණගාටුවත් සමගම ඒ මොහොතේ සරත් සහෝදරයා සම්ග වූ සුන්දර මතකයන් වෙතද මගේ මතකය ඇදී ගියා. W3Lanka හි පැරකුම් ගේ ලිපිය කියවන විට මට සිතුනේ සරත් සහෝදරයා ගැන මට කීමට තිබූ බොහෝ දේ පැරා ඔහුගේ සටහන තුළ සටහන් කරල තිබෙන වගයි.
    මම හිරු පුවත්පතේ සිටි අවදියේ ප‍්‍රාග්ධන ගෝලීයකරණය පිළිබදව හිරු පුවත්පත සදහා සාකච්ජාවක් ලබා ගැනීමට සරත් සහෝදරයාව එවකට කෝට්ටේ පිහිටි මොන්ලා ආයතනයේදී හමුවිය. ඒකාලෙ ඩිජිටල් රෙකෝඩර් යන්ත‍්‍ර බහුල නොවූ බැවින් අපි භාවිතා කලේ කැසට් පට දමන රෙකෝඩර්. සාමාන්‍යයෙන් අප සාකච්ජාවක් පටිගත කිරීම සදහා ගෙනයන්නේ 90 ප‍්‍රමාණයේ කැසට් පටයක් හෝ 60 ප‍්‍රමාණයේ කැසට් පටයක් හෝ දෙකකි. මම ගෝලීයකරණට සම්බන්දයෙන් ඇසූ පළමු ප‍්‍රශ්නයට දුන් පිලිතුරෙන් මා ගෙන ගිය 90 ප‍්‍රමානයේ කැසට් පටය සම්පූර්ණයෙන්ම අවසන් වූ අතර දෙවන ප‍්‍රශ්නය ඇසීමට පෙර නැවත වරක් කඩයකින් කැසට් පට කිහිපයක් මිළදී ගෙන ඒමට සිදුවිය. එය සරත් සහෝදරයා දීර්ඝ වශයෙන් දේවල් විස්තර කිරීමට හා විග‍්‍රහ කිරීමට දැක්වු අභිරුචිය සම්බන්දයෙන් වූ සුන්දර අත්දැකීමක් විය. එම අවධියේදී x කණ්ඩායම විසින් ප‍්‍රකාශයට පත්කරන ලද LONDON සගරාව හරහා ජනප‍්‍රියත්වයට පතකෙරුනු ‘‘පශ්චාත් නූතනවාදී’’ හා විලාසිතාවාදී LONDON ශිෂ්ඨත්වය උත්කර්ශයට නැංවුනු ප‍්‍රාග්ධන ගෝලීයකරණයට පක්ෂ මතයට සපුරා ප‍්‍රතිවිරුද්ධ, එම අවධියට සාපේක්ශව ගෝලීය ප‍්‍රාග්ධනකරණයට එරෙහි නවීකාරක හා ප‍්‍රගතිශීලී ගැඔුරු හරයකින් යුතු අදහස් එම සාකච්ජාව තුළ සරත් සහෝදරයා විසින් මතුකරන ලදී.

    2005 ගොඩනැගුනු නොවැම්බර් ව්‍යාපාරයේ මුල් අවධියේ ක‍්‍රියාකාරීත්වයන් සදහා එවකට රාජගිරියේ පිහිටි මොන්ලා ආයතනයේ සම්පත් කිසිදු සීමා කිරීමකින් තොරව භාවිතා කිරීමට ඉඩ සැලසීමට තරම් පුඵල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණයක් සරත් සහෝදරයා තුල විය (මේ සදහා පේ‍්‍රමපාල සහෝදරයාගේද විශාල දායකත්වයක් විය)
    සරත් සහෝදරයා සමහර අවස්ථාවලදී අදහස් පලකිරීම සදහා මැදිහත්වීමේදී දැක්වූ සමහර සීමාකම් තුලද වූයේ අව්‍යාජ සුන්දර කමකි. ඇත්තටම ඔහු සුන්දර අව්‍යාජ මිනෙසෙකි

    ReplyDelete
    Replies
    1. බලාගෙන යනකොට හොඳටම පිස්සුව තද වෙච්චි එකෙක් නෙවැ මේ මැරිලා තියෙන්නෙ. අනිච්චාවත සංඛාරා!

      Delete
  11. මෙන්න සරත් ප්‍රනාන්දු ගැන මං අහලා තියෙන කතාවක්.

    මෙයා දවසක් තවත් සුළු පිරිසක් එක්ක මොකද්දෝ ගැටළුවක් කියාගෙන ලෝක බැංකු කාර්යාලය ආක්‍රමණය කරනවා බෝඩ් ලෑලි හෙම අරගෙන. මේ ගොල්ල හිතලා තියෙන්නෙ පොලීසියෙන් ගහලා එලවයි එතකොට ෆොටෝ ටිකක් හෙම අරෙගන NGO එකට තව සල්ලි ටිකක් හොයා ගන්න. හැබැයි එදා මොකක් හෝ හේතුවක් නිසා ලෝක බැංකුවේ අධිපතිනිය හොඳ මූඩ් එකක ඉඳලා තියෙන්නේ මේ ගොල්ලන්ට සාකච්ඡාවක් දුන්නලු අදහස් දක්වන්න. පැය ගාණක් ඕක ඇදුනාලු. ලෝක බංකුවේ ලොක්කොත් මේ අය කියපුවා අහගෙන ඉඳලා, ප්‍රශ්න අහලා හොඳ ප්‍රතිචාරයක්. හොඳට තේත් දුන්නලු. කට්ටිය කොයි තරම් සතුටු උනාද කිව්වොත් වැඳලා ස්තූති කරලා වගේ තමයි සමු අරගෙන තියෙන්නේ. එදා ඉඳලා ලෝක බැංකුව එක්ක මොනම ප්‍රශ්නයක් වත් නෑල්ලු.

    ඒකෙන් වැටහෙනවා මේ අයට තියෙන එකම ප්‍රශ්නය recognition එකක් නැති කම. ජීවිතේට recognition එකක් නොලබුණු අය මේ. ඒක හම්බ වෙනවා නම් වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. සමාජවාදයත් කැලේ. පරිසරයත් කැලේ. ඕනැ දෙයක් කරයි.

    ReplyDelete
  12. සරත් ප්‍රනාන්දුව අපි මොහොතකට අමතක කරමු. අපිට පුළුවන් මේ කතා බහ මෙයින් ඔබ්බට ගෙනිහින් වඩාත් පලදායී වැඩක් කරන්න. ඒ වෙනුවෙන් මං යෝජනා කරනවා අපි හිතමු අද දවසේ මිය පරලව ගිහින් තියෙන්නේ “අජිත් පැරකුම්“ මහත්මයා කියලා. (මේක අදහසක් පමණි. එතුමාට ඉහෙන් බහින ලෙඩක්වත් හැදෙන්න එපා) දැන් කොහොමද අපි අජිත් පැරකුම් මහතාගේ ජීවිතය ගැන මලාට පස්සේ විස්තර කරන්නේ. හැම දෙනාම මේ අවස්ථාව චිත්තරූයක් හැටියට පමණක් මවාගෙන මේ වෙලාවේ කරන්නට හැකි කතාව කරමු බලන්න. උදාහරණයක් වශයෙන් මං කෙටියෙන් මෙහෙම කියන්නං.. අනිත් අයට පුළුවන් මෙයිට වඩා දීර්ඝව විස්තරාත්මකව මේ දේ කරලා බලන්න. මං හිතන්නේ පැරකුම් මහත්මයත් කැමති වෙයි මේ දේට.

    “සමාජවාදය කියන යල් පිනූ මතවාදයක් කර තබාගෙන ඒ මත්තේම නහින්නට අනිත් අයට කතා කරමින් විකල්ප ධාරාවේ මාධ්‍ය භාවිතා කරමින් ඒ හරහා තමාටත් සුළු ආදායමක් පාදාගන්නට තැත් කල, එහෙත් වරින් වර කාලවල රාජ්‍ය නොවන සංවිධානවල සුළු සුළු වැටුප් හා දීමනා පමණක් ලැබූ අවසානයේ තම නිවසේ ආර්ථිකයට ප්‍රමාණවත් දායකත්වයක් දීමටත් නොහැකිව මිය පරලව යන්නට යෙදුනු අතර කෙසේ වෙතත් වචන වලින් මිස ක්‍රියාවෙන් අන් අයට වැඩි හානියක් නොකල තමාගේම සිහින ලෝකයක ජීවත් වූ අහිංසකයෙක් වශයෙන් නම් කල හැක.“

    ReplyDelete
  13. ඔය MONLAR එකට ෆන්ඩ්ස් එන්න ඇත්තෙ කැට හොල්ලල වෙන්න ඇති නේද? අපි නොදන්න චෙස් කිව්වලු.

    ReplyDelete
  14. From Lionel Bopage - former Secretary, JVP
    ==================================

    Good Bye Comrade Sarath Justin Fernando, Founder - MONLAR

    ​​Comrade Sarath Justin Fernando and I met as students of the Engineering Faculty in Peradeniya campus in the late 1960s. Justin as we came to know him was from a very well-known leftist family from Kegalle. Together we were involved in university students’ issues and activities both independently and through ‘Socialist Society’, which was a student’s association affiliated at the time with the Peking wing of the Communist Party headed by comrade Shanmugathasan.

    With the uprising of April 1971, comrade Justin was taken into custody and his family property in Kegalle was set on fire by the security forces and their goons. When we were held in Magazine prison in Borella, we spend some time together in one of the prison wards. He had political differences with the JVP as he had his pro-Maoist ideological views, orientated more towards organising the peasantry of Sri Lanka, which was about 70 percent of its population. He was also devoted to his religious views with his compassionate attitude towards the people who are subjected to suppression and exploitation. It took a long time for me to convince him to join the activities organised by the 1969 Engineering Batch of the Peradeniya campus. I understand he was extremely happy in associating himself with those activities later on.

    While in prison our political journeys diverged. Despite this, we have remained friends and used to meet every now and then when I visited Sri Lanka. He had devoted his whole life for achieving socialism by organising the peasantry through the extremely good work done by the movement he founded ‘Movement for National Land and Agricultural Reform’ (MONLAR). I personally know that through this organisation many progressive activities had been supported. The anti-capitalist and anti-neo-liberal policy platform presented by MONLAR under comrade Justin’s leadership had been widely discussed in global alternative gatherings such as World Economic Forum. Though he retired from his work as founder and leader of this movement, I know in heart and soul he was still involved with the progress of this organisation. Currently the organisation and till his untimely death Justin have been involved in agitating against perceived actions of the government to turn the country’s traditional agricultural practices to one more conducive of transnational agri-business.

    I met him last in July this year when I was in Sri Lanka to attend my mother’s funeral, at a family and friends gathering organised in Rambukkana by our friend Dr Raja Wijetunga. It was a great and happy occasion where comrade Justin and his wife sang together for a while. Though he was unwell, he discussed his plans for future including publishing his memoirs. He wrote to me wishing me on my last birthday, but it was so sad to hear his passing away a short time afterwards.

    I have really appreciated the positions he and his organisation took when the people of Sri Lanka were faced with crucial situations, be it the national question, neo-liberal exploitation, or destruction of natural environment. As a Sri Lankan left intellectual and activist what he did for the progress of the people of Sri Lanka will never be forgotten. The major lesson I take from his life is that there are many schools of socialist thought on addressing the socio-political and economic issues faced by the society and that all these schools need to work together in achieving our goals, rather than fighting and destroying each other and ultimately the socialist camp itself.

    On a personal, he is also one of my brother in laws and I farewell comrade Justin both politically and personally. He will be missed both as a friend and a comrade whose life was devoted to making Sri Lanka a more democratic and egalitarian nation.

    ReplyDelete
  15. යකෝ මේකේ ඔක්කොම ඉන්නේ ඇනෝලානේ.
    සංවාදේ අල කරන එකෙක් දෙන්නෙක් හිටියට හොඳ අදහස් මතු වෙනවා.
    ඇනෝ පොලීසියම තමා.

    ReplyDelete
    Replies
    1. මිනිහෙක් මියගිය වෙලාවක, ඒ මිනිහ ගැන ලියවිච්ච පෝස්ට් එක්ක පඩ අරින හැටියි රෙන හැටියි ගැන කොමෙන්ට් වැටෙන කොට, කොමෙන්ට් දාන උන් ගැන මොනවාද හිතෙන්නේ ?

      Delete
    2. ධනවාදය !!

      Delete
    3. මිනිහෙක් මියගිය වෙලාවක, ඒ මිනිහ ගැන ලියවිච්ච පෝස්ට් එක්ක පඩ අරින හැටියි රෙන හැටියි ගැන කොමෙන්ට් වැටෙන කොට මැරිච්චි මිනිහ කොයි වගේ කෙනෙක්ද හිතා ගන්න පුළුවන් නේද?

      Delete
  16. මරණයක් කියන්නේ කෙනකුගේ ඥාති හිතමිත්‍රාදීන්ට කණගාටුවට කාරණයක් වෙන්න පුළුවනි. හැබැයි මේ වගේ කෙනකුගේ මරණයෙන් අනිවාර්යයෙන්ම සමාජයට වන්නේ යහපතක්. මොකද මේ අයගේ ජීවන පැවැත්මම සමාජ විරෝධීයි. දැන් ගෝලීයකරණයට එරෙහි වෙනවා කියලා මෙයා විරුද්ධ වන්නේ කාටද? වෙනත් රටවල දුප්පත් ගොවීන්ට. අපට උඹලාගේ නිෂ්පාදනය එපා. වැඩි මිළට හරි අපේ නිෂ්පාදනය පරිභෝජනය කරනවා. මේ අන්ත ගෝත්‍රවාදය නෙවෙයිද?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.