2014-10-30

අපි අයින් වෙන්න කිව්වා, ඒගොල්ලෝ බෑ කිව්වා, අපට කරන්න දෙයක් නැහැ යි කියන එක ද රජයේ වගකීම?

නාය ගිය තැන
කොස්‌ලන්ද, හල්දුම්මුල්ල, මීරියබැද්ද වතුයායේ ඊයේ උදෑසන සිදු වූ නාය යාම අතිශය කණගාටුදායක ඛෙදවාචකයකි. එහිදී ජීවිත අහිමි වූ 300කට අධික පිරිස වෙනුවෙන් අපි සාතිශය සංවේගය පළ කරමු.

මෙම ජනතාවට එම ස්ථානයෙන් ඉවත් වීමට උපදෙස් ලැබී තිබුණු බවත්, ඔවුන් එයට කැමැත්තක් නො දැක්වූ බවත් ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය පවසයි. 

මිනිස්සු ලෙහෙසියෙන් තමන් ජීවත් වූ තැනින් ඉවත් වන්නේ නැත. ඉඩමක් යනු නිකම් ම බිමක් පමණක් නො ව මිනිසුන්ගේ ජීවිතය බැඳී පවතින තැනකි. තැනකින් තැනකට චලනය වීම අපහසු කරන මූලික සාධකයක් වන්නේ ජීවනෝපාය පිළිබඳ ගැටලුවයි. 

නාය යාමේ අනතුරු නිසා ඉවත් වන්නට සිදු වන මිනිසුන්ට රජය ඇත්තෙන් ම උපකාර කරනවා ද? රජය විකල්ප ඉඩම් දෙන බව ඇත්ත ය. මේ ඉඩම් බොහෝ විට නිසි ප්‍රවේශ මාර්ග නැති, ජලය, විදුලිය ආදී යටිතල පහසුකම් නැති, නිසරු, මුඩු ඉඩම් ය. එසේම, යළි පදිංචි කරන ලද ජනයාට නිවාස ඉදි කර ගැනීම සඳහා රජය කරන ආධාර උපකාර කිසි සේත් ම ප්‍රමාණවත් නැත.

1985දී මතුගම, අගලවත්ත ප්‍රදේශවල ඇති වූ නාය යාම හේතුවෙන් පදිංචි ඉඩම්වලින් ඉවත් කරන ලද මිනිසුන් ජීවත් වන ගමක් අපේ ගම ආසන්නයේ තිබේ. වසර 30කට පමණ පසුවත්, ඒ ගමේ වැසියන්ගේ මූලික ප්‍රශ්න තවමත් විසඳී නැත. 

ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධනය බොහෝ දුරට අවිධිමත් අන්දමින් සිදු වන පාරවල් කොංක්‍රීට් කිරීමට හා විදුලිය ලබා දීමට සීමා වී තිබේ. ග්‍රාමීය ජනයාගේ පානීය ජල ගැටලු බොහෝ දුරට විසඳා ගනු ලබන්නේ ග්‍රාමීය ජනයා විසින් ම අවිධිමත් ආකාරයටයි. ග්‍රාමීයව සිදු වන ඉදිකිරීම්, පස් කැපීම්, වැලි කැණීම්, ඉඩම් ගොඩ කිරීම් හා වැවිලි ආදිය සිදු වන්නේ විධිමත් සැලසුම් අනුව නො වේ. 

නාය යාම් අනතුරු වැඩි වීමට මෙය ප්‍රධාන හේතුවයි. නාය යාම්වලින් අනතුරට පත් වන ජනයා බොහෝ විට දිළින්දෝ ය. වැඩි ම අනතුරුදායක තත්වයක් තිබෙන්නේ දිළින්දන් ජීවත් වීම සඳහා තෝරා ගන්නා ඉඩම්වල බව පෙනේ. ඔවුන් එවැනි ඉඩම්වල පදිංචි වන්නේ වෙනත් විකල්ප නැති නිසා වන්නට පුළුවන. 

මේ රට සංවර්ධනය වෙමින් පවතින්නේ ප්‍රධාන වශයෙන් ම මිනිසුන් දරන අප්‍රතිහත ධෛර්යය නිසා මිස දේශපාලකයින්ගේ සැලසුම් නිසා නො වේ. ඉඩමක් මිළ දී ගන්නට ගිය විට, එම ඉඩම සංවර්ධනය කර ගෙයක් හදන්නට ගිය විට, රජයේ ආයතන හා නිලධාරීන් කරන්නේ ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම් ලබා දී දිරි ගැන්වීම නො ව, මොනවා හෝ නීති රීති පාවිච්චි කර එයට අකුල් හෙළීමයි.

කොළඹ මිළ අධික ඉඩම්වල දැනට පදිංචිව සිටින මිනිසුන් ඉවත් කර ඒ ඉඩම් අත්පත් කරගෙන ව්‍යාපාර සඳහා විකුණා දැමීම සඳහා කරන දේ හැර නිවාස සංවර්ධනය සඳහා මේ රටේ ආණ්ඩුවට වෙනත් සැලසුමක් තිබේ ද යන්න සැක සහිත ය. 

ග්‍රාමීය සංවර්ධනය පැත්තෙන් බැලුවත් තත්වය එය ම ය.

මිනිස් වාසස්ථාන අනතුරුදායක තත්වයකට පත් නො වන අන්දමින් පවත්වාගෙන යාම ද රජයේ වගකීමකි.

අපි අයින් වෙන්න කිව්වා, ඒගොල්ලෝ බෑ කිව්වා, අපට කරන්න දෙයක් නැහැ යි කියන එක පමණ ද රජයේ වගකීම? 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.

20 comments:

  1. අසමත් රාජ්‍යයක් කියලා කියන්න වෙන මොනවද ඕන. මුදවාගැනීමේ හමුදාව ඇවිල්ලා ඉන්නේ තේ හැන්දැක්වත් නැතිව. දෙයක් උනාම ඒකෙන් තමයි ඉගෙන ගන්නේ. අනික විනාශය අවම කර දැක්වීමට උත්සාහ කිරීම. අර පොලිස් පෙත්තප්පු කියන්නේ 19 අතුරුදහන් කියලා. එක්කො තප්පුලන්නේ නැතිව ඉන්න ඕන.

    ReplyDelete
  2. අවදානමක් අවතක්සේරු කිරීමේ විපාක
    =============================

    මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ආපදා කළමණාකරණය පිළිබඳව ජාතික වැඩසටහන අළලා සැකසූ වාර්තාවක් සහිත විඩියෝවක් නරඹන්නට මට ලැබුනා - ඒ වැඩසටහනෙහි ආපදා කළමණාකරණ අමාත්‍යාංශයත්, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයත් ඒ යටතේ වන රාජ‍ය ආයතන ව්‍යුහය හා ඒවායේ කාර්යයන් පිළිබඳව සවිස්තරාත්මක කතිකාවක් දුටුවා.

    නාය යෑම් ශ්‍රී ලංකාවේ මුල් පෙළේ ස්වභාවික ආපදාවක් ලෙස වර්ගීකරණය කර ඇති බවත් - ඒ පිළිබඳව ආපදා කළමණාකරණ වැඩසටහන නිබඳව ක්‍රියාශීලී වෙන බවත් එහි සඳහන් වුණා. එය නැරඹූ මා සැනසුම් සුසුම් හෙලුවේ දේපළ හානි කෙසේ වෙතත් ජීවිත වත් බේරාගන්නට මෙවන් සැලසුම් වලින් හැකි නොවේදැයි සිතමින්.

    ඊයේ මේ මහත් වූ ව්‍යසනය දුටු මට මුලින්ම මතක් වූයේ මේ මා නැරඹූ වාර්ථා වැඩසටහනයි. ශ්‍රීලංකාවේ පමණක් නොවේ තාක්ෂණ දියුණුවේ හිණි පෙතේ ඉන්නා අමෙරිකාවට හෝ ජපානයටවත් ස්වභාවික ආපදා වලින් මිදෙනු නොහැකිය - හැකියාව ඇත්තේ එයින් වන හානි අවම කර ගැනීමට පමණි.

    එහෙත් එය වුව කිරීමට රජයකට තනිව නොහැකිය. විශේෂයෙන්ම යම් ආපදාවක් සෘජුවම බලපාන ජන කොට්ඨාශය හිතුවක්කාර හා අකීකරු වුවහොත් රජයක් කුමක් කරන්නද ? අනතුරුදායක පෙදෙස් වලින් ඉවත්වන මෙන් ඉල්ලීමක් කර තිබියදීත් එය නොසළකා හැරීමේ අවදානම් අවතක්සේරුව නොවේද මේ හානියට මුල.

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ල වාර්තා චිත්‍රපටියේ කිව්ව දේවල් ඇත්ත කියලා පට්ට සුවර්ද?

      - Dimithri

      Delete
    2. බයිල ලියන්න එපා සමන්මලී, මිනිස්සු එහෙම අයින් වෙන්න කිව්ව පලියට යන්නෙ නෑ. ඒක කොම්පඤ්ඤ වීදියටත් බදුල්ලටත් පොදුයි. රජයක් ඉඩම් අත්පත් කර ගන්නව කියන්නෙ මොකද්ද කියල මට නම් තෙරෙන්නෙ නෑ. රජයට ඉහල වටිනාකමක් තියෙන ඉඩම් අත්පත් කර ගන්න ප්‍රතිපාදන ඕන තරම් තියෙනව, ආපදා කළමණාකරනෙන් දැන දැනත් මැරෙන්න ඉන්න මිනිස්සු කියල ඒ මිනිස්සුන්ව අයින් කරන්න රජයට බෑ කියන්නෙ මොකද්ද මේ රජය.

      Delete
    3. ඒ වාර්තා වැඩසටහන බැලුවෙ ඉංග්‍රීසියෙන්ද සිංහලෙන්ද?

      Delete
    4. ok one question? now if the government comes to your home tomorrow and says leave this place or you will be in danger.... will you leave without any doubt?

      miss samanmalee

      Delete
  3. සහතික ඇත්ත.මේ ලියන මම විධායක රාජ්‍ය නිලධාරියෙක්.මේ වගේ දෙයක් වුනොත් අපිට කරන්ඩ තියෙන්නේ සහනාධාර ටිකක් බෙදලා දීලා ඔවුන් වෙනුවෙන් හදවතින් ැලපෙන එක. මේ මිනිස්සු වෙනුවෙන් ස්ථිර විසදුමක් සදහා අපිට කල හැකි කිසිවක් නැත. කිසිම ප්‍රතිපත්ති සම්පාදකයෙකුට මේ සදහා උවමනාවක් නැත.ඉදිරිපත් කර ඇති පිංතූරය ඔවුන්ගේ අසරණ කම මොනවට කියා පායි.

    ඉන්දික

    ReplyDelete
    Replies
    1. ඉස්ථිර විසඳුමක් තමයි මහින්ද කරන්නේ. නාය යන කඳු කපල මුද ගොඩ කරලා , ඒවගේ නිවාස හදල සුද්දන්ට විකුණන එක. හයි වේ හදන එක. කොහෙද උඹලට ඒකත් ඇදයි නේ.

      Delete
  4. //"ග්‍රාමීයව සිදු වන ඉදිකිරීම්, පස් කැපීම්, වැලි කැණීම්, ඉඩම් ගොඩ කිරීම් හා වැවිලි ආදිය සිදු වන්නේ විධිමත් සැලසුම් අනුව නො වේ"// මේක අවිධිමත් කියනවට වඩා හොඳ වචනේ තමයි දේශපාලන න්‍යායපත්‍ර වලට අනුව කියන එක.
    පළාත් සභාව් සතුව ප්‍රමාණවත් බැකෝ යන්ත්‍ර නැතිලු, බැකෝ අහසින් වැටෙනකම් තමයි බලන් ඇත්තේ . හැබැයි ආපදා කලමනාකාරය ට අමාත්‍යාංශයක්ම තියෙනවා . ඇමතියෙකුත් එක්කම

    ReplyDelete
  5. කාට ඇලජික් වුණත් කියන්න තියෙන්නෙ, මේක තමයි ධනවාදයෙ ඇත්ත ස්වරූපය. මේ මිය ගිය බොහෝ දෙනා වතු කම්කරුවො. ඒ අය හිටියෙ වතු නිවාස වල. ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය මේ ප්‍රදේශය නාය යෑමට ලක් විය හැකියි කියල කිව්වම ඒ අයට පදිංචියට වෙනත් තැන් දෙන එක වතු සමාගමේ හා රජයේ වගකීමක්. මොකද ඒවා වතු නිවාස නිසා .ඒ අයට තමන් විසින් වෙනත් තැන් වලට යන්න බෑ. ඒත් ධනවාදය ඇතුලේ වතු සමාගම් වලටයි රජයටයි කම්කරුවො කියන්නෙ තමන්ට ලාභ උපයන්න පාවිච්චි කළ හැකි මිනිස් යන්ත්‍ර විතරයි(වෙන යන්ත්‍ර වගේම). ඒනිසා කම්කරුවො වෙනුවෙන් දැනට දරනවාට වඩා එක ශත 5ක් , තමන්ගෙ ලාභයෙන් වියදම් කරන්න ඔවුන් කැමති වෙන්නෙ නෑ. කම්කරු ජීවිත මිනිස් ජීවිත කියල ධනවාදය සලකන්නෙ නෑ. දැන් ඔය වතු යායෙ මැනේජර් ගෙ බංගලාව තියෙන පුදේශය නාය නෑමේ අවදානමක් තියෙනව කියල කිව්වනම් සමාගම කොහොම කටයුතු කරයි ද? අපි මොන දේවල් කිව්වත් කම්කරුවගෙ ඇත්ත තත්වය ඕක තමයි. දැන් ඉතින් අපේ පණ්ඩිතයො මේකෙ වගකීම සොබා දහමටයි, කර්මයටයි පවරල පණ්ඩිත කතා කියයි. ඒත් පැහැදිලිව කියන්න ඕන මේක සාමූහික මනුෂ්‍ය ඝාතනයක්. මිනීමරුවො ධනපති වතු සමාගමයි, ආණ්ඩුවයි, සමාගම් එක්ක එකට ලගින වතු වෘත්තීය සමිතියි.

    ReplyDelete
    Replies
    1. ඔබ සැබෑ ධනවාදය හඳුනාගෙන නෑ මේ ප්‍රශ්නයට හේතුව රජයන්ට හේත්තු වී ලාභ ලබන
      ඵද්දලයන් නිසා ඇතිවූ ඵද්දල වාදයයි

      Delete
    2. /ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය මේ ප්‍රදේශය නාය යෑමට ලක් විය හැකියි කියල කිව්වම ඒ අයට පදිංචියට වෙනත් තැන් දෙන එක වතු සමාගමේ හා රජයේ වගකීමක්./

      කරුණාකරලා ඒක වතු සමාගමේ වගකීමක් වෙන්නෙ කොහොමද කොයන එක පැහැදිළි කරනවද?

      Delete
    3. /ඒනිසා කම්කරුවො වෙනුවෙන් දැනට දරනවාට වඩා එක ශත 5ක් , තමන්ගෙ ලාභයෙන් වියදම් කරන්න ඔවුන් කැමති වෙන්නෙ නෑ. /

      කරුණාකරලා එසේ වියදම් කළ යුත්තේ ඇයි කියලා පැහැදිළි කරනවද? කම්කරුවන්ට ඔවුන්ගේ ශ්‍රමයට වැටුපක් ලැබෙනවා. ඒක මදි නම් වැඩි වැටුප් ඉල්ලන එක වෙනම කාරණාවක්. නමුත් ඔවුන් ඒ වැටුපට වැඩ කරන්න කැමැති වෙලා තියෙන පරිසරය තුළ ගනුදෙනුව ස්ම්පූර්ණයි. ඇයි තවත් කම්කරුවන්ට ගෙවිය යුත්තේ?

      Delete
    4. මේ කම්කරුවන්ට තමන්ගේ ජීවිත වටින්නේ නැත්නම් ඇයි වෙන කෙනකුට ඒවා වටින්නේ?

      Delete
    5. අම්මට හුඩු ඒකිය පුද්ගලයො පැටව් ගහලා

      Delete
  6. සියලු නොසලකා හැරීම් මගින් ඉතිහාසය පුරා වැළලී සිටි වතු කම්කරුවන් වෙනුවෙන් කිසිදු මැදිහත් වීමක් නොකරන බලධාරීන් මේ මහා බේදවාචකය හමුවේ කිබුල් කදුළු හෙලීමත් බේදවාචකයක් නොවේද? - Awantha Artigala

    ReplyDelete
  7. මේ සියල්ල මැද මගේ නිරීක්ශනය.. රජයේ පමනක් නොවේ, අපේ බහුජනතාවට මේ සිද්ධිය දැනී තිබේද? ලමයා අතුරුදහන් වීම හෝ ගුවන් යානා කඩාවැටීම වගේ සිද්ධිවලට සාපේක්ශව අපේ සමාජය මේ සිද්ධිය ගැන සංවේදී නැහැ නේද? ඔවුන්ටත් දැනෙන්නේ වතු ජනතාව යනු යන්ත්‍ර ලෙසද? සමාජයීය සයිකොලොජි එක මේ දෙන පනිවිඩය අති භයානකයි නේද? (කොලඹ පැල්පත් වාසීන් ඉවත්කිරීමේ සිද්ධීන් වලදීත් මම දකින්නේ මේ තත්වයයි )

    - Dimithri

    ReplyDelete
    Replies
    1. පැල්පත් වාසින් ගෙනල්ල උඹලගේ වත්තේ පදිංචි කර ගන්න එකයි ඇත්තේ. එහෙම කරන්න බැරි නං කට වහගෙන හිටු. සයිකොලොජි ගැන කතා කරන්න ගත්ත

      Delete
  8. Hamadama ohomathamai,Asaranayanta pihitak wennakalinma,waradikaruwan karala.Thamanta jeewath wenna harihaman Arakshithathenak labaganna hekiyawa thibunanam owun oya awadanam thenwala jeewathweida? 1985 Agalawaththe "Darten field"Estete wala kotasak nayagiye (Mathaka hetiyata)--(Paththagodaya)

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.