2014-10-16

කොලම්බස් දිනය වෙනුවට ඇමරිකානු ස්වදේශිකයන්ගේ දිනය

පසුගිය ඔක්තෝබර් 13දා ඇමරිකාවේ සියැටල් නගරයට වැදගත් දිනයක් වුණා. සියැටල් නගරයට ඒ නම ලැබුණේ ඇයි කියන එක ඔබ දන්නවා ඇති. සියැටල් කියන්නේ මට සියවස් දෙකකට පෙර ඇමරිකාවේ ජීවත් වූ ස්වදේශික නායකයෙක්. ඇතැම් අය කියන විධියට රතු ඉන්දියානු නායකයෙක්. මේ රතු ඉන්දියානු කතාව යුරෝපා යටත් විජිතවාදී නිර්මානයක්. මෙය සිදු වන්නේ ඉන්දියාවට මාර්ගයක් සොයාගෙන ගිය ඉතාලි ජාතික ක්‍රිස්ටෝපර් කොලම්බස් නම් නාවිකයා ඇමරිකාවට ගොඩබැස එය ඉන්දියාව ලෙසත්, එහි ජීවත් වන ජනයා ඉන්දියානුවන් ලෙසත් වරදවා වටහා ගැනීමෙනුයි.

සියැටල් කියන නමත් එවැනි ම යුරෝපා යටත් විජිත ප්‍රබන්ධයක්. ඉංග්‍රීසි ඌරුවට සියැටල් වුණේ ස්වදේශිකයන් විසින් සීත්ල් ලෙස උච්චාරණය කළ නමයි. සියැටල් උපත ලද්දේ 1788 වර්ෂයේ වත්මන් පූගට් සවුන්ඩ් ප‍්‍රදේශය අසල පිහිටි දූපතක් වන බේන්බ්‍රජ් දිවයිනේය. ගෝත්‍රික නායක පරපුරකින් පැවත ආ ඔහු පසු කලෙක ගෝත්‍ර හයක ම නායකයකු වුණා. ඔහු.වසර 78 ක් ජීවත් වී 1866 දී පූගට් සවුන්ඩ්හි දී අභාවප‍්‍රාප්ත වුණා.

ඇමරිකාව ආක්‍රමණය කළ යුරෝපා ජාතිකයන් ස්වදේශිකයන්ගේ ඉඩම් මිළ දී ගන්නට ඉල්ලා සිටි අවස්ථාවේ නායක සියැටල් විසින් කරන ලද ප්‍රකාශය පරිසරය, මිනිසා හා ජීවිතය ගැන ඉතා ගැඹුරු විවරණයක් ලෙස ප්‍රකටයි. පහත පළ වන්නේ එම ප්‍රකාශයේ ආරම්භයයි.

“වොෂිංටනයේ සිටින බලවත්ම නායකතුමා අපගේ භූමිය මිලදී ගැනීමට අදහස් කරගෙන සිටින බව දන්වා එවා ඇත. එමෙන්ම එතුමා අපේ මිත‍්‍රත්වය සහ හොඳ හිත ද ප‍්‍රාර්ථනා කරයි. අපගේ මිත‍්‍රත්වයෙන් එතුමාට කිසිඳු ප‍්‍රයෝජනයක් නැති නමුදු එතුමාගේ කාරුණික භාවය පිළිබඳව අපි එතුමන්ට කෘතඥ වෙමු. කෙසේ වතුදු අපි එතුමන්ගේ ඉල්ලීම පිළිබඳව ද සලකා බලන්නෙමු. මේ භූමිය ඔබට නොදුන්නොත් තුවක්කු රැගෙන විත් සුදු මිනිසුන් ඒවා අපගෙන් උදුරා ගන්නා බවද අපි හොඳාකාරවම දන්නෙමු.මේ මහපොළොවෙන් ඉහළට නගින්නා වූ උණුහුමත්, අහස් ගැබත් මිලදී ගන්නේ කෙසේද? මේ අදහස අපට නම් අරුමයකි. වාතයේ වූ නැවුම් බවත් ජලයේ වූ දිදුලන කාන්තියත් අපට අයත් නොවේ නම් ඔබ ඒවා මිල දී ගන්නේ කෙසේද?මේ මහපොළොවේ සෑම බිම් අඟලක්ම වාගේ මිනිස්සුන්ට පූජනීය වේ. දේවදාර ගසක දිළිසෙන සෑම කිනිත්තක්ම, වැලි තලාවලින් සපිරුණු සෑම වෙරළක්ම, අඳුරු වන ගැබ තුළ වූ සෑම මීදුම් වළාවක්ම, සෑම එළිමහනක්ම, ගුම් නද නගන සෑම කුඩා ප‍්‍රාණියෙක්ම ද මාගේ මිනිස්සුන්ගේ මතකයන් සහ අත්දැකීම් වෙති. තුරුලතා අතරින් දිව යන සෑම මං පෙතක්ම රතු මිනිසාගේ මතකයන් රැගෙන යයි.සුදු මිනිහා තම මරණයෙන් පසුව තමන් උපන් මේ මහපොළොව අමතක කර දමයි. මේ මහපොළොව රතු මිනිසාගේ මෑණියන්ය. ඒනිසා අපි මරණයෙන් පසුව වුවද මේ සුන්දර මහපොළොව අමතක කර නොදමමු. අප මේ මහපොළොවේම කොටසක්්වන අතර එය අපේ ජීවිතයේද කොටසක් වෙයි. සුගන්ධවත් වූ පුෂ්පයන් අපගේ සොහොයුරියන්ය. මුවන්, අශ්වයන්, රාජාලියන් අපගේ සොහොයුරෝ වෙති. කඳු ශිඛර, තෘණ බිම් වල වූ පිනි බිඳු, අශ්වයන්ගේ සහ මිනිසාගේ ගතින් නැගෙන්නා වූ උණු හුම, මේ සෑම දෙයක්ම අයත් වන්නේ එකම පවුලකටය." (උපුටා ගැනීම දැනුම වෙබ් අඩවියෙනි.)

පසුගිය දිනෙක සියැටල් නගර සභාව වැදගත් තීරණයක් ගත්තා. ඒ මෙතෙක් කොලම්බස් දිනය ලෙස සැලකුණු ඔක්තෝබර් මාසයේ දෙවන සඳුදා දිනය මින් ඉදිරියට ස්වදේශික ජනයාගේ දිනය ලෙස සමරන්නටයි.

1492දී කොලම්බස් යුරෝපය වෙනුවෙන් මෙම නව ලෝකය සොයා ගැනීම යුරෝපීයයන්ට වීරත්වයක් වුණත්, ඇමරිකාව නමින් අද හඳුන්වන භූමියේ ස්වදේශික ජනයාට නම් එය එසේ වුණේ නැහැ.  

ඇමරිකා යන නම ද හැදී තිබෙන්නේ ස්වදේශිකයන්ගේ වදනකින් නොව මුල් කාලයේ එම භූමිය ගවේශනය කළ ඉතාලි ජාතික දේශ ගවේෂක ඇමරිගෝ වෙස්පුචි (1454–1512) ගේ ලතින්කෘත පළමු නම වූ ඇමරිකස් යන්නෙහි, ස්ත්‍රී ලිංගික පදයෙනි. ඇමරිකා යන නම පළමුවරට එළිදැක්වුනේ, ජර්මානු සිතියම් විද්‍යාඥ මාටින් වල්ඩ්සීමුලර් විසින් 1507 සිතියමක, දැනට බ්‍රසීලය යනුවෙන් හැඳින්වෙන පෙදෙස සඳහාය. 

ක්‍රිස්ටෝපර් කොලම්බස් වැනි යුරෝපීය යාත්‍රිකයන් විසින් මෙම භූමිය නව ලෝකයට විවෘත කිරීම ස්වදේශිකයන්ට මහත් විපතක් බවට පත් වුණා. යටත් විජිතවාදයත්, ස්වදේශිකයන් සූරාකෑම හා වහල් වෙළඳාමත් ඇරඹුණේ ඒ සමගයි. 

සියැටල් නගර සභාව ගත් තීරණය වැදගත් වන්නේ මෙම සංදර්භය තුළයි. ස්වදේශික ජනයා විපතට පත් කළ ක්‍රිස්ටෝපර් කොලම්බස් වීරයකු ලෙස සැමරීම සියැටල් ජනයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙවැනි යෝජනා වෙනත් නගර සභා විසින් ද සම්මත කරගෙන තිබෙනවා. 

සියැටල් නගර සභාවේ සාමාජිකාවක් වන ක්ෂමා සවන්ත් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට මුල් වූ අයෙක්. ඇය සමාජ හා ආර්ථික සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිකයන්ගේ සංගමයක් වන සමාජවාදී විකල්පය නම් සංවිධානයේ සාමාජිකාවක්.  කොලම්බස් යනු මිලියන 150ක් පමණ වූ ඇමරිකාව පුරා විසිර සිටි ස්වදේශිකයන් දශක කීපයක් තුළ දහස් ගණනක් දක්වා අඩු කරන්නට හේතු වූ දැවැන්ත සංහාරයක හා මිනිසුන් වහලුන් බවට පත් කිරීමේ ව්‍යාපාරයක නායකයකු බව ඇය පෙන්වා දෙනවා. එහෙත් මෙය ඉතාලි ඇමරිකානු උරුමයට එරෙහි ව්‍යාපාරයක් ලෙස නො සැලකිය යුතු බවත් ඇය ඉල්ලා සිටිනවා. 

ස්වදේශික ඉතිහාසඥයකු හා සමාජ ක්‍රියාකාරිනියක වන රොක්සානා ඩන්බර්-ඕටිස් ජනාධිපති ඔබාමාට විවෘත ලිපියක් ලියමින් ඉල්ලා සිටියේ  ජාතික මට්ටමින් ම කොලම්බස් දිනය සැමරීම නවත්වා එම දිනය ස්වදේශිකයන් සමග සහයෝගිතාවේ දිනයක් ලෙස සමරන ලෙස ඉල්ලා සිටියා. 

“මෙම යෝජනාව සංවාදයක  ප්‍රාරම්භය බවට පත් කර ගන්නට අපට අවශ්‍යයි. අපගේ ස්වදේශික ප්‍රජාවන් අතර අද වන විටත් මෙතරම් දිළිඳුකමක්, විරැකියාවක් හා මෘගත්වයට පත් කිරීමක් පවතින්නේ ඇයි ද යන්න පිළිබඳ සත්‍ය සංවාදයක් අවශ්‍යයි,"  යි ක්ෂමා සවන්ත් Democracy Now වෙබ් අඩවියට පවසනවා. 

ක්ෂමා සවන්ත් 1973දී ඉන්දියාවේ උපන් කාන්තාවක්. ඇය මීට පෙර මෘදුකාංග ඉංජිනේරුවරියක්. සමාජවාදී ක්‍රියාකාරිනියක වන ඇය උපන් ඉන්දියාවේ සිදු වී තිබෙන දෙයත් ස්වදේශික ඇමරිකානුවන්ට වූ දෙය හා සමාන බව ඇය පවසනවා. 

“කොලම්බස් යමින් සිටියේ ඉන්දියාවට පාරක් සොයමිනුයි. ඔවුන් ඉන්දියාවට යමින් සිටියේත් ලාභ හෝ නොමිළේ ලබා ගත හැකි ස්වාභාවික සම්පත්, නොමිළේ ශ්‍රමය හා වෙළඳපොළ පුළුල් කර ගැනීම ඉලක්ක කරගෙනයි. ඇමරිකාව, අප්‍රිකාව හා ආසියාව යටත් කළ මේ ක්‍රියාවලිය කෘෘර මිනිසුන් ටිකක් නිසා සිදු වූ ඓතිහාසික අහම්බයක් නොවෙයි. එය සිදු වුණේ ධනවාදයේ මුල් කාලීන සංවර්ධනය සඳහා එම සම්පත් අවශ්‍ය වූ නිසායි. මුල් කාලීන ධනවාදයට වහල් සේවයත් අවශ්‍ය වුණා. ඔවුන්ට විවෘත වෙළඳපොළත් අවශ්‍ය වුණා. අත්පත් කර ගත් භූමීන්හි යුදමය පාලනය තුළ ඔවුන් එක් සංස්කෘතියක් ගොඩනගන්නට කටයුතු කළා. 

“ඒ අතින් බැලුවාම ඉන්දියාවේ ඉතිහාසයත් මේ හා සමානයි. යුරොපීයයන් විසින් යටත් විජිතකරණය කරනු ලැබූ අපි අවසානයේදී විධිමත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයක් යටතට පත් වුණා.නිදහස වෙනුවෙන් ප්‍රබල ව්‍යාපාර ගොඩනගන්නට ඉන්දියානුවන්ටත් සිදු වුණා. ඒවාට නායකත්වය දුන් අය අතර සමාජවාදී නායකයන් බොහෝ දෙනෙක් සිටියා. 

“එහෙත්, අද අප දකින දෙය කුමක් ද? මේ නව යටත් විජිත රටවල තවමත් ඒ සූරාකෑම් චක්‍රය ක්‍රියාත්මකයි. දිළිඳුකමේ, සූරාකෑමේ හා යුද්ධයේ චක්‍රයක් නිර්මානය කරන මෙම මෙම ක්‍රමය තව කෙතරම් කලක් පිළි ගන්නවා ද යන්න අප හමුවේ තිබෙන ප්‍රශ්නයයි. එහිදී සිදු වන්නේ කොණ් කරන ලද ප්‍රජාවන්ට සිය ජීවිතවලින් වැඩි මිළක් ගෙවන්නට සිදු වීමයි. අපි මේ සමාජ ක්‍රමයේ වෙනසක් ගැන කතා කළ යුුතු වන්නේ මෙම සංදර්භය තුළයි."


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

16 comments:

  1. ඉතින් අපට පාන්ද?

    ReplyDelete
    Replies
    1. දැන් මේ කියන්නේ මේ බ්ලොග් එක කියවන්න එන හැමෝම පැරාගේ සටන් පාඨ මිළදී ගන්න ඕනෑ. වරදිලාවත් පැරා කියන එකකට 'ඉතින් අපට පාන්ද?' අහන්න බෑ. එහෙමද? මේක නිකම් කොමියුනිස්ට් රාජ්යයක් වගෙයිනෙ අප්පා.

      Delete
    2. //අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න//

      උඩ තියන කොමෙන්ට් දෙකම අසභ්‍ය නේද කෝ ඉතින් ඉවත් කරලා .

      Delete
  2. එහෙම තමයි පැරාගේ බ්ලොග් එක !

    එත් ඉතිං ඔය ක්ෂමා සවන්ත් ට උනත් කක්කුස්සි ඉන්දියාව දාල මිල්ලේ(?) සොයා ධනවාදී යක්ෂයෝ ඉන්න ඇමරිකාවට සංක්‍රමණය වෙලා කෑ පතේ පෙරලි පෙරලි පහරන්න , උන්ගේ රටේ සංස්කෘතියත් කණපිට හරවන්න නිදහස තියෙන්නේ ධනවාදී යක්ෂයන්ගේ තියෙන හොඳකම හින්දම තමයි.

    මොකද දන්නේ නැහැ ගෑනි චීනෙට හරි කියුබාවට හරි සංක්‍රමණය නොවුනේ.

    ReplyDelete
    Replies
    1. උඹලගේ මොලේ ගූ. උඹලට ඕව තේරෙන්නේ නෑ.

      Delete
  3. Para,
    check the facts before publishing myths

    About the Chief Seattle Speech

    ReplyDelete
    Replies
    1. පලයං ඩෝ යන්ඩ! තෝ මොනවද අපේ පැරාට වඩා දන්නේ? ඇනෝ ඇවිත් බොරු කියල පොර වෙන්ඩ හදන්නේ නැතුව ඉඳපන් ගූ තලනා

      Delete
  4. සංස්කෘතීන් දෙකක් ගැටීමේදී දියුණු සංස්කෘතිය අනිවාර්යයෙන් ජය ගන්නා අතර නොදියුණු සංස්කෘතිය දියුණු සංස්කෘතියේ කොටස් උරාගෙන ඒ අනුව වෙනස් වෙයි. සමහරවිට විනාශ වී යයි. ඇමෙරිකාවේ වුණේත් ඒකයි. ලංකාවෙ වුණෙත් ඒකයි. ඉන්දියාවෙ වුණෙත් ඒකයි. යුරෝපීයයන්ට ලංකාව ඉන්දියාව වගේ රටවල් වැදගත් වුණේ වෙළඳාම පිණිස මිසක්කා උන්ගේ සංස්කෘතිය මෙහෙ ගෙනල්ලා පළ කරලා කොලනි හැටියට පවත්වා ගන්න නෙවෙයි. ඒ වෙළඳාමෙන් උන්ට ලාභයකට වඩා පාඩුවක් වෙන බව පෙනුනාම අත ඇරලා දැම්මා. ඕක සූරාකෑමක් වත් අධිරාජ්‍යවාදයක් වත් නෙවෙයි සාමාන්‍ය මනව සංස්කෘතීන් දෙකක අතර ගැටුමක්. එතැන හරි හෝ වැරදි පාර්ශ්ව නැහැ. සංස්කෘතිය වඩා දියුණු එකා දිනනවා.

    ReplyDelete
    Replies
    1. සංස්කෘතිය වඩා දියුණු එකා වැලක් බලනවා

      Delete
    2. අන්න දරුවට තේරුණා. සංස්කෘතිය නොදියුණු එකා තරුණියන් දූෂණය කරනවා, තරුණියන්ට නිරුවත පෙනවනවා, ජැක් ගහනවා, යට ඇඳුම් සොරකම් කරනවා. සංස්කෘතිය දියුණු එකා ඒ සමාජ විරෝධී ක්‍රියා වලින් වැළකිලා වැලක් බලලා තෘප්තිමත් වෙනවා.

      Delete
  5. කෝ අද බට්ටි ගැන මොකුත් නැහැනේ

    ReplyDelete
  6. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
    Replies
    1. ප්‍රිය ඇඩ්මින් ඉන්නේ මෙහෙ නෙවෙයි බූරුවෝ. තෝ පල ගූතලන්ගේ බොගට. ගිහිං එල්ලගනින් උගෙ ඇට දෙක.

      Delete
  7. අනේ පැරා, මොකද්ද මේ? කමෙන්ට් දා හතරයි. මේකත් එක්ක පහළොවයි. කමෙන්ට් සිය ගණන් වැටුණු පෝස්ට් තිබුණු බ්ලොග් එකක් නේද මේක? ලජ්ජයි නේද?

    ReplyDelete
  8. quality is better den quantity.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.