2014-11-30

කටාර් පාපන්දුව හා විදේශ ශ්‍රමිකයෝ

තම රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම් නො කරන්නැයි ලංකාව වැනි රටවල පාලකයෝ නිරතුරුව ඉල්ලා සිටිති. මෙම ඉල්ලීම සාධාරණ නො වන්නේ අපි දැන් ජීවත් වන්නේ ජාතීන් හුදකලාව ජීවත් වන ස්වයංපෝෂිත ජාතික රාජ්‍යවල නො වන නිසා ය.

නිදසුනක් ලෙස ලංකාව ගත්තොත්, අපගේ ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ගය වන්නේ මෙරට අතිරික්තව පවතින ශ්‍රමය විදෙස් රටවලට විකිණීමයි. එම රැකියා අවස්ථා සොයාගෙන, අතින් වියදම් කරගෙන පිටරට යන්නේ මේ රටේ මිනිස්සු ය.

දරුණු ගැටුම් පවතින උතුරුදිග කුර්දිස්තානය ඇතුළුව ඉරාකයේ විවිධ කොටස්වල ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් 2000ත් 3000ත් අතර සංඛ්‍යාවක් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය විශ්වාස කරයි.

මෙම සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකි යයි තමන් විශ්වාස කරන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. එයට හේතුව ලෙස දක්වා තිබෙන්නේ ඉරාකයට යාම සඳහා ශ්‍රී ලාංකිකයන්ට සතියක වීසා 20ක් පමණ නිකුත් කරන බව ශ්‍රී ලංකාවේ ඉරාක තානාපති කාර්යාලය විසින් දැනුම් දී තිබීමයි.

එහෙත් තමන් සතුව තිබෙන්නේ ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් 300කගේ තොරතුරු පමණක් බව තානාපති කාර්යාලය පවසයි.

තමන් රැකියා සොයාගෙන, ඉතා අනාරක්ෂිත තත්වයන් යටතේ, නිසි ශ්‍රම හිමිකම් නොමැති සංදර්භයක් තුළ වැඩ කර ලංකාවට මුදල් එවන මෙවැනි මිනිසුන් නො වෙති නම් ලංකාවේ ආර්ථිකය බිඳ වැටී හමාර ය. ඔවුන්ගේ හිමිකම් යනු ඒ රටවල්වල අභ්‍යන්තර ප්‍රශ්නයකැයි කියනවා නම් අපි එය පිළි ගන්නවා ද?

මේ දිනවල ජාත්‍යන්තර පාපන්දු සංගම් සම්මේලනයේ හෙවත් FIFAහි කලබලයකි. හේතුව කටාර් රාජ්‍යයට 2020 වසරේ පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමි වීමයි. රටවල් ගණනාවක් ම කටාර් රාජ්‍යයට පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය පිරිනැමීම ගැන විරෝධය පළ කරති.

ආර්ථික කාරණාවලින් ගෝලීය වශයෙන් එකට බැඳුණු ලෝකයේ රටවලට පූර්ණ දේශපාලනික ස්වාධීනත්වයක් අපේක්ෂා කළ හැකි ද? අපෙන් මාළු මිළ දී ගන්නා රටවල පාරිභෝගිකයන් අපේ රටේ ආණ්ඩුව ධීවරයන්ට සලකන ආකාරය ගැන සොයා බැලීම දියුණු තත්වයක් මිස අනවශ්‍ය අත පෙවීමක් නො වේ.

කටාර් යනු කුඩා අරාබි රාජ්‍යයකි. තානි පවුලේ ඒකාධිපති එමීර්වරයකු විසින් පාලනය කරනු ලබන කටාර්හි ඇත්තේ සීමිත ප්‍රජාතන්ත්‍රවාදයකි. මෑත වකවානුවේදී මාධ්‍ය නිදහස තරමක් ශක්තිමත් විය. ලෝක ප්‍රකට අල් ජසීරා චන්ද්‍රිකා රූපවාහිනී සේවාවේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ කටාර්හි ය. තෙල්වලින් පොහොසත් මුඩු රටක් වන කටාර්හි ජනගහණය අඩු ය.ලෝකයේ දැනට සොයාගෙන තිබෙන ගෑස් නිධිවලින් 15%ක් ම තිබෙන්නේ මේ කුඩා අර්ධද්වීප භූමියේ ය. ලෝක බලශක්ති ප්‍රබලයකු වන කටාර්හි සිදු වන දැවැන්ත ඉදි කිරීම් හේතුවෙන් එරට ස්වදේශිකයන්ට වඩා විදේශික ශ්‍රමිකයෝ ජීවත් වෙති.

2022 පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන කටාර් රාජ්‍ය යේ විදේශ ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම්වලට බලපාන මතභේදාත්මක කෆාලා අනුග්‍රාහක ක්‍රමය වෙනස් කිරීම සඳහා නව නීති ගෙන ඒමට කටාර් පාලකයෝ පොරොන්දු වී තිබේ. එමගින් 2015 මුල වන විට සංක්‍රමණික කම්කරුවන්ගේ තත්වය වැඩි දියුණු වනු ඇති බව ඔවුහු පවසති.

කෆාලා ක්‍රමය අනුව විදේශ ශ්‍රමිකයකුට වීසා ලබා දෙන්නේ කටාර් ජාතික අනුග්‍රාහකයකු මාර්ගයෙනි. කෆාලා ක්‍රමය නිසා විදේශ ශ්‍රමිකයන්ගේ හිමිකම් මුළුමනින් ම පාහේ රඳා පවතින්නේ අනුග්‍රාහකයාගේ කැමැත්ත මත ය. විදේශ ශ්‍රමිකයකුට අනුග්‍රාහකයාගේ කැමැත්ත නොමැතිව කටාර් වෙත එන්නට හෝ එයින් පිට වන්නට බැරි ය. කලාපයේ තවත් රටවල් ගණනාවක ම කෆාලා ක්‍රමය ක්‍රියාත්මක වේ.

විදේශ ශ්‍රමිකයන්ගේ ගමන් බිමන් යාම සීමා කරන වර්තමාන නීති දැනට සාකච්ඡා වෙමින් තිබෙන නීති මගින් වෙනස් වනු ඇති බව කටාර්හි කම්කරු හා සමාජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසයි. නව නීති පිළිබඳ දැනුම් දීම 201වන බව කටාර් රජය නිවේදනය කළේ ය.

2022 පාපන්දු ලෝක කුසලානයට අවශ්‍ය යටිතල පහසුකම් සකසමින් සිටින කටාර් දේශයේ දැවැන්ත විදේශ ශ්‍රම බලකායට සලකන ආකාරය දැන් ජාත්‍යන්තර අවධානයට ලක් වී තිබේ. විදේශ ශ්‍රමිකයන් රට හැර යාම හෝ රැකියාව වෙනස් කිරීම වළක්වන කෆාලා ක්‍රමය අහෝසි කරන ලෙස මානව හිමිකම් ක්‍රියාකාරිකයන් හා පාපන්දු ක්‍රීඩකයන්ගේ ලෝක සංගමය (FIFPro) කටාර් රජයෙන් ඉල්ලා සිටියේ එය නූතන වහල් මෙහෙයකට සමාන බව පවසමිනි.

වත්මන් අනුග්‍රාහකත්ව ක්‍රමය වෙනස් කර රැකියා කොන්ත්‍රාත් ක්‍රමයක් ආරම්භ කරන බව කටාර් එමිරේට් රාජ්‍යය පවසයි.

නව ක්‍රමය යටතේ විදේශ ශ්‍රමිකයන්ට රටින් පිට වී යාම සඳහා අවශ්‍ය පිටවීමේ බලපත්‍රය තුන් දින සමා කාලයකින් පසු ඔවුන්ට ඉබේ ම අවසර ලැබෙන ක්‍රමයකින් ප්‍රතිස්ථාපනය වනු ඇත.

විදේශ ශ්‍රමිකයන්ට සිය ගිවිසුම අවසන් වූ පසු වෙනත් රැකියාවලට යාමට ද අවස්ථාව ලැබෙනු ඇත. ඒ සඳහා ඔවුන්ට දැන් අවශ්‍ය වන සහතිකය අවශ්‍ය වන්නේ නැත. දැන් අවශ්‍ය සහතිකය මගින් කලින් සේවායෝජකයා මෙම රැකියා වෙනසට අකැමැති නැති බව පැවසිය යුතු ය.

විවෘත අවසානයක් සහිත ගිවිසුම් මත රැකියා කරන අයට වසර පහකින් පසු රැකියාව වෙනස් කළ හැකි ය. ශ්‍රමිකයන්ගේ ගමන් බලපත්‍ර ආපසු නො දී තබා ගන්නා සේවා යෝජකයන්ට එරෙහිව දැඩි දඬුවම් පනවනු ඇත.

බඳවා ගැනීමේ නියෝජිතායතනවල නීති විරෝධී හා සදාචාර විරෝධී බඳවා ගැනීම් නැවැත්වීම සඳහා කටාර් රජය එරටට ශ්‍රමිකයන් එවන රටවල ආණ්ඩු සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.

පාපන්දු ලෝක කුසලානය සඳහා අවශ්‍ය ඉදිකිරීම්වල නියැලී සිටින සංක්‍රමණික කම්කරුවන් සූරාකෑමට ලක් වීම අවසන් කිරීම සඳහා ඩෝහා ආණ්ඩුව ගෙන තිබෙන පියවර කිසි සේත් ම ප්‍රමාණවත් නැති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය මෑතදී නිවේදනය කළේ ය.

“බලහත්කාර ශ්‍රමය හා සූරාකෑම මත පදනම් වූ යටිතල පහසුකම් මත අප පාපන්දු ක්‍රීඩා නො කරන බව තහවුරු කිරීම සඳහා කඩිනම් පියවර අවශ්‍ය ය,” යි ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ ගෝලීය තේමාත්මක කාරණා සම්බන්ධ නියෝජ්‍ය අධ්‍යක්ෂ ෂෙරිෆ් එල්සයෙඩ් අලි පැවසී ය.

මැයිවලදී වූ පොරොන්දු කෙසේ වෙතත්, කටාර් රාජ්‍යය ගෙන තිබෙන පියවර ප්‍රමාණවත් නැති බව ඔහුගේ අදහසයි. “මාස හයකට පසුව පවා ඉටු කර තිබෙන්නේ මැයිවලදී නිවේදනය කරන ලද සීමිත පියවරවලින් කොටසක් පමණි?” යි ඔහු පවසයි.

කටාර්හි කම්කරු නීතිවල සීමා හේතුවෙන් තනතුරු භේදයකින් තොරව සියලු විදේශ ශ්‍රමිකයෝ පීඩාවට පත් වෙති. ප්‍රංශ පාපන්දු ක්‍රීඩකයකු වන සහීර් බෙලූනිස්ට වසරක කාලයක් කටාර් දේශයෙන් පිට වී යාමට නො හැකි වූයේ ඔහු ක්‍රීඩා කළ අල් ජයිෂ් පාපන්දු සමාජය වැටුප් අර්බුදයක් නිසා ඔහුට පිට වී යාමේ අවසර පත්‍රය නිකුත නො කිරීම හේතුවෙනි.

කටාර් දේශයෙන් පිට වී යාමට පෙර සම්මුතියකට පැමිණි බවට ප්‍රකාශ පත්‍රයකට අත්සන් කිරීමට බෙලූනිස්ට සිදු විය. ඔහු ප්‍රංශයේදී කටාර් පාපන්දු සමාජයට එරෙහිව නඩු පැවරීමට අදහස් කරන බව ඔහුගේ නීතිඥයා ඊට පෙර පැවසී ය. 2022දී ලෝක පාපන්දු කුසලානය කටාර් දේශයේ පැවැත්වීමට පෙර ඒ සඳහා වූ ඉදිකිරීම්වල නියැලී සිටින විදේශ ශ්‍රමිකයන් 4000ක් පමණ අනතුරුවලින් මිය යනු ඇතැයි ජාත්‍යන්තර වෘත්තීය සමිති සම්මේලනය ජුනි මාසයේදී පැවසී ය.

2011 වන විට කටාර්හි ශ්‍රී ලාංකිකයෝ ලක්ෂයක් පමණ සිටිය හ.

(මූලාශ්‍ර: ඇරැබ් නිව්ස්, ද ගාඩියන්, විකිපීඩියා, වැඩබිම.lk)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

9 comments:

  1. ෂරියා නීතියට ජය වේවා. මානව අයිතවාසිකම් භංග වේවා

    ReplyDelete
    Replies
    1. මෝඩ තකතීරු කතා කියන්න එපා ඇනෝ! ෂර්යාවයි කටාර් රාජ්‍යයයේ කම්කරු නීතියයි යනු එකිනෙකට වෙනස් කාරණා දෙකක්! ඕන කෙං ගෙඩියකට නොදන්න ෂර්යාවක් ගාවගන්න එපා.

      Delete
    2. In practice, Qatar's legal system is a mixture of civil law and Islamic law. Sharia law is the main source of Qatari legislation according to Qatar's Constitution.
      Wikipedia
      Tony. R = මෝඩ තකතීරුවා

      Delete
    3. There are extracts from Islamic Shariya embeded into the Qthari Legislation, Qathari law cannot be called as Islamic Shariya. infact there is NOT a single country in the world that practices the proper Islamic Shariya. When it comes into Labour Law, it is NOT based on Islamic Shariya , i.e. Islamic Jurisprudence, but as per the interest of the country with a guidence from Rules and Regulations from ILO. So do not jump into conclusions on matters that is not at your finger tip.

      Delete
  2. සූරියපුර යනු 1986 දී එල්ලටීටීයේ දැඩි ප්‍රහාරයකට ලක්‌ වූ ගම්මානයකි. අවස්‌ථා කිහිපයකදීම මේ මිනිසුන් ඉලක්‌ක කර කොටි ත්‍රස්‌තයන් ගම් වැදී එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයන් නිසාම එකී වකවානුවේ එහි සිටි ජනතාව ජීවිත රැක ගැනීම සඳහා ගම හැරදා ගියේය.

    අද එහි පැමිණ සිටින්නේ එසේ පලා ගිය මිනිසුන්ගෙන් කොටසකි. එහෙත් යළි පැමිණි ඔවුන්ගේ ජීවිතය අපායක්‌ බවට පත්ව තිබෙනුයේ ශෝචනීය අයුරිනි. එල්ටීටීයෙන් ගුටි කා පලා ගිය ඔවුහු තවමත් බැට කමින් සිටිති. මේ මිනිසුන් අද සූරියපුරට යළි පැමිණ සිටිනුයේ නැවත පදිංචි කිරීමේ ලේබලය යටතේය.

    "ඇයි මල්ලි.. නැවත පදිංචි කිරීම් යටතේ ගමට ඇවිත් ඉන්න මේ මිනිස්‌සුන්ට කිසිම පහසුකමක්‌ ලැබිලා නැත්තේ මොන හේතුවක්‌ නිසාද? මේ ඉම පිළිබඳ බොහෝ දේ දැන සිටින අපේ මඟ පෙන්වන්නාගෙන් මා ඒ පැනය විමසුවේ අද සූරියපුර මිනිසුන් විඳින දුක දැසින් දුටු නිසාමය.

    මේකයි අයියේ. අද වෙනකොට මුළු නැගෙනහිර පළාතෙම තියෙන බහුතරයක්‌ රාජ්‍ය ආයතනවල මුල් පුටු අයිති වෙලා තියෙන්නේ මුස්‌ලිම් ජාතිකයන්ට. සමහර තැන්වල විතරක්‌ දෙමළ ජාතිකයන් ඉන්නවා. මේ කතාව අපි කොතනක කිව්වත් හැමෝම කියන්නේ ජාතිවාදය කතා කරනවා කියලා. නමුත් ජාතිවාදය තියෙන්නේ ඔය මම කිව්ව නැගෙනහිර ඉන්න රජයේ නිලධාරින් ළඟ. ඔවුන් කැමැති නැහැ මේ පළාත්වල සිංහල ජනතාවට සහනයක්‌ ලැබෙනවට. ඔවුන්ට අවශ්‍ය තමන්ගේ ජාතියේ මිනිස්‌සුන්ගේ ජීවිත සැපවත් කරන්න විතරයි.

    ඒ නිසයි අද නැගෙනහිර පළාතේ සිටින සිංහල ජාතිකයන් දුක්‌ විඳින්නේ. ඔවුන්ට යමක්‌ ලැබෙන්න යනවා නම් රජයේ නිලධාරින් ඒක වළක්‌වනවා. මේ මිනිස්‌සු කැලේට ගිහින් දර කෑල්ලක්‌ කැපුවත් අල්ලන රජයේ නිලධාරින් මුස්‌ලිම් ජාතිකයෙක්‌ කැලේ කපල ගෙයක්‌ හැදුවත් ඇහැක්‌ ඇරලා බලන්නේ නැහැ. එතනදී වෙන්නේ කැලේ කපපු කෙනා හදන නිවසට ඉක්‌මනින්ම ඔප්පුවක්‌ දීලා. ඒක නීත්‍යනුකූල කිරීමට කටයුතු කරන එක.

    මේ විදිහට තමයි අද මුස්‌ලිම් මූලධර්මවාදී ව්‍යාප්තිය නැගෙනහිර බිමේ සිදු වෙන්නේ. එකපාරටම කැලේ කපලා අක්‌කර ගණනාවක්‌ එළි කරනවා.. ඊට පස්‌සේ ඔවුන්ගේම එන්ජීඕ එකක්‌ එළි කරපු කැලෑ ප්‍රදේශයේ වැසිකිළි හදනවා.. මිනිස්‌ වාසයක්‌ අහලකවත් නැතුව ඒ වැසිකිළි හදන්නේ.. ඊට පස්‌සේ ඔවුන් කියනවා එතන තිබුණේ කොටි ගහපු මුස්‌ලිම් ගම්මානයක්‌ කියලා.. ටික දවසකින් පැල්පත් අටවගෙන පිරිසක්‌ පදිංචි වෙනවා.. මිනිස්‌සු පදිංචි වුණහම ප්‍රදේශීය ලේකම් ඒ ඉඩම්වලට ඔප්පු දෙනවා.. ඔන්න ඕකයි සිද්ධ වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔය කියන මූළධර්මවාදීන්ගේ පැතිරීම සිදුවන තුරු, බළගතු මධ්‍යම (සිංහල/බෞද්ධ) ආංඩුව නිදිද?

      Delete
    2. තවත් කළු ජූලියක් නං එපා. මුස්ලිම් මිනිසුන්ට ඔවුනේගේ නිජබිම් වන නැගෙනහිර වෙනම කලාපයක් ලබාදීලා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන එක තමයි සිංහල ජාතිවාදී බහුතරයට කල හැකි ලොකුම උදව්ව.

      අනුන්ගේ නිජබිම් වල බලෙන් පදිංචි වෙන්න යන සිංහල අය ඒවායින් ඉවත් කල යුතුයි

      Delete
    3. නිජබිම් සංකල්පය මුස්ලිම් ප්‍රජාවට අදාළ නැත. ඔවුන් ලංකාවේ සෑම ප්‍රදේශයකම විසිරව ජීවත්වන ජනකොට්ඨාශක් වන අතර, තමුන්ගෙන් ගිළිහී යන මුස්ළිම් ඡන්ද නැවත ආකර්ශනය කරගනුවස්, මුස්ලිම් නම් දරන දූෂිත දේශපාළකයින්ගේ යතාර්ථවාදී න් නොවන ඉල්ලීම් කෙරෙහි නිසි ප්‍රතිචාරය දැක්වීම මධ්‍යම රජයේ වගකීමකි.
      එමෙන්ම යුද්ධය නිසා අහිමිවූ තම පාරම්පරික ඉඩම්වල නැවත පදිංචි වීමට පහසුකම් සැළසීමද රජයේ තවත් එක් මඟහැරිය නොහැකි වගකීමකි.

      Delete
  3. මාරයා මහතා ලොරියත් සමග විනෝද වෙන උද්වේගකර අවස්ථාවක්...
    https://www.facebook.com/video.php?v=995941460446217&fref=nf

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.