2014-12-04

මහා විහාර භූමියේ ඉදි වන දේශපාලන සඳහිරුසෑයේ පුරාවිද්‍යාත්මක ගැටලුව

රුවන්වැලිසෑය ප්‍රතිසංස්කරණයට පෙර
වසර අටසියයකට පසු ප්‍රතිනිර්මාණය කරන ලද අනුරාධපුර මහා විහාරය සඟ සතු කිරීම දෙසැම්බර් 07 වැනිදා පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී සිදු වන බව අනුරාධපුර අටමස්‌ථානාධිපති උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ ඊයේ (03 දා) මහා විහාර පුස්‌තකාල ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.

මිහිඳු හිමියන් ඇතුළු සංඝයා වෙනුවෙන් දේවානම්පියතිස්ස රජු විසින් ක්‍රිස්තු පූර්ව 236දී පමණ ඉදි කළ මහා විහාරය ඉන් වසර දහසකට පමණ පසුව පොළොන්නරු යුගයේදී වල් බිහි වී විනාශ වී ගිය බව සැලකේ. 

මේ රටේ ථෙරවාද සම්ප්‍රදායේ මූලස්ථානය ලෙස සැලකිය හැකි මහා විහාරයේ ප්‍රධාන සංකේතය වන්නේ රුවන්වැලිසෑයයි. මේ සියවසේ මුල භාගයේදී රුවන්වැලිසෑය ප්‍රතිසංස්කරණය කරන ලදී. 

එහෙත්, මෑතක සිට මහා විහාර පරිශ්‍රයේ අලුතින් ඉදිවෙමින් පවතින සඳහිරුසෑය හේතුවෙන් රුවන්වැලිසෑයේ ශ්‍රී විභූතිය යටපත් වී යන තත්වයක් මතු වෙමින් තිබේ.  මේ නව ඉදිකිරීම පුරා විද්‍යාත්මක නීති රීිති හා සම්ප්‍රදායන්ට අනුකූල ද යන්න ගැන සංවාදයක් ඇති විය යුුතු ය.

සුනාමියෙන් පසු ගාලු ක්‍රීඩාංගනයේ කරන්නට පටන් ගත් ඉදිකිරීම් සමහරක් නවත්වන්නට සිදු වුණේ ලෝක උරුමයක් වූ ගාලු කොටුවේ ශ්‍රී විභූතියට ඒවා හානිකර වූ බැවිනි. සඳහිරුසෑය සිංහල බෞද්ධයන්ගේ මහසෑයට කරන බලපෑම ගැන ඔවුන් නිහඬ ඇයි ද යන්න බරපතල ප්‍රශ්නයකි. 

මේ සෑය මෙතැනම ඉදි කරන්නට යන්නේ රටේ වෙන තැන්වල ඉඩකඩ නැති නිසා නො වේ එයට හේතුව වෙන තැන්වල ඉදි කරන ලද මෙවැනි දේශපාලන ස්ථූප ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර නො වීමයි. පන්සල්, පන්සල් ගානේ ගඩොල් ගොඩ ගසා හදා ඇති ස්ථූප ගොන්නට තවත් ස්ථූපයක් එකතු වූ පමණින් අපේක්ෂා කරන ගරුත්වය එයට ලැබෙන්නේ නැත. ජනතාව වන්දනා මාන කරන බිමක මේ සෑය ඉදි කරන්නට ආණ්ඩුව අදහස් කළේ ඒ නිසා විය යුතු ය.

අතීතය ලේඛනගත කිරීමේ දියුණු ක්‍රම නො තිබුණු සමයේ රජවරුන් විසින් ඉදි කරන ලද වැව්, බුදු පිළිම, ස්ථූප ආදිය ඉතිහාසයේ වැදගත් මං සලකුණු බවට පත් වී තිබේ.

මේ වන විට පොළොන්නරුවේ ඉපැරණි සෑයක් මතු කර ගැනීම ආරම්භ කර තිබේ. දෙමළ මහා සෑය නම් වන එය මේ වන විටත් කඳුගැටයක් සහිත පරිසර පද්ධතියකි.

හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනට තිබුණු රජ පිස්සුව නිසා ඔහු පැරණි ශ්‍රී ජයවර්ධනපුරය වැනි පුරයක් බත්තරමුල්ල පැත්තේ හදා එය ලංකාවේ අගනුවර ලෙස ද නම් කළේ ය. එහෙත්, ඔය කියන ජයවර්ධනපුරය තවමත් අනුරාධපුරය තරම්වත් දියුණු වී නැත. එය ලංකාවේ අගනුවර ලෙස නම් කිරීමෙන් සිදු වී තිබෙන එක ම දෙය සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නයක් ලෙස ලංකාවේ අගනුවර කුමක් ද යන්නට හරි පිළිතුරක් නැති වීම පමණි. ඇත්තම කියනවා නම් බත්තරමුල්ල, පැලවත්ත, ඇතුල් කෝට්ටේ වැනි අර්ධ නාගරික ප්‍රදේශ ටිකක් හැර ජයවර්ධනපුරයක් ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත.

ආර්. ප්‍රේමදාස ජනාධිපති රජකු ලෙස සලකුණු වන්නට කළ දෙයක් වන්නේ මිරිසවැටිය කපරාරු කිරීමයි. මේ අන්දමින් දාගැබ් කපරාරු කිරීම හේතුවෙන් ඒවායේ පෞරාණික පෙනුම නැති වී ගොස් තිබේ. අද වන විට සෝමාවතිය වැනි සිද්ධස්ථානවල කිසිදු පෞරාණිකබවක් දැකිය නො හැකි තරම් ය. පැරණි දාගැබ සංරක්ෂණය කිරීමේ කපරාරු ක්‍රමවේදය කෙතරම් නිවැරදි ද යන්න බෞද්ධයන්ගේ අවධානයට ලක් විය යුතු ය.

පැරණි රජවරුන් මේ දාගැබ් ඉදි කළේ ගෘහ නිර්මාන ශිල්පය අද තරම්  දියුණු වී නො තිබුණු සංදර්භයක් තුළ ය. දාගැබ බෞද්ධ ගෘහනිර්මාන ශිල්පයේ එක් ස්වරූපයක් මිස එක ම ස්වරූපය නො වේ. අනෙක් පැත්තෙන් නිර්මානාත්මක බෞද්ධ නායකයන් විසින් කළ යුතුව තිබෙන්නේ එවැනි ගඩොල් ගොඩවල් තව තවත් ගොඩගැසීම නොව නව නිර්මානාත්මක බෞද්ධ ස්මාරක ගැන සිතීමයි.


බෞද්ධ ගෘහ නිර්මාන කලාව බුබ්බුලාකාර ස්ථූපයෙන් ඔබ්බට ගෙන යන්නට සිංහලයන් අසමත් වීම කණගාටුදායක ය. ආචාර්ය නන්දසේන කුලසිංහයන් විසින් සැලසුම් කරන ලද අභ්‍යන්තර අවකාශයක් සහිත කලුතර චෛත්‍යයෙන් ඉදිරියට ගෙන ආ නූතන බෞද්ධ ගෘහ නිර්මාන ශිල්පය ගඩොල් ගොඩගසන පැරණි පන්නයේ ඉදිකිරීම්වලින් ආපස්සට ගෙන යාම කණගාටුදායක තත්වයකි. කලාත්මකබව හා විශාලත්වය යන දෙක අතර වෙනස තේරුම් ගැනීමට නො හැකි වීම කණගාටුදායක ය. අපි අනුරාධපුරයේ සමාධි පිළිමයට ගරු කරන්නේ එය සුවිසල් ඉදි කිරීමක් නිසා නො වේ.

අනුරාධපුර, පොළොන්නරු යුගවල නිර්මානය කරන ලද බුදු පිළිම වැනි කලාත්මක බුදු පිළිමයක් නෙළා ගන්නට බැරි, මාකට් බණ පොත් හැර බෞද්ධ සාහිත්‍යයක් බිහි නො වන, සෝලියස් මෙන්දිස්ගෙන් පසු විශිෂ්ට බෞද්ධ සිතුවමක් දක්නට නො ලැබෙන අන්දමින් බෞද්ධ කලාව පිරිහී ගියේ ඇයි?

පසුගිය දිනක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අනුරාධපුරයේ සඳහිරුසෑයේ ගැටලුව ගැන කතා කළේ ය. ඊනියා දේශප්‍රේමීන්ට මෙය නො පෙනීම නම් තේරුම් ගත හැකි ය. ලංකාවේ පුරා විද්‍යාඥයන්, ඉතිහාසඥයන් මේ ගැන කතා කරන්නේ නැත්තේ ඇයි ද යන්න මට ගැටලුවකි. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

22 comments:

  1. ආගමික සුරුවම් වලට ලොල් පව්කාරයන්ය.
    දේශප්‍රේමීන් යනු අවස්ථාවාදීන්ට කියන තවත් මෙව්වා එකකි.

    ReplyDelete
  2. /* ආචාර්ය නන්දසේන කුලසිංහයන් විසින් සැලසුම් කරන ලද අභ්‍යන්තර අවකාශයක් සහිත කලුතර චෛත්‍යයෙන් ඉදිරියට ගෙන ආ නූතන බෞද්ධ ගෘහ නිර්මාන ශිල්පය ගඩොල් ගොඩගසන පැරණි පන්නයේ ඉදිකිරීම්වලින් ආපස්සට ගෙන යාම කණගාටුදායක තත්වයකි. */

    සිඩ්නි නුඬර තදාසන්නයේ ස්කෝෆීල්ඩ් හි පිහිටා ඇති ලංකාරාමයේ 2006 දී ඉදිකල චෛත්‍යය කොන්ක්‍රීට් ෂෙල් සැකිල්ලකින් යුතුවන අතර ඒ චෛත්‍යය ඇතුලත බුදු මැදුර පිහිටුවා ඇත.

    චෛත්‍යයේ ඡායාරූපයක්: http://www.lankarama.com.au/images/slider_1.jpg

    පන්සලේ වෙබ් අඩවිය: http://www.lankarama.com.au/

    ReplyDelete
    Replies
    1. ඇතුළත හිස් කොට එයට රිංගූ පමණින් එය නූතන බෞද්ධ ගෘහ නිර්මාණයක් වන්නේ නැත. ගෘහ නිර්මාණය යනු සමාජ සංස්කෘතික සහ දේශපාලනයෙන් වියුක්ත වන්නක් නොවේ.

      Delete
  3. 'එහෙත්, ඔය කියන ජයවර්ධනපුරය තවමත් අනුරාධපුරය තරම්වත් දියුණු වී නැත. එය ලංකාවේ අගනුවර ලෙස නම් කිරීමෙන් සිදු වී තිබෙන එක ම දෙය සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නයක් ලෙස ලංකාවේ අගනුවර කුමක් ද යන්නට හරි පිළිතුරක් නැති වීම පමණි. ඇත්තම කියනවා නම් බත්තරමුල්ල, පැලවත්ත, ඇතුල් කෝට්ටේ වැනි අර්ධ නාගරික ප්‍රදේශ ටිකක් හැර ජයවර්ධනපුරයක් ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත.'

    මතුගම පැත්තේ ඉන්න ගොබ්බයෙක් කියන ගොන් කතා. ඈ මිනිහෝ තමුසේ මෙහෙ ඇවිල්ලා තියෙනවද කියනවකො ඔක්කොටම කලින්.

    ReplyDelete
    Replies
    1. ඇවිල්ලා තියෙනවා මිනිහෝ. කියනවා බලන්න කොළඹ කියන අගනාගරිකයට ඔය කියන පැත්ත සමාන වෙන්නේ කොහොමද කියලා. මට කියනවා ඔය පැත්තෙ තියෙන චිත්‍රපටි හෝල් මොනවද කියලා. නාට්‍ය ශාලා මොනවද කියලා. ජීවිතේට ඔය පැත්තේ චිත්‍ර ප්‍රදර්ශනයක් දැකලා තිබෙනවා ද කියලා.

      ඔය පැත්තෙ ධාවනය වන බස් ඉස්සර කරගෙන පයින් යන්නත් පුළුවන්. හරියට මතුගම පැත්තෙ වගේ ම තමයි.

      කොංක්‍රීට්වලින් අගනගර හැදෙන්නේ නැහැ. අගනාගරික ජීවිතය ඇතුළේ තව හුඟක් දේවල් තිබෙනවා.

      Delete
    2. හරියට හරි පැරා.. මම මෑතක පැලවත්තේ ඉඳලා කොටුවට එන්න බස් එකකට නැග්ගා. නැග්ගේ 2.30 ට. කොටුවෙන් බහින කොට හවස 4.30 යි. මම දන්න විදියට මතුගම ඒ සී බස් කොළඹ එනවා මීට කලින්. ලංකාවේ අගනගරය කොළඹ නේ. මාතර ඉඳලා අධිවේගේ මහරගමට එන්න පැය 1.30 යි. මහරගම ඉඳලා කොළඹට එන්න පැය 2.00 යි. ඉතින් වැඩක් තියෙනවද අධිවේගෙන්. එක්කෝ අගනගරේ කොළඹින් කොට්ටාවට ගෙනියන්න ඕන. මොකෝ කොට්ටාවේ ඉඳලා ජපුරෙට එන්නත් පැයක් විතර යනවා. මාර සංවර්ධනේ නේ.

      Delete
    3. පැලවත්ත කියන්නේ ජයවර්ධනපුරයට.. නැතුව සීනී හදන පැලවත්ත නෙමෙයි.

      Delete
    4. පැරාගගෙ ගෙවල් කිට්ටුවත් තියෙනවා පැලවත්තක්.

      Delete
    5. අම්මපා පැරාගෙ කටේ මසුරං දාන්න ඕනි ඒ කතාවට

      Delete
  4. කතා කරන්නේ නැත්තේ.....?
    කතා කරන්නේ නැත්තේ, කතා කරන එකා වෙනුවෙන්, පවුලේ අයට "සෑයක්" හදන්න වෙන නිසා.. අයියෝ..... පැරා ගේ සාමාන්‍ය දැණීම නම් අන්තිමයි...

    ReplyDelete
  5. “දේශය කෙළෙසන කැළල මකන්නට
    දාගැබ හුණු පිරියම් කරනා
    නොපනත් පිංකමෙ බර වැඩි කමටම
    දැගැබ බිමටම ඇද වැටුනා.....“

    ප්‍රේමදාසගේ මිරිසවැටි ප්‍රතිසංස්කරණය දවස්වල ලක්‍ෂමන් පියසේන (මතක හැටියට) ලියපු කවියක්.

    ReplyDelete
    Replies
    1. “අපි ගමන් කරන්නෙ වෘත්තයක - එතකොට පහුවෙච්ච දේවල් ආයෙත් හම්බවෙනවා“ - සින්තටික් සිහින (අශෝක හඳගම)

      Delete
    2. මම නම් හිතන්නේ අපි ගමන් කරන්නේ රික්තයක කියලා...

      Delete
    3. @Sumith Niriella
      //“අපි ගමන් කරන්නෙ වෘත්තයක - එතකොට පහුවෙච්ච දේවල් ආයෙත් හම්බවෙනවා“ - සින්තටික් සිහින (අශෝක හඳගම)//
      වැඩේ කියන්නෙ අපේ කස්ටිය වෘත්තය වටේ යද්දි පහුවෙච්ච තැන් හම්බවෙන හම්බවෙන සැරේට කරන්නෙම කලින් කරපු මෝඩකම ම වෙන එකයි.

      @Maathalan - Priyantha Hewage
      //මම නම් හිතන්නේ අපි ගමන් කරන්නේ රික්තයක කියලා.//
      ඔව් . ඒ මදිවට හිස් කබලේ මොළය කියන අවයවේ තියන තැනත් රික්තයක් තියන බහුතර ජහමනයො සෙට් එකක් එක්ක..

      Delete
    4. "බොහෝ වාමාංශිකයන් කුහකයන්." - අජිත් පැරකුම් ජයසිංහ (w3ලංකා)

      Delete
  6. සමාධි පිළිමේ නහය හදපු විදිය දැක්කම නම් ඇඬෙනවා.. සංරක්ශනය කලයුතු තැන් ප්‍රථිනිර්මානය කිරීමත් තමන්ගේ නම ගහන්න 'මොකක් හරි ලොකු එකක්' නිර්මාණය කිරීමත් මෑත කාලේ පාලකයෝ ගොඩක් දෙනෙක්ගේ මෝඩකම් ප්‍රදර්ශනය වීමක්..

    ReplyDelete
  7. අනේ, පැරා!

    දැගැබ් කන්නද?
    මහා විහාරෙ කන්නද?
    පුරා විද්‍යාව කන්නද?
    රුවන්වැලි සෑය කන්නද?

    ඕවා තියෙන්නෙ ටුවරිස්ට්ලට විකුණලා කීයක් හරි හොයා ගන්නයි, දේශපාලකයන්ට ඡන්ද වැඩ වලට පාවිච්චි කරන්නයි ගීත රචකයන්ට ගීයක් ලියලා කීයක් හරි හොයා ගන්නයි විතරයි. පල්ලේගම සිරිනිවාසට චූ කරලා ජුන්ඩව ගසලා දාල බුදිය ගන්න කියන්න.

    ReplyDelete
    Replies
    1. මතක නැති වුණා කකුල් දෙකේ හරකුන්ට ගිහිල්ල නළල බිම ඔබල වඳින්නත් එක්ක. ඕකුන්ට මොළයක් කියලා දෙයක් තිබුණ නම් ගෙදර සිමෙන්ති කොට්ටයක් තියාගෙන වඳිනවා ඔය කරදර මොකුත් නැතුව!

      Delete
  8. oyakiyana pelawaththa Mathugama AAsannayema nowe Mathugama-horawala handiyen, mathugama-Agalawaththa pare bellana handiyen yatheki.Oya pelawaththe issara manasika Rohalak thibuna 70 dasakaya aga withara dakwa,in passe kuprasidda palawaththe hamuda kandawura/redawum kandawura thibuna,Pera ge gewal thiyenne Mathugama Railway station eka langada?

    ReplyDelete
    Replies
    1. මෙන්න මූ වල්ගෙ පාගගෙන..!

      Delete
  9. රුවන්වැලිූසෑය හදපු දුටුගැමුණු රජතුමාට ඒකේ කොත පළඳන්න බැරිවුනා. ඉතිහාසය රිපීට්වෙයිද ?

    ReplyDelete
    Replies
    1. ඔව් කොහොමත් ඕක හදන්න යයි කියලා හිතෙන කාලයත් එක්ක බැළුවම මහින්දට ඊ ළඟ ධූර කාලයේදී කොත් පළන්දවන්න වෙන එකක් නැහැ. හරියටම කිව්වොත් දුටු ගැමුණු හදන්න පටන් ගත්තට කොත තිබ්බේ සද්ධා තිස්ස වගේ, මේකට කොත තියන්න වෙන්නේ ගෝඨාභය රාජපක්ෂට විය හැකියි. ඊ ළඟ ජනාධිපති හැටියට.

      ඉතිහාසය රිපීට්වෙයි වගේ නේද ?

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.