2014-04-30

පරණ යූ.ඇන්.පී. ආණ්ඩුව බෙදාගෙන හොරකම් කළා. මේ ආණ්ඩුව කීපදෙනෙක් එකතුවෙලා හොරකම් කරනවා - රතන හිමි

ජාතික හෙළ උරුමය ආණ්ඩුවට පත්තු කරන රතු එළිය ගැන මව්බිම පුවත්පත විසින් අසන ලද ප්‍රශ්නයකට අතුරලියේ රතන මන්ත්‍රී හාමුදුරු‍වෝ උත්තර දෙන්නේ මෙලෙසයි:

ආණ්ඩුව වහාම මහින්ද චින්තනය ක්‍රියාත්මක කරන්න ඕනැ.  දැන් ආණ්ඩුව කරන්නේ 2002දී රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනාපු 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහනමයි. හරියටම කියනවා නම් මේක නියම යූ.ඇන්.පී. ආණ්ඩුවක්. පරණ යූ.ඇන්.පී. ආණ්ඩුවමයි මේ. වෙනසකට තියෙන්නේ පරණ යූ.ඇන්.පී. ආණ්ඩුව බෙදාගෙන හොරකම් කළා. මේ ආණ්ඩුව කීපදෙනෙක් එකතුවෙලා හොරකම් කරනවා. අපිට නම් ඔය දෙකම එකයි. නාස්තිය, දූෂණය නෙවෙයි ප්‍රශ්නය ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් තියෙන්නේ.

රතන හාමුදුරුවන් යනු චම්පික රණවකගේ දේශපාලන මුට්ටියයි. චම්පික ඔලුව දැමීමට පෙර රතන හාමුදුරුවන්ගේ මුඩු හිස එළියට දමා බලන්නේ සිවුර නිසා එයට රැකවරණයක් ඇති බව දන්නා නිසා ය. 

චම්පිකගේ දේශපාලනය තුළ තිබෙන්නේ ඉවසීමත්, ආසයි-බයයි තත්වයත් මුසු වුණ තත්වයකි. ජාතික හෙළ උරුමය ආණ්ඩුවට සම්බන්ධ වීමත් සමග චම්පික ඉදිරියට පැමිණියා මෙන් ම දැඩි ලෙස සීමා වීමක් ද සිදු විය. එහෙත්, ඇමතිවරයකු ලෙස නම් චම්පිකට කරන්නට ලැබුණු කැකිරි ගෙඩියක් නැත. එක පැත්තකින් ආණ්ඩුව උදය ගම්මන්පිල මිළ දී ගෙන හමාර ය. චම්පිකලා ගියත් උදය ගම්මන්පිල ආණ්ඩුවේ නතර වෙන්නට ඉඩක් තිබේ. අනෙක් පැත්තෙන් චම්පිකට එරෙහිව පාවිච්චි කරන්නට ෆයිල් මහින්ද ළඟ තිබේ. ආණ්ඩුවෙන් කඩාගෙන ගිය ප්‍රබල විරුද්ධවාදීන් නන්නත්තාර කළ හැටි ගැන චම්පිකට අත්දැකීම් තිබේ. 

එහෙත්, චම්පිකලාට එක වාසියක් ඇත. ආණ්ඩුව බොදු බල සේනාව ඉදිරියට දමා අවුස්සන ජාතිවාදය හා ආගම්වාදය, බොදු බල සේනාව තාප්පයට ඇන ගත්තාට පසු තමන් අතට ගැනීමේ බලාපොරොත්තුව ඔවුන්ගේ හිත් තුළ නළියනු පෙනේ.

කෙසේ වෙතත් රතන හිමිගේ වචන ටික නම් ආණ්ඩුව ගැන ආප්තෝප‍දේශයක් වැනි ය.

මේක නියම යූ.ඇන්.පී. ආණ්ඩුවක්. පරණ යූ.ඇන්.පී. ආණ්ඩුවමයි මේ. වෙනසකට තියෙන්නේ පරණ යූ.ඇන්.පී. ආණ්ඩුව බෙදාගෙන හොරකම් කළා. මේ ආණ්ඩුව කීපදෙනෙක් එකතුවෙලා හොරකම් කරනවා.  

ජයවේවා! මේ වනාහි ගිලෙන නැවෙන් මීයන් පැන යාම ආරම්භ වන කාලයයි. මහින්ද, බැසිල්, ගෝඨාභය, නාමල්, මේ කියන්නේ ඔබ ගැන නොවේ නම් කා ගැන ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-04-28

ආගමික පොලිසිය හා අනාගමික සාමය

ආගමික ගැටලූ විසඳම සඳහා වන විශේෂ පොලිස් එ්කකය අද පෙරවරුවේ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් බෞද්ධ හා ආගමික කටයුතු පරිශ්‍රයේදී විවෘත කරන ලදී.

එහිදී අදහස් දැක්වූ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් කියා සිටියේ ආගමික කි‍්‍රයාකාරකම් සම්බන්ධ පැමිණිලි කඩිනමින් විමර්ශනය කිරීම මෙම පොලිස් ඒකකයේ අරමුණ බවයි.

විවෘත කර සුළු වේලාවකින් සිහල රාවය සංවිධානය එහි පැමිණිල්ලක් දැමුවේ බුදු දහමට කරන ලද නිග්‍රහයන් සම්බන්ධ පැමිණිලි තුනක් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා නො කරන බවටයි. 

මේ ආගමික පොලිසියට එන පැමිණිලි කුමන අන්දමේ ඒවා වනු ඇද්ද යන්න ඉදිරියේදී දැක ගත හැකි වනු ඇත.  සාමාන්‍යයෙන් මේ පැමිණිලි මෙසේ වනු ඇතැයි අනුමාන කළ හැකි ය:
  • ආගමික හරවාගැනීම්වලට එරෙහි පැමිණිලි
  • ආගම් ප්‍රචාරයට එරෙහි පැමිණිලි
  • ආගම්වලට එරෙහි ප්‍රචාරයන්ට එරෙහි පැමිණිලි
  • ආගමික නිදහසට බාධා කිරීමට එරෙහි පැමිණිලි
  • යම් ආගමික නායකයන්ගේ ආගමිකභාවය පිළිබඳ පැමිණිලි
  • ආගමික අයිතිවාසිකම් පිළිබඳ පැමිණිලි
  • දේපල ආරාවුල්
  • ආගමික නායකයන් අතින් සිදු වන අපරාධවලට එරෙහි පැමිණිලි
ආගම් බිහි වුණේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා ය. දැන් ආගම්වල හා ආගම් අතර ප්‍රශ්න විසඳීමට  පොලිසි පත් කරන්නට සිදු වී තිබේ. අහෝ ආගම්වලට ගිය කල!

ආගම් අදහන්නන් ආදර්ශයට ගත යුත්තේ අප වැනි ආගම් නො අදහන්නන් ය. මන්ද,  ඉහත කී ආකාරයේ පැමිණිලි කරන්නට අපට නම් කිසිදු උවමනාවක් නැත. 

එහෙත්, මෙහෙම ගියොතින් අපගේ ආගම් නො අදහා සිටීමේ අයිතියට ද බලපෑම් කරන සමයක් උදා වනු ඇද්දැයි කියන්නට බැරි ය. උදාහරණයක් ලෙස මා පෝයට පන්සල් නො ගිය බවට ආගමික පොලිසියට පැමිණිලි කරන සමයක් එයි ද යන්න සැක සහිත ය.

ආගම් අදහන ඔබ ගැන ඇත්තෙන් ම ආගම් නො අදහන අපට කණගාටු ය. ආගම බරකි. එය අත්හැර දැමූ අපි ඉතා සැහැල්ලු ය. අපට ලබන ආත්මයක් හෝ ස්වර්ගයක් හෝ ගැන කල්පනා කරමින් ආතතියට ලක් වන්නට උවමනාවක් නැත. අප කටයුතු කරන්නේ අප විසින් සකසා ගන්නා ලද විනයක් තුළ ය. එහි හරි වැරදි බලා ගන්නේ ද අප ම ය. අපි නිදහස් ය. 

ප.ලි: මාක්ස්වාදය ආගමක් ලෙස අදහන්නන් ද ආගමිකයන් අතරට ඇතුළත් විය යුතු ය. අහවලා අපෙන් කඩාගෙන ගියා, අපට බැන්නා, මාක්ස්ව විවේචනය කළා ආදී වශයෙන් කරන පැමිණිලි ද මේ පොලිසියට ම කරනවා නම් හොඳ ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

සරුංගල්කාරයන්ට ගුවන් යානා ලයිසන් දීම

ප්‍රාදේශීය සභාවක සභාපතිකමට සුදුසු කෙනෙකුට රටක් ම භාර දී‍මේ ආදීනව ලෙස ලොවටම වැඩක් නැති ගුවන් තොටවල්, වරායවල් හම්බන්තොට හැදෙමින් තිබේ. 

මේ ඒ මෝඩකමේ දෙවන මට්ටමයි. පාසලක විදුහල්පතිකමක හා ඇමති ධුරයක වගකීම් අතර වෙනස තේරුම් ගන්නට බැරිකම මෙතැන ඇති ප්‍රශ්නයයි.

උසස් පෙළ විභාග ප‍්‍රශ්න පත‍්‍ර සම්පාදකයින් සහ විවිධ විභාග රාජකාරිවල නියුතු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු සහ කතිකාචාර්යවරුන්ට අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන තම අත්සනින් ලිපියක් යවමින් හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ උසස් පෙළ සිසුන්ට දේශන පැවැත්වීමට ලිඛිතව කැඳවීම් කර ඇත.

තමන්ගේ ජනපි‍්‍රයතාවය වෙනුවෙන් පාසල් 9905 ක් තිබියදී එක් පාසලක් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රය සතු සියලූ සම්පත් යොදවමින් හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල ජනපි‍්‍රය කරවීමට අධ්‍යාපන ඇමතිවරයා කටයුතු කරමින් සිටී.

එහිදී එම පාසලේ උසස් පෙළ හදාරණ සියලූ සිසුන් සමත් කරන බවට පුරසාරම් දෙඩවීමක් ද සිදුකරමින් සිටින අතර මේ වන විට ප‍්‍රශ්න පත‍්‍ර සකස් කරන හා විභාග කටයුතු කරන ආචාර්ය මහාචාර්යවරුන් එම පාසලේ උසස් පෙළ විෂයන්ට අදාළ දේශන සඳහා ගෙන්වීමට කටයුතු කර ඇත.

කතිකාචාර්ය රියන්සි පේ‍්‍රමලාල් නමැත්තෙකුගේ සම්බන්ධීකරණය යටතේ මෙම කටයුත්ත සිදු කර ඇත.

මේ වන විට විභාග දෙපාර්තමේන්තුවේ ප‍්‍රශ්න පත‍්‍ර වෙනත් කිසිවෙකුට මුද්‍රණය කළ නොහැකි බවට නීති පනවමින්, විභාගයට පෙර සියලූ ප‍්‍රශ්න පත‍්‍ර සාකච්ඡා හා පෙරහුරු සම්මන්ත‍්‍රණ ද නවත්වමින් සෙසු පාසල්වල දරු දැරියන් පීඩනයට පත් කර ඇති අධ්‍යාපන ඇමතිවරයා මේ ආකාරයට නීත්‍යානුකූල නොවන ලෙස තම බලය යොදවා කටයුතු කිරීම ලංකා ගුරු සංගමය දැඩි ලෙස හෙළා දකී.

මේ වන විට මෙම දේශන සඳහා සහභාගි නොවන ආචාර්ය මහාචාර්යවරුන් විභාග කොමසාරිස්වරයා හරහා බරපතළ පළිගැනීම්වලට ලක් කරමින් සිටී.

මේ තත්වය උසස් පෙළ විභාගයට පෙනී සිටින සමස්ත දරුවන්ට බරපතළ අසාධාරණයක් වන බැවින් මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කොට අවශ්‍ය පියවර ගන්නා ලෙස ලංකා ගුරු සංගමය විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් ද ඉල්ලා සිටී.


  - ලංකා ගුරු සංගමය
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-04-27

සුන්දර ඉංගිරිසි - ඉස්ටුඩන්ට්ස් ඉස්ටොප් ඇට් ඉස්කූල්

උච්චාරණය අනුව ඉංගිරිසියේ පංති භේද හොයන පිරිසක් ලංකාවේ ඉන්නවා. මේ අය කොළඹ හා තවත් ප්‍රධාන නගර කීපයක් ආශ්‍රිත ප්‍රධාන පෙළේ පාසල්වලින් ඉගෙනුම ලැබූ නිවෙස්වල ඉංග්‍රීසියෙන් කතා කරන පැළැන්තියයි. පසුගිය කාලයේ ලංකාවේ නැගී ආ ජාතිකවාදී ප්‍රවණතා මැද මේ අයගේත් හුළං බැස්සා. ඉස්සර නම් මොවුන් සිංහල පාවිච්චි කළේ ගෙදර වැඩකාරයන්ට කතා කරන්නටයි. ඒත්, පසුකාලීනව ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ ප්‍රමිතීන් පිරිහීමත් සමග ම දැන් මේ පැළැන්තියේත් ප්‍රමිති පිරිහිලා. ඒ භාෂාව පැත්තෙන් විතරක් නෙමෙයි. ආර්ථික හා සමාජමය පැතිවලිනුත් ඔවුන් එදා පවත්වාගෙන ගිය ආධිපත්‍යය අද නැහැ. 

ඉස්සර අපි අසා තිබුණු කාරණයක් තමයි, කොයි තරම් ජාතිය ගැන කතා කළත්, ලංකාවේ ආණ්ඩුවේ කැබිනට් රැස්වීම පැවැත්වුණේ ඉංග්‍රීසියෙන් බව. ඒත්, දැන් පාලන බලය අත්පත් කරගෙන සිටින ලුම්පන් ධනපති පැළැන්තිය ඉංග්‍රීසි තියා සිංහලවත් හරි හැටි දන්නා පිරිසක් නෙමෙයි. ඒ නිසා ඔවුන් ඒ මහ ඉහළින් අගය කරමින් තිබුණු සම්ප්‍රදායන් පයින් ගසා බිඳ දැමුවා. හැබැයි, හීනමානයකුත් එක්කයි.

හීනමානය යි කීවා ම, සිංහල ගැමියන්ගේ ඉංග්‍රීසි භාවිතාවේ අැද පලුදු සොයන පැළැන්තියට තිබෙන භාෂා මාන්නක්කාරකමත් මම නම් හිතන්නේ හීනමානයක් ම තමයි.

දැන්, දැන් ලාංකික ඉංග්‍රීසිය පිළිබඳ වැඩිපුර කතා කෙරෙනු අසන්නට ලැබෙනවා. මේ ලාංකික ඉංගිරිසි කතා ද ලංකාවේ අනෙක් කතා සේ ම හිස් ප්‍රලාප තමයි. ලංකාවේ පණ්ඩිතයන් ලාංකික ඉංගිරිසිය යයි සිතාගෙන සිටින්නේ කුමක් ද යන්න පිළිබඳ නිදසුනක් උසස් පෙළ සිසුන් සඳහා නිර්දෙශිත General English පොතෙන් පෙන්වා දිය හැකි ය. එහි එක් තැනක, ඉස්කූල්, ඉස්ටොප් වැනි උච්චාරණ ලාංකික උච්චාරණ ලෙස හඳුනා ගන්නට උත්සාහ කර ඇත.

මේ ඉස්කූල්, ඉස්ටොප් වැනි උච්චාරණ ඉහතදී මා විසින් සඳහන් කරන ලද පැළැන්තිය විසින් ගමෙන් ආ මිනිසුන් උපහාසයට ලක් කරන්නට හරියට භාවිතා කරනවා. ඉතින් අපේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අයත් ගැමි දරුවන් තුළ මේ උච්චාරණය නිවැරදි කරන්න සෑහෙන උත්සාහයක් දරනවා. වඩා ජාතිකවාදී මුහුණුවරක් ඇති අය ඉස්කූල් වැනි යෙදුම් ශ්‍රී ලාංකික ඉංග්‍රීසි ලෙස පෙන්වා දෙන්න හදන්නේත්  මෙම සංදර්භය තුළයි. ඒත් මෙතන තිබෙන්නේ ලාංකිකයන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ ගැටලුවක් මිස ලාංකික ඉංගිරිසියක් නෙමෙයි.

මෙහි තිබෙන්නේ ඉංග්‍රීසි උච්චාරණයේදී වචන තුළ ඇති බර තැබීම හෙවත් stress කිරීම පිළිබඳ ගැටලුවක් බව මගේ අදහසයි. එය  ඉගෙන ගෙන නිවැරදි කර ගත යුතු දෙයක් මිස අපේ ඉංගිරිසි උරුමයක් ලෙස සැලකිය යුතු දෙයක් නො වේ. එස් අකුරෙන් පටන් ගන්නා, ඊළඟ අකුර ව්‍යංජනාක්ෂරයක් වන වචනවලදී මුල් එස් අකුරේ ස් ශබ්දයට බර තැබෙන්නේ දෙවන ව්‍යංජනාක්ෂරයට වඩා අඩුවෙන්.

මේ ස්ට්‍රෙස් කිරීම සිංහල භාෂාවේ දකින්නට නොමැති ලක්ෂණයකි. සිංහල භාෂාවේ වචන උච්චාරණය කිරීමේදී අපි වචනය තුළ ඇති සෑම ශබ්දාණුවක් ම එක තරමින් උච්චාරණය කරනවා මිසක් ඇතැම් ශබ්දාණු වැඩි බරක් තබා උච්චාරණය කරන්නේ නැහැ.

නිදසුනක් ලෙස ස්කූල් කියන වචනය ගත්තොත්, එහි කූ කියන ශබ්දාණුවට තබන බර තරම් බරක් ස් ශබ්දාණුවට තබන්නේ නැහැ.මේ ස්ට්‍රෙස් කිරීම ගැන අපේ ළමයින්ගේ පාසල් විෂය නිර්දේශවල කොතැනකවත් ඉගැන්වෙන්නේ නැහැ. ඉතින් ඉංග්‍රීසි වැඩිය භාවිතා නො කරන ගමේ ළමයි තමන් දන්නා සිංහල භාෂාවේ ආකාරයට ම වචනයේ සෑම තැනක් ම එක සමාන අන්දමින් බර කරනවා. ස්කූල් ඉස්කූල් වෙන්නේ එහෙමයි.සිංහල භාෂාවේ තිබෙන ස්කන්ධය, ස්පර්ශය වැනි සංස්කෘත වචන වුණත් ගැමියා ශබ්ද කරන්නේ ඉස්පර්ශය, ඉස්කන්ධය කියලා වෙන්න පුළුවන්.

මේ ඉදිරිපත් කිරීම ටිකක් ම‍තභේදාත්මක වෙන්න පුළුවන්. ඔබේ අදහස කුමක් ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-04-26

ටයිටැනික් නැවේ සිට දෙකේ ඇලේ අත් ට‍්‍රැක්ටරය දක්වා හදිසි අනතුරු ගැන සමාජවාදී විශ්ලේෂණයක්

මැලේසියානු ගුවන් යානය අතුරුදහන් වී වැඩි කලක් යන්නට පෙර තවත් ඛෙදවාචකයක් වාර්තා විය. පෙරළී ගිලී ගිය සෙවොල් නම් දකුණු කොරියානු නෞකාවේ ගමන් කරමින් සිටි මගීහු සිය ගණනක් මිය ගිය හ. මරණ සංඛ්‍යාව තවමත් අවිනිශ්චිත ය. මිය ගිය අයගෙන් වැඩි දෙනෙක් විනෝද චාරිකාවක් යමින් සිටි පාසල් සිසු පිරිසකි. නැවේ සිටි මගීන් 476දෙනා අතරින් 339දෙනෙක් ම පාසල් සිසුවෝ වූ හ. බේරා ගත හැකි වී තිබෙන්නේ 174දෙනෙකු පමණි.

නැව පැදවූ 69 හැවිරිදි කපිතාන්වරයා නොසැලකිලිමත් ලෙස වේගය අඩු නොකර නැව හැරවීම මෙසේ පෙරළී ගිලී යාමට හේතුව ලෙස සැක කරනු ලැබේ. අවසන් මගියා ද පිට වීමට පෙර නැවෙන් පිට වී තිබෙන කපිතාන්වරයා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. නැවේ කාර්ය මණ්ඩලයේ 29දෙනෙකුගෙන් 22දෙනෙක් දිවි ගලවා ගන්නට සමත් වූ හ. ඔවුහු වැඩි දෙනෙක් උදව් අවශ්‍යව සිටි මගීන් නො තකා හැර තමන්ගේ දිවි ගලවා ගත් අය වෙති.

මෙම නැව යාත්‍රා කරමින් තිබුණේ පසුගිය දිනවල ලංකාවේ විකාශය වූ ජනප්‍රිය කොරියානු ටෙලි නාට්‍යයක් වන චංගුමී චරිතය අඩංගු සුජාත දියණි මාලා නාටකයේ ද සඳහන් වූ ජේජු දිවයින වෙත යාත්‍රා කරමින් තිබියදී ය.

කිමිදුම්කරුවෝ සීතල අඳුරු දියේ මළ සිරුරු සොයමින් සිටින්නේ අතපත ගාමිනි. තමන් මෙවැනි අසීරු කාර්යයන් කිරීමට පුහුණුව ලබා සිටියත්, උඩු යටිකුරු වූ නැවේ කැබින්, ශාලා වැනි අවකාශ අතර අඳුරේ මළමිනියක් අත ගැටුණු විට දැනෙන හැඟීම අතිශය සංවේදී බව එක් කිමිදුම්කරුවෙක් මාධ්‍යවලට පවසා තිබිණි. 


අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳව ද තවමත් හරි හැටි තොරතුරක් සොයා ගැනීමට ලෝකය අසමත් වී තිබේ. 

ලංකාවේ ද පසුගිය අලුත් අවුරුදු සමයේ ඛෙදජනක මාර්ග අනතුරු කීපයක් වාර්තා විය. ඒ අතර මගී ප්‍රවාහනය සඳහා යෝග්‍ය නොවන ඉඩම් වාහනයක් මගීන් සමග ඇලට වැටුණු සිද්ධියක් ද තිබිණි. අධිවේගයෙන් වාහන පැදවීම නිසා සිදු වන අනතුරු, රියදුරුට නින්ද යාම නිසා සිදු වන අනතුරු, මත්ප‍ැන් පානය කර රිය පැදවීම නිසා සිදු වන අනතුරු ආදිය ලංකාවේ සුලබ ය. 

ගමන් බිමන් යාමේදී සිදු වන හදිසි අනතුරුවලින් ලෝකයේ මිනිසුන් මෙතරම් මිය යන්නේ ඇයි?

පිළිතුර මිනිසුන්ගේ ගමන් බිමන් යාම වැඩි වීම මෙයට හේතුවයි. ලොව පුරා මිනිස්සු මෙතරම් ගමන් බිමන් යන්නේ ඇයි? ඒ ගමන් බිමන් ඇත්තෙන් ම අත්‍යාවශ්‍ය ඒවා ද? 

ධනවාදය තුළ අවශ්‍යතාවට භාණ්ඩ හා සේවා සම්පාදනය වනවාට වඩා නව නිපැයුම් වෙනුවෙන් අවශ්‍යතාවන් නිර්මානය වීම සිදු වන බව නිරීක්ෂණය කළ හැකි ය.  හේතුව ධනවාදී ලාභාපේක්ෂා හා පාරිභෝජනවාදය අතර තිබෙන අන්තර් සම්බන්ධයයි. 

පාරිභෝජන ධනවාදය පිළිබඳ අදහස පැන නගින්නේ 1850 දශකයේදී ඇමරිකා එක්සත් ජනපදයේ සුපිරි වෙළඳසල් හෙවත් ඩිපාට්මන්ට් ස්ටෝස් ආශ්‍රිතව ය. ෆිලඩෙල්පියාහි එවැනි පළමු වෙළඳසලට යොදන ලද නම වූයේ වොනමේකර්ස් ය. නමේ තේරුම අවශ්‍යතා නිර්මානය කිරීම යන්නයි.

මෙම යුගයෙහිදී ඇමරිකාවේ ධනවාදී කර්මාන්ත පුරෝගාමීන් විසින් සැලසුම්සහගත ලෙස පාරිභෝගික ඉල්ලීම අ‍වශ්‍යතාවල (needs) සිට අපේක්ෂා (wants) දක්වා වෙනස් කරන ලදී. අවශ්‍යතා තෘප්තිමත් කළ හැකි ය. එහෙත් අපේක්ෂාවල ලක්ෂණයක් වන්නේ ඒවා තෘප්තිමත් නොවී පැවතීමයි. 

මුලින් මෙම විපර්යාසය සිදු කෙරුණේ වෙළඳ ප්‍රචාරණය හරහා ය. අද වන විට එය හුදෙක් වෙළඳ ප්‍රචාරණය ඔස්සේ පමණක් සිදු වන්නක් නො වේ. අද එය ධනේශ්වර සමාජයේ ජන විඥානය තුළට කා වැදී තිබේ. මිනිස් ජීවිතය තෘප්තිමත් නොවී පවතින අපේක්ෂා හඹා යන එකක් බවට පත් වී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. 

පරිභෝජනයත්, පාරිභෝජනවාදයත් අතර වෙනස මේ අන්දමින් හඳුනාගත හැකිය. අවශ්‍යතා අනුව කරනු ලබන පරිභෝජනය පාරිභෝජනවාදයක් නොවේ. අප පාරිභෝජනවාදී වන්නේ අපේක්ෂා නිසා ය. 

මෙය කෙතරම් සාමාන්‍ය තත්වයක් බවට පත් වී තිබේ ද යත්, අද වන විට මිනිසා මෙය ජීවි‍තයේ මූලික ලක්ෂණයක් ලෙස වරදවා වටහා ගනියි. මෙය ජීවිතයේ විවිධ පැතිකඩ ඔස්සේ විමසා බැලිය හැකි ය. ජංගම දුරකථනය සාමාන්‍ය භාණ්ඩයක් ඉක්මවා යන සංස්කෘතික මෙවලමක් බවට පත් වන්නේ මෙම සංදර්භය තුළ ය. සරළව කිවහොත්, "කාපල්ලා - බීපල්ලා - ජොලි කරපල්ලා" සංස්කෘතිය බිහි වන්නේ එම සංදර්භය තුළයි.

මෙම ලිපියේ ප්‍රස්තුතයට අදාළව ප්‍රවාහන කර්මාන්තය ආශ්‍රිතව අපට මෙය වඩා හොඳින් විමසා බැලිය හැකි ය. එයිනුත්, සංචාරක කර්මාන්තය සුවි‍ශේෂ ලෙස ගෙන මෙම තත්වය විමසා බලන්නට අපි අදහස් කරන්නෙමු.

මිනිස් සමාජයට මෙතරම් සුවිසල් ප්‍රවාහන පද්ධතියක් අවශ්‍ය ඇයි?   මෙතරම් නැව්, ගුවන් යානා, මාර්ග පද්ධති ආදිය අවශ්‍ය ඇයි? එතරම් දියුණු ප්‍රවාහන පද්ධතියක් නො තිබුණු අතීත සමාජයේ මිනිස් ජීවිතයට වඩා දියුුණු ප්‍රවාහන පද්ධතියක් තිබෙන වත්මන් ලෝකයේ ජීවිතය පහසු ද? 

සමුදුර, අහස හා ගොඩබිම දූෂණය කරමින් මිහිතලය උණුසුම් කරමින්, මිනිස් පැවැත්මට තර්ජනකාරී වූ පාරිසරික තත්වයක් නිර්මානය කරමින් මේ තරම් නැව්, ගුවන් යානා, ගොඩබිම් වාහන සංඛ්‍යාවක් දුවන්නේ කුමක් සඳහා ද? එමගින් ප්‍රවාහනය කරන භාණ්ඩ හැම එකක් ම ගමනාන්තයේ මිනිසුන්ගේ පාරිභෝජනය සඳහා නැතිවම බැරි ඒවා ද? නැත. ඒ බොහොමයක් දේ මිනිසුන්ගේ අවශ්‍යතා නොව අපේක්ෂා ය. ඒවා කවදාවත් තෘප්ත නොවන බැවින් මිනිස්සු කිසි කලෙක තමන් අත පත් වන භාණ්ඩයෙන් හෝ සේවාවෙන් තෘප්තිමත් නොවෙති. ඔවුහු තවත් මාදිලියක් ඉල්ලා සිටිති. දැන් ඉල්ලුම තිබෙන්නේ අවශ්‍යතාව මත නොව අපේක්ෂාව මතයි. ලාංකිකයකුට මයික්‍රෝ කාරයකින් සිය අවශ්‍යතාව සපුරා ගන්නට හැකි වුණත්, ඔහු මෙහෙයවනු ලබන්නේ ජපන් කාරයක් මිළ දී ගැනීමේ අපේක්ෂාව විසිනි. මහ පොළව දෙවනත් කරමින් ප්‍රවාහනය කරන්‍ු ලබන භාණ්ඩ හා අමුද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් පිටුපස තිබෙන්නේ මෙවැනි අපේක්ෂා ය. 

එසේම, මිනිසුන් මෙතරම් ගමන් බිමන් යන්නේ ඇයි ද යන්න ද මේ අන්දමින් ම විමසා බැලිය හැකි ය. ඉස්සර කාලේත් මිනිස්සු සංචලනයේ යෙදුණ හ. ඇතැම් විට එය පරම්පරා ගණනාවක් තිස්සේ සිදු වන මහා ජන සංචලනයකි. ආර්යයන්උතුරු ඉන්දියාව වෙත සංක්‍රමණය වීම නිදසුනකි. ලෝක භූගෝලය අධ්‍යයනය කළ දේශ ගවේශකයෝ ද, දේශපාලනික ආක්‍රමණ සිදු කළ යුද සෙබලු ද, රටින් රට අරුමෝසම් වෙළඳාම් කළ වෙළන්දෝ ද, රාජ්‍ය තාන්ත්‍රිකයෝ ද, විවිධ වෘත්තීන්හි නියැලෙන්නෝ ද, ආගමික සත්‍යයන් පසුපස ගිය වන්දනාකරුවෝ ද දිගු ගමන් බිමන් ගිය හ. 

අතීතයේ මිනිස් ගමන් බිමන් ද අවශ්‍යතා මත සිදු වූ ඒවා ය. එහෙත්, පාරිභෝජන ධනවාදයේ සංවර්ධනයත් සමග මිනිස් සංචලනයන් ද අවශ්‍යතා මත පමණක් නොව කිසිදා තෘප්ත නොවන අපේක්ෂා මත පදනම් වීම ආරම්භ විය. සංචාරක කර්මාන්තය ම මෙවැනි කිසිදා තෘප්තිමත් නොවන අපේක්ෂා මත රඳා පවතින්නකි. 

අද වන විට සංචාරක කර්මාන්තය ලෝක ආර්ථිකය තුළ උසුලන වැදගත්කම පිළිබඳ පහත සඳහන් සාධක දෙස් දෙයි.


  • 2012 දී, ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9%ක්, මුළු ආයෝජනයන්ගෙන් 5%ක් සහ ලෝක අපනයනයන්ගෙන් 5%ක් උත්පාදනය කර ඇත්තේ සංචාර සහ සංචාරක කර්මාන්තය බවට ගණන් බලා ඇත.
  • ලෝක වාණිජ සේවා අපනයනයන්ගෙන් 30%ක් (මුළු භාණ්ඩ සහ සේවා අපනයනයන්ගෙන් 6%ක්) නියෝජනය කරන්නේ සංචාරක කර්මාන්තය ආශ‍්‍රිත අපනයනයන්ය.
  • 2005 සහ 2010 අතරතුරදී, ජාත්‍යන්තර සංචාරක පැමිණීම් 4.3%ක වාර්ෂික සාමාන්‍යයකින් වැඩිවී ඇත. (ILO News)

මෙය අතිශය සංකීර්ණ තත්වයකි. එහෙත්, එය සරළව තේරුම් ගන්නට බැරි නැත. පීත්ත පටි කැපීම, පිරිසක් ඇමතීම වැනි නො වටිනා දේවලට ජනාධිපතිවරයකු රට වටා යන්නේ කුමට ද? ලංකාවේ ඇමතිවරු  නිතිපතා කරන පිටරට සංචාරවල ඇති ප්‍රයෝජනය කුමක් ද? කාටවත් වැදගත්කමක් නැති ඉතා ම සුළු දේවලට නිතිපතා රටින් රට යන කාර්ය බහුල රාජ්‍ය නොවන සංවිධාන වෘත්තිකයන්ගේ ගමන් බිමන්වල තේරුම කුමක් ද?

අද වන විට ලංකාවේ අපගේ ජීවිතයට ධනේශ්වර පාරිභෝජනවාදයේ ගමන් බිමන් යාමේ පිපාසය ඇතුළු වී තිබෙන්නේ අපටත් නො තේරෙන තරම් සියුම් අන්දමිනි. සති අන්තයේ නිවාඩුවක් යෙදෙන විට සංචාරක ස්ථාන සෙනගින් උතුරා යයි. කතරගම වැනි වන්දනා ස්ථානවලට මිනිස්සු නිතර ම යති. මිනිස්සු ගමන් බිමන් යන්නේ තැන් බලන්නට යයි කියනු ලැබේ. එසේ බලන්නේ ඇයි? ඒවා තමන්ට වටිනා නිසා නම්, ඒ මිනිස්සු ම ඒ ස්ථාන විනාශ වන පරිදි කටයුතු කරන්නේ ඇයි? සමහරු ගමන් බිමන් යන්නේ ගමන් බිමන් යාම වෙනුවෙන් මිස කිසිදු තැනක් බලන්නට නො වේ. ඔවුන් විඳින්නේ ගමන් බිමන් යාම නම් සංකල්පයයි. අලුත්ම ප්‍රවණතාව පිටරට සංචාරය කිරීමයි. දඹදිව, සිංගප්පූරුව, හොංකොං, බැංකොක් ආදී ස්ථාන ලාංකිකයන් අතර ජනප්‍රිය සංචාරක ගමනාන්ත බවට පත් වෙමින් තිබේ. 

අපි කලක් ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ ලබා ගන්නා අග්‍රය පමණක් වී සිටිමු. දැන් ලංකාවේ සංචාරකයෝ ද විශාල වශයෙන් පිටරට යති. සංචාරක කර්මාන්තයේ මෑත කාලීනව සිදු වූ සුසමාදර්ශීය වෙනස මේ ඔස්සේ හඳුනාගත හැකි ය.

කොස්ටාරිකාහි එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලද සාම විශ්වවිද්‍යාලයේ සහාය මහාචාර්යවරයකු වන රොබට් ෆ්ලෙචර් විසින් සම්පාදනය කරන ලද Sustaining Tourism, Sustaining Capitalism? The Tourism Industry's Role in Global Capitalist Expansion නම් පත්‍රිකාවක ඔහු තර්ක කරන්නේ සංචාරක ව්‍යාපාරය චිරස්ථායී කිරීම යනු ධනවාදය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමයක් බවයි. ධනවාදයේ නිෂ්පාදනය හා පාරිභෝජනය හා සම්බන්ධව පවතින ගැටලුව ගැන මාක්ස්ගේ විශ්ලේෂණ කෙරෙහි මෙම පත්‍රිකාව අවධානය යොමු කරයි. ධනවාදයේ කේන්ද්‍රයේ ගොඩගැසෙන ප්‍රාග්ධනය විසින් ඇති කරනු ලබන අර්බුදය තුලනය කිරීම සඳහා එකී අතිරික්ත ප්‍රාග්ධනය අවකාශමය වශයෙන් පරිවාරය  වෙත චලනය කිරීම සඳහා යොදා ගත හැකි ක්‍රම‍වේදයක් ලෙස සංචාරක ව්‍යාපාරය විග්‍රහ කර තිබේ. වැඩිදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරන හේ සංචාරක ව්‍යාපාරයේ නව ප්‍රවණතාව වන පාරිසරික හිතකාමී සංචාරක ව්‍යාපාරය ධනේශ්වරයේ අර්බුදය සමනය කර ගැනීම සඳහා සංචාරක කර්මාන්තය යොදා ගැනීමේ තවත් අදියරක් බව පෙන්වා දෙයි. ෆ්ලෙචර් තර්ක කරන්නේ චිරස්ථායී සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම යනු ධනවාදය චිරස්ථායී කිරීමේ ක්‍රමවේදයක් ම බවයි. 

පාරිභෝජන ධනවාදයේ ප්‍රධාන කොටසක් වන ප්‍රවාහන හා සංචාරක කර්මාන්තයන්ගේ යථාර්ථය කැටි කොට දැක්විය හැකි ප්‍රස්ථාව පිරුළක් සිංහල ජනවහරේ තිබේ. ඒ වනාහි 'බල්ලට ඇති වැඩකුත් නැහැ. හෙමින් ගමනකුත් නැහැ' යන්නයි. 

ඉතින් දැන් දැන් අපට නිරතුරු අසන්නට ලැබෙන දැවැන්ත ප්‍රවාහන අනතුරු පැන නගින සංදර්භය වන්නේ මෙයයි. ටයිටැනික් නැවේ සිට සෙවොල්නැව දක්වා නැව්, ගුවන් යානා, ගොඩබිම් වාහන හා ලංකාවේ නම් අත්ට්‍රැක්ටර් දක්වා වාහනවල ගමන් බිමන් යන මිනිස්සු හදිසි අනතුරුවලට මුහුණ දෙති. මිය යනවුන් ජීවත් වන අයට ශෝකයක් ඉතිරි කරති. 

අපි හඬමු. වැළපෙමු. එහෙත් අප මේ යන්නේ කොහිදැයි අපි ම නො දනිමු.  

- ජනරළ 2014 - 04 - 27 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-04-25

මැයි දිනේටත් කම්කරුවෝ නිල් පාටයි

මේ සටහන අපගේ ෆේස්බුක් මිතුරකු විසින් තබන ලද එකකි. ඔහු මෙය පළ කරනවාට අකැමැති වන්නට පුළුවන් නිසා එහි වගකීම භාර ගනිමින් නිර්නාමිකව නැවත පළ කරමි. මෙමගින් ලංකාවේ කම්කරු පංතිය ගැන යම් අදහසක් ලබා ගත හැකි ය.
මේ උද්ඝෝෂණය කළේ කවුදැයි පළමුව විමසිය යුතුය. ඒ "ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ආදේශක කම්කරුවන්" පිරිසකි. මගේ දැනුමේ හැටියට නම් ආදේශක හෙවත් අනියම් කම්කරුවන් යනු තාවකාලික හෙවත් හුදු කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවාගන්නා පිරිසකි. ඔවුන් අදාළ තනතුරේ ස්ථිර කිරීමට හෝ, වෙනත් නිලයක් ලබාදීමට හෝ සේවායෝජකයා බැදී නොසිටී. කොහොමත් පාඩු ලබන ලංකා දුම්රිය සේවයට මේ මොහොතේ තවත් අලුතින් සේවකයන් බඳවා ගන්නවා යනු කොහෙත්ම කළ නොහැකි මෙන්ම කළ නොයුතු වැඩක් ද වෙයි.

මේ සේවකයන් බඳවාගන්නා ලද්දේ කොන්ත්‍රාත් පදනම මත බව ඉතාම පැහැදිලිව ප්‍රකාශ කර තිබියදී පවා ඔවුන් සිය නිලය ස්ථිර කරන ලෙස උද්ඝෝෂණය කිරීමේ මොනම සාධාරණත්වයක් වත් මට නම් පෙනෙන්නේ නැත. ආණ්ඩුව යනු පිනට රස්සාවල් දෙන දන්සලක් නොවේ. එහෙම වුණු කාලවල් ද තියෙන්නට ඇත. එහෙත් ආණ්ඩුව යනු රැකියා නැත්තවුන්ට නිකං කන්න බොන්න දෙන දන්සැලක් නොවේ; එසේ විය යුතු ද නැත. රස්සාවක් නැතිනම් රස්සාවක් සොයාගත යුතුය. රස්සාවල් සොයාගන්නට නැතිනම් රස්සාවක් හදාගත යුතුය. උද්ඝෝෂණ කළාට අසාධාරණය සාධාරණය වන්නේ නැත.

අපේ රටේ ඕනෑම මගුලකට කරන්නේ උද්ඝෝෂණය කිරීමයි. උද්ඝෝෂණය හෙවත් ඝෝෂාවක් නැගීම කළ පමණින් රජය වත් මිනිස්සු වත් මේ ලපයි සිපයින්ට බය වෙන්නේ නැත; බය කරගන්නට ද බැරි ය. උද්ඝෝෂණ එකක් නොව දාහක් කළත් වැරැද්ද හරි වන්නේ ද නැත. කොන්ත්‍රාත් පදනමට ආවා නම් ආපු කාලය ඉවර වූ පසුව තවදුරටත් සේවය දීර්ඝ නොකරන්නේ නම්, පුරප්පාඩු ද නැත්නම්, කළයුත්තේ රස්සාවක් හොයාගැනීම මිස උද්ඝෝෂණ කිරීම නොවේ. තමන්ට ඉල්ලන්නට අයිතියක් නැති බව හොඳටම දන්නා තනතුරක් බලෙන් ලබාගැනීම වෙනුවෙන් උද්ඝෝෂණ කරමින්, රේල්පාරට සිල්පර කොටන් දමමින්, දුම්රිය ගමන් කරන්නට ඉඩ නොදෙමින් මහජනයා අසරණ කරන්නට යමෙක් සැරසෙන්නේ නම් ඒ පුද්ගලයාට හෝ පිරිසට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය.

පලි: මෙහිදී උද්ඝෝෂණය මැඩපැවැත්වීමට රජය හෝ පොලිසිය ක්‍රියාකළ ආකාරය කිසිසේත් අනුමත කිරීමක් මේ ලිපියෙන් නොකෙරෙන බව කරුණාවෙන් සළකන්න.

මෙහි අඩු කොටසක්ද තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවට හෝ වෙනත් රජයේ ආයතනයකට අනියම් හා ආදේශක කම්කරුවන් බඳවා ගන්නා බවට ප්‍රසිද්ධ දැන්වීමක් ඔබ කවදා හෝ දැක තිබේ ද? මේ කම්කරුවන් මේ රැකියා ලබා ගන්නේ ඡන්දවලදී වෙල්ගම, වෙල්ගමගේ පුතා වැනි අයට වැඩ කරලා ය. ඔවුන්ට රට සූරා කන්නට ඉල්ලම පෑදෙන්නේ එතැනිනි. මේ කම්කරුවන් ඉල්ලා සිටින්නේ රටේ සාරයෙන් ඔවුන්ගේ පංගුවයි. ඒ කියන්නේ නිකම් ඉඳ හෝ අඩුවෙන් වැඩ කර, වැටුප් හා වරප්‍රසාද ලබා ගත හැකි රස්සාවකි. එසේ දෙන බව වෙල්ගමලා මොවුන්ට පොරොන්දු ද වී ඇත. එය ගන්න නම් මේ අන්දමින් උද්ඝෝෂණ කරන්නට සිදු වන බව කියන්නට ඇත්තේ ද ඔවුන් ම විය හැකි ය. රස්සාව ස්ථිර කර දුන් පසුව මොවුන් පරම්පරා පිටින් වෙල්ගමලාට සේවය කරති. 

මැයි පළමුවෙනිදා ඔවුහු ලංගම බස්වලින් නොමිළේ කොළඹ පැමිණ, අරක්කු බී, බත් පැකට් කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෙළපාලියේ යනු දැක ගත හැකි වනු ඇත. 

‍මේ 'කම්කරුවන්ගේ' ශ්‍රමයෙන් ධනපති පංතිය කරන සූරාකෑමක් නැත. ඒ වෙනුවට කම්කරුවෝ ලංකාවේ ධනේශ්වර රජය සූරා කති. රජය මේ රටේ ජනතාව සූරා කයි. ජනතාව කියන්නේ මෙවැනි කම්කරුවෝ හා තවත් අයයි. ඇත්තෙන් ම සූරාකන්නේ කවුරුද, සූරාකෑමට ලක් වන්නේ කවුරුද යන්න ප්‍රහේලිකාවකි. 

අප ඉහත ඡායාරූපය උපුටා ගත්තේ ලෝක සමාජවාදී වෙබ් අඩවියෙනි. ඔවුන් මෙම 'අරගලය' වාර්තා කරන ආකාරය මෙතැනින් බලා ගත හැකි ය. 

මේ වනාහි වාමාංශිකයන්ගේ ගැටලුව පෙන්වන කදිම උදාහරණයකි. සමාජවාදී සමානතා පක්ෂයට පෙනෙන්නේ වෘත්තීය සමිති නායකත්වයේ ගැටලුවක් පමණි. ඔවුන්ගේ අදහස අනුව කම්කරුවන් කරන්නේ සාධාරණ අරගලයකි. කම්කරුවෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිතිවලට බැඳී ඇත්තේ නොමග ගිහිල්ලා ය. දැන්, දැන් ඔවුන්ට යථාර්ථය අවබෝධ වෙමින් තිබේ. ඇත්ත තේරුණ දාට ඔවුන් සමාජවාදී සමානතා පක්ෂය වටා රොද බැඳ ගනු ඇත. 

මේ වනාහි යථාර්ථය ආඛ්‍යානගත කිරීමකි. ඒ වෙනුවට යථාර්ථය අමුවෙන් අරගෙන එයට මුහුණ දෙන ආකාරය සොයා ගැනීම මැයි පළමුවෙනිදා මේ ඊනියා කම්කරුවන් වෙනුවෙන් පෙළපාලි යනවාට වඩා ප්‍රයෝජනවත් ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-04-24

ඥානසාර හාමුදුරුවන්ට ලැබුණු මුත්තගෙ තුට්ටුව

වටරැක විජිත නාටකය අවසන් බව එහි අධ්‍යක්ෂ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නිවේදනය කරයි. 

එහෙත්, ඊයේ එහි උද්වේගකර ජවනිකාවක් ඊයේ කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහි ප්‍රධාන චරිතය රඟපෑ බෞද්ධ භික්ෂුවගෙන් ඥානාසාර හාමුදුරුවෝ පරිස්සම් විය යුතු ය. මන්ද, ඔහුට බ්‍රේක් ඇත්තේ ම නැත. මේ දවස්වල ලංකාවේ බෞද්ධ නායකයකු වෙන්නට තිබෙන හොඳ ම සුදුසුකම එයයි.

වටරැක විජිත හිමි ඔහුට අහු වුණා නම් සම්බෝල හදන හැටි ද ලෝකයට පෙන්වන්නට ඉඩ තිබිණි.  

හැබැයි, මුදා හරින ලද සුනඛ සේනාව ගැන ඥානසාර හාමුදුරුවන්ට ම දැන් දැන් බිය ඇති වී තිබේ. අර චීවරධාරියා පොලිස් ලොක්කකුට ගහන්න පනින හැටියට සිවුර නැතිනම් අනිවාර්යයෙන් ම ආයුධ පෙන්නන්නට යන්නට ලැබෙනවා නිසැක ය. 

හැබැයි සාදු, මේකත් මතක තියා ගන්න. අපි, ඔහෙලා වගේ මිනිස්සු රාශියක් අසූනමයේදී ටයර් උඩ යවපු කට්ටියක් මේගොල්ලෝ. සිවුරට තිබෙන ගෞරවයේ තරම ඒ දවස්වල දැකගන්න ඇතිනේ. 

සිවුරට මුවා වෙලා නටන නැටිලි දැන් නම් ඕවර් යන්න ඔන්න මෙන්න බව කරුණාවෙන් සලකන්න. තමුන්නැහෙලා කනකොට ඒකෙත් මානව හිමිකම් පාර්ශ්වය කතා කරන්න වෙන්නේ අපට ම ය. හැබැයි සාදු, ඔය වාසුලා වගේ නෙමෙයි, අපි ඔබව වුණත් මර්දනය කළ යුතු යයි කියන්නේ නැත. අප කියන්නේ නීතිය ක්‍රියාත්මක කළ යුතු ය කියා පමණි. 

මුත්තගේ තුට්ටුවේ කතාව අහලා ඇති නේද? නැතිනම් මෙන්න අහගන්න. එක දවසක් මුත්තා බිම ඇණගහගෙන විටක් කොටනකොට එතනින් ගිය මුණුබුරා මුත්තගෙ දිලිහෙන තට්ටෙ දැකලා ඇනපි ටොක්කක් මුත්තගේ පොළවෙ පස් කකා හිටි මීයගෙන් මුත්තරා බිංදුවක් වෑස්සෙන්න. මුත්තටත් පැනපි මළ. ඒත්, උන්දැ දන්නවා මුණුබ‍ුරාව හැරමිටියෙන් මට්ටු කරන්න කිට්ටු කරන්නවත් බැරි බව. ඒ නිසා මුත්ත කළේ මොකක්ද දන්නව ද? ඉණ අතගාලා, හැඹිලිය අරගෙන දුන්නා කොල්ලට තුට්ටුවක් "ඉඳා පුතේ ගනින්" කියලා. කොල්ලා කල්පනා කළා 'යකෝ මේක මාර සෙල්ලමක් නේ. ටොකු ඇන්නා නම් බැරියැ සල්ලි හම්බ කරන්න' කියලා හිතලා දවසක් තාත්තා බිම ඇන ගහගෙන පැට්‍රොමැක්ස් ලාම්පුවට හුළං ගහ ගහා ඉඳිද්දී ඇනපි තාත්තගේ තට්ටෙටත් අර වගේ ම එකක්. හැබැයි එදා චූ පැන්නෙ කොල්ලගෙ ම මීයගෙන්.

ඕකයි කතාව. ඊයේ මල්වත්තේ මහනායක හිමියන් බැහැ දැකලා දර්ශනයක් දාන්න ගිය ඥානසාර සාදුටත් මහනායක හාමුදුරුවෝ දුන්නා නේද තුට්ටුවක්. උන්නාන්සෙ කීවෙ දැන් ඔය ඥානසාර හාමුදුරුවෝ කියන‍ දේවල් වෙන්නේ ආණ්ඩුව අදාළ ක්‍රියාමාර්ග නො ගන්නා නිසා, "දැන් ඔබ වහන්සේලා කියනවානේ ආණ්ඩු හදන්නත්, පෙරළන්නත් පුළුවන් කියලා. ඉතින් මොකක්හරි කරන්න." කියායි. ඒක අහපු ඥානසාර හාමුදුරුවෝ ‍ලොල ලොල ගානවාත් රූපවාහිනියෙන් පෙන්නුවා. සාදු! ඇද්ද අහගත්තා.

(බොදු බල සේනාවේ කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශයේ නාඩගම දෙරණින් අපූරුවට පෙන්වනවා දුටිමි. එහෙත්, එය අන්තර්ජාල‍යේ පළ කර ගැනීම වළක්වා ගැනීමට බොදු බල සේනාව සමත් වී ඇති බව පෙනේ. මෙම වීඩියෝව ඔබ ළඟ තිබේ නම් එහි සබැඳියාව දෙන්න. මේවා‍ට උපරිම ප්‍රචාරය දීම අපගේ වගකීමකි.)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-04-23

ආගමික සංකේත පච්ච කොටන්නෝ හා පච්ච කොටාගත් අය පිටුවහල් කරන්නෝ

පිටුවහල් කිරීමට ලක් වූ බ්‍රිතාන්‍ය ජාතික සංචාරක නයෝමි කෝල්මන්
උරහිසේ බුදුරුවක් පච්ච කොටාගෙන සිටි සංචාරක කාන්තාවක් රටින් පිටුවහල් කරන ලදී. 

නිවෙස්වල බුද්ධ රූප ඇත. එහෙත්, ඒ බුද්ධ රූප යට සිටිමින් පස් පව් කරනු ද දැකිය හැකි ය.

කාර්යාල, කඩ, බස් ආදියේ ද බුද්ධ රූප ඉදිරියේ තබාගෙන වංචා, සොරකම්, දූෂණ‍, දුරාචාර, විෂමාචාර කරනු දක්නට හැකි ය. 

ඉස්සර නම්, කරේ එල්ලන ධර්ම චක්‍ර, බුද්ධ රූප සහිත මාල පෙති ආදිය ලංකාවේ පිංකම්පොළවල සල්පිල්හි විකුණන්නට තිබිණි.

තැන‍, නො තැන නො බලා හංදි හංදි ගානේ බුද්ධ රූප තැබීම නම් මෑත කාලයේ සිට සිදු වන දෙයකි. විශේෂයෙන් ම, පාරවල් සංවර්ධනය කිරීමේදී ඉඩම් අත්පත් කර ගැනීම වළක්වා ගැනීමට ද බුද්ධ රූප භාවිතා වී තිබේ. එසේම, අන්‍යාගමිකයන් සිටින ප්‍රදේශවල බෞද්ධ ආධිපත්‍යය සලකුණු කිරීමට ද අතන මෙතන බුද්ධ රූප තැන්පත් කරනු ලැබේ. 

බුදු රුව, බෝ කොළ, ධර්ම චක්‍රය, බුදු සරණයි, අම්මා බුදු වේවා වැනි වචන ආදිය පච්ච කොටා ගත් මිනිස්සු ලංකාවේදී ද අපට හමු වෙති. 

බුදු දහම වෙනත් ඇතැම් ආගම් මෙන් ජනයා මත ආධිපත්‍යය පතුරුවන ලද ආගමක් නොවේ. එහි තිබුණේ නිදහස් භාවිතාවකි.එසේම, බුදු හිමියන් යනු ලංකාවේ ආණ්ඩුවේ හෝ ආගමික සංවිධානවල දේපලක් ද නො වේ. ලෝක උරුමයක් වූ බුදු දහම එක් සංස්කෘතියකට තනිව හිමි කර ගන්නට බැරි ය. විවිධ සංස්කෘතීන්වල මිනිසුන් ආගම් අදහන්නේ විවිධ ආකාරවලට ය.

ආගම් නො අදහන්නෙකු වන මගේ දැක්මට අනුව නම් ආගමික සංකේත සිරුරේ පච්ච කොටා ගන්නෝ ද, එහෙම කළා ය කියා ඒ මිනිසුන් පිටුදකින්නෝ ද එක වල්ලේ පොල් ය. මේ පොල් මොන පොල් ද කියා තීරණය කර ගැනීම ඔබට භාර ය. මගේ අවංක අදහස කියන්නේ නැත්තේ එයින් ඒ මිනිසුන්ට අදහස් දැරීමේ ඔබේ නිදහසට මා ගරු කරන හෙයිනි.

අරාබියේ තිබෙන ආගමික අන්තව‍ාදයට එරෙහි වන අපි එහි පවතින දැඩි ආගමික නීතිවලින් ආභාසය ලබන්නට උත්සාහ නො කළ යුුතු ය. එහේ එහෙම කරන නිසා මෙහේත් අප එහෙම ම කළ යුතු යයි කරන තර්කය අතිශය ප්‍රතිගාමී ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

බොදු බල සේනාවේ පය පැටලුණ කොහොල්ලෑ තලිය වටරැක විජිත හිමි

ඡායාරූප දිවයිනෙනි
සිලි බෑග් එකක් කකුලේ පැටලී තිබේ ද? වටරැක විජිත හිමි දේශපාලනික වශයෙන් පරිණත භික්ෂුවක් නො වේ. එහෙත්, කුමන හෝ පදනමකින් ඔහු කරමින් සිටින්නේ ඉතාම අභියෝගාත්මක කාර්යයකි. 

ඔහු අභියෝග කරන්නේ බලවත් මැරවර හමුදාවක් හා ත්‍රස්ත සංවිධානයක් ලෙස ලෝක මට්ටමේ 'කීර්තියක්' ඇති බොදු බල සේනාවට ය. එය කරන්නේ ද තනිවම ය. 

ඔහු පිටුපසින් මුදල් යහමින් ඇති රාජ්‍ය නොවන සංවිධාන ඇති බවක් නො පෙනේ. එසේ ම, ජිනීවා දක්වා ඔහුව ඔසවාගෙන යා හැකි අය ද නැත. අඩු තරමේ බටහිර රටක දේශපාලන රැකවරණ ලබා ගැනීමට උදව් කරන්නට කෙනෙකු පවා නැත. 

ඔහු තවමත් උත්සාහ කරන්නේ ජන පදනම මත සිටිමින් සිය අරගලය පවත්වාගෙන යන්නට ය. එහෙත්, එය පහසු නැත. බොදු බල සේනාව ඔහුට එරෙහිව මුළු බලය ම යොදා සටනට පිවිස තිබේ. හේතුව, භික්ෂු බලවේගය තුළ සිය මැරවර ආධිපත්‍යය නො නැසී පවත්වාගෙන යන්නට ගලගොඩඅත්ත නිකායට තිබෙන උවමනාවයි. 

වටරැක විජිත පරාජය වනු ඇත. එහෙත්, ඔහු පරදින්නේ හොඳ සටනක් දී ය. ඔහු ජෝක් එකක් කර පෙන්වන්නට දිවයින ඇතුළු ජාතිවාදී මාධ්‍ය දරන උත්සාහය පැරදවිය යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-04-21

කොටි සංවිධානය නැවත ගොඩනැගීම හා නැවත මර්දනය කිරීම

තේවියන්, ගෝපි, අප්පන්
විදෙස්ගත දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය විසින් විසින් ලංකාවේ පොළවේ කොටි සංවිධානය නැවත ‍ගොඩනැගීමට දරන ලද ප්‍රයත්නයක් ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් ඉතා කෘෘර ලෙස ලෙයින් හා යකඩින් මර්දනය කර දැමුවේ ය. 

වාර්තා වී ඇති ආකාරයට ලංකාවේ කොටි සංවිධානය නඟා සිටුවීම සඳහා මූලික වී කටයුතු කළ කොටි සංවිධානයේ හිටපු මරාගෙන මැරෙන ගුවන් නියමුවකු වූ තේවියන්ගේ නායකත්වයෙන් යුත් යාන්ත්‍රණය ම මේ වන විට විනාශ කර දමා තිබේ‍. තේවියන් හා ඔහුගේ සගයින් දෙදෙනා වන ගෝපි හා අප්පන් මරා දමන ලදී. ඔවුන්ට ඩයස්පෝරාවෙන් මුදල් ගෙන්වා දුන් වවුනියාවේ ව්‍යාපාරිකයකු ද, නවාතැන් හා වෙනත් සහයෝගයන් දුන් අය ද අත්අඩංගුවේ ය. ඔවුන් විසින් පවත්වාගෙන යන ලද ආරක්ෂිත නිවාස  ආදී සියල්ල මේ වන විට අක්‍රිය කර දමා තිබේ. 

මෙම මෙහෙයුම වෙනුවෙන් ආරක්ෂක අංශ උපරිම බලය පාවිච්චි කළ හ. නිදසුනක් ලෙස වන්නි වනයේ සැඟවී සිටි තේවියන්,‍ ගෝපි හා අප්පන් යන තිදෙනා විනාශ කිරීමට හමුදා සෙබලුන් 3000ක් යොදා ගන්නා ලදී. 

කොටි සංවිධානය යළි ගොඩනැගීම සඳහා දරන ලද මෙම ප්‍රයත්නය මුලිනුපුටා දැමීම පිළිබඳ කිසිදු පාර්ශ්වයකින් විරෝධයක් ද මතු වූයේ නැත. හරියට 2009 මැයි මාස‍යේ අවසන් යුද්ධය සමයේ මෙනි.

කොටි සංවිධානය හෝ වෙනත් ආදේශක සංවිධානයක් ගොඩනැගීමට මුල් වූ පිරිස ක්‍රියා කර ඇති ආකාරය පිළිබඳ වාර්තා කියවන විට පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ ඔවුන් ගරිල්ලා කණ්ඩායමක් ලෙස මෙන් ම, රහසිගත දේශපාලන සංවිධානයක් ලෙස ද කටයුතු කර තිබෙන්නේ ආධුනික ස්වරූපයකින් බවයි. මූලිකවම ඔවුන්ට මර්දනයේ දිග, පළල හා ගැඹුර පිළිබඳ පැහැදිලි විශ්ලේෂණයක් තිබුණු බවක් නො පෙනේ. එබැවින් අතීතයේ කොටි සංවිධානය විසින් සයනයිඩ් කරලින් සං‍කේතවත් කරන ලද රහස්‍යභාවය හා කැප කිරීම වෙනුවට මෙහි දක්නට ලැබෙන්නේ දියාරු, ලිහිල්, විසිරුණු හා අපරිණත ස්වභාවයකි. 

දැඩි විනයකින් යුක්ත කුඩා ගරිල්ලා කණ්ඩායමක් ඔස්සේ, ඉතා සියුම්ව හා ඉවසිලිමත් ලෙස එක් වරම ප්‍රධාන ඉලක්කයක් වෙත යොමු වෙනවා වෙනුවට මෙම කණ්ඩායම උත්සාහ කර තිබෙන්නේ අර්ධ මිලිටරි ස්වරූපී බහුජන දේශපාලන සංවිධානයක් ගොඩනගන්නට බව පෙනේ. පෝස්ටර්, පත්‍රිකා, සාකච්ඡා ආදිය ඔස්සේ පුළුල් බහුජන සංවිධානයක පදනම දැමීමට ඔවුන් උත්සාහ කර ඇති බව පෙනේ. 

තේවියන්, ගෝපි, අප්පන් යන තිදෙනා යුද්ධයෙන් ජීවිත බේරාගත්, අත්අඩංගුවට හෝ පත් නොවූ, බටහිර රටකට පළා ගොස් සුරක්ෂිත ජීවිත ගත කිරීමේ අවස්ථාව තිබූ අයයි. ඒ අවස්ථාව පිළිකෙව් කරමින් ඔවුන් ආපසු මෙහි ආවේ ඇයි? එසේ පැමිණ අතිශය අනතුරුදායක ව්‍යායාමයකට උර දෙන්නට ඔවුන් පෙළඹුණේ ඇයි? ඔවුන් නියෝජනය කරන්නේ අප ජීවත් වන සමාජයේ කුමන බලවේගයක් ද? අප මතක තබා ගත යුතු කාරණයක් වන්නේ කොළඹ සිටියත්, උතුරු නැගෙනහිර සිටියත්, විදෙස්ගතව සිටියත් මේ වනාහි අප ජීවත් වන සමාජයට ම ‍අයත් මිනිසුන් බවයි. 

1989 මර්දනයෙන් වසර කීපයකට පසු ජවිපෙ යළි නැගී සිටියේ ද මේ අන්දමට ම ය. ඉතිරි වී සිටි ජවිපෙ සාමාජිකයෝ හිරු පුවත්පත වැනි පෙරමුණු සංවිධානවලට ආවරණය වෙමින් සංවිධාන කටයුතු කරගෙන ගිය හ. 1994දී ජවිපෙ මැතිවරණයකට ද තරග කළේ ය. 2009දී මර්දනයට ලක් වූ එල්ටීටීඊ සංවිධානයට 2014දී යළි හිස එසවීමට ආණ්ඩුව ඉඩ නො දීම පිටුපස පැහැදිලිව ම ජාතිය පිළිබඳ කාරණයක් තිබේ.

කොටි සංවිධානය නැවත ගොඩනැගීමට දරන ලද මෙම උත්සාහය බලය යොදා මර්දනය කළමුත්, වසර පහක් යද්දී සිදු වූ මෙම හිස එසවීම හා එහි පුළුල් ස්වභාවය ගැන දේශපාලනිකව නැවත සිතිය යුතු ය. එය මර්දනය කිරීමට දෙමළ ජනතාවගෙන් ලැබුණු සහයෝගය ගැන උදම් අනන ගමන් ම එය ගොඩනැගීමට ලැබී තිබෙන සහයෝගය ගැනත් තක්සේරු කර බැලිය යුතු ය. 

වැදගත් ප්‍රශ්නය වන්නේ එසේ වන්නේ ඇයි ද යන්නයි. කොටි සංවිධානය පරාජය වූ මුත් දෙමළ ජාතිකවාදය පරාජය වූයේ නැත. දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයෙන් යුත් දේශපාලන ප්‍රවාහයෙන් තෘප්තිමත් නො වන දෙමළ ජාතිවාදයකට තවමත් ලක් පොළව සරු පසකි. ආණ්ඩුව උත්සාහ කරන්නේ මේ පසේ රෝපණය වන පැළ දල්ලක් දෙකක් දමන විට ම විනාශ කර දැමීමෙන් ප්‍රශ්නය විසඳන්නටයි. 

අප එදා සිට ම කියන්නේ ජාතිවාදය සඳහා ඇති සරු පස නිසරු කර දැමිය යුතු බව ය. එය කරන්නේ කෙසේ ද? 

දෙමළ පමණක් නො ව සිංහල, මුස්ලිම්, බෞද්ධ ආදී සියලු අන්තවාදයන් පිටුදැකිය යුතු ව තිබේ. එසේ කළ හැකි වන්නේ ප්‍රජාවන් අතර සංහිඳියාව ඇති කිරීමෙනි. 

ප්‍රජාවන් අතර සංහිඳිියාව ඇති කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, යහපාලනය හා මානව හිමිකම් තහවුරු කිරීමෙනි. 

ලාංකීය දේශපාලන ප්‍රජාව ගොඩනැගීම අපගේ ඉලක්කය විය යුතු ය.

දේශපාලන ප්‍රශ්නවලට ‍දේශපාලන විසඳුම් ලබා දිය යුතු ය. මර්දනය තාවකාලික ජයග්‍රහණයක් පමණි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

හම්බන්තොට වරායේ දේශපාලනය නො තේරෙන එක්සත් ජාතික පක්ෂය

අජිත් පී. පෙරේරා ගත් සියල්ල විස්තර කරන කතා කරන පිංතූයක්
හම්බන්තොට වරායේ සිද්ධිය ගැන පළ වූ ඕපාදූප කොලමක මෙසේ සඳහන් විය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මෙම චාරිකාව සංවිධානය කරමින් සිට ඇත්තේ රවි කරුණානායක ඇතුළු පිරිසකි. එහෙත් අජිත් පී. පෙරේරා ඇතුළු පිරිස එය බ්‍රහස්පතින්දාට යොදාගෙන රවිට ආරාධනා කර තිබෙන්නේ බදාදා ය. එය අසා රවිට‍ කේන්ති ගොසිනි. ඔහු ගමන නෑවිත් මාරු වී තිබේ. එහෙත්, එහිදී මන්ත්‍රීන්ට සිදු වූ දේ ගැන රවි සතුටින් සිටින බව ද වාර්තා වි්‍ය. 

එක්සත් ජාතික පක්ෂය දන්නා උලව් දේශපාලනයක් නැති බවට වෙනත් සාධක මොනවාද? මෙම සිද්ධිය වනාහි කියලාවත් කර ගන්නට බැරි දෙයකි. හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිවල අකාර්යක්ෂමතාව හා දූෂිතභාවය රටටත්, ලෝකයටත් හෙළිදරව් කරන්නට එය තරම් ඉවහල් වූ තවත් සිද්ධියක් මෙතෙක් නම් සිදු වී නැත. 

එක්සත් ජාතික පක්ෂයේ තවත් අදේශපාලනික දේශපාලනඥයකු වන සජිත් ප්‍රේමදාස හම්බන්තොට පදිංචි වී සිටත් මෙවැනි හෙළිදරව්වකට අවශ්‍ය පසුබිම සකසා නැත. 

එක්සත් ජාතික පක්ෂයේ අජිත් පී. පෙරේර‍ා ඇතුළු මන්ත්‍රී පිරිස අතට ලැබුණු මෙම අවස්ථාව මනා ලෙස කළමනාකරණය කර ගත් හ. එහිදී මාධ්‍යකරුවන් විසින් ද සුවිසල් දායකත්වයක් සපයන ලදී. 

ආණ්ඩුවත්, පොලිසියත් දැන් ගලේ පැහැරූ බළලුන්ගේ තත්වයට පත් වී තිබේ. ගූ ගොඩ වසා ගන්නටත් බැරි ය. නො වසාත් බැරි ය. 

රවි කරුණානායක, සජිත් ප්‍රේමදාස වැනි එජාප දේශපාලකයන්ට එහිදීත් වැදගත් වී තිබෙන්නේ තමන් ම ය. එක්සත් ජාතික පක්ෂයට ඉදිරියට යන්නට බැරි ප්‍රධාන හේතුව එයයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-04-19

අනේ දිලන්ත මේ මොනවද කියන්නේ?

බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරි දිලන්ත විතානගේ විසින් සිය ජීවිතාරක්ෂාව පතා ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත යවා තිබෙන ලියුම ඉතා වැදගත් ලේඛනයකි. එය විසින් හෙළිදරව් කරනු ලබන්නේ ලංකාවේ පවතින ආණ්ඩු‍වේ යථාර්ථයයි. ආණ්ඩුව ගැන මෙතෙක් කල් මේ කාරණා කිව්වේ දේශද්‍රෝහීන් යයි නම් කෙරුණු පුද්ගලයෝ ය. මේ වනාහි සිංහල ජාතිවාදියකුගේ ඇසින් යථාර්ථය විමසන කදිම පර්යේෂණ පත්‍රිකාවකි.

මෙම නීරස ලිපිය උඩින් පල්ලෙන් කියවූ මට පහත සඳහන්කාරණා ටික සඳහන් කරන්නට සිත් විය.

බොදු බල සේනා සංවිධානය විසින් කරමින් සිටින්නේ බටහිර හා දෙමළ ඩයස්පෝරාවේ කොන්ත්‍රාත්තුවක් බව අපි මුල සිට ම කීවෙමු. විශේෂයෙන් ම මෑත කාලයේදී ඔවුන් දිගින් දිගට ම කළේ බටහිර පන්දු රකින්නන් සිටි තැන්වලට උඩ පන්දු එල්ල කිරීමයි. 

බොදු බල සේනාව සිය අති ධාවනකාරී බල දේශපාලන උපායමාර්ගයන් තුළ පාලක පවුලේ විභේදනයන් අැති කරන්නට යාම ඇත්තෙන් ම දැළි පිහියෙන් කිරි කෑමක් විය. දැන් ඔවුන් භුක්ති විඳින්නේ එහි ආදීනව විය හැකි ය. 

බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරිවරයා විසින් මතු කරනු ලබන කාරණා තුළින් රනිල් වික්‍රමසිංහ පාලන සමය තුළ පැවති ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාව හා මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වූ මො‍හොතේ සිට ඇති වූ තත්වය අතර වෙනස නිරූපණය වේ. 

එහි සුවිශේෂ අංශය වන්නේ සිය ජීවිතය පිළිබඳ බියෙන් මරණය ගැන දිලන්ත විතානගේ කරන ප්‍රකාශයි. මේ වනාහි පසුගිය කාලයේ ලංකාවේ සෙසු විරුද්ධ පාක්ෂිකයන් කියූ දේ ම නොවේ ද?

දිලන්ත විතානගේ අවසානයේදී දුක් වන්නේ විදෙස් රටක ජීවත් වීමට නොගොස් ලංකාවේ ම රැඳීම ගැනයි. ඔස‍්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන මිනිසුන්ට කියන්නට තිබෙන්නේ ද ඔය කතාව ම ය. 

දැන් දිලන්ත විතානගේ ජීවිත ආරක්ෂාව පතා විදෙස්ගත වනවා නම් යන්නේ කොහේට ද? ඉරානයට ද? බුරුමයට ද? චීනයට ද? වෙනිසියුලාවට ද? කියුබාවට ද? නැතිනම් කුමන්ත්‍රණකාරී බටහිරට ද?

කෙසේ වෙතත්, ඔහුට ජීවිත ආරක්ෂාව දිය යුතු ය. එහෙත්, බොදු බල සේනාව විසින් කර තිබෙන මානව හිමිකම් උල්ලංඝනයන්, ජාතිවාදය ඇවිස්සීම් හා වාර්ගික හා ආගමික ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම නම් අත්‍යවශ්‍ය ය.  

දිලන්ත‍ට සාධාරණ නඩු විභාගයක් හිමි වේවායි පතමු.

2014 අප්‍රියෙල් 18

දිලන්ත විතානගේ,
ප්‍රධාන විධායක නිලධාරී,
බොදු බල සේනා ජාලය,
බොදු බල සේනා ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය,
144/A, හයිලේවල් පාර, කිරුලපන


ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ. 

 
හිතවත් ජනාධිපතිතුමනි,

බොදු බල සේනා පිලිබඳ බොරු කුමන්ත්‍රණ ප්‍රබන්ධ, ජීවිත තර්ජන හා ආරක්ෂාව

පසුගිය දින කිහිපය තුල මා වෙත ඍජුවත්, වක්‍රවත් ලැබුණු තොරතුරු මත මා හට ජීවිත තර්ජනයක් ඇති බව පැහැදිලි වන බැවින් ඒ පිලිබඳ ව රටේ පාලනය භාර ඔබතුමා වෙත දැනුවත් කිරීම මාගේ අයිතියක් හා වගකීමක් වන බැවින් මෙම ලිපිය ඔබ වෙත යොමු කරමි.

 

එම අදාළ කරුණු අනුව මා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිරීම හෝ වෙනත් කරුණක් පදනම් කොට අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පරිසරය සැකසීම හෝ යම් පාර්ශවයන් විසින් අපගේ ජීවිත වලට හානි සිදු කල හැකි බැවින් ආරක්ෂාව පතා වහා විදේශ ගතවන ලෙස යම් විශ්වාසදායක කණ්ඩායම් විසින් මට දැනුම් දෙනු ලැබිණ. එය මගේ උනන්දුව් හා ආශාව නොවුවද මේ කුමන්ත්‍රණකාරී තත්වය විශ්වාස කිරීමට පදනම් වූ කරුණු පිළිබඳ ව ඔබතුමා දැනුවත් කිරීමට මේ අනුව කටයුතු කරමි.


  1. මම බොදු බල සේනා සංවිධානය යොදවා ගෙන ඔබගේ රජය පෙරලීමට හා රජය අස්ථාවර කිරීම සඳහා විපක්ෂ දේශපාලන අංශ සමග හා විශේෂයෙන් චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය සමග රහසිගතව කටයුතු කරන බවටත්, ඒ සඳහා විදේශ රාජ්‍යයක කොන්ත්‍රාත්තුවක් මා විසින් කරන බව දැඩි විශ්වාසයකින් හා දැඩි ස්වරයකින් 2014 අප්‍රියෙල් 9 රාත්‍රියේදී රජයේ ප්‍රධාන ඇමතිවරයකු විසින් මා හට චෝදනා කරන ලදී. මේ බව සනාථ කිරීම සඳහා තොරතුරු රජය වෙත ලැබී ඇති බවටද ඔහු විසින් ප්‍රකාශ කරන ලදී.
  2. පසුගිය වසර තුල රජයේ යම් ඇමතිවරුන් විසින් මෙම කරුණුවලට සමීප කරුණු ප්‍රසිද්ධියේ මාධ්‍ය වලට පවා ප්‍රකාශ කරන ලදී ,
  3. යම් ඇමතිවරයකු විසින් මා විනාශ කරන බවට 2013 ජනවාරි මස දී අපගේ පොදු මිතුරෙකුට ප්‍රකාශ කර තිබුනි. මේ පිලිබඳ පාර්ලිමේන්තුවේ ගොඩනැගිල්ලේ තිබු රැස්වීමක් අවසානයේදී ඔහුගෙන් මා විමසු විට එය අසත්‍ය බව ඔහු ප්‍රකාශ කලද ඔහුගේ ප්‍රකාශ හා ක්‍රියා කලාප නිසා මෙම ප්‍රකාශය තුල යම් සත්‍යතාවයක් තිබිය යුතුය. මේ බව 2013 ජනවාරි මස අගදී බොදු බල සේනා සංවිධානයේ නියෝජිත පිරිස සමග පැවැත්වූ සාකච්චාවෙන් පසුව මා විසින් මේ පිළිබඳව ඔබතුමා දැනුවත් කරන ලදී.  
  4. 2014 අප්‍රියෙල් මස 17 වන දින ඔබ රජයේ ඇමතිවරයකු විසින් මා භික්ෂුන් වහන්සේලා යොදවා ගෙන රජය අස්ථාවර කිරීම හා පෙරලීම සඳහා විදේශ මුදල් ලබා ගෙන කුමන්ත්‍රණයක් සිදු කරන බව අපගේ සංවිධානයේ භික්ෂුන්වහන්සේ නමකට ප්‍රකාශ කරන ලදී.
  5. 2013 ජනවාරි මස අගදී බොදු බල සේනා සංවිධානයේ නියෝජිත පිරිස සමග පැවති සාකච්චාවට පෙර හා ඉන් පසුව ඔබතුමා මා සමග පෞද්ගලිකව පැවසු කරුණු අනුව, එනට පෙර උඩවලව හෝටලයක් විවෘත කරන ලද අවස්ථාවේ හා ඉන්දියාවේ සංචි පුජාභුමියෙදී ඔබතුමා හදිසියේ මා සමග කියන ලද කරුණු අනුව ඔබතුමාද මා පිලිබඳ එවැනි මතයක සිටින බව මට ඉතා පැහැදිලි විය.

ඔබගේ රජය අස්ථාවර කිරීමට හා පෙරලීමට මා විසින් කොන්ත්‍රාත්තුවක් ඉටු කරන බවට ඔබට ඒත්තු ගැන්වෙන පරිදි නිතර නිතර ඔබ හමුවී අදහස් ප්‍රකාශ කිරීමටත්, මාධ්‍ය මගින් එවැනි පරිසරයක් කෘතිමව නිර්මාණය කිරීමට මාධ්‍ය මෙහෙයුමක් සිදු කිරීමටත් ඉන් අනතුරුව මා අත්අඩංගුවට ගැනීමට යම් සිද්ධියක් පදනම් කර ගැනීමටත් යම් කුමන්ත්‍රණ සිදුවන බව ලැබී ඇති තොරතුරු අනුව මට පැහැදිලිය.

1989 පරිගණක ඉංජිනේරු උපාධිධාරියකු ලෙස සුදුසුකම් ලැබූ මා හට ගෞරවනීය ලෙස විදේශ ගතවී කටයුතු කල හැකි අවස්ථා අතහැර මා මගේ රටට පැමිණියේ රටට ඇති ආදරය නිසාය. වසර 20 ක් තිස්සේ රටේ පාසල් පද්ධතියට පරිගණක විෂය හඳුන්වා දීමට ගනු ලැබූ උත්සාහයන් අසාර්ථක වූ අවස්ථාවක 2001 දී ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියට තොරතුරු තාක්ෂණ විෂය හඳුන්වා දීමට ජාතික ප්‍රතිපත්තිය සකස්කරමින් නායකත්වය දුන් මා කිසිදු දේශපාලන පක්ෂයක හෝ නායකයකු ගේ ගැතියකු නොවේ. මා රනිල් වික්‍රමසිංහ මැතිතුමා, චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය හා ඔබතුමාද ඇතුළුව බොහෝ දේශපාලකයින් සමග කටයුතු කලේ ශ්‍රී ලංකාව තුල තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් මිස දේශපාලන අරමුණකින් නොවේ. චන්ද්‍රිකා රජයේ උපදේශකයකු ලෙස කටයුතු කරන විට විපක්ෂයේ සිටි ජනතා විමුක්ති පෙරමුණේ “රට හදන පස් අවුරුදු සැලැස්මට” තොරතුරු තාක්ෂණය පිලිබඳ පිටු දෙකක් ලියා දුන්නේ එවකට පළාත් සභා මන්ත්‍රීවරයකු වූ විමල් වීරවංශ මහතාගේ ඉල්ලීමක් නිසා ඒ පිලිබඳ ප්‍රසිද්ධියේ පෙනී සිටිමිනි. මම මෙම කටයුතු බොහොමයක් කලේ ප්‍රසිද්ධියේ මිස හැංගි හොරා නොවේ.

 

දැන් ඔබතුමා ළඟ සිටින බොහෝ දෙනා ඔබ සමග ප්‍රසිද්ධියේ හමුවීමට පවා බිය වූ 2003 දී මා ඔබගේ වෙබ් අඩවිය සාදා දීමට උපකාර කර එය දියත් කිරීම් කල දිනයේදී ප්‍රධාන කතාව කලේ ප්‍රසිද්ධියේ ය. 2003 දී මාසිකව රුපියල් ලක්ෂ දෙකකට වැඩි වැටුප් හා වරප්‍රසාද ලබමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ රජයේ ආයතනයක වැඩ කල මට විපක්ෂ නායක වරයා වූ ඔබගේ වෙබ් අඩවිය විවෘත කිරීමට බියක් නොතිබුණි. එහිදී ද මා කතා කලේ තොරතුරු තාක්ෂණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සවි බල ගැන්වීම පිලිබඳ වය. එහෙත් 2005 දී ඔබතුමා ජනාධිපති වූ විගස ඔබගේ නිලධාරීන් කටයුතු කලේ එම රැකියාවෙන් ඉවත්වන තැනට මට හිරිහැර කිරීමය. එමෙන්ම 2013 දී මා බොදු බල සේනා ආරම්භ කිරීමට මුලික වීම තුල නැවත මගේ රජයේ තනතුරින් ඉවත්වීමට බලපෑම් කලේද එම කණ්ඩායම්ය. මා මේ තනතුරු හැමවිටම දැරුවේ මගේ සුදුසුකම හා දක්ෂකම් නිසා බැවින් මෙම තනතුරු හා වරප්‍රසාද වලට වඩා මගේ වෘත්තීය භාවය ආරක්ෂා කිරීමට තනතුරු වලින් ඉවත්වීමට කොන්දක් තිබීම ගැන සතුටු වෙමි.

මම දිනපතාම මරණානුස්සතිය කරනු ලබන ඕනෑම මොහොතක මරණයට සුදානම් පුද්ගලයෙකි. හැකි ඉක්මනින් මේ සසර අවසන් කිරීමට මම කැමතිය. බොහෝ දේ අල්ලා ගෙන බදා ගෙන සිටින බොහෝ දෙනාට ඒවා අත්හැරීමට දුෂ්කර වුවද බොහෝ දේ අතහැරීමට පුරුදු පුහුණු වී ඇති මා හට ඊ ළඟ ආත්මයක සැප විදීම්ටද එතරම් ආශාවක් ද නැත.

මෙවැනි තත්වයක් තුල මගේ ජීවිතය නැතිවීම පිලිබඳ මට එතරම් කණගාටුවක් නොමැත. එහෙත් මා කිසිදු ආකාරයකින් සම්බන්දතාවයක් නැති විදේශ කුමන්ත්‍රණයක් හා රජය පෙරලීමේ සැලැස්මක් පිලිබඳ මා සම්බන්ද කොට ප්‍රබන්ධ ගොතා “සත්‍ය තොරතුරු වෙනුවට ඔබතුමා සතුටු වන තොරතුරු නිර්මාණය” කිරීමෙන් රටට වන හානිය ගැන කනගාටුය.

කෙසේ වෙතත් මෙම ප්‍රචාරාත්මක පරිසරය තුල ඔබද, රජයද, රටද අස්ථාවර කිරීමට අපව විනාශ කිරීමට යම් කණ්ඩායම් ගෙනයනු ලබන කුමන්ත්‍රණ ගැන ඔබතුමා දැනුවත් කිරීම මෙම ලිපියේ එක් අරමුණකි. එමෙන්ම විවිධ රාජ්‍ය විරෝධී කණ්ඩායම්ද මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත හැක.

 

දෙවන අරමුණ වනුයේ මෙම කුමන්ත්‍රණයට හසු කිරීමට අපේක්ෂිත අප සංවිධානයේ මහා ලේකම් රාජකීය පණ්ඩිත පුජ්‍ය ගලගොඩඅත්තේ ඤානසාර හිමිට හා මගේ ජීවිතයට සිදු විය හැකි හානි පිලිබඳ වගකීම රජය හා ඔබ විසින් භාරගතයුතු බව දැනුම් දීමය.
 

තෙවන අරමුණ වනුයේ එවැනි තත්වයක් තුල මගේ ජීවිතයට හානියක් සිදු වුවහොත් මගේ පවුලේ හා දරුවන්ගේ වගකීම රජය හා ඔබ විසින් භාර ගත යුතු බවය දැනුම් දීමය.
 

බොදු බල සේනා සංවිධානය හෝ මම කිසිදු විටක රටේ කලබල ඇති කිරීමට හෝ රජයන් අස්ථාවර කිරීමට කටයුතු නොකර ඇති අතර ඒ සම්බන්ධව කිසිදු රටකින් අරමුදල් ලබා ගෙන නැත. බොදු බල සේනා හැමවිටම ක්‍රියාකර ඇත්තේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල වන අතර “ගෝලීය බලවේග හමුවේ සුළුතරයක් වී විවිධ තර්ජන වලට ලක් වී ඇති සිංහලයන්ගේ හා බෞද්ධයින්ගේ” අයිතිවාසිකම ගැන කතා කිරීම “ජාතිවාදයක් හා ත්‍රස්තවාදයක්” කරනු ලබන එළිමහන් සිරකඳවුරක අපට ජීවත්වීමට සිදුවීම ඉතාමත්ම කණගාටුදායකය.
 

අපි වසර දෙකක් තුල අයුක්තියට අසාධාරණයට එරෙහිව අප විසින් කරනු ලැබූ නිවැරදි අරගලය කුමන්ත්‍රණයක් ලෙස හංවඩු ගසන මුදලට බලයට යටවූ සිවිල් සමාජ නායකයින් හා ඊනියා මාධ්‍ය කටයුතු කරන කෘර සමාජයක අපට ජීවත්වීමට සිදුවීමද කනගාටුවකි. අප කරනු ලැබූ සියලු අරගල සත්‍ය කරුණු පදනම් කොට ඉතා පිලිවෙලින් හා ඉවසීමෙන් කල බව පැහැදිලිව ප්‍රකශ කරනු ලබන අතර අනාගතයේ යම් දිනක ජනතාවට සත්‍ය තේරුම් යනු ඇත.
 

යම් අන්තවාදී සංවිධාන විසින් නැගෙනහිර පළාතේ බෞද්ධ පුරාවස්තු වන ඉපැරණි දාගැබ ඩෝසර් වෙද්දී, ජාතික පරිසර පද්ධතිය විනාශ කරද්දී, , අන්තවාදී මුලධර්මවාදී කණඩායම් ත්‍රස්තවාදයට මග හෙළි කරද්දී, අධිකරණය, අධ්‍යාපනය, ආර්ථිකය, දේශීය අහාර පද්ධතිය ඇතුළු සියලු ක්ෂේත්‍ර වලට අන්තවාදී මුලධර්මවාදී බලපෑම් සිදු වෙද්දී එම කටයුතු පිලිබඳ ඉතා ඉවසීමෙන් කරුණු ඉදිරිපත්කරද්දී විසදුම් නොලැබෙන විටක ඒ පිලිබඳ ජනතාව දැනුවත් කිරීම කුමන්ත්‍රණයක් ලෙස ප්‍රකාශ කිරීම කනගටුදායකයක තත්වයකි.
 

ඔබේ ආණ්ඩුකාරවරයකු ‘ගව ඝාතනය පින්කමක්” ලෙස රාජ්‍ය මට්ටමින් නිර්වචනය කොට ප්‍රවර්ධනය කරද්දී, යම් අන්තවාදී සංවිධාන විසින් “ත්‍රිවිධරත්නය මැණික් ගල් තුනකට නිර්වචනය කොට, එම ගල් වල සරණ පතන පුද්ගලයින් ලෙස බෞද්ධයින් හාස්‍යට ලක් කොට, බුදුන් වහන්සේ මිනි මස් කෑ පුද්ගලයකු කොට , උන්වහන්සේගේ දැනුම උපහාසයට ලක් කොට රටපුරා ප්‍රසිද්ධියේ සීඩී තැටි බෙදන විට” , එය ඉන්ටර්නෙට් ඔස්සේ ප්‍රචාරය කර බෞද්ධයින්ට අභියෝග කරද්දී” එම කටයුතු වසරක් තුල සිදු වෙද්දී වගකිව යුතු පාර්ශව කිසිදු පියවරක් නොගද්දී - රටේ ව්‍යවස්ථාවේ පරිදි බුදු දහම සුරැකීමට, පරිසරය සුරැකීමට බොදු බල සේනා නිර්භයව කටයුතු කරද්දී අපගේ කටයුතු විදේශ කුමන්ත්‍රණ ලෙස සැක කිරීම බොදු බල සේනාවේ පමණක් නොව, ඔබගේද, රජයේද, ජාතියේමද, රටේමද අවාසනාවක් ලෙස මට සිතේ.
 

කෙසේ වුවද නිවැරදිව, සත්‍යවාදීව හා යුක්තිගරුකව කටුතුකරන අපව හා අපගේ වැඩපිළිවෙල ස්වභාව ධර්මය හා ලෝක යුක්තිය අපව හා අපගේ ව්‍යාපාරය ආරක්ෂා කරන බව විද්‍යාත්මකය.
බුදු දහම පරපුරෙන් සුරැකීමට අප ගනු ලබන උත්සාහය සාර්ථක වේවා!

ස්තුතියි,
මෙයට හිතවත්

දිලන්ත විතානගේ


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-04-18

හම්බන්තොට වරාය හා ගුවන් තොටුපල අසලදී එජාප මන්ත්‍රීන්ට පහර දුන්නේ කවුරුද?

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් පිරිසක් හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපල බලන්නට ගිය අවස්ථාවේ එහි සිටි ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිරුවත හා සංවර්ධනය නමින් කරන මංකොල්ල‍යේ ස්වභාවය කදිමට රටට හෙළි කළේ ය.

එජාප මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් ගන්නා ලද මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ ඉහත ඡායාරූපයේ තිබෙන හිස් පසුබිම මත්තල ගුවන් තොටුපලේ යථාර්ථයට දෙස් දෙයි. මන්ත්‍රීවරුන්ට අඩන්තේට්ටම් කිරීමට පැමිණෙන එක් පුද්ගලයෙක් කියන්නේ අද ගුවන් තොටුපලට ගුවන් යානා තුනක් බැස්සවූ බවයි. ජාත්‍යන්තර ගුවන් තොටුපලක් හා ගුවන් යානා තුනක්! මේක නේ ද ආශ්චර්යය, හසන්ත මහත්තයෝ!

මෙම ප්‍රහාරය අනිවාර්යයෙන් ම ආණ්ඩුවේ මහ තැනක් විසින් මෙහෙයවන ලද බව පෙනේ. තමන් එහිි ගියේ නාමල් රාජපක්ෂගේ උපදෙස් මත යැයි හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පවසා තිබේ. ඔහු කලබලය මැද පිස්තෝලයක් අතින්‍ ගෙන දිව එන ආකාරය මාධ්‍ය විසින් වාර්තා කරන ලදී.

මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිස අතර සිටි එක් අයෙක් කියන්නේ තමන් හම්බකරගෙන කන්නේ මෙම 'සංවර්ධන' ව්‍යාපෘතිවලින් බවයි. ඇත්තෙන් ම මේ පිරිසට මෙම ව්‍යාපෘති ලොතරැයි දිනුම් වැනි ය. රාජපක්ෂ පවුලට හා ආණ්ඩුවට කඩේ යාමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට මහ එවුන් විසින් මහජන මුදලින් කා ඉවත ලන ලද දිව්‍ය භෝජනයේ කටු සූප්පු කිරීමේ අවස්ථාව ලැබී තිබේ. නිකම් සිට මහජන මුදලින් ගානක් කපා ගැනීමට මග පාදා තිබෙන මෙම ඊනියා සංවර්ධන ව්‍යාපෘති රැක ගැනීමට කුණු බිත්තර, ගල් මුල් හා ගිනි අවි රැගෙන ඔවුන් රැස් වන්නේ එහෙයිනි.

ඇත්තෙන් ම මේ වනාහි කුපිත වූ මහජනතාව තමා ය. ආණ්ඩුවට ඡන්දේ දෙන මහජනතාව මොවුහු වෙති. ඔවුන්ගේ බඩ වියත පවතින්නේ දේශපාලුවන් විසින් ඔවුන්ට විසි කර දී තිබෙන මේ ඉඳුල් මත ය. ඇත්තෙන් ම මොවුහු ද මහ දේශපාලුන් වැනි ම පරපෝෂිතයෝ ය. දූෂිතයෝ ය. එහෙම නැතිව සමහර සමාජවාදීන් සිතා සිටින ආකාරයේ නොමග ගිය අහිංසක ජනතාව නොවේ.

රාජපක්ෂ පාලනයේ පැවැත්ම සුරක්ෂා වන එක් රහසක් මෙයයි. එනම්, දූෂණය බෙදා ගැනීමයි. මට්ටම් කීපයක් ඔස්සේ බෙදා ගනු ලබන දූෂණයේ පහළම මට්ටම අපට මත්තලදීත්, හම්බන්තොටදීත් දක්නට ලැබිණි. මොවුහු ඔබගේ නිවස වටේමත් සිටිති. සමහරවිට ඔබ ද ඔවුන්ගෙන් කෙනෙකු විය හැකි ය. ඔබ ජීවත් වන්නේ ද දූෂණයෙන් සූරා ගන්නා ලද මහජන මුදලින් විය හැකි ය. 

එය විවිධ ආකාරයෙන් සිදු විය හැකි ය. නිකම් ඉඳ හෝ අඩුවෙන් වැඩ කර පඩි ගන්නා රැකියා, බදුවලින් නිදහස් වාහන, මහජන මුදලින් නඩත්තු වන වාහන, දරුවකු ජනප්‍රිය පාසලකට දමා ගැනීමේ දේශපාලන අනුග්‍රහය ආදිය උදාහරණ කීපයකි. 

අප මේ දූෂිත ක්‍රමයට එරෙහිව සටන් කරන්නේ නම් එය අපෙන් පටන් ගත යුතු ය. මේ දූෂණය භුක්ති විඳින ගමන් එයට එරෙහි සටන්වලට නායකත්වය දෙන්නට බැරි ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

බොදු බල සේනාව ත්‍රස්ත සංවිධානයක් ලෙස හඳුනාගත් ලැයිස්තුවේ එජාපය හා ජවිපෙත්

බොදු බල සේනා කියන්නේ ඇත්තෙන් ම ත්‍රස්ත සංවිධානයක්. ඔවුන් නිරායුධ සිවිල් වැසියන්ට එරෙහිව මොබ් ප්‍රචණ්ඩත්වය එල්ල කරන ආකාරය පිළිබඳ මාධ්‍ය ආවරණ ඕනෑ තරම් සිදු වී තිබෙනවා. එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො වෙන්නේ වෙන කිසිවක් නිසා නොවෙයි, එය ආණ්ඩුවට සම්බන්ධ වීම නිසා හා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ද පවතින ජාතිවාදී, ආගම්වාදී ප්‍රවණතා නිසායි.

ත්‍රස්තවාදය පිළිබඳ පර්යේෂණ හා විශ්ලේෂණ කරන හා තොරතුරු බෙදා දෙන පිළිගත් මූලාශ්‍රයක් වන Terrorism Research and Analysis Consortium (TRAC) විසින් බොදු බල සේනා සංවිධානය ත්‍රස්ත සංවිධානයක් බව ඉතා නිවැරදිව හඳුනාගෙන තිබෙනවා.

මෙම තොරතුරු මූලාශ්‍රය කෙතරම් නිවැරදි ද යත් එය විසින් එක්සත් ජාතික පක්ෂය ද දැනට අක්‍රිය ත්‍රස්ත සංවිධානයක් ලෙස ඉතා නිවැරදිව හඳුනාගෙන තිබෙනවා.

එහි ජනතා විමුක්ති පෙරමුණ ඇතුළත් වීම ගැන පුදුම විය යුතු නැහැනේ. පිල්ලෙයන් නායකත්වය දෙන ටී.එම්.වී.පී. නම් එක්සත් ජනතා නිදහස් සන්ධානය‍ේ හවුල්කාර පක්ෂයත් එම ලැයිස්තුවේ තිබෙනවා.

සබැඳි පුරුක් සමග සම්පූර්ණ විස්තරය මෙතැනින්: Not only Bodu Bala Sena (BBS) but United National Party (UNP) also in Terrorism Research and Analysis Consortium (TRAC) list of terrorist groups


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-04-17

ඇනොනිමස් ඇවිත් මස් කිරීම හා බ්ලොග් අවකාශ‍යේ ගේම්

සැම රෙදි සේදී ජලෙනි
පිරිසිදු වේවී සොඳිනී
දන මන සෝදා ලන සේ
ඔසු නැත මේ ලෝකයෙහි
(මාතලන් චිත්‍රපටයේ ගීයක කොටසකි)

සුන්දර ඉංගිරිසි මා ජනරළ පුවත්පතට ලියන කොලමකි. පසුගිය 13දා එය බ්ලොගයේ පළ කර මා නිවාඩුවක් සඳහා ගියේ අන්තර්ජාලය පැත්ත පළා‍තේ නෑවිත් පාඩුවේ ඉන්නට සිතාගෙන ය. බ්ලොගයේ පැත්තක සඳහන් කළා සේ ම "විරාමයක් ගන්න, ආපසු හැරී බලන්න, අලුතින් ජීවිතය අරඹන්න ..........." උවමනාවක් මට තිබිණි. 

අප්‍රේල් 15දා මා ටැබ් එකකින් සුළු වේලාවකට බ්ලොගයට පිවිසියේ කමෙන්ට් බලන්නට ය. එහි මාර වැඩක් වී තිබිණි. මාතලන් බ්ලොග්කරුවා කියා තිබූ කරුණක් වන්නේ කුල්ලට කියන ඉංගිරිසි වචනය පිළිබඳ කතාව මා වෙනත් බ්ලොගයකින් අසා දැනගෙන ලියූ එකක් බවකි. ඒ පිළිබඳ එම කතාව පළ කළ 'ඔරිජිනල්' බ්ලොග්කරුවාට ස්තුති නො කිරීම පිළිබඳ ආඩාපාලි රැසක් එහි කියා තිබිණි. 

ඇත්තෙන් ම, කුල්ලේ කතාව වනාහි ඉතා ප්‍රසිද්ධ, මුලින් ම ඇසූ කාල වකවානුව කවදාදැයි මට නම් මතක් කර ගන්නටත් අපහසු පැරණි කතාවකි. එහෙත්, මාතලන් ඉල්ලා සිටින නිසා එහි ගරුත්වය නිදහස් සිතුවිලි බ්ලොගය ලියන ලේඛකයාට පිරිනමමි. එකී බ්ලොගය මා එතරම් කියවා ඇති එකක් නො වේ. (මම එය ෆලෝ කිරීම ආරම්භ කළෙමි) මට එය ලියන රවී සමග ගේමක් ඇති බව මාතලන් කියයි. මා නො දන්නා පුද්ගලයකු සමග මට ඇති ගේම මට නම් තේරෙන්නේ නැත. බ්ලොග් ලිවීම මගේ දේශපාලනයේ එක් අංශයක් පමණි. මගේ ජීවිතයේ ප්‍රධාන පාර්ශ්වය ඇත්තේ නිදහස් චින්තකයකු ලෙස හා විප්ලවවාදියකු ලෙස මා ජීවත් වන ජීවිතය තුළයි. මට ලොකුම ගේම තිබෙන්නේ මා සමග ය. වෙනත් බ්ලොග්කරුවන් සමග මට කිසිදු ගේමක් නැත.

මා වෙනුවෙන් නිර්නාමිකව පෙනී සිටි මිතුරෝ මා ම යයි මාතලන් වරදවා වටහාගෙන තිබේ.  සංවාදය අග හරියේ මෙවැනි නිර්නාමික කමෙන්ටුවක් ද තිබිණ‍ි. 


මාතලන් ඔබ වැනි ප්‍රවීනයෙක් මෙසේ අදහස් දැක්වීම ගැන සතුටුයි. මේ පුද්ගලයා නීචයෙකි. මොහු කරන්නේ බ්ලොග් ලිවීම පමණි. එසේමදවස පුරා තම බ්ලොගයේ ඔන්ලයින් සිටී. ඔහුගේ වචන වලින් ඇනෝ එන්නේ කවුදැයි ඕනෑම කෙනෙකුට තේරේ.
ඔහුම ඇනෝ ලෙස පැමිණ උත්තර දෙයි.ඔහුට මදිකමක් ලෙස හැගුනොත් ඇනෝ උත්තර දෙයි. භාෂා ශෛලියෙන් ඕනෑම කෙනෙකුට එය හදුනා ගත හැක. සතුරන්ට මෙලෙස පහර දීමේ පහත්ගති ඔහු ජේවීපී කළ කාලයේදී උරුම කරගත් එකක් විය හැක.
නමුත් මේ විශ්‍රාමික ත්‍රස්තවාදියාගේ ලිපි කියවා මමත් මොහු යහපත් කෙනෙක්යැයි සිතුවෙමි.එහෙත් පාඨකයන් සිතන ලෙසම මොහු යහපත් කෙනෙක් නොවේ.
ඇනෝ දමන්නේ මොහු බව සත්‍ය වන අතර මොහු පාසලේ සේවය කරන හැටි ගැන හොද අදහසක් ගත හැක.එසේම මොහුම වෙනත් බ්ලොග්වලද ඇනෝ දමන බව මට සිතේ.
භාෂා ශෛලියෙන් ඕනෑම කෙනෙකුට මේ නීචයාගේ කොමෙන්ට් සොයා ගත හැක.

ඇත්තෙන් ම මෙය කියවූ පසු නම් මොහොතකට හෝ මට යම් කලකිරීමක් ඇති විණි. වයස අවුරුදු 49ක් වන මා දැනට පූර්ණකාලීනව කරන රැකියාවට පිවිසුණු පසු මෙවැනි අපහාස අැසුවේ බ්ලොග් අවකාශයෙහිදී පමණි. මීට පෙර ඇතැමුන් විසින් ලියන ලද කුණුහරුප සමග ගත් කල ‍මේවා එතරම් දේ නො වේ. මගේ බ්ලොග්කරණය නිසා අරුණි ශපීරෝ වැනි ඇතැම් බ්ලොග්කරුවන් මා කරන වෘත්තිය ගැන සඳහන් කරමින් මා පුංචි මිනිසකු බව පෙන්වීමට උත්සාහ කර තිබිණි. එය ඇත්තට ම ශ්‍රමය අපතේ යැවීමකි. කොහොමත් මම මා සලකන්නේ කම්කරුවකු ලෙස ය. මම උගතෙක් ද නො වෙමි. මා උගත් දෙයක් තිබේ නම්, ඒවා ඉගෙන ගෙන තිබෙන්නේ විවිධ මිනිසුන් සමග ජීවත් වීමෙනි. තනිව හා සාමූහිකව හැදෑරීමෙනි. කල්පනා කිරීමෙනි. මහ පාරේ ‍ගෙවුණු ජීවිතයෙනි.

13දායින් පසු මා නැවත බ්ලොගය ලියන්නේ අද ය. සමාජය ගැන ඇති වන කලකිරීම දිනෙන් දින වැඩි වුව ද, අල්පයක් හෝ සොඳුරු මිනිසුන් නිසා මම ම‍ගේ දිරිය මුවහත් කර ගනිමි. අපහාස කිරීම් හරහා අප ලිවීම නැවැත්වීමට කිසිවෙක් සිතන්නේ නම්, මට ඒ අයට කීමට ඇත්තේ එය සිදු නො වන බවයි. මන්ද, ‍ලිවීම මට දැන් හුස්ම ගැනීම වැනි අත්‍යවශ්‍ය දෙයකි. නො ලියා සිටියහොත් මා මිය යනු ඇත. මා ලියන එක නවත්වන්නට මා මරා නො දැමීම ගැන මම ආණ්ඩුවට ද වෙනත් එවැනි අයට ද ස්තුතිවන්ත වෙමි.

මා ලේඛකයකු හා මාධ්‍යකරුවකු වූයේ අන්තර්ජාලය ලංකාවේ ව්‍යාප්ත වන්නට පෙර ය. එහෙත්, පොත් හෝ පුවත්පත් කර්මාන්තවලට වඩා අන්තර්ජාලයේ තිබෙන සුඛනම්‍ය ස්වභාවය නිසා මම අද බ්ලොග්කරණය මගේ මූලික මාධ්‍ය අවකාශය ලෙස තෝරාගෙන සිටිමි. 

බ්ලොග්කරුවකුට බ්ලොග් මාධ්‍ය වෙනුවෙන් කළ හැකි හොඳ ම මෙහෙය වන්නේ බ්ලොග් අවකාශයේ විවිධත්වය පුළුල් කිරීම යයි මම සිතමි. බ්ලොග්කරුවන් අතර අන්‍යොන්‍ය සුහදත්වය ද හොඳ දෙයකි. එහෙත්, ඒ වනාහි එකිනෙකාගේ පිට කසා ගැනීමට නොව, බ්ලොග් අවකාශ‍යේ යහපැවැත්ම සඳහා ය. 

පිට කසාගැනීමේ කලාව නම් පිටුදැකිය යුතු එකකි. මන්ද, ලංකාවේ සියලු කලාවන් පිටුදැකීමට භාජනය වී තිබෙන්නේ මේ පිට කසා ගැනීම නිසා ය. සිංහල බ්ලොග් අවකාශය පිට කසා ගැනීම්, බෙලි කපා ගැනීම්, බොරු යාලුකම් ආදියෙන් හා පුහු වීරයන්ගෙන් ගහණ තැනක් බව අමුතුවෙන් කිව යුතු නො වේ. එහෙත්, අපි එකී පිට කසා ගැනීම්වලින් මිදී සිටිමු. අප වෙත පාඨකයන් පිවිසීම හුදෙක් යාළු මිත්‍රකම් නිසා නොව, අපගේ බ්ලොගයේ අන්තර්ගතය නිසා සිදු වන තත්වයක් අපි නිර්මානය කර ගත්තෙමු. හිත මිත්‍රකම් මත අපි කිසි කලෙක කිසිවක් අගය කර නැත. එසේ ම, කිසිවකු අපගේ මිතුරකු නො වන නිසා ම කිසියම් දෙයක් විවේචනය ද කර නැත. විප්ලවවාදී මාධ්‍යකරුවකුට ස්ථිර මිතුරන් නඩත්තු කිරීම තරමක් දුෂ්කර ය. අපගේ මිතුරන් සෑහෙන පිරිසක් අප සමග හිත නො හොඳ වූයේ අප ලියූ දේවලින් ඔවුන්ට රිදුණු නිසා ය. එහෙත්, ඒවා බොරු නො වන බව ඔවුහු දනිති.

අප බ්ලොග්කරණයේ යෙදෙන්නේ සිංහල බ්ලොග් ලෝකයේ පොරවල් වෙන්නට නො වේ. අප ස්පර්ශ කරන ලෝකය ඊට වඩා පුළුල් එකකි. බ්ලොග්කරුවන් එකතු වන සංසදවල අප දකින්නට නැත්තේ ඒ නිසා ය. අප ලියන්නේ ඉතා පැහැදිලි දේශපාලන පදනමක් මත සිට ය. ඒ වනාහි සමාජ සංවාදය පෝෂණය කිරීමයි. විකල්ප අදහස් ප්‍රවර්ධනය කිරීමයි. එසේම, පවතින ධනවාදී ක්‍රමය විසින් ප්‍රවර්ධනය කරනු ලබන, පාරිභෝජනවාදී, පුද්ගලවාදී, කෲර ලෙස ලාභය හඹා යන කාලකන්නි ජීවිතය වෙනුවට සොඳුරු වූ ද, මානුෂික වූ ද, සමාජමය මිනිස් ජීවිතයක් සොයා ගැනීම වෙනුවෙන් අපි පෙනී සිටිමු. අපි එය සමාජවාදය සඳහා අඛන්ඩ අරගලයක් ලෙස නම් කර තිබේ. 

වෙනත් නමකින් හෝ අප එය කළ යුතු ය. වඩා හොඳ තත්වයන් වෙනුවෙන් සටන් කිරීම මිනිසාගේ සහජ ස්වභාවයකි. අප එය කළ යුතු ය. වඩා‍ හොඳ දෙය තෝරා ගැනීම සඳහා අප අතර සංවාදයක් තිබිය යුතු ය. 

එය පොදු මිනිස් අරගලයකි. බ්ලොග් අවකාශයේ ඇතැමෙක් ධනවාදය ආරක්ෂා කිරීම ස්වයංව තමන්ට පවරාගෙන තිබේ. තවත් සමහරු ආණ්ඩුව ආරක්ෂා කිරීම තමන්ගේ වගකීම ලෙස සිතා සිටිති. ඔබගේ අදහස දැරීමට ඔබට ඇති අයිතියට ගරු කරන ගමන් ම එය ප්‍රශ්න කිරීමට ද අපි ඉදිරිපත් වන්නෙමු. එසේම, ඔබට අපව ද ප්‍රශ්න කළ හැකි ය. අපගේ බ්ලොගයේ අදහස් පළ කිරීම සඳහා පූර්ණ නිදහස දී තිබෙන්නේ එහෙයිනි. 

මෙහි කර්තෘ ලෙස මම ප්‍රතිපත්ති කීපයක් අනුගමනය කරමි. 
  • මට අන්තර්ජාලයේ බොරු අනන්‍යතා නැත. කුමන තර්ජනයක් ආවත් මා පෙනී සිටින්නේ මගේ සැබෑ අනන්‍යතාවෙන් පමණි. 
  • මම මෙම බ්ලොගයේ හෝ වෙනත් තැනක නිර්නාමික අදහස් පළ කිරීම් කරන්නේ නැත. නමින් පළ කළ නො හැකි අදහස් මම පළ කරන්නේ නැත. 
  • යාලු මිත්‍රකම් හා මගේ ලිවීම් යනු එකිනෙකට සම්බන්ධ නො වන දෙකකි. මට ලිවීමට අවශ්‍ය දෙයක් මා නො ලියා සිටිනවා නම්, එසේ කරන්නේ දේශපාලනික හේතුවක් මත මිස කිසිදු යාලු මිත්‍රකමක් නිසා නො වේ. 
  • අප ප්‍රකාශ කරන අදහස්වලට බලපෑමක් වන අන්දමේ කිසිදු අනුග්‍රහයක් අපි ලබා ගන්නේ නැත. 

අප ඒවා නො කළා ය කියා, එසේ කරන අය හෙළා දැකීමේ උවමනාවක් ද අපට නැත. අප මෙම බ්ලොගයේ නිර්නාමික අදහස්වලට ඉඩ ලබා දෙන්නේ ඒ නිසා ය. 

කරුණාකර මෙම අවකාශය බුද්ධිමත් සංවාදයක් සඳහා පමණක් භාවිතා කරන ලෙස අපගේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

මාතලන් සහෝදරයා වෙනුවෙන් මාතලන් චිත්‍රපටයේ එන පහත දැක්වෙන ගීතය ඉදිරිපත් කරමි. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-04-13

සුන්දර ඉංගිරිසි - 5: පොල් මුඩ්ඩට ඉංගිරිසියෙන් කියන්නේ මොකක්ද?

Winowing fork
ඔන්න එකමත් එක දවසක ටියුෂන් පංතියක සිසුවෙක් ගුරුවරයාගෙන් මෙහෙම ඇහුවා.

"සර්, කුල්ලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද?"

සර් ඒක දැනගෙන හිටියෙ නැහැ. ඒත්, තමන් ඒ බව නො දන්නා බව පෙන්නන්නත් ඔහු කැමති වුණේ නැහැ. ඒ නිසා තැනට සුදුසු නුවණ භාවිතා කරලා ඔහු බොරු කේන්තියක් ගත්තා.

"කුල්ල! තමුසෙට දැන් එච්චරයි අඩු! තමුසෙ මම උගන්නපු අනෙක් වචන පාඩම් කර ගත්තද?"

ගුරුවරයා තමන් උගන්වපු ටිකක් අමාරු වචන ටිකක් සිසුවාගෙන් ඇහුවා. ඔහුට මතක නැහැ. සිසුවාට තව ටිකක් දොස් කියූ ගුරුවරයා පංතිය අවසන් කළේ කුල්ලට කියන ඉංග්‍රීසි වචනය නො කියායි.

ගෙදර ගිහින් හොයලා කුල්ලට කියන වචනය දැන ගත්තා. පහුවෙනිදා ඇවිත් වැඩකාරයා වගේ පංතියට මෙහෙම කිව්වා."තමුන් ඇහුවා නේද කුල්ලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියලා. දැන ගන්නවා, කුල්ලට ඉංග්‍රීසියෙන් කියන්නේ විනෝයිං ෆෑන්."

මේ කතාව ඔබ මීට පෙර අසා ඇති. ඇත්තට ම කුල්ලට විනෝයිං ෆෑන් කියන වචනය හරි ද?

මේ පිළිබඳව සොයද්දී දැනගන්නට ලැබුණු කරුණක් වන්නේ බයිබලයේ මැතිව් සංස්කරණයේ සමහර පරිවර්තනවල විනෝයිං ෆෑන් (winnowing fan) කියන වදන භාවිතා කර තිබෙන බවයි. බොහෝ පරිවර්තනවල යෙදෙන්නේ විනෝයිං ෆෝක් (winnowing fork) කියායි. විනෝයිං ෆෝක් කියන උපකරණය නම් කුල්ලට කොහෙත් ම සමාන නැහැ. එයින් කෙරෙන්නේ දැතිගොයියාවෙන් කෙරෙන් කාර්යයට සමාන දෙයක්. කොහොම හරි එම උපකර‍ණයෙන් කරන්නේ තිරිඟුවල බොල් පොතු අයින් කර ගැනීමයි. කුල්ලෙන් කෙරෙන්නේත් වීවල දහයියා හා සුනුසහල් ආදිය පොළා ගැනීමයි.

විනෝ නම් වදනට සිංහලෙන් පොළනවා කියන වදන සම්පූර්ණයෙන් ම ගැලපෙන්නේ නැහැ. හැබැයි මේ වැඩ දෙ‍කේදී ම සුළඟ ආධාර කර ගන්නවා. සුළඟ කෘත්‍රිමව නිපදවා ගැනීමකුත් කරනවා.

එංගලන්තයේ වී වගාවක් සිදු වුණේ නැහැ. ඒ නිසා ඒ රටේ කුල්ල භාවිතා වුණේත් නැහැ. ඒ නිසා වී වගාව කෙරෙන දකුණු ආසියාතික සමාජවල නිර්මානයක් වූ කුල්ලට ඉංග්‍රීසි භාෂාවේ වදනක් නැහැ.මේ වගේම තමයි, ඉංග්‍රීසියෙන් වීත් රයිස් (rice). හාලුත් රයිස්. බතුත් රයිස්.

කුල්ලට විතරක් නෙමෙයි, නෑඹිලියටත් ඉංග්‍රීසියෙන් වචනයක් නැහැ. ඒ නිසා අපි රයිස් වොෂර් (rice washer) කියලා වචනයක් හදාගෙන පාවිච්චි කරනවා.

අපි හිරමනයට කොකනට් ස්ක්‍රේපර් (coconut scraper) කියනවා. ග්‍රේටර් (grater) කියන උපකරණයෙන් කෙරෙන්නේත් ‍හිරමනයෙන් කෙරෙන වැඩේට සමාන දෙයක්. ඒත්, අපි හිරමනයට හදා ගත් වචනය කොකනට් ග්‍රේටර් නො වී කොකනට් ස්ක්‍රේපර් වීම අපූරු දෙයක්.

පොල් ලෙල්ලට කොකනට් හස්ක් (coconut husk) කියනවා. මේ ළඟදි කවුරුදෝ මගෙන් ඇහුවා පොල් මුඩ්ඩට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියලා. මං හිතන්නේ අපි තාම ඒකට හරි හමන් වචනයක් හදාගෙන නැහැ.

මිරිස් ගල වෙනුවෙන් භාවිතා කරන ග්‍රයින්ඩිං ස්ටෝන් (grinding stone) කියන වචනයත් අපි හදා ගත් ඉංග්‍රීසි වචනයක්.

වැවට ඉංග්‍රීසියෙන් යෙදෙන ටෑන්ක් (tank) කියන වචනය පරිවර්තන කාර්යයේ හෝ අලුතින් වචන හදන කාර්යයේ තිබෙන ගැටලුව පැහැදිලි කරන්න හොඳ උදාහරණයක්. වැව කියන්නේ තරමක් විශාල කෘත්‍රිම ජලාශයක්. හැබැයි ටැංකියක් කියන්නේ වැවට සාපේක්ෂව පුංචි උපකරණයක්. මම හිතන්නේ වැවට සමාන ඉංග්‍රීසි පරිවර්තනය වන තනි වචනය වන්නේ රෙසර්වර් (reservoir). 

මේ පරිවර්තනවලදී මතු වන ගැටලුව වන්නේ මෙය හුදු භාෂාමය පරිවර්තනයක් පමණක් නො වීමයි. මෙහි භාෂාමය පරිවර්තනය ඉක්මවා ගිය සංස්කෘතික කාරණයකුත් තිබෙනවා. භාෂාවක පදනම තමයි සංස්කෘතිය. එක් සංස්කෘතියක නිර්මානය වන සංකල්පයක් වෙනත් භාෂාවකට පරිවර්තනය කරන්න යද්දී සංස්කෘතීන් දෙකක් අතර ගැටුමක් නිර්මානය වෙනවා. අලුත් සංකල්පවලට අලුත් වචන හැදීම ලෙහෙසි පහසු දෙයක් නො වන්නේ ඒ නිසායි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

2014-04-12

රූකාන්ත පවුලට අපරාධ කර නිදහස් වූ ජනාධිපති ආරක්ෂකයන් ආපසු සේවයට යන්නේ කා ළඟ ද?

රූකාන්ත සිද්ධියෙන් ලැබූ තුවාල
වර්ෂ 2000 ජනවාරි මස 26 වැනිදා රාත්‍රීයේ ආයුධ සන්නද්ධව රූකාන්ත ගුණතිලකගේ නිවසට කඩා වැදී රුපියල් තිස්හය ලක්ෂ පනස්දහසක් වටිනා රන් ආභරණ සහ ජීප් රථය කොල්ලකෑම, ඔවුන්ට තර්ජනය කිරීම සහ ශාරීරික බාධක සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ, පාණදුර පළාත්බද මහාධිකරණය විසින් සිරදඬුවම්, වන්දි හා දඩ නියම රන ලද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග ය‍ටතේ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ නිලධාරීන් දසදෙනාට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සමාව ප්‍රදානය කර තිබේ.

එදිරිසිංහගේ බන්දුල මධුෂාන් කුමාර, වන්නිආරච්චිලාගේ දොන් නිහාල් විජේසිරි, මාන්කොට්ට කංකානමලාගේ සරත් කුමාර රූපසිංහ, ජුවන්දරගේ කරුණාසේන ජයලත්, පිල්වල ගුණතිලකගේ ලෙස්ලි චන්ද්‍රතිලක, දිසානායක අප්පුහාමිලාගේ අතුල සේනාරත්න, රතුහැලඹගේ ධර්මසිරි බට්ටාගේ ලලින්ද රාජරත්න, ඉෂාන් සම්පත් රණසිංහ සහ බොහොතලේ ආරච්චිගේ උපාලි ආරියදාස යන අය මේ අනුව ඊයේ නිදහස ලැබූ හ.

මේ වනාහි ඉතා නරක පූර්වාදර්ශයකි. මෙම ජනාධිපති සමාවෙන් ප්‍රකාශ වන්නේ කුමක් ද?

බලවතුන් යටතේ විවිධ තනතුරුවල සේවය කරන අතරතුර, එම බලවතුන්ගේ උවමනාව පරිදි අපරාධ කරන විශාල පිරිසක් රටේ සිටිති. ඔවුන්ට සාමාන්‍යයෙන් නීතියෙන් මුක්තිය හිමි වේ. එහෙත්, අහම්බයකින් හෝ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වා ගැනීමට බැරි වුවහොත්, ඔවුන්ගේ සුරක්ෂිතභාවය ඊළඟට තහවුරු වන ආකාරය මෙමගින් සහතික කර තිබේ.

මෙමගින් දෙන පණිවුඩය මෙයයි: "අප කියන දේ බය නැතිව කරපල්ලා. අසු වෙන්න එපා. ඒත්, වැරදීමකින් හෝ අසු වුණත් අපි නුඹලා බේර ගන්නෙමු."

ඒ අතර ම මෙම පිරිස චන්ද්‍රිකාට එරෙහිව ද භාවිතා කරන්නට ආණ්ඩුව වග බලාගෙන තිබේ. 

පහර දීමට නියෝග කිරීමේ සිට නිදහස් කිරීමට නියෝග කිරීම දක්වා මෙම සමස්ත සිද්ධිය විසින් හෙළිදරව් කර තිබෙන්නේ මේ රටේ ජනාධිපතිවරුන් බවට පත් වන අය කෙබඳු පුද්ගලයෝ ද යන්නයි.

අප මෙම සමස්ත සිද්ධිය සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රශ්න කීපය අසන්නෙමු. 

  •  මෙම සිද්ධියේදී නඩු පැවරීම කරන්නේ රූකාන්ත ගුණතිලක පවුල විසින් නො වේ. පොලිසිය විසිනි. රූකාන්ත හා චන්ද්‍රලේඛා මෙම නඩුවේ සාක්ෂිකරුවෝ පමණි. විත්තිකරුවන්ට සමාව දෙන්නැයි ඉල්ලා සිටින්නට සාක්කිකරුවන්ට තිබෙන අයිතිය කුමක් ද?
  • ලේ වන්දි ලෙස මුදල් ගෙන  අපරාධකරුවන්ට නිදහස ලබා දීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව අපරාධයක වින්දිතයන්ට ලබා දී ඇත්තේ අරාබි රටවල් වැනි ප්‍රජාතාන්ත්‍රික අතින් නොදියුණු මිනිස් සමාජයන්හි නීති පද්ධති තුළය. ලංකාව පරමාදර්ශ කර ගන්නේ එවැනි නීති පද්ධති ද?
  • මෙම සිද්ධියෙහි ඍජු වින්දිතයන් රූකාන්ත චන්ද්‍රලේඛා පවුල බව සැබෑ ය. එහෙත්, එමගින් සිදු වූ සාමය කඩවීම සමස්ත සමාජයට ම අදාළ ය. මෙම නඩු විභාගය වෙනුවෙන් මහජන මුදල් වැය කරන ලදී. මෙම නිදහස් කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමේ කිසිදු ක්‍රියාමාර්ගයක් නො තිබිණි. අඩු තරමේ පාර්ලිමේන්තුවේ හෝ මේ පිළිබඳ කතා නො කෙරිණි. ඒ පිළිබඳව කියන්නට ඇත්තේ කුමක් ද?
  • මෙම අපරාධය සිදු කිරීම සඳහා නියෝග දුන් අය එළියේ සිටියදී එය ක්‍රියාත්මක කළ අය සිරගත කිරීමේ අසාධාරණකම ගැන කියැවිණි. ‍එසේ නම් කළ යුතුව ති‍බුණේ අපරාධය ක්‍රියාත්මක කළ අය නිදහස් කිරීම නොව, නියෝග දුන් අයට එරෙහිව අලුත් පරීක්ෂණයක් ආරම්භ කිරීමයි. එසේ නො කළේ ඇයි?
  • මෙම අපරාධයේදී වින්දිතයන්ට බරපතල ශාරීරික අඩන්තේට්ට‍ම් හා මානසික පීඩාවන් සිදු කරන ලදී. එසේ කළේ තනිකරම නියෝගය නිසා පමණයි ද? මෙම අපරාධකරුවන් එයින් යම් වින්දනයක් ලබා ඇති බව පැහැදිලි ය. එසේම, තමන්ගේ ඉහළ නිලධාරියකු දෙන නියෝගය නීති විරෝධී නම් එය ක්‍රියාත්මක නො කර සිටීමේ අයිතිය රජ‍යේ සේවකයන් වී සිටි විත්තිකරුවන්ට තිබේ. මෙම සමාව දීම ඔවුන් විසින් කරන ලද වැරදි අගය කිරීමක් නො වේ ද?
  • රූකාන්ත අපරාධයට ලක් වූයේ ඔහු එක්සත් ජාතික පක්ෂයට සහාය දෙමින් සිටියදී ය. පසුව ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය ප්‍රකාශ කළේ ය. එයත්, මෙම නිදහස් කිරීමත් අතර ඇති සම්බන්ධය පැහැදිලි කරන්නේ කෙසේ ද?
  • අවසන් ප්‍රශ්නය මෙයයි. නිදහස ලැබීමෙන් පසු මොවුන් නැවත සේවයට යනවාද? සේවය කරන්නට යන්නේ කාට ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-04-11

දෙපා යටින් වල කපා ගන්නා උදය ගම්මන්පිලගේ නියුරම්බර්ග් යෝජනාව

නියුරම්බර්ග් නඩුවලින් මරණීය දණ්ඩනය ලද හර්මන් ගෝරිං නඩු විභාගය අතරතුර
යුද අපරාධ සම්බන්ධයෙන්නියුරම්බර්ග් මාදිලියේ නඩු විභාගයක් පැවැත්විය යුතු බව උදය ගම්මන්පිල යෝජනා කර තිබේ.

නියුරම්බර්ග් නඩු වනාහි දෙවන ලෝක යුද්ධයෙන් පසු නාසිවාදීන්ට එරෙහිව මිත්‍ර හමුදා පාර්ශ්වයෙන් අසන ලද නඩු පෙළකි.

මෙම නඩු පෙළ අසනු ලැබුවේ ම යුදෙව් සංහාරය ඇතුළු මානව වර්ගයාට එරෙහිව අපරාධ හා යුද අපරාධවලට වගකිව යුතු නාසි නායකයන්ට දඬුවම් කිරීමයි. මෙම නඩු විභාගයට පෙර බ්‍රිතාන්‍ය අගමැතිවරයා යෝජනා කළේ මෙම නාසි නායකයන් නඩු විභාගයකින් තොරව මරා දැමිය යුතු බවයි. එහෙත්, ඇමරිකාව එයට එරෙහි විය. එම මරණීය දණ්ඩන වාර්තාගත සාධාරණ හේතු සහගත නීත්‍යානුකූල ඒවා බවට පත් කිරීමට නියුරම්බර්ග් නඩු විභාගය ඉවහල් විය. එමගින් නාසිවාදයේ පරිච්ඡේදය වසා දමන ලදී.

නීතිඥයකු වුව ද උදය ගම්මන්පිලට නියුරම්බර්ග් නඩු විභාග ගැන අවබෝධයක් නැති බව පෙනේ. නියුරම්බර්ග් නඩු විභාගය යනු දේශීය පරීක්ෂණයක් නො වේ. දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර පාර්ශ්වය විසින් කරන ලද ජාත්‍යන්තර නඩු විභාගයකි. ජාත්‍යන්තර අධිකරණය ස්ථාපිත වන්නේ මෙම නඩු විභාගවල ඍජු ප්‍රතිඵලයක් ලෙසයි. එසේම, ජන සංහාර ඇතුළු මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධ පසුකාලීන ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සඳහා මග පෑදෙන්නේ ද මෙම ක්‍රියාමාර්ග හරහා ය.  එ් අතර එක්සත් ජාතීන්ගේ සංහාර පිළිබඳ සම්මුතිය (1948), විශ්ව මානව හිමිකම් ප්‍රඥප්ති (1949) හා යුද නීති රීති පිළිබඳ ජිනීවා සම්මුතිය (1949) ද වේ.


දෙමළ ඩයස්පෝරාව දැනුදු උත්සාහ කරමින් සිටින්නේ ජාතික හෙළ උරුමය සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ජන සංහාරයක යෙදුණු බවට කරුණු ඉදිරිපත් කිරීමටයි. හෙළ උරුමය විසින් නායකත්වය දෙන හෝ දුන් සිංහල ජාතිවාදී බලවේගය මේ වන විට යෙදී සිටින්නේ දෙමළ ජනයා වෙතින් නො නැවතී මුස්ලිම් ජනයා වෙත ද ජාතිවාදී වෛරය යොමු කිරීමේ ක්‍රියාවලියක ය.

උදය ගම්මන්පිලගේ නියුරම්බර්ග් මාදිලි යෝජනාව එන්නේ මෙම සංදර්භය තුළයි. නියුරම්බර්ග් නඩු විභාගයන්ට පාදක වූ ජාත්‍යන්තර යුද විනිශ්චය සභාවන් පිළිබඳ ලන්ඩන් ප්‍රඥප්තිය විසින් වෙනත් කාරණා අතරතුර, අපරාධ කාණ්ඩ තුනකට වර්ගීකරණය කර තිබේ. ඒවා වනාහි සාමයට එරෙහි අපරාධ (ජාත්‍යන්තර සම්මුති උල්ලංඝනය වන ආකාරයේ ආක්‍රමණශීලී යුද්ධ සැලසුම් කිරීම, සූදානම් කිරීම හා දියත් කිරීම ද ඇතුළුව), යුද අපරාධ (යුද නීති හා රීති උල්ලංඝනය කිරීම, සිවිල් වැසියන්ට හා දේශපාලන සිරකරුවන්ට වැරදි ආකාරයෙන් සැලකීම ඇතුළුව) සහ මානව වර්ගයාට එරෙහි අපරාධ (සිවිල් වැසියන් මැරීම, වහල්භාවයට පත් කිරීම, පිටුවහල් කිරීම හා දේශපාලන‍, ආගමික හා වාර්ගික පදනමින් හිංසා කිරීම ඇතුළුව) යන ප්‍රවර්ග තුනයි. මෙම ප්‍රඥප්තිය විසින් යුද නිලධාරීන් මෙන් ම සිවිල් නිලධාරීන් ද අධිකරණය වෙත ගෙන ඒමට ඉලක්ක කරන ලදී.

උදය ගම්මන්පිල මෙම නඩු විභාගය පිළිබඳ සිය ෆැන්ටසිය මෙම ප්‍රකාශයෙහි කියවයි. ඔහුගේ කතාව අර දීකිරි විකුණමින් මුට්ටිය ඔලුවේ තබාගෙන ගිය ගැහැනියගේ කතාව වැනි ය. දීකිරි විකුණා මුදල් උපයාගෙන ධනවත් වූ කල තමන්ට මංගල යෝජනා කරන්නට එන පිරිමින්ට බැහැ කියන ආකාරයට හිස වනන්නට ගොස් සිදු වන්නේ ඔලුවේ තිබූ මුට්ටිය බිම වැටී බිඳී යාමයි.

උදය ගම්මන්පිල මෙම නඩු විභාගයෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානය තහනම් කිරීම ගැන සිහින දකියි. එහෙත්, එහෙම නඩු විභාගයක් සිදු වුණහොත් එතැනින් නතර නො වී සිය අනුග්‍රාහකයන්ට පමණක් නොව, උදය ගම්මන්පිල නායකත්වය දැරූ සිහල උරුමය, ජාතික හෙළ උරුමය වැනි සංවිධානවලට ද සිදු වන්නේ එය ම බව ඔහුගේ සිහිනයට නො පෙනේ.

නරක කාලයක් ලැබුවා ම හිතට පැන නගින්නේ ද නරක සිතුවිලි ම ය. ආණ්ඩුවට ද උදය ගම්මන්පිලට ද සිදු වී තිබෙන්නේ එයයි.




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com