2014-05-30

තායිලන්තයේ හමුදා කුමන්ත්‍රණය

රතු කමිස
තායිලන්තය හමුදා කුමන්ත්‍රණ පිළිබඳ දිගු ඉතිහාසයක් ඇති රටකි. 2014 මැයි මස 22දා එහි සිදු වුණේ 1932න් පසු සිදු වූ 12වන හමුදා කුමන්ත්‍රණයයි.

අලුත් ම කුමන්ත්‍රණයේදී හමුදාපති ප්‍රයුත් චන්-ඔචා රාජ්‍ය බලය පැහැර ගත්තේ ය. යුද නීතිය ප්‍රකාශයට පත් කර, 2007 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටවූ හේ විධායක බලතල තමන් වෙත පවරා ගත්තේ ය. 2011දී මැතිවරණයකින් බලයට පත් අගමැතිනි යිංලුක් ෂිනවත්‍රා සිරගත කළ හේ සෙනෙට් සභාව ද විසුරුවා හැර නීති සම්පාදනයේ මුළු බලතල සියතට ගත්තේ ය. බලයේ සිටි භාරකාර ආණ්ඩුවට පක්ෂපාතී මෙන් ම විරුද්ධවාදී පිරිස් ද සිය ගණනින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු සිය මිලිටරි ජුන්ටාව නම් කර තිබෙන්නේ සාමය හා නීතිය සඳහා ජාතික සභාව ලෙසයි.

මේ වන විට අගමැතිනි යිංලුක් ෂිනවත්‍රා ඇතුළු දේශපාලන ක්‍රියාකාරිකයන් රැසක් නිදහස් කර තිබේ. එහෙත්, ඒ දේශපාලයේ නො යෙදීමේ හා තමන් යන එන තැන් පිළිබඳ හමුදාව දැනුවත් කිරීමේ කොන්දේසිය පිට බව වාර්තා වේ.  මෙම හමුදා කුමන්ත්‍රණයට එරෙහිව තැන් තැන්වල පැවැත්වෙන විරෝධතා මර්දනය කරන බවට ජුන්ටාව තර්ජනය කර තිබේ.

තායි රජු වන භූමිබෝල් අදුල්යාදේජ් ද ‍කුමන්ත්‍රණකරුවා නිල පාලකයා ලෙස පිළිගෙන තිබේ. මේ වසරේ අග හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටි 60 හැවිරිදි ප්‍රයුත් විසින් නිවේදනය කර තිබෙන පරිදි ඔහු කාල නිර්ණයකින් තොරව පාලනය පවත්වාගෙන යනු ඇත. පුවත්පත් සාකච්ඡාවකදී ඔහු පැවසුවේ හමුදාව රටේ අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කරන බවයි. එහෙත් ඒ සඳහා කාල වකවානුවක් සඳහන් නො කළ හේ පැවසුවේ එය තීරණය වන්නේ පවතින වාතාවරණය අනුව බවයි.මැතිවරණ පවත්වන වකවානුව පිළිබඳව දිගින් දිගට ප්‍රශ්න කළ මාධ්‍යකරුවන් දෙදෙනෙක් හමුදා පරීක්ෂණ මණ්ඩලයක් ඉදිරියට කැඳවනු ලැබුවේ එය නො මනා ක්‍රියාවක් ලෙස දක්වමිනි. හිටපු තායි අධ්‍යාපන ඇමති චතුරොං චයිසැං පුවත්පත් සාකච්ඡාවක් අවසානයේ අත්අඩංගුවට ගනු ලැ‍බී ය. හමුදාවට භාර නො වීමේ චෝදනාව මත ඔහු යුද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

දැඩි මතධාරියකු වන ප්‍රයුත් 2009 හා 2010 වසරවල පැවැත්වුණු රතු කමිසකාරයින්ගේ අරගලය මර්දනය කිරීමේ ද මුල් වූයෙකි. රාජාණ්ඩුවාදී, බැංකොක් ප්‍රභූ තන්ත්‍ර කහ කමිසකාරයන්ට එරෙහිව, වරප්‍රසාද නොලත් සමාජයන් අතරින් පැන නැගුණු රතු කමිසකාරයන්ගේ අරගලයේදී හමුදාව විසින් 80දෙනෙක් ජනතාව මරා දමන ලදී. 2000කට අධික පිරිසක් තුවාල ලැබූ හ. මේ රතු කමිසකාරයෝ බලයෙන් පහ කරන ලද හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාට සහාය පළ කළ හ.

රාජාණ්ඩු පාක්ෂිකයකු ලෙස ප්‍රකට හේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා විරෝධියකු ලෙස ද ප්‍රසිද්ධ වූයේ ය. තක්ෂින් ෂිනවත්‍රා බලයෙන් පහ කළ 2006 හමුදා කුමන්ත්‍රණයේදී ද ප්‍රයුත් වැදගත් භූමිකාවක් රඟපෑවේ ය. වත්මන් අගමැති යිංලුක් හිටපු අගමැති තක්ෂින්ගේ සොයුරියයි. ඔවුන් මැතිවරණ ජය ගන්නේ ග්‍රාමීය ප්‍රදේශවල හා උතුරු තායිලන්තයේ, විශේෂයෙන් ම ඊසානදිග ඉසාන් පළාතේ ඔවුන්ට තිබෙන ජනප්‍රියත්වය නිසා ය. එහෙත්, බැංකොක්අගනුවර හා දකුණු තායිලන්තයේ වැඩිපුර ජනප්‍රිය අභිසිත් වෙජ්ජාජිවා නායකත්වය දෙන දක්ෂිණාංශික දේශපාලන පක්ෂයක් වන ප්‍රජාතාන්ත්‍රික පක්ෂයයි.

තායිලන්තයේ අලුත් ම හමුදා කුමන්ත්‍රණයට පසුබිම් වුණේ 2013 අගභාගයේ සිට ඇදී යමින් තිබෙන දේශපාලන අර්බුදයයි. 2006 හමුදා කුමන්ත්‍රණයෙන් පසු බලයට පත් ආණ්ඩු ස්ථාවර ඒවා වූයේ නැත. 2013 වසරේ අගභාගයේදී යිංලුක්  ෂිනවත්‍රාගේ ආණ්ඩුවට එරෙහි විරෝධතා පැන නැගුණේ ආණ්ඩුව විසින් යෝජනා කරන ලද ක්ෂමා පනත සමගයි. 2004 සිට තායිලන්තයේ සිදු වූ මර්දනයන්ට වගකිවයුතු හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා ඇතුළු ඇතැමුන්ට සමාව ලබා දීම අරමුණු කර ගත් බව කියන මෙම පනතට එරට ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතාන්ත්‍රික පක්ෂය මෙන් ම, යිංලුක් ෂිනවත්‍රාගේ සභාග ආණ්ඩුවේ පාර්ශ්වයක් වන රතු කමිස ව්‍යාපාරය හෙවත් ඒකාධිපතිත්වයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා එක්සත් පෙරමුණ ද විරුද්ධ වූ හ.

මේ අතර, තායි සෙනෙට් සභාව මුළුමනින් ම ඡන්දයෙන් පත් වූ සාමාජිකයන්ගෙන් සමන්විත කිරීම සඳහා ආණ්ඩුව විසින් යෝජනා කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් තායි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරන ලදී. එම සංශෝධනයට එරෙහිව අභියාචනා කළේ ප්‍රජාතාන්ත්‍රික පක්ෂයයි.

2013 දෙසැම්බර් 8දා විපක්ෂයේ ප්‍රජාතාන්ත්‍රික පක්ෂයේ මන්ත්‍රීන් 153දෙනා ම ඉල්ලා අස් වූ හ. එහි ප්‍රතිඵලයක් ලෙස අගමැති යුංලුක් ෂිනවත්‍රා පාර්ලිමේන්තුව විසුරුවා හැර, අ‍ැගේ නායකත්වයෙන් යුත් භාරකාර රජයක් යටතේ පෙබරවාරි 2දා මැතිවරණය පැවැත්වීමට නියම කළා ය. එහෙත්, ප්‍රජාතාන්ත්‍රික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය ඉල්ලා සිටියේ ඡන්දයෙන් පත් නො වුණු මහජන සභාවක් විසින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අධීක්ෂණය කළ යුතු බවයි. පෙබරවාරි 2දා නියමිත පරිදි මැතිවරණ පැවැත්වුණ මුත් එහිදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 47.7ක් පමණි. ප්‍රජාතාන්ත්‍රික පක්ෂය බලවත් දකුණු තායිලන්තයේ මැතිවරණය සාර්ථකව පැවැත්වුණේ නැත. මාර්තු 21 දින ව්‍යවස්ථා අධිකරණය විසින් මැතිවරණය අවලංගු කරන ලදී. ව්‍යවස්ථානුකූලව එක් දිනකදී මැතිවරණය නො පැවැත්වීම එයට හේතුවයි. ආණ්ඩු විරෝධීන් දිගට ම උද්ඝෝෂණ කළේ  ඡන්දයෙන් පත් නො වුණු මහජන සභාවක් වෙනුවෙනි. එම ඉල්ලීම ලබා දෙන තෙක් ඉදිරි මැතිවරණ පවා කඩාකප්පල් කරන බව ඔවුහු කී හ.

තායිලන්ත අර්බුදය පිටුපස දිළිඳු වී ගොවීන්ගේ දැවැන්ත ගැටලුවක් ද තිබිණි. වී ගොවීන්ට ගෙවිය යුතුව තිබුණු  සහනාධාර ගෙවීමට යුංලුක් ෂිනවත්‍ර‍ාගේ භාරකාර ආණ්ඩුව අසමත් වීම හේතුවෙන් දැවැන්ත ගොවි විරෝධයක් මතු විය. බැංකොක්හි පාලනාධිකාරිය මෙම සහනාධාර සැලකුවේ නාස්තිකාර, දූෂිත ව්‍යාපෘතියක් ලෙසයි. යුංලුක් ෂිනවත්‍රාගේ භාරකාර රජය මෙම සහනාධාර ගෙවීම අනුමත කිරීමට අසමත් වීමත් සමග ගොවීහු අතිශය දිළිඳු තත්වයට පත් වූ හ.

මේ ගොවීන් වැඩි පිරිසක් කලින් සහාය පළ කළේ යුංලුක් ෂිනවත්‍රා නියෝජනය කළ ෆියු තායි පක්ෂයටයි. තායිලන්තයේ සහල් නැළිය ලෙස සැලකිය හැකි ඊසානදිග ඉසාන් පළාත ෆියු තායි පක්ෂයේ බල කේන්ද්‍රයයි. 2006 හමුදා කුමන්ත්‍රණයෙන් බලයෙන් පහ කිරීමෙන් පසු, ඩුබායිහි පිටුවහලේ සිටින ව්‍යාපාරික ප්‍රධානියකු වූ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා එහි සිට මෙම පක්ෂය හසුරුවන බව විචාරකයෝ පවසති. එහෙත්, සහනාධාර කප්පාදුවත් සමග ගොවීන්ගේ දිළිඳුකම වැඩි වූ හෙයින් ඔවුහු ෆියු තායි පක්ෂ ආණ්ඩුවට ‍එරෙහිව උද්ඝෝෂණය කිරීම ආරම්භ කළ හ.

කුමන්ත්‍රණකාරී මිලිටරි ජුන්ටාව බලයට පත් වූ පසු මෙම සහනාධාර ගොවීන් වෙත මුදාහැරීමට තීරණය කරන ලදී. එමගින් ඔවුහු දිළිඳු ගොවි ජනතාව අතර ජනප්‍රිය වීමට උත්සාහ කරනු දැකිය හැකි ය. එහෙත්, හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ පක්ෂයේ ජනප්‍රියත්වය තවමත් අවසන් වී නැත. 2001දී ඔහු සිය පළමු ජයග්‍රහණය තහවුරු කර ගත්තේ තායි ධනේශ්වර හා රාජාණ්ඩු ප්‍රභූන්ට එරෙහිව ගොවි, කම්කරු හා පහළ පංතික ජනතාව මත පදනම් වෙමිනි.

එහෙත්, මේ උතුරේ රතු කමිසකාරයන්ට විමුක්තිදායකයකු වන තක්ෂින් ෂිනවත්‍රා තායිලන්තයේ දකුණුදිග පළාත් තුනක බහුතර ජනයා වන මැලේ මුස්ලිම්වරුන්ගේ පරම සතුරෙකි. තක්ෂින් ෂිනවත්‍රා බලයේ සිටි 2004දී, සාමකාමී උද්ඝෝෂණයකට සහභාගි වෙමින් සිටි මැලේ මුස්ලිම් පිරිසක් හමුදාව විසින් අත්අඩංගුවට ගෙන වධ දී එයින් 78දෙනෙකු මරා දමන ලදී. දකුණුදිග තායිලන්තයේ මැලේ මුස්ලිම් ජනයා ස්වාධීන රාජ්‍යයක් වෙනුවෙන් කැරැලි ගසා ඇත.

තායිලන්තයේ දිග්ගැසුණු අර්බුදයේ අවසන් ප්‍රතිඵලය වූයේ මිලිටරි ජුන්ටාව හා මහජන මර්දනයයි. මෙම මිලිටරි ජුන්ටාව බිහි වන සංදර්භය අධ්‍යයනය කර බැලූ විට දැකිය හැකි කරුණක් වන්නේ රජ පවුල, දක්ෂිණාංශික දේශපාලකයන්, හමුදා ප්‍රධානීන්, ඉහළ රාජ්‍ය නිලධාරීන්, අධිකරණ විනිසුරුවන්, සමාගම් හිමියන්, කළමනාකරුවන්, ධනේශ්වර හා ඉහළ මධ්‍යම පංතිකයන් ආදීන්ගෙන් සැදුම්ලත් බැංකොක් ප්‍රභූ පැළැන්තිය මෙම කුමන්ත්‍රණය ශක්තිමත් කරන බවයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු ඔවුන්ගේ ධනය නාස්ති කරන ව්‍යායාමයකැයි ඔවුහු සිතන බව විචාරකයෝ පවසති. බැංකොක් බලාධිකාරය ලෙස හැඳින්වෙන මෙම දක්ෂිණාංශික බලවේගයට අවශ්‍ය වී තිබෙන්නේ ඒකාධිපති ස්වරූපී පාලනයකි. තායි ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා එවැනි පාලනයක් අවශ්‍ය බව ඔවුන්ගේ විශ්වාසයයි. තායිලන්තය පසුගිය සමයේ අත්පත් කර ගත් වේගවත් සංවර්ධනයේ යහපත් ප්‍රතිඵල භුක්ති වින්දේ මෙම බලවේගයයි.

එහෙත්, රටේ බහුතර ජනයා වන දිළිඳු ගොවීහු, ගැමි ජනයා, කම්කරුවෝ, පහළ මධ්‍යම පංතිකයෝ මෙන්ම සුළුතර ජාතීහු ද තවමත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගලය අත්හැර නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-05-29

නම්බු පිටින් දහතුන

ඉන්දියාවේ හිටපු අගමැති මන් මෝහන් සිං හා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කි මූන් සමඟ 2010 මාර්තු මාසයේ පැවැති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව බහුතරයක් ජීවත්වන පළාත්වලට පුළුල් බලතල දෙන ලෙස ඉන්දියා නව අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා ජනපතිට අවධාරණය කළ බව හින්දු පුවත්පත වාර්තා කර තිබේ. 


2010 වසරේ පැවති සාකච්ඡාවේදී 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය විසඳුමක් ලබා දීමට ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ පොරොන්දු විය.

ඉන් පසු, ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ ආණ්ඩුවත් සමග මනා අවබෝධයකින් කිසිදු විසඳුමක් ලබා නො දීමේ ක්‍රියාමාර්ගයක ආණ්ඩුව එල්බගෙන සිටියේ ය. මේ අතර, දේශීයව උග්‍ර සිංහල ජාතිවාදී ව්‍යාපාර මුදා හරිමින් 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හකුළුවන යම් යම් උත්සාහයන්හි ද නියැලුණේ ය. 

දැන් තිබෙන ප්‍රශ්නය වන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ඒ අන්දමින් රවටා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂට හැකි වේ ද යන්නයි. මෙහිදී බලපාන කාරණය වන්නේ කලාපීය නායකත්වය ගැන ඉන්දියාවේ නව රජය දක්වන ආකල්පයයි. කලාපයේ නායකයා ලෙස, ඉන්දියාවට ද ප්‍රශ්නයක් වූ ලංකාවේ උතුරු නැගෙනහිර අවුල නො විසඳා සි‍ටීමේ රාජපක්ෂ ප්‍රතිපත්තිය රැක ගැනීමට ඉන්දියාව ඉඩ දේවි ද? 

ලංකාවේ සිංහල ජාතිවාදී ආණ්ඩුවට වෙනස් වන්නට නිසි කල එළඹ තිබෙන බවට තවත් සංඥා අවශ්‍ය ද? 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-05-28

සුන්දර ඉංගිරිසි: සරත් සර්ව කෝටුමස් කිරීම

ලංකාවේ මිනිස්සු ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන්නට පටන් ගත්තේ තරමක් මෑත වකවානුවක සිට වුණත් ඉංග්‍රීසි භාෂාව සිංහලයට බල පා තිබෙන ආකාරය ඉතා ගැඹුරට විහිදෙනවා.

ඉංගිරිසියෙන් අපට ලැබිලා තිබෙන්නේ වචන විතරක් නොවෙයි. ඉංග්‍රීසිය නිසා අපට අලුත් අකුරුත් ලැබිලා තිබෙනවා.

ෆයන්න මෙසේ අලුතින් සිංහල හෝඩියට එකතු වූ ව්‍යංජනාක්ෂරයක්. මුලදී එය ලිව්වේ පයන්න මැදට ඉංග්‍රීසි එෆ් අකුරක් යොදා සකසා ගත් අක්ෂරයකින්. එහෙත් දැන් නම් ෆයන්න සිංහල හෝඩියේ අකුරක් ලෙස පිළි ගන්නවා. 1891 වසරේදී ගුණසේකර මුදලිඳුතුමා විසින් අකුරේ හැඩය නිර්මානයකර ඇති බව විකිපීඩියා විශ්වකෝෂයේ සඳහන් වෙනවා. සියවසක් තිස්සේ ක්‍රමිකව භාවිතය වැඩි වූ මෙම අකුර 1989දී ජාතික අධ්‍යාපන ආයතනය විසින් එලිදක්වන ලද සිංහල වර්ණ මාලාවට ඇතුළු කිරීම සමගම ෆයන්න සම්මත අකුරක් බවට පත් වූ බවත් එහි කියවෙනවා.

මේ අකුර බොහෝ විට භාවිතා වන්නේ ඉංග්‍රීසියෙන් අපට ලැබුණු තත්සම හා තත්භව වචනවලයි. ෆිල්ටරය, ෆොටෝඑක වගේ වචන උදාහරණයි. මුස්ලිම් නම් සිංහලෙන් ලියද්දිත් මේ අකුර යෙදෙනවා. ෆේරියල් අෂ්රෆ් උදාහරණයක්.

ෆයන්න වෙනුවට ඉස්සර කාලේ යෙදුණේ පයන්න. පොටෝ එක, පිල්ටරය ආදී වශයෙන්. ෆ(ර්)නැන්ඩු කියන පෘතුගීසි වාසගම ප්‍රනාන්දු ලෙස සිංහල වුණා.  ‍ෆෝම් එක පෝර්මය වුණා. ෆ්‍රාන්ස් ප්‍රංශය වුණා. ඇෆ්රිකා අප්‍රිකාව වුණා.

මේ වගේ වෙනස් වන තවත් අක්ෂරයක් තිබෙනවා. ඒ තමයි, ඩයන්න. ඉංග්‍රීසි වචනයේ තිබෙන ඩයන්න සිංහල වචනයේදී ටයන්න වෙන අවස්ථා තිබෙනවා. කාබයිඩ් කාබයිට් වෙනවා. බෝඩ් එක බෝට් ලෑල්ල වෙනවා. ටයන්න ඩයන්න වෙන අවස්ථාත් තිබෙනවා. වොලිබෝල් කෝට් කියන ඉංග්‍රීසි වචනය සිංහලේදී වොලිබෝල් කෝඩ්ඩෙක කියා සමහරු පාවිච්චි කරනවා.

ඉංග්‍රීසි 'ට' වෙනුවට හෙළ හවුලේ හියුබත් දිසානායක තයන්න භාවිතා කළා. හියුබට් කියන නම හියුබත් වුණේ එහෙමයි.

ඉංග්‍රීසියෙන් අපට අලුත් ස්වරයක් ද ලැබී තිබෙනවා. ඒ තමයි අ(ර්). ස(ර්) යන වචනයෙහි හා පරිගණක ආශ්‍රිත ස(ර්)වරය, ක(ර්)සරය වැනි වචනවලත්, මගී ප්‍රවාහනය ආශ්‍රිත ට(ර්)න්නෙක වැනි වචනවලත්, ෂ(ර්)ට්ටෙක, ප(ර්)ස්සෙක වැනි වචනවලත් තිබෙන්නේ මේ අලුත් ස්වරයයි. අ(ර්)ත් කරනවා යනුවෙන් ක්‍රියා පදයක් ද තිබෙනවා.

සමහර වෙලාවට අනවශ්‍ය විදියට අ(ර්) යොදා කැමරාවට කැමර් කියාත්, කෝච්ට කෝචර් කියාත් භාවිතා කරන ආකාරය අහන්න ලැබෙනවා.

බොහෝ වචන සමග සමාස වන 'එක' කියන සංඛ්‍යානාමයත් අපට ඉංග්‍රීසියෙන් ලැබුණු තිලිණයක්. බස්සෙක, කාරෙක, ෆෑන්නෙක,ෆොටෝ එක, ටීවී එක ආදී උදාහරණ එමටයි. මේ සුරුබුහුටි සංඛ්‍යා නාමය නිසා අපට ඕනෑ ඉංග්‍රීසි වචනයක් ඒ ස්වරූපයෙන් ම සිංහල කර ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස මම ඉන්ටනෙට් එකේ බ්ලොග් එකක් පවත්වාගෙන යනවා. ඒක මම කරන්නේ කොම්පියුටර් එක පාවිච්චි කරලායි.

ඉංග්‍රීසි තත්සම නාමපදවලට එකතු කරන මේ එක කියන කොටස ඉවත් කළ විට එම පද බහුවචන වන ආකාරයත් සිංහලයේ තිබෙන සුවිශේෂ ලක්ෂණයක්. කාරෙක, බස්සෙක ඒකවචන. ඒත්, කාර් හා බස් බහුවචන.

තවත් සුවිශේෂ ලක්ෂණයක් තමයි, ඉංග්‍රීසි තත්සම ක්‍රියාපද අගට 'කරනවා' කියන වචනය එකතු වීම. උදාහරණයක් ලෙස මම දැන් මේ ලිපිය ටයිප් කරනවා. තව ටිකකින් එය ඊමේල් කරනවා. අපි දොස්තරලා චැනල් කරනවා. තව මොනවද මේ වගේ කරන්නේ?

'වෙනවා' යන පදයත් ඉංග්‍රීසි තත්සම ක්‍රියාපද සමග යෙදෙනවා. හැබැයි ගහනවා කියන පදය යොදන්නේ ඉංග්‍රීසි තත්සම නාම පදවලින් ක්‍රියාපද හදාගන්නයි. මෙන්න උදාහරණ:

වයින් කරනවා, බෙට් එකක් දානවා, බයිට් කරනවා, කොපි කරනවා, ඩෝප් දානවා, බෙරි වෙනවා, චා වෙනවා, හෝන් ගහනවා,  ඕවර්ටේක් කරනවා, වෑල්ඩිං කරනවා, පබිලිස් කරනවා, පොලිස් කරනවා, අයිස් ගහනවා, සපෝට් එක දෙනවා, බටර් ගානවා, බ්‍රේක් ගහනවා, බ්ලොක් වෙනවා, ක්ලෝස් කරනවා,  දිස්මිස් කරනවා, අර්ත් කරනවා, ඇජස් කරනවා, රිම් එකෙන් යනවා, කෝටුමස් කරනවා, මොඩ් වෙනවා, අයිස් ගහනවා, සේව් කරනවා, කට් එක ගහනවා,  ඕපන් කරනවා, ෂෝට් වෙනවා, චෙක්කරනවා, ඩබල් චෙක්කරනවා, හින්ට් ගහනවා, චාටර් වෙනවා, ජැක් ගහනවා, ජොලි කරනවා, ජෝගි නටනවා.

ඉහත යෙදුණු කෝටුමස් කරනවා කියන ක්‍රියාපදය හැදිලා තිබෙන්නේ ඉංග්‍රීසියෙන් කෝට් මාෂල් කරනවා කියන යෙදුමෙන්. ලංකාවේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාව මෑතදී කෝටුමස් කළා.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-05-27

මහින්දගේ ඉන්දීය චාරිකාව ආණ්ඩුවට වාසි ද? අවාසි ද?

ඉන්දියාවේ නව විදේශ ඇමති සුශ්මා ස්වරාජ් 2012දී ලංකාවේදී
ජනාධිපති මහින්දට ඉන්දියාව අල්ලා ගන්නට ඕනෑ වී තිබේ. නව අගමැති නරේන්ද්‍ර මෝදි දිව්රුම් දීමේ උත්සවය සඳහා සාක් රාජ්‍ය නායකයන්ට ආරාධනා කිරීමට ඉන්දීය ආණ්ඩුව ගත් තීරණය ජනාධිපති මහින්ද‍ගේ ප්‍රමෝදයට හේතු වන්නට ඇත. 

එහෙත්, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට එරෙහිව මතු වූ විරෝධය නම් ජනාධිපති මහින්දගේ වාසියට හේතු වේ යයි සිතිය නො හැකි ය. රටක රාජ්‍ය නායකයකු අසල්වැසි රටක නිල චාරිකාවක යෙදෙන විට එරට පුළුල් මහජන විරෝධයක් ඇති වීම බරපතල රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක ප්‍රකාශනයකි. 

ලංකාවේ ජනාධිපතිවරයා ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දරන ප්‍රතිපත්තිය වන්නේ සුළු ජාතීන් සමග කිසිදු බලය බෙදා ගැනීමක් නො කිරීමයි. ඇත්තම කිවහොත් සිය පවුලේ සාමාජිකයන් අතේ රාජ්‍ය බලය සංකේන්ද්‍රණය කරගෙන සිටින ඒකාධිපති පාලනයක් සුළු ජාතීන් සමග බලය බෙදා ගන්නට ඉදිරිපත් නො වීම ගැන පුදුම විය යුතු නැත. 

ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් නො දීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්තියකි. කොංග්‍රස් ආණ්ඩුව ද එම ප්‍රතිපත්තිය සමග ගැලපිණි. ලංකාවේ ආණ්ඩුව මෙන් ම ඉන්දියාවේ කොංග්‍රස් ආණ්ඩුව ද දෙමළ ජනයා විෂයෙහි දැරුවේ එක ම ජාතිවාදී ප්‍රතිපත්තියකි. මෙම කාරණයේදී ලිබරල් යයි කියන කොංග්‍රස් පක්ෂය ජාතිවාදී යයි කියන භාරතීය ජනතා පක්ෂයට වඩා ජාතිවාදී වූ බව නිරීක්ෂණය කළ හැකි ය. 

ලංකාව අවුල් කිරීම සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂයට දිගු ඉතිහාසයක් තිබේ. 1980 දශකයේ මුල භාගයේදී ඔවුහු ලංකාවේ දෙමළ සන්නද්ධ කණ්ඩායම්වලට රැකවරණය, පුහුණුව හා ආයුධ දුන් හ. එම දශකයේ අග භාගයේදී ලංකාව ආක්‍රමණය කළ හ. පසු කලෙක ලංකාවේ සිංහල අධිපතිවාදී ආණ්ඩුව රැක ගනිමින් යුද්ධයට ද වක්‍රව උපකාර කළ හ. 

හින්දු ජාතිවාදී යයි කියන භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව මීට පෙර වජ්පායී යටතේ පවා ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළේ දෙමළ ජනතාව සමග සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් කරා ළඟා වීම අවධාරණය කරන වඩා ප්‍රජාතාන්ත්‍රික ප්‍ර‍වේශයක් බව පෙනේ.

මෝදි හින්දු ජාතිකවාදියකු ලෙස නම් දරා සිටිය ද ඔහු ගුජරාටයේ කටයුතු කළ අන්දමින් පෙනී යන්නේ ඔහු බොහෝ දුරට බටහිර පන්නයේ නව ලිබරල් ආර්ථික හා විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇති බවයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට මෝදි රවටා ගන්නට හැකි වේ ද? නැතිනම් මෝදිට ගැලපෙන සේ වෙනස් වන්නට සිදු වේ ද? 

ඉන්දීය ආණ්ඩුවේ නව විදේශ ඇමතිවරිය ලෙස පත් වී සිටින සුශ්මා ස්වරාජ් 2012 අප්‍රේල් මාසයේ ලංකාවේ සංචාරය කළේ එරට පාර්ලිමේන්තු කණ්ඩායමක ප්‍රධානියා ලෙස ය. සංචාරය අවසානයේ ඇය විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන පහත සටහන් ‍කොටස කෙරෙහි අවධානය යොමු කළ විට ඉදිරි කාලයේ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නට ඉඩ තිබෙන ප්‍රතිපත්තිය  ගැන අවබෝධයක් ලබා ගත හැකි ය. 

Above all, it is our sincere hope that the Government of Sri Lanka will seize this window of opportunity and follow an enlightened approach to reach a genuine political reconciliation, based on a meaningful devolution of powers, which takes into account the legitimate needs of the Tamil people for equality, dignity, justice and self-respect. We have been assured in the past that this will be done within the framework of “Thirteenth Amendment – Plus”. We would urge the Government of Sri Lanka and other stakeholders, including the Tamil National Alliance, to resume dialogue and move towards an early political settlement. We would earnestly suggest urgent consultations to create conditions for launching of the Parliamentary Select Committee.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-05-26

විමල්, පී.බී. හා ආර්ථික ඝාතක ආණ්ඩුව

විමල්ට ආණ්ඩුවෙන් එළියට බැස, රාජපක්ෂ පවුලට බැල මෙහෙ කරමින් ඉඳුල් බුදීමට සීමා වී තිබෙන සිය දේශපාලන අනාගතය වෙනස් මගකට යොමු කරන්නට උවමනා ය. විමල්ට රාජ යෝගයක් ඇතැයි ජ්‍යොතිෂකාරයෝ ද කියා තිබේ. දැන් ලංකාවේ සිටින ලොකු ම කෙළි කාරයෝ මේ කට්ටඩියෝ ය. ඔවුන්ට අන්දන්නට බැරි භෞතිකවාදියෙක් නැති තරම් ය. 

එහෙත්, ආණ්ඩුව ලෙහෙසියෙන් විමල්ට ගැලවී යන්නට දෙන පාටක් ද නැත. ඔහු වැනි සුවච, කීකරු, නිවට, නියාලු සේවකයකු අතහැර දමන්නේ කුමටදැයි ආණ්ඩුව සිතනවා විය හැකි ය. ඒ නිසා ඔහු කැඳවා, දුක් සැප කුමන්දා යි අසා, විමල් ම කියන පරිදි ටොපියක් දී තිබේ. 

ඒ පසුගිය දිනවල විමල් බැන බැන හිටි පී.බී. ජයසුන්දර දැරූ නො වැදගත් තනතුරකින් ඔහුව නෙරපා හැරීමයි. 

විමල් දැන් එයින් සැනසිය යුතු ය. නැතිනම් ඊළඟට හම්බු වෙන්නේ ජම්බු ය. සමහර විට විමල්ට පෙනෙන්නට චම්පිකට දෙන්නම් ජම්බු කරන්නට ද ඉඩ තිබේ. 

කොහොම වුණත්, විපක්ෂය ද තමන්ට බලය අවශ්‍ය නම් මේ කට්ටිය ගැන මීට වඩා බලා කියා ගත යුතු ය. නැතිනම්, මොවුන් කකුල් දෙක අස්සේ වලිගය ගසාගෙන කූං කූං ගාමින් ආපසු ‍දෑත් ශක්තිමත් කරපු තැනට පසුබසිනු ඇත. එහෙම වුණොත්, ආණ්ඩුවෙන් එළියට එන්නට ඉන්න සෙසු අයගේ ආත්ම ශක්තිය ද බිඳ වැටෙනු ඇත. 

එහෙත්, විමල් ආණ්ඩුවෙන් එළියට එන පදනම අන්ත දක්ෂිණාංශික ජාතිවාදී එකකි. ඒ බව ඔහුගේ පක්ෂය විසින් සම්මත කරගෙන තිබෙන යෝජනා 12න් පෙනේ. එසේම, විමල්ගේ උන්නතිකාමී දේශපාලන අරමුණ ද එයින් ප්‍රදර්ශනය වේ. එතරම් දක්ෂිණාංශික‍, ජාතිවාදී යෝජනාවලියක් සමග එකඟ විය හැක්කේ ජාතික හෙළ උරුමය වැනි තවත් ජාඩියට මූඩියකට පමණි. විමල්ගේ පක්ෂයේ යෝජනා 12 මෙතැනින් කියවන්න. 

විමල් පී.බී. ජයසුන්දරට බැන්නේ ආර්ථික ඝාතකයකු ය කියා ය. ආරංචි හැටියට නම් ඔටුන්න හිමි කුමාරයා ද පී.බී සමග ඉන්නේ මළ පැනලා ය. පී.බී. ද ඉන්නේ මට කෙළලා පුළවන් නම් කොරලා බලපියව් කියාගෙන ය. 

ඇත්තෙන් ම, මේ කෙහෙල් රාජ්ජයේ ආර්ථිකය කළමනාකරණය කරන ජ්‍යෝතිර් විද්‍යාව දන්නා කට්ටඩියා නම් පී.බී. ජයසුන්දර ම විය හැකි ය. මන්ද, මෙය කිසිදු විද්‍යාවකට අයත් ‍නො වන ආර්ථික කළමනාකරණයක් වන බැවිනි. 

අප්පලා, බාප්පලා, පුතාලාට හිතේ හැටියට පිස්සු කෙළින්නට හැකි පරිදි රටක අනාගතයක් සීරු මාරු කරන එකත් එක්තරා විශ්වකර්ම වැඩක් විය යුතු ය.

නියම ආර්ථික ඝාතකයා පී.බී. ජයසුන්දර ද? එතකොට විමල් කියන පරිදි පී.බී. එළවා ගත්තොත්, මේ ගේම ගහගන්නට බැරිව ආණ්ඩුව වැටෙයි ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-05-25

හමුදා සෙබළුන් පුනරුත්ථාපනය නො කිරීමේ ආදීනව

‍ඇල්පිටියේදී මිය ගිය තරුණියගේ ඡායාරූපයක්. මෙම ඡායාරූපය ගත්තේ එහි වෝටර්මාක් දමා ඇති කට්ටිය ද?
රට පුරා පැතිර යමින් ඇති අපරාධ රැල්ල යුද්ධයේ අතුරු ඵලයක් බව කීවොත් ඇතැමෙක් අප සමග උරණ වන බව නිසැක ය. 

එහෙත්, එය ඇත්තකි. මෑත කාලයේ සිදු වූ භයානක අපරාධ හැම එකක ම පසුබිමේ රණවිර්වෙක් සිටියේ ය.

ආසන්න ම සිද්ධිය වන ඇල්පිටියේදී සරසවි සිසුවියක් මරා දැමීම පසුපස ඉන්නේ ද හමුදා සෙබළෙකි. 

1989 කැරැල්ලේදී ජවිපෙ සන්නද්ධ කැරැලිකරුවන් හැසිරුණ ආකාරය හා හමුදා සෙබළුන් එයට ප්‍රතිචාර දැක්වූ ආකාරය පිළිබඳ මම අධ්‍යයනය කර ඇත්තෙමි. මෙම බලවේග දෙක ම හැසිරුණේ ලිහා දමන ලද දඩ බල්ලන් සේ ය. 

ශිෂ්ටත්වය පිළිබඳ සමාජමය සීමා බන්ධන රහිත ලෝකයක සෑම මිනිසෙක් ම අඩු වැඩි වශයෙන් ම්ලේච්ඡයකු වන බව මගේ නිරීක්ෂණයයි. එහිදී මිනිසා තුළින් මතු වන ආශාව අතීතයේ පැවති මිනීමස් කෑමේ ආන්තික රුචිය වැනි දෙයකි. මිනීමස් ‍නොකෑවත්, අතිශය ම්ලේච්ඡ ලෙස මිනිසුන් මරා දැමීමේ හැකියාව මිනිසුන් තුළ ඇති වනු මම නිරීක්ෂණය කර ඇත්තෙමි. 

එළියකන්ද වධකාගාරයේදී එක් දිවා ආහාර වේලාවක බීමත්ව පැමිණි  දැළි රැවුලවත් නො වැවුණු වයස අවුරුදු 19ක සෙබළෙක් ඉහළ නිලධාරියාගේ අණ පරිදි අතට හසු වූ කෙටි උදැල්ලකින් ගසා,  සිරකරුවන් වතුර බොන බවුසරය අසලදී සෙසු අයට ද පෙනෙන පරිදි  මිනිසුන් දෙදෙනෙකු මරා, එම මොට්ට උදැල්ලෙන් ම ගසා බෙලි කපා ඒවා කම්බි වැටෙන් එහා පැත්තට විසි කළේ ය. ඉන් මොහොතකට පසු මෙම සෙබළා මට තුවක්කුව උරුක් කර කීවේ කම්බි වැට පැන ගොස් එම ‍හිස් දෙක අහුලාගෙන එන ලෙසයි. මගේ වාසනාවකට ඔහුට උසස් නිලධාරියෙක් මා එහි නො යවා වෙනත් සිරකරුවකු යවා එම හිස් දෙක ගෙන්වා ගත්තේ ය. මාතර කොටුවේ හමුදා කඳවුරේ කුස්සියේ සිට එළියකන්දේ සිරකරුවන්ට හා නිලධාරීන්ට කෑම ගෙන ආ කහ පැහැති ඉසුසු ඩබල් කැබ් රියේ පිටුපස එදා රෑ මේ මළ සිරුරු වීදි අයිනක ප්‍රදර්ශනයක් කරා ගෙන යන්නට ඇත. 

මේ එක් සිදුවීමක් පමණි. මෙවැනි තවත් සිද්ධි බොහොමයක් ගැන කතා කළ හැකි ය. මේවා ගැන දන්නා අය බොහෝ සිටිති. ඒ අතරින් වැඩි දෙනෙක් හමුදා සාමාජිකයෝ ය. එබැවින් මේ දිනවල හෙළිදරව් වන යුද්ධය හා සම්බන්ධ ඡායාරූප ගැන ඔවුහු කිසිවෙක් පුදුම වන්නේ නැත.

යුද්ධයෙන් පසු ඉතිරි වූ කොටි සාමාජිකයෝ නම් පුනරුත්ථාපනය වූ හ. මෙම පුනරුත්ථාපන වැඩසටහන්වල සාර්ථක අසාර්ථකභාවය කෙසේ වෙතත්, ඉතිරි වූ කොටි සාමාජිකයෝ අපරාධවලට යොමු වීම සාපේක්ෂව අඩු ය. 

යුද්ධයෙන් පසු හමුදා සෙබළුන් ද පුනරුත්ථාපනය කළ යුතුව තිබිණි. එහෙත්, ඒ වෙනුවට කෙරුණේ බලය වෙනුවෙන් දිගින් දිගට ම ඔවුන් බොරු වීරාභිනන්දනයකට ලක් කරමින් ඒ හරහා දේශපාලන නායකත්වය තමන් ම පුම්බා ගැනීමයි. 

දැන් සිදු වන දේවල් වනාහි යුද්ධය සඳහා යොදා ගත් මිනිසුන් පුනරුත්ථාපනය නො කිරීම අදූරදර්ශී රාජ්‍ය පාලනයේ හා සමාජ පරිහානියේ සෙසු ප්‍රතිඵල සමග මුසු වීමේ ප්‍රතිඵලයකි. මේ වනාහි ලාංකීය සමාජයට පහසුවෙන් ගොඩ ආ හැකි අර්බුදයක් නො වේ‍. අද මේවාට විසඳුම් දීම ආරම්භ කළත්, තවත් පරම්පරා ගණනාවක් ම මේ සමාජයේ අනාරක්ෂිත තත්වය නැති වන්නේ නැත. 

මෙම දේශපාලක නඩය ඔවුන් කරමින් සිටින රාජ්‍ය පාලනය යයි ඔවුන් හඳුන්වන පිස්සු විකාරයෙන් මුදවා පුනරුත්ථාපනයට යොමු කළ යුතු ය. 

ඔවුන් මේ වනසමින් සිටින්නේ ඔබේ දරුවාගේ අනාගතයයි.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-05-23

නරේන්ද්‍ර මෝඩි හඳුනා ගන්න උත්සාහ කරමු

ළමා කල කර ගත් විවාහයක බිරිඳගෙන් වෙන්ව තනිකඩයකු ලෙස ජීවත් වන මෝඩි සිය 64වන උපන් දිනය දා මව සමග
ඉන්දීය මහ මැතිවරණය නිමා විය. හින්දු මහ ජාතිවාදී භාරතීය ජනතා පක්ෂය අති විශාල ජයග්‍රහණයක් ලැබී ය. මතභේදයට තුඩු දුන් නමක් ඇති හින්දු ජාතිවාදියකු වන නරේන්ද්‍ර ‍මෝඩි අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිත ය. 

1980දී පිහිටුවන ලද භාරතීය ජනතා පක්ෂය සැලකෙන්නේ රාශ්ට්‍රීය ස්වයම්සේවක් සංඝයේ (RSS) හෙවත් ජාතික දේශප්‍රේමී ස්වේච්ඡා සංවිධානය නම් ව්‍යාපාරයේ දේශපාලන අංශය ලෙසයි. 1925දී පිහිටුවන ලද RSS යනු අන්තවාදී දක්ෂිණාංශික හින්දු ජාතිකවාදී සංවිධානයකි. එය මුල සිට ම මුස්ලිම් හා ක්‍රිස්තියානි විරෝධී සංවිධානයක් විය. ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වීමේ ඉතිහාසයක් ඇති RSS සංවිධානය කීප වරක් ම තහනමට ලක් වූවකි. මහත්මා ගාන්ධි ඝාතනය කළ නතුරාම් ගොඩ්සේ ද කලින් RSS සාමාජිකයෙකි. 

භාරතීය ජනතා පක්ෂයේ මුල් ඇත්තේ 1951දී පිහිටුවන ලද සංවිධානයක් වන භාරතීය ජන සංඝයේ ය. 1977 මැතිවරණයේදී ඉන්දිරා ගාන්ධි පැරදවීම අරමුණු කර ගත් තවත් පක්ෂ කීපයක් සමග එක්ව ජනතා පක්ෂය පිහිටුවීමට භාරතීය ජන සංඝය මුල් වූයේ ය. 1977දී ඉන්දිරා ගාන්ධි පරාජය කර ආණ්ඩුවක් පිහිටුවීමට ජනතා පක්ෂය සමත් විය. එහි අගමැති වූයේ මොරාජි දේශායි ය. භාරතීය ජන සංඝයේ නායක අතල් බිහාර් වජ්පායි එම ර‍ජයේ විදේශ ඇමතිවරයා විය. අස්ථාවර පාලනයකින් පසු 1980දී ජනතා පක්ෂය විසුරුවා හරින ලදී. භාරතීය ජනතා පක්ෂය පිහිටුවනු ලැබුවේ විසිරී ගිය ජනතා පක්ෂ කණ්ඩායම් ඒකරාශී කරමිනි. 

1984 මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය විසින් දිනා ගනු ලැබුවේ ආසන දෙකක් පමණි. එහෙත්, උත්තර් ප්‍රදේශ්හි අයෝධ්‍යා නගරය රාමගේ ජන්මභූමිය ලෙස සලකා එහි තිබූ බබ්රි  මුස්ලිම් පල්ලිය 1992දී බිඳ දමමින් ඉදිරියට ගිය හින්දු ජාතිවාදී රාම් ජන්මභූමි ව්‍යාපාරයත් සමග භාරතීය ජනතා පක්ෂය නව පණක් ලැබ නැගී සිටියේ ය. භාරතීය ජනතා පක්ෂයේ වත්මන් පාර්ලිමේන්තු නායකයා වන එල්. කේ. අද්වානි මෙම ජාතිවාදී රාම් ජන්මභූමි ව්‍යාපාරයේ ප්‍රබල නායකයෙක් විය.

1996දී දවස් 13ක ආණ්ඩුවක් පිහිටුවීමට ද භාරතීය ජනතා පක්ෂය සමත් විය. භාරතීය ජනතා පක්ෂ නායකත්වයෙන් යුත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය 1998 සිට 2004 දක්වා ඉන්දියාවේ ආණ්ඩු බලය හෙබවීමට සමත් විය. RSS ක්‍රියාකාරිකයකු වී සිටි අතල් බිහාර් වජ්පායි ඉන්දීය අගමැති ධුරය හෙබවී ය. 

හින්දු සංරක්ෂණවාදය හා ස්වයංපෝෂීභාවය ප්‍රවර්ධනය කරන පක්ෂයක් වන භාරතීය ජනතා පක්ෂයේ න්‍යාය පත්‍රය තුල ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයට ඉන්දීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් දී තිබෙන සුවිශේෂ වරප්‍රසාද අහෝසි කිරීම හා අයෝධ්‍යාහි රාම් දේවාලයක් ඉදිකිරීම ද තිබෙන මුත්, 1998 සිට 2004 දක්වා පැවති භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධාන ආණ්ඩුව මෙම ප්‍රතිපත්ති මත පදනම් වූයේ නැත. ඒ වෙනුවට එය විසින් අනුගමනය කරනු ලැබුවේ නවලිබරල්වාදී, ‍ගෝලීය ධනවාදය සමග අනුගත ආර්ථික ප්‍රතිපත්තියකි. වජ්පායි පාලනය සමයේ ඉන්දියාව ඉතා දැඩි ලෙස නිදහස් වෙළඳපොළ, ඍජු විදේශ ආයෝජන හා පෞද්ගලීකරණය වැළඳ ගත්තේ ය. මේ සමයේ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් යෝජනා කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන ආණ්ඩුව විසින් හිස් මුදුනින් පිළි ගන්නා ලදී.

භාරතීය ජනතා පක්ෂය මූලධාර්මිකව පකිස්ථානය පිළි නො ගන්නා, ඉන්දියාව නැවත ඒකාබද්ධ කිරීම වෙනුවෙන් පෙනී සිටි පක්ෂයක් මුත්, වජ්පායිගේ කාලයේ හේ පකිස්තානය සමග යහපත් සම්බන්ධතා ගොඩනැගුවේ ය. 1998දී පකිස්තානයේ චාරිකාවක යෙදුණු වජ්පායි විසින් දිල්ලි - ලාහෝර් බස් සේවය ද ආරම්භ කළේ ය. ඔවුන්ගේ බටහිර විරෝධය ද එවැනි ම එකකි. වජ්පායි ආණ්ඩුව ඇමරිකාව සමග ද සමීපව කටයුතු කළේ ය.

භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ සටන් පාඨ අතර දූෂණ විරෝධය ප්‍රමුඛස්ථානය ගත්තත්, 2001දී භාරතීය ජනතා පක්ෂයේ සභාපති බී. ලක්ෂ්මන් හමුදා මිළ දී ගැනීම් සඳහා නිර්දේශයක් කිරීම පිණිස රුපියල් ලක්ෂයක පගාවක් ගන්නා ආකාරය සාක්ෂි සහිතව හෙළිදරව් කිරීමට තෙහෙල්කා පුවත්පත සමත් විය. පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කරන ලද ලක්ෂ්මන් පසුව සිර දඬුවමකට ද ලක් වූයේ ය. 

2001දී නරේන්ද්‍ර මෝඩි ගුජරාටයේ මහ ඇමති පදවියට පත් විය. 2002 වසරේ පෙබරවාරි හා මාර්තු මාසවල ඇති වූ හින්දු මුස්ලිම් කෝලාහලයෙන් 2000ක් පමණ දෙනා මිය ගිය බව හා ලක්ෂ එකහමාරක් පමණ ජනයා අවතැන් වූ බව විශ්වාස කෙරේ. මෙම ගැටුම ඇවිලවීම පිළිබඳ මෝඩිට එරෙහිව ද චෝදනා එල්ල විය. පසුව පත් කරන ලද විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් නරේන්ද්‍ර මෝඩි සිද්ධියෙන් නිදොස් කරන ලද මුත්, ඔහුගේ භූමිකාව අදත් සැකයට භාජනය වී තිබේ. ඔහුගේ ගුජරාට් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයකු වූ භාරතීය ජනතා පක්ෂයේ මායා කොද්නානි මහජන කැළඹීම් ඇති කිරීම සම්බන්ධයෙන් වසර 28ක සිර දඬුවමකට ලක් විය

භාරතීය ජනතා පක්ෂය 2007 සිට අඛන්ඩව ගුජරාටය පාලනය කරයි. එම ප්‍රාන්තය වනාහි නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිවල කේන්ද්‍රස්ථානයකි. එහි පසුගිය කාලය තුළ වේගවත් ආර්ථික වර්ධනයක් සිදු විය. ඉන්දීය ධනපති පංතිය සිය ආර්ථික ප්‍රතිපත්තිවල පරමාදර්ශය ලෙස සලකන්නේ ගුජරාටයයි. ගුජරාට් මහ ඇමති නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ අගමැති ධුරයට ඔසවා තබන්නට ධනපති පංතිය කටයුතු කරන්නේ එම සංදර්භය තුළයි. එහෙත්, ගුජරාටය ආර්ථික අතින් සංවර්ධනය වූයේ දුප්පතුන් හා ධනවතුන් අතර බරපතල විෂමතා නිර්මානය කරමිනි.එසේම ගුජරාටයේ සංවර්ධනය ද බොහෝ දුරට නගරවලට සීමා වී තිබේ. මෝඩිගේ පාලනය තුළ ගුජරාටයේ දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වන ජනගහණය වැඩි වී තිබේ. නව ලිබරල්වාදයේ ආදර්ශ ප්‍රාන්ත රාජ්‍යය දිළිඳුකම අතින් තවමත් 13වන තැන සිටියි. එහි වයස අවුරුදු පහට අඩු ළමා ජනගහණයෙන් 44.7%ක් බරින් අඩු අතර 23%ක් මන්දපෝෂණයට ගොදුරු වී ඇත.

මෝඩි පසුගාමී ප්‍රජාවකට අයත් සාමාන්‍ය පවුලකින් පැවත එන අයෙකි. ඔහුගේ පියා කඩ හිමියෙකි. ඔහු ද කුඩා කල තේ විකිණූ, පසුව තේ කඩයක් පවත්වාගෙන ගිය ‍අයෙකි. සම්ප්‍රදායික ළමා විවාහයකින් වෙන් වී තනිකඩයකු ලෙස ජීවත් වන්නෙකි. පාසල් සමයේ සාමාන්‍ය සිසුවකු වූ ඔහු පසු කලෙක දුරස්ථ අධ්‍යාපනය ඔස්සේ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ද, ගුජරාට් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ද ලැබුවේ ය. 1970දී RSS සංවිධානයේ ප්‍රචාරකයකු ලෙස බැඳුණු මෝඩි 1995 වන විට භාරතීය ජනතා පක්ෂයේ ජාතික ලේකම් ධුරය දක්වා පැමිණියේ ය.

මෝඩි 2001දී ගුජරාට් මහ ඇමති තනතුරට පත් වූයේ ද දේශපාලනයේ ආධුනිකයකු ලෙස වුව ද ඔහු ඉතා කෙටි කලකින් බලය තහවුරු කර ගත්තේ ය. අගමැති ලෙස ඔහු කුමන අන්දමින් කටයුතු කරනු ඇත්ද යන්න පිළිබඳ අනාවැකි පළ කිරීමට තවමත් කල් වැඩි ය. 

එහෙත්, මෝඩිගේ ඉතිහාසය තුළ ඔහු නිරූපණය වන්නේ දක්ෂිණාංශික ජාතිවාදී, නව ලිබරල්වාදියකු ලෙසයි. අන්ත ජාතිවාදී දක්ෂිණාංශිකයන් නව ලිබරල්වාදී ගෝලීය ධනවාදයේ ප්‍රවර්ධකයන් බවට පත් වීම මෑත ඉතිහාසයේ සුලබ තත්වයකි. භාරතීය ජනතා පක්ෂයේ වජ්පායී ආණ්ඩුව හා මෝඩිගේ ගුජරාට් ආණ්ඩුව කටයුතු කල අන්දමින් ම මෝඩි යටතේ භාරතීය ජනතා පක්ෂය ද කටයුතු කරනු ඇතැයි අනුමාන කළ හැකි ය. වෙනසකට ඇත්තේ මෝඩි හා අද්වානි වැනි භාරතීය ජනතා පක්ෂයේ වත්මන් නායකයන් ජාතිවාදී අන්තවාදීන් ලෙස කුප්‍රකට ඉතිහාසයන් ඇති අය වීමයි. 

ඉන්දියා‍වේ 16වන ලෝක් සභාවට අභින‍වයෙන් තේරී පත් වී සිටින මන්ත්‍රීන්ගෙන් 20%ක් ම බිලියනපතියෝ ය. ඔවුන්ගෙන් වැඩි පිරිසක් නියෝජනය කරන්නේ භාරතීය ජනතා පක්ෂය හා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ සෙසු පක්ෂයි. තේරී පත් වූ මන්ත්‍රීන් අතරින් 20%ක් පමණ මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, පැහැරගෙන යාම්, සොරකම්, මංකොල්ලකෑම් වැනි බරපතල අපරාධ චෝදනා ඇති අයයි.

නව සහස්‍රකයේ උදාවත් සමග ලෝකයේ නැගී ආ නව ලිබරල්වාදී රැල්ල 2004, 2005 වකවානුවේදී දකුණු ආසියාවේදී තීරණාත්මක ලෙස පසුබැස්සේ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව පරදා කොංග්‍රසය බලයට පැමිණීම හා ලංකාවේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පරදා මහින්ද රාජපක්ෂ බලයට පැමිණීම වැනි සිදුවීම් සමගයි. ගෙවුණු දස වස තුළ කොංග්‍රස් පක්ෂයේ හා මහින්ද රාජපක්ෂ පාලනයේ රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්තිවලින් ජනතාවට සෙතක් අත් වී නොමැත. එපමණක් නොව, දූෂණය මහා පරිමාණයෙන් මුල් බැස ගැනීම ද ජන ජීවිතයට බරපතල ගැටලුවක් වී තිබේ. මෙම පසුබිම තුළ, දස වසරකට පෙර තීරණාත්මක ලෙස ප්‍රතික්ෂේප කරන ලද නව ලිබරල්වාදය 2014දී නැවත වැළඳ ගැනීමට ඉන්දීය ජනතාව පෙළඹීම සුවිශේෂ තත්වයකි.

ලංකාවේ රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල්වාදය මෙන් නොව ඉන්දියාවේ තිබෙන්නේ හින්දු ජාතිවාදයෙන් තෙම්පරාදු කරන ලද නව ලිබරල්වාදයකි.

මුස්ලිම් විරෝධී හින්දු ජාත‍ිවාදී භාරතීය ජනතා පක්ෂයට ඉන්දියාවේ මුස්ලිම් ජනයා ප්‍රතිචාර දක්වා තිබෙන්නේ කෙසේද යන්න අධ්‍යයනය කර බැලිය යුතු ය. ඇත්තෙන් ම ගතහොත්, මෙම මැතිවරණයේදී මුස්ලිම් බහුතරය ඡන්දය දී තිබෙන්නේ ද භාරතීය ජනතා පක්ෂයට ය. ඔවුහු බහු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී කොංග්‍රස් පක්ෂය පමණක් නොව, නව දිල්ලි ප්‍රාන්තයේ මුස්ලිම් ඡන්ද ආකර්ශනය කර ගත්, අර්වින්ද් කෙජ්රිවාල් නායකත්වය දුන් ආම් ආද්මි පක්ෂය ද ප්‍රතික්ෂේප කර තිබේ. සැලකිය යුතු මුස්ලිම් ජනගහණයක් ඇති බවට හඳුනාගෙන තිබෙන ආසන 87කින් 45ක ම ජය වාර්තා කර ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් විය. මුළු ජනගහණයෙන් අඩකට වඩා මුස්ලිම්වරුන් ජීවත් වන ආසන දෙකකින් ද භාරතීය ජනතා පක්ෂය ජයග්‍රහණය කර තිබේ. සුවිසල් මුස්ලිම් ජනගහණයක් ජීවත් වන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ආසන 80කින් එක ම හෝ මුස්ලිම් මන්ත්‍රීවරයෙක්වත් තේරී පත් වී නැත.

එහෙත්, භාරතීය ජනතා පක්ෂයෙන් බලයට පත් වූ මන්ත්‍රීන් අතර එක ම මුස්ලිම් ජාතිකයෙක්වත් නැත. 

මේ අතර, ඉන්දීය ලෝක් සභාවේ ආසන 543ක මන්ත්‍රීන් අතර මුස්ලිම්වරුන් සිටින්නේ 21ක් පමණි. මෙය ඉතිහාසයේ අඩුම මුස්ලිම් නියෝජනයක් තිබෙන පාර්ලිමේන්තුවයි. 15වන ලෝක් සභාවේ මුස්ලිම් මන්ත්‍රීවරු 30ක් සිටියහ. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

නොරොච්චෝලේ වෙනුවෙන් චීනයෙන් ගත් ණය නො ගෙවිය යුතු ය

නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීමේදී සියලු මෙහෙයුම් සම්බන්ධයෙන් වගකීම පැවරී තිබූ චයිනා මැෂිනරි ඉන්ජිනියරින් සමාගමේ චීන ජාතික නිලධාරීන් දෙදෙනකුට සිර දඬුවම් ලබා දීමට චීනයේ අධිකරණයක්‌ මගින් කටයුතු කර ඇති බව අද දිවයින පුවත්පත වාර්තා කරයි.

නොරොච්චෝලේ ඉදිකිරීමේදී වගකීමෙන් කටයුතු නොකොට බලාගාරය අසාර්ථකත්වයට පත් කිරීම හා එමගින් චීනයත් ශ්‍රී ලංකාවත් අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පලුදු වන වටපිටාවක්‌ නිර්මාණය කිරීම යන චෝදනා මත එම චීන ජාතික නිලධාරීන්ට දඬුවම් ලබාදී ඇතැයි ද වාර්තා වන බව පුවත්පත පවසයි. 


එහෙත්, ලංකාවේ බලධාරීන් පවසන ආකාරයට නම් නොරොච්චෝලේ බලාගාරයේ කිසිදු ප්‍රශ්නයක් නැත. එ අනුව මේ චීන ජාතිකයන් දෙදෙනා සිරගත කර තිබෙන්නේ නිරපරාදේ ය. 

මෙම චීන ජාතිකයන් දෙදෙනාට මේ අන්දමින් කටයුතු කරන්නට ලැබුණේ ලංකාවේ දේශපාලකයන්ගේ හා නිලධාරීන්ගේ උපකාරයෙන් බවට සැකයක් නැත. ඔවුන් ද හෙළිදරව් කර අධිකරණයට ගෙන යා යුතු ය. චීනයෙන් පොලියට ගත් ඩොලර් මිලියන 450ක් වැය කර, රටවැසියන් ණය බරින් මිරිකමින් සාදන ලද මෙම බලාගාරය කඩාකප්පල් කිරීම යනු ඇත්තෙන් ම රටක‍ට, සමාජයකට එරෙහි අපරාධයකි. 

මහජන මුදල් මේ අන්දමින් නාස්ති කිරීම් හා දූෂණ මානව වර්ගයාට එරෙහි අපරාධ ලෙස සලකා කටයුතු කිරීමේ ක්‍රමවේදයක් වෙත එක්සත් ජාතීන්ගේ සංවිධානය යා යුතු ය. 

ලංකාව නොරොච්චෝලේ බලාගාරය වෙනුවෙන් චීනයෙන් ලබා ගත් ණය ආපසු නො ගෙවන තැනකට යා යුතු ය. චීනය වන්දි වශයෙන් මෙම ණය කපා දැමිය යුතු ය.

 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-05-22

විමල් කරන්නේ රඟපෑමක් ද?

විමල් හොඳ නළුවකු බව ඇත්ත ය.

එහෙත්, අප සිතන පරිදි දැන් නම් ඔහු කරමින් ඉන්නේ රඟපෑමක් නො වේ.

ඔහු මේ කරමින් ඉන්නේ ඔහු වැනි අයෙකුගෙන් බලාපොරොත්තු විය හැකි දෙයකි. ආණ්ඩුව අසීරු තත්වයකට පත් වෙමින් සිටියි. ආණ්ඩුවේ මර්දනයේ හස්තය ද බුරුල් වෙමින් තිබේ.

දේශපාලනයේදී ඉදිරියට යා හැක්කේ උපායික විශේෂඥයන්ට ය. විමල් කරන්නේ කල් යල් බලා අඩියක් 'පෙරට' තැබීමයි. ගමන අනතුරුදායක විය හැකි ය. එහෙත්, මේ නම් වැඩේට වෙලාව තමා ය. වේලාසනින් අවදි වන කුරුල්ලන්ට ආහාර සොයා ගැනීම පහසු ය. අනාගත පාලනයක බලය තහවුරු කර ගැනීමට නම් දැන් දැන් ම පෙරට ආ යුතුව තිබේ. එසේම, රාජපක්ෂ පවුල් පාලනය තුළ වෙනත් අයෙකුට ඉදිරියට යන්නට ලැබෙන්නේ නැති බව පැහැදිලි ය.

විමල් කරන්නේ රංගනයකැයි අවධාරණය කරන්නේ කවුරු ද? විමල්ගේ සම්ප්‍රදායික සතුරා වන ජනතා විමුක්ති පෙරමුණයි.

ජවිපෙට විමල් යනු ද්‍රෝහියෙකි. මරණ දඬුවම දීම කළ නො හැකි නිසා ජීවතුන් අතර සිටින්නෙකි.

ජවිපෙට විමල් සමාජවාදය ගොඩනගා දුන්නත් භාර ගන්නට බැරි ය. මන්ද, විමල් ද්‍රෝහියකු වන හෙයිනි.

උපායික දේශපාලනයේදී මේ අන්දමින් හැඟීම්බර වී බැරි ය. විමල් යනු යථාර්ථයක් නිසා දැන් ඉතින් ඔහු සමග වැඩ කරන ක්‍රමයක් ‍සොයා ගන්නට ජවිපෙට සිදු වනු ඇත.

විමල් තැබූ පියව‍ර ආණ්ඩුවේ නිවට මැති, ඇමති විශාල පිරිසකට ධෛර්යයක් සපයනු ඇති බව නිසැක ය.

මොවුහු අවස්ථාවාදීහු ය. අපි ඒ බව දනිමු. ආණ්ඩුවට එරෙහිව සටන් කරන විපක්ෂය ද එතරම් ම අවස්ථාවාදී ය. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ අරගලයේදී ඔවුන් යම් මෙහෙවරක් කරන්නට සූදානම් වේ නම්, ජනතාව වන අප ඔවුන් සුහදව පිළිගෙන අවස්ථාව ලබා දිය යුතු ය. 

ජනතාව වශයෙන් අප මේ මොහොතේ දේශපාලනය තක්සේරු කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම මුල් තැන තබා ය.

දේශපාලකයන්ගේ උන්නතිකාමී හා අවස්ථාවාදී ක්‍රියාමාර්ග මැදින් අපේ ඉලක්කය පාදා ගන්නට මැදිහත් වීම අපගේ වගකීමයි. ඒ සඳහා ජනතාව ලෙස අප සබුද්ධික විය යුතු ය. හැඟීම්වලට වහල් නොවී යථාර්ථය මැනැවින් තේරුම් ගෙන දේශපාලනයට මැදිහත් විය යුුතු ය.  

 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

සුසිලා හේරත් ගුරුවරියගේ අරගලය හා ළමා අයිතිවාසිකම්

සිය දියණියගේ ගවුම පාසල් විනයට නො ගැලපෙන අන්දමින් කොට නිසා වාටිය ලිහා දිග්ගැස්සූ බවට චෝදනා කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් පාසලේ බිම දන ගස්වා, සිය දියණියට වැඳ සමාව ගන්නා ලෙස අණ කරමින් අඩන්තේට්ටම් කිරීමට භාජනය වූ නවගත්තේගම ජාතික පාසලේ ප්‍රියානි සුසිලා හේරත් ගුරුතුමිය ඇයට ලැබුණු වන්දි මුදල භාවිතා කරමින් දුප්පත්, අසරණ, දක්ෂ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව අරමුදලක් ආරම්භ කර තිබේ. 

ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය වනාහි දීනත්වයේ සංකේත වන් ගුරු ප්‍රජාවකගෙන් සමන්විත එකකි. අද‍ාළ පළාත් සභා මන්ත්‍රීවරයා විසින් ගුරුවරිය පාසලේ දන ගස්වන ලද අවස්ථාවේ පාසලේ සිටි නියෝජ්‍ය විදුහල්පතිවරයා පවා නඩුවේදී සාක්කි දුන්නේ ගුරුවරියට අවාසි වන අන්දමටයි. 

තමන් රිමාන්ඩ් භාරයේ සිටියදී විදුහල්පතිවරු 87ක් තමන් බලන්නට අා බව පළාත් සභා මන්ත්‍රීවරයා පුරසාරම් දොඩයි. ඇත්තෙන්ම, බහුතරයක් විදුහල්පතිවරු යනු සාමාන්‍යයෙන් එවැනි කොන්ද පණ නැති පිරිසක් නිසා ඒ ගැන පුදුම විය යුතු නැත. තනතුරු රැක ගැනීම සඳහා දේශපාලකයන්ගේ දෙපා නමස්කාර කරන විදුහල්පතිවරු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුලබ ය. 

එසේම, බහුතරයක් ගුරුවරු ද අතිශය ආත්මාර්ථකාමී, පෞද්ගලික ව්‍යාපාරවලට මුල් තැන දෙන, ළමා පීඩක, පොදු යහපත වෙනුවෙන් පෙනී නො සිටින පිරිසක් බව ද කිව යුතු ය. ඔවුන් අතරින් ඇතැමෙක් ද ඉහළ නියෝග මත හෝ විනයට මුවා වෙමින් හෝ තමන්ගේ මානසික අසහනයන් මුදා හැරීමට හෝ මෙම ගුරුවරිය කළ පරිද්දෙන් ම, ළමයින්ගේ කොණ්ඩා කැපීම, කලිසම් ඉරීම, ගවුම් වාටි ලිහීම, පහර දීම, බැන වැදීම වැනි ළමා අපචාරවල යෙදෙති. 

ළමයින්ට චණ්ඩිකම් කිරීමෙන් පාසල් පාලනය කරන්නට දත කන නිවට විදුහල්පතිවරුන්ගේ නියාමනය අනුව තමන්ට ලැබෙන තුට්ටු දෙකේ වැටුප වෙනුවෙන් ළමා අපචාරවල නො යෙදී සිටිය යුතු  බවට පාඩමක් ඉගෙන ගන්නට ගුරුවරුන්ට මෙම සිද්ධිය යොදා ගත හැකි ය. ළමයින්ට ආදරය කිරීම තමන්ගේ වගකීමක් බව ගුරුවරු තේරුම් ගත යුතු ය. එසේම, ඊනියා පාසල් විනයේ නාමයෙන් ළමා අපචාරවල යෙදෙන ගුරුවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද අත්‍යවශ්‍ය ය. 

ළමයින්ට අඩන්තේට්ටම් කරන්නේ අදක්ෂ ගුරුවරු ය. ළමයින් ශික්ෂණය කිරීමේ විද්‍යාව දන්නා ගුරුවරු ළමා අපචාරවල නො යෙදෙති. 

සුසිලා ප්‍රියානි හේරත් ගුරුවරිය දේශපාලන අධිකාරියට එරෙහිව කළ මෙම අරගලය අතිශය වැදගත් ය. ඇය පිටුපස සිටි ශක්තිය වූයේ ලංකා ගුරු සංගමයයි. ගුරුවරුන්ගේ හිමිකම් මෙන් ම ගුරුවරුන් අතින් සිදු වන ළමා අපචාර වැළැක්වීම වෙනුවෙන් කටයුතු කිරීමේ ශක්තිය ලංකා ගුරු සංගමයට තිබේ. 

පෞද්ගලීකරණයට ගොදුරු වෙමින් ටියුෂන්කාරයන් බවට පත් වෙමින් පුද්ගලවාදී උන්නතිකාමය තුළ පරමාණුකරණය වෙමින් සිටින ගුරු ප්‍රජාව සිය වෘත්තියේ උන්නතිය හා සමාජයේ අධ්‍යාපන අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් සංවිධානගත විය යුතු ය. 

ගුරුවරු යනු අනාගතය නිර්මානය කරන්නෝ ය. රටේ අනාගතය වන්නේ අධ්‍යාපනයේ වර්තමානයයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-05-21

ගෝටා 'භයෙන්' අත්මිදීමේ විමල්, චම්පික මෙහෙයුම

සංවර්ධනයේ නාමයෙන් සිදු වන කොමිස් ජාවාරම් හැරුණකොට, මේ වන විට ලංකාවේ රාජ්‍ය පාලනයක් තිබේද යන්න සැක සහිත ය.

ඊයේ සිදු වූ දුම්රිය සිද්ධිය ලංකාවේ මේ වන විට පවතින තත්වය සංකේතාත්මකව පැහැදිලි කරයි. දුම්රිය අනතුරුවලට හේතුව දෙපාර්තමේන්තුවේ ගැටලු බව කියමින් දුම්රිය රියදුරෝ අකුර‍ට වැඩ ය.  අකුරට වැඩ කරන විට දුම්රිය පමා වේ. එවිට මගීහු කිපී රියදුරන්ට පහර දෙති. දුම්රිය සේවකයෝ එකතුව මරදානේදී තමන්ට ගැසූ මගීන් අල්ලා සම්බෝල කොටති. එසේ කොට පොලීසියටත් භාර දෙති. පොලිසිය ගහපු මගියා අත්අඩංගුවට ගන්නේ දුම්රිය රියදුරන් ඔහුට පහර දී අල්ලා දීමෙන් පසු ය. පහර දුන් රියදුරන් අත්අඩංගුවට ගෙන නැත.

ඉස්සර ලංගම බස්වල රියදුරා ඉදිරියෙන් 'දහස් ගණනක් ජීවිත ඔබේ දෑතේ' යයි ලියා තිබිණි. දැන් දුම්රියේ ඒ දෑත් මගීන්ට පහර දෙති. මගීහු ඒ දෑත්වලට පහර දෙති.

රටේ සුක්කානම දරන දෑත් කරන්නේ කුමක් ද? ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගමට තිබෙන ප්‍රධාන කාර්යය වන්නේ තමන්ට හොඳ ලිංගික ශක්තියක් ඇති බව හා තමන් හොඳින් කන බොන මිනිසකු බවත්, තමන්ගේ පුතාත් එහෙම පොරක් බවත් කිය කියා ඇවිදීමයි.

එතැනින් එහා නායකත්වය ද ඊට දෙවෙනි නැත.

‍සම සෞඛ්‍ය, හෙද, වින්නඹු වැනි වෘත්තීය ක්ෂේත්‍රවල තිබෙන ආරාවුල් හේතුවෙන් ලංකාවේ දුප්පතුන්ට මැරෙන්න වැටෙන්නට තිබෙන රෝහල ද අවුල් ජාලයක් වී තිබේ. එය අධ්‍යාපන ක්ෂේත්‍රයට ද පැතිරී ඇත. පොලිසිය ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ මැඩලීමට අධිකරණ සහයෝගය පතයි. එහෙත්, දැන් දැන් අධිකරණයට ද යුක්තිය ගැන හැඟීමක් ඇති වෙමින් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ මැඬලීමට වාරණ නියෝග ඉල්ලා අධිකරණයට නො එන්නැයි පොලිසියට දැනුම් දුන්නේ එහෙයිනි.

ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය හා සෞඛ්‍ය අධ්‍යාපනය පාලනය කරන්නේ ලෝක සෞඛ්‍ය මොකක් ද එකක උප සභාපති වන මෛත්‍රීපාල සිරිසේන ඇමති හෝ උසස් අධ්‍යාපන ඇමති වන එස්. බී. දිසානායක නො වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම් ප්‍රතිගාමී වෘත්තීය සමිති මාෆියාවයි. ‍මෙම බලධාරීන් ගැටලු විසඳීම සඳහා කිසිදු මැදිහත්වීමක් කරන්නේ නැත.

මේ අතර, රටේ අපරාධ ඉහවහා ගොස් ඇත. පොලිසිය කරන්නේ සැකකරුවන් ආයුධ පෙන්නන්නට එක්කගෙන යාමයි. දැන්, දැන් අපරාධකරුවෝ ද පොලිසිය ආයුධ පෙන්නන්නට එක්කගෙන යන තත්වයක් රටේ නිර්මානය වී තිබේ. අපරාධයක් සිදු වී නම් බොහෝ විට ඒ පසුපස හිටපු රණවිරුවෙක් ද සිටියි.

රජය රටේ දකුණු කෙළවරේ යුද ජයග්‍රහණය සමරන අතර, හමුදාව උතුරේ මිලිටරි පාලනය පවත්වාගෙන යාම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් සමග ගැටෙයි.

රටට බැහැරින් ආණ්ඩුවට එල්ල වන යුද අපරාධ චෝදනා තීව්‍ර වී ඇත. සුදු කොඩි සිද්ධියට සම්බන්ධ දුරකථන ඇමතුම්, එස්.එම්.එස්. ආදී සාක්කි සහිත සවිස්තර වාර්තාවක් පසුගියදා එළිදුටුවේ ය. එහි ආණ්ඩුවේ ලොකු ලොක්කන් රැසකගේ ම නම් සඳහන් වී තිබේ. යුද අපරාධ චෝදනා පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා පසුබිම සැකසෙමින් තිබියදී ඇතැම් හමුදා, දේශපාලන හා මාධ්‍ය වීරයන් විසින් ඩයස්පෝරා ඩොලර් මිටි වෙනුවෙන් යුද අපරාධ සාක්ෂි ඡායාරූප දෙමළ ඩයස්පෝරාවට විකුණමින් තිබේ.

මෙම පසුබිම තුළ, ආණ්ඩුවේ අත බුරුල් වෙමින් භීෂණය ලිහිල් වෙමින් තිබේ. ආණ්ඩුවේ සන්ධාන පක්ෂ දෙකක් වන ජාතික නිදහස් පෙරමුණ හා ජාතික හෙළ උරුමය විසින් මුල පුරා තිබෙන බියෙන් අත්මිදීමේ ක්‍රියාමාර්ගය දේශපාලනික වශයෙන් ඉතා වැදගත් ය.

ආණ්ඩුව විමල්ටත්, චම්පිකටත් ගේම ‍දෙන ආකාරය දෙස තව ඇමති රොත්තක් ම පරීක්ෂාවෙන් බලා සිටිති. ආණ්ඩුවේ අාරක්ෂාව තිබෙන්නේ ඇමති මණ්ඩලය තුළ වරප්‍රසාද, වරදාන, අල්ලස්, සොරකම හා භීෂණය නඩත්තු කරන තරමට ය. විමලුත්, චම්පිකත් ආත්මාරක්ෂාව පිණිස එකිනෙකාගේ දෑත් අල්ලාගෙන කැරැලි ගසා තිබෙන්නේ ආණ්ඩුවේ අභ්‍යන්තර භීෂණයට එරෙහිවයි. තවත් සරළව කිව්වොත් ගෝටා 'භයට' එරෙහිවයි. සෙසු කාරණා වැදගත් නැත. මේ පියවර නො ගත්තොත්, මෙම උන්නතිකාමී දේශපාලනඥයන්ටත් යන එන මගක් නැති වනු ඇත. ශිව සේනාවෙන් පටන් ගත් හින්දු ජාතිකවාදී ගමන භාරතීය ජනතා පක්ෂය දැවැන්ත මැතිවරණ ජයක් ලබන තැන දක්වා ඉදිරියට යද්දී, චම්පික රණවක මේ අන්දමින් බියෙන් සිටියොත් සිංහල ජාතිවාදී දේශපාලනය ඥානසාර වී යනු ඇත.

මත්ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධව රජය පියවර ගැනීමට අපොහොසත්ව ඇතැයි පවසමින් එක්‌සත් ජාතික පක්‍ෂය විසින් ගෙන ආ විශ්වාස භංග යෝජනාවට අදාළ විවාදයට එක්‌වෙමින් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කේන්ද්‍රස්‌ථානය බවට එක්‌සත් ජාතික පක්‍ෂය නගන චෝදනාව රටට කරන අවමානයක්‌ බවයි. එතකොට ඒ වැඩේ තිබෙන කැතකම ගැන නිකම් ම කියැවේ. රටේ අගමැති දක්වා ම ලොකු ලොක්කෝ කුඩු ජාවාරම්වලට ඈඳී තිබේ.

ආණ්ඩුව කැසිනෝ ගෙන එන්නට යන්නේ එවන් පසුබිමක් තුළ ය. එහෙත්, රටට ගෙන එන්නට ගිය ඒ ඍජු විදේශ ආ‍යෝජනයත් ඇණ හිටින පසුබිමක ආර්ථික වශයෙන් ද ආණ්ඩුව නන්නත්තාර වෙමින් සිටියි.

ඉන්දියාවේ පත් වූ අලුත් අගමැති නරේන්ද්‍ර මෝඩි කුමක් කරනු ඇද්දැයි ආණ්ඩුව පමණක් නොව මුළු ලෝකයම බලා සිටියි. 

ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයකු පිළිබඳ කතා දිගහැරෙමින් තිබෙන්නේ මේ සංදර්භය තුළ ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-05-19

සිංහල ජයපානෝත්සවය හා දෙමළුන්ට අඬන්නත් නො දීම

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය පරදවා වසර පහක් ගෙවීම සැමරීමේ මහා උත්සවයක් ඊයේ මාතරදී පැවැත්විණි. එම උත්සවය පැවැත්වුණේ යුද්ධයෙන් ජය ලැබූ සිංහල පාර්ශ්වයේ ජයපානෝත්සවයක් ලෙස හා මිය ගිය තමන්ගේ ජනයා සැමරීමේ උත්සවයක් ලෙසයි. 

ඒ සමග ම 2009 මැයි 18 දින අවසන් සටනේදීත්, සමස්ත දෙමළ සන්නද්ධ කැරැල්ලේදීත් මිය ගිය දෙමළ ජනයා සැමරීම සඳහා වූ පරාජිතයන්ගේ වැඩසටහන් හමුදා බලය යොදා මර්දනය කරන ආකාරය ද දක්නට ලැබිණි.

ලංකාවේ යුද්ධය කෙරුණේ ජාත්‍යන්තර යුද නීතිවලට ගරු කරන සංදර්භයක් තුළ නො වේ. අවසන් සටනේදී රජය කටයුතු කළ ආකාරය පිළිබඳ  බරපතල ගැටලු මතු වී තිබේ. එහෙත්, ඇත්ත වන්නේ ජයග්‍රහණය අනෙක් පැත්තට දෝලනය වුණත්, දකින්නට සිදු වන්නේ මෙවැනි ම අවසානයක් වීමයි. 

දෙපාර්ශ්වය ම ජයග්‍රහණය ප්‍රාර්ථනා කළේ යුද අපරාධ ඔස්සේ ය. 

ඉතිහාස‍යේ පිළිකුල් සහගත ඒ පරිච්ඡේදය වසා දමන්නට තිබුණා නම් ඇත්තට ම හොඳ ය. එහෙත්, ඒ සඳහා අවශ්‍ය මිනිස්කම හා දේශපාලනික පරිණතකම ජයග්‍රාහී පාර්ශ්වයට නො තිබීම ගැනත් පුදුම විය යුතු නැත. මන්ද, යුද්ධයේ අවසානයක් සඳහා එවැනි අමනකමක් අවශ්‍ය වී තිබිණි. අපි එය නිර්මානය කළෙමු. 

දැන් ඔවුන් ඉල්ලා සිටින්නේ තමන් රැක ගන්නා ලෙසයි. තමන් කළ සේවයට තමන් ඉල්ලා සිටින මිළ ගෙවන ලෙසයි. ප්‍රශ්නය වන්නේ ඒ මිළ ඉතා අසාධාරණ එකක් වීමයි. සිංහල පාර්ශ්වයට පවා එම මිළ දරා ගැනීමට නො හැකි වී තිබේ. මන්ද, යුද්ධයෙන් ජය ගත්ත ද, තම ජීවිත කාලකන්නි වීම අවසන් නො වන්නේ තම වීරෝදාර යුද නායකයන් විසින් ඉල්ලා සිටිනු ලබන අධික මිළ නිසා බව ඔවුන්ට වැටහෙන නිසා ය.

ලංකාවේ දකුණේ දේශපාලන උභතෝකෝටිකය එයයි. 

‍මේ අතරතුර උතුරේ සිදු වෙමින් තිබෙන්නේ දෙමළ ජාතිකවාදී අරගලය අලුත් මානයක් ඔස්සේ වේගයෙන් ඉදිරියට යාමයි. ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් නො දීම ප්‍රතිපත්තිය කර ගත්, සුළු ජාතික මර්දනය සිය දේශපාලන පැවැත්මේ පදනම බවට පත් කර ගත් දකුණේ සිංහල ආණ්ඩුව බෙදුම්වාදයට උත්ප්‍රේරකයක් වී තිබේ.

ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි ජාත්‍යන්තර මැදිහත්වීමක් අත ළඟට ම එමින් තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-05-18

මෝඩි මෝඩ ගැහැනියකට අන්දවා ගැනීමට හැකි වේවිද?

සිංහලෙන් මෝඩි කියන්නේ මෝඩ ගැහැනියටයි. 

නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ අගමැති ධුරයට පත් වූ පසු ලංකාවේ ආණ්ඩුව විසින් නිකුත් කරන ලද නිවේදන හා ආණ්ඩුවේ ඇම්බැට්ටයන් විසින් කරන ලද විග්‍රහ විමසා බැලීමේදී පෙනෙන දෙයක් වන්නේ ලංකාවෙ නරේන්ද්‍ර මෝඩිව මෝඩ ගැහැනියකට අන්දවා ගන්නට උත්සාහ කරන බවයි. 

ලංකාවේ වැනි ශක්තිමත් ආණ්ඩුවක් ඉන්දියාවේත් බිහි වීම ගැන සතුටු වන බව කියමින් රාජපක්ෂ රෙජිම මන්මෝහන් සිං ප්‍රමුඛ කොංග්‍රස් ආණ්ඩුවට දුර්වල එකක් ලෙස හඳුන්වමින් කොකා පෙන්නුවේ ය. කොංග්‍රස් ආණ්ඩුව නම් ඇත්තට ම ලංකාවේ ආණ්ඩුව විසින් එක්තරා දුරකට මෝඩ ගැහැනියකට අන්දවාගෙන සිටියේය. 

එම ඇන්දවීම තුළ, චීනය සමග කදේ ද‍ාගෙන ඉන්දියාවට කොකා පෙන්වමින් සිටීමේ අවස්ථාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ලැබිණි. ඉන්දියාවට හිසරදයක් වූ ලංකාවේ ජාතීන් අතර ගැටුම සම්බන්ධයෙන් අද දෙන්නම්, හෙට දෙන්නම් යයි කියමින් විසඳුමක් ලෙස එළු වෘෂණ කෝෂ දෙකක් පෙන්වා ඉන්දියාව ඒ පසුපස නරියකු ලෙස බඩගෑවීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට හැකි විය. 

අවට රටවල් විෂයෙහි කොංග්‍රස් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී නැඹුරුව රාජපක්ෂ ආණ්ඩුව අපහරණය කළේ ය. දැන් ඒ ආණ්ඩුව අන්ත පරාජයට පත් වී තිබෙන්නේ ලංකාව විෂයෙහි වූ එම ප්‍රවේශයත් සමග ම බව අප මතක තබා ගත යුතු ය.

නරේන්ද්‍ර මෝඩිට සුබ පතන රාජපක්ෂ ඇත්තෙන් ම කියන්නේ තමන් වැනි ම වූ ජාතිවාදී ඒකාධිපතියකු ඉන්දියාවේ බලයට පත් වීම ගැන තමන් සතුටු වන බව ය. 

මේ ගැන ලෝවැඩසඟරාවේ සඳහන් වන්නේ 'ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ - සැපතක් යයි කකුළුව දිය කෙළියේ' කියා ය.

ලංකාවේ සිංහල ජාතිවාදී, චීන ගැති, ඒකාධිපති පාලනයකට ඉන්දියාවේ ඒකාධිපති හින්දු ජාතිවාදී පාලනයක් සමග ඇති කර ගත හැකි අවබෝධය කුමක්ද යන්න ගැන විමසිලිමත් විය යුුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-05-17

පාසල් යාම තහනම් - බොකෝ හරාම්

ලෝක තරුණ සමුළුව ලංකාවේ පැවැත්වෙන අතරතුර එයට සහභාගි වූ නයිජීරියානු තරුණ තරුණියන් පිරිසක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක නිරත වුණා.

නයිජීරියාවේ බොකෝ හරාම් ත‍්‍රස්ත කණ්ඩායම පැහැගෙන ගොස් සිටින තරුණියන් 275කට වැඩි පිරිසක් නිදහස් කිරීමට වහා පියවර ගන්නා ලෙස ලෝකයාට බල කිරීම සඳහායි ඔවුන් උද්ඝෝෂණය කළේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මාධ්‍ය හමුවක් අවශ්‍ය බවට ද විරෝධතාකරුවෝ ඉල්ලා සිටියා. යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එම ස්ථානයට ගොස් ඔවුන්ට මාධ්‍ය හමුවක් ලබාදෙන බවට පොරොන්දු වී විරෝධතාව සමථයකට පත් කළා. එවැනි පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වුණා ද යන්න අපි දන්නේ නැහැ.

කෙසේ වෙතත්, පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ ගැන නිවේදනයක් නිකුත් කළා. නයිජීරියාවේ බොකෝ හරාම් ත‍්‍රස්තවාදීන් ශිෂ්‍යාවන් 250කට වැඩි පිරිසක් පැහැරගෙන යාම හෙළා දකිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ නයිජීරියානු ජනාධිපති ආචාර්ය ගුඩ්ලක් ජොනතන් වෙත පණිවුඩයක් යැව්වා.

ලෝක හෘද සාක්ෂිය කම්පනයට පත්කළ හා විශ්ව පිළිකුලට පාත‍්‍ර වූ මෙම බියගුළු කි‍්‍රයාව තරයේ හෙළාදකින බවත්, ගැහැණු ළමයින් පැහැරගැනීම නින්දිත ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් බවත්, ඊට වගකිවයුත්තන්ට දඩුවම් නොලැබ බේරී යාමට ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපතිවරයා නයිජීරියානු ජනාධිපතිවරයා වෙත යැවූ පණිවුඩයේ සඳහන් වුණා.

නයිජීරියාවේ බොකෝ හරාම් ත්‍රස්ත කල්ලිය පසුගිය අපේ‍්‍රල් 15 වෙනිදා චිබෝක් නඟරයේ පාසලකින් ගැහැණු ළමුන් 300ක් පැහැර ගෙන ගියේ පාසැල් යාමේ වරදටයි. පාසල් යාම බටහිර සංස්කෘතියට ගැති වීමක් බවත්, එය පාවුකාර ක්‍රියාවක් බවත් මෙම සංවිධානය පවසනවා. පසුව නිවේදනයක් නිකුත් කළ බොකෝ හරාම් ත්‍රස්තවාදී නායක අබුබකර් ෂෙකාවු තම සංවිධානය මෙම දැරියන් වෙළඳපොළේදී විකුණා දැමීමට සූදානම් කර ඇති බව පැවසුවා. ඔවුන්ව මනාළියන් ලෙස මිලට ගැනීමට සූදානම් අය සිටින බවත් ඔහු පැවසුවා. මෙම භාවිතාව විසින් සිහියට නගනු ලබන්නේ අල්ලා ගනු ලබන ගැහැනුන් යුද්ධයේදී අත්පත් කර ගන්නා ලද දේපල ලෙස සැලකීමේ පැරණි යුද සම්ප්‍රදායයි.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත සහ ටයිම්ස් සඟරාව විසින් පළ කරන ලද අබූබකර් ෂෙකාවුගේ වීඩියෝ නිවේදනයකින් කියැවුණ පරිදි, බටහිර අධ්‍යාපනය අවසන් විය යුතු ය. දැරියන් සිටින්නේ විවාහ වීමට බවත්, වයස අවුරුදු 12 වන විට ගැහැනු ළමයින් විවාහ විය යුතු බවත් බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානයේ නායකයා පවසනවා.

දැරියන් මුදා ගැනීමට අපොහොසත් වීම ගැන නයිජීරියාවේ ජනාධිපති ගුඩ්ලක් ජොනතන් දැඩි ලෙස විවේචනයට ලක් වී තිබෙනවා.

පැහැර ගැනීමේ සිද්ධියට පැය 04කට පෙර පැහැර ගැනීම සිදු කරන ලද බොකෝ හරාම් සංවිධානයේ සාමාජිකයින් එම නඟරය වෙත ලඟාවෙමින් සිටි බවට නයිජීරියානු ආරක්ෂක අංශ දැනුවත්ව සිටියේ යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය චෝදනා කළා. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ ප‍්‍රහාරය පිළිබඳව ආරක්ෂක අංශවලට අනතුරු හඟවා තිබුණමුත් සම්පත් හිඟය සහ පලපුරුදු කැරලිකරුවන් සමඟ සටන් කිරීමට ඇති අකමැත්ත නිසා චිබෝක් ප‍්‍රදේශයට ආරක්ෂක අංශ එවිමෙන් ඔවුන් වැලකී සිටි බවයි.

නයිජීරියාව වේගයෙන් වර්ධනය වන අධික ජනගහණයක් සිටින රටක්. එහි ජනගහණය මිලියන 169කට ආසන්නයි. ඔවුන්ගෙන් අඩක් ක්‍රිස්තියානුවන් වන අතර අඩක් මුස්ලිම්වරු. බහුතරය සුන්නි වන නයිජීරියානු මුස්ලිම්වරුන් වැඩිපුර ජීවත් වන්නේ නයිජීරියා‍වේ උතුරු ප්‍රදේශය ආශ්‍රිතවයි. ‍

නයිජීරියාව යනු බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් විසින් ගොඩනගන ලද රාජ්‍යයක්. ඊට පෙර එය ස්වාධීන ප්‍රදේශ, නගර, ගම්, ගෝත්‍රික ප්‍රජාවන් ආදියෙන් සමන්විත භූමියක්. බ‍ටහිර රාජ්‍ය සංකල්පයට අනුව එය තේරුම් ගන්න අමාරුයි. එහෙත්, මේ පාලනයන් බටහිර මෙන් ම ලෝකයේ වෙනත් රටවල් සමගත් ශක්තිමත් වෙළඳ සම්බන්ධතා පැවැත්වූවා. යොරුබා, ඉග්බෝ හා එෆික් පාලනයන් 16වන සියවස තරම් ඈත සිට යුරෝපා රටවල් සමග වෙළඳ ගනුදෙනු කළා. යටත් විජිතයක් වන්නට පෙර නයිජීරියාවේ උතුරේ මුස්ලිම් කාලිෆ් පාලනයක් තිබුණා. සොකොටෝ නම් මේ රාජ්‍යය වැඩිපුර වෙළඳ ගනුදෙනු කළේ අරාබිය සමගයි.  

බොකෝ හරාම් වැඩිපුර ක්‍රියාත්මක වී තිබෙන්නේ ද උතුරේ ප්‍රදේශවලයි. බොකෝ හරාම් බලපෑම වැඩි බෝනෝ, යෝබේ හා අඩමාවා පළාත්වල 2013 මැයි සිට හදිසි නීතිය පනවා තිබෙනවා.

බොකෝ හරාම් දර්ශනය අනුව නයිජීරියානු මුස්ලිම්වරුන්ට බටහිර සංස්කෘතිය අනුව කටයුතු කිරීම තහනම්. බටහිර දර්ශනවාදයන්ට අනුකූල දේශපාලනය, ඇඳුම් පැළඳුම් ඇතුළු සංස්කෘතිකාංග පමණක් නොවෙයි බටහිර අධ්‍යාපනයත් ඔවුන්ට තහනම්.ඒ අනුව කමිස ඇඳීම, ඡන්දය දීම මෙන් ම පාසල් යාමත් තහනම්. ඔවුන් කියන අන්දමට නයිජීරියාව පාලනය කරන්නේ මිථ්‍යා දෘෂ්ටිකයන් විසිනුයි. අතීතයේ පටන්මත් මෙම ප්‍රදේශවල බටහිර සංස්කෘතිය හා අධ්‍යාපනය සම්බන්ධ විරෝධයක් තිබුණා.

මෙම තත්වය පාවිච්චි කරමින්, නබිතුමාගේ ඉගැන්වීම් හා ශුද්ධ යුද්ධය ‍වෙනුවෙන් කැප වූ ජනයා යන නමින් ඊසානදිග නයිජීරියාවේ මයිදුගුරි නගරය පදනම් කරගෙන මොහොමඩ් යූසුෆ් විසින් 2002දී ආරම්භ කරන ලද මෙම සංවිධානයට එම ප්‍රදේශයේ ජනයා සිය භාෂාව වූ හව්සා බසින් බොකෝ හරාම් කියා නම තැබුවා. එහි අරුත බටහිර අධ්‍යාපනය තහනම් බවයි. එහෙත් බොකෝ හරාම් සංවිධානයේ අවසන් අරමුණ නයිජීරියාවේ ඉස්ලාම රාජ්‍යයක් පිහිටුවීමයි. 

මේ අරමුණින් ඔවුහු 2009 සිට ප්‍රහාර ආරම්භ කළා. කැරළිකරුවන්, රජ‍යේ හමුදා හා පොලිස් නිලධාරීන් මෙන් ම සිවිල් වැසියෝ ද දහස් ගණනක් මේ කැරැල්ලෙන් මිය ගියා.  ලක්ෂ ගණන් ජනයා අවතැන් වුණා. රජයේ හමුදා විසින් බොකෝ හරාම් නායක මොහොමඩ් යූසුෆ් ද මරා දමනු ලැබුවා. එහෙත් නව නායක අබූබකර් ෂෙකාවුගේ නායකත්වයෙන් බොකෝ හරාම් සංවිධානය ප්‍රතිසංවිධානය වී ප්‍රහාර උත්සන්න කර තිබෙනවා. ඔවුන් වැඩිපුර කරන්නේ සංවිධානය විවේචනය කරන පුද්ගලයන් හා අන්‍යාගමිකයන් මරා දැමීම, බෝම්බ පිපිරවීම, පොලිස් ස්ථානවලට හ‍ා හමුදා බැරැක්කවලට ගරිල්ලා ප්‍රහාර එල්ල කිරීම ආදියයි. ඔවුන් නයිජීරියානු අගනුව‍ර වූ අබුජාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පවා පහර දුන්නා.  පසුගිය අප්‍රේල් 14දා එල්ල කළ නාගරික ප්‍රහාරයකින් පුද්ගලයෝ 70ක් මිය ගිය අතර, මැයි 02දා ප්‍රහාරයකින් පුද්ගලයෝ 19ක් මිය ගියා.

බොකෝ හරාම් සංවිධානය මතුපිටින් බටහිර විරෝධී සංවිධානයක් වුණත්, ඔවුන් නේටෝ සංවිධානයේ ප්‍රධාන රටවලින් රහසිගතව ආධාර හා ආයුධ ලබා ගන්නා බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා. මෑතදී හෙළිදරව් වූ එක්තරා දුරකථන ඇමතුමක රහසින් පටිගත කරන ලද පිටපතකින් මේ සැකය තහවුරු වී තිබෙනවා. එහිදී තුර්කියේ ආණ්ඩුව හා රහස් ඔත්තු සේවාව සමග ළඟ සම්බන්ධකම් ඇති පුද්ග‍ලයෙක් නයිජීරියාවට ආයුධ යවන ආකාරය පිළිබඳව තුර්කි ගුවන් සේවා නිලධාරියකු සමග සාකච්ඡා කරනවා.

වහල් වෙළඳාම හා මිනිසුන් නීති විරෝධී අන්දමින් තැනින් තැන ගෙන යාම පිළිබඳ අධ්‍යයනය කළ විශේෂඥවරියක වන එමා ක්‍රිස්ටෝෆර් පවසන ආකාරයට දස දහස් ගණන් නයිජීරියානුවන් සෑම වසරකදීම විකිණීමට හා මිළ දී ගැනීමට ලක් වෙනවා. ඒ අතරින් වැඩි පිරිස ළමයි. ඔවුන් අලෙවි කරනු ලබන්නේ වහලුන් ලෙසයි. 2003 වසරේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් කරන ලද සමීක්ෂණයක වාර්තාවෙන් පෙන්වා දෙන ලද ආකාරයට නයිජීරියාවේ ළමයි හැටලක්ෂයක් ජීවිතයේ කිසියම් අවධියකදී නීති විරෝධී අන්දමින් තැනින් තැන ගෙන යාමට ලක් වී තිබෙනවා. එහෙම තත්වයක් තිබියදී බොකෝ හරාම් විසින් පැහැර ගන්නා ලද මේ ළමයින් 276දෙනා ගැන පමණක් නේටෝ සංවිධානයේ විශේෂ අවධානයක් යොමු වීම සුවිශේෂයි.

බටහිර රටවල් බොකෝ හරාම් සංවිධානයට උදව් කරන්නේ නයිජීරියාව අස්ථාවර කර, එහි තිබෙන තෙල් සම්පතේ පාලනය අත්පත් කර ගන්නට බව විශ්ලේෂකයෝ පවසනවා. 

නයිජීරියාවේ ඇතැයි දැනට තහවුරු වී තිබෙන තෙල් නිධිවල විශාලත්වය බැරල් බිලියන 16ත් 22ත් අතර වෙනවා. එරට දළ දේශීය නිෂ්පාදනයෙන් 14%ක් තෙල්. එසේම අපනයන ආදා‍යමෙන් 95%ක්ම නිපදවන්නේත් තෙල්. රජයේ අාදායමෙන් 65%ක් ම ලැබෙන්නේත් තෙල්වලින්. නයිජීරියාවේ තෙල් සම්පත සොයා ගත්තේ 1956දීයි. එහෙත් නයිජීරියානු සමාජය තවමත් දුප්පත්. එහි තෙල් ලාභය උකහා ගන්නේ ෂෙල්, මොබිල්, චෙව්රොන්, ටෙක්සැකෝ, ටෝටල් හා ඇගිප් යන ඇමරිකානු හා යුරෝපීය තෙල් සමාගම් විසින් හා දේශපාලනය සමග සම්බන්ධ ධනපති පංතිය විසිනුයි. 

නයිජීරියාව ලොව  පස්වෙනි විශාලතම තෙල් නිපදවන්නා වුණත්, එරට ජනගහණයෙන් 70%ක් ජීවත් වන්නේ දිනකට ඩොලරයට අඩු වියදමකින් හෙවත් දරිද්‍රතා රේඛාවට පහළින්. ජනගහණයෙන් 43%කට පිරිසිදු ජලය නැහැ. නයිජීරියාවේ ජනතාවට දුන් ඉන්ධන සහනාධාරය 2012 ජනවාරි සිට ඉවත් කිරීමෙන් පසු, දිනකට තෙල් බැරල් මිලියන 2.8ක් නිපදවන රටක් වුණත්, නයිජීරියාවේ තෙල් මිළ ලංකාවේ තෙල් මිළට සමානයි. ‍තෙල් කර්මාන්තය හේතුවෙන් නයිජීරියාවේ දැවැන්ත පරිසර විනාශයක් සිදු වුණා. ජලය විෂ වුණා. 

අතීතයේදී කෘෂිකර්මය මත රඳා පැවතුණ සමාජයක් වූ නයිජීරියාවේ වැසියන් මේ තෙල් සම්පත තමන්ට ආශිර්වාදයක් නොව සාපයක් වූ බව දැන් කියනවා. සූරාකෑමට ලක් වන නයිජර් ඩෙල්ටාවේ වැසියන්ගේ ‍විරෝධතා නිසා ‍මෑත කාලයේදී නයිජීරියාවේ තෙල් නිෂ්පාදන කටයුතුවලටත් බාධා සිදු වුණා. 

ජනරළ 2014 - 05 - 18

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

සුන්දර ඉංගිරිිසි: සර්ලා, මිස්ලා, මැඩම්ලා හා තවත් අය

බ්‍රිතාන්‍යයේ 'ද ටෙලිග්‍රාෆ්' පුවත්පතේ අධ්‍යාපනික සංස්කාරක ග්‍රේම් පැටන් වාර්තා කළ ආකාරයට එරට පාසල්වල ගුරුවරුන් 'සර්' හා 'මිස්' කියා ආමන්ත්‍රණය කිරීම වෙනුවට නමෙන් ආමන්ත්‍රණය කිරීම ස්ථාපිත කළ යුතු බවට අධ්‍යානඥයන් යෝජනා කර තිබෙනවා.

ලංකාවේත් පාසල්වලටත් ගුරුවරුන්ට 'සර්', 'මිස්' කියා ආමන්ත්‍රණය කිරීමේ සම්ප්‍රදාය පැමිණියේ යටත්විජිත සමයේ එංගලන්තයෙන්. 

ගුරුවරුන් සර් කියා ඇමතීමේ අතීතය 16වන සියවස දක්වා විහිදෙනවා. පහළ පංතිවලින් ආ ගුරුවරුන්, විශාල වශයෙන් ඉහළ පංතිවල සිසුන්ගෙන් සමන්විත වූ පංතිවල ඉගැන්වීමේදී සිය ආධිපත්‍යය තහවුරු කර ගන්නට මෙම යෙදුම පාවිච්චි කළ බව Times Educational Supplementහි සඳහන් වෙනවා. 

මිස් කියන යෙදුම භාවිතාවට ආවේ වික්ටෝරියානු යුගයේදීයි. විවාපත් කාන්තාවන් රැකියාවලින් ඉවත්ව නිවසේ රැඳීම දිරිගැන්වූ ඒ කාලයේ පාසල්වල ඉගැන්වූයේ අවිවාහක ගුරුවරියන් පමණයි. ඒ නිසා ඒ අය‍ට මිස් කියා ආමන්ත්‍රණය කළා. 20වන සියවසේ පමණ සිට නැවතත් විවාහක ගුරුවරියන් වෘත්තියට පිවිසියත්, විවාහක-අවිවාහකබව නො තකා සියලු ගුරුවරියන් මිස් කියා ආමන්ත්‍රණය කිරීම දිගටම පැවතියා.

ගුරුවරුන්ට සර් කියා ආමන්ත්‍රණය කිරීම තුළ තිබෙන තරම් ම ගෞරවයක් ගුරුවරියන්ට මිස් කියා ආමන්ත්‍රණය කිරීම තුළ නැහැ. ඒ නිසා විදුහල්පතිනියන් වැනි අයට මැඩම් කියා ආමන්ත්‍රණය කරන සම්ප්‍රදායක් තිබෙනවා.

ලංකාවේ හෙදියන්ට ආමන්ත්‍රණය කරන්නේත් මිස් කියලායි. සිසු හෙදියන්ට හෝ අලුත් හෙදියන්ට පොඩි මිස් කියා යොදන ව්‍යවහාරයක් ද තිබෙනවා. ඇතැම් විට ඉහළ නිලධාරීන්ට ලොකු සර් කියා ආමන්ත්‍රණය කරන ව්‍යවහාරයකුත් ලංකාවේ තිබෙනවා.

වතු ආශ්‍රිතව ලොකු සර්ට පෙරිය දොරේ කියනවා. පොඩි සර් සින්න දොරේ. ඒ සර්ලා තමන් ආමන්ත්‍රණය කර ගන්නේ පී.ඩී. (පෙරිය දොරේ), එස්.ඩී. (සින්න දොරේ) කියලායි.

එංගලන්තයේ නම්, නමට මුලින් සර් යන ගෞරවාර්ථ නාමය යොදන්නේ නයිට්වරුන් වෙනුවෙනුයි. හරියට සර් ජෝන් කොතලාවල වගේ. ලංකාවේ ගුරුවරුන්ගේ නම අගිනුත් සර් කියා යෙදෙනවා. මේ ලියන මට පාසලේ ළමයි අජිත් සර් ය කියනවා.

ගුරුවරියන්ට ටීචර් කියන සම්ප්‍රදායක් ද තිබෙනවා. මේ වචනය ටීච(ර්) කියලා වගේ ම හල් රයන්න ශබ්ද කරමින් ටීචර් කියලාත් කියනවා. ජනප්‍රිය ළමා ගීයක 'එයාට අපි ටීචර් කියලයි අමතන්නේ' යි යෙදෙනවා.

දැන් මේ මිස්, සර් යෙදුම් වෙනුවට මිස්ට හෝ මස් යනුවෙන් මුලින් යොදා නමින් ම ගුරුවරුන්, ගුරුවරියන් ආමන්ත්‍රණය කළ යුතු බවට එංගලන්තයේ යෝජනා වී තිබෙනවා. මේ 'මස්' යන යෙදුම ලංකාවේ අයට ආගන්තුකයි. මෙය ශබ්ද කරන්නේත් හරක් මස්, කුකුළු මස් ශබ්ද කරන ආකාරයට නොවෙයි. මෙහි තිබෙන මයන්න ශබ්ද කරන්නේ ගම කියනකොට මයන්න ශබ්ද කරන ආකාරයට. හල් සයන්නේ ශබ්දය ඉසෙඩ් අකුරේ ශබ්දයයි. මස් කියන ගෞරවාර්ථය විවාහක-අවිවාහක භේදයකින් තොරව භාවිතා කරන්නට පුළුවන්. හැබැයි, සිංහල භාෂාවේ මෙම වචනයට පරිවර්තනයක් නැහැ. මිස්ට මෙනෙවිය හා මිසිස්ට මහත්මිය කීවාට මස්ට කියන්නේ මොකක්ද කියන එක ප්‍රශ්නයක්.

වෛද්‍යවරුන්ට ඩොක්ටර් කියා ආමන්ත්‍රණය කිරීමේ සම්ප්‍රදායක් ලොව පුරා ම තිබෙනවා. මෙසේ වෘත්තියේ නම ගෞරවාර්ථයක් ලෙස යෙදෙන රැකියා අඩුයි. හමුදාවේ නම් නිලධාරි තනතුරු නම ඉදිරියෙන් ගෞරව නාම ලෙස යෙදෙනවා. ඒත්, සුළු නිලධාරීන්ගේ සාජන් මේජර් වැනි තනතුරු නාමයන් නම් එ‍සේ යොදා ගන්නේ නැහැ.ඉංග්‍රීසියෙන් කැප්ටන්ට සිංහලෙන් කියන්නේ කපිතාන්. ලෙෆ්ටිනන්ට් සිංහලයේදී ලුතිනන් වුණා. ජෙනරල් ජනරාල් වුණා.

පොලිසිය ආශ්‍රිතව එස්සයි මහත්තයා, ඕවයිසී මහත්තයා වැනි යෙදුම් තිබෙනවා. කර්මාන්තශාලාවල පෝමන්ලා ඉන්නවා. පෝමන් කියන්නේ Foremanටයි. ඔපිසර, සුපවයිසර්, ඕර්සියල් හෝ ඕවර්සියර්, සුපිරින්ටැන්ඩන්, සිකුරිටි, පීඑච්චයි, රේන්ජර්, බීට්ටු, සරප්, පියුන්, කුරියර්,  කොන්දොස්තර, වෑල්ඩිං බාස්, සැන්ටිපෝට්, බක්කරේ, බාබර්, ඩැයිවර්, පියුන්, මැසෙන්ජර්, ඇටැන්ඩන්, ‍ඔපිසර, කැෂුවල්, කොන්ත‍්‍රාත්කරුවා, කුලීකරුවා, ගාඩ්, ඉංජිනේරුවා, පික්පොකට්කාරයා ආදී ඉංග්‍රීසි හා වෙනත් භාෂාවලින් පැමිණි වචන රැසක් සිංහල භාෂාවේ තිබෙනවා. 

මෙහි සරප් කියන තනතුරු නාමය ලංකාවට පැමිණ තිබෙන්නේ ෂ්රොෆ් නම් ඉංග්‍රීසි වචන‍යෙන් වුණාට එහි සරප් යන පරිවර්තනය සකසාගෙන තිබෙන්නේ ගුජරාටි භාෂාවෙන් ය කියා අනුමාන කරන්නට පුළුවන්.

ඉස්සර සැන්ටිපෝට් කිව්වේ දැන් පීඑච්චයි මහත්තයාටයි. සැන්ටිපෝට් වුණේ
Sanitary Ward Inspector බව ‍මගේ පංතියකට පැමිණි වයස අවුරුදු 60ත් ඉක්මවූ වැඩිහිටි සිසුවෙක් පෙන්වා දුන්නා. 

කාර්යාල කාර්ය සහායක කියන සිංහල තනතුරු නාමය කේ.කේ.එස්. කියලා ඉංගිරිසියට ගිය එකත් හරි අපූරුයි.

කුලී කියන වචනය සිංහලට වගේ ම ඉංග්‍රීසියට coolie ලෙසින් ‍ඇතුළු වී තිබෙන්නේ දෙමළ භාෂාවෙන්.

ඉස්සර කාලේ මිනිරන් පතල්වල ලෝඩර නම් තනතුරක් තිබූ බව ජනකවිවල කියැවෙනවා.

බඹරේ කරකවා අත්දෙක වෙව්ලනවා
නිතර ඇවිත් ලෝඩර දත්මිටි කනවා
වතුර ඇදල අත්වල කරගැට එනවා
මිතුරේ පතල් වැඩගැන බඩදගලනවා

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com