2014-06-30

බියෙන් අත්මිදෙමු! මංගල සටනේ

මංගල කටට බ්‍රේක් ගසා නො ගත්තොත් ජනතාව ඔහු පිළිබඳ බලා ගනු ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසා තිබේ.

ඇත්තෙන්ම ජනතාවගෙන් පරිස්සම් විය යුතු ය. කුපිත වූ කුපිත කළ හෝ සාමාන්‍ය හෝ අසාමාන්‍ය හෝ ජනතාව මොනවා කරයිදැයි කාටවත් කියන්නට බැරි ය. මෙතෙක් කල් කොහේවත් නො සිටි ජනතාව හිටි හැටියේ පැමිණ පොලිසියේ පැමිණිලි දමති. ඒ කවුරුවත් ඔවුන්ට එසේ කරන්නැයි කී නිසා නො වේ.

අනෙක හඳුනාගත නො හැකි ජනතාව ද සිටිති. උදාහරණයක් ලෙස පසුගිය දිනෙක කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශය වටලා එහි වටරැක විජිත සෙවූ, පොලිසියට ද බල්ලන්ට ගසන්නට උරුක් කරන්නා සේ අතපය උරුක් කළ සිවුරු ඇඳි ජනතාවගෙන් එකෙක්වත් හඳුනා ගත නො හැකි බව පොලිසිය අධිකරණයට වාර්තා කළේ ය. එය බොරුවක් නො වේ. පොලිසිය බොරු කියන්නේ නැත. වටරැක විජිත වැනි බොරු කියන්නෝ හිරේ ය.

මෙවැනි නො හඳුනන ජනතාව ඊට වඩා එහා ගිය දේ ද කරති. ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියා මහ මහමගදී මරා දැමූ ජනතාව තවමත් හඳුනා ගෙන නැත.

ඒ නිසා මංගල පරිස්සම් විය යුතු ය.

ලංකාවේ ගේම ඔය පකිස්තානයේ වැනි හිරේ යන, රටින් පිටුවහල් වන, ආපසු එන, ඡන්ද දිනන ආකාරයේ එකක් නො වේ. මෙහි දේශපාලන ගේම පකිස්තානයටත් වඩා ලේ හැලෙන්නට ඉඩ තිබෙන කෲර අන්දමේ එකකි.

හැබැයි, ‍මේ කෲරත්වය පරාජය කළ හැක්කේ එයට එරෙහිව අභීතව නැගී සිටි‍යහොත් පමණි.

ඒ වගේ ම යුද්දෙ රස්නෙ ඇඟට අරගෙන කාලයක් දැමූ සෙල්ලම් දැන් දමන්නට බැරි ය.

ලොකු අයියා දැන් මෙහේ අයියලා දෙස බලාගෙන ය. මෙහෙ අයියලාගේ සෙල්ලම් පාලනය වන්නට ඒක නරක නැත.

මංගල නැවතත් ගෙන එන්නේ 1994දී පොදු පෙරමුණ ගෙන ආ පැරණි සටන් පාඨයකි.

බියෙන් අත්මිදෙමු.

ඔව්, බියෙන් අත්මීදීම අත්‍යවශ්‍ය ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

කපුවා දේවාලයේ මළපහ කිරීම හෙවත් පන්විල හාමුදුරුවන්ට බෞද්ධයෝ ගසා වැදෑරීම

පන්විල පත්තේ පන්සලක හාමුදුරුවන්ට සිවුරු ගලවා සරමක් අන්දා පහර දී බස්පොළක ගස් බැන්ද බව කියන 28දෙනෙක් පන්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අය අතර ගැහැනු, පිරිමි සම සේ සිටිති. එක් අයෙක් 17 හැවිරිදි පිරිමි ළමයෙකි.

ඒ පැත්තේ ජනතාව පොලිසිය වට කර පොලිසියට ගල් මුගුරුවලින් පහර දී නැත. පොලිසිය පිරිස විසුරුවන්නට කඳුළු ගෑස් ගසා නැත. 

හාමුදුරුවන් රෝහලෙන් පිට වී එන විට ප්‍රදේශයේ ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් පිළි අරගෙන ලොකු රැස්වීමක් පවත්වා නැත.

ඒ රැස්වීමට මධුමාධව අරවින්ද පැමිණ කැතට එස්. මහින්ද හිමිගේ කවි කියා සිය අග්‍රගන්‍ය ගායන කුසලතාව ප්‍රදර්ශනය කළේ නැත. ඥානසාර පැමිණ ගහපු එවුන්ගේ කඩවලට, ගෙවල්වලට අබ සරණ පැතුවේ නැත.

හාමුදුරුවන් අරගෙන ගහපු එවුන්ගේ ගම මැදින් පෙළපාලි ගියේ නැත. 

ඒ නිසා ඒ පැත්තේ කිසිදු කලබලයක් ඇති වී නැත. 

ඒ ඇයි?

රහස මේකයි. 

කපුවාට දේවාලයේ රෙන්න වුණත් පුළුවන් නිසා ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-06-29

සුන්දර ඉංගිරිසි: බජාර් භාෂාව හා කැම්පස් භාෂාව

කැම්පස් එකයි බජාර් එකයි කියන්නේ සම්පූර්ණයෙන් ම වෙනස් තැන් දෙකක් වුණත්, මේ ක්ෂේත්‍ර දෙකේ භාවිතා වන භාෂා උප කුලකයන් තුළ අපූරු සමානත්වයක් තිබෙනවා. මේ ක්ෂේත්‍ර දෙකේ ම අපූරු වචන නිර්මානය වෙන ආකාරය දකින්න පුළුවන්. ඒ වගේ ම සෑහෙන ඉංග්‍රීසි වචන ප්‍රමාණයකුත් මෙහි භාවිතයේ පවතිනවා.

මෙහි වචන නිර්මානය වන ආකාරය හරි රසවත්. දැන් හුඟ දෙනෙක් භාවිතා කරන යෙදුමක් තමයි, කට්ට කනවා කියන එක. රූකාන්ත ගුණතිලක ගයන ගීයකත් 'කටු කාලයි මෙතෙන්ට ආවේ' කියනවා. මොකක්ද මේ කටු කෑම?

මෙය නිර්මානය වුණේ 'කටුකයි' නම් වදන 'කටු කයි' ලෙස ඛන්ඩනය කර ගැනීමෙන්. ඊට පස්සෙ මෙය කටු කනවා, කට්ට කනවා ආදී වශයෙන් වෙනස් වුණා.

මළ පනිනවා කිය එකත් එවැනි යෙදුමක්. අර්ශස් රෝගීන්ට කේන්ති යනවා. කේන්ති ගියා ම අර්ශස් රෝගීන්ට මළ පොඩ්ඩක් පහ වෙන්න පුළුවන්. මළ පැනීමේ මුල තිබෙන්නේ එතැන.

බජාර් කියන වචනය bazar නම් වදනින් හැදුණු එකක්. එය ඉංග්‍රීසියට පැමිණියේ පර්සියානු භාෂාවෙන්. ලංකාවට පැමිණියේ ඉංග්‍රීසියෙන් නො වෙන්න පුළුවන්.

කැම්පස් කියන්නෙත් ඉංග්‍රීසි වදනක්. එය සිංහල තත්සම වදනක් වෙලා. කැම්පස්  තේරෙනවා, කැම්පස් යනවා කියලා ක්‍රියා පදත් තිබෙනවා.

කැම්පස්වල වගේම බජාර් එකෙත් ගැන්සි ඉන්නවා. මේ gang නම් වදනේ තත්භව ස්වරූපයක්. මේවායේ බයිබෝස්කාරයෝත් ඉන්නවා. බයිබෝස් වුණේ by force. බජාර් එකේ රැස්පොට්කාරයෝත් ඉන්නවා. ඒ අය අපෙන් බලා‍ෙපොරොත්තු වෙන්නේ respect කරන එක. බජාර් එකේ අයියාර්සීකාරයෝ (IRC) වගේම පුදුම හිතෙන වැඩ කරන පකීර්ලාත් ඉන්නවා. පකීර් කියන්නේ fakir. ඉංග්‍රීසියට මේ වචනය ආවේ අරාබි භාෂාවෙන්. හැබැයි ජරා වැඩ කරන අයට ඩස්පියෝ කියලාත් කියනවා. මේ වදන හැදිලා තිබෙන්නේ dust bin යන දෙවදනින්. බජාර් එකේ පයිටුත් (fight) වරදින්නේ නැහැ. කිරිමෙල්කාරයෝත් (criminals) ඉන්නවානේ.සමහරු හැබිචෝල් (habitual). හැබැයි සිංහල වචනයේ තේරුම ඉංග්‍රීසි වචනයට වඩා ‍ගොඩක් වෙනස්.

කොහේ වුණත් අමුතු අමුතු ඩයල් ඉන්නවා. ඉංග්‍රීසියෙන් dial කියන්නේ තැටියක් වැනි දෙයකට. ඔර්ලෝසු මුහුණත එවැන්නක්. ඒත් ලංකාවේ බජාර් ඉංග්‍රීසියේ මුහුණටත් ඩයල්ලෙක කියනවා. දැන් නම් චරිතවලටත් ඩයල් කියනවා. "දැකල පුරුදු ඩයල්ලෙකක්." "මිනිහා මහ අමුතු ඩයල්ලෙකක්." හැබැයි සමහර ඩයල් නම් ටිකක් සයිකො (psycho).

සමහරු වයසක අයට මැන්ටලේ කියනවා. ඉස්සර තිබුණු පැට්‍රොමැක්ස් ලාම්පුවල චිමිනිය ඇතුළේ මැන්ටල් නම් දෙයක් තිබුණා. මෙය හරි සියුම් උපාංගයක්. ඇල්ලුවොත් කුඩු වෙනවා.

කැම්පස් එකේ කූල්ටූර්කාරයෝ කියන යෙදුම ටිකක් පරණ එකක්. මෙය හැදිලා තිබෙන්නේ culture නම් වදනින්.

කැම්පස්වල රැග් කරනවා. රැග්ගෙක දෙනවා කියලාත් කියනවා.  වාසිටි, පැකල්ටි, ලෙච්චර්, ලෙචා, ඩොකා, ප්‍රොපා, ඉංජා, ටියුට්, නෝට්, ප්‍රොජෙක්, එක්සෑම්, රිසල්ට්, කොපි කරනවා, රිපීට් වෙනවා, කොන්නොකේසන්නෙක වගේ වදනුත් ආවේ සරසවියෙන් තමයි. ඇත්තම කියනවා නම් මං ඕව ගැන වැඩිය දන්නේ නැහැ. අපට ඔය ඩිග්‍රි-බිග්‍රි නැහැනේ. ඩිග්‍රි-බිග්‍රි කියන්නේ අලුත් යුගල පදයක්.

මෙන්න ඉංග්‍රීසියත් එක්ක මුසු වෙලා හැදුණු අලුත් යුගල පද කීපයක්. සූට් බූට්, කාර් බාර්, සැන් පවුඩර්, කෝට් බෝට්, ටයි කෝට්, විස්කි බ‍්‍රැන්ඩි, හැම් - බේකන්, උඩිං පුඩිං.

බුල ගහනවා කියලා ක්‍රියාපදයක් තිබෙනවා. මෙය හැදෙන්නේ bully නම් ක්‍රියාපදයෙන් හෝ bull නම් නමපදයෙන් වෙන්න පුළුවන්.

අබ්ලික් කියන වචනය ඉංගිරිසි වගේ පෙනෙන ඒත් ඉංග්‍රීසි නොවන අප්සෙට් (upset) වචනයක්. අප්සෙට් ජොකියෝත් (jockey) ඉන්නවා. මේ යෙදුම නම් භාවිතාවට ආවේ රේස් ඔට්ටු දැමීම සමග සම්බන්ධවයි.

මේ ලිපි පෙළ ටොපේ ටොප් කියන අයත් ඉන්නවා. මට එතකොට හරි  චූන්. චූන් හැදුණේ tune එකෙන්. සමහරු එයින් සෑහෙන ආතල් එකක් ගන්නවා. හැබැයි ආතල් ඉංග්‍රීසි වදනක් නම් නෙමෙයි. දැන් ටිකක් රෑ වෙලා. දවල් පටන් වැඩ කරලා දැන් ටිකක් හන්තර්. හැබැයි ඉංග්‍රීසියෙන් hunter කියන්නේ නම් දඩයක්කාරයාටයි. 

මේ ලිපිත් කියෙව්වද? 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-06-28

පාපන්දු ලෝක කුසලානයට පයින් ගැසූ බ්‍රසීලය

බ්‍රසීලය පාපන්දු ක්‍රීඩා ලෝලී දේශයකි. එරට හය වතාවක් ම පාපන්දු ලෝක කුසලානය දිනාගෙන ඇත. මේ වතාවේ පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ බ්‍රසීලයේ නිසා ඔවුන්ට තමන්ගේ ර‍ටේදීම ජය තහවුරු කර ගැනීමේ අවස්ථාවක් උදා වී තිබේ.

බ්‍රසීලය 2014 පාපන්දු ලෝක කුසලාන සත්කාරකත්වය දිනා ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ අතර 2007දී ඒ අවස්ථාව තහවුරු වූ මොහොතේ ලක්ෂ ගණනින් බ්‍රසීල ජනයා වීදි බැස ප්‍රීති ඝෝෂා කළ හ.

එහෙත්, සත් වසකට පසු පාපන්දු ලෝක කුසලානය ඇරඹෙන මොහො‍තේ බ්‍රසීලයේ එතරම් උත්සවශ්‍රීයක් තිබුණේ නැත. ඒ ඇයි?

බ්‍රසීලය ක්‍රොඒෂියාව සමග තරග වදිමින් ලෝක කුසලානය ආරම්භ කිරීමට නියමිතව තිබුණු සාවෝ පෝලෝ නගරයේ වීදි විරෝධතාවාදීන්ගෙන් පිරී ඉතිරී ගියේ ය. නගරයේ උමං දුම්රිය මාර්ග සේවකයන් දින ගණනක සිට වැඩි වැටුප් ඉල්ලා වර්ජනය කරමින් තිබිණි. නගරයේ ප්‍රවාහන පද්ධතිය මුළුමනින් ම පාහේ අක්‍රිය වී තිබිණි. කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල විය. පාපන්දු ලෝලීන්ට සමාරම්භක උත්සවය පැවති ඇරීනා කොරින්තියන්ස් ක්‍රීඩාංගනයට පැමිණීම ද ගැටලුවක් වී තිබිණි. උමං දුම්රිය සේවකයන් සිය වර්ජනය අත්හළේ අන්තිම මො‍හොතේ ය. මේ අතර ගුවන් තොටුපළ සේවකයෝ ද වර්ජන තීන්දුවකට එළඹිය හ. ගුරුවරු ද වර්ජනයේ යෙදී සිටින තවත් ප්‍රධාන බලවේගයකි. ඇතැම් නගරවල බස් රියදුරන්ගේ වර්ජනය ද රිසයිට් නගරයේ පොලිස් වර්ජනයක් ද පැවැත්විණි. බ්‍රසීලියාහිදී ස්වදේශිකයෝ පොලිසියට ඊතලවලින් පහර දෙමින් ගැටුණ හ.

වර්ජන, විරෝධතා හා මාර්ග බාධක හේතුවෙන් බ්‍රසීලයේ පාපන්දු සත්කාරක නගර වන රියෝ ද ජැනයිරෝ, සාවෝපෝලෝ හා බෙලෝ හොරිසොන්ටේ ඇති වී තිබෙන මාර්ග තදබදය කෙතරම් සුවිසල් ද යත්, එක්සත් ජනපද පාපන්දු කණ්ඩායමට  ගුවන් තොටුපලේ සිට හෝටලය වෙත යාමට පැය දෙකකුත් විනාඩි 20ක් ගත වූ බව වාර්තා විය.

බ්‍රසීලය මේ දැවැන්ත උළෙල වෙනුවෙන් අලුතින් ක්‍රීඩාංගන ඉදි කිරීම පිණිස එක්සත් ජනපද ඩොලර් බිලියන 11.5ක් වැය කළේ ජනතා විරෝධය මැද්දේ ය. ඒ හා සම්බන්ධ මහා පරිමාණ දූෂණ චෝදනා ද ඇත. ආණ්ඩුව ඒ සා සුවිසල් ධනස්කන්ධයක් පාපන්දු ක්‍රීඩාංගන හැදීමට වැය කරන්නේ ජනතාවගෙන් සුවිසල් ප්‍රතිශතයක් දරිද්‍රතාවේ වෙලී සිටියදී හා අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි මහජන සේවාවන් ආයෝජන නැතිව පිරිහෙමින් තිබියදී බව ජනතාවගේ චෝදනාව විය.

පාපන්දු පිස්සුව සම්බන්ධයෙන් ලෝක ප්‍රකට බ්‍රසීලය ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දරද්දී රටේ ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයක් එ් පිළිබඳව උනන්දුවක් නො දක්වන තත්වයක් රටේ නිර්මානය වී තිබිණි. එයට හේතුව බ්‍රසීල ආර්ථික වෘද්ධියේ ප්‍රතිඵල ජනතාවගෙන් දුරස් වීමයි. අතිමහත් වූ ආර්ථික විෂමතාවයි.

පවත්වන ලද ජනමත සමීක්ෂණ ගණනාවකින් ම හෙළිදරව් වී තිබෙන්නේ ‍රටේ ජනගහණයෙන් අඩකට කිට්ටු අති විශාල ප්‍රතිශතයක් පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලයේ පවත්වනවාට අකැමැති බවයි. බ්‍රසීල ජනතාවට සැණකෙළිවලට වඩා එදිනෙදා ජීවිතය වැදගත් බව පසක් වී තිබේ. 

බ්‍රසීල පාපන්දු කණ්ඩායම රියෝ ද ජැනයිරෝහිදී අවසන් පුහුණුවීම් ආරම්භ කරන විට පවා බ්‍රසීල කම්කරුවෝ විරෝධතා පැවැත්වූ හ. ගුරුවරුන් බහුතරයක් සහභාගි වූ මෙම උද්ඝෝෂණයේදී ප්‍රදර්ශනය කරන ලද එක් බැනරයක සටන් පාඨය වූයේ අධ්‍යාපනඥයකු නේමාර් කෙනෙකුට වඩා වටිනා බවයි. නේමාර් යනු රොනාල්ඩෝ‍ගේ සිට රොමාරියෝ දක්වා පාපන්දු පුරාවෘත්ත රැසක් බිහි කළ බ්‍රසීලයේ වත්මන් පාපන්දු වීරයායි. කැමරූන් සමග පැවති තර‍ගයේදී නේමාර් ගෝල දෙකක් ලබා ගත්තේ ය. බ්‍රසීලය එම තරගය දිනුවේ 4 - 1 ලෙසයි. තරගයෙන් පසු 22 හැවිරිදි නේමාර් පැවසුවේ එය බ්‍රසීලය ලද හොඳම ජයග්‍රහණය බවයි. ඒ සමග ම බ්‍රසීලය අවසන් 16දෙනා අතරට ඇතුළත් විය.

බ්‍රසීල ජනාධිපති ඩිල්මා රවුසෙෆ් නැවත තේරී පත් වීම පිණිස ඔක්තෝබරයේදී ජනාධිපතිවරණයකට සැරසෙමින් සිටියි.

බ්‍රසීලය මධ්‍යම මට්ටමේ ආදායමක් ඇති රාජ්‍යයකි. එහෙත්, රජය අධික ලෙස ණය බරින් මිරිකී ඇත. එහි ජනතාව අතර ආදායම් විෂමතා අධික ය. ඒ හේතුවෙන් බ්‍රසීල ජනතාවගෙන් සුවිසල් ප්‍රතිශතයක් දිළිඳුකමින් බැට කති. දරිද්‍රතාව වැඩිපුර ම පැතිරී තිබෙන උතුරු හා ඊසානදිග ප්‍රදේශවල ළමයින්ගෙන් 25%ක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙති. බ්‍රසීලයේ ළමයින් රැකියාවල යෙදෙන ප්‍රතිශතය ද ලතින් ඇමරිකානු කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව වැඩි ය.‍ බ්‍රසීලයේ ධනවත් ම 10% ජාතික ආදායමින් 42.7%කට උරුම කියද්දී දුප්පත් ම 34%කට ම බෙදී යන්නේ ජාතික ආදායමින් 1.2%කටත් අඩු ප්‍රතිශතයකි.

බ්‍රසීලය වනාහි ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුද‍ලේ නව ලිබරල් ආර්ථික හැඩගැස්වීම් හිස් මුදුනින් පිළි ගෙන ක්‍රියාත්මක කරන්නට යාමෙන් ඇණ ගත් රාජ්‍යයන් සඳහා කදිම උදාහරණයකි. 

මේ ලිපි කියෙව්වාද? 

 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-06-27

අලුත්ගම ගැන නිව්යෝක් ටයිම්ස් කතුවැකිය

අලුත්ගම ගැන නිව්යෝක් ටයිම්ස් කතුවැකිය ලංකාවේ සිදු වන හදි ‍ගැන ජාත්‍යන්තර ප්‍රජාව හිතන ආකාරය ගැන ඉඟියක් දෙයි.

බොදු බල සේනාව රාජපක්ෂ පවුලට හා ආරක්ෂක අංශවලට සම්බන්ධ බව එහි කියැවේ.

මෙතැනින් ඒ ගැන අපේ අදහස් හා අදාළ කතුවැකියට පිවිසිය හැකි ය.

 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

පොලිසිය බොදු බල සේනාවේ සන්නද්ධ අංශය ද?

**** Read:Hail Gotabhaya Rajapaksa, but prevention is better than cure
මේ දිනවල සමාජ ජාල ඔස්සේ වයිරල් වෙමින් තිබෙන වීඩියෝවක දැක්වෙන පරිදි ශ්‍රී ලංකා පොලිසිය පාරේ යන මිනිසුන්ට වෙඩි තබා මරන්නේ අතේ ධර්ම චක්‍රය පැළඳගෙන ය. පොලිසියත්, ආගමත් අතර බැඳීම ඊටත් එහා ගොස් ඇති බව දැන් දැන් සිදු වන දෙයින් පෙනේ. 

පොලිසිය යනු බොදු බල සේනා වැනි සිංහල බෞද්ධ ත්‍රස්තවාදී සංවිධානවල සන්නද්ධ අංශය ද යන සැකය මතු වන අවස්ථා කීපයකි මේ.

බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර විසින් අවුස්සන ලද බෞද්ධයන්ට දැඩි ආතතියක් පැවති මුස්ලිම් ආධිපත්‍යයෙන් යුත් ධර්ගා නගරය මැදින් පෙළපාලි යන්නට අවසර දුන්නේ පොලිසියයි. 

ධර්ගා නගරයේ ඇඳිරි නීතිය මැද ජාතිවාදීන්ට විනාශකාරී ක්‍රියාවල යෙදෙන්නට ඉඩ දුන්නේ පොලිසියයි.

මතුගම නගරයේ මොබිටෙල් නියෝජිතායතනයේ සී.සී.ටී.වී. කැමරාවේ සටහන් වී ඇති ආකාරයට කඩ කඩන විට එතනින් ට්‍රැෆික් බයිසිකලයකින් හීන් සැරේ මාරු වෙන්නේ ද පොලිසියයි.

මුස්ලිම් මිනිසුන් ‍බේරා ගැනීම සඳහා ගිය එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමට ආරක්ෂාව සපයන්නට කියා ජීපි රියකින් ඉදිරියෙන් ගොස් මැරවරයන් අසලදී ඔහු‍ගේ රථයට ඉදිරියට යා නොහැකි වන පරිදි පාර හරස් කර පාලිතට හා ඔහුගේ රියේ සිටි මුස්ලිම් අනාථයන්ට ගුටි කන්නට සැලැස්වුවේ පොලිසියයි.

ගලගොඩඅත්තේ ඥානසාර කිසිදු ප්‍රකෝපකාරී කතාවක් පවත්වා නැති බව හා එම නිසා ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගන්නටවත් දෙයක් නැති බව කියන්නේ ද පොලිසියයි.

මේ අතර, පසුගිය දිනක ඇමති රිසාඩ් බදුර්දීන්ගේ කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශයට කඩා පැන නින්දිත අන්දමින් පොලිසියට පවා තර්ජනය කරමින් වටරැක විජිත භික්ෂුව සෙවූ හාමුදුරුවන් ගැන පැහැදිලි වීඩියෝ සාක්කි පවා තිබියදී ඔවුන් හඳුනා ගන්නට බැරි බව කියන්නේ ද පොලිසියයි. 

මේ සියල්ල මෙසේ තිබියදී, වටරැක විජිත තමන්ට ම පහර දුන්නා ය කියා ක්ෂණිකව සොයා ගන්නේත් පොලිසිය ය. පොලිසියට බොරු පැමිණිල්ලක් දැමුවා ය කියන ඇප ලබා දිය හැකි සුළු චෝදනාවට වටරැක විජිතට ඇප නො ලැබෙන පරිදි කටයුතු කර, ඔහු ජුලි 02දා තෙක් රිමාන්ඩ් වන්නට සැලැස්වුවේ ද පොලිසිය ය. 

ඥානසාරගේ වෛරී ප්‍රකාශ සමාජ ‍ජාල ඔස්සේ හා වෙබ් අඩවි ඔස්සේ ඇති තරම් ප්‍රචාරය වී තිබියදීත්, ඒවා නො දකින්නේත්, එහෙත්, ජනමාධ්‍යවලින් ලද තොරතුරු ඔස්සේ, පැමිණිල්ලකින් තොරවම මංගල සමරවීරට එරෙහිව විමර්ශන ආරම්භ කරන්නේත් පොලිසියම ය. ආරක්ෂක බුද්ධි අංශ විසින් ජාතිවාදීන් මෙහෙයවනු ලබනවා ය කියා මංගල සමරවීර කියූ කියමන රාජ්‍ය රහසක් හෙළි කිරීමක් ය කියන‍්නේත් පොලිසිය ය. 

දීකිරට බළල්ලුත් සාක්කි ය කියා කියමනක් ඇත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-06-26

බොදු බල සේනා - නෝර්වේ කුමන්ත්‍රණය කුමක් විය හැකි ද?

**** Read:Hail Gotabhaya Rajapaksa, but prevention is better than cure
ලංකාවේ වෛරී ප්‍රකාශනයේ රජු වන්නේ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවයි. ඔහු නායකත්වය දෙන බොදු බල සේනා සංවිධානය විසින් පළමු වරට සිංහල බෞද්ධ ත්‍රස්තවාදයක් ලොවට හඳුන්වා දෙන ලදී.

පහත ඇති වීඩියෝවේ තිබෙන වෛරී ප්‍රකාශ හැරුණු විට, ගලගොඩඅත්තේ ඥානසාර කොම්පඤ්ඤවීදිය පොලිසියේදී ම වටරැක විජිත භික්ෂුව ගැන කීවේ ඔහු තමන් සොයමින් සිටි ගොදුරක් බවයි. ගොදුරු ගිලින්නේ මාංශභක්ෂක සත්තු බව අපි කවුරුත් දනිති. මිනිසුන් ගොදුරු කර ගන්නේ ම්ලේච්ඡයෝ ය.

බොදු බල සේනාව බිහි වී තවම වසරක් නැත. මේ වන විට එය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරනු ලැබ හමාර ය. ජීවිත හයක් බිලි ගත්, නිවාස හා දේපල රැසක් විනාශ කල වර්ගවාදී කෝලාහලයක නිර්මාතෘන් වී ද හමාර ය.

බොදු බල සේනාවට මෙතරම් වේගවත් ගමනක් යන්නට ජොහොර් එක ලැබුණු ආකාරය විමසා බලන විට අවධානයට ලක් විය යුතු කරුණක් වෙත ඇස යොමු වේ.

අපි සාමාන්‍යයෙන් කුමන්ත්‍රණ න්‍යායට ඇල්මක් දක්වන්නේ නැත. එහෙත්, බොදු බල සේනා නායකයන් මේ තරම් වයින් වෙන්නේ නෝර්වේ රටට ගොස් එහිදී දෙමළ ඩයස්පෝරාව සහ එල්.ටී.ටී.ඊ. කොටස් සමග සාකච්ඡා කර ආවාට පසු ය. ඒ ඇයි?

මෙතැන තිබෙන ගනුදෙනුව කුමක්ද යන්න අපි හරි හැටි නො දනිමු. එහෙත්, සිංහල බෞද්ධයන් ලවා මුස්ලිම් විරෝධී ජාතිවාදී ගිනිදැල් ඇවිලවීමෙන් දෙමළ ජාතිවාදීන්ට එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගන්නට පුළුවන.ඒ එක් පැත්තකින් මුස්ලිම්වරුන් බිත්තියට ම තල්ලු කර ඔවුන් ද බෙදුම්වාදය පැත්තට තල්ලු කිරීමෙන් හා අනෙක් පැත්තෙන් සිංහල ආණ්ඩුව ජාත්‍යන්තර තලයේදී ඉතා අසීරු තත්වයට පත් කිරීමෙනි. 

සිංහල සමාජය ආන්තික ජාති හා ආගම්වාදයක් වෙත තල්ලු කිරීම යුද්ධ කාලයේ සිට ම දෙමළ ජාතිවාදීන්ගේ උපායමාර්ගයක් විය. කොටි සංවිධානය කිසි විටෙක සිංහල ජාතිවාදී නායකයකුට නිය පිටින්වත් හානියක් කර නැත. ඔවුන් අතින් වැඩිපුර ම මිය ගියේ සාමය, ප්‍රජාතන්ත්‍රවාදය හා බලය බෙදා ගැනීම වෙනුවෙන් පෙනී සිටි අයයි. 

මේ කොන්ත්‍රාත්තුවට ලංකාවේ ආණ්ඩුව හේත්තු වන්නේ ජාතිවාදයේ පිහිටින් බලය රැක ගන්නට උත්සාහ කිරීමේ උපන් ගෙයි පුරුද්දට ය. 

බොදු බල සේනා හා නෝර්වේ අතර ඇති සම්බන්ධය ගැන වාර්තාවක් මෙතැනින් කියවන්න. එය පළ කර තිබෙන්නේ සිංහල ජාතිකවාදී පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණට සම්බන්ධ වෙබ් අඩවියක ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-06-25

විජිත ඇතුලේ - ඥානෙ එළියේ

පොලිසිය වහා ක්‍රියාත්මක වී වටරැක විජිතට පහර දීම පිළිබඳ අල ගිය තැන් මුල ගිය තැන් වැල ගිය තැන් සොයා ගත්තේ ය. මේ වන විට වටරැක විජිත අත්අඩංගුවේ ය. 

චෝදනාව මහ ලොකු එකක් නො වේ. බොරු පැමිණිල්ලක් දැම්මා ය කියා ය. 

ඥානසාරට තිබෙන චෝදනා බරපතල ය. එහෙත් ඥානසාර එළියේ ය. ඔහු ඊයේ සිය බලය පෙන්වීම පිණිස මහනුවරදී මොකක්දෝ තොවිලයක් ද නැටුවේ ය. ඒ ආණ්ඩුව බිය වද්දන්නට ය. තමන් අත්අඩංගුවට ගත්තොත් දිවි දෙන්නට සූදානම් පිරිසක් ඉන්නවා ය කියා පෙන්නන්නට ය. අත් අඩංගුවට ගත්තා නම් ඒ හරිය බලා ගන්නට පුළුවන. 

එහෙත්, ආණ්ඩුව ඥානසාර අත්අඩංගුවට ගන්නේ නැත. ඥානසාර ලිහා දැමුවේ තමන් බව ආණ්ඩුව දන්නා නිසා ය. තාම ඥානසාර ආණ්ඩුව හපා කන්නේ නැත. උදාහරණයක් ලෙස ජාතියේ බේබි මහනුවර පවත්වන්නට යන මහ නායක හිමිවරුන්ගේ විරෝධයට පවා හේතු වූ කාර් රේස් ගැන ඥානසාර ඊයේ වචනයක්වත් කතා කළේ නැත. 

මේ අතර වටරැක විජිතව ජුලි 02දා වන‍ තෙක් රිමාන්ඩ් කර තිබේ. මේ රිමාන්ඩ් කිරීම කරන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය ඇප දීම සම්බන්ධයෙන් විරෝධයක් නැති බව කියද්දී ය. 

"හැබැයි එකක් කියන්න ඕන, අලුත්ගම කඩ ගිනිතියලා, ගෙවල් ගිනි තියලා, මිනී මරලා, විනාසකරපු ඥානසාර අද එළියේ..සාමය සංහිඳියාව ගැන කතා කරපු මම තව ටිකකින් ඇතුලේ.." රිමාන්ඩ් කිරීමට මොහොතකට පෙර වටරැක විජිත කියා තිබේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-06-24

වටරැක විජිත නාටකය

වටරැක විජිත නාටකය ගැන අපේ අදහස කුමක්දැයි අප‍ේ පාඨකයෙක් ඇසී ය.

අප වටරැක විජිත ගැන මුලින් ම කතා කළේ මීට අවුරුද්දකට පමණ පෙරයි. මෙන්න ඒ ලිපිය:

ජාතිවාදයට විරුද්ධ වීම යනු සිංහල විරෝධී වීම‍ නො වේ (වටරැක විජිත හිමියන්ට පිළිතුරක්)

වටරැක විජිත බොදු බල සේනාවට අභියෝගයක් වන විට අපි ඔහු ගැන මෙසේ ලියුවෙමු. 

බොදු බල සේනාවේ පය පැටලුණ කොහොල්ලෑ තලිය වටරැක විජිත හිමි

වටරැක විජිත තමන්ට ම පහර දීගෙන ඇති බව පවසන පොලිසිය ඔහුට එරෙහිව නඩු පවරන්නට යයි. 

ඔහු එසේ තමන්ට ම පහර දී ගන්නට ඇත්තේ ඇයි? මොහු රටේ වෙදෙකුට වඩා ගමේ ගොඩේ මෝඩ පහේ හාදයෙක්  බව පෙනේ. ඔහු එසේ කර ගත්තා නම්, එයින් බලාපොරොත්තු වන්නට ඇත්තේ ඥානසාර නිකායේ ත්‍රස්තයන් තමන්ට පහර දුන් බව පෙන්වීමට විය යුතු ය. ඥානසාර නිකාය දැනටත් ඔහුට පහර දී ඇති අතර, ඊට වඩා අපරාධ කර අවසන් ය. ඒ නිසා වටරැක විජිතට පහර දුන්නා ය කියන එක එල්.ටී.ටී.ඊ. සංවිධානය මිනිහෙක් මැරුවා ය කියන්නා වැනි දෙයකි.

වටරැක විජිත මෙයින් බලපොරොත්තු වන්නට ඇත්තේ පිටරටකට පැන ගැනීමට වීසා ගැනීම ද? ඔහුට තිබෙන තර්ජන එවැනි දේකට දැනටත් ප්‍රමාණවත් ය.

ඔහු මේ කරන්නේ මුස්ලිම් අන්තවාදීන්ගේ කොන්ත්‍රාත්තුවකැයි කියන අය ද සිටිති. ඔහු වැනි බෞද්ධ භික්ෂුවකට අද කාලයේ සිංහල බෞද්ධ ජාතිවාදයේ සරණ ගියා නම් බී.එම්.ඩබ්ලිව්වලින් යන්නට බැරිකමක් නැත. 

ඔහු කිසියම් මානසික ගැටලුවකට මැදි වී සිටිනවා විය හැකි ය. අද අප ජීවත් වන්නේ, දායකයන් දානය, සිව්පසය නො දෙන, හාමුදුරුවරු පන්සලක රැකවරණ නො දෙන, සමස්ත සමාජයක් විසින් පිටුදකිනු ලැබූ මිනිසෙක් සිය අසරණකම තුළ පිස්සු වැටෙන එක තේරුම් ගන්නට පුළුවන් නිරෝගී සමාජයක නොවේ. 

ඔහු ඇත්තෙන් ම කළ වරදක් තිබේ ද? ඔහු මුස්ලිම් ජනයා ඇසුරු කළේ ය. එහි ඇති වරද කුමක් ද? ඕතොඩොක්ස් ක්‍රිස්තියානි සරසවියකින් නාමික උපාධියක් ගන්නට ගොස් දියවැඩියාව, හෘද රෝග ආදියෙන් ගිලන් වී, අධික සීතල පරිසරයක් දරා ගන්නට බැරිව, 'අපවත් කළ' සෝම හාමුදුරුවන්ගේ සිට ජාතිවාදී මහණුන් ඔහු මරාගෙන කන්නට හැදූ හේතුව ඔහු හාමුදුරුවරුන් විසින් වපුරන ලද මුස්ලිම් විරෝධී ජාතිවාදය පිටුදැකීමයි. 

මෑත කාලයේ ඔහුට විරුද්ධව පතුරුවනු ලැබූ අවලාදයට පසුබිම් වූ වීඩියෝව අපගේ මුල් ලිපිය සමග තිබේ. එහෙත්, එය ඔහු මුස්ලිම් පිරිසක් ඉදිරියේ කරන කතාවක් මිස ජාතිය අමතා කළ කතාවක් නො වේ. එහි වරදක් ඇත. එහෙත්, බුදුන්ගේ බුදු දහම අදහන හාමුදුරුවන් පිරිසක් සිටියා නම් ඔහුට ඒ වරද නිවැරදි කර ගන්නට අවස්ථාව දිය යුතුව තිබිණි. 

අවසානයේදී, වටරැක විජිත යනු අසරණ මිනිසෙකි. බොරු පැමිණිල්ලක් කළ බවට ඔහුට විරුද්ධව චෝදනාවක් එල්ල වී තිබේ. ඔහු කිසියම සංවිධානයකටබොදු බල සේනාවට හානියක් කරන්නට උත්සාහ කළ බව ඇතැමෙක් කියති. එහෙත්, බොදු බල සේනාවට තිබෙන චෝදනාවල හැටියට මේක කජ්ජකි. ඔහුට පාඩුවේ ජීවත් වන්නට දිය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

ලැජ්ජයි

උසාවියකදී භික්ෂුවක් නීතිඥයකුට පහර දුන් අයුරු. කෝ නීතිය ක්‍රියාත්මක වුණා ද?
අලුත්ගම ජාතිවාදී කෝලාහලයෙන් පසු මේ රටේ ඩබලක් මාර ඇඹරිල්ලක් ඇඹරුණ හ.

ඒ ඩබල නම් මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් හා බොදු බල සේනාධිපති කිරම විම‍ලජෝති ය. (අලුත්ගමින් පසු හාමුදුරුවන්ට ගරු ආමන්ත්‍රණය තාවකාලිකව නවතා තිබේ.)

ඇඹරෙන තරම අනුව මේ ඩබල එකට තැබුවා නම් දිග කඹයක් අඹරා ගන්නට තිබිණි.

විමලජෝති භික්ෂුව ඇඹරෙන්නේ ගලගොඩඅත්තේ ඥානසාර නටන සවුදම නිසා තමන් පය ගසා සිටින පොළවත් හෙලවෙනු ඇතැයි බිය නිසා ය. විමලජෝති භික්ෂුව දැවැන්ත රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපාරිකයෙකි.  ඔහු අලෙවි කරන්නේ බුදු දහමයි.

තමන් විකුණන පොත්, පත්වල තිබෙන ආගමට සපුරා පටහැණි භාවිතාවක් පවත්වාගෙන යාම හේතුවෙන් තමන්ගේ ලාභ බිඳ වැටෙනු ඇතැයි ඔහු බිය පත් වී තිබේ. අනෙක් පැත්තෙන් විදේශ චාරිකා ආදිය සඳහා වීසා ලබා ගැනීම වැනි කාරණාවලදී ඔහුට මෙය අහිතකර බව ඔහු දනියි. 

හකීම් ඇඹරෙන්නේ ඉන්නත් බැරිව, යන්නත් බැරිව ය. යන්න දොට්ට බැස්සොත් කී දෙනෙක් තමන් සමග සිටිනු ඇද්දැයි ඔහුට සැක ය. ඇත්තෙන් ම ඉන්නත් ලැජ්ජා ය. ලැජ්ජ බීටි වෙද්දෙන් කියා දොට්ට බැස විරෝධය පළ කරන්නත්, රටේ නායකයන් මුස්ලිම් සංහාරයකට කැමති සංදර්භයක් තුළ ලෝකයට මේ අවනඩුව කියන්නටත් කොන්ද පණ නැති නායකයකුගෙන් මුස්ලිම් ජනතාවට රැකවරණයක් නම් අපේක්ෂා කළ නො හැකි ය. 

අනෙක් ලජ්ජාකාරයා රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා ය. අනාගත විධායක ජනාධිපති වන්නට සිහින දැක දැක සිටින ඔහුට අඩු තරමේ විපතට පත් මිනිසුන් හමු වී දුක සැප විමසන්නට පවා ලජ්ජා හිතී තිබිණි. 

ඇත්ත‍ම කියනවා නම් අපට නම් මේ සියලු දෙනා ගැන ලජ්ජා ය. රට ගැනත් ලජ්ජා ය. 

ලැජ්ජා බිල්ලට දුන් අයත් අප අතර සිටිති. එක්කෙනෙක් ඥානසාරයි. අනෙක් එක්කෙනා චම්පික රණවකයි. ඥානසාර චම්පිකට ටොපිය දුන්නේ ය. "ඔයා තමයි අපේ අනාගත ජනාධිපති," ඥානසාර කීවේ ය. දැන් චම්පික ලජ්ජා නැතිව ප්‍රහාරකයින් ආරක්ෂා කරන තැනක සිටියි. කාදියවත්තේ හෙල්මට් දාන්නැති මුස්ලිම් තරුණයන්ගේ බෙල්ල නැති කරන්නට සැරසෙයි. 

ලැජ්ජයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-06-23

අපි මුස්ලිමුන්ට ගහන්නේ ඇයි?

ධර්ගා නගරය හා අලුත්ගම කේන්ද්‍ර කරගෙන ඇති වූ වාර්ගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය දැන් දැන් පැහැදිලි වෙමින් තිබේ. එය අසූ තුනේ ජුලි කෝලාහලයේදී ජේ.ආර්. ගත් ස්ථාවරයටත් එහා ගිය එකක් බව පෙනේ. ඇත්තෙන්ම එය බලා‍පොරොත්තු විය යුතු තත්වයකි. 

හාමුදුරු කෙනෙක් හා මුස්ලිම් මදාවීන් කිහිප දෙනෙක් සම්බන්ධ සුළු සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය අදාළ ක්‍රියාමාර්ග අරගත් පසුව පවා එය පදනම් කරගෙන ප්‍රදේශයේ ශාසනාරක්ෂක බලමණ්ඩලය හා බොදු බල සේනාව විසින් අවුළුවන ලද ජාතිවාදී ගින්න විසින් මිනිසුන් සිව්දෙනෙකුගේ ජීවිත බිලි ගන්නා ලදී. නිවාස 150ක් පමණ ද කඩ 90ක් පමණ ද විනාශ කර දමන ලදී. පහර දෙන ලද පල්ලි සංඛ්‍යාව 15කට වැඩි ය. අවතැන් වූ සංඛ්‍යාව 2000කට වැඩි ය. 

ඉහත දක්වන ලද සංඛ්‍යාවලින් හතරෙන් තුනකටත් වඩා මුස්ලිම්වරුන්ට සිදු වූ හානි ය.

මෙම ගින්න අවුළුවනු ලැබුවේත්, ඇඳිරි නීති උල්ලංඝනය කරමින් විනාශකාරී ක්‍රියාවල යෙදුණේත් සිංහල ජාතිවාදියෝ ය. මුස්ලිමුන් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණ ප්‍රමාණය සිංහලයන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා සමග සන්සන්දනය කරන්නට බැරි ය. මුස්ලිමුන් පිට ප්‍රදේශවලට කඩා වැදී පහර දුන් බවට සාක්කි නැත. ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වය බොහෝ දුරට ප්‍රතිචාරාත්මක ඒවා පමණි.

එහෙත්, දැන් ලංකාවේ ආණ්ඩුව හා ජනමාධ්‍ය කතා කරන්නේ දෙපැත්තෙන් ම සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව ය. දෙපැත්තේ ම තිබෙන අන්තවාදයන් පිළිබඳව ය. මේ දෙපැත්තක් ගැන කතා කරන්නේ ඇත්තෙන් ම තමන්ගේ පැත්තේ තිබෙන කුණු වසා ගන්නට මිස අන් කිසිවකටවත් නො වේ. 

ආණ්ඩුව මෙම ගින්න ඇවිලූ හා ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලුණු සිංහල බෞද්ධ ත්‍රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක නො වන බව පැහැදිලි ය. පොලිසිය ඉහළින් අණ එන තෙක් බලා සිටිනු මුලදී දක්නට ලැබුණත්, දැන් නම් පෙනෙන විදියට ඉහළින් අණ ලැබී ඇත්තේ වැරදිකරුවන් ආරක්ෂා කරමින් වින්දිතයන් සිර කරන්නට ය. 

ආණ්ඩුවේ ප්‍රතිචාරය හෙළිදරව් වීමත් සමග කෝලාහලයෙන් පසු දින කීපයක් හැංගී සිටි ඥානසාර එළියට පැමිණ ප්‍රසිද්ධියේ උත්තර බඳින්නට ඉදිරිපත් වූයේ ය. මුලින් ජාතිවාදී ප්‍රහාර හෙළා දුටු චම්පික රණවක දැන් ප්‍රසිද්ධියේ ම ප්‍රහාරකයන් ආරක්ෂා කරයි. මුස්ලිමුන්ට පහර දුන්නේ තමන් යයි කියා ගන්නට තරගයක් ඇති බවක් ද පෙනේ.

මේ අතර, සිද්ධි අවසන් වී නැති බවක් ද පෙනේ. පානදුර නෝලිමිට් සාප්පුව ගිනි ගැනීම ගැන පරීක්ෂණ තවම අවසන් නැත. 

පසුගිය සිකුරාදා පල්ලියේ යාඥාවන්ගෙන් පසු කලබලකාරී තත්වයක් ඇති වනු ඇතැයි රජයේ මාධ්‍ය පවා අනාවැකි කීවේ ය. එහෙත්, මුස්ලිම් නායකයෝ සිය ජනතාව සන්සුන් කිරීමට දැරූ පරිශ්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස කිසිදු කලබලයක් ඇති වූයේ නැත. 

මුස්ලිම්වරුන්ට පහර දීම ගැන කතා කළ චම්පික රණවක එය සාධාරණීකරණය කිරීමට මතු කළ එක් තර්කයක් වන්නේ ධර්ගා නගරයේ මුස්ලිම් ජනයා මෝටර් සයිකල්වල හෙල්මට් නොදා යන බවයි.

‍මේ වනාහි ධර්ගා නගරය අවට ගමේ ගොඩේ කොල්ලන්ගේ බල්ලන්ගේ කතා ය. කිසිවෙක් හෙල්මට් නො දා මෝටර් සයිකල් පදිනවා නම්, ඒ පිළිබඳව ක්‍රියා කිරීම ‍ට්‍රැෆික් පොලිසියේ වැඩක් මිස ඇමතිවරුන් ඒවාට අත නො දැමිය යුතු ය. 

ගණන්කාරයන් සිටින ලංකාවේ එකම ගම කාදියවත්ත නො වේ. ඔය පැත්තේ කළුවාමෝදර වැනි බොහෝ සිංහල ගම් ද චන්ඩින්ට ප්‍රසිද්ධ ය. ගාලු පාරේ යන ගමන් බලන්න. කළුවාමෝදර සිටි චන්ඩියකු වූ කෑෂ් උපාලිගේ පිළිමයක් කළුවාමෝදර පාලම ළඟ තිබේ. හරියට බංඩාරනායක වගේ ය. කවුරුවත් ඒවා ප්‍රශ්න කරන්නේ නැත. එහෙත් කාදියවත්තේ චන්ඩි මුස්ලිම් ජාතිකයෝ ය. ඒ නිසා ආණ්ඩුවේ ඇමතිවරුත් කාදියවත්තට එරෙහිව අවි අමෝරති.

ඇත්ත කතා කරමු. මුස්ලිම් ජාතිකයෝ ලංකාවේ සෙසු මිනිසුන්ට වඩා අමුතු නරකකුත් නැත. අමුතු හොඳකුත් නැත. මිනිසුන්ගේ හොඳ නරක ජාතිවාදී මිම්මකින් මනින්නට යාම මුග්ධකමකි. 

ලංකාවේ මුස්ලිම් සංවිධාන හා පකිස්තානයේ හෝ ඇෆ්ගනිස්තානයේ ජිහාඩ් කල්ලි අතර සම්බන්ධකම් නැති බව පවසන්නේ මා නොව යුද හමුදා ප්‍රකාශක රුවන් වනිගසූරියයි. 

ලංකාවේ මුස්ලිම් මිනිස්සු ඉතිහාසයක් පුරා සාමකාමී ලෙස ජීවත් වූ හ. ඔවුහු සන්නද්ධ වී කැරැලි ගසා නැත. බෝම්බ පුපුරුවා නැත. සිංහල හෝ දෙමළ ගම්වලට පැන කපා කොටා මිනිසුන් මරා නැත. යුද්ධයේදීත් ඔවුන් සිටියේ හමුදාව පැත්තේ මිස කොටින්ගේ පැත්තේ නො වේ. 

ඔවුහු දුර්වල සුළු ජාතියකි. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සමාජ සංවර්ධන කාරණා පැත්තෙන් ඔවුන් සිටින්නේ සෙසු ජාතීන්ට වඩා පසුපසිනි. එහෙත්, ඔවුහු වෙළඳාමෙහි දක්ෂ ය. ඔවුන් අප‍ගේ ඊර්ෂ්‍යාවට ලක් වන්නේ ඒ නිසා ය. 

අපි දැන් ඔවුන්ගේ වෙළඳ ව්‍යාපාර ඉලක්ක කරගෙන පහර දෙන්නෙමු. එමගින් ඔවුන් බිත්තිය අද්දරට තල්ලු කිරීමට සිංහලයින්ට හැකි වනු ඇත. එහෙත්, එයින් අපට ‍කිසියම් සාධනීය ප්‍රතිඵලයක් නම් අත් වන්නේ නැත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-06-22

සුන්දර ඉංගිරිසි - එලටියුසන්

ඉංග්‍රීසි උෟරුවට සිංහල කතා කරන අනර්කලී
"මේ දුව එලටියුෂන් පංති යන්නේ නැද්ද?" පසුගිය දිනෙක එක් ආච්චි අම්මා කෙනෙක් මගේ දුව පෙන්වා ඇසුවා.

අපේ රටේ පැතිරී යන තවත් රැල්ලක් තමයි මේ එලකියුෂන් කියන ජාතිය. ලෝකයේ මෙහෙම ජාතියක් තිබෙනවා ද යන්න මම දන්නේ නැහැ. ඇත්තෙන් ම මේ මොකක් ද? දෙමව්පියෝ ඔහේ රැල්ලට මේ පන්තිවලට ළමයින් යවනවා.

ඒවායේ උගන්වන්නේ එංගලන්තයේ ඇතැම් මධ්‍යම පංතිකයන් ඉංග්‍රීසි කතා කරන විදිය හා නාට්‍යවලදී හා කතා පැවැත්වීමේදී ඉංග්‍රීසි උච්චාරණය කරන එක් විධියක්. සිංහල කතාවට දිව හැඩගැසී තිබෙන අපේ රටේ ළමයි, මේ විධියට ඉංග්‍රීසි උසුරුවන්නට යාමෙන් එක්තරා විධියක විහිළු ස්වභාවයක් නිර්මානය වෙලා. විශේෂයෙන් ම වැරදි ව්‍යාකරණ සහිත වාක්‍ය එලකිරි එලකියුෂන්වලින් කතා කරන ආකාරය නම් ඇත්තෙන් ම නියම විහිළුවක්.

වරක් මම එක්තරා යුනෙස්කෝ සමුළුවකට සහභාගි වුණා. ආසියානු පැසිෆික් කලාපයේ රටවල් 26ක නියෝජිතයෝ මෙයට සහභාගි වුණා. ඔවුන් සියලු දෙනා කතා කළේ ඉංග්‍රීසි. ඒත්, උච්චාරණ විධි 26ක් එහි තිබුණා. ඉංග්‍රීසි ලෝකයේ ප්‍රධාන ම ජාත්‍යන්තර භාෂාව බවට පත් වී තිබෙන්නේ මෙන්න මේ සුන්දරත්වය නිසායි.

ඉන්දීය ජාතිකයන් ඉංග්‍රීසි කතා කරන්නේ ආර් අකුරේ ශබ්දය ටිකක් අඹරලා කියමින්. "සර්, ආර් යූ අ ටීචර්?" (Sir, are you a teacher?)

පිල‍ිපීන ජාතිකයන් ඉංග්‍රීසි කතා කරන විට යූ අකුර උ ලෙසත්, ටී අකුර ත ලෙසත් උච්චාරණය කරනවා මට දැනුණා. "දිස් ඉස් අවර් කුල්තුර්." (This is our culture.)

ජපන් ජාතිකයන්ට ර ශබ්දය අමාරුයි. ඒ නිසා ඇතැමෙක් ඒ වෙනුවට ල ශබ්දය ආදේශ කරනවා. අපේ වැඩසටහන සම්බන්ධීකරණය කරපු නෝනා හැමදාම දවල් දහයට තේ වෙලාවට කියන්නේ "ලෙට්ස් හැව් අ ටී බ්ලේක්," (Let's have a break.) කියලායි.

අපේ ඉංග්‍රීසි උච්චාරණයත් සිංහල හා දෙමළ භාෂාවල ආභාසයෙන් සුවිශේෂ ස්වරූපයක් ගන්නවා. සිංහලයන්ගේ ඉංග්‍රීසි උච්චාරණය සුවිශේෂ කරන හේතු කීපයක් තිබෙනවා. අපි ඉංග්‍රීසි ස්වර වන වන T, W, V, Z ශබ්ද කරන ආකාරය සුවිශේෂයි. එය මුල් ඉංග්‍රීසි ශබ්දවලට වඩා සමාන වන්නේ සිංහල ට, ව, ස ශබ්දවලටයි. ‍

ඉංග්‍රීසි O ස්වරය ශබ්ද වන්නේ උගුර ඇතුළෙන්. එහෙත් සිංහල ඔයන්න ශබ්ද වන්නේ මතුපිටින්. O අකුරෙන් පටන් ගන්නා වචන සිංහල අය ශබ්ද කරන විට මේ වෙනස ඉතා පැහැදිලිව දකින්න ලැබෙනවා.

මේ වගේ ම තමයි ඉංග්‍රීසි diphthong එකක් හෙවත් සංයුක්ත ස්වරයක් වන, ඉතා බහුලව යෙදෙන 'එයි' (/ei/)ශබ්දය වෙනුව‍ට අප යොදන්නේ 'ඒ' කියන තනි ස්වරයයි. එහෙම ස්වරයක් ඉංගිරිසියේ නැහැ. එලකියුෂන් පංතිවලදී අපට උගන්වනවා මෙයික් (make), වෙයිට් (weight), ගෙයිට් (gate) ආදී වශයෙන් ශබ්ද කරන්න. ඒත්, සිංහල අපි වැඩි දෙනෙක් මේ වචන මේක්, වේට්, ‍ගේට් විදියට ශබ්ද කරනවා.

'අවු' නම ඉංග්‍රීසි සංයුක්ත ස්වරයත් මෙවැනි එකක්. ගවු (go), සවු (so), ස්ලවි (slow) ලෙස මුල් ඉංගිරිසියේ උච්චාරණය වන වචන සිංහලයන් උච්චාරණය කරන්නේ ගෝ, සෝ, ස්ලෝ ලෙසයි.

තවත් කාරණයක් තමයි ඉංග්‍රීසි භාෂාවේ තිබෙන වචන තුළ හා වාක්‍යවල යම් යම් ස්ථානවලට බර තැබීමේ ස්වභාවය. (stress and intonation) ඒ ගැන නම් වෙනම කතා කළොත් හොඳයි කියා හිතෙනවා.

මම නම් හිතන්නේ මේවා අපේ ඉංගිරිසියේ අනන්‍යතා ලක්ෂණ. මේවා වෙනස් කරන්නට උත්සාහ කරනවාට වඩා ඒවා ලෝක පිළිගැනීමට ලක් කිරීමටයි අප උත්සාහ කළ යුත්තේ. 

මේ  ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-06-21

සමාජවාදය ජීවන භාවිතාවක් ලෙස: උරුගුවේ ජනාධිපති ජොසේ මුජිකා

(hot news:No limit to anti-Muslim attacks in Sri Lanka. Nolimit fashion store in Panadura set ablaze)

ධර්ගා නගරයේ කලබල උණුසුම මැද මම කොළඹ සිටින මගේ මුස්ලිම් මිතුරකුට කතා කළෙමි. ඔහු විහිළුවට මෙන් කීවේ තමන්ට දැන් ලංකාවේ ඉන්නට බැරි තත්වයක් ඇති වෙමින් තිබෙන හෙයින් පිටරට යන්නට සිතමින් සිටින බවයි. ඔහු යන්නට ඉන්නේ අරාබියටදැයි මම ඇසුවෙමි. මගේ මුස්ලිම් මිතුරා කීවේ "නෑ මචං, මම යන්නේ උරුගුවේ. ඒ තමයි ලෝකයේ ප්‍රගතිශීලී ම ජනාධිපති ඉන්න රට," කියායි.

උරුගුවේ ජනාධිපති ජොසේ මුජිකාගේ නම ස්පාඤ්ඤ බසින් උච්චාරණය කරන්නේ වෙනස් ආකාරයකට ය. එහෙත්, එය වැදගත් කාරණයක් නො වේ. වැදගත් කාරණය වන්නේ ඔහු උරුගුවේ ජනාධිපතිවරයා ලෙස ලොවට දී ඇති ආදර්ශයයි.

ඒ පරමාදර්ශය නිර්මානය වී තිබෙන්නේ මහා ගැඹුරු න්‍යායික ඉදිරිපත් කිරීම්වලින් හෝ සියුම් උපායමාර්ගවලින් හෝ වෙනත් එවැනි ලොකු ලොකු දේවලින් හෝ නොවේ. සරළ දිවිපැවැත්මෙනි. විකල්ප ජීවන විලාසයෙනි. සමාජවාදය ජීවන භාවිතාවක් බවට පත් කිරීමෙනි.

ඔහුගේ කාර්යාලයේ ඔහු හිඳ ගන්නා සරළ ලී මේසය ඉදිරියෙන් අැත්තේ ඔහුගේ පරමාදර්ශී නායකයා වන චෙ ගුවේරාගේ උඩුකය ඡයාරූපයකි. චේ යනු විප්ලවීය හෘදය සාක්ෂියේ පරමාදර්ශයයි. ටොන් ගණනක් බර පොත් කන්දරාවක ලියවුණු න්‍යායට වඩා සමාජ මැදිහත්වීමක් චේගේ ජීවන භාවිතාව විසින් කර තිබේ. ඔහු සදාකාලිකව ජීවත් වන්නේ එබැවිනි. ජොසේ මුජිකා යනු චේගේ භාවිතාව ඉදිරියට ගෙන යන්නෙකි.

උරුගුවේ යනු දකුණු ඇමෙරිකාවේ ගිණිකොණ දෙසින් පිහිටි වර්ග කිලෝමීටර මිලියන 0.176 වන කුඩා රටකි. එහි ජනගහනය මිලියන 3.3 කි. අගනුවර වන මොන‍්ටෙවීඩියෝ හා ඒ ආශ්‍රිතව මිලියන 1.1ක් ජනගහණය ජිවත් වේ. එහි ජනගහණයෙන් 88%ක්ම යුරෝපීයානු සංක්‍රමණිකයන්ගෙන් පැවත එන අයයි. රටේ බහුතරය සුදු හම ඇති අයයි. පැරණි ස්‍වදේශික ජනගහණය 1%කටත් වඩා අඩු ය.

1680 පෘතුගීසීහු පළමු වරට කොලනියාඩෙල් සැක්‍රමෙන්ටෝහි යුරෝපියානු ජනාවාසයයක් පිහිටවූ හ. 18 වන ශතවර්ෂයේදී ස්පාඤ්ඤ ජාතිකයන් විසින් වත්මන් අගනුවර වන මොන්ටවීඩියෝ අලුලා ගන්නා ලදී. ස්පාඤ්ඤය, ආජන්ටිනාව සහ බ්‍රසීලය සමඟ 1811 සිට 1828 දක්වා දිග්ගැසුණු සටනකින් උරුගුවේ නිදහස් රාජ්‍යයක් බවට පත් විය.

එහි ජනාධිපති විසින් නායකත්වය දෙනු ලබන ව්‍යවස්ථාදායක ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේ. ආර්ථිකය විශාල ලෙස රදා පවතින්නේ කෘෂිකර්මය මතය. සංවර්ධිත ආර්ථිකයකි. එහි ඒක පුද්ගල ආදායම ලෝකයේ 47 වන ස්ථානය ගනී. ලතින් ඇමරිකානු රටවල් අතර දුෂණය අවම රට ලෙස උරුගුවේ පිළිගැනීමට ලක් වී තිබේ. එහි දේශපාලන හා කම්කරු නීති වඩාත් ලිබරල් ස්වභාවයකින් යුක්ත ය. සම අයිතීන් නීතිගත කොට ඇත. එහි නිල භාෂාව ස්පාඤ්ඤ ය.එහි වැසියන්ගෙන් විශාල පිරිසක් නිර්ආගමිකයෝ ය. ප්‍රධාන ආගම වූ කතෝලික ආගමත්, රජයත් අතර සම්බන්ධයක් නැති උරුගුවේ යනු නිර්ආගමික රාජ්‍යයකි. ජනාධිපති ජොසේ මුජිකා තමන් නිර්ආගමිකයකු බව ප්‍රසිද්ධියේ කියයි.

ජොසේ මුජිකා යනු 1960, 70 දශකවල උරුගුවේහි ක්‍රියාත්මක වූ ටුපැමරෝස් ජාතික විමුක්ති ව්‍යාපාරයේ හිටපු ගරිල්ලා භටයෙකි. එම ව්‍යාපාරයේ යුද උපායමාර්ග අතර මිනිසුන් පැහැරගෙන යාම හා බැංකු මංකොල්ලකෑම් ද දේශපාලනික ඝාතන ද තිබිණි. 1973 සිට 1985 දක්වා උරුගුවේ රාජ්‍යය හමුදා ආඥාදායකත්වයකට යටත්ව තිබිණි. ජොසේ මුජිකා වසර 13ක් ම සිරගතව සිටියේ ය. එයින් වසර දෙකක් ම ඔහු සිටියේ ළිං පතුලක ය.

අද ‍ඔහුගේ පැරණි සගයන් ඔහු විවේචනය කරන එක් හේතුවක් වී ඇත්තේ හමුදා ආඥාදායකයන් විසින් කරන ලද අපරාධ නීතියෙන් නිදහස් කිරීම සඳහා පනවා තිබෙන නීතිමය මුක්තිය ඉවත් කිරීම සඳහා ඔහු දක්වන විරෝධයයි.

2009 ජනාධිපතිවරණයේදී 53%ක් ඡන්ද ලබා ගනිමින් ඔහු ජනාධිපති පදවියට පත් විය. දැන් 78වන වියේ පසුවන හේ තමා හඳුන්වන්නේ සාමාන්‍ය ගොවියකු ලෙසයි. තමන් හඳුන්වන විට ඔහු මම කියා යොදනවාට වඩා අපි කියා භාවිතා කරයි. 2013 සැප්තැම්බරයේදී එක්සත් ජාතීන් අමතමින් ඔහු මෙබඳු ගැඹුරු ප්‍රකාශයක් කළේ ය: මානව සබඳතා පාලනය කළ යුතු දේශපාලනය ආර්ථිකය හමුවේ දන ගසා මුල්‍ය පද්ධති විසින් පාලනය නො කරනු ලබන දේවල පමණක් පරිපාලකයකු බවට පත් වී තිබේ. ("Politics, which should rule human relations, has succumbed to economics and become a mere administrator of what the financial system does not control.")

ඇතැමුන් ජොසේ මුජිකා ලොව දුප්පත් ම ජනාධිපති ලෙස හඳුන්වයි. එයට හේතුව ඔහු සිය ආදායමින් 90%ක් ම අඩු ආදායම්ලාභී නිවාස සංවිධාන වෙත පිරිනමා අල්පේච්ඡ ජීවිතයක් ගතකිරීමයි. "මට කතා කිරීමේ ආක්‍රමණශීලී ධෛර්යයක් තිබේ. නූතන ලෝකයේ එය ‍එසේ වන්නේ නැත. මිනිස්සු සිය හැඟීම් සඟවාගෙන වෙස්වලාගනිති. මා මිනිසුන්ගේ අවධානයට ලක් වන‍්නේ ඒ නිසා විය හැකි ය."

සිය පාලන කාලය තුළදී ඔහු ඉතා නිර්භීත පියවර ගණනාවක් ම ගත්තේ ය. ඔහු මාස තුන දක්වා ගර්භනී කාලය තුළදී ගබ්සාව නීතිගත කරන්නට පියවර ගත්තේ ය.සමලිංගික විවාහය නීතිගත කළේ ය.

මෑතදී ඔහු මරිජුවානා නිෂ්පාදනය හා අලෙවිය නීතිගත කරමින් රාජ්‍ය පාලනයට යටත් කරන පනතක් සම්මත කළේ ය.  මේ අනුව, රජයේ ලියාපදිංචි මරිජුවානා පාවිච්චි කරන වැඩිහිටියන්ට පමණක් ග්‍රෑම් එකක් ඩොලර් එක බැගින් මාසයකට ග්‍රෑම් 40ක් දක්වා මරිජුවානා පිළිගත් ඔෟෂධ වෙළඳුන්ගෙන් ලබා ගත හැකි ය. රජය ඒ සඳහා අවශ්‍ය ගංජා නිෂ්පාදනය කරන අතර ගංජා උරන්නන්ට ද උපරිමය හයක් දක්වා ගංජා පැළ නිවසේ වගා කර ගන්නට ද පුළුවන. ජොසේ මුජිකා ගංජා පාවිච්චි කරන්නෙක් නො ‍වේ. එසේම ඔහුගේ මෙම පියවරට රටේ ජනගහණයෙන් 60%කට වඩා විරුද්ධ ය. එහෙත්, මත්ද්‍රව්‍ය භාවිතය හා අලෙවිය පාලනය කිරීමේ පරීක්ෂණාත්මක ක්‍රමවේදයක් ලෙස උරුගුවේ ගංජා භාවිතය නීතිගත කළ ලොව පළමු රාජ්‍යය ලෙස ඉතිහාසගත වී තිබේ. මත්ද්‍රව්‍ය යනු ලතින් ඇමරිකානු කලාපය ගිල ගත් දැවැන්ත උවදුරකි.

මුජිකා උරුගුවේහි මරණීය දණ්ඩනය අහෝසි කළේ ය. එපමණක් නොව, මෑතදී එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමාගේ ඉල්ලීම මත ග්වොන්ටනාමෝ කඳවුරේ රඳවා සිටි සිරකරුවන් පස්දෙනෙකුට උරුගුවේ රාජ්‍යයේ රැකවරණය ලබා දීමට එකඟ වූයේ ය.

ඔහුගේ සුරතල් බල්ලා කකුල් තුනේ ආබාධිතයෙකි. ගමන් බිමන් යාමට ඔහු සතුව ඇත්තේ ෆොක්ස්වැගන් බීට්ල් කාර් දෙකකි. ඔහු භාවිතා කරන්නේ සාමාන්‍ය ලී මේසයක් හා පුටුවකි. ඔහු සෑහෙන්න පොත් කියවයි. අරවා මේවා විවෘත කරමින් බොරුවට අතන මෙතන ඇවිදීම අඩු ය. ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් එන්නේ ද අඩුවෙනි. ඔහු එයට අකැමැති බව ජනතාව දනිති. ඔහුගේ විවේචකයෝ ඔහු තරමක උන්මත්තකයකු ලෙස හඳුන්වයි. පිස්සු වැටුණාක් සේ භාණ්ඩ පසුපස හඹා යන ලෝකයක ජොසේ මුජිකා වැනි අය උන්මත්තකයන් ලෙස පෙනීම ගැන පුදුම විය යුතු නැත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-06-19

සුන්දර ඉංගිරිසි - ඔග්ල්ලාන්ට ප්ළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට කොඅල් කරලා ඔග්ල්ලාන්ගේ ෆේවරිට් සෝංග්ස් රික්වෙස්ට් කරාන්න

ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය කියන්නේ ලොකු මාකට් එකක් නේ. ඉතින් මෙහි ඉන්න වෙළෙන්දෝ එක එක විදියට තමන්ගේ සේවාවන් විකුණනවා. පඳුරකට පයින් ගැහුවාම වුණත් ඉංග්‍රීසි ගුරුවරයෙක් එතන පංතියක් කරනවා වෙන්න පුළුවන්. ඒත්, වැඩේ කියන්නේ කොහොම ඉංග්‍රීසි විකිණුවත්, ලංකාවේ මිනිස්සු තවමත්  ඉංග්‍රීසි භාවිතයේදී සාමාන්‍යයෙන් ගත්තාම ඒ තරම් චතුර නැහැ.

මට ඉන්දියාවේදී එක් කෝකියෙක් හමු වුණා. ඔහු‍ගේ නම ජෝන්. ඔහු දෙමළ ජාතිකයෙක්. ඒ නිසා ඔහු ගෙදරදී දෙමළ කතා කරනවා. ඔහු ජීවත් වන්නේ කර්ණාටක ප්‍රාන්තයේ. ඒ නිසා ඔහු එහි භාෂාව වන කන්නඩ භාෂාවෙන් තමයි ඉගෙනගෙන තිබෙන්නේ. ඔහුට හොඳින් කන්නඩ කතා කරන්න පුළුවන්. ඉන්දියාවේ සෑම පාසල් ළමයෙක් ම වාගේ හින්දි භාෂාව ඉගෙන ගන්නවා. ජෝන්ට හොඳින් හින්දි කතා කරන්නත් පුළුවන්. ඔහු කලක් ආන්ද්‍රා ප්‍රදේශ්හි කෝකියකු ලෙස වැඩ කර තිබෙනවා. ඒ නිසා ඔහුට හොඳින් තෙළිඟු භාෂාවත් කතා කරන්න පුළුවන්. ඔහු මා එක්ක කතා කළේ ඉංග්‍රීසියෙන්. ජෝන් භාෂා පහක් ඉතා පහසුවෙන් කතා කරනවා.

ලංකාවේ මිනිස්සු භාෂාවන් ඉගෙන ගන්න මුදල් වියදම් කළත්, ඔවුන් භාෂාවන්ට විවෘත නැති බවයි ‍මගේ අදහස. ඒ නිසා තමයි ලංකාවේ ඉංග්‍රීසි භාෂා භාවිතය පිළිබඳ සාමාන්‍ය තත්වය දුර්වල මට්ටමක තිබෙන්නේ. වාර්ගික ගැටුම් මැද, ජාතිවාදී ව, තමන්ගේ ජාතිය පමණක් අති උත්තම ය කියා ජාතික ස්වෝත්තමවාදයෙන් අන්ධ වී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස සිංහල සමාජය විදෙස් භාෂාවන්ට විවෘත වන්නේ සීමිතවයි. මෙහි හොඳ පැත්තකුත් නැති ය කියන්න බැහැ. එක පැත්තකින් අපේ භාෂාව මෙහෙම හරි ආරක්ෂා වෙලා තිබෙන්නේ ඒ නිසා වෙන්න පුළුවන්. හැබැයි, දැන් දැන් අ‍පේ නාගරික ප්‍රජාව කතා කරන්නේ සිංහලටත්, ඉංග්‍රීසියටත් දෙකටම අයත් නො වන සිංග්ලිෂ් භාෂාවක්. රේඩියෝ නාලිකාත් මේ සංකර භාෂාව ප්‍රවර්ධනය කරන්න සෑහෙන දායකත්වයක් සපයනවා.

"ඔග්ල්ලාන්ට ප්ළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට කොඅල් කරලා ඔග්ල්ලාන්ගේ ෆේවරිට් සෝංග්ස් රික්වෙස්ට් කරන්න," යි කියන නිවේදක නංගිලා, අයියලා රේඩියෝ නාලිකාවල ඉන්නවා. (රේඩියෝ කියන සිංහල තත්සම වචනය ගුවන්විදුලිය කියන වදනට වඩා හොඳ ය කියා මම හිතනවා.)

පසුගිය දිනෙක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින අපේ පාඨකයකු වන ෆවාස් අපට එක් විහිළු කතාවක් කිව්වා. පසුගිය දිනවල ලංකාවේ තිබුණානේ චොගම්. ඒ කියන්නේ පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව. එයට සහභාගි වන්නට ආ අයට කටුනායක ගුවන් තොටුපළේ මෙවැනි උපදෙසක් දුන්නා ය කියා මේ විහිළු කතාවේ කියවෙනවා. "මෙහේ භාෂාව හරි ලේසියි. ඉංග්‍රීසි භාෂාවේ ඕනෑම නාමපදයක අගට 'එක' කියාත්, ඕනෑම ක්‍රියාපදයක අගට 'කරනවා' කියාත් යෙදුවාම ඔබට සිංහල භාෂාව හොඳින් කතා කරන්න පුළුවන්."

කතාව ඇත්ත. අර නිවේදිකාව කතා කරන්නේත් එහෙම නේ.

ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනයට මෙහෙම වෙලා තිබෙන්නේ පාසල් විෂය මාලාවන්ගේ ගැටලු නිසා. එක එක පිටරටවල ශිෂ්‍යත්ව ලැබ කරක් ගසා පැමිණි හිස් විශාරදයෝ කලින් කලට ලංකාවට විවිධ ඉංග්‍රීසි ඉගැන්වීමේ ප්‍රවේශයන් හඳුන්වා දුන්නා. ඒවා ගැන විස්තර කිරීම තේරුමක් නැහැ. මොකද, එ්වා සාර්ථක වෙලා නැති බව ඔප්පු වෙලා ඉවරයි නේ. ඇයි අපට බැරි අපේ සිංහල භාෂාව හොඳට ඉගෙන ගන්නා ගමන්, සිංහලත්, ඉංග්‍රීසිත් අතර සමානතා හා අසමානතා අධ්‍යයනය කරමින් ඉංග්‍රීසි ඉගෙන ගන්නා ක්‍රමවේදයක් හදන්න.

අනෙක් කාරණය තමයි, ලංකාවේ පාසල් විෂය නිර්දේශයේ ව්‍යාකරණ අධ්‍යාපනයක් නැහැ. මේ ‍විෂය නිර්දේශවල හා පෙළපොත්වල පුවේශය වන්නේ ඉංග්‍රීසි භාවිතා කරන ගමන් ව්‍යාකරණ  ඉගෙනීමයි. එහිදී අපි කරන්න බලාපොරොත්තු වන්නේ භාවිතා කරන භාෂාවේ තිබෙන ව්‍යාකරණ ගැන හැදෑරීමයි. හරියට සිංහල ව්‍යාකරණ ඉගෙන ගන්නවා වගේ. ඒත්, කොළඹ ඉඳන් මේ විෂයමාලා සකස් කරන අය නො දන්නා කාරණය වන්නේ කොළඹින් පිට ඉංග්‍රීසි භාවිතය අවම බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස අපේ රටේ මිනිස්සු ව්‍යාකරණ රටා අනුව වාක්‍ය ගොඩනගන්න දන්නේ නැහැ. ‍ඒග්ල්ලො ඉංග්ලිෂ් නවුන්ස් අගට එක කියාත්, වර්බ්ස් අගට කරනවා කියාත් යොදා ස්පීක් කරන්නේ ඒ නිසායි.

ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරුන්ගේත් ගුරු අධ්‍යාපනය පදනම් වී තිබෙන්නේ මේ අනුකාරකවාදී අදහස් මත මිස අපට ඔබින නිර්මානාත්මක චින්තනයක් මත නොවෙයි. මේ අතර, ඉංග්‍රීසි උගැන්වීමට ම උපන් සක්විතිලා වැනි වෙළෙන්දන් නිසාත් ඉංග්‍රීසි අධ්‍යාපනය විකෘති වෙනවා. වචන පාඩම් කරලා, වාක්‍ය පාඩම් කරලා කවදාවත් ඉංග්‍රීසි ඉගෙන ගන්න බැහැ. අපේ ඉංග්‍රීසි අධ්‍යාපනය පදනම් විය යුත්තේ ව්‍යාකරණ දැනුම මතයි. ඒ වගේම අප හොඳින් දන්නා සිංහලය හා ඉංග්‍රීසි අතර වෙනස්කම්, සමානකම් අධ්‍යයනය කිරීමත් ඉංග්‍රී අධ්‍යාපනයේදී මහෝපකාරී වෙනවා.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

ලියන්නට දෙයක් නැත. මාතර ජනතාවනි, ලණු කනු! කඹ රෙමු! 

කුඩු පාරාදීසයක් වී තිබෙන, බුදු පා පහස ලද බව කියන කැලනිය වසා ඇති සාපයක් මාතරට දිරාමාරු වෙමින් තිබේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-06-18

බොලීවියාවෙන් සම්මාන ලද ජනාධිපතිගේ අලුත් ම ප්‍රජාචන්ත්‍රවාදී ගැටය

ජනාධිපති මහින්ද රාජපක්ෂට සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බොලීවියාවෙන් සම්මානයක් ලැබිණි. 

මේක ඇසූ මට හිනා වී කෙළ ඉස්මොල්ලේ ගොස් මාර විදියට අමාරු විය.

ඒත්, ඇත්තෙන් ම ජනාධිපතිතුමා බොලීවියාවේ සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නම් සේවයක් කරන්නට ඇත. ඒ වනාහි ඔහු බොලීවියාවේ නො ඉපදීම හා එතෙක් එහි පස් නො පෑගීමයි. 

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කුමක් ද?  කෙටියෙන් කීවොත් මෙසේ ය:

ජනාධිපති  නම් ඒකාධිපතිවරයා සහ ඔහු‍ගේ පවුල තමන්ට කැමති වෙලාවට ඡන්ද පවත්වා, මහජන මුදල් පාවිච්චි කරමින් හා මහජන මුදලින් නඩත්තු වන පොලිසියට හා හමුදාවලට ඇති බිය උපයෝගී කර ගනිමින් ද, මැරවර බලයෙන් හා ත්‍රස්තවාදයෙන් ද,  ජනමාධ්‍යවලට අල්ලස් දීමෙන් හා බිය වැද්දීමෙන් ද, දේශපාලකයන් මිළ දී ගැනීමෙන් ද ජනමතය යටපත් කර ඡන්ද දිනා බලය තහවුරු කර ගනියි. ජනතාව ද දූෂණයට ගොදුරු කර ගනියි. ඉන්පසු අසීමිත අන්දමින් බදු පණවමින් සූරා කන මහජන මුදල් තමන්ගේ හා තම පවුලේ උවමනා එපාකම් වෙනුවෙන් නිදහසේ වැය කරයි. කොන්ත්‍රාත් හරහා සිය අන්තේවාසිකයන්ට බෙදා දෙයි. 

මේක සම්මාන දෙන්නම වැඩකි. 

මේ ප්‍රජාචන්ත්‍රවාදයේ අලුත්ම ජවනිකාව පාර්ලිමේන්තුවේ පසුපෙළ බැලයන් පිරිසක් ලවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණ මණ්ඩලයට ලංකාවට එන්නට ඉඩ නො දෙන්නැයි යෝජනාවක් සම්මත කර ගැනීමයි. 

මෙය හරියට කුකුළු කොටුව වැනසූ නරියා තමා සොයන්නට කැළේට එන්නට ඉඩ නො දෙන්නෙමු යයි ප්‍රතිඥාවක් කැළේ ඉන්න අනෙක් සතුන්ගෙන් ගත්තා වැනි ය. නරියා නො දන්නා දේ වන්නේ කැළේ සතුන්ට වඩා මිනිසුන් බුද්ධිමත් බවයි. 

මේ පිළිබඳව දඹර අමිල හිමියන් මව්බිම පුවත්පතට කරන ලද පහත සඳහන් ප්‍රකාශයෙන් එහි යථාර්ථය පසක් කර ගත හැකි ය. 

රටට වැදගත් සෙසු තීරණ තීන්දු ගන්නා විටත් පාර්ලිමේන්තුවෙන් ඇත්තට ම අදහස් විමසුවා නම් අද මේ පැටලී සිටින පඹ ගාලේ ආණ්ඩුව පැටලෙන්නේ නැත. 

 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

කළ වරද වෙනුවෙන් ආණ්ඩුව ගෙවිය යුතු වන්දිය

බේරුවල, මතුගම ප්‍රදේශවල ඇති වූ වාර්ගික ගැටුම් සම්බන්ධ මුළු වගකීම රජය භාර ගත යුතු ය. බොදු බල සේනා සංවිධානය දිරි ගන්වමින්, එයට අනුග්‍රහ සපයමින්, මෙහෙයවමින් කරන ලද විනාශයේ කළු පැල්ලම මැකීමට බැරි වුණත්, කරන ලද වරද නිවැරදි කිරීමට ආණ්ඩුව උපරිමයෙන් කටයුතු කළ යුතු ය.

  • ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සියලුම පුද්ගලයන් (සිංහල හා මුස්ලිම්) හඳුනාගෙන, අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු ය.
  • ‍මෙම ගැටුම ඇවිළවූ බොදු බල සේනා ත්‍රස්ත සංවිධානය වහා තහනම් කළ යුතු ය. එම සංවිධානයේ හා එයට අනුබද්ධ සංවිධානවලත්, එහි නායකයන්ගේත් දේපල රාජසන්තක කළ යුතු ය.
  • ගලගොඩඅත්තේ ඥානසාර ඇතුළු බොදු බල සේනා නායකයන්ට එරෙහිව ජාතිවාදී කුපිත කිරීම් ඇති කිරීම, මහජන කැළඹීම් ඇති කිරීම සඳහා කටයුතු කිරීම හා ජන සංහාර සඳහා උත්සාහ කිරීම සම්බන්ධ නීති ප්‍රකාරව කටයුතු කළ යුතු ය.
  • ධර්ගා නගරය මැදින් ප්‍රකෝපකාරී පෙළපාළියක් යාමට අවසර දුන් හෝ එය වැළැක්වීමට කටයුතු නො කළ හෝ පොලිස් බලධාරීන්ගේ වැඩ තහනම් කර විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු ය.
  • ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වීමට පුද්ගලයන්ට අවසර දුන් හා නීතිය ක්‍රියාත්මක නො කළ බලධාරීන්ට එරෙහිව විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගත යුුතු ය. 
  • ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ජීවිත හානි සිදු වූ පුද්ගලයන්ගේ පවුල්වලට වන්දි ගෙවිය යුතු ය.
  • ‍දේපල හානි වෙනුවෙන් පූර්ණ වන්දි ගෙවිය යුතු ය.

‍ලංකාවේ නැගෙනහිර නොවන ප්‍රදේශවල ජීවත් වන මුස්ලිම්වරුන් ද මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට පත් නො වන්නට නම්, ඔවුන්ට මෙතෙක් ජීවත් වූ ආකාරයට ජීවත් වෙන්නට ඉඩ දිය යුතු ය. ඔවුහු වෙළඳ ප්‍රජාවකි. ඔවුන්ට සිය ජීවනෝපාය  කරගෙන යන්නට නිදහස ‍නො ලැබෙන පරිසරයක් නිර්මානය කිරීම අතිශය භයානක ය. සාපේක්ෂ වශයෙන් මෙම ප්‍රජාවේ තිබෙන ආගමික, අධ්‍යාපනික හා සමාජ තත්වය අනුව ජිහාඩ් කල්ලිවලට පහසුවෙන් තරුණයන් ගොදුරු කර ගැනීමට පුළුවන. එසේම, ජාත්‍යන්තරව මුස්ලිම් ජනයා අතර තිබෙන ත්‍රස්තවාදී ප්‍රවණතා සමග සම්බන්ධතා වර්ධනය විය හැකි ය. 

ලංකාවේ ජිහාඩ් කල්ලි ගැන මෙතෙක් තිබුණේ ප්‍රබන්ධිත ප්‍රවෘත්ති ය. එවැනි සන්නද්ධ කල්ලි පවතින බව සනාථ කළ හැකි ද්‍රව්‍යමය සාධක නැත. එහෙත්, බෞද්ධ ත්‍රස්තවාදී බොදු බල සේනා විසින් අවුළුවන ලද ගැටුම්කාරී තත්වය විසින් රටේ පවතින ස්වභාවය සපුරා වෙනස් කළ හැකි ය. 

මේ වනාහි අනවශ්‍ය බියක් හෝ අභිමානය පිළිබඳ කාරණයක් නොවේ. දේශපාලකයන් විසින් කරන ලද වැරදි නිවැරදි කිරීම සඳහා කටයුතු කිරීම අත්‍යවශ්‍ය ය. 

අපට සිටින්නේ බොලීවියාවේ ජනතාව සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සම්මානයට පාත්‍ර කරන ලද ජනාධිපතිවරයෙකි. ලංකාවේ ජනතාව හිනා කාලා මැරෙන එක වළක්වා ගන්නට ඔහු උත්සාහ කළ යුතු ය. 
 
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-06-17

හොඳ හිත - පාලිත

පාලිත තෙවරප්පෙරුම යනු චන්ඩියෙකි. ඔහු අපේ ගමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වීම පිළිබඳ මට බරපතල කණගාටුව්‍ක් තිබේ. 

එහෙත්, මේ ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් වී සිටින සෙසු අය සමග සන්සන්දනය කර බැලූ විට පාලිතගේ සුවිශේෂ නරකක් නැත. 

එහෙත්, පාලිතගේ නම් එක හොඳක් හෝ මම නිරීක්ෂණය කර ඇත්තෙමි. ඔහු ජාතිවාදියෙක් නොවේ. ඔහු පීඩිත දෙමළ, මුස්ලිම් මිනිසුන්ගේ මිතුරෙකි.

මේ වතාවේදී ද ඔහු ප්‍රහාරයට ලක් වූයේ අනතුරට පත් මුස්ලිම් ජනයා බේරා ගැනීමට ගොස් ය. ඔහු සෑහෙන මුස්ලිම් පිරිසක් බේරා ගැනීමට කටයුතු කර ඇති බව ආරංචි ය. මුස්ලිම් මිනිසුන් බේරා ගැනීමට කටයුතු කළ නිසා ඔහු සිංහල මිනිසුන්ගේ වෛරයට පාත්‍ර වී තිබේ. ඔහු තුවාල ලබා නැතත්, ඔහුගේ වාහනයට බරපතල හානි සිදු වී ඇති බව වාර්තා වේ. 

එහෙම මිනිහෙක් ‍මේ මතුගම සිටීම ගැන මට ආඩම්බරයක් ඇත.

හොඳ හිත - පාලිත යනු 2010 මහ මැතිවරණයේදී ඔහුගේ තේමා පාඨයයි. ඔහු මැතිවරණය දිනු‍වේ සි‍රගෙදර සිටයි. ඔහු වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ ඔහුගේ බිරිඳයි. පසුව සිය බිරිඳ ප්‍රාදේශීය සභාවට පත් කර යැවූ පාලිතට සිය පුතාව පළාත් සභාවට යවා ගැනීමට ද උවමනා විය. ඔහු මතුගම ජනයාට එපා වූයේ ඒ සමගයි. 

දැන් ඔහු මතුගම එජාප සංවිධායකයා නොවේ. 

ඒත්, ඔහුගේ චන්ඩි මානසිකත්වය තුළ තවමත් ඉතිරි වී තිබෙන හොඳ හිත අපි අගය කරමු.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

සැබෑ සිංහලයිනි අවදිවව්!

ධර්ගා නගරය ආසන්නයේ කාලවිල පිහිටි බ්‍රීෆ් නම් ප්‍රසිද්ධ උද්‍යානයේ ඇති මූර්තියක්
ධර්ගා නගරයේ සිදුවීම් නිරීක්ෂණය කරන විට ඉතා පැහැදිලිව කිව හැකි දෙයක් තිබේ. එය කල් තබා සියුම් ලෙස කරන ලද සැලසුමක් සාර්ථක කර ගන්නට ජාතිවාදී උන්මත්තකයන් පිරිසක් සමත් වූ අවස්ථාවකි.

මිනිස් ඝාතන රැල්ලක්, දැවැන්ත දේපල විනාශයක් හා මේ මොහොතේත් ඇවිලී යන මහා සිංහල - මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට බොදු බල සේනාව හා එය පිටුපස සිටින ජාතිවාදී බලවේගවලට හැකි වී තිබේ. 

ත්‍රස්තවාදී බොදු බල සේනාව පිටුපස ආණ්ඩුවේ ඉහළම බලවේග සිටින බව ඊයේ තත්වය සන්සුන් කිරීම සඳහා අගමැතිගේ ප්‍රධානත්වයෙන් කලුතරදී පැවැත්වුණු රැස්වීමට සිද්ධියට වගකිවයුතු, හරි නම් මේ වන විට අත්අඩංගුවේ සිටිය යුතු බොදු බල සේනාකාරයන් ද සහභාගි කර ගැනීමෙන් පෙනේ. 

‍පාලකයන් මෙසේ කරන්නේ ඇයි? මේ වන විට ඔවුන් රට කාබාසිනියා කර හමාර ය. ඔවුන්ට අනාගතයක් නැත. බලය නැතිව මේ රටේ ඉන්නටත් බැරි ය. ලෝකයේ වෙන හරිහමන් රටකට යන්නටත් බැරි ය.

ඒ නිසා ඔවුන් උත්සාහ කරන්නේ මේ රට කුණු කර ඒ කුණු කකා පණුවන් සේ මෙහි රැකෙන්නට ය. 

ඔවුන් මේ වනසන්නේ අපේ ජාතියයි. ඔබේ ආගමයි. 

පසුගිය දින දෙක තුළ අන්තර්ජාලය හරහා ලෝකයට මුදා හැර තිබෙන ඡායාරූප හා වීඩියෝ දෙස බලන ලෝකයා සිංහලයා ගැන සිතනු ඇත්තේ කුමක්දැයි කල්පනා කරන්න. 

පසුගිය දිනවල තමිල්නාඩුවේදී බෞද්ධ භික්ෂූන්ට අමානුෂික ලෙස පහර දුන් හැටි මතක ද? මේ රූප දකින විට සිවුරක් ඇඳි මිනිසකුට ආරක්ෂිතව වෙනත් රටක යන්නට පුළුවන් තත්වයක් ඉතිරි වේ ද?

සිංහල ඔබේ දරුවකුට වෙනත් රටක රැකියාවක් කරන්නට හෝ ජීවත් වන්නට තිබෙන අවස්ථාවත් මේ ඔස්සේ නැති වනු ඇත. 

අපට නැති වන්නේ මේ රට පමණක් නො වේ. ලෝකයේ ජීවිතයත් නැති වනු ඇත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-06-15

ධර්ගා නගරය මැදින් චාරිකාවක්

ධර්ගා නගරය හරහා අලුත්ගම ගියෙමි. ධර්ගා නගරයේ එක් කෙළවරක අඹගහ හන්දිය අසල සිංහල පිරිසක් රැස් වී සිටිය හ. ධර්ගා නගරය පුරා ම පොලිසිය යොදවා තිබිණි. මුස්ලිම් කඩ වසා තිබිණි. සිංහල කඩ හා සිංහල ද මුස්ලිම් ද ‍නො දන්නා කාගිල්ස් ෆුඩ් සිටිය ඇර තිබිණි. මහ පල්ලියේ සෑහෙන මුස්ලිම් පිරිසක් පාර දෙස බලාගෙන රැඳී උන්හ. ඔවුන් වෙතින් දිස් වුණේ කැළඹුණු ස්වභාවයකි. පල්ලියේ ගේට්ටු අගුලු ලා තිබිණි.ඒ ඉදිරිපිට පාරේ පොලිස් කුළු පොලු හමුදාව රැඳී සිටියේ ය.මුළු නගරය පුරා ම දැවැන්ත පොලිස් බලඇණියක් යොදවා තිබිණි.

අලුත්ගම නගරයේ බොදු බල සේනාව රැස්වීමක් පවත්වමින් සිටියේ ය. හාමුදුරුවරු විශාල පිරිසක් එයට සහභාගි වන බව වාර්තා විය.කටකතාවල නම් කියවුණේ තුන්දාහක් හාමුදුරුවරුන් එයට සහභාගි වන බවයි. එච්චර හිටි බවක් නො පෙනුණි. 

පසුගියදා මුස්ලිම් පිරිසකගේ ප්‍රහාරයකට ලක් වූ බව කියන අයගම සමිත හිමියන් පෙළපාලියකින් ධර්ගා නගරය හරහා ඔහු වසන කුරුඳුවත්ත පන්සලට රැගෙන යන්නට බොදු බල සේනාව සැලසුම් කර තිබිණි. නගරයේ කෙළවරක අඹගහහන්දිය පැත්තට වන්නට පාරෙන් ඇතුළේ පිහිටි පන්සලකට යන පාර බෞද්ධ කොඩිවලින් සරසා තිබිණි.

වාර්තා වන ආකාරයට ගැටුම ඇති වී තිබෙන්නේ ‍බොදු බල සේනාවේ රථ පෙළපාලියට මුස්ලිම් අන්තවාදීන් විසින් ගල් ගැසීම නිසා ය. පිරිසක් තුවාල ලබා ඇති අතර කඩ හා වාහන ගිනි තබා තිබේ.

බේරුවල යනු සුවිසල් මුස්ලිම් ජනගහණයක් ජීවත් වන ආසනයකි. ඉස්සර එය බහු ආසනයක් විය. 1977දී බාකීර් ඒ. මාකර් එහි පළමු මන්ත්‍රීවරයා වන විට දෙවන මන්ත්‍රීවරයා වූයේ සිංහලයකු වූ ආර්.ජී. සමරනායක බව මගේ මතකයයි.

මෙහි සිංහල හා මුස්ලිම් මිනිසුන් අතර දීර්ඝ කාලයක සිට යම් යම් ඝර්ෂණයන් තිබෙන මුත්, සාමාන්‍ය කාල වකවානුවලදී එහි ජනයා අන්‍යෝන්‍ය වශයෙන් සමගියෙන්, සාමයෙන් ජීවත් වෙති. එකට ජීව‍නෝපායන්හි හා සමාජ කටයුතුවල යෙදෙති. එහෙත්, දෙපැත්තේ ම අන්තවාදීහු ද සිටිති. දෙජාතියේ ම සාමාන්‍ය ජනයා මෙම අන්තවාදින්ගේ බසින් පහසුවෙන් කුපිත වෙති. ජාති ආගම්වාදයෙන් අන්ධ වූ විට මේ දෙගොල්ලෝ ම කටයුතු කරන්නේ බුද්ධියෙන් නොවේ.

දර්ගා නගරයේ කුරුඳුවත්ත ශ්‍රී විජයාරාමයේ හාමුදුරු නමක් වන අයගම සමිත හාමුදුරුවන් ත්‍රිරෝද රියකින් ධර්ගා නගරයේ ත්‍රිරෝද රියකින් ගමන් කරමින් සිටි අවස්ථාවේ ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදිකරුවකු පාර අවහිර වන සේ ගමන් කළ බවත් කීප වරක් නළාව නාද කිරීමෙන් පසුව ඔහු ඇතුළු පිරිස සමිත හිමියන්ට හා රියදුරාට පහර දුන් බවත් සමිත හිමියන් පොලිසියට පැමිණිලි කොට තිබිණි.

ලංකාවේ නීතියේ ආධිපත්‍යය ඉතා දුර්වල බව කවුරුත් දනිති. මෙවැනි සිදුවීම් සිංහල මිනිසුන් පමණක් ජීවත් වන ප්‍රදේශවලත් සිදු වේ. මා නිතර ගමන් කරන එක් අතුරු මාර්ගයක පදිංචි ජනතාව බොහෝ විට පාරේ යන්නේ වම් පැත්තෙනි. එම පටු පාරේ ධාවනය වන වාහනවල රියදුරන්ට එය මහත් වධයකි. දිනක් මා එසේ පාර අවුරමින් වම් පැත්තෙන් යමින් සිටි තරුණ පිරිසකට තරමක් තදින් නලාව හැඬවූවෙමි. මා ඔවුන් පසු කර යන අතර එක් අයෙක් මෙසේ කීවේ ය. "මේක අපේ පාර, හරිද?" මා ඔහු සමග වාදයට ගියා නම් ඔවුන් ද මට පහර දෙන්නට ඉඩ තිබිණි. එ් ජාතිවාදය නිසා නො වේ. හැබැයි ඉතින් හාමුදුරු නමකට ‍ගැසීම ප්‍රශ්නවලට අත වැනීමක් බව නො දන්නා කෙනෙක් ලංකාවේ නැත.

හාමුදුරුවන්ට පහර දුන්නේ මුස්ලිම් අන්තවාදියකු වන්නත් පුළුවන. නැතිනම් නහරකාරයකු වන්නත් පුළුවන. ජාති, ආගම් ගැන කැක්කුමක් නැතත්, නහරකාරයෝ ද සාමාන්‍යයෙන් ජාතිවාදය සමග පහසුවෙන් සෙට් වෙති. හාමුදුරුවන් අතර ද කළු පැහැයට හුරු අමුතු සිවුරු ජාතියක් අඳින නහරකාරයෝ සිටිති. එවැනි අය ඕනෑම ප්‍රජාවක සිටීම සාමාන්‍ය තත්වයයි.

හාමුදුරුවන් තුවාල ලැබ රෝහල්ගත කර ඇති බව ඇතැමෙක් කී හ. පෙරේදා අලුත්ගම උද්ඝෝෂණයටත් සහභාගි වූ සංචාරක කර්මාන්තයට සම්බන්ධ රැකියාවක් කරන තරුණයෙක් මා සමග කීවේ එය බොරුවක් බවයි. විශ්‍රාමික වැඩිහිටියෙක් මා සමග පැවසුවේ හාමුදුරුවන්ට ලෙඩ නැති බව මුස්ලිම් දොස්තරකු කියන බවත්, ලෙඩ ඇති බව සිංහල දොස්තරකු කියන බවත් ය.

කිසිවකු තමන්ට පහර දුන් බව කියන අය තමන්ට අමාරුවක් ඇතත්, නැතත්, රෝහල්ගත වීම සාමාන්‍ය දෙයකි. කොහොම වුණත්, මෙතන මහා පහරදීමක් නම් සිදු වී නැති බව පෙනේ.

පොලිසිය පහර දුන් පුද්ගලයන් අත්අඩංගුවට නො ගත් බව කියමින් සිංහලයෝ ගාලු පාර අවුරමින් උද්ඝෝෂණය කළ හ. සාමාන්‍ය කෝලාහලයක් වූ හැටියේ සිදුවීම වූ තැනට ගොස් අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා පොලිසියක් ලංකාවේ නැති බව ද සාමාන්‍ය තත්වයකි. මෙම තත්වය මත පැතිරුණු කටකතාවක් කෙතරම් දුරදිග ගොස් තිබුණා ද යත් එක් පුද්ගලයකු කී‍වේ හාමුදුරුවන්ට පහර දීම සඳහා පොලිසිය උදව් කර තිබුණු බවයි.

අන්තිමේදී ‍පොලිසිය අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන ලදී. ඒ වනාහි නීතිමය ක්‍රියාමාර්ගවල ආරම්භයයි.

සති කීපයකට පෙර ද මෙම නගරයේ මුස්ලිම් කඩයකට කිසියම් පිරිසක් විසින් ගිනි තබන ලදී. එයට හේතුව ලෙස දැක්වුණේ මුස්ලිම් පුද්ගලයකු සිංහල පුද්ගලයකුට කළ ලිංගික අපචාරයකි. විෂම වාර්ගික වූ මෙම ලිංගික අපචාරය හැරුණු විට තවත් එවැනි ම විෂම වාර්ගික ලිංගික අපචාර ද, සම වාර්ගික ලිංගික අපචාර ද ඕනෑ තරම් මේ රටේ සිදු වේ. එහෙත්, ඒ හැම එකක් සම්බන්ධයෙන් ම වාර්ගික හෝ වෙනත් ස්වෝත්තමවාදී කලබල ඇති වන්නේ නැත.

අද සිළුමිණ පුවත්පතේ මුල් පුවත බේරුවල ගැන ය. එහෙත්, ඒ බේරුවල ගැන ජාතික හෙළ උරුමයේ දිලන්ත විතානගේ කරන අන්තවාදී ප්‍රකාශයකි. පහත පළ වන්නේ එම පුවතින් උපුටා ගත් කොටසකි.

"අලුත්ගම ප්‍රදේශයේදී ඉකුත් 12 වැනිදා භික්ෂූන් වහන්සේ නමකට පහර දුන් බව කියන සිද්ධිය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ හා එහි නායක අනුර කුමාර දිසානායක නිශ්ශබ්දව සිටින්නේ කුමක් නිසා දැයි බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි දිලන්ත විතානගේ මහතා ප්‍රශ්න කරයි.

තම සංවිධානය මුස්ලිම් අන්තවාදී කල්ලිවල ක්‍රියා කලාපය මීට පෙර විවේචනය කළ අවස්ථාවලදී ජනතා විමුක්ති පෙරමුණ පුවත්පත් නිවේදන නිකුත් කරමින් තම සංවිධානයට විරෝධය පළ කළ බව පවසන විතානගේ මහතා මුස්ලිම් අන්තවාදීන් සිදු කළ මේ ප්‍රහාරය පිළිබඳව එම පක්ෂය නිහඬව සිටින බව ද කියයි.

ජනතා විමුක්ති පෙරමුණේ අතීත හැසිරීම් හේතුවෙන් වර්ෂ 1971 දී සහ වර්ෂ 1988 - 89 දී සිංහල බෞද්ධ තරුණයන් විශාල වශයෙන් මිය ගිය බව පැවසූ විතානගේ මහතා වර්තමානයේදී ද ජනතා විමුක්ති පෙරමුණ හා එහි නායකයා තම සංවිධානය කරන කියන දේ හරි හැටි සොයා නොබලා සිංහල බෞද්ධයන්ට විරුද්ධ ස්ථාවරයක පසුවන බවට චෝදනා කරයි.

සිංහල බෞද්ධයන්ට සිදුවන අකටයුතුකම් පෙන්වා දීම හැර වෙනත් කිසිදු වරදක් බොදු බල තරුණ සංවිධානය කර නොමැති බවත්, තම සංවිධානය අකටයුත්තක් වරදක් සිදුකර ඇත්නම් පෙන්වා දෙන ලෙස මේ පිළිබඳ අදහස් දැක්වූ බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ ද කියා සිටියහ."

මහජන මුදලින් නඩත්තු වන සිළුමිණ පුවත්පත මෙවැනි ප්‍රවෘත්තියක් අද දවසේ සිය මුල් පුවත ලෙස පළ කිරීමෙන් ඇත්තට ම කර තිබෙන්නේ පනින රිලවුන්ට ඉනිමං තැබීමකි.

බොදු බල සේනාව අද අලුත්ගම රැස්වීමේදී කරන්නට සිටි කතා සිළුමිණ කල් තබා ම ප්‍රධාන පුවතේ පළ කර තිබිණි. එය ජවිපෙ විරෝධී ප්‍රකාශයක් ලෙස පෙනුණත්, මේ මොහොතේ එවැනි මුල් පුවතක් පළ කිරීමේ අරමුණ ජනතාව කුපිත කර වාර්ගික අසමගිය ඇති කිරීම බව ඉතා පැහැදිලි ය. එහෙම නැතිනම්, ජවිපෙ නායකයාට බොදු බල සේනාව දක්වන ප්‍රතිචාරය මුල පිටුවේ ප්‍රධාන පුවත ලෙස පළ කරන සිළුමිණ පත්තරය බොදු බල සේනාවේ නිල පුවත්පත විය යුතු ය.

වාර්ගික, ආගමික හැඟීම් අවුස්සමින් මිනිසුන් සෙසු ප්‍රජාවන්ට එරෙහිව කුපිත කිරීම ඉතා පහසු කාර්යයකි.දැන් මෙම ලිපියට ප්‍රතිචාර දක්වන ඇතැමෙක් ද කරනු ඇත්තේ වාර්ගික අගතීන් සමග එක් වී අප ප්‍රශ්න කිරීමයි. 

අප මුස්ලිමුන්ට පක්ෂ අය බව ඔවුන් කියනු ඇත. එහි ඇත්තක් නැත්තේ ම නැත. මන්ද, ප්‍රමාණාත්මකව ගත් කල මුස්ලිම් ජනතාව මෙහි සුළුතර ප්‍රජාවකි. වැඩි පිරිසක් එක් වී සුළු පිරිසකට පහර දෙන කල සුළු පිරි‍සේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම මිනිස්කම වෙනුවෙන් අප කළ යුතු යුතුකමකි. ඔබ කියන්නේ අප සියලු දෙනා එක් වී මුස්ලිමුන්ට පහර දිය යුතු ය කියා ද? අප නම් එයට එක් වන්නේ නැත. අප ප්‍රශ්න විසඳා ගත යුත්තේ අප සතු බලයෙන් නොව යුක්තියෙනි.

මුස්ලිම් ජනතාව අතර ද අන්තවාදීහු සිටිති. ඕනෑම ප්‍රජාවක එවැනි අය සිටිති. එවැන්නන් සිටියා ය කියා බහුතර ශක්තිය යොදා ඒ මුළු ප්‍රජාවෙන් ම පලිගැනීම වැරදි ය.

අනෙක් පැත්තෙන් සුළුතර ජාතිවාදයන් මතු වන්නේ බහුතර ජාතිවාදයන්ට ප්‍රතිචාරාත්මකව බව වීම ද ඇත්තකි. සමහර විට සුළුතර ජාතිවාදයන්ට ප්‍රතිචාරාත්මකව නැවත වටයකින් බහුතර ජාතිවාදයන් ශක්තිමත් වන අන්දම ද දැකිය හැකි ය. 

කෙසේ වුවත්, අන්තවාදයට පිළිතුර අන්තවාදය වන්නේ නැත. අන්තවාදයේ පිළිසරණ සොයන ජාතීහු ඇත්තෙන් ම සියතින් ම සිය වල කපා ගනිති.

මෙය මුස්ලිම් ජනතාවට බලපානු ඇත්තේ මෙසේ ය. මුස්ලිම්වරු වෙළඳ ප්‍රජාවකි. එබැවින් ඔවුන් අනිවාර්යයෙන් ම සියලු ප්‍රජාවන් සමග සුහදව කටයුතු කළ යුතු ය. ඔවුන්ට ලාභ ලැබිය හැක්කේ එවිට ය. සිංහල ජනයා අතර ඇති වන මුස්ලිම් විරෝධය ඔවුන්ගේ ව්‍යාපාරවලට තාවකාලිකව හෝ බලපානු ඇත.මුස්ලිම් මිනිසුන් මෙය තේරුම් නො ගන්නා නිසා ඔවුන්ට තේරෙන භාෂාවකින් එය තේරුම් කර දිය යුතු බව මා සමග කතා කළ එක් ගුරුවරයෙක් පැවසී ය. එහෙමය කියා මුස්ලිම් ජනතාව සිංහලයන්ගේ සියලු අකටයුතුකම් ඉවසිය යුතු ය කියා අප නම් කියන්නේ නැත. කිසිවකු තවෙකෙකුට යටත් වී ජීවත් වීම ප්‍රජාතන්ත්‍රවාදය නො වේ.

ජාතික පදනමින් සිංහලයන්ට පහර දීමට මොළයක් තිබෙන මුස්ලිම්වරුන් ඉදිරිපත් වේ යයි සිතිය නො හැකි ය. හේතුව, වාර්ගික වශයෙන් ඔවුන්ගේ සුළුතරකමයි. සිංහල ගම්මාන මැද බේරුවල වැනි කුඩා ජනාවාසවල ජීවත් වන මුස්ලිම්වරුන්‍ට වාර්ගික පදනමින් ගැටුම් ඇති කරගෙන පැවතිය නො හැකි ය. මා මේ බව පෙන්වා දුන් විට එක් සිංහල මිනිසකු පැවසුවේ මුස්ලිම් මිනිසුන්ට මැද පෙරදිග හා පකිස්තනය වැනි රටවලින් ආධාර ලැබෙන බව හා ඔවුන් සතුව අවි ආයුධ තිබෙන බවයි. නයින් ජීවත් වන්නේ හුඹස්වල බව ඇත්ත ය. එහෙත් අප බිය විය යුත්තේ නයින්ට මිස හුඹස්වලට නො වේ.

මුස්ලිම්වරුන් ලංකාවේ සිංහලයන් අභිභවනය කිරීම ඉදිරි සියවස් ගණනාවක් තුළදීවත් අපේක්ෂා කළ හැකි දෙයක් නො වේ. මුස්ලිම්වරුන් සිංහලයන් අභිභවනය කරනු ඇතැයි කියා ඔවුන් තුළ පදනම් විරහිත භීතියක් නිර්මානය කිරීම සිංහල ජාතිවාදීන්ගේ උපායකි.

මෙම දීර්ඝ ලිපිය අවසානයේ මට කියන්නට තිබෙන්නේ මෙයයි. අද වන විට ඇති වී තිබෙන මුස්ලිම් විරෝධී කළු ජූලියක් නිර්මානය වන තත්වය ඉතා පැහැදිලිව ම අන්තවාදීන් විසින් නිර්මානය කරන ලද්දකි. මෙයට මුල පිරුවේ සිංහල බෞද්ධ අන්තවාදීන් වුව ද මුස්ලිම් අන්තවාදීහු ද එයට දායක වූ හ. මෙයින් දෙපැත්තේ ම අන්තවාදීන් ලාභ ලබති. ඔවුන්ට විදේශ ආධාර, විදේශ චාරිකා, යාන වාහන, මිළ මුදල්, කාර්යාල, නිවාස, ලිංගික සැප වැනි සුඛ විහරණයන් රැසක් මේ හරහා ලැබී තිබේ. ඒවා දිගට පවත්වා ගැනීමටත්, තමන් සමග එක් වන සෙසු අයටත් ඒවා සම්පාදනය කර දීමටත් මේ අයට තව තවත් ජාතිවාදය අවුළුවන්නට සිදු වනවා ඇත. 

රටක යහපත් පාලනයක් තිබිය යුත්තේ මෙවැනි ප්‍රවණතාවන් පාලනය කර ගැනීමට ය. නැතිනම්, රට දිනෙන් දින ම යනු ඇත්තේ අගාධයට ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

2014-06-14

ආගමික අන්තවාදයෙන් හා ත්‍රස්තවාදයෙන් ඔද්දල් වුණ පකිස්තාන ඉස්ලාමීය ජනරජය

ගල් ගසා මරා දමන ලද ගැහැනියක්
පකිස්තානයේ නිල නාමය පකිස්තාන ඉස්ලාමීය ජනරජයයි. එය ජනගහණය අතින්  ලෝකයේ හයවන තැන අත් කර ගන්නා රටකි. ඉන්දියාවට, ඇෆ්ගනිස්තානයට හා චීනයට ගොඩබිමින් මායිම් වන පකිස්තානය ඕමානය සමග මුහුදු දේශසීමාවක් බෙදා හදා ගනියි. ඉතිහාසය පුරා ඉන්දු නිම්න, හින්දු, ග්‍රීක, මොංගෝලියානු, ඇෆ්ගන්, සික් ආදී විවිධ සංස්කෘතීන්ගේ බලපෑමට ලක් වූ මෙම භූමි ප්‍රදේශය නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් වුණේ 1947දී මොහොමඩ් අලි ජින්නාගේ නායකත්වයෙන් ඉන්දීය නිදහස් සටනට සමාන්තරව දියත් වූ අරගලයක ප්‍රතිඵලය ලෙසයි. 1956දී නව ව්‍යවස්ථාවක් සකසා ගත් පකිස්තානය ඉස්ලාමීය ජනරජයක් ප්‍රකාශයට පත් කළේ ය. සිවිල් යුද්ධයකින් අනතුරුව 1971දී නැගෙනහිර පකිස්තානය ඉන්දීය සහයෝගය ඇතිව බංග්ලාදේශය නමින් වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් විය.

නිදහසින් පසු පකිස්තානයේ ඉතිහාසය පුරාම වරින් වර මිලිටරි ආණ්ඩු බිහි වී තිබේ. දේශපාලන අස්ථාවරත්වයන් හා ඉන්දියාව සමග ගැටුම් ද එහි ඉතිහාසය පුරා ම ඇදී යයි. පකිස්තානය ලොව අටවන ශක්තිමත් ම හමුදාව සිටින රටයි. එපමණක් නොව එය න්‍යෂ්ටික බලවතෙකි. ඇමරිකාව සමග මෙන්ම චීනය සමග ද ඉතා සමීපව කටයුතු කරන රටකි. පකිස්තානය ඉන්දියාව සමග තුන්වරක් යුද වැදුණේ ය. එයට මූලික හේතුව වූයේ කාශ්මීරයේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයයි. සටන්කාමීන් කාශ්මීර‍යේ වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කරමින් සිටින අතරතුර ඉන්දියාවත්, පකිස්තානයත් කාශ්මීරයේ අයිතිය සම්බන්ධයෙන් ගැටුමක සිටියි. ඉන්දීය කාශ්මීර සටන්කාමීන්ගෙන් කොටසක් පකිස්තානය සමග එක් වීමට ද තවත් කොටසක් වෙනම රාජ්‍යයක් බිහි කර ගැනීමට ද සහයෝගය දෙති.

පකිස්තානය ලොව දෙවන විශාලතම මුස්ලිම් ජනගහණය සිටින රටයි. (පළමු තැන ගන්නේ ඉන්දුනීසියාවයි.) එරට පිහිටා ඇති ස්ථානය මූලෝපායික වශයෙන් ඉතා වැදගත් ය. එය තෙල් සම්පත සපිරි මධ්‍යම ආසියාවට ආසන්නයෙන් හා ලොව ප්‍රධාන තෙල් ප්‍රවාහන නැව් මාර්ගවලට ආසන්නයෙන් පිහිටා තිබේ.

කෙසේ වෙතත්, අද වන විට පකිස්තානය නිරතුරුව ම ලෝක අවධානයට ලක් වන්නේ ත්‍රස්තවාදයේ තෝතැන්නක් ලෙසයි. අලුත්ම සිද්ධිය කාර්ය බහුල කරච්චි ගුවන් තොටුපලට පසුගිය සතියේ එල්ල වූ ප්‍රහාරයයි. එහිදී සෙබලු හා සිවිල් වැසියෝ 19ක් ද, ප්‍රහාරකයෝ 10දෙනෙක් ද මිය ගිය හ.

පකිස්තානයේ ත්‍රස්තවාදයට ගැඹුරු ඉතිහාසයක් තිබේ. කලක් සාපේක්ෂව සාමකාමී දේශයක් වූ පකිස්තානය ත්‍රස්තවාදයේ තෝතැන්නක් වීම ආරම්භ වුණේ 1970 දශකයේ අග හා 1980 දශකයේ මුල‍භාගයේදී සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ හමුදා විසින් ඇෆ්ගනිස්තානයේ කරන ලද යුදමය මැදිහත්වීමට එරෙහිව  ඇමරිකාව පකිස්තානයත් සමග එක්ව එ‍රට භූමිය භාවිතා කරමින් ඇෆ්ගනිස්තානයේ මුජිහඩීන් ගරිල්ලන් පුහුණු කිරීමත් සමගයි. ඇෆ්ගනිස්තානයේ තලිබාන්වරුන් මෙන්ම පකිස්තානයේ තලිබාන්වරුන් ද බිහි වන්නේ මේ ඔස්සේ ය.

කරච්චි ප්‍රහාරයේ වගකීම භාර ගත් ටෙහ්රික්-ඊ-තලිබාන් සංවිධානය යනු උතුරු වසිරිස්තානය ප්‍රමුඛ වයඹදිග ගෝත්‍රික ප්‍රදේශ කේන්ද්‍ර කර ගත් සටන්කාමී සංවිධාන රැසක ලිහිල් එකමුතුවකි. 2007දී බිහි කර ගන්නා ලද මෙම සංවිධානයේ අරමුණ ලෙස දැක්වෙන්නේ  පකිස්තාන රජය පෙරළා ඔවුන්ගේ පන්නයේ ෂාරියා නීතියක් ක්‍රියාත්මක වන ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩනැගීමයි. එසේම .ඔවුහු ඇෆ්ගනිස්තානයේ බටහිර බලවතුන්ගේ මැදිහත්වීමට ද එරෙහිව සටන් කරති. ඔවුහු වයඹදිග පකිස්තානයේ විශාල භූමි ප්‍රදේශයක සිය ආධිපත්‍යය තහවුරු කරගෙන තිබේ. එම ප්‍රදේශවල තිබෙන්නේ අරාජිකත්වයකි. මෙම ප්‍රදේශවල ත්‍රස්ත බලය බිඳලීම පිණිස පකිස්තාන රජයේ හමුදා 2009 සිට ම යුද වැදී සිටියි. දහස් ගණන් පකිස්තානු ජනයාත්, හමුදා සෙබලුත් මරු දුටු, තවත් ලක්ෂ ගණනක් ජනයා අවතැන් කළ එම යුද්ධය නිසා පකිස්තානු ජනයා පීඩාවට පත් වී සිටිති. වේගයෙන් සංවර්ධනය වෙමින් තිබෙන ආර්ථිකයක් වන පකිස්තානයට මෙම ත්‍රස්තවාදය නිසා අහිමි වූ දේ බොහෝ ය. මෙම පසුබිම තුළ නවාස් ෂරීෆ්ගේ පක්ෂය ඡන්දය ජයග්‍රහණය කළේ සාමය පිළිබඳ දල්වන ලද බලාපොරොත්තු ඔස්සේ ය.

අගමැති නවාස් ෂරීෆ්ගේ ආණ්ඩුව සටන්කාමීන් සමග සාකච්ඡා ආරම්භ කර තිබේ. ‍කරච්චි ප්‍රහාරය එම සාකච්ඡා බිඳ වැටෙන්නට කිට්ටු තැනකට තල්ලු කර තිබේ. පකිස්තානයේ ත්‍රස්තවාදී ක්‍රියා උත්සන්න වීමට හේතුව ලෙස බොහෝ අය දකින්නේ ඇෆ්ගනිස්තානයේ සිදු වන ඇමරිකානු ආක්‍රමණයයි.

ටෙහ්රික්-ඊ-තලිබාන් සංවිධානය යනු ඉතා ලිහිල් අන්දමින් එක්සත් වී සිටින විවිධ අරමුණු සහිත ඉස්ලාමීය සටන්කාමී සංවිධාන රැසක එකමුතුවකි. ඔවුන් අතර පොදු සම්මුතිය තිබෙන්නේ පකිස්තාන රජයට ඇති විරෝධය තුළ ය. ඔවුන් අතර ඇමරිකන් විරෝධීහු මෙන් ම, බලුකිස්තාන ප්‍ර‍දේශයේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට සටන් කරන සංවිධාන ද, සුළුතර ෂයිට් මුස්ලිම්වරුන්ට ප්‍රහාර එල්ල කරන සුන්නි අන්තවාදී සංවිධාන ද තිබේ. එබැවින් කුමන සාකච්ඡාවක් ඔස්සේ වුවත් පකිස්තානයේ පූර්ණ සාමයක් උදා කළ හැකි යයි සිතිය නො හැකි ය.

පකිස්තානයේ ගෝත්‍රික ප්‍රදේශවල ආර්ථිකයේ, සමාජ සංවර්ධනයේ හා අධ්‍යාපනයේ පසුබෑම ඉස්ලාම් මූලධර්මවාදයේ හා ත්‍රස්තවාදයේ ව්‍යාප්තියට හේතු වී තිබේ. ත්‍රස්තවාදය පෙරළා මෙම ප්‍රදේශවල තත්වය තවත් නරක තත්වයට ඇද දමයි. ආර්ථික කටයුතු බිඳවැටීම හේතුවෙන් එම ප්‍රදේශවල දරිද්‍රතාව තවත් ඉහළ යයි. නූතන මානව සමාජය විසින් පිටු දකිනු ලබන ස්ත්‍රීන් ගල් ගසා මරා දැමීම වැනි සිදුවීම් මෙම කලාපයෙන් වාර්තා වන්නේ මෙම සංදර්භය තුළ ය. එහි ක්‍රියාත්මක වන මද්රාසා නම් ඉස්ලාම් පාසල් ද ත්‍රස්තවාදය පෝෂණය කිරීමෙහිලා දායක වන බවට චෝදනා එල්ල වේ.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්ගේ නව ලිබරල් නව යටත්විජිතවාදය හමුවේ ප්‍රතිරෝධීව මතු වූ පීඩිත ජාතීන්ගේ විමුක්ති අරගල හා ඉස්ලාම් මූලධර්මවාදය වැනි අන්තවාදී ප්‍රවණතා දෙස සානුකම්පිතව බැලීමේ ප්‍රවණතාවක් පසුගිය සමයේ වාමාංශිකයන් අතර දක්නට ලැබිණි. විශේෂයෙන් ම, 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ඇෆ්ගනිස්තානයේ සිට ඉරාකය දක්වා ඇමරිකානු යුද මෙහෙයුම්වල පැවති ආක්‍රමණික ස්වරූපය මෙම දැක්ම වර්ධනය කිරීමට හේතු විය. ඉස්ලාම් මූලධර්මවාදීන්ගේ අධිරාජ්‍ය විරෝධී සටන ගෝලීය ධනවාදයට එරෙහි පීඩිතයන්ගේ අරගලයක් ලෙස හඳුනා ගන්නට උත්සාහ කිරීමේ ප්‍රවණතාවක් වාමාංශිකයන් හා ප්‍රගතිශීලීන් අතර දක්නට ලැබිණි.

එහෙත්, අධිරාජ්‍ය විරෝධය හා ධනවාදයට එරෙහි අරගලය ජාතිවාදයන් හා ආගම්වාදයන් සමග පටලවා ගැනීම හා එසේ පටලවා ගනිමින් ජාතිවාදී හා ආගමික අන්තවාදී ව්‍යාපාර සම්බන්ධයෙන් සානුකම්පිත වීම තවදුරටත් සිදු විය යුතු ද යන්න පිළිබඳ වාමාංශිකයෝ නැවත කල්පනා කළ යුතු ය.

2001 සිට මේ දක්වා ගෙවී තිබෙන දශකයකට වැඩි කාලය තුළ ජාතිවාදීන් හා ආගම්වාදීන් විසින් ලෝක සමාජය ඇදගෙන ගොස් තිබෙන පසුගාමිත්වයේ ගැඹුර පිළිබඳ අප සංවේදී විය යුතු ය. ධනවාදයට එරෙහි අරගලය හා ජාතිවාදීන් හා ආගම්වාදීන් වැනි පසුගාමීන්ගේ රාජ්‍ය විරෝධී අරගල අතර සම්මුති නිර්මානය කරන්නට බැරි බව දැන් දැන් තහවුරු වෙමින් තිබේ. අන්තවාදයන් විසින් සමාජ සංවර්ධනයට අදාළව නිර්මානය කරනු ලබන ගැටලුවල ගැඹුර තේරුම් ගැනීම සඳහා පකිස්තානය කදිම නිදසුනකි.