2014-09-28

මේ බල්ලාට එරෙහිව ක්‍රියාමාර්ග පමා ඇයි?

මහජන මුදලින් වැටුප් ලබන නිලධාරියකුට මේ අන්දමින් හැසිරීමට කිසි සේත් ම ඉඩ දිය යුතු නැත.

මොවුන් පොලිසිවලදී මෙසේ හැසිරීම සුලබ දෙයකි. එහෙත්, මහ පාරේදීත් ඒ අන්දමින් හැසිරීමට ඉඩ දිය යුතු ද? අඩු තරමේ පොලිසියට ඒ මට්ටමේ හරි ශිෂ්ටත්වයක් තිබිය යුතු ය.

අනෙක කවර හෝ ගැහැනියකට මේ අන්දමින් මහ මග පහර දෙන මූ පිරිමියෙක් ද? 

වාරියපොල තිලිණි පිරිමියකුට ප්‍රසිද්ධියේ පහර දුන් අවස්ථාවේදී ලංකාවේ පිරිමි සමාජයට ඇති වූ කම්පනය මේ ගැහැනියට මේ අන්දමින් ප්‍රසිද්ධියේ පහර දෙද්දී ඇති නො වන්නේ ඇයි?

පිරිමින් ගැහැනුන්ට පහර දීම සාමාන්‍ය දෙයක් ලෙස සැලකිය යුතු ද?

පොලිස් නිලධාරීන් මේ අන්දමින් මිනිසුන්ට පහර දීම සාමාන්‍ය යයි සැලකිය යුතු ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ජයලලිතා හා ලංකාවේ දේශපාලකයෝ

වසර 18ක් තිස්සේ ඇදෙමින් තිබුණු දූෂණ නඩුවක ප්‍රතිඵලයක් ලෙස තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතාට බැංගලෝරයේ අධිකරණයක් විසින් මහ ඇමති ධුරය අහිමි කර වසර හතරකට සිර ගෙට නියම කර තිබේ. 

1991 සිට 1996 දක්වා වූ ඇගේ පළමු මහ ඇමති ධුර කාලය තුළ ඇගේ වත්කම්වල සිදු වූ වර්ධනය ඇගේ ඉපයීම්වලට වඩා බෙහෙවින් වැඩි හෙයින් ඇය අයථා ලෙස මුදල් රැස් කරගෙන තිබෙන බව ඔප්පු වී තිබේ. 

ජයලලිතාට වූ දෙය ඉන්දීය අගමැති මෝදි පවා බියපත් කරන සිද්ධියකි. ඔහු ගුජරාටයේ මහ ඇමති සමයේ එහි මුස්ලිම් සංහාරවලට එරෙහිව මෝදිට චෝදනා තිබේ. ඒ පිළිබඳ පරීක්ෂණ නිසි ලෙස සිදු වී නැත.

ලංකාව වැනි අතිශය දූෂිත පාලකයන් සිටින රටවල අධිකරණයට ඉන්දීය අධිකරණය විසින් දී තිබෙන්නේ ඉතා වැදගත් ආදර්ශයකි. මහජන මුදල් අයථා ලෙස පරිහරණය හා වංචා කිරීම මානව වර්ගයාට එරෙහි අපරාධයකි. මෙය ජනතාව දුප්පත් වීමට ප්‍රධාන  ම හේතුවයි. රටක ජනතාව හිතා මතා දුප්පතුන් බවට පත් කිරීම මානව වර්ගයාට එරෙහි අපරාධයක් ලෙස සැලකිය යුතු ය.

ලංකාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ශිරානි බංඩාරනායක අග විනිසුරුවරිය දෝෂාභියෝගයක් ඔස්සේ බලයෙන් පහ කිරීමට හේතු මේ සංදර්භය ඔස්සේ පහසුවෙන් තේරුම් ගත හැකි ය. එමගින් බලාපොරොත්තු වන්නේ අධිකරණයට ස්වාධීනව කටයුතු කරන්නට නො දෙන බව තහවුරු කිරීමයි. පත් වන කවර හෝ අගවිනිසුරුවරයකු වුව තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කරයි. එහි මූලික අරමුණ තමන්ටත්, තම අන්තේවාසිකයන්ටත් ජයලලිතා මුහුණ දුන් ආකාරයේ තත්වයන්ට මුහුණ දෙන්නට සිදු නොවන පරිදි රැකවරණය සලස්වා ගැනීමයි. 

වැට් බදු වංචාව කළ ව්‍යාපාරිකයන්ට හා රජයේ නිලධාරීන්ට එරෙහිව ලංකාවේ අධිකරණය දැක්වූ දැඩි ප්‍රතිචාරය සුබවාදී කාරණයකි. එහෙත්, මහජන මුදල් සොරකම් කරන සොරුන්ට එරෙහිව ඊටත් වඩා දැඩි ප්‍රතිචාරයක් අවශ්‍ය ය. 

ලංකාවේ මහජන මුදල් සොරුන්ට නීතිමය මුක්තිය භුක්තියට සවි වී ඇති ස්වභාවයක් දක්නට ලැබේ. මහජන මුදල් සොරකම් කරන දේශපාලකයන්ට එරෙහිව ලංකාවේ ක්‍රියාමාර්ග ගැනෙන්නේ ම නැති තරම් ය. මේ තත්වය වෙනස් විය යුතු ය. 

මහජන මුදල් සොරුන්ගේ සිත් බියෙන් ඇළලිය යුතු ය. අනාගතයේ බලයට එන්නට බලාපොරොත්තු වන එක්සත් ජාතික පක්ෂය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-09-27

වැට් බදු වංචාව තරම් ම වන වෙනත් බදු වංචා සම්බන්ධයෙන් අධිකරණයේ ප්‍රතිචාරය

වැට් බදු වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයන් අටදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් විසි වසර බැගින් සිර දඬුවම් හා සුවිසල් දඩ නියම කරන ලදී. 

මේ ව්‍යාපාරිකයෝ මේ වන විට රටින් පැන ගොසිනි. 

මීට පෙර මෙම වරද සම්බන්ධයෙන් වරද පිළි ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකුට පනවනු ලැබූ දඬුවම අවුරුදු 102ක සිර දඬුවමක් හා රුපියල් කෝටි 1200ක පමණ දඩයකි. 

රජයට ගෙවීම සඳහා ජනතාවගෙන් එකතු කරන ලද වැට් බදු මෙම ව්‍යාපාරිකයෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග එක්ව වංචා කර තිබේ. වැට් බද්ද පාරිභෝගිකයාගෙන් ඍජුව අය කර ගන්නා එකකි. එය ආණ්ඩුවට නො ගෙවා වංචා කර ගැනීම දැවැන්ත ලාභයක් ලැබීමට මගකි. 

අපේ බිලට වැට් බදු එකතු කරන ව්‍යාපාරිකයන් ඒවා රජයට ගෙවන බවට ඇත්තෙන්ම අපට සහතිකයක් තිබේ ද? ඒ බිල්පත් ව්‍යාජ ඒවා වන්නට බැරි ද? මේ වංචාව තවමත් සිදු වෙමින් තිබෙන එකක් වන්නට බැරි ද?

මෙවැනි දැඩි දඬුවමක් පනවන්නට ඇත්තේ මේ වංචාව කරන සෙසු අයට දැඩි බියක් ඇති කිරීමේ අරමුණින් විය හැකි ය. 

සරළව ගතහොත්, මෙම දණ්ඩනයෙන් දෙන පණිවුඩය වන්නේ රජයට ගෙවිය යුතු බදු මුදල් වංචා කිරීම බරපතල වරදක් ලෙස රජය සලකන බවයි.

රජයේ සේවාවන් පවත්වාගෙන යන්නේත්, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන්ගේ පාඩු පියවන්නේත්, දේශපාලකයන් හා ඉහළ නිලධාරීන් විසින් කරනු ලබන වංචා හා දූෂණ පියවා ගන්නේත් මේ බදු මුදල්වලිනි. 

මහජනයාගෙන් අය කරන බදු මුදල් වංචා කිරීම තල කීපයකදී ම සිදු වේ. රජයේ සේවකයෝ වැඩ නො කර පඩි ගනිති. ඉහළ නිලධාරීහු අයුතු වරප්‍රසාද ගනිති. පාඩු ලබන රජයේ ව්‍යවසාය පවත්වාගෙන යන නිලධාරීහු මහජන බදු මුදලින් ඉහළ වැටුප් හා වරප්‍රසාද ලබා ගනිති.දේශපාලකයෝ බදු මුදලින් ලබා දෙන රජයේ කොන්ත්‍රාත්වලින් කොමිස් ලබා ගනිති.

මේවාත් වැට් බදු වංචාව තරමට ම බරපතල අපරාධ වේ.

වැට් බදු වංචාව සම්බන්ධයෙන් අධිකරණය විසින් දක්වන ලද මෙම ප්‍රතිචාරය සෙසු ආකාරවල බදු වංචා වෙත ද විහිදිය යුතු ය. විශේෂයෙන් ම බදු මුදල්වලින් පවත්වාගෙන යන කොන්ත්‍රාත්වලින් කොමිස් ගැසීම වෙත අධිකරණයේ අවධානය යොමු වනවා නම් එය වැදගත් සංවර්ධනයකි. එවැනි සිද්ධි පරීක්ෂා කිරීම සඳහා අදාළ අංශ යොමු කළ යුතුව තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-09-26

සුන්දර ඉංග්‍රීසි: SINHALA WACHANA INGRISIYEN LIWEEMA

සිංහල වචන ඉංග්‍රීසියෙන් ලිවීම සඳහා පිළි ගත් සම්මතයක් නැහැ.

මා දන්නා තරමින් ඒ පිළිබඳ කිසියම් සම්මුතියක් තිබෙනවා නම් තිබෙන්නේ පුරා විද්‍යාව තුළ පමණයි. මේ සම්මතය ගොඩනැගුණු ආකාරය පිළිබඳ හැදෑරිය යුතුයි. එහෙත්, ඊට වඩා ගැටලුව වන්නේ මේ සම්මතය තුළ බරපතල වාග් විද්‍යාත්මක අර්බුදයක් පැවතීමයි.

නිදසුනකින් දක්වනවා නම්, මේ සම්මතය අනුව, මහාවංශය කියන වචනය ඉංග්‍රීසියෙන් ලියන්නේ Mahawamsa ලෙසයි. Culawamsa, Dipawamsa  වැනි වදන් ද අධ්‍යයනය කරන විට ඉතා බරපතල ගැටලුවක් දකින්නට පුළුවන්. සිංහලෙන් බිංදුව ලෙස හැඳින්වෙන අක්ෂරයේ ශබ්දය බොහෝ දුරට සමාන වන්නේ ඉංග්‍රීසි ng අක්ෂර දෙකේ ශබ්දයටයි. පුරා විද්‍යාෙව්දී යොදා ගන්නා m අක්ෂරය කිසිදු ආකාරයකින් බිංදුවේ ශබ්දයට සමාන වෙන්නේ නැහැ. ඒ වගේම තමයි, ඉහත උදාහරණ දෙස බලන විට දකින්නට ලැබෙනවා, ච ශබ්දය වෙනුවෙන් c අක්ෂරය යොදා තිබෙන බව. දීපවංශයට අදාළව දී යන දීර්ඝ ස්වරය සඳහා යොදා තිබෙන්නේ Di කියන කෙටි ස්වරයයි. බරපතල ගැටලු රැසක් මෙමගින් නිර්මානය වන බව අමුතුවෙන් කියන්න ඕනැ නැහැ.

ලෝකයේ ඇතැම් භාෂාවන් සිය සම්ප්‍රදායික අක්ෂර වෙනුවට රෝමානු අක්ෂර භාවිතා කරනවා. මැලේසියානු භාෂාව මේ සඳහා උදාහරණයක්.

සිංහල භාෂාව වෙනුවෙනුත් ඇතැමෙක් මේ ක්‍රමය යෝජනා කළත්, එයට එතරම් සහයෝගයක් ලැබුණේ නැහැ.

පරිගණකය භාවිතාවට පැමිණීමත් සමග කලබල වූ අජිත් තිලකසේන වැනි වියතුන් සිංහල භාෂාවේ අක්ෂර පරිගණකයට ඔරොත්තු නො දෙන තරම් සංකීර්ණ බව කියමින් එය සරළ කිරීමේ වැඩපිළිවෙලක් යෝජනා කරමින් භාවිතා කරන්නටත් පටන් ගත්තා. න, ණ, ල, ළ, ශ, ෂ, ස භේදයන් අතහැර දැමීම, යංසය, රකාරාංශය වැනි අක්ෂර කොටස් අතහැර දමා ඒවා ඍජුව ලිවීම, හල්කිරීම, පාපිල්ල ආදිය සඳහා තිබෙන විවිධ පිල්ලම් වර්ග වෙනුවට එක් පිල්ලමක් භාවිතා කිරීම  වැනි ක්‍රම ඔස්සේ සිංහල අක්ෂර වින්‍යාසය සරළ කරන්න ඔවුහු උත්සාහ කළා. උදාහරණයක් ලෙස ඒ වාක්‍යය ම ඔවුන් ලිව්වේ මෙහෙමයි: ඒවා රිජුව ලිවීම වැනි ක්රම ඔස්සේ සිංහල අක්සර වින්යාසය සරල කරන්න ඔවුහු උත්සාහ කලා.

ඒත්, භාෂාවේ සම්ප්‍රදායන් ඉක්මවා යන්න මේ විප්ලවකාරයන්ට බැරි වුණා. ඔවුන් කලබලයට පත් කළ ගැටලු පරිගණකය විසින් ඉතා ඉක්මණින් විසඳා ගත්තා.

අන්තර්ජාලයේ සිංහල භාවිතය එක් කලෙක බරපතල ප්‍රශ්නයක් වී තිබුණා. අපි මුලින් ම අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතයන් නිර්මාණය කළේ මහත් අපහසුතා ගොඩක් මැදයි. මුල් කාලයේ භාවිතා වුණ සිංහල අක්ෂරවලට අන්තර්ජාලයේ නිල පිළිගැනීමක් තිබුණේ නැහැ. ඒවායින් කෙළින්ම ලියන්න, ඊමේල් යවන්න, චැට් කරන්න, සෙවුම් යන්ත්‍රවල සෙවුම් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන් වුණේ සිංහල යුනිකේත අක්ෂරවල සංවර්ධනයත් එක්කයි. අද වන විට පරිගණකයේ ඉංග්‍රීසි භාෂාවෙන් කරන සාමාන්‍ය කටයුතු සියල්ලක් ම සිංහලෙන් කර ගන්න පුළුවන් තරමට සිංහල භාෂාව දියුණු වෙලා. ;

වෙබ් අඩවි, බ්ලොග් අඩවි පටන් ගත්ත මුල් කාලේ සිංහල අකුරුවලින් පිටු පළ කළා ම, ඒවා පාඨකයන් ලවා කියවා ගන්න ඔවුන්ට සිංහල යුනිකේත ගැනත් කියා දෙන්න සිදු වුණා. බොහෝ අය සිංහල යුනිකේත අකුරු දිහා බැලුවේ ඍන ආකල්පයකින්. ඒත්, මේ වන විට ඒ බොහෝ දෙනෙක් පරිගණකයේ සිංහල භාවිතා කරනවා. සිංහල භාවිතය සෙමින් වුවත් ජංගම දුරකථනය වෙතත් පැතිරෙමින් තිබෙනවා.

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ ගැටලු හා ස්මාට් දුරකථන සමාගම්වල ඇතැම් සීමා බන්ධන නිසා ජංගම දුරකථනයේ සිංහල භාවිතාවට සීමා පැනවී තිබෙනවා. ඉදිරියේදී ඒ ප්‍රශ්න විසඳෙමින් ජංගම දුරකථනයේ සිංහල භාවිතයත් පහසු වේවි.

එහෙත්, දැනටත් සිංහල වචන ඉංග්‍රීසි අක්ෂරවලින් ලිවීම විශේෂයෙන් ම ජංගම දුරකථන හා සමාජ ජාල භාවිතා කරන්නන් අතර අතිශය ජනප්‍රියයි. විශේෂයෙන් ම කෙටි පණිවුඩ යැවීමේදී මේ සිංග්ලිෂ් භාෂාව බහුලව භාවිතා වෙනවා. ඒ ආකාරයට කෙටි පණිවුඩ යවන පුවත් සේවාවන් පවා තිබෙනවා. පහත පළ වන්නේ උදාහරණයක්.

“OBE JANGAMA DURAKATHANAYEN DEN SINGLISH BASHAWEN PRAVURTHI LABA GANNA PULUWAN."

මේ අන්දමින් ඉංග්‍රීසි අකුරුවලින් සිංහල ලියන විට ගැටලු රැසකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒවාත් අර කලින් කියූ පුරා විද්‍යාත්මක ඉංග්‍රීසියේ ගැටලු වගේ ම තමයි.

ඒ ගැටලු මෙහෙම පෙළ ගස්වන්න පුළුවන්.

සිංහල ඇ ශබ්දය ඉංග්‍රීසියෙන් දක්වනකොට e අකුර භාවිතා කරන්නේ ඇයි? ඉහත උදාහරණයේ දැන් වදන DEN ලෙස ලියන්නේ ඇයි?

ඈ යන ස්වරය ලියා දක්වන්නට භාවිතා කරන්නේත් e අක්ෂරයමයි. ඒ අනුව කෙම හා කෑම යන දෙකම ලියන්නේ එකම විධියටයි. (KEMA)

අ හා ආ යන ස්වර දෙක ම වෙනුවෙන් අපි භාවිතා කරන්නේ a අකුරයි. එමගින් අ, ආ යන ස්වර දෙකේ වෙනස පෙන්වන්නේ කොහොමද? නිදසුනක් ලෙස ජයන්ත හා ජයන්තා යන වචන දෙකම අපි ලියන්නේ JAYANTHA ලෙසයි.

එ, ඒ යන ස්වර දෙක සම්බන්ධයෙනුත් මේ ගැටලුව ම තිබෙනවා. මේ දෙකම වෙනුවෙන් භාවිත කරන්නේ e අක්ෂරයයි. නිදසුනක් ලෙස කෙත හා කේත යන දෙකම ලියන්නේ KETHA යනුවෙනුයි.

යම් යම් පිළි ගත් ක්‍රමවේද තිබුණත් ඇතැම් සිංහලයන් විසින් කරනු ලබන දේ නිසාත් බරපතල අවුල් සහගත තත්වයන් නිර්මානය වෙනවා. නිදසුනක් ලෙස රාජපක්ෂ කියන වචනය අපට RAJAPAKSHA ලෙස වඩා පැහැදිලිව ලියන්නට පුළුවන්කම තිබෙද්දී RAJAPAKSE හෙවත් රාජපක්සෙ ලෙස ලියන්නේ ඇයි?

සිංහල වචන ඉංග්‍රීසියෙන් ලිවීම සඳහා පිළිගත් ක්‍රමවේදයක් නැතිකම බරපතල ප්‍රශ්නයක් බව මෙයින් පැහැදිලි වෙනවා නේ ද? 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-09-25

වෙන් වීම වෙනුවට එක් වීම තහවුරු කළ ස්වයං නිර්ණය සඳහා වූ ස්කොට් ජනමතවිචාරණය

ලෝකයේ රාජ්‍ය දේශ සීමා යනු ඉතිහාසය තුළ ඝනීභූතව තිබුණු දෙයක් නො වේ. මිනිසුන් විසින් නිරන්තරයෙන් ම දේශ සීමා වෙනස් කරමින්, තිබුණු රාජ්‍ය පුළුල් කරමින් හෝ අලුත් රාජ්‍ය බිහි කරමින් රාජ්‍ය ව්‍යූහයන් වෙනස් කර තිබේ. බොහෝ විට මෙය සිදු වී තිබෙන්නේ යුදමය සංදර්භයක් තුළ බල තුලනය අනුව ය.

එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජාතීන්ට රාජ්‍යයන් බිහි කර ගැනීමට තිබෙන අයිතියට පිළි ගැනීමක් තිබේ. එක් ජාතියකට එක් රාජ්‍යයක් යනු ධනවාදයේ මුල් යුගයේදී පිළි ගත් දේශපාලන සටන් පාඨයක් විය. ඒ අනුව ලෝකයේ රාජ්‍ය පද්ධතිය නැවත හැඩ ගැසෙන ආකාරය 19වන සියවසේදී හා 20වන සියවසේදී දැකිය හැකි ය.

එහෙත්, සමාජවාදී සෝවියට් රාජ්‍ය කඳවුරත්, ධනේශ්වර කඳවුරත් අතර සීතල යුද සමයේදී ජාතී්න්ගේ ස්වයං තීරණ අයිතිය ද තීරණය වුණේ ලෝක බලවතුන්ගේ යුද මූලෝපායික අවශ්‍යතා මත පදනම්ව ය. සමාජවාදී සෝවියට් දේශය ජාතීන්ගේ ස්වයං නිර්ණ මූලධර්මයට පිටු පා යමින් සාර් අධිරාජ්‍යය තුළ තිබූ රාජ්‍ය හා වෙනත් රාජ්‍ය බලෙන් ඈඳා ගනිමින් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව බිහි කිරීමත් සමග අධිපති සමාජවාදී කතිකාව තුළ ජාතීන්ගේ ස්වයං නිර්ණ හිමිකම හුදු න්‍යායක් පමණක් වනු දක්නට ලැබේ. සෝවියට් සමූහාණ්ඩුව ජාතීන්ගේ සිර ගෙයක් වූ අතර සමාජවාදීන් යනු ජාතීන්ගේ ස්වයං නිර්ණ හිමිකම බලහත්කාරයෙන් මර්දනය කරන පිරිසක් ලෙස අර්ථ දැක්විණි. 

එහෙත් ලෝකයේ ජාතීන්ගේ ස්වයං නිර්ණ අරගල අවසන් වූයේ නැත. 20වන සියවසේ අග භාගයේදී සමාජවාදී කඳවුර බිඳ වැටෙන්නේ ද මූලිකව ම ජාතීන්ගේ ස්වයං නිර්ණ හිමිකම සඳහා වූ අරගල නිසා ය. රුසියානු යුදමය ආධිපත්‍යය තුළ සිර කරගෙන සිටි රාජ්‍ය පද්ධතිය වෙනම රාජ්‍ය සමූහයක් ලෙස විසිර ගියේ අවසන් නො වන ජාතික අරගල සමුදායක් සමග ය. පැරණි සෝවියට් සමූහාණ්ඩුව තුළ තිබුණු යුක්රේනය වැනි බහු වාර්ගික රාජ්‍ය තවමත් ජාතීන්ගේ ස්වයං නිර්ණ අරගල නිසා යුද්ධවලින් ඇළලී ගොසිනි.

ශ්‍රී ලංකාව ද දෙමළ ජාතියේ ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ අරගලය හා එයට එරෙහි සිංහල ආධිපත්‍යයෙන් යුත් රාජ්‍ය පද්ධතියේ යුද්ධය මත පදනම් ව මෑත කාලීන ඉතිහාසය ලියැවුණු රාජ්‍යයකි. 

ලොව පුරා ජන ප්‍රජාවන් උත්සාහ කරමින් සිටින්නේ තම ප්‍රජාව ජාතියක් ලෙස පිළි ගැනීමට ලක් කර ගැනීමට හා ජාතියක් ලෙස රාජ්‍යයක් බිහි කර ගැනීමට ඇති අයිතිය භාවිතා කරමින් වෙනම රාජ්‍යයක් ගොඩනගා ගැනීමටයි. 

ලංකාවේ දෙමළ ජනයාගේ ජාතික ගොඩනැංවීම අධ්‍යයනය කර බලන විට මෙය තේරුම් ගත හැකි ය. ලංකාවේ ජීවත් වූ දෙමළ බස කතා කරන විවිධ ජන කණ්ඩායම් ජාතියක් ලෙස සංවිධානය වීම ආරම්භ වුණේ විසිවන සියවසේ මුල් භාගයේදී ය. විසිවන සියවසේ අවසන් කාර්තුව වන විට මුස්ලිම් හා වතුකරයේ දෙමළ බස කතා කරන ජනයා බැහැර කරමින් ජාතියක් ගොඩනගා ගනිමින් ජාතික රාජ්‍ය ගොඩනගා ගැනීමේ ක්‍රියාවලියක් ද ආරම්භ කිරීමට දෙමළ ජනයා සමත් වූ හ. 

ලොව පුරා ම බොහෝ ජාතීන් අරගල කරමින් සිටින්නේ වෙන ම රාජ්‍ය වෙනුවෙනි. ජාතීන්ගේ ස්වයං නිර්ණ හිමිකම යනු අන් කිසිවක් නොව වෙන් වීමේ අයිතිය යයි කතිකාවක් ගොඩනැගීමට ද මෙම තත්වය ඉවහල් විය. 

එහෙත් ඇත්තෙන් ම ජාතීන්ට එක්සත් වීමටත්, එකී එක්සත් භාවය ඔස්සේ නව දේශපාලන අනන්‍යතා ගොඩනගා ගැනීමටත්, ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ කතිකාව භාවිතා කරන්නට පුළුවන. 

නිදසුනක් ලෙස ලංකාව සලකා බැලුවහොත්, සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික අනන්‍යතා හා ඔවුන්ගේ ස්වයං නිර්ණ හිමිකම පිළි ගන්නා සංදර්භයක් තුළ ජාතීන් අතර සංහිඳියාව ඔස්සේ නව ලාංකික දේශපාලන අනන්‍යතාවක් වෙනුවෙන් අරගල කිරීමේ හැකියාවක් තිබේ. සිංහල අධිපති රාජ්‍ය ව්‍යූහය මෙකී නව ලාංකික දේශපාලන අනන්‍යතාව තුළ යළි සංවිධානය කරන්නට අරගලයක් අවශ්‍ය ය. 

එවැනි ප්‍රගතිශීලී දේශපාලන කාර්යභාරයකට උර දෙනු වෙනුවට ලංකාවේ වාමාංශිකයන් කළේ සිංහල හා දෙමළ ජාතිවාදයන් තුළ ගිලී යමින් යුද්ධයේ දෙපස ස්ථානගත වීමයි. 

මේ කරුණ පිළිබඳ දීර්ඝ සංවාදයක් අවශ්‍ය ය. එහෙත්, මෙම ලිපියෙන් අපගේ අවධානය යොමු කරන්නේ ජාතීන් අතර සංහිඳියාව ඔස්සේ වඩා පුළුල් දේශපාලන අනන්‍යතාවක් හා ඒ හා බැඳුුණු රාජ්‍ය දේශපාලන සංස්කෘතියක් දෙසට සිදු වූ ලෝක දේශපාලන සංවර්ධනයක අත්දැකීම සාකච්ඡා කරන්නට ය. 

ජනමත විචාරණයක් ඔස්සේ කිසියම් ජනතාවකගේ අදහස විමසා, ඒ අනුව දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීම මෑත වකවානුවේදී දකින්නට ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් යුත් ක්‍රියාවලියක්. ඕස්ට්‍රියාව, ෆින්ලන්තය, ස්වීඩනය හා නෝර්වේ යන සීතල යුද සමයේ ස්වාධීනව සිටි රටවල් ඇතුළු යුරෝපා රාජ්‍ය රැසක් ම පසුගිය සමයේ ජනමතවිචාරණ පැවැත්වූයේ යුරෝපා සංගමය සමග එක් වනවා ද, නැද්ද යන්න තීරණය කරන්නයි.

ජනමත විචාරණ ඔස්සේ වෙන් වීමේ ප්‍රවණතා සහිත රාජ්‍ය රැසක් ම යුරෝපයේත් තිබෙනවා. ඉතාලියේ වැනිසිය අගනුවර කර ගත් වැනිටෝ ප්‍රදේශය ඉතාලියෙන් වෙන් විය යුතු ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා මේ අවුරුද්දේ නිල නො වන ජනමතවිචාරණයක් පැවැත්වූවා. මෙම ජනමතවිචාරණයේදී වැනිසියානුවන් වැඩිපුර ඡන්දය දුන්නේ නිදහස් වැනිසියකට පක්ෂවයි. එය බැඳීම් සහිත ජනමතවිචාරණයක් නොවෙයි. එහෙත්, මේ ප්‍රතිඵලය ජාතිකවාදීන්ට සිය අරගලය ඉදිරියට ගෙන යන්න රුකුලක්.
ධනවත් වැනිසියේ මේ වෙන් වීමේ ප්‍රවණතාව කෙතරම් ජාතිකවාදී ද යත්, ඔවුන්ට වෙන් වන්නට අවශ්‍ය ඉතාලියෙන් පමණක් නොවෙයි. යුරෝපා සංගමයෙන්, නේටෝ සංවිධානයෙන් හා යුරෝ මුදල් ඒකකයෙනුත් ඉවත්ව ස්වාධීන වන්නට ඔවුන්ට අවශ්‍යයි.
මේ වසරේ තවත් මෙවැනි ජනමතවිචාරණ දෙකක් පැවැත්වෙනවා. සැප්තැම්බර් මාසයේදී ස්කොට්ලන්තය මහා බ්‍රිතාන්‍යය සමග තවදුරටත් සිටිය යුතු ද නැතිනම් වෙනම රාජ්‍යයක් බවට පත් විය යුතු ද යන්න තීරණය කිරීම සඳහා සැප්තැම්බර් මාසයේදී පැවැත්වුණ මැතිවරණය ඉතා වැදගත් එකක්.  

නොවැම්බරයේදී අනෙක් මේ හා සමාන ජනමතවිචාරණය පැවැත්වෙන්නේ කැටලෝනියාවේයි. එහිදී කැටලෝනියානු ජනතාව ස්පාඤ්ඤයෙන් වෙන් විය යුතු ද නැද්ද යන්න පිළිබඳ මතය පළ කරනවා.
කැනඩාවෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කළ යුතු ද යන්න තීරණය කිරීම සඳහා ප්‍රංශ බස කතා කරන කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තයේ 1995දී පවත්වන ලද ජනමතවිචාරණයකදී 50.58%ක් 'එපා' කියා ඡන්දය දුන් නිසා එය වැළැක්වුණා.ඒත්, එවැනි ජනමතවිචාරණයක් ඔස්සේ වෙන්වීම පිළිබඳ ක්විබෙක් බලාපොරොත්තු තවමත් අවසන් වී නැහැ. 

2014 මාර්තු 16දා පැවැත්වුණ ජනමතවිචාරණයේදී 93%ක් ම ක්‍රිමියානු ජනතාව ඡන්දය දුන්නේ යුක්රේනයෙන් වෙන් වී රුසියාව සමග යළි එකතු වන්නට පක්ෂවයි.

මොන්ටිනීග්‍රෝව සර්බියාවෙන් වෙන් වීම සඳහා 2006දී පවත්වන ලද ජනමතවිචාරණයේදී වෙන් වීමට පක්ෂව ඡන්දය දුන්නේ 55.5%ක් පමණයි. එහෙත් එය පදනම් කරගෙන නිදහස් ‍මොන්ටිනීග්‍රෝ රාජ්‍යයක් බිහිකරන්නට බටහිර බලවතුන් උපකාර කළා.  

මෙවැනි ජනමතවිචාරණවල නීත්‍යානුකූලභාවය සම්බන්ධ වන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙන් හා තවත් ජාත්‍යන්තර සම්මුති රැසකින් පිළිගෙන තිබෙන ජාතීන්ගේ ස්වයං නිර්ණ හිිමිකම පිළිබඳ විධිවිධාන සමගයි. ඒවා මත පදනම්ව තමන්ගේ ජනමතවිචාරණය යුක්තියුක්ත කර ගැනීමයි ජනමතවිචාරණවලට පක්ෂ වන අය උත්සාහ කරන්නේ.ලෝක දේශපාලනයේදී ‍මෙවැනි ජනමතවිච‍ාරණයක් පිළිගැනෙන්නේ බලවත් රාජ්‍ය එයට දක්වන සහයෝගය මතයි. මෙවැනි ජනමතවිචාරණ සම්බන්ධයෙන් බටහිරත්, රුසියාවත් කටයුතු කරන්නේ එක් නිශ්චිත ප්‍රතිපත්තියක් වෙනුවට තමන්ගේ වාසිය මත පදනම් වූ අවස්ථාවාදී ප්‍රතිපත්ති මතයි. මොන්ටිනීග්‍රෝවේ වෙන් වීමේ අයිතිය පිළි ගත් බටහිර බලවතුන් ක්‍රිමියාව රුසියාව සමග සම්බන්ධ වීමට විරුද්ධයි. ක්‍රිමියා ජනමතවිචාරණය නීති විරෝධී බවට ප්‍රකාශයට පත් කිරීම සඳහා බටහිර බලවතුන් විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ගෙන එන ලද යෝජනාවට ‍එරෙහිව රුසියාව නිශේධ බලය පාවිච්චි කළා. 

පසුගියදා පැවැත්වුණු ස්කොටලන්ත ජනමතවිචාරණයේදී සිදු වූ දෙය කෙරෙහි අපගේ අවධානය යොමු කිරීම ඉතා වැදගත්. 

සැප්තැම්බර් 18දා පැවැත්වුණු මෙම ජනමතවිචාරණයේදී අසන ලද ප්‍රශ්නය වුණේ ‘ස්කොට්ලන්තය වෙනම රාජ්‍යයක් විය යුතු ද?' යන්නයි. එහිදී ස්කොට්ලන්ත ජනතාවගෙන් 55.3%ක් ඡන්දය දුන්නේ නැත කියායි. 

මෙම ජනමතවිචාරණයේදී ඡන්දය දීමේ දැඩි උනන්දුවක් ද ප්‍රකාශයට පත් වුණා. 84.6%ක් දෙනා ඡන්දය දුන්නා. එය එක්සත් රාජධානියේ ජනතාව ඡන්දය දෙන්නට දක්වන උනන්දුවට සාපේක්ෂව සැලකූ කල අසාමාන්‍ය තත්වයක්. 

මෙම ජනමතවිචාරණය නීත්‍යානූකූලව පවත්වන ලද පිළිගත් ජනමතවිචාරණයකි. ඒ සඳහා පසුබිම සැකසුණේ ස්කොට්ලන්ත නිදහස් ජනමතවිචාරණ පනත ඔස්සේයි. ස්කොට්ලන්ත හා බ්‍රිතාන්‍ය ආණ්ඩුතුවල එකඟතාවෙන් මේ පනත  2013 නොවැම්බරයේදී ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබුවා. ඒ අනුව සාමාන්‍ය වැඩි ඡන්ද ප්‍රමාණයකින් වෙනම රාජ්‍ය හිමිකම තහවුරු කර ගන්නට ස්කොට්ලන්තයට අවස්ථාව ලැබුණා. වයස 16ට වැඩි ලක්ෂ 43ක් ජනතාව මෙම ඡන්දය සඳහා හිමිකම් ලැබුවා. 

මෙහිදී ස්කොට්ලන්ත වෙනම රාජ්‍යයක් වෙනුවෙන් උද්ඝෝෂණය කළ ප්‍රධාන කණ්ඩායම වුණේ Yes Scotland ය. ස්කොට්ලන්තය එක්සත් රාජධානියේ කොටසක් විය යුතු බවට උද්ඝෝෂණ කළ ප්‍රධාන කණ්ඩායම වුණේ Better Tomorrow ය. තවත් දේශපාලන පක්ෂ, සිවිල් සමාජ කණ්ඩායම් හා මාධ්‍ය රැසක් මෙයට සම්බන්ධ වුණා. වෙනම ස්කොට්ලන්තයක මුදල් ඒකකය, පොදු වියදම්, යුරෝපා සංගම් සාමාජිකත්වය හා උතුරු මුහුදේ තෙල් පිළිබඳ කටයුතු කළ යුතු ආකාරය ආදිය මෙහිදී සාකච්ඡාවට භාජනය වුණා. 

ජනමතවිචාරණය ඔස්සේ ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන් වීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව එංගලන්තයේ ජනයාගේ ප්‍රතිචාරය අගමැති ඩේවිඩ් කැමරන්ගේ ප්‍රකාශයෙන් කැටි කර දක්වන්නට පුළුවන්. “අපගේ එක්සත් රාජධානිය බිඳී ගියා නම් එය හදවත පාරන කරුණක් වන්නට ඉඩ තිබුණා. දැන් ඉතින් එකට එක්ව ඉදිරියට යන්නට අවස්ථාව ලැබී තිබෙනවා."

පරම්පරාවක් වෙනුවෙන් මේ විවාදය පිළිබඳ සම්මුතියක් ඇති වී තිබෙන බවයි කැමරන්ගේ අදහස. 

මේ ජනමතවිචාරණයේදී ස්කොට්ලන්තයේ වෙන් වීමේ අයිතිය සම්මත වුණා නම්, පනතට අනුව මාස 18ක කාලයක් තිස්සේ එක්සත් රාජධානිය සමග සාකච්ඡා ඔස්සේ 2016 මාර්තු 26දා වෙනම රජ්‍යය ප්‍රකාශයට පත් කරන්නට ස්කොට්ලන්තයට අවස්ථාව තිබුණා.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-09-23

මෙතැනින් එහාට කොළ පාට සමාජය

අද එක්සත් ජාතික පක්ෂයේ වැදගත් රැස්වීමක් පැවැත්වෙන බව වාර්තා වේ. 

සජිත් ප්‍රේමදාසට පක්ෂයේ උප නායක ධුරය පිරිනැමෙන්නට යන බව වාර්තා වේ. 

හරින් අනතුරු දරා ගනිමින් ළඳ කපා දුන් පසු සජිත් නාන්නට කැමැත්තෙන් එන ආකාරයක් දක්නට ලැබේ. 

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සමගිය රටේ අනාගතය සම්බන්ධයෙන් වැදගත් ය. මන්ද, රට ගිලගෙන තිබෙන දූෂණ රැල්ල අඩපණ කිරීම සඳහා ආණ්ඩුව වෙනස් කළ යුතුව තිබේ. ඒ සඳහා මූලික හැකියාව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට ය. 

එය ස්ථිර විසඳුමක් නො වේ. එක්සත් ජාතික පක්ෂයේ උප නායක තනතුරකට යෝජනා වී තිබෙන රවි කරුණානායක වැනි අය ඇත්තට ම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ගැලපෙන මට්ටමේ දූෂිතයෝ ය. 

අනෙක් පැත්තෙන් සජිත් ප්‍රේමදාස යනු එක්සත් ජාතික පක්ෂයේ පරාජය වෙනුවෙන් මිස ජයග්‍රහණය වෙනුවෙන් කිසිවක් කර නැති, අදක්ෂයකු හා ප්‍රතිගාමියකු වුවත්, පාක්ෂිකයන්ට හිස් බලාපොරොත්තුවක් වී ඇති අයෙකි. ඔහු මෙතෙක් මෙහෙයවුණේ නම් රාජපක්ෂ පාලනය තුළිනි. ඔහු වැනි අදක්ෂයන් නායකත්වයට පත් කර ගත් විට සිදු වනු ඇත්තේ අදක්ෂකම වසා ගැනීම සඳහා දිගින් දිගට ම නායකත්වය විවේචනය කිරීම පමණි.

කෙසේ වෙතත්, මේ බලවේග ටික කළමනාකරණය කර ගන්නට රනිල් වික්‍රමසිංහ සමත් වේ ද යන කරුණ මත ඔහුගේ අනාගත බලාපොරොත්තු රඳා පවතිනු ඇත. 

අලුත් සංවර්ධනයන් සමග ගැඹුරු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා පොදු අපේක්ෂකයන් ආදිය පිළිබඳ සංවාද යටපත් වනු ඇත. රනිල් වික්‍රමසිංහගේ බලාපොරොත්තුව 17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බල ගැන්වීම වැනි සීමිත ක්‍රියාමාර්ග ඔස්සේ විධායක ජනාධිපති ක්‍රමය තව දුරටත් පවත්වා ගෙන යාමයි.

සෝභිත වැනි සැක සහිත ජාතිවාදී භික්ෂූන් හා අදේශපාලනික ශිරානි බංඩාරනායක වැනි පුංචි පහේ හොරුන්  පොදු අපේක්ෂකයන් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් අභාවප්‍රාප්ත වීම ඇතතෙන් ම හොඳ ය. මන්ද, නො දන්නා යකුන්ට වඩා දන්නා යකුන් හොඳ යයි සිතිය හැකි බැවිනි.

කෙසේ වෙතත්, ධනේශ්වර ලිබරල් මූලධර්ම මත පිහිටන ආණ්ඩු විපර්යාසයක් මේ මොහොතට අදාළව නරක නැත. ඊට වඩා දේවල් සිදු වන්නට පුළුවන් දේශපාලන සංදර්භයක් මේ රටේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය සමාජයෙන් විතැන් කර තිබෙන සංදර්භයක් තුළ මහා ප්‍රතිසංස්කරණ කරා යන්නට සූදානම් සමාජයක් ලංකාවේ නැත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-09-21

ආණ්ඩු පෙරළිය ආරම්භ වී තිබේ

ආණ්ඩුව ඌව පළාත් සභාව නිල වශයෙන් ජයගෙන ඇත. එහෙත්, ඇත්ත වශයෙන් ම පැරදී ඇත. මන්ද, ඔවුන් මේ දැවැන්ත පසුබෑම අත් කර ගන්නේ ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය ඌවේ පදිංචි වී සිටිමින් මුළු රාජ්‍ය බලය ම ඌවට කේන්ද්‍ර කිරීමෙන් පසුව නිසා ය.

එක්සත් ජාතික පක්ෂයට ඌවේ පාලනය පිහිටුවීමට නො හැකි වනමුත්, එම පක්ෂය තනි පක්ෂයක් ලෙස මේ රටේ ප්‍රබල ම පක්ෂය බව ඔප්පු කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය 44.79%ක්  ඡන්ද ලබා ගනිමින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසන 18න් අටක් දිනා ගන්නේ පක්ෂය ඇතුළේ සිටින සජිත් ප්‍රේමදාස වැනි ප්‍රතිගාමී බලවේග පවා පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණ කරමින් සිටි පසුබිමක් තුළ ය.

මේ ජයග්‍රහණයත් සමග එජාපයට නව තරුණ නායකත්වයක බලාපොරොත්තු මතු වී තිබේ. ඒ හරින් ප්‍රනාන්දු ය.

මේ ඡන්දයේදී ජවිපෙ එතරම් හොඳින් ඡන්ද ලබා ගෙන නැත. ඡන්දය දෙකොණ් සටනක් වී ඇති බව පෙනේ. ජවිපෙ තමන්ට අසුනක් නො තිබුණු මොනරාගලින් එක් අසුනක් හිමි කරගෙන බදුල්ල දිස්ත්‍රික්කයේ තිබුණු ආසනය රැකගෙන පමණක් තිබේ.

මෙම මැතිවරණ ප්‍රතිඵල මත අනාගතයේ සලකුණු වන වැදගත් සංවර්ධනයන් කීපයක් මෙසේ ය.

  • ප්‍රබලම විපක්ෂය හා විපක්ෂයේ නායක බලවේගය බවට එක්සත් ජාතික පක්ෂය පත් වේ.
  • සජිත් ප්‍රේමදාස වැනි එජාපයේ අභ්‍යන්තර කුමන්ත්‍රණකාරී බලවේගවලට එක්කෝ පක්ෂය සමග සම්මුතියකට යන්නට හෝ නැතිනම් වැනසෙන්නට සිදු වේ.
  • සජිත් වෙනුවට නව ජනප්‍රිය දෙවන පෙළක නැගී ඒම සිදු වේ.
  • එක්සත් ජාතික පක්ෂය නො තකා හරිමින් ගෙන ආ පොදු අපේක්ෂක යෝජනා ආදිය නැවත සලකා බලන්නට සිදු වේ.
  • ඉදිරි දේශපාලන විභේදනය වැඩි වැඩියෙන් ආණ්ඩුව හා එජාපය අතර එකක් බවට පත් වේ. 
  • එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපතිවරයකු යටතේ ආණ්ඩුවක් පිහිටුවනු ඇත. 
  • ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා එජාපයේ සීමාවන් තුළ රැඳෙනු ඇත.
  • ජවිපෙ ආණ්ඩුවට එරෙහි ප්‍රධාන විකල්ප බලවේගයක් නො වන බවත්, විපක්ෂයේ කොටසක් පමණක් බවත් ඔප්පු වී තිබේ. එබැවින් ජවිපෙ සිය උපායමාර්ග ගැන නැවත සලකා බැලිය යුතු ය. 
  • ෆොන්සේකා, විමල් වීරවංශ වැනි තමන් කවුරුන් හෝ යයි සිතා සිටි බලවේග ඊළඟ ඡන්දයට පෙර කුමක් හෝ ප්‍රධාන පක්ෂයක ස්ථිර කොණක් සොයාගෙන අසුන් ගත යුතු ය. 
  • ආණ්ඩුව දැන් ඉතින් යන අතක් ගැන කල්පනා කළ යුතු ය. 
  • හැම ආණ්ඩුවේ ම සිටින හැල ගෙම්බන් ටික දැන් ඉතින් එජාපයට පැනීම ආරම්භ කරනු ඇත. ඔවුන් එජාපයට ගැනීම හෝ නො ගැනීම එම පක්ෂයේ වැඩකි. එහෙත්, ඊළඟ ඡන්දයෙන් ඔවුන් පරදවන්නට ජනතාව වග බලා ගත යුතු ය. 
  • රාජපක්ෂ පවුලට මොකද වෙන්නේ යන්න වෙන ම සාකච්ඡා කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-09-19

ඌව කොහොම වෙයි ද?

ඌවේ ඡන්දය හෙට ය. එය තීරණාත්මක ය. 

යුද්ධයෙන් පසු මහින්ද රාජපක්ෂ පාලනයට සරත් ෆොන්සේකා 2010දී කළ අභියෝගයට සමාන අභියෝගයක් ඌවෙන් ජවිපෙත්, එජාපයේ හරින් ප්‍රනාන්දුත් එල්ල කර තිබේ. නිල ඒකාබද්ධ විපක්ෂයක් බිහි වී නැතත්, විපක්ෂ සමගියක සේයාවක් හෝ දක්නට ලැබේ.

මෙම අභියෝගය හමුවේ ආණ්ඩුවට ඌවේ පාලනය රැක ගැනීමට බැරි වුවහොත්, එය ආණ්ඩුව නමැති කඩදාසි කෝච්චියේ පෙරළීම ආරම්භ වන අවස්ථාව වනු නිසැක ය. එය වළක්වා ගැනීමට මොන දහං ගැටය ගැහුවත් ආණ්ඩුවට බැරි වනු ඇත.

මේ ඡන්දය සම්පූර්ණයෙන් ම දූෂිත එකකි. එය කැඳවීම පවා කරන්නේ ආණ්ඩුවට අවශ්‍ය වාසිදායක වෙලාවට ය. ජනාධිපතිවරයා පවා රාජ්‍ය දේපල භාවිතා කරමින් ප්‍රසිද්ධියේ ම මැතිවරණ ප්‍රචාරණයේ යෙදුණේ ය. එතැනින් පහළට සෙසු අය ගැන කතා කර වැඩක් නැත. 

දැන් උත්සාහ කරන්නේ දිනන විපක්ෂ අපේක්ෂකයන් කිහිප දෙනෙකු මිළ දී ගෙන ජනමතය විකෘති කරගෙන බලයේ එල්ලී සිටීමට ය. 

මේ උත්සාහයන් පරාජය කිරීමට ජනතාව කටයුතු කළ යුතු ය. ඒ සඳහා විසඳුම වන්නේ ජවිපෙ වැනි පහසුවෙන් මිළ දී ගත නො හැකි බලවේග ශක්තිමත් කිරීමයි. 

අනෙක් පැත්තෙන් හරින් වැනි තරුණ නායකයන් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියට පැමිණීම සජිත් ප්‍රේමදාස වැනි ශුන්‍ය බලාපොරොත්තු වෙනුවට එජාපය තුළ පාක්ෂිකයන්ට විකල්ප නිර්මානය කරනු ඇත.

මෙවැනි ප්‍රතිඵලයක් අපි මෙම මැතිවරණයේදී අනුමාන කරමු. 

බදුල්ල
එජාප -  8
එජනිස -7
ජවිපෙ - 2
වෙනත් - 1

මොනරාගල
එජනිස - 6
එජාප - 4
ජවිපෙ - 3
වෙනත් - 1 

බෝනස් ආසන දෙක ද සමග ආණ්ඩු පක්ෂය ආසන 15ක් හිමි කර ගත්ත ද ආසන 34ක් සහිත පළාත් සභාවේ බහුතර බලය දිනා ගැනීමට අසමත් වනු ඇත.

හරින් ප්‍රනාන්දු වැඩි ම මනාප ලබා ගනු ඇත. 

 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-09-18

එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දීම

ආණ්ඩුව වසින් මහජන නියෝජිතයන් මිළ දී ගන්නා සංදර්භය තුළ එක්සත් ජාතික පක්ෂයට දෙන ඔබේ ඡන්දයට වටිනාකමක් අපේක්ෂා කිරීම අතිශය දුෂ්කර ය.

ඒ කියන්නේ එජාපයට ඡන්දය දීම ඇත්තෙන් ම ඡන්ද නාස්තියකි. එය වැළැක්වීමේ හැකියාවක් එජාප නායකත්වයට නැත.

හේතුව, එජාපයේ ඉන්නේ ද ආණ්ඩුවේ ඉන්නා ජාතියේ ම කාලකන්නි අපතයන් පිරිසක් බැවිනි. ඔවුන්ට රටක්, ජාතියක්, ආගමක්, සමාජයක්, අම්මෙක්, අප්පෙක්, අනාගත පරපුරක් ගැන හැඟීමක් නැත. ඒ අතින් ඔවුන්ගේ නායකත්වයට වඩාත් සුදුසු අන් කවරෙක්වත් නොව මහ රජතුමා ම ය.

යූඇන්පී අපේක්ෂකයන් හා සන්ධාන මහජන නියෝජිතයන් අතර තිබෙන එක ම වෙනස යූඇන්පීකාරයන්ගේ මහජන මුදල් ගසාකෑමට තිබෙන සුදහ ගින්දරේ තරම පමණි. ඒ ඔවුන්ට තවම අවස්ථාව නො ලැබුණු නිසා ය.

එජාපයේ තිබෙන ලොකුම කොඩිවිනය සජිත් ප්‍රේමදාස ය. ඔහුට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩ කිරීම සඳහා කෝඳුරු තෙල් හත් පට්ටයත් මදි ය. ඔහු ක්‍රියාත්මක කරන්නේ තනිකර ම ආණ්ඩුවේ උපායමාර්ගයයි. එතැනින් පල්ලෙහාට අනෙක් අහවලුන්ගේ ද කෙරුවාව අඩු වැඩි වශයෙන් ඔය ටික ම ය.

ඌව පළාත් සභා ඡන්දයෙන් පසු එජාපයෙන් හතරක් ආණ්ඩුවට එකතු වන බවට කරන ප්‍රචාරය ආණ්ඩුවෙ ම වැඩක් බව ඇත්ත ය. එහෙත්, එජාපය කියන්නේ එහෙම වෙන්නට බැරි පක්ෂයක් නො වේ. කොටින් ම කියනවා නම් හරින් ප්‍රනාන්දු පවා ෂුවර් නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-09-17

අනේ මං ඌවෙ හිටියා නම්

ඌව පළාත් සභා මැතිවරණය අත ළඟ ය. 

මං ඌවේ හිටියා නම් ඡන්දය දෙන්නේ ජවිපෙට ය. 

හේතු මෙසේ ය. 

ජවිපෙ වනාහි පීඩිත පංති නියෝජිත පක්ෂයකි. පීඩිත ජනතාව විඳින දුක ගැන ඔවුන්ට අවබෝධයක් ඇත. ඔවුන්ගේ හඬ නංවන්නට ජවිපෙට හැකියාව තිබේ. සමන්ත විද්‍යාරත්නගේ හඬ උෟවේ දිළින්දන්ගේ හඬයි. 

රාජපක්ෂ පවුල නම් පිළලය ලංකාවේ පැළ කළේ ජවිපෙ නිසා, ඒ පිළලය උදුරා දමන්නට ජවිපෙ ඉදිරිපත් වී සිටින විට අපි එයට උදව් කළ යුතු ය. මන්ද, ඔවුන් එය සිය වගකීමක් ලෙස සලකන බව පෙනෙන හෙයිනි. 

රාජපක්ෂ පවුල විසින් මඩ කර තිබෙන දූෂණය නම් පල් වලෙන් දිය බී දූෂිත වී සිටින ජනතාවට බොරු සීලයක් පිරීම සඳහා ජවිපෙ යොදා ගත හැකි ය. එ් කියන්නේ තමන් ද දූෂණයට විරුද්ධ බව බොරුවට පෙන්වන්නට ජවිපෙට ඡන්දය දිය හැකි ය. 

පළාත් සභාවේ ජවිපෙ තීරණාත්මක සාධකයක් වූ විට දූෂිත එක්සත් ජනතා නිදහස් සන්ධානයටත්, බඩගිිනිකාර යූඇන්පියටත් හිතන හිතන නැටිලි නටන්නට ටිකක් අමාරු ය. අඩු ගානේ ජනතාවට ඔවුන්ගේ ගැහිලි ගැන දැන ගන්නටවත් ලැබේ. 

ඌවේ මහ ඇමති රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක් බැවින් ඔහුගේ පළාත් සභාව අවුල් කිරීම හා ඔහුගේ මනාප අඩු කිරීම රාජපක්ෂ පවුලට බඩ යන්නට සලස්වන්නට හොඳ ක්‍රමයකි. ඒ සඳහා හිරිකිත නැතිව ඡන්දය දෙන්නට පුළුවන් ජවිපෙට ය. 

නැවත වතාවක් ජනතාව ජවිපෙ පිළිබඳ බලාපොරොත්තු තබන බව ජවිපෙට ඇඟට දැනෙන්නට මේ ප්‍රතිඵලය හේතු විය යුතු ය. එතකොටවත්, තමන්ගේ සතුරා විවිධ හේතු මත තමන්ගෙන් කැඩී ගිය පැරණි මිතුරන් නොව, මේ සමාජ ක්‍රමය හා එය සුරකින දූෂිත ධනපති නායකත්වය බව ඔවුන්ට ඒත්තු යා යුතු ය. 

කුහකකම, හීනමානය හා කල්ලිවාදය අතහැර දමන්නේ නම්, විකල්ප ගොඩනැගීම සඳහා නායකත්වය දීමේ අවස්ථාවක් නැවතත් තමන් අතට පත්ව ඇති බව ජවිපෙට තේරුම් යා යුතු ය. ඒ සඳහා ජවිපෙට දෙන ඡන්දය වැදගත් ය. 

ජවිපෙට වැටෙන ඡන්ද ජවිපෙට හැදෙන්නට කරන බල කිරීම් ලෙස ජවිපෙ නායකත්වය වටහා ගත යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-09-16

ම...... හිතාදර ටයි අංකල්තුමනි,

ම...... හිතාදර ටයි අංකල්තුමනි,

ම්හ්,  මේ ලිපිය ලියන්න සිතුවේ මේ දිනවල ලංකාවේ රූපවාහිනී නාලිකාවන්හි වසංගතයක් වී තිබෙන කොරියානු ටෙලිනාට්‍ය කෙරෙහි ඔබතුමන්ගේ අවධානය යොමු කිරීමටයි. 

ආහ්, ඇත්ත වශයෙන් ම මෙතැන කිසියම් කුමන්ත්‍රණයක් ඇති බව පෙනේ. ම්.... මේ කුමන්ත්‍රණයේ ප්‍රධාන සැකකරු වන්නේ, අහ්, කියන්නට කණගාටුයි උතුමාණනි, අර ඔබතුමන් ගුරු මුෂ්ටි නො තබා ශිල්පය දුන් හඬ දෙකැවි මැදිරියේ වෙදැදුරා බව කිව යුතු ය. 

ඕ, පාලිකාවනි, ඔහුගේ නම කිමෙක්දැයි මේ ටයි අංකල්ට පවසන්න. 

ම්හ්, ටයි අංකල්තුමනි, ඔහුගේ නම අතුල රන්සිරිලාල් නම් වන්නේ ය.

හුහ්, මෙම පුද්ගලයා ඔබගේ නම විකුණමින් හඬ කැවීමේ කලාවේ පොර තමන් බව පවසමින් දෙකයි පනහේ ශිල්පීන් ටිකක් අල්ලාගෙන අවර ගනයේ කොරියානු රජ කතා හඬ කවා පෙන්වමින් අපගේ ළමා පරපුරේ රසඥතාව මොට කරමින් සිටියි.

හ්ම්හ්, මොහුගේ මහ ලොකු හඬ කැවීම් කලාව වල පල්ලට ගොස් තිබෙන්නේ ඔබගේ නමත් සමග ය. වෙනත් නාලිකාවලින් හඬ කවා විකාශය කරන ඇතැම් වැඩසටහන් සමග සන්සන්දනය කළ විට මොහුගේ වැඩසටහන් ගන්නට දෙයක් නැත. 

එබැවින්, හඬ කැවීමේ කලාවේ මහ වෙදැදුරන් වන ටයි අංකල්තුමනි, මළවුන්ගේ ලෝකයේ සිට හෝ මේ දුෂ්ඨ වෙදැදුරා අමතා කරුණාකර ඔබේ නම විකුණමින් ඔහු කරන මේ ජාවාරම නවත්වන්නැයි ඉල්ලා සිටින්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-09-15

සුන්දර ඉංගිරිසි: කරවනැල්ලෙ ඉස්ටේසම ටිකට් දෙන - කොටියකුඹුරෙ ඉස්ටෝරුව බඩු කිරන

පාසලට එදිනෙදා කතා ව්‍යවහාරයේ තිබෙන ඉස්කෝලෙ කියන වචනය හැදුනෙ ඉංග්‍රීසි school නම් වදනින්. 

අපේ ගැමි දරුවන්ට මෙවැනි S ශබ්දයෙන් ආරම්භ වන ඉංග්‍රීසි වචන උච්චාරණය කිරීමේ ගැටලුවක් තිබෙනවා. ස්කූල් වෙනුවට ඉස්කූල් කියන්න ළමයින් පුරුදු වෙනවා. 

මෙයට හේතුව අපේ ඉංග්‍රීසි අධ්‍යාපනයේදී මුල පටන් ම උච්චාරණය ගැන දක්වන නො සැලකිල්ලයි. ඉංග්‍රීසි වචන උච්චාරණයේදී වචනය තුළ ශබ්දවලට බර තැබෙන ආකාරය ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. මෙයට ඉංග්‍රීසියෙන් stress කියනවා. සිංහලේ මෙවැනි දෙයක් නැහැ. 

මෙතැනදී ස්කූල් නම් වදනෙහි බර තැබිය යුත්තේ කූ යන ශබ්දයටයි. s ශබ්ද කළ යුත්තේ යන්තමින්. හරියට අර සැර හොද්දක් එක්ක පාන් කනකොට පාන් කැබැල්ල යන්තම් ගාවලා වගේ ගන්නේ. අන්න ඒ වගේ. අපේ ළමයි  s ශබ්දයට බර තබන්න ගිහින් වැරදි විදියට උච්චාරණය කරනවා. 

සිංහල භාෂාවේත් ස්මරණය, සමාරකය, ස්ථානය වැනි හල් සයන්නෙන් පටන් ගන්න වචන රැසක් තිබෙනවා. ඒවායේදී අපි හල් සයන්න බර කර ශබ්ද කරනවා. 

ඒ වගේම ඉංග්‍රීසි භාෂාවේ intonation කියා දෙයකුත් තිබෙනවා. එහිදී සලකා බැලෙන්නේ වාක්‍යය තුළ බර තැබෙන තැන් ගැනයි. අපි ඒ ගැන ගැඹුරින් සාකච්ඡා කරන්නේ නැහැ. එහෙත්, අපේ දරුවන්ට වරදින තවත් තැනක් තමයි වෙනත් වචනයකට පසුව s ශබ්දයෙන් ආරම්භ වන වචනයක් ශබ්ද කරන ආකාරය. මෙහිදී මුල් වචනයත් එක්කම  s ශබ්දයෙන් ආරම්භ වන වචනය ශබ්ද කළ යුතුයි. උදාහරණයක් ලෙස my school මයි ස්කූල් යනුවෙන් වචන දෙකක් ලෙස නොව මයිස්කූල් ලෙසින් එකට ශබ්ද කළ යුතුයි. මෙය නිවැරදිව උච්චාරණය නො කිරීම නිසාත් ස්කූල් ඉස්කූල් වෙනවා. 

මෙය මහ ලොකු ප්‍රශ්නයක් නො වුණත්, මෙතැන සමාජ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි උච්චාරණය අනුව ගමේ ඉංගිරිසියට ගැරහීම. ස්කූල් වෙනුවට ඉස්කූල් යයි කීම ශ්‍රී ලාංකික ඉංග්‍රීසිය ලෙස හඳුන්වන්න සමහරු උත්සාහ කරනවා. ඒත්, එවැනි වැරදි අපි ශ්‍රී ලාංකික ඉංග්‍රීසියේ උරුමයක් කර ගන්න අවශ්‍ය නැහැ.

මෙසේ s ශබ්දයෙන් ආරම්භ වන වචන රැසක් සිංහලයට හැරෙද්දී මුලට ඉයන්නක් එකතු කරගෙන තිබෙනවා. ඉස්ටූල් (stool), ඉස්තාලය (stable) උදාහරණ දෙකක්. ඉස්පිල්ලෙක (spill) යන වචනය භාවිතා වන්නේ වැව්වල වැඩි වතුර උතුරා යන්න සකසා තිබෙන අමුණටයි. ඉස්ටුව (stew) කියන්නේ හොද්දට. ඉස්කිරිම (screen) කියන්නේ තිරයකට. ඉස්ටේපර් කටු කියලා ජාතියකුත් තිබෙනවා. මේවාට ඉංග්‍රීසියෙන් කියන්නේ ස්ටේපල්ස් (staples) කියලායි. ඒවා ගහන යන්ත්‍රය ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ ස්ටේප්ලර් (stapler) කියලායි. ඉස්ටීරියං වීල් කියන වදන වාහන සම්බන්ධයෙන් භාවිතා වෙනවා. මෙහි නිවැරදි වචනය ස්ටියරිං වීල් (steering wheel). ඉස්ටේසම, ඉස්ටෝරුව වැනි තත්භව වදන් ජනකවියක භාවිතා වන අන්දම බලන්න.

‘‘කරවනැල්ලෙ ඉස්ටේසම ටිකට් දෙන රුවන්වැල්ලෙ කන්තෝරුව ලියුම් දෙන කොටියකුඹුරෙ ඉස්ටෝරුව බඩු කිරන මාබෝගල පතලයි මම වැඩ කරන’’

සමහරු තමන් පාවිච්චි කරන මෙවැනි ඇතැම් සිංහල වචන වැරදියි කියලා හිතලා ඉංග්‍රීසි විදියට උච්චාරණය කරන්න යනවා. උදාහරණයක් ලෙස ඉස්කෝලය කියන වදන භාවිතාවේ තිබෙන සිංහල වචනයක්. එය ස්කෝලෙ කියලා නවීකරණය කරන්න අවශ්‍ය නැහැ. ඉස්පිරිතාලෙ කියන්නෙ හොස්පිටල් (hospital) කියන වදනේ තත්භව ස්වරූපයක්. අපි එය ස්පිරිතාලෙ කරන්න ඕනැ නැහැ. 

Spirit නම් ඉංග්‍රීසි වදන ඉස්ප්‍රීතු වගේ ම ස්ප්‍රීතු කියලාත් සිංහලේ භාවිතා වෙනවා. කසිප්පු පෙරද්දී ඉස්ප්‍රීතු ගැන කියනවා. ක්‍රිස්තියානි ආගමික වාංමාලාවේ ස්ප්‍රීතු සාන්තුවරයා ගැන සඳහන් වෙනවා. 

හැබැයි s ශබ්දයෙන් පටන් ගන්නා ඇතැම් වදන් වෙනස් ආකාරයට තත්භව ආකාරයෙන් සිංහලට එකතු වී තිබෙනවා. උදාහරණයක් ලොතරැයියට භාවිතා වන ස්වීප් ටිකට් කියන වදන. මේ නමින් චිත්‍රපටයකුත් තිබෙනවා. බොහෝ අය මේවාට කියන්නේ සුවිප් හෝ සුයිප් හෝ කියායි. Switch සුවිච් වෙන්නේත්, sweets සුවිට් කෑම වෙන්නේත් මේ විදියට ම තමයි. ඉස්පංචි සෑදී තිබෙන්නේ sponge නම් ඉංග්‍රීසි වදනින්. දැන් ඇතැමුන් මෙයට පංචි කියාත් ව්‍යවහාර කරන්න පටන් අරන් තිබෙනවා. ඔය බාස් උන්නැහේලා බිත්ති කපරාරු කරනකොට පංචි කෑලි භාවිතා කරනවා.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-09-12

ත්‍රස්තවාදයේ අලුත් මුහුණුවර; ඉස්ලාමීය රාජ්‍යය

ISIS (Islamic State of Iraq and Syria - ඉරාක හා සිරියා ඉස්ලාමීය රාජ්‍යය) හා IS (Islamic State - ඉස්ලාමීය රාජ්‍යය) නම් සංවිධාන ගැන වාර්තා මෑත වකවානුවේදී නිතර පළ වුණා. ඔවුන් ඇත්ත වශයෙන් ම ලෝක ත්‍රස්තවාදී ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් සටහන් කළා ය කියන්න පුළුවන්. ඒ කෘෘරත්වයෙන්.

මේ ත්‍රස්ත කල්ලිය විසින් අන්තර්ජාලයට මුදා හරින ලද වීඩියෝ දර්ශනවල තිබෙන්නේ අතිශය කෘෘර ඝාතන හා මිනිස් හිංසනයන්. ඒවා ලොඹු දැහැ ගන්වන තරම් වියරු දර්ශන. මිනිසුන්ට අමානුෂික ලෙස පහර දීම්, වධ දීම්, මරා දැමීම්, බෙලි කැපීම්, මළ මිනීවලට පවා ම්ලේච්ඡ අන්දමින් සැලකීම් ආදිය මේ වීඩියෝවල දක්නට ලැබෙනවා.

මේවා අන්තර්ජාලය හරහා වයිරස් ආකාරයෙන් පැතිරෙනවා. මිනිසා තුළ පවත්නා කෘෘරත්වය කෙරෙහි ඇති කිසියම් වනචාරී යුගයෙන් ශේෂ වූ නැඹුරුවක් නිසා මේවා සමාජ ජාල වෙබ් අඩවිවල විශාල වශයෙන් බෙදා හදා ගැනෙන ආකාරය දකින්නට පුළුවන්.

මෙවැනි කෘෘර ක්‍රියා ලෝකය පුරා ම ත්‍රස්තවාදීන් මෙන් ම රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් ද කර තිබෙනවා. ඒත්, මින් පෙර ඉතිහාසයේ එවැනි ක්‍රියා සම්බන්ධයෙන් වගකීම් භාර ගන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. මානව හිමිකම් සම්බන්ධයෙන් ලෝකයේ තිබෙන පිළිගැනීම්වලට අභියෝගාත්මක වූ මෙම සිද්ධිවල වගකීම් භාර ගැනීමෙන් තම සංවිධාන හා පෞද්ගලික ජීවිත අනතුරේ හෙළා ගැනීමට කිසිවෙක් සූදානම් වුණේ නැහැ. මිලියන ගණනක් මිනිසුන් ඝාතනය කළ හිට්ලර් පවා ඒ ඝාතන මාධ්‍යවලින් හැංගුවා. එහෙත් ඉස්ලාමීය රාජ්‍යය නම් ත්‍රස්තවාදී සංවිධානයත් සමග මතු වී තිබෙන විශේෂත්වය තමයි ඒවා එළිපිට ම කිරීම හා ප්‍රසිද්ධ කිරීම.

ඔවුන් එමගින් නිර්මානය කරන්නේ අසීමිත භීෂණයක්. උදාහරණයක් ලෙස මෑත මාස කීපයකදී ඔවුන් තම අත්අඩංගුවේ සිටි ඇමරිකානු මාධ්‍යකරුවන් දෙදෙනෙකු බෙලි කපා මරන ආකාරය වීඩියෝගත කර මුදා හැරියා. එමගින් ඔවුන් මාධ්‍යවලට දුන් පණිවුඩය ඉතා ප්‍රබලයි.

ඇමරිකන් හමුදාවට හා ඔවුන්ට එරෙහිව යන සියලු ම ජනතාවන්ට ඔවුන විසින් කරන තර්ජනය සුළුපටු එකක් නොවෙයි.

ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදය විසින් ඉස්ලාම් ත්‍රස්තවාදයේ අලුත් පිටුවක් පෙරළා තිබෙනවා. ඒ අල් ක්වයිඩා ත්‍රස්තවාදයේ තිබුණු ප්‍රචණ්ඩත්වය ඉක්මවා යමින්. අල් ක්වයිඩා විසින් වැඩිපුර කරනු ලැබුවේ සමූහ මිනිස් ඝාතනයි. ඔවුන්ගේ ප්‍රහාරවලත්, ඇමරිකන් හමුදාව වැනි රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානවල ප්‍රහාරත් අතර මූලික වෙනසක් නැහැ. ඒවා කෘෘරත්වයෙන් සමානයි.

ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදයේ මූලික ලක්ෂණය වන්නේ ඔවුන්ගේ ප්‍රහාරවල යුදමය ප්‍රබලත්වයකට වඩා දරුණු කෘෘරත්වයක් ගැබ් වීමයි. ඒවා සාමූහික ඉලක්කවලට වඩා පුද්ගල ඉලක්කයි. ඒ වගේ ම, තමන්ගේ ප්‍රහාර වීඩියෝගත කර ප්‍රදර්ශනය කිරීමට ඔවුන් දක්වන කැමැත්ත තමයි මෙහි තිබෙන සුවිශේෂත්වය. රාජ්‍ය ත්‍රස්තවාදීනුත් මේ හා සමාන ම කෘෘරත්වයකින් එවැනි ක්‍රියාවල යෙදුනත්, ඒවා ප්‍රසිද්ධියේ කරමින් වගකීම් භාර ගැනීමට ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදීන්ට තිබෙන එඩිතරකම ඔවුන්ට නැහැ.

ISI හෙවත්ඉරාක ඉස්ලාමීය රාජ්‍යය නම් ත්‍රස්ත සංවිධානය බිහි වුණේ 2006දී ඝාතනයට ලක් වූ අබූ මසාබ් අල් සර්කාවි විසින් 1999දී පිහිටුවන ලද ඉරාක අල් ක්වයිඩා සංවිධානයෙන්. ඉරාක අල් ක්වයිඩාව 2003 වසරේ සිදු වූ ඇමරිකානු ආක්‍රමණයට එරෙහිව දිගින් දිගට ම සටන් කළා. පසුව වෙනත් සුන්නි ත්‍රස්ත කණ්ඩායම් සමග එක් වූ ඔවුහු ඉරාක ඉස්ලාමීය රාජ්‍යය නම් සංවිධානය පිහිටුවා ගත්තා. ඔවුන් එක් කලෙක ඉරාකයේ තම පාලන ප්‍රදේශයක් පවත්වාගෙන යන්නටත් සමත් වුණා. එහෙත් දරදඬු ක්‍රියා නිසා ඔවුන්ට එරෙහිව සුන්නිවරුන්ගෙන් ම විරෝධය එල්ල වන්නට පටන් ගැනීමත් සමග ඉරාක රාජ්‍ය හමුදාවන්ට ඔවුන් පරාජය කරන්නට හැකි වුණා.

අබූබකර් අල් බැග්ඩෑඩිගේ නායකත්වයෙන් යුත් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය නැවත නැගී සිටියේ සුන්නි ඉරාක ජාතිකයන්ට එරට රජය විසින් කරන වෙනස්කොට සැලකීම් හා ආර්ථික සම්බාධකවලට එරෙහිව සටන් කිරීමෙනුයි. සිරියාවේ සිවිල් යුද්ධයට සම්බන්ධ වීමත් සමග ම ඔවුන්ගේ නම වෙනස් වුණා. ඒ ඉරාක හා සිරියා ඉස්ලාමීය රාජ්‍යය ලෙසයි.

මේ සංවිධානය ISIL - Islamic State of Iraq and the Levant ඉරා හා ලෙවන්ට් කලාපීය ඉස්ලාමීය රාජ්‍යය ලෙසත් හැඳින්වෙනවා. ලෙවන්ට් කලාපය කියන්නේ සිරියාව, ජෝර්දානය, පලස්තීනය, ඊශ්‍රායලය, ලෙබනනය, සයිප්‍රසය හා දකුණුදිග තුර්කිය අයත් නැගෙනහිර මධ්‍යධරණී භූගෝලීය හා සංස්කෘතික කලාපයටයි.

මේ සංවිධානයේ නම ඉස්ලාමීය රාජ්‍යය හෙවත් IS ලෙස වෙනස් කෙරෙන්නේ 2014 ජුනි 29 දින කාලිෆ් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමත් සමගයි. බටහිර ඉරාකය හා නැගෙනහිර සිරියාව ආශ්‍රිතව පිහිටුවා තිබෙන මෙම කාලිෆ් රාජ්‍යයේ කාලිෆ්වරයා ලෙස නම් කර තිබෙන්නේ අබූබකර් අල් බැග්ඩෑඩිවයි. ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයේ අවසන් අරමුණ ලෙස දැක්වෙන්නේ ලෝකය මත සුන්නි ඉස්ලාමීය ආධිපත්‍යය තහවුරු කිරීමයි.

2011 ඔක්තෝබරයේදී ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අබූබකර් අල් බැග්ඩෑඩිව ලෝක ත්‍රස්තවාදියකු ලෙස නම් කර තිබෙනවා. ඔහු පණ පිටින් අල්ලා ගැනීමට හෝ මරා දැමීමට ඔත්තුවක් දෙන අයෙකුට පිරිනමා තිබෙන ත්‍යාගය ඩොලර් මිලියන 10ක් වෙනවා. ඊට වඩා ලොකු තෑග්ගක් පිරිනමා තිබෙන්නේ අල් ක්වයිඩා නායක අයිමාන් අල් සවාහිරි වෙනුවෙන් පමණයි.

අල් ක්වයිඩා සංවිධානයත් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයත් අතර දිග්ගැසුණු බල අරගලයක ප්‍රතිඵලයක් ලෙස මේ වන විට අල් ක්වයිඩා සංවිධානය ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයත් සමග පැවති සම්බන්ධතා අත්හැර තිබෙනවා. අල් ක්වයිඩාව එයට හේතුව ලෙස දක්වන්නේ ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයේ තිබෙන අධික නොහික්මුණුබවයි.

ත්‍රස්තවාදීන් අතර එකිනෙකා අභිභවා යන්න තිබෙන තරගයේ එක් පැතිකඩක් මෙමගින් නිරූපණය වෙනවා. ඒ තමයි වඩා කෘෘර වීම කෙරෙහි පවතින නැඹුරුව.

අධිපති මාධ්‍ය විසින් සාමාන්‍යයෙන් හුවා දක්වනු ලබන්නේ ත්‍රස්තවාදීන්ගේ කෘෘරත්වය පමණයි. එහෙත්, එතුළ කිසියම් ප්‍රතිචාරාත්මක ලක්ෂණයක් ද දක්නට ලැබෙනවා. ඒ තමයි, සම්ප්‍රදායික යුද්ධය තුළ රාජ්‍ය ත්‍රස්තවාදී හමුදා විසින් දක්වන අසීමිත කෘෘරත්වය. එය බොහෝ විට අධිපති ධාරාවේ මාධ්‍යවල අවධානයෙන් ගිලිහෙන කාරණයක්.

අනෙක් පැත්තෙන් මුස්ලිම් භීතිකාවක් ලොව පුරා නිර්මානය කරන්නත් අධිපති ධාරාවේ මාධ්‍ය විසින් කටයුතු කරන ආකාරය දකින්නට පුළුවන්. ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයේ මෙන් ම අල් ක්වයිඩා සංවිධානයේ ක්‍රියාත් ඔවුන්ට ඒ සඳහා මහෝපකාරී වෙනවා.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-09-11

හාල් ගැන ලොරි ටෝක්

උඹේ කටෙත් බත් - මගේ කටෙත් බත්
මෙන්න විශේෂ නිවේදනයක්

මේ දිනවල ලංකාවේ අධික හාල් මිළ නිසා මේ රටේ මිනිසුන්ට බත් කියා ගන්නට බැරිව සිටින එක ගැන කොළ බොක්ක උණු වූ අපේ මහරජතුමන් හා ඔහුගේ ආණ්ඩුවේ ඇත්තෝ ජනතාවට ලාබෙට හාල් බෙදා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ඒ නිසා සකල දේශවාසී බඩගිනිකාරයිනි, වැල්ලවත්ත, බම්බලපිටිය, කොටුව, මරදාන, කැළණිය සහ රාගම යන කෝච්චි ඉස්ටේසං ගාවට ඇවිත් බලා සිටිනු. එහිදී සුදු කැකුළු කිලෝවක් රුපියල් 64කටත්, සුදු කැකුළු සම්බා කිලෝවක් රුපියල් 75කටත්, සුපිරි කීරි සම්බා කිලෝවක් රුපියල් 90කටත්, බාස්මති කිලෝවක් රුපියල් 95කටත් විකුණනු ලැබේ.

සතොස ලොරිවලින් පැමිණ කොයි වෙලාවක හෝ හාල් බෙදනවා ඇත. හාල් කිලෝවකට, දෙකකට වඩා දෙන්න බැරි නිසා පොඩි කොට්ටඋරයක් විතරක් ගෙනාවාම ඇති ය. මහා ගෝනි මලු ගෙන ඒමෙන් වළකින්න.

මේ ඉස්ටේසංවලට කෝච්චි දුවන වෙලාවල් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අසා දැන ගත හැකි ය.

ඔබේ නගරයටත් කොයි මොහොතක හෝ හාල් ලොරියක් එනවා ඇත. හැබැයි හාල්පාරුවන්ට නො රැවටෙන්න. හාල් ලොරි එනකල් බීර බොන්න.

දැන් කාලේ බත් කෑවාත්, බීර බිව්වාත් දෙක ම එක ය. ආණ්ඩුවේ ලක්ෂ්මන් වසන්න පෙරේරා හාල්වලින් පෙරා දෙන බීර අනෙක් ඇමතිවරුන්ගේ බාර්වලින් ලබා ගත හැකි ය. හැබැයි මතට තිත ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ජනාධිපති දරුවන් වඩා ගත්තාට අපේ දරුවන්ට ආරක්ෂාව කෝ?

දරුවකු ඔසවා ගත් පිංතූරයක් ගැනීම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූප ගොඩනැගීමේ වැඩසටහනේ ප්‍රධාන අංගයකි. මාස කීපයකට වරක් එසේ දරුවකු වඩා ගැනීම් සංදර්ශනයක් සූදානම් කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය වග බලා ගනියි.  

කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ජනාධිපතිවරයා පොත් කියවන ඡායාරූපයක් ගනියි. ඡායාරූප ප්‍රදර්ශන ආදිය බලන ඡායාරූප ද තිබේ. 

එහෙත්, ජනාධිපතිවරයා ආයුධ අතපත ගාන දර්ශන මාධ්‍ය වෙත නිකුත් වීම වළක්වා ගැනීමට ජනාධිපති මාධ්‍ය අංශ වග බලා ගනියි. සාපේක්ෂව ගත් කල ඔහු හමුදාව සමග ගැවසීම අඩු ය. 

නිතර ළමයින් වඩා ගන්නා ජනාධිපතිවරයකු සිටින රටේ අද ළමයින්ට තිබෙන ආරක්ෂාව බරපතල ප්‍රශ්නයකි. නිතර දෙවේලේ ළමයින් පැහැර ගැනීම්, මරා දැමීම්, හිංසනයට ලක් කිරීම් සිදු වන යුගයකට අපි පිවිස සිටින්නෙමු. 

ආසන්න ම සිද්ධියේදී පැහැර ගැනීමට ලක් වූ පවුල මන්තර ගුරුකම් පසුපස යන්නෝ ය. කට්ටඩියකු ද සැකයට භාජනය වී තිබේ. සැකකාර කට්ටඩියා පොලිසියේදී අංජනම් බලයි. පොලිසිය පරීක්ෂණ පවත්වන්නේ අංජනම් බල බලා ය. 

මේ වනාහි සමාජයකට සිදු වී තිබෙන වින්නැහියේ තරම පැහැදිලි කරන්නකි. 

මිථ්‍යාව හිස් මුදුනින් ගෙන ප්‍රවර්ධනය කරන ජනාධිපතිවරයකු සිටින රටක, තක්කඩින් හා මානසික රෝගීන් වෙදැදුරන් ලෙස වන්දනා කරන සමාජයක, නීතියේ ආධිපත්‍යය වනසා දැමූ යුගයක, බල්ලන් මරා හෝ සල්ලි සොයා ගත් අය රජ වන පසුබිමක මෙවැනි දේ සුලබ වීම පුදුමයක් නොවේ. 

මේ සමාජ ක්‍රමය වඩා යහපත් ප්‍රතිසංස්කරණ ඔස්සේ වෙනස් කිරීමට අප කටයුතු නො කරන දිනයක් පාසා අප කරන්නේ අපගේ දරුවන්ගේ අනාගතය අඳුරේ හෙළීමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-09-10

මොනරාගල තාත්ත කෙනෙක් පුංචි දුව ඉස්කෝලෙට එක්කන් යන හැටි

මේ තාත්ත කෙනෙක් පුංචි දුව ඉස්කෝලෙට එක්කන් යන හැටි

මොණරාගල, පොකුණුතැන්න, අලුත්බැද්දමංකඩ ප්‍රදේශයෙ වලවේ ගඟට ඉහලින් (නිවැරදි කිරීමයි: මෙම ගඟ වලවේ ගඟ විය නො හැකි ය. මැනික් තඟ හෝ වෙනත් ගඟකැයි සිතමු.)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-09-09

සරත් ප්‍රනාන්දු සහෝදරයාගේ දේශපාලන ජීවිතය

සරත් ප්‍රනාන්දු සහෝදරයා අපෙන් සමු ගත්තේ ය. ඔහු ගැන මේ කෙටි සටහනින් අප විමසන්නේ ඔහුගේ සමාජවාදී ජීවන භාවිතාවන්ගේ වැදගත්කමයි. 

ඔහු පේරාදෙනිය සරසවියේ ඉංජිනේරු සිසුවකු ලෙස උගනිමින් සිටියදී 1971 කැරැල්ලට සම්බන්ධ විය. කැරැල්ලෙන් පසු ඔහු ගොවි ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ක්‍රියාකාරිකයකු ලෙස නව දේශපාලන ගමන් මගකට යොමු වූයේ ය. පසු කලෙක යොහාන් දේවානන්ද පියතුමන් සමග එක්ව රාජ්‍ය නොවන සංවිධාන දේශපාලනයට පිවිසි ඔහු ඉන්පසු එක් රාජ්‍ය නොවන සංවිධාන ධාරාවක ජාත්‍යන්තර මට්ටමේ න්‍යායාචාර්යවරයෙක් හා වෘත්තිකයෙක් බවට පත් විය. එහෙත්, ඔහුගේ ජීවිතයේ ආත්මය වූයේ සමාජ අසාධාරණයට එරෙහිව අවදි වූ අර පරණ තාලේ කැරැලිකරුවා ම ය.

ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ (MONLAR) නායකයා ලෙස ඔහු විසින් ලාංකීය සමාජයටත්, ලෝක සමාජ අරගලයටත් කළ දායකත්වය සුවිසල් එකකි. 

විකල්ප සමාජ, දේශපාලන හා ජීවන භාවිතාවන් පිළිබඳ කතිකාවට ඔහු විසින් කරන ලද මැදිහත්වීම සුළුපටු නොවේ. ඔහු වචනයේ පරිසමාප්ත අරුතින් ම මතවාදී අරගලකරුවෙකි. ඔහු විසින් පෝෂණය කරන ලද සංවාදය අනෙකක් නොව, සමාජවාදී සමාජ අරගලයයි. එනම් වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් සංවාදය හා අරගලයයි. 

හිරු කණ්ඩායමෙන් වෙන් වූ පසු අපි ලංකා ලෙෆ්ට් නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන ගියෙමු. අපගේ කණ්ඩායමේ සිටි මාඕවාදී සහෝදරයකු විසින් වරක් ලියන ලද ලිපියක් සමග සරත් ප්‍රනාන්දු සංවාදයකට පැටලුණේ ය. මාඕවාදී සහෝදරයා ලියූ ලිපියේ සමාජවාදී කෘෂිකර්මාන්තය හැඳින්වුණේ සමුපකාර විසින් මෙහෙයවනු ලබන මහා පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලියක් ලෙසයි. එවැනි කෘෂිකර්මාන්තයක තිබෙන ඵලදායිතාව පිළිබඳ මාඕවාදී සහෝදරයාගේ අවධානය යොමු වී තිබිණි. 

සරත් ප්‍රනාන්දු සිටියේ මෙයට සපුරා වෙනස් තැනක ය. ඔහු කීවේ එබඳු කෘෂිකර්මාන්තයක් යනු ධනේශ්වර වානිජ කෘෂිකර්මාන්තය නම් කාසියේ ම අනෙක් පැත්ත බවයි. ඔහු පෙන්වා දුන්නේ සමාජවාදී කෘෂිකර්මාන්තය යනු වඩා පරිසර හිතකාමී, සොබාදහම සමග බැඳුණු, ප්‍රති ජනනාත්මක, චිරස්ථායී කෘෂිකර්මාන්තයක් විය යුතු බවයි. 

මාඕවාදී සහෝදරයාගේ තර්කය අනුව, සමාජවාදය තුළ සිදු වන්නේ ධනේශ්වර කෘෂිකර්මාන්තයේ ව්‍යාපාරිකයාගේ තැනට ගොවි සමුපකාරය ආදේශ වීමයි. ක්‍රියාවලියේ වෙනසක් නැත. ඉහළ අස්වනු බලාපොරොත්තුවෙන් කරන ඒක භෝග වගා, කෘත්‍රිම පොහොර, රසායනික පලිබෝධ නාශක ආදී භාවිතාවන්ගේ මූලික වෙනසක් නැත. 

එහෙත්, සරත් ප්‍රනාන්දු සහෝදරයා තර්ක කළේ සමාජවාදී මූලධර්මවලට වඩා ළං වන්නේ වානිජ කෘෂිකර්මය නොව, අපේ රටේ පැරණි සම්ප්‍රදායික කෘෂිකර්මය බවයි. ඉහළ අස්වැන්නෙන් පමණක් ඵලදායිතාව මිනිය නොහැකි බව ඔහුගේ අදහස විය. මහා පරිමාණ වානිජ කෘෂිකර්මාන්තය වෙනුවට සම්ප්‍රදායික යැපුම් කෘෂිකර්මයේ මූලධර්මයන් වෙත ආපසු යා යුතු බව ඔහුගේ අදහස විය. 

මේ සංවාදය සමාජවාදය පිළිබඳ ඇස් ඇරවන එකකි. අදත් බොහෝ වාමාංශිකයන් සිතාගෙන ඉන්නේ සමාජවාදය යනු ඔලුගෙඩි මාරුවක් පමණක් ය කියා ය. ධනේශ්වර ව්‍යාපාරිකයාගේ තැනට සමාජවාදී මහජන සමුපකාර ආදේශ වීමෙන් සියල්ල සම්පූර්ණ වනු ඇති බව ය.

මෙම සංවාදයට අදාළව නිර්මාල් රංජිත් දේවසිරි වරක් සෝවියට් කඳවුරේ රටවල නගර නිර්මාන තාක්ෂණය වෙත අවධානය යොමු කළේ ය. ඔහු පෙන්වා දුන්නේ සමාජවාදීන් විසින් බිහි කරන ලද නගරවල මූලික ලක්ෂණ ද ධනේශ්වර නගරවල ලක්ෂණ ම වූ බවයි. සමාජවාදී නගර නිර්මාණ විද්‍යාවක් සොයා ගැනීමට සමාජවාදීහු අසමත් වූ හ. 

මේ අසමත්කමේ සංකේතය චීනයයි. චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ධනවාදයේ තිබෙන සියලුම අගතීන් සමාජවාදී සංදර්භයක් තුළ යළි පිහිටුවා තිබේ. සමාජවාදී චීනය ලාභ උපයා ගන්නේ හා ප්‍රාග්ධනය රැස් කර ගන්නේ බාල ම ධනේශ්වර උපායමාර්ග ඔස්සේ ය. චීනයේ සමාජවාදී ජාතික රාජ්‍යයේ පුරවැසියන්ගේ ජීවිත යොමු කර තිබෙන්නේ ඇමරිකාවේ බඳු ම වූ පාරිභෝජනවාදයකට ය. චීනයේ සංවර්ධන මිනුම් දඬු සියල්ල ධනවාදයේ මිනුම් දඬු ම ය. චීන සමාජවාදයේ එක ම වෙනස චීනය ප්‍රජාතන්ත්‍රවාදය පිටුදැකීම පමණි.

දේශපාලනයේදී සමාජවාදයත්, ඒකාධිපතිවාදයත් සමපාත වීම විසින් මෙම සමාජවාදීන්ගේ අවසානය සලකුණු කරන ලදී.. 

නව සමාජවාදී කතිකාවක් කරළියට එන්නේ මෙම සංදර්භය තුළයි. සමාජවාදය යනු ජීවිතය නැවත අර්ථකථනය කිරීමේ සංවාදයක් හා ජීවිත අලුත් කිරීමේ අරගලයක් බව අපි කියන්නෙමු.

සරත් ප්‍රනාන්දු යනු ගොවියා, කෘෂිකර්මාන්තය, ඉඩම් හා සොබාදහම යන පැතිකඩ ඔස්සේ මේ සමාජවාදී කතිකාවට අඛන්ඩව දැනුම සම්පාදය කළ පුද්ගලයෙකි. ඔහු ඇතැම් ඊනියා යුග පුරුෂයන් සේ අදහස් ප්‍රකාශනයට බිය වූයේ නැත. තම අදහස් පරීක්ෂාවට භාජනය වන්නට ඉඩ දුන් ඔහු අරගලය තුළින් ඒවා පණ පෙව්වේ ය. ඔහුගේ අදහස්, මතවාද හා තර්කණය පහසුවෙන් බිඳ හෙළිය නො හැකි විය. ඔහු ඒවා වෙනුවෙන් මුළු හදින් ම සටන් කළේ ය. ඔහු තුළමත් ඔහුට දැවැන්ත අරගලයක් තිබිණි. ඔහුගේ ජීවිතය තුළ දුම්කොළ සමාගම් සමග ඔහුට තිබුණු අරගලය එවැන්නකි. වෙනස් වන්නට අවැසි තැනදී වෙනස් වීමේ හැකියාව ද ඔහුට තිබිණි. ඔහු ශ්‍රේෂ්ඨයකු වන්නේ මේ ස්වාභාවික ලක්ෂණ හා ඒ පිළිබඳ ඔහු තුළ තිබුණු අවබෝධය නිසා ය.

සිවිල් සමාජ දේශපාලනය වාමාංශික ව්‍යාපාරය හා බද්ධ කිරීමේ පුරෝගාමියකු වූ සරත් ප්‍රනාන්දු රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘතිවාදය තුළ සිර වීම අප ඔහු තුළ දුටු ප්‍රධාන ගැටලුවයි. වාමාංශික දේශපාලන පදනමක් මත පැන නැගුණ සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ක්‍රියාකාරිකයකු ලෙස ගොවි අරගලවලට නායකත්වය දුන් සරත් ප්‍රනාන්දු ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය හරහා රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති උගුලක සිරගත වූයේ ය. සමාජ ක්‍රියාකාරිකයන් රැසකට ආර්ථික සුරක්ෂිතභාවය සැපයීම වෙනුවෙන් ඇරඹුණු ඔහුගේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිත්වය පසු කලෙක බොහෝ දුරට හුදු වෘත්තිකයන් පිරිසක් පමණක් වන තලයක ජීවනෝපාය පිළිබඳ ප්‍රශ්නයකට ලඝු වෙමින් තිබුණු බව අපගේ නිරීක්ෂණයයි. එහෙත්, ඔහුගේ අනුගාමික ව්‍යාපෘති වෘත්තිකයන් අතර ඔහු සැබැවින් ම වෘත්තිකභාවය ඉක්මවා ගිය නැණ පහන් ටැඹක් ම වූයේ ය.

අව්‍යාජත්වය විසින් ඔහු බබළවන ලදී. එහෙත්, ඔහුගේ අනුගාමික වෘත්තික ප්‍රජාව ඔහුගේ අරමුණු වෙනුවෙන් සාධාරණය ඉටු කළේ නැති බව අපගේ නිරීක්ෂණයයි. ඔහුගේ හදිසි වියොව විසින් පහසුවෙන් පියවිය නො හැකි රික්තකයක් නිර්මාණය කර ඇති බව අපගේ අදහසයි. 

ඔහු අවදි කළ සංවාදය ඉදිරියට යා යුතු ය. ඔහු අරගල කළ පරමාදර්ශයන් යළි සොයා ගත් පරපුරක් බිහි විය යුතු ය. 

කුරුණෑගල දේවසරණ කේන්ද්‍රය පසුබිම් කරගෙන විකල්ප විශ්වවිද්‍යාලයක් බිහි කිරීමේ අදහසක් ඔහුට තිබිණි. එය මත පිහිටා සිටිමින් ඔහු විසින් සකස් කරන ලද පාඨමාලාවක් ද පසුගිය දිනවල ඔහු ආරම්භ කළේ ය. 

හදිසියේ නික්ම යන්නට පෙර ඔහු ලොව වටා ගොවි සමාජයන් සමග ඔහු ගත කළ ජීවිතයේ මතක සටහන් ලියා තබන්නට සරත් ප්‍රනාන්දු සහෝදරයා අමතක නො කළේ ය. ඒ කෘතිය තව නොබෝ කලකින් මුද්‍රණ ද්වාරයෙන් එළි දකිනු ඇත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-09-06

හාල් මදිවට අල හෙවත් සිරිපාලගෙන් අරගෙන ගුණපාලට ගෙවීම

ආණ්ඩුව අර්තාපල් ආනයනය නතර කර තිබේ. 

අරමුණ මේ අස්වනු සමයේ දේශීය අල ගොවියාට හොඳ මිළක් ලබා දීමයි. කිලෝවට රුපියල් 80ක අවම මිළක් ලබා දීම රජයේ අරමුණයි. 

අල ගොවීන් වැඩිපුර සිටින්නේ නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවලයි. බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දිනවල ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු වේ. 

ආණ්ඩුව මේ සැරසෙන්නේ අල ගොවීන්ගේ ඡන්ද ටික වංචා කර ගන්නට ය. එසේ කරන්නේ අල වෙනුවෙන් වැඩි මිළක් ගෙවන්නට රටේ සෙසු ප්‍රදේශවල ජනයාට  බල කරමිනි. ඉංගිරිසියෙන් Rob Peter to pay Paul හෙවත් සිරිපාලගෙන් අරගෙන ගුණපාලට ගෙවීම කියන්නේ මේකට ය. 

ඩඩ්ලි සිරිසේන, සිරිපාල ගම්ලත් හා හාල්වලින් බියර් පෙරන ලක්ෂ්මන් වසන්ත පෙරේරා වැනි හාල්පාරුවන්ට ගෙවන්නට අාණ්ඩුව දැනටත් අපේ බත්පතෙන් සොරකම් කරමින් සිටියි. 

හාල් මදිවට අල. අලි මදිවට හරක්.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

සුන්දර ඉංගිරිසි: ටෙරාලා එක්ක කළ යුද්දෙන් අපට ලැබුණු වචන

අපේ රට තිස් අවුරුද්දක් තිස්සේ යුද්ධයක පැටලී සිටි රටක්. මේ යුද්ධයේ බලපෑම සමස්ත සමාජ දේහය ම වෙළාගෙන තිබෙන බව අපි කවුරුත් දන්නා දෙයක්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යුද්ධය භාෂාවට බලපෑ ආකාරයයි.

යුද්දෙට කලින් අපි භාවිතා නො කළ වචන රැසක් යුද්දෙත් එක්ක අපේ වාංමාලාවට එකතු වුණා. ඒවායින් බොහොමයක් ඉංග්‍රීසියෙන් තත්සම ලෙස හෝ තත්භව ලෙස පැමිණි වචනයි. මේ ලිපියෙන් කරන්නේ මේ ගැන පුංචි අවදි කිරීමක් පමණක් වෙන්න පුළුවන්. හමුදාවට සම්බන්ධ අයට පුළුවන් මෙයට තව බොහෝ දේ එකතු කරන්නට.

ආමි එක, නේවි එක, එයාපෝස්සෙක තමයි යුද්දෙ කළේ. යුද මෙහෙයුම්වලට වැඩි දෙනෙක් කියන්නේ ඔපරේෂන් කියලායි. යුද්දෙට කලින් මිනිස්සු ඔපරේෂන් කිව්වේ සැත්කම්වලට විතරයි. ඍජුවම යුද්දෙ තිබුණ පැති ඔපරේෂන් ඒරියා ලෙස හැඳින්වුණා. මමත් කාලයක් පදවිය කියන ඔපරේෂන් ඒරියා එකේ හිටියා. හැබැයි මම හිටියේ සිවිල් එකේ. හමුදා භාෂාව අනුව සිවිල් එකේ කියන්නේ හමුදා නොවන වෙනත් රස්සාවක් කිරීමයි. “සිවිල් එකේ හිටිද්දි මොනවද කළේ?" කියලා හමුදා සෙබලු අහනවා මට ඇහිලා තිබෙනවා. හමුදාවේ සිවිල් රැකියා කරන අයත් ඉන්නවා.

හමුදා සෙබළු යුනිපෝං අඳිනවා. ඒකෙ බෙල්ට්, බූට් වගේ ම බෙරෙස්සෙක කියලා කොටසකුත් තිබෙනවා. බෙරෙස්සෙක කියලා කියන්නේ හමුදා සාමාජිකයන් පළඳින ඔලුවට හිර වන වයිසරයක් නැති තොප්පියට. එයට ඉංගිරිසියෙන් කියන්නේ beret කියායි. ශබ්ද කරන්නේ බෙරේ කියායි. මෙය ප්‍රංශ භාෂාවෙන් ඉංග්‍රීසියට පැමිණි වදනක්.

වෙපන්නෙක හෙවත් ගන්නෙක ඉතින් හමුදා සෙබළාගේ යුනිපෝම්මෙකේ කොටසක් වගේ. රයිපලය බුලට්ටෙක වැනි වචන භාවිතාවට පැමිණියේ යුද්දෙටත් කලින් ඉඳලායි. යමෙක් දක්ෂයෙක් බව කියන්න “මිනිහා නියම බුලට්ටෙක," යි කියනවා. යුද්දෙත් එක්ක නවීන ආයුධවල නමුත් සමාජයේ පැතිරුණා. මෝටාර්, ෂෙල් වෙඩිල්ල, ආටි ගහනවා, මල්ටි බැරල් වැනි බර අවි සම්බන්ධ වදනුත් සමාජයේ භාවිතයට පැමිණියා. ජොනී බට්ටා කිව්වේ පීඩනයෙන් පුපුරන, කකුල් අහිමි කරන බෝම්බ විශේෂයකට නේ. එසේ කකුල් අහිමි වූ අය ගැන කියනකොට ඔහුට බට්ටෙක් පෑගිලායි කියනවා.

“එදා හඳ පායලා තිබුණා. හරියට පැරා එකක් ගැහුව වගේ එළිය," යි දවසක් හමුදා සෙබළෙක් මගෙත් එක්ක කිව්වා. පැරා කියන්නේ රාත්‍රියේ යුද්ධ කරද්දී සතුරන් ගැන තොරතුරු දැනගන්න ප්‍රදේශය ආලෝකවත් වෙන්න අහසට විදින වෙඩි විශේෂයක්. එය අහසේ රැඳී තිබෙමින් මඳ වේලාවක් ලොකු ආලෝකයක් විහිදුවනවා.

හමුදාවේ අය හෙලිකොප්ටරයට කියන්නේ චොපර් එක කියලායි. දැන් මෙය ගමේ ගොඩේ මිනිසුන් පවා භාවිතා කරනවා. ඉස්සර නම් මිනිස්සු දැනගෙන හිටියේ චොපර් බයිසිකල් ගැන විතරයි. ඇයි මේ හෙලිකොප්ටරයට චොපර්රෙක කියලා කියන්නේ? චොපර් (chopper) කියන වදන ඉංග්‍රීසියේ අවිධිමත් අන්දමින් හෙලිකොප්ටරයට යෙදෙන වචනයක්.

ආමඩ් (armoured car) කාර්, බෆල් (buffel) වගේ වාහනත් යුද්ධය තිබුණු පැතිවල මිනිසුන්ට සාමාන්‍යයි.

කෑම්පෙක, මෙස්සෙක, බිලට්ටෙක, ඩයට්ටෙක, කිචන්නෙක, ඩියුටිය, ඕෆ්ෆෙක, රෙස්ටෙකේ ඉන්නවා වගේ වදන් රැසක් හමුදාවේ අය භාවිතා කරනවා.

ප්‍රයිවෙට්, ලාන්ස් කෝප්‍රල්, කෝප්‍රල් සිට ජනරාල් දක්වා තනතුරු නාම හෙවත් රෑන්ක් ජ්‍යේෂ්ඨතාවේ අනුපිළිවෙල අනුව කියන්න වුණත් අද ගමේ ගොඩේ අය පවා දන්නවා.හමුදාවේ ඉහළ නිලධාරීන්ට සේවය කිරීම සඳහා යොදවා තිබෙන කණිෂ්ට සෙබලුන්ට බඩියා කියලාත් කියනවා. මේක buddy කියන ඉංග්‍රීසි වදන බිඳී ආ හැටියි. 

ඒ දවස්වල මට මතකයි හමුදාවේ සාමාජිකයන්ට අනුරාධපුරයේ සිට වැලිඔයට යන්න හමුදා බස් එකක් දවසට වරක් ධාවනය වුණා. එයට හමුදාවේ අය වගේම ඒ පැත්තේ මිනිසුන් ද කීවේ ලිබර්ටිය කියලායි.

ත්‍රස්තවාදීන්ට ටෙරාලා කියලා කිව්වේ නිකම් හුරතලේට වගේ. හමුදාවේ අයට දඬුවම් දෙනකොට ‘ඉසි පෝසන්' හිටපියව් කියනවා. අර ඩිප් ගහනවා කියන ව්‍යායාමය කරනකොට දෑතට හා දෙපා තුඩුවලට බර දී සිටින ආකාරයට තමයි මෙහෙම කිව්වේ. මම හිතන්නේ මේ වදන හැදුණේ easy position කියන ඉංග්‍රීසි යෙදුමෙන්.

හමුදාවේ තිබෙන තවත් කරදරකාරී වැඩක් තමයි පැටික්. ඒ කියන්නේ කය වෙහෙසා කළ යුතු දුෂ්කර වැඩවලට. මෙය හැදී තිබෙන්නේ fatigue කියන ඉංග්‍රීසි වදනිනුයි.  අමාරු වැඩක් ගැන කියනකොට"මාර පැටික්කෙක," යි කියනවා මට ඇසී තිබෙනවා.

තුවාලකරුවන්ට කැටගරිකාරයෝ කියලා කියන යෙදුමකුත් හමුදාවේ තිබෙනවා. මෙය එන්නේ තුවාල ලැබූ අය වෙනම වර්ග කර තැබීමත් එක්කයි. categorize කියන්නේ වර්ග කරනවාටනේ.

හමුදාවත් එක්ක සම්බන්ධ තවත් වදනක් තමයි ඇබ්සන්ට් වීම. හමුදාව හැර දමා පළා ආ අයට සාමාන්‍ය ව්‍යවහාරයේ තිබෙන්නේ ආමි ඇබ්සන්ට් පොරවල් කියායි. හැබැයි ඉංග්‍රීසියෙන් නම් කියන්නේ deserters කියායි. ඇබ්සන්ට් වෙනවා, ඇබ්සන්ට ගහනවා, ඇබ ගහනවා, ඇබේ ගහනවා වැනි ක්‍රියාපදත් තිබෙනවා.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2014-09-05

ළමා පරපුර විනාශ කරන කුමාර සංගක්කාර

කුමාර සංගක්කාර මේ දිනවල විකුණන ප්‍රධාන ආහාරය ප්‍රීමා ස්ටෙලා  නම් ක්ෂණික නූඩ්ල්ස් විශේෂයකි. 

ඔහුත් බිරියත් අස්ථි ශක්තිමත් කරන බව කියන කිරිපිටි වර්ගයක් විකිණීමේ දැන්වීමක් ද පසුගිය දිනවල විශාල වශයෙන් ප්‍රචාරය විය. 

ඔහු සහ ඔහු වැනි වෙනත් ක්‍රිකට් හා වෙනත් ක්‍රීඩා තරු මෙවැනි ශරීර සෞඛ්‍යයට හානිකර ආහාර ප්‍රවර්ධන දැන්වීම්වල පෙනී සිටීමෙන් විශාල මුදලක් උපයා ගනිති. 

ඔවුන්ගේ දැන්වීම්වලින් විශේෂයෙන් ම හානි කරන්නේ ළමා පරපුරටයි. ඔවුන් කෙතරම් බලපෑම් කළ හැකි මට්ටමක සිටිනවා ද යන්න විමසා බැලීමට උදාහරණයක් දක්වමි. පසුගිය දිනෙක ක්‍රිකට් තරගයක් අතරතුරදී මහේල ජයවර්ධන ආනමාලු කෙසෙල් ගෙඩියක් කන දර්ශනයක් රූපවාහිනියෙන් විකාශය විය. මෙයින් පසු ඇතැම් ක්‍රිකට් පුහුණුකරුවෝ පවා ආනමාලු කෙසෙල්වල කිසියම් ගුප්ත බලයක් ඇති බව පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට පැවසූ අතර පුහුණුවීම්වලින් පසු ආනමාලු කෙසෙල් කන්නට ළමයි පෙළඹුණ හ. 

මෙවැනි ක්‍රීඩා තරුවල සමාජ කාර්යභාරය තක්සේරු කිරීමේදී ඔවුන් විසින් විශේෂයෙන් ම අනාගත පරපුරට කරන මෙවැනි හානිකර ක්‍රියා ගැන සලකා බැලිය යුතු ය. සමාජයට සේවය කිරීම යනු වැටුප වෙනුවෙන් වැඩ කිරීමට වඩා දෙයකි. මේ අය තමන්ට ගෙවන ලද මුදලට කරන ලද වෘත්තිකමය කාර්යභාරය වෙනුවෙන් මේ රටේ මහජන මුදලින් මුද්දර නිකුත් කිරීම වැනි දේ කළ යුතු ද? 

ඔවුන් විසින් සමාජයට කර ඇති හානිය මැකිය නො හැකි ය. මහජන මුදල් වැය කිරීමට සිදු වී තිබෙන්නේ ඒවා නිවැරදි කරන්නට ය. 

මෙම සටහන තබන්නට සිත් වුණේ බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් රුපියල් ලක්ෂ පනහක කඩචෝරු දැන්වීමක පෙනී සිටීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වීමත් සමගයි. 