2015-02-11

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා යෝජනාවක්

19වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමග ම මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් ද ඉදිරිපත් විය යුතු ය. එසේම, දින 100 තුළ එය ක්‍රියාත්මක කර මීළඟ මැතිවරණය පැවැත්විය යුත්තේ නව මැතිවරණ ක්‍රමයක් යටතේ ය.

පැරණි මැතිවරණ කොට්ඨාස සඳහා මන්ත්‍රීන් තෝරා පත් කර ගැනීමේ ක්‍රමයේ හා සමානුපාතික නියෝජනයේ සම්මිශ්‍රණයක් ඇති කිරීම දැනටත් යෝජනා වී තිබේ.

මෙම නව මැතිවරණ ක්‍රමයේදී කුඩා පක්ෂවල නියෝජනය තව දුරටත් තහවුරු වන පරිදි කටයුතු කළ යුතු ය. එය කළ යුතු ආකාරය ගැන මහජන සංවාදයක් ඇති කළ යුතු ය.

දැනට මැතිවරණ කොට්ඨාස 160ක් තිබෙන අතර එම කොට්ඨාසවලට මන්ත්‍රීන් 160ක් බහුතර ඡන්දයෙන් තෝරා පත් කර ගත හැකිය. ඉතිරි මන්ත්‍රීන් 65දෙනා ගෙන් 29දෙනෙක් දැනට තේරී පත් වන්නේ ජාතික ලැයිස්තුවෙනි. ඉතිරි ආසන සංඛ්‍යාව 36කි. මේ ආසන සංඛ්‍යාව දිස්ත්‍රික්ක අතරේ බෙදා දීමෙන්, දිස්ත්‍රික්කවලින් නියෝජනයක් නො ලැබූ පක්ෂවල නියෝජනය තහවුරු කළ හැකි ය.

අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව වැඩි කිරීම ගැටලුවක් නො වේ.

සුළු පක්ෂවල නි‍යෝජනය සඳහා දිස්ත්‍රික්කවල ජනගහණය අනුව ආසන එකක්, දෙකක් හෝ තුනක් වෙන් කළ හැකි ය.ඒවා ආසන මට්ටමෙන් කිසිදු නියෝජනයක් නො ලැබූ පක්ෂවලට හෝ ස්වාධීන කණ්ඩායම්වලට හෝ ලබා දිය යුතු ය. එහිදී ඔවුන් විසින් දිස්ත්‍රික්කයෙන් ලබාගෙන තිබෙන සමස්ත ඡන්ද සංඛ්‍යාව සැලකිල්ලට ගත හැකි ය. එසේ පත් කරනු ලබන මන්ත්‍රීවරයා තීරණය කිරීමේ බලය පක්ෂ ලේකම්වරයාට ලබා දිය හැකි ය. 

එසේම, වර්තමානයේ ක්‍රියාත්මක ආකාරයේ ජාතික ලැයිස්තුවකින් ද කුඩා පක්ෂවලට නියෝජනයක් ලබා ගත හැකි ය.


වෙනස් ආකාරයක කේවල ආසන හා සමානුපාතික නියෝජන සංයුතියක් පිළිබඳ හෝ සංයුක්ත යෝජනාවක් රජය පැත්තෙන් ඉදිරිපත් විය යුතු ය. 

මැතිවරණ ක්‍රමය සංශෝධනය කෙරෙහි දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධානවල අවධානය යොමු කරමි. මේ පිළිබඳ සංවාදයක් ආරම්භ කළ යුතු ය. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම දින 100 වැඩසටහනින් ගිලිහී යන්නට ඉඩ නො දිය යුතු ය.  

මෙම ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

14 comments:

  1. /* අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව වැඩි කිරීම ගැටලුවක් නො වේ. */

    ඒ ඇයි?
    මං නං කියන්නේ ලංකාවට ඔය දැන් ඉන්න මන්ත්‍රී සංඛ්‍යාව ඇතිය කියායි. ඒ කියන්නේ ලක්‍ෂයකට එක්කෙනෙක් විතර. පලාත් සභා සහ නගරසභා/ප්‍රාදේශීය සභාවලිනුත් ජනතා නියෝජනයක් වෙනවානේ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. මේ ප්‍රශ්නේමයි තියෙන්නේ ඇමතිකම් සංඛ්‍යාව ගැන අර කෙටුම් පතේ. තිස් දෙනෙක් ලු, හැබැයි ඊලඟට එන සභාගයේ දී ඊට වැඩියි ලු.

      ඒ කියන්නේ ඔය කාටත් රටට වැඩිය ලොකුයි තමන්ගේ ඇමතිකම සහ ඒ සමග ලැබෙන, මුදල් සහ බලය!

      Delete
  2. බහු මන්ත්‍රී ආසන නැමති කුණුහරුපය ඉවත්කල යුතුයි

    ReplyDelete
  3. ආන්ඩුවේ රැවුල ගිනි අරගෙන දඟළනවා.. පැරා එනවා සුරුට්ටු පත්තු කරන්න..

    ReplyDelete
    Replies
    1. මාතලන් මහතා ,
      රැවුල ගිනි ගද්දි සුරුට්ටු පත්තු කරන එක මේ රටේ සිරිතක්නෙ. චානුක වත්තේගම මහතාටත් අධ්‍යක්ෂක තනතුරක් ලැබිලා තියෙන එකේ පැරාටත් ඔය මොකක් හරි ලබා දෙන්න උදව් කරමුකො.

      Delete
    2. පැරා කරන්නේ ලංකාවේ තියෙන හොඳම ජොබ් එක නේ.. චානුකලගේ ජොබ් ටැම්පරි..

      Delete
  4. Sulu jaatheen sulukota thakanna honda nethi unath sulu jaatheen inna bawath owun niyojanaya wana paksha thibena bawath piliganna wenawaa. Namuth maha jaathiya niyojanaya wana kudaa paksha kumak sandahaada? Samasammaja Communist paksha walata ithihaasaye piligeneenamk thibunath (ewakata hitapu naayakayo nisaa)warthamaanaye eva mahajanayata epa welaanam owunta paarlimenthu aasana wen karanne kumakatada? Wenama tharanga karalaa dinanawaa misa ema paksha walata aasana wenkirima saadaarana netha. Nethianm Gammanpila wage aya paksha aotgena enakota aasana denna giyoth manthri ganana rate janagahanayata wadaa wedi wevi.

    ReplyDelete
  5. RE: Nothern Provice Resolution
    Any attempt to challange the new government in Colombo with an international genocide investigation at this point could "complicate matters" -The Hindu-
    Dear Vigneshwaran, don't insult your intelligence.

    ReplyDelete
  6. මේ ගැන මීට වඩා සවිස්තරාත්මක විශ්ලේෂණයක් සිදු කළ යුතු බව මගේ අදහසයි. යම් ජන සංඛ්‍යාවකට එක් මන්ත්‍රීවරයෙක් අවශ්‍ය වගේම යම් වර්ග කිලෝ මීටර් සංඛ්‍යාවකටත් එක් මන්ත්‍රීවරයෙක් සිටිය යුතුයි. දැනට මුලතිව්, වවුනියා, මන්නාරම හා කිලිනොච්චි දිස්ත්‍රික්ක හතරම නියෝජනය වන්නේ “වන්නි“ මැතිවරණ දිස්ත්‍රික්කය හැටියටයි. මන්ත්‍රීවරයෙක් අවුරුදු පහ තුළ එක වතාවක්වත් සෑම ගමකටම යා යුතු නොවේද?
    මේ වගේම විසංවාදී තත්වයක් ඇති වෙනවා “සුළු පක්ෂ“ ගැන කතා කරද්දි.
    මැතිවරණයට ඉදිරිපත් වී සමස්ත දිවයින මට්ටමෙන් ඡන්ද ලක්ෂයක් වැනි යම් සංඛ්‍යාවකට වඩා ගන්නා සෑම පක්ෂයකටම ආසනය බැගින් හිමි වීමත් කේවල ක්‍රමයෙන් දිනන මන්ත්‍රීවරුන්ගෙන් ඉහත කී සුළු පක්ෂ නියෝජනය සඳහා ලැබුනු ආසන ආවරණය නොකිරීමත් බෝනස් මන්ත්‍රී ධූර හා ජාතික ලැයිස්තු අහෝසි කිරීමත් අවශ්‍ය බව මගේ මතයයි. සමහර විට විද්වත් මණ්ඩලයක් සඳහා ආණ්ඩු පක්ෂයට අතිරේක ආසන පහක් පමණ වෙන් කිරීම සුදුසු වනු ඇති.

    ReplyDelete
  7. Delhi chanda prathipalaya penwanne dushanayata wiruddha mahajana mathaye thibena prabhalathwaya. BJP saha Congress dekama anaathai, Lankaaweth ema rella thawaduratath wardanaya wenawaa. JVP eka eyata naayakathwaya dena nisaa ena chandedi aasana 25 pamana ganiwi mata hithenne.

    ReplyDelete
  8. ඔය මනාප සහ මිශ්‍ර ක්‍රමය (ජර්මානු ක්‍රමයට සමාන ) සහිත නව ඡන්ද ක්‍රමය පාර්ලිමන්ට් එකේ කාරක සභාවක් දාල යෝජනා කරල සම්මත වෙලත් ඉවරනෙ. ඔය කාරණේ වසර ගානක් සාකච්ඡා වුණේ, පැරාට මතක නැද්ද ? ඕක මුලින්ම අත්හදා බලන්න තිබුණෙ පළාත් පාලන මැතිවරණෙට (අන්තිමට පැවැත්වුණු ). ඒත් මහින්ද ගැසට් එකට අත්සන් කළේ නැති නිසා ඒක තවමත් ක්‍රියාත්මක නෑ. කරන්න තියෙන්නෙ ගැසට් එක අත්සන් කරන එක විතරයි. ඒත් මේක මුලින්ම ක්‍රියාත්මක විය යුත්තෙ පළාත් පාලන ඡන්දෙට නිසා මෙවර මහ මැතිවරණය පැවැත් වෙන්නෙත් පරණ ක්‍රමයට. ඔය ක්‍රමයෙ හැටියට (මට මතක විධියට ) ආසන 160ට කේවල ක්‍රමයට මන්ත්‍රීල පත් වෙනවා. ඊට පස්සෙ ඉතිරි 65, ජාතික සහ මැතිවරණ දිස්ත්‍රික්ක අනුව කොටස් දෙකකට බෙදෙනවා (හරියටම ගාන මතක නෑ) ඉන් පස්සෙ ඒ දිස්ත්‍රික්ක සහ ජාතික ආසනවලට ඒ ඒ පක්ෂ ගත්ත අනුපාත අනුව, සමානුපාත ක්‍රමයට මන්ත්‍රීල පත් වෙනවා. මනාප ක්‍රමයක් නෑ, පක්ෂෙ ලේකම් තමයි සමානුපාත මන්ත්‍රීල පත් කරන්නෙ. මේකෙ ප්‍රධානම වෙනස තමයි සමනුපාත ක්‍රමයට මන්ත්‍රීල පත් වෙන්නෙ පැරදිච්ච ඡන්ද වලට වීම.
    උදාහරණයක් විධියට එක දිස්ත්‍රික්කයකට කේවල ක්‍රමයට ආසන 15ක් පත් වෙනවා කියමු. එතකොට පක්ෂ 3ක් ඡන්දෙ ඉල්ලුවා කියමු. A පක්ෂය ආසන 10ක් දිනල, B පක්ෂෙ ආසන 5ක් දිනලා , C පක්ෂෙ ආසන ඔක්කොම පැරදිලා කියමු. එතකොට සමානුපාත ඡන්දවලට යන්නෙ A පක්ෂෙ පැරදිච්ච ආසන 5යි, B පක්ෂෙ පැරදුණ ආසන 10යි, C පක්ෂෙ පැරදිච්ච ආසන 15යි විධියට. මේ ක්‍රමයෙන් අර පැරදිච්ච ඡන්දවලට වටිනාකමක් එක්වෙන අතරෙ, කේවල ක්‍රමයට ආසන දිනන්න බැරිවුණු සුළු පක්ෂවලට ආසන ලබෙනවා. නමුත් මහින්ද ඔය ක්‍රමය 2010 මැතිවරණෙට ගනන් හදලා තමන්ට ආසන අඩු වෙනවා කියල ඒ ක්‍රමයට කැමති වෙලා නෑ, ආරංචියෙ හැටියට...

    ReplyDelete
    Replies
    1. තේරෙන්නෙ නෑ මචන් තව ටිකක් පැහැදිළිව කිව්වොත් හොද නැද්ද?

      Delete
    2. මෙහෙමයි, ලංකාවෙ පැරණි ක්‍රමයට මැතිවරණ කොට්ඨාශ 160ක් තියෙනවා. මේ 160 පළාත් 9ක් තුළ මැතිවරණ දිස්ත්‍රික්ක (පරිපාලන දිස්ත්‍රික්ක නොවේ ) 22ක් අතර බෙදී යනවා. උදාහරණයක් විදියට කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කෙ ගත්තොත්, මැතිවරණ කොට්ඨාශ 15යි. (උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල...).
      දැන් මේ යෝජිත නව ක්‍රමය අනුව මන්ත්‍රීලා ඉල්ලන්නෙ මැතිවරණ කොට්ඨාශ මට්ටමින්. දැන් ඉතිරි 65 (225-160) තෝරන්නෙ සමානුපාත ක්‍රමයට. මේ අයත් ජාතික සහ දිස්ත්‍රික්ක පදනම මත. අපි හිතමු 15ක් ජාතික ඉතිරි 50 දිස්ත්‍රික් කියලා (මට හරියටම ආසන ගාන මතක නෑ) දැන් මේ දිස්ත්‍රික් 50, ඒ ඒ දිස්ත්‍රික් 22 තුළ ලියාපදිංචි ඡන්ද ගණන මත සමානුපාතව බෙදිලා යනවා. අපි හිතමු කොළඹට ජනගහණය අනුව මේ සමානුපාත ආසන 5ක් ලැබුණා කියල. එතකොට කොළඹට සම්පූර්ණ ආසන 15+5 = 20 එතකොට කොළඹට සන්ධානෙ නාම යෝජනා දෙනව නම් අපේක්ෂකයො 15ක් එක් එක් මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් ඡන්දෙ ඉල්ලනවා.
      අපි හිතමු එතකොට මම මැද කොළඹ කියල. එතකොට මට ඡන්දෙ දෙන්න පුළුවන්, සන්ධානෙන්, එජාපෙන්, ජවිපෙන් හෝ වෙනත් පක්ෂෙකින් ඉල්ලන එක අපේක්ෂකයෙක්ට පමණයි. එතකොට මගේ ඡන්ද නිල පත්‍රිකාවෙ තියෙන්නෙ පක්ෂෙ ලකුණ එක්ක ඒ අපේක්ෂකයගෙ නම. නොම්මර නෑ. මට කැමති පක්ෂෙකට ලකුණු කළා එච්චරයි. එතකොට මේ මැතිවරණ කොට්ඨශය ජය ගන්න පක්ෂෙ අපේක්ෂකය මන්ත්‍රී වෙලා පාලිමන්ට් යනවා. මේක සම්පූර්ණයෙන්ම 89ට පෙර තිබිච්ච ක්‍රමය. දැන් මේ විධියට මන්ත්‍රීල 160ක් තෝරා ගන්නවා.
      අපි ආයෙත් කොළඹට යමු. අපි හිතමු කොළඹ මැතිවරණ කොට්ඨාශ 15න් 11ක්ම එජාපෙ දිනනවා, සන්ධානෙ 4ක් දිනනවා, ඒත් ජවිපෙට හෝ අනිත් පක්ෂවලට එක මැතිවරණ කොට්ඨාශක්වත් නෑ කියල. දැන් ඊළඟට හදන්නෙ සමානුපාත ක්‍රමයට යන මන්ත්‍රී 5 තෝරන්න. එතකොට එජාපෙ දිනපු මැතිවරණ කොට්ඨාශ 11 ඡන්ද ඉවත් කරනවා (මොකද දිනපු ඡන්ද වලින් මන්ත්‍රීල 11ක් නියෝජනය වෙනවා) එතකොට ගණන් කරන්නෙ පැරදිච්ච මැතිවරණ කොට්ඨාශ 4 විතරයි. ඊළඟට සන්ධානෙ පැරදිච්ච මැතිවරණ කොට්ඨාශ 11 ඡන්ද වෙනම ගණන් කරනවා. ජවිපෙ සහ අනිකුත් පක්ෂ සියලුම මැතිවරණ කොට්ඨාශ පරාද නිසා ඒගොල්ලන්ගෙ සියලුම ඡන්ද (මුළු දිස්ත්‍රික්කෙම ) එකතු කරනවා. දැන් මේ ඡන්දවලට සමානුපාත ක්‍රමය අනුව ආසන 5 බෙදනවා. අපි හිතමු එතකොට සන්ධානෙ ආසන 3ක් ( පැරදිච්ච මැතිවරණ කොට්ඨාශ 11 ඡන්දවලින් ) එජාපෙ ආසන 1ක් (පැරදිච්ච මැතිවරණ කොට්ඨාශ 4 ඡන්දවලින් ) සහ ජවිපෙ එක ආසනයක් (පැරදිච්ච මැතිවරණ කොට්ඨාශ 15 ඡන්දවලින් ) ලැබුණා කියලා. දැන් මේ අයව පත් කරන්නෙ ඒ ඒ පක්ෂෙ ලේකම්. එතකොට ලේකම්ට පුළුවන් අර ඡන්දෙ ඉල්ලපු අයගෙන් ඕනෙම පැරදිච්ච කෙනෙක් හෝ වෙනත් කෙනෙක් නම් කරන්න. මේ ක්‍රමයම තමයි ජාතික ආසන 15ට වෙන්නෙත්. ඒකත් දිස්ත්‍රික් මට්ටමින් එකතු කරලා මුළු එකතුව අරගෙන, ඒ ඒ පක්ෂවලට සමානුපාතව බෙදිලා යනවා. මේ අයව නම් කරන්නෙත් ඒ ඒ පක්ෂෙ ලේකම්. මේ ක්‍රමය අනුව, ආසන දිනන්න බැරි සුළු පක්ෂවලට නියෝජනයක් ලැබෙනවා, මනාප ක්‍රමය නැති වෙනවා, එක් අපේක්ෂකයෙක් ඡන්දෙ කරන්න ඕනෙ තමන්ගෙ මැතිවරණ කොට්ඨාශෙ විතරයි. හැබැයි මේ ක්‍රමය 2010ට, අදේශ කරල බැලුවම සන්ධානෙ ආසන ගණන අඩු වුණා කියල කියනවා. ඒ නිසා මහින්ද කැමති වෙලා නෑ.

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.