2015-02-13

දිල්ලි මැතිවරණයේ පෙරළිකාර ප්‍රතිඵලය

Add caption
ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලිය පාලනය වන්නේ රාෂ්ට්‍ර සංගමයක් (Union Territory) ලෙසයි. රාෂ්ට්‍ර සංගමයක් කියන්නේ මධ්‍යම ආණ්ඩුව විසින් පාලනය කරන ප්‍රදේශයක්. එයට ප්‍රාන්ත රාජ්‍යයකට තරම් සන්ධීය රාජ්‍ය බලතල නැහැ. එවැනි රාෂ්ට්‍ර ප්‍රදේශ හතක් ඉන්දියාවේ තිබෙනවා. 

1991 වසරේ 69වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් දිල්ලි ජාතික අගනුවර රාෂ්ට්‍ර සංගමය ලෙස නිල වශයෙන් හැඳින්වෙන දිල්ලි රාජ්‍යයේ වෙනම ම රාජ්‍ය සභාවක් තිබෙනවා. එහි ප්‍රධාන ඇමතිව‍රයෙක් හා ඇමති මණ්ඩලයක් ඉන්නවා. එම රාජ්‍ය සභාවට යම් දුරකට නීති සම්පාදනය කිරීමේ බලතල තිබෙනවා. දිල්ලි රාජ්‍යයට වෙනම මහාධිකරණයක් තිබෙනවා. එය සාමාන්‍ය මහ නගර සභාවකට වඩා පුළුල් බලතල ඇති පළාත් පාලන ප්‍රදේශයක්.

දිල්ලි රාජ්‍යයේ මිලියන 13ක් ඡන්දදායකයෝ මේ සතියේ පෙරළිකාර ඡන්ද ප්‍රතිඵලයක් නිවේදනය කළා. ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයත්, ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයත් යන දෙක ම පසුබස්වමින් දූෂණ විරෝධී කුඩා පක්ෂයක් වන ආම් ආද්මි පක්ෂය වෙත දැවැන්ත ජයග්‍රහණයක් ලබා දෙන්නට දිල්ලි අගනාගරික ජනතාව තීරණය කළා. එය කෙතරම් විස්මිත ප්‍රතිඵලයක් ද යත් ආසන 70න් 67ක් ම දිනුවේ ආම් ආද්මි පක්ෂයයි. පාලක භාරතීය ජනතා පක්ෂයට ජය ගත හැකි වූයේ ආසන තුනක් පමණයි. කොංග්‍රස් පක්ෂයට එක ම ආසනයක්වත් දිනා ගන්නට බැරි වුණා. 

මෙය 2014 මැයි මාසයේදී බලයට පත් වූ භාරතීය ජනතා පක්ෂය ලද පළමු කැපී පෙනෙන පරාජය බවට පත් වුණා. 

ආම් ආද්මි යන දෙවදනේ තේරුම පොදු මිනිසා යන්නයි.  සම්ප්‍රදායික වාම පක්ෂවලට කලින් හිමි වී තිබුණු තැන අත්පත් කරගෙන ඇති  ආම් ආද්මි පක්ෂය වාමාංශිකයන්ගෙන්, ලිබරල්වාදීන්ගෙන් මෙන් ම අන්ත දක්ෂිණාංශික අදහස් දරන්නන්ගෙන් ද සමන්විතයි. එය එක්තරා විදියක රාජ්‍ය නොවන සංවිධාන ගොනුවක් ද වෙනවා. එය නිශ්චිත, පැහැදිලි සමාජ දෘෂ්ටිවාදයක් මත පදනම් වූ එකකැයි කියන්නට බැහැ. අර්වින්ද් කෙජ්රිවාල්ගේ ආර්ථික දැක්ම දක්ෂිණාංශයට බර බවයි විශ්ලේෂකයෝ පවසන්නේ.

පසුගිය දෙසැම්බරය වන විට ආම් ආද්මි පක්ෂයේ ලියාපදිංචි සහායකයන් සංඛ්‍යාව ලක්ෂ 14ක්.

ආම් ආද්මි පක්ෂයේ නායකයා වන 45 හැවිරිදි අරවින්ද් කෙජ්රිවාල් මේ අනුව දිල්ලියෙ අටවන මහ ඇමතිවරයා ලෙස පත් වෙනවා. ඔහු හිටපු සිවිල් සේවකයෙක්. ඔහු අතින් පරාජය වන්නේ දිල්ලියේ පළමු පොලිස් නිලධාරිනියව සිට පසු කලෙක දූෂණ විරෝධී සමාජ ක්‍රියාකාරිනියක් හා භාරතීය ජනතා පක්ෂ නායිකාවක් වූ කිරාන් බේඩි නම් ප්‍රකට දේශපාලනඥවරියයි.

2013දී දිල්ලි ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේදී ආසන 70කින් 28ක් දිනා ගන්නට ආම් ආද්මි පක්ෂය සමත් වෙනවා. භාරතීය ජනතා පක්ෂය ආසන 30ක් දිනා ගන්නවා. කෙජ්රිවාල් තරග කළේ නව දිල්ලි ආසනයටයි. එහිදී ඔහු හිටපු මහ ඇමතිනිය වූ ඉන්දීය ජාතික කොංග්‍රසයේ ශීලා ඩික්සිත් වැඩි ඡන්ද 25,000කට වැඩි සංඛාවකින් පරාජය කරනවා. 


තවත් පක්ෂ කීපයක සහයෝගය ඇතිව දිල්ලි රාජ්‍ය සභාවේ පාලනය පිහිටුවන්නට ආම් ආද්මි පක්ෂය සමත් වෙනවා. අරවින්දි කෙජ්රිවාල් මහ ඇමති ලෙස පත් වෙනවා. එහෙත් කෙජ්රිවාල්ගේ දුර්වල සභාගයට දිල්ලි පාලනය අල්ලාගෙන සිටින්නට බැරි වෙනවා. සිය පක්ෂය විසින් ‍යෝජනා කරන ලද දූෂණ විරෝධී ජාන් ලෝක්පාල් පනත දිල්ලි ව්‍යවස්ථාදායක සභාවේ සම්මත කර ගැනීමට සෙසු පක්ෂ ප්‍රමාණවත් අන්දමින් සහයෝගය නො දීම ගැන චෝදනා කරමින් කෙජ්රිවාල් 2014 පෙබරවාරි 14දා මහ ඇමති තනතුරින් ඉල්ලා අස් වෙනවා. නැවත මැතිවරණයක් පැවැත්විය යුතු යයි ඔහු නිර්දේශ කරනවා. එතැන් සිට දිල්ලිය පැවතියේ ජනාධිපති පාලනය යටතේයි.

මේ අතර ගිය අවුරුද්දේ මැයි මස පැවැත්වුණු ඉන්දීය මහ මැතිවරණයේදී ද ආම් ආද්මි පක්ෂය කැපී පෙනෙනවා. ඔවුන් රට පුරා ආසන 432කට තරග කරනවා. එහෙත් ජය ගන්නේ ආසන හතරක් පමණයි. ආසන 413ක ම ඇපත් රාජ සන්තක වෙනවා.

ලෝක්සභා මැතිවරණයේදී ආසනයක් තරග නො කරන්නට සිටි ආම් ආද්මි පක්ෂ නායක අරවින්ද් කෙජ්රිවාල්ට තරග කරන්නැයි බල කරන්නේ ඔහුගේ පක්‍ෂයේ ක්‍රියාකාරිකයෝයි. අවසානයේදී ඔහු මෝඩිට එරෙහිව වාරානාසි ආසනය තරග කරන්නට එකඟ වෙනවා. මෝඩි නම් ආසන දෙකකට තරග කරනවා. කෙජ්රිවාල් ‍තර කරන්නේ මේ ආසනයට පමණයි. තමන් තරග කරන්නේ භාරතීය ජනතා පක්ෂය හා කොංග්‍රස් පක්ෂය වැනි දූෂිත බලවේගවලින් රට බේරා ගැනීම වෙනුවෙන් බවයි ඔහු පවසන්නේ. මෝඩිගේ ජනප්‍රියත්වය හමුවේ ඔහු දැවැන්ත පරාජයක් ලබනවා. එහෙත් ඔහුට ඡන්ද ලක්ෂ දෙකකට වඩා ලැබෙනවා.

අර්වින්ද් කෙජ්රිවාල්ගේ පියා වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙක්. ඔහුගේ රැකියා හේතුවෙන් අර්වින්ද්ට බොහෝ විට ජීවත් වන්න හා ඉගෙන ගන්න වුණේ ඔහු උපන් හර්යානා ප්‍රාන්තයෙන් පිටතයි. පසුව ඔහු ද යාන්ත්‍රික ඉංජිනේරුවරයකු ලෙස උපාධි ලබා ගත්තා. මුලින් ඔහු වැඩ කළේ ටාටා ස්ටීල් සමාගමේයි. පසුව සිවිල් සේවා විභාගය සමත් වී දේශීය ආදායම් ඒකාබද්ධ කොමසාරිස්වරයකු ලෙස 1995දී රාජ්‍ය සේවයට එකතු වුණා.


වසර 2000දී කෙජ්රිවාල් නිවාඩුවෙන් පසු අවම වසර තුනක කාලයක් රජයේ සේවයේ යෙදෙන කොන්දේසිය පිට වැටුප් සහිත නිවාඩු ලැබ වැඩිදුර අධ්‍යාපනය සඳහා නිදහස් වුණා. 2003දී යළි සේවයට වාර්තා කළ ඔහු වසර එකහමාරකට පසු නැවතත් වැටුප් රහිත නිවාඩුවක් ලබා ගන්නවා. එවර නැවතත් වසර එකහමාරක කාලයක් නිවාඩු පිට සිටින ඔහු 2006දී ඔහු දේශීය ආදායම් ඒකාබද්ධ කොමසාරිස් තනතුරෙන් ඉවත් වෙනවා.


එහෙත්, ගිවිසුම අනුව වසර තුනක කාලයක් සේවය නො කළ නිසා ඔහු වැටුප් රහිත නිවාඩු සමයේ ලබා ගත් වැටුප ආපසු ගෙවිය යුතු බව ඉන්දීය රජය කියා සිටියා. කෙජ්රිවාල් වසර ගණනාවක් ම තර්ක කරමින් සිටියේ ඔහු වැටුප් සහිත නිවාඩුවෙන් පසු වැඩ කළ අවුරුදු එකහමාරත්, වැටුප් රහිතව සේවයෙන් බැහැරව සිටි වසර එකහමාරත් එකතු කළ විට ගිවිසුම ප්‍රකාරව ඔහු අනිවාර්යයෙන් සේවය කළ යුතු වසර තුන සම්පූර්ණ වන බවයි. කෙසේ වෙතත්, අවසානයේදී, 2011දී, ඒ මුදල ගෙවා දමන්නට ඔහුට සිදු වුණා.

ඔහු කියමින් සිටි කාරණයක් වන්නේ ඔහුට ඉන්දීය රජය එවැනි බලපෑමක් කළේ ඔහු ඒ වන විට ඉන්දීය දූෂණ විරෝධී අරගලයේ නායක අන්නා හසාරේ‍ගේ අහිංසාවාදී උපවාස ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයකු වී සිටි නිසා ය කියායි.

දේශීය ආදායම් ඒකාබද්ධ කොමසාරිස්වයකු ලෙස සේවය කරමින් සිටින අතරතුර ම 1990දී කෙජ්රිවාල් පරිවර්තන් නම් ව්‍යාපාරයක් බිහි කරනවා. එහි මූලික දැක්ම වුණේ වෙනස ආරම්භ වන්නේ සුළු දේවලින් බවයි. දිල්ලියේ අඩු ආදායම්ලාභී ජනතාව අතර ක්‍රියාත්මක වූ සුබසාධන ව්‍යාපාරයක් වූ පරිවර්තන්හි ක්‍රියාකාරකම් වෙනුවෙන් අර්වින්ද් කෙජ්රිවාල්ට 2006දී නැගී එන නායකත්වය සඳහා වූ රැමොන් මැග්සේසේ සම්මානය හිමි වෙනවා.

මැග්සේසේ සම්මාන මණ්ඩලය ඔහු ඉන්දීය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය බිම් මට්ටමේ ක්‍රියාත්මක කරමින්, රජය ජනතාවට වගවිය යුතු තත්වයට පත් කරමින්, දිල්ලියේ දුප්පත් ම ජනතාව දූෂණයට එරෙහිව සටන් කිරීමට යොමු කිරීම අගය කළා.

අන්නා හසාරේ ඇතුළු දූෂණ විරෝධී අරගලකරුවන්ගේ ඉල්ලීම මත දූෂණවලට එරෙහිව පරීක්ෂණ පැවැත්වීම සඳහා ස්වාධීන ව්‍යූහයක් පිහිටුවීම සඳහා ජාන් ලෝක්පාල් පනත සැකසීම පිණිස ඉන්දීය රජය විසින් පත් කරන ලද කමිටුවේ සිවිල් සමාජ නියෝජිතයා වුණේ අර්වින්ද් කෙජ්රිවාල් ය. එම පනත 2011 දෙසැම්බරයේදී සංශෝධන සහිතව ලෝක්පාල් හා ලෝකායුක්ත පනත ලෙස සම්මත වූ මුත් අනා හසාරේ හා කෙජ්රිවාල් ඇතුළු දූෂණ විරෝධී ක්‍රියාධරයින් එය ප්‍රතික්ෂේප කළා.
2012දී කෙජ්රිවාල් ආම් ආද්මි පක්ෂය පිහිටුවන්නේ දූෂණ විරෝධී අරගලයේ ඊළඟ පියවර මැතිවරණ දේශපාලනය බව අවධාරණය කරමිනුයි. එහෙත් ඒ සමගම අන්නා හසාරේත්, ඔහුත් වෙන් වෙනවා.හසාරේ දේශපාලනයට නො පිවිස තමන්ගේ මාර්ගයේ ම ඉදිරියට යනවා.
(ජනරළ 2015 - 02 - 15)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

6 comments:

  1. මමත් වසර කිහිපයක් තිස්සේ ජිවත් වන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ. ඉතිං මෙවර දිල්ලි මැතිවරණය ගැන,ඉන්දියාවේ අගමැතිගේ භූමිකාව ගැන මගේ සරලම විග්‍රහය මේකයි.

    වත්මන් ඉන්දීය අගමැති මෝදී සහ ඔහුගේ පාලන තන්ත්‍රය ලංකාවේ වර්තමානයේ ඇති මයිත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව වගෙයි. මෝදීත් බලයට එනවිට ආවේ මයිත්‍රී ඇතුළු පිරිස බලයට ආ ආකාරයට සමානවයි. හැබැයි ඔවුන් බලයට ඒමට පෙර කියපු දෑ ඉටු කරලන්න මෝදී ඇතුළු ආණ්ඩුවට හැකියාව ලැබුනේ නෑ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙත් වර්තමානයේ ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙන දුෂණ වංචා කියන එක. මෝදීගේ ආණ්ඩුවට වංචා,දුෂණ ගැන සෙවීමට හැකියාව ලැබුනේ නෑ. ඒ කාරණය ආමි ආද්මි පක්ෂය සෑම විටම මතු කරමින් තිබු දෙයක්. ඒ කියන්නේ ආමි ආද්මි පක්ෂය ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ වගේ.

    දැන් රනිල් ඇතුළු එජාපය තව මාස දෙකකින් එනවයි කියන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ජන්දෙනුත් දින්නා වගේ දැන් හිතාගෙන කටයුතු කෙරුවට මට හිතෙන්නේ ජනතාව ජේවීපී වැනි පක්ෂ කෙරෙහි වැඩි බරක් තියයි කියයි. ඇතැම් විට ශ්‍රීලනිපයට සහ එජාපයට තනිව බහුතර ආසන ගානක් දිනාගන්න බැරි වෙන්නත් පුළුවන්. ආණ්ඩුව තීරණය කිරීමේ බලය ජෙවිපෙට යාමටත් ඉඩ තිබෙනවා. මම නං කැමතියි එහෙම දෙයක් වෙනවා නං.

    මොකද පැහැදිලිව අපිට පෙනෙනා දේ තමයි මේ ආණ්ඩුවත් කයිවාරු ගැහැව්වට ඇත්තටම දුෂණ වංචා කෙරු අයවලුන්ට එරහිව නිතිය ක්‍රියාත්මක කරන්නේ නැති බව. ඒ පිලිබදව විමසන විට ඔවුන් කියන්නේ දින සියයේ වැඩ පිළිවෙල නිසා දුෂණ වංචා සෙවීම ඊලග රජයට භාර කල යුතු බවයි. මිට ආසන්න ප්‍රකාශයක් අගමැති රනිල්ඩ රෝයල් කොලිජියේදී ප්‍රකාශ කරනවා මා අසා සිටියා. මේ කාරණය යුක්ති සහගත වන්නේ දින සියයේ වැඩ පිළිවෙලත් හරියට ක්‍රියාත්මක වෙනවා නං විතරයි. හැබැයි අපිට පෙනන විදියට නං දැන් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමත් කල් යන බවයි පෙනෙන්නේ. දැන් දින සියයේ මාස තුනෙන් මාසයක්ම ඉවරයි. මෙම කාලය තුල ප්‍රමුඛතාවය දියයුතු විවස්ථා සංශෝධනය, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වගේ දේවල් ගැන කිසිදු සංවාදයක් ඇති වී ඇති බවක් පෙනෙන්නේ නෑ. හැමෝගෙම කල්පනාව බලය රැකගන්නේ කොහොමද,තමුන්ගේ හිතවතුන් රැකගන්නේ කොහොමද කියන එක විතරයි.

    දැන් දුමින්ද සිල්වා සාධකය බලන්න. ඔහුව හිරේ නොදා ආරක්ෂා කරනවා අගමැතිවරයාගේ වටේ සිටිනා උදවිය ඇතුළු රජයේ ප්‍රභාලයන්. දුමින්දගේ මුදල් වලට මෙම රජයේ ප්‍රභාලයන් යටවී ඉවරයි.

    මයිත්‍රී පාලනය ගෙන ඒමට දැඩි ලෙස කැපවූ සිවිල් සංවිධාන මේ ගැන අවධානය යොමු කර යුතුයි. දුෂණ වංචා ගැන සෙවීම ඊලග රජයට භාර කරනවා නං, ඉදිරි මාස දෙක ඇතුලත, ජන්දයට පෙර විවස්ථා සංශෝධනය සිදුකල යුතු බවට සංවාධයක් ආරම්භ කල යුතුයි. අජිත් පැරකුම් සහෝදරයා වැනි ක්‍රියාකාරීන්ද නිහඩව ඉන්නේ ඇයි? මේ අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ ගෙන ඒමට බලාපෑම් නොකරන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. Mama oba samaga ekanga enawaa. JVP eka aasana 25 pamana prmaanayak ena chandedi ganivi kiyalai mata hithenne. Owun Hela urumaya abhibava yanawaa. JHU ekath DELHI wala mema dushana virodhi pravanathaavaya desa balaa innawaa.Namuth aanduwa samaga inna insaa prabala handak naganna owunta idak nehe.
      Aanduwe dhushana virodi handa el marunu handak. GOLDEN KEY thanpath karuwange laisthuwe aanduwe samahara ayath ihalinma innawaa.
      Gotabhayagen prashnakarana vidiya balanna. CID eka gedarata gihin!
      MR nam kamak nehe. Eyi Gotabhayata ehema warapraasaadayak?
      Ohu aaropanaya karagena hitapu balaya thawamath thiyenawada?

      Delete
  2. මෙම ජයග්‍රහනයෙන් මාත් මහත් ආශ්වාදයක් ලැබුවා.ජනතාව සම්ප්‍රදායික පක්ෂවලට ඇබ්බැහි වෙන එක හානියක්. හොරුන්ට ප්‍රධාන පක්ෂ දෙකම අල්ලගන්න එක අමාරු නැහැ.ලංකාවෙ දැනටම ඒක වෙලා.
    අලුත් බලවේගයක් ශක්තිමත් වෙන එක ජනතාවගෙ පැත්තෙන් හොඳයි.ලංකාවෙ නම් ජවිපෙ , පෙරටුගාමී වගෙ පක්ෂ ශක්තිමත් වෙන එක හොඳයි.
    දූෂන වලට අමතරව ප්‍රභූ දේශපාලනයටත් මෙයින් පහරක් වදිනවා.

    2004 දි මතවාදී පුද්ගලයන් හතලිහක් පමන පාර්ලිමේන්තු ඒම සුබ ලකුනක් ලෙස මා සිතුවත් ඉන් පසු මිනිහ පාර්ලිමෙන්තුවෙ ගෑනි පළාත් සභාවෙ වගෙ එකම පවුල්වල නාඩගම් බවට පත්වෙලා තිබුනා. මෙහෙම වෙන්නෙත් ඡන්දදායකයා ගල් ගැසුන සොභාවයක සිටින නිසා. ඉන් මිදිල වෙනත් පක්ෂවලට ඡන්දය දෙන්න පුරුදුවෙනව කියන්නෙ සර්වජන බලය නියම විදියට භාවිතාවෙනව කියන එක.

    ගාන්ධි කියන අකුරු තුනට ඡන්දය දෙන්න පුරුදුවෙලා කොන්ග්‍රසයෙන් ඉදිරිපත් කරන හැම හොරාම ඉත සිතින් පිළිඅරන් උන්ට දේවාල හද හද හිටපු ඉන්දියන් ජනතාවගෙ පෙරළිය පුදුමයි.
    ඒත් මේක සමස්ත ඉන්දියාවෙම තත්වය නොවෙයි.

    ReplyDelete
  3. Delhi walin hamana sulanga Sri Lanka wata ennai kiyaa pathami!

    ReplyDelete
  4. කිරිබත්ගොඩ බස්‌ නැවතුම ඉදිකිරීම සඳහා එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල ආධාරකරුවකුට අයත්ව තිබූ ඉඩමක්‌ නිසි ලෙස වන්දි ගෙවා රජයට පවරා ගනු ලැබීය.

    නමුත් එසේ එජාප හිතවතාගේ ඉඩම පවරා ගත්තද එහි බස්‌ නැවතුමක්‌ ඉදි නොවිණි. එසේ වූයේ පසු කලෙක නගරය මධ්‍යයට වන සේ නවීන බස්‌නැවතුමක්‌ ඉදි කෙරුණු හෙයිනි. මේ අනුව අදාළ ඉඩම ලංකා ධීවර සංස්‌ථාවට ලබා දෙන්නට එවකට රජය ක්‍රියා කරනු ලැබීය. ඒ කිරිබත්ගොඩ නගරයට තිබූ තවත් අඩුවක්‌ සපුරාලමිනි.

    කිරිබත්ගොඩට ධීවර සංස්‌ථා මාලු කඩේ ආවේ එසේය. මේ හමුවේ නූතන යහපාලනය ළඟා වන තුරුම කිරිබත්ගොඩ ජනතාව ලාබෙට මාලු ටිකක්‌ ගත්තේය. එහෙත් යහපාලනය ළඟා වී ගෙවී ගියේ ටික කලකි. ඉතුක්‌ 26 වැනිදා මහ රෑ මෙකී මලු කඩේ වෙත කඩු, පොලු අතට ගත් මැර පිරිසක්‌ කඩා වැදිණි. ඔවුහු හතර අතට පහර දෙමින් මාලු කඩේ සුණු විසුණු කළෝය. එකී ප්‍රහාරයෙන්ද නොනැවතුණු මැරයන් මාලු කඩය තිබූ ඉඩමේ කන්ටේනර් පෙට්‌ටි කිහිපයක්‌ද ගොඩ ගසා එය යළි විවෘත නොකරන ලෙස එහි කළමනාකරුට තර්ජනය කර පිටව ගියේය. නමුත් මැරයන් එසේ කළද දැන් යළිත් ධීවර සංස්‌ථාව මැදිහත් වී එකී කන්ටේනර් පෙට්‌ටි ඉවත් කර කිරිබත්ගොඩ මාලු කඩේ යළි විවෘත කිරීමට කටයුතු කරමින් සිටින බව මේ සටහන තබන මොහොතේ වාර්තා විය.

    එහෙත් යහපාලනය සමඟ කිරිබත්ගොඩ මාලු කඩේට එසේ මැර ප්‍රහාරයක්‌ එල්ල වූයේ කුමක්‌ නිසාද? ඉහත සඳහන් කළ පරිදි මෙකී මාලු කඩය තිබූ ඉඩමේ මුල් හිමිකරු වූයේ කිරිබත්ගොඩ එජාප හිතවතා විය. එම එජාප හිතවතා වත්මන් ඇමැති බාස්‌ගේද අතිජාත මිත්‍රයකු බව කතාව දැන සිටින්නෝ කියති.

    "මහත්තයෝ.. ඇමැති බාස්‌ පහුගිය කාලේ බලේ නැතුව අලේ බහිනකන් බලාහිටිද්දී බාස්‌උන්නැහේට හැම දේකින්ම උපකාර කළේ ඔය ඉඩම අයිති එජාප හිතවතා. එකපාරක්‌ ඇමැති බාස්‌ ඡන්දෙන් පැරදිලා ආතබූත වෙලා ඉන්නකොට එයාව තමන්ගේ ගෙදර ගෙනත් තියාගෙන බලාකියා ගත්තෙත් ඔය එජාප හිතවතාම තමයි.

    ඉතින් ඔහොම ඉන්න අතරේදියි යහපාලනේ ඇවිත් අලේ බැහැලා ඇමැති බාස්‌ට ආයෙත් බලේ ලැබුණේ. එහෙම බලේ ලැබුණට පස්‌සේ එයාට ඕන වුණා තමන්ව බලා ගත්ත හිතවතාට ආයෙත් ඒ ඉඩම අරන් දෙන්න. අන්න එතැනදියි මාලු කඩේට මැර ප්‍රහාරය එල්ල වෙන්නේ.." සියල්ල දන්නා කිරිබත්ගොඩ අයකු ඉකුත් දිනක මාලු කඩය කුඩු කිරීමේ සිද්ධියේ නිධාන කතාව අපට කියන්නට වූයේ එලෙසිනි.

    මෙකී ප්‍රහාරය එල්ල කිරීමේදීද විශේෂයෙන් සටහන් කළ යුතු තවත් වැදගත් දෙයක්‌ සිදුව තිබේ. ඒ ඉකුත් දුටුගැමුණු මැර හමුදාවේ සිටි සම්බන්ධීකරණ ලේකම් මැරයකු මෙදා ඇමැති බාස්‌ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස මාලු කඩේ කුඩු කිරීමේ මෙහෙයුමට පැමිණ තිබීමය.

    පූර්ව අපර සන්ධි ගැලපීම අපූරුය. උනුත් එකයි මුනුත් එකයි යන කතාව කිරිබත්ගොඩදීද යළි යළිත් තහවුරු වී ඇත්තේ එසේය. කිරිබත්ගොඩ මාලු කඩේට එසේ මැර ප්‍රහාරය එල්ල වීමත් සමග එහි කළමනාකරු කිරිබත්ගොඩ පොලිසිය වෙත යන්නේ මේ අවනඩුව පොලිස්‌ පොතේ සටහන් කිරීමේ අරමුණ ඇතිවය.

    ඒ අනුව සිද්ධිය පොලිස්‌ පොතේද සටහන් විය. එහෙත් මැරයන් තවමත් නිදහසේ සිටින්නේය. යහපාලනය නොව මොන පාලනය ආවද බලය හමුවේ පොලිසියේ නගුට අදටත් වැනෙන බව කියන්නට එය කදිම උදාහරණයකි. සැබවින්ම මෙහිදී පොලිසියට දොස්‌ කීමෙන්ද පලක්‌ නැත. මන්ද ආණ්‌ඩුව යන්නේ යහපාලනයට නම් පොලිසිය දක්‌කන්නට මීහරක්‌ට බලය නොදී පිස්‌සු කෙළින ගොන් නාම්බන්ට වෙඩි තියන්නට පොලිසියට බලය දිය යුතු බව ආණ්‌ඩුව වටහා ගත යුතු නිසාය.

    ආණ්‌ඩුව කියන යහපාලනය කෙසේ වෙතත් දැන් නූතන ඇමැති බාස්‌ දෙවැනි මුට්‌ටියද ඔලුවේ හලාගෙන අවසන්ය. හේ පළමු මුට්‌ටිය බිඳ නාගත්තේ වැඩ අල්ලද්දීය. පාර්ලිමේන්තුව තුළ යහපාලනය සමග දෝෂාභියෝගයක්‌ මතු වන්නේද එහිදීය. එහෙත් ඒ හමුවේ ඇමැති බාස්‌ට නිසි පිළිතුරක්‌ ලබා දෙන්නට යහපාලනය අසමත් විය. එහිදී ලැබුණු ඉඩෙන් කදිමට ප්‍රයෝජන ගත් ඇමැති බාස්‌ කිරිබත්ගොඩදී දෙවන මුට්‌ටියද කඩා නාගත්තේය.

    මෙහිදීත් නිහඬව සිටින වත්මන් ආණ්‌ඩුව ඇමැති බාස්‌ දෙස බලා "අනේ මගේ අම්මා.. පව් චූටි පැටියා.." කියා නළවන්නට ගියහොත් හේ අද හෙටම තුන්වැනි මුට්‌ටියද බිඳිනු ඇත. එහිදී නාගන්නේ ඇමැති බාස්‌ පමණක්‌ නොව යහපාලනයට යන සමස්‌ත මෛත්‍රී දේශපාලනය බව ආණ්‌ඩුව තේරුම් ගත යුතුය.

    ReplyDelete
    Replies
    1. කොහොමද පැරා ඔහේගේ යහපාලන නිරුවත !!

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.