2015-02-12

ජවිපෙ ආප්පෙට මතක නැතිලු කැරැලි තාච්චියෙ හිටිය හැටි

කවදා හෝ තාත්තා ගෙදර එනතෙක් බලා සිටින කුගන්ගේ දියණිය
කේපීට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ අධිකරණයට ගොස් ඇත.

ජනවාරි 19දා අභියාචනාධිකරණයේ ගොනු කරන ලද රිට් පෙත්සමින් ඉල්ලා සිටින්නේ කේපී අත්අඩංගුවට ගෙන ඔහු සම්බන්ධ බරපතල අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

‍කේපී යනු කොටි සංවිධානයේ ඉතිරි වී සිටින ප්‍රබල ම නායකයා වන අතර ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ එක් පාර්ශ්වයක් විසින් හෝ නායකයා ලෙස පත් කර ගන්නා ලද පුද්ගලයෙකි. ඔහු කොටි සංවිධානයේ සමස්ත ක්‍රියාකලාපය ගැන කෙතරම් වගකිවයුත්තෙක් ද යන්න ගැටලුවකි. එහෙත්, ඔහු කොටි සංවිධානය වෙනුවෙන් ආයුධ හා අරමුදල් රැස් කිරීම මෙහෙයවූ ප්‍රධානියෙකු බව නම් හෙළිදරව් වී තිබේ.

රාජපක්ෂ පාලනය සමයේ 2009 අගෝස්තු 5දා ලංකාවේ ‍ආරක්ෂක අංශ කේපී මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ලංකා‍වට රැගෙන විත්, නීතිමය නො වන ක්‍රියාමාර්ග ඔස්සේ ඔහු සමග ගනුදෙනුවක් කරමින්, ඉන් පසු ඔහුට නිදහස් පුරවැසියකු ලෙස කටයුතු කරන්නට අවකාශ සලස්වා දුන්නේ ය. ඒ පසුපස කුමන ආකාරයේ ගනුදෙනු තිබුණා ද යන්න හෙළිදරව් වී නැත.

රාජපක්ෂ රජය ‍කේපී, කරුණා අම්මාන්, පිල්ලෙයාන්, දයා මාස්ටර්, ජෝර්ජ්, තමලිනී හා තවත් ඇතැම් කොටි නායක නායිකාවන් සම්බන්ධයෙන් හා සාමාන්‍ය කොටි සාමාජිකයන් සම්බන්ධයෙන් කටයුතු කළේ පැහැදිලිව ම වෙනස් ආකාරවලිනි. ‍කරුණා අම්මාන්, පිල්ලෙයාන් වැනි අය රජයට ඍජුව සම්බන්ධ කර ගන්නා ලදී. කේපී නීතිය ඉදිරියට ගෙන යන්නේ නැතිව, නිදහස් පුරවැසියකු ලෙස සමාජ කටයුතු කිරීමට ඔහුට අවස්ථාව දෙන ලදී. දයා මාස්ටර්, ජෝර්ජ් වැනි අය ද නීතිමය ක්‍රියාමාර්ගවලින් තොරව නිදහස් කරන ලදී. තමිලිනී පුනරුත්ථාපනය කර නිදහස් කරන ලදී.

මේ අතරතුර තවත් කොටි නායකයන් හා සාමාන්‍ය කොටි සාමාජිකයන් දහස් සංඛ්‍යාත පිරිසක් ඝාතනය කර දමන ලදී. ඇතැමෙක් යටත් වූ අයයි. තවත් අය භාර වූ අයයි. තවත් පිරිසක් නිරායුධව සිටියදී අත්අඩංගුවට ගන්නා ලද අයයි. තවත් සමහරු සැකකරුවන් ලෙස රැඳවුම්කරුවන් ලෙස සිටි අයයි. වත්මන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ ක්‍රියාකාරකම්වල යෙදී සිටියදී අතුරුදහන් වූ කුගන් වැනි අය පුනරුත්ථාපනය වී නිදහස් වී සිටි අයයි.

මරා දමන ලද දහස් ගණනක් වූ දෙමළ තරුණයන්ට අමතරව, කොටි සංවිධානයේ නායකයින්ගේ මෙහෙයවීමෙන් විවිධ සාපරාධී ක්‍රියාවලට සම්බන්ධ වූ තවත් දහස් ගණනක් කොටි සාමාජිකයෝ තවමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගතව සිටිති. වසර ගණනාවක් තිස්සේ සිරගත කර සිටින ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නැත. එහෙත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි අතිශය මර්දනකාරී නීති හේතුවෙන් ඔවුන්ට ඇපවත් ලැබෙන්නේ නැත. මේ වන විට වසර දහයකට වඩා කාලයක් සැකකරුවන් ලෙස රඳවාගෙන සිටින පිරිස් ඇති බව වාර්තා වේ.

කේපී වැනි පුද්ගලයන්ට ලබා දුන් නිදහස ප්‍රශ්න කරන්නට සිදු වන්නේ එවැනි සංදර්භයක් තුළයි.

දැන් මේ කාරණය මතු කරන ජනතා විමුක්ති පෙරමුණට ද මෙවැනි කැරැලිකාර ඉතිහාසයක් ඇති බව ඔවුන්ට මතක නැත. 1987-90 සමයේ ජවිපෙ කැරැල්ලේ ප්‍රධාන වගඋත්තරකරුවකු වන එවකට  ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වූ සෝමවංශ අමරසිංහට එරෙහිව වුව ද ජවිපෙට මේ හා සමාන පැමිණිල්ලක් කරන්නට පුළුවන. එහෙත්, ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් ජවිපෙට එරෙහිව එවැනි පැමිණිල්ලක් කළේ නැත. එහෙත් තමන් වැනි ම වූ  දෙමළ  කැරැලිකාරී ව්‍යාපාරයකට එරෙහිව පැමිණිලි කරන්නට ජවිපෙ ඉදිරිපත් වී ඇත.

කේපීට එරෙහිව පැමිණිලි කරන ජවිපෙ කරුණා අම්මාන්ට එරෙහිව පැමිණිලි නො කරන්නේ මන්දැයි කියා ද ප්‍රශ්න කරන්නට පුළුවන. එසේම, යුද්ධයේ අවසාන සමයේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් එවකට සිටි බලධාරීන්ට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන එක සම්බන්ධයෙන් ජවිපෙ විරුද්ධ වන්නේ කුමන පදනමකින් ද යන්න ද අසන්නට පුළුවන.

‍දෙමළ කැරැල්ල සම්බන්ධයෙන් සිංහල දේශපාලන පක්ෂ කටයුතු කරන ආකාරය බරපතල ප්‍රශ්න රැසක් මතු කරයි.

නිදසුනක් ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ වන විට ඉදිරිපත් කරන ඉල්ලීමක් වන්නේ නීති කඩ කිරීම් නො තකා හැර කුමාර් ගුනරත්නම්ට ලංකාවේ දේශපාලනය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. මේ අවස්ථාව කේපීට ලබා දෙන එක ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂය කුමක් කියන්නේ ද යන්න දැන ගැනීමට කැමති ය.

1989 කැරැල්ලෙන් පසු පත් කරන ලද තරුණ අසහන කොමිෂම ඔස්සේ ගනු ලැබූ ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් රජයේ රැකියා ලබා දීම සඳහා තරග විභාග ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. මහින්ද රාජපක්ෂ පාලනය යටතේ එම ක්‍රමය විනාශ කර දමන ලදී.


හැරුණු කල, 1989 කැරැල්ල සම්බන්ධයෙන් පොදුවේ ලාංකීය සමාජය ජවිපෙට සමාව දෙන ලදී. 2004 වසරේදී ලංකාවේ ජනතාව ජවිපෙ අපේක්ෂකයන් දිස්ත්‍රික්කවල පළමුවැන්නන් කරමින් පාර්ලිමේන්තුවට පත් කළේ එ නිසා ය. ජවිපෙ ද සිය ක්‍රියාකාරිත්වය තුළින් කැරැල්ලේදී සිදු වූ වැරදි සම්බන්ධයෙන් ස්වයං විවේචනාත්මක ප්‍රකාශයනයක් කරන ලදී. 

ලාංකීය සමාජය ජවිපෙට සමාව දුන් බව නැවත මතක් කරමි. කිසිවෙක් සෝමවංශ අමරසිංහ නැවත ප්‍රශ්න නො කරන්නේ එහෙයිනි. එවන් සංදර්භයක් තුළ අඩු තරමේ දෙමළ කැරැල්ලට සම්බන්ධ වී ඉතිරි වී සිටින පිරිසට හෝ සමාව දෙන්නට ලාංකීය සමාජයට යෝජනා කිරීමේ වගකීමක් ජවිපෙට තිබේ. එහෙත්, ජවිපෙ කර තිබෙන්නේ එහි අනෙක් පැත්තයි.

කේපී සම්බන්ධයෙන් රාජපක්ෂ රජය කටයුතු කළ ආකාරය අපැහැදිලි ය. තමන්ගේ දේපල රාජපක්ෂ පවුල විසින් කොල්ල කෑ ආකාරය පසුගිය දිනෙක සෙලින්කෝ අධිපති ලලිත් කොතලාවල හෙළිදරව් කළේ ය. ඒ අන්දමින් ම කේපී විසින් හසුරුවන ලද කොටි සංවිධානයේ විදේශ දේපල රාජපක්ෂ පවුලේ අය විසින් පැහැර ගත්තා විය හැකි ය. ඒ පිළිබඳ හෙළිදරව් විය යුතු ය.

රාජපක්ෂ පවුලට හා යුද නිලධාරීන්, රජයේ නිලධාරීන් ඇතුළු තවත් පිරිසකට ද යුද අපරාධ චෝදනා එල්ල වී තිබේ. එහෙත්, ඔවුන් විසින් ගනු ලැබූ නීති විරෝධී ක්‍රියාමාර්ග පවා දකුණේ සිංහල ‍ජනතාවගේ දැඩි ඉල්ලීම හා අනුමැතිය මත වූ ඒවා බව අප අමතක නො කළ යුතු ය. ඒවා ආරක්ෂා කළ හා ප්‍රවර්ධනය කළ සෙසු දේශපාලන පක්ෂ, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් හා ජනමාධ්‍ය ආදිය අතහැර සීමිත පිරිසකට පමණක් එරෙහිව යුද අපරාධ චෝදනා ගෙන ඒම අසාධාරණ ය.

අනෙක් පැත්තෙන් කොටි සංවිධානය ද මහා පරිමාණෙන් යුද අපරාධවල යෙදුණු බැවින් මෙය ඉතිහාසයෙන් මකා දැමිය යුතු කළු පැල්ලමක තත්වයට පත් වී තිබේ. වැඩි ම වන්දිය ගෙව්වේ දෙමළ ජනතාව බව ඇත්ත ය. එහෙත්, යුද්ධය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය ම වගකිව යුතු ය. දෙපාර්ශ්වයේ ම නායකයන් සාම ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරමින් යුද්ධයෙන් විසඳුම් සොයන්නට උත්සාහ කළ හ. දෙමළ හා සිංහල නායකයන්ගේ මෙම අමනෝඥ යුද්ධයට දෙපාර්ශ්වයේ ම ජනතාවගෙන් බහුතරය අනුග්‍රහ දැක්වූ බව ද අප අමතක නො කළ යුතු ය. 

මෙම සංදර්භය තුළ ලංකාවේ සමාජය දෙමළ කැරැල්ල හා එම කැරැල්ල මැඬලීම සඳහා නීති විරෝධී අන්දමින් කටයුතු කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ද පොදු සමාවක් ලබා දෙන තැනකට යා යුතු බව මගේ යෝජනාවයි. මෙය ජවිපෙ කැරැල්ල සම්බන්ධයෙන් අවසානයේදී ක්‍රියාත්මක වූ අප්‍රකාශිත පොදු සමාව වැනි එකක් විය හැකි ය.

ජවිපෙ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි කැරැලිකාරී ඉතිහාසයක් ඇති පක්ෂ මෙම ප්‍රශ්නයේදී ප්‍රගතිශීලී ප්‍රවේශයක් අනුගමනය කළ යුතු ය.

‍මගේ ‍යෝජනාව මෙයයි. දෙමළ ඊලාම් කැරැල්ල සම්බන්ධයෙන් සත්‍ය කොමිෂමක් වැනි ක්‍රියාමාර්ගයක් ඔස්සේ යුද්ධයේ දෙපාර්ශ්වයට ම පොදු සමාවක් ලබා දිය යුතු ය. දේශපාලන කැරැලිකාරිත්වය මතු වූ සංදර්භය වන ජාතීන්ගේ ප්‍රශ්නයට බලය බෙදා ගැනීම ඔස්සේ විසඳුමක් ලබා දිය යුතු ය.

කේ.පී., කරුණා අම්මාන් සහ ජීවතුන් අතර සිටින වෙනත් කොටි සටන්කරුවන්ට සමාජයට සේවයක් කර සිය අතීත වැරදි නිවැරදි කර ගැනීමට අවස්ථාව ලබා දීම ඔවුන් සිරගත කිරීමට වඩා හොඳ ය. එසේම, දෙමළ සමාජය ද යුද අපරාධ සම්බන්ධයෙන් මහින්ද, ගෝඨාභය වැන්නන් පසුපස හඹා යාම අවසන් කළ යුතු ය. 

(රාවය 2015 - 02 - 15)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

21 comments:

  1. දුවගෙන ආවෙ ආප්ප කේස් එකක් කියල හිතාගෙන

    ReplyDelete
    Replies
    1. අනේ මෝඩ බූරුවා

      Delete
    2. ආප්ප කේස් එකක් තමයි. JVP එක ජහපාලන ආප්ප දාන්න ගිහිල්ල පුච්ච ගන්න හැටි තියෙන්නේ.

      Delete
  2. කේ පී ට විරුද්ධ පැමිණිල්ල එල් ටී ටී ඊ එකට එරෙහි පැමිණිල්ලක් නොවන බවයි මගේ වැටහීම. ජ වි පෙ හෝ වෙනත් කිසිවකු කේ පී සම්බන්ධයෙන් මැසිවිලි නගන්නේ ඔහු ලබා ඇති අද්භූත වරප්‍රසාද ගැන සිතමින් ය.
    කරුණා අම්මාන් හෝ පිල්ලෙයාන් ගැන පවා ඇති වෛරය අන් කිසිවක් නොව මහින්දගේ ඔඩොක්කුවට රිංගා සිටීම පළිබඳ වෛරයයි.

    ReplyDelete
  3. පැරා කාලෙකට පස්සේ හොඳ සමබර ලිපියක් ලියල. KP කියන්නෙත් ද්‍රවිඩ නායකයෙක්. ඔහු යම්කිසි ආකාරයක පුනුරුත්තාපනයකට ලක්වී තිබෙන බව පැහැදිලියි. ඔහු කෙරේ පමණක් ඉලක්ක කර මෙවැනි ද්වේශ සහගත වයිරි ආකාරයෙන් සිංහල නායකයන් කටයුතු කිරීමෙන් අවංකවම ද්‍රවිඩ ජනතාව කලකිරීමට ලක් වෙනවා. අනිත් අතට කවුද එහෙම කරන්නේ ? මීට දශක කීපයකට කලින් දුෂ්ට මිනී මැරීමක යෙදී දඬුවම් නොලබපු JVP කාරයෝ.

    හතර හිනා නේද ?

    ReplyDelete
  4. යුද්ධයෙදී සිදුකල //නීති විරෝධී ක්‍රියාමාර්ග ආරක්ෂා කළ හා ප්‍රවර්ධනය කළ සෙසු දේශපාලන පක්ෂ, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් හා ජනමාධ්‍ය// පමණක් නොවෙයි බහුතර සිංහල ජනතාවත් යුධ අපරාධ චෝදනා වලට විරුද්ධයි. යුධ අපරාධ චෝදනා ඉල්ලා අස්කරගන්නවාද නැද්ද යන්න තීරණය කල යුත්තේ එම අපරාධ වලට ලක්වුණු දෙමල ජනතාවයි. සිංහල කතා කරන ජනතාව නොවේ කියලයි මට හිතෙන්නේ. සිංහල කතා කරන අපට කල හැක්කේ කුමක්ද? දෙමල ජනතාවගේ විශ්වාසය දිනාගැනීම පමණයි. මෙතෙක් කර ඇත්තේ විශ්වාසය දුරස් කරවන දේ මිස සමනය කරවන දේ නොවෙයි.

    ඒ සඳහා යෝජනා කල හැක්කේ කුමක්ද? සිරිල් රැම්පෝසා නැවත පැමිනෙන බව අසන්නට තිබෙනවා. එය හොඳ ආරම්භයක් මට හිතෙන්නේ.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. මං පැරාට ගහල කියනව ඔන්න ඕක අල්ලල දාමු කියල!

      Delete
    2. යුධ අපරාධ චෝදනා ඉල්ලා අස්කරගන්නවාද නැද්ද යන්න තීරණය කල යුත්තේ එම අපරාධ වලට ලක්වුණු දෙමල ජනතාවයි. සිංහල කතා කරන ජනතාව නොවේ කියලයි මට හිතෙන්නේ.

      Agree with Dimithri....

      Delete
    3. යුද අපරාධ චෝදනා ඉල්ලා අස් කර ගත යුත්තේ යුද අපරාධවලට ලක් වූ ජනතාව ය කියා කීවොත් වඩා නිවැරදියි. මන්ද, යුද අපරාධවලට ලක් වුණේ දෙමළ ජනතාව පමණක් ම නොවෙයි.

      බටහිර රටවල් විසින් විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටින්නේ ආණ්ඩුව විසින් කරන ලද යුද අපරාධ පමණක් නොවෙයි. යුද්ධයේ අවසාන සමයේදී ආණ්ඩුවත්, කොටි සංවිධානයත් යන දෙකම කළ යුද අපරාධ විමර්ශනය කළ යුතු බව කියනවා. යුද්ධයේ මුල සිට ම කොටි සංවිධානය හා වෙනත් කැරැලිකාරී සංවිධාන ද යුද අපරාධවල නියැලුණා.

      Delete
    4. එතකොට සිංහල ජනතාව ප්‍රභාකරන්ගේ යුධ අපරාධ වලට ලක් උනේ නැද්ද ?
      මායිම් ගම්මානවලට පැනල කිරි දරුවෝ , ගැබිණි කාන්තාවන් කැති ගාල දාන එක , කොළඹ බස් වලට බෝම්බ තියල සිවිල් වැසියන් ඝාතනය කරන එක යුධ අපරාද වගේ පෙන්නේ නැද්ද මේ දිමිත්‍රි හා සිතුමිණි කියන අන්ත කුහක පාදඩ තිරිසනුන්ට ?

      Delete
    5. මහසොහොන්, ඕක අලුත් සොයාගැනීමක් නොවෙයි. අජිත් ඉහත කියනවා වගේ බටහිර රටවල් විසින් විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටින්නේ ආණ්ඩුව විසින් කරන ලද යුද අපරාධ පමණක් නොවෙයි. එජා වාර්තා වලින් (ex: Report of the UNSG’s panel of experts on accountability in SL) පවා පිලිගෙන තියෙන දෙයක්. මෙන්න උපුටාගැනීම විකිපීඩියාවෙන්..

      ...A panel of experts appointed by UN Secretary-General (UNSG) Ban Ki-moon to advise him on the issue of accountability with regard to any alleged violations of international human rights and humanitarian law during the final stages of the civil war found "credible allegations" which, if proven, indicated that war crimes and crimes against humanity were committed by the Sri Lankan military and the Tamil Tigers.

      The panel found "credible allegations" that the Sri Lankan military/government killed civilians through widespread shelling; shelled hospitals and humanitarian objects; denied humanitarian assistance; violated the human rights of civilians and Tamil Tiger combatants; and it violated the human rights of those outside the conflict zone such as the media. The panel found "credible allegations" that the Tamil Tigers used civilians as a human buffer; killed civilians attempting to escape Tamil Tiger control; used military equipment in the proximity of civilians; forcibly recruited children; used forced labour; and killed civilians using suicide attacks.

      කොහොම උනත් ඒ චෝදනා (කොටි සංවිධානයට එරෙහිව ) ක්‍රමවත්ව ගෙන ආ බවක් හෝ ඒ ගැන දැඩි අවධානයකට ලක්වූ බවක් පේන්න නැහැ. සමහර විට ඊට හේතුවන්නට ඇත්තේ අපරාධවල ප්‍රමානයන් / සාහසික බව වැනි දේ වල සංසන්දනයත්, වගකිවයුත්තන් ගරිල්ලා සටන්කරුවන්ට එදිරිව නිල රාජ්‍ය මිලිටරියකින් වීම අතර සංසන්දනයත් සහ ප්‍රධාන වශයෙන්ම චුදිතයන් (කොටි සංවිධානය ) මුලුමනින් පරාජය වී ඇති නිසාත් විය හැකියි. පරාජිතයාට එරෙහිව ජයග්‍රහකයන්ගේ (සංහිඳියාවට එරෙහි ) පසු ක්‍රියාකලාපයන් මේ චෝදනා වලට බලපාන්නට ඇතිබවටත් සැකයක් නැහැ.

      ඉතින් යුධ අපරාධ විමර්ශනයකදී වැඩි බර තැබෙන්නේ ආන්ඩුව සහ හමුදා වල ක්‍රියාවන් වලට වීම අරුමයක් නොවෙයි. ලෝක උදාහරන ඇතිතරම්..

      http://en.wikipedia.org/wiki/List_of_war_crimes

      - Dimithri

      Delete
    6. @අජිත්

      //යුද අපරාධ චෝදනා ඉල්ලා අස් කර ගත යුත්තේ යුද අපරාධවලට ලක් වූ ජනතාව ය කියා කීවොත් වඩා නිවැරදියි. //

      එකඟයි

      //මන්ද, යුද අපරාධවලට ලක් වුණේ දෙමළ ජනතාව පමණක් ම නොවෙයි.//

      උදාහරනයකට බේරුවල අලුත්ගම සිද්ධිය ගන්න. හානියට ලක් වුනේ මුස්ලිම් ජනතාව පමනක්ම නොවෙයි කියල කෙනෙකුට කියන්න පුලුවන්. සිංහල ගෙවල් වලටත් හානි වුනා/කලානේ. ඒකත් ඇත්ත! දැං ඒ පැත්තේ සිංහල මිනිස්සු කිව්වොත් අපිටත් හානි වුනා, අපිනම් ගනන් ගන්නේ නැහැ. අනේ ඕක අත ඇරලා දාන්න කියලා මුස්ලිම් මිනිස්සු පිලි ගනීද?

      සිංහල මිනිසුන් එහෙම කියන එක කොතරම් සදාචාරවාදීද?

      - Dimithri

      Delete
    7. බහුතර සිංහල ජනයා රජය පැත්තේ සිටි නිසාත්, බහුතර දෙමළ ජනයා සිටියේ කොටින්ගේ පැත්තේ නිසාත්, දෙපැත්ත ම විසින් විසඳුම ලෙස තෝරා ගත් යුද්ධයෙන් පරාජය වුණේ කොටි සංවිධානය නිසාත්, වැඩිපුර යුද අපරාධවලට ලක් වුණේ දෙමළ ජනතාව බව ඇත්තක්. හැබැයි, බස්වල ‍බෝම්බ පිපිරවීම, මායිම් ගම්මානවල සිවිල් වැසියන් කපා‍ කොටා මරා දැමීම වගේ ම, තම පාලන ප්‍රදේශයෙන් පළා යන්නට උත්සාහ කළ දෙමළ ජනයාට වෙඩි තැබීම, දෙමළ ජනයා මිනිස් පලිහක් ලෙස යොදා ගැනීම වැනි ඉතා පැහැදිලි යුද අපරාධ ගොන්නක් කොටි සංවිධානය පැත්තෙනුත් වෙනවා.

      කොටි සංවිධානයේ පරාජයත් එක්ක වුණ සුසමාදර්ශීය වෙනස මා නම් හඳුනා ගන්නේ මෙසේයි: යුද්ධයෙන් මේ ප්‍රශ්නයට විසඳුම් සෙවූ ශක්තිමත් පාර්ශ්ව දෙකක් වෙනුවට යුදවාදී ශක්තිමත් එක් පාර්ශවයක් හා බෙදුම්වාදී දුර්වල පාර්ශ්වයකුත්, දේශපාලන විසඳුමක් අවශ්‍ය සුවිසල් ජනතාවකුත් තමයි දැන් ඉන්නේ.

      එතනදී මා නම් දේශපාලනික උපායමාර්ග තෝරා ගන්නේ දේශපාලන විසඳුමක් අවශ්‍ය බහුතර ජනතාව වෙනුවෙන්. සිදු වූ යුද්ධය පිළිබඳ මට නම් සදාචාර විනිශ්චයක් අවශ්‍ය නැහැ. මන්ද, මා අත්දැකීමෙන් ම දන්නා විධියට මේ යුද්ධය දෙපාර්ශ්වයේම නායකයන් විසින් ම තෝරා ගත් දෙයක්. පරාජිත අයට සිදු වූ විනාශය හමුවේ ජය ගත් පාර්ශ්වයෙන් පළි ගැනීමේ අවශ්‍යතාවක් ඔවුන්ට තිබීම ස්වාභාවිකයි. එහෙත්, එයින් දේශපාලන ජයග්‍රහණ අත්පත් කර ගන්නට අමාරුයි.

      මා උත්සාහ කරන්නේ මගේ දේශපාලනික න්‍යාය පත්‍රයට අනුව උපායමාර්ග තෝරා ගැනීමටයි. මගේ න්‍යාය පත්‍රයේ තිබෙන්නේ ජාතීන්ගේ ප්‍රශ්නයට බලය බෙදා ගැනීම ඔස්සේ විසඳුම් සෙවීම හා සිංහල, දෙමළ, මුස්ලිම් සීමාවන් අතික්‍රමණය කළ පුළුල් දේශපාලන ප්‍රජාවක් ‍ගොඩනැගීමයි. අනෙක් කාරණා මට නම් ඒ තරම් වැදගත් නැහැ.

      Delete
  5. ලංකා නිව්ස් වෙබ් එකේ හමුදාපතිදූරයට සුදුසු අයගෙ ලැයිස්තුවක් තියනවා. ඒකෙ සුදුස්සො තුන් දෙනයි ඉන්නෙ.එක්කෙනෙක් රෝයල් ,අනෙක් කෙනා ආනන්දෙ ,තුන් වැන්නා නාලන්දෙ .නුසුදුසු අයගේ පාසල් සදහන් කර නැත.
    යහපාලනයකදී පාසල ගැන සැළකිළිමත්වීම අවශ්‍යය.මන්ද කොළඹ හතේ ඉස්කෝලයකට ගිය එකෙකුට ලැබෙන මැනස් ගන්කබර පාසල් වලට ගිය එවුන්ට නොළැබීමය.වැඩක් හරියට කරන්න පුළුවන් උන්ටය.

    http://sinhala.lankanewsweb.net/exclusive/15758-2015-02-12-06-11-03
    සියළුම උසස් තනතුරු කොළඹ හතේ පාසල් වලට සීමා කළොත් රට ශීලාචාර වේ. ගන්කබරයන්ට උත්සව දවසක නාගන්න වගෙ නිදහසක් හොදටෝම ඇතිය.

    ReplyDelete
  6. Lalith Kothelawala wage KP salli walata mokada une kiyalaa prakaashayak karanawaanam hondai.

    ReplyDelete
  7. KP / Karuna / Mahinda / Gota / Basil / Hula / Keheliya / Marvin athulu akee mekee nokee siyallanma aya hangagena sitina katha apa wemaraweematta kriya kala yuthuya. Maknisada apagea metha ethihasya thula bohodea thwamath rahas lesa walapallta gos athi bawini. Ayatta hethuwa ema gonibillan thwamath apa athra sitina bawini - K.V.

    ReplyDelete
  8. හෝඩි පොතෙන් වාක්කිය ඩබල් දෙකක්

    ජේවීපී එක අති බහුතරය සිංහල ය. ඔවුන්ගේ කැරුල්ල මර්ධනය කළේ කුරිරු යුධ හමුදාව ය.
    එල්ටීටීඊ එක දෙමල ය. ඔවුන් ගේ ත්‍රස්තවාදය මර්ධනය කළේ අපි මානෙල් මල් රණ විරුවන් ය!

    ReplyDelete
  9. Mama dakka Ajth Thrsta panata thawaduratath thabaganime Awssathawakak gana wenalipiyaka Awadaranaya karala tiyenawa.Anagatha awssayathawayan sadaha.bangiyama Ajith parakumta Anuwa J.R Kari

    ReplyDelete
    Replies
    1. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තබා ගත යුතුයි කියා මම කියූ බව කියන එක දැනට ස්විට්සර්ලන්තයේ සිටින මා දන්නා සරත් කුමාර ප්‍රනාන්දු වැනි අයෙකුට නම් ගැලපෙන්නේ නැහැ. මන්ද, මා එසේ කියා නැති නිසා. මා සිටින ස්ථාවරය වන්නේ ඉස්ලාමීය රාජ්‍ය හෙවත් අයිඑස් වැනි ආගම්වාදී, ජාතිවාදී, අන්තවාදී කල්ලි සම්බන්ධයෙන් ශිෂ්ට සමාජයකට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරයක සිට කටයුතු කරන්නට බැහැ. ලංකාවේ නම්, කොටි සංවිධානය වැනි ත්‍රස්ත කල්ලියක් හෝ නැවත මතු වන්නට ඉඩ දිය යුතු නැහැ. මා සිටින ස්ථාවරය වන්නේ රාජ්‍ය ත්‍රස්තවාදයත් ඇතුළත්ව ත්‍රස්තවාදය මර්දනය සඳහා නව නීති අවශ්‍ය බවයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති සංශෝධනය විය යුතු ය යන ස්ථාවරයේ මා සිටින්නේ ඒ නිසායි.

      ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනාවේ 1979දීයි. එහෙත්, මේ රටේ ත්‍රස්තවාදය ව්‍යාප්ත වුණේ ඉන් පසුවයි. අද තිබෙන්නේ 1979 වන විට තිබුණු තත්වය නොවෙයි. 1979 වන විට මේ නීති ගෙනාවේ විමුක්ති ව්‍යාපාර මර්දනය කිරීමේ අරමුණින්. තිස්සනායගම් සිරගත කිරීම වැනි නින්දිත ක්‍රියා සඳහාත් මේ නීතිය පාවිච්ච් කළා. ඒ නිසා එය වෙනස් විය යුතුයි කියන එක ගැන මට ගැටලුවක් නැහැ. එහෙත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුලිනුපුටා දැමූ රික්තයක් ධනේශ්වර පාලනයක් යටතේ කවදාවත් ලැබෙන්නේ නැහැ. එහෙම සංදර්භයක් තුළ අපි කතා කළ යුත්තේ තත්වය වඩා යහපත් කළ හැකි ආකාරයක් ගැනයි. (සමාජවාදී පාලනයන් තුළ ත්‍රස්ත විරෝධී නීති රීති ක්‍රියාත්මක වී තිබෙන ආකාරය දැන ගන්න ඕනැ නම් සෝවියට්, චීන, කියුබා වැනි රටවල ඉතිහාසය හදාරා බලන්න.)

      මෙතනදී මට අනුව ජේආර් හරි ය වැනි පැතලි ප්‍රකාශ කරන්නේ නැතිව ත්‍රස්තවාදය ගැන ඔබගේ අදහස කියන්න. ඔබ එය පිළිගන්නවා ද? අයිඑස් වැනි ත්‍රස්ත කල්ලි විමුක්ති අරගලයක් වෙනුවෙන් පෙනී සිටිනවා යි ඔබ සිතනවා ද? මම නම් මෙවැනි ආගම්වාදී හා අන්ත ජාතිවාදී ත්‍රස්ත කණ්ඩායම් සම්බන්ධයෙන් ඉන්නේ ඒවා මර්දනය කළ යුතුයි කියන ස්ථාවරයේයි. ඒක කියන්න මම නම් බයත් නැහැ.

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.