2015-03-03

ඖෂධ පනත හා දොස්තර මාෆියාවෙන් බේරෙන හැටි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන එෟෂධ පනත පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූයේ ය. 

මෙම පනත මාර්තු 04දා සම්මත කර ගන්නට නියමිතයි. එහෙත්, ඖෂධ පනත පිළිබඳ ප්‍රමාණවත් සංවාදයක් ඇති වී තිබෙන බවක් දකින්නට නැහැ. 

ඖෂධ කියන්නේත් කිරි වගේ ජාතියක්. අපි කිරි මිළ අඩු කරන්නැයි උද්ඝෝෂණ කරනවා. එහෙත්, මූලික ප්‍රශ්නයක් අමතක කරනවා. අපි මොකටද කිරි බොන්නෙ? නො බී ඉන්න පුළුවන් නේ. පුංචි කාලේ මව්කිරි බිව්වාට පස්සෙ හරක් කිරි බොන්න අනිවාර්ය අවශ්‍යතාවක් නැහැ. 

ඖෂධ ගැනත් මේ කතාව අදාළයි. නිරෝගී ජීවිත වෙනුවෙන් අවශ්‍ය පාරිසරික සාධක, ආර්ථික සාධක, විවේකය, විනෝදය ආදී කාරණා ගැන අපි යොමු කරන්නේ අවම අවධානයක්. බෙහෙත් ගැන ඊට වැඩි අවධානයක් යොමු කරනවා. 

කිසිම දේශපාලන සංවිධානයක් මේ රටේ ක්‍රීඩා පිටිවල පහසුකම් ගැන අවධානය යොමු නො කරන්නේ ඇයි. ජනතාවට විවේකය, විනෝදය ලබා ගැනීමට ඇති පහසුකම් ගැන උද්ඝෝෂණ කරන්නේ නැත්තේ ඇයි? ජනතාවට ව්‍යායාම කරන්න පුරුදු කරන එක දේශපාලනික වැඩක් නෙමෙයි ද?

කෙසේ වෙතත්, ඖෂධ පනත ගැන සංවාදය හොඳයි. ඒ වුණාට මේ සංවාද කෙරෙන්නේ තහනම් වචනයකුත් එක්කයි. ඒ තමයි වෛද්‍යවරයා.

ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් විපුල ඵල ලබාගෙන, ජනතාවගේ ආයෝජනයෙන් වෘත්තියකට එහා ගොස් ධන උල්පතක් පාදා ගන්නා, එයින් සමාජ හිනි පෙතේ ඉක්මන් නැග්මකට අවස්ථාව ලබා ගන්නා වෛද්‍යවරුන් කියන සමාජ තීරුවට තමන්ට ඉහළ යන්නට දුන් මේ රටේ ජනතාව ගැන තිබෙන හෘදය සාක්ෂිය කියන කාරණය මෙහිදී ඉතා වැදගත් වෙනවා. 

ඖෂධ සමාගම්වලින් අල්ලස් නො ගන්නා වෛද්‍යවරයෙක් සොයා ගැනීම අද වන විට අතිශය දුෂ්කරයි.  බෙහෙත් තුණ්ඩු ලියන කොළ කෑල්ලේ සිට රට සවාරි හා යාන වාහන දක්වා මේ අල්ලස් පරාසය විහිදෙනවා. වෙළඳ නාමයෙන් බෙහෙත් තුණ්ඩු ලිවීමෙන් පමණක් මාසයකට ලක්ෂ ගණනක් මුදල් උපයා ගන්නා වෛද්‍යවරු මේ රටේ ඉන්නවා. 

ඇත්ත ප්‍රශ්නය තිබෙන්නේ මෙතැනයි. 

ඊළඟට ලංකාවේ ෆාමසි ව්‍යාපාරය තිබෙනවා. මෙය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක්. විශාල පිරිසක් එයින් ජීවනෝපාය සලසා ගන්නවා. ඒ අතර ෆාමසිස්ට්වරු හෙවත් ඕෂධවේදීන් කියා පිරිසක් කැපී පෙනෙනවා. පසුගියදා අප සමග කතා කර ඖෂධ ප්‍රශ්නය ගැන අප දැනුවත් කළ වෘත්තියෙන් ඖෂධවේදියකු වන අපගේ පාඨකයෙක් පෙන්වා දුන්නේ ලංකාවේ ඇත්තෙන් ම ඖෂධවේදීන්ගේ හිඟයක් නැති බවයි. ඔහු පැවසූ පරිදි  බාහිර විභාගය හරහා ඖෂධවේදී සුදුසුකම ලබා ගන්නා පුද්ගලයන් බොහෝ දෙනෙක් වෘත්තීය ඖෂධවේදීන් බවට පත් වන්නේ නැහැ. මේ විභාගය ලියන බොහෝ දෙනෙක් වෙනත් වෘත්තීන්හි යෙදී සිටින අයයි. ඔවුන් ‍කරන්නේ තම සහතිකය ගනිකා වෘත්තියේ යෙදවීමක්. ෆාමසි කීපයකට සහතිකය විකුණා ඔවුන් නිකම් ඉඳ අමතර ආදායමක් ලබා ගන්නවා. ඖෂධවේදියෙකුගේ සේවය වෙනුවෙන් අවශ්‍ය වැටුප ගෙවන්නට මුදල් නැති සුළු පරිමාණ ෆාමසිකරුවෝ මේ සහතික හිමියාට සුළු මුදලක් ගෙවනවා. 

මේකත් මේ ප්‍රශ්නයේ වැදගත් සාධකයක්. 

ඊළඟට ඖෂධ ආනයනය. අපගේ මිතුරා පෙන්වා ‍දුන් පරිදි ලංකාවට දැන් 95%ක් විතර ම වගේ ඖෂධ ආනයනය කරන්නේ ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය වැනි රටවලින්. එතනම ප්‍රශ්නයක් මතු වෙනවා, ඇයි අපට අවශ්‍ය ඖෂධ අපේ රටේ ම හදන්න බැරි කියලා. ඉහළ වෙළඳ නම්වලින් අධික මිළක් අය කර විකුණන මේ රටවලින් ආනයනය කරන ලද ඖෂධවල වුණත් ගුණාත්මකභාවය ඔය කියන තරම් ඉහළ ද කියන එක ප්‍රශ්නයක්. සීයට දෙතුන් දාහක හෝ ඊටත් වඩා ලාභ ලබමින් විකුණන මේ ඖෂධ වර්ගවල ලාභය සීමිත පිරිසක් අත බෙදී යනවා. මෙතැන තිබෙන්නේ අතිශය කෲර ආකාරයෙන් රෝගීන් සූරාකෑමක්. 

වෙළඳ නාමයෙන් ඖෂධ ලිව්වා ම ඇති වන තවත් ප්‍රශ්නයක් ගැන අපේ ඖෂධවේදී මිතුරා පෙන්වා දුන්නා. ඔහු කියන පරිදි ෆාමසියට එන දුප්පත් මිනිස්සු බෙහෙත්වල මිළ අහලා අතේ ඇති මුදලට දවසකට, දෙකකට විතරක් බෙහෙත් අරන් යනවා. අවසානයේදී සිදු වන්නේ ඒ ගන්නා බෙහෙත්වලිනුත් හරිහමන් ප්‍රතිඵලයක් නො ලැබෙන එකයි. 

මේ ප්‍රශ්නයට විසඳුම මොකක් ද? රජයේ ආර්ථික ප්‍රතිපත්ති අනුව මේ ඖෂධ වෙළඳපොළ බිඳ වට්ටන්න ඔවුන්ට බැහැ. විශාල පිරිසකට ජීවනෝපාය සපයා තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයක් බිඳ වට්ටන්න රජයට බැහැ. ඒ වගේ ම දොස්තර පංතිය කියන මාෆියාව එක්ක හැප්පෙන්න ලංකාවේ කවුරුවත් සූදානම් නැහැ. අඩු තරමේ විප්ලවවාදී ය කියන පක්ෂවත් මේ සැබෑ ප්‍රශ්නය ගැන කතා කරන්නේ නැහැ. රජයෙන් ආන්තික ඉල්ලීම් ඉදිරිපත් කළත්, දොස්තරලා ගැන කතා කරන්න ඔවුන් සූදානම් නැහැ.මෙතැන තිබෙන්නේ සංස්කෘතික ප්‍රශ්නයක්. අපි හැමෝම ඉන්නේ දොස්තර හීනෙක. අපට බැරි වුණ ඒ හීනය අපේ දරුවන්ගෙන්, බැරි නම් මුණුබුරන්ගෙන් හෝ සැබෑ කර ගන්න බලාගෙන ඉන්න සමාජයක දොස්තර මාෆියාවට එරෙහිව කතා කරන අප වැනි අය ගැන කවුරුත් හිතන්නේ ඉරිසියාකාරයන් ය කියලායි. හැබැයි, මම නම් බය නැතිව කියනවා, රෝගීන් සූරා කන මේ ඖෂධ ජාව‍ාරමට මූලිකව ම වග කියන්න ඕනැ මේ දොස්තර මාෆියාවයි.

දොස්තර මාෆියාව නැති කරන්න රජයට බැහැ. සෞඛ්‍ය ඇමතිත් දොස්තර කෙනෙක් නේ. ඒ නිසා මේක හරියට හොරාගෙ අම්මගෙන් පේන ඇහීමක් වෙනවා. ඒත්, රජයට කරන්නට පුළුවන් දේවල් තිබෙනවා. ඉන් එකක් තමයි, දොස්තරලා සමස්තයක් ලෙස රජයේ රෝහල් සේවයේදී කරන කාර්යයන්ගේ ඵලදායිතාව නැංවීම සඳහා පියවර ගැනීම. අත්සන් කරන්න පොතක් දැම්මොත් නේ ප්‍රශ්නය. කමක් නැහැ. තමන්ගේ ඩියුටිය හා ඕවර්ටයිම් එක තමන් විසින් තමන්ගේ ම ඩයිරියේ ලියාගෙන තමන් සේ ම බොරු කරන ලොක්කකු ලවා අනුමත කරගෙන දැන් කරන පව්කාර වැඩේ එහෙමම කරගෙන යන්න ඔවුන්ට ඉඩ දෙන්න. ඒත්, ඔවුන්ගේ හෘදය සාක්ෂිය අවදි කරන්න උත්සාහ කරන්න. මේවා නීති රීතිවලින් විසඳන්න බැහැ. දොස්තරලාගේ හෘදය සාක්ෂිය අවදි වෙනවා නම් මේ ප්‍රශ්නය විසඳා ගන්න බැරි නැහැ. 

සමස්තයක් ලෙස ම රජයේ රෝහල්වල ඵලදායිතාව ඉහළ නංවනවා නම් දුප්පත් මිනිසුන්ට තිබෙන මූලික ප්‍රශ්නයක් විස‍ඳෙනවා. සල්ලි තිබෙන අයට පෞද්ගලික රෝහල් තෝරාගන්නට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතියටත් අත තැබීමක් වෙන්නේ නැහැ. අනෙක් කාරණය තමයි, රජයේ රෝහල්වලින් ලියන සියලු ‍ඖෂධ රජයේ රෝහල්වල ඔසුසල්වලින් ම නොමිළේ ලබා දීමයි. රජයේ රෝහල්වලට ඖෂධ මිළ දී ගැනීමේදී හා රජයේ වෛද්‍යවරුන් ඖෂධ නියම කිරීමේදී එය ජෙනරික් නමින් පමණක් කළ හැකියි නේ. 

එතකොට දුප්පත් මිනිහා කියන රැවුලත් බේරෙනවා, දොස්තර පංතිය හා ඖෂධ ව්‍යාපාරය කියන කැඳත් බේරෙනවා. 

තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවාගෙන සියලු ප්‍රශ්න විසඳන්න බලන් ඉන්න විප්ලවවාදීන්ටත් වැඩක් තිබෙනවා. ඒ තමයි, රජයේ රෝහලේ සේවා කාර්යක්ෂමතාව ගැන නිරන්තර අවදියෙන් සිටීම හා ජනතාව රජයේ රෝහල්වලට ම යොමු කිරීම. ඒ අතරවාරයේ නිරෝගීව ජීවත් වන හැටි ගැන ජනතාව එක්ක සංවාදයක් ආරම්භ කළ යුතුයි. 

සමාජවාදී ජීවිතයක් ප්‍රවර්ධනය කිරීම කියා අපි කියන්නේ එයටයි. විප්ලවවාදීන්ට මුලින් ම තමන්ගේ ජීවිතයෙන් මෙය පටන් ගන්න පුළුවන්.




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

30 comments:

  1. // රෝගීන් සූරා කන මේ ඖෂධ ජාව‍ාරමට මූලිකව ම වග කියන්න ඕනැ මේ දොස්තර මාෆියාවයි. //

    ප්‍රශ්නයට උත්තර වෙනුවට පැරා ගෙ සුපුරුදු ඉරිසියාකාර හීනමානය පෙන්වා ඇත.

    දොස්තරලාට කරන්න පුළුවන් උපරිම බල කිරීම ජෙනරික් බෙහෙත් ලියන්ට කීමය. එයින් වෙන්නේ තමාට කැමති බෙහෙතක් දෙන්න තියන අයිතිය දොස්තර ගෙන් ෆාමසිස්ට් ට මාරු වෙන එකය. දොස්තරට මේ බලය නැති වීම හොඳ උනත් ඒක නැති වූ පමණින් ඖෂධ මාෆියාව නැති වන්නේ නැත. අදටත් Candesartan වැනි බෙහෙත් ජෙනරික් නමින් ලියුවත් ගොඩක් ෆාමසි කරුවන් ඇඟේ ගසන්නට බලන්නේ උන්ට අධික කොමිෂන් එකක් ලබා දෙන මිල අධික පෙත්තක් මිස එයින් 1/3 කට පමණ ඇති ඉන්දියන් පෙත්ත නොවේ. දොස්තරු ටිකට මොනවා කලත් ඉතින් ප්‍රශ්නය එතැනින් නිමා වෙන්නේ නැත.

    එක්කෝ සුපුරුදු පරිදිම පැරා බාගෙට දැන ගෙන, නොදන්නා කම නොදැන පල් හෑල්ලක් ලියා ඇත. නැත්නම් දොස්තර වරු සමග ඇති සුපුරුදු වෛරය නිසා ඔක්කොම කුණු දොස්තරලා පිටින් යවන්නට හදා ඇත.

    ReplyDelete
    Replies
    1. අප ඉල්ලා සිටින්නේ රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය ‍ඖෂධ රජයේ රෝහලේ ම ඔසුසලින් නොමිළේ ලබා දෙන්න ය කියා ය. එසේ ම, රජයේ රෝහල්වල සේවා ඵලදායිතාව නංවන්නට කියා ය.

      වෛද්‍යවරුන් විවේචනය කළ සැණින් එසේ කරන්නේ ඉරිසියාවට ය කීම වෛද්‍යවරුන්ගේ සාමාන්‍ය ස්වභාවයක් වි ඇත.

      Delete
    2. නැවතත් චින්තනයේ දිළිඳු බව පෙන්වා ඇත. බහුතරයක් මද්‍යම පාන්තිකයින් රජයේ රෝහල් වලින් නිකන් බෙහෙත් ගන්නට යන්නේ නැත. ඒ බෙහෙත් නැති නිසා නොවේ. පුද්ගලික දොස්තර කෙනෙක් හමුවීම ඊට වඩා පහසු නිසාය. ක්‍රය ශක්තිය ඇති උන් ටිකක් හෝ මහජන මුදල් මත නොයැපීම රටටත් හොඳය. ඉතින් පැරාට ඖෂධ මාෆියාවෙන් බේරාගන්නට ඕනා නොමිලේ බෙහෙත් ගන්නට එන උන් විතරද?

      රජයේ රෝහල් කාර්යක්ෂම කිරීම මෙයට විසඳුම යයි කීම වැනි ගොබ්බ කතා නම් කියන්නට එපා. මොකද ඒකට දොස්තර වරු පමණක් නොව නර්ස් ලා ද වගකිව යුතුයි. අනික වැල් පාලම් වල එල්ලී හැතැම්ම ගණන් පොඩි උන් පාසල් යන දුප්පත් රටක ටොයෝටා ප්‍රයස් එකේ යන එකාටත් නිකන් බෙහෙත් දිය යුතුයි කීම විකාරයකි.

      Delete
    3. ඩොක්ටර් සුනිල්March 4, 2015 at 12:04 AM

      බොන්න ජොනීගෙ එතනෝල්* නැත්නම් බොන්න ජොනීගේ කොත්තමල්ලී**

      * "ඇති හිටියා" නමින් ඉල්ලන්න.
      ** කල්ඉකුත් වු කළු පුස් සහිත කොත්තමල්ලී සල්පර් යොදා රන්වන් පාටට හරවා ඇත.

      Delete
  2. ඖෂධ ප්‍රතිපත්තිය කියන්නේ නියම නමෙන් බෙහෙත් ලියන එක කියලා ජනතාවට පෙන්නලා පට්ට බොරුවක් කරන්න යන්නේ. කැබිනට් අනුමැතිය ලැබුනලු. කැබිනට් එකේ ඉන්න කීයෙන් කී දෙනාද සේනක බිබිලෙගේ ඖෂධ ප්‍රතිපත්තිය ගැන දැණුවත්?

    රාජිතව ඉස්සෙලාම වෝටර්ස් එජ් එකේ පිළිඅරගෙන තියෙන්නේ ඖෂධ කොම්පැණි කාරයෝ. එයා ඒ පාටිය වර්ජනය කළේ නෑ නේ. අනික එයා ධීවර ඇමති කාළේ කරපු සෙල්ලම් දන්නෝ දනිති නේ.

    ඕනම වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ගියාම ලේඩුන්ට වඩා ඉන්නේ ටයි පොලු එල්ල ගත්ත මැඩිකල් රෙප් හැන්ඩි කොල්ලෝ ටික. කවදාවත් උන් එකේක්වත් එලවනවා දැකලා තියෙනවද? කොහොමද එහෙම කරන්නේ ? හැමදාම ජරාව, අවුරුද්ද අන්තිමේ ෆොරින් ටුවර්. ඉස්පැසොලිස්ට්ලට වැරි වැරි ඉස්පෙසොල්.

    අපි දන්නවය ඖෂධ නමය ලියලා තියෙන්නේ කියලා. ඕකෙන් වෙන්නේ දොස්තර මාෆියාවට ෆාමසි කාරයොත් සෙට් වෙන එක විතරයි. එහෙම නැත්නම්, පොලීසියට යන්න වෙනවා හරි නමද ලියලා තියෙන්නේ කියලා බලා ගන්න. හැබයි ඉතින් එයිට පස්සේ කැඩුම් බිඳුම් වෙදෙක් ගාවට යන්නත් වෙනවා.

    ReplyDelete
  3. මේ කාරණය ගැන සමාජයේ දැනුවත් භාවයේ ලොකු අඩුවක් පෙනෙනවා.කොටින්ම සමන්තගෙ ඌරුමස් ටිකට යොදවන අවධානය හෝ ප්‍රචාරය වත් ලැබෙන්නෙ නෑ.එවන් තත්වයකදී මේ ලිපිය අගය කරනවා.

    ReplyDelete
  4. /* සෞඛ්‍ය ඇමතිත් දොස්තර කෙනෙක් නේ. ඒ නිසා මේක හරියට හොරාගෙ අම්මගෙන් පේන ඇහීමක් වෙනවා. */

    මං දන්න තරමින් රාජිත දත් දොස්තරෙක් මිස සර්වාංග දොස්තරෙක් නොවේ. අනූ ගනංවල දන්ත ශල්‍යාගාරය තිබුණේ මහරගම පාරේ කිරුලපොන-නුගේගොඩ අතර බවයි මට මතක.

    රාජිත ගේ බිරිඳත් දත් දොස්තරියක්. ඇය ඩීඅයී එකේ (වෝඩ් ප්ලේස්) සේවය කළා.

    රාජිත දේශපාලනයට ආවේත් රජයේ දන්ත වෛද්‍ය සංගමයේ සභාපති හැටියට නේද? ඒ දවස්වල රජයේ වෛද්‍ය සංගමයේ හිිඨයේ සුනිල් රත්නප්‍රියයි.

    හැබැයි මං දැක්කා දවසක් රාජිත කියනවා එයා දොස්තර විභාගේ පාස් කළාම පොලිසියේ සහ ආමි එකේ ජොබ් එකක් දෙන්න හැදුවා කියලා. එය දත් දොස්තර ජොබ් එකක් විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. කකාත් ඉතින් කකාට වඩා සැහෙන්න නාකි දොස්තර නෝනා කෙනෙක් බැන්දේ ඔසී යන්න ඕනි නිසානේ. දැන් ඉතින් නෝනාගේ පිහිටෙන් ඔසී ගිහින් ඉන්නවා. නැත්තන් ඉතින් කකා කොහොමත් වයසක ගෑනුන්ට වඩා වැඩිපුර කැමති කොල්ලොන්ටනේ.

      Delete
  5. /* දොස්තරලා ගැන කතා කරන්න ඔවුන් සූදානම් නැහැ.මෙතැන තිබෙන්නේ සංස්කෘතික ප්‍රශ්නයක්. */

    මං නං අද ලිව්වා දොස්තරෙක් ගැන (ඊ-මේල් එකකින් ආපු) කතාවක්!
    http://rasikalogy.blogspot.com/2015/03/life-begins-at-50.html


    .

    ReplyDelete
  6. පැරාත් මෙතන කරන්නේ දොස්තරලා සමග තියෙන තමුන්ගේ සුපුරුදු වෛරයනිසා වෙන වෙන පල්හෑලි ලියන්නේ. පැරා හිතන්නේ නර්ස් කෙනෙක් වෙන පැරාගේ නෝනා රාත්‍රී සේවය මුරයේදී වෛද්‍යවරුන් සමග නිදා ගන්නවා කියා. වීරවිල කඳවුරේ සිටි කාලයේ ලක්වූ විවිද වද බන්දන නිසා දැන් පැරාගේ සිරුර දුර්වල වෙලා තියෙන්නේ ඒ වයසේ වෙනත් පිරිමියෙක්ට වඩා. ඒ නිසා පැරාගේ හිතනෙන් පැරාට දෙන්න බැරි දේවල් පැරාගේ ගෑනි දොස්තරලාගෙන් ගන්නවා කියලා.
    පැරා පව්.

    ReplyDelete
  7. /අප වැනි අය ගැන කවුරුත් හිතන්නේ ඉරිසියාකාරයන් ය කියලායි./

    දොස්තරලා විතරක් නෙවි ටියුෂන් ගුරුවරු, පිටරටවල ජීවත්වන මිනිස්ස්සු, කොටින්ම නිසාන් සනියක් ටොයෝටා කොරොල්ලා එකක් පදින මිනිස්සුන්වත් පෙන්නන්න බැරිකම අපිට පේන්නේ ඉරිසියාව කියලා.

    /හැබැයි, මම නම් බය නැතිව කියනවා, රෝගීන් සූරා කන මේ ඖෂධ ජාව‍ාරමට මූලිකව ම වග කියන්න ඕනැ මේ දොස්තර මාෆියාවයි./

    එකඟයි. නමුත් මේ මාෆියාවට විරුද්ධ වෙන මිනිස්සුන්ට වෙන්නේ සේනක බිබිලේ මහත්තයාට වෙච්ච් දේම තමයි. පැරා බය නැතුව කියනවා කියල ලොකු ටෝක් දුන්නට ඔයාව කවුරුවත් ගණන් ගන්නේ නෑනේ.දොස්තර කෙනෙක් ඕකට විරුද්ධ වුනොත් බඩුම තමයි. මතකද රන්වැල්ල කියල දොස්තර මහත්තයෙක් බොල්ගොඩදී ගිලිලා මැරුණා. පැරා, ඔයාලා වික්‍රමබාහුලා වගේ අය අභීතව සටන් කරනවා, නිර්භීතව අදහස් දකවනවා වගේ හිතාගෙන හීනියට ස්වයං ආතල් එකක් ගත්තට කමක් නෑ. මුරුංගා ගස්වල නගින්න එපා. ඇත්තටම කවුරුවත් ඕගොල්ලන්ව පඩේකට ගණන් ගන්නේ නෑ. නැතුව ඉස්සර මහින්දවත් දැන් රනිල්වත් ඕගොල්ලන්ට බයේ ඉන්නේ නෑ.

    /නිරෝගීව ජීවත් වන හැටි ගැන ජනතාව එක්ක සංවාදයක් ආරම්භ කළ යුතුයි. සමාජවාදී ජීවිතයක් ප්‍රවර්ධනය කිරීම කියා අපි කියන්නේ එයටයි. විප්ලවවාදීන්ට මුලින් ම තමන්ගේ ජීවිතයෙන් මෙය පටන් ගන්න පුළුවන්. /

    ගල් අරක්කු බීල ශිරෝසිස් හදාගන්නේ නැතුව ඉම්මුකෝ ආරම්භයක් විදියට.

    ReplyDelete
    Replies
    1. "ඇත්තටම කවුරුවත් ඕගොල්ලන්ව පඩේකට ගණන් ගන්නේ නෑ." එහෙනම් ඉතින් ඇයි මෙහේ ඇවිත් ඇනොනිමස් කමෙන්ට් දාන්නේ.

      පුරවැසියෙක් යම් ප්‍රශ්නයක් ගැන අදහසක් පළ කළා ම මහින්ද වැනි පාලකයෙක්වත් මෙවැනි දේ කි‍ව්වේ නැහැ.

      කවුරු මාව පඩේකට ගණන් ගත්තත්, නැතත්, අදහස් පළ කරන එක මගේ අයිතිය. බුද්ධිමත් මිනිස්සු නම් අනුන්ගේ අදහස්වලට සවන් දෙනවා. නමුත්, ලංකාවේ ඉන්නේ ඔබ වැනි අය නිසා තමයි ලංකාවේ සමාජයට මෙහෙම වෙලා තියෛන්නේ.

      පුරවැසි මාධ්‍යකරණය දරාගන්න තරම් ලංකාවේ මිනිස්සු තවම දියුණු වෙලා නැති බව ඔබ වැනි අය‍ගේ කමෙන්ට්වලින් පෙන්නනවා.

      Delete
    2. ඔබේ අදහස් හරියටම හරි ජය වේවා මුන් මොක්කුද කියලා මට නම් හිතා ගන්න බෑ

      Delete
    3. ප්‍රේක්ෂකාගාරයේ සැබෑ තත්වය දැනගන්න පුළුවන් මේ වගේ කොමෙන්ට් වලින්. මේක අන්තර්ජාල මාධ්‍යකරුවාට ලැබෙන වාසියක් විදියට තේරුම් ගනිමු. එතකොට ඉදිරියට යන්න තව පහසුයි පැරකුම් මහත්මයා .....

      Delete
  8. ඖෂධ වෙළඳාම ව්‍යාපාරයක් නිසා බොහෝ අකටයුතුකම්/ විෂමාචාර සිදුවන බව පිලිගනිමි. නමුත් වෙළඳ නමින් ඖෂධ ලිවීමට පහත දැක්වෙන හේතුද තිබේ.

    1. ලංකාවට ඉන්දියාවෙන් ගෙන්වන ඖෂධ කිසිම ප්‍රමිතියකට අනුකූල නොවීම. ලංකාවේ බීඩි කර්මාන්තය මෙන් නිවෙස්වල ගෘහ කර්මාන්තයක් ලෙස ව්‍යාපාරිකයෙකුගෙන් අමුද්‍රව්‍ය ගෙන පෙති නිපදවා නැවත එම ව්‍යාපාරිකයාටම විකුණා ශ්‍රමය වෙනුවෙන් මුදලක් ගැනීම බොහෝවිට සිදුවේ. (මතුගම විමලා බීඩි කර්මාන්තශාලාවේද කලකට පෙර මෙම ක්‍රමය ක්‍රියාත්මකවිය.)

    ඉන්දියන් ඩ්‍රග් වැඩ නොකරන බව ෂුවර් නිසා වැඩකරන ඩ්‍රග් එකක් අවශ්‍ය වූ විට වෙළඳ නමින් ලියන්නට සිදුවේ. දැඩි සත්කාර ඒකකයක මෙරපනම් ප්‍රතිජීවකය පාවිච්චි කිරීමට සිදුවූ කෙනෙක්ගෙන් අත්දැකීම දැනගත හැක.

    2. යහපාලනය යටතේ නියමිත ප්‍රමිතියට අනුකූල ඖෂධ පමණක් ගෙන්වනු ඇතැයි මොහොතකට උපකල්පනය කලත්

    ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක එකම උනත් විවිධ වෙළඳ නම් වලින් නිෂ්පාදනය කරන ඖෂධ වල පිටත ආවරණය (කෝටින් එක) ඇතුළු අනෙක් අමුද්‍රව්‍ය වල වෙනස් කම් කරන නිසා අතුරු ආබාධවල තත්වය වෙනස් වේ. උදාහරණයකට කෝටින් එක වෙනස් කිරීමෙන් ශරීරයට උරා ගැනීම සිදුවන්නේ ආමාශයෙදීද නැත්නම් බඩවැල් තුලදීද යන්න තීරණය වේ. එවිට අතුරු ආබාධයක් ලෙස ගැස්ට්‍රයිටිස් හැදෙනවාද නැද්ද යන්න තීරණය වේ.

    හැමෝටම තේරෙන බාසාවෙන් කියනවනම් ඇල්කොහොල් කියන ජෙනරික් නමින් අපි අරක්කු ඉල්ලුවොත් කොහොම තියෙයිද?

    ReplyDelete
    Replies
    1. +++++
      ඉන්දියාවේ , බංගලාදේශයේ , පකිස්තානයේ විතරක් නෙවෙයි , ලංකාවේ හදන සමහර ප්‍රතිජිවකත් අන්තිම සවුත්තුයි

      තව එකක්. දෙහිවල හන්දියේ ඉඳන් මූද පැත්ත බැලුවම පේන දැවැන්ත (සාධාරණ වෙළඳාමක් කරලා එච්චර කුඩා කාලයකින් මෙච්චර ව්‍යාප්තියක් ගන්න බැරි බව ඕන කෙනෙකුට තේරෙනවා නේද ? ) හම්බ පාමසියේ ගබඩාවල තිබිල ඇස් වලට දාන බෙහෙත් ඇතුළුව කල් ඉකුත් වෙච්ච බෙහෙත් ලක්ෂ ගානක් හම්බ උනේ ගිය අවුරුද්දේ. ලේබල් වෙනස් කරලා විකුනන්න සකස් කරලා තිබ්බේ.
      කෝටි 50 ක කල් ඉකුත් වූ බෙහෙත් අල්ලයි.

      Delete
    2. \\ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක එකම උනත් විවිධ වෙළඳ නම් වලින් නිෂ්පාදනය කරන ඖෂධ වල පිටත ආවරණය (කෝටින් එක) ඇතුළු අනෙක් අමුද්‍රව්‍ය වල වෙනස් කම් කරන නිසා අතුරු ආබාධවල තත්වය වෙනස් වේ. ///
      බ්‍රෑන්ඩ් එක මත ඕවා වෙනස්වීම දොස්තර දැනගන්නේ කොහොමද? දොස්තර ඒ ගැන පර්යේෂණ කරනවද? නැනේ .... එයා දන්නෙත් මෙඩිකල් රෙප්ලගේ ප්රෝමොෂනල් කතා විතරනේ.... කාටද මේ බොරු කියන්නේ....???

      Delete
    3. ඇයි හැම එකේම තියෙන ඒවා පෙට්ටියේ ගහල තියෙන්නේ? ආකි ලෙචාලා මේව කියන කොට පුකෙනුත් හිනා.

      Delete
  9. මේ ප්‍රශ්නයට මම යෝජනා කරනවා සොෆ්ට්වෙයා විසඳුමක්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පුළුවනි වෙබ් සයිට් එකක් පවත්වාගෙන යන්න ලංකාවේ අනුමත සියළුම ඖෂධ (generic and trade name) වල, ඒ වගේම සියළුම වෛද්‍යවරුන්ට අනිවාර්යය කරන්න ඒ වෙබ් සයිට් අදාල එකෙන් ඖෂධ තෝරා ප්‍රින්ට් කරපු prescription එකක් රෝගියාට දෙන්න, බාර් කොඩ් එකත් ප්‍රින්ට් වුනොත් ගොඩක් හොඳයි. ෆාමසි සේරටම අනිවාර්යය කරන්න ඕන මිළ ගණන් ඩිස්ප්ලේ එකක් සමඟ බා්ර් කොඩ් ස්කෑනර් එකක්, prescription එක ස්කෑන් කරපු ගමන් ෆාමසියේ තියන ගැලපෙන ඖෂධ සියල්ල මිළ සමග පෙන්වන, පාරිභෝගිකයාට පුළුවනි තේරීම කරගන්න. මේ ක්‍රමයේ ගැටළු, ඉන්ටනෙට් නැති නම් ඔෆ්ලයින් කරන්න පුළුවන්, දවස් කීපයකට වතාවක් අප්ඩේට් වුනාම ඇති, කොහොමත් සමහර වෛද්‍යවරු අප්ඩේට් වෙන්නේම නෑනේ. උපකරණ මිළ; සහන දෙන්න, ස්මාට් ෆෝන් එකක් සහ බැටරි පවර් ප්‍රින්ටරයක් හොදටම ප්‍රමාණවත්. දොස්තරලා විරුද්ධ වේවි, ස්ට්‍රයික් කරයි > අනිව ඒක එහෙම වෙයි.

    ReplyDelete
    Replies
    1. යෝජනා කරපු ක්‍රමයේ ප්‍රතිඵල ලබන්න එය සීයයට 100ක් ම ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය නෑ, සියයට 80ට වඩා ක්‍රියාත්මක නම් ඖෂධ වෙළඳපොළ ඉබේ පාලනය වේවි. බෝවෙන රෝගයක් පාලනයට සියළුදෙනා එන්නත් කිරීම අවශ්‍ය නෑ, සියයට 90ක් එන්නත් කරොත් හොදටම ඇති.
      මෙය ක්‍රියාත්මක කලොත් අමතර ප්‍රතිලාබ ගොඩයි, ප්‍රින්ටඩ් තුන්ඩුවක් දෙන නිසාවෛද්‍ය වරයා තමන්ගේ නිර්දේශ වලට වගකිවයුත්තෙක් බවට පත්වීම ප්‍රධාන කාර්යයි.

      Delete
    2. මීට සමාන ක්‍රම ක්‍රියාත්මක වන පුද්ගලික ස්ථාන ඇත.ඒවා සාර්ථකව ක්‍රියාත්මක වේ.

      Delete
    3. මේ සොෆ්ට්වෙයාර් විසඳුම් දෙන Nut කේස් එක කැළණි පාලමෙන් එහාට අඩිය තියල නැති බවනං ස්ථිරයි.

      Delete
    4. @මහසෝන්

      නට් කේස් එන ඉන්නේ මහියංගනේ පාලමෙනුත් එහා පැත්තේ. ලෝකය පෙරලෙන්නේ ඉදිරියටයි.

      Delete
    5. සොරි මහසෝන්, ඔයා ගේ නේද ඔළුව අනෙක් පැත්තට හයිකරලා තියෙන්නේ. පව් වැඩේ නේද ඔයාට ඉස්සරහ පස්ස මාරුවෙලා පේන එක.

      Delete
    6. අනේ බං එහෙනං දන්නවා ඇතිනේ සමහර ග්‍රාමීය ඉස්පිරිතාල වලට වෙබ් සයිට් , බාර් කොඩ් , බා්ර් කොඩ් ස්කෑනර් , ස්මාට් ෆෝන් , බැටරි පවර් ප්‍රින්ටර තියා ලයිට් වත් නැති බව සමහර වෙලාවට. ඒ විතරද ? දොස්තර කෙනෙක් වත් නැහැ. මොනවාද මේ කියවන විකාර ?

      අනික මේක සියයට 80ට වඩා ක්‍රියාත්මක වෙන්න ඕන කියල කියන්න ස්ටැට් අරං පෙන්නුවේ අහසෙන්ද ??
      හරියට ලංකාවේ මෝඩයන්ට රංජ හංගල තියෙන ලම්බෝගිනි පෙන්නුවා වගේ

      Delete
  10. //ඖෂධ සමාගම්වලින් අල්ලස් නො ගන්නා වෛද්‍යවරයෙක් සොයා ගැනීම අද වන විට අතිශය දුෂ්කරයි

    මේක ඔප්පු කරලා පෙන්වන්න.

    ReplyDelete
  11. // රජයේ රෝහල්වලට ඖෂධ මිළ දී ගැනීමේදී හා රජයේ වෛද්‍යවරුන් ඖෂධ නියම කිරීමේදී එය ජෙනරික් නමින් පමණක් කළ හැකියි නේ.

    දැනට බහුතරයක් අව්ස්ථාවල වෙන්නේ මෙයයි. වෙළැඳ නාම වලින් පමණක් නිකුත් කල යුතු ඖෂධ ප්‍රමාණයකුත් තියෙනවා. අවුල ඇති වෙන්නේ අදාල ඖෂධය රජයේ රෝහලේ නැති වූ විට. රජයේ ෆාමසියේ ඖෂධ තිබේ නම් ප්‍රශ්නය සෑහෙන දුරට විසඳෙනවා.

    ReplyDelete
  12. Doctors duty is to prescribe drugs..
    pharmaciests to dispense drugs...
    government to make policies..
    They allow hundreds of brands of paracetamol to contry
    But advice us not to prescribe. ?
    what a joke...
    if they are unnessasary why they let those drugs to the country..
    just ban them
    then no one can prescribe. Isnt it.
    there r big deals above the level of doctors.
    in the level of policy makers.
    No one speaks about that real issue..
    Thats why it

    ReplyDelete
  13. යහළුවෙක් මට මේ ලිපිය ගැන කියපු නිසා හොයාගෙන බැළුවේ. පැරකුම් ජයසිංහ නැමැති මෙය ලියන තැනැත්ත,

    මම පරම්පරාවෙන්ම තරමක පොහොසත් පවුලක උපන් අයකු වන අතර ඉගෙනීම මැනවින් හමාර කොට වෛද්‍ය වෘත්තියට පිවිසියෙක්මි. මගේ බිරින්දෑවෝද වෛද්‍යවරියක් වන අතර ඇය දුප්පත් පවුල් පසුබිමකින් පැමිණි තැනැත්තියකි. අප දෙදෙනාගේ වැඩිමහළු දියණියද මේ වන විට වෛද්‍ය විද්‍යාලයේ උගෙනුම ලබමින් සිටියි. බාල පුතණුවන්ද වෛද්‍ය වෘත්තිය වෙනුවෙන් අරමුණු කරගත් උසස් අධ්‍යාපනයෙහි නිරතව සිටියි. සරලවම කිවහොත් අප වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම වෛද්‍ය පවුලක් වෙමු.

    වෛද්‍ය වෘත්තීයට පිවිසි දා සිට මේ දක්වාම මා පෞද්ගලික වෛද්‍ය සේවයේ මුදලට නිරත වී නැත. අත්දැකීම් ලබා ගැනීමත් සේවයක් ලෙසත් සලකා ආරම්භක අවදියේ සතියකට පැය කිහිපයක් රාජකාරියෙන් බැහැරව හිතවතකුගේ සේවා ස්ථානයක ස්වේච්ඡාවෙන් සේවය කර ඇත්තෙමි. එයින් පසුව මේ දක්වාම එවැනි ආකාරයකින් හෝ කටයුතු කර නැත. කිසිම දාකවත් ඖෂධ සමාගම් හෝ ඔවුන්ගේ නියෝජිතයකු තබා කිසිදු ඖෂධ හලක් සමඟවත් ගනුදෙනු තබාගෙනද නැත. ඒ මාගේ තත්වයයි.

    බිරින්දෑගේ තත්වය තරමක් වෙනස් වන්නේ විවාහ වනතුරු ඇගේ ආර්ථීක අවශ්‍යතා පිරිමසා ගැනීම සදහා පෞද්ගලික සේවයෙහි යෙදී ඇතත් විවාහයේ සිට මේ දක්වාම ඇයත් මා අනුගමනය කරන්නියකි. මා දැනුවත්ව ඇයද දැන් වසර විසි පහකින්වත් පෞද්ගලික සේවාවෙහි නැතහොත් පොල් කැඩීමෙහි යෙදී නැත.

    අපගේ දියණියට හෝ පුතණුවන්ටත් අපගේ ආභාෂය නිසාත් ඔවුනගේම අදහස් අනුවත් පෞද්ගලික සේවාව ගැන උනන්දුවක් මේ තාක් ඇති වී නැත. එසේම ඔවුනගේ ආර්ථීක තත්වය වූවද දෙමාපියන් වශයෙන් අප විසින් අපහට හැකි තරම් සුරක්ෂිත කොට දී ඇත. අනාගතය ගැන සියයට සියයක් අනාවැකි කීමට නොහැකි වූවද ඔවුන් දෙදෙනාද මුදල් පසුපස හඹායන්නන් නොවනු ඇතැයි විශ්වාස කල හැකිය.

    මේ දීර්ඝ විස්තරය ලීවේ වෙන කිසිවක් නිසා නොවේ. ඔබ විසින් අප වැන්නවුන් දැක නැති බව මෙම ලිපිය කියවූ පසුව මා හට අවබෝධ වූ නිසාය. මෙය මා හට දැන්වූ හිතවතාද මෙම ලිපිය සම්බන්ධව කලකිරීමෙන් යුතුව මා හට මෙය දැනුම් දෙන ලද්දේත් ඔහුත් අප වැනිම අයකු වන නිසාය. අප කිහිප දෙනා පමණක් නොව මා දන්නා තව බොහෝ වෛද්‍යවරුන් එසේ වූ ජීවිත ගෙවති. ඒ කිසිවකුත් කිසිදු සිත් තැවුලකින් තොරව ඉතා ප්‍රීතියෙන් මෙසේ කටයුතු කරද්දි මෙවැනි වැඩිදුර කරුණු සොයා බැලීමකින් හෝ තමා කතා කරන දෙයට අදාලව හරි හැටි කරුණු නොදැන, ඔහේ ආවට ගියාට මොනවා හෝ ලියන මට්ටමේ අයගේ මෙවැනි ලිපි නිසා නම් අපගේ සිත් රිදෙනා බව කිව යුතුය. එහෙයින් මෙවැනි අගතිගාමී වාර්ථාකරනයෙන් මිදී ලෝකය දෙසත් එහි වෙසෙන මිනිසුන් දෙසත් සුභවාදී ආකල්පයකින් බැලීමට සිත යොමු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මෙලොව මෙන්ම පරලොවක්ද ඇතැයි සිතා කටයුතු කිරීම ඔබ අප සියළු දෙනාටම වැඩ දායක වනු මිස අවැඩදායක නොවේ. ස්තූතියි.
    - එපිටමුල්ල C.M.J.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.