2015-04-05

71 කැරැලිකරුවන් අද කළ යුත්තේ කුමක් ද? සරත් ප්‍රනාන්දු සහෝදරයා සිහිපත් කරමින්

ඡායාරූපය: විකල්ප
අද අප්‍රේල් 5දා ය. 1971 අප්‍රේල් කැරැල්ල සමරන දවසයි. උදෙන් නැගිට්ටේ මේ දිනවල මා පරිවර්තනය කරමින් සිටින සරත් ප්‍රනාන්දුගේ ජීවිත කතාවේ අවසන් හරිය අවසන් කරන්නට ය.

සරත් ඉංග්‍රීසියෙන් ලියූ පොත ඊයේ නව නගර ශාලාවේදී එළි දක්වන ලදී. පොතේ දොරට වැඩුම දකින්නට ඔහු ජීවත් වූයේ නැත.

එහිදී මා කළ කතාවේදී මම ඔහුට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කළෙමි. අලියාට තම පුංචි ඇසින් තම විශාලත්වය නො පෙනෙන්නා සේ සරත් ප්‍රනාන්දු තම ස්වයං ලිඛිත චරිතාපදානය පිටු කීපයකට සීමා කර ඇත. ඔහු පිළිබඳ අප දන්නා බොහෝ දේ ද ඔහුගේ චරිතාපදානයේ නැත. සමාජ සාධාරණත්වය වෙනුවෙන් මුළු ජීවිත කාලය පුරා ම සටන් කළ සරත් ප්‍රනාන්දු සිය ජීවිත කතාව ලියූ ආකාරයෙන් සමාජයට බරපතල අසාධාරණයක් කර ඇති බව මගේ අදහසයි.

ඉංජිනේරු උපාධිය අතහැර දමා කැරැලිකරුවකු වී, පසුව සමාජ ක්‍රියාකාරිකයකු ලෙස රට පුරාත්, ලොව පුරාත් සැරිසරමින්, ජනතාව සමග සංවාදගත වෙමින්, දැක්ම නිර්මානය කරන්නකු ලෙස ඔහු රැඟූ විශිෂ්ට භූමිකාවේ ඓතිහාසික උරුමය ඔහුගේ පොතෙන් සමාජයට ලැබෙන්නේ අඩුවෙනි.

71 කැරැලිකරුවන් වී, ඉන් පසු සමාජ ක්‍රියාකාරිකයන් ලෙස සුවිසල් වැඩකොටසක් කළ, දැන් ජීවිතයේ සැඳෑ සමය ගත කරන සහෝදරයින් දැන් සිය ජීවිත කතා ලියා තබනවා නම් හොඳ යයි අද මහනුවරදී හමු වන 71 සංසදයේ සහෝදරයන්ට මම යෝජනා කරමි. එහෙත්, ලංකාවේ සාමාන්‍යයෙන් සිදු වන්නා සේ තමන්ගේ පොත් තමන්ට ඕනෑ විධියට ලියනවා වෙනුවට සංස්කාරකවරයකු සමග එක් වී ඒ කටයුත්ත කළ යුතු බව මම අවධාරණය කරමි. ඒ වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සංස්කාරක භූමිකාව ඉටු කිරීමට මම කැමැත්තෙමි. සරත් ප්‍රනාන්දු සංස්කාරකවරයකු සමග වැඩ කළා නම් ඔහුගේ ‍ජීවිත කතාව මීට වඩා වෙනස් වන්නට තිබිණි. එහෙත් දැන් නිකුත් වී තිබෙන කතාව ඔහුගේ අව්‍යාජ ප්‍රකාශනයක් ලෙස විශිෂ්ට ය.

අද ජීවත් වන මා නිර්මානය කරන්නට සරත් ප්‍රනාන්දු සමග පැවති ඇසුර හා ඔහු සමග නියැලුණ සංවාදය අතිශය වැදගත් වූ බව මම සිතමි. සරත් ප්‍රනාන්දු සොබාදහම සැලකුවේ දෙවියන් පෙනී සිටින අවතාරයක් ලෙස බව ඔහුගේ පැරණි ම මිතුරකු වූ වෛද්‍ය රාජා විජේතුංග පැවසී ය. සරත් ප්‍රනාන්දු පල්ලි නො ගිය ක්‍රිස්තියානි බැතිමතෙකි. වනපොත් නො කළ මාක්ස්වාදියෙකි. සටන අතහැර නො ගිය අරගලකරුවෙකි.

සංවර්ධනය පිළිබඳ ධනේශ්වර සංකල්පය ප්‍රශ්න කරමින්, සමාජවාදී විකල්පය ගැන සංවාදය පෝෂණය කළ, කම්කරුවන්ගේ - ගොවීන්ගේ - ධීවරයන්ගේ අරගල වෙනුවෙන් දිවි කැප කළ සරත් ප්‍රනාන්දු  නම් සිහින දකින්නා හෙවත් සිහින සැබෑ කරගන්නට දැක්ම තනන්නා සමග 71 කැරැල්ල සිහිපත් කරමි. පහත පළ වන්නේ ඔහු ලියූ ජීවිත කතාවෙන් පරිවර්තනය කරන ලද, සංස්කරණය නො කළ උපුටා ගැනීමකි. එහි ලියැවෙන්නේ අපේ පරම්පරාවේ අය හෙවත් 89 කැරැල්ලේ කැරැලිකරුවෝ සරත් ප්‍රනාන්දුලාට පහර දුන් හැටි ය.

දේවසරණට එරෙහි ජවිපෙ ප්‍රහාරය හා ආයුධ නැතිව ස්වයං ආරක්ෂාව සලස්වා ගැනීම

දේවසරණට ජවිපෙ ප්‍රහාරයක් එල්ල වන්නට තිබුණු අවදානම හමුවේ බරපතල තීරණයක් ගන්නට සිදු වුණා. ජවිපෙ / දේශප්‍රේමී ජනතා ව්‍යාපාර ඝාතන, ප්‍රහාර හා ඒ වන විට සිදු වෙමින් පැවති පැහැරගැනීම් නො තකා හැරිය නො හැකි වුණා. දේවසරණ ජවිපෙ ප්‍රහාරක ඉලක්ක ලැයිස්තුවේ ඉහළින් ම තිබුණු තැනක්. ජවිපෙ 1983දී තහනම් කරන්නට පෙර පටන් ම යොහාන් දේවානන්ද පියතුමා සතුරකු ලෙස සැලකුණා. දේවසරණේ ප්‍රධාන භූමිකාවන් කළ මා ඇතුළු බොහෝ දෙනෙක් ජවිපෙ හැර ගොස් ජනතා සංගමයේ ක්‍රියාකාරීව සිටි අයයි. ජවිපෙ හිතවතුන් ලෙස සැක කිරීම නිසා ආරක්ෂක අංශවල තර්ජනයට ලක් වී සිටි අය හා ජවිපෙන් තර්ජනයට ලක් වූ ප්‍රජා නායකයෝ රැසක් දේවසරණේ රැකවරණ පැතුවා. දේවසරණට විකල්ප දෙකක් තිබුණා. එක්කෝ ආයතනය වසා දැමිය යුතු වුණා. නැතිනම් සරණාගත කඳවුරක් ලෙස හෝ ආරක්ෂාව සලසා ගත යුතු වුණා. එහි සංවර්ධන කටයුතු කරගෙන යාම ගැන කතා කරන්නට දෙයක් තිබුණේ නැහැ. ඒ වන විට රටම තිබුණේ අරාජික තත්වයකයි.

උණුසුම් වාද විවාද රැසකට පසුව අප තීරණය කළේ හැකි තරමින් ආරක්ෂාව සලස්වාගෙන ‍දේවසරණේ ම රැඳී සිටීමටයි. එහි හොඳ නරක පැති අධ්‍යයනය කරමින් මා ද මෙම තීරණය ගන්නට පසුබෑවා. එහෙත් පසුව බහුතර තීරණයට හිස නැමුවා. දෙපැත්තේ ම ඝාතන හෙළා දුටු අපි අනතුරට පත් වූ නිරායුධ පුද්ගලයන්ට දේවසරණේ රැකවරණ සපයන බව නිවේදනය කළා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රජා නායකයෝ පවුල් පිටින් දේවසරණට පැමිණියා. මේ අය විවිධ දේශපාලන අදහස් දැරූ අතර ඇතැමෙක් ජවිපෙ මර්දනයට ද තවත් ඇතැමෙක් ආරක්ෂක හමුදා මර්දනයට ද මුහුණ දී සිටියා. මොවුන් එකිනෙකා විශ්වාස කළේ නැහැ. කෙසේ වෙතත් කුඩා ළමයින් ඇතුළුව පවුල් 16කට අයත් 150ච පමණ පිරිසක් දේවසරණේ සරණාගත රැකවරණය ලැබුවා. එම පිරිස කණ්ඩායම් කීපයකට බෙදූ අපි දේවසරණට ප්‍රහාරයක් එල්ල විය හැකි ආකාරය පරිකල්පනය කරන්නට යොමු කළා. එවැනි ප්‍රහාරයකදී ආරක්ෂා විය හැකි ආකාරය ගැන යෝජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව, එදා දවස අවසානයේදී අපි සවිස්තර ආරක්ෂක සැලැස්මක් සැකසුවා. සියලු ශක්තිමත් වැඩිහිටියන්ට ආරක්ෂාව හා කඳවුර පවත්වාගෙන යාම සම්බන්ධ වගකීම් පැවරුණා. ඇතැමෙකුට පැවරුණේ ප්‍රහාරයකදී දරුවන් ආරක්ෂා කර ගැනීම හා තුවාලකරුවන් පිළිබඳ වගබලා ගැනීමයි. ඉදිරිපස උස යකඩ ගේට්ටුවක් සමග අඩි අටක් උස කටු කම්බි වැටක් දේවසරණ සංවර්ධන කේන්ද්‍රය වටා ඉදි කෙරුණා. වැට දිගට ආරක්ෂක අටලු අටක් ද ඉදි කළා. වැට දිගට විදුලි පහන් සවි කළ අතර අවදානමකදී නාද වීම සඳහා අනතුරු ඇඟවීමේ සීනු ද සවි කළා. සතියේ දින හත පුරා ම, පැය 24 පුරා ම මෙම මුර අටලුවල මුර කිරීම් පැය දෙකෙන් දෙකට මාරුවෙන් මාරුවට සිදු වුණා. මධ්‍යම අණ දෙන මූලයකින් එය සම්බන්ධීකරණය කළා. පිටතට පණිවුඩ ගෙන යාම සම්බන්ධීකරණය කළේ එතැනිනුයි. වැරදි අනතුරු ඇඟවීම් හා නොමග යැවීම් ගැනත් විමසිලිමත් විය යුතු වුණා. ඇතැමෙකුට මේ ආරක්ෂක වැඩපිළිවෙල අත්හදා බලන්නට ඕනෑ වුණත් එම අදහස ප්‍රතික්ෂේප වුණා. එමගින් ළමයින් බියට පත් විය හැකි වුණා. එසේම සැබෑ ප්‍රහාරයක් පවා එවැනි අත්හදාබැලීමක් ලෙස සලකන්නට තිබුණු ඉඩ ද සලකා බැලුණා.

එය අමුතු අත්දැකීමක්. ගැහැනු, පිරිමි, ළමයින්, වැඩිහිටියන් ඇතුළු සියයකට අධික, අනතුරට පත් පිරිසක් නිවෙස් නො වූ ශාලා කීපයක ගොනු වී සිටියා. ඇත්තෙන් ම ඔවුන් ජීවත් වුණේ සාකච්ඡා ශාලා දෙකක, කුඩා නිවෙස් තුනක, කාර්යාල කාමර තුනක හා නවාතැනකයි. අපගේ ආධාරකරුවන් විසින් කරන ලද පරිත්‍යාග නිසා අපට ඇති තරම් කෑම බීම තිබුණා. අවම සෞඛ්‍යාරක්ෂාව ද තිබුණා. ඉවුම් පිහුම්, මුර කිරීම් හා ස්ථානය පවිත්‍රව පවත්වාගෙන යාම හැර වෙනත් සැලකිය යුතු වැඩක් අපට තිබුණේ නැහැ. මේ තදබද වූ කඳවුරේ සමේ රෝගයක් පවා වේගයෙන් පැතිර යාමේ අවදානම තිබුණා. වැඩි කාලයක් ගෙවුණේ සාකච්ඡා සඳහායි. එය ඉවසීම හා දරාගැනීම ප්‍රගුණ කළ සමයක් වුණා. මෙම අත්දැකීම ලැබූ අප සැවොම ශක්තිමත් වූ බවයි මගේ අදහස. 

1989 වසරේ පොසොන් පෝ දිනට දින දෙකකට පෙර සුවිසල් පොලිස් හා හමුදා බලඇණියක් දේවසරණ වට කර එහි අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කළා. ඔවුන් සෙව්වේ සැඟවූ අවි ආයුධ තිබේ ද කියායි. ජවිපෙ / දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය පන්නල හමුදා කඳවුරට පහර දී පැහැරගෙන ආ අවි එහි සඟවා ඇතැයි ඔවුන් සැක කළ බව පසුව අපට දැනගන්නට ලැබුණා. පැහැර ගත් ආයුධ මාතලේට රැගෙන යන අතරමග දේවසරණේ සඟවා තබන්නට සැලැස්මක් තිබුණු බව දැනගන්නට ලැබුණා.

අපේ තරුණ ක්‍රියාකාරිකයකු බඩගමුව රක්ෂිතය වෙත බලෙන් රැගෙන ගිය හමුදාව අප සතු ආයුධ ගැන ඔහුගෙන් දැඩිව ප්‍රශ්න කළා. ඔහුගේ කටට රිවෝල්වරයක් ඔබා තර්ජනය කළත්, අප සතුව ආයුධ නැති බව හැර කියන්නට අන් යමක් ඔහුට තිබුණේ නැහැ. මේ පරීක්ෂාවේදී කිසිවක් හමු නො වුණ නිසා අපට හොඳ සහතිකයක් ලැබුණා. එහෙත්, අප නිරායුධ බව ‍මේ වැටලීමෙන් පසු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය දැනගත්තා. ඒ වන විටත් ඔවුන් විසින් නිකුත් කර තිබුණු පත්‍රිකාවක දේවසරණ හැඳින්වුණේ විනාශ කළ ද්‍රෝහී ස්ථානයක් ලෙසයි.

පොසොන් පෝය දවසේ වෙනදා වගේ ම අනුරාධපුරය බලා යන බැතිමතුන් වෙනුවෙන් යකල්ල හන්දියේ දන්සැලක් පැවැත්වුණා. ට්‍රේල් වර්ගයේ යතුරුපැදිවලින් දන්සලට පැමිණි ආගන්තුක තරුණයන් දෙදෙනෙක් දේවසරණ ගැන වටින් ගොඩින් විමසූ බව දන්සැලේ සංවිධායකයෝ අපට පැවසුවා. පොසොන් පෝ දිනට පසු දින මැදියම් රැයේ අසල ගමේ වෙඩි හඬක් හා බල්ලන්ගේ බිරුම් අපේ මුරකරුවන්ට ඇසුණා. බඩ ගාගෙන මිනිසුන් දෙදෙනෙක් පැමිණෙන ආකාරයත් තවත් අය වැටේ කම්බි කපා ඇතුළු වන්නට උත්සාහ කරන ආකාරයත් දුටු එක් මුර අටල්ලක සිටි මුරකරුවෝ අනතුරු ඇඟවීමේ සීනුව නාද කළා. වෙඩි කීපයක් තැබූ ප්‍රහාරකයෝ පළා ගියා. ඔවුන් විසින් අතහැර දමා ගොස් තිබුණු ආයුධ තොගය අප දුටුවේ පසුදින උදෑසනයි. ඒ අතර කඩු හා පිහි හය හතක්, පෙට්‍රල් බෝම්බ හා කටු කම්බි කපන අඬු තිබුණා. ඇතැම් පිහිවල ඒ වන විටත් ලේ සලකුණු තිබුණා.

අප උදේ අවදි වූ පසු පුරුද්දක් ලෙස ගී ගයා දවස ආරම්භ කළා. ඒ ගී අතරින් වැඩි හරියක් 71 කැරැල්ලේ විමුක්ති ගීතයි. දවල් වන විට ලොරි දෙකකින් එහි පැමිණි පොලිසිය හා හමුදාව සියල්ල පරීක්ෂා කළා. අපගේ ආරක්ෂක විධිවිධාන ගැන සොයා බැලූ ඔවුන් පැවසුවේ ඒවා බොහෝ පොලිස් ස්ථානවලට වඩා හොඳ බවයි. මෙම සිද්ධියෙන් පසුව ආරක්ෂක අංශ අපව සැක කළේ නැති බවයි මට සිතෙන්නේ.


ඉන්පසු පළාත් සභා මන්ත්‍රීවරුන් අටදෙනෙකුත් ඔවුන්ගේ සන්නද්ධ ආරක්ෂාව සමග දේවසරණේ රැකවරණය පතා පැමිණියා. ඔවුන්ගෙන් වැඩි පිරිස කුරුණෑගල අයයි. පොළොන්නරුවේ, හම්බන්තොට හා බදුල්ලේ මන්ත්‍රීවරුනුත් සිටියා.  මේ සෑම පළාත් සභා මන්ත්‍රීවරයකුට ම රිවෝල්වරය බැගින් හා රිපීටර් තුවක්කු ගත් ආරක්ෂකයන් දෙදෙනා බැගින් සිටියා. දැන් අපට නිල ආරක්ෂාවක් තිබුණත්, එහි නරක පැත්තක් ද තිබුණා. මේ ඇතැම් ආරක්ෂකයන් ප්‍රහාරය ආරක්ෂාවට හොඳම මග යයි සිතූ අපේ ඇතැම් සහෝදරයින්ගේ ද අනුදැනුම ඇතිව සතුරන් හඹා ගියා. එක් කණ්ඩායමක් සිගරට් ලබා ගැනීම සඳහා කුඩා කඩයක් මංකොල්ල කද්දී අසු වුණා. ඒ නිසා පළාත් සභා මන්ත්‍රීවරුන්ට සිය ආරක්ෂකයන් සමග වෙනත් තැන් බලා යන්නැයි ඉල්ලා සිටින්නට අපට සිදු වුණා. ඔවුන් එයට එකඟව පිට වී ගියත් අප අතර අමනාපයක් ඇති වුණේ නැහැ. මෙසේ අප සමග සිටි එක් පළාත් සභා මන්ත්‍රීවරයෙක් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කැබිනට් ඇමතිවරයකු වුණා. ජවිපෙ / දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අවදානමට ලක් වූ පිරිස් එකතු වී මෙවැනි කඳවුරු රට පුරා ම පිහිටුවා ගත් අතර ඒවා හැඳින්වුණේ දේවසරණ මුලපිරුම ලෙසයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

12 comments:

  1. විමුක්තිවාදියා බිල්ලා තෙක් පරිනාමය වන්නේ ජවිපෙ සාමාජිකෙයෙක් වූ කල ය....

    ReplyDelete
  2. පැරකුම් ඇතුළු සහෝදරයන් විසින් පැහැරගත් මගේ ID කාඩ් එක මට ආපසු ලබා දියව් !!! :D

    ReplyDelete
    Replies
    1. ජීවිත නං ආයේ ගන්න බෑ තමයි .. බැරි දේවල් මොකට ඉල්ලනවද ?
      මං බැලුවේ පැරාගේ ලාචුවක වත් නතෑ මගේ ID එක. ඒකවත් ඉල්ලගන්න තමා මයේ සටන.

      දියව් දියව් .. වහා දියව්.!!!

      Delete
  3. හොල්මන් වලට බය දිවයින පාඨකයෙක්.April 5, 2015 at 10:27 AM

    ලංකාවේ දාර්ශනිකයෝ අද කලයුත්තේ කුමක් ද?

    1.දාර්ශනික ගමරාලලා තමතමන්ට හැකි පමන වට්ටිඅම්මලාගේ පුකවල් අතගෑම.
    2.දාර්ශනික ගමරාලලාගේ පුකට හානී නොවන ලෙස වට්ටිඅම්මලාගේ පුකවල් අතගෑම පිලිබදව වඩාත් නිවැරදි න්‍යායක් සකස් කිරීම හෝ එය පේටන්ට් සහිතව ආනයනය කිරීම.
    3.වට්ටිඅම්මලාගේ මාර්ගයෙන් දාර්ශනික ගමරාලලාට නිවන් අවබෝද කරගැනීම පහසුකරගැනීමට අදාලව දාර්ශනික කාලසටහනක් සකස්කර එය රටේ ප්‍රමුඛ බුද්ධිසංවාදය බවට පත්කිරීම.

    සැයු.
    සැබෑ ගමරාලලා හා වට්ටිඅම්මලාගේ ශ්‍රමයට මාගේ ගරුත්වය.

    ReplyDelete
  4. http://nelumyaya.com/2015/04/71-%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%AF-%E0%B6%9A%E0%B7%85-%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD/

    ReplyDelete
  5. පැරා,

    1971 තරුණ නැගිටීම සිදුවුයේ ඇයි.

    මුලික කාරණාව රැකියා ප්‍රශ්නය.

    රැකියා ප්‍රශ්නය ඇතිවීමට හේතුවුයේ කුමක්ද?

    1948 ආසියාවේ හොදම පරිපාලන ක්‍රමය පැවති අපරට 1949 කාලයේදී අයවැය අතිරික්තයක් පැවතුන.
    ඉන්පසු සිදුඋනේ මොකද්ද ? වාමන්සික වියාපාරය විසින් සහනාදාර ලබාදීමට පත්වන සෑම රජයකටම බලපෑම් කිරීමයි.
    සිදුවුනේ අයවැයේ තිබුන අතිරික්තය සහනාදාර වලට වැයකිරීමෙන් ආයෝජනය අවම වීමයි.

    මෙනිසා අවශ්‍ය ප්‍රමාණයට රැකියා නැතිවීම පමණක් නෙමෙයි බණ්ඩාරනායකගේ
    සිංහල පමණක් සටන්පාටය නිසා වසර 30 ක යුද්දයකුත් අන්තර්ජාතික බශාවක් වන ඉංග්‍රීසි බෂාවෙන් පලවෙන කිසිවක් සිංහලයට නිසිවේලාවට පරිවර්තනය නොවීමෙන් තාක්ෂණික දැනුමත් නොලබියමයි සිදුවුනේ.

    http://dbsjeyaraj.com/dbsj/archives/40028

    ලී කවන් යු ශ්‍රී ලංකාව ගැන කියන
    "At the university in Kandy I had asked the Vice-Chancellor how three different engineers educated in three languages collaborated in building one bridge. He was a Burgher, and wore a Cambridge University tie so that I would recognize he had a proper PhD. He replied, “That Sir is a political question for the ministers to answer.” I asked about the books. He replied that basic textbooks were translated from English into Sinhala and Tamil, always three to four editions late by the time they were printed."

    මෙපිලිබද කදිම නිදසුනකි.

    තව මුලික ප්‍රශ්නයක් නම් වාමන්සිකයෝ රජය පිළිබද මුලිකව විශ්වාසය තබයි.
    මෙහි මුලිකම ප්‍රශ්නය රජයක් යනු අනුන්ගේ මුදල් පරිහරණය කරන පුද්ගලයන්ගෙන් සමන්විත ආයතන සමුහයකි (සාමාන්‍ය මනුස්ස ගතිය නම් තමන්ගේ මුදල් වියදම් කිරීමට දක්වන පරිස්සම අනුන්ගේ මුදල් වියදම්කිරිමේදී නැති බවයි )

    මෙහිදී අකණ්ඩව රට දිලිදු වීමයි සිදුවන්නේ.

    තව මුලික කරුණක් නම් වාමන්ශිකයන් බලය ලබාගැනීමට යොදාගන්නේ කිසියම් දෙයක් කඩා බිද දැමීමෙනුයි ඔවුන් කිසිකලෙක යමක් ගොඩනගා බලය ලබාගැනීමට උත්සහ නොකරයි.

    බලය ලබාගත් බොහො අවස්තවල ලෝකයේ සිදුවී ඇත්තේ රට තිබුනට වඩා දිලිදු වීමයි.

    පුරවැසියන් ලෙස අප සැමවිටම නිදහස් වෙළදාම ප්‍රවර්දනය කලයුතු වන අතර සහනාදාර මත යැපීම හැකිතාක් අවමකල යුතුයි, රට පෙරට යාමටනම්.

    ReplyDelete
    Replies
    1. In summary ... Para and the clan fucked up the country and continue to do so ....

      Delete
    2. ජෙප්පො ආවනම් මේ "කෙටි කතාව" සත්ය කතාවක්ම වෙන්නත් තිබ්බ.

      http://yakaageadaviya.blogspot.com/2015/04/1971_61.html

      Delete
  6. 71 කැරලිකරුවන් අද කළ යුත්තේ තමාගේ සියළු ඇඳුම් උනා තබා පැරාලාගේ යහපාලනය වෙනුවෙන් කඩේ යාමයි. ඉල්ලීම් තිබේ නම් සටන් නොකොට නිති ගරුකව මේ ආණ්ඩුව සමග සාකච්ඡා කොට ලබා ගත යුතුය(කුමාර්ගේ ප්‍රශ්නයට පැරාගේ විසඳුම). මොකද මේ ආණ්ඩුව වනාහි මින් පෙර කිසි කලෙක පහල නොවූ වර්ගයේ ආණ්ඩුවකි. යම් දිනෙක මේ ආණ්ඩුව එපා වුණොත්( දැනටම ටික ටික වෙමින් තිබේ) ඊළඟට කඩේ යා යුත්තේ කාටද යන්න පැරාලා කියා දෙනු ඇත. එමෙන්ම ඊට අවශ්‍ය සියළු න්‍යායන් මේ බ්ලොගයෙන් ලබා ගත යුතුය

    ReplyDelete
  7. පැරා ඇයි මේ කමෙන්ට් කපලා? සරත් ප්‍රනාන්දුගේ නිරුවත දැකලා බය වුණාද?

    ReplyDelete
  8. "පරිවර්තකගේ සටහන් " අවශ්‍ය සියළු තැන් හිදී සපයමින් ඌන පූරණය කළ සිංහල කෘතියක් ඔබට කළ හැකියි. දිරි....!!!

    ReplyDelete
  9. "පරිවර්තකගේ සටහන් " අවශ්‍ය සියළු තැන් හිදී සපයමින් ඌන පූරණය කළ සිංහල කෘතියක් ඔබට කළ හැකියි. දිරි....!!!

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.