2015-04-26

ඇමතිට කාර් - ගෝලයින්ට බාර් - අපට සූර් Commenting on A&K Lit Fest

බ්ලොගිං ගැන සාකච්ඡා සභාව - අජිත්, යශෝධා, අබ්දූල් හලික්, නාලක (ඔහුගේ කදිම මැදහත්කරණය සමග) Panel on blogging - Ajith Yashodha, Abdul Halik and Nalaka (with his excellent moderation)
මේ ලිපිය සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන් ම ලිවිය යුතුයි කියලා හිතුණා. I thought of writing this piece in both Sinhala and English languages. 

ඊයේ පැවති අන්නාසි හා කඩලගොටු සාහිත්‍ය උළෙල ගැන යමක් කතා කළ යුතුයි. I think we must speak about the Annasi and Kadalagotu Literary Festival.

ලංකාවේ පැවැත්වෙන ගාලු සාහිත්‍ය උළෙල නම් ජාත්‍යන්තර කීර්තියක් ඇති සාහිත්‍ය උළෙල ගැන මම අහලා තිබෙනවා. ඒත්, එයට සහභාගි වෙලා නැහැ. අප වැනි අයට ඇත්තෙන් ම එවැනි අවස්ථාවලට ආරාධනා ලැබෙන්නේත් නැහැ. ලයිට්හවුස් හෝටලය වැනි තැන්වල පැවැත්වෙන එහි යන්නට අපට සල්ලි ඇත්තේත් නැහැ. I have heard of the internationally acclaimed Galle Literary Festival held in Galle but I have never participated in it. People like us are not invited to them and we have no money to go into such events held in venues like Lighthouse Hotel.

අන්නාසි හා කඩලගොටු සාහිත්‍ය උළෙල මම හිතන විධියට ගාලු සාහිත්‍ය උළෙලේ තිබෙන මේ ඉහළපෙළේ තත්වයේ ප්‍රතිපාර්ශ්වය. I think A &K Lit Fest is the opposition of the highhandedness of the Galle Literary Festival. 

අන්නාසි, කඩලගොටු වැනි වීදි ආහාරවලින් සංකේතවත් වුණේ මං හිතන විධියට මහපොළවේ සාහිත්‍ය භාවිතය. I think street food like pineapple and paper gram cones symbolized the down to earth literary practice. 

අපි වගේ බ්ලොගර්ලාට එතැන සාකච්ඡා මණ්ඩපයක් හැදුනේ එ් නිසා වෙන්න ඇති. That can be the reason for the bloggers like us were given a panel there. 

බ්ලොග් කියන්නේ සාහිත්‍යය ද කියා මතු කරන ලද ප්‍රශ්නයේදී මගේ කටට ආපු පිළිතුර මම මෙතන නැවත ලියනවා. සාහිත්‍යය කියන්නේ අන්තර්ගතය මිසක් එය පළ කරන මාධ්‍යය නෙවෙයි. මගේ උදාහරණය වුණේ ත්‍රිරෝද රියක පිටුපස මා දුටු නිර්මානශීලී ප්‍රකාශයක්. When the question 'Is blogging literature?' was highlighted in the discussion I pointed out literature is not the medium of publication but the content. My example was a creative expression I saw in the back side of a trishaw umbrella. 

ඇමතිට කාර්
ගෝලයින්ට බාර් 
අපට සූර්

Cars for Ministers, bars for cohorts and intoxication for us

මෙය හයිකු වැනි ස්වරූපයක කෙටි කවියක් නොවේ යයි තර්ක කරන්නේ කෙසේ ද? How do you argue if this is not a short poem like Haiku. 

නූතන සාහිත්‍යයේ රස්තියාදුකාරයන් වන බ්ලොගර්ලා ගැනත් කියන්නට තිබෙන්නේ එය ම ය. ඔබ කැමති වුණත්, නැති වුණත්, අපි සාහිත්‍යයක් නිර්මානය කරමින් සිටිමු. මා එහිදී කී පරිදි ම, අඩු තරමේ අපි කඩදාසි නාස්ති නො කර, වනාන්තර විනාශ කරන්නේ නැතිව අපේ හැඟීම් ප්‍රකාශ කරන්නෙමු. I have to say the same about the bloggers who are the vagabonds of modern literature. You may be shy to accept us but we are creating literature. As I mentioned there, at least, we do not waste paper and destroy jungles to express our feelings. 

ලංකාවේ සාහිත්‍ය ලෝක තුනක් තිබෙනවා. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි වශයෙන්. එහෙත්, මෙතන වෙනස නිර්මානය වන්නේ භාෂා පදනමින් ම නෙමෙයි. විශේෂයෙන් ම සිංහල සාහිත්‍ය ලෝකය පුළුල්ව ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍යය ඇසුරු කරනවා. There are three literary worlds in this small island as Sinhala, Tamil and English but the difference is not based on language. Sinhala literary world associates English language and literature immensely. 

ඒ වුණාට මේ ලෝක තුන ආලෝක වර්ෂ ගණනාවකින් දුරස්ථයි. But these worlds are light years apart. 

ලංකාවේ සාහිත්‍යය ලෝකයට ගෙන ගිහින් ලෝක සාහිත්‍යයට ලංකාවේ දොරටු ඇර දුන්නේ ඉංග්‍රීසි ලේඛකයන් බව ඇත්ත. ඒත් ලෝක මට්ටමට වැඩිපුර කිට්ටු ගුණාත්මක සාහිත්‍ය නිර්මාන වැඩියෙන් බිහි වුණේ සිංහල සාහිත්‍යයේයි. It is true that the English writers of Sri Lankan origin were the people who took Sri Lankan literature to the world and they opened the gates of world literature to Sri Lanka. But actually, literature closer to international standards has been produced more in Sinhala literature. 

අවාසනාවකට වගේ අන්නාසි හා කඩලගොටු සාහිත්‍ය උළෙලේදී ලංකාවේ ඉංග්‍රීසි සාහිත්‍ය ලෝකය සමග කළ සීමිත ඇසුරේදීත් මා නිවැරදි බව තමයි පෙනුණේ. Unfortunately, the limited association of the English literary world of Sri Lanka at the A&K Lit Fest too proved me right. 

විෂ්ණු වාසුගේ බටර්ෆ්ලයි කෙටි චිත්‍රපටය ගැන අරුණ් ඩයස් බණ්ඩාරනායක කළ මහ ඉහළ ඇගයීම වැනි එකක් සිංහල සාහිත්‍ය ලෝකයේ වුණා නම් එය බාල වර්ගයේ පිට කැසීමක් ලෙසයි හැඳින්වෙන්නේ. Likes of Arun Dias Bandaranaike's pompous review on  Vishnu Vasu's short film 'Butterfly' shown in the literary festival are considered in Sinhala literary world as very cheap back-scratching. 

සිංහල සිනමාව මෙන් ම දෙමළ සිනමාවත් තණ්හා රතී රඟා, ඉර මැදියම, ඉනි අවන්, පුරහඳ කළුවර වැනි යුද්ධය පසුබ්ම් කර ගත් විශිෂ්ට චිත්‍රපට නිර්මානය කර තිබෙනවා. Sri Lanka has created a few excellent Sinhala and Tamil films based on war. 

අන්නාසි හා කඩලගොටු සාහිත්‍ය උළෙල ගැන ප්‍රධාන ධාරාවේ සිංහල මාධ්‍යයක වාර්තා වෙනවා මම දැක්කේ නැහැ. ඒකත් හරියට ගාලු සාහිත්‍ය උළෙල වගේ ජාත්‍යන්තර සාහිත්‍ය උළෙලක් ලංකාවේ ගාල්ලේ පැවැත්වෙන බව ගාලු දිස්ත්‍රික්කයේ සාහිත්‍යකරුවෝවත් නො දන්නවා වගේ දෙයක්. I didn't see any mainstream Sinhala media had reported about the A&K Lit Fest. It is like most of the writers of Galle district are unaware of an internationally acclaimed Galle Literary Festival held in their main city. 

ඒ නිසා මෙතැන සිටිය යුතු බොහෝ දෙනෙක් එහි සිටියේ නැහැ. Therefore, many who should be there were not physically there. 

ශ්‍රී ලංකාවට ලෝක මට්ටමේ සාහිත්‍යයක් කරා යන්නට අවශ්‍ය කුසලතා මහ මුහුදක් තිබේ. නැත්තේ එයින් ඵල නෙළා ගන්නට හැකි වෘත්තිකමය හා ජාත්‍යන්තර භාෂා ධාරිතාවන් ය. Sri Lanka actually has materials for world class literature. Sinhala and Tamil literary worlds are seas of talents but  the professional and international language capacities needed to harvest them are in the level of Liza's husband Henry's bucket.    

ඉංග්‍රීසි සාහිත්‍ය ලෝකය තුළ ඒ වෘත්තිකභාවය ඇත. English literary world has that professional caliber. 

මේ ලෝක තුන එකට මුසු වෙනවා නම් විස්මයන් නිර්මානය කරන්නට පුළුවන් ය. If these three literary worlds which are now wide apart are merged, we may see wonders. 

අඩුපාඩු මගහරවාගෙන ඉදිරියට යනවා නම් අන්නාසි හා කඩලගොටු සාහිත්‍ය උළෙල මේ අරුතින් ප්‍රශංසනීය උත්සාහයකි. A&K is good effort in terms of this, if proceed mending the drawbacks. 

ඡායාරූප අනුග්‍රහය: මාලක රුද්‍රිගු
Photo credit: Malaka Rodrigo












මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

17 comments:

  1. සහභාගීවීමට නොහැකි වීම ගැන අතිශයින් කනගාටු වෙමි..

    ReplyDelete
  2. I too missed the event because of this lack of awareness, as you said. But I discussed with Bassi yesterday and got to know that it was a good platform esp. to bloggers to stamp a mark. That copyright issue came towards bloggers from printed media ppl had nothing in it. All and all, good job done by the panelists.

    ReplyDelete
  3. මෙව්වා කියන්නේ තෝරගත්ත පිරිසකට විතරයි. ඔර්ගනයිසර්ලා එක්ක තරහ එවුන්ට උන්ව විවේචනය කරන එව්වන්ට කියන්නේ නැහැ. උන් උන්ටම ප්‍රශස්ති කියාගන්නවා. උන්ගේ පුක එළියේ.

    ReplyDelete
    Replies
    1. කේන්ති යන්නෙ සාහිත්‍යයට ගොඩක් ආදරේ නිසා වෙන්න ඇති. අපේ පොඩි එකී පස්සෙ සීට් එකක දඟළනකොට ඉස්සරහ පේලියේ සිටි වයසක මහත්තයෙකුත් මාරයෙක් වගේ රැව්වා.

      Delete
    2. thamuse tharunayakda?

      Delete
    3. මම තරුණයෙක් නො වන බව මම එතනදිත් කිව්වා. ඒ වගේ ම ඔබ මෝඩයෙක් බවත් නො කියා බැහැ.

      Delete
    4. Yahapalane machang yahapalane. Anithewunta ida denne naha parage eka puliye...

      Delete
  4. හොඳ උත්සාහයක්..ඕනම කළාවක් සාහිත්‍යක් මේ වගේ දේ නිසා ලොකු උත්තේජනයක් ලබනව. වැඩේට සුභ පැතුම්..!

    පැරාගෙ ලිපියෙ ආට් එකට මම කැමතියි..!

    ReplyDelete
  5. බ්ලොග් කියන දේ නියෝජනය කරන්න තව මිනිස්සු නැද්ද..ඇයි අනිත් අයට ආරාධනා හෝ අවස්ථා නැත්තෙ...හැමදේටම යන්න ඕන‍ෙ යශෝධලාද / අජිත් පැරකුම්ද ඊට පොරවල් නැද්ද ඕයි...

    ReplyDelete
    Replies
    1. ඒක ඇහුවා කියලනේ මචන් අර ඉහල ඇනෝට මෙයා මෝඩයා කියලා තියෙන්නේ. මෙයා හරි උගතා.

      Delete
    2. ඒක ඇසිය යුත්තේ මගෙන් නොව සංවිධායකයන්ගෙනි. මම කිසිදු බ්ලොග් සංවිධානයක නිලධාරියෙක් නොවෙමි. මම නායකයෙක් නො වන අතර මට අනුගාමිකයන් ද නැත. කලින් ඇනෝ සිය මෝඩකම පෙන්නුවේ 'තමුසෙ තරුණයෙක්ද?' කියා ඇසීමෙනි. ‍බ්ලොග් යනු තරුණයන්ගේ පමණක් මාධ්‍යයකැයි සිතන්නෝ ඇත්තෙන් ම මෝඩයෝ ය.

      වැඩිහිටියන් තරුණයන්ට ඉරිසියා කිරීම තේරුම් ගත හැකි තත්වයකි. තරුණයන් වැඩිහිටියන්ට ඉරිසියා කිරීම හුදු මෝඩකම මිස වෙන කුමක් ද?

      Delete
    3. ///වැඩිහිටියන් තරුණයන්ට ඉරිසියා කිරීම තේරුම් ගත හැකි තත්වයකි. තරුණයන් වැඩිහිටියන්ට ඉරිසියා කිරීම හුදු මෝඩකම මිස වෙන කුමක් ද?///

      කලින් හිතල තිබ්බ නැති දෙයක්... හිතට වදින්න තරම් කරුණක් එතන තියෙනවා...
      නමුත් මේක සම්පුර්ණයෙන්ම ඇත්ත නෙමෙයි නේද...?
      මම වැඩිහිටියන්ට ඉරිසියා කරනවා, ඒ උන් අපට කළින් ඉපදී ලෝකයේ සුන්දරත්වය අපට වඩා විඳගෙන තිබෙන එකට සහ ඔවුන්ගේ අත්දැකීම් වලට.

      Delete
  6. නූතන සාහිත්‍යයේ රස්තියාදුකාරයන් වන බ්ලොගර්ලා ගැනත් කියන්නට තිබෙන්නේ එය ම ය.
    ඔබ කැමති වුණත්, නැති වුණත්, අපි සාහිත්‍යයක් නිර්මානය කරමින් සිටිමු.
    මා එහිදී කී පරිදි ම,
    ***අඩු තරමේ අපි කඩදාසි නාස්ති නො කර, වනාන්තර විනාශ කරන්නේ නැතිව අපේ හැඟීම් ප්‍රකාශ කරන්නෙමු.***

    හිතටම කාවැදුනි..

    ReplyDelete
  7. අගය කලයුතුම වැඩක්.

    ReplyDelete
  8. ඔබලාගේ උත්සහායට ප්‍රනාමය, කීර්ති වර්නකුලසුරිය ගේ ශයිලියෙන් ලස්සනට ලියල.

    ReplyDelete
  9. බොහෝ සිංහල පත්තර මේ ගැන උවමනාවෙන්ම නොලියා සිටියාදෝ කියා මට සිතෙනවා. මොන හේතුවකටද දන්නේ නැහැ. තමන්ගේ පාඨකයන්ට තොරතුරු දීමට වඩා අපේ සමහර සිංහල පත්‍රකලවේදීන් තම මතවාද හා එදිරිවාදුකම් පතුරුවන්න සිය ප්‍රකාශන පාවිච්චි කරනවා යයි මට සිතෙනවා.

    ReplyDelete
  10. ඒක අපූරු අත්දැකීමක්. සංවිධායක මණ්ඩලයට බෙහෙවින්ම ස්තුතියි බ්ලොග් කලාව වෙනුවෙන් සාකච්ඡා මණ්ඩපයක් නිර්මාණය කිරීම ගැන!

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.