2015-09-12

සමාජය විනයගත කිරීම පාරෙන් අරඹමු. පොලිසිය දුටු විට ලයිට් ගැසීම නවත්වමු

මාර්ග අනතුරු ත්‍රස්තවාදයට වඩා බිහිසුණු උවදුරකි. 2015 වසරේ මාර්ග අනතුරු 35,000කට වඩා සිදු වූ බව පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. එයින් මාර්ග අනතුරු 6500කට වඩා බරපතල ඒවා ය. මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 2389කි.

සැප්තැම්බර් 10 දින ජනාධිපති ආරක්ෂක අංශයේ සේවකයන් සිව්දෙනෙකුට මරු කැඳවමින් හා සයදෙනෙකුට බරපතල තුවාල සිදු කරමින් මිනුවන්ගොඩදී සිදු වී රිය අනතුරේ වීඩියෝ දර්ශන අසල සවි කර තිබූ කැමරාවක සටහන් වී තිබී ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

එම රිය අනතුරට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථය හා බස් රිය දෙක යන වාහන තුන ම ධාවනය කරන්නේ වෘත්තීය රියදුරන් විසිනි. ඩිෆෙන්ඩර් රියදුරා මාර්ග නීති තඹයකට මායිම් නො කර අධි වේගයෙන් ධාවනය කරන අතර, ඔහු විසින් ඉස්සර කරනු ලබන බසයේ රියදුරා මඳක් වේගය බාල කළා නම් හෝ ඉදිරියෙන් ආ බසයේ රියදුරා මඳක් රිය අයින් කර ගත්තා නම් මෙම අනතුර වළක්වා ගන්නට තිබිණි.

බස්, ට්‍රක් රථ, ත්‍රිරෝද රිය, ආරක්ෂක අංශයට සම්බන්ධ වාහන ආදිය පදවන වෘත්තීය රියදුරන් පවා මාර්ග නීති අනුගමනය නො කරන ආකාරය සුලබ දසුනකි. ජංගම දුරකථන කණ තබාගෙන වැලමිටෙන් බස් රිය පදවන්නන් නිතර දකින්නට ලැබේ. තමන් ගමන් කරන රථයේ රියදුරාට මාර්ග නීති අනුගමනය කරන්නැයි කියන්නට අයිතියක් මගීන්ට තිබේ. එහෙත් මෙම හිමිකම භාවිතා කළ හැකි ප්‍රායෝගික තත්වයක් රටේ නැත. රියදුරන් හෝ මගීන් හෝ පදිකයින් හෝ කිසිවෙක් සෙසු අයගේ මානව හිමිකම් ගැන තබා තමන්ගේ ජීවිත ආරක්ෂාව ගැනවත් තකන්නේ නැත.

මේ රටේ මිනිසුන් විනයගත කිරීම ආරම්භ කළ හැකි මූලික ස්ථානයක් වන්නේ මහා මාර්ගයයි. පදිකයන්ට දකුණු පැත්තෙන් ගමන් කිරීමේ සිට ම ඉගැන්විය යුතුව තිබේ. පදිකයන්ගේ සිට ම මාර්ග නීති දැඩිව ක්‍රියාත්මක කළ යුතු ය.

සමාජය විනයගත කිරීම තමන්ගෙන් ම ආරම්භ කරන්න. නීතිගරුකව පාරේ යන්න. රිය පදවන්න. පොලිසිය ගැන දැනුම් දීම සඳහා ලයිට් ගැසීම නවත්තන්න. මෙය දේශපාලන ක්‍රියාමාර්ගයක් ලෙස සලකන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

14 comments:

  1. පැරා ජවිපෙන් වෙන්වීමට හේතුව පක්ශ අරමුදලෙන් රු.25000 මුදල් වංචාවක් කල අසුවීම බව ඇත්තක්ද?

    ReplyDelete
  2. පැරා,

    සම්පුර්ණ වරද defender රියදුරාගෙයි.

    https://vimeo.com/138868300

    හොදින් බලන්න වංගුවෙන් පැමිණෙන බස් රියදුරාට හරියටම defender රථය පෙනෙන්නේ තප්පර 2 පමණයි.(හැප්පුනට පසු ඔහු කපටි වැඩක් කරනවා වමට කැපීමෙන් ) වම්පසින් පැමිණි බසයේ කිසි වැරද්දක් නෑ ඔහු සෙමින් පදවන්නේ.

    මෙහි ඔබ දැනගත යුත්තේ පුහුණු නිලදාරියකු වන defender රියදුරා තනි ඉර කපා වංගුවකින් ඉස්සර කරන්නේ ඇයි යන්නයි හේතුව සරලයි (ජනාදිපති ආරක්ෂක අංශයේ නිලදාරීන් නිතිය සලකන්නේ නෑ, මෙය ඔවුන්ගේ පුරුද්දයි! )

    ඔබ කියන විදියට හරිනම් මුලින් ගිය කළු පැහැති ජීප් රියේ රියදුරත් වැරදියි ! (ඔහුට ඉදිරියෙන් පැමිණෙන බසයේ රියදුරාට පසුපසින් defender රියක් පැමිණෙන බව නොකිව්වට :) )

    ReplyDelete
    Replies
    1. මටත් හිතුන වංගුවෙන් ආපු බස් එක ටිකක් ළඟින් වංගුව ගත්ත නම් හරි කියල. හැබැයි defender එකේ අයගෙයි වැරැද්ද.( ලයිට් ගහන එකත් හොඳ නරක දෙකම තියෙනව. නේ?)

      Delete
    2. ජනාධිපති ආරක්ෂක අංශය කියන්නේ පසුගිය කාලයේ නීති නැති ලොවක ජීවත් වූ පිරිසක්. මේ පිරිස පුනරුත්ථාපනය කිරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතුයි. හැබැයි මේ ඉන්නේ ඒ කාලේ හිටපු අය ම ද යන්න මම දන්නේ නැහැ. මොකද, පසුගිය දිනවල වෙනස් කිරීම් කළා නේ. කොහොම වුණත්, මේ රිය පැදවීම නම් ලොකුකම සෑහෙන්න ඇඟට අරගෙන අනුන්ගේ පමණක් නොව තමන්ගේත් ජීවිත නො තකා කරන දෙයක්.

      ලංකාවේ මිනිස්සු බොහෝ දෙනෙක් මාර්ග නීති කඩන්න, අධි වේගයෙන් රිය පදවන්න කැමැත්තක් දක්වනවා. මේක සමාජ ප්‍රශ්නයක්. මේ අයගේ අධි වේගයට හේතුව අධි වේගී ජීවන රටාව ම නෙමෙයි. එහෙම නම් වැඩ කරද්දීත් ඔවුන් එහෙම කාර්යක්ෂම වෙන්න ඕනැ. එහෙම නැහැනේ.

      මෙතන තිබෙන්නේ එකිනෙකා අභිභවා යාමේ, අනුන්ට සෙකන්ඩ් නො වීමේ මානසිකත්වයක්. මෙය දේශපාලනය විසින් ඇති කරනු ලබන තත්වයක් ය කිව්වා ම සමහරුන්ට කේන්ති යනවා. ඒත් ඒක තමයි ඇත්ත.

      Delete
  3. //සමාජය විනයගත කිරීම තමන්ගෙන් ම ආරම්භ කරන්න. නීතිගරුකව පාරේ යන්න. රිය පදවන්න// ඇත්තෙන්ම වහාම සියල්ලන්ගේම අවධානය යොමුවිය යුතු පහසුවෙන් විසඳාගැනීමට පියවර ගතහැකි ගැටළුවක්. සියල්ලන්ගේම දැඩි අවධානය මනා සැලකිල්ල ලැබෙන ලෙස විවිධාකර මාධ්‍ය මගින් නිරන්තරව දැනුවත් කෙරේවා !

    ReplyDelete
  4. ලංගම/පෞද්ගලික බස් රථ රියදුරෝ, කිසිවිටකත්, තම රථය අනෙක් රථවලට ඉඩ ලැබෙන පරිදි ධාවනය නොකරති. ඔවුන් ඉතා අධම මානසිකත්වයක සිටිමින්, මුදල් හඹායන්නෝ වෙති. මේ ජීප් රථ අනතුර (ජනමාධ්‍ය කාරයෝ අලුත් රථ වර්ග හදති. ඩිෆෙන්ඩර් රථ, ප්‍රාඩෝ රථ, පජෙරෝ රථ, කැබ් රථ, කැන්ටර් රථ, එයින් සමහරකි. නමුත් තවම කයිරොන් රථ, නවාරා රථ, සැන්ටෆේ රථ, ඇක්වා රථ ඇවිත් නැත. වාහනයක වර්ගීකරණය සහ නිෂ්පාදන මෝස්තරය ගැන අවබෝධයක් නැතිවීම හේතුවයි) පහසුවෙන් වලක්වාගත හැකිව තිබුණු බව ඒ පිලිබඳ පටිගතවූ දර්ශන වලින් පැහැදිළිවම පෙනෙයි. මුල්ම වගකීම ජීප් රථ රියදුරාගේය. ඔහුගේ ජනාධිපති ආරක්‍ෂක අංශ ඔලුව ඉදිමීමේ රෝගය නිසා, අනතුරට මුල් හේතුව ඇතිවිය. ඔහුට, තම රථය, ගැටෙන්නට පෙර නවත්වාගන්නට, ඕනෑ තරම් වෙලාව තිබුණි. බස් රථ රියදුරන් දෙදෙනාගෙන්, මුහුණට මුහුණ හැපෙන බසයේ රියදුරාට, අනතුර වලක්වාගන්නට හෝ අනතුරේ බරපතලකම වලක්වාගන්නට, ඕනෑ තරම් ඉඩ තිබුණි. ඔහු ඉන්නේ ජීප් රථයට ඉහළ මට්ටමකය. මුහුණට මුහුණ හැපුණානම්, ඔහුට බොහෝවිට බරපතළ තුවාල සිදු නොවේ.

    පොලීසිය පාරේ සිටිනවිට, වාහන විදුලිපහන් මගින්, රියදුරන් එකිනෙකාට අනතුරු ඇඟවීම ගැන, උසස් පොලිස් නිලධාරියකු, එක්තරා සම්මන්ත්‍රණයකදී කිව්වේ මෙහෙමයි. 'අපි හොඳින්ම දන්නවා, රියදුරන් එහෙම සංඥා කරන බව. නමුත් එවිට සිදුවන්නේ අඩු ගණනේ ඒ ප්‍රදේශය තුළ දී වත්, විනයක් ඇතිව රිය පැදවීමයි. අපි බලාපොරෝත්තුවන්නෙත් අන්න ඒ රියදුරු විනයයි'.

    ReplyDelete
    Replies
    1. විචාරකතුමා, ජීප් කියන්නෙත් මිට්සුබිෂි මෝස්තරයක් නේද? එ්ත් ජීප් රථ හඳුන්වා දෙන කාලයේ එවැනි වෙනත් වාහන නොතිබුනු නිසා, එය වාහන වර්ගයක් බවට (කාර් බස් ලොරි වෑන් වැනි) පත් වුනා. ඩිෆෙන්ඩරයට වුනෙත් ඒකමයි. ඒකනෙ ටෘෘෆර් වලටත් පැජෙරෝ කියල රැවටෙන්නෙ. ඔය වර්ගීකරණය සංකීර්ණයි. ඒ ගැන ගැඹුරින් හිතන එක තේරුමක් නෑ. ඔන්න ඔහේ කියන නමක් කියන්න අරිමු.
      අර එක්තරා සම්මන්ත්‍රණයකදී එක්තරා උසස් පොලිස් නිලධාරියෙක් කීවයි කියන කතාව නම් මසුරන්.

      Delete
    2. නැහැ, ජීප් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත වාහන වර්ගයක්.

      https://en.wikipedia.org/wiki/Jeep

      රෝද හතරටම යාන්ත්‍රික ජවය යෙදිය හැකි, ද්‍රාව පීඩක බලයෙන් ක්‍රියාකරන සුක්කානමක් සහිත, ද්‍රාව පීඩක බලයෙන් ක්‍රියාකරන තිරිංග සහිත වාහන, මුල්ම කාලයේ සිට ජීප් යනුවෙන් හැඳින්වුනා. අද මේ සඳහා ලබා දී තිබෙන ජාත්‍යන්තර වර්ගීකරණය වන්නේ, ධාවන ක්‍රීඩා වාහන Sports Utility Vehicle = SUV යන්නයි.

      Delete
  5. පැරා පොඩ්ඩක් ඉලක්කම් පැටලිලා වගෙයි නේද ? "අනතුරු 6500කට වඩා මාරාන්තික ඒවා ය. මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 2389කි" මියගිය ගණන 2389ක් නම් මාරාන්තික අනතුරුවල උපරිම සංඛ්‍යාව ඊට වඩා ඉහල අගයක් ගත නොහැකියි. (එක් පුද්ගලයකුට වඩා මියගිය අනතුරු සිදුවී ඇති නිසා සංඛ්‍යාව මීට වඩා සැලකිය යුතු ලෙස පහල යා යුතුයී )

    ReplyDelete
    Replies
    1. බරපතල ලෙස නිවැරදි කළෙමි.

      Delete
  6. ලංකාවේ මාර්ග අනතුරු ගැන කතා කරනකොට වාහන වල තිබෙන නලා ගැන කතා නොකර බැහැ , මෙම නලා ගැන මෙයට වඩා අවදානයක් යොමු කල යුතුයි . පොඩ්ඩක් කල්පනා කර බලන්න තරමක් හෝ වේගයෙන් යාමට නීතියෙන් පවා ඉඩ තිබෙන කාර් , වෑන් , මෝටර් සයිකල් වැනි වාහන වල නලා සබ්දයෙන් අඩුයි. වේගයෙන් යන කෙනාට අඩු සබ්දයක් ඇති නලාවෙන් වහනය මාර්ගයේ පැදවීමට හැකි නම් , ඊට වඩා අඩු වේගයෙන් යා යුතු වාහන වන බස් , ලොරි ආදියට මොකටද දෙදුරුම් කන නලා, ඔවුන් වහනය පදවන්නේ නලාවේ ආදරයෙන් , අනිකුත් වාහන පාරෙන් ඉවත් කරමින් , බස් ලොරි වල තිබෙන අදික සබ්දයෙන් යුතු නලා ඉවත් කලානම් අනතුරු මීට වඩා අඩුකර ගත හැක .

    ReplyDelete
  7. පැරා අන්තීමට බඩුවකට ඇස් ගහන එකත් නවත්තන්න කියයිද දන්නේ නෑ....

    ReplyDelete
  8. ඩිෆෙන්ඩර් රථයේ රියදුරා රිංගන්න බැරි තැනින් රිංගන්න නොයා හිටියනම් අනතුර වලක්වන්නත් තිබුණ නේද? ඩිෆෙන්ඩර් එකේ රියදුරාට පොඩ්ඩක් ඉවසුවානම් බස් එකට ඉස්සර කරල පාර පැහැදිලි උනාට පස්සේ අවදානමෙන් තොරව ඉක්මන් ගමනක් යන්න තිබුණා.

    ReplyDelete
  9. මෙම ගැටලුව විසදිම සදහා සමාජය විනයගත කල යුතුය යන්න පැවසිමෙන් සියල්ල විසදෙන්නේ නැත. මේ සදහා නිශ්චිත වැඩපිලිවෙලක් අවශ්‍ය වේ.

    වැඩිම මාර්ග අනතුරු ප්‍රමාණයක් වෙන්නේ මොන වෙලාවෙදිද, මොනවගේ රථ වලින්ද කියල හොද අධ්‍යනයක් කරන්න වෙන්ව.සමාජය විනය ගත කිරීමට මෙන්ම මාර්ග අනතුරු අවම කිරීම සදහා ප්‍රවාහන අවශ්‍යතාවයන් අවම කිරීම, පොදු ප්‍රවාහන සේවාවන් ශක්තිමත් කිරීම staff service දියුණු කරවීම සහ පෞද්ගලික වාහන කාර්යාලයට යෑම සහ එම සදහා භාවිතා කිරීම අවම කිරීම වගේ දෙවල් බොහෝමයක් කරන්න වෙනව. මාර්ග නීති මගින් පමණක් මේ ගැටලුවට විසදන්න බැහැ

    පොදු ප්‍රවාහන සේවයේ සිටින රියදුරන් , ත්‍රීවිල් රියදුරන් කාලයකට වරක් ඔවුන්ගේ මානසික පිඩනය සදහා උපදේශනය කිරිම වගේ දෙවල් කරන්න වෙනව. කවුද මේ වගේ දෙවල් කරන්න ඉන්නේ පවතින ආණ්ඩුවලට පාරේදි රිය අනතුුරුවලින් ආබාධිත හා මියයන පිරිස් අවම කිරිමේ අවංක චේතනාවක් තියෙනවද

    මොවුන්ට ප්‍රවාහන සේවවාන් අවශ්‍ය වෙන්නේ චන්දේ කාලෙට මිනිස්සු අදින්නයි. බස්, දුම්රිය වැඩ වර්ජනයක් කරනකොටයි විතරයි.

    අනතුරේදි පැහැදිලිව අරක නොවුනනම් මෙහෙම අනතුරක් වෙන්නේ නැහැ කියල හිතන්න පුලුවන් රියදුරත් වාහනේ දාන්නේ එහෙම හිතාගෙන තමයි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.