2015-09-18

සීපා එපා ද?

ඉන්දු ලංකා විස්තීර්ණ ආර්ථික ගිවිසුම හෙවත් CEPA ලබන වසර අවසන් වන විට සකසා ගත හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති මෝදි සමග සාකච්ඡා පැවැත්වීමෙන් පසු කරන ලද ප්‍රකාශයෙහි සඳහන් කළේ ය. දිනමිණ පුවත්පත එය වාර්තා කරන්නේ මෙසේ ය: “ඉන්දියාව සමග ස්ථිර වෙළෙඳ සහ ආර්ථික සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙනවා. මේ සඳහා රටවල් දෙකේම පෞද්ගලික අංශවල දායකත්වය ලබා ගැනීම වැදගත් වෙනවා. මේ පිළිබඳව අප දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඊ ළඟ අවුරුද්දේ රටවල් දෙක අතර ස්ථිර ආර්ථික ගිවිසුමකට එළැඹීමට හැකි වෙතැයි බලාපොරොත්තු වෙනවා."

මේ වන විටත් සීපා ගිවිසුම සම්බන්ධයෙන් ඇතැම් දේශීය ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් වෙතින් දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ. සීපා ගිවිසුමත් සමග භාණ්ඩ මෙන් ම සේවා වෙළඳපොළ ද විවෘත වන නිසා අලුත් තත්වයට හැඩගැසීමට තමන්ට බැරි වනු ඇති බවට හා තමන් විනාශ වනු ඇති බවට බියක් ඔවුන් අතර තිබේ. ඔවුහු තම බිය සමාජයේ පතුරුවා හරිමින් සිටිති. 

සීපා විරෝධය සම්බන්ධයෙන් මේ කරුණත් සඳහන් කළ යුතු ය. සීපා විරෝධී උද්ඝෝෂණයේ ඉදිරියෙන් ම සිටින ඇතැම් ව්‍යාපාරිකයන් බාල නිෂ්පාදන වැඩි මිළට අලෙවි කරමින් ජනතාව සූරාකෑමෙහි නම් දරා සිටින අයයි. ඇතැම් වෘත්තිකයන් වනාහි සිය වෘත්තීය සුදුසුකම සීමිත පිරිසක් අත රඳවා ගැනීමට කටයුතු කරමින්, එම සුදුසුකම භාවිතා කරමින් මාෆියා කල්ලියක් සේ රටේ ජනතාව සූරා කන අයයි. ඔවුන්ට රට ගැන තිබෙන හැඟීම සිය නිෂ්පාදන හා සේවා තුළට එක් කරන්නට බැරි වීම ඇත්තෙන් ම කණගාටුදායක තත්වයකි. 

මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් වාසි ලබන අය මෙන් ම පාඩු ලබන අය ද දෙපැත්තේ ම සිටිති. ඉන්දියාව දැවැන්ත ආර්ථිකයක් වන නිසා ලංකාවට බිය වීමට හේතු වන තත්වයක් මෙහි තිබීම පිළි ගත හැක්කකි. එහෙත්, විද්‍යාවේ හා තාක්ෂණයේ සංවර්ධනයත් සමග රාජ්‍යයන් අතර දුර අවම කරන ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ ජාතික ආර්ථික සීමාවන් බොඳ වී යාම වැළැක්විය නොහැකි ය. එසේම එය ලෝකයේ සමාජ දේශපාලනික සංවර්ධනය සඳහා අවශ්‍ය තත්වයකි. ලංකාව දක්ෂ වුණොත් වෙනස් සංදර්භයක් නිර්මානය කර ගැනීමට ද බැරි නැත. පටු සංරක්ෂණවාදී විරෝධය වෙනුවට වඩා හොඳ අන්තර් රාජ්‍ය සම්බන්ධයක් හා සංවාදයක් ගොඩනඟා ගැනීම රාජ්‍ය තාන්ත්‍රික දක්ෂභාවයයි.

මීට බොහෝ කලකට පෙර වාර්තා වී තිබුණු ආකාරයට ගිවිසුම අනුව ලංකාව භාණ්ඩ 32ක බදු ඉවත් කරන අතර ඉන්දියාව භාණ්ඩ 114ක බදු ඉවත් කරයි. සේවා ක්ෂේත්‍රයේ උප අංශ 20ක් ලංකාව විසින් විවෘත කරනු ලබන අතර ඉන්දියාව 80ක් විවෘත කරයි. විධායක, කළමනාකාර හා විශේෂඥ රැකියා සඳහා ලාංකිකයන්ට සීමාවකින් තොරව වීසා නිකුත් කිරීමට ද ඉන්දියාව එකඟ වේ. සංඛ්‍යාවලින් පෙන්වන තරම් ම මෙම කරුණු ලංකාවට එක වරම වාසිදායක නොවන්නට පුළුවන. එහෙත්, වෙනස් වන තත්වයන්ට හැඩ ගැසීමට ලංකාවට ඇති ශඛ්‍යතා අව තක්සේරු කර ගත යුතු නැත.

ලංකාවේ ආර්ථිකය එහි ප්‍රත්‍යාස්ථතාව ඔප්පු කර පෙන්වා තිබෙන්නේ වරක් දෙවරක් නො වේ. විවෘත ආර්ථිකයට හැඩගැසුණු ආකාරය, යුද්ධයට මුහුණ දුන් ආකාරය හා රාජපක්ෂ යුගයේ දූෂණය දරාගෙන නැගී සිටි ආකාරය ආදිය උදාහරණ වෙයි.

අනෙක් පැත්තෙන් සීපා ගිවිසුම තවමත් තිබෙන්නේ සාකච්ඡා මට්ටමේ ය. එහි ශ්‍රී ලංකාවට ඇති අවාසි ඉවත් කර ගැනීම සඳහා ඉඩකඩ තවමත් තිබේ. ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් කළ යුතුව තිබෙන්නේ සීපා එපා කියා එය මුළුමනින් ම ප්‍රතික්ෂේප කිරීම නොව, සාධාරණ තත්වයන් නිර්මානය කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමයි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් අතරින් එක් කොටසක් එයට එරෙහිව දැවැන්ත හඬක් නඟමින් සිටිති. ජාතිවාදී දේශපාලන පක්ෂ ද ඒ සමග එක් වී සිටිති. අනෙක් පක්ෂය නිහඬ ය. සීපා ගැන සමබර සංවාදයක් සිදු වන්නේ නැත.

රජය පැත්තෙන් සීපා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ කිසිදු කාර්යයක් දැනට සිදු වන්නේ නැත. තමන් සාකච්ඡා කරන කරුණු පිළිබඳව රටට හෙළිදරව් කර පුළුල් සංවාදයක් ඇති කළ යුතු ය. මෙම සාකච්ඡා රටට විවෘත විය යුතු ය. එසේ නොමැතිව මෙම ගිවිසුම අත්සන් කරන්නට යාමෙන් සිදු වන්නේ අනර්ථයකි. 

ඉන්දියාව තමන්ගේ හිස මතට පැටවෙන ආධිපත්‍යයක් නොව කලාපයේ නායක භූමිකාවක් රඟන රාජ්‍යයක් ලෙස පිළිගෙන දෙරට අතර සම්බන්ධය අර්ථකථනය කර ගැනීම ලංකාවට යහපත් ප්‍රතිඵල ලබා දීමට ඉවහල් වනු ඇත. දකුණු ආසියානු කලාපය තුළ ඉන්දියාව බලවත් රාජ්‍යයක් ය යන යථාර්ථය අපට ප්‍රතික්ෂේප කරන්නට බැරි ය. ඉන්දියාව බලවත් වූ පමණින් අප දුබල වන්නේ නැත. අපගේ ශක්තිය තීරණය වන්නේ අප ඉන්දියාව සමග කටයුතු කරන ආකාරය අනුවයි. අපගේ දේශපාලනික අරමුණු පැහැදිලි කර ගනිමින් ඉන්දියාව පවා නිසි මග ගෙන යාමේ හැකියාව කලාපයේ සෙසු රටවල් විසිනු ඇති කර ගත යුතු ය.

ලෝකය ඉදිරියට යන්නේ වෙළඳපොළ හා වෙනත් ආර්ථික සම්බන්ධතා පුළුල් කර ගනිමිනි. එය ධනවාදය මෙන් ම, සමාජවාදය විසින් ද පිළි ගන්නා ලද කරුණකි. එයට එරෙහි වන්නේ ජාතිකවාදී හුදකලාව ප්‍රවර්ධනය කරන අයයි. ලෝකය සමග බද්ධ වීමට බිය පසුගාමී ජාතිවාදය විසින් සමාජයකට ඇත්ත වශයෙන් ම හිමි කර දෙන්නේ හුදකලාව ය. එබැවින් කලාපීය වශ‍යෙන් ආර්ථික, සමාජීය, දේශපාලනික හා සංස්කෘතික සම්බන්ධතා වර්ධනය කර ගැනීම අපගේ දේශපාලන වගකීමකි. රාජ්‍ය නායකයන් මෙන් ම දේශපාලන පක්ෂ ද මෙහිදී පුළුල් හා අනාගතවාදී දැක්මක් සහිතව කටයුතු කළ යුතු ය.

සිදු වෙමින් පවතින ගෝලීයකරණය ධනේශ්වර ආධිපත්‍යයකින් යුක්ත ගෝලීයකරණයක් බව ඇත්ත ය. එහෙත්, එය ප්‍රතික්ෂේප කර ජාතිකවාදය වැළඳ ගැනීමේ හැකියාවක් ප්‍රගතිශීලීන්ට නැත. කළ යුතුව තිබෙන්නේ ධනවාදී ගෝලීයකරණය මෙච්චල් කර ගනිමින්, කම්කරුවන්ගේ, පීඩිතයන්ගේ හිමිකම් සුරැකෙන පරිදි ගෝලීයකරණය හැඩගස්වා ගැනීමට අරගල කිරීමයි. ගෝලීය ධනවාදයට එරෙහි අරගලය කිසි සේත් ම ජාතිකවාදී නො විය යුතු ය.

ජනතාව මේ ප්‍රශ්න දෙස බලන්නේ ජාතිවාදී රාමු තුළ යම් යම් ආකාරයෙන් ස්ථානගත වෙමිනි. අසල්වැසි රට තමන් ගිල ගන්නට එන්නේ යයි බියක් ඇති වන්නේ ඒ නිසා ය. ජාතිවාදීන් හැම විට ම බලන්නේ තමන්ට ලෝකයේ අනෙකුත් රටවල් ගිල දැමිය හැකි ක්‍රමයක් තිබේ ද කියා ය. අන්තර් රාජ්‍ය සම්බන්ධකම් අර්ථකථනය කර ගැනීමේදී මේ පටු දැක්ම ඉක්මවා ගිය නව සංවාදයක් ගොඩනගා ගැනීම රාජ්‍ය නායකයන්ගේ වගකීමකි. 

ආර්ථික ජාතිවාදයේ සීමා පෙන්වා දීමට උදාහරණයක් ලෙස මෙම කරුණ දැක්විය හැකි ය. ලංකාවේ ප්‍රධාන තේ අපනයන වෙළඳපොළක් වන්නේ තුර්කියයි. එහෙත්, ලංකාවෙන් එරටට අපනයනය කරන තේවලට 145%ක බද්දක් පැනවේ. ඒ නිසා තුර්කිය සමග නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා ඉදිරිපත් වී තිබේ. අපට නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡා කරන්නට අවශ්‍ය පදනම වන්නේ අපේ භාණ්ඩ බදු විරහිතව අපනයනය කර ගැනීම පමණි. 

ලෝකයේ දේශසීමා ඉවත් විය යුතු ය. ප්‍රාග්ධනයට නම් දැනටමත් සංචලනය සඳහා සුවිසල් නිදහසක් හිමි වී තිබේ. එහෙත්, ශ්‍රමයේ සංචලනය තවමත් සිදු වන්නේ අනතුරුදායක සංක්‍රමණ ඔස්සේ ය. ශ්‍රමයේ නිදහස් සංචලනය වෙනුවෙන් අප අරගල කළ යුුතු ය. ඒ සඳහා අපගේ ජාතික රාජ්‍ය සීමා මායිම් විවෘත කරන්නට අප ද සූදානම් විය යුතු ය.

එදාත්, අදත් ලෝකයේ රාජ්‍ය අතර සම්බන්ධතා වර්ධනය වූයේ වෙළඳපොළ නිසා ය. අතීතයේ පටන් ම වෙළඳපොළ නිදහස් එකකි. ජාතික රාජ්‍යය ශක්තිමත් වෙමින් වෙළඳපොළ ද දැඩි ජාතිකවාදී පදනම්වලින් සංවිධානය වන්නට පටන් ගත්තේ මෑත සියවස් දෙකක පමණ කාලයේදී ය. ජාතිකවාදය ඉක්මවා ගිය පුළුල් දේශපාලන ප්‍රජාවන් ඉලක්ක කර ගැනීම ප්‍රගතිශීලී කාර්යයකි. ඒ සඳහා ලෝකය සමාජවාදී වන තෙක් බලා සිටිය යුතු නො වේ. අභියෝගාත්මක පියවරවලට අත ගසන්නේ නැතිව එය කළ නො හැකි ය. සීපා අභියෝගයක් බව සැබෑ ය. එහෙත්, වෙළඳපොළ නිදහස්කරණය මානුෂික අවශ්‍යතාවකි. ඒ හා සම්බන්ධ තත්වයන් කළමනාකරණය කර ගන්නට උත්සාහ කිරීම මිස ආර්ථික ජාතිවාදයට මුවා වීම විසඳුමක් නො වේ. 

අගමැතිවරයාගේ ප්‍රකාශයෙහි ඓතිහාසික යථාර්ථයක් ප්‍රකාශයට පත් කරන කොටසක් ද තිබේ. “අපේ රටවල් දෙක අතර වෙළෙඳ සම්බන්ධතා අවුරුදු දෙදහස් පන්සියයක් අතීතය කරා දිව යනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ දී තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් වෙළෙඳාම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියා . මේ සම්බන්ධතාවය අප ඉදිරියටත් ගෙන යා යුතුයි."

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

23 comments:

  1. ඉන්දියාව තුල හින්දු ජනවර්ග තුල බෙදුම්වාදී හැඟීම් පාලනය වී ඇත්තේ ඉන්දියාව නිර්-ආගමික රාජ්‍යයක් වීම නිසා වත් ඉන්දියානු ක්‍රමයේ බලය බෙදා හැරීම නිසාවත් නෙමෙයි. එරට පවතින ජාතික ආර්ථික ප්‍රතිපත්ති නිසා.
    මේක ලංකාවටත් අදාලයි උදාහරණයක් හැටියට මුත්තයියා මුරලිදරන් මහතා සැලකුවොත් ඹහු විවාහ වුනේ තමිල්නාඩු කාන්තාවක් සමඟ ඒ වගේම එය යෝජිත විවාහයක්. ප්‍රේම සම්බන්ධයකින් ඇතිවූ විවාහයක්නම් එය ඒකීය පුද්ගල මෙව්වා එකක් කිව හැකියි. නමුත් යෝජිත විවාහයක් නිසා අපට නිගමනය කල හැක්කේ මුත්තයියා පවුල නියම ශ්‍රී ලාංකිකයන් නොව ශ්‍රී ලාංකික පුරවැසි භාවය ඇත්තන් ලෙසයි (ඔස්ට්‍රේලියාවේ පදිංචි සිංහලයන්ගේ මුල් පරම්පරා පවා මේ ආකාරයි). නමුත් එවැනි අය පවා ශ්‍රී ලාංකිකයන් ලෙස කටයුතු කරන්නේ ඔවුන් ශ්‍රී ලංකා ආර්ථිකයට ගැටගැසී ඇති නිසයි. තව උදාහරණ කියන්න ගියොත් දිග වැඩි වෙනවා.
    ද්විත්ව පුරවැසිඵාවය අවලංගු කිරීමත් දේශීය ව්‍යාපාරිකයන් සවිබල ගැන්වීමත් රටතුල ජාතික මට්ටමින් නිදහස් වෙළඳ පොල ක්‍රමයක් ඇති කිරීම, ජනවර්ග, ආගම් හෝ විශේෂ ප්‍රදේශ ඉලක්ක කරගෙන ලැබෙන විදේශ ආධාර පාලනය කිරීමත් ආර්ථික වශයෙන් මෙන්ම ඊටත් වඩා ජනවාර්ගික වශයෙන් රටට හිතකරයි.

    ReplyDelete
  2. සීපා ගිවිසුමෙන් රටට ඔය කියන විදිහේ අවැඩක් වෙන්නේ නැහැ කියලයි මම නම් කියන්නේ. මේකෙන් ලංකාවට ගෙන්නන්න පුලුවන් ඉන්දියාවේ සුදුසුකම්ලත් වෘත්තිකයින් පමණයි. අනෙක් අතට ලංකාවේ වෘත්තිකයින්ටත් ඉන්දියාවේ රැකියා කරන්න අවස්ථා ලැබෙනවා. ඉන්දියාව කියන්නේ ලෝකයේ ප්‍රධාන සමාගම් (ෆෝචූන් 500) සියල්ලකගේම ශාඛා තිබෙන තැනක්. ඒවායේ ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා ඇතිවෙනවා.කෝටි 100 ඉන්න ඉන්දියාවේ ලාංකික ව්‍යාපාරිකයින්ට 65% දක්වා අයිතිය ඇති ව්‍යාපාර අරඹන්න අවස්ථාව ලැබෙනවා කියන්නේම ලොකු දෙයක්

    ඉන්දියාව නේපාල, භූතානය වැනි රටවල් සමඟද CEPA ගිවිසුම් ගසා තිබෙනවා. ඒවායින් ඒ කුඩා රටවලට ආර්ථික වාසි අත්ව තිබෙනවා. උදාහරණයකට නවදිල්ලියේ හා පන්ජාබ් ප්‍රාන්තයේ චීන අවන්හල් බොහොමයක අයිතිකරුවන් නේපාල ජාතිකයින්.
    ඇයි ශ්‍රී ලාංකිකයින්ට මේ ගිවිසුමෙන් පස්සේ චෙන්නායි, බැන්ගලෝර් වගේ දකුණු ඉන්දියානු නගරවල ව්‍යාපාර ආරම්භ කරන්න අවස්ථාව ලැබෙනවා කියලා හිතන්න බැරි?

    ReplyDelete
    Replies
    1. ඇයි දකුණු ඉන්දියාවේ එවුන් අපේ මුහුදට ඇවිල්ලා අපේ ද්‍රවිඩ ධීවරයන්ට ගහලා බෝට්ටු කඩලා එහෙම යන්නේ. ගිහිල්ලි කියන්නෙ ලංකාවේ නාවික හමුදාව කෙලියා කියලා. ත්‍රස්තවාදට පරිප්පු දාපු ඉන්දියාවම, නිෂේධ බලය තියාගෙන ලංකාවට කෙල වනෙකම් බලාගෙන හිටපු ඉන්දියාවම තමිල්නාඩුවේ බල්ලන්ගේ උසිගැන්වීම තියාගෙන අපේ රටට හොදක් කරයි කියලා මොන හිතකින්ද හිතුවේ?
      බීල මෙතන කමෙන්ට් කරන්න එපා බං... සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති‍ හේම තියාගෙන බොහෝම අමාරුවෙන් ඒකේ ප්‍රථිපලය පෙනී පෙනී ඒක ගන්න ඉස්සරෝම ‍පෙරේතයා ජේ අාර් ඇරියා‍ තාමත් අපි එක බඩුවට දෙගුණයක් ගෙවනවා. මදිද... මේං ඊළග ගොං කම....

      යුද්දේත් ඉවර කරලා අපිට ‍අපේ ප්‍රථිපත්තියක් හදාගන්න තියන කාලෙ... තව රටකට මුලින්ම දීපල්ලාකො...

      දිල බලපල්ලකො අපේ රටේ එවුන්ට කාලයක්.. අවස්ථාවක්.. ආධාරයක්...

      Delete
    2. අනේ බන්... ගිවිසුම ගහන්නෙ ඉන්දියාවෙ ආන්ඩුවත් එක්ක මිසක් තමිල්නාඩුවෙ මාලුකාරයොත් එක්ක නෙමේ...

      ජෙප්පන්ගෙ 89 'ඉන්දියානු ව්‍යාප්තිවාදය්' තොවිලෙ ඉවරවෙල්ස්ස් වෙලා ගොඩක් කල්.. දැන් නැගිටහන්

      Delete
  3. මුන් ඉන්දියානු වෘතීකයින් (විමලයා කියන්නා වගේ මේ ගිවිසුමෙන් පස්සේ ඉන්දියාවේ බාබර්ලා, ඩ්‍රයිවර්ලාට බුරුතු පිටින් එන්න ලැබෙන්නෑ, නිශ්චිත පාලනයකට යටත් පිරිසක් පමනයි ගෙන්වාගන්නේ ) මෙහේ ආපුවවහම මෙහේ උන්ට රස්සා නැති වෙනවා කියන කියන්නේ හරියට උන් බලෙන් තුවක්කු දික්කරලා මෙහේ බඩු විකුනනවා වගේ..
    නිදහස් වෙලද පොලක මිනිස්සු භාන්ඩ හෝ සේවා මිලදී ගන්නේ ප්‍රමිතිය හොදනම් හා මිල අඩුනම්. ඉතින් ඉන්දියාවෙන් ආපු උන් අපේ රටේ රස්සා වලට කෙලිනවා කියන්නේ දැන් අපේ රටේ තියෙන සේවා උන්ගෙන් ගතහැකි සේවයට වඩා කොලිටිය බාල මිල අධික ඒවා බව පිලිගන්න එක නේද?

    ReplyDelete
  4. ඔච්චරම ඔය ගිවිසුම ඕනෙනම් කරන්න තියෙන්නේ ඔය ගිවිසුමේ ෆොටෝ කොපියක් දලා චීනය සමඟ ගිවිසුමක් ඇතිකර ගැනීම. එතකොට ඉන්දියන් චීන තරඟය නිසා අපිට වඩාත් වාසි වේවි.

    ReplyDelete
  5. ධනවාදයට නැවත වටයකින් තමන්ගේ තියෙන අර්බුධයන් ලිහා ගැනීම සදහා නිදහස් වෙළද පොළකට ඇති බාධාවන් අවම කර ගන්න වෙනවා ඒවගේම අතීතයේදි ප්‍රග්ධනයේ සිමාවන් ජාතික තලය අභිබවා ගියා වගේම ශ්‍රමයටත් ජාතික සීමාවන් කඩාගෙන යෑමට අවශ්‍ය ඉඩ හදන්න වෙනව.
    ශ්‍රමට අදාලව තියෙන සීමාවන් ඉවත් කරල නිදහස් වෙළද පොළ තවදුරටත් පුලුල් කිරීම ධනවාදයේ තියෙන ඉදිරිගාමි ලක්ෂණයක්.
    තව දුරටත් කිසිම රටකට තමන්ගේ ජාතික සිමාවන් ආරක්ෂා කරගෙන ඉන්න වෙන්නේ නැහැ. මෙම සිමාවන් බිද වැටීම අද හෙට හෝ නුදුරු අනාගතයේදීම සිදුවීමට නියමිතයි. දැනටමත් අතීතය සමග සංසන්දනය කිරීමේදි ශ්‍රමයේ ජාතික තලය ඉක්මවා යෑම සිදුවෙලා තියෙන්නේ.
    ලංකාවේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නය තමයි ඉන්දියාවන් කම්කරුවන් ඇවිත් අපේ රස්සා ටිකට කෙලවයිද කියල. ඒ වගේම වෘතිකයින් බය වෙලා වැඩිපුරම දොස්තරල බයවෙලා ඉන්නේ ඉන්දියාවේ දොස්තරල ඇවිත් පෞද්ගලික රෝහල් වල වැඩ කරයි කියල. කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරිකයො බය වෙලා ඉන්නව තමන්ගෙ බිස්නස් එකට කෙලවෙයි කියල.
    මේ ගිවිසුම ගොවින්ට. ශ්‍රමිකයන්ට සහ පහල පාන්තික ජනතාවට බලපෑම් කරන්නේ කොහොමද කියන එක පිලිබදව තමයි අපිට අධ්‍යනය කරන්න වෙන්නේ. වෙළදපොළ පුලුල් වීම සහ පනවා ඇති සීමාවන් ලිහිල්වීම කම්කරුවන්ගෙ පැත්තෙන් ගත්තහම ධනාත්මක සංවර්ධනයක්. කම්කරුවන් විදිහට ජාතිය හෝ ආගම පිලිබදව හෝ එක් ජාතියකට ලැබෙන දෙයක් යන උගුලට අසුනොවිය යුතුයි. මොකද ප්‍රග්ධනය දේශියද විදේශියද යන්න පිලිබද ගැටලුවක් කම්කරුවට නැහැ

    ReplyDelete
  6. ජවිපෙට සහ ඉන් කැඩිගිය (විමලසේන, ප්‍රේමකුමාර වැනි) කොටස්වලට විජේවීර ගේ අවතාරය ආරූඩ වී ඉන්දියානු ව්‍යාප්තවාදය මතක් වී කුලප්පු වීමට ඉඩ තිබේ!

    ReplyDelete
  7. අපේ උන් හැම දේටම බයයි...

    හයිබ්‍රිඩ් වාහන වලටත් බය වෙච්චි උන් නේ..

    දැන් ඒවා නැතුව බෑ...

    ReplyDelete
    Replies
    1. පැරා සහ මාතා,

      මෙතන උබල තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. මුලින්ම අපි කල්පනා කලයුත්තේ අපට විකිනීමට ඇත්තේ මොනවද? යන්නයි.
      උබල මුලින් අපට ඉන්දියාවට විකිණිය හැකි භාණ්ඩ ලැයිස්තුව ඉදිරිපත් කරන්න.

      අනෙක් කරණය අන්තිම අක්කර්යක්ෂම අපේ රාජ්‍ය අංශයයි.
      උදාහරණ :- දැනට මාසයකට පමණ පෙර විදේශ ගත මිතුරකුගේ උපාධි සහතිකය විදේශ අමාත්යංශය මගින් සහතිකකරව ගැනීමට ගිය මම එහි අද්දයක්ෂක
      වෙත යොමුකළ විට මම ඔහුට පෙන්වා දුන්නේ මෙම සහතිකය දැනට වසර 2 ට පෙර මෙම අමාත්‍යංශයෙන් සහතික කරව ගත් අනුක්ක්‍රමික අංකයක් ඇති නිසා
      ඔබට සහතික කරවා දිය නොහැක්කේ මන්ද ? යන්නයි එවිට ඔහු පැවසුවේ දැන් ක්‍රමය මුල් සහතිකය මොරටුව සරසවියට යොමුකර පිටපතක් සහතික කරගන එන ලෙසයි. මෙවිට මම එය මගේ මිතුරා ලග ඇති නිසා මිට පෙරදී මෙය මෙම ආයතනය සහතික කල තොරතුරු ඇති නිසා එය යොදා කල නොහැකි දැයි ඇසුවිට මට පැවසුවේ එසේනම් ඔබේ මිතුරාට මෙය අමතක කර දමන ලෙස කියන්න යන්නයි. ගියසතියේ ඔහු එය DHL මගින් රුපියල් 5000 වැනි මුදලක් වැයකර එවුඅතර අවසානයේ සහතික පිටපත විදේශ අමත්යන්සයට යොමුකළ විට ඔවුන් රුපියල් 500 අයකර මට පැවසුවේ ඔවුන් මෙම පිටපත් නැවත තැපැල් මගින් මොරටුව සරසවියට යවා මෙය නිවැරදි දැයි බලා නැවත ඔවුන්ට තැපැල් මගින් ලැබුන විට මට ලබාගත හැකි බව සදහන් කරන ලදී.

      මොරටුව සරසවියට යනු ලොව පිළිගත් සරසවියකි නමුත් ඔවුන්ට තවම වෙබ් අඩවියක් මගින් අදාළ සහතිකය අන්තර්ජාලය මගින් විදේශ කටයුතු අමාත්‍යංශයට බලා ගැනීමට වැඩපිළිවලක් සැකසීමට තවම නුපුලුවන්වි ඇත.

      දෙවැනි උදාහරණය නම් PayPal මගින් මුදල් ලංකාවට ගෙන්වා ගැනීමේ පහසුකමයි මෙපිලිබද සටහනක් මිට පෙර තැබුවෙමි.
      http://lankasithuwili.blogspot.com/2015/09/paypal.html

      උබල දෙන්න ඉන්දියාවට අපේ භාණ්ඩ විකුනන්න කතාකරන නිසා මම මට සිදුවුණ අවසාන උදාහරණය පෙන්වන්නම්
      වසර 2 ට පමණ පෙර මගේ ඇමරිකානු ගනුදෙනු කරුවකුට ලංකාවෙන් සම් භාණ්ඩ ඇමරිකාවට ගෙන්වා ගැනීමට උවමනා උනා
      ඔහුට උවමනා උනේ විශාල ප්‍රමාණයක් බැවින් Sri Lanka Customs මගින් ඔවුන් අයකරන බද්ධ කොපමණදැයි මට දැනගත යුතු උනා
      ඔවුන් සිදුකලේ මාව තව දෙපාර්තමේන්තුවකට මාරු කිරීමයි එයට කතාකල මට තව දෙපාර්තමේන්තුවක නොම්බරයක් ලැබුනා අවසානයි නතරවුණේ
      වන සහ වුර්ක්ෂලතා අධිකරියෙයි.

      උබල දෙන්න සුබවාදී සිහින දකින්න ඉස්සල්ල කරුණාකර කිසියම් භාණ්ඩයක් විදේශ ගතකරන විට වැයවන මුදල (පාගා ද ඇතුළු ) සහ කාලය ගණන්බලා
      ඉන්දියාව සමග ඉදිරියේ ගනුදෙනු කළහැකි මාර්ගය පිළිබද ප්‍රයෝගික යථාර්තය බලමු.

      අපට ඇති දුර්වල අකාර්යක්ෂම ක්‍රමය නැතිකරන විදිය ගැන මුලින් ක්‍රියාකර දෙවනුව හනුම සමග වෙළදාම අරබමු. නැත්තන් වෙන්නේ හනුම අපිව අවුරුද්ධක් ඇතුලත සාරය උරා බී රොඩ්ඩ විසිකිරීමයි.

      හනුමා සමග සෙල්ලම් වෙයිද පැරෝ ලෙල්ලම් !!

      Delete
    2. අකාර්යක්ෂමතා ඔක්කොම නැති කරගෙන මේක කරනවා කියල දෙයක් කරන්න බෑ.. මේක භාන්ඩ විකිනීමකට වඩා ප්‍රාග්ධනය හා ශ්‍රමය හුවමාරු කර ගැනීමක්..
      ලංකාවේ ව්‍යාපාරිකයින්ට ඉන්දියාව තුල ව්‍යාපාර ආරම්භ කිරීමට ලැබීම ( මේක දැනටමත් සාර්තකව කරන අය ඉන්නවා) හා ලංකාවේ උපාධිධාරීන්ට ඉන්දියාවේ රැකියා අවස්තා ලැබීම.. (ඉන්දියාවේ පෞද්ගලික වි.වි වලට වඩා ලංකාවේ රාජ්‍ය වි.වි වල උපාධිය පිලිගන්නා නිසා ඉන්දියාවේ ශාඛා ඇති බහුජාතික සමාගම් වල රැකියා අවස්තා විවර කරගත හැකියි )

      Delete
    3. // ( මේක දැනටමත් සාර්තකව කරන අය ඉන්නවා) හා ලංකාවේ උපාධිධාරීන්ට ඉන්දියාවේ රැකියා අවස්තා ලැබීම.//

      පසුගිය අවුරුද්දේ ශ්‍රී ලංකික වුර්තිකයන් 27 පමණ පිරිසකුයි ඉන්දියාවේ රැකියාව කරන්නේ, මතක තබාගන්න දහස්ගනනක් යුරෝපයේ රැකියාවට සහ අනෙකුත් රටවල රැකියාවට යන අතර ඉන්දියාවට ගොස් සිටින්නේ මෙවැනි නොසලකා හැරිය හැකි පිරිසකුයි.

      මෙම ගිවිසුම ලංකාවට වාසි වීමට නම් අපි ඉතා කාර්යක්ෂම ලෙස භාණ්ඩ අපනයන කළහැකි ක්‍රමයක් ඇති කල යුතුයි. විශාල වෙළද පොළවල් උවමනානම් ඉන්දියාව විතරක් නෙමයි චීනයත් හොදයි ප්‍රශ්නය ඇත්තේ මේ ගිවිසුමේ වත් ඉන්දියවෙවත් නෙමෙයි, අපේ දුර්වලතා ඇතිව මෙයින් වාසි ලබාගත නොහැකි වීමයි.

      Delete
    4. ශ්‍රී ලාංකිකයන් ඉන්දියාවේ ආයෝජනය කලවිට සිදුවී ඇති දේ
      In 2004, Ceylon Biscuits Limited bought over the 3rd largest biscuit factor in India but an Indian court order in 2008 declared the sale “null & void”. Similarly when the Export Development Board ventured to open a Sri Lankan showroom in Chennai in 2004 wherein 17 local businesses participated the Indian authorities imposed a ban on retail sales prohibiting the sale of products & authority to only exhibit.

      Delete
    5. A free trade agreement is aimed at removing such barriers.

      Delete
    6. Para,
      //A free trade agreement is aimed at removing such barriers.//

      FTA operational since 2000 this occurred at that time. We have to see the result as to how we performed with those so-called “free trade agreements”, final result was we were at a deficit.

      In 2000 when we signed the agreement (FTA) with india Indian exports to Sri Lanka grew from USD1billion to USD2.9billion sri Lanka’s exports to India saw a small leverage from USD100m to USD500m what you have to remember is much of Sri Lanka’s exports to India was vanaspati oil, marble & copper handled by Indian businessmen, Para this reminds me the Sinhala story written by Kumaratunga Munidasa “Hathara riyan saha diriyan” How two men invested on a cow and how they shared it.

      Delete
    7. CEPA is a vast improvement beyond FTA...
      Besides we have to drop that anti india attitude, India is a growing economy that needs more and more skilled professional...

      And even right now there are people like Daya Gamage and Damro pvt. ltd succesfully conducting business within india..n

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. //දහස්ගනනක් යුරෝපයේ රැකියාවට සහ අනෙකුත් රටවල රැකියාවට යන අතර ඉන්දියාවට ගොස් සිටින්නේ මෙවැනි නොසලකා හැරිය හැකි පිරිසකුයි.//

      That was because Indian companies could not recruit anyone from Srilanka for a post with less than $25000 /yr salary...
      That barrier will be gone after CEPA..

      Srilankans are working in highly paid positions in garment industry in bangladesh...

      We can never expect to get jobs at MNCs based in China due to language barrier

      Delete
    10. Max,
      I am not condemning this agreement, all I am saying is we need to install high efficient system and fully computerized mechanism so that fraud and corruption is minimum and at the same time facilitate a speedy buying and selling process, that minimize government red tape.

      As sri Lankan investors without this system we will have a huge barrier for enter in to the Indian market
      As soon as we sign this Indian’s will exploit Sri Lanka for the maximum and we will be in a very difficult position.
      Also we need to have a check and balance system to facilitate our seller’s to face Indian bureaucracy.
      Sri Lanka is a country for the past 10 years government (Central Bank of Sri Lanka) was unable to facilitate PayPal withdrawal’s to Sri Lankan commercial banks. I wrote this article sometime back http://lankasithuwili.blogspot.com/2015/09/paypal.html
      This is from the news
      http://www.dailymirror.lk/82277/full-access-to-paypal-soon-icta-chief

      //That was because Indian companies could not recruit anyone from Srilanka for a post with less than $25000 /yr salary...
      That barrier will be gone after CEPA..//

      This is something I did not know but about the statistical figures I provided shows a bleak picture.

      One more thing we never hear after the war anyone fleeing to India using boat but certainly they went to Australia!!

      Delete
  8. ලංකාවෙ ලොකු බිස්නස් කරුවන්ගේ විශාල ව්‍යාපාර ලැයිස්තුවක් හැදුවොත් තියෙන ව්‍යාපාර මොනවද? රේස් බුකි..එතනෝල්..වතු.. බැංකු හා මූල්‍ය..දුරකථන සමාගම්.. අපේ රටේ වැඩිපුර මුදල් උපයන්නේ කර්මාන්ත ක්ෂේත්‍රය නෙමෙයි.. සේවා සැපයීමේ අංශ. සේවා සැපයීමේ අංශ වලදි වඩාත් ලාබදායි සේවා සපයන සමාගම් නැවත ඇතිවීම මහජනතාවගේ පැත්තෙන් වාසිදායකයි.. අපේ අපේ කියල අපි උඩදැම්මට ලාංකික ලොකු ව්‍යාපාරිකයින්ට වාසිදායක පරිසරයක් හැදුවත් පොදු මහජනතාවට ලොකු සෙතක් වෙන්නෙ නැත්තං වැඩක් නෑ.. හොදම උධාහරන දෙක මම ගන්නෙ එයාටෙල් සහ ඇපලෝ රෝහල.. එහාටෙල් සහ ඇපලෝ රෝහල කියන දෙකෙන්ම අඩුමිලට සේවා සපයන්න සූදානම් වුනා. නමුත් ලංකාවෙ තියෙන අනෙක් සමාගම් ඒ වාසිය පාරිබෝගිකයින්ට යන්න නොදී ඒ සමාගම් කඩාකප්පල් කලා.. දුරකථන සමාගම සේවය කරන පන්සීයක් දාහක් සේවකයින්ගේ ආදායම අඩුවීමට වඩා දුරකථන පාරිබෝගිකයින්ගේ වාසිය වැදගත් කියලයි මම හිතන්නෙ.. ඇත්තටම අපි අපේ ව්‍යාපාරිකයෝ කියල ලොකුවට හිතං උන්නට ඒ අයගේ ව්‍යාපාරික වපසරිය බැලුවාම ඒ ව්‍යාපාරම ඉන්දියන් කාරයො කලා කියලා අපිට නැතිවෙන ලොකු දෙයක් නම් නැතිවෙයි..

    ReplyDelete
    Replies
    1. මට නම් ලංකාවේ ව්‍යාපාරිකයන්ට හෙණ හතක් වැදුණත් කමක් නෑ, පාරිභෝගිකයකු වශයෙන් මට අඩු මුදලකට මගේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලන්න හැකියාවක් ලැබෙනවා නම් මේ "සීපා" ගිවිසුමෙන්..... මම එහෙම කියන්නේ ලංකාවේ ව්‍යාපාරිකයන්ගේ සහජයෙන් ම තිබෙන දුර්ජන ගතියක් වන පාරිභෝගිකයා කෙසේ හෝ හූරා කා ඔහුගේ රීරි මංශය උරා බීම නිසායි. මෙය කුඩා පෙට්ටි කඩ හිමියාගේ සිට දැවැන්ත සමාගම් දක්වා පැතිර තිබෙන්නක්. මේ කොමෙන්ටුවට උඩින් තියෙන අමිල චතුරංගගේ කොමෙන්ටුව මේ ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා.

      Delete
  9. මෙන්න මේ ගැන "ටැබූ සබ්ජෙක්ට්ස්" 2010 දී තැබූ සටහනක්:

    http://taboosubjects-mirrored.blogspot.com/2015/09/cepa-and-jvp-idiots.html

    ReplyDelete
  10. Simple mattamin hithuwoth meke wadi waasiyak labenne indiyaawata saha wade getagahana deshapaaluwanta. Indian minissuntath rassa nathuwa inna kota ape minissu ehe gihilla monawa karannada? Anith eka oya eka eka mudalalila enne keeyak hari apen garaa ganna misak apita aadareta nemeyi ne?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.