2015-09-28

මානසික රෝගීන්ට නිසි ප්‍රතිකාර නො කිරීම හා ළමා ඝාතන රැල්ල

පනාගොඩ, කපුරුගොඩ කවිඳු දේවින්ද නමැති දස හැවිරිදි දරුවා කපා, කොටා මරා දැමූ ඝාතකයා ද මානසික රෝගියකු බව පෙනේ. ගල්වලක රැකියාව කරද්දී ඇති වූ අනතුරකින් ඔහුගේ ලිංගේන්ද්‍රය ඉවත් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔහු මෙම ඝාතනය සිදු කර තිබෙන්නේ දරුවාගේ පියාට දරා ගත නො හැකි වේදනාවක් ඇති කිරීමට බව ඔහු පවසා තිබේ.

මේ අතර, ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරු ඝාතනයට යොදාගත් මන්නා පිහිය පොලිසියට පෙන්වීමට යැමේදී පය ලිස්‌සා පැරණි ගල් වළකට වැටී ඇති බවට හා එහිදී පෙරළී ආ ගලකට සැකකරුගේ දෙපා යටවී බරපතළ තුවාල ලබා ඇති බවට ද වාර්තාවක් පළ වී තිබේ.

හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සැකකරු කොළඹ ජාතික රෝහලට මාරු කර ඇත.

පොලිසියට නැවතත් සැකකරුවන් ආයුධ පෙන්නන්නට ගෙන යාමට අවසර ලැබී ඇති බවක් පෙනේ. බරපතළ තුවාල ලැබූ සැකකරු පොලිස්‌ ආරක්‌ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබයි.

මේ අතර, සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු බන්ධනාගාරයේ සිටින සෙසු ‘වීරයන්ගෙන්' රැක ගැනීමට අමතර ආරක්ෂාව යෙදවීමට සිදු වී ඇති බව ද වාර්තා වේ.

මෙම බරපතල අපරාධකරුවන් මරා දැමීමේ දැඩි ආශාවක් තිබෙන පිරිසක් ද මෙම සමාජයේ සිටිති. එවැනි අය මෙතැන ඇවිත් කමෙන්ට් ද දමති. එහෙත්, කවර හෝ මිනිසකු මැරීම නම් අතිශය සංවේදී කාර්යය පෞද්ගලිකව කිරීමට හා එහි වගකීම භාර ගැනීමට ඒ කීදෙනෙකුට පුළුවන් ද?

මේ ඝාතකයන් හා ඔවුන් ඝාතනය කිරීමේ උවමනාවෙන් පෙළෙන, තනිව හෝ පිරිසක් සමග එක්ව එසේ කිරීමට කැමති අයත්, එම ඝාතන අනුමත කරන අයත් යන මේ සියල්ලෝ ම මානසික ගැටලුවලට මැදි වී සිටින අය වෙති. අනතුරක් හේතුවෙන් ලිංගය ඉවත් කරන්නට සිදු වීම අතිශය බරපතල මානසික ගැටලු ඇති කරන තත්වයකි. 

මෙම අපරාධ මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබීමත් සමග ම ඒවා සිදු වීම තව තවත් වැඩි වීමෙන් පෙනෙන්නේ වාර්තාකරණය විසින් මෙවැනි මානසික රෝගීන් තුළ අපරාධ සඳහා පෙළඹවීමක් ඇති කරන බව නොවේ ද?

ලංකාව මානසික වශයෙන් රෝගී සමාජයකි. අනුන්ට වධ දෙමින් ලවුඩ්ස්පීකර්වලින් තරගෙට කෑගසන ආගමිකයෝ ද මේ රෝගීන්ගෙන් ම කොටසක් මිස සුවපත් කරන්නෝ නොවති. භයානක අන්දමින් මානසිකව ගිලන් වී සිටින ලාංකික සමාජය සුවපත් කිරීමේ මෙහෙයුමක් කඩිනමින් අවශ්‍ය ය.

කොටදෙනියාවේ ළමා ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර එවැනි වරදක් සම්බන්ධයෙන් දඬුවම් ලද අයෙකි. එහෙත්, ඔහුගේ රෝගී තත්වය පිළිබඳ අවධානය යොමු කරන්නට අධිකරණය අසමත් වී තිබේ.

අධිකරණ විනිසුරුවරුන් ගැන ද යමක් කිව යුතු ය. විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපයන් ද ගැටලු සහගත ය. 1980 දශකයේ අගභාගයේදී දැන් මනෝ විශ්ලේෂණය සඳහා ප්‍රසිද්ධ ලේඛකයකු වන විනිසුරුවරයකු පිළිබඳ කතාවක් මගේ මිතුරෙක් මට කීවේ ය. කිසියම් නඩු විභාගයක් පිණිස උසාවියේ සිර කූඩුවට දමා සිටි සැකකරුවෙකුට බන්ධනාගාර නිලධාරීහු සිර කුටිය තුළට ඇතුළු වී පහර දුන් හ. එසේ පහර දුන්නේ අදාළ විනිසුරුවරයා ඉදිරියෙන් පිහිටි බංකුවේ නඩු අසමින් සිටියදී ය. පහර කෑමට ලක් වූ පුද්ගලයා කෑ ගසා තමන්ට සිදු වූ අසාධාරණය විනිසුරුවරයාට කීවේ ය. විනිසුරුවරයා කළේ පහර කෑමට ලක් වූ පුද්ගලයා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ලක් කිරීමයි. මේ කතාව ඇත්තක් වුණත්, බොරු වුණත්, ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ පවතින ගැටලුකාරී තත්වය එම කතාවෙන් නිරූපණය වේ. ලංකාවේ බොහෝ විනිසුරුවරුන්ගේ හැසිරීම් ගැලපෙන්නේ පසුගාමී වැඩවසම් සමාජවලටයි.

ලංකාවේ විනිසුරුවරුන්ට අපරාධ මනෝ විද්‍යාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දිය යුතු ය. එසේ ම, සමාජයට බරපතල ගැටලු බවට පත් වන මානසික රෝගී අපරාධකරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වෙන ම බන්ධනාගාර අංශයක් ආරම්භ කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

16 comments:

  1. විනිසුරන් සබැඳි සිද්ධි දෙකක් මතකයට ආවා.

    කලකට ඉහතදී, මහාධිකරණ විනිසුරුවෙක්, අපේ හමුදා කඳවුරක් සමග සමීප ඇසුරක් පවත්වන්නට පටන්ගත්තා. මෙහි මූලාරම්භය වුණේ, ඔහුට ලබාදී තිබුණ පොලිස් රියදුරාගේ චර්යාව හොඳ මදි බව කියා, මාරුකර යවා, අලුත් රියදුරෙකු ලැබෙනතුරු, තාවකාලික වශයෙන්, හමුදා රියදුරකු ඉල්ලා සිටීමයි. හමුදා පිළිවෙතට පටහැනි වුනත්, ප්‍රදේශයේ ජ්‍යොෂ්ඨ පොලිස් අධිකාරි මගින් කළ ඉල්ලීමක් නිසා, රියදුරකු යැව්වා. ඒ තරුණ රියැදුරාගේ ගේ සුදු කකුල් මේ විනිසුරුවා අතගාන බවත්, ඊට එහා යන්නට පෙර, තමන් ආපසු ආ බවත් කියමින්, ඒ රියැදුරා රාජකාරිය ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ යැව්ව කළු රියැදුරා ද ආපහු ආවා, විනිසුරුවා මේ රියදුරාගේ ලිංගේන්ද්‍රිය උරන්නට ඉල්ලනවා කියා. ඔහුට තර්ජනය කර තිබුණා එසේ කරන්නට නොදුන්නොත්, හිරේ යවනවා කියා.

    වැඩේ දුරදිග යන නිසා, අපි අර විනිසුරාව සාදයකට කැඳෙව්වා කඳවුරට. හොඳට බොන්නදී තදින් කියාහිටියා, මීටපසු රියදුරන් නොඑවන බවත්, එම කඳවුරේ කාට හෝ බොරු නඩුවක් පැටලෙව්වොත්, අපිත් නරක මිනිස්සු වෙන බවත්. විනිසුරා ඔහුගේ චර්යා රටාව හදාගත්තා.

    එම ප්‍රදේශයේම තවත් විනිසුරෙක් හඳුනාගන්නට ලැබුනා දිසාපති වරයා විසින් සංවිධානය කළ රාත්‍රී භෝජන සංග්‍රහයකදී. ඔහු හමුදාව ආශ්‍රය කරන්න හරි ආසයි. 'ඔයගොල්ලෝ අපිට ඒ පැත්තට ඉන්වයිට් කරන්නේවත් නැහැනේ' කියලා ඔහු කිව්වා. හමුදා පිළිවෙතට පටහැනි වුනත්, මේ නිසා දිනක් ඔහුට රාත්‍රී භෝජන සංග්‍රහයකට ඇරයුම් කළා. 'මගේ රියැදුරා නිවාඩු, රියදුරෙක් එවන්න බැරිද' කියා ඔහු දුරකථනයෙන් ඇසුවා. අපි බඩ අල්ලාගෙන හිනාවුණා. මෙයත් අර ජාතියේද දන්නේ නැහැ කියලා. රියදුරකු යවනවා වෙනුවට, මම මගේ රියැදුරා සමග මගේ නිළ වාහනයෙන් ඔහුගේ නිළ නිවසට ගියා. ඔහුට මම ආචාර කර, සර් කියා ඇමතුවත්, 'අයියෝ මචන් ඔව්වා තියාගනින් උසාවියට' කියා කිව්වා. මාව ඔහුගේ නිදන කාමරයට කැටුව ගියා ඔහු සූදානම්වන අතරේ මා දුටුවා නයිටියක්, හවුස් කොට එකක් සහ සාරියක්, ඇඳුම් රාක්කයක තියනවා. මම ඇහුවා සර් මැඩම් ගෙදර ගිහින්ද කියලා. මොන මැඩම් ද මචන් ඔය මේ පැත්තේ ඉන්න මගේ බඩුවකගේ ඇඳුම් කියා ඔහු උත්තර දුන්නා. මේ විනිසුරුවා මත්පැන් පානය කලාම තමන්ව පාලනය කරගන්න බැරි තත්වයට එනවා. මහ හඬින් අමු කුණුහරප සින්දු කියනවා. ගහගන්න යනවා කා එක්ක හරි. ඒ වගේම කියනවා, උඹලා ඕනෙම වරදක් කරලා වරෙල්ලා. මම උඹලව බේරාගන්නවා කියා. අන්තිමට අපිට හිතුනේ මෙහෙමයි.

    විනිසුරුවෝද මනුෂ්‍යයෝය.

    ReplyDelete
    Replies
    1. මේ කතා දෙකෙන් කියවෙන්නේ අදාල විනිසුරන් දෙදෙනාගේ මානසික රෝගවලට නිසි ප්‍රතිකාර ලබා දිය යුතු බවයි!

      ඇයි අර ආබෲ ද කවුද ගැනත් කේස් එකක් තිබිලා යට ගියා නේද?

      Delete
    2. කීමට ඇත්තේ මෙපමනයි.විචාරක මට ඔබ ගැනත් එම කදවුරේ අය ගැනත් ආඩම්බරයි. ඇත්තෙන්ම යම් වෘත්තියක් ප්‍රශ්න කිරීමට ලක් නොවන විට ඔවුන් වරදට පෙලබෙනවා වැඩියි.මෙයපූජ්‍ය පක්ශයටත් අදාලයි. ඉස්සර නඩුකාරයො ඉදල තියෙන්නෙ ඇත්තම රජවරු වගේ..ඒ කාලෙ වෙච්චි අසාදාරනකම් අනන්තයි.අද අඩුගානෙ මෙහෙමවත් කතා කරනවා

      Delete
    3. කීමට ඇත්තේ මෙපමනයි.විචාරක මට ඔබ ගැනත් එම කදවුරේ අය ගැනත් ආඩම්බරයි. ඇත්තෙන්ම යම් වෘත්තියක් ප්‍රශ්න කිරීමට ලක් නොවන විට ඔවුන් වරදට පෙලබෙනවා වැඩියි.මෙයපූජ්‍ය පක්ශයටත් අදාලයි. ඉස්සර නඩුකාරයො ඉදල තියෙන්නෙ ඇත්තම රජවරු වගේ..ඒ කාලෙ වෙච්චි අසාදාරනකම් අනන්තයි.අද අඩුගානෙ මෙහෙමවත් කතා කරනවා

      Delete
    4. ෆෝන් එකෙන් කොමෙන්ට් කරද්දි රිපීට් වෙලා.එකක් ඩිලීට් කරන්නෙ නෑ එතකොට බලන කෙනාට මොනව තිබුනද කියල කුතුහලයක් එන නිසා

      විනිසුරුවරියකුත් හිටිය අන්තිම දරුණු තීන්දු දෙන කෙනෙක්. කාටද කිව්වලු මට හිතුනොත් මුන් ඔක්කොටම වෙඩිතියල දානව කියල.එයා ලෝ කොලේජ් එක පාලනය කළෙත් සිසුන් කියන්නෙ එල්ලුම් ගහට නියම වූ පිරිසක් කියල හිතල.
      රාවයෙ වික්ටර් අයිවන් තමයි ඉස්සරවෙලාම මේ බොල් පිළිමයට පයින් ගැහුවෙ. පස්සෙ ඊ නිව්ස් එහෙමත් ලස්සන විවේචන කළා.
      ඉස්සාර් මොන මොන දේවල් වෙන්න ඇත්ද කියල හිතෙනව. මට මතක් වෙන්නෙම මොන්තක්‍රිස්තෝ කතාව.ඉස්සර වැඩවසම් භීතියෙන් ඇලලී ගිය තැන් නෙ මේව.මොකක් හරි අයුක්තියක් වුනොත් පෙර කරුමෙ කියල හිත හදාගන්න තමයි ජනතාවට ඉතිරි වුනේ.

      71 මහනඩුවෙ විත්තිකාරයො එඩිතරව ඉදල තියනව. නයනානද විජේකුලතිලක දෙපිට කැපෙන උත්තර දීල එච් එන් ජී ප්‍රනාන්දු බරපතල ම දඩුවම දුන්නලු.

      Delete
    5. සිරිමා බණ්ඩාරනයක තමයි මේ වැඩවසම් භීතියෙන් ඇලලී ගිය තැන්වලින් සිද්ධ වෙන අසාධාරණයන්ට එරෙහිව ඊටත් වඩා ඉහළ උසාවියකින් ලංකාවේ මිනිස්සුන්ට ලබාගන්න තිබුණු සහනය නැති කරලා දැම්මේ. 1972 ට කලින් ලංකාවේ වැඩවසම් උසාවිවලින් දෙන තීන්දු අභියාචනයට ලක් කරන්න පුළුවන්කම තිබුණා එංගලන්තයේ ප්‍රීවි කවුන්සිලයේ. එයින් දෙන තීන්දුව ලංකාවේ කිසිම අධිකරණයකින් දෙන තීන්දුවට වඩා ඉහළයි. දැන් පේනවා නේද ලංකාව ජනරජයක් කිරීම නිසා සිදු වුණේ මොකද්ද කියලා? ජනරජයක් වීමට පෙර තිබුණු මානව හිමිකම් කාටවත් නොදැනීම සෝදාපාළු වෙලා ගියා.

      Delete
    6. ශ්‍රීලනිප පවුලක උපන්නත් මටත් සිරිමා බන්ඩාරනායක කියන්නෙ හරිම අප්‍රසන්න චරිතයක්. ඊට හේතුව 71 කැරැල්ල මර්ධනය කළ ආකාරය. එතනදි අනවශ්‍ය ප්‍රචන්ඩත්වයක් මුදා හැරියා.සමහර තැන්වලදි සිරිම බබා වුනා. සමහර දේවල් දන්නෙවත් නෑලු.සිරිමා අම්ම කෙනෙක් විදියට පෙනී සිටියත් අම්ම කියන වචනෙටත් ඇය නින්දාවක්..
      පස්සෙ කාලෙක සිරිමගෙ කාලෙ මරන දඩුවම තිබුන බව අසා සිරිම ගැන තිබුන පිලිකුල ඔක්කාරයක් බවට පත් වුනා. ඒ විතරක් නෙවේ එස් ඩ්ව්ලිව් ආර් ඩී අත් හිටවා තිබූ මරන දඩුවම 59 දි ආපහු ගෙනත් තියෙන්නෙත් සිරිම.

      ඔවු ඔය මතය මීට බොහෝ කලකට පෙරදි නම් මට අනුව ප්‍රතිගාමී අදහසක්. නමුත් දැන් මා සිතනව දියුණු යුරෝපීය මිනිසුන්ගෙ ආශ්‍රය අපට අධිකරන ක්ශේත්‍රයෙ විතරක් නෙවෙයි හැම තැනදිම ලැබුනනම් හොඳයි කියල.

      Delete
  2. ඔය මරන්න ඕන කියල කෑගහන සමහරුන්ට ඇත්තටම මරන්න දුන්නොත් මරන්න පුලුවන් කියල මම නම් හිතනෙ නැ.හැබැයි මාද්‍ය කරන මේ වැඩෙන් පරපීඩක මානසික රෝගී සමාජයක් බිහිවෙනවා. අපේ සමාජය කොහොමත් මානසික වශයෙන් රෝගී සමාජයක් තමයි.මාද්‍යත් බන්දනාගාරයේ සිටින සාන්තුවරයනුත් අයුතුජනරාශිත් අයත් වන්නෙ එකම ගොඩකට.

    ReplyDelete
  3. ඔය මරන්න ඕන කියල කෑගහන සමහරුන්ට ඇත්තටම මරන්න දුන්නොත් මරන්න පුලුවන් කියල මම නම් හිතනෙ නැ.හැබැයි මාද්‍ය කරන මේ වැඩෙන් පරපීඩක මානසික රෝගී සමාජයක් බිහිවෙනවා. අපේ සමාජය කොහොමත් මානසික වශයෙන් රෝගී සමාජයක් තමයි.මාද්‍යත් බන්දනාගාරයේ සිටින සාන්තුවරයනුත් අයුතුජනරාශිත් අයත් වන්නෙ එකම ගොඩකට.

    ReplyDelete
  4. ලංකාවෙ දැනට පුනරුත්ථාපන අංශයක් ක්‍රියාත්මක වෙනවා නේද?

    ReplyDelete
  5. මේ අපරාධවලට ප්‍රධාන හේතුවක් නම්, මනුෂ්‍ය ඝාතනය සරල - පහසු දෙයක් බවට පත් වීම යි. ඝාතකයන් නෛතික ව හෝ නැති ව ඝාතනය කිරීමෙන් සිදුවන්නේ එය තව තවත් සරල වීම යි.

    ReplyDelete
  6. ස්වාධීන අධිකරන නම් ලෝකෙ තියනව කියල මං හිතන්නෙ නෑ.අධිකරනය කියන්නෙ පාලකයන්ගෙ ආයුධයක් .ඒක ලේබල් එකක් ගහල තියනව ස්වාධීන කියල එච්චරයි

    ReplyDelete
  7. ස්වාධීන අධිකරන නැත්තෙ නෑ... ඕක වම්මුන්ගෙ ගොන් මතයක්..
    යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ හෝ එක්සත් ජනපදයේ අධිකරන ගැන හදාරා ඉන්න...

    ReplyDelete
  8. ආයුධ පෙන්වන්න ගිහින් ඇති තුවාල වෙලා බේරුනා.
    මානසික රෝගීන් කියන්නේ හිර ගෙවල් ඇතුලේ ඉන්න ඕනේ පිරිසක් නොවේ.නමුත් ඔවුන් සමාජයේ නිදැල්ලේ හැසිරීමත් සාමකාමී සමාජයකට ප්‍රශ්නයක්.රාජ්‍ය මැදිහත් වීමකින් හෝ මේ මානසික රෝගීන් හඳුනා ගෙන ඔවුන් උපදේශනය කිරීමයි.

    අනිත් අතට මේ විනිසුරුවන්වගේ මානසිකත්වය පිරික්සා බලා අවශ්‍ය ප්‍රතිකාර ඔවුන් කෙරේ ලබා දීමට කටයුතු කිරීමත් අත්‍යවශ්‍ය බව පෙනේ.

    ReplyDelete
  9. -මේ ලිපිය හරිම Interesting.
    -මොකද මේ සමාජය වෙනස් කරන්න ඕන කියල හිතන අයටත් ප්‍රායෝගික ප්‍රශ්නයක් විග්‍රහ කරද්දී හෝ වෙනස් කරන්න ක්‍රියාමාර්ග ගනිද්දී තමන්ගේ මුල් විග්‍රහ වලින් ඒවා පීලි පනින විදිය මේ ලිපියේ හරි ලස්සනට පේනවා.
    -"අපට කිසිවක් තනිව කල නොහැක " කියන එකෙන් අදහස් වෙන්නේ මිනිසා සමාජීය සත්වයෙක් කියන එක හා යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා පුළුල් සමාජ ක්‍රියාකාරීත්වයක් අවශ්‍යය වැනි දේවල් නේ..
    -එහෙම ලෝක දැක්මකින් පටන් අරගෙන සේයගේ ඝාතකයා ඇතුළු කුඩා ළමුන් මරා දමන්නන් මානසික රෝගීන්ය,ඔවුන්ට මානසික ප්‍රතිකාර දිය යුතුය,විනිසුරන්ට මානසික විද්‍යාව ඉගැන්විය යුතුය වැනි තැනකට "පැරා" පටු වෙන විදිය හරිම ලස්සනට පේනවා.
    -එල්ලුම් ගස ගෙන්න ඕන කියල පාරේ කෑ ගහපු සෙප්පඩ නිලියන් හා "පැරා" අතර මේ කාරණේ දී කිසි වෙනසක් නැහැ.
    -ඒ නිලියන් කරන්නෙත් අප ද ඇතුළු සමස්ත සමාජයම වග කිවයුතු සමාජීය ප්‍රශ්නෙකින් මේ සිද්දි වියුක්ත කරලා "කොණ්ඩය" එල්ලුම් ගස් යවන්න ඕන කියනවා.-"පැරා"ත් එකම කරලා උන්ව මානසික රෝහලට යවන්න ඕන කියනවා.

    මේ video එක බලන්න .

    එකක් "මට අනුව" මුන් දෙන්නට "එක්ව හා වෙන් වෙන්ව" පිස්සු.
    අනික මුන් දෙන්නට අන්තිම වෙනකොට අමතක වෙනවා මෙච්චර ලොකු කතාවක් කියන්න පටන් ගත්තේ මොකට ද කියලා..නමුත් මේකේ ගතයුත්තක් තියෙනවා සැහෙන්න.

    https://www.youtube.com/watch?t=10&v=2Hui9FjtyJY

    ReplyDelete
  10. ප්‍රශ්නෙ තියෙන්නෙ එතකොට ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර නොකරපු එකද??

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.