2015-09-29

ලංකාවේ පාසල්වල කක්කුස්සි ප්‍රශ්නය

ලංකාවේ පාසල්වල මෙවැනි වැසිකිළි සුලබ ය.
ශ්‍රී ලංකාවේ පාසල්වල වැසිකිළි, කැසිකිළි පහසුකම් ගැන රජයේ අවධානය යොමු වී තිබේ. 

අධ්‍යාපන අමාත්‍යාංශයේ 2013 වසරේ සංඛ්‍යාලේඛන අනුව, 9905ක් පාසල් අතරින්  24%ක ම වැසිකිළි, කැසිකිළි පහසුකම් නැති බව වාර්තා වේ. 

පාසල් අතරින් 16%කට ජල පහසුකම් නැත. 15%කට විදුලි බලය නැත. 

මා කුඩා කාලයේදී මගේ පාසලට ඉතා විශාල විවෘත කැසිකිළියක් තිබිණි. පාසලේ කෙළවරක වන රොදක් අද්දර තිබූ එය හැඳින්වුණේ හුජ්ජ ගල ලෙසයි. පාසලේ කැසිකිළි පහසුකම් අවම වූ එසමයේ ලොකු කුඩා කවුරුත් මේ ගල් පොත්තට ගිය හ. ඉඳහිට එහි ඇතැමෙක් මළ පහ කර ද තිබිණි. හුජ්ජ ගල අවට දං කැළෑවක් ද, කොහොල්ලෑ ලාවලු ගසක් ද තිබිණි. 

දැන් ද ඇතැම් පාසල්වල තත්වය මෙයයි. ලංකාවේ පාසල් අතරින් 99%ක ම තිබෙන්නේ ඉතා අපිරිසිදු, සෞඛ්‍යාරක්ෂිත නො වන වැසිකිළි, කැසිකිළි ය. හේතුව ඒවායේ පහසුකම් අවම වීම, විධිමත් පිරිසිදු කිරීමේ ක්‍රමයක් නො තිබීම, වැරදි භාවිතයන් හා ආකල්ප ගැටලු ය. 

පාසල් අතරින් 99%ක ම සනීපාරක්ෂක කම්කරුවන් නැති බව අපේ නිරීක්ෂණයයි. බොහෝ පාසල්වල වැසිකිළි පිරිසිදු කිරීම කරන්නේ පාසල් දරුවෝ ය. නැතිනම් මව්පියෝ ය. පවිත්‍රතා කටයුතු වෙනුවෙන් සේවයේ යොදවන අය වෙනුවෙන් මුදල් ගෙවීම මව්පියන්ට පැවරීම ඉතා සුලබ තත්වයකි. ඉතා අඩු වැටුපට සේවයේ යොදවනු ලබන කම්කරුවන් විශාල පිරිසක් පාසල්වල සිටිති. මේ අය අතරින් බහුතරය කාන්තාවෝ ය.

ළඟම පාසල හොඳම පාසල යන නව අධ්‍යාපන ඇමතිතුමාගේ සංකල්පය අනුව පාසල් 1200ක වැසිකිළි, කැසිකිළි පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි දැනට අවධානය යොමු වී තිබේ. පාසලකට ලක්ෂ 20 බැගින් මුදල් වෙන් කිරීමේදී වැසිකිළි පහසුකම් නැති පාසල්වලට ප්‍රමුඛ අවධානය යොමු විය යුතු ය. 

වැසිකිළි, කැසිකිළි ප්‍රශ්නයේ තවත් ගැඹුරු පැතිකඩක් වන්නේ පාසල්වල තිබෙන පහසුකම් ප්‍රමාණවත් නො වීමයි. විවේක කාලයේදී වැසිකිළි, කැසිකිළි අසල පෝලිම් දක්නට ලැබීම පාසල්වල සුලබ තත්වයකි. අධික ලෙස භාවිතා කිරීම හේතුවෙන් මෙම ස්ථාන ඉක්මණින් අපිරිසිදු වේ. පිරිසිදු කිරීම සඳහා විධිමත් ක්‍රම නොමැති වීම හේතුවෙන් බොහෝ පාසල්වල වැසිකිළි ස්ථාවරව ම අන්ත අපිරිසිදු තත්වයක පවතී. 

වැසිකිළි, කැසිකිළි හැදීමෙන් පමණක් පාසල්වල සනීපාරක්ෂාව පිළිබඳ ගැටලුව විසඳෙන්නේ නැත. පාසල්වලට සනීපාරක්ෂක කම්කරුවන් පත් කළ යුතු ය. වැසිකිළි, කැසිකිළි පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ද පාසල්වලට ලබා දිය යුතු ය. බොහෝ පාසල්වල මුස්නක් ගන්නට, සබන් දියර ටිකක් ගන්නට ප්‍රතිපාදන නැත. විෂබීජ නාශක යෙදීමක් නම් සිදු වන්නේ නැති ම තරම් ය. 

වැසිකිළිය නිවැරදි ලෙස භාවිතා කිරීම පිළිබඳ පාඩම් ප්‍රාථමික පංතිවල විෂයමාලාවලට ද ඇතුළත් කළ යුතු ය. ලංකාවේ බහුතරයක් ජනයා තවමත් සිතන්නේ වැසිකිළිය අපිරිසිදු තැනක් ලෙස පවත්වාගෙන ගියාට කමක් නැත කියා යයි මට සිතේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

12 comments:

  1. Once we went to a a school in horowpothana and we could feel the uncomfortable life style of the students.. it is because they haven't enough water. වතුර බොන්න තියෙන තැන notice එකක් දාල තියෙනව බීමට සුදුසු නැත කියල...

    ReplyDelete
  2. අලුත් අධ්‍යාපන ඇමතිතුමා කක්කුස්සියෙන් පටන්ගෙන හෝ කමක් නැහැ හරියට වැඩේ කරනවානම්.

    ඇත්තෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල මා දැක තිබෙනවා වැසිකිළි අවශ්‍යතා සඳහා පාසල් වත්තේ කොනක ඇති ලඳු කැලයට යන සිසු දරු දැරියන්.

    ReplyDelete
  3. රත්නසිරි වික්‍රමනායක නමැති අවස්ථාවාදී දේශපාලඥයා වරක් කිව්වා සුද්දෝ පුක හෝදන්නේ නෑ කියලා. එයාගේ බෑණන්ඩි එංගලන්තේ සුද්දෙක්. සමහරවිට බෑණාට පුක හෝදන පුරුද්ද නැති නිසා, ඒක දැකලා එහෙම කියන්න ඇති. කොහොම වුණත් 1920-1930 ගණන්වල ලංකාවේ මිනිස්සුන්ට වැසිකිළි යාම පුරුදු කරවන්න ඒ කාලේ ලංකාවේ හිටපු සුද්දෝ රටේ නොයෙකුත් පළාත්වල ප්‍රසිද්ධ වැසිකිළි ඉදි කළා. එහෙම වැසිකිළියක් තවමත් දකින්නට තියෙනවා මාතලේ-දඹුල්ල මහාමාර්ගයේ මඩවල කියන ග්‍රාමයේ.

    ReplyDelete
    Replies
    1. /////ලංකාවේ බහුතරයක් ජනයා තවමත් සිතන්නේ වැසිකිළිය අපිරිසිදු තැනක් ලෙස පවත්වාගෙන ගියාට කමක් නැත කියා යයි මට සිතේ. /////

      මේ කතාව නම් 100% ක් ම හරි. මුදල් හදල් යහමින් තියෙන අයගේ පවා ආකල්පයත් බොහෝ විට මෙය ම යි. මීට වසර දෙකකට පමණ පෙර වැඩ අවසන් වූ මාගේ නිවසෙහි මා වැඩි ම අවධානය යොමු කළේ වැසිකිළිවලට යි. වැඩි ම වියදමක් දැරුවේත් වැසිකිළිවලට යි. එය දළ වශයෙන් වර්ග අඩියකට රුපියල් 10,800 ක්. මා ඒවා කෙතරම් පිරිසිදුව තබාගෙන ඉන්නවාද කිවහොත්, ඇඳන් තැබුවහොත් ඒවා නිදන කාමර ලෙස වුවත් භාවිතයට ගත හැකි යි. ලංකාවේ සෑම කෙනෙක් ම තමුන්ගේ වැසිකිළි spotless clean ලෙස තබා ගන්න පුරුදු විය යුතු යි.

      Delete
  4. වැසිකිලි පාවිච්චි කරන හැටි සිරිත් මල්දමෙහි ලස්සනට කියල දෙනවා. ඒ මෙහෙමයි

    රෙන්ට බර ආවට
    දුවගෙන අව පලියට
    එහෙමෙහෙ කතා නොකොට
    රීල පලයන් හිතේ හැටියට

    ReplyDelete
  5. බොහොම කාළීන මාතෘකාවක්. මම ගිය ඉස්කෝල දෙකේම වැසිකිලි අන්ත ජරාවාස වෙලා. නමට ලොකු ඉස්කෝල.

    ඕකට මුල ගෙවල්වල වැසිකිලි ජරාවට තීන පුරුද්දම තමා. ලන්කාවෙ බහුතරයක් උන්ගෙ ගෙවල්වල ටොයිලට් තෙතම තෙත අපිරිසිදු කුණුගොඩවල්. ඉතින් එහෙව් අය පොදු වැසිකිලි පිරිසිදුව තියාගනියිද?

    ReplyDelete
  6. බොහොමයක් ගෙවල් වල කුස්සියයි කක්කුස්සියයි තමා අපිරිසිදුම.

    ReplyDelete
  7. වැසිකිලි හදා ගැනීමට බැරි උනාට බොහොමයක් පාසල් වල , තාප්පයයි , ගේට්ටුවයි , නාම පුවරුවයි මා ලොකුවට හදා ගන්නවා , අනිකුත් දේවල් මනා වුනත් .

    ReplyDelete
  8. වැසිකිලි පාවිච්චියේ තිබෙන ආකල්පමය ගැටලුවලට විසඳුම් පන්තියෙන්ම පාසලෙන්ම ඇරඹීම කළ යුතුම දෙයයි. රෝහල් කීපයක් වසා දමීමට පුලුවන් වනු ඇත.
    පරන ටොයිලට් බිත්ති කවියක් මතක් උනා

    ලොව පරසිදු
    මෙවිදුහලේ
    හුජ්ජ පොලක් නොමැති කලේ
    හුජ්ජ බරට xජ්ජ පැලේ

    ReplyDelete
  9. අදහස මොකක් වුනත් පැරා මේ වගේ බද දඟලන ජරා කක්කුස්සි කටවල්වල පින්තුර දැම්මම මේක කියවන්න හිතෙන්නේ නැහැ.

    ReplyDelete
  10. තමුන්ගේ ම මුත්‍රා බීපු ඉන්දීය අගමැති කවුද දන්නවා ද?

    ඒ තමයි 1977 සිට 1979 තෙක් අගමැති ධුරයේ සිටි මොරාජි දේසායි.

    ඔහු "මුත්‍රා චිකිත්සාව " තම එදිනෙදා ජීවිතයේ දී හුරු කර ගත් අයෙක්.

    ReplyDelete
  11. ලංකාවේ මිනිස්සුන්ගේ ගෙදරක අපිරිසිදුම තැන් දෙක තමයි, කුස්සියයි, වැසිකිලියයි. මම දන්න ගොඩක් තැන්වල තත්වය මේකයි. කුස්සියට යන්න බෑ හැම තැනම බිම වතුර, එක මුල්ලක කුණු. උයන දේවල් වල, එලවලු, පලාජාති සුද්ද කරලා ඉතුරු වෙන ඒවා බිම. හැම තැනම දැලිකුණු. වලං අල්ලන, අත්පිස්නා අල්ලන්න බෑ ගඳයි, තෙත්වෙලා..... වැසිකිලිය ගත්තත් එහෙමයි, යන කෙනෙක් බිමට වැටෙන වතුර ටික වයිප් කරලා එලියට එන්නේ නැහැ. නාලා බිත්ති වලට ඉහෙන වතුර සහ කුණු හෝදලා දාලා එලියට එන්නේ නැහැ. මේ ආකල්ප පොඩි කාලෙ ඉදලම හැදුවේ නැත්නම් අපිට ගොඩයන්න අමාරුයි.

    මගේ ගෙදර මම තියාගෙන ඉන්නේ බොහොම පිරිසිදුවට. කුස්සිය දවස් කීපයකට සැරයක් මොබ් කරනවා, ඕනෙම වෙලාවක බිම ඉදගෙන වැඩ කරන්න පුළුවන්. මගේ පොඩි කෙල්ල අම්ම කුස්සියේ වැඩ කරනකම් පොතක් අරන් ඇවිත් කුස්සියේ බිම නිදාගෙන තමයි කියවන්නේ. වැසිකිලිය නම් තනිකරම මේන්ටේන් කරන්නේ මම. මට තේරෙන්නේ නැහැ ඇයි මිනිස්සුන්ට ඒ විදිහට ඉන්න බැරි කියලා. මේ දෙකේ පිරිසිදුකම අවශ්‍ය වෙන්නේ බොරු පොෂ් කමකට නෙවෙයි, තමන්ගෙම සනීපාරක්ෂාවට.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.