2015-01-31

කුමාර් ගුනරත්නම්ගේ ගැටලුව විසඳා ගත හැකි මග

සැබෑ පෙරටුගාමී සටන් පාඨය

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සටන් පාඨය
ජවිපෙන් කැඩුණු වාම ප්‍රවණතාව එක් කලෙක අපට ආස්වාදයක් විය. 

මම ඔවුන්ගේ ජනරළ පුවත්පතට ස්වේච්ඡාවෙන් ලියන්නෙමි. මගේ ලිපිය ලබා ගැනීමෙන් එහා ගිය මිනිස් සම්බන්ධයක් මා සමග ගොඩනගා ගන්නට ඔවුන් උත්සාහ නො කිරීම ගැන මම ඇත්තට ම කණගාටු වෙමි. 

පසුගිය ජනාධිපතිවරණ සමයේ ඔවුන් හා මා අනුගමනය කළ උපායමාර්ග සපුරා වෙනස් ය. අපි මහින්ද රාජපක්ෂ පවුලේ ඒකාධිපති පාලනය පැරදවිය යුතු ය යන පදනමින් දිවි පරදුවට තබද්දී ඔවුන් තේරුවේ මහින්ද රාජපක්ෂට වාසිදායක ස්ථාවරයකි. මෙම ජනාධිපතිවරණයේදී සමාජවාදී විකල්පයක් ගොඩනගන්නට බැරි බව ඕනෑම කෙනෙකුට වැටහේ. අපි කළේ රාජපක්ෂගේ ජාතිවාදී, ම්ලේච්ඡ, ඒකාධිපති පාලනය පරදවා ධනේශ්වර පාලකයන්ට යම් සංඥාවක් දීමයි. වෙනසින් පසු බිහි වූ පාලනයෙන් සාපේක්ෂ ශිෂ්ටත්වයක්, මානුෂිකත්වය පිළිබඳ අදහසක්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් හා අන්ත ජාතිවාදී නො වන තත්වයක් ජනතාව අපේක්ෂා කරති. අපි ඒ අපේක්ෂාව ධනේශ්වර ආණ්ඩුවේ නළලේ කෙටුවෙමු. එසේම ඔවුන්ට යටත් නො වී දිගට ම අරගල කරන්නෙමු.

ඔවුන්ගේ උපායමාර්ගය පක්ෂය ලෙස සුරැකීමට හා කුමාර් ගුනරත්නම් සහෝදරයා යළි දේශපාලනයට ගෙන්වා ගැනීම වෙන්වෙන් ය යන පදනමින් මම එය ඉවසමි. 

මේ වන විට පෙරටුගාමී පක්ෂයේ සිටි නිර්මානාත්මක විභවයන් ඇති සහෝදරවරුන් විශාල පිරිසක් පක්ෂය හැර ගොසිනි.  ඉතිරි වී සිටින පිරිස තුළ දැඩි විජේවීරවාදී ලක්ෂණ පෙනේ. විශාල විභවයක් තිබුණු වාම ප්‍රවණතාවක් සීසීකඩ විසිර ගොස් ප්‍රබුද්ධත්වයේ කන්‍යා පටලය ගැන උදම් අනමින් නිකම් සිටිති. ඔවුන් වැඩි දෙනෙක් ගැන තව දුරටත් බලාපොරොත්තු තැබිය හැකි ද යන ප්‍රශ්නය මා හමුවේ තිබේ. 

අද දින පැවැත්වුණු උද්ඝෝෂණයේදී පෙරටුගාමී පක්ෂයේ සහෝදරවරුන්ගේ සටන් පාඨය හා සිවිල් සමාජ සංවිධානවල සටන් පාඨය අතර වෙනස බලන්න. පෙරටුගාමී පක්ෂය අරගල කරන්නේ කුමාර් ගුනරත්නම් වෙනුවෙන් පමණි. 

එහෙත්, මර්දනය නිසා රටින් බැහැර වන්නට සිදු වුණේ ඔහුට පමණ ද? ආපසු සිය රට පැමිණීමේ උවමනාව ඇත්තේ ඔහුට පමණ ද?

කුමාර් ගුනරත්නම් සහෝදරයා ලංකාවෙන් පළා ගිය සංදර්භය මර්දනය, උන්නතිකාමය හා කුහකත්වය යන කරුණු තුනේ සම්මිශ්‍රණයකි. 

උපතින් දෙමළ ජාතිකයකු වූ ඔහු තමන් වැනි ම පිරිසක් උතුරේ ගෙන ගිය ජාතික විමුක්ති අරගලයේදී ඔවුන් එක හෙළා බැහැර කර ලෙයින් යකඩින් මර්දනය කරන්නට දිරි දුන් සිංහල ජාතිවාදී ගැමුණු කෙනෙකුගේ භූමිකාව රඟපෑවේ ය. 

දෙවනුව ඔහු පක්ෂ නායකත්වය වෙනුවෙන් ව්‍යාජ යටිබිම් මානසිකත්වයක් නඩත්තු කරමින් පක්ෂයේ පහළ ස්ථරය වසර ගණනාවක් තිස්සේ රැවැටුවේ ය. පක්ෂය විසින් කරමින් සිටි සත්‍ය දේශපාලනයේ ඵලයන් වන්නේ විමල් වීරවංශ, නන්දන ගුණතිලක වැනි අයයි. මහින්ද රාජපක්ෂ ද ඒ ජවිපෙ දේශපාලනය විසින් බිහි කරන ලද්දෙකි. එවැන්නන් පිරිසක් බිහි කරන්නට පක්ෂයේ යටිතලයේ සාමාජිකයෝ අනන්ත දුක් කන්දරාවක් වින්ද හ. ඔවුන් මේ කරමින් සිටින්නේ සමාජවාදී දේශපාලනයකැයි තමන් රවටා ගත්තේ කුමාර් ගුනරත්නම් වැනි අය දෙස බලමිනි.

අවසානයේදී මේ අභ්‍යන්තර කුහකත්වය හා බාහිර ව්‍යාජත්වය විසින් පක්ෂය පුපුරුවා හරින ලදී. 

මේ පිපිරීම වන විට කුමාර් ගුනරත්නම් සහෝදරයා පිටරට ය. ඒ යාම පසුපස සෑහෙන තරම් දුරට ධනේශ්වර පාරිභෝජනවාදී පළා යාමක් ද තිබිණි. විමල් වීරවංශ කණ්ඩායම විසින් ඔහු පිළිබඳ තොරතුරු ආණ්ඩුවට දී තිබිණි. එහෙත්, ඒ වන විටත්, ඔහුට දැන් ඔහු අපේක්ෂා කරන විවෘත දේශපාලනයට පිවිසීමට බාධාවක් නො තිබිණි. එහෙත්, ජවිපෙ නායකත්වයට අවශ්‍ය වූයේ ඔහු වැනි පිරිස් රහසිගත දේශපාලනය නියැලෙන බව දිගින් දිගට ම පක්ෂ කේඩරයට අලෙවි කරන්නට ය. ඔහු වෙත සැබැවින් ම මර්දනය එල්ල වුණේ 2012දී ආපසු පැමිණීමෙන් පසුවයි. එවර ඔහු බේරුණේ ඔහු වෙනුවෙන් ඕස්ට්‍රේලියාව කළ මැදිහත්වීම නිසා ය. නැතිනම්, විමල් වීරවංශලාගේ හා ‍ගෝඨාභයලාගේ ආණ්ඩුව ඔහු මරා දමනවාට සැකයක් නැත.

එහෙත්, නීත්‍යානුකූලව ගත් කළ, ඔහු මේ රටේ ජාතිකභාවය අතහැර දමන්නේ සිය කැමැත්තෙනි. ඔහු මුලින් ම එසේ කරන්නේ මර්දනය නිසා ය යන්න රට හා තමන් රැවටීමට කරන ව්‍යාජ ප්‍රකාශයකි. 

දැන් ඔහුට ආපසු එන්නට අවශ්‍ය වී තිබේ. ‍එය අාජන්ටිනානු ජාතික චේ ගුවේරා කියුබාවට හා බොලීවියාවට ගිය පරිද්දෙන් කරන්නත් තිබිණි. එහෙත් චේගේ දැක්ම පසුපස යුක්තියුක්ත ජාත්‍යන්තරවාදයක් තිබිණි. කුමාර් වනාහි මේ රටේ ම සහෝදර දෙමළ ජාතියේ අරගලය භාර නො ගත් සිංහල ජාතිවාදියකු ලෙස කලක් පෙනී සිටි ජාත්‍යන්තරවාදයේ හස්තය දෙමළ ජාතිය වෙත හෝ දිගු නො කළ ඉතිහාසයක් හිමි අයෙකි. එහෙයින් ඔහු වෙනුවෙන් ජාත්‍යන්තරවාදී පදනමකින් පෙනී සිටින්නට අපට අවශ්‍යතාවක් නැත. 

ඔහු ලංකාවේ පුරවැසිකම වෙනුවෙන් නැවත අයදුම් කළ යුතු ය. සිය උපන් රටේ පුරවැසිකම වෙනුවෙන් ඔහුට හිමිකමක් ඇත. ඔහුට පූර්ණ පුරවැසිකම ලබා දිය යුතු ය. එසේම, මේ මොහොත වන විට ඔහු ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් බව සිහි තබා ගැනීම ද වැදගත් ය. රටක වීසා කොන්දේසිවලට අනුගත වන්නට විදේශිකයෝ බැඳී සිටිති. 

ඔහු ඉදිරියේ තිබෙන නීතිමය ගැටලු වනාහි ඔහුට පමණක් මුහුණ දෙන්නට සිදු වී අැති තත්වයක් නො වේ. විශේෂයෙන් ම ලාංකික දෙමළ ජාතිකයෝ දහස් ගණනක් මෙම ප්‍රශ්නයට මුහුණ දෙති. ප්‍රශ්නයට විසඳුම සෙවීමේදී එය කුමාර් ගුනරත්නම්ගේ පමණක් ප්‍රශ්නයක් ලෙස ගැනීම සාධාරණ නැත.

දේශපාලන හේතු මත රටින් පළා ගිය, ආපසු එන්නට කැමති සියලු දෙනාට නැවත එන්නට හැකි යම් විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය ය. 

කුමාර් ගුනරත්නම් වෙනුවෙන් රජය හා පෙරටුගාමී පක්ෂය සම්මුතියකට යා යුතුව තිබේ. එසේ නොමැතිව වීදියේ උද්ඝෝෂණවලින් පමණක් මෙම ගැටලුව විසඳා ගන්නට බැරි ය. මන්ද, එම උද්ඝෝෂණය කෙරෙන්නේ ඔහු වෙනුවෙන් පමණක් නීති විරෝධී ලෙස කටයුතු කරන්නැයි ඉල්ලා බැවිනි.

රජයට පෙරටුගාමී පක්ෂයේ ඉල්ලීම විශේෂ ඉල්ලීමක් ලෙස සලකා කටයුතු කරන්නට පුළුවන. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තිබුණා නම් පෙරටුගාමී පක්ෂයට ඒ අවස්ථාව ලබා දෙනු ඇත. අවාසනාවට ඔවුන් දිනනවා යයි සිතා ඔට්ටු ඇල්ලූ අස්සයා පරාද වී ඇත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-01-30

ලැබූ ජය කෙතරම් සුවිසල් එකක් ද යන වග

එය වනාහි ලංකා ඉතිහාසයේ නින්දිත, සාපරාධී යුගයකි. යුද්ධය හා යුද ජයග්‍රහණය මුවාවෙන් ඔවුහු ලංකාවේ සියලු අංශ විනාශ කළ හ.
  • අධිකරණයේ මුල් පුටුවලට සිය බැලයන් පත් කරගෙන අධිකරණයේ ස්වාධීනත්වය නැති කර දමන ලදී.
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොටස් වෙළඳ පළේ කොටස් සේ විකිණෙන තත්වයට පත් කර මහජන නියෝජනය විහිළුවක් බවට පත් කරන ලදී.
  • රාජ්‍ය සේවයේ හැම අස්සක් මුල්ලක් නෑර ම දේශපාලන ඇඟිලිගැසීම් ව්‍යාප්ත කරමින් ද, වැඩ නො කර හෝ අඩුවෙන් වැඩ කර පඩි ගන්නා දූෂිතයන්ගෙන් රාජ්‍ය සේවය පුරවමින් ද, අල්ලස, දූෂණය රජ කරවමින් ද එය විනාශ මුඛයට ඇද දමන ලදී.
  • නීතියේ පාලනය නැති කර දමමින් මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර නිරතුරුව වාර්තා වන තත්වයක් නිර්මානය කරන ලදී.
  • දේශපාලනික ජනප්‍රියත්වය පිණිස පොලිසිය ලවා නීතියට පිටින් අපරාධකරුවන්ට මරණීය දණ්ඩනය දියත් කරමින් භීෂණය වැපිරුවේ ය.
  • විරුද්ධ මත පළ කරන්නන්ට හිංසා කිරීම, පැහැරගෙන යාම, අතුරුදහන් කිරීම හා ඝාතනය කිරීම දිගට ම කරගෙන යමින්, දේශපාලනික භීෂණයක් නිර්මානය කරමින්, විකල්ප මත දරන්නන්ට රටින් පළා යන්නට හා/හෝ නිහඬ වන්නට සිදු වන තත්වයක් ඇති කරන ලදී.
  • සංවර්ධනය නමින් මහජන අනුමැතියකින් තොරව ගිනි පොළියට ණය ලබා ගනිමින්, එයින් විශාල කොටසක් ගසා කමින්, අනාගත පරම්පරා ණය බරින් මිරිකා දමන ලදී.
  • අන්තවාදීන්ට පහසුකම් හා නීතිමය මුක්තිය ලබා දෙමින්, ජාතිවාදය හා ආගම්වාදය වපුරමින්, සමාජය ගැඹුරින් ම බෙදා වෙන් කරන ලදී. මිනිසුන් ජාති, ආගම් ලෙස ඇණ කොටා ගන්නා තත්වයක් නිර්මානය කරන ලදී.
අප‍ මෙම කරුණු ටික මෙහි සඳහන් කළේ 2015 ජනවාරි 08දා මේ රටේ ජනතාව විසින් ඡන්ද බලය උපයෝගී කරගෙන පරාජය කරනු ලැබුවේ කෙතරම් දුෂ්ට බලවේගයක් ද යන්න හා ඒ ජයග්‍රහණය කෙතරම් සමාජමය වටිනාකමකින් යුක්ත එකක් ද යන්න පෙන්වා දීමට ය.

එය ‍ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දීමට සිදු වී තිබේ. හේතුව, දැන් රජයේ මුල් පුටු ඩැහැගෙන සිටින හා දේශපාලන වශයෙන් බලවත් වී සිටින පිරිස්වලට එහි ගැඹුර නො තේරෙන බැවිනි. ඔවුන් වැඩි දෙනෙක් පැවති පාලනය තුළ ද වරප්‍රසාද ලැබූ අයයි. සිදු වූ වෙනසෙහි ගැඹුර වැටහෙන්නේ පැවති අයුක්ති සහගත, නින්දිත, තුච්ඡ පාලනයෙන් සැබැවින් බැට කෑ, එය වෙනස් කිරීම සඳහා දිවි හිමියෙන් අරගල කළ ජනතාවටයි.

ආරම්භ කළ වෙනස ඉදිරියට ගෙන යාම හා ලැබූ ජයග්‍රහණය රැක ගැනීමත්, ඒකාධිපති පවුල හා ඔවුන්ගෙන් ප්‍රීණනය ලැබූ අන්තේවාසිකයන් නැවත බලයට පැමිණීමට දරන උත්සාහය වැළැක්වීමත් අපගේ බරපතල වගකීමකි.


අරගලය ජනවාරි අටවෙනිදා අවසන් නො වන්නක් බවත්, එය අඛන්ඩව ඉදිරියට ගෙන යා යුතු බවත් අපි කීවෙමු. එහෙත්, තනතුරු බෙදා ගැනීමේ හා දේශපාලන බලය ගොඩනගා ගැනීමේ අරගලය මැද ජන අරගලය අඩාල වී ඇති බවක් නිරීක්ෂණය කළ හැකි ය. මෙම ලක්ෂණය වැඩිපුර ම දකින්නට ලැබෙන්නේ සිවිල් සමාජ සංවිධාන අතර ය. නිදසුනක් ලෙස ජාතික හෙළ උරුමය හා සිවිල් සමාජ සංවිධාන එකතුව ආරම්භ කරන ලද දූෂණ විරෝධී පෙරමුණේ කටයුතු චම්පිකලාට ඇමති තනතුරු හා ශිරාල් ලක්තිලකලාට උපදේශක තනතුරු හිමි වීමත් සමග යටපත් වූ බවක් පෙනේ.

දේශපාලන පක්ෂයක් ලෙස ජවිපෙ දූෂණ විරෝධී අරගලයේ ඉදිරියෙන් සිටියි. ඇතැමෙක් ඔවුන් විවේචනය කරන්නේ ඔවුන් දූෂණ විරෝධී අරගලය මාධ්‍ය සංදර්ශනයක් කරගෙන ඇති බව පවසමිනි. එහි ඇති වරද කුමක් ද? දූෂණ විරෝධී අරගලය අනිවාර්යයෙන් ම මාධ්‍ය සංදර්ශනයක් විය යුතු ය. හේතුව, දූෂණ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම දූෂණ විරෝධී අරගලයේ කොටසක් වන නිසා ය.

පසුගිය සමයේ අධිකරණය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම, පොලිසිය වැනි ආයතන කෙතරම් පරිහාණියකට පත් වී තිබේ ද යන කරුණ මේ දිනවල සිදු වන දෙයින් පෙන්නුම් කෙරේ. පැමිණිලි විමර්ශනය කරන්නට හා බලවත් පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක කරන්නට ශක්තියක් නැති තරමට මේ ආයතන දුර්වල ය. ඒවා යළි පණගැන්වීම ලෙහෙසි නැත. 

අගලවත්තේදී පාලිත තෙවරප්පෙරුමගේ හැසිරීම නීති විරෝධී ය. සදාචාර විරෝදී ය. එහෙත්, ඔහු හැප්පෙන්නේ එසේ මෙසේ චන්ඩින් පිරිසක් සමග නො වේ. ඔහුගෙන් කුණු බිත්තර පහර කෑ ඩී.ඩී. දර්ශන යනු වැඩි ඡන්දයෙන් තේරී පත් වුණු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ම අපේක්ෂකයකු වූ චාමින්ද රණවකට අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිකම කරන්නට බාධා කරන අයෙකි. කොළඹ ගොස් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන පාලින්දනුවර ප්‍ර‍ාදේශීය සභාපති වනාහි තමන් පසුපස යන සුරතල් ඌරා වාහනයක හැපී මළ පසු ඒ ඌරු කුණ රිය හිමි වෛද්‍යවරයාගේ වාහනයට බලෙන් පටවා එවීමට තරම් චන්ඩියෙකි. කෙසේ වෙතත්, පාලිත වැරදි ය. ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො කළ පොලිසිය ඔහුටත් වඩා වැරදි ය. පොලිසිය පණ ගැන්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඇණවුමෙනි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ගැන අත්අඩංගුවට පත් වූ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ වෙලේ සුදා විසින් බරපතල හෙළිදරව්වක් කර තිබේ. දුමින්ද සිල්වාට එරෙහිව ද පොලිසිය ක්‍රියාත්මක වන්නේ මන්දගාමීව ය. එහිදී ද ‍පොලිසිය උත්තේජනයක් බලාපොරොත්තු වන බවක් පෙනේ. 

සියලු අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිණිස හා අදාළ අත්අඩංගුවට ගැනීම් කිරීම පිණිස ජනාධිපතිවරයා මැදිහත් විය යුතු ද?

තමන් විසින් ම අදාළ විමර්ශන අංශවල නිර්මානය කරන ලද අකාර්යක්ෂමතාවෙන් රැකවරණය ලබන හිටපු පාලකයෝ දැන් "කෝ අපට කළා ද?" යි කියා අසන තරමට එඩිතර වී සිටිති. එසේම, ඔවුන්ට එරෙහිව කරනු ලබන විමර්ශන පළිගැනීම් ලෙස හඳුන්වන්නට ද 'කෝ යහපාලනය?' යි අසන්නට ද ඔවුහු ඉදිරිපත් වී ඇත. සමාජයට එරෙහිව අපරාධ කළවුන්ට දඬුවම් කිරීම හා සමාජ විරෝධී බලවේග යළි මතු වන්නට ඉඩ නො දීම යහපාලනයේ මුල් පියවරකි.

ඔවුහු කල් යල් බලමින් සිටින්නේ යළි හිස එසවීමට අවස්ථාව ලැබෙන තෙක් ය. ඔවුන්ගේ ප්‍රධාන ආරක්ෂකයකු වන අග විනිසුරු මොහාන් පීරිස් තනතුරේ එල්ලී සිටින්නට ප්‍රයත්න දරන්නේ ද එහි ම කොටසක් ලෙස ය. එය කිසි සේත් ඉඩ නො දිය යුතු තත්වයකි. 

ජනවාරි 8දා මේ රටේ ජනතාව සලකුණු කළේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඓතිහාසික සන්ධිස්ථානයක් බව අප නිතර සිහිපත් කළ යුතු ය. අප පැරදවූයේ ඉතා බලවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති, දුෂ්ට බලවේගයකි. එම අරගලයෙන් පැරදුණා නම් තමන්ට සිදු විය හැකි දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවේදී තම ගමේ ජනතාව ඉදිරියේ කීවේ ය.

ජනවාරි 8දා අප විසින් සනිටුහන් කරන ලද ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයට බාධාකාරී විය හැකි අභියෝග කීපයක් අප ඉදිරියේ තිබේ. එයින් පළමුවැන්න වන්නේ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දින 100 වැඩසටන ක්‍රියාත්මක කිරීමට ඇති බාධකයි. ප්‍රජාතන්ත්‍ර විරෝධී හිටපු පාලකයන් විසින් පත් කර ගන්නා ලද අග විනිසුරුවරයා ධුරයෙන් ඉවත් නො වීම ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ඉදිරියේ තිබෙන ප්‍රබල අභියෝගයකි. 

අනෙක් ප්‍රබල ම අභියෝගය වන්නේ ජාතිවාදයයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ආණ්ඩුවේ සෙසු ප්‍රබලයන් ඉදිරියට එන්නට උත්සාහ කරන්නේ ජාතිවාදයේ කර පිටිනි. ඔවුන් සමාජ ජාල හරහා කරන ප්‍රචාරණය අධ්‍යයනය කර බැලීමෙන් එය හොඳින් පැහැදිලි කර ගත හැකි ය. එහිදී ඔවුන් පෙන්වා දීමට උත්සාහ කරන කරුණක් වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වුණේ සුළු ජාතික ඡන්දවලින් බවයි. 

ලංකාවේ සුළුතර ජාතීන් ප්‍රජාතන්ත්‍ර විරෝධී මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීමට ගත් තීරණය තුළ ගැබ් වූ තවත් වැදගත් දේශපාලන සංරචකයක් තිබේ. ඒ වනාහි ඔවුන් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට හා ඔවුන්ට පක්ෂපාතී දෙමළ ඩයස්පෝරා බලවේගවලට දැක්වූ ප්‍රතිචාරයයි. මෙම කොටස්වලට අවශ්‍ය වුණේ 2005දී මෙන් දෙමළ ජනයා ජනාධිපතිවරණය වර්ජනය කරන තැනකට තල්ලු කර මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය තහවුරු කිරීමයි. ඔවුන් බලාපොරොත්තු වුණේ මහින්ද රාජපක්ෂ බලයට පත් වී ජාතිත වශයෙන් උග්‍ර ජාතිවාදී පාලනයක් තුළ සුළුතර ජාතීන් මර්දනයට ලක් කරමින් ජාත්‍යන්තරව ද මහා වියවුලක් නිර්මානය කර ගන්නා සංදර්භයකි. බටහිර රටවල් විසින් ලංකාවට ආර්ථික සම්බාධක පනවා ජනතාව දැඩි අර්බුදයකට මුහුණ දෙන තත්වයක් තුළ තම අරමුණු ඉදිරියට ගෙන යාමට හැකි වනු ඇතැයි මේ දෙමළ ජාතිවාදීහු බලාපොරොත්තු වූ හ. 

සිංහල වාමාංශිකයන් අතර අන්තවාදී කොටස්වලට ද උවමනා වුණේ මහින්ද රාජපක්ෂ පාලනය පවත්වා ගනිමින් මෙවැනි අරාජිකවාදයක් නිර්මානය කර ගැනීමයි. එවැනි අරාජිකත්වයකින් සමාජවාදය සඳහා මගක් මතු කර ගන්නට හැකි වනු ඇතැයි ඔවුහු බලාපොරොත්තු වූ හ. 

මෙම සංදර්භය තුළ සිංහල මෙන් ම දෙමළ ජාතිවාදීන් කෙරෙහි ද පරීක්ෂාවෙන් සිටීම ඉතා වැදගත් ය. මේ වන විටත්, දෙමළ ජාතිවාදීන් තර්ක කරමින් සිටින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළේ දෙමළ ඡන්දවලින් බවයි. ඒ නිසා දෙමළ ඉල්ලීම් ‍කොන්දේසි විරහිතව ලබා දිය යුතු බවට ඔවුහු බලපෑම් කරති. 

ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ආණ්ඩුව හා දෙමළ ජාතික සන්ධානය එක්ව කටයුතු කළ යුත්තේ දැඩි පරිස්සමකිනි.‍ දෙමළ හා සිංහල මධ්‍යස්ථ පිරිස් අතර ඇති වී තිබෙන අවබෝධය උපයෝගී කරගෙන13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරමින් ජාතික සංහිඳියාව ඇති කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු ය. එහිදී සිංහල මෙන් ම දෙමළ ජාතිවාදීන්ට ද අවස්ථාව නො දීමට ආණ්ඩුව පරිස්සම් විය යුතු ය. විශේෂයෙන් ම ජනමාධ්‍ය හා සිවිල් සමාජ සංවිධානවලට මෙහිදී බැරෑරුම් වගකීමක් පැවරේ.

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති විය හැකි බල අරගලය රට ඉදිරියේ ඇති තවත් අභියෝගයකි. එමගින් රට අස්ථාවර තත්වයකට තල්ලු කිරීමට පරාජිත රාජපක්ෂ රෙජිම උත්සාහ කරනු ඇත. එය වැළැක්වීමට නම් ‍ප්‍රධාන පක්ෂ සියල්ලේ ම අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් විය යුතු ය. පසුගිය කාලයේ පැවති පාලන ක්‍රමය විසින් ඉදිරියට ගන්නා ලද දූෂිත, අවස්ථාවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලක කැලත වෙනුවට රටට ආදරය කරන වෘත්තීය දේශපාලනඥයන් පිරිසක් බිහි කර ගැනීමට එය ඉවහල් වනු ඇත. ඉදිරි මහ මැතිවරණයේදී ප්‍රධාන පක්ෂවලින් නාම යෝජනා ලැබෙන්නේ කාටද යන කරුණ මෙහිදී ඉතා වැදගත් ය. 

නැවත වරක් අවධාරණය කළ යුතු කරුණ වන්නේ 2015 ජනවාරි 8දා සිදු වුණේ සාමාන්‍ය පුටු මාරුවක් නො වන බවයි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ තීරණාත්මක ජයග්‍රහණයකි. එය රැක ගත යුතු ය. ඉදිරිරයට ගෙන යා යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

සරදියෙල් අයවැයත් අරන් ඇවිත්

දින සීයේ ආණ්ඩුවේ අතුරු අයවැය ඉතා පැහැදිලිව ම මැතිවරණ අයවැයකි. එය එක්තරා ආකාරයකට ධනවතුන්ගෙන් ගෙන දුප්පතුන්ට බෙදා දෙන සරදියල් අයවැයකැයි කීවත් වරදක් නැත.

එය ඉතා පැහැදිලිව ම ජනප්‍රියත්වය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැයකි. මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් ග්‍රාමීය පහළ මැද පංතිය ආකර්ශනය කර ගැනීම එහි ප්‍රධාන ඉලක්කය බව පෙනේ. අයවැයෙන් දී තිබෙන සහන ගැන හැම තැන ම පළ වන බැවින් අපි මෙහිදී ඒ ගැන එතරම් අවධානයක් යොමු කරන්නේ නැත.

රජයේ සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩි කර තිබේ. එහෙත් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම සඳහා රජය කැපී පෙනෙන මැදිහත් වීමක් කර නැත. ලත්ෂ හැට පහකට අධික පෞද්ගලික අංශයේ සේවකයන් අතෘප්තිමත් කිරීම සඳහා මෙය ඉවහල් කර ගැනීමට විපක්ෂයට අවස්ථාව ලබා දී තිබෙන මුත්, රජයේ යෝජනාවකින් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම ප්‍රායෝගික නො වන බව අමුතුවෙන් කිව යුතු නැත.

පෞද්ගලික අංශයේ සේවා විවිධත්වය අතරමැද වැටුප් වැඩි කර ගැනීම සඳහා සේව්‍යයන් සමග අරගල කිරීමට සේවකයන්ට සිදු වනු ඇත. කෑලි ගණනට, දවස් කුලියට, කොන්ත්‍රාත් පදනමින්, ස්වයං රැකියා ආදී වශයෙන් විවිධ ආකාරවලට සේවය කරන පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමක් සිදු වේද යන්න කම්කරු අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කළ යුතුව තිබේ. රජය මෙම ප්‍රශ්නයේදී සමථකාර භූමිකාවක් හෝ කිරීම අවශ්‍ය ය.

මහින්ද ඉදිරිපත් කළ 2015 අයවැයෙහි හිඟය රුපියල් බිලියන 521 ක් වන අතර ඉන් රුපියල් බිලියන 251 ක් විදේශීය ණය මගින් හා ඉතිරි බිලියන 270 දේශිය මූලාශ්‍ර මගින් පියවිමට අපේක්ෂා කරන ලදී. නව රජයේ අයවැය හිඟය රු. බිලියන 499 ක්‌ ලෙස ඇස්‌තමේන්තු කර තිබේ. එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස සියයට 4.4 කි. අයවැය පියවා ගැනීම සඳහා විදේශීය ණය ගැනීම් රුපියල් බිලියන 251ක මට්ටමේ ම ඇති අතර මුළු දේශීය ණය ගැනීම් රු. බිලියන 248 දක්වා පහත හෙළා තිබේ.

මේ වන විට රජයේ සමස්ත ණය රුපියල් ට්‍රිලියන 8.81කි. මේ අනුව සෑම පුරවැසියකු ම රු. 427,220ක ණය බරක උරුමකරුවෙකි.

රජයේ නාස්තිය අවම කිරීමෙන් අයවැය හිඟය අඩු කර ගන්නට හැකි බව පෙන්නුම් කර තිබේ. ඇමතිවරුන් සංඛ්‍යාව අඩු කිරීමෙන් පමණක් රු. බිලියන 2.5ක් ඉතිරි කරගෙන තිබේ. ජනාධිපතිවරයාගේ වියදම් කප්පාදුව ද කැපී පෙනෙන එකකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කරන්නට සිටි වියදම රු. මිලියන 95,930කි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එය රු. මිලියන 2560 දක්වා අඩු කර තිබේ. එහෙත් කලින් ජනාධිපතිවරයා යනු ඇමති තනතුරු රැසක් ද දැරූවකු බව ගණනය කිරීමේදී සැලකිය යුතු ය.

ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවන් ඒකාබද්ධ කිරීම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් ගත් කැපී පෙනෙන පියවරකි.

රාජ්‍ය ප්‍රතිපත්තිවල වැරදි නිසා අහිමි වූ ජී.එස්.පී. ප්ලස් බදු සහන හේතුවෙන් පසුගිය වසර හතක කාලය තුළ ලංකාවට එක්සත් ජනපද ඩොලර් මිලියන 5000ක හෙවත් රුපියල් බිලියන 650ක පමණ පාඩුවක් සිදු වී ඇති බව පෙන්වා දී ඇත්තේ නව රජය එම ප්‍රතිපත්ති යථා තත්වයට පත් කරන බව කියන්නට විය යුතු ය.

රජය ආදායම් ලබා ගන්නට යෝජනා කර ඇති ක්‍රියාමාර්ග සුපිරි ධනවතුන්ගේ ප්‍රීතියට හේතු නො වනු ඇත. එහෙත්, දූෂිත රාජපක්ෂ පාලනය තුළ අසීමිත වාසි ලැබූ ධනවතුන් ස්ථරයක් සිටිති. ඔවුන් මේ ජන සහනවලට උර දීම අසාධාරණ නැත.

  • රු. මිලියන 2000ට වඩා ලාභ ලබන සමාගම්වලට ලාභයෙන් 25%ක බද්දක්
  • කැසිනෝ ව්‍යාපාරිකයින්ගෙන් රු. මිලියන 1000ක බද්දක්
  • මත්පැන් අලෙවි හල්වලින් එක් වරක රු. 250000ක බද්දක්
  • චන්ද්‍රිකා මධ්‍යස්ථාන භාවිත කරන්නන්ගෙන් එක් වරක් ගෙවන රු. මිලියන 1000ක බද්දක්
  • විදුලි සංදේශ සේවා හා ජංගම දුරකථන සේවා සපයන්නන්ගෙන් එක් වරක් පමණක් අය කරන රු. මිලියන 250ක බද්දක්
  • සන්නිවේදන කුළුණු 5කට වැඩි ක්‍රීඩා පමණක් පෙන්වන රූපවාහිනී ආයතන සඳහා එක් වරක රු. මිලියන 1000ක බද්දක්
  • වාහන එකලස් කරන සමාගම් විසින් නො ගෙවන ලද ආදායම් බදු අය කර ගැනීම
  • රජයේ අබලන් වාහන වෙන්දේසි කර රු. මිලියන 1000ක් ඉපයීමට පියවර
  • වාන ආනයනකරුවන්ගෙන් රු. මිලියන 1.5ක බලපත් ගාස්තුවක්
  • රු. මිලියන 100කට වඩා වටිනා හෝ වර්ග අඩි 5000ට වැඩි මන්දිර හිමියන්ගෙන් වාර්ෂිකව රු. මිලියනයක බද්දක්

අවසානයට සඳහන් කරන ලද මන්දිර බද්ද තුළ අනවශ්‍ය සුඛෝභෝගී, සෝබනකාර ජීවන විලාසයන් වෙනුවට සරළ ජීවන විලාසයක් ප්‍රවර්ධනය කිරීමේ අදහසක් ඇති බව මට පෙනේ. අධි මිළ වාහන, ආභරණ, ජංගම දුරකථන වැනි දේවලට ද මෙය අදාළ කර ගත යුතු ය.

2015 අයවැයෙන් රජය උත්සාහ කරන්නේ ඊළඟ මැතිවරණයෙන් බලය තහවුරු කර ගන්නට බව ඉතා පැහැදිලි ය. රජයේ සැබෑ ආර්ථික ප්‍රතිපත්ති මෙවර අයවැයෙන් එළි දකින්නේ නැත. එය බලාපොරොත්තු විය හැක්කේ 2016 සඳහා වන අයවැයකිනි.

කෙසේ වෙතත්, තිස් වසරක යුද්ධයෙන් බැට කමින් සිටි ජනතාවට ලබා දී තිබෙන සහන සමග ආර්ථිකයේ මෙන්ම සමාජයේ ද නව පිබිදීමක් ඇති වීම අපේක්ෂා කළ හැකි ය. ජනතාවගේ පෝෂණය, සෞඛ්‍යය, අධ්‍යාපනය හා සමාජ ආරක්ෂණය නැංවීම සඳහා ගෙන තිබෙන පියවර ප්‍රශස්ථ ය.

රජයේ සේවකයන්ට ලබා දී තිබෙන වැටුප් වැඩිවීම රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව නැංවීම සඳහා උපයෝගී කර ගත යුතු ය. නැතිනම් අධ්‍යාපනය, සෞඛ්‍යය හා වෙනත් සමාජ සුබසාධන අංශ වෙනුවෙන් කර තිබෙන වැඩි කිරීම්වලින් ඵලදායිතාවක් ලබා ගත නො හැකි ය.

විදේශ ශ්‍රමිකයන්ට මහින්ද රාජපක්ෂගේ අයවැයෙන් දුන් සහන ක්‍රියාත්මක වනු ඇතැයි බලා‍ෙපොරොත්තු තැබිය හැකි ය. විදේශ ශ්‍රමිකයන්ට හා ඇඟලුම් සේවකයන්ට දායකත්ව විශ්‍රාම වැටුපක් මහින්ද රාජපක්ෂගේ අයවැයෙන් යෝජනා කෙරිණි.

මෙය අතුරු අයවැයක් නිසා රාජපක්ෂ අයවැයේ යහපත් යෝජනා ද ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. 

තෘප්තිමත් ජනතාවක් සමග ඉදිරියට යන්නට උත්සාහ කිරීම හොඳ දෙයකි. එහෙත්, ආර්ථික විශේෂඥයකු නො වන මාධ්‍යකරුවකු ලෙස මට හිතෙන හැටියට නම්, ඉදිරි අභියෝග පහසු ඒවා නො වේ. ලංකාවේ ආර්ථිකය නැංවීමට, අප මුහුණ දී සිටින ණය අර්බුදයෙන් ගොඩ ඒමට හා අනාගතය සුරක්ෂා කර ගැනීමට නම් ආනයන සීමා කිරීම, දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම, ඍජු විදේශ ආයෝජන හා අපනයන වැඩි කිරීම මෙන් ම පාරිභෝජනවාදී, සෝබනකාර ජීවිතය වෙනුවට, ඉහළ රුචිකත්වයන් සහිත අල්පේච්ඡ ජීවිතයකට ජනතාව හුරු කිරීම ද අවශ්‍ය ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-01-29

අග විනිසුරු දේශපාලනය නො තේරෙන කුක්කු පැටවුන්ට

අග විනිසුරු මොහාන් පීරිස් පත් කළ ආකාරය මෙන් ම ඉවත් කළ ආකාරය ද වැරදි බව ලංකාවේ අධිකරණය පමණක් නොව සමාජ දේහය ම විනාශ කිරීමට දායක වූ ප්‍රධානියෙක් වන හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා පවසයි. 

මේ අතර ලංකාවේ අධිකරණය තුට්ටුවකට මායිම් නො කළ මහින්ද රාජපක්ෂ පසුපස තවමත් යන බැලයන්ට මේ ඉවත් කිරීම මාර අවුලක් වී තිබේ. ඒකෙන් යහපාලනය නැති වෙනවා ලු. ඒ කුක්කු බබාලාට හරි දුකලු. 

මේකට ඉතින් උත්තරයක් දෙන්න වෙන්නෙ අමු හිංගලෙන්. තරහ අවසර. 

නිකං බබා උක්කුං ඕනැ නැහැනේ. කාට කාටත් තේරෙන්න ඕනැනේ ආයුබොවං දේශපාලනය කියන්නෙ මොකක් ද කියලා. ආණ්ඩුව අග විනිසුරු අයින් කළ විධියේ නීතිමය තර්කයක් ති‍බෙනවා. ඕනැ නං උසාවි ගිහිල්ලා අර්ථකථනය කරගන්න පුළුවන්.

ඒත්, දේශපාලනිකව ගත්තොත් මේක ආණ්ඩුව බලය තහවුරු කර ගන්න ගත්ත ක්‍රියාමාර්ගයක්. දැන් අපෙන් අහන්න එපා බලය තහවුරු කර ගන්න කරන ඕනැ දෙයක් හරි ද කියලා. නැහැ, අපි එහෙම කියන්නෙ නැහැ. ඒ වුණාට මේක හරි. 

පරාජිත මහ‍රජා එක්ක විතරක් නෙමෙයි අර යකඩ හොරා සුදර්මන් රදලි‍යගොඩත් එක්කත් කූට්ටාලිකං කරන, කුමන්ත්‍රණවලටත් සම්බන්ධ, මේ කුජීත දූෂිතයාව තනතුරේ තියාගෙන ඉන්නවා කියන්නේ පිළිකා සෛලයක් මොළේ ළඟ තියෙන්න අරිනවා වගේ වැඩක් බව තේරුම් ගන්න බැරි තරම් ආණ්ඩුව ළඳ බොළඳ නැහැ මෙයාලා. 

දැන් ඔයාලා කීන විදියට එයාට දැනට පාඩුවේ ඉන්න දීලා, කලට වෙලාවට වැඩට බහින්න ඇරලා මහින්ද මාමි කෙළින් කරගෙන එනකොට ආණ්ඩුව ටිංකිරි ගාගන්න ඕනැ. අනේ නිකං යන්න මෙයාලා යන්න. 

හරියට ‍තේරෙන්නෙ නැහැ වගේ. 

ඒක දැන් ඉවරයි. ලෙඩා මළත් බඩ සුද්දයි. බොරු තර්ක අතාරිමු. දැන් ඉතින් අධිකරණයේ ස්වාධීනත්වය විතරක් නෙමෙයි, ප්‍රගතිශීලිත්වයත්, මානුෂිකත්වයත් ස්ථාපිත කරන්න අරගල කරමු.
 
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ජ්‍යෝතිෂකාරයන්, කට්ටඩින් හා හොර වෙදුන්ට නැවත නැගිටින්නට ඉඩ නො දිය යුතු ය

ටයි කෝට් ඇඳි ගල් වැද්දෝ
මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු කේන්දරකාරයෝ, කට්ටඩියෝ හා හොර වෙද්දු නන්නත්තාර වී සිටිති. පහත වීඩියෝවේ දැක්වෙන උද්ඝෝෂණය ඔවුන්ට වැදුණු බඩේ පාර නිසා ය. 

දැන් මේ පිරිස ඉල්ලා සිටින්නේ රතුවිතානලාට, සුමනදාස අබේගුණවර්ධනලාට, චන්ද්‍රසිරි බංඩාරලාට තිබුණු තැන තමන්ට දෙන්න කියා ද? 

ජ්‍යෝතිෂයට සිදු වූයේ අන් කිසිවක් නොව, එය මිනිසුන් රවටා මඩි තර කර ගන්නා මහා ජාවාරමක් වීමයි. බාගෙන කන්නට තිබුණු වල ඉහගෙන කන්නට යාමයි. 

ජ්‍යෝතිෂය කිසියම් සංස්කෘතිකාංගයක් ලෙස රාජ්‍යය විසින් ඉවසිය යුතු ය. එහෙත්, එය මහජන මුදලින් ජනාධිපති උ‍පදේශකයන් නඩත්තු කරන මට්ටමට නම් කිසි සේත් ම නො ගෙනිය යුතු ය. 

රජය මෙවැනි මිථ්‍යාවන් ප්‍රවර්ධනය කිරීම වහා නවත්වා දැමිය යුතු ය. අධ්‍යයනයක් කර බැලුවහොත්, ග්‍රාමීය දිළිඳුකමට, පවුල් ආරාවුල් බොහොමයකට හා සෞඛ්‍ය ගැටලු රැසකට හේතුව ජ්‍යෝතිෂය, මන්තර ගුරුකම් හා හොර වෙදකම බව සිතා ගත හැකි ය. 

නිදසුනක් ලෙස දිළිඳු ජන කණ්ඩායම් තම කාලකන්නිකමට හේතුව ලෙස ජ්‍යෝතිෂ කරුණු හඳුනාගෙන කේන්දරකාරයන්, සාත්තරකාරයන් හා කට්ටඩින්ට සැලකිය යුතු මුදලක් පුද කරති. එසේම, ඔවුන්ගේ කටයුතු නිසා පවුල් අවුල් කර ගනිති. පෙම්වත්තු විවාහ නො වෙති. දික්කසාද විය යුතු අය දික්කසාද නො වෙති. ජීවිතයට සම්බන්ධ වැදගත් තීරණ, තින්දු නො ගනිති. හොර වෙදුන් නිසා රටේ නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් වැය කරන මහජන මුදල් අපතේ යයි. ජනතාව රෝගී වෙති. 

දැන් කළ යුතුව තිබෙන්නේ ජ්‍යෝතිෂය නගා සිටුවීම නො වේ. මහජනතාව මේ මිථ්‍යාවන් පිළිබඳ දැනුවත් කිරිමයි. 

මහජනතාවගේ සාක්කු සුද්ධ කිරීම ජීවනෝපාය කර ගත් මේ තක්කඩීන් පිරිසට තමන් මෙතෙක් උපයා ගත් ප්‍රාග්ධනයෙන් යහපත් ජීවන මාර්ගයක් සලස්වා ගැනීමට උපදෙස් හා උපකාර ලබා දිය යුතු ය. 

විශ්ව විද්‍යාල මගින් ජ්‍යෝතිෂ උපාධි දෙන්නට කර තිබෙන යෝජනා පිටුදැකිය යුතු ය. මේ උපාධි දුන්නොත්, තව වැඩි කාලයක් යන්නට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ජ්‍යෝතිෂ නිලධාරි කියා තනතුරක් හදා මේ උපාධිධාරීන්ට රැකියා දෙන්නට ද සිදු වනු ඇත.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-01-28

අග විනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු!

එදා අග විනිසුරු නිවස ඉදිරිපිට කිරිබත් කෑ රිලවුනි, දැන් ගූ කාපියව්!
අද ලාංකීය ඉතිහාසයේ සුවිශේෂ දවසකි. නීති විරෝධී දෝෂාභියෝගයකින් හිටපු අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක බලයෙන් පහ කර ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එම තනතුරට පත් කරන ලද ඔහුගේ අන්තේවාසිකයකු වූ මොහාන් පීරිස් අද දින පන්නා දමන ලදී. 

මේ වනාහි මහජන බලයෙන් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරන ලද, ලෝක ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවකි. එහි නීත්‍යානුකූලභාවය පිළිබඳ තර්ක තිබිය හැකි ය. නීති විරෝධී අන්දමින් පත් වූවෙක් එළවා දැමීමට අලුතෙන් නීති අවශ්‍ය නැත. මන්ද, එම පත්වීම ම නීති විරෝධී වන හෙයිනි.

සමස්ත දෝෂාභියෝග ක්‍රියාවලිය ම නීති විරෝධී ය. පක්ෂග්‍රාහී ය. එමගින් සැකකරුවකුට සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමට තිබුණු මූලික මානව හිමිකම උල්ලංඝනය කරන ලදී. එය නිවැරදි කළ යුතු ය. එම ක්‍රියාවලියට අනුකූලතාව දැක්වූ වත්මන් ජනාධිපතිවරයා එය නිවැරදි කිරීමට පියවර ගැනීම සුවිශේෂ ය. හරියට අර ඔහු ග්‍රාමසේවක ලෙස ඉල්ලා අස්වීම භාර දුන් දිසාපති ඔස්ටින් ප්‍රනාන්දුව නැවත ඔහු ජනාධිපති වී ආණ්ඩුකාර පදවියකට පත් කරනවා වගේ ම ය.

ශිරානි බණ්ඩාරනායක පිරිසිදු අග විනිසුරුවරියකැයි අපි විශ්වාස නො කරමු. ඇය දේශපාලන පත්වීමක් ලද, මහින්ද රාජපක්ෂ පාලනයේ දූෂණයන්ට අනුබල දී වරප්‍රසාද ලබා ගත්, ඍජුවම දූෂණ චෝදනාවලට ලක් වී ඇති අයෙකි. ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අපි අවධාරණය කරන්නෙමු. ඇයට එරෙහි නඩු අස් කර ගැනීමට ඉඩ නො දිය යුතු ය. 2013 ජුලි 22දා අපි ඇය පිළිබඳව මෙසේ සටහන් කළෙමු. 

"බැලූ බැල්මටම බලය අනිසි ලෙස භාවිතා කරමින් දූෂිත ගනුදෙනු කීපයක යෙදී තිබෙනවා. ඒවා පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ කිසිදු වරදක් මම නම් දකින්නේ නැහැ.
මේ අය මේ දූෂණවල යෙදුනේ තමන් ආණ්ඩුවට කඩේ යන නිසා හා තමන්ට තිබුණු බලය නිසා තමන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්නේ කවුරුද කියා හිතාගෙන.
ලංකාවේ නඩුකාරයෝ කොහොමත් හිතාගෙන ඉන්නේ තමන් මහා සුපිරි චරිත විශේෂයක් ය කියායි. ඔවුන් නිසා මහජනතාව වන අපි අනන්ත පීඩාවන්ට පත් වෙනවා. මම දන්න එක් ආසන්න සිද්ධියක් තමයි, එක් නඩුකාරියක් පාසලක සීනුව ඇයට කරදරයක් ය කියා එය නවත්වන්නැයි පාසලකට පණි‍‍වුඩ පිට පණිවුඩ එවීම. වැස්ස වෙලාවක උසාවියට ආවාම කාරයෙන් බසිද්දී කුඩය ඇල්ලූ මිනිසාටත් දඬුවම් කළ නඩුකාරයෝ මේ රටේ ඉඳලා තිබෙනවා. ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ තිබෙන ගැටලු හා නීතිඥ රස්සාවේ වෘත්තිකභාවයේ අඩුලුහුඬු නිසා ලංකාවේ අධිකරණවලදී ජනතාව අසීමිතව පීඩාවට පත් වෙනවා. 
මේ ආණ්ඩුවේ ලොක්කන්ගේ සිට සොක්කන් දක්වා කට්ටිය ගැන කිසියම් දිනෙක දූෂණ පරීක්ෂණ කළොත් මම හිතන්නේ ඒ වෙනුවෙන් වෙන ම රහස් පොලිසියක් දාන්න වෙයි. දඬුවම් කළොත් මම හිතන්නේ ආත්ම ගණනක් හිරේ තමයි. නීතිය අතට අරගෙන සිටින ඔවුහු දණ්ඩනය පාවිච්චි කරන්නේ අනෙක් මිනිසුන් යටත් කරගන්න.
හැබැයි‍, එහෙම කියලා අපි මේ පොඩි පහේ හොරුන්ගේ දූෂණවලට එරෙහි නො වී සිටිය යුතු ද? නැහැ"

ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයට ලක් කළ ආකාරය මිස ඇයට එරෙහිව ගන්නා ලද අධිකරණ ක්‍රියාමාර්ග වැරදි යයි අපි නො කියමු. ඒවා ඉදිරියට යා යුතු ය. ඇය වංචනික ක්‍රියාවක යෙදී තිබේ නම් ඇය දඩුවම් ලැබිය යුතු ය. නඩුකාරයන් තමන් සුපිරි පුරවැසියන් පිරිසක් ය කියා සිතන තත්වය ‍වහා වෙනස් කළ යුතු ය.

වැඩ භාරගෙන දිනකින් ඉල්ලා අස් වීමට ඇය ගත් තීරණය අපි අගය කරමු. ශ්‍රේෂ්ඨාධිකරණයට දේශපාලන පත්වීම් දීම වැනි අධිකරණයට දේශපාලන අතපෙවීම් සිදු කිරීම මෙතැනින් අවසන් කළ යුතු ය. 

පිරිසිදු, ස්වාධීන මෙන් ම මානව හිතවාදී ද වූ අධිකරණයක් නිර්මානය කිරීමට පියවර ගත යුතු ය. 

වර්තමා‍නයේ අධිකරණය ජනතාව‍ පෙළන, අල්ලස, දූෂණය රජ කරන තැනකි. හෙට පත් වන නව අග විනිසුරුවරයාත්, අධිකරණ ඇමතිවරයාත් මේ කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. අධිකරණය ජනතාව පෙළන තැනක් නොව ජනතාවට යුක්තිය, සාධාරණය ඉටු කරන තැනක් විය යුතු ය. 

පසුව එකතු කරමි: 

මෙම ඉවත් කිරීම හා සම්බන්ධ නීතිමය පසුබිම මෙම ලිපියෙහි පැහැදිලි කෙරේ. How President Sirisena Used his Powers to Remove Mohan Peiris and Restore Shirani Bandaranayake as Chief Justice

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් ඉවත් කළ ආකාරය හා ඒ වෙනුවට ශිරානි බණ්ඩාරනායක 'පත් කළ' ආකාරය නිවැරදි ය.

මූලික කාරණය වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ඉවත් කරන්නේ ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවෙන් එවැනි ඉවත් කිරීමක් සඳහා ඉල්ලීමක් නැතිව ය.

එබැවින් මොහාන් පීරිස්ගේ පත්වීම ම නීත්‍යානුකූල නැත. එසේම ශිරානි බණ්ඩාරනායක ඉවත් කිරීමක් ද සිදු වී නැත.

ආණ්ඩුවට මෙම පියවර ජනවාරි 09දා ම ගන්නට හැකියාව තිබිණි. එහෙත්, එසේ නො කර වසර දෙකක් තනතුරේ සිටි මොහාන් පීරිස්ට ගෞරවනීය ලෙස ඉවත්ව යාමට අවස්ථාවක් දී තිබිණි. ඔහු එය අපහරණය කළේ ය.

මෙතැන අනෙක් ගැටලුව වන්නේ රජය මෙහි නීතිමය පසුබිම කල් තබා පැහැදිලි කර නො දීමයි.

කෙසේ වෙතත්, අවශ්‍ය දෙය නීත්‍යානුකූලව සිදු වී තිබේ. මෙය මීට වඩා හොඳ ආකාරයකට කරන්නට අවස්ථාව නො ලැබුණේ මොහාන් පීරිස්ගේ අනම්‍යශීලිත්වය නිසා ය.

මින් ඉදිරියට මෙවැනි අවුල් නිර්මානය නො වන්නට අප සියලු දෙනා ම වග බලා ගත යුතු ය.

මල්? මෙන මල්ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

සිරකරුවන් මරා දැමීම ‍පහත්, නීච පාලකයන්ගේ ප්‍රධාන ලක්ෂණයකි

සිරකරුවන් විසින් අවි අතට ගෙන කරන ලද කැරැල්ල මර්දනය කළ යුතුව තිබිණි. එහෙත්, ඔවුන් නිරායුධ කිරීමෙන් ‍පසු තෝර, තෝරා වෙඩි තබා මරා දැමීම නීති විරෝධී මනුෂ්‍ය ඝාතනයකි. 
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වනාහි අපරාධ මානසිකත්වයෙන් යුත්, දූෂිත උම්මත්තකයන් පිරිසකගේ පාලනයකි. 

ශිෂ්ට පාලකයන් විසින් අත නො ගසනු ලබන නීච කාර්යයන්ට අතගැසීමේ එඩිතරකම මේ පාලකයන්ට ලැබුණේ ඒ මානසිකත්වය නිසා ය. 

මෙවැනි පාලකයන් මීට පෙර ද ලංකාවේ බලයේ සිටිය හ. උදාහරණයක් ලෙස ජේ. ආර්. ජයවර්ධන 1983 ජුලි කලබලය නිර්මානය කරමින් දෙමළ ජන සංහාරයක් හා අති දැවැන්ත දේපල විනාශයක් සිදු කළේ ය.

එසමයේ ඔහුගේ අනුදැනුම ඔස්සේ හා නීතිමය රැකවරණය ඔස්සේ දෙමළ දේශපාලන සිරකරුවන් පනස් ගණනක් වැලිකඩ බන්ධනාගාරය තුළ කපා කොටා මරා දමන ලදී. 

සිරකරුවන් මරා දැමීම ‍පහත්, නීච පාලකයන්ගේ ප්‍රධාන ලක්ෂණයකි. 

නීතියේ ආධිපත්‍යය සුන් කර දමා, විෂමතා බෝ කර, පාරිභෝජනවාදී ධනේශ්වර ජීවන විලාසය උත්කර්ෂයට නැංවීම අපරාධ සුලබ වීමට හේතුවයි. පාලකයෝ ම කුඩු විකුණා මුදල් හම්බ කරගෙන ඇති බව දැන් ඔප්පු වෙමින් තිබේ. පාලකයෝ ම පොලිසිය, ආරක්ෂක හමුදා හා ඝාතක කල්ලි යොදාගෙන අපරාධවල යෙදුණු බව දැනට ලැබී ඇති ඇතැම් පැමිණිලි සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදු වුවහොත් හෙළිදරව් වනු ඇත.   

මේ සියල්ලෙන් අනතුරුව, දේශපාලන ජනප්‍රියත්වය පිණිස, නීතියේ දැලට හසු වූ හාල්මැස්සන් වැනි අපරාධකරුවන්ට නීතියට පිටින් මරණීය දණ්ඩනය ලබා දී සමාජය සතුටු කිරීමේ වැඩපිළිවෙලක් ද මහින්ද රාජපක්ෂ පාලනය විසින් පවත්වාගෙන යන ලදී. මෙය ප්‍රසිද්ධ වූයේ අත් අඩංගුවට පත් වූවන් ආයුධ පෙන්නන්නට යාම කියා ය. 

සියුම් ලෙස පරීක්ෂණ මෙහෙයවමින් අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ බොහෝ දක්ෂ පොලිස් නිලධාරීහු මෙවැනි නීති විරෝධී, සමාජ විරෝධී ක්‍රියාවලට සම්බන්ධ නො වූ බව අප පවසන්නේ ඔවුන්ට සාධාරණය ඉටු කිරීමටයි. 

මහින්ද රාජපක්ෂ පාලනයේ ඉහළම තැන් දක්වා ම ලාභ බෙදුණු කුඩු ජාවාරමක් කරගෙන ගිය වෙලේ සුදා ආරක්ෂා කර ගැනීම දැන් බරපතල ප්‍රශ්නයක් වී තිබේ. සාක්ෂි විනාශ කිරීම සඳහා වෙලේ සුදා මරා දමනු ඇතැයි සැකයක් ඇති වී තිබේ. 

අපරාධකරුවෝ වනාහි මේ සමාජ ක්‍රමයේ ම ප්‍රතිඵලයකි. ඔවුන් සිරගත කරන්නේ පුනරුත්ථාපනය සඳහා ය. ලංකාව නීතිමය වශයෙන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නො කරන ශිෂ්ට රටකි. එහෙත්, පසුගිය කාලයේ ර‍ට පාලනය කළේ පුනරුත්ථාපනය කළ යුතු, අපරාධ මානසිකත්වයෙන් සිටි පිරිසකි. ඔවුන් යටතේ සිරකරුවන් තුච්ඡ නින්දිත ලෙස සිරගෙවල්වල ඝාතනය කරන ලදී. 

මේ දේවල් කළේ බාල ජනප්‍රියත්වය උදෙසා ය. උසස්වීම් වැනි වරප්‍රසාද වෙනුවෙන් ඒවා ක්‍රියාත්මක කළේ පොලිසියේ, ආරක්ෂක අංශවල හා රජයේ සේවයේ පහළ නිලධාරීහු ය. ඔවුන්ට සිය වැරදි පාපොච්චාරණය කර පුනරුත්ථාපනය වීම සඳහා අවස්ථාවක් ලබා දිය යුතු ය. 

අපි මෙම අපරාධකාරී සංස්කෘතිය අවසන් කළ යුතු ය. එ‍් වෙනුවෙන් ඉදිරියට පැමිණ නො බියව ඇත්ත පැවසිය යුතු ය. 

මෙම වින්දිතයා එවැනි එඩිතර මිනිසුන්ට ආදර්ශයකි. 

2012 වැලිකඩ සිරකරුවන් ඝාතනය කිරීම සිදු වූයේ ආරක්ෂක අංශ විසින් සිතා මතා කරන ලද ප්‍රකෝපකාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙසයි. සිරකරුවන් විසින් අවි අතට ගෙන කරන ලද කැරැල්ල මර්දනය කළ යුතුව තිබිණි. එහෙත්, ඔවුන් නිරායුධ කිරීමෙන් ‍පසු තෝර, තෝරා වෙඩි තබා මරා දැමීම නීති විරෝධී මනුෂ්‍ය ඝාතනයකි.
  



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-01-27

දූෂිත, කුමන්ත්‍රණකාරී අග විනිසුරු පන්නමු!

මහින්ද රාජපක්ෂ පාලනය විසින් තමන් විසින් ම අවිධිමත් ලෙස පත් කරන ලද හිටපු අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක අයුක්ති සහගත ලෙස දෝෂාභියෝගයට ලක් කරමින් එම තනතුරට පත් කර ගන්නා ලද දූෂිත, පක්ෂග්‍රාහී පුද්ගලයකු වන මොහාන් පීරිස් ජනාධිපතිවරණයට පසු දින ප්‍රතිඵල අත්හිටුවා, හමුදාව යොදවා, මහින්ද රාජපක්ෂ දිගට ම බලයේ තබා ගැනීමට කරන ලද කුමන්ත්‍රණයට ද සම්බන්ධ වූයේ ය.

මහින්ද රාජපක්ෂ පාලන‍ය පෙරළීමෙන් අනතුරුව ඔහුට ඉල්ලා අස් වන ලෙස සිදු වූ බලපෑම් තුට්ටුවකට මායිම් නො කරන ඔහු විවිධ මාධ්‍ය සංදර්ශන පෙන්වමින් හා අස් වීමට විවිධ කොන්දේසි දමමින් තනතුරේ රැඳී සිටියි. 

මෙවැනි දූෂිත, පක්ෂග්‍රාහී අග විනිසුරුවරයකු බලයේ තබා ගැනීම නව රජයට ඉතා අහිතකර ය. මොහු දැනට නිශ්ශබ්දව සිටිය ද අවස්ථාව උදා වූ හැටියේ දෂ්ට කරනවා ඇත. 

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය විසින් අග විනිසුරු ධුරයට පත් කරන ලද සරත් නන්ද සිල්වාට එරෙහිව කටයුතු නො කිරීම නිසා 2001දී බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස බලයෙන් පහ කිරීමට චන්ද්‍රිකාට සරත් නන්ද සිල්වාගේ සහයෝගය ලැබිණි. 

වසරකට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට ඇති බලතල කප්පාදු කිරීමට ගෙන ආ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය බව කියා කඩාකප්පල් කළේ ද, 2003 නොවැම්බරයේදී ජනාධිපති චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුවේ ඇමති තනතුරු තුනක් බලෙන් පවරා ගැනීම නීත්‍යානුකූල යයි තීන්දු කළේ ද සරත් නන්ද සිල්වා ය. 

මොහාන් පීරිස් අග විනිසුරු ලෙස ඉදිරියේදී සිදු වන ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට කුමන උදැල්ලක් දමනු ඇද්දැයි අනුමාන කර ගන්න. 

ඔහු යන්නේ නැත. පැන්නිය යුතු ය.

"දූෂිත, කුමන්ත්‍රණකාරී අගවිනිසුරුට ඉල්ලා අස්වීම සඳහා බල කෙරෙන අඛණ්ඩ විරෝධතාවය හා සත්‍යග්‍රහය"

2015.01.28 දින පෙ.ව 8.30 ට නීතිඥ ප්‍රජාව, සිවිල් සංවිධාන හා මහජන සහභාගිත්වයෙන් අළුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී.


අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය අපේක්ෂා කරන සියළු පුරවැසියන්ට ආරාධනා.


සංවිධානය - නීතිඥ එකමුතුව


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

පොලිසියට දී ඇති නිදහසේ මිනී මැරීමේ අවස්ථාව අහිමි කරනු!

මෙම ඡායාරූපයේ සිටින පිරිස උද්ඝෝෂණය කරන්නේ පුත්තලම පොලිසියේ නිලධාරියකු විසින් පුත්තලම රෝහල් භූමියේදී පුද්ගලයකුට වෙඩි තැබීමට එරෙහිවයි. 

සිද්ධියට මුල් වී තිබෙන්නේ පොලිසිය සමග ඇති වූ තර්ක කිරීමකි. වෙඩි වැදුණු පුද්ගලයා පොලිස් අණ නො තකා ධාවනය කළ බව පොලිසිය කියයි. තර්ක කිරීම සිදු වී තිබෙන්නේ ඒ නිසා ය. සිද්ධිය වී තිබෙන්නේ පසුගිය ජනවාරි 25දා ය.

පොලිසිය හෝ හමුදාව සමග තර්ක කිරීම ඉතා අනතුරුදායක බව මේ රටේ ජනතාව දනිති. හේතුව ඔවුන් අතට දී ඇති ගිනි අවි හා ඔවුන් සතු බලය වඳුරන් අත දැලි පිහි වැනි බව කවුරුත් දන්නා නිසා ය. එහෙත්, ඇතැම් එඩිතර මිනිස්සු තමන්ට අසාධාරණයක් වූ විට එයට එරෙහිව පොලිසිය සමග තර්ක කරති. පොලිසියට තර්ක කිරීම රුස්සන්නේ නැත. 

ලංකාවේ පොලිසිය කාලාන්තරයක් තිස්සේ හිතන්නට හුරු වී සිටින්නේ තමන් මහජනයා මර්දනය කරන්නට සිටින ආයතනයක් ය කියා මිස තමන් මහජන සේවාවක් ය කියා නො වේ.  මහමගදී පොලිස් නිලධාරියකුගෙන් පාරක් අසනවාටවත් ඇතැම් පොලිස් නිලධාරීන් කැමති නැත.

පොලිසිය ඉතා සුළු හේතු මත මිනිසුන් මරා දැමූ සිද්ධි ගණනාවක් පසුගිය සමයේ වාර්තා විය. පොලිස් නිලධාරීන්ට පහර දුන් හා ඝාතනය කළ ඇතැම් සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට කළේ ඔවුන් පන්නාගෙන ගොස් ඉතා කෘර ලෙස මරා දැමීමයි. මරා දමන ලද එම සැකකරුවන්ගේ මළ සිරුරු පවුලේ අයට අවශ්‍ය අන්දමින් ආදාහනය කිරීමටවත් පොලිසිය ඉඩ දුන්නේ නැත. කඹුරුපිටියේ පොලිස් නිලධාරියකු මරා දැමූ බවට සැක කර පුද්ගලයන් කීපදෙනෙකු මරා දමන ලද අන්දම නිදසුන් ලෙස සැලකිය හැකි ය. 

පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් කොළඹ මුහුදු වෙරළ ආසන්නයේදී මානසික රෝගියකුට පහර දී ඔහු දියේ ගිල්වා මරා දමන ලද ආකාරය දෙනෝදාහක් බලා සිටි අතර කැමරාවල සටහන් වී තිබිණි. 

බරපතල අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ‍ව්‍යාජ හේතු දක්වමින් ඝාතනය කිරීම පසුගිය සමයේ පොලිසියේ රැල්ලක් විය. නරක ම තත්වය වන්නේ මේ රටේ ජනතාව මේ අපරාධ අනුමත කරන තත්වයක් නිර්මානය වීමයි. නීතියට පිටින් අපරාධ සැකකරුවන්ට දඬුවම් කිරීමෙන් පොලිසිය ජනප්‍රිය වන්නට උත්සාහ කළේ ය. 

මේ සියල්ලට ම හේතුව පසුගිය සමයේ මේ රට පාලනය කළ උම්මත්තකයන් පිරිසට නීතිය, යුක්තිය ගැන තිබුණු නො දැනුමයි. පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලැබුවේ ඔවුන්ගේ ක්‍රමයයි. 

පොලිසිය මර්දනීය ආයතනයක තත්වයෙන් වෙනස් කර මහජන සේවාවක් බවට පත් කිරීම අද දවසේ මේ රට හමුවේ ඇති බරපතල අභියෝගයකි.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-01-26

අලුත් ආණ්ඩුවට එරෙහිව තවත් කුමන්ත්‍රණයක් අත ළඟ ද?

අපි ඒකාධිපති රාජපක්ෂ රෙජිම පන්නා දැමුවෙමු.

නව ආණ්ඩුවේ දින 100 ප්‍රතිසංස්කරණ හා සහන වැඩසටහනටත්, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන සෙසු ප්‍රගතිශීලී පියවරවලටත් අපි සහයෝගය දෙන්නෙමු.

එසේම, ඒකාධිපතියාගේ හෝ ඔහුගේ අන්තේවාසිකයන්ගේ යළි පැමිණීම වැළැක්වීමට ද අපි කටයුතු කළ යුත්තෙමු.

මහින්ද දැන් සෙ‍මින් සෙමින් බෝලෙ බැස්සීම ආරම්භ කර තිබේ. පසුගිය දිනෙක ඔහු චම්පික රණවකට කතා කර ඇති බව වාර්තා වේ. "ඔයගොල්ලෝ කට්ටිය එකතු වෙලා මාව පැරැද්දුවා නේ ද?" මහි බබා අසා ඇත. මේ සෙන්ටිමෙන්ටල් ටෝක්වලට රැවටෙන කොකෙකු නො වන්නැයි අපි චම්පික රණවකට අවවාද කරමු. ඒකාධිපතියා දිනුවා නම් මේ වන විට ඔය කොයි කාටත් රෙන්න පුකේ ගූ නැති බව නැවත මතක් කර ගැනීම හොඳ ය.

මේ අතර අගවිනිසුරා ද සෙල්ලං දාන්නට පටන් ගෙන ඇත. පාප් ඇවිත් ගියාම යඤ්ඤං, උපන් දිනේට යඤ්ඤං ආදී වශයෙන් එක එක සෙල්ලං දාන ඔහුට දාලා දුවන්න දුන්නා නම් නරක ද යන්න ගල්පනා කළ යුතු ය. ඔහුට හා ඔහුගේ බොසාට එරෙහිව ඇති රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධ විමර්ශන කඩිනම් කළ යුතු ය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ ද පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡා දෙමින් මං සුදනා වෙන්නට හදමින් ඇත. 




මේ වන විට නන්නත්තාර වී සිටින විමල් වීරවංශ, උදය ගම්මන්පිල, තිස්ස අත්තනායක වැනි අය මහින්දගේ නැට්ටේ එල්ලී පාර්ලිමේන්තු යාමට සැලසුම් කරමින් සිටින බව ද වාර්තා වේ. 

මොවුන්ට නටන්නට දුන්නොත්, ළඟදීම තවත් කුමන්ත්‍රණයක් සිදු වෙන්නට ඉඩ තිබේ. මේ වනාහි ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් නො වේ. අප ඔවුන්ගෙන් පරිස්සම් විය යුත්තේ එහෙයිනි. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් භුක්ති විඳින්නට ඉඩ දිය යුතු ය. එහෙත් කුමන්ත්‍රණ කරන්නට අවස්ථාව නො දිය යුතු ය.

ඒ නිසා ජනතාව අවදියෙන් සිටීම අවශ්‍ය ය. ඒකාධිපතියාට නැවත එන්නට කිසි සේත් ම ඉඩ නො දිය යුතු ය.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

සිරසේ කට්ටිය තාම රෙන්නේ වල කක්කුස්සිවල ද?

සිරසේ ගිය පහත පළ වන ප්‍රවෘත්තිය හිටපු වරාය ඇමතිවරයා හා සභාපතිවරයා භාවිතා කළ බව කියන හම්බන්තොට වරායේ පිහිටි කාමර දෙකක් ගැනයි. සිරස රූපවාහිනිය එ්වා හඳුන්වන්නේ 'අධි සුඛෝපභෝගී' කාමර ලෙසයි. අපට නම් පෙනෙන පරිදි ඒවා යම් පිළිවෙලක් ඇති නිදන කාමර දෙකක් පමණි. මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකුගේ කාර්යාලවල මෙවැනි පහසුකම් තිබේ.

මේවාට අධි සුඛෝපභෝගී යන වදන භාවිතා කරන අය තවම රෙන්නේ වල කක්කුස්සිවල විය යුතු ය. නිදා ගන්නේ බූරු ඇඳන්වල විය යුතු ය.

මෙවැනි පුවත්වලින් සිදු වන්නේ වත්මන් ඇමතිවරුන් ජෝක් වීම හා පසුගිය ආණ්ඩුවේ දූෂණ හෙළිදරව් කිරීම ද සිල්ලර වැඩක් බවට පත් වීමයි.

වරායේ මීට වඩා ගැහිලි තිබේ. හෙළිදරව් කළ යුත්තේ ඒවා ය. 

සිරස පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂ පොදු අපේක්ෂකවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් දැවැන්ත වැඩ කොටසක් කළේ ය. එය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිරසෙන් සිදු වූ දැවැන්ත මෙහෙයකි. එහෙත්, සිරසේ ජනමාධ්‍යකරුවන් විසින් කරනු ලබන ඇතැම් කටයුතු හේතුවෙන් සිරස විහිළුවක් බවට පත් වන බව අපි අපගේ ෆේස්බුක් පිටුව හරහා පෙන්වා දුන්නෙමු. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-01-25

ඇවන්ට් ගාඩ් ආරක්ෂක සමාගම ගෝඨාගේ හෙල්පිං හම්බන්තොට ද?

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නීති විරෝධී ක්‍රියා දෙකක් මේ වන විට හෙළිදරව් වී තිබේ. ඉන් එකක් වන්නේ කොළඹ ගාලු මුවදොර ආසන්නයේ යුද හමුදා මූලස්ථානය විකුණා ලබා ගත් මුදල් නීත්‍යානුකූල අන්දමින් රජයේ සංයුක්ත ගිනුමට බැර නො කර, පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තොරව ආරක්ෂක ලේකම් නමින් වෙනම ගිනුමක තබා ගැනීමයි.

එයට කැබිනට් අනුමැතිය ගත් බව ඔහු කියතත්, එවැනි ක්‍රියාවක් අනුමත කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව දැන් හෙළි වී තිබේ.

එයින් පසු ‍ගෝඨාභය රාපක්ෂ කියන්නේ එ‍සේ නො කළා නම් අකුරුගොඩ නව හමුදා මූලස්ථානය මේ අන්දමින් ගොඩනගන්නට නො ලැබෙන බවයි. එය නම් අපූරු කතාවකි. ඔහු ඇත්ත වශයෙන් ම පසුගිය ආණ්ඩුවේ දෙවන බලවත් ම පුද්ගලයා විය. රාජ්‍ය සේවය තුළ ඔහුට බැරි දෙයක් නො තිබිණි. එහෙම තත්වයක් තුළ රටේ පවතින නීතියට අනුකූලව අරමුදල් සම්පාදනය කරගෙන හමුදා මූලස්ථානය හදන්නට ඔහුට බැරි ද?

රාජ්‍ය අංශය තුළ ඔහුට කළ නො හැක්කක් නොමැති බව සඳහා නිදසුනකි, දෙවන සිද්ධිය. ඒ ඇවන්ට් ගාඩ් සිද්ධියයි. සැකෙවින් මෙසේ ය.

සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගෙන් නැව් ආරක්ෂා කර ගැනීම සඳහා වෙළඳ නැව්වලට අවි සහ ආරක්ෂාව සැපයීමේ ව්‍යාපාරයක් නාවික හමුදාව කරගෙන ගියේ ය. වෙළඳ නැව් ආරක්ෂා කරන සමාගම්වල අවි ආරක්ෂා කිරීම ද නාවික හමුදාව විසින් කරන ලදී. මෙම ව්‍යාපාරය විධිමත් කරන මුවාවෙන්,ගෝඨාභය එම කාර්යය ඇවන්ට් ගාඩ් නම් තමන්ට හිතවත් පෞද්ගලික ආරක්ෂක සමාගමකට පැවරී ය.

ගුවන් සේවා සැපයීම වඩා හොඳින් කිරීම සඳහා රජයට ශ්‍රීලන්කන් ගුවන් සේවය රජයට පවරා ගන්නා ලදී. මිහින් එයා නමින් අලුත් සමාගමක් ද පිහිටුවන ලදී. ෂෙල් ගෑස් සමාගම රජය විසින් මිළ දී ගනු ලැබී හ. එහෙව් ලොකු ලොකු ව්‍යාපාර කරන්නට පුළුවන් රජයට මේ නාවික ආරක්ෂක ව්‍යාපාරය කරන්නට බැරි ඇයි?

දැන් මේ ව්‍යාපාරය හොඳින් සිදු වෙන බව ඇවන්ට් ගාඩ් නාවික ආරක්ෂක සමාගමේ සභාපති මේජර් ජනරාල් නිශ්ශංක සේනාධිපති පවසයි.එහෙත්, එම සමාගම ලාභ නො ලබන බවක් ද ඔහු පවසයි. හොඳින් පවත්වාගෙන යන සමාගමක් ලාභ නො ලබන්නේ ඇයි? හේතුව පැහැදිලි ය. මේ සමාගමේ ලාභය එය කළමනාකරණය කරන බව කියන නිශ්ශංක සේනාධිපති වැනි අය වැටුප් ලෙස ලබා ගනිති. රජයේ සෙසු සමාගම්වල සිදු වන්නේ ද මෙය ම ය.

මෙම පාවෙන අවි ගබඩාව හමු වූ ගාලු වරාය අයත් වන්නේ රජයටයි. එම සමාගම මගින් නැව්වලට ආරක්ෂාව සැපයීමේදී යොදාගෙන තිබෙන්නේ ආරක්ෂක හමුදාවලින් මිළ දී ගත් බව කියන ආයුධයි. නැව්වල ආරක්ෂකයන් ලෙස යොදවා තිබෙන්නේ විශ්‍රාමික නාවික හා යුද හමුදා සෙබලු ය. ඔවුන් සේවයේ යොදවන්නේ රක්නා ලංකා නම් රජයට අයත් මිනිස් බල හා ආරක්ෂක සමාගමක් හරහා ය. මෙම පාවෙන අවි ගබඩාවට ආරක්ෂාව සපයා තිබෙන්නේ ද නාවික හමුදාවයි. මේ කියන ලද සියලු කටයුතු රජය අතින් ඉටු වන අතරතුර එහි අතරමැදි කාර්යයක් කරන ඇවන්ට් ගාඩ් සමාගම පමණක් පෞද්ගලික සමාගමකි.

ඇවන්ට් ගාඩ් යනු නාවික ආරක්ෂක සේවයේ පළපුරුදු සමාගමක් නො වේ. එසේම, එය ඔය කියන තරම් ජාත්‍යන්තර සමාගමක් ද  යන්න ද විමර්ශනය කළ යුතු ය. ඔවුන් සතු පාවෙන අවි ගබඩා ගැන කියන තොරතුරු අතිශයෝක්තියෙන් යුක්ත බව පෙනේ. ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විසස් (ප්‍රයිවට්) ලිමිටඩ් යනු 2011දී ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේ පිහිටුවනු ලැබූවකි.

මෙම සමාගම කටයුතු කරන්නේ ජාත්‍යන්තර නීති යටතේ බව නිශ්ශංක සේනාධිපති පවසයි. ඒ කුමන නීති යටතේ ද යන්න සොයා බැලිය යුතු ය.

ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විසස් වෙබ් අඩවියේ සඳහන් වන පරිදි එය ශ්‍රී ලාංකික සමාගමකි.
 
නාවික හමුදාව විසින් කරමින් සිටි කාර්යයක් එයින් ඉවත් කර වඩා හොඳින් කිරීම සඳහා ඇවන්ට් ගාඩ් නාවික ආරක්ෂක සමාගම ම තෝරා ගත්තේ ඇයි? මේ තෝරා ගැනීම සිදු වූයේ විනිවිදභාවයකින් යුතුව ද?

රජය සමග කරන ව්‍යාපාර හා රජය කරන ව්‍යාපාර පිළිබඳ ප්‍රශ්න කිරීමට රජයේ කොටස්කරුවන් වන ජනතාවට ඉතා පැහැදිලි අයිතියක් තිබේ. ඒවා විනිවිදභාවයකින් යුතුව කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමකි.

මේ ඇවන්ට් ගාඩ් නාවික ආරක්ෂක සමාගමේ හෝ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ ව්‍යාපාරය සාමාන්‍ය සිකියුරිටි සර්විස් එකකට වැඩි දෙයක් නො වේ. එකම වෙනස මෙය මුහුදේ සිදු වීම හා ජාත්‍යන්තර ව්‍යාපාරයක් වීමයි. මේවායේ රාජ්‍ය රහස් නැත. එසේම, මෙය රට වෙනුවෙන් කරන මහා දැවැන්ත සේවාවක් ලෙස අතිශයෝක්තියට නැගිය යුතු නැත.

මෙතන සිදු වන්නේ සෝමාලි කොල්ලකරුවන්ගෙන් නැව් ආරක්ෂා කර ගැනීමයි. මේ ආරක්ෂක සේවාවල පැවැත්ම සඳහා ‍‍සෝමාලි හා වෙනත් මුහුදු කොල්ලකරුවන්ගේ පැවැත්ම ද අත්‍යවශ්‍ය සාධකයකි. මේ සමාගම් සෝමාලි මුහුදු කොල්ලකරුවන් නඩත්තු කරනවා ඇතැයි සාධාරණ සැකයක් මතු වේ.

‍අපේ රටේ ‍මේ බිස්නස් රන් කරන අය ද සෝමාලි කොල්ලකරුවන්ට නො දෙවෙනි බව කවුරුත් දනිති.

"රක්නා ලංකා කියන්නේ විශාල කැපකිරීමකින් හා උත්සාහයකින් ගොඩනගපු ආයතනයක්." - ගෝඨාභය රාජපක්ෂ, සී.ඒ. චන්ද්‍රප්‍රේම සමග සම්මුඛ සාකච්ඡාව

ලංකාවේ තිබෙන අනෙකුත් සිකියුරිටි සර්විස් ව්‍යාපාර ගොඩනැගූවන් කිසිවෙක් මෙසේ කියන්නේ නැත. මෙවැනි සමාගමක් හදන්නට ඔය තරම් කැප කිරීම් කළ යුතු ද? කළා ය කියමු. ඉතින් කරන්න තමයි මහජනතාව ඔබට වැටුප් ගෙව්වේ. රජයේ නිලධාරීන් කටයුතු කළ යුත්තේ රාජ්‍ය නීති රීති අනුව මිස තම හිතුමතයට නො වේ. ඔවුන් පරිහරණය කරන ප්‍රාග්ධනයේ හා දේපලවල අයිතිකරුවෝ මේ රටේ ජනතාවයි.


ආරක්ෂක සේවයෙන් විශ්‍රාම ලැබූ හමුදා නිලධාරීන්ට හොඳින් සැලකීම සඳහා මෙය ආරම්භ කළ බව ගෝඨාභය රාජපක්ෂ පුන පුනා පවසයි. රැකියා කළ හැකි වියේ පසු වන, කලින් විශ්‍රාම ලැබූ ආරක්ෂක හමුදා සාමාජිකයන්ට රැකියා අවස්ථා ලබා දීම හොඳ දෙයකි. එහෙත්, රජයෙන් විශ්‍රාම වැටුප් ද ලබන නිලධාරීන්ට අමුතුවෙන් සලකන්නට මහජන මුදලින් කොම්පැනිවලට වරදාන දිය යුතු නැත. 


අදාළ වෙබ් අඩවි: 

http://avantgarde.lk/index.html
http://www.avantmaritime.com/


 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-01-24

කියුබාව සම්බාධක රහිත යුගයකට

2013 වසරේ පැවැත්වුණු නෙල්සන් මැන්ඩෙලා සමරු මෙහෙය අවස්ථාවේ ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා හා කියුබානු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ දකුණු අප්‍රිකාවේදී ප්‍රසිද්ධියේ අතට අත දුන්නා. 

ඊට දින කීපයකට පසුව, තමන් අතර පවතින විෂමතාවයන්ට ගරු කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ කියුබාව අතර ශිෂ්ඨ සම්පන්න සම්බන්ධතා ඇති කර ගත යුතු බව ාවුල් කස්ත්‍රෝ පැවසුවා. "ඇමෙරිකාව තමන්ගේ දේශපාලන හෝ සමාජයීය ක්‍රමය වෙනස් කළ යුතුයි කියල අපි ඉල්ලන්නේ නෑ වගේම අපේ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධ සාකච්ඡා අපි පිළිගන්නේ නැහැ. අපිට අපේ ද්විපාර්ශ්වික සම්බන්ධතා ඉදිරියට ගෙන යාමේ සැබෑ අවශ්‍යතාවයක් තිබෙනවා නම්, අපි අප අතර පවතින වෙනස්කම්වලට ගරු කිරීමට ඉගෙන ගෙන සාමකාමී සහජීවනයකට හුරු පුරුදු විය යුතුයි."

ඇමරිකන් ගැති ආඥාදායකයකු වූ බැටිස්‌ටාගේ නායකත්වයෙන් යුත් ධනපති පාලනය පලවා හරිමින් ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් 1961දී කරන ලද කියුබානු විප්ලවයෙන් පසුව එක්සත් ජනපදය කියුබාව සමග සම්බන්ධතා අත්හිටවූවා පමණක් නොව එරටට එරෙහිව ආර්ථික සම්බාධකද පනවා තිබෙනවා. ඇමරිකාව පාමුල බිහි වූ මෙම කොමියුනිස්ට් රාජ්‍යය ආක්‍රමණය කර පරාජය කිරීමට නො හැකි වූ තැන එක්සත් ජනපදය කියුබාව විනාශ කිරීම සඳහා මෙම ආර්ථික සම්බාධක උපයෝගී කර ගත්තේ ය. ඉතිහාසය මුළුල්ලේ ම ඇමරිකාව සමග සමීප ආර්ථික සම්බන්ධතා පැවැත්වූ කියුබාවේ ජනතාවට මෙම ආර්ථික සම්බාධක හේතුවෙන් අති මහත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු විය. එපමණක් නොව කියුබාවේ සංවර්ධනයට ද එයින් ඇති වූයේ දැඩි බාධාවකි.

මෙම සංදර්භය තුළ නො නැසී පැවතීම සඳහා කියුබාව දැවැන්ත අරගලයක් කළේ ය. එහි වැදගත් කොටසක් සිදු වූයේ රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනය තුළ ය. කියුබාව පිහිටා තිබෙන්නේ ඇමරිකාවට අත පෙවිය හැකි මානයේ පිහිටි රටකි. උතුරු කියුබාවේ සිට ඇමරිකාවට ඇති දුර කිලෝ මිටර් 140 කි.

1990 දශකය ආරම්භයේදී සෝවියට් රුසියාව ඇතුළු සමාජවාදී කඳවුරේ සිද වූ බිඳවැටීමත් සමග ම කියුබාව දැවැන්ත අර්බුදයකට මුහුණ දුන්නේ ය. කියුබාව සිය අභියෝග ජය ගත් අාකාරය විමසා බැලීම සඳහා මෙම සිද්ධිය නිදසුනක් ලෙස සැලකිය හැකි ය. මේ පිළිබඳව කෘෂි විද්‍යාඥ රනිල් සේනානායක විසින් 2011 අගෝස්තු 2දා The Island පුවත්පතට ලියන ලද ලිපියක මෙසේ සඳහන් වේ.

‘‘මෙම තත්ත්වය ජාතික ආහාර අර්බුදයක් දක්වා කියුබාව තුළ වැඩෙන්නට විය. එම අර්බුදය හේතුවෙන් කියුබාවේ කෘෂිකර්මාන්තයට රසායනික ද්‍රව්‍ය යෙදවුම් ක‍්‍රමවේදයේ සිට ධරණීය කෘෂිකාර්මික සංවර්ධන ක‍්‍රමවේදයක් වෙත සීරුමාරු වීමට බල කෙරුණි. කියුබාවේ ආහාර පාන සංවර්ධනය පිළිබඳ ආයතන කාබනික කෘෂිකර්මාන්තය ඔස්සේ සමස්ථ ජනගහණයේ ම ආහාර අවශ්‍යතාව තෘප්ත කළ හැකි බවට නිගමනයක් ඉදිරිපත් කළේය’’ යනුවෙනි.

කියුබාව ලෝක දේශපාලනය තුළ ඓතිහාසික වශයෙන් වැදගත් වන්නට ප්‍රධාන හේතුව වන්නේ එය සමාජවාදය ගොඩනැගීම පිළිබඳ සංකීර්ණ ප්‍රායෝගික අත්දැකීමක් වන නිසා ය. කියුබාව ධනවාදී ආර්ථිකයට හා පාරිභෝජනවාදී ජීවිතයට විකල්ප ජීවිතයක් ප්‍රවර්ධනය කළේ ය. තරගකරුවන් බිලි ගනිමින් කතිපයාධිකාරයන් බවට වැඩෙන්නට උත්සාහ කරන ධනේශ්වර සමාගම් වෙනුවට කුඩා ව්‍යාපාර ද, රසායනික පොහොර හා පලිබෝධ නාශක මත යැපෙන ඒක භෝග මහා පරිමාණ වානිජ කෘෂිකර්මාන්තය වෙනුවට කුඩා ගොවීන් හා කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කළේ ය. අල්පේච්ඡතාව, සරළකම හා විනයගරුකත්වය මත පදනම් වූ සමාජවාදී සමාජ සංස්කෘතියක් ප්‍රවර්ධනය කළේ ය. ප්‍රජාතන්ත්‍රවාදය, බහු පක්ෂ දේශපාලනය, විසංවාදය නො ඉවසීම වැනි ප්‍රශ්න රාශික් කියුබාවට එරෙහිව මතු කළත්,  කියුබාව මේ වන විට ලොව අපරාධ අඩු ම, සෞඛ්‍ය සම්පන්න ම රටවල් අතරින් එකකි.  එහි ජනතාව උගත් ය. ධනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන පාරිභෝජනවාදී, උන්නතිකාමී, පුද්ගලවාදී ජීවිතය පිළිබඳ ඇල්මක් කියුබානු ජනතාව‍ගෙන් කොටසක් තුළ ද තිබේ. සිය ජනතාවගේ මෙවැනි හැඟීම් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කළමනාකරණය කර ගැනීම කියුබාව මුහුණ දෙන බරපතල ගැටලුවකි.

පනස් වසරක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදය සහ කියුබාව අතර පැවති විරසකය තුනීකරමින් 2015 ජනවාරි 21දා දෙරට අතර ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්විණි. මේ අනුව දෙරට තානාපති සේවා යළි ස්ථාපිත වේ.

අමෙරිකාවේ සහ කියුබාවේ ජ්‍යෙෂ්ඨ බලධාරීන් හවානා නගරයේදී හමු වී ආගමන - විගමන ගැටලු, තානාපති සේවා යළි ආරම්භ කිරීම, ව්‍යාපාරික සබඳතා තරකර ගැනීම ඇතුළු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත ය. මෙම ඓතිහාසික රැස්වීම පැවැත්වෙන්නේ ජනාධිපති ඔබාමා සහ කියුබානු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ මීට සති පහකට පෙර දෙරට අතර සබඳතා තහවුරු කරගන්නා බවට සිදුකළ ඒකාබද්ධ ප්‍රකාශනයේ ප්‍රතිඵලයක් වශයෙනි.

අමෙරිකන් නියෝජිත පිරිසේ නායකත්වය අමෙරිකන් නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රොබටා ජැකොබ්සන් විසින් ද කියුබානු නියෝජිත පිරිසේ නායකත්වය කියුබාවේ ඇමරිකා එක්සත් ජනපද කටයුතු පිළිබඳ විදේශ අමාත්‍ය අධ්‍යක්ෂ ජොසෆිනා විඩාල් විසින් ද හොබවනු ලැබේ. එක්සත් ජනපද වැසියන්ගෙන් ජනයාගෙන් තුනෙන් දෙකක් පමණ ජනාධිපති ඔබාමා විසින් ගන්නා ලද මෙම ඓතිහාසික තීරණය අනුමත කර ඇති බව ජනමත සමීක්ෂණවලින් පැවසේ. එහෙත්, මෙම සංවර්ධනයන්ට එරෙහි දැවැන්ත විරෝධයක් ද තිබේ. පස් වසරක් පමණ කාලයක් තුළ දෙරට අතර ගමනාගමනය සහ වානිජ කටයුතු සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ද පසුගිය සිකුරාදා ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉවත් කරන ලදී. ප්‍රතිචාර ලෙස කියුබානු රජය විසින් පසුගියදා ඇමරිකානු දේශපාලන සිරකරුවන් 53දෙනෙකු නිදහස් කරන ලදී.

ඇමරිකා එක්සත් ජනපදය සමග සබඳතා අලුත් කර ගැනීම හා ආර්ථික සම්බාධක ඉවත් කර ගැනීම ඔස්සේ තම ජන ජීවිතය යහපත් අතට හැරෙනු ඇතැයි කියුබානු ජාතිකයෝ බලාපොරොත්තු වෙති. මේ වන විට කියුබාවේ ආර්ථිකය බොහෝ දුරට කඩාවැටී ඇතැයි වාර්තා වේ. මේ අතර අමෙරිකන් ජනයාගෙන් තුනෙන් දෙකක් පමණ ජනාධිපති ඔබාමා විසින් ගන්නා ලද මෙම ඓතිහාසික තීරණය අනුමත කර ඇත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-01-23

න්‍යාය වමාරා කෑම වෙනුවට ප්‍රායෝගික අරගලය

ඒකාධිපති, ප්‍රජාතන්ත්‍ර විරෝධී මහින්ද රාජපක්ෂ පළවා හැරීමේ අරගලය සාර්ථක වේ යයි අපේක්ෂා නො කළ ප්‍රධාන බලවේගයක් වන්නේ අති වාම කණ්ඩායම් ය. මහින්ද රාජපක්ෂ කුමන හෝ ආකාරයකින් ජය ගනු ඇතැයි ඔවුහු විශ්වාස කළ හ. එහෙයින් මේ අති වාම කොටස් රාජපක්ෂ පැරදවීමේ අරගලයට සම්බන්ධ වූයේ නැත.

ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද ජනප්‍රිය තර්ක කීපයක් තිබිණි. ඒවා මෙසේ ය:


  • මෙය ධනපති පංතියේ අර්බුදයේ ප්‍රතිඵලයකි. එය සමහන් කරගැනීම සඳහා පීඩිත පංතිකයෝ උදව් කළ යුතු නැත.
  • එක් ධනපතියකුට එරෙහිව තවත් ධනපතියකු බලයට පත් කිරීමට උදව් කළ යුතු නැත.
  • මෙම අරගලයෙන් 'සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය' දිනා ගත නො හැකි ය.
  • කළ යුතුව තිබෙන්නේ මෙය නොව සමාජවාදී විප්ලවය සඳහා අරගල කිරීමයි.

මේ අතර දෙමළ ජාතික විමුක්ති අරගලය ලාංකීය විප්ලවයේ මූලික කොන්දේසියක් ලෙස සලකන අති වාම කොටස් හා කොටි සංවිධානය උත්සාහ කළේ දෙමළ ජනතාව ලවා ඡන්දය වර්ජනය කරවන්නටයි.


පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය හා සමාජවාදී සමානතා පක්ෂය ජනාධිපතිවරණයේදී ඡන්දය ඉල්ලා තමන්ගේ අපේක්ෂකයන් ඉදිරිපත් කළ හ. ‍ජවිපෙන් හා පෙරටුගාමී පක්ෂයෙන් කැඩී ගිය සමහර කුඩා අති වාම කණ්ඩායම් කිසිවක් නො කර වෙන්නේ කුමක්දැයි නිරීක්ෂණය කරන ස්ථාවරයක් ප්‍රකාශ කළ හ.

මෙම තත්වය ජනතා විමුක්ති පෙරමුණට ද බල පෑ අතර ජවිපෙ විපක්ෂ පොදු අපේක්ෂකයා වෙනුවෙන් කෙළින් ම සහාය ප්‍රකාශ කරන්නේ නැතිව‍, ජනාධිපති මහින්ද රාජපක්ෂ පැරදවිය යුතු බවත්, එහෙත් ඡන්දය දිය යුත්තේ කාටදැයි තමන් නො කියන බවත් කියමින් මොකක්දෝ අමුතු ක්‍රීඩාවක් කළේ ය.

එහෙත්, මේ ලියන අප ඇතුළු වාමාංශික හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයෝ බොහෝ දෙනෙක් මේ වාම විප්‍රකාර පිළිකෙව් කරමින් කොන්දේසි විරහිතව මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පාලනය පැරදවීම පිණිස විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරි‍සේනට සහාය දුන් හ. මහින්ද රාජපක්ෂ පැරදවීමෙන් පසුව ද අපි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය අඛන්ඩව ඉදිරියට ගෙන යන බව අපි ඉතා පැහැදිලිව කීවෙමු. සමූහයක් ලෙස අපි එය කරගෙන යමින් සිටිමු.

මහින්ද රාජපක්ෂ පැරදවීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දොරටුවක් විවර කර ගත හැකි බව අපි කීවෙමු. එවැනි දොරටුවක් විවර වී ඇති බව අපි දැන් දකිමු. දැන් අප අත තිබෙන වගකීම් වන්නේ ඒ දොරටුව වැසෙන්නට නො දී ඇර තැබීම හා දොරටුවෙන් විවර වූ අවකාශය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා අරගල කිරීමයි.

මාක්ස්වාදය යනු සමාජ අරගල හා සම්බන්ධ නො වන, පරමාදර්ශයන් වෙනුවෙන් පමණක් කටයුතු කරන දර්ශනයක් නො වේ. ලොව පුරා මාක්ස්වාදීන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලවල කොටස්කරුවන් වී තිබේ. ලොව කිසිදු සමාජවාදියෙක් එවැනි බහුජන අරගලවලදී ප්‍රජාතන්ත්‍ර විරෝධී ආඥාදායකයන්ට වාසි වන උපායමාර්ග තෝරා ගන්නේ නැත. ලංකාවේ සැබෑ සුපිරි වාමාංශිකයන් තමන් යයි සිතා සිටින අති වාම බලවේග කළේ මහින්ද රාජපක්ෂ බලයේ රඳවා ගැනීම සඳහා අනියමින් උදව් කිරීමයි. එය මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඍජුව පෙනී සිටි සමසමාජ, කොමියුනිස්ට්, වාසුදේව වැනි පක්ෂවල ක්‍රියා කලාපය ම ය. දෙක ම එක සේ ප්‍රතිගාමී ය.

මහින්ද රාජපක්ෂ වැනි දූෂිත ඒකාධිපතියකු බලයේ රඳවා ගැනීමෙන් මේ අති වාම කණ්ඩායම් බලාපොරොත්තු වන්නට ඇත්තේ කුමක් ද? මහින්ද රාජපක්ෂ බ‍ලයේ සිටියහොත් ධනේශ්වර ක්‍රමයේ අර්බුදය උත්සන්න වී, ධනවාදී ආර්ථිකය බිඳ වැටී, අරාජිකත්වයක් නිර්මානය වී සමාජවාදී විප්ලවයකට අවස්ථාව ලැබෙනු ඇති ය යන්න ඔවුන්ගේ බලාපොරොත්තුව බව පෙනේ. එහෙම වෙයි ද? අර්බුදය උත්සන්න වී, ධනවාදී ආර්ථිකය බිඳ වැටී, අරාජිකත්වයක් නිර්මානය වනවා ඇත. එහෙත්, නොවන දෙය වන්නේ සමාජවාදී විප්ලවයයි. එයට හේතුව වන්නේ අන් කිසිවක් නොව ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ අර්බුදයයි. ජනතාව සමාජවාදී විප්ලවයකට පෙළ ගස්වන්නට හැකි නායකත්ව බලවේගයක් නිර්මානය කිරීමට ලංකාවේ වමට බැරි ය. මූලික හේතුව වම ඒ සඳහා කිසිදු ගෙදර වැඩක් මේ මොහොතේ කරමින් නැතිකම පමණක් නො වේ. ලංකාවේ වම යනු ආගමික ස්වරූපී භක්තියකින් ප්‍රාතිහාර්ය සිදු වනු ඇතැයි සිතා සිටින මනෝරාජික සමාජවාදීහු පිරිසකි.

ඔවුන් සිතා සිටින්නේ අර්බුදය මැදින් නායකත්වයක් බිහි වී ව්‍යාපාරයක් ගොඩනැගෙනු ඇති ය කියා ය. එහෙත්, අද වන විට වාමාංශිකයන්ට පහේ කමිටුවක් හදාගන්නටවත් බැරි තරමට ආත්ම කේන්ද්‍රීය හා පුද්ගලෝත්තමවාදී ලෙස වාමාංශිකයෝ සීසීකඩ විසිර ගොසිනි. මෙම අතිවාම කණ්ඩායමිවල ජනප්‍රිය බහුජන නායකයන් කිසිවෙක් නැත.

මේ අතර, දෙමළ ජාතික විමුක්ති අරගලය ලාංකීය විප්ලවයේ මූලික කොන්දේසිය ලෙස සලකන බලවේගය බලාපොරොත්තු වන්නේ සිංහල සමාජය ජාතික අන්තවාදය දෙසට තල්ලු වීමයි. ඔවුන් බලාපොරොත්තු වන්‍නා සේ ම ඒකාධිපතියා දිගට ම බලයේ සිටියා නම් බොදු බල සේනා වැනි උමතු ජාතිවාදී, ආගම්වාදී කණ්ඩායම් සමග එක්ව සිංහල සමාජය ජාති හා ආගම් අන්තවාදයන් වෙත තල්ලු කරනවා ඇත. එය දෙමළ ජාතිවාදීන්ට සිය දෙමළ විමුක්ති අරගලය හෙවත් ඊලාම් රාජ්‍යයක් පිහිටුවා ගැනීමේ සටන ඉදිරියට ගෙන යාමට හොඳ තත්වයකි.

ඒකාධිපතියා සිය බලතල, ඔහුගේ ආධාරක පදනම, මාධ්‍ය, අධ්‍යාපනය ආදී සි‍යලු දේ භාවිතා කරන්නේ ජාතිවාදය, ආගම්වාදය, ජ්‍යෝතිෂය, හොර වෙදකම්, ප්‍රාතිහාර්ය ආදී ප්‍රතිගාමී අදහස් ප්‍රවර්ධනය කරන්නටයි. එවන් සංදර්භයක් තුළ සමාජවාදය පිළිබඳ කතිකාවක් සමාජය තුළ ඇති කරන්නට හැකි වන්නේ නැත.

ඒකාධිපතියා පළවා හැරීමත් සමග විවර වන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සමාජවාදී කතිකාව ඉදිරියට ගෙන යාම සඳහා යෝග්‍ය පසුබිමක් නිර්මානය කරයි. අපි ‍දොර ඇර ගත්තෙමු. දැන් කළ යුතුව තිබෙන්නේ කෝ අරක නෑ නේද, මේක නෑ නේද කියමින් කෝචොක් කර කර සිටීම නොව, නැති දේ ඇති කිරීමට අරගල කිරීමයි. ඕක හරියන්නෙ නැහැ, කරන්න ඕන මේක මුළුමනින් ම අනෙක් පැත්ත හැරවීම ය කියමින් කුටුම්බවලට ගාල් වී පාරිභෝජනවාදී ජීවිතවල ගිලී සිටින ඊනියා වම්මුන්ට කීමට ඇත්තේ එක දෙයකි. ඔබ වෙනුවෙන් ඉතිහාසය කටුගෙවල් නිර්මානය කරමින් තිබේ. අනාගතය තිබෙන්නේ ජනතාව සමග එක් වී අරගල කරන, ජනතාවට නායකත්වය දෙන වාමාංශිකයන්ට පමණි.


අපි මෛත්‍රීපාලගෙන් සමාජවාදය අපේක්ෂා නො කළෙමු. මහින්ද රාජපක්ෂ පැරදවීමෙන් අපි අපේක්ෂා කළේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය ඉදිරියට ගෙන යාමටයි. දැන් අති වාම කණ්ඩායම් පැත්තක සිට අපට කෝචොක් කරති. කෝ දූෂිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත්තා ද, යහපාලනය ඇති කළා ද වැනි ප්‍රශ්න ඔවුහු අපෙන් අසති. ධනවාදය තුළ 'සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය' ඇති නො වන බව කියති. මේ කිසිවත් අරගලයකින් තොරව සිදු වන්නේ නැත. එහෙයින් අපි තවමත් අරගල කරමින් සිටිමු. දෑස් ඇර බලන්න. ඒකාධිපති රාජපක්ෂ පවුලේ දූෂණ හෙළිදරව් වෙමින් තිබේ. ක්‍රියාමාර්ග වෙනුවෙන් අපි සටන් කරමින් සිටිමු. 2005 සිට රටේ බලය අල්ලාගෙන සිටි දුෂ්ට කල්ලියක බලය ශීඝ්‍රයෙන් හැකිළෙමින් තිබේ. සමාජය මිලිටරිහරණය සඳහා ඉවහල් වන ක්‍රියාමාර්ග ගනිමින් තිබේ. නවතම නිදසුන විශ්වවිද්‍යාලවලට ඇතුල් වන සිසුන් සඳහා අනිවාර්ය කර තිබූ, ආරක්ෂක හමුදා විසින් සපයන ලද නායකත්ව පුහුණුව නවත්වා තිබීමයි. උතුරු හා නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාර ධුරය හොබවමින් ආඥාදායක ස්වරූපයකින් පළාත් සභා මර්දනය කරමින් කටයුතු කළ හමුදා නිලධාරීන් ඉවත් කර තිබේ. පාලිත තෙවරප්පෙරුම වැනි එක්සත් ජාතික පක්ෂයේ මැර දේශපාලනඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය.

මේ කිසිවක් පරිපූර්ණ නැත. වෙනස යනු අප විසින් අරගලයක් ඔස්සේ නිර්මානය කළ යුතු දෙයකි. ධනේශ්වර පක්ෂ අපට ප්‍රජාතන්ත්‍රවාදය තිලිණ කර දෙන්නේ නැත. අපි එය අරගල කර දිනා ගත යුතු ය. සිදු වෙමින් තිබෙන දේ කෙරෙහි අන්ධ වී සිටින අති වාම කොටස් මෙම බහුජන අරගලවලට ද සම්බන්ධ වන්නේ නැත. ප්‍රායෝගික ජනතා අරගලවලට සම්බන්ධ නො වී න්‍යාය පට්ට ගසමින් සිටින මාක්ස්වාදීන් වමාරා කන හරකුන් වැනි ය.

සමාජ ක්‍රමය කඩා වැටී මිනිසුන්ට වෙනත් කිසිදු විකල්පයක් නොමැති තැන සමාජවාදය තෝරා ගනු ඇතැයි සිතා සිටීම මනෝරාජික අදහසකි. එය කිසිදාක සිදු වන්නේ නැත. ධනවාදය සමාජවාදය දෙසට පරිවර්තනය කළ හැකි ය. එසේම එය ම්ලේච්ඡත්ව වෙත ගමන් කරන්නටත් ඉඩ ඇති බව පෝලන්ත සමාජවාදී නායිකා රෝසා ලක්ෂම්බර්ග් සියවසකට ඉහතදී පෙන්වා දී තිබේ.

ලංකාවේ සමාජවාදියෝ යහපාලනයට විරුද්ධ ය. ඔවුන් යහපාලනය දකින්නේ ධනවාදයේ අර්බුදය කළමනාකරණය කර ගැනීමේ ක්‍රමවේදයක් ලෙස ය. එහෙත්, යහපාලනයක් නොමැති තැනක නිර්මානය වන්නේ කාලකන්නිකම හා කලකිරීම පමණි. එයින් මිනිසුන් සමාජවාදය වෙත යොමු වන්නේ නැත. බොහෝ විට සිදු වන්නේ ජනතාව ජාතික හා ආගමික අන්තවාදයන්ගේ පිළිසරණ පැතීමයි.

මේ මොහොත වන විට ධනේශ්වර එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර බල අරගලයක් ඇරඹී තිබේ. චමපික රණවක වැනි සිංහල ජාතිකවාදීහු ද සිය බලය වෙනුවෙන් සීතල යුද්ධයක් ආරම්භ කර හමාර ය. දින සීයේ වැඩපිළිවෙල අවසන් වන්නේ මෙම බලවේග අතර සංහිඳියාව සුණු විසුණු කර දමමිනි. එහෙත්, දින සීයේ වැඩපිළිවෙල යනු මෙම බලවේග ඔස්සේ ‍මේ රටේ සාක්ෂාත් කර ගත හැකි ඉතා ප්‍රගතිශීලී ජයග්‍රහණයකි. එමගින් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් වේ. මහින්ද රාජපක්ෂ වැනි ආඥාදායකයන් නැවත මතු වීම තීරණාත්මකව පරාජය කිරීමට එය ඉවහල් වනු ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ අයුක්තිය හා අකාර්යක්ෂමතාව ‍දෙසට නම්නීකරණය කර තිබුණු පොලිසිය, අධිකරණය, රාජ්‍ය ‍සේවය වැනි ව්‍යූහයන් හරි දිශාවට දුවවීම කෙතරම් අමාරු කාර්යයක් ද යන්න පැහැදිලි කරන උදාහරණයකි, පාලිත තෙවරප්පෙරුම සිද්ධිය. වීඩියෝ සාක්ෂි සහිතව හෙළිදරව් වූ ප්‍රසිද්ධ හිංසන ක්‍රියාවක් වූ එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ ජනාධිපති මෛත්‍රීපාල සි‍රිසේන අණ කළාට පසුවයි.

මෙම සංදර්භය තුළ අපගේ කාර්යභාරය කුමක් ද? දින සීයෙන් පසු ඇති වන තත්වයන් තුළ අපි අරගලය ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද? දැනට පෙනෙන්නට තිබෙන තත්වය තුළ, දින සීයෙන් පසු ශ්‍රිලනිපය හා එජාපය වෙන වෙන ම සන්ධාන ගොඩනගාගෙන මහ මැතිවරණය තරග කරනු ඇත. දින සීයේ වැඩසටහන තුළ සිදු විය යුතු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවල වැදගත්කම මතු වනු ඇත්තේ අලුත් සංදර්භය තුළයි. මහජන මතය විකෘති වන අන්දමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිල් මාරු කිරීම හා මුදලට හා වරප්‍රසාදවලට අලෙවි වීම නැවැත්විය යුතු ය.

අනෙක් පැත්තෙන් ඊළඟ මහ මැතිවරණයකදී සිදු විය හැකි දෙයක් ගැන අපගේ අවධානය යොමු විය යුතු ය. එක්සත් ජාතික පක්ෂයේ සංවිධාන යාන්ත්‍රණය මේ වන විට සැකසී තිබෙන්නේ රාජපක්ෂ පාලනය තුළ ශ්‍රීලනිප ‍ප්‍රාදේශීය නායකත්වය විසින් කරන ලද භූමිකාවට සමාන්තරවයි. කෙටියෙන් කීවොත්, එජාප ප්‍රාදේශීය නායකත්වය යනු පාලිත තෙවරප්පෙරුමලා ය. මංකොල්ල නඩුවක සැකකරුවකු ලෙස සිටියදී බස්නාහිර පළාත් සභාවට තේරී පත් වූ රොයිස් විජිතලා ය. ඔවුන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාකාරයන් ප්‍රාදේශීය මට්ටමෙන් දැක්වූ ක්‍රියාකාරිත්වයට තමන් ආදේශ වීමයි. ඔවුන් නැවැත්වූ තැන සිට තමන් කරගෙන යාමයි. එසේම, ශ්‍රීලනිපයෙන් ධනවත් වූ හා බලවත් වූ නාමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නිශාන්ත මුතුහෙට්ටිගම, වැනි නම්වලින් සංකේතවත් වන ප්‍රජාතන්ත්‍ර විරෝධී, දූෂිත දේශපාලනඥයන් සිය ධන බලය පාවිච්චි කර නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වීම මුළුමනින් ම වැළැක්වීමට දින සීයේ වැඩසටහන සමත් වේ යයි සිතිය නො හැකි ය.

මෙවැනි සංදර්භයක් තුළ අරගලය පාර්ලිමේන්තුව තුළින් ද ඉදිරියට ගෙන යන්නට නම් ප්‍රගතිශීලීන් විපක්ෂය තුළ ශක්තිමත් විය යුතු ය. ඒ වෙනුවෙන් පුළුල් බහුජන පෙරමුණක් ගොඩනගා පාර්ලිමේන්තු මැතිවරණය තරග කිරීමටත්, විනයගරුක, දක්ෂ, ප්‍රගතිශීලී අරගලකරුවන් පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමටත් කටයුතු කළ යුතුව තිබේ.

-අජිත් පැරකුම් ජයසිංහ

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-01-22

අධ්‍යාපනය ටියුෂන් කඩකාරයන්ගෙන් මුදාගෙන මානව හිතවාදය දෙසට යොමු කිරීම

හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන අධ්‍යාපනඥයෙකැයි ඇතැමෙක් කී හ. එහෙත්, අපි නම් දිගින් දිගට ම කීවේ ඔහු ටියුෂන්කාරයකු පමණක් බවයි. ටියුෂන් මුදලාලිලා දන්නා අධ්‍යාපනය වනාහි හැකි තරම් ළමයින් සංඛ්‍යාවක් පංතිවල ගාල් කර, දේශකයකුට නිෂ්ක්‍රීයව සවන් දීමට සලස්වා, කිසිදු ප්‍රායෝගික ක්‍රියාකාරකමක්, සාකච්ඡාවක්, සංවාදයක් නොමැතිව වනපොත් කරවා විභාග පාස් කිරීම පමණි.

බන්දුල ගුණවර්ධනට මේ රටේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස තිබුණු දැක්මේ දිග පළල ඔහු විසින් බිහි කරන ලද හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඇති ගැටලුවලින් හා ඔහුගේ පාසල් දහසක් පමණක් තෝරාගෙන සංවර්ධනය කිරී‍මේ වැඩපිළිවෙලින් පෙන්නුම් කෙරිණි.

උසස් පෙළට තාක්ෂණ විෂය ධාරාව හඳුන්වා දීම ඔහුගේ කාලයේදී ගත් වැදගත්, එඩිතර පියවරක් ලෙස අගය කළ යුතු ය.

පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති ගැටලු ගැන රජයේ අවධානය වහා යොමු විය යුතු ය. අපි එවැනි මූලික ගැටලු කීපයක් කෙරෙහි නව අධ්‍යාපන ඇමතිවරයාගේ අවධානය යොමු කරන්නෙමු. දින සීයෙන් මේ සියලු ගැටලු විසඳිය නො හැකි වුණත්, ඇතැම් වැදගත් පියවර ගත හැකි ය.

මේ දිනවල 1 ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීම සිදු වෙමින් තිබේ. සුපුරුදු පරිදි ම මුදල් එකතු කිරීමත් සිදු වේ. මෙය සිදු වන්නේ නිල වශයෙන් නොව, පාසල්වලට ඇතුළත් වන දරුවන්ගේ මව්පියන් කැමැත්තෙන් කරන පරිත්‍යාගයක් ලෙස පෙනෙන ආකාරයට ය. එහෙත්, මෙය පසුබිමේ ඇත්තේ ළමයින්ගෙන් පළි ගනු ඇති බවට බියක් ඇති කිරීමේ තර්ජනයකි. මේ නීති විරෝධී මුදල් එක්රැස් කිරීම් නවතා දැමිය යුතු ය. අය කළ මුදල් ආපසු ලබා දිය යුතු ය. ඒවා කරන්නට කටයුතු කළ විදුහල්පතිවරුන්ට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කළ යුතු ය.

සාමාන්‍ය අධ්‍යාපනය යනු ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභා විෂයකි. මධ්‍යම ආණ්ඩුව ජාතික පාසල් බිහි කිරීම නැවැත්විය යුතු ය. සියලු ජාතික පාසල් ද පළාත් සභාවලට භාර දිය යුතු ය. එය පාසල් අතර විෂමතා අඩු කිරීමට ඉවහල් වන පියවරකි. මධ්‍යම රජය කළ යුත්තේ අධ්‍යාපන ප්‍රතිපත්ති හා වැඩසටහන් සම්පාදනය කරමින්, එය නිසි ලෙස නියාමනය කරමින් සංවර්ධනය කිරීමයි.

ලංකාවේ අරුම පුදුම කොලීජිවල පළමු ශ්‍රේණියේ සිට 13 දක්වා ම පංති පැවැත්වේ. පසුගිය කාලයේ යෝජනා කරන ලද පාසල් ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන අනුව පාසල් ප්‍රාථමික හා ද්විතීයක ලෙස වර්ගීකරණය කරනු ලැබේ. එය හොඳ දෙයකි. එහෙත්, හිටපු අධ්‍යාපන ඇමතිවරයාට හා ආණ්ඩුවට මෙය හුදෙක් ලෝක බැංකුවෙන් මුදල් ගැනීමේ ව්‍යාපෘතියක් පමණක් වූ අතර ඔවුන්ට එහි ඇති අධ්‍යාපන විද්‍යාත්මක කරුණු පිළිබඳ අවබෝධයක් නො තිබිණි. එහෙයින්, මෙම ප්‍රතිව්‍යූහගතකරණයේදී පාසල්වල ආදි ශිෂ්‍ය සංගම්වල සිටින අධ්‍යාපනය ගැන නො දත් ව්‍යාපාරිකයන් හා රස්තියාදුකාරයන් ආදීන්ට අවශ්‍ය පරිදි කටයුතු කරන්නට ඉඩ දෙන ලදී. ප්‍රතිව්‍යූහගත කිරීමට එකඟ නොවූ පාසල්වලට කිසිදු සංවර්ධන ආධාරයක් පිරිනමන්නේ නැතිව පළි ගනිමින් පාසල් දහසක් පමණක් තෝරාගෙන සංවර්ධනය කරන ලදී.

ලංකාවේ සියලු පාසල් ප්‍රාථමික හා ද්විතීයක ලෙස ප්‍රතිව්‍යූහගත කළ යුතු ය. එය විෂමතා අවම කිරීමටත්, එමගින් ජනප්‍රිය පාසල් තරගය, පහේ ශිෂ්‍යත්ව පීඩනය වැනි ප්‍රශ්න විසඳීමටත් ඉවහල් වේ. පාසල් දහසක් පමණක් සංවර්ධනය කිරීම වෙනුවට සියලු පාසල්වලට එක සමාන ලෙස සංවර්ධන ආධාර ලබා දිය යුතු ය.

ලංකාවේ ගුරු අධ්‍යාපනය පවතින්නේ ඉතා ම දුර්වල මට්ටමක ය. ගුරු පුහුණුව විධිමත් කළ යුතු ය. සෑම ගුරුවරයකු ම වසර පහකට හෝ පසු නැවත පුහුණු කළ යුතු ය. එසේ ම, සේවය අතරතුරදි කරනු ලබන පුහුණුවීම් විධිමත් කළ යුතු ය.

විභාග බර අවම කිරීම සඳහා ගෙන එන ලද අඛන්ඩ ඇගයීම් ක්‍රමය ‍ගැන හිටපු ඇමතිවරුන්ට තිබුණු නො දැනුමේ තරම කෙතරම් ද යත්, මාසික පරීක්ෂණ, වාර තුනට ම විභාග හා අඛන්ඩ ඇගයීම් යනුවෙන් අධික විභාග බරක් දරුවන්ට හා ගුරුවරුන්ට පටවා තිබේ. මේවා සඳහා කාලය යොදවන විට ගුරුවරුන්ට ඉගැන්වීමට කාලය නැත. දැනට විකාරයක් වී තිබෙන අඛන්ඩ ඇගයීම් ක්‍රමය නවතා දමා නව ක්‍රමයක් ආරම්භ කිරීමට පියවර ගත යුතු ය.

විධිමත් ගුරු මාරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම ඔස්සේ දුෂ්කර පාසල්වලට ගුරුවරුන් යෙදවීමේ ප්‍රශ්නය විසඳා ගත හැකි ය. දුෂ්කර පාසල් නැවත වර්ගීකරණය කළ යුතු ය. ගුරුවරුන් යාමට අකැමැති පාසල්වල සේවය කරන ගුරුවරුන්ට දිරි දීමනාවක් ලබා දිය යුතු ය. එසේම, නිශ්චිත දුෂ්කර සේවා කාලයකින් පසුව ඔවුන් ඉල්ලා සිටින්නේ නම් පහසු පාසල්වලට අනිවාර්යයෙන් ම මාරු ලබා දිය යුතු ය. 


පාසල්වල විදුහල්පතිවරුන්ට මනා පුහුණුවක් ලබා නො දීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පළපුරුද්දක් නැති, අධ්‍යාපන විද්‍යාව නො හැදෑරූ පුද්ගලයන් විවෘත තරග විභාගයක් මගින් අධ්‍යාපන පරිපාලන සේවයට බඳවාගෙන විදුහල්පතිවරුන් ලෙස පත් කිරීම, විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව ලබා දීම, විදුහල්පතිවරුන් හා ගුරුවරුන් විසින් කරනු ලබන ළමා අපචාර හා හිංසන ක්‍රියා සම්බන්ධයෙන් විනය හා නීතිමය ක්‍රියාමාර්ග නො ගැනීම වැනි හේතු නිසා පාසල දරුවාට වධකාගාරයක් බවට පත් වී තිබේ. 

පාසල මර්දනකාරී ආයතනයක් නොව ආදරය, කරුණාව පෙරදැරි කරගෙන දරුවන් ශික්ෂණය කරන ස්ථානයක් බවත් යළි පිළිගැනීමට ලක් කළ යුතු තරමට අධ්‍යාපනය විකෘති වී තිබේ. 

අධ්‍යාපනය සම්බන්ධව විද්වත් කතිකාවක් ආරම්භ වන්නේ නම් එය අලුත් රජයට ප්‍රයෝජනවත් විය හැකි ය.




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

පාලිත තෙවරප්පෙරුම සිද්ධියේ දේශපාලන අරුත්

අගලවත්ත නගරයේදී පසුගිය ඉරිදා එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ශ්‍රීලනිප පාක්ෂිකයන්ට පහර දීම හා දෙමළ ජාතික ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ප්‍රසිද්ධියේ නගර මැද දනගැස්වීම මෙම දේශපාලන මොහොත සංකේතවත් කරන වැදගත් සිද්ධියකි. 

මෙහි වැදගත් ම අවස්ථාව වන්නේ පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගැනීම සඳහා ඕනෑතරම් හේතු සාධක තිබියදී පොලිසිය අකර්මන්‍ය වීමයි. සිදුවීම වෙද්දී ද හුදෙක් නිරීක්ෂකයන් වී ඇති පොලිසිය සිද්ධියෙන් පසුව ද ක්‍රියාත්මක වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ක්‍රියාත්මක වන්නැයි නියෝග දුන්නාට පසුව ය. එසේම, එක්සත් ජාතික පක්ෂ නායකත්වය පැත්තෙන් එවැනි නියෝගයක් නො පැමිණීම ද අවධානයට ලක් විය යුතු කරුණකි. 

පොලිසිය, රාජ්‍ය ‍සේවය, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂම, රාජ්‍ය මාධ්‍ය වැනි යාන්ත්‍රණ තවමත් දුවන්නේ පැරණි ක්‍රමයට ම බව මෙම සිද්ධියෙන් මනාව ඔප්පු වේ. මේවා දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරන ලද ක්‍රමයකට වෙනස්ව ක්‍රියාත්මක කිරීම පහසු නැත. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවූ පමණින් මේ දීනකම, රාජපක්ෂපාතිත්වය හා අකාර්යක්ෂමකම එක වරම නැති වී යන්නේ නැත. ඒ සඳහා දැඩි සටනක් කරන්නට සිදු වනු ඇත.

පාලිත තෙවරප්පෙරුම යනු බ්‍රේක් නැති වාහනයක් බව ලෝක ප්‍රසිද්ධ ය. එහෙත්, අගලවත්තේ ශ්‍රීලනිප මැරවයන් වූ අගලවත්ත ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩී.ඩී. දර්ශන හා පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ධම්මික රණසිංහ වැනි අය සමග රාජ්‍ය බලය නැති කාලයේ පාලිත තෙවරප්පෙරුම පැටලෙන්නට ගියේ නැත. 

ධම්මික රණසිංහ සුරතලයට ඇති කළ, ඔහු පසුපස යන වල් උෟරෙක් වෛද්‍යවරයකුගේ වාහනයක හැපී මිය ගිය විට ධම්මික රණසිංහ බලහත්කාරයෙන් එම ඌරු කුණ වෛද්‍යවරයාගේ කාරයට පැටවූ බව ප්‍රසිද්ධ කරුණකි. ඩී.ඩී. දර්ශන අගලවත්ත මැතිවරණයේදී වැඩි ම මනාප ලබා ගත් චාමින්ද රණවකට අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිකම කරන්නට ඉඩ දුන්නේ නැත. එහෙව් මැරවරයන් දැන් පුවත්පත් සාකච්ඡා පවත්වන්නේ කොළඹට පළා ගොස් ය. එහෙත්, යහපාලනයෙන් අපි බලාපොරොත්තු වන්නේ ඔවුන් වෙනුවට පාලිත තෙවරප්පෙරුමලා අ‍ාදේශ කර ගැනීමට ද?

එක්සත් ජාතික පක්ෂ නායකත්වය මෙම සිද්ධිය ගැන නිහඬව සිටීමට හේතුව ඉදිරි මහ මැතිවරණයේදී එම පක්ෂය වෙනුවෙන් තරග කිරීමට සිටින්නේ මෙවැනි පිරිසක් වීමයි. 

අනෙක් පැත්තෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් වී සිටි දර්ශනලා, ධම්මිකලා මෙන්ම රෝහිත අබේගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, නිශාන්ත මුතුහෙට්ටිගම වැනි අය දැන් දත මදිමින් ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන යටතේ නැවත තරග කර මහ මැතිවරණය දිනාගෙන යළි පාර්ලිමේන්තුවට පත්වන්නටයි.

පාලිත තෙවරප්පෙරුම සිද්ධිය විසින් නිරූපණය කරන්නේ අප හමුවේ තිබෙන ගැඹුරු අභියෝගයකි. අප එයට විසඳුම් සොයා ගත යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-01-21

මනුෂ්‍යයෝ ද සිරකරුවෝ ය

වැලිකඩ ඝාතනය
සිරකරුවන් ද මනුෂ්‍යයන් බව පාලකයෝ මෝස්තරයට කියති. එහෙත් සිරකරුවන්ට සිරකරුවන් ලෙසවත් නො සලකති.

පසුගිය ආණ්ඩුව සමයේ සිරකරුවන් දසදහස් ගණනක් නීතියට පිටින් ම්ලේච්ඡ ආකාරයෙන් ඝාතනය කරන ලදී.

මෙසේ සිරකරුවන් හා සැකකරුවන් ඝාතනය කරන ලද ආකාර කීපයක් තිබේ.

  • අත් අඩංගුවට ගන්නවා වෙනුවට වැටලීම් කර මරා දැමීම (ඇතැම් විට මෙම ක්‍රියාවලදී ආරක්ෂක අංශ කටයුතු කළේ ඝාතක කල්ලි ලෙසයි. මිනිසුන් මරා මහ මග දමා පළා යන ලදී.)
  • අත්අඩංගුවට ගත් සිරකරුවන් රහසිගතව අතුරුදහන් කිරීම
  • අත්අඩංගුවට ගත් සිරකරුවන්ට පොලිස් කූඩුවේදී වධ දී මරා දැමීම
  • අත්අඩංගුවට ගත් සිරකරුවන් මරා දමා ඔවුන් පළා යාමට තැත් කළ බව පැවසීම
  • යටත් වූ, භාර වූ හා අත් අඩංගුවට පත් වූ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ඝාතනය කිරීම
  • සිරගෙවල්වලදී සැකකරුවන්ට හා වරදකරුවන්ට පහර දී මරා දැමීම

මෙවැනි මිනීමැරුම් දසදහස් ගණනක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති, ආරක්ෂක ලේකම්, පොලිස්පතිවරු හා තවත් බොහෝ දෙනෙකු‍ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු ය. රට පුරා ආරක්ෂක ස්ථාන මට්ටමෙන් සිදු වූ මෙම ඝාතන සඳහා ඔවුන් නියෝග දුන්නා ද, එම ඝාතන සාධාරණීකරණය සඳහා ඔවුන් උපකාර කළා ද යන කරුණු විමසා බැලිය යුතු ය. එසේම, මෙම ඝාතන සම්බන්ධයෙන් සාධාරණ මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වුණා ද යන්න ද විමසිය යුතු ය. මෙම පුද්ගලයෝ අපරාධකරුවන් විය හැකි ය. එහෙත්, ඔවුන්ට සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමට, නිතියෙන් දඬුවම් ලැබීමට හා පුනරුත්ථාපනය වී සමාජගත වීමට ඇති අයිතිය රාජ්‍ය අපරාධකරුවන් පිරිසක් විසින් අමු අමුවේ උල්ලංඝනය කර තිබේ.

මෙම ඝාතන පසුගිය සමයේ ලාංකීය සමාජයේ සංස්කෘතික ලක්ෂණයක් බවට පත් කර තිබිණි. වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුණුවනවා වෙනුවට ඔවුන් නීති විරෝධී ආකාරවලින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වැනි පුද්ගලයන් වීරත්‍වයෙන් සලකන තත්වයක් පසුගිය කාලයේ මේ රටේ තිබිණි. 

මෙසේ සැකකරුවන් මරා දැමීම ඔස්සේ ඇතැම් බලවත් පුද්ගලයන්ට එරෙහිව නැගෙන අපරාධ චෝදනා සම්බන්ධ සාක්ෂි විනාශ කිරීම ද සිදු විය.

සමාජයක් ලෙස අප පසුගිය සමයේ ඇද වැටී සිටි මානසික තත්වය ඉතා භයානක ය. දරුණු අපරාධයක් කළ සැකකරුවකු පොලිසිය අත්අඩංගුවට පත් වන්නටත් පෙර ම "ඕකුන් නම් මරන්න ඕනැ," යි කියන මානසිකත්වයක සමාජය තිබුණු අතර පොලිසිය කළේ මේ සමාජ ඉල්ලීම ඉටු කරමින් සමාජ ප්‍රශංසාවට ලක් වීමයි. 

පොලිසිය මේ ඝාතන කළේ නීතියේ සිදුරුවලින් රිංගා යා හැකි පරිදි ය. ඒ කියන්නේ පැන යන්නට උත්සාහ කරද්දී ගත් ක්‍රියාමාර්ගවලින් මෙම සැකකරුවන් මිය ගිය බව කියා පොලිසිය කියයි. එහෙත්, ඇත්ත එය නො වන බව කවුරුත් දනිති. මේ ඝාතනවලට සම්බන්ධ වූ නිලධාරීන්ට ඒවා සිදු කළ ආකාරය ගැන සාක්කි කියන්නට පුළුවන. ඇතැම් පහළ නිලධාරීන් මෙම ඝාතනවලට සම්බන්ධ වූවත්, ඔවුන් එසේ කළේ ඉහළ අණ නිසා මිස ඔවුන්ගේ උවමනාවට නො වේ. එවැනි අයට ඇත්ත හෙළිදරව් කරන්නට හා සමාව ලබා ගන්නට අවස්ථාව ලබා දිය යුතු ය. 

හිතන්න. අප‍ මේ කතා කරන්නේ ඝාතන දස දහස් ගණනක් ගැන ය. සමාජයක් ලෙස අපි සියලු දෙනා ම මේ ඝාතන සංස්කෘතියේ කොටස්කරුවෝ ය. අපේ දරුවන් වෙනුවෙන් අපි මෙම ඝාතන සංස්කෘතියෙන් මිදිය යුතු ය. 

අප කියන්නේ අප සියලු දෙනා දඬුවම් ලැබිය යුතු බව නො වේ. මේ පිළිබඳ සත්‍යය හෙළිදරව් කිරීම ඔස්සේ හා බරපතල වැරදිකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම ඔස්සේ සමාජ ප්‍රතිශෝධන ක්‍රියාවලියක් සිදු විය යුතු ය. 

මෙම දස දහස් සංඛ්‍යාත ඝාතන අතරින් වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය පරීක්ෂා කර වැරදිකරුවන්ට එරෙහිව දඬුවම් ලබා දිය යුතු එක් බරපතල නීති විරෝධී ක්‍රියාවකි. 

උදුල් ප්‍රේමරත්න


වරුණ රාජපක්ෂ


සමන් වගආරච්චි


මේ සබඳතා පුරුක ඔස්සේ මෙම ඝාතනය සියැසින් දුටු සාක්කිකරුවකුගේ දිවුරුම් ප්‍රකාශයක් කියවිය හැකි ය.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.