2015-02-28

දින සීයෙන් බැරි නම් දෙසීයෙන් හෝ කළ යුතු දේ කරනු!

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාවලිය සම්බන්ධයෙන් ජාතික විධායක සභාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා වෙනත් පක්ෂ අතර මතගැටුමක් නිර්මානය වී ඇති බව වාර්තා විය.

මෙම මතගැටුම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු නො වෙයි ද යන සැකය දැන් මතු වී තිබේ. 

මෙහිදී මූලික ප්‍රශ්නය වී තිබෙන්න‍ේ මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ ද මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරනවා ද යන්නයි. ශ්‍රීලනිපයට එය ද සංශෝධනයට ඇතුළත් කිරීමට අවශ්‍ය වී තිබේ. එහෙත්, එක්සත් ජාතික පක්ෂය හා ජනාධිපති මෛත්‍රීපාලට සහයෝගය දුන් වෙනත් පක්ෂවල තර්කය වන්නේ එය දින සීයේ වැඩසටහනට ඇතුළත් නො වන බව හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා කල් අවශ්‍ය බවයි. 

දින සීයට ඇතුළත් වුණත්, නැතත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පුළුල් මහජන අවශ්‍යතාවකි. අනෙක් පැත්තෙන් දින සීයේ වැඩසටහන යනු මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩසටහනේදී ඉදිරිපත් වූ තේමාවක් මිස ජනතා ඉල්ලීමක් නො වේ. ජනතාවට මේ සියල්ල දින සීයෙන් කර හමාර කර ගන්නට ඇති තදියමක් නැත. 

දින සීයෙන් බැරි නම් දෙසීයෙන් හෝ කළ යුත්තේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. 

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා මූලික පියවර ගන්නට දැන් වුණත් පුළුවන. කොට්ඨාස නිර්ණය කිරීම වැනි කාරණාවලට මහා දිගු කාලයක් ගත වෙනවා ය යන්න පිළිගත හැකි කරුණක් නො වේ. අවශ්‍ය වන්නේ අදාළ ක්‍රියාමාර්ග ගැනීමයි. 

අවශ්‍ය වන්නේ කේවල මන්ත්‍රී ක්‍රමයේත්, සමානුපාතික නියෝජනයේත් සම්මිශ්‍රණයක් බවට මේ වන විට කතිකාවක් නිර්මානය වී හමාර ය. දැන් තීරණය කළ යුතුව තිබෙන්නේ මේ කොටස් දෙකෙහි අනුපාතය කුමක් ද, මන්ත්‍රී ආසන සංඛ්‍යාව වැඩි කරනවා ද, කොට්ඨාස අලුතින් නිර්ණය කරනවා ද, සමානුපාතික නියෝජනය නිර්ණය කරන ආකාරය කෙබඳු ද වැනි ප්‍රශ්න කීපයකි. 

මේ පිළිබඳ සාකච්ඡා කරන්නට බැරි යයි කීම පිළිගත හැකි කාරණයක් නො වේ. 

එජාපය කේවල මන්ත්‍රී මැතිවරණයකට බිය වන්නේ අන් කිසිදු හේතුවක් නිසා නො ව, ඔවුන්ට ආසන මට්ටමෙන් ඉදිරිපත් කරන්නට කැපී පෙනෙන ආසන සංවිධායක පිරිසක් නැති නිසා ය. 

මේ ප්‍රශ්නය ශ්‍රීලනිපයට ද නැති එකක් නො වේ. අනෙක් පැත්තෙන්, සන්ධානයක් ලෙස තරග කරන ශ්‍රීලනිපයට කේවල ආසන ක්‍රමයකදී ආසන බෙදා ගැනීම පිළිබඳ ගැටලු රැසකට මුහුණ දෙන්නට සිදු වේ. 

සුළුතර ජාතීන් නියෝජනය කරන පක්ෂ හා වෙනත් කුඩා පක්ෂවලට ද මෙහිදී සැලකිය යුතු අභියෝගයකට මුහුණ දෙන්නට සිදු වේ. 

මෙවැනි අභියෝගවලට මුහුණ නො දී දේශපාලනය කරන්නට බැරි ය. වෙනස කොහොමත් අභියෝගයකි. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-02-27

ලංකාවේ දෙමළ වර්ග සංහාරයක් සිදු වුණා ද?

ලංකාවේ රජයන් විසින් දෙමළ වර්ග සංහාරයක් කර තිබෙන බැවින් ඒ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පරීක්ෂණ පැවැත්විය යුතු බවට උතුරු පළාත් සභාවේ සම්මත කර ගන්නා ලද යෝජනාව දෙමළ ජාතිවාදීන්ගේ අමන්දානන්දයට හේතු වී තිබේ.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන උතුරු පළාත් සභාවේ ප්‍රධාන ඇමති විග්නේශ්වරන් මෙම යෝජනාව ඉදිරිපත් කරමින් පැවසුවේ මෙසේ ය: "යටත්භාවයේ හෙළමින්, අයිතීන් ලබා නොදෙමින්, යුක්තිය ඉටු නොකරමින්, පක්ෂග්‍රාහී පිළිවෙත් මගින් සහජීවනය ඇති කළ නොහැක. එම නිසා යථාර්තයට මුහුණ දීමට සුදානම් කොටස්, ස්ථිර සාමයක් සහ සහජීවනයක් අපේක්‍ෂා කරන පාර්ශවයන්, මානව හිමිකම් ක්‍රියාධරයන් යන සියල්ලෝ මෙම යෝජනාව සාර්ථක කරගැනීමට එක් විය යුත්තෝය. කිසිදු ජාති ආගම් භේදයකින් තොරව සිංහල සහෝදර සහෝදරියන්ගෙන්ද අප ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මීට පුර්ණ සහාය ලබා දෙන ලෙස ය. මෙය කිසිවෙකුගෙන් පලිගැනීම සඳහා ගෙන එන්නක් නොව, සියලු දෙනාටම නීතියේ සාධාරණත්වය හා යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් ගෙනඑන යෝජනාවකි."


පසුගිය ජනාධිපතිවරණයේදී කොටි හිතවාදී ඩයස්පෝරා පිරිස් ප්‍රමුඛ දෙමළ ජාතිවාදීන් දැරූ ස්ථාවරය වූයේ දෙමළ ජනතාව මැතිවරණය වර්ජනය කළ යුතු බවයි. එහෙත් දෙමළ ජනතාව එම ඉල්ලීම පිළිකෙව් කරමින්, ඒකාධිපති මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා ඡන්දය දුන්නේ ය. ඒකාධිපති පාලනයක් පෙරළා දැමීම ම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඇති අභිලාෂයේ ප්‍රකාශනයකි. දෙමළ ජනතාව ඒ වෙනුවෙන් කොන්දේසි ඉදිරිපත් කළේ නැත. දෙමළ නායකයන් කොන්දේසි ඉදිරිපත් කළත් දෙමළ ජනයා ඒවා කෙරෙහි සැලකිල්ලක් දක්වන බවක් නො පෙනිණි.

සාමාන්‍ය දෙමළ ජනතාව විසින් මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට දක්වන ලද මෙම සහයෝගය හමුවේ දෙමළ අන්තවාදීන් පමණක් නොව දෙමළ ජාතිකවාදීහු ද අපහසුවට පත් ව ඇති බව පෙනේ. උතුරේ දෙමළ සමාජය ජාතිවාදී ඊලාම් සීමා අතික්‍රමණය කරමින්, සමස්ත ලංකාව සිය ර‍ට ලෙස සලකමින්, කොළඹ ආණ්ඩුවේ පාලනයට මැදිහත් වෙමින්, වාර්ගික සමගිය හා ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් දැක්වූ මෙම උනන්දුව සිය පැවැත්මට තර්ජනයක් බව ඔවුහු දනිති.

මෙහිදී විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යස්ථ බලවේගවලට සිවංජිලිංගම් වැනි ජාතිවාදීන් සරණ යාමට සිදු වන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව අභ්‍යන්තර බල අරගලය නිසා ය. දෙමළ ජාතික සන්ධානයේ ආනන්දි සසිදරන්, එම්.කේ. සිවාජිලිංගම් වැනි කොටි හිතවාදී මන්ත්‍රීවරුන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ජාතිවාදය භාවිතා කරමින් ජනප්‍රිය වන්නට ය. පසුගිය ජනාධිපතිවරණයේදී ද මෙම දෙපළ මෛත්‍රීපාල සිරිසේනට ඡන්දය දෙනවාට විරුද්ධ වූ හ. උතුරු පළාත් සභාවේ පාලකයන් මුහුණ‍ දෙන මූලික ගැටලුව අනෙකක් නොව තමන් සතු බලතල පාවිච්චි කරමින් ඵලදායී සේවාවක් ජනතාවට සැපයීමට අසමත් වීමයි.

මෙය වනාහි විරෝධතා දේශපාලනයේදී සාර්ථක වූ ලොව බොහෝ දේශපාලන පක්ෂ විසින් අත්දැක තිබෙන තත්වයකි. විරෝධතාව ඔස්සේ බලයට පැමිණියදථ රාජ්‍ය පාලනයට හැඩගැ‍සීමේදී විරෝධතාවාදීන් හැම විට ම දක්ෂ වී නැත. කියුබාවේ කස්ත්‍රෝ වැනි අය සාර්ථක වුව ද, නේපාලයේ ප්‍රචණ්ඩාගේ සිට දිල්ලියේ කෙජ්රිවාල් දක්වා බොහෝ දෙනාගේ පොදු අද්දැකීම වන්නේ අසාර්ථක රාජ්‍ය පාලනයයි.

විග්නේශ්වරන් ප්‍රධාන ඇමතිවරයා ද සිය අසාර්ථකත්වය වසා ගන්නට යන්නේ ජාතිවාදීන් සමග එක් වී එක ම සළුව බෙදා හදා ගනිමිනි. ජාතිවාදයට වගකීම් නැත. ඒ නිසා ජාතිවාදී දේශපාලනය ඉතා පහසු ය. ‍එබැවින් සිංහල, දෙමළ ‍සමාජයන් දෙකේ ම දේශපාලකයෝ කැලතක් ජාතිවාදී සටන් පාඨ පුවරු සූදානම් කරගෙන ‍අවස්ථාව ලැබෙන තෙක් කෙළ හළමින් සිටින බව ඇත්තකි. සමාජයක් ජාතිවාදයට එරෙහිව අවදි කිරීම පහසු කාර්යයක් නො වේ. එහෙත්, ජාතිවාදයෙන් බලමුළු ගැන්වීම දුෂ්කර නැත.

බලය සඳහා ජාතිවාදය භාවිතා කිරීමෙහි ශූරයකු වූ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ජාතිවාදී නායකයන් විසින් පසුගිය නව වසරක් තුළ සිංහල සමාජයට කර තිබෙන බලපෑම සුළුපටු එකක් නො වන බව පෙබරවාරි 18දා නුගේගොඩ රැළිය සාක්කියකි. මහින්ද රාජපක්ෂට පෙර සිංහල සමාජය ජාතිවාදී නො වූ බවක් එයින් අදහස් කරන්නේ නැත. එහෙත් මහින්ද රාජපක්ෂ ජාතිවාදය උපරිම අන්දමින් භාවිතා කළ අයෙකි. අලුත් ආණ්ඩුවට ඔහු තවමත් බරපතල අභියෝගයකි. විමල් වීරවංශ වැනි ඔහුගේ අනුගාමිකයෝ සංහිඳියාව වෙනුවෙන් ආණ්ඩුව ගන්නා ඕනෑම පියවරකට එරෙහිව ජනතාව උසි ගන්වන්නට සැදී පැහැදී සිටිති.

පසුගිය ජනාධිපතිවරණය සමයේ දෙමළ ප්‍රශ්නය සංවාදයට පාත්‍ර නො වන්නට ප්‍රධාන හේතුව මෙම ජාතිවාදයයි. එහෙත්, මෛත්‍රීපාල සිරිසේනගේ මෙන් ම මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ පවා පළාත් සභා අහෝසි කිරීම තරම් අන්තගාමී සටන් පාඨ නො තිබූ බව සිහිපත් කර ගත යුතු ය. පළාත් සභා දැන් පිළි ගත් ව්‍යූහයකි. පළාත් සභා සතුව සැලකිය යුතු බලතල ප්‍රමාණයක් තිබේ. පොලිස් හා ඉඩම් බලතල නැතිවත්, පළාත් සභාවලට සැලකිය යුතු බලයක් ඇත. විශේෂයෙන් ම අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි මහජන සේවාවන්වලදීත්, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැනි ක්ෂේත්‍රවලදී පළාත් සභාවට සැලකිය යුතු වැඩ කොටසක් කරන්නට හැකියාව තිබේ. දැනට තිබෙන බලතල භාවිතා කර ජනතාවට ඵලදායී සේවාවක් සපයන්නේ නම්, මුළු බලතල ලබා ගැනීමටත්, බලතල පුළුල් කර ගැනීම පිළිබඳ සංවාදය ඉදිරියට ගෙන යාමටත් එය ඉවහල් කර ගත හැකි ය.

අලුත් ආණ්ඩුව දෙමළ ප්‍රශ්නය විෂයෙහි මහින්ද රාජපක්ෂ පාලනයට සාපේක්ෂව ඉදිරිගාමී බව ප්‍රතික්ෂේප කළ නො හැකි ය. එය එක්සත් ජාතික පක්ෂ නායකත්වය ක්‍රියාවෙන් ඔප්පු කළ දෙයකි. බලයට පත් වූ පසු උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයකු පත් කරමින් ආණ්ඩුව විසින් වැදගත් සංඥාවක් කරන ලදී. දෙමළ ජාතික සන්ධානය රාජ්‍ය තාන්ත්‍රිකව නම් කළ යුතුව තිබුණේ දකුණේ ආණ්ඩුව සමග ඉදිරිගාමී සංවාදයකට එළඹීමයි. දකුණේත්, උතුරේත් මුල් බැසගෙන තිබෙන ජාතිවාදයන් මැදින් ඉදිරියට යාමට නම්, උතුරේත්, දකුණේත් පාලනයන් අතර අවබෝධයක් ගොඩනගා ගත යුතුව තිබේ.

එහෙත්, පාලනය වෙනස් වී ඉතා කෙටි කලක් ඇතුළත දෙමළ ජාතික සන්ධානය විසින් වෙනස් ස්ථාවරයක් ප්‍රකාශයට පත් කරන ලදී. නව පාලනයට දෙමළ ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීමට ප්‍රමාණවත් කාලයක් නො දෙමින් ගෙන එන ලද මෙම වර්ග සංහාර යෝජනාව දෙමළ ජාතිවාදීන් පැත්තෙන් ගත් කල සැලකිය යුතු ජයග්‍රහණයකි. ඔවුන්ගේ ප්‍රීතිය ඒ ඔස්සේ තේරුම් ගත හැකි ය. උතුරේ දෙමළ ජනයා හා දකුණේ සිංහල ජනයා අතරත්, පාලක කණ්ඩායම් අතරත් යහපත් අන්තර් සම්බන්ධතා ගොඩනැගීම අවදානමක් ලෙස දකින ජාතිවාදයෙන් යැපෙන සිංහල මෙන් ම දෙමළ ජාතිවාදී පණුවන්ට දෙමළ ජාතික සන්ධානයේ වර්ග සංහාර යෝජනාව කදිම ආහාරයකි.

දෙමළ ජාතික සන්ධානය තම ස්ථාවරය වෙනස් කිරීම සඳහා ‍හේතු ලෙස ඉදිරිපත් කරන්නේ උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් කිරීම පිළිබඳ නව රජය විසින් ඉදිරිපත් කරන ලද අදහස් ය. ආණ්ඩුව බලයට පත් වූ හැටියේ උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් කර, දෙමළ ජනතාවගේ ඉඩම් ආපසු ලබා දිය හැකි තරම් මේ ආණ්ඩුව ශක්තිමත් හෝ ජනප්‍රිය හෝ නැති බව ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි ය. එවැනි රැඩිකල් පියවරක්  තවමත් ප්‍රබල තත්වයක පසු වන නුගේගොඩ රැළියෙන් සංකේතවත් වූ බලවේගට කදිම ඉනිමගක් වනු ඇති බව ඉතා පැහැදිලි ය. ජනවාරි 9දා වන විට රාජපක්ෂ කඳවුරේ ජාතිවාදීන් විසින් රට පුරා පතුරුවා හරිමින් සිටි කටකතාව සිහිපත් කර ගන්න. එයින් කියැවුණේ උතුරේ කොටි හිතවාදීන් හමුදා කඳවුරු වට කර ඒවාට ගල්, මුල් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි. මෙම කටකතාව පැතිරවීම සම්බන්ධයෙන් විමල් වීරවංශගේ මස්සිනා අත්අඩංගුවට ද ගන්නා ලදී. මෙමගින් ඉලක්ක කරනු ලැබුවේ හමුදාව හා හමුදා සෙබළුන්ගේ පවුල් ද, සිංහල ජාතිවාදීන් ද ආණ්ඩුවට හා දෙමළ ජනයාට එරෙහිව උසි ගැන්වීමයි.

ජාතික ප්‍රශ්නය වෙනුවට පසුගිය පාලනය තුළ දූෂණ, වංචා හා වෙනත් අපරාධවල යෙදුණු දේශපාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රශ්නය සැලකිල්ලට ගන්න. එහිදී පොලිසිය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම, නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණය ක්‍රියාත්මක කරවා ගැනීම රජයට කෙතරම් දුෂ්කර වී තිබේ ද යන්න විමසා බලන්න. විපක්ෂයේ සිටිමින් ම රාජපක්ෂ පාලනයෙන් වරප්‍රසාද ලැබූ ඇතැම් දේශපාලනඥයන් පවා දැන් ඇමතිවරුන් වී මෙම ක්‍රියාවලි හරහට වැටුණු අඩ බවට පත් වී තිබේ. විමල් වීරවංශගේ බිරියගේ ව්‍යාජ හැඳුනුම්පත් පිළිබඳ ලිපිගොනු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් අතුරුදහන් වී ඇති බව දැන් හෙළිදරව් වී තිබේ. වෙනත් මහා පරිමාණ දූෂණ හා අපරාධ පිළිබඳ සාක්ෂි නිරුපද්‍රිතව ඉතිරි කර තිබේ ද යන්න සිතා බලන්න. දූෂිතයන්ට එරෙහිව ක්‍රියාමාර්ග නො ගැනීම ගැන උද්දාමයට පත් වෙමින් "කෝ ඔය කළා ද?" කියා අසන අය මේ කාරණාත් සැලකිල්ලට ගත යුතු ය. අවුරුදු නවයක් හෝ ඊටත් වැඩි කාලයක් තිස්සේ අශීලාචාරත්වයේ ගොදුරක් බවට පත් කරන ලද රටක් දින සීයකටත් පෙර පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කරන්නැයි ඉල්ලා සිටිමින්, එසේ කරන්නට බැරි වූ කල එය ගර්හාවට ලක් කිරීම ද එකී අශීලාචාරකමේ ම කොටසකි.

දෙමළ ජාතික සන්ධානයේ යෝජනාව දෙමළ ජාතිවාදීන්ගේ අමන්දානන්දයට හේතු වී ඇති මුත්, එය එක්තරා අන්දමක ක්ෂණික මෝචනයක් ලෙස සැලකීම ද වරදක් නැත. මන්ද,‍ මෙම යෝජනාවේ තිබෙන අති ධාවනකාරිත්වය නිසා එයට ජාතිකව හෝ ජාත්‍යන්තරව කිසිදු පිළිගැනීමක් ලැබෙන්නේ නැත. අඩු තරමේ තමිල්නාඩුවෙන්වත් එයට සහයෝගය දිනා ගන්නට බැරි වී තිබේ.

1948 වසරේ එළඹුණු සංහාරයන් වැළැක්වීමේ හා ඒවාට දඬුවම් කිරීමේ සම්මුතියෙහි සංහාරය යනු කුමක්දැයි අර්ථකථනය කර තිබේ. ඒ අනුව එම අපරාධය සිදු වීමට නම් එවැනි සංහාරයක් කිරීමේ චේතනාවක් හා සංහාරය ඉලක්ක කළ ක්‍රියාමාර්ග යන දෙක ම තිබිය යුතු ය.

සම්මුතියේ දෙවන හා තුන්වන වගන්ති විසින් මෙය වැඩිදුරටත් පැහැදිලි කරනු ලැබේ. ඒ අනුව ජාතියකට, ජනවර්ගයකට හෝ ආගමික ප්‍රජාවකට හෝ එරෙහිව කරන පහත සඳහන් ආකාරයේ ක්‍රියා සංහාරයක් ලෙස සැලකිය හැකි ය.
එම කණ්ඩායමේ සාමාජිකයන් මැරීම
  • එම කණ්ඩායමේ සාමාජිකයන්ට බරපතල ශාරීරික හෝ මානසික හෝ හිරිහැර කිරීම
  • එම කණ්ඩායම සමස්තයක් ලෙස හෝ පාර්ශ්විකව භෞතිකව විනාශ වන අන්දමේ ජීවන තත්වයක් සිතාමතා ඇති කිරීම
  • කණ්ඩායම තුළ උපත් බලහත්කාරයෙන් පාලනය කිරීම
  • එම කණ්ඩායමේ ළමයින් බලෙන් වෙනත් කණ්ඩායම් වෙත පවරාදීම
මේ අනුව, සංහාරය, සංහාරයක් සිදු කිරීමට කුමන්ත්‍රණ කිරීම, සංහාරය සඳහා ඍජුව හෝ වක්‍රව අනුබල දීම, සංහාරයක් සිදු කිරීමට තැත් කිරීම හා සංහාරයකට සම්බන්ධ වීම යන කරුණු සම්බන්ධයෙන් දඬුවම් පැමිණවිය හැකි ය. ශ්‍රී ලංකාව මෙම සම්මුතියට එකඟ වූ රටකි. 


ලංකාවේ දෙමළ සංහාරයක් සිදු වී තිබේ ය යන්න අතිශයෝක්ති ප්‍රකාශයක් බව මගේ අදහසයි. ලංකාවේ ආණ්ඩු විසින් දෙමළ ජනයා මරා දැමූ බව ඇත්තකි. එහෙත්, ඒ වනාහි සංහාර අරමුණකින් යයි මම නො පිළිගනිමි. හිට්ලර් යුදෙව්වන් වි‍ෂයෙහි කළ ආකාරයේ හෝ බොස්නියාවේ ස්ලොබොඩාන් මිලොසෙවික් රජය මුස්ලිම් ජාතිකයන් විෂයෙහි කළ ආකාරයේ හෝ රුවන්ඩාවේ හුටු ගෝත්‍රිකයන් ටුට්සි ගෝත්‍රිකයන්ට එරෙහිව කළ ආකාරයේ හෝ සංහාරයක් ලංකාවේ සිදු නො වූ බව මගේ මතයයි.

එහෙත්, ලංකාවේ දීර්ඝ කාලීනව වාර්ගික යටපත් කිරීමක් තිබුණු බව මම පිළි ගනිමි. එහිදී, කොළඹ කේන්ද්‍රීය සිංහල ආණ්ඩුව දීර්ඝ කාලයක් තිස්සේ දෙමළ ජනතාව යටපත් කළ බවත්, දෙමළ ජනතාව වඩා ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කළ ඉල්ලීම් නො තකා හරිමින් කටයුතු කළ බවත් ඇත්තකි. දෙමළ ඊලාම් යුද්ධය එහි ප්‍රතිඵලයකි. එහෙත්, යුද්ධයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් වගකිව යුත්තේ තනිකර ම කොළඹ ආණ්ඩුව හෝ  සිංහල ජනතාව පමණක් හෝ නො වේ. මේ දෙපාර්ශ්වය ම නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කළ හ. යුද අපරාධවල නියැලුණ හ. කොටි සංවිධානයේ නායකත්වය විනාශ වූ පමණින් ඔවුන් යුද අපරාධ චෝදනාවලින් නිදොස් වන්නේ නැත. මහින්ද රාජපක්ෂ පාලනයට මෙන් ම කොටි සංවිධානයට එරෙහිව ද යුද අපරාධ චෝදනා තිබේ.

වාර්ගික යටපත් කිරීම තල කීපයකින් සිදු විය. එක් තලයකදී ‍සිංහල මූලිකත්වයෙන් යුත් ආණ්ඩුව දෙමළ හා මුස්ලිම් ජනයා බලය යොදා යටපත් කළ අතර, තවත් තලයකදී දෙමළ සන්නද්ධ දේශපාලනය විසින් මුස්ලිම් ජනයා යටපත් කරන ලදී. යටපත් කිරීම හා සංහාරය අතර වෙනසක් තිබේ. සංහාරය යන සංකල්පය සමග යන තවත් සංකල්පයක් වන වාර්ගික ශුද්ධ කිරීම යන කරුණ දෙමළ නායකත්වයට ද අදාළ ය. කොටි සංවිධානය උතුරෙන් මුස්ලිම් ජනයා පළවා හැර ඔවුන්ගේ දේපල කොල්ල කෑ ආකාරය වාර්ගික ශුද්ධ කිරීමක් ලෙස මුස්ලිම් ජනයාගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කෙරේ.එහෙත්, මා නම් සිතන්නේ මෙම සිදුවීම් විග්‍රහ කිරීම සඳහා සංහාරය හා වාර්ගික ශුද්ධ කිරීම වැනි සංකල්ප බරපතල වැඩි බවයි.

කෙසේ වෙතත්, මෙය ජාත්‍යන්තරව විභාගයට ගැනීම හොඳ දෙයකි. සිංහල මූලික ආණ්ඩු වර්ග සංහාරයක යෙදුණා යි කරන චෝදනාව සිංහල ජාතියට ම එල්ල කරන චෝදනාවකි. එය ජාත්‍යන්තරව විභාග කිරීම නරක දෙයක් නො වේ. ආණ්ඩුවට හා සිංහල ජනතාවට මේ පිළිබඳව කරුණු දැක්වීමට එමගින් අවස්ථාවක් ලැබේ. එසේම, මුස්ලිම් ජනතාවට ද තම ‍චෝදනාව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දිය යුතු ය. මෙම ප්‍රශ්නය අරභයා විවෘත සංවාදයක් සිදු විය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-02-26

සමන්තභද්‍රගේ දාන සාදය තේරුම් ගන්නේ කෙසේ ද?

සිරි සමන්තභද්‍ර නම් මාර්ග ඵල ලත් භික්ෂුවක් ලෙස තමන් හඳුන්වා ගන්නා පිටිදූවේ සිරිධම්ම හිමි විසින් සිය 40වන උපන් දිනය නිමිත්තෙන් පවත්වන ලද දාන සාදය ගැන දැන් කතාබහ කෙරෙමින් තිබේ. 

එහි පිංතූර බලන කල ඉතා පැහැදිලිව ම අලුත් ආගමික ප්‍රවණතාවක ලක්ෂණ දකින්නට ලැබේ. ඒ වනාහි කාමසුඛල්ලිකානුභෝගී බෞද්ධ භාවිතාවක් ලෙස හඳුනාගත හැකි දෙයකි. 

මෙය සමන්තභද්‍ර හෙවත් පිටිදූවේ සිරිධම්ම භික්ෂුව වෙතින් පමණක් නොව මෑත කාලයේ මතු වූ අසපුවාසී භික්ෂු පරපුරෙන් ම ප්‍රකාශයට පත් වූ ලක්ෂණයක සංකේතාත්මක ප්‍රකාශනයකි. 

ඒ වනාහි සුඛෝපභෝගී, අධි වියදම්කාරී, සෝබනකාර ජීවන පැවැත්මකි. එය මුල් බුදු සමයෙන් හඳුන්වා දෙන ලද හා සම්ප්‍රදායිකව මේ රටේ භික්ෂූන් හා බෞද්ධ සැදැහැවතුන් විසින් පරමාදර්ශී ලෙස අනුගමනය කරන ලද අල්පේච්ඡ දිවි පැවැත්මේ ප්‍රතිපාර්ශ්වයයි. 

විවෘත ආර්ථිකයත් සමග පන්සල ද ව්‍යාපාරික මධ්‍යස්ථානයක් වන්නට පටන් ගත් අතර අවසන් නො කරන විවිධ ඉදිකිරීම් ව්‍යාපෘති පන්සල්වල ප්‍රධාන ලක්ෂණයක් විය. ඒ වෙනුවෙන් අරමුදල් සම්මාදම් කිරීම භික්ෂූන්ගේ ප්‍රධාන ව්‍යාපාරය විය. ඒ අනුව ලංකාවේ බො‍හෝ පන්සල් සදාකාලික ඉදිකිරීම් වැඩබිම් බවට පත් වී තිබේ. භික්ෂූන් යනු කූට සම්මාදම්කාරයන් පිරිසක් බවට පත් වී තිබේ.

මෙම බෞද්ධ ඉදිකිරීම් ප්‍රවණතාවේ අනෙක් ලක්ෂණය වූයේ උසස් කලාත්මක රසඥතාවෙන් තොර වීමයි. මෑත කාලීන බෞද්ධ ගෘහ නිර්මානයන් අතිශය රළු පරළු ඒවා බව සරළ අධ්‍යයනයකින් වටහා ගත හැකි ය. 

සාමාන්‍ය පන්සල්වල ආගමික අභිචාර පැවැත්වීම උපාසිකා උපාසක පිරිසට කයට දුක් දෙන කාර්යයක් වී තිබේ. මේවායේ බණ මඩුවල ලී දඬු ගොඩගහලා ය. වැසිකිලි සේදීමක් ඇත්තේ ම නැත. වැලිමලු මඩ කඩිති ය. ඒ වෙනුවට යම් පිළිවෙලකට අභිචාර පැවැත්විය හැකි ස්ථාන ‍ඔවුන්ට අවශ්‍ය විය. 

මධ්‍යම පංතික කාන්තාවන් ඉලක්ක කරගෙන බිහි වූ අසපු විසින් මේ සමාජ අවශ්‍යතාව හොඳින් හඳුනා ගන්නා ලදී. අසපු විසින් කරන ලද මූලික ම කාර්යයක් වූයේ අරමුදල් සම්පාදනය හා ආයතන කළමනාකරණය විධිමත් කර ගැනීමයි. එසේම භික්ෂුව හැත්තෑව දශකයේ කිළිටි මුදලාලිගේ තත්වයේ සිට සුන්දර ධර්ම කථිකයකු දක්වා පරිණාමය විය. පන්සල සදාකාලික ඉදිකිරීම් වැඩබිමක තත්වයෙන් කලාත්මක, නිසංසල, නවීන ස්ථානයක් බවට සංවර්ධනය කරන ලදී. සම්ප්‍රදායික පන්සලෙන් වෙනස් වීම සඳහා එය අසපුව ලෙස නම් කෙරිණි.

ඒ හා සමාන්තරව උපාසිකා උපාසක ප්‍රජාව ද බණ මඩුවල දුෂ්කර ක්‍රියා කරන මැහැල්ලන්ගේ තත්වයේ සිට නව බෞද්ධ විලාසිනියකගේ තත්වයට උසස් කරන ලදී.

මේ වනාහි සමාජ අවශ්‍යතාවක් තේරුම් අරගෙන එයට ආමන්ත්‍රණය කිරීමක් මිස අමුතු අපරාධයක් නො වේ. කුමන හෝ ආකාරයකින් මුදල් ඉපයීම උත්කර්ෂයට නංවා තිබෙන වත්මන් සමාජයේ එසේ මුදල් උපයන මිනිසුන්ට සිය වරදකාරී හැඟීම් අකා මකා දමා ගැනීමටත්, සිය පාරිභෝජනවාදී දිවි පැවැත්ම හා අනුගත වන ආගමික අභිචාර ක්‍රියාවලියක් හා සම්බන්ධ වීමටත් අසපු විසින් අවස්ථාව උදා කර දී තිබේ. 

පන්සල්වලට එන මිනිසුන්ගේ දත් ගැලවීමට විවිධ උපාය උප්පරවැට්ටි යොදමින් දවස ගෙවන මහණුන්ගෙන් යුත් පන්සල් වෙනුවට වෘත්තික මට්ටමේ ධර්ම සේවාවන් සපයන අසපු විසින් නිරූපණය කරන්නේ අන් කිසිවක් නොව පසුගිය කාලය තුළ සිදු වූ සමාජ පරිණාමයයි. 

මේ වනාහි ධනකාමයයි. 




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-02-25

මහ මග නඩු අහන මොබ් උසාවි පිටුදකිමු

නිවැරදි පුද්ගලයන් වරදකරුවන් ලෙස සැලකුණු අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් තිබේ. 

බ්‍රිතාන්‍ය ජාතික තිමති එවන්ස් 1950දී මරණ දඬුවමට ලක් වුණේ ඔහුගේ සිඟිති දියණිය මරා දැමීමේ වරදටයි. එහෙත් 16 වසරකට පසුව හෙළි වූයේ එම මිනීමැරුම වෙනත් පුද්ගලයකු විසින් කරන ලද්දක් බවයි. මාලා මිනීමරුවකු වූ එම අපරාධකරුවා මෙම මිනීමැරුම සම්බන්ධයෙන් වරද පිළි ගත්තේ ය. මෙම ඓතිහාසික වරද එක්සත් රාජධානියේ මරණීය දණ්ඩනය 1965දී අහෝසි කිරීමට ද හේතු විය.මරා දැමීමෙන් වසර 16කට පසුව 1966දී තිමති නඩුවෙන් නිදහස් කරන ලදී

මෙම වීඩියෝව නරඹන්න. මෙහි වරදකරුවකු ලෙස වෛරයට පාත්‍ර වන ගුරුවරයා ඇත්තෙන් ම වරදකරු විය හැකි ය. එසේ ම ඔහු කිසියම් වැරදි අවබෝධයක ගොදුරක් වූවකු වන්නටත් පුළුවන. වරදක් කර තිබේ නම් පොලිසිය මගින් නීතිය ක්‍රියාත්මක කරන්නට ඕනෑ තරම් අවස්ථාව තිබියදී මේ අයුතු ජන රාශියට මේ අන්දමින් හැසිරෙන්නට පොලිසිය ඉඩ දුන්නේ ඇයි? 

වැරදිකරුවා ය කියන මෙම ගුරුවරයා මෙන් ම මේ අයුතු ජනරාශියේ සිටින පුද්ගලයෝත් නීතිය ඉදිරියේ වැරදිකරුවෝ ය. ඔවුන්ගේ හැසිරීම නින්දිත ය.

අයුතු ජනරාශි හෙවත් මොබ් මේ සමාජයේ පිළිගත් සංස්කෘතියක් බවට පත් වී තිබේ. මොබ් මානසිකත්වය බරපතල සමාජ ගැටලුවකි. මොබ්වල සාමාජිකයන් වන ආවේගශීලී පුද්ගලයෝ වනාහි තර්කානුකූලව සිතන මතන පිරිසක් නො වේ. 


විශේෂයෙන් ම මහින්ද රාජපක්ෂ පාලනය ම අයුතු ජන රාශියක පාලනයක් විය. නිරතුරුව ම මොබ් සමග ජීවත් වන මොබ් ඇමතීම වෘත්තිය කර ගත් පුද්ගලයින් පිරිසක් ලාංකීය සමාජයේ නායකයන් ලෙස පිළිගැනීමට ලක් වී තිබේ.

සමාජයක නීතියේ ආධිපත්‍යය පැවතිය යුතු ය. නීතියේ ආධිපත්‍යය යනු මහ මග නඩු අහන මොබ්වල පොල්කටු උසාවි නො වේ. මෙම තත්වය දැන්වත් මැඩලිය යුතු ය. ලාංකීය සමාජය මේ මොබ් මානසිකත්වයෙන් මුදා ගත යුතු ය. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ශිරානිට එරෙහි නඩුව හරි හැටි ඇහෙනවා ද?

පහත සඳහන් දිනමිණ වාර්තාව කෙරෙහි ඔබගේ අවධානය යොමු කරමි. එය හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව ඇති නඩු සම්බන්ධයෙනි. 

ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගයට ලක් කර නෙරපා දැමූ ආකාරය වැරදි සහගත ක්‍රියාවක් බැවින් ඇය නැවත සේවයේ පිහිටුවීම සඳහා ආණ්ඩුව විසින් ගන්නා ලද පියවර අපගේ පැසසුමට ලක් විය. ශිරානි බණ්ඩාරනායකට සාධාරණත්වය ඉටු කිරීම සඳහා නීතිඥවරුන්ගේ මැදිහත් වීමෙන් උද්ඝෝෂණයක් සිදු වූ හෙයින්, තනතුරට සංකේතාත්මකව පත් වී ඉල්ලා අස් වීමට ඇය ගත් තීරණය ද අපේ පැසසීමට ලක් විය. 

එහෙත්, ඇයට එල්ල වූ විෂමාචාර චෝදනා බරපතල ය. සිය වත්කම්, බැරකම් ප්‍රකාශ නිවැරදිව ඉදිරිපත් නො කිරීම, විදේශ විනිමය ගනුදෙනු පාරදෘෂ්‍ය නො වීම හා නිවසක් මිළ දී ගැනීම සම්බන්ධයෙන් ඇය කටයුතු කර ඇති ආකාරය පිළිබඳ එල්ල වී තිබෙන මෙම චෝදනා නිසි පරිදි විමර්ශනය කළ යුතු ය. එහිදී ඇය වෙනුවෙන් නීතිමය බුරුලක් දිය යුතු නැත. 

මෙම නඩුවේදී ශිරානි බණ්ඩාරනායක වෙනුවෙන් නීතිඥ සංගමයේ සභාපතිවරයා ද පෙනී සිටියි. එහි කිසිදු නීතිමය වරදක් නැති වුවත්, නීතිඥ සංගමයේ සභාපතිවරයා මෙන් ම ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ද වන වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයකු මෙම නඩුවේ නීතිඥයකු ලෙස පෙනී සිටීම ගැන අපගේ අවධානය යොමු විය යුතු ය.

මෙම නඩුවේදී අධිකරණය විසින් ඇයට හිටපු අගවිනිසුරුවරියක ලෙස පිරිනමන ලද ගරුසරු කිරීම් ඇය ප්‍රතික්ෂේප කරන්නේ ඇයි ද යන්න ද අවධානයට ලක් විය යුතු ය. ඇය පසුගිය ආණ්ඩුව සමයේ මෙවැනි රැඩිකල් ප්‍රකාශ කළේ නැත්තේ ඇයි?

(අද දිනමිණ පුවත්පතේ පළ වූ වාර්තාව මෙසේ ය. එහි ‍ඇති භාෂාමය හා කරුණු සම්බන්ධ දෝෂ ගැන පුවත්පතේ කතුවරයාගේ අවධානය යොමු විය යුතු ය.)

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සිය වත්කම් බැරකම් ප්‍රකාශයේ ජාතික සංවර්ධන බැංකුවේ පවත්වාගෙන ගිය විශේෂ ජංගම ගිණුම් දෙකක තොරතුරු වසන් කළ බව කියන අල්ලස් නඩුව තවදුරටත් ඇයට එරෙහිව පවත්වාගෙන යන්නේ ද ? නැත්නම් ඉවත් කරගන්නේ ද ? යන්න සම්බන්ධ තීරණය ලබා දීමට අල්ලස් කොමිසම මාස දෙකක කාලයක් ඉල්ලා තිබෙන බවට ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා ඊයේ (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත දැනුම් දුන්නේය.
මෙවැනි ගිණුමක් සම්බන්ධයෙන් සිය සේවාදායිකාව කරුණු නොදන්නා බව පැවසූ ‍නීතිඥවරයා එක් එක් පුද්ගලයන්ගේ අවශ්‍යතා මත ගිණුම් ආරම්භ කර තොරතුරු අන්තර් ජාලය වෙත මුදා හැර පුවත්පත්වල පල කිරිමට කටයුතු යොදා ඒ හරහා සිය සේවාදායිකාවට එරෙහිව දොෂාභියෝගයක් ගෙන ඒමට යම් කණ්ඩායමක් ක්‍රියා කළ බව පැවැසීය.

තමා මේ සම්බන්ධයෙන් වාචිකව අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂවරිය දැනුවත් කළ බව පැවසූ ලද්දුවහෙට්ටි මහතා පස්ස දොරෙන් නිදහස් වීමට සිය සේවාදායිකාවට කිසිසේත්ම අවශ්‍ය නොමැති බවත් මෙලෙස ව්‍යාජ නඩුවක් පැවරීමට ක්‍රියා‍ කළ බැංකු නිලධාරින්ට හා දත්ත පිට කළ බැංකු නිලධාරින්ට එරෙහිව ඉදිරියේ දී නීති මඟින් කටයුතු කරන බව පැවසීය.

මෙහිදි රජයේ අධිනීතිඥ ඩිලාන් රත්නායක මහතා පවසා සිටියේ ලිබිත වාර්තාවක් අධිකරණයට ගොනු කරමින් ජාතික සංවර්ධන බැංකුවේ දත්ත පාලනයක් මහ බැංකුව හරහා සිදු නොවන බවත් පරිගණක දත්ත පරික්ෂාවට විශාල මුදලක් හා කාලයක් වැයවන බැවින් දත්ත ප්‍රවේශය ලබා ගැනිමේ සාක්කිය විශේෂ සාක්කි අඥා පනතේ ප්‍රතිපාදන නොමැති හෙයින් සුවිශේෂි කරුණක් ලෙස නම් කර නඩුව නැවත විභාගයට ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ විදේශ ගමන් තහනම මෙහිදි ඉවත් කරමින් නැවත ඇය වෙත විදේශ ගමන් බලපත්‍රය මුදා හැරීමට නියම කළ ද ඇය විසින් විදේශ ගමන් බලපත්‍රය භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ සම්පුර්ණව නඩුවෙන් නිදහස් වු පසුව එය බාර ගන්නා බවයි.

මෙහිදී හිටපු අගවිනිසුරුවරිය වෙත විත්ති කුඩුවෙන් බැස සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා පැවසුව ද තමා සාමාන්‍ය පුද්ගලයකු වන බැවින් නීතියට ගරු කොට විත්තිකරුවකු ලෙස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පවසමින් ඇය එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.
හිටපු අගවිනිසුරුවරිය සිය වත්කම් බැරකම් ප්‍රකාශයේ 2010, 2011 හා 2012 යන වර්ෂ සඳහා ජාතික සංවර්ධන බැංකුවේ පවත්වාගෙන ගිය ජංගම ගිණුම් දෙකක තොරතුරු ඇතුළත් නොකර ඇති බව පවසමින් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ.

වර්ෂ 2010 ජුනි 9 දින 1975 වත්කම් බැරකම් ප්‍රකාශ කිරිමේ පණත උල්ලංඝනය කරමින් 9(1) වගන්ති ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සිදු කර ඇති බවට වැඩිදුරටත් අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

මෙසේ වර්ෂ තුනකට අදාළ නඩු තුනක් චෝදනා හයක් යටතේ හිටපු අගවිනිසුරුවරියට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති අතර බැංකු ගිණුම් විස්තර, වත්කම් බැරකම් ප්‍රකාශ, ජාතික බැංකු ගිණුම් විස්තර ඇතුළත්ව නඩු භාණ්ඩ හයක් හා සාක්කිකරුවන් 7දෙනකු කොමිසම විසින් අධිකරණය හමුවේ නම් කර තිබිණ.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ඩිලාන් රත්නායක , අල්ලස් කොමිසමේ නීති නිලධාරී සුභාෂිණි සිරිවර්ධන මහත්මිය පෙනී සිටි අතර විත්තිකාරිය වෙනුවෙන් නීතිඥ නාමල් රාජපක්ෂ, ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි, නීතිඥ උපුල් ජයසුරිය, ගුණරත්න වන්නිනායක , උපාලි බණ්ඩාර , තිසර චාමර යන නීතිඥයින් පෙනී සිටියහ.

සිද්ධිය නැවත කැඳවීම අප්‍රේල් මස 27 වන දිනට කල් තැබිණ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-02-24

නවක වධය හා අපායේ ඉන්ටවල් එකේදී දේශපාලනය කිරීම

මේ දිනවල නැවතත් රැග් කිරීම ගැන කතිකාවක් ඇති වී තිබේ. නවක වධය හේතුවෙන් මානසික ගැටලුවකට මුහුණ දුන් සිසුවියක සිය දිවි නසා ගැනීම එයට හේතුවයි.

ඇත්තෙන්ම නවක වධය විශ්ව විද්‍යාලවල බරපතල ගැටලුවකි. දේශපාලන කණ්ඩායම් ද සාමාජිකයන් බඳවා ගැනීම සඳහා නවක වධය භාවිතා කරන බවට චෝදනාවක් එල්ල වී තිබේ. සාමාන්‍යයෙන් මෙම වාමාංශික කණ්ඩායම්වල නිර්මානාත්මක චින්තනය ඉතා දුර්වල ය. මර්දනකාරී, ඒකාධිපති මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමා ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම සඳහා ගන්නා ලද ජනතා ක්‍රියාමාර්ග හමුවේ පවා ඔවුහු අවුල් වී සිටිති. මර්දනකාරී පාලනයක් නොමැති සංදර්භයක් තුළ දේශපාලනය කරන හැටි නො දන්නා ඔවුන් සරසවිවලදී නවක වධය නැති සංදර්භයක් තුළ දේශපාලනය කරන හැටි නො දැන සිටීම ගැන පුදුම විය යුතු නැත. 

නවක වධය යනු සරසවිවල හා වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල පමණක් දක්නට ලැබෙන දෙයක් නො වේ. පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගන්නා මොහොතේ පටන් ම රජය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, විදුහල්පතිවරු හා ගුරුවරු දරුවන් ද දෙමව්පියන් ද වධයට භාජනය කරති. විදුහල්පතිවරුන් මව්පියන්ට රැග් කරන්නේ විවිධ සම්මාදම්, ශ්‍රමදාන ආදිය හරහා ය. ගුරුවරියෝ රැග් කරන්නේ තමන්ගේ ටියුෂන් පංතියට ළමයින් ගෙන්වා ගැනීම, ගෙදර වැඩ ආදිය හරහා ය. 

එතැන් සිට පාසල් අධ්‍යාපනය පුරාවට විදුහල්පතිවර, ගුරුවරු, පංති නායකයෝ, ශිෂ්‍ය නායකයෝ, කැඩෙට් සාජන්ලා, ක්‍රීඩා නායකයෝ ආදීහු සිසුන්ට වධ දෙති. 10 ශ්‍රේණියේදී ළමයින් දිග කලිසම් ඇන්ද විට ලොකු අයියලා කප්පම් ගනිති. විශ්ව විද්‍යාලයට යන්නේ සිය පාසල් ජීවිතය පුරාවට අනුන්ගේ වධයට ලක් වූ හා අනුන්ට වධ දුන්, පරපීඩනය සමාජ සම්බන්ධකම්වල කොටසකැයි සිතන පිරිසකි. 

වයසින් වැඩිකම, ජ්‍යේෂ්ටත්වය, තනතුරෙන් ඉහළ වීම, පූජකවරයකු වීම, මාධ්‍යකරුවකු වීම, නඩුකාරයකු වීම, වෘත්තිකයකු වීම, වෘත්තීය සමිති නායකයකු වීම, පොලිසියේ හෝ වෙනත් ආරක්ෂක අංශයක හෝ සාමාජිකයකු වීම, ධනවතකු හෝ බලවතකු හෝ වීම වැනි හේතු මත මේ සමාජයේ මිනිස්සු නිතිපතා අනෙකා වධයට බඳුන් කරති.

කනිෂ්ඨයන් වධයට පාත්‍ර කිරීම ආරක්ෂක හමුදා, පොලිසිය, හෙද වෘත්තිය වැනි ඇතැම් රැකියාවල ආවේණික ලක්ෂණයකි. 

මේ සමාජයේ හැටි එහෙම ය. සාමාන්‍ය මිනිසකු නිල ඇඳුමක් අන්දා ගේට්ටුවක් ළඟ තැබූ විට එම පුද්ගලයා ඉතා පහසුවෙන් බලයෙන් අන්ධ වෙයි. රජයේ කාර්යාලයක ආරක්ෂක නිලධාරියකු ගැන විමසා බලන්න. එම පුද්ගලයා ඉන්නේ එතැනට සේවය ලබා ගැනීමට එන අයට උදව් කරනවාට වඩා ඔවුන් පෙළීමටයි. අපේ වගකීම සමාජයේ සෙසු සාමාජිකයන්ගේ කටයුතු පහසු කරමින් අප ද පහසුවෙන් ජීවත් වීම බව අප තේරුම් ගත යුතු ය. දැන් සිදු වන්නේ අප විවිධ සමාජ සන්නාහ ඇඳ පැළඳගෙන අනුන්ට වධ දෙමින්, ඊටත් වඩා අප වධයට බඳුන් වීමයි.

මේ බරපතල සමාජ ගැටලුව තේරුම් ගන්නට මෙම බ්ලොග් අඩවියේ පළ වන  කමෙන්ට් පමණක් වුව සෑහේ.

නවක වධය නැති කිරීම හුදෙක් නීතිවලින් පමණක් කළ නො හැකි ය. සමස්ත සමාජය ම ප්‍රජාතන්ත්‍රීයකරණය කළ යුතු ය. මෙය පටන් ගත යුත්තේ පාසලෙනි. 

එසේම, ලංකාවේ සියලු දේශපාලන පක්ෂ මෙන් ම සමස්ත සමාජයමත් ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජීවත් වන ආකාරය ගැන නැවත සිතා බැලිය යුතු ය. 

මන්ද, ප්‍රජාතන්ත්‍රවාදය දැන් අපට දරා ගත නො හැකි බරපතල ගැටලුවක් වී තිබේ. රාජාණ්ඩු හා මර්දනකාරී පාලකයන් ඉල්ලමින් ජනතාව වීදි බසින්නේ ඒ නිසා ය. 

පොලිසිය හා හමුදාව පුරවැසියන් මරා නො දමන, නීතියේ ආධිපත්‍යය පවතින, බිය වන්නට ත්‍රස්තවාදියකු නැති, දේශපාලකයන් සොරකම් නො කරන, රාජ්‍ය සේවය කාර්යක්ෂම, ආර්ථිකය සංවර්ධනය වන හා සාමකාමී වටපිටාවක ජීවත් වන්නේ කෙසේ ද යන්න ගැන ලංකාවේ සමස්ත සමාජයට ම පුහුණුවක් අවශ්‍ය ය. මන්ද, අප දැන් සිටින්නේ අප කැමති නම් ඉහත කී තත්වයන් සාපේක්ෂ වශයෙන් හෝ ඇති කර ගත හැකි මොහොතක ය. 

වාමාංශික සහෝදරවරුන් හා විමල් වීරවංශ වැනි රාජාණ්ඩුවාදීන් එකා මෙන් නැගී සිටිමින් එක හඬින් කියන්නේ මෙය අපායේ ඉන්ටවල් එකක් ය කියා ය. හොඳයි, මේක අඩු තරමේ ඔබේ ජීවිත කාලය තරම් දිග ඉන්ටවල් එකක් වුණොත් ඔබ කරන්නේ කුමක් ද?  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-02-23

ආණ්ඩුව රට පාලනය කරනවා ද?

මේ අද දිනමිණේ පළ වූ පිංතූරයක්. මහජන මුදලින් පවතින දිනමිණ තිබෙන්නේ මහින්දගේ ප්‍රොපගැන්ඩාව කරන්නද? 
ආණ්ඩුව යහපාලනය වැරදියට වටහා ගෙන තිබේ. 

යහපාලනය කියන්නේ පාලනයෙන් තොර වීම නො වේ. 

මේ වන විට සිදු වන ඇතැම් දේවලින් පෙනෙන්නේ ආණ්ඩුව පාලනය නො කරන බවයි. 

නිදසුනක් ලෙස අකාර්යක්ෂම පොලිසිය කාර්යක්ෂම කරන්නට නම් පාලනය මැදිහත් විය යුතුයි. එය ඇඟිලි ගැසීමක් නොවෙයි. 

ඒ වගේම තමයි අධ්‍යාපනය භාර දීලා තිබෙන අකිල, රජීව් වගේ ආධුනික ඇමතිවරුන් කරන විකාර ගැන නායකත්වය සොයා නො බලන බව පැහැදිලිව පෙනෙනවා. නිදසුනක් ලෙස රජීව් විජේසිංහ කියන මහින්ද රාජපක්ෂගේ ඥාති ඇමැත්තා කරන විකාර බලන්න. මමංකාරයෙන් ඔලුව උදුම්මා ගත් මෙවැනි දුබලයන්ට මේ වගකීම් නො පැවරිය යුතුව තිබුණා. දුන්නා නම් දැන් ඉතින් කළ යුත්තේ මැදිහත් වී නාන එක වැළැක්වීමයි. 

ජනමාධ්‍ය ගැනත් කිව යුතුයි. මාධ්‍ය මධ්‍යස්ථ විය යුතු බව ඇත්ත. ඒත්, රජයේ මාධ්‍යවලට අරමුණක් තිබිය යුතුයි. රජයේ මාධ්‍යවල මූලික අරමුණ රජයේ වැඩසටහන ජනතාවට පැහැදිලි කර දෙමින් එයට මහජන සහයෝගය දිනා ගැනීමයි. එය කළ යුත්තේ සියුම් හා ආකර්ශනීය ආකාරයටයි. කලින් දිනමිණ හා අයිටීඑන් කළ විධියට නෙමෙයි. 

ඒත්, රජයේ මාධ්‍ය හසුරුවන පුද්ගලයන් මේ කාර්යය කරනවා ද? මාධ්‍ය පාලනය කියන්නේ තමන් කයිවාරු ගැසීම නොවෙයි. මාධ්‍ය ඵලදායිතාව ඇති කිරීමයි. 

ඇතැම් ජනමාධ්‍ය විසින් කරන ජාතිවාදී හා වෛරී සන්නිවේදනයන්ට එරෙහිව රජය කටයුතු කළ යුතුයි. 

පහත වීඩියෝවේ කරන ප්‍රකාශය මට නම් පෙනෙන්නේ මහින්ද ආපසු එනු හීනෙන් දැක බිය වී නින්දෙන් නැගිට්ට මිනිසකුගේ ප්‍රකාශයක් ලෙසයි. 

තවමත් නිදා සිටින තව කෙනෙක් ඇත. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි. 

අපට අසන්නට ඇත්තේ සරළ ප්‍රශ්නයකි. 

පාලනය කරනවා ද? නැද්ද? 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

අපරාධ නඩුවක සාක්ෂිකරුවකු මරා දමන්නැයි රජයෙන් ඉල්ලන මාධ්‍යකරුවෙක්

මෙම ජනමාධ්‍යකරුවාත්, මෙම ත්‍රස්තවාදියාත් අතර වෙනස කුමක් ද?
ලංකාවේ පොලිසිය යනු අපරාධ විමර්ශනයේදී අතිශය අකාර්යක්ෂම ආයතනයකි. නීතිපති දෙපාර්තමේන්තුව වැනි වෙනත් ආයතන ද එවැනි ය. අධිකරණයේ කාර්යක්ෂමතාව ද බරපතල ප්‍රශ්නයකි. 

මේ අතර පසුගිය කාලයේ මේ රටේ ජනප්‍රිය අපරාධ මර්දන මෙහෙයුම වූයේ අපරාධ සැකකරුවන් විවිධ ආකාරයෙන් නීතියට පිටින් ඝාතනය කිරීමයි. පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මරා දැමීම මෙන් ම සිරගෙවල්වලදී මරා දැමීම ද සුලබ සිදුවීම් විය. 

වැලිකඩ සිරගෙදරදී 1983 ජුලි කලබල අතරතුර දෙමළ දේශපාලන සිරකරුවන් 53දෙනෙකු ඝාතනය කිරීම, බංඩාරවෙල බිඳුණුවැවදී පුනරුත්ථාපනය වෙමින් සිටි දෙමළ තරුණයන් පිරිසක් මරා දැමීම වැනි සිද්ධි මාලාවක තවත් එක් සිද්ධියක් වන්නේ 2012දී සිදු වූ වැලිකඩ ඝාතනයයි. 

ශිෂ්ට සමාජවල නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වනවා මිස රජය නීතියට පිටින් මිනිසුන් මරා දමන්නේ නැත. වැරදිකරුවන්ට දඬුවම් කළ යුතු ය. දණ්ඩනයෙන් බලාපොරොත්තු වන්නේ විශෝධනයයි. වැරදිකරුවන් නිවැරදි මිනිසුන් බවට පත් කිරීමයි. 

මෙවැනි සිද්ධි නැවත සිදු නො විය යුතු ය. ඒ සඳහා සිදු වූ සිද්ධි පිළිබඳ නිසි පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් කළ යුතු ය. රාජ්‍ය බලය අයුතු ලෙස මෙහෙයවමින් වැරදි කරන්නට මිනිසුන් නො පෙළඹෙන තත්වයක් නිර්මානය කළ යුතු ය. රාජ්‍ය බලය වුව වැරදි කිරීම සඳහා භාවිතා කිරීම නො ඉවසිය යුතු ය. 

වැලිකඩ කැරැල්ල ‍හා එය මුවාවෙන් කරන ලද ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු ය. ඒ සම්බන්ධ සාක්ෂි දෙන්නට ඉදිරිපත් වී ඇති අයට ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතු ය. සාක්ෂිකරුවන්ට අතීතයේ තිබුණු චෝදනා මෙම කාරණයේදී අදාළ නැත. 

මෙහෙම හිතන්න. ඔබේ දරුවකු, බිරිඳ, සැමියා, මව්පියන් හෝ වෙනත් නෑයකු මරා දමා ඇතැයි සිතන්න. ස්ත්‍රී දූෂකයකු ලෙස චෝදනා ලැබ සිටින අයෙක් එය දුටුවේ ය. දැන් එම පුද්ගලයා මිනීමැරුම ගැන සාක්ෂි දෙන්නට ඉදිරිපත් වූ විට ඔබට වැදගත් වන්නේ එම සාක්ෂිය ද, එහෙම නැතිනම් එම පුද්ගලයාට ඇති අතීත චෝදනාව ද?

ජනමාධ්‍යකරුවන් ලෙස අප ලියන දේ බුද්ධිමත්ව ලිවිය යුතු ය. අපට අපගේ පෑනෙන් මිනී මරන්නට පුළුවන. මේ තිබෙන්නේ එහෙම ලියවිල්ලකි. ලියා ඇත්තේ දිවයින පුවත්පතේ සමන් ගමගේ නම් මාධ්‍යකරුවෙකි. 

මේ ලෙසින් වැලිකඩ සිද්ධිය අරබයා නැවත පරීක්‍ෂණ පැවත්වීමට යැමෙන් වත්මන් රජය ඉදිරියට එන ගැටලු රාශියකි. එහෙත් ඒ ගැටලුවලින් මිදීම සඳහා රජයට එක්‌ පහසු විසඳුමක්‌ද ඇත. ඒ "අපිත් හිරේ හිටියා" යැයි දොඩවමින් අද වැලිකඩ සිද්ධිය ගෙන එන්ජීඕ නඩ සමග එක්‌ව රණවිරුවන් පාවා දී බඩවඩා ගන්නට සැරසෙන සිංහල කොටින්ට එදා උණ්‌ඩයකින් නොලැබුණ පිළිතුර මෙදාවත් ලබා දීමය. අප එසේ කියන්නේද නිකන්ම නොව. එදා මෙන්ම අදටත් මුන් රටට බරක්‌ වී නටමින් සිටින නිසාය. (සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න

සමන් ගමගේ කියන්නේ රජය මෙම සාක්කිකරුවා මරා දැමිය යුතු බවයි. මෙය කෙතරම් මෘග ප්‍රකාශයක් ද යන්න විමසා බලන්න. ජනමාධ්‍යකරුවන් යනු අපරාධ නඩුවක සාක්ෂිකරුවකු මරා දමන්නැයි රජයෙන් ඉල්ලන මිනිසුන් වීම කෙතරම් බරපතල තත්වයක් ද? 

ප්‍රධාන ජනමාධ්‍යවල පළ වෙන මෙවැනි වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන නීතිමය වශයෙන් පියවර ගත යුතු ය.

නැතිනම්, රජයට එවැනි නීති විරෝධී ක්‍රියා කරන්නැයි උපදෙස් නො දී මේ මාධ්‍යකරුවා ම ඔහු කියන මෙම කාර්යය කළ යුතු ය. 

සමන් ගමගේ, ඔබ එයට සූදානම් ද? 

මීට කලින් අවස්ථාවක සමන් ගමගේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයන් සම්බන්ධයෙන් මෙසේ පවසා තිබේ. (ලිපිය මෙතැන ඇත)  

පැහැදිලිවම කිවහොත් කරන්නට තිබෙන්නේ එවුන්ට වෙඩි තබා සැබෑ නරින්ට අනුභව කරන්නට කැලේට වීසි කිරීමය. නමුත් එසේ කරන්නට යෑයි කීමට අපට නොහැකිය. මන්ද එලෙස රට පාවා දෙන්නට කටයුතු කරන්නවුන්ට මෙන් ගෝත්‍රික මානසිකත්වයක්‌ අපට නොමැති නිසාය. (සමන් ගමගේ) 
 

ඔහු එසේ කීවේ 2014 අගෝස්තුවේ ය. මේ වන විට නම් ඔහුට ඒ ගෝත්‍රික මානසිකත්වය ඇති වී තිබෙන බව පෙනේ. මේ පුද්ගලයා මේ වන විට අතිශය භයානක මානසික තත්වයකට ගොදුරු වී ඇති බව පෙනේ. 

මේ වන විට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් තනතුර දරමින් ජනමාධ්‍යකරණය ගැන ගැඹුරු අදහස් නිරතුරුව සන්නිවේදනය කරන කරුණාරත්න පරණවිතාන මේ වෛරී සන්නිවේදනය ගැන කුමක් කියන්නේ ද යන්න දැන ගැනීමට කැමැත්තෙමි.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-02-22

අපට සිංහල බැරි ඇයි?

(ලිපියෙහි ඇති වැදගත්කම නිසා දිවයින පුවත්පතෙන් උපුටාගෙන යළි පළ කරමි)

මහාචාර්ය ඡේ. බී. දිසානායක

අපේ සිංහල භාෂාවට මේ රටේ ජනතාව කියන්නේ "මවුබස" කියලයි. දරුවෙක්‌ මුලින්ම උගෙන ගන්න භාෂාව මවුබස. ඉංගිරිසියෙන් අපි ඕකට කියනවා "ෆස්‌ට්‌ ලැන්ග්වේඡ්" කියලා. දරුවෙක්‌ උපදිනකොට ඔහුට බසක්‌ නෑ. කතා කිරීමේ ශක්‍යතාව තියෙනවා. බසක්‌ නෑ. බස තීරණය වෙන්නේ ඒ දරුවගේ මව ජීවත්වන සංස්‌කෘතිය අනුවයි.

අම්ම තමයි දරුවට බස දෙන්නේ. ඒක නිසා අපි කියනවා ඒකට මවුබස කියලා. ඒ තත්ත්වය වර්ධනය වුණාම ටික ටික දරුවා වැඩෙද්දී සමාජානුයෝජනය අනුව දරුවාට පුළුවන් වෙනවා ඔහුගේ උවමනා එපාකම් ටික මවු බසෙන් දෙමවුපියන්ට වැඩිහිටියන්ට කියන්න. සන්නිවේදනය කරන්න.

පාසල් යන අවධිය.. ඒ කිව්වේ අවුරුදු 5ක්‌ පමණ වනවිට තම ඕනෑ එපාකම් කියාගන්න පුළුවන් දරුවා පාසලේදී සිංහල ඉගෙන ගන්න පටන් ගන්නවා. හැබැයි දරුවා ඒ වනවිට සිංහල කතා කරන්න දන්නවා. ගුරුවරුන්ට වගකීමක්‌ තියෙනවා මේ දරුවා දන්න බස තවදුරටත් උගන්වන්න. කොහොමද මේක කරන්නේ... දන්න බසේ මොනවද උගන්නන්න තියෙන්නේ.

මෙන්න මේ වැඩේට තියෙනවා වෙනමම න්‍යාය පත්‍රයක්‌. ඒ න්‍යාය පත්‍රයට අනුව දරුවා දන්න දේ තවදුරටත් ඔහුට කියාදීමේදී කළ යුත්තේ ඔහුගේ නිපුණතාවය වැඩි කිරීමයි. දරුවා සතු දැනුම පාවිච්චි කර යමක්‌ ප්‍රකාශ කිරීමට නිපුණතාවක්‌ ලබාදීම.

අපේ නිපුණතා කීපයක්‌ තියෙනවා.. එකක්‌ තමයි "බස කතා කිරීමේ නිපුණතාවය".... අපේ භාෂාවේ කතා කිරීමේ නිපුණතාවය විශේෂයි. දරුවකුට කියල දෙන්න ඕන තාත්තට කතා කරන හැටි. අම්මට කතා කරන හැටි, හාමුදුරුවන්ට කතා කරන හැටි.. තාත්තා යනවා... හාමුදුරුවෝ යනවා නෙමෙයි. වඩිනවා. හාමුදුරුවෝ කනවා කියන්නේ නැහැ. හාමුදුරුවෝ වළඳනවා.... මෙන්න මේවා අපි දරුවන්ට කතා කිරීමේ නිපුණතාවය ලබාදීමේදී කියා දිය යුතුයි.

ඊළඟට ඔන්න තියෙනවා කතා කරන දේ ලියා තබන නිපුණතාවය. ලිවීමේ නිපුණතාවය. අපේ රටේ කාලාන්තරයක්‌ තිස්‌සේ තිබුණා කතා කරන්න වෙනම නිපුණතාවයක්‌. ලියන්න වෙනමම නිපුණතාවක්‌. මේ දෙකේ වෙනසක්‌ තියෙනවා.

අපි බොහොම පරිස්‌සම් විය යුතුයි.

කතා කිරීමේදී මම යනවා, ඇය යනවා, අපි යනවා, ඔහු යනවා ඔවුහු යනවා කියලා කියනව. මේ යෙදුම් ලේඛනයේදී යොදා ගන්නේ කොහොමද කියලා අපි කියලා දෙන්න ඕන. මම යමි, මම යන්නෙමි. අපි යමු. අපි යන්නෙමු. මේ රටාවන් අපි කියල දිය යුතුයි. මෙන්න මේවා පිළිවෙළට අරන් ළමයට කියල දුන්නොත් එයා ඒවා පිළිවෙළට ඉගෙන ගන්නවා. නමුත් අපි මේ රටාවන් උගන්වන්නේ නැහැ. ඒ වෙනුවට අපි කියල දෙනවා පාසලේදී භාෂාවේ ස්‌වභාවය ගැන. මෙන්න සන්ධි. මෙන්න සමාස, මෙන්න කෘදන්ත. මේ විදියට භාෂාවේ ස්‌වභාවය කියන්න වෙනවා. ඉතින් ළමයට සිංහල භාෂාව එපා වෙනවා. ඇයි දෙයියනේ මේවාද භාෂාව කියන්නේ.

අපි කියල දෙන්න ඕන රටාවන්. භාෂාවේ රටාවන්. උදාහරණයක්‌ වශයෙන් පිරිමි ගැන කියන වචන කොහොමද අපි ගැහැනු භාෂාවෙන් ලියන්නේ. ඒකයි වැදගත් නායකයා - නායිකාව ගායකයා - ගායිකාව - උපදේශකයා - උපදේශිකාව උපාසකයා - උපාසිකාව. ඔන්න ඔය වගේ රටාවන් තියෙනවා. ඒ වෙනුවට අද ගිහින් ගුරුවරිය ළමුන්ගෙන් අහනවා මොනරගේ ගෑනු සතා මොකාද? ඇතාගේ ගෑනු සතා මොකාද කියලා. ළමයි පාඩම් කරනවා. ඇතා - කෙනර. අශ්වයා - වෙළඹ. මොනරා - සෙබඩ. මේ ආදී වශයෙන් යල් පැනපු තොරතුරු කියල දෙනවා. විභාගයටත් මේක අහවි. නිපුණතාවක්‌ දෙන්නේ නැහැ. ළමුන්ට දෙනවා තොරතුරක්‌. භාෂාවේ තියෙන පැරැණි වචන කියල දෙනවා. ඒ වුණාට ළමයට ඒ ඉගන ගන්න දෙයින් ජිවිතේට වැඩක්‌ නැහැ. උගන්නන්නේ යල් පැනපු දේවල්. මොනරාගේ ගෑනු සතා සෙබඩය කියල කවුද අද භාවිතා කරන්නේ. අන්න අපි සෙබඩක්‌ දැක්‌කා කියල කියනවද? හැබැයි ළමයි කියනවා අන්න මොනරා. අන්න ඉන්නවා මොනරි.... කියනවා.

මම මේක කියන්නේ අලුත් කාර් එකක්‌ එලවන්න කියල දෙනවා නම් අලුත් කාර් එකේ ස්‌වභාවය කියල දෙන්න ඕන. පරණ කාර් එකක ගියර් ගැන උගන්නලා කොහොමද අලුත් ඔටෝ ගියර් කාර් එකක ගියර් දාන්නේ.

ඒකයි මම කියන්නේ. අද ළමුන්ට පාඩමේදී සිංහල එපා වෙන්නේ ඒ සඳහා දෙන්න ඕන නිපුණතාව වෙනුවට දැනුමක්‌ පමණක්‌ දෙන එකයි, ඒ අනුව යල් පැනපු එකක්‌ වන නිසයි...... කියලා.

භාෂාව ගංගාවක්‌ වගෙයි. හැම විටම වෙනස්‌ වෙනවා. හෙරක්‌ලීටස්‌ ඒකයි කිව්වේ එකම ගංගාවක්‌ දෙවරක්‌ දකිsන්න කෙනෙකුට බෑ කියලා. බුදු හාමුදුරුවෝ ඊටත් එහා ගිහින් ඕක කිව්වා.

ඉස්‌සර 'ෆ' කියල එකක්‌ තිබුණේ නැහැ. නමුත් අද අපි ෆෑන් කියල කියනවා. ෆේස්‌ බුක්‌ කියනවා. ෆැක්‌ස්‌ කරනවා. ෆෝන් කරනවා. ෆයිල් ගැනත් දැන් කතා කරනවනේ. ඒක නිසා අපිට 'ෆ' අකුර දැන් ඕන. එදා ඕන වුණේ නැහැ. නමුත් දැන් ඕන. ඒ ඒ අවශ්‍යතාවට අනුව භාෂාව වෙනස්‌ වෙනවා. වෙනස්‌ විය යුතුයි. අවුරුදු 800 ක්‌ පරණ සිංහල භාෂාව පාසලේ උගන්නලා කොහොමද නූතන ලෝකයට අවශ්‍ය සිංහල භාෂාවක්‌ හදන්නේ. ඔය අවුරුදු 800 ක්‌ පරණ භාෂාව නමට පාසලේ උගන්වන නිසයි ළමයින්ට සිංහල අමාරු. ඒකයි ප්‍රශ්නය.

ඊළඟට ගමුකෝ අපේ සිංහල හෝඩිය. අපට තියෙනවා හෝඩි ගණනාවක්‌ මිශ්‍ර සිංහල හෝඩිය තියෙනවා. ශුද්ධ සිංහල හෝඩිය කියනවා. කුමාරතුංග මහත්තයාගේ හෝඩියේ අකුරු 54 යි. ඒකට මම එකතු කළා සංඤ්ඤක අකුරු 4 ක්‌. මට ඔය සමහර භාෂාඥයෝ තවම බනිනවා සංඤ්ඤක අකුරු ටික එකට දැම්මා කියලා.

1980 ගණන්වල එදා හිටපු සංස්‌කෘතික ඇමැති විජමු ලොකුබණ්‌ඩාර මහත්තයා අපිට අභියෝගයක්‌ කළා. එක එක්‌කෙනා සිංහල හෝඩිය ගැන එක එක කතා කියනවා. අකුරු ගණනත් එක එක තැන්වල එක එක ගණන්. ඒක නිසා නූතන සිංහලයට අවශ්‍ය වර්ණ මාලාවක්‌ නිශ්චිතව හදන්න කියලා එතුමා රටේ ඉන්න භාෂා උගත්තු ටික එකතු කරල හැදුවා "තන්වංඥ මණ්‌ඩලය' කියලා එකක්‌. ඒකේ මමත් හිටියා. ඒ අනුව අපි අද අපට භාවිතයේ අවශ්‍ය වන වර්ණ මාලාව අරගෙන, මගේ යෝජනාවක්‌ අනුව ඊට 'ෆ' අකුරත් එකතු කරලා සංඤ්ඤක අකුරු 4 ක්‌ එකතු කරලා හැදුවා අකුරු 60 ක සිංහල වර්ණ මාලාවක්‌.

තව තියෙනවා. ඕක ඇතුලේ අපට අවශ්‍ය නොවන අක්‍ෂර. ඒවා ඉවත් කරල අවශ්‍ය අකුරු දාගන්න මම මහන්සි වුණා. නමුත් සමහර දේවල් කරන්න බැරි වුණා. සමහර උගත්තු කියනවා බස වෙනුවෙන් අපි සිටිය යුතුයි කියලා. මම කියන්නේ අපි බස වෙනුවෙන් නොවෙයි, බස අපි වෙනුවෙන් තිබිය යුතුයි කියලා. සපත්තු දෙක කුඩයි කියලා අපි ඇඟිලි කපාගන්න ඕන නෑ. ඇඳ කොටයි කියලා අපි කකුල් කපාගෙන නිදාගන්න ඕන නැහැ. භාෂාව අප පිණිස මිස අපි ඉන්නේ භාෂාව පිණිස නොවෙයි. ඒක මතක තියා ගන්න ඕන.

ඊළඟ කාරණය තමයි අපේ භාෂාවේ තිබෙන ආවේණික ලක්‍ෂණ, අපේ භාෂාවේ තිබෙන සමහර ලක්‍ෂණ ආයෙත් වෙන කිසිම භාෂාවක නෑ. හෝඩිය අතින් ගත්තාම අපට තියෙනවා ප්‍රාණක්‍ෂර දෙකක්‌. 'ඇ', 'ඈ' කියලා. මේ දෙක කිසිම භාෂාවක නෑ. සුද්දට බෑනේ ඇපල් කියලා ලියන්න. ඒ අය ලියන්නේ අපල් කියලයි. අපි ඇපල් කියල බය නැතුව ලියන්නේ අපිට 'ඇ' අක්‍ෂරයක්‌ තිබෙන නිසා. එතකොට සංඤ්ඤක අකුරු 4 ක්‌ තියෙනවා අපිට. ඒව වෙන මොනම හෝඩියකවත් නැහැ. ඒක නිසා මුළු ලෝකයේම භාෂාඥයෝ පිළි අරන් තියෙනවා ලොව තිබෙන නිර්මාණාත්මකම හෝඩි 16 අතර අපේ හෝඩියත් තියෙනවා කියලා. ඒවා උගන්වනවද පාසලේ. නැහැ. උගන්වන්නෙත් කාටවත් වැඩක්‌ නැති දේවල් ටිකක්‌.

මගෙන් ළමයි අහනවා නපුංසක ලිංග කියන්නේ මොකක්‌ද කියලා. පාසල්වල උගන්වනවා. නමුත් එහෙම ලිංගයක්‌ අපේ භාෂාවේ නැහැ. කොහෙදෝ පරණ පොතකින් කවුද අරන් සිංහල භාෂා විෂය නිර්දේශයට ඕක උගන්වනවා. ළමයින්ගේ මොළ අවුල් වෙනවා. නමුත් අපේ භාෂාවේ හරිම විද්‍යාත්මකව තියෙන්නේ ස්‌ත්‍රී ලිංග හා පුරුෂ ලිංග විතරයි. ඔය කියන නපුංසක ලිංගයක්‌ තියෙනවා සංස්‌කෘත භාෂාවේ. ඒක අරන් අපේ අය සිංහලට උගන්වනවා. සිංහලයේ නපුංසක ලිsංගයක්‌ නෑ.. සිදත් සඟරාවේත් නෑ.

සකු සත් අනසුරෙන්

ඇතද සදනට ලිඟුබේ
නොපැනේ වහර වෙසෙසක්‌
පුම ඉතිරි ලිඟු දෙක විනා

අපි කියනවා ලිංග දෙකයි සිංහලයේ තියෙන්නේ කියලා සිංහලෙන්. නමුත් පාසල් වල තුනක්‌ උගන්වනවා. ඇයි මේ උගන්වන්නේ. ඉතින් සිංහල භාෂාව ළමයින්ට ලොකු ප්‍රශ්නයක්‌ තමයි.

ඉංග්‍රීසිය වගේ නොවෙයි. අපේ භාෂාවේ ක්‍රියාපද විශේෂයි. එකම ක්‍රියාපදයේ ශබ්දය වෙනස්‌ කරල පුළුවන් අරුත වෙනස්‌ කරන්න. බලන්න.

මම දොර අරිනවා

දොර ඇරෙනවා

එකක්‌ සකර්මකයි. අනික අකර්මකයි.

අම්මා පහන නිවනවා.

පහන නිවෙනවා.

මම දැල අදිනවා. දැල ඇදෙනවා.

මෙතන තියෙනවා "අ"යන්න "ඇ"යන්න කරල පුළුවන් සකර්මක පද අකර්මක කරන්න. සිංහල එහෙම පුළුවන්. මේවා කියල දෙනවද ළමයින්ට?

තව එකක්‌ තියෙනවා... අපේ සිංහලයේ "නිරුත්සාහක ක්‍රියා" කියල. ඒක නැහැ කොහේවත්. අපේ විතරයි තියෙන්නේ.

අම්ම අඬනවා - අම්මට ඇඬෙනවා

මම නිදාගන්නවා - මට නින්ද යනවා

මම හිනාවෙනවා - මට හිනා යනවා.

මේවා කියල දෙනවද පාසලෙන්. නැහැ. කියල දෙන්නේ තවම "කිරෙන් පිසූ බත් - කිරිබත්," කියන ඒවා විතරයි. ඒකත් "සමාස" තමයි. නමුත් සමාස කොච්චර තියෙනවාද අලුතෙන් හැදිච්ච. සිදත් සඟරාවේ සමාස 10 ක්‌ ගැන කියලා තියෙනවා. ඒක විතරයි තවම කට පාඩම් කර කර ගුරුවරු ළමයින්ට කියලා දෙන්නේ. කිරෙන් පිසූ බත් කිරිබත් කිය කිය ඉන්නෙ නැතුව ඇයි බැරි ලියන මේසය, නාන කාමරය, බොන වතුර, බොන ළිඳ වගේ අලුත් දේවල් කියල දෙන්න.... නාන කාමරය කිව්වාම ඒක සමාසයක්‌. ඒක ඇතුලෙ නැටුවත් අපිට කමක්‌ නැහැ. නාන්න භාවිත කරන කාමරය - නාන කාමරය. ඒ වගේ කොච්චර පුළුවන්ද වරනගා ගන්න.... අපි තවම... බමුණන් සඳහා දෙන දන - "බමුණු දන" කිය කියා ඉගෙන ගන්නවා.

"උප සර්ග" කියල අරන් බලන්නකො.. සිදත් සඟරාවේ උපසර්ග පද 20 ක්‌ ගැන කියෑවෙනවා. ඒක නිසා පාසල් ළමුන්ට උගන්වන්නෙ ඔය 20 විතරමයි. උගන්වන්න දැනගෙන ඉන්නත් ඕන. අලුත් දේවල් දැනගන්න ඕන.

මම විතරයි අදත් මේව ගැන කියන්නේ. විශ්වවිද්‍යාලවල වුණත් අද මේවා ගැන කතා කරන කෙනෙක්‌ නැහැ. නමුත් ප්‍රශ්නයක්‌ තියෙනවා කියලා කවුරුත් දන්නවා. පාසල් විෂය මාලාවන් අතර අද පාසල් ළමුන්ට සිංහල අමාරු වෙලා තියෙනව නම් තියෙන්නේ උගන්වන දේවල්වලයි, උගන්වන විදියෙයි තියෙන වැරැද්ද නිසයි. නැත්නම් සිංහල භාෂාවෙ වරදක්‌ නෑ.

සිංහල කියල උගන්වන්නෙ අවුරුදු 700 ක්‌ 800 ක්‌ පරණ සිංහලයක්‌. ඉතින් ළමයින්ට අමාරු නොවී තියෙයිද? මම කියන්නෙ මේවා ගැන අලුතෙන් හිතන්න ඕනෑ. අලුතෙන් හිතල නව ලෝකයට ගැලපෙන පරිදි වෙනස්‌ කරන්න ඕනෑ. එහෙම නැතුව මේ ගැටලු විසඳන්න බෑ.

භාෂාව මේ රටේ සංස්‌කෘතියට අයිති දෙයක්‌. භාෂාව සංස්‌කෘතියෙන් ගලවලා වෙනතකට ගන්න බෑ. භාෂාව උගන්වන්න ඕන සංස්‌කෘතියත් එක්‌ක. එතකොටයි ළමයා භාෂාව ඉගෙන ගන්නේ සංස්‌කෘතිය හරහා. අපි අපේ බාල පරම්පරාවට භාෂාව උගන්වන්න කලින් සංස්‌කෘතිය පවරා දෙන්න ඕනෑ. එහෙම නැතිව මේක කරන්න බෑ.

සාකච්ඡා කළේ
බුලිත ප්‍රදීප් කුමාර 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-02-21

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරව දෙදරා යාම ඇරඹේ

පසුගිය දිනවල ශ්‍රීලනිපයේ සිදු වූ වෙනස්කම් සමග යම් සුබවාදී තත්වයක් නිර්මානය වෙමින් තිබුණත්, විමල්-වාසු-දිනේෂ්-උදය චතුර්ථය විසින් සංවිධානය කරන ලද නුගේගොඩ රැළියත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් ඉරිතලා ගොස් ඇති ආකාරයක් දැකිය හැකි  ය.

බලයට ඇති කෑදරකම හමුවේ හිටපු ඇමතිවරුන් වන සුසිල් ප්‍රේම ජයන්ත වැනි අය යළි මහින්ද රාජපක්ෂගේ පැත්තට හැරෙමින් තිබෙන ආකාරයක් දැකිය හැකි බවයි ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ. 

කපන්න බැරි අත සිඹින්නා සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පක්ෂයේ නායකත්වයට පත් කර ගත්තත්, ජනාධිපතිවරයාත්, අනාගත අගමැති වීමේ විභවයක් ඇති විපක්ෂ නායක නිමල් සිරිපාලත් සම්බන්ධයෙන් ඊර්ෂ්‍යා සහගත හා වෛරී සහගත ලෙස කටයුතු කරන ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයන් ඔවුන්ට එරෙහිව සිය පැරණි රදළ හාම්පුතා වන මහින්ද රාජපක්ෂ ඉදිරියට ගන්නට කැස කවමින් සිටින බව වාර්තා වේ. 

එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රීලනිපය අභ්‍යන්තරිකව පුපුරා යාම දැනටමත් ආරම්භ වී තිබේ. ජනාධිපති මෛත්‍රීපාලට පක්ෂ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පක්ෂ ලෙස පක්ෂය තුළ කණ්ඩායම් දෙකක් ගොඩනැගෙමින් තිබේ. 

ශ්‍රීලනිපයේ නායකත්වයට මෛත්‍රීපාල සිරිසේන පත් කර ගැනීම පක්ෂයේ නායකයන් විසින් මහින්ද රාජපක්ෂට එරෙහිව කරන ලද කුහක ක්‍රියාවක් ලෙස මුලදී විශ්ලේෂණය කෙරිණි. එහෙත්, නුගේගොඩ රැළියත් සමග මහින්ද ගෙනාවොත් ඉක්මණින් ම යළි බලයට පත් වී සුපුරුදු වරප්‍රසාද භුක්ති විඳිමින්, දූෂණ වංචා යට ගසා ගනිමින් පැවැත්ම තහවුරු කර ගැනීමේ බලාපොරොත්තුවක් සහිතව දැන් ඔවුන් නැවතත් මහින්ද රාජපක්ෂ දෙසට ඇදී යමින් ඇති බව වාර්තා වේ.

මේ අතර, ජයග්‍රහණය කිරීමෙන් පසු තමන්ට හිතවත් පිරිස් සමග පක්ෂයක් හදා ගන්නට හා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කරන්නට සැලසුම් කරගෙන සිටි මෛත්‍රීපාල සිරිසේනට දැන් සතුරන්ගෙන් හා ඊර්ෂ්‍යාකාරයන්ගෙන් පිරි ශ්‍රීලනිපයේ නායකත්වය ගෙන එය කළමනාකරණය කර ගැනීමේ බරපතල අවුලකට මුහුණ දෙන්නට සිදු වී තිබේ.

මේ දිනවල අනුර යාපා, සුසිල් ප්‍රේම ජයන්ත වැනි අය මාධ්‍යවලට ලබා දෙන සම්මුඛ සාකච්ඡා ආදිය ගැඹුරින් අධ්‍යයනය කළ විට ඔවුන් තුළ ජනාධිපති මෛත්‍රීපාල සම්බන්ධයෙන් සැඟවී ඇති වෛරී සහගත හැඟීම් නිරීක්ෂණය කළ හැකි ය.

මහින්ද රාජපක්ෂ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ නායකත්වයට ගෙන ඒම සඳහා පක්ෂ අභ්‍යන්තරයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා දැන් කටයුතු සූදානම් වෙමින් ඇති බව වාර්තා වේ. ඒ සඳහා මුලින් හිටපු ජනාධිපතිවරයා ලවා සිය අභිලාෂය ප්‍රකාශයට පත් කරවා ගැනීමට හා එය නිල වශයෙන් පක්ෂයට දැන්වීමට කටයුතු සූදානම් කෙරෙමින් ඇති බව ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාලට හිතවත් ඇමති හා මන්ත්‍රී පිරිස මෙම තත්වය හමුවේ කැළඹීමට පත් වී සිටිති. 

මහින්ද රාජපක්ෂගේ යළි පැමිණීමත් සමග අලුත් ස්වරූපයක ත්‍රස්තවාදයක් හිස ඔසවමින් තිබේ. නුගේ‍ගොඩ රැළියට පෙර පත්‍රිකා බෙදමින් සිටි පිරිසකට කළ පහරදීම හා මේ වන විට සමාජ මාධ්‍යවල මහින්ද හිතවතුන් හැසිරෙන අාකාරය මෙම තත්වයට සාක්ෂි වේ. 

මෙම තත්වය හමුවේ මහ මැතිවරණයට පෙර ශ්‍රීලනිපයේ දැවැන්ත දෙදරා යාමක් සිදු වීමට ඉඩ තිබේ. 

මේ අතර එක්සත් ජාතික පක්ෂයට සමීප ආරංචි මාර්ග පවසන්නේ ඔවුන් ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් සැලකිය යුතු බරක් තබා ඇත්තේ ශ්‍රීලනිපය දෙකඩ කිරීම කෙරෙහි බවයි. ඒ සඳහා මහින්ද කඳවුරට පූර්ණ අනුග්‍රහය සපයන තත්වයක් නිරීක්ෂණය කළ හැකි ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-02-20

ග්‍රීසියේ සිරිසා, දිල්ලියේ ආම් ආද්මි, ලංකාවේ .................?

ග්‍රීසියේ සිරිසා පක්ෂය පසුගිය මහ මැතිවරණයෙන් ලැබූ ජය යුරෝපා සංගමය තුළ කම්පන තරංගයක් ඇති කරන්නට සමත් වුණා. එයට හේතුව සිරිසා යනු ක්‍රම විරෝධී දේශපාලන ව්‍යාපාරයක් ලෙස නමක් දිනා සිටි පක්ෂයක් වීමයි. එවැනි පක්ෂයක් ධනේශ්වර යුරෝපා සංගමේ රටක පාලන බලයට පත් වීම දෙස යුරෝපා සංගමය බැලුවේ සැකමුසුවයි.

පසුගිය සතියේ දිල්ලි රාජ්‍ය සභා මැතිවරණයේදී අරවින්ද් කෙජ්රිවාල්ගේ ආම් ආද්මි පක්ෂය ලැබූ ජයග්‍රහණය ගැන අපි ගිය සතියේ සටහන් කළා. ආම් ආද්මි යනු දූෂණ විරෝධී දේශපාලනය තුළින් මතු වී ආ පක්ෂයක්.

විරෝධතාවලට නායකත්වය දීමෙන් ජනප්‍රිය වූ ආම් ආද්මි, සිරිසා වැනි පක්ෂ බලයට පත් වූ පසුව කුමන ආකාරයෙන් කටයුතු කරාවි ද යන්න ගැන විවිධ අසුබවාදී පුරෝකථන තිබෙනවා. එසේම, ආම් ආද්මි පක්ෂය මීට පෙර 2013දී දිල්ලි රාජ්‍ය සභාවේ බලය ලබා ගත් අවස්ථාවේත් ඔවුන්ට පාලනය ගෙන යන්නට හැකි වුණේ දවස් 49ක් පමණයි.

මේ වන විට ස්පාඤ්ඤයේත් ‍'අපට පුළුවන්' යන අරුත දෙන Podemos නම් පක්ෂය වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. ඔවුන් මීළඟ මහ මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවන්නට විශාල ඉඩක් තිබෙනවා.

ඉදිරි මාස කීපය ඇතුළත ලංකාවේත් මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතයි. මේ මහ මැතිවරණයේදී ජවිපෙ ශක්තිමත් කළ යුතු ය කියන ස්ථාවරයේ සිටින සැලකිය යුතු පිරිසක් අපට හමු වෙනවා. ආම් ආද්මි, සිරිසා හා ජවිපෙ වැනි දේශපාලන ව්‍යාපාර අතර එක්තරා සමානත්වයක් තිබෙනවා. මේ ව්‍යාපාර ආරම්භ වන්නේ ක්‍රම විරෝධී විභවයකින්. ධනේශ්වර ක්‍රමයේ දූෂණ, අක්‍රමිකතා හා ජන පීඩනයට එරෙහිව කරන අරගල ඔස්සේ ඔවුන් ජනප්‍රියත්වයට පත් වෙනවා. ඉන් අනතුරුව ජනතාව ඔවුන් බලයට පත් කළ යුතුයි කියන තැනට එනවා. ඒත්, ඒ වන විට ඔවුන් පිළිබඳ අසුබවාදී අදහස් පැතිරෙන්නට පටන් අරගෙන ඉවරයි. ඉතින් ඔවුන්ට සිදු වෙනවා ධනවාදයේ ප්‍රධාන බලවේගවල විශ්වාසය දිනා ගැනීම සඳහා කටයුතු කරන්නට. 

ඔවුන් සාමාන්‍යයෙන් මුලින් මතු වන්නේ සමාජවාදී විසඳුම් ප්‍රවර්ධනය කරගෙනයි.  ඒත්, බලය ලබා ගැනීමට ආසන්න වකවානුව වන විට ඒ වෙනුවට මධ්‍යස්ථ ප්‍රතිපත්ති  ඉදිරියට ගැනීමට ඔවුන්ට සිදු වෙනවා. එහෙම වෙන්නේ ඇයි? මේ කාරණය සිරිසා පක්ෂය සම්බන්ධයෙන් බල පෑ හැටි ගැනයි මේ කරුණු කීපය.

රැඩිකල් වාම සන්ධානය ‍සිරිසා කියන නම ලබන්නේ ග්‍රීක් බසින් එන Synaspismós Rizospastikís Aristerás වචනවලිනුයි. එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන්, වාම ජනප්‍රියවාදීන්, හරිත වාමවාදීන්, මාඕවාදීන්, ට්‍රොස්කිවාදීන්, යුරෝ කොමියුනිස්ට්වාදීන් මෙන් ම යුරෝපා විරෝධීන් ආදීන්ගෙන් ද සමන්විත දේදුනු සන්ධානයක්.  ඒ අතරින් විශාල ම කණ්ඩායමේ නායකයා වන ඇලෙක්සිස් සිප්‍රාස් තමයි සිරිසා පක්ෂයේ පාර්ලිමේන්තු නායකයා. සිරිසා පක්ෂය නිල වශයෙන් දියත් වුණේ 2004දීයි. 2012 වන විට එය රටේ ප්‍රධාන විපක්ෂය බවට පත් වුණා.

සිරිසා පක්ෂය තරමක් දුරට යුරෝපා විරෝධී පක්ෂයක් ලෙස සලකන්නට පුළුවන්. සිරිසා පක්ෂයට පිටින් ග්‍රීසියේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයත් ප්‍රබල පක්ෂයක් ලෙස පවතිනවා.

ජනවාරි 25දා පැවති මහ මැතිවරණයේදී සිරිසා පක්ෂය ඡන්දවලින් සියයට 36.34ක් ලබාගෙන ආසන 300ක් සහිත පාර්ලිමේන්තුවේ ආසන 149ක් දිනා ගත්තා. කලින් බලයේ සිටි අගමැති අන්තෝනියෝ සමරාස් නායකත්වය දුන් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට දිනා ගත හැකි වුණේ ආසන 76ක් පමණයි.

ග්‍රීසියේ ආර්ථිකය පසුගිය සමයේ දැවැන්ත කඩාවැටීමකට ලක් වුණා. එයට මූලික හේතුව වුණේ අධික ලෙස ණය ගැනීමයි. ලංකාවේ ආණ්ඩුවත් ග්‍රීක විදේශ බැඳුම්කරවල මුදල් ආයෝජනය කර පාඩු ලැබුවා. ණය ගෙවා ගන්න ග්‍රීක රජයට බැරි වුණා. ග්‍රීක් ආර්ථිකය කෙළින් කර තැබීම සඳහා යුරෝපා සංගමය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඇප ලබා දීම සඳහා පනවනු ලැබූ කොන්දේසි හේතුවෙන් ග්‍රීසියේ ජනතාව දැඩි දුෂ්කරතාවකට පත් වුණා. සුබසාධන වියදම් කප්පාදු කර දැමුණා. විරැකියාව බරපතල ප්‍රශ්නයක් බවට පත් වුණා.

සිරිසා පක්ෂය ජනප්‍රිය වුණේ මේ කොන්දේසිවලට එරෙහි උද්ඝෝෂණ සමගයි. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු කතා කරමින් සිරිසා නායක ඇලෙක්සිස් සිප්‍රාස් පැවසුවේ ග්‍රීසිය හා යුරෝපය සඳහා ඔහු “නව ශක්‍ය විසඳුමක්” ඉදිරිපත් කරන බව යි. යුරෝපා සංගමය, යුරෝපා මහබැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ත්‍රිත්වයේ ඇප කොන්දේසි ඔහුගේ දැඩි විරෝධයට ලක් වුණා. අලුත් සාකච්ඡාවලදී ග්‍රීසිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වත්මන් ඇපදීමේ කොන්දේසි දීර්ඝ කිරීමට සිරිසා ආණ්ඩුව එකඟ වී නැහැ.

සිරිසා අත්දැකීම ගැන අප හැදෑරිය යුතුයි. වාමාංශික හා රැඩිකල්වාදී පක්ෂවලට දැන් විරෝධතාවෙන් ඔබ්බට ගොස් රාජ්‍ය බලය මෙහෙයවීමට සිදු වන තත්වයක් මතු වී තිබෙනවා. මේ තත්වය ලංකාවේත් දකින්නට ලැබෙනවා. හැමදාමත් විරෝධය පළ කරමින් ඉන්නවා වෙනුවට විසඳුම් සඳහා අත්හදා බැලීම් කරමින් ඉදිරියට යන්නට වමට සිදු වී තිබෙනවා. ග්‍රීසියේ සිරිසා පක්ෂය බිහි වුණේ මේ උවමනාව වෙනුවෙන්. විවිධත්වයක එකමුතුවක් වූ එයට ඊළඟට සිදු වෙනවා සිය මුල් කාලීන සම්මුති විරහිත දේශපාලනය වෙනුවට ධනවාදය සමග යම් සම්මුතිවලට යන්නට. හේතුව පරමාදර්ශී සමාජවාදී විසඳුම් ඉදිරියට ගන්නට හැකියාවක් නැතිකමයි. මෙය සංකීර්ණ තත්වයක්. ඒ වගේ ම මගහැර යන්නත් බැරි තත්වයක්. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-02-19

දිනූ නිදහස අනතුරේ

බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන්ගෙන් නිදහස් වූ පසු ලංකාව දිනූ ලොකු ම නිදහස කුමක් ද?

කොටි සංවිධානය පැරදවීම යයි කියන බොහෝ දෙනෙක් සිටිති.

කොටි සංවිධානය කියන්නේ මේ රටේ දෙමළ ජනතාව විසින් ගොඩනගා, පෝෂණය කර, තම ජීවිතවලින් මිළ ගෙවමින් පවත්වාගෙන ගිය ව්‍යාපාරයකි. එහි අරමුණ දෙමළ ජනයා වෙනුවෙන් වෙන ම දෙමළ ස්වෝත්තමවාදී ඊලාම් රාජ්‍යයක් බිහි කිරීමයි. එය දේශපාලන ඉල්ලීමකි. එවැනි භූ දේශපාලනික හා සමාජ ප්‍රතිසංස්කරණ සඳහා මිනිසුන් අරගල කිරීම ඉතිහාසය පුරා ම සිදු වූ දෙයකි. ඒවාට එරෙහි අරගල ද ඉතිහාසයේ තිබිණි. ලෝක දේශපාලන සිතියම ඝනීභූත දෙයක් බවට පත් නො වී චලනයක පවතින්නේ ඒ නිසා ය.

දෙමළ ජාතිවාදීන් තම ඉල්ලීම සාධාරණීකරණය කර ගත්තේ ලංකාවේ ආණ්ඩුවේ පැවති සිංහල ස්වෝත්තමවාදී ස්වරූපය නිසා ය. දෙමළ ජනතාව ලංකාව කියන රාජ්‍යය තුළ රැ‍ඳෙමින් ම තමන් බහුතරයක් ලෙස ජීවත් වන ප්‍රදේශ තමන්ට ම පාලනය කරගන්නට ඉල්ලූ ස්වයං පාලන බලතල ලබා දෙන්නට සිංහලයන් මැලි වුණේ මේ ජාතිවාදය නිසා ය. ජාතිවාදී පදනමින් රාජ්‍යයේ බලය රැක ගැනීමට සිංහල ජාතිවාදී නායකයන්ට තිබු උවමනාව සඟවා ගත්තේ බලය බෙදා ගතහොත් රට බෙදේ යන ව්‍යාජ අදහස සිංහලයන් අතර ප්‍රවර්ධනය කිරීමෙනි. මේ දෙමළ විරෝධය කපටි දේශපාලකයන්ට බලය ගොඩනගා ගැනීමේ පහසු මාර්ගයක් විය.

දෙමළ දේශපාලනය තුළ ද මෙවැනි ම දෙයක් සිදු විය. දෙමළ ජනයා‍ගේ ජාතික අනන්‍යතාව ඉස්මතු කිරීම දෙමළ දේශපාලකයන්ට ද බලය ගොඩනගා ගැනීමේ පහසු මාර්ගයක් විය. දෙමළ ඉල්ලීම ජාතිවාදී බව ඇත්ත ය. එහෙත් එය මතු වන්නේ සිංහල මහ ජාතිවාදී සංදර්භයක් තුළයි. රාජ්‍ය බලය හිමි සිංහල ප්‍රභූන්ට එම තත්වය වෙනස් කිරීමේ වගකීමක් තිබේ.

ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම සමාජවාදය යයි වාමාංශිකයෝ කියති. මෙය වනාහි පවුල් ආරාවුල්වලට විසඳුම පවුල් විරහිත සමාජයක් නිර්මානය කිරීම ය වැනි ප්‍රායෝගික නො වන යෝජනාවකි.

ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා සමාජවාදය ගොඩනැගිය යුතු වන්නේ නැත. දැනට පවත්නා දේශපාලන ප්‍රජාවන් වඩා පුළුල් දේශපාලන ප්‍රජාවන් බවට සංවර්ධනය වීමට පහසුකම් සැලසීම ජාතීන්ගේ ප්‍රශ්නයට ඇති විසඳුමයි.

අපි මෙය නිදසුනකින් විමසා බලමු. ලංකාවේ සිංහල බස කතා කරන ජනයා අතර පැවති උඩරට-පහතරට හා කුල  වැනි අනන්‍යතාවන්ට සිදු වී තිබෙන දෙය විමසා බලන්න. පසුගිය සියවස මුල භාගයේදී සිංහල ජාතියට වඩා මිනිසුන්ට කුලය හා උඩරට-පහතරට භේදය වැදගත් වුණා. ඒත්, සම්පූර්ණයෙන් ම නො වුණත්, දැන් ඒවා බොහෝ දුරට මැකී ගිහින් ඒ අනන්‍යතාවන්ට වඩා පුළුල් සිංහල දේශපාලන ප්‍රජාව ප්‍රමුඛ‍ස්ථානයට පත් වෙලා තිබෙනවා. එහෙම වුණේ සමාජ දේශපාලනික වශයෙන් අපි සිංහල අනන්‍යතාව වඩා ප්‍රමුඛ වීම සඳහා පහසුකම් සලස්වපු නිසායි.

දැන් අප විසින් කළ යුතුව තිබෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වූ අනන්‍යතා ඉක්මවා යන පුළුල් ලාංකික දේශපාලන අනන්‍යතාවක් තුළ සමාජයට නැවත ව්‍යූහගත වීම සඳහා පහසුකම් සැලසීමයි. වෙනත් වචනවලින් කියනවා නම් ලාංකික දේශපාලන ප්‍රජාවක් ගොඩනැගීමයි. ලාංකික දේශපාලන ප්‍රජාව කියන්නේ ජාතික සීමාවන් අතික්‍රමණය කළ එකක් විය යුතුයි.

ඒ සඳහා සිංහල ජාතිය මූලිකත්වය ගත යුතුයි. සුළු ජාතීන්ගේ විශ්වාසය දිනා ගත යුතුයි. සුළු ජාතීන් සමග බලය බෙදා ගැනීම කියන අන්තර්කාලීන ක්‍රියාමාර්ගය අවශ්‍ය වන්නේ මෙතැනදීයි. එය ජාතික සංහිඳියාව සඳහා වැදගත් පියවරක්.

දෙපැත්තේ ම සිංහල, දෙමළ ජාතිවාදීන් කරන්නේ කුමක් ද? ඔවුන් උත්සාහ කරන්නේ සිංහල, දෙමළ ජාතික අනන්‍යතාවන් මේ අන්දමින් ම තබාගෙන එකිනෙකාට එරෙහිව ස්වෝත්තමවාදයන් උසිගන්වන්නටයි. එතන තිබෙන්නේ කවුරුන් විසින් කවුරුන් යටත් කර ගන්නවා ද කියන කාරණයයි. මෙය සදාකාලික ගැටුමක්. මෙයට විසඳුමක් නැහැ. සමාජවාදය තුළවත් මේ ගැටුමට විසඳුමක් නැහැ.

එහෙත්, ඉතිහාසය මෙවැනි ගැටුම්වලට විසඳුම් ලබා දී තිබෙනවා. ඉතිහාසය මිනිසුන් අතර සම්බන්ධකම් ගොඩනගමින් දේශපාලන ප්‍රජාවන් පුළුල් කරනවා. අද පවතින සිංහල, දෙමළ ජාතීන් බිහි වුණේ එ් නිසායි. තව කලක් යන විට මේ අනන්‍යතාවන් බොඳ වී යමින් වඩා පුළුල් දේශපාලන ප්‍රජාවන් ගොඩනැගීමත් වළක්වන්නට කාටවත් බැහැ. ඉතිහාසයට එරෙහිව නැගී සිටිමින් ජාතිවාදීන් වී සිටින අයට උරුම වනු ඇත්තේ ඉතිහාසයේ කුණු බක්කියයි.

දෙමළ ඊලාම් අරගලය කියන්නේ ඉතිහාසයට එරෙහිව නැගී සිටින්නට සිංහල, දෙමළ ජාතීන් ගත් උත්සාහයේ ප්‍රකාශනයයි. ඉතින් කොටි සංවිධානය පැරදවීම කියන්නේ සිංහලයන් සිය ආධිපත්‍යය නැවත වටයකින් තහවුරු කර ගැනීමක් විතරයි. ‍සිංහලයා අලුත් වටයකින් දෙමළ ජාතිකයා යටත් කර ගැනීම ඔය තරම් ලොකු ජයග්‍රහණයක් ද? නැත.

යුද්ධයේ අවසානයේ සිට ගත වුණු පස් වසර තුළ අපි ජාතීන්ගේ ඉතිහාසය තුළ අඟලක් හෝ ඉදිරියට ගොස් තිබේ ද? පුළුල් ලාංකික දේශපාලන ප්‍රජාවක් ගොඩනගා ගැනීම සඳහා අපි පියවර ගත්තා ද? මෙහිදී යුද්ධයේ ජයග්‍රාහී පාර්ශ්වය ලෙස සිංහලයන් මේ වගකීම භාර ගත්තා ද? නැත.

යුද්ධය අවසන් කිරීම මේ රටේ ජීවත් වන ජනතාවගේ ජයග්‍රහණයක් බවට පරිවර්තනය කර ගන්නට අප අසමත් වී තිබේ. එහෙයින් 2009 මැයි 18දා අප දිනා ගත් ජයග්‍රහණයක් ගැන උදම් අනන්නට හේතුවක් නැත.

එහෙත් අපි 2015 ජනවාරි 08දා නම්, ඓතිහාසික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයකට මුල පිරුවෙමු. ඒ කෙසේ ද?


  • අපි ප්‍රජාතන්ත්‍ර විරෝධී, දූෂිත, ඒකාධිපති පාලනයක් පැරදවූයෙමු.
  • අපි සිංහල බෞද්ධ ජාතික ආගමික අන්තවාදයක් පැරදවූයෙමු.
  • අපි පැවති ජාතිවාදී රජය ආරක්ෂා කර ගන්නට ඡන්ද වර්ජනයක් යෝජනා කළ දෙමළ ඊලාම් ජාතිවාදීන් පැරදවූයෙමු.
  • පසුගාමී දුෂ්ට පාලනයක් පැරදවීම සඳහා දෙමළ, මුස්ලිම් ජාතිකයෝ සිංහලයන් සමග එක් වූ හ. 
  • නවීන රාජ්‍යයක් ලෙස ලංකාව අත්පත් කර ගත යුත්තේ කුමන තත්වයන් ද යන්න අපි සලකුණු කළෙමු.
  • ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික අවකාශය පුළුල් කිරීම සඳහා අපි දොරටු විවර කළෙමු.
  • දුෂ්ටත්වයට එරෙහි අරගලය වෙනුවට ශිෂ්ටත්වය සඳහා අරගලය පෙරට ගත්තෙමු.

මේ කාරණාත්, තවත් බොහෝ කාරණාත් අනුව, බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන්ගෙන් නිදහස් වූ පසු ලංකාව දිනූ ලොකු ම ජයග්‍රහණය වන්නේ දුෂ්ටත්වයේ හා අශිෂ්ටත්වයේ උච්චතම අවස්ථාව වන රාජපක්ෂ පාලනය පැරදවීමයි. එහෙත්, එතනින් සියල්ල අවසන් වන්නේ නැති බව අපි දනිමු. අප ඉදිරියේ අභියෝග දෙකක් ඇත. එකක් අතීත දුෂ්ටත්වයේ අවතාර නැඟී සිටීමයි. අනෙක වන්නේ අරගලය ඉදිරියට ගෙන යාමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-02-18

නුගේගොඩ රැළිය කාගේ ජයක් ද?

ජේසු වෙනුවට බරබ්බස් නිදහස් කරන්නැයි උද්ඝෝෂණය කරන ජනතාව (The Bible and its Story Taught by One Thousand Picture Lessons, 1910) නුගේගොඩ රැළියේදී විමල් වීරවංශ මෛත්‍රීපාල සිරිසේන උපමා කළේ අපරාධකරුවකු වූ බරබ්බස්ටයි. ඔහුට ඡන්දය දුන් ජනතාව බරබ්බස් නිදහස් කරන්නැයි ඉල්ලා සිටි ජනයාට උපමා කෙ‍රිණි. විමල්ට අනුව ජේසු මහින්ද ය.
මෙම සටහන තබන්නේ නුගේගොඩ රැළිය අතරතුරයි. එහිදී මහින්දගේ ප්‍රකාශය කියවන්නේ ස්වාධීන දේශපාලන විශ්ලේෂකයකු ලෙස තමන් හඳුන්වා ගන්නා දයාන් ජයතිලකයි.

ප්‍රකාශය ලියා දුන්නේ ද දයාන් ජයතිලක බව අනුමාන කළ හැකි ය. ඔහු එය ඉදිරිපත් කළ උඩඟු ස්වරූපය තුළ තරමක අධිරංගනයක් මෙන් ම මමංකා‍රයේ දෝංකාරය ද තිබිණි.

එතකොට දයාන් මේ වැඩේ ප්‍රබලයෙකු බව පැහැදිලි ය.

දයාන් යනු බටහිර ඒජන්තයකු යයි කලක සිට කියන්නේ අප නොව ලංකාවේ ඊනියා දේශප්‍රේමියෝ ම ය.

මේ ප්‍රකාශය කියවන්නට දයාන් තමන් ම යොදා ගැනීම වෙන ම විශ්ලේෂණය කළ යුතු තත්වයකි.

කෙසේ වෙතත්, නුගේගොඩ රැළිය තරමක් දුරට සාර්ථක එකක් බව කිව යුතු ය. එයට සැලකිය යුතු පිරිසක් සහභාගි වූ හ. එසේම, ප්‍රධාන පෙළේ සන්ධාන නායකයන් එතරම් පිරිසක් සහභාගි නො වුණත්, දෙවන, තුන්වන පෙළේ සන්ධාන නායකයන් පිරිසක් එයට සහභාගි වූ හ.

එහෙත්, එහි සාර්ථකත්වය ඇත්තෙන් ම කාගේ සාර්ථකත්වයක් ද යන්න විමසා බැලිය යුතු ය. මේ රැළියේ සාර්ථකත්වය දැන් විමල්, වාසු, දිනේෂ්, උදය, ඥානසාර වැනි ජාතිවාදී බලවේග විසින් භාවිතා කරනු ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ ශ්‍රීලනිප නිල නායකත්වය පසුබස්වමින්, මහින්දට මුවා වෙමින් තමන් ඉදිරියට පැමිණීමටයි.

මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකත්වයට ගෙන එන්නට දරන මෙම ප්‍රයත්නය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බරපතල අර්බුදයක් ඇති වන බව නිසැක ය. ඒකාධිපති රාජපක්ෂ පවුල් පාලනයේ හැව ගලවා නවීන ස්වරූපයක් අත්පත් කර ගනිමින් සිටින ශ්‍රීලනිපය මෙයින් දැඩි පීඩනයකට ලක් වේ.

එසේම, මෙම ප්‍රයත්නය ඇත්තෙන් ම වාසිදායක වන්නේ වෙන කාටවත් නොව එක්සත් ජාතික පක්ෂයටයි.

ශ්‍රීලනිපයේ නවීකරණය හමුවේ මහත් අභියෝගයකට මුහුණ දුන් එජාපයට මහින්ද පෙරමුණට දමාගත් මේ සන්ධානය ආශිර්වාදයක් වී තිබේ. අභ්‍යන්තර ගැටුම් ඇති වී ශ්‍රීලනිපය දුර්වල වීම එක්සත් ජාතික පක්ෂයට බලය ලබා ගැනීමට රුකුලකි. 

සමහර විට දයාන් මහින්දගේ වැඩේ පසුපස සිටින්නේ රනිල්ගේ බලය තහවුරු කිරීමේ බටහිර උපායමාර්ගයේ කොටසක් ලෙස විය හැකි ය. 

රනිල් හා ජෝන් අමරතුංග පසුගිය ආණ්ඩුවේ දූෂිතයන්ට එරෙහිව කටයුතු පමා කරන්නේ ද මහින්ද ඉදිරියට ගෙන ඔහු ලවා මෛත්‍රීපාලට අභියෝග කරන්නට විය හැකි ය.

එහෙත්, මෙම තත්වය ඇත්තෙන් ම ප්‍රජාතන්ත්‍රවාදය විෂයෙහි බලවත් අභියෝගයක් බව අමතක නො කළ යුතු ය. මහින්ද රාජපක්ෂ හා ඔහුට මුවා වන ජාතිවාදී බලවේගයට නැගී සිටින්නට අනුග්‍රහ දීම අතිශය භයානක ක්‍රියාවකි.

පසුගිය මාසයක හමාරක කාලය තුළ ප්‍රබල සතුරකු නොමැතිව හැකිළී සිටි ප්‍රජාතන්ත්‍රවාදයේ මිතුරනි, මහින්ද එන්නේ ය. ජාතිවාදීන් නැගිටින්නට යත්න දරන්නෝ ය. සූදානම් වන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

යක්ෂාගමනයට පෙර වීරවංශ-වාසු-උදය-දිනේෂ් හවුල කුපිත කළ ප්‍රශ්න දහය

කල්‍යා, රිචඩ්, විමල්
ප්‍රකට සමාජ හා දේශපාලන ක්‍රියාකාරිකයකු හා මාධ්‍යකරුවකු වන කල්‍යානන්ද පෙරේරා ඇතුළු ජනතා ප්‍රජාතන්ත්‍රවාදී මණ්ඩපයේ පිරිසක් අද උදේ 'යක්ෂාවගමනයට පෙර: වාසුදේවට සහ වීරවංශට ප්‍රශ්ණ දහයක්' යන මාතෘකාව සහිත පත්‍රිකාවක් නුගේගොඩ නගරයේ බෙදමින් සිටියදී කිසියම් මැරවර පිරිසක් ඔවුන්ට පහර දී පත්‍රිකා පැහැරගෙන තිබේ.

මෙම ක්‍රියාව අද දින නුගේගොඩ රැස්වීම සංවිධානය කරන වාසු, වීරවංශ, දිනේෂ්, උදය හවුලට පක්ෂපාත පිරිසක‍ගේ වැඩක් යයි අනුමාන කෙරේ. ඔවුන් මෙවැනි ත්‍රස්ත ක්‍රියාවල යෙදෙන්නේ රාජ්‍ය බලය නොමැති සංදර්භයක් තුළ වීම කාගේත් අවධානයට ලක් විය යුතු කරුණකි.  මොවුන්ට නැවත රාජ්‍ය බලය ලැබුණහොත් ඔවුන් කුමන අන්දමක භීෂණයක් නිර්මානය කරනු ඇද්දැයි සිතා ගත හැකි ය.


‍අලුත් ආකාරයක ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ නො දිය යුතු බව අපි අවධ‍ාරණය කරමු.

මෙම පහර දීම සිදු කළ පිරිසට කුපිත වන්නට හේතු වූ ප්‍රශ්න දහය මෙසේ ය:

1. රාජපක්ෂ ඡන්ද ව්‍යාපාරය ද සඳහා රටපුරාම ජනයා ආණ්ඩුවේ බස් රථවලින් ගෙන ගිය බව රටම දන්නා කරුණකි. ඒ දිනවල කියා සිටියේ එම බස් රථ ලබා ගත්තේ මුදල් ගෙවීමෙන් පසු බවය. නමුත් දැන් හෙළිදරව් වී ඇත්තේ එම ප්‍රකාශය මහා බොරුවක් බවත් එම බස් ගාස්තු වශයෙන් රුපියල් මිලියන 140ක් තවමත් ගෙවීමට තිබෙන බවත් ය. ලංගමය යනු මහා ජනයාගේ වස්තුවකි. මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ඒමට යෝජනා කිරීමට පෙර වාසුදේව හෝ වීරවංශ මෙම මුදල පොලිය සමඟ ගෙවන්නේ ද?

2. රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට අතෝරක් නැතිව රාජ්‍ය පාලිත මාධ්‍යයන්හි වෙළද දැන්වීම් පල කළ බව රටම දනී, කවර පාර්ශවයක් වුවත් මාධ්‍යයෙහි දැන්වීම් පළ කරන්නේ නම් ඊට පෙර මුදල් ගෙවිය යුතු ය. රාජපක්ෂ ඡන්ද ව්‍යාපාරයට එම නීතිය බල නොපෑ අතර තවමත් එම දැන්වීම් සඳහා ගෙවීමට ජතික වස්තුවක් වන රූපවාහිනී සංස්ථාවට ගෙවීමට ඇති මුදල රුපියල් මිලියන 500 කි. මෙම මුදල ගෙවන්නේ විරවංශ ද? වාසුදේව ද?

3. රාජපක්ෂ මහතා ලහි ලහියේ අරලිය ගහ මන්දිරයෙන් පසුබැස යාමෙන් පසු එහි තිබී අඩුමිල නෝට්ටු ලෙස රුපියල් කෝටි 1500ක් සොයා ගන්නා ලදී. මේ මුදල කාගේ ද? කෙළෙස එක් කරන ලද්දේ ද? එපමණ මුදලක් අරලිය ගහ මන්දිරයේ තබා ගත්තේ මන්ද? මේ ප්‍රශ්නය මුදල් වලට ආසා වීරවංශයට ය.

4. පරාජයෙන් පසු ජනෙල් කූරු අතරින් කතා කරමින් රාජපක්ෂ කීවේ තමා ඊලමේ ජන්ද වලින් පරාජය වූ බවය. තමා තවමත් සිංහලයින්ගේ ජනාධිපතිබවත් ඔහු කීවේ ය. එය වර්ගවාදී කතාවක් ද නැත් ද? 2005 ජනාධිපතිවරණයට පෙර රාජපක්ෂවරු උතුරු නැගෙනහිර දෙමළ ජනයා ඡන්දය දීමෙන් වැළැක්වීමට රුපියල් මිලියන මිලියන 200ක් ගෙවූ බවට දිව්රුම් පෙත්සමකින් කියා සිටියේ අද රාජපක්ෂ මහතාගේ සගයකුව සිටින ටිරන් අලස් ය. මේ කරුණු දෙක වාසුදේවට යොමු කැරේ.

5. ගොඨාභය රාජපක්ෂ යටතේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ රහසිගතව පවත්වා ගෙන ගිය රක්නා ලංකා ආයුධ ගබඩාවෙන් මැෂින් තුවක්කු 3000 – 5000 අතර ප්‍රමාණයකට වූ දෙයක් නැති බව වාර්තා වී තිබේ. මෙම ආයුධ දැන් තිබෙන්නේ කොහි ද? එම ආයුධ යළි සොයා දීමට වීරවංශ සහ වාසුදේව ගන්නා පියවර මොනවා ද? මෙම ආයුධ අතුරුදහන්වීමට රාජපක්ෂවරු වගකිව යුතු නැත් ද?


6. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කනිෂ්ඨ නායකයකු වන නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණය සඳහා මුදල් නොගෙවා ගුවන් හමුදා යානා වලින් ගුවන් ගමන් වාර 25ක් ලබා දුන්නේ කෙසේ ද? එම ගුවන් ගමන් සඳහා ගෙවා නැති ගාස්තුව වන රුපියල් ලක්ෂ 158ට ගෙවන්නේ වීරවංශ ද? වාසුදේව ද? පසුගිය දෙසැ. 12 දා ශිරන්ති රාජපක්ෂ රත්මලානේ සිට මහරගමට කිලෝ මීටර 10ක් යෑමටත් ගුවන් යානයක් යොදා ගන ඇති අතර එහි බිල පමණක් පන් ලක්ෂ විසි දහසකි. එම බිල ද වැටෙන්නේ ආණ්ඩුවේ ගිණුමට ය. වීරවංශගේ එවැනි ගුවන් ගමන් ද ඇතුලුව ලංකාණ්ඩුව ගුවන් හමුදාවට ලක්ෂ 350ක් තවම ගෙවිය යුතුව තිබේ. මේ බිල් ගෙවන්නේ වාසුදේවගේ අප්පලාගේ බූදලයෙන් ද?

7. සේවයේ යෙදී සිටියදී දේශපාලනය කළ බවට චෝදනා කොට යුද සමයේ යුද හමුදාපති වූ ජෙනරල් ෆොන්සේකා සිර ගත කරන ලද්දේ රාජපක්ෂ ආණ්ඩුවය. වීරවංශ සහ වාසුදේව ඊට අත් ඉස්සුවේ උජාරුවෙනි. දැන් එක් දිනක් හෝ යුද බිමෙහි නොසිටි නාවික හමුදාවෙහි සිටි කාලය තුළ සුර සැප විදිමින් රගර් ගැසූ යෝශිත රාජපක්ෂ හමුදා සේවයේ සිටින කාලය අතරතුර දේශපාලනය සහ ලාභ උපයන ව්‍යාපාරයක යෙදීම සම්බන්ධයෙන් සිරගත නොකළ යුතු ද? ඔහු දැන් විදේශ ගත වී ඇත්තේ නාවික හමුදා පරීක්ෂණයක් පැවැත්වේ දී නොවේ ද? යෝශිත සිරගත කිරීමට වීරවංශ – වාසුදේව එකඟ ද?

8. ජනාධිපති රාජපක්ෂ බිරිද ශිරන්ති රාජපක්ෂ පවත්වා ගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානය වූ සිරිලිය ව්‍යාපෘතිය සඳහා මහජන බැංකුවේ සුදු වැල්ල ශාඛාවේ පවත්වා ගෙන ගිය ගිනුම (අංක 143100146235069) සඳහා ශිරන්ති රාජපක්ෂ නමට 222222222V නම් ව්‍යාජ හැදුනුම්පත් අංකයක් භාවිතා කරන ලද්දේ කෙසේ ද? එවැනි ව්‍යාජ හැදුනුම් පතක් ඇය සතුව තිබුනේ ද? එවැනි හොර ගිණුමක් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂට දිය යුතු දඩුවම කුමක්දැයි වාසුදේවට කිව හැකි ද? මෙම හොර හැදුනුම් පත් සකස් කරන ලද්දේ කෙලෙසකදැයි ඒ පිලිබඳ විශේෂඥවරයකු වන වීරවංශට පැහැදිළි කළ හැකි ද?

9. සිගරට් අසුරනයන්හි සිගරට්වලින් වන විනාශය දක්වන වෙළද දැන්වීම් සියයට 80 කළ යුතු බවට ඇතිවූ සාකච්ඡා සඳහා එවකට ජනාධිපතිව සිටි රාජපක්ෂ දුම්කොළ සමාගම් ද කැඳවූ බවත් දකුණු ආසියාවේ අන් රටවල නැති තරම් සියයට 80කම එවැනි දැන්වීම් අවශ්‍ය මන්දැයි සමාගම්කරුවන් ඉදිරියේම තමාගෙන් ඇසූ බවත් ජනාධිපති සිරිසේන පවසයි. මෙය ඇත්තක් නම් එය මරණයේ වෙළෙන්දන් වන දුම්කොළ සමාගම්වලට කඩේ යෑමක් නොවේ ද? මෙම ප්‍රකාශය බොරුවක් නම් සිය නායකයා බේරා ගැනීමට නීති‍‍‍‍‍‍‍‍ඥ වාසුදේව උසාවි යන්නේ කවදා ද?

10.රාජපක්ෂ ආණ්ඩුවේ බලවතා වූ ගෝඨාභය රාජපක්ෂගේ ගජයකු වූ දුමින්ද සිල්වා සිය ධනය ඉපයූයේ මහා පරිමාණ කුඩු ජාවාරමෙන් බවට දැන් සාක්ෂි හෙළිවෙමින් තිබේ. මෙම චෝදනා අධිකරණය ඉදිරියෙහි සනාථ වුවහොත් ගෝඨාභය රාජපක්ෂ ද මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන්ගේ ගජයකු බවත් දුමින්ද වැනි මැරයින්ට රැකවරණය ලබා දුන්නේ ගෝඨාභය බවත් පිළිගෙන බැසිල් රාජපක්ෂ පවුලෙන් පැන්නූ පරිදි මොහුද මුහුදෙන් එතෙරට පන්නා යවනවා ද?


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

දවස් සීයටත් කලින් රනිල් පරාද ද?

ලංකාවේ 'ප්‍රගතිශීලී'දේශපාලනයේ ධාරාවන් දෙකක් විග්‍රහ කර දක්වන්නට පුළුවන්. ඉන් එකක් වඩා මූලධාර්මික ලෙස සියලු ප්‍රශ්න සඳහා ඇති විසඳුම සමාජවාදයයි කියන විප්ලවවාදී ධාරාව. විප්ලවවාදීන්ට ‍අනෙක් ධාරාව පෙනෙන්නේ ප්‍රතිසංස්කරණවාදී ලෙසයි. මා ද ඇතුළුව බොහෝ නිදහස් මතධාරීන් අයත් වන මෙම ධාරාව උත්සාහ කරන්නේ සමාජය අඩියෙන් අඩිය හෝ ප්‍රගතිය දෙසට තල්ලු කරන්නටයි. අපි විශ්වාස කරන්නේ සමාජයේ සුබවාදී සංවර්ධනයයි. සදා නිම කළ පරමාදර්ශී විසඳුම් යෝජනා කරනවා වෙනුවට ජනතාව සබුද්ධික කරමින්, සමාජ සංවාදයක් ඔස්සේ සමාජය වෙනස් කිරීම කෙරෙහි තමයි අපි විශ්වාසය තබන්නේ. අපේ අරගලයේ සම්පත් වන්නේ මේ සිටින ජනතාව මිස ඒ අතරින් තෝරා ගත් 'පෙරටුගාමීන්' නොවෙයි. ඒ නිසා අපේ ලිපිවලින් අපි උත්සාහ කරන්නේ සමස්තයක් ලෙස සමාජය ඉදිරියට ගෙන යාමට මිස විසඳුම දන්නා බව කියන 'උත්තරීතර' පක්ෂයක් වටා ජනතාව ඒකරාශී කරන්නට නොවෙයි.

මේ සටහන තැබුවේ විශේෂයෙන් ම අන්තර්ජාලයේදී අපේ දේශපාලනය විවේචනය කරන අයට තේරුම් ගන්නයි. අවශ්‍ය නම් මේ කාරණය ගැනත් අපට සංවාදයකට යන්නට පුළුවන්. එහෙත්, මේ සතියේ ලිපියේ මම අවධානය යොමු කරන්නේ වඩා ජනප්‍රිය තේමාවක් ගැනයි. ඒ තමයි, ඉදිරි මහ මැතිවරණයේදී කුමක් වෙයි ද කියන එක. ඒ වගේ ම, අපි කුමක් කළ යුතු ද යන්න ගැනත් සංවාදයක් අවශ්‍යයි.

මහින්ද රාජපක්ෂ පරාජය කිරීම ලංක‍ාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා සම්බන්ධ විප්ලවයක් බව අපි පුන පුනා සදහන් කරන්නේ ක්‍රියාවලියක් ලෙස එහි ඇති වටිනාකම ඉස්මතු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමේ කාර්යයෙහිලා ඉදිරි වගකීම් අවධාරණය කරන්නටයි. මහින්ද රාජපක්ෂ පරාජය කරන්නට එකතු වූ දේශපාලන නායකත්වය විසින් පිහිටුවන ලද ආණ්ඩුව මේ දිනවල දින සීයේ වැඩසටහන යම් දුරකට සාර්ථකව ඉදිරියට ගෙන යනවා. ඒකාධිපති රාජපක්ෂ පාලනය ස්ථිරව ම පරාජය කරන්නටත්, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නටත් මේ දින සීයේ වැඩසටහන ඉතා වැදගත් වෙනවා.

රාජපක්ෂවාදය යළි පුබුදුවීමේ උත්සාහයක් මේ ලිපිය ලිව්වාට පසුව යෙදෙන පෙබරවාරි 18දාට යොදාගෙන තිබෙනවා. එයට උර දී සිටින වාසුදේව, විමල්, දිනේෂ් හා උදය චතුර්ථය විසින් රාජපක්ෂවාදයට පණ පිඹින්නට දරන උත්සාහය මුලින් ම පරාජය කර දැමිය යුතුයි. ඒ සඳහා එක් මාර්ගයක් වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ තර්ජනයට පත් වී තිබෙන ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර දීම. පැවැත්ම වෙනුවෙන් ජාතිවාදය, වැඩවසම්වාදය හා පවුල්වාදය වැළඳගෙන සිටියත් මේ හතර දෙනා බරසාර දේශපාලන අතීතයක් හිමි අය බව අමතක කළ යුතු නැහැ. මොවුන් රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම වැනි රාජපක්ෂ ගැත්තන් සමග සන්සන්දනය කරන්නට බැහැ. අනෙක් පැත්තෙන් මේ පෙබරවාරි 18 වැඩසටහන රාජපක්ෂවරුන් වෙනුවෙන් මතක බණකට වැඩි දෙයක් වෙන්නේ නැහැ. මෙවැනි වැඩසටහනක් සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණය පැරදුණාට පසුවත් හයිඩ් පිටියේ පැවැත්වුණා.

දින සීයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන අවසන් වන තුරු මේ රජය ආරක්ෂා කර ගත යුතුයි. එහෙත්, මේ වන විට එහි අභ්‍යන්තර අර්බුදය උත්සන්න වෙමින් තිබෙනවා.  මහජන සාමය, ආපදා කළමණාකරන හා ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංගට එරෙහිව ගෙන එන ලද විශ්වාස භංගය එහි උච්ච අවස්ථාවක්. ජෝන් අමරතුංග රාජපක්ෂ හිතවාදියකු බව ප්‍රකට කරුණක්. රාජපක්ෂ මැදපෙරදිග හා වතිකානුවේ කළ චාරිකාවලටත් ඔහු සහභාගි වුණා. හොඳ තනතුරක් පිරිනැමුවා නම්, ඔහු ඒ වන විට රාජපක්ෂ වෙත ගිහින් හමාරයි. එහෙත් රාජපක්ෂට ඔහු එතරම් වටිනා සම්පතක් නො වන බව තේරුණා. එය නො තේරුණේ රනිල් වික්‍රමසිංහටයි. ජෝන් අමරතුංග වනාහි රාජපක්ෂවාදයේ මුල් අවධිය ලෙස සැලකිය හැකි ජේ. ආර්. ජයවර්ධන පාලනයෙන් බිහි වූ පැරණි පන්නයේ දේශපාලනඥයෙක්.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පෙබරවාරි 02දා පාර්ලිමේන්තුවේදී පැවසුවේ ජෝන්ට එරෙහි විශ්වාස භංග‍ ‍යෝජනාව ගෙන එනුයේ නීතිය හා සාමය රැකීමට අවශ්‍ය වගකීම ඉටු කිරීමට අසමත් වීම හේතුවෙන් බවයි. ජෝන් අමරතුංග විසින් මෙහෙයවන ලද මැරවර පිරිසක් ජනවාරි 30දා වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරත්න ද අල්විස් මහතා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ට සභා ගර්භය තුළදීත් ඉන් පිටතදීත් පහර දුන් හා සභාවේ වැඩ කටයුතු කරගෙන යන්නට ඉඩ නො දුන් බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ඇමති ජෝන්ට ඊට වඩා බරපතල චෝදනාවක් එල්ල කළ හැකියි. පසුගිය රජයේ දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමෙහිදී පොලිසිය ඉතා අකාර්යක්ෂම බව පෙනෙන්නට තිබෙනවා. මෙය රනිල් - ජෝන් - මහින්ද සම්මුතියක් මත සිදු වන්නක් ය කියා සිතන්නට පුළුවන්. ශ්‍රීලනිපය තුළ මහින්ද ශක්තිමත් කිරීමෙන් ජනාධිපති මෛත්‍රීපාල දුර්වල කර බලය තහවුරු කර ගන්නට රනිල් උත්සාහ කරනවා විය හැකියි.  මෙය ජනාධිපතිවරණ විප්ලවයේ අරමුණු පාවා දෙන ද්‍රෝහී ක්‍රියාවක්.

ජෝන් අමරතුංග සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ විසින් අනුගමනය කරන ලද ස්ථාවරය ඉතා මතභේදකාරීයි. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි වී යාම ගැන ඔවුන් බිය වද්දමින්, පාර්ලිමේන්තුව විසුරුවන බවට තර්ජනය කරමින්, ජෝන් අමරතුංග රැක ගැනීම ඔහුගේ උත්සාහය වී තිබේ. විශ්වාස භංගය පැරදුණහොත්, සිදු වනු ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නො ව, රනිල් වික්‍රමසිංහට අගමැති පදවිය අහිමි වීම බව ඔහු තේරුම් ගත යුතු ය. මන්ද, පාර්ලිමේන්තුව විසුරුවීමේ මෙන් ම, අගමැති පත් කිරීමේ ද බලතල ද තවමත් තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතෙහි ය. ඔහුට ජෝන් නැතිව ආණ්ඩුව ගෙන යන්නට බැරි ය කීවොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඉතා සරළව ඔහු වෙනුවට නිමල් සිරිපාල පත් කර දින සීයේ වැඩසටහන ඉදිරියට ගෙන යන්නට පුළුවන්.

දේශපාලනය කියන්නේ රට වෙනුවෙන් කරන දෙයක් මිස යාළු මිත්‍රකම් හා නෑකම් වෙනුවෙන්, කළගුණ සැලකීම වෙනුවෙන් කරන දෙයක් නො වන බව පසුගිය ජනාධිපතිවරණයේදී අවධාරණය වුණා. එහෙත්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එය තේරුම් ගෙන නැති බවක් ඔහු කළ ඇතැම් ඇමති පත්වීම්වලින් පෙන්නුම් කෙරෙනවා. සිය ඥාති සොයුරා වන රුවන් විජේවර්ධන ආරක්ෂක රාජ්‍ය අැමති ධුරයට පත් කිරීම හා මිතුරුකම වෙනුවෙන් අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමති ධුරයට පත් කිරීමත්, හිස් ජ්‍යේෂ්ඨත්වය වෙනුවෙන් ජෝන් අමරතුංග, ගාමිනී ජයවික්‍රම, ජෝශප් මයිකල් වැනි අයට ඇමතිකම් දීමත් විසින් ඔහු පෙන්නුම් කර තිබෙන්නේ ඔහු නවීනත්වයට විවෘත නායකයකු නො වන බවයි.

රනිල් වික්‍රමසිංහ විසින් නිරූපණය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ බරපතල ගැටලුවක්. රාජපක්ෂ පාලනය තුළ එල්ල වූ දැඩි ප්‍රහාර මධ්‍යයේ පවා සිය අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීමට එජාපයට උවමනාවක් තිබුණේ නැහැ. එජාපයේ පවතින්නේ රාජපක්ෂ ශෛලියට ම සමාන ප්‍රජාතන්ත්‍ර විරෝධී, ගතානුගතික වැඩපිළිවෙලක් බව දැන් හොඳින් නිරූපණය වෙනවා. මේ විවේචන ඉදිරියට එන විට එජාප පාක්ෂිකයන් කෝකටත් තෛලය වගේ අත ගහන්නේ සජිත් ප්‍රේමදාස නායකත්වයට පත් කිරීම කියන මැජික් බෙහෙතටයි. ඔවුන් ප්‍රශ්නයට විසඳුම් සොයන්නේ අර නස්රුදීන්ගේ කතාවක එනවා වගේ යතුර වැටුණු තැන යතුර හොයනවා වෙනුවට පහන් කණුවේ එළිය වැටුණු තැන යතුර හෙවීම වගේ දෙයක්. එජාපයට නවීන වෙන්නට පුළුවන් වන්නේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීමෙන් මිස හිසරදයට කොට්ට මාරු කිරීමෙන් නොවෙයි.

එජාපය මෙවැනි හිරවීමක සිටින අතරතුර දැකිය හැකි සුවිශේෂ සංවර්ධනයක් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සි‍රිසේන යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝධ පිම්මක් පැනීමයි. ශ්‍රීලනිපය ඒ පිම්ම පනින්නේ රාජපක්ෂ පවුල කියන නරක් වූ දත ගලවා දැමීම කියන සරළ ක්‍රියාමාර්ගයක් ඔස්සේයි. එය ඔවුන්ට සරළයි. මන්ද, ඒ වන විට මහින්ද රාජපක්ෂ පරාජය කර ශ්‍රීලනිපය දන්ත ශල්‍යාගාරය තුළට තල්ලු කර තිබුණු නිසායි. වැදගත්කම තිබෙන්නේ ඔවුන් වෙනස් වූ තත්වය භාරගෙන එයට අනුගත වූ ආකාරය තුළයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තහවුරු කර ගනිමින්, පාලනය තීරණාත්මක ලෙස සියතට ගනිමින් සිටින බව පක්ෂයේ සිදු කර තිබෙන වෙනස්කම්වලින් පෙනේ.

හිටපු ජනාධිපතිවරුන්ට අමතරව දි.මු. ජයරත්න, රත්නසිරි වික්‍රමනායක හා අලෙවි මව්ලානා වැනි පක්ෂයේ පැරැන්නන් උපදේශක තනතුරුවලට පත් කර තිබේ. එස්. බී. නාවින්න (භාණ්ඩාගාරික), නිමල් සිරිපාල ද සිල්වා (ජ්‍යේෂ්ඨ උප සභාපති), ජෝන් සෙනෙවිරත්න (ජ්‍යේෂ්ඨ උප සභාපති), එස්.බී. දිසානායක (උප සභාපති), එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන (උප සභාපති), පියසේන ගමගේ (උප සභාපති) වැනි ජ්‍යේෂ්ඨයන් හා රාජිත සේනාරත්න (උප සභාපති) වැනි මෛත්‍රීපාල සිරිසේන හිතවතුන් ප්‍රධාන තනතුරුවලට පත් කර තිබේ. මහින්දගේ සහෝදර බැසිල් රාජපක්ෂගේ (ජාතික සංවිධායක) හා පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නට වහසි බස් දෙඩූ ඩලස් අලහප්පෙරුමගේ (භාණ්ඩාගාරික) තනතුරු අහිමි කර තිබේ.

කරුණා අම්මාන්ගේ උප සභාපති තනතුර ද අහිමි කර තිබේ. කෙසේ වෙතත්, ශ්‍රීලනිපය සුළුතර ජාතීන්ගේ නියෝජිතයන්ට තනතුරු ලබා දිය යුතුව තිබේ.

දූෂිත දේශපාලනඥයන්ට නාම යෝජනා ප්‍රතික්ෂේප කරමින් ප්‍රජාතාන්ත්‍රික පිළිවෙතක් ඔස්සේ නවීන පරපුරක් ඉදිරියට ගනිමින් අභ්‍යන්තර ශෝධනයක් කිරීමේ හැකියාව ශ්‍රීලනිපයට උදා වී තිබේ. මෙය එජාපයට නො ලැබෙන අවස්ථාවකි. ශ්‍රීලනිපයට ඒ ඔස්සේ යෝධ පිම්මක් පැනීමට අවස්ථාව ලැබේ. 

ඒ සමගම අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගනිමින් හා නවීකරණය වෙමින් ඉදිරියට යන්නට ද ශ්‍රීලනිපයට අවස්ථාවක් උදා වී තිබේ. ලංකාවේ වාමාංශික, දක්ෂිණාංශික කිසිදු පක්ෂයක හරිහමන් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැති සංදර්භයක් තුළ, සාපේක්ෂ ඉදිරි පියවරක් තැබීමට ශ්‍රීලනිපය උත්සාහ කළහොත්, එය සෙසු පක්ෂවලට ද බලපෑමක් වනු ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් සිදු වන ශ්‍රීලනිපයේ ඉදිරි ගමනත් සමග දැඩි අභියෝගයකට ලක් වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයෙන් පසු බලය ලබා ගත්තත්, ඉදිරි මහ මැතිවරණයකදී සිය බලය රැක ගැනීමට සමත් වේ ද යන්න සැක සහිත ය. පළමු හේතුව, එවැනි අභියෝගයක් ඇති බව තේරුම් ගන්නටවත් උවමනාවක් එජාපයට නැති වීමයි.

සහන අයවැය හා දින සීයේ ප්‍රතිසංස්කරණවලින් පසු නිකම් ම තමන්ගේ ඇඟ උඩට බලය කඩා වැටෙනු ඇතැයි එජාප නායකයෝ බලාපොරොත්තු වන බව පෙනේ. එහෙත්, දින සීයේ වැඩසටහනේ ගෞරවය වෙනුවෙන් සම්පූර්ණයෙන් ම අයිතිවාසිකම් කියන්නට එජාපයට ලැබෙන්නේ නැත. ජනාධිපති මෛත්‍රීපාල, රාජිත සේනාරත්න වැනි ඇමතිවරු, ජාතික හෙළ උරුමය, සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ කොටසක් ද අනාගත සන්ධානයකට එක් වන්නට තිබෙන ඉඩකඩ වැඩි ය.

එජාපයේ නිසි තැන අහිමි වී සිටන දක්ෂ, තරුණ නායකත්වය සමග සන්ධානගත වන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමත් වුවහොත්, රනිල් වික්‍රමසිංහට සිදු වනු ඇත්තේ ඇමති ජෝන් අමරතුංග මාර්ගයෙන් මහින්ද රාජපක්ෂ සමග සන්ධානයකට යන්නටයි. දක්ෂ, තරුණ නායකත්වය කීවා ම සජිත් ප්‍රේමදාස නළියන්නට ඕනෑ නැත. මෙහිදී ඔහු ගැන අදහස් කරන්නේ නැත. 

අප මෙවැනි සටහනක් තැබූ සැණින් එජාප හිතවාදීහු කුපිත වී ප්‍රතිචාර දක්වන්නට පටන් ගනිති. එහෙත්, ඔවුන් විසින් කළ යුතුව තිබෙන්නේ එය නොව අප විසින් මතු කර දක්වන මෙම ගැටලුව හරි හැටි තේරුම් ගැනීමයි. ප්‍රධාන පක්ෂ දෙක අතර ප්‍රජාතන්ත්‍රීයකරණය වීම හා නවීකරණය වීම සම්බන්ධයෙන් තරගයක් ඇති වෙනවා නම් අපි එයට කැමැත්තෙමු. 

 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.