2015-08-31

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් පද්‍ය රචනා තරගයක්

ශ්‍රී ලංකාව කියන්නේ මිනිසුන් අතුරුදහන් වීම ඉතා බහුලව සිදු වූ රටක්.

නීතියට පිටින් මිනිසුන් මරා දැමීම ඉතා අසීලාචාර ක්‍රියාවක්. ලංකාවේ පාලකයන්, ත්‍රස්ත කණ්ඩායම්, ආරක්ෂක අංශ, දේශපාලකයන් හා තවත් අය පුද්ගලයන් පැහැරගැනීම්වල හා අතුරුදහන් කිරීම්වල යෙදුණා.

අතුරුදහන් කිරීම පිළිබඳ බිය, වධ හිංසාවන්ට ලක් කිරීම, ඝාතනය, පවුල් අසරණ වීම, වියෝව යනාදී කාරණා විසින් අප සමාජය තුළ ඇති කරන ලද තුවාල අතිශය ගැඹුරුයි.

අප ඒ ගැන කවි ලිවිය යුත්තේ ඇයි?

අප විසින් සෞන්දර්යය ඔස්සේ ඇති කරන සංවේදිතාව නැවත එවන් අමානුෂික ක්‍රියා මේ සමාජයේ ඇති නො වන වටපිටාවක් නිර්මානය කරන්නට දායක වේවි.

ඇම්නෙස්ටි ජාත්‍යන්තරය විසින් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන් පද්‍ය රචනා තරගයක් පවත්වන බව නිවේදනය කර තිබෙනවා. තරගයෙන් ජයගත්තත් ඔබට තෑගි නම් ලැබෙන්නේ නැහැ. ඔබගේ කවි පද්‍ය එකතුවක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබනවා.

අතුරුදහන් වීම් පිළිබඳ ඔබගේ සංවේදිත්වය පැදියකින් පළ කරන්න.

තරග විස්තර හා අයදුම්පත් මෙතැනින්

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

එක්නැලිගොඩ මරා දැමීම සිද්ධියක් පමණක් ද?

දිවයින පුවත්පතෙන් උපුටාගත් මෙම පුවත විවිධ අරමුණු වෙනුවෙන් ප්‍රවෘත්ති අර්ථකථනය කිරීම තේරුම් ගන්නට කදිම සාධකයකි. සිද්ධිය මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් මරා දැමීම පිළිබඳ හමුදා නිලධාරියකුගෙන් ප්‍රශ්න කිරීමයි.

එහෙත් මේ වාර්තාකරුවා පළමු ඡේදයෙන් කියන්නට උත්සාහ කරන්නේ ‘ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ සටනේදී සුවිශේෂී කාර්යභාරයක්‌ සිදුකළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ තවත් උසස්‌ නිලධාරියකුට' කරදරයක් වී ඇති බවයි.

ඔහුගෙන් ප්‍රශ්න කරන්නට යන්නේ කෘෘර ඝාතනයක් ගැනයි. සිය වෘත්තියේ ම යෙදී සිටි, වෙනස් දේශපාලන මතයක් දැරූ මිනිසකු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මරා දැමීම මෙම වාර්තාකරුවාට නිකම් ම නිකම් ‘එක්‌නැලිගොඩ සිද්ධියකි'.

“It is not enough for journalists to see themselves as mere messengers without understanding the hidden agendas of the message and the myths that surround it.” 
― John PilgerHidden Agendas

එක්‌නැලිගොඩ සිද්ධියට
තවත් බුද්ධි නිලධාරියෙක්‌ අද සී අයි ඩී ය හමුවට

සමන් ගමගේ
එල් ටී ටී ඊ ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ සටනේදී සුවිශේෂී කාර්යභාරයක්‌ සිදුකළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ තවත් උසස්‌ නිලධාරියකුට අද (31 දා) රහස්‌ පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
ප්‍රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබාගැනීම සඳහා මෙම කැඳවීම කර ඇත.
එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය වෙත කැඳවන ලද යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ හයවන හමුදා නිලධාරියා මොහු වේ.
ඉකුත් බ්‍රහස්‌පතින්දා මෙම නිලධාරියා රහස්‌ පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීමෙන් පසු මුදාහැර යළි මෙසේ අද පැමිණෙන ලෙස එක්‌නැලිගොඩ විමර්ශනය සිදුකරන රහස්‌ පොලිස්‌ කණ්‌ඩායම විසින් දැනුම් දෙන ලදී.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Cleaning the drawer (poem)

I'm cleaning my drawer
Mercilessly concentrating
Piling the past
To be burnt away

Old pay slips
Paid bills and letters
Expired warranty certificates
Collected name cards

Old identity cards
With fading faces
Bits of crushed paper
Lines jotted on them

Perfumed love letters
Yes, they too have to go

In a black garbage bag
I take them to the roadside
When the truck rolls in
Leave it there and come back

Without looking back
I get in my room
The drawer is half-empty
What a brutal neatness

අස් කරමි ලාච්චුව
කෘෘර ලෙස තත්පරව
ගොඩ ගසමි කසල ලෙස
දවන්නට අතීතය

වැටුප් විස්තර පරණ
ගෙවූ බිල් එවූ ලිපි
කල් ඉකුත් වගකීම් සහතික
එකතු වූ නාමපත්

දියව ගිය මුහුණු ඇති
පරණ හැඳුනුම්පත්
කවි ලියූ තුණ්ඩු හා
සුවඳවත් පෙම්පත්

දමා කුණු මල්ලක
අරන් යමි පාරට
කුණු ලොරිය එනවිට
තබා එමි පෙනෙන්නට

නො බලා ම ආපසු
ඇවිත් කාමරයට වදිමි
ලාච්චුව හිස් ය බාගෙට
නැවුම් ය දයා විරහිත ලෙස

- Ajith Perakum Jayasinghe 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-08-30

දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායකකමෙන් වැඩක් තිබේ ද?

එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්පූර්ණයෙන් හෝ කෑල්ලක් ලෙස හෝ ආණ්ඩුව සමග සන්ධානගත වූ විට එයට විපක්ෂ නායකකම ද දැරීමේ සදාචාරාත්මක අයිතියක් නැත. ඒ අනුව, ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුන්වන බලය වන දෙමළ ජාතික සන්ධානයට යුක්තියුක්ත අයිතියක් තිබේ.

දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායකකම දීම, නො දීම ගැන මේ දිනවල මහා ලොකු කතාවක් තිබේ.

සිංහල ජාතිවාදීහු සුපුරුදු ලෙස ඒකටත් විරුද්ධ ය.

මේ අතර, තවත් සමහරු සිය මනුෂ්‍යත්වය ප්‍රදර්ශනය කරමින්, දෙමළ ජාතික සන්ධානයට අනුකම්පා කර, විපක්ෂ නායකත්වය පූජා කර සිය ජාතිවාදී පව් සෝදාගන්නට දත මදිති.

එය නරක යයි අපි නො කියමු. එහෙත්, විය යුතුව තිබෙන්නේ දෙජාස ආණ්ඩුවට සම්බන්ධ කරගෙන උතුර සංවර්ධනය හා සම්බන්ධ බලවත් අමාත්‍යාංශයක් ඇතුළු වගකිවයුතු ඇමති තනතුරු කීපයක් ඔවුන්ට පිරිනැමීමයි. ජාතික සමෝධානය ඇති කිරීමට නම් දෙජාස මධ්‍යම ආණ්ඩුව ඇතුළට ගත යුතු ය. විපක්ෂයේ සිට කරන්නට පුළුවන් රෙද්දක් නැත. විපක්ෂ නායකකම නිකම් සෙරමෝනියල් මලඉලව්වක් පමණි. මීළඟ ආණ්ඩුවේ අගමැතිකම ඉල්ලා සිටීම සඳහා ශ්‍රීලනිප හා එජාප ජ්‍යේෂ්ඨයන්ට නම් විපක්ෂ නායකකම වැදගත් විය හැකි ය. දෙජාස මධ්‍යම රජයේ ආණ්ඩුවක් පිහිටුවන්නට ඉන්න පක්ෂයක් නො වේ.

ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා දෙජාස ආණ්ඩුවට සම්බන්ධ කර ගන්නට බැරෑරුම් උත්සාහයක් දරා නැත. විපක්ෂ නායක උලව්ව අතහැර දෙජාස ආණ්ඩුවට ගැනීමට බල කරනු! හැකි නම් උප අගමැතිකමක් දෙන්නැයි බල කරනු!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ලාච්චුව අස් කිරීමේ ව්‍රතය

අස් කරමි ලාච්චුව
කෘෘර ලෙස තත්පරව
ගොඩ ගසමි කසල ලෙස
දවන්නට අතීතය

වැටුප් විස්තර පරණ
ගෙවූ බිල් එවූ ලිපි
කල් ඉකුත් වගකීම් සහතික
එකතු වූ නාමපත්

දියව ගිය මුහුණු ඇති
පරණ හැඳුනුම්පත්
කවි ලියූ තුණ්ඩු හා
සුවඳවත් පෙම්පත්

දමා කුණු මල්ලක
අරන් යමි පාරට
කුණු ලොරිය එනවිට
තබා එමි පෙනෙන්නට

නො බලා ම ආපසු
ඇවිත් කාමරයට වදිමි
ලාච්චුව හිස් ය බාගෙට
නැවුම් ය දයා විරහිත ලෙස

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-08-29

නයා සහ ඉනිමග ක්‍රීඩාවේ ජාතික ලැයිස්තුව

එජාප, එජනිස හා ජවිපෙ යන පක්ෂ තුනේ ම ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරුවලට පත් කිරීම් පිලිබඳ රටේ පුළුල් කතා බහක් ඇති විය.

එජාප ලැයිස්තුව ගැන ලොකු මතභේදයක් ඇති නො වුණත්, දයා ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වී සිටියදී, ඔහුගේ බිරිය වන අනෝමා ගමගේත් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම විවේචනයට ලක් විය? ජාතික ලැයිස්තුවෙන් කාන්තාවක් පත් කළ එකම පක්ෂය වුණේ එජාපයි. එහෙත්, මේ මන්ත්‍රීකමට රෝසි සේනානායක වැනි කාන්තාවක් පත් කළා නම් වඩා ඵලදායී වන්නට ඉඩ තිබුණා. පරාජිත අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නො කරන ස්ථාවරයක එජාප නායකයා සිටි මුත්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය එජාප ජාතික ලැයිස්තුවෙන් තමන්ට ලැබුණු ආසනය වෙන් කළේ පරාජිත අපේක්ෂකයකුටයි.

එජනිස නායකයා වන මෛත්‍රීපාල සිරිසේනගේ නම් මූලික ප්‍රතිපත්තිය වුණේ ම තමන්ට අවශ්‍ය පරාජිත අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පත් කර ගැනීමයි. එජාප - එජනිස හවුල් ආණ්ඩුවක මහින්ද සමරසිංහ, එස්.බී. දිසානායක, පියසේන ගමගේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිතමුනි සොයිසා, තිලංග සුමතිපාල වැනි පරාජිත අපේක්ෂකයන් සිටින්නට බොහෝ විට ඉඩ ඇත. මෙම අපේක්ෂකයන් පරාජය කළේ සන්ධානයේ මැතිවරණ මෙහෙයුම සිදු කළ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම විසින් සැලසුම් කරන ලද ක්‍රියාමාර්ගයක් ඔස්සේයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හිතවත්ව කටයුතු කිරීම මෙයට ප්‍රධාන හේතුවයි. එහෙත්, අවසානයේදී ජනාධිපතිවරයා පක්ෂයේ හා සන්ධානයේ බලය සියතට ගෙන ඔහුගේ හිතවතුන්ගේ අවස්ථාව රැක දී තිබෙනවා. එජනිස ජාතික ලැයිස්තුවේ සිටින ජ්‍යේෂ්ඨ දේශපාලකයන් හා අප්‍රකට, නො වැදගත් දේශපාලන ක්‍රියාකාරිකයන් ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අන්තේවාසිකයන් ලෙස සැලකිය හැකියි. එජනිස ජාතික ලැයිස්තුවේ එක ම කාන්තාවක්වත් නො සිටි අතර පරාජිත මන්ත්‍රීවරියන් ද ඇතුළත් කරනු ලැබ නැත.

ජාතික ලැයිස්තු මන්ත්‍රීකමට ලොකුම රණ්ඩුව වුණේ ජවිපෙ තුළයි. ජවිපෙ සිය ජාතික ලැයිස්තුව උගතුන්, බුද්ධිමතුන්ගෙන් සුසැදි මාර ම එකක් බව ලෝකයට අඬ බෙර ගැසුවේ ය. එහෙත්, පක්ෂය විසින් දිනා ගන්නා ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරු දෙකට අදාළ පත් කිරීම් කිරීමේදී ජවිපෙ මසුරු වූයේ ය. මෙම බුද්ධිමතුන් නිසා ජවිපෙට ඡන්ද වැඩි නො වුණු බවක් ඇතැම් පාක්ෂිකයෝ දැන් පවසති. එහෙයින් ඔවුන් පත් කරනවා වෙනුවට මාතර දිස්ත්‍රික්කයෙන් පරාජිත සුනිල් හඳුන්නෙත්ති, කොළඹින් පරාජිත ලාල් කාන්ත වැනි දෙදෙනෙකු පත් කිරීමේ උවමනාව ජවිපෙට තිබිණි. එහෙත්, මේ බුද්ධිමත්තු ද ලේසි පුතයෝ නො වුණ හ. ඔවුන් තමන්ගේ නම ජාතික ලැයිස්තුවට දමන්නට එකඟ වී තිබෙන්නේ එය තිබෙන ස්ථානය එහෙම හොඳට බලා බව ජාතික ලැයිස්තු අපේක්ෂක ක්‍රිෂ්මාල් වර්ණසූරිය පවසයි. ජවිපෙ නායකයන් ක්‍රිෂ්මාල් හමු වී තමන්ගේ ආසනය පුදන්නට ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු විගණකාධිපති චන්ද්‍රසිරි මායාදුන්නේ කැමති බව පවසා ක්‍රිෂ්මාල්ගේ ආසනය ද පක්ෂයට ඉල්ලා ඇත. තමන් එයට එකඟ නො වූ බව ක්‍රිෂ්මාල් පවසයි. අවසානයේදී ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරනු ලැබුවේ මායාදුන්නේ හා සුනිල් හඳුන්නෙත්ති ය. ඒ සමග ම ලාල් කාන්ත ද බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූයේ වෘත්තීය සමිති කටයුතු වෙනුවෙන් කැප වන්නට යන බව කියමිනි. බුද්ධිමතුන් ගැන ජවිපෙ ද ජවිපෙ ගැන බුද්ධිමත්තු ද ඉගෙන ගත් බව පෙනේ. ජවිපෙ වෙනුවෙන් සිය අනන්‍යතාව කැප කළ වඩා අවංක, සැබෑ සක්‍රිය දේශපාලන ක්‍රියාකාරිකයකු වන නිර්මාල් රංජිත් දේවසිරි වැන්නකු සිය ජාතික ලැයිස්තුවට නම් කරන්නට ජවිපෙ සිතන්නේවත් නැත්තේ ඇයි?

දෙමළ ජාතික සන්ධානය ද සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සඳහා පරාජිත අපේක්ෂකයන් දෙදෙනෙකු නම් කළේ ය. දෙමළ ජාතික සන්ධානය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත් කළ ආකාරය පරාජිත අපේක්ෂක හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ විවේචනයට ලක් වී තිබේ. ප්‍රේමචන්ද්‍රන් යනු දෙමළ ජාතික සන්ධානය සමග එක් වී සිටින කුඩා පක්ෂයක් වන ඊ.පී.ආර්.එල්.එෆ්. කණ්ඩායමක නායකයා ය.

1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ලැයිස්තුවක් ඇති කරනු ලැබුවේ පාර්ලිමේන්තු නියෝජනය ලබා ගත නො හැකි ප්‍රජාවන්ට අවස්ථාව ලබා දීම මූලික අරමුණ කරගෙන ය. ඒ අනුව, අටවැනි පාර්ලිමේන්තුවේත් දක්නට ලැබෙන කාන්තා නියෝජනයේ අඩුව පිරිමැසීමට ජාතික ලැයිස්තු නියෝජනය යොදා ගැනීමේ වගකීමක් දේශපාලන පක්ෂවලට තිබිණි. වාම පක්ෂයක් වන ජවිපෙ හෝ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළේ නැත. මැලේ, බර්ගර්, වැදි වැනි පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගත නො හැකි ප්‍රජාවන්ට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් ලබා දීමට කිසිදු පක්ෂයක් කටයුතු කර නැත.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුගත වීම එකම දේශපාලන අරමුණ කර ගත් බව පෙනුණු ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ සමසමාජ-කොමියුනිස්ට් ජෝඩුවට මෙවර පාර්ලිමේන්තුවේ දොර වැසීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ. මහින්ද රාජපක්ෂට සහයෝගය දීමට ගත් තීන්දුවත් සමග මෙම පක්ෂ දෙක කැඩී බිඳී ගොස් දුර්වල වී තිබේ. සමසමාජයෙන් කැඩී ගිය කණ්ඩායමක් නියෝජනය කරන ආචාර්ය ජයම්පතී වික්‍රමරත්නට එජාප ජාතික ලැයිස්තුවේ ඉඩක් වෙන් වී තිබේ.

ගෞරවනීය තත්වයක් අත් පත් කරගෙන සිටින ප්‍රවීණ වෘත්තිකයන්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව ලබා දීම එදා සිට ම පැවති සම්ප්‍රදායකි. එජාප ජාතික ලැයිස්තුවෙන් වරක් නර්තන ශිල්පියකුට අවස්ථාව ලැබිණි. මාලිනී ෆොන්සේකා පසුගිය පාර්ලිමේන්තුවේ සිටියේ ද ඇය ‘නිළි රැජින’ වූ නිසා මිස වෙනත් දේශපාලනික වැදගත්කමක් නිසා නො වේ. එහෙත්, දේශපාලනික වශයෙන් වැදගත්කමක් ඇති මාධ්‍ය, ලේඛන වැනි ක්ෂේත්‍රවල ප්‍රවීණත්වය නිසා පාර්ලිමේන්තු නියෝජනයක් ලැබූවෙක් මෙවරවත් දැකිය නො හැකි ය. එහෙත්, නොම්මර එකේ පොත් පෙරළන්නෝ කීපදෙනෙක් නම් මෙවරත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තල්ලු වී සිටිති.

ලංකාවේ පාර්ලිමේන්තුවට පත් වීම පහසු කාර්යයක් නො වේ. එහෙත්, හිටි හැටියේ අමුතු රැළිවලට ගසාගෙනැවිත් කරකවා අතහැරියා සේ පාර්ලිමේන්තුවට පාත් වුණ අය ද සිටිති. පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රිනියක වූ උපේක්ෂා ස්වර්ණමාලි නිළිය කදිම නිදසුනකි. ඇගේ මන්ත්‍රීකමින් රටට වූ එක ම ප්‍රයෝජනය ඇය රංගනයෙන් ඈත් වීම පමණි.

එවැනි කණා පල්ලං නැතිනම් පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් යනු සාමාන්‍ය දේශපාලන ක්‍රියාධරයන්ට සිහිනයකි. හැටේ දශකයේ සිට දේශපාලනයේ සිටින, බොහෝ මැතිවරණවලට තරග කර තිබෙන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කිසි දිනෙක පාර්ලිමේන්තුව නියෝජනය කර නැත. ඔහුට ඡන්ද නො වැටෙන්නට ප්‍රධාන හේතුවක් වන්නේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහු දරන වාමාංශික ස්ථාවරයයි. එහෙත් ඔහුගේ දේශපාලන සහයෝගය ලබන දෙමළ පක්ෂයක්වත් කිසි කලෙක ඔහු ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පත් කිරීමට සිතා නැත.

ප්‍රධාන පක්ෂ දෙක ඔස්සේ ඉදිරියට එන එක පහසු කාර්යයක් නො වේ. ඒ සඳහා ප්‍රදේශයේ දේශපාලන බලවතාගේ අනුග්‍රහයෙන් ප්‍රාදේශීය සභාවට තරග කර පත් විය යුතු ය. එතැනින් පළාත් සභාවට තේරී පත් වී පාර්ලිමේන්තුවටත් එන්නට සෑහෙන කට්ටක් කෑ යුතු ය. කප්පරකට සල්ලිත් අවශ්‍ය ය.

ජවිපෙ එක්ක සිටි ඇතැමෙකුත් රැල්ලට හසු වී පාර්ලිමේන්තුවට ගසාගෙන ආ බව ඇත්ත ය. එහෙත්, එය ලෙහෙසි පහසු කාර්යයක් නො වේ. අංක එක නායකත්වයට අධික ලෙස අවනත විය යුතු ය. ඒ කොතරම් ද යත් තමන්ගේ හෘදය සාක්ෂිය ජාතියේ හෘදය සාක්ෂිය වූ ජවිපෙට පාවා දිය යුතු ය. එසේම, නො කා,නො බී පක්ෂයට වැඩ කළ යුතු ය. ජීවිතය වුව පරිත්‍යාග කිරීමට සූදානමින් සිටිය යුතු ය.එහෙව් පක්ෂයක කරට පය තබා, හරියට රස්සාව කිරීම මිස වෙනත් දේශපාලන ක්‍රියාකාරිත්වයක් නැති මායාදුන්නේට පාර්ලිමේන්තුවට පත් වන්නට හැකි වීම නියම ජිම්කානාවකි.

ලංකාවේ සමාජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම මහ ඉහළින් අධිනිශ්චය වී තිබේ. මහාචාර්ය ජී. එල්. පීරිස්, රජීව විජේසිංහ වැනි කීර්තිමත් විශ්වවිද්‍යාල ආචාර්යවරු පවා පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් වෙනුවෙන් පොඩිවුන් සේ හැසිරුණ රටකි මෙය.

පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් යනු ලංකාවේ සුවිසල් සමාජ ප්‍රාග්ධනයකි. එය බොහෝ දෙනෙකුට දැවැන්ත ආර්ථික ලාභ ද ළඟා කර දෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම වනාහි ධනේශ්වර පංතියට ක්ෂණික පිම්මකි. නයා සහ ඉනිමග නම් පෙත් ක්‍රීඩාව බඳු වූ ජීවිතයෙහිදී උඩම පේළියට යොමු වූ දිග ඉනිමගක් හමු වන කොටුවට ඉත්තා තැබිය හැකි පරිදි අය වැටීමකි.

එහෙත්, මෙතෙක් ඉතිහාසය තුළ ඉනිමං ලැබුණු මිනිසුන් නිසා ලංකාවේ ජනතාවට මෙම ක්‍රීඩාව තුළ අය වැටුණේ නාග මුඛ ඔස්සේ පහළට ම රූටන්නට ය. පාර්ලිමේන්තු මන්ත්‍රීකම තව දුරටත් අසාධාරණ ලෙස ඉහළ යා හැකි ඉනිමගක් නො වන පරිදි අපි මේ ක්‍රීඩා පෙත නැවත සැකසිය යුතුව තිබේ.
(සත්හඬට ලියූ ලිපිය)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-08-28

ඝාතන සංස්කෘතිය තීරණාත්මක ලෙස අවසන් කළ යුත්තේ ඇයි?

2010 ජනවාරි 24දා ප්‍රගීත් එක්නැලිගොඩ සහෝදරයා පැහැරගෙන ගොස් අතුරුදහන් කළ සිද්ධිය ගැන සැක සංකා රැසක් තිබිණි. සාමාන්‍ය විරුද්ධ පක්ෂ දේශපාලනයක් කළ, කැරැලි-කුමන්ත්‍රණ සම්බන්ධයක් නො තිබුණු, එතරම් අභියෝගාත්මක මාධ්‍යකරණයක ද නො නියැලුණු ඔහු මරා දැමීමට හේතුවක් අප ද ඇතුළු බොහෝ දෙනෙකුට තේරුම් ගත නො හැකි විය.

මාධ්‍යවේදී සිවරාම් මරා දැමීමට හේතුව ඔහු අති දක්ෂ ලෙස කොටි සංවිධානය වෙනුවෙන් මානසික යුද මෙහෙයුමක් දියත් කිරීමට සමත් වීමයි. ලසන්ත වික්‍රමතුංග අභීත මාධ්‍ය වෘත්තිකයකු ලෙස රජයේ දූෂණ ප්‍රශ්න කළේ ය. ඔවුන්ට සාපේක්ෂව ප්‍රගීත් එතරම් අභියෝගාත්මක මාධ්‍යකරුවකු වූයේ නැත.

එහෙත්, දැන් හෙළිදරව් වන තොරතුරු අනුව, එවැනි අහිංසකයන් පවා මරා දැමීමේ ලේ පිපාසයකින් පෙලුණ උම්මත්තක නායකත්වයක් එකල රට පාලනය කළ බව දැන් පැහැදිලි ය.

ප්‍රගීත් පැහැරගත් සමයේ රට අරාජික වී තිබුණේ නැත. එපමණක් නොව, ආරක්ෂක අංශ තිබුණේ දැඩි මධ්‍යගත පාලනයක් තුළ ය. ආරක්ෂක අංශවල ඉහළ අනුග්‍රහයකින් තොරව මෙවැනි දඩ බල්ලන්ට පැවැත්මක් නැති බව පසුගිය සතියේ සත්හඬ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ, පැහැරගෙන ගොස් මරා දමන්නට පෙර ජීවිතය බේරා ගත් ඩොනල්ඩ් පෙරේරා පළ කළ අදහස්වලින් හෙළිදරව් වේ. මර්වින් සිල්වාගේ හිතවතකු වූ ඩොනල්ඩ් පැහැරගෙන යාම පිළිබඳ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දැන සිටි බව ද, ඔහු නිදහස් කළේ ද ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් බව ද ඩොනල්ඩ් පවසයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වූ ජානක බණ්ඩාර ඒකනායක හා සිසිත ප්‍රියංකර යන සිසුන් දෙදෙනා 2012 සැප්තැම්බර් 27දා ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී මිය ගිය හ. ඔවුන්ගේ මරණවලට හේතුව මෝටර්සයිකල් අනතුරක් බව පොලිසිය පවසයි. එහෙත්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම මරණ ඝාතන බව දැඩිව අවධාරණය කරයි. ඒ පිළිබඳ සාධක රැසක් ද ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබේ.

මෙම මරණ පිළිබඳ මෙවැනි බරපතල සැකයක් මතු වී තිබෙන මෙම සන්දර්භය තුළ ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම අනිවාර්යයෙන් ම කළ යුතු ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මුල් අවස්ථාවක් වූ ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වූ ලලිත් කුමාර වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදහන් වූයේ 2011 වසරේ මානව හිමිකම් දිනය වෙනුවෙන් යාපනයේ මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් සිටියදී ය. පසුව ඔවුන් ගමන් ගත් යතුරු පැදිය කෝපායි පොලිසියේ තිබී හමුවීම විශේෂත්වයක් විය. ආරක්ෂක අංශ ඔවුන් නීති විරෝධී ලෙස රඳවාගෙන සිටින බව පෙරටුගාමී පක්ෂය කලක් තිස්සේ පැවසී ය. එහෙත්, ඔවුන් ආපසු ආවේ නැත.

මොවුන් දේශපාලනයට සම්බන්ධ අයයි. එහෙත්, 2013 වර්ෂයේ සැප්තැම්බර් 2දා සුදු වෑන් රියකින් පැහැරගෙන යාමෙන් පසු අතුරුදහන් වූ අනුරාධපුරයේ මදුෂ්ක හරිස් ද සිල්වා කිසිදු දේශපාලනයකට සම්බන්ධ අයෙක් නො වේ. සිය සැමියා සොයා දෙන්නැයි ඔහුගේ බිරිය හා දරු දෙදෙනා අදත් මහ මග සිට උද්ඝෝෂණය කරති.

රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ මරණය ඝාතනයක් ද යන්න පිළිබඳ දැන් පරීක්ෂණ සිදු වෙමින් පවතී.

උතුරේ සිදු වූ මෙවැනි ඇතැම් ඝාතන හා අතුරුදහන් කිරීම් ආවරණය කළේ කොටි සංවිධානය නැවත පණගන්වනවා ය යන තර්කයට ය. දකුණේ තවත් විශාල පිරිසක් මරා දැමුවේ භයානක අපරාධකරුවන් ලෙස හංවඩු ගසමිනි.

මේ කුමන නම් ඝාතන සංස්කෘතියක් ද? ඒ ගැන පරීක්ෂණ පවත්වා, නූතනත්වයට කිසි සේත් අනුගත නැති මේ ම්ලේච්ඡ සංස්කෘතිය අවසන් කළ යුතු ය. එය පැතිරවූවන්ට දඬුවම් කළ යුතු ය. නීති විරෝධී අණ ක්‍රියාත්මක කළ අයට වඩා දඬුවම් ලැබිය යුතු වන්නේ ඒ අණ දුන් අයයි.

ඒ අණ නිකුත් වී තිබෙන්නේ මහා මිනීමරු සංස්කෘතියකින් බව දැන් ඉතා පැහැදිලි ය. එය වනාහි මිනිසුන් මරා දැමීමෙන් සතුටු වූ සංස්කෘතියකි. ඒ සංස්කෘතිය ආරක්ෂක අංශවල ඉහළ සිට පහළට විහිද තිබූ බව පෙනේ.

දෙමළ මිනිසුන් මරා දමද්දී මෙන් ම අපරාධකරුවන් ලෙස හංවඩු ගසන ලද මිනිසුන් ‘ආයුධ පෙන්නන්නට රැගෙන යද්දී' ද සිංහල මහා සමාජය එම ක්‍රියා අනුමත කළේ ය. එපමණකින් නො නැවතී එය වීරත්වයට දා නැඟුවේ ය. යුද අපරාධ සිදු කළ අය දඬුවම් ලැබිය යුතු ය යන සාමාන්‍ය සදාචාරය පවා සිංහල සමාජයට දරා ගත නො හැකි ය. අද වන විට යුද අපරාධ පිළිබඳ චෝදනා සිංහල සමාජය වෙත පොළා පනිමින්, ජාතියේ අනාගතය ඉදිරියේ අඳුරු වළාවක් සේ සිටගෙන සිටියි. මේ ඝාතන සංස්කෘතිය සිංහල සමාජයේ ජනප්‍රිය සංස්කෘතියේ ද අංගයක් විය. සමස්ත සමාජය ම පාහේ එක් ආකාරයක මිනීමැරුම්වලින් සතුටු වන ම්ලේච්ඡයන් පිරිසක් බවට පත්ව සිටිය හ. ඒ අතරතුර ම වෙනත් ආකාරයකින් හරකුන්, බල්ලන්, කුකුළන් වැනි සතුන් හිංසනයට ලක් කිරීමට පවා එරෙහිව අරගල කරන සංවේදීභාවයක් ද මේ සමාජයේ තිබිණි.

අප වෙනස් කළ යුතුව තිබෙන්නේ ඒ ඝාතන සංස්කෘතියයි. සතුරන්, විරුද්ධ මතධාරීන් හිංසනයට ලක් කරන, ඝාතනය කරන ඒ සංස්කෘතිය වනාහි නූතනත්වයට කිසි සේත් ම ගැලපෙන තත්වයක් නො වේ. එය මානුෂිකත්වයට නින්දාවකි. ආරක්ෂක වෘත්තීන්වලට දරුණු අපහාසයකි. තමන්ගේ වෘත්තීය නාමයන් පිරිසිදු කර ගැනීම පිළිබඳ ආරක්ෂක අංශවල වෘත්තිකයන් ගැඹුරින් සිතිය යුතුව තිබේ.

නීතියේ ආධිපත්‍යය හා යහපාලනය ස්ථාපිත කිරීමෙන් මෙම තත්වය පාලනය කර ගත හැකි ය. එය මෙවැනි ඝාතන සංස්කෘතියක් රටේ ව්‍යාප්ත වීමට හේතු වන තත්වයන් වෙනස් කරයි. මේ කාරණා පිළිබඳව ද සුපුරුදු ලෙස ම නිශේධනීය ආකල්ප පතුරුවන පිරිසක් සිටිති. අප මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කරන ලද සංවාදයකට සහභාගි වූ අයෙක් විසින් දක්වන ලද පහත සඳහන් අදහස සංකේතාත්මක ය.

“මිනිසුන් නිහඩ කිරීම සදහා විවිධ කටයුතු සිදුකරන අතර තනතුරු වරදාන ලබාදීමද, බියට පත්කිරීමද , අඬුබඬු කඩා දැමිමද, භෞතිකව ම ඉවත් කිරීමද හැමවිටම සිදුකරයි. පොලිසි, හමුදා පවත්වා ගෙන යමින් එවා නඩත්තු කරමින් පවතිනුයේ සැබවින්ම පාලකයන්ගේ අරක්ෂාව සදහාය. එවා විසින් සිදුකරන කාර්යයන් සාධාරණිකරණය කිරිම ද, එම ආයතන මහජන විරෝධයකින් තොරව නඩත්තු කිරීමට අවශ්‍ය සාධාරණීකරණය කිරීමේ කාර්යය ද දැනුවත්ව හෝ නොදැනුවත්ව මාධ්‍ය ඇතුලු සිවිල් සමාජයෙන් සිදුකරමින් පවති.

“මහින්ද ඇතුලු දුෂිතයින් රාජත්වයට නංවන්නේද, ඔවුන්ගේ සියලු ක්‍රියාවන් අනුමත කරන්නේද ඒ වෙනුවට රනිල් තොරාගන්නේද, තමන් දෙසට තුවක්කු දිගුකරගෙන සිටින හමුදා නිලධාරින් උත්කර්ෂයට ලක්කරන්නේද, 2009 පාරවල්වල කිරිබත් කෑවේද, ආයුධ පෙන්නීමට යන අපරාධකරුවන් මරා දමනවිට එය නිවරදි බව පවසන්නේද, යහපාලනයක් ඉල්ලා සිටින්නේද එකම ජනතාවක්ය. එනිසා සැබැවින්ම සිදු කල යුතුව තිබෙනුයේ ජනතාව වෙනස් කිරීමයි. ඔබ ඇතුලු මාධ්‍යවලද, සිවිල් සංවිධාන හා සිවිල් පුද්ගලයන්ගේද සීමාව වනුයේ නීතීය සහ යහපාලනය යථාවත් කිරීමෙන් එය විසඳෙන බවයි. උදාහරණයක් ලෙස අපරාධකරුවන් ආයුධ පෙන්විමට ගොස් මරා දැමීම වෙනුවට සිවිල් සමාජය යෝජනා කරනුයේ අධිකරණය හරහා පුනරුත්තාපනය කිරීම, දඩුවම් කිරීම හෝ මරා දැමීමය. එහෙත් අප යෝජනාකල යුත්තේ එතනින් ඉදිරියට ගොස් අපරාධකරුවකු බිහිවිමට අවස්ථාව සලසා ඇති සමාජ තත්වයන් වෙනස් කිරීම ය.”

මෙම අදහස එක්තරා දුරකට මාක්ස්වාදී ය. අපරාධකරුවන් බිහි වන සමාජ තත්වය වෙනස් කිරීම යනුවෙන් එම පුද්ගලයා අදහස් කරන්නේ සමාජවාදී විප්ලවය විය හැකි ය. එහෙත්, එය සිදු වන තෙක් අපි කිසිවක් නො කර නිකම් බලා සිටිය යුතු ද? මේ සියලු ගැටලු ධනේශ්වර ක්‍රමයේ අර්බුද ලෙස දකිමින්, එය මෝදු වන්නට හැරීමෙන් සමාජවාදී විප්ලවය සඳහා අවශ්‍යතාව තීව්‍ර කර ගන්නට උත්සාහ කිරීමේ ගතානුගතික, වාමාංශික දේශපාලනය තවමත් බලවත් බව මෙවැනි තර්කවලින් පෙනේ. එහෙත්, අපගේ මූලික තර්කය වන්නේ සමාජවාදය නිර්මානය වන්නේ දියුණු සමාජයන් තුළින් මිස ම්ලේච්ඡත්වයෙන් නො වන බවයි. නීතියේ ආධිපත්‍යය හා යහපාලනය වෙනුවෙන් අප අද සටන් කළ යුත්තේ ඒ නිසා ය.

(මේ සතියේ රාවයට යැවූ ලිපිය)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-08-27

ප්‍රතිචක්‍රීයකරණ හා අපද්‍රව්‍ය කළමනාකරණ අමාත්‍යංශයක් පිහිටෙව්වොත් නරක ද?

මේ දවස්වල අලුත් ඇමති මණ්ඩලය පත් කරන හැටි, අමාත්‍යාංශ, බලතල, විෂය ආදිය ගැන දොරවල් වසාගෙන සාකච්ඡා කරනවා නේ. 

ශ්‍රීලනිපය ලොකු ලොකු ඇමතිකම් ඉල්ලනවා ලු. දෙන ඒව මදියි කියනවා ලු. ඇමතිකම් බෙදාගන්න ඉතින් හැමදාමත් රණ්ඩු නේ. 

එජාපයට බහුතරය සඳහා අඩු මන්ත්‍රී සංඛ්‍යාව සොයා ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. මහින්ද හිටියා නම් කරන්නේ ඇමති තනතුරු පෙන්නලා සන්ධානෙන් මාළු ටිකක් බා ගන්න එක නේ. ඔය දිනේෂ්, විමල්, ගම්මන්පිල වගේ හයියෙන් කෑගහන වීරයන්ව තමයි බාගන්න ලේසි ම. 

මන්ත්‍රීවරුන්ගේ ගරුත්වය නැති නො කර, ජනතාව පක්ෂවලට දුන් බලය විකෘති නො කර මෙවැනි සම්මුතිවාදී ආකාරයකට කටයුතු කරන්න අගමැති රනිල් වික්‍රමසිංහත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් කටයුතු කිරීම කුහකකමින් තොරව අගය කළ යුතුයි. 

ඡන්දයෙන් පරාජිත අපේක්ෂකයන්ව ජාතික ලැයිස්තුවට පස්ස දොරෙන් රිංගවා මන්ත්‍රීකම්වලට පත් කරනවාට අමතරව ඇමතිකමුත් දෙනවා නම් එය බරපතල තත්වයක්. 

කොහොම වුණත්, ඉදිරි වසර පහක් ස්ථාවර ආණ්ඩුවක් පවත්වා ගන්න කටයුතු කළ යුතුයි. ශ්‍රීලනිපයේ වනචාරීන් සමග මේස චාරිත්‍ර සහිත භෝජන සංග්‍රහ පැවැත්වීමේදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ එජාපය පරිස්සම් විය යුතුයි. 

අලුතෙන් අමාත්‍යංශ නිර්මානය කරද්දී හෝ පස්සෙ කාලෙක හෝ ලංකාවේ ප්‍රතිචක්‍රීයකරණ හා අපද්‍රව්‍ය කළමනාකරණ අමාත්‍යාංශයක් පිහිටුවනවා නම් හොඳයි කියලායි මට හිතෙන්නේ. මේ ප්‍රශ්නය ලංකාවේ ඒ තරම් ම දැවෙන ප්‍රශ්නයක්. එයට කඩිනමින් විසඳුම් අවශ්‍යයි. හුදෙක් පරිසර අමාත්‍යාංශයට හා පළාත් පාලන ආයතනවලට විතරක් මේ කාර්යය හසුරුවා ගන්න බැරි බව ඉතා පැහැදිලියි. එය ජාතික ප්‍රශ්නයක් ලෙස සලකා වැඩි බරක් යොදා විසඳුම් ලබා දිය යුතුයි. එය දේශපාලන ස්ථාවරත්වයටත් හේතු වෙනවා. මතකනේ පසුගිය දිනවල කොළඹ නැවත කුණු එකතු වෙනවා ය කියලා මහින්දගේ අය කෑගහපු හැටි. මහින්දට මේවාට තිබුණේ මිලිටරි විසඳුම්. ඒ කියන්නේ හමුදාව දාලා කුණු අද්දවන එක. එහෙම නෙමෙයි, මේවාට චිරස්ථායී විසඳුම් ලබා දෙන්න නම් ආයතන පද්ධතිය ශක්තිමත් කළ යුතුව තිබෙනවා. 

අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රීයකරණය පිළිබ සමාජයේ දැවැන්ත ආකල්ප වෙනසක් ඇති කළ යුතුයි. එසේම, මේ කාරණා සම්බන්ධයෙන් නීති ද දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. හැබැයි, මේ ඔක්කොට ම කලින් අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය විධිමත් කළ යුතුයි. 

ලංකාවේ සංචාරක කර්මාන්තය, ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම, සෞඛ්‍යය, සනීපාරක්ෂාව, පරිසරය වැනි කාරණා රැසකට මෙම විෂය සම්බන්ධ නිසා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය මේ කෙරෙහි යොමු කරවන්න අපි උත්සාහ කරමු. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-08-26

ඝාතන සංස්කෘතිය ගැන වැඩිදුරටත්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වූ ජානක බණ්ඩාර ඒකනායක හා සිසිත ප්‍රියංකර යන සිසුන් දෙදෙනා 2012 සැප්තැම්බර් 27දා ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී මිය ගිය හ. ඔවුන්ගේ මරණවලට හේතුව මෝටර්සයිකල් අනතුරක් බව පොලිසිය පවසයි. එහෙත්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම මරණ ඝාතන බව දැඩිව අවධාරණය කරයි. ඒ පිළිබඳ සාධක රැසක් ද ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබේ.

මෙම මරණ පිළිබඳ මෙවැනි බරපතල සැකයක් මතු වී තිබෙන මෙම සන්දර්භය තුළ ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම අනිවාර්යයෙන් ම කළ යුතු ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මුල් අවස්ථාවක් වූ ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වූ ලලිත් කුමාර වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදහන් වූයේ 2011 වසරේ මානව හිමිකම් දිනය වෙනුවෙන් යාපනයේ මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් සිටියදී ය. පසුව ඔවුන් ගමන් ගත් යතුරු පැදිය කෝපායි පොලිසියේ තිබී හමුවීම විශේෂත්වයක් විය. ආරක්ෂක අංශ ඔවුන් නීති විරෝධී ලෙස රඳවාගෙන සිටින බව පෙරටුගාමී පක්ෂය කලක් තිස්සේ පැවසී ය. එහෙත්, ඔවුන් ආපසු ආවේ නැත.

මොවුන් දේශපාලනයට සම්බන්ධ අයයි. එහෙත්, 2013 වර්ෂයේ සැප්තැම්බර් 2දා සුදු වෑන් රියකින් පැහැරගෙන යාමෙන් පසු අතුරුදහන් වූ අනුරාධපුරයේ මදුෂ්ක හරිස් ද සිල්වා කිසිදු දේශපාලනයකට සම්බන්ධ අයෙක් නො වේ. සිය සැමියා සොයා දෙන්නැයි ඔහුගේ බිරිය හා දරු දෙදෙනා අදත් මහ මග සිට උද්ඝෝෂණය කරති.

උතුරේ සිදු වූ මෙවැනි ඇතැම් ඝාතන හා අතුරුදහන් කිරීම් ආවරණය කළේ කොටි සංවිධානය නැවත පණගන්වනවා ය යන තර්කයට ය.

මේ කුමන නම් ඝාතන සංස්කෘතියක් ද? ඒ ගැන පරීක්ෂණ පවත්වා, නූතනත්වයට කිසි සේත් අනුගත නැති මේ ම්ලේච්ඡ සංස්කෘතිය අවසන් කළ යුතු ය. එය පැතිරවූවන්ට දඬුවම් කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

නීති විරෝධී අණ ක්‍රියාත්මක කළ අයට වඩා දඬුවම් ලැබිය යුතු වන්නේ ඒ අණ දුන් අයයි

ප්‍රගීත් එක්නැලිගොඩ සහෝදරයා පැහැරගෙන ගොස් අතුරුදහන් කළ බව පිළිගන්නට මම ද මුලදී කැමැත්තක් නො දැක්වූයෙමි. 

සාමාන්‍ය විරුද්ධ පක්ෂ දේශපාලනයක් කළ, කැරැලි-කුමන්ත්‍රණ සම්බන්ධයක් නො තිබුණු, එතරම් අභියෝගාත්මක මාධ්‍යකරණයක ද නො නියැලුණු ඔහු මරා දැමීමට හේතුවක් මට නම් තේරුම් ගත නො හැකි විය. 

එහෙත්, දැන් හෙළිදරව් වන තොරතුරු අනුව, එවැනි අහිංසකයන් පවා මරා දැමීමේ ලේ පිපාසයකින් පෙලුණ නායකත්වයක් රට පාලනය කළ බව දැන් පැහැදිලි ය. 

ආරක්ෂක අංශවල ඉහළ අනුග්‍රහයකින් තොරව මෙවැනි දඩ බල්ලන්ට පැවැත්මක් නොමැත. එමෙන් ම, මෙවැනි පැහැරගැනීමක් ගැන තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ වැනි අයෙකුට ඉතා පහසුවෙන් සොයා ගත හැකි ය. 

ප්‍රගීත් පැහැරගත් සමයේ රට අරාජික වී තිබුණේ නැත. එපමණක් නොව, ආරක්ෂක අංශ තිබුණේ දැඩි මධ්‍යගත පාලනයක් තුළ ය. එහෙයින්, එදා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පැහැදිලිව ම මෙම සිද්ධියට වගකිව යුතු ය. 

නීති විරෝධී අණ ක්‍රියාත්මක කළ අයට වඩා දඬුවම් ලැබිය යුතු වන්නේ ඒ අණ දුන් අයයි. 

ඒ අණ නිකුත් වී තිබෙන්නේ මහා මිනීමරු සංස්කෘතියකින් බව දැන් ඉතා පැහැදිලි ය. එය වනාහි මරා දැමීමෙන් සතුටු වූ සංස්කෘතියකි. ඒ සංස්කෘතිය ආරක්ෂක අංශව ඉහළ සිට පහළට විහිද තිබූ බව පෙනේ. 

දෙමළ මිනිසුන් මරා දමද්දී මෙන් ම අපරාධකරුවන් ලෙස හංවඩු ගසන ලද මිනිසුන් ‘ආයුධ පෙන්නන්නට රැගෙන යද්දී' ද සිංහල මහා සමාජය එම ක්‍රියා අනුමත කළේ ය. එහෙයින් මේ ඝාතන සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතියේ ද අංගයක් විය. සමස්ත සමාජය ම පාහේ මිනීමැරීමෙන් සතුටු වන ම්ලේච්ඡයන් පිරිසක් බවට පත්ව සිටිය හ. 

අප වෙනස් කළ යුතුව තිබෙන්නේ ඒ මිනීමරු සංස්කෘතියයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-08-25

The Practice and Theory of Bolshevism

රුසියානු විප්ලවය විසින් දල්වාලන ලද නව ලෝකයක් පිලිබඳ බලාපොරොත්තු වලින් මහත් සේ ප‍්‍රබෝධයට පත්ව සිටි චින්තකයෙකු වූ බර්ට‍්‍රන්ඞ් රසල්ට, 1920 වසරේදී සෝවියට් දේශය කරා බි‍්‍රතාන්‍ය කම්කරු පක්ෂයේ දූත කණ්ඩායමක් කල සංචාරය හා එක්වන්නට අවස්ථාවක් ලැබුණි. මෙම සංචාරය, බොල්ෂෙවික්වාදයේ භාවිතය සහ මාක්ස්වාදී න්‍යාය සම්බන්ධ ඔහුගේ අදහස්වල තීරණාත්මක සන්ධිස්ථානයක් විය.

එම සංචාරයේ අත්දැකීම් මත පදනම්ව ලියැවුණු මෙම කෘතිය, සෝවියට් රුසියාවේ එදිනෙදා ජීවිතයත්, පාලනය ගෙනයාමේදී බොල්ෂෙවික්වරුන් මුහුණ දුන් අභියෝගයනුත්, එ්වා ජයගැනීමට ඔවුන් ගන්නා කි‍්‍රයාමාර්ගත් පිලිබඳව ඉන් පෙර රුසියාව වෙත සංචාරය කල කිසිවෙකුත් නොපැවසූ විස්තරයක් ඉදිරිපත් කරයි.

සමාජවාදය බිහිකිරීම නම් කාරණයේදී බොල්ෂෙවික්වරුන් සැපයූ ආදර්ශයත්, ඔවුන්ගේ අසාර්ථකත්වයන්ගෙන් පාඩම් ඉගෙන ගැනීමේ වැදගත් කමත් අවධාරණය කෙරෙන මෙම විග‍්‍රහය රසල් සිදු කරන්නේ ඔවුන්ගේ න්‍යායද තියුණු විශ්ලේෂණයකට ලක් කරමිනි.

පොත මේ සතියේ පිට වේ. එහි කතුවරයා අප මිත්‍ර නිශාන්ත කුලරත්නයි. විස්තර ඔහුගෙන් දැන ගත හැකි ය. nishanthaku@gmail.com

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-08-22

මෙතනින් එහාට දේශපාලනය...................................?

ඡන්දය නිම වී දින කීපයකි. දේශපාලන ඩීල්කරුවන් එළියට බැස සිටිති. විශේෂයෙන් ම සන්ධාන හා එජාප ජාතික ලැයිස්තු තුළ ඩීල් දේශපාලනය කැපී පෙනේ. 

ඩීල් දේශපාලකයන්ට තිබෙන්නේ පෞද්ගලික අරමුණු මිස පොදු අරමුණු නො වේ.

එජාප හා ශ්‍රීලනිප අතර ජාතික ආණ්ඩුවක් නිර්මානය වෙමින් තිබේ. වසර දෙකක කාලයක් ඔවුන්ට සිය ‘වැඩපිළිවෙල' දියත් කරන්නට විවේචනාත්මක සහයෝගය දිය යුතු ය. 

එජාප ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති හා ශ්‍රීලනිප රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්තිවල සම්ප්‍රයුක්තය ලෙස ලංකාවේ සැලකිය යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ හෝ සංවර්ධනයක් හෝ ආයෝජකයන් ආකර්ශනය වීමක් හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉත සිතින් අපේක්ෂා කරන අන්දමට නව ලිබරල් ආර්ථිකයක් ඔස්සේ දිළින්දන්ට කෙළවීම හෝ සිදු වන්නේ නැත. ලංකාවේ තව දුරටත් පවතිනු ඇත්තේ මැද මාවතේ අසාර්ථක ආර්ථිකයකි. මේ සන්ධානයේ අවසානය දැඩි ආර්ථික අර්බුදයක් ඔස්සේ දෙවසරකින් පමණ සටහන් වන පරිදි මහින්ද රාජපක්ෂ ආර්ථික විනාශයේ ගුලිය අඹරා තිබේ. ඔහු හා ඔහුගේ අන්තේවාසිකයන් සිදු කළ අපරාධවලට නියමිත දඩුවම් ලබා දිය යුතු ය. නැතිනම් දෙවසරකින් පසු ජාතිවාදය අමෝරාගෙන ඔහු නැවත නැගිටින්නට ඉඩ තිබේ. 

ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම අනිවාර්ය ය. හෙට ජවිපෙ හෝ පෙසප හෝ ආණ්ඩුවක් බිහි වුණත් කළ හැකිව තිබෙන්නේ එය පමණි. මේ කිසිවෙක් වෙනත් විසඳුමක් යෝජනා කර හෝ නැත. 

ලිබරල් ආර්ථිකයක් වෙනුවෙන් පෙනී සිටින්නේ එජාප පමණි. එහෙත්, මතභේදයට තුඩු දිය හැකි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරන්නට පෙර ආර්ථිකය ස්ථාවර කරන්නට ක්‍රම සොයා ගත යුතුව තිබේ. එහෙත්, එසේ කරන්නේ කෙසේ ද යන්න කවුරුවත් දන්නේ නැත. 

ආණ්ඩුවෙන් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉටු කර ගැනීම ගැන බලාපොරොත්තු තැබිය හැකි ය. ව්‍යවස්ථා සංශෝධන හා ආයතන පද්ධතිය ශක්තිමත් කිරීම ඔස්සේ වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කළ හැකි ය. බලය බෙදා ගැනීම ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය තව දුරටත් ශක්තිමත් කිරීමට පුරවැසියන් ලෙස අප උත්සාහ කළ යුතු ය. 

හෙට දවසේ අභියෝගවලට මුහුණ දෙන්නට නැවත වරක් බාහිර පක්ෂ ශක්තිමත් කරනවා වෙනුවට පුරවැසි බලවේග ඒ වෙනුවෙන් පෙරමුණ ගන්නට ක්‍රම සකසා ගත යුතුව තිබේ. සරළව කිව්වොත්, ප්‍දුප්පත්, පොහොසත් භේදයකින් තොරව, රටට ආදරය කරන මිනිසුන්ට දේශපාලනයට පිවිසෙන්නට දොරටු විවර කරන භාවිත ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත දේශපාලන ව්‍යාපාරයක් ගැන අප සිතිය යුතු ය. 

අප මේ පිළිබඳව සමාජ ජාලයක සංවාදයක් ආරම්භ කළ විට කිසිවෙක් ප්‍රජාතන්ත්‍රවාදය අර්ථකථනය කරන්නැයි කියා සිටියේ ය. ප්‍රජාතන්ත්‍රවාදය අර්ථකථනය කර ගැනීම ද ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයක් ඔස්සේ සිදු විය යුතු ය. කොටින් ම ප්‍රජාතන්ත්‍රවාදය ජීවන භාවිතාවක් කර ගත යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ජවිපෙ නො කළ යුතුව තිබුණේ කුමක් ද?

ජනතා විමුක්ති පෙරමුණට ලැබුණු ඡන්ද ප්‍රතිඵලය පිළිබඳ මේ වන විට පුළුල් සංවාදයක් ඇති වී තිබේ. තමන් මීට වඩා ප්‍රතිඵලයක් අපේක්ෂා කළ බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක නිල වශයෙන් පැවසී ය. එහෙත්, මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේදී ජවිපෙ බලාපොරොත්තු වූ ප්‍රතිඵලයට වැඩි ප්‍රතිඵලයක් ඔවුන්ට ලැබී තිබෙන බව සිතන්නට සාධක තිබේ.

ජවිපෙ නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තුවේ සිටියේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් පමණි. ජවිපෙ 2004 මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු ආසනයක් සමග ආසන හතරක් දිනා ගත්තේ සරත් ෆොන්සේකා සමග සන්ධානගතව තරග කිරීමෙනි. පසුව අජිත් කුමාර මන්ත්‍රීවරයා පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග කැඩී ගියේ ය.

නාමයෝජනා භාර දෙන විට ඔවුන්ට තිබුණු ගණනය කිරීම අනුව එක් ආසනයක් හෝ ලබා ගැනීමේ විශ්වාසය තිබුණු කොළඹ දිස්ත්‍රික්කයෙන් අනුර කුමාර දිසානායක හා ලාල් කාන්ත ඉදිරිපත් වූ හ. ජවිපෙ ඉදිරි පෙළ නායකයන් දෙපළ වන මේ දෙදෙනා ම කලින් කුරුණැගල හා අනුරාධපුර දිස්ත්‍රික්වලින් තරග කර තේරී පත් වූ අයයි. සුනිල් හඳුන්නෙත්ති මාතරට පිටමං කරනු ලැබුවේ අසාධාරණ අන්දමිනි. ඔහුට මැතිවරණයට සූදානම් වීමට හෝ කාලයක් නො ලැබිණි. ඔහු යැවුණේ පරාජය වීම සඳහා ය. නායකත්වය වෙනුවෙන් හිස දන් දීම සඳහා ය.

ඉතා මධ්‍යගත, සංවෘත පක්ෂයක් වන ජවිපෙ සිය ජාතික ලැයිස්තුව පාක්ෂික නො වන සිවිල් සමාජ නායකයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයන්, කලාකරුවන් ආදී පිරිසකට විවෘත කිරීමට ජවිපෙ ගත් මෙවර ජවිපෙ අලෙවියට තබන ලද ප්‍රධාන තේමාවයි. මොවුන්ගෙන් වැඩි දෙනෙක් දේශපාලන ක්‍රියාකාරිකයෝ නො වූ හ. දේශපාලන ක්‍රියාධරයන් වූ නිර්මාල් රංජිත් දේවසිරි, ලියනගේ අමරකීර්ති වැනි ජවිපෙ හිතවාදී බුද්ධිමතුන් මෙම ලැයිස්තුවට ඇතුළත් නො කරන්නටත් ජවිපෙ පරිස්සම් විය. උගත්, බුද්ධිමත් පිරිසක් මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බව ජවිපෙ ප්‍රවර්ධනය කළේ ය. උපාධිය අතහැර විප්ලවීය දේශපාලනයට සිසුන් කැඳවන ජවිපෙ තමන්ගේ අපේක්ෂකයන් උපාධිධාරීන් බව අවධාරණය කළේ ය.

එසේම, ශක්තිමත් විපක්ෂයක් හදන්නට තමන්ට ඡන්දය දෙන්නැයි ද ජවිපෙ ඉල්ලා සිටියේ ය. ජවිපෙ සම්ප්‍රදායික පදනම වන පීඩිත ජනයා වෙනුවට ජවිපෙ මෙවර ඉලක්ක කළේ මධ්‍යම පංතියයි. විශේෂයෙන් ම, ජවිපෙ ක්‍රියාධරයන්ගෙන් විශාල පිරිසක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග කැඩී යාමෙන් පසු, බිම් මට්ටමේ ශක්තිය හීන වූ ජවිපෙ වැඩිපුර යොමු වී සිටියේ මධ්‍යම පංතිය වෙතයි.

මේ කුමන උපායමාර්ගය අනුගමනය කළත්, මහ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මුල් වටයේදී ජවිපෙ අසාර්ථක වෙමින් තිබිණි. ජවිපෙ රැස්වීම් වේලෙන ඡායාරූප සමාජ ජාලවල පල වන්නට පටන් ගැනීමත් සමග ජවිපෙ කුඩා රැස්වීම් පැවැත්වීම අත්හිටවන්නට පියවර ගත්තේ ය. ඇදි ඇදී යමින් සිටි ජවිපෙ මහ මැතිවරණ ව්‍යාපාරයට තල්ලුවක් ලැබුණේ නිර්මාල් රංජිත් දේවසිරි ප්‍රමුඛ යහපාලන ව්‍යාපාරයේ සිටි බුද්ධිමතුන් පිරිසක් ජවිපෙට ඡන්දය දෙන්නැයි ව්‍යාපාරයක් දියත් කිරීමත් සමගයි. ඉන් පසු අලුත් පරපුර ද ජවිපෙට සහයෝගය දෙන්නට ඉදිරිපත් විය. මධ්‍යම පංතික කොටස් අතර ජවිපෙට රැල්ලක් ඇති වන බවක් පෙනිණි. එහෙත්, මේ රැල්ල වනාහි ජවිපෙ සමාජ ජාල ක්‍රියාකාරිකයන් විසින් නිර්මානය කරන ලද කෘත්‍රිම එකකි. භයානක ම තත්වය වූයේ ජවිපෙ තමන් විසින් නිර්මානය කරන ලද ප්‍රබන්ධයෙන් තමන් ම මෝහනය වීමයි.

ජවිපෙ මැතිවරණ ප්‍රචාරණය බිම් මට්ටම තෙක් විහිදුණේ නැත. කුඩා ප්‍රමාණයේ රැස්වීම් පැවැත්වීම, ගෙන් ගෙට කැන්වසිං යාම වැනි බිම් මට්ටමේ ක්‍රියාකාරිත්වයන් වෙනුවට ජනමාධ්‍ය ඔස්සේ ජනතාව ඇමතීම කෙරෙහි ජවිපෙ වැඩි බරක් තැබුවේ ය. ඉහළ මට්ටමේ ප්‍රචාරණය හා බිම් මට්ටම අතර තුලනයක් පවත්වාගෙන යාමේ වැදගත්කම කෙරෙහි ජවිපෙ අවධානය යොමු කළේ නැත. ජවිපෙට මෙවැනි ම ප්‍රතිඵලයක් අත් කර දුන් ඌව පළාත් සභා මැතිවරණයේ අත්දැකීම ජවිපෙ සැලකිල්ලට ගත් බවක් පෙනෙන්නට නො තිබිණි.

අනෙක් පැත්තෙන් ජවිපෙ බිම් මට්ටමේ සංවිධාන ජාලය මේ වන විට අන්තයට ම පිරිහී ඇත. ජවිපෙ ඇත්ත ශක්තිය තිබුණේ එතනයි. 2000 මහ මැතිවරණයේදී ආසන 10ක් ද, 2001 මහ මැතිවරණයේදී 9%කට වැඩි ප්‍රතිශතයක් සමග ආසන 16ක් ද ජවිපෙට දිනා ගත හැකි වූයේ මේ බිම් මට්ටමේ ශක්තිය නිසා ය. ඒ වන විට ජවිපෙ ජාතිවාදය වෙත ආකර්ශනය වී තිබුණේ ද අවම මට්ටමෙනි. මැතිවරණ ජයගැනීම සඳහා කෙටි ක්‍රම කෙරෙහි ජවිපෙ නැඹුරු වන්නට පටන් ගත්තේ 2004 මහ මැතිවරණයේ සිටයි.

ජවිපෙ සංවිධාන ශක්තිය පිරිහී තිබෙන යථාර්ථය වටහාගෙන තිබුණු ජවිපෙ 2015 මහ මැතිවරණයට මුහුණ දිය යුතුව තිබුණේ වෙනස් උපායකිනි. මහින්ද ක්‍රමය පැරදවීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම හා යහපත් රාජ්‍ය පාලනයකට ඇතුළතින් බල කිරීම වැනි උපායමාර්ගයක් අනුගමනය කරමින් එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධානගත වීමේ අවස්ථාවක් ජවිපෙට තිබිණි. අවශ්‍ය නම්, තමන් ඇමති තනතුරු භාර නො ගන්නා බව ද අවධාරණය කරන්නට තිබිණි. මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන්නට ඉඩ සලසා දෙන ගිවිසුමකට එජාප සමග කේවෙල් කරන්නට තිබිණි. එහෙම කර, එක් දිස්ත්‍රික්කයට එක් අපේක්ෂකයකු පමණ බැගින් ඉදිරිපත් කර තරග කළා නම් ජවිපෙට විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමේ අවස්ථාව තිබිණි. එපමණක් නො ව, ආණ්ඩුව ඇතුළතින් ම දුරස්ථ පාලකයක් සවි කර ගන්නට ද තිබිණි. 2020දී සැබැවින් ම රාජ්‍ය බලය ලබා ගැනීමට ජවිපෙ අපේක්ෂා කරනවා නම් ඔවුන් ඇමති තනතුරු දරමින්, සිය හැකියාවන් ප්‍රදර්ශනය කරමින්, අත්දැකීම් ලබා ගන්නවා නම් එය ද නරක නැත.

ජවිපෙ මෙම අවස්ථාව  අහිමි කර ගත්තේ කුමක් නිසා ද? පළමු හේතුව ජවිපෙ තමන්ගේ භූමිකාව තේරුම් නො ගැනීමයි. ජවිපෙ යනු තව දුරටත් සන්නද්ධ ව්‍යාපාරයක් නො වේ. එවැනි සන්නද්ධ කැරැලිකාරී ව්‍යාපාරයකට ශ්‍රී ලංකාවේ නුදුරු අනාගතයේදී අවස්ථාවක් ලැබෙනු ඇතැයි සිතිය නො හැකි ය. ජවිපෙ හා එහි ක්‍රියාකාරිකයන්ගේ ශරීර ද එවැනි කැරැලිකාරී ව්‍යාපාරයකට උචිත තත්වයක නැත. එහෙත්, ජවිපෙ තවමත් සිය සාමාජිකයන් අතර ප්‍රවර්ධනය කරන්නේ ප්‍රායෝගික නො වන විප්ලවීය ජීවන භාවිතාවකි. පක්ෂය වෙනුවෙන් දිවි කැප කර දේශපාලනයට අන් සියල්ලට ම වඩා මුල් තැන දෙන සාමාජිකයාගේ සම්ප්‍රදායික ආදර්ශනයක් මත ජවිපෙ තවමත් පදනම් වී සිටියි.

ජවිපෙ එතනින් ගැලවෙන්නට බියක් දක්වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට බියෙනි. පෙසප ජවිපෙ බිම් මට්ටම කඩා ගත් නමුත් එය තමන් ළඟ තබා ගැනීමට ද අසමත් විය. පෙසපට ඉලක්කම් හතරක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නට හැකි වූයේ හිටපු මන්ත්‍රී අජිත් කුමාර තරග කළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් පමණි. අජිත් කුමාරගේ පදනම වන හබරාදූව ආසනයෙන් ඔහුට ලබා ගත හැකි වූයේ ඡන්ද 206ක් පමණි. පෙසප මූලික පදනම වන කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 500ක්වත් ලබා ගැනීමට එම පක්ෂය අසමත් විය. මනෝරාජික විප්ලවයක් මත පදනම් වී සිටින එවැනි කුඩා කල්ලියකට බියෙන් වැරදි උපායමාර්ග තේරීම ජවිපෙ පැත්තෙන් ගත් කල තේරුමක් නැති තත්වයකි.

සමාජවාදී විප්ලවය පරමාදර්ශය කර ගැනීම වෙන ම තත්වයකි. එහෙත්, ජවිපෙ යනු මෙරට පීඩිත ජනතාව වෙනුවෙන් බලය ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළ සැමදා නිමග්න ප්‍රායෝගික පක්ෂයකි. ජවිපෙ එම තත්වය වර්ධනය කර ගත යුතු ය. දේශපාලන පැවැත්ම තහවුරු කර ගත යුතු ය.

මධ්‍යගත පෙරටුගාමී පක්ෂ මාදිලියෙන් වෙනස් වන්නට ජවිපෙට පක්ෂයක් ලෙස බැරි නම්, පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී බහුජන පෙරමුණක් තුළ හෝ ජවිපෙ ස්ථානගත විය යුතු ය. තමන් වෙතින් ගිලිහී ගිය බලවේග නැවත දිනාගන්නට ජවිපෙ උත්සාහ කළ යුතු ය. ඉදිරි පළාත් පාලන මැතිවරණය අලුත් විදියක දේශපාලනයක් සඳහා ජවිපෙට කදිම අවස්ථාවකි. ජවිපෙ මෙරට දිළින්දන්ගේ, පීඩිතයන්ගේ පක්ෂය ලෙස නැවත ස්ථානගත කළ යුතු ය.

(සත්හඬට ලියූ ලිපියකි)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-08-21

මහ මැතිවරණයෙන් පසු පුරවැසි වගකීම

මැතිවරණයෙන් පසු පුරවැසි සංවිධානයක් විසින් නිකුත් කරන ලද බැනරයකි. 
1994දී එක්සත් ජාතික පක්ෂය පරාජය කර පොදු පෙරමුණ බලයට පත් කරන්නට කලාකරුවෝ, බුද්ධිමත්තු, වෘත්තීය සමිති හා වෙනත් සිවිල් සංවිධාන නායකයෝ විශාල පිරිසක් දායක වූ හ. ඉන් පසු මේ අයගෙන් ඇතැමෙක් තනතුරු, වරප්‍රසාද හා වෙනත් අවස්ථා ලබා ගත් හ. සමාජ නායකයෝ විශාල වශයෙන් මාධ්‍යවලට ලොල් වූ හ. අවසානයේදී රූපවාහිනී තිරයේ කවටයන් බවට පත් වූ හ.

ආණ්ඩු පෙරළියට මුල් වූ සිවිල් සංවිධාන නායකයෝ තනතුරු, වරප්‍රසාද, අවස්ථා හරහා ස්වයංව ම මෙල්ල වී පාලකයන් පාමුල දැවටෙන්නට පටන් ගත් හ. එකිනෙකා සමග පොර වැදුණ හ. තමන්ගේ පෞද්ගලික පැවැත්ම වෙනුවෙන් පාලකයන්ට වන්දිභට්ටකම් කරන්නට පටන් ගත් හ. 1994 බල පෙරළිය ක්‍රම පෙරළියක් නො වූයේ ඒ නිසා ය. අවසානයේදී එදා ජනතා පැතුම වූ ආණ්ඩුව 2014 වන විට අද්භූත සත්වයකු බවට පත් වී තිබිණි.

2015දී මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට පුරවැසි සංවිධාන, වෘත්තීය සමිති, ආගමික නායකයෝ ආදීහු සුවිසල් දායකත්වයක් දුන් හ. දැන් මේ අය ඉදිරියේ ද 1994දී පැවති අභියෝගය ම තිබේ. තනතුරු, වරප්‍රසාද හා වරදාන ලබා ගන්නවා ද? නැතිනම් තමන්ගේ භූමිකාව නැවත අර්ථකථනය කරගෙන ඉදිරියට යනවා ද?

වික්ටර් අයිවන් මහතා විසින් මෑතදී ලියන ලද ලිපියක තේමාව වූයේ නායකයන්ගේ පුංචිකමයි. රටට ලොකු නායකයන් අවශ්‍ය ය. එහෙත්, නායකත්වයට පත් වන මිනිස්සු රටේ අවශ්‍යතාවට සාපේක්ෂව පුංචි වැඩි ය.

දේශපාලන නායකත්වය වෙනුවෙන් අපි දැන් පිරිසක් තෝරා පත් කරගෙන තිබේ. ඡන්දයෙන් තේරී පත් වී සිටින අපේක්ෂකයන් දෙස බලන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයත්, එජාපත් අතර සටන හරියට හොඳ හා නරක අතර ගැටුම ගැන කියවෙන සුරංගනා කතාවක් වැනි ය. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දුන් අය වැඩිපුර සලකා බලා තිබෙන්නේ අපේක්ෂකයා කෙතරම් මහින්දවාදියකු ද යන කරුණයි.

සන්ධානයෙන් ජය ගත් අපේක්ෂකයන්ගෙන් බහුතරය අන්ත දූෂිතයෝ ය. නීති විරෝධී මත්පැන් හා හෙරොයින් චෝදනා ලැබුවෝ ය. ස්ත්‍රී ධූර්තයෝ ය. සොරු ය. රත්නපුර දිස්ත්‍රික්කයෙන් වැඩි ම මනාපයෙන් පත් වූයේ ජනාධිපතිවරණ සමයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආධාරකරුවකු මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවෙකි.

මේ මහින්දවාදී විපක්ෂය සුළුපටු එකක් නො වේ. එය සෑහෙන ජනවරමක් ලැබූ එකකි. එම ජනවරම ලැබෙන්නේ ඒකාධිපති, වැඩවසම්, පසුගාමී, දූෂිත පාලන ක්‍රමයකට පක්ෂවයි. මේ රටේ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් තවමත් ඔවුන් සමග සිටින බව අපි අමතක නො කළ යුතු ය. තමන් ඉතා ඉක්මණින් නැවත බලය අල්ලන බවට ඡන්දයට පසුදා සිට ම ඔවුහු වහසි බස් දොඩති.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් එජාප ආණ්ඩුව සමග එක් වනු ඇත. නව රජය ස්ථාවර වනු ඇත. එහෙත්, එයට එරෙහි කුමන්ත්‍රණ අවසන් වන්නේ නැත. යහපාලනය වෙනුවෙන් ආණ්ඩුව ලැබූ ජනවරමට එරෙහි අයුක්ති සහගත, බලලෝභී කුමන්ත්‍රණ පැරදවීම සඳහා ආණ්ඩුවට ජනතා සහයෝගය අවශ්‍ය ය.

එසේම ආණ්ඩුව ඉදිරියේ දිග මහජන න්‍යාය පත්‍රයක් තිබේ. අපට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය ය. පුද්ගල නිදහස අවශ්‍ය ය.

ජාතිවාදයට වැට බැඳිය යුතු ය. ජාතික, ආගමික, කුල ආදී වෙනස් අනන්‍යතා ප්‍රකාශ කරන ප්‍රජාවන්ට සම තැන හා සංහිඳියාව ඇති කළ යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන පරිදි බලය බෙදීම සඳහා පියවර ගත යුතු ය.

අපේ පාලකයන් සොරුන්, අවස්ථාවාදීන් නො වන, ජනතාවට සවන් දෙන, ජනතාවට නායකත්වය දෙන්නට හැකි මහජන සේවකයන් වනවා දකින්නට අවශ්‍ය ය.

අපේ නායකයෝ ජනතාව අතර බහුභාණ්ඩිකත්වය හා කාමසුඛල්ලිකානුයෝගය ප්‍රවර්ධනය කරනවා වෙනුවට සැපවත්, රසවත්, නිරෝගී, අර්ථවත් ජීවිත ප්‍රවර්ධනය කරන්නනෝ විය යුතු ය.

ඒ වෙනුවෙන් මනා ආර්ථික සැලැස්මක් දියත් කළ යුතු ය. අධික ලෙස ණය ගනිමින් සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් මහා පරිමාණ දූෂණයක යෙදෙනවා වෙනුවට රටට ගැලපෙන සංවර්ධ සැලැස්මක් සකසා ගත යුතු ය.

මෙරටට ආයෝජකයන්, සංචාරකයන් අවශ්‍ය මුත්, ආර්ථිකය හැඩගැස්විය යුත්තේ ඔවුන් වෙනුවෙන් නො වේ. මේ රටේ ජනතාවට ගැටලු ඇති කරන ආයෝජන ව්‍යාපෘතිවලට අත නො ගැසිය යුතු ය.

පෞද්ගලික අංශයට ආර්ථිකයේ සම අවස්ථා ලබා දිය යුතු ය. එහෙත්, රජය මනා නියාමනයක් පවත්වාගෙන යා යුතු ය.

අසාධාරණ බදු නො පැනවිය යුතු ය. සමාජ සංවර්ධනයට ඉවහල් වන සුබසාධන සේවා විධිමත් කළ යුතු ය. ඒවායේ ඵලදායිතාව ඉහළ නැංවිය යුතු ය.

ජනතාවට සංස්කෘතික වශයෙන් උසස්, වින්දනාත්මක ජීවිතයක් ගත කිරීම සඳහා අවස්ථා උදා කර දිය යුතු ය.

පරාජිතයන්ගෙන් පලිගැනීම හොඳ දෙයක් නො වේ. එහෙත්, පසුගිය කාලයේ කරන ලද මහා අපරාධ හා වංචා, දූෂණ ගැන විමර්ශනය කළ යුතු ය. මහජනතාවගෙන් පැහැර ගන්නා ලද දේපල ආපසු ලබා ගත යුතු ය.

රජය ජනතාවත් සමග අඛණ්ඩ මහජන සංවාදයක් පවත්වාගෙන යා යුතු ය. මන්ද, ඉහත දක්වන ලද ක්‍රියාමාර්ග පහසු ඒවා නො වේ. එසේම, ඒ හැම එකක් ම ජනප්‍රිය වන්නේ ද නැත. කරන හැම දෙයක් ම රට විකුණන, සිංහල ජාතිය නසන, බටහිර ගැති, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ යයි කියන්නට දත මැද ගත් ජාතිවාදී, අවස්ථාවාදී විපක්ෂයක් බලයට පත් වී තිබේ. ඔවුන්ට පහසුවෙන් කිති කැවිය හැකි කිරිපල්ලක් සහිත ජනතාවක් ද සිටිති.

පුරවැසි සංවිධාන හා පුරවැසි නායකයන් වැදගත් වන්නේ මෙතැනදී ය. අවශ්‍ය දේ කිරීමටත්, අනවශ්‍ය දේ නො කිරීමටත් ආණ්ඩුව මෙහෙයවිය හැක්කේ ශක්තිමත් පුරවැසි නායකත්වයකටයි. එසේම, යහපාලනය සඳහා අවශ්‍ය මහජන සංවාදය පවත්වාගෙන යාමෙහිදී ද පුරවැසි සංවිධාන ඉතා වැදගත් ය.

අපට සමාජ නායකයන් අවශ්‍ය ය. සිටින නායකයන් රැක ගත යුතු ය. වැඩි වැඩියෙන් නායකයන් බිහි කර ගත යුතු ය. තමන් විසින් ගොඩනගා ගන්නා ලද තත්වය රැක ගැනීමේ බරපතල වගකීමක් පුරවැසි නායකයන්ට තිබේ.

1994දී වුණා සේ පුරවැසි නායකයන් පුරවස්සන් බවට පත් වීම ද, බුද්ධිමතුන් බුදිමතේ ගිලීම ද, කලාකරුවන් නලාකරුවන් වීම ද, සිවිල් සංවිධාන තමන්ට තමන් ම බෙදා ගන්නා සවල් සංවිධාන වීම ද වළක්වා ගත යුතු ය. 1994ට පෙර යුගයේදී රාජ්‍ය බලයට පිටින් බිහි වූ මහා පෞරුෂයන් 1994න් පසු දේශපාලකයන් පාමුල නලියන නිකම් ම නිකම් නරපණුවන් බවට පත් වූ ඛෙදවාචකය නැවත සිදු වීමට ඉඩ නො තැබිය යුතු ය.

ආණ්ඩුකරණයට උදව් කළ යුතු බව ඇත්තකි. එහෙත්, පුරවැසි නායකයන් ලෙස භූමිකාව තෝරා ගත් අයට දැන් ඒ වගකීම අත්හැර දැමිය නො හැකි ය. නායකයන් පුංචි වෙන්නට නො යා යුතු ය. ආණ්ඩුවට පිටින් පුරවැසි බලවේග තවත් ශක්තිමත් කළ යුතු ය. ගමින් ගම ඒවායේ ශාඛා ව්‍යාප්ත කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-08-20

දේශප්‍රේමී හා මාක්ස්වාදී චව් චව්ලාට ටයි මාමාගෙන් සෙනෙහසින්

උතුරට කණ දීගෙන බෝම්බ පුපුරනවා ද අසා සිටින, හීනෙන් ඩයිනමයිට් පෙනෙන මිනිසෙක් ඔබ අසල සිටින්නේ නම් ඒ වනාහි ‘දේශප්‍රේමියෙකි'. 

යූඇන්පීකාරයන් හොරකම් කරනතුරු හා ආර්ථිකයට කෙළ වී ජනතාව කන්න බොන්න නැතිව හාමත් වනතුරු බලා සිටින කෙනෙක් සිටියි නම් ඒ අනිවාර්යයෙන් ම 'මාක්ස්වාදියෙකි'. 

පළමුවැන්නා මහින්දට කෙළින් ලව් කරයි. දෙවැන්නා හොරෙන් ලව් කරයි. 

ඔබට ටයිටස් තොටවත්තයන් විසින් හඬකවන ලද දොස්තර හොඳහිත මතකද? එහි චව් චව් කියා චරිතයක් සිටියා මතක ද? 

චව් චව් නිතර කියන දෙයක් වන්නේ “මං කිව්වනෙ. ඕක හරියන්නෙ නැහැ," යන්නයි. ඉහත දක්වන ලද දේශප්‍රේමියෝ හා මාක්ස්වාදියෝ ද නියම චව් චව්ලා ය. 

වාමාංශික හා දේශප්‍රේමී චව් චව්ලා වෙනුවෙන් අපි මේ ගීය බෙදා දෙන්නෙමු. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

පෙසප විසින් ජවිපෙ නැටවීම හෙවත් වලිගය විසින් බල්ලා වැනීම

මෙවර මහ මැතිවරණය ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර වෙනස පෙන්වූ අවස්ථාවකි. 

ජවිපෙ ඡන්ද ලක්ෂ පහකට වඩා ලබා ගත් අතර පෙසප ඡන්ද දහදාහක්වත් ලබා ගත්තා ද නො දනිමි. පෙසප ඉලක්කම් හතරේ ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් එක ම දිස්ත්‍රික්කය ඔවුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සිටි ගාල්ලයි. ඔවුන් පදනම් වී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ ඔවුන්ට ඡන්ද 500ක්වත් නැත. 

දේශපාලන පක්ෂයක වැදගත්කම මැනීම සඳහා තිබෙන එකම නිර්ණායකය ඡන්ද පදනම නො වේ. එහෙත්, දිළිඳු හා පීඩිත ජනයා අතර ජනප්‍රිය වාමාංශික පක්ෂයක් වූ ජවිපෙ යටිතලය බිඳ දමා පෙසප විසින් නිර්මානය කර තිබෙන දෙය කණගාටුදායක ය. පෙසප පසුගිය වසර කීපයක මහා සංවාදය තුළ ජවිපෙන් බිඳී ආ කේඩරය දිය කර හැරියේ ය. ඉන් පසු ඡන්දය ඉල්ලීම ප්‍රධාන කාර්යය බවට පත් කර ගත් කුඩා කල්ලියක් නිර්මානය කරගෙන තිබේ. යම්, යම් කුඩා ජාත්‍යන්තර සංවිධාන සමග සම්බන්ධ නව සමසමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය හා සමාජවාදී සමානතා පක්ෂය වැනි ව්‍යාපෘති පක්ෂයක් බවට පත් වීමේ ලක්ෂණ දැන් පෙසප වෙතින් මතු වී තිබේ. වත්මන් සංකීර්ණ සංදර්භය තුළ මෙවැනි පක්ෂයකට සිය විප්ලවීය ෆැන්ටසිය නඩත්තු කර ගැනීම සඳහා එය ප්‍රමාණවත් විය හැකි ය. 

හිරු කණ්ඩායම මෙවැනි තෘප්තිමත්, මූලධාර්මික වශයෙන් සුපිරිසිදු, දේශපාලනික කන්‍යාවන්ගෙන් සැදි ආගමික කල්ලියකට කදිම උදාහරණයකි. ඔවුන් සිතන පරිදි ඔවුන්ට කිසිදා වරදින්නේ නැත. මන්ද, ඔවුන් වැඩ කරන්නේ ද නැත.  කලකට ඉහතදී රෝහිත භාෂණ මෙවැනි කල්ලි හැඳින්වූයේ කාමලයිට් නිකාය පන්නයේ කණ්ඩායම් ලෙසයි. 

අපට කුමන විවේචන තිබුණත්, ජවිපෙ ඒ අතින් ගත් කල ඉතා ප්‍රායෝගික පක්ෂයකි. ඒ පක්ෂය පෙසප දෙස බලාගෙන පෙසප අතින් විවේචනය විය නො හැකි තීරණ ගන්නට යාම සමාන වන්නේ වලිගය විසින් බල්ලා වැනීමටයි. 

ජවිපෙට පාර්ලිමේන්තු බලය ඉතා වැදගත් බව ජවිපෙ නායකයන්ගේ ප්‍රකාශ හා සාමාජිකයන්ගේ හඬා වැලපීම්වලින් පෙනේ. පාර්ලිමේන්තු බලය වෙනුවෙන් අනුගමනය කළ යුතුව තිබුණු හොඳ ම උපායමාර්ගය වන්නේ එක්සත් ජාතික පක්ෂය සමග කොන්දේසි සහිත සන්ධානයකට යාමයි. එහෙම කළා නම් ජවිපෙ ඉතා ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ගොඩනගා ගන්නවා නිසැක ය. පෙසපෙන් ආ විවේචනය මූලික කරගෙන අපි නම් කිසිදාක ධනපති පක්ෂ සමග සන්ධානගත නොවෙමු යි කළ ශපථ කිරීමේ අරුත්සුන්බව දැන්වත් ඔවුන් තේරුම් ගත යුතු ය. 

දේශපාලන පාරිශුද්ධත්වයට වඩා අද දවසේ දේශපාලනික පැවැත්ම සඳහා අවශ්‍ය වන්නේ උපායශීලිත්වයයි. 

එසේම, වර්තමානයේ පක්ෂ දේශපාලනයට වඩා වැදගත් වන්නේ අරමුණු වෙනුවෙන් දේශපාලනය කිරීමයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-08-19

ජනතාවට පෙම් කිරීම හෝ වෛර කිරීම දේශපාලනය නො වේ

අජිත් පැරකුම් ජයසිංහ වන මම 1989 මැයි මාසයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කිසිදු කාර්යයක යෙදී නැත. ඉන් පසු වසර පහක පමණ කාලයක් හිරු කණ්ඩායමේ ක්‍රියාකාරිකයකු වී සිටියෙමි. පසුගිය වසර 20ක පමණ කාලයක් මා සිටියේ නිදහස් මතධාරියකු ලෙස ය. එහෙත් මම හැමදාමත් දේශපාලන ක්‍රියාකාරිකයකු වීමි. විවිධ අවස්ථාවලදී වාම පක්ෂ, කණ්ඩායම්වලට උදව් කර ඇත්තෙමි. 1994, 2004, 2005 වර්ෂවල ජවිපෙ ශ්‍රීලනිපය සමග යද්දී මම එයට උදව් නො කළෙමි. 2005දී මහින්ද වැළැක්විය යුතු ය යන දැඩි මතයේ සිටියත් රනිල්ට උදව් නො කළෙමි. 2010දී එම ස්ථාවරයේ ම සිට ෆොන්සේකාට ද (ජවිපෙ සමග), 2015දී මෛත්‍රීපාල සිරිසේනට හා රනිල් වික්‍රමසිංහට ද උදව් කළෙමි.

මට මගේ අරමුණ ඉතා පැහැදිලි ය. මා පෙනී සිටින අරමුණ වෙනුවෙන් මම හැම විට ම සීයට සීයක් කැප වුණෙමි. එසේ සීයට සීයක් වැඩ නො කිරීම ගැන අවසන් පාඩම ඉගෙන ගත්තේ 2005දී ය. එදා පුරවැසියන් මහන්සි වුණා නම්, අඩු තරමේ ඡන්ද වර්ජනයකට ජනතාව යොමු නො කරන්නැයි කොටි සංවිධානයෙන් ඉල්ලා සිටියා නම්, මහින්ද රාජපක්ෂ නම් ජනාධිපතිවරයකු හා සම්බන්ධ ලේ වැකි දූෂිත ඉතිහාසයක් ලංකාවේ නිර්මානය වන්නේ නැත.

මහ මැතිවරණය සම්බන්ධයෙන් නිර්මාල් රංජිත් දේවසිරි සහෝදරයා මුල් වී දියත් කළ ජවිපෙට ඡන්ද කැඩීමේ ව්‍යාපාරයට එරෙහිව මම දැඩිව පෙනී සිටියෙමි. ජවිපෙට ඡන්දෙ කැඩීමේ ව්‍යාපාරය සාර්ථක වූවා නම් මහින්ද දිනන බව දැන් සක්සුදක් සේ පැහැදිලි ය. පරණ පරපුරේ වාමාංශිකයන් හා අලුත් පරපුරේ කලාකරුවන් ඉල්ලා සිටි පලියට ජනතාව ජවිපෙට ඡන්දය දුන්නේ නැත. ජවිපෙට ලැබුණේ තමන් වැඩ කර ලබා ගත් ඡන්ද ටික පමණි.

එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්නැයි මම විවෘතව ඉල්ලා සිටියෙමි. මහින්ද පැරදවීම සඳහා කළ හැකි එක ම දෙය එය විය. අපි මහින්ද නැවත බලයට එන එක තරමක් දුරට හෝ ස්ථාවරව නැවැත්වූයෙමු. එහෙත්, මහින්ද ගමන නවත්වා නැත. එසේම, මහින්ද විසින් සංකේතවත් කරන ලද මජර දේශපාලන ක්‍රමය ද අවසන් වී නැත. එය මේ රටේ මුල් බැස ගත් එකකි. එය සන්ධානයට පමණක් සීමා වී නැත. එජාපය, ජවිපෙ හා ඉන් පහළ දක්වා ම විහිදී ඇත.

ඡන්දයෙන් පැරදුණු පසු සමාජ ජාල ආදියෙහි වැඩියෙන් ම වියරුවෙන් හැසිරෙන්නේ කවුරුද යන්න අධ්‍යයනය කර බලන්න. මෙතෙක් කලක් කර තබාගෙන නැලවූ ජනතාව දැන් එක පාරට ම බත් කන හරකුන් ලෙස හඳුන්වන්නට ඇතැමෙක් පසුබට වී නැත. මහින්ද පැරදවීමට එජාපෙට ඡන්දය දුන් අය හැඳින්වීමට භාවිතා කරන්නේ වහලුන් යන යෙදුමයි. මා වෙනුවෙන් භාවිතා කරන ලද යෙදුම් ලැයිස්තුවක් මෙසේ ය:

  • දේශපාලන තක්කඩියා
  • දේශපාලන පිම්පියා
  • නාකි මෝඩයා
  • වහලා
  • අලුගුත්තේරුවා
  • එක්සත්ජාතික පක්ෂ ආණ්ඩුවෙන් තනතුරු ගන්න වැඩ කළ අවස්ථාවාදියා

මෙවැනි යෙදුම් ගැන මම පුදුම නොවෙමි. සිංහල - දෙමළ දේශපාලන සමගිය වෙනුවෙන් කළ අරගල නිසා මේ අය ම මීට පෙර අප හැඳින්වූයේ සිංහල කොටි ලෙසයි. තවමත් සමහරු අප ඩොලර් කාක්කන් ලෙස හඳුන්වති. එහෙත් අප සම්බන්ධ වී සිටි එවැනි ඩොලර් ව්‍යාපෘති කිසිවක් හෙළිදරව් කරන්නට තවමත් කිසිවෙකුට බැරි වී ඇත.

මම එජාප සමග යම් සම්බන්ධයක් පවත්වාගෙන ගියෙමි. එහි ප්‍රතිඵලයක් ලෙස ජීවිතේ පළමු වතාවට මට ප්‍රධාන ධාරාවේ පුවත්පත් කීපයකින් ඒවාට ලියන්නැයි ආරාධනා ලැබිණි. මම එම අවකාශය හැකි පමණ භාවිතා කළෙමි. ඒ හැර වෙනත් කිසිදු ගිවිසුමක් අප අතර නැත. අඩු තරමේ අප ලියු ලිපිවලට මුදල් අරගෙන හෝ නැත. අප අතර ඇති වූයේ මිත්‍රත්වයක් පමණි. ඒවා සාමාන්‍ය දේශපාලන මිත්‍රකම් මිස මතවාදීව වෙනස් වූ වහාම මරාගෙන කන වෛරයක් බවට පත් වන වාමාංශික සහෝදරකම් නොවේ.

2005දී ජවිපෙ කළ දෙය වූයේ මහින්ද බලයට පත් කර ඉන් පසු ඔහුට සහයෝගය නො දී සිටීමයි. ජවිපෙට මහින්ද මෙහෙයවන්නට තිබුණු ඉඩ ජවිපෙ පාවිච්චි කළේ නැත. අපට එජාප මෙහෙයවන්නට තරම් බලයක් නැත. එහෙත්, අප විසින් පත් කරන ලද ආණ්ඩුව අතහැර දමා ‘අපි 
ඔවට නැහැ‘ කියන අවස්ථාවාදී ප්‍රතිපත්තියට අප තල්ලු වන්නේ ද නැත. යහපත් දේ කරන්නට ආණ්ඩුවට උපකාර කළ යුතු ය. එසේ ම, විවේචනය ද පවත්වාගෙන යා යුතු ය. අපි ඉදිරියටත් එය කරන්නෙමු. 

මා මෙම සටහනේ පළමු ඡේදය මගේ ෆේස්බුක් වෝල් එකෙහි ලියූ විට මට මෙවැනි ප්‍රතිචාරයක් ලැබිණි. “ඇයි ඉතිං ඕකේ අන්තිම ඡන්දය ගැන ලියලා නැත්තෙ. එජාප වෙනුවෙන් උපරිමයෙන් කැපවුනෙමි කියන්න කැතද? දැම්මම බය වෙලාද? ඒ වුනාට එජප ආණ්ඩුව මින් ඉදිරියට කරන හැම අලු ගුත්තේරු වැඩකටම ඔයත් වග කියන්න ඔනැ. මොකද ඔයාගේ ඡන්දය නිකන් තනි ඡන්දයක් නෙවෙයි. අපි ඒ වෙලාවට ඔයාවත් මතක් කරනවා නොවරදවාම.“

මා එයට දැක්වූ ජ්‍රතිචාරය ද මෙහි සටහන් කරමි. “මා කැප වුණේ එජාප වෙනුවෙන් නො වේ. මහින්ද පැරදවීමේ අරමුණ වෙනුවෙනි. එසේම, ඔබට ජවිපෙ හෝ වෙනත් පක්ෂයක් වෙනුවෙන් කැප වීමට අයිතියක් තිබේ නම් මට එජාප වෙනුවෙන් කැප වෙන්නට ද අයිතියක් ඇති බව තේරුම් ගන්න. මන්ද, මේ පක්ෂ අතර ඔබ හිතන අන්දමේ විඥානවාදී ආගමික වෙනසක් මට නම් නැත. මේවා ඔක්කොම එක ය. එජාප කරන අලුගුත්තේරු වැඩවලට මෙන්ම ජවිපෙ කළ අලුගුත්තේරු වැඩවලට ද මට මුළුමනින් ම වගකියන්නට බැරි ය. එහෙත්, මම ඒ අලුගුත්තේරුකම් වළක්වන්නට මට හැකි පමණින් හැමදාමත් සටන් කරමි.“

වාම දේශපාලන සංස්කෘතියේ මෙම පසුගාමී ලක්ෂණවලට එරෙහිව මම දිගු කලක සිට සටන් කරමි. තම මතවාදය විවේචනය කරන මිනිසුන් බැහැර කිරීම හැර වෙනස් අදහස් ඇති මිනිසුන් සමග එක් වී කටයුතු කිරීමට වම දන්නේ නැත.

පරාජිත වියරු මානසිකත්වයෙන් මිදුණු පසු හෝ වෙනස්කම් සහිත ජනතාව තේරුම් ගන්නට වාමාංශිකයන් උත්සාහ කළ යුතු ය. 

ජනතාවට පෙම් කිරීම හෝ වෛර කිරීම දේශපාලනය නො වේ. අවශ්‍ය වන්නේ ජනතාව තේරුම් ගනිමින්, ඔවුන් අතර හිඳිමින් සමාජය වෙනස් කරන්නට සියුම්ව දායක වීමයි. න්‍යාය ටොන් ගණනින් ඇද බෑවත් ජනතාව ඒ ගැන දන්නේවත් නැත. දේශපාලනයේදී උපායශීලිත්වය ඉතා වැදගත් ය. උපාය නො දැන අපායේ වැටීමෙන් පසු හඬා වැටීම හෝ තමන්ට අපායේ වැටෙන්නට උදව් නො කිරීම ගැන හඬා වැටීම හෝ කොහෙත් ම වැඩක් නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-08-18

කවුරු දිනුම් ද? කවුරු පරාද ද?

මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජය ගන්නා බව මේ වන විට තහවුරු වී තිබේ. 

ප්‍රංශ පුවත් සේවය අමතමින් මහින්ද රාජපක්ෂ පරාජය පිළිගෙන තිබේ. එහෙත් ඔහු හොඳ තරගයක් දුන් බව පිළිගත යුතු ය. එහෙයින් ඔහුගේ කාර්යභාරය අවසන් වන්නේ නැත. විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස හිඳිමින් කොයි මොහොතක හෝ බලය ඩැහැගැනීම සඳහා ඔහු වලි කනු ඇත. 

මහින්ද විරෝධී ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් කඩා ගැනීමට ජවිපෙ සමත් වී තිබේ. අලුතෙන් දිනා ගත් මධ්‍යම පංතික පාවෙන ඡන්ද හැරුණු විට ජවිපෙ ස්ථාවර ඡන්ද පදනම බෙහෙවින් දිය වී ගොස් ඇති බවක් පෙනේ. බොහෝ දිස්ත්‍රික් මට්ටම්වලදී ජවිපෙට දුන් ඡන්ද අපතේ ගොස් තිබේ. එහෙත්, ජවිපෙ සාමාන්‍ය ආසන ගණනක් දිනා ගන්නා බව පෙනේ. මැතිවරණ වෙනුවෙන් මොකක් හෝ ගේමක් ගසා එතෙර වීම හා ජනමාධ්‍යවලට සීමා වීම වෙනුවට බිම් මට්ටමේ වැඩ කිරීම වෙත ජන පදනමක් ඇති එක ම වාමාංශික පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ යොමු විය යුතු ය. 

දෙමළ ජාතික සන්ධානය සිය ජනප්‍රියත්වය තව දුරටත් වර්ධනය කරගෙන ඇති බව ඉතා පැහැදිලි ය. දෙමළ ජනතාව නැවතත් අවධාරණය කර තිබෙන්නේ ඔවුන්ගේ ජාතික ඉල්ලීම්වලට සිංහල මූලික ආණ්ඩුව අවධානය යොමු කළ යුතු බවයි. අලුත් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට දෙමළ ජාතික සන්ධානය සම්බන්ධ කර ගන්නට ජනාධිපතිවරයා හා අගමැතිවරයා උපරිම උත්සාහ ගත යුතු ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, බොදු ජන පෙරමුණ වැනි පක්ෂ මෙම මැතිවරණයේදී කැපී පෙනෙන ඡන්ද සංඛ්‍යාවක් දිනා ගැනීමට අසමත් වී තිබේ. 

අවසාන ප්‍රතිඵලය විග්‍රහ කිරීමට තවමත් වේලාසන වැඩි ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-08-17

හෙට පත් වන ආණ්ඩුවෙන් ජනතාවට අවශ්‍ය කුමක් ද?

අද මහ මැතිවරණයේදී ජනතාව විවිධ පක්ෂවලට ඡන්දය දෙන්නට ඇත. හෙට වන විට බලය කා අතට පත් වනවා ද යන්න තීරණය වනු ඇත. 

කවුරු රට පාලනය කළත්, කවුරු විපක්ෂයේ හිටියත්, කවුරු තේරී පත් වුණත්, නො වුණත්, මේ රටට හා එහි ජීවත් වන ජනතාව හෙටින් පසු රජයෙන් බලාපොරොත්තු වන්නේ මොනවා ද යන්න අවබෝධ කර ගත යුතු ය. 

අපට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය ය. පුද්ගල නිදහස අවශ්‍ය ය. 

ජාතිවාදයට වැට බැඳිය යුතු ය. ජාතික, ආගමික, කුල ආදී වෙනස් අනන්‍යතා ප්‍රකාශ කරන ප්‍රජාවන්ට සම තැන හා සංහිඳියාව ඇති කළ යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන පරිදි බලය බෙදීම සඳහා පියවර ගත යුතු ය.

අපේ පාලකයන් සොරුන්, අවස්ථාවාදීන් නො වන, ජනතාවට සවන් දෙන, ජනතාවට නායකත්වය දෙන්නට හැකි මහජන සේවකයන් වනවා දකින්නට අවශ්‍ය ය. 

අපේ නායකයෝ ජනතාව අතර බහුභාණ්ඩිකත්වය හා කාමසුඛල්ලිකානුයෝගය ප්‍රවර්ධනය කරනවා වෙනුවට සැපවත්, රසවත්, නිරෝගී, අර්ථවත් ජීවිත ප්‍රවර්ධනය කරන්නනෝ විය යුතු ය. 

ඒ වෙනුවෙන් මනා ආර්ථික සැලැස්මක් දියත් කළ යුතු ය. අධික ලෙස ණය ගනිමින් සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් මහා පරිමාණ දූෂණයක යෙදෙනවා වෙනුවට රටට ගැලපෙන සංවර්ධ සැලැස්මක් සකසා ගත යුතු ය. 

මෙරටට ආයෝජකයන්, සංචාරකයන් අවශ්‍ය මුත්, ආර්ථිකය හැඩගැස්විය යුත්තේ ඔවුන් වෙනුවෙන් නො වේ. මේ රටේ ජනතාවට ගැටලු ඇති කරන ආයෝජන ව්‍යාපෘතිවලට අත නො ගැසිය යුතු ය. 

පෞද්ගලික අංශයට ආර්ථිකයේ සම අවස්ථා ලබා දිය යුතු ය. එහෙත්, රජය මනා නියාමනයක් පවත්වාගෙන යා යුතු ය. 

අසාධාරණ බදු නො පැනවිය යුතු ය. සමාජ සංවර්ධනයට ඉවහල් වන සුබසාධන සේවා විධිමත් කළ යුතු ය. ඒවායේ ඵලදායිතාව ඉහළ නැංවිය යුතු ය. 

ජනතාවට සංස්කෘතික වශයෙන් උසස්, වින්දනාත්මක ජීවිතයක් ගත කිරීම සඳහා අවස්ථා උදා කර දිය යුතු ය.  

රජය ජනතාවත් සමග අඛණ්ඩ මහජන සංවාදයක් පවත්වාගෙන යා යුතු ය. 

ඔබගේ අදහස් ද එකතු කරන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-08-16

ජවිපෙ දන්න, පෙසපෙ දන්න, අරය දන්න, මෙයා දන්න, අපි නො දන්න වම (පුබුදු ජයගොඩට පිළිතුරක්)

(මෙම සටහන තබන්නේ පුබුදු ජයගොඩ විසින් මහ මැතිවරණයට පෙර දිනයේ ෆේස්බුක්හි තබන ලද සටහනක් ඔස්සේ සංවාදයකට පිවිසීම සඳහා ය. පුබුදුගේ සටහන මෙම සටහන අවසානයේදී රතු පැහැයෙන් දක්වා තිබේ.)

සමාජය ගැන ගතානුගතික විග්‍රහ හා වචන භාවිතයන් ඔස්සේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය නො හැකි ය. ඔබ කියන පළමු ප්‍රවාදය නම් පැහැදිලිව තේරුම් ගත හැකි ය. දෙවන ප්‍රවාදය වන පෙසප පෙනී සිටින බව කියන දෙය සටහන් කිරීම සඳහා ඔබ භාවිතා කරන වචන දෙස බලන්න.

‘අනෙක් ප්‍රවනතාව කියන්නේ මේ අසාධාරණ, අයුක්තිසහගත සහ වහල් බවට ඇද දැමු ජීවිතය භාරගත නොහැකි බවය. අපේ අනාගත පරම්පරා වලට අපි අත්විඳි ඉරණම අත්පත් කර දිය නොහැකි බවය. ඒ නිසා එම ප්‍රවනතාව ප්‍රමුඛතාව දෙන්නේ මේ ක්‍රමය වෙනස් කරන පළමු පියවර තැබීමටය. (ඕනෑම ආරම්භයක් දුෂ්කරය. එහෙත් ආරම්භයක් නැතිව දිනුම් කනුවක්ද නැත.) ඒ සඳහා පීඩිත ජනතාව සූදානම් කිරීමටය. එයට බාධාකාරී සමාජමය අගතීන් පරාජය කිරීමටය.’

‘අසාධාරණ, අයුක්තිසහගත සහ වහල් බවට ඇද දැමු ජීවිත’ යන යෙදුම ගන්න. අපි රජයේ සේවකයන් ගනිමු. ඔවුන්ට එවැනි ජීවිත නැත. ඔවුහු ඉතා පැහැදිලිව ම මහජන මුදලින්, සාපේක්ෂ වශයෙන් අඩුවෙන් වැඩ කර වැඩියෙන් වැටුප් ගනිති. ගොවියෝ මහජන මුදලින් පොහොර සහනාධාර ගනිති. ඔවුන්ගේ වාරිමාර්ග නඩත්තු කරන්නේ මහජනතාවයි. එසේ බැලූ කල මේ අය ද සූරාකන්නෝ ය.

‘අසාධාරණ, අයුක්තිසහගත සහ වහල් බවට ඇද දැමු ජීවිත’ යන අර්ථකථනයට අයත් වන අය සිටිති. ඒ විදේශ ශ්‍රමිකයන්, ක්ලීනිං සර්විස් කම්කරුවන්, කුලී ශ්‍රමිකයන්, වතු කම්කරුවන්, ගෙවල්වල වැඩ කරන කාන්තාවන් වැනි අයයි. ඔබගේ පක්ෂයේ එවැනි අය කීදෙනෙක් ඉන්නවා ද කියා සොයා බලන්න.

ඔබගේ පක්ෂයේ පදනම වන විශ්වවිද්‍යාල සිසුන්ට අවශ්‍ය මේ කියන මිනිසුන්ට විමුක්තිය ලබා දීම ද නැතිනම් අතරමැදි මට්ටමේ සූරාකන්නන් පිරිසක් වන රජයේ සේවකයන්, පෞද්ගලික අංශයේ කළමනාකරුවන් ආදීන් බවට පත් වීම ද?

වමට හැරෙනවා කියන එක අර්ථවත් කරන්නට නම් අපි පළමුව අප සිටින තැන තේරුම් ගත යුතු ය. ඔබගේ වම ෆැන්ටසියකි. එසේම, ඔබ යක්ෂාරෝපණය කරන ධනවාදය ද ෆැන්ටසියකි.

සමාජ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම ආරම්භ කළ යුත්තේ යථාර්ථය අවබෝධ කර ගැනීමෙන් මිස ෆැන්ටසි ප්‍රවර්ධනය කිරීමෙන් නො වේ.

සදා නිම කළ විග්‍රහවලට යථාර්ථය ඇතුළත් කිරීමට උත්සාහ කිරීම හා සදා නිම කළ විසඳුම් යෝජනා කිරීම මාක්ස්වාදය හෝ සමාජවාදය හෝ නො වේ. සමාජවාදය යනු මහජන කතිකාව තුළ තත්වයන් විග්‍රහ කර ගැනීම හා මහජන කතිකාව ඔස්සේ විසඳුම් යෝජනා කිරීම හා අත්හදා බලමින් ඉදිරියට යාමයි.

ගතානුගතික පංති විග්‍රහ මත පදනම් වී කිසිවක් කළ නො හැකි ය. පීඩිතභාවය කියන එක තේරුම් ගැනීම ධනපති පංතිය කුමක් ද යන්න තේරුම් ගැනීම තරම් පහසු නැත. නිදසුනක් ලෙස ධනපති ස්ත්‍රියක පවා ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ ගැටලු හේතුවෙන් පීඩිත කාන්තාවක විය හැකි ය. රනිල් වික්‍රමසිංහ ද මේ අර්ථයෙන් ගත් කල පීඩිතයෙකි. 

වර්තමානයේදී පීඩිත පංතිය හෝ කම්කරු පංතිය හෝ අර්ථකථනය කිරීම පහසු නැත. කම්කරු පංතිය, පීඩිත පංතිය, වැඩකරන ජනතාව ආදී වශයෙන් හැඳින්වෙන්නේ තනිකර ෆැන්ටසියකි. වැඩ කරන මිනිස්සු, දිළින්දෝ, පීඩිතයෝ භෞතික ලෝකයේ සිටිති. එහෙත් ඔය කියන ආකාරයේ පංති මිහිපිට නැත. නැති පංතියක උවමනාවන් ඉටු කරන්නට යෝජනා කරන විප්ලව, සමාජවාදය හා වම ගොඩනැගීම ෆැන්ටසි බවට පත් වීම ගැන පුදුම විය යුතු නැත.

පවතින සමාජ ක්‍රමය අසාධාරණයන්ගෙන් පිරී තිබේ. අසමානත්වය ලෝක ස්වභාවයේ මූලික ලක්ෂණයකි. අසමානත්වය අසාධාරණය ජනනය කරයි. අසමානත්වය නැති කළ නො හැකි ය. එහෙත් අසාධාරණය අවම කිරීම ප්‍රායෝගිකව කළ හැකි දෙයකි. මාක්ස්වාදීන් විසින් යෝජනා කරන ලද සමාජවාදී සමානාත්මතාව ප්‍රායෝගික ලෝකයේදී කණගාටුදායක ලෙස අසාර්ථක වී තිබේ. එහෙත්, දියුණු ධනේශ්වර රටවල දක්නට ලැබෙන ඉගලිටරියන් සමානාත්මතාව තුළ යම් සාධාරණත්වයක් හා මානුෂිකත්වයක් තිබේ. එය විෂමතාවන් පිළි ගන්නා මානුෂික ජීවන භාවිතාවකි.

ලෝකයේ තිබෙන්නේ මාක්ස්වාදය හා ෆුකුයාමාගේ ඉතිහාසයේ අවසානය පිළිබඳ ප්‍රවාදය යන දෙක පමණක් නො වේ. අප දකින ආකාරයට නම් නූතන වාමාංශික චින්තනය යනු වාදියකු වීම නොව නිදහස් මතධාරියකු වීමයි.

සදා නිම කළ මාක්ස්වාදී රාමුවක් තුළට යථාර්ථය සංකෝචනය කරන ඔබගේ විප්ලවය හෙවත් ඔබේ න්‍යාය අනුව සමාජ ක්‍රමය වෙනස් කිරීම වෙනුවට අපි ප්‍රජාතන්ත්‍රවාදී මහජන සංවාදය රැගෙන එන්නෙමු. අප ප්‍රජාතන්ත්‍රවාදය මෙතරම් අවධාරණය කරන්නේ එහෙයිනි. ජනතාවට සිතන්න ඉඩ දෙන්න. ඒ වෙනුවෙන් පහසුකම් සපයන්න. ජනතාවගෙන් එකෙක් වන්න. 

කළ යුත්ත දන්නා පෙරටුගාමියකු ලෙස තමන් ගැන සිතීම නවත්වන්න. මේ ඊනියා පෙරටුගාමී මානසිකත්වයෙන් මිදීම වම පටන් ගන්නට හොඳ ආරම්භයකි.

කොහේ හෝ තැන්වල නොවේ හෙට අපි එකම තැනකදී මුණ ගැසෙයි
--------------------------------------------------------------------------------
මෙවර මැතිවරණයේදී ඔබ ඉදිරියේ ඇත්තේ තෝරාගැනීම් දෙකකි. එක ප්‍රවනතාවක් කියන්නේ ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ "ඉතිහාසයේ අවසානය" පිලිබඳ ප්‍රවාදය යතාර්ථය ලෙස බාරගන්නා ලෙසය. ධනවාදය මෑත කාලය තුල වෙනස් කල නොහැකි නිසා ධනවාදයේ ජීවත් වන අතර එහි රළු බව මග හැරීමට පොඩි පොඩි ප්‍රතිසංස්කරණ ටිකක් දිනා ගැනීමට දේශපාලන ප්‍රමුඛතාව ලබා දෙන ලෙසය. කොළ,නිල, රෝස වම, කොළ පුල්ලි වැටුණු වම ආදී හැම දෙනාම කියන්නේ ඒ එකම කතාවය. අනෙක් ප්‍රවනතාව කියන්නේ මේ අසාධාරණ, අයුක්තිසහගත සහ වහල් බවට ඇද දැමු ජීවිතය භාරගත නොහැකි බවය. අපේ අනාගත පරම්පරා වලට අපි අත්විඳි ඉරණම අත්පත් කර දිය නොහැකි බවය. ඒ නිසා එම ප්‍රවනතාව ප්‍රමුඛතාව දෙන්නේ මේ ක්‍රමය වෙනස් කරන පළමු පියවර තැබීමටය. (ඕනෑම ආරම්භයක් දුෂ්කරය. එහෙත් ආරම්භයක් නැතිව දිනුම් කනුවක්ද නැත.) ඒ සඳහා පීඩිත ජනතාව සූදානම් කිරීමටය. එයට බාධාකාරී සමාජමය අගතීන් පරාජය කිරීමටය.එම ව්‍යායාමයේදී මැතිවරණයක කාර්යභාරය ඉතා කුඩා වුවද ඒ පිලිබඳ සංඥාවක් නිකුත් කිරීමට හෝ මැතිවරණ භාවිතා කල හැකිය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරන්නේ එම ප්‍රවනතාවයය.

ඔබට අගෝස්තු 17වැනිදා තෝරා ගැනීමට විකල්ප මාර්ග දෙකක් ඇත. එක්කෝ දකුණට හැරෙන්න.ඉතිහාසය අවසන් නම් කල යුත්තේ එයයි. එහෙත් ඉතිහාසය අවසන් නොවන අතර එය අප විසින් නිර්මාණය කල යුතුයැයි සිතන්නේනම් වමට හැරෙන්න. රත්නශ්‍රීගේ කවියක කියන ආකාරයට හෙටත් අද වගේමනම් කොහේ හෝ තැන්වල ඉඳිමු. එහෙත් හෙට අද වගේ නෙවෙයි. ඒ නිසා කොහේ හෝ තැන්වල නොවේ හෙට අපි එකම තැනකදී මුණ ගැසෙයි. කොළ,නිල, රෝස වම, කොළ පුල්ලි වැටුණු වම තුල නොව සැබෑ රතු ධජය යට මුණගැසෙයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

මැතිවරණ ප්‍රචාරණයේ අනාගත සංඥා

(දින කීපයකට පෙර සත්හඬ පුවත්පත වෙනුවෙන් ලියන ලද ලිපියකි) මහ මැතිවර ප්‍රචාරණ ව්‍යාපාරය එහි අන්තය කරා ළඟා වෙමින් තිබෙන මේ මොහොතේ ප්‍රධාන පක්ෂ තම අවධානය යොමු කර තිබෙන කාරණා ඔස්සේ එම දේශපාලන ව්‍යාපාරවල අනාගතය පිළිබඳ අදහසක් ඉදිරිපත් කළ හැකි ය.

එජාප

ඉදිරිය දෙසට යොමු වූ ප්‍රායෝගික දේශපාලනයක යෙදෙන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය නම් කිරීම සාධාරණ ය. එම පක්ෂය ඉතා පැහැදිලිව ම ලිබරල් ධනේශ්වර රාමුවක් තුළ සමාජ වෙනසක් සිදු කිරීම පිළිබඳ අපේක්ෂා සමාජය වෙත මුදාහරිමින් සිය ඡන්ද ප්‍රචාරණ ව්‍යාපාරය ඉදිරියට ගෙන යයි. එය මහින්ද රාජපක්ෂ පාලනය විසින් පසුගිය වසර නවය තුළ ස්ථාපිත කරන ලද දේශපාලන ක්‍රමයට එරෙහි ගැඹුරු විවේචනයක් ලෙස සැලකිය හැකි ය.

එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශයනය හා අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාප අපේක්ෂකයන් විසින් දේශපාලන වේදිකාවලදී කරන ලද ප්‍රකාශන ඔස්සේ රටට ලබා දෙන ලද සංඥා  අනුව, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් විසින් දැනට පවතින රාජ්‍ය මූලික ආර්ථික ක්‍රමය වෙනස් කරනු ඇත.එජාපය යටතේ රජය ව්‍යාපාරකරණය වෙත යොමු වනු ඇත්තේ අවම මට්ටමකිනි. එපමණක් නොව, ශ්‍රී ලන්කන්, මිහින් ලංකා, සතොස වැනි රජයට අයත් පාඩු ලබන ව්‍යාපාර විකුණා දැමීමට එජාප ආණ්ඩුවක් යටතේ කටයුතු කරනු ඇතැයි සිතිය හැකි ය. රජයට අයත් ව්‍යවසාය ගජමිතුරන්ට කුණු කොල්ලෙට විකිණීමේ ඉතිහාසයක් එජාපයට තිබේ. රජයේ අයවැය පරතරය පියවා ගන්නට වෙනත් ක්‍රම නැති වූ විට රාජ්‍ය ව්‍යවසාය හා දේපල විකුණා දමන්නට ද එජාපය අතීතයේදී කටයුතු කර තිබේ. 

කෙසේ වෙතත්, එජාපය අතීතයෙන් පාඩම් ඉගෙනගෙන තිබේ නම්, එම පක්ෂය පෞද්ගලීකරණයේදී වඩා බුද්ධිමත්ව කටයුතු කරනු ඇත. මහින්ද රාජපක්ෂ විසින් ආර්ථිකයේ රාජ්‍ය අංශය වඩාත් ශක්තිමත් කරන ලදී.  ඔහු යටතේ රජය අවශ්‍ය, අනවශ්‍ය හැම ආකාරයක ම ව්‍යාපාරවලට අත ගැසුවේ ය. එමිරේට්ස් ආයතනයට පවරා තිබුණු ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කොටස් මිළ දී ගනිමින් හා අලුතින් ලාභ ගුවන් සේවාවක් ආරම්භ කරමින් දැවැන්ත පාඩු ලබන ගුවන් සේවා ව්‍යාපාරයකට රජය කර ගැසුවේ රාජපක්ෂ පවුලේ පටු කෑදරකම නිසා යයි සිතන්නට සාක්ෂි තිබේ. මහින්ද ශ්‍රීලන්කන් සභාපති ලෙස සිය මස්සිනා පත් කරගෙන එය සිය පෞද්ගලික ජෙට් යානයක තත්වයට පත් කර ගත්තේ ය. එහි ගුවන් සේවිකාවන් සිය පුතුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා පවා යොදා ගත්තේ ය. මෙවැනි ව්‍යවසායන් විසින් ලබන ලද අධික පාඩු පියවූයේ මේ රටේ ජනතාවගේ බදු මුදලින් හා අනාගත පරම්පරා උගසට තබා ලබා ගන්නා ලද ණයවලිනි.

එක්සත් ජාතික පක්ෂය විසින් මෙවැනි ව්‍යවසාය පෞද්ගලීකරණය කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. එහෙත්, සියලු රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කරන්නට ගියහොත් ආණ්ඩුව අමාරුවේ වැටෙනු ඇත. මේ රටේ රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණ ඉතිහාසය ම දූෂිත එකකි. රජය සතු ව්‍යවසාය ලාභ ලැබිය හැකි අන්දමින් කළමනාකරණය කර ගැනීමේ දැවැන්ත අභියෝගයක් තිබේ. එදා මෙදාතුර ප්‍රවාහන ඇමතිවරුන් විසින් තමන්ට ඡන්දවලදී වැඩ කළ හිතවතුන්ට රැකියා දීම සඳහා භාවිතා කිරීම හේතුවෙන් මේ වන විට අධික ලෙස පාඩු ලබන, මහජන සේවාවක් ලෙස ද සැලකිය නො හැකි, එහෙත් බස්නැවතුම්පළවල් වැනි ඉතා වටිනා දේපල හිමි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ගනු ලබන පියවර අනාගත ආණ්ඩුවක් පිළිබඳ ලිට්මස් පරීක්ෂාවක් ලෙස සැලකිය හැකි ය.

අධ්‍යාපන, සෞඛ්‍ය, දුම්රිය වැනි මහජන සේවාවන්ගේ හා සමස්තයක් ලෙස රජයේ සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා එජාප ආණ්ඩුවක් යටතේ මතභේදාත්මක පියවර ගනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. විශේෂයෙන් ම, අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහි කරන මැදිහත්වීම් හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණට හා ‍‍‍‍‍පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ගතානුගත අධ්‍යාපනික ප්‍රතිපත්ති වෙනුවෙන් සටන් කිරීමේ කදිම අවස්ථාවක් උදා වෙනු ඇත.

‍එජාප ආණ්ඩුකරණ ප්‍රතිපත්ති සමාජය වැඩිදුර ප්‍රජාතන්ත්‍රීකරණය වෙත යොමු කරන ඒවා ය. මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ, තොරතුරු දැනගැනීමේ හිමිකම ලබා දීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවයහ හා සම්බන්ධ කාරණා, බලය බෙදාගැනීම වැනි කාරණාවලදී ලංකාවේ වඩාත් ම ඉදිරිගාමී පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. එ‍සේම, වඩා සමබර ලෙස විදේශ සම්බන්ධකම් පවත්වාගෙන යාමක් ද එක්සත් ජාතික පක්ෂය යට‍තේ අපේක්ෂා කළ හැකි ය.

එක්සත් ජාතික පක්ෂයේ සංවර්ධන මූලෝපාය තුළ ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කර තිබේ. එජාප රජයක් යට‍තේ කම්කරු නීති, මානව හිමිකම්, වෙළඳපොල ලිබරල්කරණය, රාජ්‍ය අංශය, පාරිසරික තත්වයන්, යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ආදී සෑම අංශයකට ‍ම ‍‍මෙම මූලෝපායෙහි බලපෑම දැනෙනු නිසැක ය.

එජනිස

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරණය තුළ දක්නට ලැබෙන්නේ විඥානවාදී ලක්ෂණයි. මහින්ද රාජපක්ෂ නම් ශක්තිමත් නායකයා සියලු ගැටලුවලට විසඳුම ලෙස ප්‍රවර්ධනය කරන ආකාරයක් දක්නට ලැබේ. ඔහුගේ මූලික ගැටලුව වන්නේ ඔහු කලක් භාවිතා කිරීමෙන් කල් ඉකුත් වී ගිය රටට එතරම් ප්‍රයෝජනයක් නො වූ නායකයකු වීමයි. ඔහු යුද්ධය අවසන් කළ නායකයා ලෙස පෙනී සිටින්නට දරන උත්සාහය තුළ ම ඔහුගේ මර්දනකාරී ස්වභාවය ගැබ් වී තිබේ. ඔහු කොටි සංවිධානය යුද්ධයෙන් පැරදවූ මුත්, නැවත අගමැති පදවියට පත් වූවත්, සංහිඳියාව ඔස්සේ සාමය ස්ථාපිත කිරීමට අසමත් වන බව ඔහුගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ තිබෙන ජාතිවාදී ස්වරූපයෙන් පෙන්නුම් කෙරේ. බලය බෙදීම රට බෙදීම පමණක් නොව, අධි ආරක්ෂක කලාප බවට පත් කරන ලද දෙමළ ජනතාවගේ ඉඩම් ආපසු ඔවුන්ට ලබාදීම, දෙමළ ජනතාව මත පටවා තිබෙන මිලිටරි මර්දනය සීමා කිරීම වැනි සීමිත ක්‍රියාමාර්ග පවා රට බෙදීම සඳහා ගනු ලබන පියවර ලෙස හඳුන්වා දීමට ඔහු පසුබට වන්නේ නැත.

ඔහුගේ කාලයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝන, ඝාතන, පැහැරගෙන යාම්, අතුරුදහන් කිරීම්, මහා පරිමාණ දූෂණ, වංචා, කොමිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ආදී කටයුතු පිළිබඳ එල්ල වන චෝදනාවලින් ආවරණය වීමට කෙතරම් සුවිසල් පලිහකින්වත් නො හැකි නිසා ඔහු ඒ ගැන ප්‍රතිචාර දැක්වීම සඳහා තෝරාගෙන තිබෙන්නේ සමාජයට සමූහයක් ලෙස ඒ සියල්ල අමතක කිරීමේ උත්සාහයකි. ඒ වෙනුවෙන් ඔහු අවධාරණය කරන්නේ තමන්ගේ කාලයේ තිබූ සියලු යහපත් තත්වයන් වත්මන් ආණ්ඩුව විසින් විනාශ කර තිබෙන බවයි. එහෙත්, එවැනි සාමූහික අමතක වීමක් සඳහා ප්‍රමාණවත් තරම් කාලයක් තවමත් ගත වී නැත. එසේම, 1989 තරම් ඈත කාලයක් යළි සිහිපත් කිරීමට ඔහු ගන්නා උත්සාහය ද ඵලදායී එකක් නො වේ. වත්මන් තරුණ පරපුර ඒ යුගය ගැන දන්නේ ම නැත. එසේම, එම අත්දැකීමට මුහුණ දුන් පරපුර පවා දැන් ඒ ක්ෂතියෙන් මිදී තිබේ. ඔවුන් ප්‍රශ්න විග්‍රහ කිරීමේදී එම ක්ෂතිමය අත්දැකීම මත තව දුරටත් පාදක නො වන බව මැතිවරණ ගණනාවකදී පෙන්නුම් කර තිබේ.

මහින්ද රාජපක්ෂ බලයට ඒමේ අවස්ථාව අමම ය. එහෙත්, කිසියම් හේතුවක් මත නැවත බලයට පැමිණීමට ඔහුට අවස්ථාවක් ලැබුණොත්, යුද අපරාධ චෝදනා, මානව හිමිකම් ගැටලු, වංචා හා දූෂණ, මර්දනය, නිතියට ඇඟිලි ගැසීම්, දේශපාලන ගැටුම්  ආදී හේතු මත රටේ අතිශය කණගාටුදායක තත්වයක් නිර්මානය වනවා  මිස සුබවාදී තත්වයන් අපේක්ෂා කළ නො හැකි ය.

ජවිපෙ
ගතානුගතික වාමාංශික පක්ෂ වන ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂ සම්ප්‍රදායිකව තත්වයන් විග්‍රහ කරන්නේ තමන්ට බලය ලබා ගැනීමට වඩාත් ම හිතකර වන අර්බුදකාරී තත්වයක් නිර්මානය වන්නේ කුමන පාලනයක් යටතේ ද යන්න මත ය. මේ අවස්ථාවේදී තමන්ට වඩාත් වාසිදායක වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ලිබරල් ධනවාදී ප්‍රතිපත්ති ඔස්සේ ඉදිරියට යාම නොව, මහින්ද රාජපක්ෂගේ ජාතිවාදී, වැඩවසම්වාදී, ආර්ථික වශයෙන් රාජ්‍ය කේන්ද්‍රවාදී, දූෂිත, මර්දනකාරී ක්‍රියාවලට ඉඩ දීම බව ඔවුන්ගේ ගණනය කිරීමයි. 2004දී ද ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව එජාපය පැරදවූයේ එම පදනමේ ම සිටයි. එහෙත්, මහින්ද රාජපක්ෂ ක්‍රමය තමන්ගේ ආස්ථානයට සපුරා ප්‍රතිවිරුද්ධ නිසා ඔවුන්ට රාජපක්ෂ සමග සිට ගැනීමට බැරි ය.

ජවිපෙ ඉතා සාර්ථක ලෙස මධ්‍යම පංතියට ආමන්ත්‍රණය කරමින් සිටියි. එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ද, රාජපක්ෂ යටතේ සේ ම දූෂණය, මර්දනය ව්‍යාප්ත වනු ඇත යන මතය ප්‍රවර්ධනය කරමින්  එය වළක්වා ගැනීම සඳහා තමන්ගේ ශක්තිය වර්ධනය කළ යුතු ය යන මතවාදය ඔවුන් සමාජය තුළ පතුරුවා තිබේ. ආණ්ඩුව තුළ සිටිමින් එය හසුරුවනවා වෙනුවට විපක්ෂයේ සිටිමින් එය කළ හැකි ය යන බෝලය මධ්‍යම පංතිකයන්ට බස්සා ගැනීමට ජවිපෙ සමත් වී තිබේ. අප කලින් ද සාකච්ඡා කළ සාමූහික අමතකය පිළිබඳ සාධකය මෙහිදී ද වැදගත් ය. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 39ක් තිබුණු 2004 – 2010 ආණ්ඩු සමයේ ජවිපෙ ඔය දුරස්ථ පාලක අතානාත්තුව හරියට කළා ද නැද්ද යන්න ජනතාවට අමතක ද?

ජවිපෙට ඡන්දය දෙන මධ්‍යම පංතිකයන් අතරින් බහුතරයක් ජවිපෙ විසින් අනුගමනය කරනු ලබන ගතානුගතික ප්‍රතිපත්ති පිළිගන්නේ නැත. එහෙත්, මධ්‍යම පංතියේ අපේක්ෂාවන් ඉටු වන ආර්ථික, සමාජ, දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ජවිපෙ සිය බලය භාවිතා කරනු ඇද්ද යන්න ගැටලුවකි.

නිදසුනක් ලෙස උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ එජාප රජයක් යටතේ සිදු වනු ඇතැයි අපේක්ෂා කළ හැකි ප්‍රතිසංස්කරණවලදී ජවිපෙ කුමන ස්ථාවරයක් ගනු ඇද්ද යන්න ගැටලුවකි. මේ වන විට මධ්‍යම පංතිය තුළ පෞද්ගලික අධ්‍යාපනය මුල් බැසගෙන හමාර ය. ලිබරල් ධනේශ්වර පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය යටතේ අපේක්ෂා කළ හැක්කේ පෞද්ගලික අධ්‍යාපනය නීතිගත කරමින් විධිමත් කිරීමයි. මෙය මධ්‍යම පංතියට ගෝචර නො වන තත්වයක් නො වේ. එහෙත්, ජවිපෙ විසින් ප්‍රවර්ධනය කරනු ලබන්නේ එයට එරෙහි මතවාදයකි. මධ්‍යම පංතික දෙබිඩිභාවය ප්‍රවර්ධනය කිරීම ඇත්තෙන් ම සමාජ සංවර්ධනයේදී හානිකර ය. එහෙත් ජවිපෙ අනාගත දේශපාලනය පදනම් වන්නේ ඒ මත ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනාගතයේදී ජවිපෙ උණ්ඩුක පුච්ඡයකට වඩා දෙයක් වන්නේ නැති බව පෙන්වමින් සිටියි.  