2015-12-31

ගැමියකුගේ බ්‍රෝඩ්බෑන්ඩ් ජංජාල අත්දැකීම

මේ දවස්වල ඔය කවුද හාදයෙක්ගේ රස්සාව නැති වුණා ය කියලා ලංකාවේ බ්‍රෝඩ්බෑන්ඩ් අහවරයි කියලා කට්ටිය නිව්ස් ප්ලාන්ට් කරනවා නේ.

මං ඉතින් ගමක ජීවත් වෙන මිනිහෙක් නේ. කාට හරි ඔය බ්‍රෝඩ්බෑන්ඩ් සංවාදයට වැදගත් ය කියා හිතෙනවා නම් මේ අදහස් ටිකත් ගන්න පුළුවන්. 

මං නම් ඔය බ්‍රෝඩ්බෑන්ඩ් ගැන එච්චර දන්නෙ නැහැ. ගම්වල ඉන්න අපට ලැබෙන බ්‍රෝඩ්බෑන්ඩ් ඇත්තෙන් ම හරි ම නැරෝබෑන්ඩ්. අපි ඔව්වයෙ වේගෙ මනින්න යන්නෙ නැහැ. මැනලා වැඩක් නැහැ. යන්තං ෂේප් කර ගන්නවා. ඒකයි ගමේ ඇත්ත. හැබැයි, අපි අපට අදාළ ක්ෂේත්‍ර‍වලදී ගමේ ය කියලා ගොඩේ විදියට වැඩ කරලාත් නැහැ කියලා කියන්න ඕනැ. 

මං දැන් මේ අන්තර්ජාලය හරහා මාධ්‍ය හා ව්‍යාපාර කටයුතු කරන්න පටන් අරන් දැන් අවුරුදු 10ක් වෙනවා. මං වෙබ් අඩවි, බ්ලොග්, සමාජ මාධ්‍ය කටයුතු වගේ ම පසුගිය වසර 10ක් තිස්සේ සාර්ථක පරිවර්තන හා අන්තර්ගත රචනා ව්‍යාපාරයක් අන්තර්ජාලය හරහා කරගෙන ගිය කෙනෙක්.

මං මේක පටන් ගත්තෙ ලංකා බෙල් එකේ සීඩීඑම්ඒ දුරකථනයකින්. 2005 විතර කාලෙ ඒ වෙනුවෙන් මාසෙකට රු. 4000ක විතර බිලක් ගෙව්වා.

2007 විතර වෙනකොට දේශපාලන හේතු නිසා මට ගුරු රැකියාව අහිමි වුණා. ඉන් පසුව අන්තර්ගත රචනය හා පරිවර්තනය තමයි මගේ ප්‍රධාන රැකියාව වුණේ. අවුරුදු තුනකට විතර පසුව රැකියාව නැවත ලැබුණත් ඒ තත්වය දිගට ම තිබුණා.

ඔය කාලෙ ටෙලිකොම් එක මතුගම පැත්තේ බ්‍රෝඩ්බෑන්ඩ් දුන්නා. අපේ ගෙදර දුරකථනයක් තිබුණේ නැහැ. මං එකක් ඉල්ලුවා. ඇවිත් මැන්නා. ලූප් තිබෙන බවත් කිව්වා. මේක මනිනවා අපේ ඉස්සරහ ගෙදර ඉන්න වෘත්තීය ඉරිසියාකාරයා දැක්කා. මෑන්ස්ගෙ නංගි මතුගම ටෙලිකොම් එකේ රස්සාවක් කළා. දුරකථනය ගැන හාහූවක් නැතිකොට මම විපරම් කෙරුවා. මෙන්න බොලේ ලූප් නැහැ කියපි.

දැන් මොකද කරන්නෙ? අපේ අල්ලපු ගෙදර, ඒ කියන්නෙ තාත්තායි, අම්මායි ඉන්න ගෙදර ටෙලිකොම් දුරකථනයක් තිබුණා. මං ඒක නිල මාර්ග ඔස්සේ අපේ ගෙදරට මාරු කර ගත්තා. තවමත් ඒ දුරකථනය තිබෙන්නෙ අපේ තාත්තගේ නමට. ඒකට බ්‍රෝඩ්බෑන්ඩ් ගන්න මට කලුතර ටෙලිකොම් එකට යන්න වුණා. එක්ස්චේන්ජ් එකේ ඉඳලා අපේ ගෙදරට කිලෝමීටර් පහයි මීටර් 100ක් තියෙන නිසා බ්‍රෝඩ්බෑන්ඩ් දෙන්න බැහැ කිව්වා. ඒත්, මං දැඩිව ඉල්ලා සිටියාම මගෙන් ලියුමක් ගත්තා වේගය අඩු වුණාට ඒගොල්ලන් වග කියන්නේ නැති බවට මං එකඟ වෙනවා ය කියලා.

ඔන්න ඊට පස්සෙ ටෙලිකොම් එකෙන් ලියුමක් ආවා ඔබගේ දුරකථනය දෙන්න පුළුවන්, සල්ලි බඳින්න ය කියලා. 

මේ අන්තර්ජාල සම්බන්ධතාව මං අවුරුදු පහක් විතර පාවිච්චි කළා. මුලින් රු. 2500ක් සම්බන්ධතාවට ගෙව්වත්, පසුව ඒක රු.1000 දක්වා අඩු කළා. ඒකෙ දත්ත මැනීමක් තිබුණෙ නැති බව මට තේරුණා. කොච්චර දත්ත භාවිතා කළත් බිල වෙනස් වුණේ නැහැ. මට මොකද, මං ෆුල් ආතල් එකේ අන්තර්ජාලයේ සැරිසැරුවා.

හැබැයි, රවුටර් තමයි පුදන්න බැරි වුණේ. අකුණු ගහනකොට අපේ ගෙදර ටෙලිෆෝන් එක රිං වෙනවා. ඒ වෙලාවට ඒක කණේ තිබුණොත් මොනවා වෙනවා ද කියලා තාම ටෙස්ට් කරලා බලන්න බැරි වුණා. කොහොම වුණත්, අකුණු ගහන වෙලාවට රවුටරේ වයර් එක ගලවලා තිබුණෙ නැතිනම් පහුවෙනිදාට අලුත් රවුටර් එකක් ගේන්න ඕනැ.

ඒ මදිවට මේක කැඩෙනවා ඉවරයක් නැහැ. එක වතාවක් සුමානයක් එක දිගට ඉන්ටනෙට් නැතුව ගිය වෙලාවේ මට අසූහාරදාහට ම කේන්ති ගිහින් ලියුමක් දුන්නා ඒක විසන්ධි කරන්න ය කියලා. ඇත්ත ම කියනවා නම් මං නෙමෙයි දුන්නෙ. අපේ තාත්තගේ නමටනේ දුරකථනය තාම තියෙන්නේ.

ඊට පස්සෙ මං ඩොංගල්වලට මාරු වුණා. මං මොබිටෙල්, එයාටෙල්, ඩයලොග්, හච් සම්බන්ධකම් පාවිච්චි කරලා තියෙනවා.  .

දැන් මගේ ප්‍රධාන ඩොංගලේ මොබිටෙල්. ඒක ඒ තරම් ම අවුල් නැහැ. ඒත්, කවදාවත් ඒකෙන් ඔය කියන තුන ජී එකක්නම් මං දැකලා ම නැහැ. HSPA+ තමයි තියෙන්නේ. මතුගම ටවුමට ගියත් එහෙමයි.

මගේ ටැබ් එකේ සම්බන්ධතාවෙන් ගෙදරදී අන්තර්ජාලයට යන්න බැරි තරම්. ඒකත් මොබිටෙල් එකක්. මතුගම ටවුමට ගියාම තුන ජී ඔටෝමැටික්. ඒ කියන්නේ එනවා යනවා.

මට ලැප්ටොප් එකත් එක්ක නොමිළේ ලැබුණ එයාටෙල් සම්බන්ධතාව මං එපා කිව්වා. ඇත්තම කියනවා නම් ඒක එපා වුණා. මතුගම ටවුමෙදිවත් ඒකෙන් අන්තර්ජාලයට යන්න හරි අමාරුයි.

මගේ ජංගම දුරකථනෙ ඩයලොග්. ඒකෙන් මං අන්තර්ජාලයට යන්නෙ හික්කඩුවේ ඉඳලා කොළඹ යන කෝච්චියේ යන දවසට වැඩිපුර ගෙවලා දෙවෙනි පංතියේ හිටගෙන යන ගමන් පත්තර ටික බල බලා යන්න. ඒක කෝච්චියට වඩා ගොඩක් ස්ලෝ. 

අපේ ගෙදරට ඩයලොග් කණුව පේනවා. ඒත් තුන ජී නම් නැහැ.

මහින්දගේ කාලෙ රස්සාවත් නැතිව, ගෙදරත් ඉන්න බැරිව හිටිද්දි, 2007දී, මං අර ලංකා බෙල් සීඩීඑම්ඒ එකයි, මගේ පරණ ඩෙස්ක්ටොප් පරිගණකෙයි අරගෙන යක්කලමුල්ලෙ හෙණ ඩොටේ මගේ බිරිඳගේ අම්මලාගේ ගෙදර හැංගිලා හිටියා. එතකොට අපේ දූ ඉපදිලා හිටි නිසා බිරිඳ හිටියෙ මාතෘ නිවාඩු පිට. ජීවත් වෙන්න සල්ලි ඕනැ නිසා අර දුරකථනෙට ඇන්ටෙනා එකක් සවි කරලා, මීටර් පනහන් විතර කන්ද උඩ හිටවලා එක කණුවක් සිග්නල් අරගෙන ඒකෙන් මං කලම්බු පේජ් වෙබ් අඩවියේ රස්සාව බේර ගත්තා.

පසුගිය නත්තල් සමයේ මම හිටියෙ එහෙ. සෙනසුරාදා පොඩි ෂේප් එකක් දාගන්න හිටියත්, සිලෝන් ටුඩේ පත්තරේ වැඩ වෙනදාටත් වඩා වැඩි වුණා. වෙනදා එහෙදි මොබිටෙල් ඩොංගලේ වැඩ නො කළට ටැබ් එකෙන් පොඩි ෂේප් එකක් දාගන්න පුළුවන් ටිකක් ඇවිදලා සිග්නල් තියෙන තැනක් හොයාගෙන. එදා නම් කිසිවක් හරි ගියේ නැහැ. ජංගම දුරකථනයේ සිම් එක ඩොංගලේකට දාගෙන යන්තම් ආටිකල් වගයක් බා ගත්තා. හැබැයි මොනවා කරලාවත් ආපහු යවා ගන්න සිග්නල් පොඩ්ඩක් හොයා ගන්න බැරි වුණා.

බැරිම තැන මං ලැප්ටොප් එක කාරෙකේ දාගෙන පාර දිගේ ගාලු පැත්තට ගියා සිග්නල් අහුල අහුල. යක්කලමුල්ල ටවුමෙ සමහර තැන්වල එජ් එකේ සිග්නල් තිබුණා. ඒත් ඊමේල් ගිනුමට යන්න බැරි වුණා. මාගෙදරත් පහු කරගෙන කොට්ටව පැත්තටත් ගිහින් බැලුවා. සිග්නල් තියා ක්ලෝගාඩ්වත් නැහැ.

ඒ පාර එදා දවස යන්තම් වැඩ ටික කර ගත්තෙ කරාපිටියේ අපේ නෑනගේ ගෙදරට ඇවිත්.

මගේ ටෙලිකොම් සම්බන්ධතාව තිබුණු කාලෙ අන්තර්ජාලෙට ගෙව්වා වගේ දෙගුණයකටත් වැඩිය දැන් මං ගෙවන නිසාත්, ගෙදර තිබෙන ස්ථාවර දුරකථනෙන් වෙන වැඩක් නැති නිසාත්, ඩයලොග් චන්ද්‍රිකා රූපවාහිනිය සදාකාලිකව ම වැස්සට වැඩ නො කරන නිසාත්, මං ඉන්නේ තෙත ම තෙත කලාපයක නිසාත්, මාස කීපයකට කලින් මං මතුගම ටෙලිෂොප් එකට ගිහින්, අන්තර්ජාලෙයි පියෝ ටීවීයි එකට තිබෙන බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාව ගන්න පුළුවන් ද ඇහුවා. අවුරුදු අටකට විතර පස්සෙත් අර මීටර් සීය වැඩි නිසා පියෝ ටීවී දෙන්න බැහැ කිව්වා. කලින් තිබුණු නිසා බ්‍රෝඩ්බෑන්ඩ් නම් දෙඤ්ඤං කිව්වා. හැබැයි වේගයට වගකියන්නෙ නැහැ.

ඔන්න ඕකයි අපේ ගම්වල බ්‍රෝඩ්බෑන්ඩ් තත්වෙ. 2007යි, 2015යි අතර වෙනසක් මට නම් පේන්න නැති තරම්.

මේක රිසර්ච් එකක් නෙමයි. ගමක මිනිහෙක් අන්තර්ජාලයත් එක්ක හැප්පෙන අරගලයක්. ඔය බ්‍රෝඩ්බෑන්ඩ් ගැන කතා කරන මහත්තුරුන්ට ඕනැ නම් මේ ගැනත් හිතන්න පුළුවන්.

මතක තියා ගන්න, මං අපේ ගම්වල එවුන්ට පරම්පරාවක් ඉස්සරහින් ඉඳගෙන අන්තර්ජාලෙන් රස්සාවක් කරනවා. ඒ විතරක් නෙමෙයි මේ බ්ලොග් එක කළෙත් ගමක ඉඳන්. ඒ හින්දා බ්‍රෝඩ්බෑන්ඩ් ජංජාලෙ කොළඹට විතරක් තිබිය යුතු දෙයක් ය කියා හිතන අය නැවත හිතා බලන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-12-30

එක්නැලිගොඩ ඝාතකයන් ආරක්ෂා කර ගන්නට රාජපක්ෂලාට පුළුවන් වෙයි ද?

සන්ධ්‍යා එක්නැලිගොඩ - දිරිය ගැහැනියකගේ නො පසුබස්නා අව්‍යාජ අරගලය 
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වූ වකවානුවේ එය රජය විසින් කරන්නට ඇතැයි අපි විශ්වාස නො කළෙමු. රජයට තියුණු අභියෝගයක් නො වුණු ඔහු වැනි අයෙක් මරා දමන්නේ කුමට ද යන්න අපට මතු වූ ප්‍රශ්නය විය.

මෙම සම්බන්ධතාව ඔස්සේ 2010 මැයි 10දා අප ඒ පිළිබඳ ලිපියක් කියවිය හැකි ය. මෙවැනි ම පටලැවිල්ලක් අපට තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ද සිදු විය. එවැනි ඝාතනයක් කරන්නට රාජපක්ෂ පවුල යොමු නො වනු ඇතැයි අපි එදා සිතුවෙමු. (ඒ ගැන පසුව සටහන් කරමු)

එහෙත්, රාජපක්ෂ ඝාතන යන්ත්‍රය අප සිතුවාටත් වඩා වියරු, තර්කනයකින් තොර, ආසාවට මිනීමැරූ පිරිසක් බව මෙම සිද්ධි දෙක ඔස්සේ පෙනී යයි.

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කළ අය හසු වුණේ පරීක්ෂණය නො කර ඉන්නට බැරි තරමට ජාත්‍යන්තර බලපෑම් උග්‍ර වූ නිසා ය. එයට ප්‍රගීත්ගේ බිරිය කළ දිරිමත් අරගලය ද ඉවහල් විය.

ප්‍රගීත් මරා දමන්නට පැහැදිලි හේතුවක් මහින්ද රාජපක්ෂගේ සිට උදය ගම්මන්පිල දක්වා ඝාතකයන් වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකුට තවමත් කියා ගන්නට බැරි ය. උදය ගම්මන්පිල එම ඝාතනය සාධාරණීකරණය කරන්නට කියන කතා සියල්ල කිසිදු පදනමක් නැති වල්පල් ය.

අප දන්නා තරමින් උදය ගම්මන්පිල යනු 1989 සමයේදී රාජ්‍ය ඝාතකයන්ගේ ඉලක්කයක් බවට පත් වූ, රටින් පළා ගොස් දිවි බේරා ගත් අයෙකි.

යුද්ධයකදී දෙපාර්ශ්වයේ මිලිටරි ඉලක්ක යනු වෙන ම දේවල් ය. මිලිටරි ඉලක්ක ද අතිශය අමානුෂික මිනිස් ඝාතන විය හැකි ය. කොටි සංවිධානය කොළඹදී ගෝඨාභය රාජපක්ෂට බෝම්බ ගැසීම හා රජය කොළඹදී ටැමිල්නෙට් සංස්කාරක සිවරාම් මරා දැමීම යන සිද්ධි දෙස මිලිටරි දෘෂ්ටි කෝණයකින් බලන්නට පුළුවන.

1989දී ප්‍රේමදාසගේ ආණ්ඩුව විසින් නීති විරෝධී රෝහණ විජේවීර මරා දැමීම මිලිටරි කාර්යයක් ලෙස සැලකිය හැකි ය. එහෙත්, උදය ප්‍රභාත් ගම්මන්පිල නමැති විසි හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස්, රහසිගත කඳවුරකදී වධ දී මරා දැම්මා නම් එය මිලිටරි ඝාතනයක් වන්නේ නැත. ඒ වනාහි හුදෙක් ම ලේ පිපාසය නිසා කරන දේ ය.

ලේ පිපාසය මත සිදු කළ මෙවැනි ඝාතන හුදකලාව ගැනීම සාධාරණ ද යන්න වෙන ම සලකා බැලිය යුතු තත්වයකි. මන්ද, මෙම ඝාතන සිදු වුණේ කිසියම් සංදර්භයක් තුළයි. වින්දිතයන් මෙන් ම ඝාතකයන් ද එම සංදර්භයේ ගොදුරු ය.

මිනිසුන් තර්ක බුද්ධියට වඩා හැඟීම් හා ආවේග මත කටයුතු කරන භීම සමයන් වන එවැනි වකවානුවල සිදු වූ වැරදි සම්බන්ධයෙන් මුක්තියක් අපේක්ෂා කරන්නේ නම් කළ යුතුව තිබෙන්නේ සත්‍ය කොමිෂමක් වැනි ක්‍රියාවලියක් ඔස්සේ සමාව ගැනීම හා සමාව දීම ප්‍රවර්ධනය කිරීමයි.

ශ්‍රී ලංකාව 1970න් පසු ප්‍රධාන කැරැලි තුනක් හරහා ආවේ ය. මේ වකවානුවල බොහෝ අය නියමින් මෙන් ම අනියමින් ද මිනිස් ඝාතන කළ හ. ඝාතනවලට අනුබල දුන් හ. බලය අපහරණය කරමින් මිනී මැරූ බොහෝ අය මේ සමාජයේ නිරුපද්‍රිතව සිටිති. ඔවුන්ගෙන් ඇතැමෙක් ප්‍රභූවරු ය. ඔවුන් සිය පව් වසා ගන්නට උත්සාහ කරන්නේ යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්වලිනි.

බලය නිසා උමතු වීමෙන් හෝ ලේ පිපාසය නිසා හෝ මිනී මැරුවන්ගෙන් සුළු පිරිසක් අහඹු ලෙස හසු වීම වැළැක්විය නො හැකි දෙයකි. කතරගම ප්‍රේමවතී මනම්පේරි මරා දැමූ අය, රිචඩ් ද සොයිසා මරා දැමූ රොනී ගුණසිංහ වැනි අය, ජනාධිපති චන්ද්‍රිකා ළඟ හිඳිමින් රූකාන්තට වධහිංසා පැමිණවූ පොලිස් නිලධාරීන්, කොබෙයිගනේ අවුරුදු කුමාරියගෙන් අයුතු ප්‍රයෝජන ගෙන කැරැල්ල පිට දමා ඇය මරා දැමූ පොලිස් නිලධාරියා වැනි අය මෙසේ අහඹු ලෙස හසු වී දණ්ඩනයට ලක් වූ අතළොස්සට අයත් වෙති.

එක්නැලිගොඩ මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින අය ද අයත් වන්නේ මෙම වර්ගයට ම ය. රාජපක්ෂ කල්ලිය අද ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේ අන් කිසිදු හේතුවක් නිසා නො ව, හෙට වන විට තාජුඩීන් ඝාතනය නිසා රාජපක්ෂ පුතුන්ට ද මේ හා සමාන ඉරණමකට මුහුණ දීමට සිදු විය හැකි නිසා ය.

කවුරු මොනවා කීවත්, දැන් ඉතින් මේ අයට අධිකරණයේ හැර වෙන කාගේවත් පිහිටක් පැතිය නො හැකි ය. රාජපක්ෂලා ටිකක් සද්දෙ දමා නිහඬ වූ පසු නඩු කීම ඔවුන්ට ම පැවරෙනු ඇත. මන්ද, රාජපක්ෂලා, උදය ගම්මන්පිලලා මිනීමරුවන් වෙනුවෙන් පෙනී සිටිනවාට වඩා ශක්තිමත් සදාචාරමය පදනමකින් සන්ධ්‍යා එක්නැලිගොඩ සිය සැමියා ඇතුළු අයුක්ති සහගත ලෙස මරා දමන ලද මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින නිසා ය. ඇය ඉදිරියේ උදය ගම්මන්පිල පමණක් නොව මහින්ද රාජපක්ෂ ද අඟුටුමිට්ටෙකි. 

මිනිසුන් වන අපි හොඳ මිනිසුන් ලෙස ජීවත් වීමට කැමැත්තෙමු. එහෙත්, ඉතා සුළු බුරුලක් හේතුවෙන් මිනිසා තිරිසනෙක් වෙයි. එයින් පෙනී යන කාරණය වන්නේ ශිෂ්ටත්වය යනු තවමත් අප විසින් ආයාසයෙන් ආරෝපණය කරගෙන සිටින දෙයක් බවයි. 

බලය නිසා අශිෂ්ටත්ව කරා යොමු වී බලයෙන් ගිලිහුණු දාට අසරණ වන සියලු මිනිසුන්ට මෙම සිද්ධිය පාඩමක් විය යුතු ය. එබැවින්, අශිෂ්ටයන් ආරක්ෂා කර ගන්නට අශිෂ්ට උත්සාහයන් දරනවා වෙනුවට තවත් මිනිසුන් මෙවැනි අශිෂ්ටයන් වීම වළක්වා ගැනීම සමාජයේ වගකීමකි. 

අනුගමනය කළ යුතුව තිබෙන්නේ සරළ පිළිවෙතකි. බලය හෝ පක්ෂපාතිත්වයන් හෝ අණ නිසා හෝ නීතියට පිටින් වැඩ නො කරන්න. එච්චරයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-12-29

මමදුන්නෙ කිස් එකයි කිස් එකයි

මේ දවස්වල අපේ රටේ ජනාධිපතිවරයාගේ සිට බොහෝ අය කිස් එකක් ගැන කතා කරනවානේ.

දෙතොල් සිප ගැනීම අතිශය සරාගී ක්‍රියාවක්. එය ලංකාවේ සම්ප්‍රදායික සංස්කෘතිය තුළ තිබුණු බවට සාධක සාහිත්‍යයෙන්, ජන සාහිත්‍යයෙන් හෝ වෙනත් කලාවන් ඇසුරින් ලැබෙන බවට සාක්කි මට නැහැ. ගීත සාහිත්‍යයේ දෙතොල් සිප ගැනීම ඉතා ම සාහිත්‍යමය සුන්දරත්වයකින් ගැයුණු ගීයක් තමයි මිල්ටන් මල්ලවආරච්චි ගායනා කරන දෙඅදර විළිකුන් සුරත් පලේ. 




ජිප්සීස් ගායනා කරන ‘මම දුන්නෙ කිස් එකයි ' ගීය වෙනස් සාහිත්‍ය ආරක් අනුගමනය කරන වඩා ඍජු ප්‍රකාශනයක්. ඒ ගීය මුලින් ම අහනකොට මං ළමයෙක්. ඒ කාලෙ මේ ගීය අපේ ගෙදරදි අහන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ. අපි ඒවා ඇහුවෙ යාළුවන්ගෙ ගෙවල්වලදි හොරෙන්. එහෙම නැතිනම් සංගීත සංදර්ශනවලදි.

ඒ කාලෙ මේ ගීයටත් සැලකුවේ හරියට වර්තමානයේදී නිල් චිත්‍රපටවලට සලකන්නා වගේ තමයි. සංරක්ෂණවාදී සමාජය මේ ගීය පිළිකුල් කරද්දි තරුණ සමාජය එය ආදරෙන් භාර ගත්තා. එය ඒ යුගයෙ අතිශය ජනප්‍රිය ගීයක්.

අද ආපහු හැරිලා බැලුවා ම එය ඉතා සොඳුරු ගීයක් විතරක් නෙමෙයි, ඉතා නිර්මාණාත්මක ගීයක් බවත් පෙනෙනවා. පද රචනය, සංගීතය, ගායනය, ආකෘතිය ආදී හැම පැත්තෙන් ම එය පෙරළිකාර ගීයක්.

ඒ දවස්වල ම නිහාල් නෙල්සන් මේ ගීයේ ආකෘතිය තුළ ම මම දැම්මෙ පොල් එකයි කියලත් සිංදුවක් කීවා. ඒක මෙතනින් බලන්න.

පහත තිබෙන්නේ ජිප්සීස්ලාගේ පෙරළිකාර ගීයයි: 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-12-28

එන්රික් සංදර්ශනය හා සංගක්කාර, මහේල භූමිකාව තේරුම් ගත යුත්තේ කෙසේ ද?

ජනාධිපතිටත්, ජාතිවාදීන්ටත්, ගොබ්බ වාමාංශිකයන්ටත් දරා ගත නො හැකි එන්රික්ගේ කිස් එක  
එන්රික්ගේ සංදර්ශනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කර තිබෙන ප්‍රකාශය මේ වන විට ජාත්‍යන්තර ප්‍රවෘත්ති සිරස්තල නිර්මානය කිරීමට සමත් වී තිබේ. 

ඔහුගේ ප්‍රකාශය එක පැත්තකින් වර්තමාන ආණ්ඩුවේ ස්වභාවය නිරූපණය කරන්නකි. එය ආණ්ඩුවත්, විපක්ෂයත් එකට කරන දීග කෑමකි. ජනාධිපතිවරයා වරෙක ආණ්ඩුවේ ද, වරෙක විපක්ෂයේ ද භූමිකාව රඟනු දැකිය හැක්කේ ඒ නිසා ය.  

එක්සත් ජාතික පක්ෂය ආර්ථික හා සමාජ දැක්මක් සහිතව ප්‍රතිසංස්කරණ මාලාවකට අත ගසා තිබේ. එය එක්තරා අන්දමකින් ගතහොත් 2001දී බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ම වැඩසටහන අඩු තීව්‍රතාවකින් ඉදිරියට ගෙන යාමක් ලෙස සැලකීමට පුළුවන. එයට හේතුව අද වන විට නව ලිබරල්වාදයට එදා තිබුණු ලෝක තල්ලුව නැති වීමයි. 

වාමාංශිකයන් විසින් නගනු ලබන නව ලිබරල්වාදයට එරෙහි ඝෝෂාව කෙසේ වෙතත්, ආර්ථික ජාතිකවාදය හෙවත් ලෝක ආර්ථිකය සමග සම්බන්ධ වීමේදී අතිශය සංරක්ෂණවාදී වීම අද වන විට ප්‍රායෝගික නැත. තේරෙන භාෂාවෙන් කීවොත් ලෝක ආර්ථිකය සමග සම්බන්ධ වීමේදී රැවුලයි කැඳයි දෙකම බේරා ගැනීම පහසු නැත. එය ගිව් ඇන් ටේක් හෙවත් දීලා ගන්න සිදු වන දෙයකි. අපට ඕනෑ දෙය විතරක් දෙන බවට හා ඕනෑ දෙය විතරක් ගන්නා බවට පුරසාරම් දොඩන්නට පුළුවන. එහෙත්, ඇත්තට කරන්නට බැරි ය. 

එන්රික්ගේ  සංදර්ශනය නිදසුනකට ගනිමු. ලංකාවේ පවතින්නේ කිසිදු නිෂ්පාදනයක් නො කරන, රජය මත විවිධාකාරයෙන් යැපෙන මධ්‍යම පංතියක ආධිපත්‍යයකින් යුත් සමාජ ක්‍රමයකි. ඇතැමෙක් මෙය ධනවාදය ලෙස ද හඳුන්වනු ලබන මුත්, ධනපති පංතියට ලංකාවේ ආධිපත්‍යයක් නැති බවට එන්රික් සිද්ධිය ම නිදසුනකි. 

ශ්‍රී ලංකාවේ මධ්‍යම පංති මූලික සමාජ ක්‍රමය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය විදේශ විනිමය සම්පාදනය කර ගත හැකි ප්‍රධාන ආදායම් මාර්ග අතරින් එකක් වන්නේ සංචාරක කර්මාන්තයයි. ලංකාවට ඉහළ පෙළේ සංචාරකයන් ආකර්ශනය කර ගත යුතු බව ද ඇතැම් පණ්ඩිතයෝ කියති. කියන්නට පුළුවන. ඒ වුණාට එන්නේ දැන් එන එවුන් තමා ය. ඒ අතර විදුලි ඉස්තිරික්කයෙන් රොටි පුච්චාගෙන කා රට තොට ඇවිද යන ශ්‍රී ලාංකික සංචාරයකයන් වැනි ම වූ දිළින්දෝ බහුතරයක් සිටිති. 

ඔය කියන ඉහළ පෙළේ සංචාරකයන් ලංකාවට එන්නේ මොන මගුලට ද යන්න කල්පනා කර බැලිය යුතු ය. පොලිතින්, ප්ලාස්ටික්, ඉඳුල්, බලු හා මිනිස් බෙටි, හුලිජ්ජ, කැහි තලි විසිරුණු, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, විවිධාකාරයෙන් සංචාරකයන්ගේ ඉහමොළ සූරා කන මංකොල්ලකාරයන් පිරුණු, අනාරක්ෂිත වෙරළ, වනාන්තර, ගම්, නගර, හෝටල් ආදියෙහි සැරිසරන්නට එන්නේ අප වැනි ම ආතක් පාතක් නැති එවුන් මිස වෙන කවුරු ද? 

කොහොමින් කොහොම හරි මධ්‍යම පංතියට කාර් පර්මිට්, පැන්ෂන් පඩි, පිංපඩි ආදී වරප්‍රසාද දෙන්නට නම් මෙහෙට මොකුන් හෝ සංචාරකයන් ඇවිත් ඩොලරයෙන් ඩොලරය එකතු විය යුතු ය. ඒ එන එවුන්ට බඩු ගහන්නට, කුඩු ගහන්නට, කා බී නටා ෆන් ගන්නට යටි තල පහසුකම් ලංකාව විසින් සැපයිය යුතුව තිබේ. 

එන්රික් වැනි හාදයන්ගේ සංදර්ශන ලංකාවේ පැවැත්වීම වැදගත් වන්නේ මෙන්න මේ සංදර්භය තුළයි. ඒවා සංවිධානය කරන සංගක්කාරලා, මහේලලා තවමත් වීරයන් වන්නේ ඔවුන් රඟ දක්වන මෙන්න මේ ආර්ථික භූමිකාව නිසා ය. එන්රික් තනපට සිඹීම හා කෙල්ලන් වැළඳ ගැනීම දෙස බැලිය හැක්කේ සංස්කෘතික පාට කණ්ණාඩියෙන් පමණක් නො වේ. 

හිටි හැටියේ මතක් වී සංගක්කාරට සාක්කු නෝට් පොතක කොළයක ලියා එක්සත් රාජධානියේ තානාපතිකම දෙන්නට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැන් එන්රික්ගේ සංදර්ශනය සංවිධානය කළ අයට මඩු වලිගෙන් තලන්නට කතා කරන්නේ ජනප්‍රිය ජාතිවාදය හා ආර්ථික යථාර්ථවාදය අතර වයර් මාරුවීම ලංකාවේ මධ්‍යම පංතික දේශපාලකයන්ගේ සාමාන්‍ය ස්වභාවයක් නිසා ය. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යනු මේ වන විට විපක්ෂයේ භූමිකාවට වේගයෙන් මාරු වෙමින් සිටින දේශපාලනඥයෙකි. සමහර විට ඔහු ආණ්ඩුව බවට පත් වන්නට ද ඉඩ තිබේ. ආණ්ඩුව වෙමින් හා නො වෙමින් සිටින කොයි කාටත් මෙවැනි ජනප්‍රිය කතා කියන එක ඉතා පහසු ය. මන්ද, මඩු වලිගෙන් තැලිය යුතු නියම තැන ජනතාව දන්නේ නැත. 

ශ්‍රී ලංකාව විනෝදාස්වාදයෙන් සපිරි සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ඉදිරියටත් මෙවැනි සංදර්ශන සංවිධානය කරන්නට ධනපති මහේල, සංගක්කාර වැනි අයට ශක්තිය ධෛර්යය දිය යුතු ය. නැතිනම්, ලංකාවේ මධ්‍යම පංතික මූලික සමාජ ක්‍රමය නන්නත්තාර වන්නට වැඩි කාලයක් යන්නේ නැත. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-12-25

රතු අමුඩය


අමුඩය ගසාගෙන කොළඹට එන ඇත්තු
මහමග පෙළපාලි පානා ගොවි පුත්තු
අමුඩය ඇඳන් වෙල් වැඩ කරනා පුත්තු
අයියෝ කොහෙද ඉන්නේ අරුමැසි සත්තු

කලිසම් ඇඳන්උන් කුඹුරට බහින්නේ
ෆෝන් එකෙන් ඒ අතරේ දොඩන්නේ
මැෂින් තමයි කුඹුරේ කරකැවෙන්නේ
අමුඩකාරයෝ කොළඹයි සරන්නේ

ආසාවට අමුඩ කෙටියක් ඇඳගන්න
ලේන්සුවක් මිළ දීලා අරගන්න
කඩයක් තිබේ නම් අපටත් දන්වන්න
මට ආසාය අමුඩෙන් ගොවියෙක් වෙන්න

තට්ටම් මැදින් අමුඩයෙ කොණ රිංගවලා
අනෙක් කොණෙන් වල්ල ඔතා එල්ලාලා
අමු හෙලුවෙන් වගේ මග යනු පෙනීලා
හිතුණයි ලියන්නට කවියක් මෙයාලා



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-12-24

අපි පරාදයි! දොස්තරලාගේ කාර් පර්මිට් සටනට ජයවේවා!

එක්සත් ජාතික පක්ෂ රජය විසින් ඉදිරිපත් කරන ලද මුල් අයවැය යෝජනා තුළ යම් රැඩිකල් ආර්ථික උපායමාර්ගයක් දක්නට ලැබිණි. එය අපේ ඇගයීමට ලක් විය. 

අපේ ඇගයීමට ලක් වූ මූලික කාරණය කුමක් ද යන්න පැහැදිලිව නැවත සඳහන් කළ යුතු ය. ඒ වනාහි මේ රටේ රාජ්‍ය බලය හිමි, රජයෙන් ම නඩත්තු වන මධ්‍යම පංතිය වෙත වරදාන ලබා දීමේ පිළිවෙත වෙනස් කිරීමේ උපායමාර්ගයයි. 

සංඛ්‍යාත්මකව සුළුතරයක් වුව ද ලංකාවේ බහුතරයක් දේශපාලකයන් අයත් වන්නේ ද මේ පංතියට ම ය. 

මේ මධ්‍යම පංතිය නඩත්තු කරන්නට බර දරන්නේ මැද පෙරදිග ගෘහ සේවිකාවන් ප්‍රමුඛ වැඩකරන ජනතාවයි. 

ඔවුන් උපයන මුදල් මෙම පිරිස කෙතරම් නින්දිත අන්දමින් සූරා කනවා ද යත්, තීරු බදු සහන කාර් පර්මිට් හොරෙන් විකුණන ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරීන් එයින් අඩු ම තරමේ මසකට රු. 20,000ක් අයථා ලෙස උපයා ගනිති. (කාර් පර්මිට් එක ලක්ෂ 12කට විකුණනවා ය සිතා එය මාස 60කින් බෙදා බලන්න. අවුරුදු පහෙන් පහට මේ කාර් පර්මිට් ලැබේ.) 

දේශපාලකයන්ට හා රජයේ සේවකයන්ට වැඩි පඩි ගෙවනවාට හෝ වරප්‍රසාද ලබා දෙනවාට අපි ප්‍රතිපත්තිමය වශයෙන් විරුද්ධ නැත. එහෙත්, මහජන මුදලින් තමන් ලබා ගන්නා වරප්‍රසාදවලට සාපේක්ෂව මහජනතාවට සේවය සැලසීම සම්බන්ධයෙන් ඔවුන්ගේ වගවීම පිළිබඳ බරපතල ගැටලු තිබේ. 

පසුගිය දිනෙක කඩයකින් ඉතිරි සල්ලි රුපියල් දෙකක් ඉල්ලූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිව කඩකාරයා බෙල්ලෙන් අල්ලා එළියට දැම්මේ ය. නිර්මාල් කළේ පාරිභෝගික හිමිකමක් වෙනුවෙන් සටනකි. එය පොදු අරගලයකි.

ලංකාවේ රජයේ සේවකයන් ඉදිරියේ මහජනතාවට ද සිදු වී ඇත්තේ මෙය ම ය. මහජනතාව ඉතුරු සල්ලි ඉල්ලන විට දොස්තරලා, බැංකුකරුවෝ වර්ජන පොල්ල අතට ගනිති. 

කෙසේ වෙතත්, මේ වන විට රජයේ අයවැය යෝජනාවල තිබුණු ආර්ථික උපායමාර්ගය සෑහෙන්න වතුර එක් කර තනුක කර තිබේ. 

දේශපාලකයන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම දිරිගැන්වීම සඳහා දිනකට රු. 20,000ක දීමනාවක් ගෙවීමට යෝජනා වී තිබේ. නමට විතරක් පාර්ලිමේන්තුවට එන මහින්ද රාජපක්ෂ වැනි විපක්ෂ මන්ත්‍රීවරු එම දීමනාව ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ වාඩි වන හැටි ඉදිරි කාලයේදී අපට රූපවාහිනියෙන් දකින්නට ලැබෙනු ඇත. 

දේශපාලකයන් තමන්ගේ පැත්තෙන් ආදර්ශයක් නො දී, මහජනතාවට පටි තද කර ගන්නට යයි කීම සාධාරණ ද? 

ඒ නිසා අපි මීට කලින් අප දැරූ ස්ථාවරයන් වෙනස් කර ගන්නෙමු. 

දේශපාලකයන්ට හා ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරීන්ට දෙන කාර් පර්මිට්වලට අපි විරුද්ධ නැත. 

ඒ වරප්‍රසාදය සියලු රාජ්‍ය සේවකයන්ට ලබා දෙනු!

රටට විදේශ විනිමය උපයන මැද පෙරදිග ගෘහ සේවිකාවන්, ඇඟලුම් කම්කරුවන්, වතු කම්කරුවන් වැනි අයට ද තීරු බදු රහිතව ත්‍රිරෝද රියක් හෝ ආනයනය කර ගැනීමට අවස්ථාව ලබා දෙනු!

සෙසු ජනතාවට ද කාර් ආනයනය කර ගැනීමට අඩු තරමේ විදුලි හා හයිබ්‍රිඩ් වාහනවලට පනවා ඇති තීරු බදු හෝ අඩු කරනු!

පාරේ වාහන වැඩි වී ට්‍රැෆික් වැඩි වීමෙන් ඇති වන අසහනයෙන් දිළිඳු ජනතාව බේරා ගැනීම සඳහා පාරේ වම්පස මං තීරුව බස් රථවලට පමණක් වෙන් කරනු! මේ සඳහා සතයක්වත් වියදම් වන්නේ නැත. ඒ මං
තීරුවේ ධාවනය කරන වෙනත් වාහනවලට දඩ ගසා ඒ දඩ මුදලෙන් කෝච්චි ඇන්ජින් හා පෙට්ටි ආනයනය කරනු! 

රජයේ සේවකයන්ගේ හා දේශපාලකයන්ගේ පැන්ෂන් එක මේ විධියට ම දෙනු!

ඒ දෙන විධියට ම මැද පෙරදිග වසර පහක් සේවය කර ඇති ගෘහ සේවිකාවන්ට ද පැන්ෂන් පඩියක් දෙනු! 

(නිකම් ඉන්න එකේ ඔබත් මෙන්න මේ අයදුම්පත පුරවා යවා කාර් පර්මිට් එකක් ලබා ගන්න.

අයවැය පරතරය පුළුවන් තරම් වැඩි කරනු! එය පිරවීමට තව තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! ඒ ණය ගෙවීමට තවත් විදේශ ණය අරගනු! 

සුබ අනාගතයක්! 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-12-23

වරද හිරුනිකාගේ ද?

ඇය කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ඉහළ මනාප සංඛ්‍යාවකින් පාර්ලිමේන්තුවට පත් කර යැවූ අයෙකි.

ඇය අපේ රටේ පාර්ලිමේන්තුවේ සිටින කාන්තාවන් අතළොස්සෙන් කෙනෙකි.

ඇය වනාහි ආණ්ඩුව විසින් පාර්ලිමේන්තු රැස්වීම් වාරයකට සහභාගි වීම වෙනුවෙන් රු. 20,000ක් ගෙවිය යුතු යයි යෝජනා කර තිබෙන මහජන නියෝජිතයෙකි.

ඇය නීතිය හැදෑරූ බවක් ද කියනු ලැබේ.

හැදෑරුවත්, නැතත්, දැන් ඇය නීති හදන්නියකි.

නීතිය දැන් ඇගේ අතේ වගේ ය.

වරද කාගේ ද?

මේ වීඩියෝ එකේ අග හරියේදී හිරුනිකාගේ පැත්තකින් සිටින ටයි මහත්තයා ඇගේ අත කොනිත්තන කෙනිත්තිල්ල බලන්න. හිරුනිකාට හැඟීම්, දැනීම් නො දැනෙන ලෙඩක් තිබේදැයි සැක ය.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

සම අයිතිය හා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-12-22

සිරා කෝච්චියේ ගිය වගයි


ලොක්කො උඹ කවදද
මෙහේ කෝච්චියක යන්නේ
අඟුරු කකා - වතුර බිබී
කොළඹ දුවන
නියම යකඩ යකා

උදේ හතට 
කලුතරින් කොළඹ එන
මීගමුව කෝච්චියෙ එනව ද 
වාඩි වෙල යන්න නම්
දුවපන් බඩු ගබඩාව පැත්තට
පණ කඩාගෙන
ප්ලැට්ෆෝම් එකට එනවිට
සීට් නැති වෙයි නැතිනම්

යමුද හික්කඩුවෙ
නැතිනම් සමුද්‍රේ  
එල්ලිලා කොක්කේ
හිර වෙලා පෙට්ටියේ
තද වෙලා සැප කණේ

දාඩිය ගඳ, පඩ ගඳ, කට ගඳ
වැඩ කරන ජනයාගෙ ජීවන සුවඳ
ඔක්සිජන් විතරයි හිඟ

බහිමුද මහ ලේකම් එකෙන්
පඩ්ඩපු හොරි ගෙඩියකින්
කුණු සැරව විදින්නා සේ
දුවමු කන්තෝරුවට 
ඉසිඹුවක් ගන්නට
ආයෙමත් හවසට 
නගිනකල් මස් කරත්තෙට

මසට දක්කන හරකුන්ටත්
ලොරියේ නීතියක් ඇත
ලොක්කො උඹ කියපං
කෝච්චියෙ මිනිහෙකුට
කොච්චර ඉඩක් අයිති ද?


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-12-21

කන්නන්ගරට පිස්සු ද? හැටි ද?

මේ ලිපිය සමග තිබෙන වීඩියෝවේ කතා කරන විදර්ශන කන්නන්ගර සහෝදරයා මම තේරුම් ගන්නේ මේ මොහොතේ ලංකාවේ වාම දේශපාලනයේ ආධිපත්‍යය පිහිටුවන්නට උත්සාහ කරන කණ්ඩායම් කීපය අතර සිටින එක් නායකයෙක්. මට තේරෙන විධියට ඔහු මේ මොහොතේ උත්සාහ කරමින් සිටින්නේ වාම දේශපාලනයේ සංස්කෘතික අවකාශයේ ආධිපත්‍යය පිහිටුවීම වගේ වැඩක. මට තේරෙන විධියට වාම දේශපාලනයේ බුද්ධිමය නායකත්වය පිහිටුවීම වගේ වැඩක යෙදී සිටින සුමිත් චාමින්ද මහතා සමග සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග මොහු ප්‍රේමයෙන් වෙළී සිටින බවක් පෙනෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මට තේරෙන විදියට උත්සාහ කරමින් සිටින්නේ වාම දේශපාලනයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් අත්පත් කරගෙන සිටි රැඩිකල් අවකාශය තුළ ස්ථානගත වන්නටයි.

මේක ඉතා පැහැදිලි බල ව්‍යාපෘතියක්. මේ බල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ඉතා දුර්වල ස්ථානයකින්. ආර්ථික වශයෙන් දුර්වල, දේශපාලනික වශයෙන් ජනප්‍රිය නැති, සමාජ ප්‍රාග්ධනය දුර්වල තැනකින් තමයි මේ ව්‍යාපෘතිය පටන් ගන්න වෙන්නේ. ඔවුන් දැනට සිටින තැන මේ වැසිකිලියෙන් නිරූපණය වෙනවා. බාල චීන ටයිල් හා කණ්ණාඩියක් අල්ලපු, කැත වර්ණ ගාපු මේ අවලස්සන වැසිකිළියේ කොමඩ් සීට් එකත් කැඩිලා. මෙහි මළ පහ කිරීමට මොහු වාඩි වනවා ඇත්තේ නිකම් ම කොමඩ් එක උඩ. නැතිනම්, ඔහු මළ පහ කරන්නට උවමනාව තිබුණත් මෙහි එය නො කර තද කරගෙන ගෙදර යනවා ඇති. මේක බොහෝ විට මෙවැනි වාම කණ්ඩායමක් සිය කාර්යාලය, සාමූහික නවාතැන, මූල කඳවුර විදියට පාවිච්චි කරන තැන වෙන්න ඇති. මම මේ වගේ වාම කණ්ඩායම් එක්ක වැඩ කර ලබා තිබෙන සාමාන්‍ය අත්දැකීම වන්නේ මේ කාර්යාල නඩත්තු කරන්නට හරි අමාරුයි. කොයි තරම් විනයගත කරන්නට උත්සාහ කළත්, වාමාංශික සහෝදරවරුන් තුළ පොදු දේපල ගැන සුබවාදී අදහස් ඇති කරන එක හරි අමාරුයි. ඒක ගැන වෙන ම පසුව කතා කරමු.

දැන් මේ අය සිටින මේ දුෂ්කර තත්වය තුළ ඔවුන්ට ඉදිරියට යාමට අවශ්‍ය සාධක කීපයක් තියෙනවා. එකක් තමයි, ඔවුන්ට සතුරන්, තරගකරුවන් අවශ්‍යයි. ඔවුන් කියන්නේ ඔවුන්ගේ සතුරා ධනපති ක්‍රමය කියලා වෙන්න පුළුවන්. සමහර විට, ධනපති ආණ්ඩුව, යූඇන්පිය තමන්ගේ සතුරා ය කියා කියන්නත් පුළුවන්. එහෙත්, ඒවා ඔවුන්ට ලොකු වැඩියි. ඒ සතුරන් මොවුන්ව සලකන්නේ අලියාගේ කම්මුලේ වහන මැස්සකුගේ මට්ටමින්. ඒ නිසා තමන්ට ගැලපෙන සතුරෙක් නිර්මානය කර ගත යුතුයි. මෙතැනදී නම් ඔවුන් තෝරාගෙන තිබෙන්නේ නිර්මාල් රංජිත් දේවසිරි සහෝදරයාව.

මං හිතන්නේ දීප්ති කුමාර ගුනරත්න සහෝදරයාත් මේ අයගේ තරගකාරයෙක් වෙන්න ඇති. ඔහුගේ දේශපාලනයත් මේ හා සමානයි. ඒ වුණාට මං හිතන්නේ මීට වඩා පරිණතයි. මේ හැම අදහසක් එක්ක ම මම ‘මං හිතන්නේ' කියන කෑල්ල භාවිතා කරන්නේ මේ මගේ නිරීක්ෂණ නිසායි.

හොඳයි, දැන් මේගොල්ලන් සිය බල ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට මොනවද කළ යුතුව තිබෙන්නේ? ඔවුන් සෙසු දේශපාලන, සමාජ ක්‍රියාකාරිකයන් අතර තමන් සුවිශේෂ බව පෙන්විය යුතුයි. ඒක කරන්නේ කොහොම ද? 

මේ කාලේ සඳලංකාව පැත්තේ ඉන්නවා එක්තරා ඍෂිවරයෙක්. ඒකා හමුදාකාරයෙක් කියලත් කියනවා. මිනිහා ළඟ කිසියම් අද්භූත බලයකින් ලැබුණු තෙලක් තියනවාලු. දැන් ඔහු ඒක ඩයිලියුට් හෙවත් තනුක කරලා මිනිසුන්ට බෙදනවා. දුප්පත්, අලස, නූගත්, බේබදු, මිථ්‍යා විශ්වාස පිළි ගන්නා, ප්‍රාතිහාර්ය දකින්නට කැමති, විවිධ ප්‍රශ්නවලින් හෙම්බත් වුණ, රෝගී, අසරණ මිනිස්සු බස් හයර් කරගෙන සඳලංකාවේ යනවා. ගිහින් අර ඩයිලියුට් කරපු විශ්ව ශක්තිය ඇඟේ ගාගෙන, සල්ලි දීලා කුප්පිවල දමාගෙන එනවා. 

ලාභය මත දිවෙන ධනේශ්වර ආර්ථික ක්‍රමය තුළ එක් සමාජ කණ්ඩායමක් ආර්ථික වශයෙන් අසරණ වෙනවා. සංස්කෘතික පසුගාමිත්වය, අලසකම, නූගත්කම, බේබදුකම, ආගම, ස්වාභාවික විපත්, ගැටුම් හා රෝගාබාධ වැනි හේතු මත ඔවුන්ගේ අසරණකම තවත් ගැඹුරු වෙනවා. එය කාලකන්නිකමක් වෙනවා. 

සමාජයට විමුක්තිය ලබා දීම සඳහා ඉදිරිපත් වන පිරිස මාකට් කරන්නේ මේ මිනිසුන්ගේ දුකයි. ඔවුන් අසරණකමින් මුදා ගැනීම සඳහා විප්ලවය කිරීමට, සමාජවාදය ගොඩනැගීමට තමන්ට බලය දෙන ලෙස කරන ඉල්ලීම තමයි ඔවුන්ගේ දේශපාලනය. මෙතනදී බලය දිය යුත්තේ තමන්ට පමණයි යන්නත් ඔවුන් අවධාරණය කරනවා.

ඉතින් අපි ඇයි ඔවුන්ට බලය දිය යුත්තේ? ඒකට ඔවුන්ගේ පිළිතුර මේකයි. “අපි අවංකයි. අපි ඇත්තට ම දිළින්දන්ට ආදරෙයි. අපි ධනපති පංතියත් එක්ක තරහ ම තරහයි. කොච්චර තරහද කියනවා නම් අපි මළත් යාලු වෙන්නෙ නැහැ. අපට උන් පෙන්නන්න බැහැ යකෝ! ධනවාදය මතක් වෙනකොටත් අපේ ඇඟේ මයිල් කෙළින් වෙනවා. ඊළඟට අපි කළ යුතු දේ හරියට ම දන්නවා. අපි ඒ ගැන පොත් ගොඩක් කියවලා තියෙනවා. දැනටත් හදාරනවා. අපට බලය දෙන්න. අපි කරලා පෙන්වනවා. තේරුණා ද?"  

සඳලංකාවේ හමුදාකාරයා ළඟට යන සමාජ තීරය ම මේ අය ළඟටත් එනවා. සමහරු සඳලංකාවෙන් පස්සෙ වෙන කොහේ හරි බොහෝ විට වයඹ පළාතේ ගමක ප්‍රාතිහාර්යකරුවෙකු ළඟටත් යනවා. නැතිනම් එහෙම යන එක සම්පූර්ණයෙන් ම නවත්තලා විප්ලවවාදී දේශපාලනයක් කරනවා. 

ධනවාදය කොයි තරම් නරකයි කිව්වත්, විකුණන්නට ශ්‍රමය විතරක් නෙමෙයි මොළය හා සුබවාදී ආකල්ප තියෙන කම්කරුවෙකුට බුද්ධිමත් ලෙස කටයුතු කළොත්, කාටවත් ගේම් නො ගසා, සතුටින් ජීවත් වෙන්නට බැරි නැහැ. මගෙත් එක්ක කතාබහට සෙට් වුණ රැඩිකල්වාදීන්ට මං කියලා තියෙනවා ඕනැ නම් මාව කේස් ස්ටඩි එකක් ලෙස හදාරලා බලන ලෙස. මං එහෙම කම්කරුවෙක්. මගේ ජීවිතේ මං මුහුණ දුන් ඇතැම් තත්වයන් අතිශය භයානකයි. මං අවුරුදු විසි හතරෙදි මරණය ළඟට ම ගිහින් ආපහු බිංදුවෙන් ජීවිතේ පටන් ගත් කෙනෙක්. මහින්ද රාජපක්ෂගේ කාලෙ නැවත සියල්ල දමා ගහලා රටින් පිටවෙන්න සිදු වුණ කෙනෙක්. ඒත් සංස්කෘතික පසුගාමිත්වය, අලසකම, නූගත්කම, බේබදුකම, ආගම වැනි හේතු මත මගේ අසරණකම තවත් ගැඹුරු වෙලා එය කාලකන්නිකමක් වුණේ නැහැ. 

ඒ නිසා, මං කියන කම්කරුවාට සඳලංකාවට හෝ විදර්ශන කන්නන්ගර ළඟට නො ගිහින් පවතින්නට පුළුවන්. එතකොට මං වැරදි ද? 

මට පෞද්ගලිකව සල්ලි ගොඩක් ඕනැ නැහැ. හැබැයි මට සමාජ සුරක්ෂිතභාවයක් අවශ්‍යයි. මගෙත් එක්ක කතා කරන ඇතැම් දීප්තිවාදීන් අහනවා උඹේ ඉන්දියන් කාර් එකේ එයා බෑග් නැහැ නේ ද කියලා. මට තිබෙන ලොකු ම ප්‍රශ්නය ඒක නෙමෙයි. ඒකෙ ක්ලච් එක තියෙන එක. මේ දවස්වල මං මගේ කම්කරු බිරිඳට මේ ක්ලච් එක පුරුදු කරන්න දරන මහන්සිය මමයි දන්නෙ. එයා බෑග් ප්‍රශ්නෙත් ප්‍රශ්නයක් තමයි. ඒත්, දැනට අපේ බුද්ධිමත් කම්කරු පංතිය පොදුවෙ ම ඉන්නෙ ඇල්ටො මට්ටමේ. කලින් අපි හිටියෙ හන්ඩ්‍රඩ් බයික් මට්ටමේ නේ. දැන් අපි ඊට වඩා දියුණුයි. ඉස්සරහට බලමුකෝ.

බුද්ධිමත් කම්කරුවෙක් විදියට මට අවශ්‍ය තවත් බොහෝ දේ තිබෙනවා. මං ඉන්නෙ ගමක. වැඩ කරන්නෙ කොළඹ. දිනපතා උදේ හවස යන එන කෝච්චියේ, බස් එකේ සෙනග. පාරෙ ට්‍රැෆික්. හවසට වැඩ ඇරිලා ඔය විදර්ශනලා වගේ අය සංවිධානය කරන සාහිත්‍ය මධු සාදයකට එහෙම සහභාගි වෙලා ගෙදර යන්න විදියක් නැහැ. බස් නැහැ. අපේ ගමේ තියෙන්නෙ එක චිත්‍රපටි හෝල් එකයි. නාට්‍යවල ටිකට් මිළ අධිකයි. හෝල්වල පහසුකම් අවමයි. හොඳ පොත් කඩයක් නැහැ. මහජන පිට්ටනියෙ පහසුකම් මදි. ඉස්කෝලවල පංති කාමර තදබදයි. ගුරුවරු ළමයි ටියුෂන් පංතියට ආවෙ නැතිනම් පළි ගන්නවා. රජයෙ සේවකයෝ අපිව හූරා කනවා. අපි එච්චර රෝහල් ගානෙ යන අය නෙමෙයි. ඒ වුණාට ඒවායේ සේවය අන්තිම සවුත්තු බව දන්නවා. මේ දවස්වල එළවළු ග්‍රෑම් 250 රුපියල් පනහට අඩුවෙන් ලැබෙන්නෙ වට්ටක්කා විතරයි. අමු මිරිස් ග්‍රෑම් 100 රු. 90යි. පලතුරු මාර ගණන්. පොළේ වෙළඳං කරන පීඩිත පංතියේ සහෝදරයෙක් ගිය සුමානේ කොමඩු ගෙඩියකට මගේ බිරිඳව ඇන්දුවා. ඒක මදේ සුදු පාට හද්දා ගැටයක්. දේශපාලකයන්ව නම් මට ඒ තරම් දැනෙන්නෙ නැහැ. උන් අපේ ජීවිතවලට ඍජුව සම්බන්ධ නැහැ. හැබැයි, පහුගිය කාලෙ මහින්ද රාජපක්ෂ අපේ සිතුවිලි නිසා අපේ ජීවිතයට තර්ජනය කළා. ඒ නිසා අපි විශාල බරක් යොදා, මහන්සි වෙලා ඒ මළ කරදරය අයින් කළා. මං හිතන්නෙ මහින්ද ඉඳපු කාලෙ විදර්ශනලාගේ කටේ මෙච්චර සද්දෙ තිබුණෙ නැහැ. 

අපට කම්කරුවන් ලෙස තිබෙන ප්‍ර‍ශ්න අතරින් එකක් තමයි බලය පිළිබඳ ප්‍රශ්නය. ඒත්, ඒ වෙනුවෙන් උතුරු කොරියාවේ ආණ්ඩුව වගේ එකක් අත්හදා බැලීමේ උවමනාවක් අපට නැහැ. කම්කරුවන්ට තිබෙන්නේ ආර්ථික ප්‍ර‍ශ්නයක් විතරක් නෙමෙයි. ආර්ථික ප්‍ර‍ශ්නය විසඳා ගන්න අපි දැන් අත්පත් කරගෙන තියෙන දේ අහිමි කර ගන්නත් කම්කරුවෝ සූදානම් නැහැ. 

දැන් මේ මං කියන කම්කරුවා විදර්ශනලාට අවුල්. ඇයි මං බ්ලොග් ලියනවා නේ. විදර්ශනලාව ප්‍රශ්න කරනවා නේ. සුමිත් චාමින්ද, නිර්මාල් රංජිත් දේවසිරි වගේ පඬිවරු අපව හඳුන්වන්නේ මෝඩයන්, පොත් නො කියවන්නන් විදියට. ඒ‍ නිසා ඒ අය මේ ලිපිය කියවන්නට එන්නෙ රතු පෑන කණේ ගහගෙන. හරි, වැරදි දාන්න, යටින් ඉරි ගහන්න. ඒකත් එක්තරා ලෙඩක් තමයි. මං නම් හිතන්නේ පොත් කියවනවා ය කියා ඕනෑවට වඩා අනෙක් අයට පෙන්වන්නට උත්සාහ කරන අය කියන්නේ මානසික රෝගීන් පිරිසක්. කවුරුහරි තමන් හුස්ම ගන්නවා ය කියලා ආඩම්බරෙන් ප්‍රචාරය කරනවා නම් ඒ පට්ට පිස්සෙක්. හැබැයි, තමන් ව්‍යායාම කරනවා ය කියා ප්‍රචාරය කරන එකාත් පිස්සෙක්. තමන් පොත් කියවනවා ය කියා උජාරුවෙන් කියන එවුන් ඉන්නෙ ඔය දෙවෙනුව කී මට්ටමේ.

මේ පොත ගැන කියන්නේ මං මේක කියවපු බව ගැන කියන්න නෙමෙයි. ඔබ එය කියවිය යුතු බව කියන්නයි. පොතේ නම ‘බෝල්ෂෙවික්වාදය න්‍යාය හා භාවිතය'. කර්තෘ බර්ට්‍රන්ඩ් රසල්, පරිවර්තනය කළේ නිශාන්ත කුලරත්න සහෝදරයා. රාවය ප්‍රකාශනයක්. 


දැන් මේ වීඩියෝ එකේ විදර්ශන කියන්නෙ මේකනේ. අපි විප්ලවේ පටන් ගත්තා ම නිර්මාල්, බලන් ඉඳපල්ලා, තොපිට තමයි ඉස්සෙල්ල ම වැඩේ දෙන්නෙ කියන එකනේ. ඇයි ඒ? ගොඩනැගෙමින් තිබුණා ය කියන විමුක්ති දේශපාලනයකට නිර්මාල් අඩ තිබ්බලු. කොහොම ද? රාජපක්ෂ ආණ්ඩුව පෙරළලා. ඒ කියන්නෙ, විමුක්ති දේශපාලනයට නැගිටින්නට නම් මහින්ද බලයේ සිටිය යුතුව තිබුණා. නිර්මාල් කළ යුතුව තිබුණෙ ඒක පෙරළන්න උදව් කරන එක නෙමෙයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය කෙළින් කරන එක.  

විදර්ශන කන්නන්ගරට පිස්සු ද, නැතිනම් ඒ එයාගෙ හැටි ද කියා තේරුම් ගන්නට ආලෝක ධාරාවක් ‘බෝල්ෂෙවික්වාදය න්‍යාය හා භාවිතය' කියන පොතෙන් යොමු කර ගන්නට පුළුවන්. ජවිපෙ සිට පෙසප, දීප්ති, විදර්ශන ආදීන් හරහා සමස්ත පෙරටුගාමී මාක්ස්වාදී දේශපාලනය ම තේරුම් ගැනීම සඳහා සිතිවිලිවලට ආහාරයක් එහි තිබෙනවා. 

විදර්ශන කන්නන්ගර සහෝදරයා මාතෘකාව දැකලා කේන්ති ගත්තා නම් තරහ නිවාගෙන ආපහු හිතන්න. මාතෘකා හා ලිපිවල ශෛලිය එක්ක සුමිත් චාමින්ද වගේ පෞද්ගලිකව තරහා වෙන්න එපා. ෆේස්බුක් මිතුරු ලැයිස්තුවෙන් අන්ෆ්‍රෙන්ඩ් කරන්න කලබල වෙන්නත් එපා. ධනේශ්වර මාධ්‍ය ලෝකයක් ඇතුළේ බ්ලොග්කරුවන් ලෙස සිට ගන්නට අප කරන අරගලය ගැනත් ද්විඝටනාත්මකව විග්‍රහ කරගෙන සංවාදය කරගෙන යමු. 


නිශාන්ත කුලරත්න 




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-12-18

ගුරුවරිය නම් වීර චරිතය සමග හෝ ගානා පොකුණ අසබඩ


ළමයින්ගේ පරිකල්පිත ලෝකය හෙවත් කතන්දර ලෝකය පිරී ඇත්තේ වීරයන්, දුෂ්ඨයන්, විහිළුකාරයන්, අභිරහස්, ප්‍රාතිහාර්ය, සටන්, ජයග්‍රහණ, සතුට, සිනහව වැනි දේවලිනි. ඉන්දික ෆර්ඩිනැන්ඩු අප ඉදිරියේ ප්‍රතිනිර්මානය කරන්නේ ඒ ළමා ලෝකයයි.

හෝ ගානා පොකුණ යථාර්ථවාදී සිනමා පටයක් නො වේ. එහි කතාව, පසුබිම, චරිත, සිද්ධි ආදී කිසිවක් යථාර්ථය නො වේ. එහෙත් ඒ විකාරරූපී හා අධි යථාර්ථවාදී අමුද්‍රව්‍ය භාවිතා කරමින් හෝ ගානා පොකුණ අප ඉදිරියේ ප්‍රතිනිර්මාණය කරන්නේ මේ සමාජයේ යථාර්ථයයි. වත්මන් ළමා ලෝකයේ යථාර්ථයයි. එහි සුවිශේෂත්වය එයයි.

ළමා චිත්‍රපට බලන්නට ළමයින්ට තනිව යා හැකි වාතාවරණයක් ලංකාවේ නැත. ඒ නිසා ළමා චිත්‍රපට බලන්නට ළමයින් සමග යන දෙමව්පියන්ට ද සාධාරණත්වය ඉටු කිරීමේ වගකීමක් වෙන කො‍හේ නැතත් ලංකාවේ ළමා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට තිබේ.

හෝ ගානා පොකුණ ප්‍රධාන තල දෙකක් ඔස්සේ රස විඳිය හැකි ය. පහසුව සඳහා එය කතන්දර තලය හා දේශපාලන තලය ලෙස නම් කළ හැකි ය.

කතන්දර තලයේ ඇති සුවිශේෂත්වය චිත්‍රපටයේ තිබෙන අපූරු චරිත හා සිද්ධි නිර්මානයයි. එහි ඇත්තෙන් ම මහා ලොකු කතන්දරයක් ද නැත. එහෙත්, සිද්ධියෙන් සිද්ධියට සිදු වන්නේ අප බලාපොරොත්තු වන දෙයට වෙනස් දෙයක් අපට දකින්නට ලැබීමයි. චිත්‍රපටය අප ඇද බැඳ ගන්නේ එසේ ය. නාගරික තරුණියට ගුරු පත්වීමක් ලැබුණු බව අසන්නට ලැබේ. ඉන් පසු දකින්නට ලැබෙන්නේ දුෂ්කර පාසලක් කරා පියානෝවක් ගෙන යන දර්ශනයකි. මා සිතුවේ තරුණිය එහි යන විට පියානෝවකුත් රැගෙන යනවා ය කියා ය. එහෙත්, සිදු වන්නේ එය නො වේ. අප දන්නා සාමාන්‍ය කතාවක නම් මේ පියානෝව එහි කේන්ද්‍රීය වස්තුවක් විය යුතු ය. හෝ ගානා පොකුණේ එහෙම වන්නේත් නැත. මේ අරුම පුදුම පෙට්ටියේ සිටින බව වදුහල්පතිවරයා කියූ මකරා සොයන්නට ගිය ළමයින් අතින් වැරදීමකින් පියානෝවේ යතුරක් ස්පර්ශ වී නාට්‍යයක් නිර්මානය වනු ඇතැයි මම බලාපොරොත්තු වුණෙමි. එහෙත්, එහෙම වූයේ නැත. එසේම, විහිළුකාර රියදුරු ජස්ටින් සමග කොළඹ ගමන යන්නට මම බලා සිටියෙමි. එහෙම වූයේත් නැත.

චිත්‍රපටය ආරම්භ වන්නේ මුහුදු වෙරළෙනි. අවසන් වන්නේ ද මුහුදු වෙරළෙනි. එහෙත්, අවසාන මොහොත වන තෙක් ඉන්දික අපට මුහුද පෙන්නන්නේ නැත. ඔහු එය කිසි සේත් ම පෙන්වන එකක් නැතැයි මට සිතිණි. හෝ ගානා පොකුණ ලෙස නම් කළ චිත්‍රපටයක් මුහුද නො පෙන්වා අවසන් කිරීම හරි අපූරු නේදැයි මගේ වැඩිහිටි සිතට සිතෙමින් තිබියදී අධ්‍යක්ෂවරයා ප්‍රීතියෙන් පිරුණු වෙරළකට ඔබ්බෙන් දැවැන්ත මුහුද අපේ දර්ශන පථය ඉදිරියේ නිර්මානය කරයි. අපූර්වත්වය යනු මෙය හැර වෙන කුමක් ද?

ළමයින්ගේ ලෝකය ඉදිරියේ හෝ ගානා පොකුණ චිත්‍රපටය විසින් නිර්මානය කරන වීර චරිත වනාහි ඉතා සාමාන්‍ය මිනිස්සු ය. වයස අවුරුදු නවයක් හා හයක් වන මගේ දියණියන්ගෙන් මම ඔවුන් කැමති ම චරිතය කුමක්දැයි ඇසූ විට ඔවුන් කීවේ උක්කුං බවයි. ඔවුන් ගුරුවරියට කැමති වූයේ දෙවෙනියට ය. උක්කුං සාමාන්‍ය ළමයෙකි. ගුරුවරිය අප බලාපොරොත්තු වන අන්දමේ සුදු පාට, සුකුමාර ලලනාවක් ද නො වේ. ඇය තරමක් ගොරහැඩි ගති පැවතුම් ඇති කාන්තාවකි. ඇය මුලින් ම දුටු විට අන්ධ දැරිය අසන්නේ ඇය සුදු ද කළු ද කියා ය. ඇය කළු බව දැන ගත් විට ළමයකු කියන්නේ එහෙනම් ඇය මේ පාසලෙන් මාරු වී නො ගොස් ඔවුන් සමග රැඳී සිටිනු ඇති ය කියා ය. මේ වනාහි සංස්කෘතිකමය වශයෙන් කෙතරම් ගැඹුරින් විග්‍රහ කළ හැකි කියමනක් ද?

ළමයින්ගේ ලෝකයේදී තාත්තා ළඟට ඊළඟ වීරයන් වන්නේ පෙර පාසලේ හෝ පාසලේ ඔවුන්ට උගන්වන ගුරුවරියන් ය. හෝ ගානා පොකුණ චිත්‍රපටය විසින් ප්‍රතිනිර්මානය කරනු ලබන්නේ මේ වීර චරිතයයි. හෝ ගානා පොකුණේ ගුරුවරිය සුපිරි වීර චරිතයක් ලෙස ගොඩනගනු ලැබේ. රියදුරා නැති බස් රියේ රියදුරු අසුන ළඟ වාඩි වී, රිය පණ ගන්වන ඇය පසුපස හැරී කියන කියමන වන “මාව විශ්වාස කරලා එන්න" යන කියමන ද ගැඹුරු අරුත් දනවන්නකි.

ජයලත් මනෝරත්න නම් නළුවා විසින් නිර්මානය කරනු ලබන ජස්ටින් නම් චරිතය බස් රියේ රියදුරා ලෙස වාඩි කළා නම් විනෝද සාගරයක් නිර්මානය කරන්නට පුළුවන්කම ඇති බව දැන දැන ම අධ්‍යක්ෂවරයා එසේ නො කර ගුරුවරිය රියදුරු අසුනට නංවයි. වර්තමාන සමාජ, සංස්කෘතික හා අධ්‍යාපන අර්බුදය මැද ගුරුවරියගෙන් බලාපොරොත්තු වන්නේ සම්මතයන් පිටු දකින, අසාමාන්‍ය වීර චරිතයකි. වර්තමාන සමාජයේ ගුරුවරිය වීරත්වයට නැගීම වනාහි අතිශය දේශපාලනික වූ කාර්යයකි. ලංකාවේ රෝගී සමාජය සුවපත් කිරීමෙහිලා හා වෙනස් කිරීමෙහි ලා ගුරුවරියට තිබෙන වගකීම අති විශාල ය. 

හෝ ගාන පොකුණ චිත්‍රපටය ආරම්භ වන්නේ මහ මුහුද අසලිනි. වෙරළේ ජීවිතයෙන් අංශු මාත්‍රයක් පෙන්වූවත්, එහිදී අපට මුහුද දකින්නට ලැබෙන්නේ නැත. චිත්‍රපටයේ ආරම්භය කම්මැලි ප්‍රවේශයකි. එහෙත්, එය වැදගත් දේශපාලන සාකච්ඡාවකට වැඩිහිටි ප්‍රේක්ෂකයා අවදි කරයි. සුළු ධනේශ්වර ඊනියා විප්ලවවාදියකු වන සරසවි සිසුවා හා දුෂ්කර පාසලක උගන්වන්නට පත්වීමක් රැගෙන යන ගුරුවරිය අතර සංවාදය සමාජවාදී දේශපාලනයේ න්‍යායවාදී මහේක්ෂ තලය හා ප්‍රායෝගික ක්ෂුද්‍ර තලය අතර දිග්ගැසුණු සංවාදයයි. සමාජය වෙනස් කිරීම ආරම්භ කළ යුත්තේ කොතැනින් ද, අධ්‍යාපනය එහිදී කෙතරම් වැදගත් ද, සුළු ධනේශ්වර අපේක්ෂා ඇති සරසවි සිසුන් එතැනදී කෙතරම් සමාජවාදී ද යන කාරණා ගැන චිත්‍රපටය අපගේ අවධානය යොමු කරයි.

ගුරුවරිය මේ මහේක්ෂ සමාජවාදී දේශපාලන තලයෙන් මිදී ක්ෂුද්‍ර‍ දේශපාලනය වෙත යන්නී ය. න්‍යාය වෙනුවට භාවිතාව වෙත යන්නී ය. පොතේගුරුවාදීව විකල්ප පිළිබඳ සංවාද කරනවා වෙනුවට භාවිතාව තුළින් හැදෑරීම හා විකල්ප නිර්මානය වෙත ඇය අප කැඳවයි. 

සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ගුරු වෘත්තියට පිවිසෙන බොහෝඋපාධීධාරීන් ග්‍රාමීය, දුෂ්කර හා අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් ඉගෙන ගන්නා පාසල්වල සේවය කරන්නට අකැමැති ය. ඔවුන් ගුරු වෘත්තිය තෝරා ගන්නේ ද වෙනත් උසස් යයි සම්මත රැකියා නො ලැබුණ විට ය. එහෙත්, ගුරුවරයාගේ භූමිකාව වනාහි සමාජ විපර්යාසයෙහිදී අතිශය වැදගත් එකකි. එය යළි නඟා සිටුවිය යුතු ය. 

චිත්‍රපටය අවසානයේ ළමයින් ප්‍රීතියෙන් සෙල්ලම් කරද්දී අර යකඩ ගුරුවරිය හඬා වැටෙන දර්ශනය චිත්‍රපටයේ කූටප්‍රාප්තියයි. ඒ හඬා වැටීම සමස්ත සමාජයේ ම හෘදය සාක්ෂියට කරන ආමන්ත්‍රණයකි. වැඩිහිටි මිනිසුනි, ඔබ අප මේ කරමින් සිටින්නේ කුමක් ද? 

ටයිටස් තොටවත්ත 1979දී හඳයා පෙන්වන විට පැවසුවේ එය වයස අවුරුදු අටේ සිට අසූව දක්වා කාටත් උචිත නිර්මානයක් බවයි. ඒ කතාව හෝ ගානා පොකුණටත් අදාළ ය. හඳයා නිර්මානය කරමින් ටයිටස් තොටවත්ත ලංකාවේ ළමා සිනමාව ඔසවා තැබූ තලයෙන් ඉදිරියට එය ගෙන යන්නට ඉන්දික ෆර්ඩිනැන්ඩු සමත් වී ඇතැයි මට සිතේ.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-12-17

පංති වෙන්න දඟළන වෘත්තික කණ්ඩායම් අතර බැංකුකරුවෝ

වෘත්තික කණ්ඩායමකට සමාජ පංතියක් වෙන්නට පුළුවන් ද?

සමාජ පංතියක් යනු කුමක් ද? පංතියක් යනු සමාජ, ආර්ථික පදනමින් වෙන් කර දැක්විය හැකි සමාජ කණ්ඩායමකැයි සරළව අර්ථ කථනය කළ හැකි ය.

වෘත්තික කණ්ඩායමක් යනු කිසියම් පොදු දැනුම හා කුසලතා පද්ධතියක් මත පදනම්ව රැකියාවක යෙදී සිටින පිරිසක් ලෙස සැලකිය හැකි ය. ඔවුන් හා සමාන සමාජ, ආර්ථික පදනම් වෙනත් වෘත්තිකයන්ටත් තිබිය හැකි නිසා ඔවුන් වෙන ම පංතියක් වන්නේ නැත.

එහෙත්, ලංකාවේ ඇතැම් වෘත්තිකයෝ වෙන ම පංති බවට පත් වන්නට උත්සාහ කරති. එසේ කරන්නේ සමාජ ආර්ථික ස්ථාවරයන් බලහත්කාරෙන් හා ඉක්මණින් අත්පත් කර ගැනීමෙනි. මෙය පහසුවෙන් කළ හැකි වන්නේ රජය සමග එක් වී මහජනතාව සූරාකෑමෙනි.

මේ සඳහා පැහැදිලි ම උදාහරණය දේශපාලකයෝ ය. ඔවුහු අමු අමුවේ ම රාජ්‍ය සම්පත් තමන්ගේ ගිනුමට බැර කරගෙන ක්ෂණිකව ධනවත් වෙති. විස්තර කිරීම අනවශ්‍ය ය. කරන හැටි කවුරුත් දනිති.

මෙවැනි තවත් වෘත්තික කණ්ඩායමක් වන්නේ වෛද්‍යවරු ය. රජයේ සේවයේ වෛද්‍යවරු යයි කියන්නට බැරි වෛද්‍යවරු තමන් අනිවාර්යයෙන් ම රජයේ සේවයේ කොටසක් විය යුතු තත්වයක් ඇති කරගෙන සිටින නිසා ය. ඒ ගමන් ඔවුහු පෞද්ගලික ව්‍යාපාරවල යෙදෙති. ඒ වෙනුවෙන් රාජ්‍ය දේපල හා රජය විසින් වැටුප් ගෙවන කාලය ද යොදවති.

මේ ටික කිව්වා ම දොස්තරලා රෙදි කරට ගෙන එන්නේ මෙන්න මේ වගේ යාං හෑලි කියාගෙන ය. “ඔපරේෂන් එකක් කරනකොට මග නවත්වන්න පුළුවන් ද? ලෙඩෙක්ගෙ ජීවිතයක් බේරගන්න අපි කොච්චර මහන්සි වෙනවා ද? අපට ගෙවන පඩිය කීය ද?"

මේ කාරණා ඇතැම් වෛද්‍යවරුන්ට අදාළව ඇත්ත ය. එහෙත්, එවැන්නන් සිටින්නේ අතළොස්සකි. ඔවුන්ට අපේ ප්‍රණාමය පිරිනැමේ. එහෙත්, බහුතරයක් වෛද්‍යවරු කරන්නේ මේ වැඩ කරන අතළොස්සට මුවා වී බිස්නස් කිරීමයි. අත්සන් කිරීමක් නැති නිසා වාට්ටුවලට නො ඇවිත් මගහරිති. ඔන්කෝල් එක වෙලාවේ ලෙඩා නො බලා දුරකථනයෙන් බෙහෙත් දෙති. එකෙකුගේ ඩියුටිය වෙනුවෙන් වෙන අය යොදවති. උදාහරණයක් ලෙස නයිට් ඩියුටිය වෙන අයට විකුණති. නැතිනම් දොස්තර සැමියාගේ ඩියුටියට දොස්තර බිරිය එවති. පැය හයේ වැඩමුරය නො කරති. ඇතැම් බාහිර රෝගී අංශවල වැඩ බෙදාගෙන ඇති ආකාරය අනුව වෛද්‍යවරයකු රෝගීන් බලන්නේ දවසකට පැය දෙකක් පමණි. මෙසේ කරන ගමන් දුරකථන දීමනා (රු. 6000), නිදි බාධක ඇතුළු දීමනා (රු. 35,000) ආදී සියලු වරප්‍රසාද ගනිති. පැය 130 ම අතිකාල (එක් පැයකට රු. 320ට වැඩි ය) ලියා ගනිති. මොවුන් සංවිධානගත මාෆියාවක් බැවින් ඉහළ නිලධාරීහු මේ සියල්ල දැන දැන ඒවා අනුමත කරති. සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න වෛද්‍යවරයකු ලෙස මේ සියල්ල හොඳින් දන්නෙකි.

දොස්තරලා පංතියක් ලෙස නැගී සිටින්නට උත්සාහ කරන්නේ මහජන මුදල් මේ අන්දමින් නින්දිත ලෙස සූරාකෑමෙනි. 

ලංකාවේ බැංකුකරුවෝ ද මෙසේ සමාජ පංතියක් වන්නට උත්සාහ කරන වෘත්තිකයන් පිරිසකි. අතීතයේදී බැංකු තිබුණේ අතළොස්සක් නිසා හා ඒවා ද රජයට අයත් ඒවා වූ නිසා ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලැබිණි. පෞද්ගලික බැංකු පැමිණීමත් සමග ම ඔවුන්ගේ රැස් බැස්සත්, තවමත් එ් සඳහා උත්සාහය අතහැර නැත. රාජ්‍ය අනුග්‍රහයෙන් හා පොදු අරමුදල්වල ආරක්ෂාවෙන් පවත්වාගෙන යන රාජ්‍ය බැංකු මේ තත්වය පවත්වා ගැනීමට මහෝපකාරී වී තිබේ. ආගමික හා ජාතික නිවාඩු දවස් සති අන්තයකට වැටුණු විට ඒවා සති මැද සෙසු ජනතාව වැඩ කරන දවසක නිවාඩුවකින් හිලව් කර ගන්නා වෙනත් වෘත්තියක් ලෝකයේ තිබේදැයි මම නො දනිමි. එවැනි ආර්ථික කෘරත්වයන් වාර්තා වන්නේ බැංකු ක්ෂේත්‍රයෙන් වීම විස්මිත ය.

දෙසැම්බර් 15දා බැංකුකරුවන් කළ වර්ජනය වනාහි අතිශය ප්‍රතිගාමී එකකි. එයට හේතු මොනවා ද? ඒවා වනාහි රාජ්‍ය ආර්ථික ප්‍ර‍තිපත්තිවලට එරෙහිව කළ වෘත්තීය සටනකි. වර්ජනයට පෙර ඒ පිළිබඳ රජය සමග සාකච්ඡා කර විසඳා ගන්නට ඔවුන් උත්සාහ කළා ද? නැත. මෙම වර්ජනය ඉතා පැහැදිලි කඩාකප්පල්කාරී ක්‍රියාවකි. ඔවුන් එවැනි තත්වයකට තල්ලු වන්නේ ද දොස්තරලාට මේ ආණ්ඩුව සමග පැන ඇති මළ වැනි ම හේතු මත ය. 

ලංකාවේ වැවිලිකරුවෝ ද විශේෂයෙන් ම යටත් විජිත සමයේ හා වතු රජයට අයත්ව තිබුණු සමයේ මෙවැනි පංති මානසිකත්වයකින් කටයුතු කළ හ. වතු කම්කරුවන් සූරා කමින්, අතට පයට වැඩකාරයන් තබාගෙන, කොට කලිසම් ඇඳ, උස මේස් හා ඩෙක් සපත්තු දමා උජාරුවෙන් ඉංග්ලිෂ් මොටර් සයිකලයේ අධි වේගයෙන් පැද ගිය වතු මහත්තුරුන්ට අද සිදු වී ඇත්තේ කුමක් ද? තමන්ගේ වෘත්තීය තත්වය ආරක්ෂා කර ගන්නට පුළුවන් කර්මාන්තය ආරක්ෂා වුණොත් පමණක් බව වෘත්තිකයන් වටහා ගත යුතු ය. 

මෙය අදට අදාළව නම්, තමන්ගේ වෘත්තීය තත්වය ආරක්ෂා කර ගත හැකි වන්නේ රට හා ආර්ථිකය රැක ගත්තොත් පමණක් බව වෘත්තිකයන් තරයේ මතක තබා ගත යුතු ය. 

මේ සෙල්ලම් අවසන් කළ යුතු බව ලංකාවේ පීඩිත ජනතාවගේ නාමයෙන් අපි අවධාරණය කරන්නේ ඒ නිසා ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-12-15

ප්‍රතිගාමී මධ්‍යම පංතියේ ප්‍රශ්නවලට පිළිතුරු

ලංකාවේ මධ්‍යම පංතියට උවමනා මෙන්න මේ ගෑල්ලමයා වැනි ආණ්ඩුවකි. 
මේ මොහොතේ ලංකාව ඉන්නේ තීරණාත්මක ආර්ථික සන්ධිස්ථානයක බව ඉතා පැහැදිලි ය.

ලෝකයෙන් ගිනි පොළියට ණය ගනිමින් මධ්‍යම පංතියට ජොලි කරන්නට පුළුවන් කාල සීමාව පසු වී තිබේ.

පසුගිය කාලයක් පුරා ගත් ණය ගෙවීම සඳහා රජය දැන් සමස්ත වැයවලින් 40%ක් පමණ වෙන් කරයි. ගත් විදේශ ණය ගෙවන්නේ මැද පෙරදිග වහල් සේවයට යන ගෘහ සේවිකාවන් ප්‍රමුඛ විදේශ ශ්‍රමිකයෝ, ඇඟලුම් කම්කරුවෝ, වතු කම්කරුවෝ වැනි සමාජයේ හඬක් නැති, වරප්‍රසාද නො ලැබෙන සමාජ කණ්ඩායමයි.

ඔවුන්ගේ ලේ, කඳුළු, දහදිය මතින් මධ්‍යම පංතියට කාර් පර්මිට්, වැඩි පඩි, විශ්‍රාම වැටුප් ආදී වරප්‍රසාද ලබා දීම තුළ තිබෙන අසාධාරණය අවධාරණය කර පෙන්වූ අයවැයක් පසුගියදා ඉදිරිපත් කරන ලදී.

ලංකාවේ ආණ්ඩුව ධනපති ආණ්ඩුවකි, ඔවුන්ගේ ආර්ථික දෘෂ්ටිවාදය නව ලිබරල්වාදයයි ආදී වශයෙන් මතුරන අය අගමැති රනිල් වික්‍රමසිංහ 2015 දෙසැම්බර් 14දා පාර්ලිමේන්තුවේදී පැවැත්වූ යටත් වීමේ ප්‍රකාශය කියවා බලන්න.

ලංකාවේ තිබෙන්නේ ධනපති ආණ්ඩුවක් නම් රනිල්ට මෙසේ කරන්නට අවශ්‍ය වේ ද? ලංකාවේ තිබෙන්නේ ධනපතියන්ගේ මූලිකත්වයෙන් යුත් රජයක් නම් මෙවැනි තත්වයක් ඇති වේ ද?

නැත. අප මතු කරන කාරණය මෙම සිද්ධියෙන් ද ස්ඵුට වේ. ලංකාවේ පවතින්නේ ධනපති ආණ්ඩුවක් නොව, අතරමැදි පංතික ආණ්ඩුවකි; බලයකි; ක්‍රමයකි. අප මේ පිළිබඳ මීට කලින් ද පැහැදිලි කර ඇත. කියවන්න: මහින්ද රාජපක්ෂගේ සිට පුබුදු ජයගොඩ දක්වා විකාරකාරයන්ට උත්තර දෙන්නට සැබෑ වැඩ කරන ජනතාව වීදියට පැමිණිය යුතු ය

රමිඳු ලඛික පෙරේරා සහෝදරයා ෆේස්බුක්හිදී අපගෙන් අසන ලද ප්‍රශ්නයකින් මෙම පංතියේ ලක්ෂණ ප්‍රබුද්ධ අන්දමින් ප්‍රදර්ශනය කෙරේ. ඔහු මෙසේ අසයි: “රජයේ වැය ශීර්ෂයේ ප්‍රමුඛතම පංගුව ගත් ණය සදහා මුදල් ගෙවීම සදහා වැය වේ. මේ ණය ගත්තේ කවුද? ඒ ණය අරගෙන කළ ව්‍යාපෘති මොනවාද? ඒවා සේවය කළේ කාටද? ප්‍රශ්නය රජයේ අය වැය හිඟය නම් ඒ ණය පොලී ගෙවීම් ගැන දරන ස්ථාවරය කුමක්ද? පොදු ජනතාවට දෙන සහන ඒ සදහා හිලවු කරන්නේ ඇයි? බලවත් පාර්ශවයන් තරම් පොදු ජනතාව බලවත් නැති නිසාද?"

මේ ණය ගත්තේ කවු ද? මේ ණය ගත්තේ කවුරුවත් නොව, මේ රටේ මධ්‍යම පංතිකයන් විසින් පත් කර ගන්නා ලද ආණ්ඩු විසිනි. එයින් විශාල ප්‍රමාණයක් ගත්තේ තනිකර ම මධ්‍යම පංතික නිර්මානයක් වන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. ඒවා ගත්තේ කුමට ද? ප්‍රධාන වශයෙන් ම මධ්‍යම පංතික රජයේ සේවකයන්ට රස්සා දෙන්නට ය; පඩි නඩි ගෙවන්නට ය; විශ්‍රාම වැටුප් දෙන්නට ය; කාර් පර්මිට් දෙන්නට ය; පොදුවේ සහනාධාර දෙන්නට ය. 

ණය අරගෙන කළ ව්‍යාපෘති මොනවා ද? ප්‍රධාන ම ව්‍යාපෘතිය යුද්ධයයි. දෙමළ ජනයාගේ ජාතිකවාදී ඉල්ලීම් පිළිගනිමින්, ඔවුන් සමග බලය බෙදා නො ගෙන යුද්ධයෙන් සිංහල ජාතික ආධිපත්‍යවාදය නැවත පිහිටුවීමේ ව්‍යාපෘතිය කාගේ එකක් ද? 2002 - 2004 කාලයේ බලයේ සිටි ධනපති රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල් ආණ්ඩුවෙන් යෝජනා කළේ එය ද? එයට එරෙහිව සිංහල ජාතිවාදය හා මහින්ද රාජපක්ෂ ඔසවා තැබුවේ කවුරු ද? පිළිතුර මධ්‍යම පංතියයි. දෙමළ මධ්‍යම පංතිය ද ජාතිවාදී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කොටි සංවිධානය යුද්ධයට තල්ලු කළේ ය. 

මේ ණය සේවය කළේ කාට ද? මේ ප්‍රශ්නයට දැනටත් පිළිතුරු දී ඇත. මෙම ණයවලින් කරන ලද ප්‍රධාන කාර්යයක් වුණේ මධ්‍යම පංතිය පෝෂණය කිරීමයි. එසේම එහි ඉහළ තලයේ සිටින මහින්ද රාජපක්ෂ පවුල වැනි පරපුටුවෝ ධනවත් වුණේ ද එයිනි. මේ ගසා කෑම පහළ ම මට්ටමේ රජයේ සේවකයා දක්වා ම විහිදිණි. වෙනස ඇත්තේ පරිමාණයේ ය. 

ප්‍රශ්නය රජයේ අය වැය හිඟය නම් ඒ ණය පොලී ගෙවීම් ගැන දරන ස්ථාවරය කුමක්ද? මෙවැනි රජයකට ඒ ණය නො ගෙවා සිටින්නට බැරි ය. කොන්දේසි විරහිතව ගෙවන්නට සිදු වේ. ණය ගෙවන්නට වැඩි දුරටත් ගන්නා ණය අඩු කරන්නට උවමනාවක් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවලින් ප්‍රකාශ විණි. කළ යුතුව තිබෙන්නේ රජයේ වියදම් අවම කිරීමයි. ඒ සඳහා මධ්‍යම පංතිය පිනවීම නතර කරන්නට සිදු වී තිබේ. අද ලංකාවේ මධ්‍යම පංතිය ආණ්ඩුවට එරෙහිව රෙදි කරට ගෙන ඇත්තේ ඒ නිසා ය. 

පොදු ජනතාවට දෙන සහන ඒ සදහා හිලවු කරන්නේ ඇයි? බලවත් පාර්ශවයන් තරම් පොදු ජනතාව බලවත් නැති නිසාද? 'පොදු ජනතාව' යන යෙදුම භාවිතා කරන්නට රමිඳු පෙළඹීම ඉතා වැදගත් ය. මන්ද, රමිඳු යනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ධාරාවේ ශිෂ්ට මුහුණුවරක් ලෙස සැලකිය හැකි නිසා ය. පෙසප නම් භාවිතා කරන්නේ 'වැඩ කරන ජනතාව' යන යෙදුමයි. එය නො පැහැදිලි අරුතක් ඇති වචනයකි. මේ රටේ ඇත්ත වැඩ කරන ජනතාව වනාහි රජයේ සේවකයෝ නො වේ. බැංකුකාරයෝ නො වේ. ඔවුන් අයත් වන මධ්‍යම පංතිය යනු ලංකාවේ පාලනය හිමි, පීඩිතයන් සූරා කන පංතියකි. ආණ්ඩුව මේ රටේ ඇත්ත වැඩ කරන ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතු ය. මේ අයවැයෙහි ඒ වෙනුවෙන් කිසිදු පැහැදිලි යෝජනාවක් නැත. 

ආගමික මාක්ස්වාදී පොතේගුරුවාදීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙයයි. තමන්ගේ අත කට තුළින් ඇතුළට දමා වලිගයෙන් අල්ලා කණපිට ගසාගෙන තමන් කරන විග්‍රහ දෙස ආපසු හැරී බලන්න. 

ලංකාවේ පීඩිතයන් කවුරුද යන්න නිවැරදිව හඳුනාගන්න. ඔවුන් මූලික කරගෙන දේශපාලනය කරන්න. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

මා බාල කාලේ සිංදුවේ පරිවර්තනය හා ධර්මෙගෙ කතාව

ලිය ලියා හිටපු දේශපාලන ලිපිය පැත්තකින් තියලා මේ ෆන් ආටිකල් එක ලියන්න හිතුවෙ රසිකලොජියේ මෙන්න මේ ලිපිය දැකලා. 

මේක ගැන කියනකොට මගේ පැරණි මිතුරකු වන දේව ප්‍ර‍ලිත ධර්මවික්‍ර‍ම ගැන ලියන්න වෙනවා. 

ධර්මෙව මට හමු වෙන්නෙ මහරගම ගුරු විද්‍යාලෙදි. අපි දෙන්නාම එක ගෘප් එකක හිටපු ඉංග්‍රීසි ගුරුවරු. ඒ අවුරුදු දෙකේ නම් ගුරු ශිෂ්‍යයෝ. ධර්මෙ ගුරු විද්‍යාලෙට එන්න කලින් ඉගැන්නුවේ ඇල්පිටිය පැත්තේ ඉස්කෝලෙක. ධර්මෙගෙ ගම බලපිටිය.

අපේ ශිෂ්‍ය සංගමේ රන් කළේ තාක්ෂණ විෂය ගුරුවරු වගයක්. කැම්පස් යන්න බැරි වෙච්ච ඇරියස් එක පියවගන්න කැම්පස් ළමයි වගේ හැසිරෙන්න උත්සාහ කළ බාප්පා වයසේ ගුරු සෙට් එකක්.

අපේ එවුන් අතරින් උන් එක්ක මුලින් ම සෙට් වුණේ ධර්මයා. “උන් ආතල් එකට බර කොල්ලො බං," කියන ආකල්පෙ තමයි ධර්මෙ හිටියෙ. ධර්මෙ උන් එක්ක කාලා, බීලා, වැටිලා හිටියා.

මහරගම ගුරු විද්‍යාලෙ හිටිය ලැච්චර්ලා අතර හිටපු සමහරු අර මං කියපු ගුරු බාස්ලා සෙට් එකටත් අන්තයි. හැමෝ ම නෙමෙයි කියන එකත් කියන්න ඕනැ. ඒ නිසා අපි ඉතින් පුළුවන් තරම් ලෙක්චර්ස් කට් කරලා, හොරෙන් පැනලා, හොර අත්සන් ගහලා, ආතල් එකේ ඉඳලා විභාගත් හොඳට පාස් වුණා. බොරු කියන්නෙ මොකට ද මේ කාලෙ මං හොරෙන් පිටරටත් ගිහින් ආවා.

ධර්මෙත් ඉතින් අපිත් එක්ක සිංදු කිය කියා හිටියා. ධර්මෙට ලස්සනට සිංදු කියන්න පුළුවන්. ධර්මෙ නිතර කියපු සිංදුවක් තමයි Jamaica Farewell. ඒ කාලෙ ධර්මෙගෙ හැඩරුව මේ වීඩියෝ එකේ Harry Belafonteගෙ රූපයටත් සමානයි.



ඉතින් මේ පූර්විකාව කිව්වෙ ධර්මෙ කියපු තව සිංදුවක් ගැන කියන්නයි. ඒක ධර්මෙගෙ නිර්මානයක් නෙමෙයි. ඒ කාලෙ ඉංග්‍රීසි ගුරුවරුන් පුහුණු කරන්නට තිබුණු ඩෙලික් පූර්ව සේවා ගුරු පුහුණු පාඨමාලාවේ ශිෂ්‍යයන් අතර ජනප්‍රියව තිබුණු සිංදුවක්. ඒක මෙහෙමයි:

When I was a baby
My mother lulled me
I still remember
That lovely melody

මට මතක තිබුණෙ එච්චරයි. මේකෙ තනුව සීටී ප්‍ර‍නාන්දුගේ මා බාල කාලේ ගීයේ තනුවයි. තව ටිකක් මතක් කර ගන්න සීටීගෙ සිංදුව අහන්න පොඩි සර්ච් පාරක් දාලා බලනකොට මෙන්න බොලේ Ma bala kale english song කියලා රිසල්ට් එකකුත් එනවා. බැලින්නම් මේ ජන ගීය කවුරුදෝ ලස්සනට ගයලා යූටියුබ් එකටත් දාලා. මෙන්න සිංදුව:



වචන සර්වසම නො වුණත්, සමහර වචන ටිකක් අවුල් සහගත වුණත්, සිංදුවේ සුන්දරත්වයක් තියෙනවා. ඉතිරි වචන ටික මේ වගේ. ඔය හිස්තැන්වලට එන්න ඕනැ වචන මට එච්චර අහුවෙන්නෙ නැහැ. අහලා බලන්න.

I still remember
My mother's lullabies
When she ........... me
On her loving knee
She kissed me lovely
And lulled me softly
I still remember
That lovely melody

Remember my dear son
Learning is wealth
Patience and kindness
Will be yours ........
Away with dishonesty
....... pride and jealousy
This was the advice
My mother gave me

This little Lanka
Is in your hands
Mould it and make it
Its your motherland
Safeguard your country
Foster it lovely
This was the advice
My mother gave me

ඉතින් ධර්මෙගෙ කතාවෙ ඉතිරි ටිකත් කියන්නම්කෝ. ධර්මෙ හිටියෙ බලපිටියෙ කියල මං කිව්වනේ. සංචාරක ව්‍යාපාරය එක්කත් පොඩි සම්බන්ධකම් තිබුණා. වතාවක් අපි විනෝද ගමනක් ගියා හික්කඩුවෙ බීච් එකට. ධර්මෙ බූවල්ලෙක් ඩෙවල් කරලා තිබුණා බයිට් එකට. බෝතල් එහෙම පොලිෂ් කරලා නාන අතරෙ මෙන්න ධර්මෙ මුහුදෙ ඈතට ම පීනුවා. අපි බය වුණා. බිව්වහම කට්ටිය වැඩ පෙන්නන්නත් හදනවනේ. ඒත් ඔහුට හොඳට පීනන්න පුළුවන් නිසා සහ අපිත් බීලා හිටි නිසා එච්චර ම බය වුණෙත් නැහැ. අන්තිමේදි ධර්මෙ සෑහෙන්න ඈතින් වෙරළට ඇවිත් පයින් අපි අතරට ආවා.

“ටිකක් පීනුවා බං," කියලයි කිව්වෙ.

ඇත්තට වෙච්ච වැඩේ ධර්මෙ මට කිව්වෙ අවුරුදු පහළොවකට විතර පස්සෙ. වුණේ මොකක් ද දන්නව ද?

ආ, ඊට කලින් කියන්න ඕනැ, ධර්මෙ දෙවෙනි අවුරුද්දෙදි හිටි හැටියේ ගුරු විද්‍යාලෙන් අතුරුදහන් වුණා. හොයා බලන විට රට ගිහින් බව දැන ගත්තා. ධර්මෙගෙ හැටි දන්න නිසා අපි ඉතින් එච්චර පුදුම වුණේ නැහැ.

අවුරුදු දෙක තුනකට විතර උඩදි ධර්මෙ මෙන්න මගේ ජීවිතේට නැවතත් පොප් අප් වුණා ෆේස්බුක් එකේ චැට් බොක්ස් එකකින්. බලනකොට ධර්මෙ දැන් ඉන්නෙ ෆින්ලන්තෙ. ඔහු ෆින්ලන්ත ජාතිකයෙක්.

එදා වුණ වැඩේ මට කිව්වෙ මෙහෙමයි. ධර්මෙව දිය වැලකට අහු වෙලා. ඒත්, වැඩ දන්න නිසා මිනිහා දියවැලට එරෙහිව පොර බදන්න නො ගොස්, දියවැලත් එක්ක ම ගිහින් එයින් මිදිලා ආපහු ඇවිත්.

ධර්මෙ මට අන්තිමට කතා කරනකොට හිටියෙ ටිකක් හිතේ අමාරුවෙන්. නොවැම්බර් 27න් පස්සෙ ෆේස්බුක් අප්ඩේට් නැහැ. මට ඌ ගැන හිතට බයයි. ධර්මෙට දීර්ඝායු පතනවා. ලෝකය සොඳුරු වෙන්නෙ මිනිසුන්ගේ විශිෂ්ටත්වය නිසා ම නෙමෙයි. විවිධත්වය නිසායි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-12-14

අජානේය ඉස්කූටරය හා ඕඩිකොලොං බෘංගා

ඕඩිකොලොං බෘංගා කාලයක් තිස්සේ ඇහෙන බස් සිංදුවකි.

එය වචන, තනුව, සංගීත, ගායනය යන හැම පැත්තෙන් ම ‘අජානේය ඉස්කූටර තුරඟා පිට වඩිනා' යන ගීය අනුකරණය කරයි.

එසේම, අනුකරණය කෙතරම් හිස් ක්‍රියාවක් ද යන්න පෙන්නුම් කිරීමට කදිම නිදසුනකි.

මෙහි ඇති 'බාගෙට සැලුන් දොරින් රිංගා' යන යෙදුම තුළ කිසියම් සුන්දරත්වයක් තිබේ. සැලුන් දොර යනු කොහොමටත් බාග දොරකි. 'බාගෙට සැලුන් දොරින් රිංගා' යන්නෙන් අදහස් කරන්නේ ඒ සැලුන් දොරේ බාග ස්වභාවය ද නැතිනම් වෙන යමක් ද යන්න පැහැදිලි නැත.

මෙහි කියවෙන්නේ ටියුෂන් පංතිවල පෙම් කරන බව ය. එය නරක වුණත් ආතල් වැඩකි යන අදහස ද එහි තිබේ. එහි සමස්ත අදහස ‘සිල්පය පසෙක තියා - සිල්පද බිඳින නියා - ටියුසන් පුවත අසන් සොඳිනා' යන යෙදුමින් ප්‍රකාශ වේ.

එහි කිසිදු ගැඹුරු අදහසක් නැත. එහි අර්ථය නම් එහි භාවිතාව ය. ඒ කියන්නේ බස්වල, ත්‍රිරෝද රථවල කඨෝර හඬ යටපත් කළ හැකි ඩ්‍රම් බීට් මතු කරගෙන රිද්මයක් පවත්වා ගැනීමයි. සංගීත ප්‍රසංග, මංගල උත්සව ආදියේදී බමන නර්තනයට එය හොඳ සංගීතයකි. මේ එකක්වත් වැරදි යයි මම අදහස් නො කරමි. එහෙත්, සම්භාව්‍ය කලාව යනු මේ අන්දමට උපයෝගී කර ගන්නා භාණ්ඩයක් හෝ සේවාවක් නො වේ.

සම්භාව්‍ය කලාව මිනිස් චින්තනය වඩා ව්‍යක්ත එකක් බවට පත් කරයි. ඒ ව්‍යක්තභාවය නිසා මිනිස්සු නිකම් ම නිකම් ගැහැනුන්, පිරිමින් මට්ටමට වඩා ඉහළට ඉපිලී සමාජයේ සෙසු මිනිසුන් ගැන ද වගකීමක් ඇති පුරවැසියන් බවට පත් වේ යයි අපේක්ෂා කරනු ලැබේ. එහෙත් හැම විට ම එහෙම වන්නේ නැති නිසා සම්භාව්‍ය කලාව ග්‍රාම්‍ය කලාවට වඩා ඇත්තෙන් ම විශිෂ්ට ද යන්න මම නො දනිමි. කෙසේ වෙතත්, මා පෙනී සිටින්නේ  කලාවේ සම්භාව්‍යත්වය වෙනුවෙනි. (මිනිස්කම යනු සම්භාව්‍ය කලාව සමග සම්බන්ධකමක් ඇති දෙයක් නො වේ යයි මම සිතමි. සම්භාව්‍ය කලාව ඇසුරු කරන්නන් අතර ඉතා නරක මිනිස්සු ද, ග්‍රාම්‍ය කලාවන් ඇසුරු කරන්නන් අතර හොඳ මිනිස්සු ද සිටිති.)

නිර්මානයක වැදගත් ම සාධකය අව්‍යාජත්වය යි මම සිතමි.අනුකරණය කුමන මට්ටමෙන් කළත් බොල් ක්‍රියාවකි. ඇතැම් ඉහළ පෙළේ නිර්මානකරුවෝ ද අනුකරණයෙහි යෙදෙති. වෙනස තිබෙන්නේ ඔවුන් අනුකරණය කරන්නේ දේශීය නිර්මාන නො වීමයි.

අනුකරණවලට ද ජනප්‍රිය වන්නට පුළුවන. ඕඩිකොලොං බෘංගා තවමත් ඇසෙන මුත්, අජානේය ඉස්කූටරය දැන් ඇසෙන්නේ නැත.



අජානේය ඉස්කූටර තුරඟා පිට වඩිනා ගීය රත්න ශ්‍රී විජේසිංහගේ කවියක සංස්කරණයකි. එයට පාදක වන්නේ උම්මග්ග ජාතකයේ සිරි කාලකන්නි ප්‍රශ්නයයි. ඒ කතාව දන්නේ නැතිනම් ලිපියේ අග ඒ කතාව උපුටා දක්වා තිබේ.

පහත පළ වන්නේ එම කවිය පිළිබඳ පළ වූ විචාරයකි.

උම්මග්ග ජාතකයේ සිරි කාලකන්නි ප්‍රශ්නයේ දැක්‌වෙන පරිදි, 'උදුම්බරා දේවී මඟ සසිමින් සිටි ඒ කාලකණ්‌ණියා දැක 'මෙබඳු සම්පත්තියක්‌ ධරා ගත නුහුණුයේ මේ යෑ'යි ඌ දිසාව බලමින් සිනාසුණා හ.' අප කවියා නිර්මාණයට මුල පුරනුයේ, එහි දී නිහඬ වූ පිංගුත්තර ලවා කතා කරවමිනි.

අජානේය ඉස්‌කූටර තුරඟු පිට
නැගී වාත වේගෙන් ඉගිළෙන කලට
බදා හිමි දෙවුර ඉස්‌සී බලන විට
වැටේ දැයි කිරුළ සිතුණි ය බිසවුන්ට

මෙහි එන 'අජානේය ඉස්‌කූටර්' සහ 'තුරඟු' යන පද සලකා බලමු. නවීන ව්‍යවහාරයක්‌ හා පුරාණ යෙදුමක්‌ එක්‌තැන් කිරීමකි, එය. කවියා එයින් ධ්වනිත කරනුයේ සර්වකාලීන තේමාවක්‌ මෙහි එන බව ම නො වේ ද? බිසවුන්ගේ බිය, කිරුළ වැටීම පිළිබඳ ව ය. මේ 'කිරුළ' යනු, ධනය, බලය, ආධිපත්‍යය, සැප සම්පත් යන සියල්ලේ සංකේතයකි. ඒ සියල්ල කවියා එක ම වදනක්‌ තුළ රුවා දක්‌වයි.

තක්‌සලාවේ ඉහළ ම ලකුණු ලබා ගත් සිසුවාට උරුම වූයේ පාර කැපීම යි. කුමරුටත් කුමරියටත් පාර කැපෙන්නේ ගැමි දෑතිනි.

අහා බලන් ගැමි දෑතේ අනුහසින
කැපී ගමට මඟ හිනැහෙයි රතු පසින

මෙහි එන 'අහා' යන පදය විස්‌මයක්‌ දනවන්නා සේ ම 'අනුහස්‌' යන්න හඟවන්නේ ඇදහිය නොහැකි බලය, පූජනීයත්වය ආදිය යි. මඟ හිනැහෙන්නේ 'රතු' පසිනි. 'රතු' යන වදනින් කවියා සංකේතවත් කරනුයේ තාරුණ්‍යයේ විප්ලවය යි. එය ඌන රැකියා නියුක්‌තියේ විප්ලවයක්‌ ද වෙයි.

දමා නුවර - රජ කුමරිය කිරුළ හිමී
කිරිමදුවැල් දිගේ මම මෙහි පැමිණියෙමී

නගරය හැර දමා කථකයා පැමිණෙන්නේ ගමට ය. ඔහු ගේ ආත්මීය මූලයන් රෝපිත ව පවත්නේ ගම තුළ ය. 'කිරිමදුවැල්' යන එක ම පදයෙන් ඒ බව සූචනය වෙයි. සිරි කාලකන්නි කෙරෙහි ළෙන්ගතු බවක්‌, සෙනෙහසක්‌ ඇති කරවන්නට ඒ එක ම වදන වුව සමත් වෙයි.

පොළව බුද්ධියට හඬ නගන වචනයකි. එය ම හදවතට තුඩු දීමට නම් මිහි මඬල - මිහිකත - මිහිය වැනි වදන් විය යුතු ය. උචිත බස්‌ නියර නිසා කාව්‍යය මධුර බවට පත් වන්නේ ය. කාව්‍යයක බස්‌ වහර සැකසෙන්නේ මෙම ක්‍රමවත් රටාව තුළ ය.

(බඹරැන්දේ මහානාම හිමි, කාව්‍ය විචාර දර්ශන, 17 පි.)

දැන් අපි අජානේය ඉස්කූටර් තුරඟාට නැවත සවන් දෙමු.



සිරිකාලකන්ණි ප්‍රශ්නය

මියුළු නුවර වැසි පිංගුත්තර නම් ළදරුවෙක් තක්සලා නුවරට ගොස් දිසාපාමොක් ආචාරීන් සමීපයෙහි ශිල්ප උගෙන නිමවූයේ, සිරිත් ලෙස ආචාර්යවරයා තමාගේ දෙවඟනක් බඳු දියණියද කැඳවා ගෙන යවයි ඔහුට පාවා දුන්නාහ. ඔහු නමින් පිංගුත්තර වුවද පින් නැත්තෙක. කාලකණ්ණිය. කුමාරිකාව මහ පිණැත්තීය. ඈ කෙරෙහි සිත නොඇළුන මානවකයා ඈ නුරුස්නේ ආචාරීන්ගේ බස් අකමැත්තෙන් ඉවසා රාත්‍රීයෙහි සකස් කර දුන් මංගල යහනෙහි සැතපීහ. කුමාරිකාව අවුත් ඇඳට නැගෙන්නාහාම මානවකයා ඇඳින් බැස බිම වැදහොත්තේය. කුමාරිකාවද ඇඳින් බැස ඔහු සමීපයට ගිය විට ඔහු එතනින් නැගිට ඇඳට යන්නේය. මෙසේ ඇඳට බිමට යාමෙන් වෙහෙසට පත් කුමාරිය ඇඳෙහිම සැතපුනීය. ඒ කාලකණ්ණියා බිම වැදහොත්තේය. මෙසේ සතියක් ආචාරීන්ගේ නිවසෙහි සතියක් යවා ඈ කෙරෙහි සෙනෙහෙ නැතිවත් ආචාරීන්ගේ බස පැහැර නොහැරිය හැකි බැවින් ඈ තමාගේ නුවරට කැඳවා ගෙන නික්මුණේය. අතර මගදී කිසි කතාබහක් පමණ කුදු නැති මියුළුනුවරට පැමිණියේ පලගත් දිඹුල් ගසක් දැක සාදුකින් පීඩිතවූයේ ගසට නැගීලා දිඹුල් කඩාගෙන කන්නට වන. කුමාරිකාවද සා දුකින් පීඩිත වූයේ මටත් දෙවයි ඇයදීය. ඇයි තිට අත්පා නැද්ද? ගසට නැගී දිඹුල් කඩාගෙන කවයි කීහ. සා දුකට වඩා දුකක් නැති හෙයින් කුමාරිකාවද ගසට නැග දිඹුල් කඩාගෙන කන්නටවන. මානවකයාත් ඈ ගසට නැගී බව දැන වහා ගසින් බැස ගසවට කටු ගසාලා කාලකණ්ණියා කෙරෙන් මිදිනියි කියාලා නුවරටම පැනගියේය. කුමරිය ගසමුල කටු හෙයින් බැසපීයන්ට නොහැකිව උඩම හුන්නීය.

ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ එදවස් උයන්කෙළි කෙළ සවස්වේලේ නුවරටම වදනාහු දිඹුල් ගස උන් කුමාරිකාව දැක ඈ පිළිබඳව සිත් ඇතිව පුරුෂයන් ඇත්ත නැත්ත විචාරා පාවාදුන් ස්වාමියා පලාගිය බව අසා කුමාරිකාව ගඟින් බස්වා ඇතුපිට නංවා ගෙන මාළිගාවට ගෙන ගොස් රුවන් රැසක් පිට සිටුවා අගමෙහෙසුන් කළහ. ඈ රජ්ජුරුවන්ට ප්‍රියය. මන වඩිති. දිඹුල් ගසදී දුටුබැවින් උදුම්බරා දේවිය යි ප්‍රසිද්ධ වූහ.

දිනක් රජ්ජුරුවෝ උයන් කෙළියට යන පිණිස ගම්වැස්සන් ලවා මාර්‍ගය ඉදිකරවූහ. පින්ගූත්තරයාද රාජසම්මත බැවින් මෙහෙවර කරන්නේ කැසපට කවාගෙන උදැල්ලකින් මග නසින්නටවන. මාර්‍ගය සාදා නිමවන්නට පෙර රජ්ජුරුවෝ උදුම්බරා දේවීන් සමග මංගල රථයෙන් උයන් කෙළියට නික්මුණාහ. උදුම්බරා දේවිය මාර්ගය සසිමින් සිටි ඒ කාලකණ්ණියා දැක මෙබඳු සම්පතක් දරාගත නොහැකි වීයයි ඌ දිසාව බලමින් සිනාසුනාහ. රජ්ජුරුවෝ බිසවුන් සිනාසෙනවා දැක කිපී කුමක් නිසා සිනාසෙන්නෙහිදැයි විචාළහ. බිසව ඊට හේතුව ඇතිසැටියෙන් කීවාය. රජ්ජුරුවෝ තී කියන්නේ බොරුය. අනික් පුරුෂයකු දැක තී සිනාසුනේය. තී මරමියි කඩුව කොපුවෙන් ඇදගත්හ. බිසව භයපත්ව දේවයනි යළි පණ්ඩිතවරුන් විචාළ මැනවයි කීහ. රජ්ජුරුවෝ සේනකයන් අතින් විචාළහ. දේවයන් වහන්ස මැගේ බස් නො අදහමියි කවරෙක් නම් මෙබඳු ගැහැණියක් හැරපියා නැගීයේදැයි කීහ. බිසව සේනකයන්ගේ බස් අසා වඩාත් බියවූහ.

ඉක්බිති රජ්ජුරුවෝ සේනකයා කුමක් දනීද? මහෞෂධ පණ්ඩිතයන් විචාරමියි සිතා පණ්ඩිතයන් අමතා ගාථාවකින් විචාරන්නාහු ස්ත්‍රීයක් තොමෝ අධික රූ ඇත්තීද ආචාරශීලී වූද ඈ පුරුෂයෙක් නොකමැත්තේල. තෙපි ඒ අදහව්දැයි විචාළහ. එබස් අසා දේවයිනි මම අදහමි. පුරුෂයා දෛවය නැත්තේ වී නම් ශ්‍රී කාන්තාවද කාලකණ්ණියාද යන මොහු දෙදෙනා මුහුද එතෙර මෙතෙර සේද අහස හා පොළව සේද එක් නොවෙතියි වදාළහ. රජ්ජුරුවෝ ඒ අසා සතුටට පත්ව පණ්ඩිතයෙනි ඉදින් තෙපි අද මෙතන නැත්තාහු නම් අනුවණ සේනකයාගේ බස් අසා මෙබඳු ගැහැණු රුවණක් නොලද්දේ වෙමියි. මසු දහසක් පූජා කළහ. ඉක්බිති බිසව රජ්ජුරුවන් වැඳ ස්වාමීනී මේ පණ්ඩිතයන් නිසා මාගේ දිවි ලද්දේ වෙමි. එබැවින් මොහු මාගේ මලනු තනතුරෙහි තබා ගැනීමට අවසරය දෙනු මැනවි. මොහු හැර කිසි මිහිරි රසයක් අනුභව නොකරමි. කැමති වේලාවක වාසල් දොර හරවා පණ්ඩිතයන්ට මිහිරි රසයක් යවන්නට ලබන වරයක් ගතිමියි වර ලබාගත්හ

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2015-12-11

මහින්ද රාජපක්ෂගේ සිට පුබුදු ජයගොඩ දක්වා විකාරකාරයන්ට උත්තර දෙන්නට සැබෑ වැඩ කරන ජනතාව වීදියට පැමිණිය යුතු ය

ගතානුගතික මාක්ස්වාදීන්ගේ ප්‍රායෝගික දේශපාලන දර්ශනය අනුව ඔවුන් වැඩ කරන්නේ නිර්ධන පංතික ආඥාදායකත්වයක් පිහිටු වීම සඳහා ය. නිර්ධන පංතියේ පක්ෂය රාජ්‍ය බලය අතට ගන්නා තෙක් ඔවුහු ධනපති පංතියේ ආණ්ඩුවලට එරෙහිව සම්මුතියකින් තොරව සටන් කරති.

මේ ලියන මොහොත වන විටත්, රජයේ වෘත්තීය සමිති, දොස්තර සංගමය, බස් හිමි සංගම්, ශීෂ්‍ය සංගම්, රැකියා විරහිත උපාධිධාරීන් ලෙස තමන් හඳුන්වන රජයේ රැකියා අපේක්ෂකයන් ආදිය වැඩ වර්ජනයකට සැරසී සිටිති. වැඩ කරන ජනතාව ධනපති ආණ්ඩුවට එරෙහිව වීදි බැස ඇතැයි ගතානුගතික මාක්ස්වාදීහු උද්දාමයෙන් පවසති. අටෝරාශියක් ගතානුගතික මාක්ස්වාදී පක්ෂ දැන් සැරසෙන්නේ නිර්ධන පංතික ආඥාදායකත්වය තමන්ගේ නායකත්වයෙන් පිහිටුවන්නට ය. එකී එක්, එක් පක්ෂයට අනුව, නිර්ධන පංතියට නායකත්වය දිය යුතු පක්ෂය තමන්ගේ පක්ෂයයි.

මට තිබෙන ප්‍රශ්නය මේ පංති විග්‍රහය කෙතරම් නිවැරදි ද යන්නයි. ලංකාවේ දේශපාලන බලය තිබෙන්නේ ධනපති පංතිය අත ද? රජයේ සේවකයන්, වෛද්‍යවරුන්, බස් හිමියන්, ශීෂ්‍යයන්, රජයේ රැකියා අපේක්ෂකයන් නිර්ධන පංතිය ද?

ගතානුගතික මාක්ස්වාදීන්ගේ සමස්ත පංති විග්‍රහය ම ව්‍යාජයකි. සියවසකට ආසන්න කාලයක් තිස්සේ පටලවාගෙගන තිබෙන මේ පටලැවිල්ල ලිහා ගන්නට ඔවුන්ට කිසිදු උවමනාවක් ද නැත. ලංකාවේ දේශපාලන බලය හිමි පංතිය ධනපති පංතිය ය යන්න මිථ්‍යාවකි. එය එතරම් සරළ ලෙස විග්‍රහ කිරීම ම විද්‍යාත්මක නො වේ. වර්තමාන ආණ්ඩුව ගත්තත්, රනිල් වික්‍රමසිංහ ධනපති පංති නියෝජිතයකු ලෙස සැලකිය හැකි මුත්, මෛත්‍රීපාල සිරිසේන එවැන්නෙක් ද? පසුගිය දශකයේ ලංකාවේ ඉතිහාසය මත බර සලකුණක් තැබූ මහින්ද රාජපක්ෂ ධනපති පංති නියෝජිතයෙක් ද?

ගතානුගතික මාක්ස්වාදීන් නිතර මතුරන තවත් මන්ත්‍රයක් වන්නේ නව ලිබරල්වාදයයි. මේ මන්තරය අනුව ආණ්ඩුව කරමින් සිටින්නේ ලංකාවේ භාණ්ඩ හා සේවා වෙළඳපොළ පූර්ණ ලෙස නිදහස් කිරීම, පෞද්ගලික අංශය වර්ධනයේ යන්ත්‍රය බවට පත් කිරීම හා ප්‍රාග්ධන ගෝලීයකරණයට රට විවෘත කිරීමයි. එහෙත්, 2002 බලයේ සිටි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව හැර අන් කිසිදු ආණ්ඩුවක්, දැන් බලයේ සිටින ආණ්ඩුව ද ඇතුළුව, ශුද්ධ ලෙස මෙම ආර්ථික, දේශපාලන දර්ශනය ක්‍රියාත්මක කරන්නට උත්සාහ කර තිබේ ද? එසේ කරන ආණ්ඩුවක් නම්, එය ධනපති පංතියේ ආණ්ඩුවක් ලෙස සැලකුවාට කමක් නැත. එහෙත්, ලංකාවේ ආණ්ඩු තුළ ධනපති පංතියට තමන්ගේ උවමනාවන් ඉටු කර ගැනීමේ මේ ශක්තිය නැත. එසේම, ධනපති පංතිය ගත්තත්, ගෝලීය ධනවාදය සමග පූර්ණ ලෙස බද්ධ වන සමජාතීය කණ්ඩායමක් නො වේ. විශේෂයෙන් ම මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන්ට ගෝලීය ධනවාදය සමග ගැටලු තිබේ.

ඉතිහාසයේ වැඩි කාලයක් මුළුල්ලේත්, විශේෂයෙන් ම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයට ගෙන ඒම හා පසුගිය දශකය තුළත් ලංකාවේ බලවත් ම පංතිය වූයේ ධනපති පංතිය නො වේ. 2004 ආණ්ඩු වෙනස හැසිරවූ ජනතා විමුක්ති පෙරමුණ, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ආරක්ෂා කළ ජාතිවාදී බලවේග ආදිය ප්‍රධාන වශයෙන් ම සමන්විත වන්නේ කාගෙන් ද යන්න විමසා බැලිය යුතු ය. මේ වනාහි ශක්තිමත් මධ්‍යම පංතියකි. එය මහින්ද රාජපක්ෂ පවුල වැනි රජයේ සාරය උරා බී වැඩුණු ධනවත් නිලධාරි පැළැන්තියක සිට වාහන බලපත්‍ර හිමි ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරීන් හරහා වැඩ නො කර පඩි ගන්නා ඇට මහත්තුරුන් දක්වා විහිදුණු අති දැවැන්ත අතරමැදි පංතික බලවේගයකි. සංඛ්‍යාත්මකව ගත්තොත් එය අඩු තරමේ පසළොස් ලක්ෂයක පංති බලවේගයකි.

පසුගිය දශකයක් පුරා රාජ්‍ය බලය, ආර්ථික බලය, සංස්කෘතික බලය ගොඩනැගුණේ මේ අතරමැදි පංතිය කේන්ද්‍ර කරගෙන ය. ඔවුන්ගේ ආර්ථික විද්‍යාව සරළ ය. රාජ්‍ය අංශය ප්‍රසාරණය කිරීම එහි ප්‍රධාන ලක්ෂණයකි. කොටින් ම රජය දැවැන්ත සමාගමක් බවට පත් කරනු ලැබේ. හරක් ගොවිපළේ සිට මොබිටෙල් කොම්පැනිය හෝ ශ්‍රී ලංකන් ගුවන් සේවය දක්වා දැවැන්ත ව්‍යවසාය ප්‍රමාණයක් මේ කොම්පැනිය සතු ය. ඒවා රෝහල් හෝ පාසල් වැනි මහජන සේවා නො වේ. බිස්නස් ය. එහෙත්, මේ ව්‍යවසාය බොහොමයක් මෙන් ම රජය නම් දැවැන්ත සමාගම ද ලාභ ලබන්නේ නැත. ලබන්නේ පාඩු පිට පාඩු ය. ඒ පාඩු පියවන්නේ සමස්තයක් ලෙස මේ රටේ ජනතාව උගසට තබමින් ලබා ගන්නා විදේශ ණයවලිනි.

රජය නම් කොම්පැනිය පාඩු වුණාට මේ අතරමැදි පංතියට කමක් නැත. ඔවුන්ට වැටුප් හා වරප්‍රසාද ලැබේ. මෙහි විෂමතා ඇත. රජයට අයත් මොබිටෙල් සභාපති සිරිසේන කුමාරසිංහ මසකට ලක්ෂ අනූවක පඩියක් අපේක්ෂා කළත්, ගෙදරට වී හිඳිමින් සතියට වරක් කාර්යාලයට ගොස් රවුමක් ගසා එන උපාධිධාරී ක්ෂේත්‍ර නිලධාරියකුට රුපියල් 30,000කට වඩා මාසික පඩියක් ලැබෙන්නේ නැත. එහෙත්, මෙම දෙපිරිසගේ ම අපේක්ෂා මූලික වශයෙන් එක සමාන ය. ඒ මෙසේ ය:

ලංකාවේ ඇත්ත පීඩිත කම්කරු ජනයා වන මැද පෙරදිග ගෘහ සේවිකාවන් ප්‍රමුඛ විදේශ ශ්‍රමිකයන්, ඇඟලුම් කම්කරුවන් ප්‍රමුඛ පෞද්ගලික අංශයේ සේවකයන්, වතු කම්කරුවන්, ඉදිකිරීම් කම්කරුවන්, කුලී කම්කරුවන් ආදීන් වැඩ කරමින් මේ පංතියේ වරප්‍රසාද ආරක්ෂා කළ යුතු ය. පීඩිතයන්ට යන්නට පොදු ප්‍රවාහන සේවා නැති වුණත්, දේශපාලකයන්ට හා නිලධාරීන්ට වාහන බලපත්‍ර ලබා දිය යුතු ය. තමන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක් නැති වුණත්, රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප වෙනුවෙන් බර කර ගැසිය යුතු ය. මේ පීඩිත පංතියට වෘත්තීය සමිති, නියෝජන, දේශපාලන පක්ෂ ආදී කිසිවක් නැත. ඔවුන්ට දී තිබෙන අපේක්ෂාව වන්නේ තමන්ගේ දරුවකු හෝ මේ අතරමැදි පංතියට ඇතුළත් කර ගැනීමයි. සරළව කියනවා නම්, ලංකාවේ පීඩිතයන් වැඩි දෙනෙකුගේ අපේක්ෂාව තමන්ගේ දරුවා දොස්තර කෙනෙකු හෝ දේශපාලකයකු කර ගැනීමයි.

ලංකාවේ විප්ලව කෙරුවාවල් ඔන්න ඔය වගේ ය. මේ ගතානුගතික මාක්ස්වාදීන්ට හැදිය හැකි උපරිම දෙය වන ජාතිවාදයෙන් තෙම්පරාදු කරන ලද රාජ්‍ය ධනවාදය මහින්ද දශකයක් පුරා මේ රටේ ක්‍රියාත්මක කළේ ය. දැන් එය පිළුණු වී හමාර ය. තව කරනවා නම් කළ හැකි එක ම දෙය වන්නේ සෝවියට් දේශයේ බෝල්ෂෙවික් පක්ෂය වැනි විනයගත නිලධාරි පැළැන්තියක් ලවා නැවත වතාවක් මහින්ද චින්තනය ම රතු පාටින් ලියවා ගැනීම පමණි.

මෙම සටහන තබන මොහොතේ අතරමැදි පංතික වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ වත්මන් ආණ්ඩුවට එරෙහිව අවි අමෝරාගෙන සිටියි. ඔවුන් පසුපසින් අවතාරයක් සේ නැගිටිමින් සිටින්නේ ඔවුන්ගේ පරමාදර්ශී තත්කාර්යවාදී ‘සමාජවාදියා' වන මහින්ද රාජපක්ෂයි. ඔහුගේ කාලය ගැන අතරමැදි පංතිකයන් අතර පැතිරෙමින් තිබෙන අතීතකාමී අඳෝනාවල යථාර්ථය එයයි.

අපට කියන්නට තිබෙන්නේ එක දෙයකි. වැඩ කරන පංතිය මත අතරමැදි පංතියේ ඒකාධිපති පාලනයක් පවත්වාගෙන යන එක ආර්ථික විද්‍යාත්මකව තව දුරටත් කළ නො හැකි ය. ඒ වෙනුවෙන් පසුගිය දශකයක් මුළුල්ලේ ලෝකයෙන් ගන්නා ලද ණය ගෙවන්නට දැන් සමස්ත රාජ්‍ය වැයවලින් 40%ක් ම වෙන් කරන්නට සිදු වී තිබේ. තමන්ට ආතල් දුන් මේ ණය කන්දරාව මත හිඳිමින් අතරමැදි පංතියට තව තවත් වරදාන දෙන්නට මුදල් වෙන් කරන්නේ කෙසේ ද යන්න පැහැදිලි කර දීමේ වගකීමක් වෘත්තීය සමිති නායකත්වයට හා විප්ලවවාදී ය යි කියන පක්ෂවලට තිබේ.

අතරමැදි පංතිය රතු පාට කොඩි ගනිමින් වර්ජන ක්‍රියාමාර්ග හරහා රජය බ්ලැක්මේල් කරන්නට සැරසෙමින් සිටියි. එයින් උද්දාමයට පත් වී සිටින අටෝරාශියක් මාක්ස්වාදීන්ට කළ හැකි එක ම දෙය වන්නේ මේ රට ම්ලේච්ඡත්වයට ඇද දැමීම පමණි. මහින්ද රාජපක්ෂගේ සිට පුබුදු ජයගොඩ දක්වා විකාරකාරයන්ට උත්තර දෙන්නට සැබෑ වැඩ කරන ජනතාව වීදියට පැමිණිය යුතු කාලය එළඹ තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.