2016-03-06

ඩවුන් අන්ඩර් රසික හා අප් එබව් පැරා

ඔය අපේ රසිකොලොජියේ රසිකයි, මායි ටිකක් එක විදියට හිතන දෙන්නෙක් ය කියන එක රසිකට අපහාසයක් නොවෙයි කියලා මං හිතනවා. 

අපි ඉතින් එක යුගේක ඉපදුණ කට්ටිය නිසා වෙන්න ඇති.

වෙනසකට තියෙන්නේ එයා ඉන්නේ ඩවුන් අන්ඩර්. මං උපන්නේ හා මැරෙන්නත් බලාපොරොත්තු වන්නේ අප් එබව්. දන්නවනේ අර ලයික් එ ඩයමන්ඩ් ඉන් ද ස්කයි තියෙන්නෙ. අන්න ඒ අප් එබව්. මට නම් ඒක වර්ල්ඩ් සෝ හයි. හේතුව, කරුමෙට හරි වාසනාවට හරි අපි උපන්නෙ එතන නේ. උපන්නයි කියලා එතන ම මැරෙන්න ඕනැ කියලා එකකුත් නැහැ. ඒ වුණාට මට නම් වෙන තැන් රහ නැහැ. නැතිනම් මං වෙන රහවල් දන්නෙ නැහැ. 

මාත් මෙහෙම හිටියට 1995 තරම් ඈත කාලෙ මරණයේ විජිතය කියලා කවි පොතක් හෙම මුද්‍රණය කරපු, ඒ කාලෙ නැගී ආපු තරුණ කවියෙක්. ඊට පස්සෙ වයසට යනකොට මං කවියෙක් විදියට සුරතාන්තයෙන් පසුව බැස ගිය ශිශ්නයක් වගේ බැහැලා ගියා. කවි ලියන එක වගේ ටොයිස් වැඩවලින් ලංකාවෙ සමාජයට කරන්න පුළුවන් මගුලක් නැහැ ය කියලා තමයි මට හිතෙන්නේ. ඒ නිසා මං බ්ලොග් ලිව්වා. එක එකාට බැන්නා. පහුගිය දවස්වල අර පළමු වෘත්තීය සිංහල බ්ලොග්කරුවා එක්ක කරපු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව බලපු එක්කෙනෙක් කිව්වා, එයා හිතාගෙන හිටියෙ මං යකෙක් විදියට ය කියලා. 

ඒ වුණාට මං දැනුත් කවි ලියනවා, පොඩි උපයෝගිතාවාදී වැඩවලට. මතකද අර කුලියාපිටි කවිය? මං ලියපු ඔය වගේ කවි කීපයක් කැම්පේන් වැඩවලදි සාර්ථක වුණා. උදාහරණ විදියට රතුපස්වල පස් රතු විණි - රතු ලේ ඒ මතින් හැලිණි හා විස්කෝතු කන ළමයා සලකා බලන්න. 

පසුගිය සුමානේ කුලියාපිටිය ඇරුණාම මම තව කවියකුයි, සිංදුවකුයි ලිව්වා. එහෙම නැතිනම් ලියැවුණා. 

රසිකගේ මෙන්න මේ පෝස්ටුව දැකලා මටත් හිතුණා ඒ දෙක මෙතන ලියන්න. ලංකාවෙ කට්ටිය වැඩිපුර ඉන්ටනෙට් යන්නෙ ඔෆිස් එකේදිනේ. ඒ කියන්නේ අරගල වැඩි හරියක් කරන්නේ පොදු දත්තවලින්. ඒ නිසා සෙනසුරාදා ඉරිදාට එච්චර බරසාර එව්වා ලියන එක එච්චර ම ලොකු තේරුමක් නැහැ. 

මේ දවස්වල අප් එබව් එකේ ලියන්න වෙලා තිබෙන කවි මෙන්න මේ වගේ:


මාර්තුව

සීලිං පංකාව
කෙඳිරි ගාමින් කැරකෙයි
උණුසුම් උකු තලපයක් වැනි
වායුගෝලය තුළ

නුරුස්නා කතා බහ
කැටි වළාකුළු සේ
තෙරපෙයි සවන් තුළ

ගිනියම් අව්ව පුපුරයි
විජලනිත තුරු පත් මත

දහදියෙන් බත් ව ඇත හිත
ගල් ගැසිලාය ගහකොළ
සුළං රැල්ලක් නැතිව

එහෙම ය කියලා  මිනිස්සුන්ට ආදරේ වගේ හැඟීම් දැනෙන්නෙ නැත්තෙ නැහැ නේ. පහත පළ වෙන්නේ මං අතින් ලියවුණ ගීතයක්. 

සිංදුවක් වුණාට මේව අරගෙන ගායකයන්ගේ ගෙවල්වලට කිරි මුට්ටි අරගෙන ගිහින් කොහොම හරි කියවා ගන්න තරම් නම් අමාරුවක් මට නැහැ. කාට හරි කියන්න ඕනැ නම් අවසර අරන් කිව්වත් කමක් නැහැ. 


Untitled

අතීතය මිහිරක් ය මිහිරියෙ
දරා ගන්නට බැරි තරම්
කාල යානයෙ නැගී අපි යමු
වර්තමානෙන් සමු අරන්

කාල තලය ම අඳුරු වී
යුගෙන් යුග පියමං වෙවී
ඈත දිදුලන නයන කැල්මක්
පාළු තරුවක් සේ දිලී

ශෝක රසයක මිහිරි සීතල
ඔබෙ ලවන් දෙපොටින් ලිහී
පාළු විශ්වයෙ පාව යන විට
සොයා එයි පොළවෙන් මිදී


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

14 comments:

  1. 'ඒ වුණාට මට නම් වෙන තැන් රහ නැහැ. නැතිනම් මං වෙන රහවල් දන්නෙ නැහැ'.
    Para- ඒ පාර ලින් මැඩියෙක් වෙන්න යනවද.

    ReplyDelete
  2. "අතීතය මිහිරක් ය මිහිරියෙ
    දරා ගන්නට බැරි තරම්
    කාල යානයෙ නැගී අපි යමු
    වර්තමානෙන් සමු අරන්" හරි ලස්සනට පද ගැලපිලා තියෙනවා.. රසිකලොගි සහ ඔබ එක විදිහකට ලියන බව පෙනෙනවා තමයි (අදහස් අතින් ) පැරා මට කියයිද දන්නේ නෑ හැමදාම එයාගේ බ්ලොග් එක ප්‍රමෝට් කරනවා කියලා .. මගේ "යලිහමුවෙමුද අපි " මේ ගීතයත් එක්ක ලඟින් යන බ්ලොග් පොස්ට් එකක්...

    http://helmalu.blogspot.com.au/2015/12/blog-post_30.html

    ReplyDelete
    Replies
    1. ඒ කවෙන් මිහිරි ගීයක් තැනිය් හැකි වේවි.

      Delete
  3. හුටා කාකාගේ තට්ටේ මල් පිපේද නැතිනම් වෙන අනන් මනං එයිද ?

    ReplyDelete
    Replies
    1. කකාගේ තට්ටෙයි *$#@%යි දෙකේම මයිල් නෑ. ඌ මේ රටෙත් නෑ.

      Delete
  4. අප දෙදෙනා අතර ඇති එක් වෙනසක් නම් මා උදේ අවදි වන්නෙකු නොවීමයි.

    කෙසේ වෙතත් මගේ වෙලාවෙන් උදේ 10:30 ට පමණ අවදිවුණු වෙලාවේ මේ ලිපිය කිවීමට ලැබීම නිසා සිකුරාදා මා පැරා ගැන් ලියූ සටහනක් වහා සකසා පළ කිරීමට සිත් විය.

    කවි රස වින්දෙමි.

    ස්තුතියි පැරා.

    ReplyDelete
  5. වෙලාවට මම ඒ සටහන දැක්කේ නැත. අප්සෙට් කෑල්ලක් වුණත් දැන් මට ඕවායේ ගානකුත් නැත.

    ReplyDelete
  6. /**
    "ඔය අපේ රසිකොලොජියේ රසිකයි, මායි ටිකක් එක විදියට හිතන දෙන්නෙක් ය"
    */

    අපතයා ට අපතයා මිස වෙන කව්ද
    ගොබිල ගෙ අගේ ගොබිලා දන්නැද්ද
    කුහකයා ට කුහකයා සෙට් නොම වෙයි ද
    රයිගමයයි ගම්පලයයි වගෙ නැද්ද

    ReplyDelete
  7. මම නං කැමතිම කොටස මේක........

    //කවි ලියන එක වගේ ටොයිස් වැඩවලින් ලංකාවෙ සමාජයට කරන්න පුළුවන් මගුලක් නැහැ ය කියලා තමයි මට හිතෙන්නේ.//

    ReplyDelete
  8. කවි ලියලා වැඩක් නෑ... සහතික ඇත්ත... කුණුහබ්බ තමයි මාකට්... මත් කවි ලියන්න වැඩි උනන්දුවක් නැත්තේ එකමයි... කුණුහබ්බ පෝස්ට් එකක් බලන උන්ගෙන් කාලක් වත් කයියක් ලිව්වම බලන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. http://kolambagamaya.blogspot.co.uk/2016/03/2016.html
      දැන් මාතා කියන්නේ අපි තෝරපු කවි කවුරුත් කියවන්නේ නැහැ කියලද? කවි කියවන සෑහෙන ජනකායක් ඉන්නවා මාතෝ. හැමෝම නැති බව ඇත්ත . නමුත් සෙට් වෙන අය බොක්කෙන්ම සෙට් වෙලා ඉන්නේ.

      Delete
  9. රසික - පැරකුම් සුසංයෝගය, අන්තිම ගීතය ලස්සනයි. අර මනාට පොඩි මේලක් දැම්ම නම් තනුවක් හදල දෙයි. හැබෑ දක්ෂයෙක්.

    ReplyDelete
  10. ලස්සන කවි..අන්තිම එකෙන් නං සින්දුවක් කියත හැකි නේද

    ReplyDelete
  11. ගිරීස්ම කවිය නම් මල් හතයි.. දාඩිය ගල ගල මල පැනලා ලියල තියෙන්නෙ. එල..
    (මේ වගේ අයිසින් පාරක් දාන එකේ ලල් එකක් තියේ.. හෙහ් හෙහ්..)
    ජයවේවා..!!

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.