2016-04-29

කුමාර් ගුනරත්නම්, දේශපාලන අරගල හා නීතිය

මෙයත් දේශපාලන කාරණාවක සිට නීතිමය කාරණාවක් බවට පෙරළිය හැකි සිද්ධියක් ද? 
අජිත් පැරකුම් ජයසිංහ - 2016 - 05 - 01 රාවය පුවත්පත

කුමාර් ගුනරත්නම් සිද්ධිය විසින් වැදගත් දේශපාලන සංවාදයක් මතු කර තිබේ. එම සංවාදය මතු වන ප්‍රධාන තල දෙකක් තිබේ. එකක් නීතිමය තලයයි. අනෙක වාම දේශපාලන තලයයි. වඩාත් ම ප්‍රතිපක්ෂ වන්නේ මේ තල දෙක අතර ඇති වන සංවාදයයි.

නීතිමය තලය නිරූපණය කිරීම සඳහා ගාමිනී ඒකනායක විසින් සමාජ ජාල හරහා මතු කරන ලද මෙම අදහස් දැක්වීම සැලකිය හැකි ය.

මෙතන ගැටළුවක් තියෙනවා. කුමාර් ගුනරත්නම් ඔස්ට්‍රේලියාවට පැනගියේ ජීවිත ආරක්‍ෂාවට කියමුකො. එහෙනං එයා ඉන්න ඇත්තේ refugee visa යටතේ වෙන්න ඕනෙන. අනිත් පැත්තෙන් තියෙන කතාවට අනුව එයා ගියේ බිරිඳගේ sponsorship හරි family reunion වැනි පදනමකට නං එයාට උපරිම ලැබෙන්නේ permanent resident visa නෙ. ඒ visa එකේ පැහැදිලිවම සඳහන්වෙනවා ඉන්න පුලුවන් කාලය indefinite කියල. ඒක දෙන්නෙත් multiple entry වලට. එහෙමනම් ඇයි එයා citizenship apply කලේ. නිකම්ම ඔස්ට්‍රේලියානු රජය අනේමේක ගන්නම please කියල citizenship දෙන්නෙ නැහැ. නියමිත නීත්‍යානුකූල ක්‍රියාවලියක් සම්පූර්න කිරීමෙන් පසුව ඔස්ට්‍රේලියානු රජයේ citizenship ceremony යකදී ප්‍රසිද්‍යේ දිවුරුම්දීලයි citizenship සහතිකය ලැබෙන්නෙ. එදා හිතුනෙ නැද්ද මෙයින් "මම දේශපාලනය කල රට" මෙයින් ඇත්හැරෙනවා කියලා. ඒකත් අතාරිමුකො. හොඳයි ඇයි නියමිත duel citizen පටිපාටියෙන් නීත්‍යානුකූලව අයදුම් නොකලේ. පසුගිය රජය යටතේ ඔහු අතිවිශාල ගැටලුවකට මුහුනදුන් වෙලේ මෙලෙස පෙරටු ගාමීනුයි මෙ උගත්තු කියන කට්ටියයි මේ ආකාරයෙන්ම පෙනී නොසිටියේ ඇයි. එදා පෙනී සිටියේ ඔස්ට්‍රේලියානු තානාපති කාර්‍යාලය පමනයි. ඒවගේම තව බොහෝ දෙනෙක් ඉන්නවා duel citizenship ගන්න බලාගෙන. එයාලත් මේ ක්‍රමයටම වීසා නීති කඩා ගෙන දේවල් කරන්න උත්සාහ කලොත් මේ ඔබලා හැමෝම මේ විධියටම ඒ අය වෙනුවෙනුත් පෙනී සිටිනවාද! අවුරුදු දෙකතුනකට කලින් ඇති වුනු ප්‍රශ්නයේදී ඔස්ට්‍රේලියානු තානාපති කාර්‍යාලයත් මැදහත් වෙලා බේරිලා ගිය කුමාර් ගුනරත්නම් ජනාධිපතිවරන සමයේදී visitor visa එකෙන් ඉතා සැහැල්ලුව ආපසු ඇවිල්ලා දේශපාලනයත් කලේ කොහොමද! ජනාධිපතිවරන සමයේදී එය සංවිධානයකල කෙනාගේ සෙවනැල්ලම මේ නීති කඩා බිඳ දමමින් කරන්නට හදන ව්‍යාපාරය පසුපස තියෙනවා වත්ද!

වාම දේශපාලන තලයේ මතය කැටි කර විධිමත් අන්දමින් ඉදිරිපත් කළ අවස්ථාවක් ලෙස සැලකිය හැක්කේ රෝහිත භාෂණ විසින් පසුගියදා රාවය පුවත්පතේ තබන ලද සටහනයි.

එයින් සාකච්ඡා කරන්නේ නීතිය හා යුක්තියුක්තභාවය අතර ඇති ගැටුමයි.

එහි වඩා වැදගත් කොටසක් මෙසේ ය:
ඒ අනුව මුලින් ප්‍රේමකුමාර් ගුණරත්නම්ගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡාවට හා විවාදයට විවෘත දේශපාලන කරුණක් ලෙස පැවතුණි. අනතුරුව එය දේශපාලන කාරණාවක සිට නීතිමය කාරණාවක් බවට පෙරළීම මගින් ඒ විවාදය අත්හිටුවනු ලැබිණ. දැන් ලැබී ඇත්තේ නීතිමය තීන්දුවකි. එමගින් රජයේ දේශපාලන පිළිවෙත නීත්‍යානුකූල හා සුජාත එකක් බවට පෙරළා තිබේ. කලින් ඒ ගැන විරෝධය පෑම ආණ්ඩු පක්‍ෂයේ පිළිවෙත් විවේචනයක් සේ සැළකිණ. දැන් එය නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්කිරීම පිළිබඳ ගැටළුවකි. දේශපාලනය සහ නීතිය වෙන්කොට ඇඳගන්නා මනෝමය රේඛාව යහපාලන යථාර්ථයේ විස්මිත පිළිබිඹුවකැයි දැන් බොහෝ දෙනා සිතති.

නමුත් මේ පරිකල්පිත විස්මලන්තයෙන් එළියේ දේශපාලකයෝ නඩු අසති. නඩුකාරයෝ දේශපාලනය කරති. රාජ්‍ය තාන්ත‍්‍රික ගමන් බලපත්‍ර හතරක් ඇතුළු විදෙස් ගමන් බලපත් පහක් භාවිතා කළ බවට චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශට බල නොපාන ආගමන විගමන රෙගුලාසි උල්ලංඝණය පිළිබඳ චෝදනා කුමාර් ගුණරත්නම්ට බලපාන්නේ ඒ නිසා ය. දෙමටගොඩදී පුද්ගලයෙක් ‘අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් පැහැරගෙන යාමට කුමන්ත‍්‍රණය කිරීම, පැහැරගෙන යාමට අනුබල දීම, තුවාල සිදුකිරීම, සාපරාධී බිය ගැන්වීම්, අයුතු සිරකර තැබීම් හා සාපරාධී බලහත්කාරය’ පිළිබඳ චෝදනා එල්ල වූ යහපාලන ආණ්ඩුවේ හවුල්කාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර‍ හමුවේ බල රහිත නීතිය ප්‍රේමකුමාර් ගුණරත්නම් හමුවේ බලවත් වන්නේ ද ඒ නිසාය. වීරවංශ සහ ප්‍රේමචන්ද්‍ර‍ දෙතුන් පැයක් ‘රඳවා තබා’ නිදහස ලබද්දී ගුණරත්නම්ට පහළොස් මාසයක් සිර දඬුවම් නියමවන්නේ ඒ අනුව ය.


නීතිය සම්බන්ධයෙන් රෝහිත භාෂණගේ සංයුක්ත අදහස මෙසේ ය:
නීතිය ප්‍ර‍චණ්ඩත්වයට විරුද්ධ බවත්, ප්‍රචණ්ඩත්වය පාලනය කරන්නට හැකියාවක් නීතියට ඇති බවත් සාමාන්‍ය පිළිගැනීමයි. නමුත් නීතිය මගින් ඇත්තෙන්ම කරන්නේ ප්‍රචණ්ඩත්වයේ එක් ස්වරූපයක් යුක්ති යුක්ත කොට ඊට නීතිමය වලංගුතාව ප්‍රදානය කිරීමයි. රාජ්‍ය ප්‍ර‍ණ්ඩත්වය යනු ඒ වරප්‍රසාදිත ස්වරූපයයි. නීතියේ ආධිපත්‍යය යනු තෝරා බේරා වරණීය ලෙස ප්‍රචණ්ඩ බලය උපයෝග කරගැනීමට රජයට ඇති ‘අනුත්තර අයිතිය’ සුජාත කොට චිරස්ථායී කිරීමයි. එක්කෝ අයිතීන් ප්‍රතික්‍ෂේප කිරීම හරහා ඒ ප්‍රචණ්ඩත්වය අභ්‍යාස කරන්නට ආණ්ඩුවකට පුළුවන. නැතහොත්, අයිතීන් ඉල්ලන්නා මර්දනය කිරීම මගින් ඒ ප්‍රචණ්ඩත්වය ක්‍රියාවට නංවන්නට ද ආණ්ඩුවකට පුළුවන.

රෝහිත භාෂණගේ මෙම විග්‍රහය සමාජවාදී රාජ්‍යයක වුව නීතියට අදාළ ය. එහෙයින් එය රාජ්‍යයේ ගැටලුවක් මිස පවත්නා ක්‍රමයේ ගැටලුවක් නො වන බව පෙනේ.

මෙම අදහස සමාජවාදී අදහසක් නො වේ. මෙය වනාහි රාජ්‍යය ප්‍රතික්ෂේප කරන අරාජිකවාදී අදහසකි. නීතිය සම්බන්ධයෙන් මෙම අරාජිකවාදී අදහස රෝහිත භාෂණ වෙනත් කාරණා සම්බන්ධයෙන් දරන අදහස් සමග සමපාත වන්නේ කෙසේ ද යන්න ඔහු පැහැදිලි කළ යුතු ය.

අප සිතන අන්දමින් නම් ගතානුගතික මාක්ස්වාදී ආගමිකයන්ගේ මූලික ගැටලුව මෙයයි. රෝහිත භාෂණ කර තිබෙන්නේ එය වඩා භාෂාත්මක ලෙස නිරුවත් කිරීම පමණි.

ගතානුගතික මාක්ස්වාදී ආගමිකයා යනු අතිශය පරස්පර විරෝධී අදහස් පද්ධතියක සංකලනයකි.

මාක්ස්වාදියා ජාත්‍යන්තරවාදය දේශනා කරයි. ඒ ගමන් ජාතික රාජ්‍යය සිය දේශපාලන පදනම බවට පත් කර ගනියි. එක්කෝ පවත්නා ජාතික රාජ්‍ය රැක ගැනීම වෙනුවෙන් හෝ නැතිනම් අලුතින් ජාතික රාජ්‍ය හැදීම වෙනුවෙන් ඇපකැප වෙයි.

මාක්ස්වාදියා නිර්ධන පංතික ආඥාදායකත්වයක් යෝජනා කරයි. එහෙත්, ඇත්තෙන් ම එය වනාහි නිර්ධන පංතිය වෙනුවෙන් කටයුතු කරන බව කියන, බොහෝ විට මධ්‍යම පංතියෙන් සුසැදි, පෙරටුගාමීන් ලෙස තමා විසින් තමන් ම හඳුන්වා ගන්නා බලවේගයක ආධිපත්‍යයකි. ප්‍රායෝගිකව ගත් කල ඉතා පැහැදිලි ආඥාදායකත්වයකි. එය තුළ ළපටි හෝ ප්‍රජාතාන්ත්‍රික කල්පනාවකට ඉඩක් නැත. එය පදනම් වන්නේ ද ආඥාදායක නීති පද්ධතියක් මත ය.

එහෙත්, මාක්ස්වාදීන් විසින් ධනේශ්වර යයි හඳුන්වනු ලබන රජයන් ඉදිරියේදී ඇතැම් විටෙක ඔවුහු අරාජිකවාදීහු ලෙස හැසිරෙති. කුමාර් ගුනරත්නම් ප්‍රශ්නය එවැනි අවස්ථාවකි.

එහෙත්, තමන්ට වාසිදායක අවස්ථාවලදී ඔවුන් නීතිය ගැන මෙම තර්කය නගන්නේ නැත.

මෙහි ඇති භයානක ම තත්වය නම්, ප්‍රතිගාමී අරමුණු වෙනුවෙන් ද අයෙකුට මෙම තර්කය ඉදිරිපත් කළ හැකි වීමයි. නිදසුනක් ලෙස ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතන නඩුව සම්බන්ධයෙන් ද මෙසේ කිව හැකි ය. මෙහිදී සිදු වී ඇත්තේ දේශපාලන කාරණාවක් නීතියට ලඝු කිරීමයි. 'දේශපාලනය සහ නීතිය වෙන්කොට ඇඳගන්නා මනෝමය රේඛාව යහපාලන යථාර්ථයේ විස්මිත පිළිබිඹුවකැයි දැන් බොහෝ දෙනා සිතති'යි කියන විට එය මේ කාරණය හා අදාළ වන හැටිත් පැහැදිලි කිරීමේ හැකියාව රෝහිත භාෂණයට තිබිය යුතු ය.

මෙම තර්කය අතිශය භයානක ද වෙයි. නිර්ධන පංතික ආඥාදායකත්වයක් පිළිබඳ සංයුක්ත වැඩසටහනක් මේ මොහොතේ සීසීකඩ විසිර සිටින ලංකාවේ ගතානුගතික මාක්ස්වාදීන්ට නැති බව ඉතා පැහැදිලි ය. එහෙම තත්වයක් තිබියදී මෙවැනි තර්ක ඉදිරිපත් කිරීම අවසානයේදී වාසිදායක වන්නේ කාටද? විමල් වීරවංශට, හිරුනිකා ප්‍රේමචන්ද්‍රට නීතියෙන් ගැලවී සිටින්නට දී ඇති අවස්ථාව කුමාර් ගුනරත්නම්ටත් ලබා දෙන්නැයි ඉල්ලා සිටීම දේශපාලනික ද? එසේ නීතියෙන් ගැලවී ගැනීම අයිතිවාසිකමක් ලෙස තර්ක කළ හැකි ද?

මේ රටේ බොහෝ ප්‍රගතිශීලීහු විමල් වීරවංශ හා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා උද්ඝෝෂණ කළ හ. නීතිය යම් මට්ටමකින් හෝ ක්‍රියාත්මක වුණේ එකී බලපෑම් නිසා ය.

නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නො ව, සමාජවාදය, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව වැනි සංකල්ප පවා පරමාදර්ශීය ඒවා ය. පරමාදර්ශයන් හැම විට ම යථාර්ථවාදී තත්වයන් නො වේ. එහෙත්, පරමාදර්ශයන් වෙනුවෙන් කරන අරගල යථාර්ථයට දැඩි බලපෑමක් කරයි.

සාධාරණත්වය හෝ සමාජවාදය හෝ පංති විරහිත සමාජය හෝ පිළිබඳ පරමාදර්ශයන් යථාර්ථයන් නො වුණත්, ඒ වෙනුවෙන් කර ඇති අරගල සමාජ සංවර්ධනයේ දිශානති තීරණය කිරීමට සෑහෙන්න බලපෑම් කළේ ය. එසේ නො වේ නම්, කම්කරු අයිතිවාසිකම්, මානව හිමිකම්, ළමා හිමිකම් ආදිය ගැන තැකීමක් කරන්නට ලාභය අරමුණු කර ගත් ධනපති පංතියට උවමනාවක් ඇති වන්නේ නැත.

නීති වනාහි අනුල්ලංඝනීය දෙයක් වන්නේ නැත. ඉතිහාසය පුරා ම මිනිසා නීති හැදීම ද, හදන නීති වෙනස් කිරීම ද කර තිබේ. ඇතැම් නීති වෙනස් කරනු ලබන්නේ ප්‍ර‍චණ්ඩ ලෙස ය. එසේ කිරීම යුක්තියුක්ත වන තත්වයන් තේරුම් ගත හැකි වන්නේ එය සාධනීය ලෙස සමාජ සංවර්ධනයට ඉවහල් වන්නේ ද යන දේශපාලන විනිශ්චය මත ය. දේශපාලන විනිශ්චය එය පදනම් වන දෘෂ්ටිවාදයට සාපේක්ෂ කාරණයක් බව අමුතුවෙන් කියන්නට උවමනා නැත.  

අයුක්තිය නීතිය බවට පත් වූ විට ප්‍ර‍තිරෝධය වගකීමක් බවට පත් වේ යයි ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස් ප්‍ර‍කාශනයේ කතුවරයකු වන තෝමස් ජෙෆර්සන් පැවසී ය. නීති උල්ලංඝන සාධාරණීකරණය වන්නේ එම නීති අයුක්ති සහගත වන තරමට ය. 

කුමාර් ගුනරත්නම් ලංකාවේ දේශපාලනය කරන්නට ඉල්ලා සිටින අවස්ථාව ලබා දිය යුතු ය. එවැනි ඉල්ලීම් සම්බන්ධයෙන් පොදු ප්‍රතිපත්තියකින් කටයුතු කරමින් එකිනෙක ප්‍රශ්න වෙන වෙන ම ගෙන දේශපාලනික විසඳුම් ලබා දිය යුතු ය. එහිදී ඇතැම් නීති නො තකා හරින්නට හෝ වෙනස් කරන්නට සිදු වේ. ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව අතර දේශපාලන සම්මුතියක් ඇති කර ගත යුතු ය.

වෙනත් ඕනෑම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ද සිදු විය යුත්තේ එයයි.  දෙමළ ජනතාවගේ දේශපාලන ඉල්ලීම සලකා බැලුවත් එසේ ය. සම්මුතියකට පැමිණීමට උත්සාහ නො කර යුද්ධයෙන් ප්‍රශ්නය විසඳා ගැනීමට උත්සාහ කිරීමෙන් සිදු වූයේ විනාශයකි. කුමාර් ගුනරත්නම් ප්‍රශ්නයට නම් යුදමය විසඳුමක් ඇත්තේ ම නැත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

27 comments:

  1. අනුර කුමාර දිසානායක ලොක්කා කෝ? තවම සියරට ඇවිත් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔය සමාජවාදී කාලකණ්නි එකෙක්වත් කියුබාවේ, නැත්නම් වෙනිසියුලාවේ එක දිගට ජීවත් වෙන්න කැමති නැති හැටි!

      Delete
    2. //අනුර කුමාර දිසානායක ලොක්කා කෝ? තවම සියරට ඇවිත් නැද්ද? ?/

      උඹ මාරා ගේ අසුචි කාලා ඉවර වුනාම සියරට එනවා කියලා පොඩි බණ්ඩාගේ අවතාරේ කිව්වා බං


      සාරස.. යකෝ තමන්ගේ අද්‍යාපනය ගැන වත් හිතලා හරියට හැසිරියන්...

      Delete
    3. // උඹ මාරා ගේ අසුචි කාලා ඉවර වුනාම සියරට එනවා කියලා පොඩි බණ්ඩාගේ අවතාරේ කිව්වා බං


      සාරස.. යකෝ තමන්ගේ අද්‍යාපනය ගැන වත් හිතලා හරියට හැසිරියන්... //

      එසේය මහ රජ!

      Delete
    4. යකෝ සාරස, උඹේ තත්ත්වයේ මිනිහෙක් මරාට පක්කලිකම් කරනවා කියන්නේ උඹ උඹේ වෘත්තියේ ගරුත්වය සුන්නත්දූලි කරලා දානවා කියන එකයි. දැන්වත් හැදියං.

      Delete
    5. // යකෝ සාරස, උඹේ තත්ත්වයේ මිනිහෙක් මරාට පක්කලිකම් කරනවා කියන්නේ උඹ උඹේ වෘත්තියේ ගරුත්වය සුන්නත්දූලි කරලා දානවා කියන එකයි. දැන්වත් හැදියං. //

      ඔහෙලා නම් හරිම හිතවත් ඇනෝලා...

      අපේ අම්මා තාත්තා නුදුන්නු උපදෙස් දීලා අපව හරි මග යවන්න නේ උත්සාහ කොරන්නේ?

      Delete
    6. සා ර ස..... වඳින්නම්, මරාට නම් පක්කලිකම් කරන්න එපා.

      Delete
    7. // සා ර ස..... වඳින්නම්, මරාට නම් පක්කලිකම් කරන්න එපා. //

      හෆොයි...
      තක්කලි ඌස්නෙට හොඳ නැහැ...

      Delete
    8. සා ර ස..... වඳින්නම්, මරාට නම් පක්කලිකම් කරන්න එපා.
      රනිල්ට හරි සිරිසේනට හරි පක්කලිකම් කරපං

      Delete
  2. අප රටේ විප්ලවය ජනවාරි 8 සිදුවුනු නිසා, විප්ලවය ලෝක මට්ටමින් සිදු කිරීම සඳහා අනුර කුමාර දිසානායක සහෝදරයා මේ වන විට රටින් රට ට යමින් ඒ ඒ රටවල විප්ලවවාදීන් හමුවී ඔවුන් සමග සකච්ඡා කිරීම සඳහා උත්සාහ කරමින් සිටිනවා. ඒ අස්සේ පංති පහ ද පුළු පුළුවන් මට්ටමින් පැවැත්වීමට ද ප්‍රයත්නයක් දැරෙනවා. එහෙත් පොඩි පරහකට, ඇත්තේ වෙනත් රටවල විප්ලවවාදීන්, අනුර සහෝදරයා එනු දුටු විට බිය වී පලා යාමයි. එම නිසා, ජනවාරි 8 විප්ලවය ලෝකමට්ටමින් සිදු කිරීමේ සුළු ප්‍රමාදයක් තිබිය හැකි නමුත් (චීයා), ඒ ගැන කිසිදු කුකුසක් තබා නොගත යුතු පැලවත්තෙන් දැන ගැනීමට ඇත.

    ReplyDelete
  3. We all must show true to the world. Even there lot of wrong things do by army. If army kill tamil people its wrong even elam suport people.
    we talk true.

    ReplyDelete
    Replies
    1. යකෝ පැරා මෙන්න තොගේ ඉන්ග්ලිෂ් ක්ලාස් එකට ආපු ගෝලයෙකුත් comment එකක් දාලා.

      Delete
    2. හොඳ වැඩේ රැජිනට!

      Delete
    3. yas yas I cum to parakum sir ge class.

      Delete
    4. 'Good good' son! that's how we must fuck that colonial language.

      Delete
  4. මෙයත් දේශපාලන කාරණාවක සිට නීතිමය කාරණාවක් බවට පෙරළිය හැකි සිද්ධියක් ද????

    ReplyDelete
  5. සෙබලා ඉසිප්‍රියාගේ අත් දෙක බඳිනවාද ලෙහනවාද මේ පින්තූරේ බලලා ලෙහනවා කියන්නත් පුළුවන් නේද ඒ නිසා කාරණය ඔප්පු කරන්න සාක්කි පෙන්වන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි. ඔය දෙකම වෙන්න පුළුවන්...

      Delete
    2. අත් දෙක ලිහුවට පස්සෙ එයා මැරිලා.

      Delete
    3. army no have right to kill this girl even she is elam support girl.

      Delete
  6. //////මෙහි ඇති භයානක ම තත්වය නම්, ප්‍රතිගාමී අරමුණු වෙනුවෙන් ද අයෙකුට මෙම තර්කය ඉදිරිපත් කළ හැකි වීමයි. නිදසුනක් ලෙස ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතන නඩුව සම්බන්ධයෙන් ද මෙසේ කිව හැකි ය. මෙහිදී සිදු වී ඇත්තේ දේශපාලන කාරණාවක් නීතියට ලඝු කිරීමයි. 'දේශපාලනය සහ නීතිය වෙන්කොට ඇඳගන්නා මනෝමය රේඛාව යහපාලන යථාර්ථයේ විස්මිත පිළිබිඹුවකැයි දැන් බොහෝ දෙනා සිතති'යි කියන විට එය මේ කාරණය හා අදාළ වන හැටිත් පැහැදිලි කිරීමේ හැකියාව රෝහිත භාෂණයට තිබිය යුතු ය.////////////////

    +++++++++++++++++ kiri and kakiri

    ReplyDelete
  7. පැරා උඹ මචං කිව්වට හැදෙන එකෙක් නොවෙයි. ඇයි බං උඹ භාෂණ සහෝදරයාට ජෙල ? ඉදා මේක බලලා ඊර්ෂ්‍යාව නිසා පිපිරියන්.

    https://youtu.be/dKXwx4MfCzM

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකක් දාන හැටි ඉගෙන ගනිල්ලා. මෙන්න මෙහෙම දාපල්ලා බං සිවරාම් ගැන භාෂණ

      Delete
  8. පැරාගේ සිහින මන්දිරය
    අපි නොදන්න පැරා දන්න ලින්ක්

    ReplyDelete
  9. දැන් එතකොට මරා වෙනුවෙන් කතා කළාම මහා පාප කර්මයක් කියල හොටු පෙරන අය රනිල් මයිත්‍රී ගේ ජනතා විරෝධී, ඒකාධිපති ආංඩුවට කඩේ යන පැරාල ගැන මොකද කියන්නෙ..

    ReplyDelete
  10. තමන් ඉපැදුණ රටේ දේශපාලනය කරන්න අයිතියක් නොදෙන මුංගෙ අම්මලාගෙ නීති හදන දේශපාලුවන්ට උඩගෙඩි දෙන උං ඉන්න රටක් නෙ මේ.

    ReplyDelete
  11. තමන් ඉපැදුණ රටේ දේශපාලනය කරන්න අයිතියක් නොදෙන මුංගෙ අම්මලාගෙ නීති හදන දේශපාලුවන්ට උඩගෙඩි දෙන උං ඉන්න රටක් නෙ මේ.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.