2016-05-10

යුද්දෙ ගැන ලිව්වා සාමය ගැන ලියන්න වෙලාව මදි වුණා

පූජිත් පත් වුණත් හරි ඉතින් සුබ පතන්න බැරි වුණානේ.

ඔය හැමෝ ම හැමෝ ම ලියල තිබුණෙ එක එක කාඩ්.  මං ඉතින් මොනව ලියන්න ද? මං ලිව්වා පූජිත මෙන්ඩිස් ගැන. මං දන්න පූජිත එයා නේ.

මඩොල්දූවේ උපාසක අප්පුට එහෙම රඟපාපු පූජිත මෙන්ඩිස්ට අන්තිම කාලෙ මගෙ ගානට ම නුහුගුණේ තිබුණා.

පූජිත මේ තනතුරට පත් වුණ විදිය හරි සෝක්. එක අතකට එක එකාට ගොටු අල්ලනවට වඩා මේ ක්‍රමේ හොඳයි.

පූජිතගේ කතාව අහලා මට පරණ සිද්ධියක් මතක් වුණා.

ඒ දවස්වල මං වැඩ කළේ පදවියේ. ගෙදරින් හවස හතරට විතර ඇවිත් වවුනියා නයිට් මේල් එකේ සීට් එකක් බුක් කරගෙන, ඇති තරම් කොළඹ රවුං ගහලා කෝච්චියේ නිදාගෙන අනුරාධපුරේට එනවා. ඉන් පස්සෙ අනුරාධපුර බස් නැවතුමේ තිබුණු ලොට්ට කඩයකින් ප්ලේන්ටියක් එහෙම ගහලා නගිනවා උදේ පහට පදවි ශ්‍රීපුර යන බස් එකේ. ඉස්කෝලෙට ගිහින් අස්සන් කරලා ඇවිත් තමයි චමරියෙන් මූණ කට හෝද ගන්නෙ.

දවසක් මං බස්සෙකේ මට ඉස්සරහ සීට්ටෙකේ වාඩි වෙලා ගිය තරුණ හාදයන් දෙන්නෙකුගේ කතාවකට ඇන්ටෙනාව දැම්මා. උන් දෙන්නා එන්නේ කොළඹ ඉඳන්. එස්සයිලා තෝරන ඉන්ටවීව් එකකට ගිහිනුයි එන්නේ. විභාගෙකුත් තිබුණලු. දෙන්න කතාව ප්‍ර‍ශ්න පත්තරේ ගැන.

“මං නම් ඉරි ගහන ඒවා ටික ඔක්කොම කළා. රචනෙ තමයි අමාරු. උඹ රචනෙ ලිව්වද?"

"ලිව්වා. ඒ වුණාට වෙලාව මදි වුණා. බාගයයි ලිව්වෙ."

"මොකක්ද උඹ ලියාපු මාතෘකාව?"

"යුද්ධය හා සාමය. බාගයයි ලිව්වෙ. යුද්දෙ ගැන ලිව්වා සාමය ගැන ලියන්න වෙලාව මදි වුණා."

මේ කතාවයි පූජිතයි අතර සම්බන්ධයක් නැහැ. මොකෝ එයා එස්සයි කෙනෙක් යැ. එයා ඒයෙස්පී විභාගෙන් ආපු කෙනෙක් නේ.




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

15 comments:

  1. ඒස්වා...හ්ඃ...!!
    පූජා වට්ටියේ බලේ තමා ඉතිං.
    (පැරාගෙ ෆොටෝ එක නිකං ඉන්ද්‍රනාමගෙ වගේ.)
    ජයවේවා..!!

    ReplyDelete
  2. පොලිස් කෝළම....

    රට වටා

    දැන් ප්‍රදර්ශණයේ.....

    ReplyDelete
  3. මනුස්සකම හඳුනන මතුගම මිනිසා -------

    මේ ලින්කුව ඔස්සේ ගිහින් බලන්න...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා....දේශපාලනේ පැත්තකට දාලා හිතුවොත් බොක්ක උනුවෙන පොරක් වගේ.

      අර ලමයා ඉස්කෝලේ දාපු චිත්‍රපටිය නම් කක්කා ලොක්කා.

      Delete
  4. පැරා....පූජා තිස්පහෙන් පොලිස්පතිකම හම්බවුනා නම්, 70ක් තියලා ජනාධිපතිකමත් ගනියි. අනේ මන්දා මීට පස්සේ පොලිසි යනවට වඩා හොඳයි පන්සල් යන එක. අනේ සකෝ බල ලෝ කිව්වලු.

    ශාස්තෘ ගෙන්න ගන්න විදිහක් කියන්න පුලුවන්ද පිටරටකට. (ඒකටත් පූජාවක් තියන්න වෙයිද :D

    ReplyDelete
    Replies
    1. තැපැල් කරන්න වෙලාව නැහැ මචං. කාට හරි කොළඹදි පොත දෙන්න පුළුවන්. එයාට කියලා තැපැල් කරගන්න.

      Delete
    2. තැන්ක් යු....මම වැඩේ සෙට් කරගන්නම්.

      Delete
  5. පූජිත මෙන්ඩිස් අන්තිම කාලෙ හිඟා කෑවලු.

    ReplyDelete
    Replies
    1. මේ පූජිත නම් අන්තිම කාලෙට තානාපති කෙනෙක් වෙයි.

      අර මෙන්ඩිස්ගේ අවසානය නම් දුකයි. රත්මලාන, මොරටුව පැත්තෙදි අපිත් උදව් කරලා තියෙනවා. මොනවා කරන්නද?

      Delete
  6. පැරා පූජිත පිළිබඳ පෙර දිනෙක වියුණු සටහනක් ලියමින් ඔහු ශ්‍රී ලංකාවේ මීළඟ පොලිස්පති වනු ඇතැ යි පුරෝකථනය කළ බව අපගේ මතකයට නැඟේ. පැරා පිළිබඳ විවේචන රාශියක් අප සතු ව තිබුණත් අද අපගේ අවධානය යොමු වන්නේ පූජිත පිළිබඳ ය.

    පූජිත යමක් කමක් හදාරා ඇති පුද්ගලයෙකු බව හැඟේ. ධර්මරාජයේ අකුරු කළ පූජිත එසේ වීම පිළිබඳ අපට විශ්මයක් ද නැත. ඔහු නිසි රාජන් කෙනෙකු සේ අදීන ව ක්‍රියාකරන බවක් ද පෙනේ. ඒ කෙතරම් කාලයක් සඳහා ද යන්න අපි නො දනිමු. ධනවාදී සංස්ථාපිතය තුළට ස්වීකරණය වන හොඳ මිනිසුන් ද ධනවාදය විසින් ම ධනවාදයේ මූලස්වරූපයන්ට අනුවර්තී විකරණයකට බඳුන් කර ගනු ලැබේ. ඉන් ඉක්බිති ව ඔවුන් ධනපති පංතියටත් වඩා සූර ලෙස ධනපති පංතියේ රක්ෂිකයන් බවට පත් වේ. ලංකාවේ පැරණි වම පිළිබඳ අවලෝකනය කරන විට මෙකී යථාර්ථය ඥානනය කර ගැනීම පහසු ය. අප තුරුණු කල ඇලුම් කළ ගුණදාස අමරසේකර (දැන් සිටින පිස්සු ඩයල් එක නො වේ) සුවියත් ව ද සුසාධනීය ව ද තම නවකතා තුළින් පෙන්වා දී ඇති පරිදි ම ලාංකීය ධනපති පාලක පංතියට බුද්ධි ජීවීන් සපයා දෙන ලද්දේ පැරණි වම විසිනි. පූජිත කොයි බට දැ යි අපට නුදුරු දිනෙක ම ප්‍රත්‍යක්ෂ කර ගත හැකි ය. අතීතයේ එක් අශෝභන නිමේෂයක පූජිත එක් වරක් මාධ්‍ය ඉදිරියේ පෙනී සිට ධනපති පාලක පංතිය සුරකිනු වස් ප්‍රතිගාමී මැදිහත් වීමක් කළ බව පැරාට අමතක ව ඇතත් අපට නම් අමතක නැත.

    පූජිත මේ ධූරයට පත් වීමත් සමඟ අත්‍යුද්ගාමයට පත් ව ඇති සේයාවක් දෘශ්‍යමාන වේ. පූජිත තම ධුරයේ ප්‍රතිෂ්ඨා වූයේ අමාත්‍ය ධුරයක රාජකාරී අරඹන ලීලාවකින් ය. ඉන්පසු පැවති මාධ්‍ය සාකච්ඡාව පුරාවට ද ඔහු ප්‍රදර්ශනය කළේ එකී අත්‍යුද්ගාමය විසින් ඔහු තුළ ජනනය කළ කම්පනය පමණි.

    පූජිත ප්‍රියමනාප කථිකයෙකු බව අප නම් පිළිගන්නේ නැත. සිංහලයත් ඉංගිරිසියත් නො නිසි හා අවියත් ලෙස මිශ්‍ර කර ඔහු කතා කරන ආකාරය ඔක්කාරජනක ය. ඔහුගේ අච්චාරු බස ශ්‍රාවක සවනතට පීඩාකාරී ය; ශ්‍රාවක මනසට අගෝචර ය; ශ්‍රාවක උදරයට පෙරළුම්කාරී ය. පූජිත තමාගේ මිත්‍රයෙකි යි පරවම්භනය කරන පැරාට මේවා නො තේරේ; නො දැනේ; නො පෙනේ. පාඨශාලා ආචාර්යවරයෙකු යැ යි පැවසෙන පැරා තම මිත්‍රයාට මෙකී භාෂා අච්චාරුව එසැණ හළ යුතු බව පවසන්නට තරම් කාරුණික නැත. සත්‍ය ලෙස ම පූජිත සිංහලෙන් පවසන වදන් පෙළවල් යළි ඉංගිරිසියෙන් පවසන්නේ කිසිඳු සඵල ආරම්මණයකින් තොර ව ය. දෙබසින් ම යළි, යළිත් පවසන්නට තරම් වැදගත්, සංකීර්ණ යමක් ඔහු නො පවස යි. පැරාගෙන් ඉංගිරිසිය උගත් මාණවමාණවිකාවන්ට ද පූජිත පවසන දේ එක් බසකින් පැවසුව ද වැටහේ. පූජිත තමන්ට පවසන්නට තිබෙන දෙය ඉංගිරිසිය හෝ සිංහලය හෝ යන දෙබසින් එකකින් පැවසීම මනා ය. අවැසි නම් පළමු ව එක් බසකින් ද දෙවනු ව අනෙක් බසෙන් ද පැවසිය හැකි ය. භාෂා අච්චාරුව නිසා පූජිතට එක බසක්වත් හරි හැටි බැරි බවක් විනා වෙන යමක් නම් නො පෙනේ. පූජිතගේ මෙම බහුබූත කතා විලාසය ද අභිනයන් ද විසින් පූජිත විසුළුවක් බවට පත් කර ඇත. දිගු ගමනක් යාමට විභවතා ඇති පූජිත පණ්ඩිතමානී නො වී මෙකී ලුහු තැන් සකසා ගත යුතු ය. පැරාට අප පවසන්නේ අත්තු:කංසන පරවම්භනය පසෙක ලා අදීන ව ලියනු මනා බව ය.

    සිංහලය ද ඉංගිරිසිය ද අච්චාරු නො කර සුවියත් ව ඒ දෙබසින් ම කථනයට සමකාලීන ලංකාවේ දිය හැකි ජනප්‍රිය නිදර්ශනය නම් රෝසි සේනානායක මැතිනිය ය. ඇය සිංහලයෙන් කතා කරන විට ඉංගිරිසිය එතුළට රිංගවා බහුබූත නො කර යි. එලෙස ම ඉංගිරිසිය වහරන විට ද සුවියත් ව ඉංගිරිසිය ම වහර යි. ඇය ඒ දෙබසේ ම සුරු ය. සේනානායක මැතිනියගේ වාග් විලාසය මධුර, මනෝහර, මනබන්ධනීය නො වේ ද පැරා?

    ලංකාවේ සිටිය ද යුරෝපයේ සිටිය ද මෙදියත කිනම් තැනෙක සිටිය ද ආදී ධර්මරාජීයන් ගොබ්බ වැඩ නම් කිසි දා කරන්නේ නැත. ත්‍රිත්වයන් සේ ම ඉංගිරිසිය හසළ, ත්‍රිත්වයනට වඩා සිංහලය ද හසළ, ධර්මරාජයේ නිසි ආදීසිසුවෙකු සේ අභිනව පොලිස්පති ධුරන්ධර පූජිත ජයසුන්දරයන් තම වාග් විලාසය වහා සකසා ගත යුතු ය. අවැසි නම් ප්‍රවීණ ද්විහාෂා වෘත්තික පැරාගෙන් උපදෙස් පැතිමට ඔහුට හැකි ය. (පැරා, මචං උඹ සප් එකක් දීපන් හොඳේ!!!)

    ReplyDelete
    Replies
    1. මේක මරු මචං විශලේෂණය කරල බලන්න. උඹට ලෙඩ ගොඩක් තියෙනවා.
      1. මාක්ස්වාදියෙක්
      2. පාසල්වාදියෙක්
      3. සරළ දේ සංකීර්ණ බසින් කියන්නට කැමති කෙනෙක්
      4. ලිපිය නො කියවා කමෙන්ට් කරන්නෙක්
      5. අනුන් ගැන තමන්ට හිතෙන දේ අනුව නිගමනවලට පැමිණ ප්‍රතිචාර දක්වන්නෙක්
      6. අනුප්‍රාසය කියන එක දන්නෙ නැති එකෙක්.

      Delete
    2. ඉහත 2 සිට 6 දක්වා හඳුනා ගෙන ඇති "ලෙඩ" ගැන මගේ නම් එච්චර උනන්දුවක් නැහැ.

      ඒත්, ඉහත [Anonymous May 11, 2016 at 3:12 AM] ලෙසින් ප්‍රතිචාර දක්වා ඇති කෙනා මාර්ක්ස්වාදියකු බව නිගමනය කලේ කෙසේ ද යන්නත්, මාර්ක්ස්වාදියකු වීම ලෙඩක් වන්නේ කෙසේද යන්නත් පැහැදිලි කරනවා නම් වටී.

      Delete
  7. ape aya kawadada yatharthaya thula geewathwenne......

    ReplyDelete
  8. 1.ඔව් මාක්ස්වාදියෙක් වෙමි. ඇයි මචං උඹට ඒ ගැන අධෝමාර්ගප්‍රදාහය ද? උඹ වමේ වීසා කැන්සල් කර ගත්තාට අපට කරන්නට දෙයක් නැත.

    2. පාසැල්වාදියෙක් නො වෙමි. අප විසින් මතු යම් දිනෙක ළඟා කරගන්නා පංති රහිත සමාජවාදී සාර සමාජය තුළ ධර්මරාජය ද ට්‍රිනිටිය ද රාජසිංහය ද රාජකීයය ද මරදානේ ආනන්දය ද මතුගම ආනන්දය ද සාරසම ශාස්ත්‍රාල වනු ඇත. ධර්මරාජය අපගේ පාසැල බව පැවසීම පාසැල්වාදයකි යි අර්ථ ගැන්වීම ම උඹගේ පරිකල්පනීය දරිද්‍රතාවය ද මස්තිෂ්ක ක්ෂුද්‍රභාවය ද ප්‍රකාශ කරයි.

    3. සරල හා සංකීර්ණ විභේදනයක් මෙහි නොමැත. උඹට මාර්ක්ස්වාදී ව්‍යාකරණය ප්‍රගුණ කර ගැනීමට නො හැකි වීම උඹේ දොසකි. උඹ තිස් වසරක් වමේ ව්‍යාපාරයේ සිටි බව උඹ ම පෙර පවසා ඇත. උඹ පැරා ඇත්තට ම වමේ ව්‍යාරයට වී පොල් ගෑවා ද?ඇත්ත නම් උඹ විප්ලවීය වමේ සිටියේ හිරු යුගය තුළ පමණක් බව ය. එය තිස් වසක් වන්නේ නැත. ඇත්තට ම මොනව ද බං උඹ ඒ කාලේ අපෙන් ඉගෙන ගත්තේ?

    4. ඇයි බං උඹේ පඩංගුව නො කියෙව්වා නම් මේවා ලියනවා ද? ඇට්ටකුණා වෙන වයසට ඇවිත්වත් උඹට තව ම ප්‍රස්තුතමය තර්කයක් ගොඩනඟා ගන්න බැරි ඇයි?

    5. අන්‍යයන් පිළිබඳ අපට සිතෙන දේ නැති ව අදෘශ්‍යමාන බලවේගයකට සිතෙන දේ අප පවසන්න ද? වැදගත් කාරණය වන්නේ අපගේ චින්තනය පදනම් වන්නේ කිනම් මූලයන් මත ද යන්න යි. මනසට පරිබාහිර ව ද්‍රව්‍යමය ලෝකයක පැවැත්ම මත පිළිපන් අපට නම් උඹට මෙන් මනෝවිකාර නැත. මනෝවිකාර දොඩවමින් ඊනියා බර්ක්ලියානු පරම විඥානවාදයේ සරණ යන්නේඋඹ මිස භෞතිකවාදීන්වන අප නො වේ.

    6. ඈ බං පැරා, උඹට දෙවිසි වසරක් ගුරුකම් කළ ද තව ම අනුප්‍රාසය සහ පුනරුක්තිය අතර වෙනස නිර්ණය කරන රේඛාව ග්‍රහණය කර ගන්න බැරි හැටි. උඹ සිතාගෙන සිටින්නේ සිංහල වචන දෙක තුනක් පවසා එම වදන් ම ඉංගිරිසියෙන් පැවසූ කල අනුප්‍රාස රසය ජනනය වන බව ද? ඒවා අනුප්‍රාස නොව අධෝවාත දර්ශන ය. උඹ සිතා සිටින්නේ පූජිතගේ කතා බුත්සරණේ නාලාගිරි දමනය කියාවත් ද? උඹට පූජිත ගුරුළුගෝමි ලෙස ද පෙනෙන්නේ? අනුප්‍රාස රස කෙසේ වෙතත් පුනරුක්ති දෝෂ නම් එමට ය.

    පරා මචං, අප උඹට කරුණා සීතල හදින් මෙසේ පවසමු. නන්දොඩවන්නේ නැති ව උපුල්ගේ අපේ සිංහල පංතියටවත් ගොස් සිංහල හාෂාසාහිත්‍යය ටිකක් ඉගෙන ගනිං. ඇම්. මීක්ඩාඩ්ගේ පංතියටවත් ගිහින් තර්ක ශාස්ත්‍රය ටිකක් ඉගෙන ගනිං.

    ReplyDelete
  9. ගුරුළුගෝමී යන්න විදුසක්විතීන් යනුවෙන් හදා ගනිං පැරා.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.