2016-06-25

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමේ ඓතිහාසික තීන්දුව හමුවේ ලංකාව

අජිත් පැරකුම් ජයසිංහ, සිළුමිණ 2016-06-26

මෙම සටහන තබන මොහොත වන විට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ සිටිනවා ද, පිට වෙනවා ද යන්න තීරණය කරන ජනමත විචාරණයේ ප්‍ර‍තිඵල නිකුත් වෙමින් තිබේ. ප්‍ර‍තිඵලය බොහෝ විට යුරෝපා සංගමයෙන් පිට විය යුතු ය යන තීරණය වෙත යොමු වෙමින් ඇති බව දක්නට ලැබේ.

බ්‍රිතාන්‍යයේ මෙම තීරණය සමස්ත ලෝකයේ ම අනාගතයට බලපාන එකකි. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු ය යන අදහසට සහාය පළ කරන පිරිස් අතර අන්ත දක්ෂිණාංශික, ජාතිවාදී හා ෆැසිස්ට් අදහස් දරණ අය ඉදිරියෙන් සිටිති. බොහෝ විට විවිධ බොරු හේතු ඉදිරිපත් කරමින් බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබා ගෙන සිටින ලාංකිකයන් අතරින් ද සැලකිය යුතු පිරිසක් යුරෝපා සංගමයෙන් වෙන් වීමට පක්ෂව ඡන්දය දෙන බව අපට දක්නට ලැබිණි. ඔවුන්ගේ මූලික තර්කය වන්නේ යුරෝපා සංගමයට එක් වී සිටින පෝලන්තය, ලිතුවේනියාව වැනි දිළිඳු නැගෙනහිර යුරෝපා රටවල සංක්‍ර‍මණික ශ්‍රමිකයන් නිසා ඔවුන්ට රැකියා අහිමි වන බවයි. නුදුරේදී ම තුර්කිය යුරෝපා සංගමය සමග එක් වීමත් සමග ම තත්වය තවත් නරක අතට හැරෙනු ඇති බව ඔවුන්ගේ අදහසයි. එහෙත්, මේ ලාංකිකයන් හා තවත් එවැනි ආසියාතිකයන් අමතක කරන කාරණය වන්නේ බ්‍රිතාන්‍යයේ මේ නැගී එන ජාතිවාදී රැල්ලේ මීළඟ ගොදුර විය හැක්කේ තමන් බවයි.

ලක්ෂ 30ක් බ්‍රිතාන්‍ය නො වන යුරෝපීයයෝ බ්‍රිතාන්‍යයේ රැකියා කරමින් ජීවත් වන්නේ යුරෝපා සංගමය තුළ ක්‍රියාත්මක වන ලිහිල් සංක්‍ර‍මණික නීති නිසා ය. යුරෝපා සංගමයේ ඕනෑම රටක වැසියකුට සංගමයට අයත් වෙනත් රටකට සංක්‍ර‍මණය වීම පහසු ය. මෙම පහසුකම භාවිතා කරමින් බ්‍රිතාන්‍ය වැසියෝ ද ලක්ෂ 12ක් යුරෝපා සංගමයේ වෙනත් රටවල රැකියා කරමින් ජීවත් වෙති.

බ්‍රිතාන්‍යය යුරෝ සංගමයෙන් පිටවීමේ මෙම ව්‍යාපාරය යොමු වන දිශානතිය නිරූපණය කළ එක් සිද්ධියක් ලෙස පසුගිය ජුනි 16 සිදු වූ ඝාතනය සැලකිය හැකියි. කම්කරු පක්ෂ මන්ත්‍රීවරියක වන ජෝ කොක්ස් මහ මගදී වෙඩා තබා මරා දමනු ලැබුවේ “පළමුව බ්‍රිතාන්‍යය" යන සටන් පාඨය කියූ 52 හැවිරිදි අන්තවාදියකු විසින් ය.

විශාල සරණාගතයන් පිරිසකට රැකවරණ සපයා ඇති රටක් වන ජර්මනිය තුළ ද, තවත් යුරෝපා රටවල ද යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ උද්ඝෝෂණ පණ ගැන්වීමට බ්‍රිතාන්‍යයේ වෙන් වීම හේතු වනු ඇත.

බ්‍රිතාන්‍යයේ කොන්සවටිව් පක්ෂය පසුගිය මහ මැතිවරණයේදී පොරොන්දු වූ පරිදි අගමැති ඩේවිඩ් කැමරන් මෙම ජනමතවිචාරණය පවත්වන්නට කටයුතු කළමුත්, ඔහු පෙනී සිටියේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ රැඳී සිටීමට පක්ෂවයි. ඔහුගේ පක්ෂයේ දක්ෂිණාංශික කොටස් වෙන්වීම වෙනුවෙන් උද්ඝෝෂණ කළ හ. මෙම ජනමතවිචාරණ ප්‍ර‍තිඵලය ඩේවිඩ් කැමරන්ගේ ශක්තිය දුර්වල කරනු ඇත. එපමණක් නොව, එය කොන්සවටිව් පක්ෂයේ සමස්ත ශක්තිය ම දුර්වල කරනු ඇත. අන්ත දක්ෂිණාංශික එක්සත් රාජධානි ස්වාධීනතා පක්ෂය මෙම තත්වය හමුවේ තවත් ශක්තිමත් වන්නට ඉඩ තිබේ.

මෙම වෙන්වීම එක්සත් රාජධානියේ පැවැත්මට ද බරපතල තර්ජනයක් වනු ඇත. හේතුව ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන්වීමේ ප්‍ර‍වණතාව මේ සමග නැවත වරක් ශක්තිමත් වනු ඇත. 2014 සැප්තැම්බර් 18දා ස්කොට්ලන්තයේ පැවැත්වුණු ජනමතවිචාරණයේදී අසන ලද ප්‍රශ්නය වුණේ ‘ස්කොට්ලන්තය වෙනම රාජ්‍යයක් විය යුතු ද?' යන්නයි. එහිදී ස්කොට්ලන්ත ජනතාවගෙන් 55.3%ක් ඡන්දය දුන්නේ නැත කියායි.

මෙම ජනමතවිචාරණය නීත්‍යානූකූලව පවත්වන ලද පිළිගත් ජනමතවිචාරණයකි. ඒ සඳහා පසුබිම සැකසුණේ ස්කොට්ලන්ත නිදහස් ජනමතවිචාරණ පනත ඔස්සේයි. ස්කොට්ලන්ත හා බ්‍රිතාන්‍ය ආණ්ඩුවල එකඟතාවෙන් මේ පනත 2013 නොවැම්බරයේදී ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබිණි. ඒ අනුව සාමාන්‍ය වැඩි ඡන්ද ප්‍රමාණයකින් වෙනම රාජ්‍ය හිමිකම තහවුරු කර ගන්නට ස්කොට්ලන්තයට අවස්ථාව ලැබිණි. මේ ජනමතවිචාරණයේදී ස්කොට්ලන්තයේ වෙන් වීමේ අයිතිය සම්මත වුණා නම්, පනතට අනුව මාස 18ක කාලයක් තිස්සේ එක්සත් රාජධානිය සමග සාකච්ඡා ඔස්සේ 2016 මාර්තු 26දා වෙනම ස්කොට්ලන්ත රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරන්නට ස්කොට්ලන්තයට අවස්ථාව තිබුණි. එහෙත්, ස්කොට් ජනතාව එක්සත් රාජධානිය තුළ රැඳී සිටීමට තීරණය කළ හ.

මෙහිදී ස්කොට්ලන්ත වෙනම රාජ්‍යයක් වෙනුවෙන් උද්ඝෝෂණය කළ ප්‍රධාන කණ්ඩායම වුණේ Yes Scotland ය. එම පිරිස මෙම මැතිවරණයේදී පෙනී සිටියේ එක්සත් රාජධානිය යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු ය යන ස්ථාවරයේ ය.

ඕස්ට්‍රියාව, ෆින්ලන්තය, ස්වීඩනය හා නෝර්වේ යන සීතල යුද සමයේ ස්වාධීනව සිටි රටවල් ඇතුළු යුරෝපා රාජ්‍ය රැසක් ම පසුගිය සමයේ ජනමතවිචාරණ පැවැත්වූයේ යුරෝපා සංගමය සමග එක් වනවා ද, නැද්ද යන්න තීරණය කරන්නයි.

සවිට්සර්ලන්තය යුරෝපා සංගමයේ සාමාජික රටක් නොවේ. එහෙත්, ස්විට්සර්ලන්තය යුරෝපා සංගමයේ සංචලන නීතිවලට අනුගත වෙමින් යුරෝපා සංගමයේ රටවල් හා ස්විට්සර්ලන්තය අතර නිදහස් සංචලනයට අවසර දෙන ගිවිසුම් අත්සන් කර ඇත. බ්‍රිතාන්‍යය ද ඉදිරි කාලයේදී යුරෝපා සංගමයේ රටවල් සමග තම සම්බන්ධතාව නව ගිවිසුම් ඔස්සේ ප්‍ර‍තිව්‍යූහගත කර ගනු ඇත. යුරෝපයේ ධනවත් නො වන රටක් වන ක්‍රොඒෂියාව මෑතදී යුරෝපා සංගමය සමග එක් වුණ අතර ඒ අනුව ක්‍රොඒෂියානුවන්ටත් යුරෝපා සංගමයේ සෙසු රටවලට හිමි වරප්‍රසාද ස්විට්සර්ලන්තයෙන් ලැබෙන සේ දෙරට අතර ගිවිසුමක් අත්සන් කරන්නට ස්විට්සර්ලන්තය එකඟ වී තිබිණි. එහෙත්, 2014 පෙබරවාරි 08දා එරට පැවැත්වුණු ජනමත විචාරණයකදී ස්විස් ජාතිකයන්ගෙන් 50.3%ක් ම යුරෝපා සංගමයේ රටවල් හා ස්විට්සර්ලන්තය අතර සංක්‍රමණ නීති වෙනස් කරමින් සංක්‍රමණිකයන් සඳහා කෝටා ක්‍රමයක් අනුගමනය කළ යුතු බව පවසමින් ඡන්දය දුන් හ.

එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීම ශ්‍රී ලංකාවට ද දැඩි ලෙස බලපානු ඇත. එහෙත්, බොහෝ දේශපාලන පක්ෂවලට මෙම ඓතිහාසික සිදුවීම පිළිබඳ නිසි විග්‍ර‍හයක් පැවති බව දක්නට නො ලැබිණි. අප මේ පිළිබඳව විශේෂයෙන් වාමාංශික පක්ෂවලින් විවෘත විමසීමක් කරන ලද නමුදු එම පක්ෂවලින් ද පැහැදිලි ස්ථාවරයක් ප්‍ර‍කාශ කෙරුණේ නැත. එහෙත්, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අගමැති රනිල් වික්‍ර‍මසිංහ පැහැදිලිව ම සිය ස්ථාවරය ප්‍ර‍කාශ කළේ ය. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් නො විය යුතු බව ප්‍ර‍කාශ කරමින් ඔහු විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේ සඳහන් වේ.

“එක්සත් රාජධානිය විසින් යුරෝපා ඒකීය වෙළඳපොළක් ව්‍යූහගත කර තිබේ. එමගින් ඔවුන්ට ලෝක දෙකෙහි ම හොඳම තත්වය ලබා දී තිබේ. එය වනාහි යුරෝ කලාපය හා ස්ටර්ලිං පවුම් කලාපය අයත් වන මිලියන් 500ක් ජනතාවගේ ඒකීය වෙළඳපොළකි. යුරෝ හා ස්ටර්ලිං පවුම් යනු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සංචිත විනිමය ඒකක පහෙන් දෙකකි. පසුගිය වසරේ ලන්ඩනය නිව්යෝක් පසු කරමින් නැවත වතාවක් ලොව ප්‍රධානතම මුල්‍ය මධ්‍යස්ථානය බවට පත් විය. යුරෝපා සංගමය ලොව ලොකුම ආර්ථිකයයි. එය ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%කට වැඩි ය. එය ලොව විශාලත ම වෙළඳ කලාපය වේ. ලෝකයේ භාණ්ඩ හා සේවා අලෙවියෙන් 15%ක් සිදු වන්නේ එහි ය. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 80කට වැඩි සංඛ්‍යාවක විශාලතම අපනයන වෙළඳපොළ එයයි. එබැවින් එක්සත් රාජධානිය යුරෝපා සංගම් වෙළඳාමෙන් ඉවත් විම නිසා ඇති විය හැකි ආර්ථික ප්‍රතිඵල ලෝකයේ අප ජීවත් වන කලාපයට ද දැනෙනු ඇත. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ කැමැත්තක් දක්වන අය පවසන්නේ එරට යුරෝපා සංගමය, ඇමරිකා එක්සත් ජනපදය, ආසියාව හා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සමග නිදහස් වෙළඳ ගිවිසුම් මාලාවකට එළැඹීමෙන් යුරෝපා තනි වෙළඳපොළ අහිමි වීමේ අහිතකර ප්‍රතිඵල අවම කර ගනු ඇති බවයි. ශ්‍රී ලංකාවේ අපි 2000 දශකයේ අග භාගයේදී GSP+ අහිමි වීමේ විපාක භුක්ති වින්දෙමු. එම අත්දැකීම අනුව, එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ නරක ආදීනව වඩාත් වැඩි ය. (එක්සත් රාජධානියේ අපනයනවලින් 45%ක් සිදු වන්නේ යුරෝපා සංගමයටයි.)"


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

48 comments:

  1. Brexit vote එක මෙතරම්ම නරකද කියල කියන්න තවම කල් වැඩියි.. ඒක තව වසරකින් පමන ආපසු හැරිල බලල තීරනය කලහැකි දෙයක්... Brexit එකට yes දුන්න හැමෝම ෆැසිස්ට්වාදියො හෝ අන්ත දක්ශිනාංෂිකයෝ නෙමේ.. බොහෝ සාධාරන හේතුත් ඔවුන්ටත් තිබුනා..
    විශේෂයෙන්ම අර වැඩකරන ජනතාවගෙන් හැකිතරම් බදුගහලා වැඩ නොකරන අයටත් නොමිලේ අධ්‍යාපනය, සෞඛ්‍ය දෙන සුභසාධර්ක ආර්තික ක්‍රමත්, ජර්මනියේ ඇන්ජලා මර්කෙල් වගේ අය ගේන්න හදපු ලොවෙත් නැති multiculturalism වලින් යුරෝප්ය හෝ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ගැන කිසි අදහසක් නැති මුස්ලිම් අන්තවාදීන් රෙද්ද අස්සේ දාගැනීමේ ප්‍රතිපත්ති නිසාත් මිනිස්සුන්ට EU එක එපා වුනා...

    විෂේසයෙන්ම යුරෝපා සංගමයේ ලිහිල් සංක්‍රමනික ප්‍රතිපත්ති වලට පින්සිද්ධවෙන්න එන්ගලන්තයට රිංගා ගන්නා මුස්ලිම් සරනාගතයින් එන්ගලන්තයේ වැඩකරන ජනතාවගේ welfare payment ගන්නා ගමන්ම ලංඩනයේ 'ෂාරියා කලාප' හදාගැනීමත් ඔවුන්ගේ දරුවන් එකට එකතුවීමට සිරියාවට යෑමත් (බ්‍රිතාන්‍යේ පමනක් එහෙම ගිය අය 2000 වඩා ඉන්නවා ) මිනිස්සුන්ට යුරෝපා සන්ගමය සමග සබදතා එපා කලා.

    ReplyDelete
    Replies
    1. මේ අදහස ගැන සරළව කිව හැක්කේ බ්‍රිතාන්‍ය වැසියන් කර තිබෙන්නේ ළමයාත් සමග ම වතුර කොරහ විසි කිරීම බවයි.

      Delete
  2. පැරා ඔබ මෙම සිද්ධිය ගැන ලියපු ලිපි සහ විග්‍රහයන් ඉතාමත් අනර්ඝයි. ස්කොට්ලන්තය යුරෝපා සංගමයේ රැඳී සිටීමට වැඩි කැමැත්තක් දක්වන බව ප්‍රතිඵල අනුව පැහැදිලියි. එම නිසා ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන්වීම දැන්නම් සහතිකයි. මෙම අවස්ථාව උතුරු අයර්ලන්තයත් වෙන්වීම සඳහා යොදාගන්න ඉඩ තියෙනවා. වේල්සය ගැනත් කිව හැක්කේ එයමයි. මෙය දුප්පත් රටවලට විශාල ප්‍රශ්ණයක් වෙනවා. මේක ලෝක ඉතිහාසය වෙනස් කරන සාධකයක් වෙන බව නම් සහතිකයි.

    ReplyDelete
  3. ලාංකීය දෙමළ ජාතිවාදය ලන්දේසීන් බිහිකල, ඉංග්‍රීසීන් විසින් බව්තීස්ම කෙරුණු දෙයක්. ලාංකීය දෙමළ ජාතිවාදයට ඉන්දියාව හැර අන් ජාත්‍යන්තර සහයෝගයක් ඇත්නම් එය බිරිතානියේ බලපෑමෙන් සිදුවූවක් ලෙස සැලකිය හැකියි (ඩේවිඩ් කැමරන් මුරලිධරයා ලවා ඊලාම් කතාවක් කියවා ගැනීමට උත්සාහකල අයුරු සිහිකරගන්න). විශේෂයෙන්ම ඒ සම්බන්ධ බටහිර මතය, බිරිතානි ප්‍රතිපත්තිය අනුගමනය කිරීමක්ම පමණයි. මේ ආකාරයට බිරිතානිය යුරෝපයෙන් කොන්වීම සිංහලයාට වාසියක්.
    මෙම වාසිය දෙවෙනි වන්නේ. හින්දු දෙමළුන් හා කිතුනු දෙමළුන් අතර ගැටුමක් ඇතිවීමට සහ බිරිතානිය හා ඇමරිකාව අතර ගැටුමක් ඇතිවීමට පමණයි.

    ReplyDelete
    Replies
    1. මෙම ප්‍රකාශය මෙම ප්‍රශ්නය පිළිබඳ සිංහල ජාතිවාදීන් සතු අතිශය පටු දෘෂ්ටිය මනාවට නිරූපණය කරයි.

      Delete
  4. නැගී සිටිය හැක එක්සත් වී
    බෙදී ගියොත් රට යයි සුන් වී...

    ආයේ වෙනස් කොරලා ලියන්න වෙයිද...?

    ReplyDelete
    Replies
    1. ලෝකෙ වුණත් එක්සත් වෙන පැත්තට තමයි අපි යොමු වෙන්න ඕනැ. ලංකාවේ මාක්ස්වාදියෝ නම් මට හිතෙන විදියට දකින්නේ ලෝකය එක්සත් වෙන්න ඕනැ කවදා හරි උන්ට බලය ලැබුණාම විතරයි වගේ. ඒ කියන්නේ ඉතින් ලෝකය කවදාවත් එක්සත් වෙන්න ඕනැ නැහැ කියන එකනේ. අන්න එතනින් තමයි, මාක්ස්වාදියෝ පට්ට ජාතිවාදයත් එක්ක අවුලක් නැතිව සෙට් වෙන්නේ. සිංහල ජාතිවාදයට කඩේ යන ජවිපෙ සිට දෙමළ ජාතිවාදයට කඩේ යන හිරු කණ්ඩායම දක්වා වෙන්නෙ ඒකයි.

      Delete
    2. පැරා,

      රටක මිනිසුන් කල්පනා කලයුත්තේ ඒ රටට සහ ජනතාවට වැඩිම වාසියක් ලැබෙන ගනුදෙනුවට යාමටයි. මේ මගින් පෙනෙන්නේ එරට ජනතාව තුල ඇති බුද්ධියයි https://www.youtube.com/watch?v=eYqzcqDtL3k

      මෙය එංගලන්තයට විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවටත් අදාලයි මම නම් දකින්නේ වික්‍රමසිංහ ගොය්යට සුද්ද දීපු කමුල් පාරක් ලෙසයි.

      එංගලන්ත වැසියන් දන්නවා මෙමගින් ලැබෙන තාවකාලික වාසියට වඩා දිර්ගකලිනවා තම රැකියා අවස්ථා අහිමි වෙනවා විතරක් නෙමයි ජනතාවට වගකියන නායකයකු නැතිවන බව.

      මෙය සිදුවුනානම් වෙන්නේ වෙනත් දිලිදු රටවලට වාසියක් උනත් බ්‍රිතන්‍ය පුරවැසියන්ට අවාසියක්. මෙය අපට අදාළ වන්නේ මෙය ඉන්දියානු ශ්‍රමිකයන්ට වාසියක් උනත් ශ්‍රී ලංකික ශ්‍රමිකයන්ට දිර්ගකලිනවා විශාල අවාසියක්.

      මෙන්න මේ දේ තමයි තිත්ත ඇත්ත.

      Delete
    3. මිනිසුන් සිතිය යුත්තේ රටවල් හා ජාතීන් විදියට විතරක් නෙමෙයි, ලෝකය හා මිනිස් වර්ගයා ලෙසටත් සිතිය යුතුයි. වේගයෙන් ලෝකවාසීන් අතර සම්බන්ධකම් ශක්තිමත් වෙමින් තිබියදී එයට පටහැනි දේශපාලන ක්‍රියාමාර්ග සිදු වෙනවා නම්, ඒවායින් ලෝකයට යහපතක් වන්නේ නැහැ. ජාතීන් විදියට සිතන එක සමාන වන්නේ කැළේ සතුන්ගේ විධියටයි.ශක්තිමත් ජාතීන් ජාතිවාදී වන විට දුර්වල ජාතීන්ට මොකද වෙන්නේ?

      Delete
    4. ආහ් පැරා…. ආවේ නම් වෙන වැඩකට මෙි පැත්තේ. ඒත් ඉතිං දැක ගන්න ලැබුණේ උඹ අර මැක්කගේ කතාව වගේ කොහෙන් හරි කැරකිලා ඇවිත් අන්තිමට හිරු කණ්ඩායමට ගහන එක තමා. කමක් නැහැ දැනට. ඒක උඹේ සතුට නම්. දැනට අප මේ පැත්තේ ආව කාරණය ඉෂ්ට සිද්ධ කරලා යන්නම් කෝ. හිරු දෙමළ ජාතිවාදී ද නැති ද යන්න වෙන වෙලාවක බලා ගනිමු. දැනට යුරෝපා සංගමය ගැන කතාව අවසන් කරමු. මොකද උඹ ඇමෙරිකාවට එක්ක යන්න උවමනා යි මී ළඟට. වැදගත් දේශපාලන වැඩකට.

      Delete
    5. පොඩි කොක්කක් නැතිනම් ආතල් එකක් නැහැ මචං. ඕව එච්චර ගණන් ගන්න එපා. එක එකාත් එක්ක ඇද ගත්ත බාල්දිවලින් තමයි, අපි හිටගන්න ශක්තිය ගත්තේ. ඒක මීඩියා ඇන්ඩ් පොලිටික්ස් විදියට ගන්න. සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ හිටියා නම්, අපිත් දැන් දේශපාලනික වශයෙන් මැරිච්ච තැන්වල ගසුත් පැළ වෙලා.

      හිරු කණ්ඩායම තමන්ගේ ස්ථාවරයන් ගැන නැවත සාකච්ඡා කළ යුතුයි කියන එක මං එදා ඉඳලා ඉන්න ස්ථාවරයක්. ඒ සංවාදය ලංකාවේ දේශපාලනයට වැදගත් එකක්. ඔය භාෂණ රාවයට ලියන කංකෙඳිරිවලට වඩා ඒක ඵලදායීයි.

      Delete
    6. බුද්ධිය කියන්නේ අධ්‍යාපන මට්ටම ම නොවුනත් ඒකට වයසත් එකතු කරගත්තාම රූපය වෙනස් වෙයි;

      EU Referendum results by demographics,

      Delete
    7. පැරා,

      //මිනිසුන් සිතිය යුත්තේ රටවල් හා ජාතීන් විදියට විතරක් නෙමෙයි, ලෝකය හා මිනිස් වර්ගයා ලෙසටත් සිතිය යුතුයි. //

      ඔබේ අදහස් සුරන්ගනා ලෝකයටනම් අපුරුයි නමුත් ප්‍රයෝගික ලෝකයේ නම් වැඩ සිද්ධවෙන්නේ වෙනත් ආකාරයකටයි.

      උදාහරණ හිතන්න එංගලන්තය ශ්‍රී ලංකාවට වඩා දියුණුයි කියල, ඔබ කරන්නේ කිසිදු විසා ගැනීමකින් තොරව ගුවන් ටිකට්පතක් ගෙන එංගලන්තයට යාමට උත්සාහ කිරීමේදී ඔබට පුලුවන්ද කියන්න "මම ලෝක පුරවැසියෙක් වෙමි, මිනිසුන් සිතිය යුත්තේ රටවල් හා ජාතීන් විදියට විතරක් නෙමෙයි, ලෝකය හා මිනිස් වර්ගයා ලෙසටත් සිතිය යුතුයි. ඒ නිසා මට රටට ඇතුළු වීමට අවසර දෙන්න" කියල කිව්වොත් ඔබට අවසර ලැබෙයිද ?

      ඔබට කනට දෙකක් ගහල ඊලග ගුවන් යානයේ පටවල එවයි පිස්සෙක් කියල.

      මුලින් ප්‍රායෝගිකව වැඩ සිද්ධ වෙන විදිය බලන්න ඊටපස්සේ පුළුවන් ඔබේ සිහින ලෝකේ සිහින බලන්න.

      Delete
    8. ලාන්කික සිතුවිලි නිකන් ගොන් කතා කියන්න එපා... බ්‍රිතාන්‍ය කියන්නෙ ලොකයේ ලිබරල්ම, ජාතිවාදය අවමම කලාපයක්... මෙතැන එන්ගලන්තයේ මිනිස්සු බ්‍රිතාන්‍ය සංගමයෙන් ඉවත්වෙන්න තීරනය කලේ ඉස්ලාම් අන්තවාදීන් සරනාගත වෙසින් බුරුතුපිටින් තමන්ගෙ රතත රින්ගාගැනීම සහ නැගෙනහිර යුරොපීය රටවල වෙසෙන හිගන්නන් පැමින බ්‍රිතාන්‍යේ සමාජ සුභසාධන භුතිවිදීම නිසා මිස ලංකාවෙ බයියන් වගේ සුද්දන් ජාතිවාදී වීම නිසා නෙමේ... එන්ගලන්තයේ වසර 25 ජීවත්වෙන මම සුද්දන් කොතරම් මානුෂිකයිද කියා ලංකාවේ සිටින බටහිර විරෝදී බයියෙකු වන ඔබට වඩා දන්නවා...
      මෙතැන ඔබලා වගේ සිංහලජාතිවාදී රාජපක්ශවාදීන්ට අවශ්‍ය "අන්න සුද්දාත් අපි වගේම ජාතිවාදියි" කියා රාජපක්ෂලා සුලුජාතීන් මර්ධනය කිරීම සාධාරනීකරනය කරගන්න...

      Delete
  5. ඇණයාට හම්බයෙකුගෙන් මොනවහරි අකරතැබ්බයක් වෙලා වගෙයි!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ටෝනී, පස්ස කහනව කහනව වගේ ද? පණු බෙහෙත් ටිකක් බොන්න ඇරිලයාවි.

      Delete
  6. පැරා ඔබ මෙම සිද්ධිය ගැන ලියපු ලිපි සහ විග්‍රහයන් ඉතාමත් අනර්ඝයි.....

    පවුමේ අගය නොදන්නා.....ඩොලර් කොල ගනින විට එන ආස්වාදය නොදන්නා.... අයෙකුට මෙලෙස ලියන්න හැකිවෙයි කියා මා සිතන්නෙ නෑ.....


    අපි මෙහි මාතෘකාව "බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමේ ඓතිහාසික තීන්දුව හමුවේ මගේ පොකට්ටුව කතාකරයි" කියා වෙනස් කරමුද...


    //බොහෝ විට විවිධ බොරු හේතු ඉදිරිපත් කරමින් බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබා ගෙන සිටින ලාංකිකයන් අතරින් ද සැලකිය යුතු පිරිසක් යුරෝපා සංගමයෙන් වෙන් වීමට පක්ෂව ඡන්දය දෙන බව අපට දක්නට ලැබිණි//
    මේකට අවශ්‍ය දත්ත ලැබුනෙ සිරිකොතේ කක්කුස්සියෙන්ද...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකක් ලියූ විට ඩොලර් හා පවුම් මිටි ගණන් ලැබෙන වෙනත් රටක් ලෝකයේ කොහේවත් ඇතැයි මම නො සිතමි.

      ඒ අතිනුත් ශ්‍රීීීීීීීීීීීීීීීීීීීී ලංකාව එක!

      Delete
    2. ෂ්........ ෂ්....... ෂ්.......... ෂට් අප් යූ පූල්.... වැඩේ නෝන්ඩි කරනවනේ..

      Delete
    3. නැහැ. මං කියන්නේ රටට ආදරේ කරන මිනිස්සු මේ විදියට බ්ලොග් ලියලා අපි වගේ ඩොලර් පවුම් මිටි ගණනින් ගේනවා නම් අපේ රට මුහුණ දීල තියෙන අර්බුදෙන් ගොඩ නේ ද?

      ඒ නිසා මාතලන්ට බම්බු ගහගන්න කියලා මං මේ සීක්‍රට් එක හෙළි කරනවා.

      හොඳට අපව ෆලෝ කරලා, ඒ විදියට ලියන්න. ඩොලර් හා පවුම් ෂුවර් ඇන් ෂොට්!

      Delete
  7. මගේ යාලුවෙක් එංගලන්තෙ ගිහින් මලා.

    ReplyDelete
    Replies
    1. බලහන් ඉතින්....
      ඕන් අරුණලාටත් අජිත්ලටත් හොඳ පාඩම් මේවා...

      Delete
    2. අඩො ඇනෝ....අර මාතා කියනවා වගේ හොඳ පාඩම්. වැඩේ තියෙන්නේ බං...මැරිලත් වලේ ඉඳගෙනත් ටෝක් දේන එවුනුයි, මැරෙන්නෙ නැහැ කියලා හිතාගෙන ඉන්න එවුනුයි කියලා කොටස් දෙකක් ඉන්නවනේ. කෝ මේ පැරලා ඉන්න දෙන්නේ නැහැනේ එක එක එව්වා ලියලා බාගෙට මැරිලා ඉන්න මං වගේ එවුන්වත් ආපහු ටෝක් දෙන්න ස්ටේජ් නග්ගවනවානේ. මම නම් මචෝ බාගෙට මැරිලා. බාගෙට මැරිලා කිව්වේ දේශපාලනික, සමාජීය සහ සාහිත්‍යමය ආදී සියලු අංගයන්ගෙන්. ඔව් දැන් වයසත් ටිකක් වැඩි නිසා හැමදෙයක්ම පේන්නේ සහ හිතන්නේ හාෆ් බොයිල් මනසකින්. උඹට තේරෙනවනේ මං කියන්න කෙකර ගාන දේ. ලෝකය දිහා කට්ටක් අස්සේ ඉඳලා බලන එක වයස සහ අත්දැකීම් එක්ක වෙනස් වෙනවා. වයස කියන්නෙම අත්දැකීම් බං.

      Delete
    3. පැහැදිලියි.ස්තූතියි අරූ

      Delete
  8. මෙන්න මෙතෙක් කිසිම මාධ්‍යයකින් හෙලිනොකරන ලද මැති ඇමති වරුන්ගේ බ්‍රිතාන්‍ය සංචාරය:::::

    අපේ රටේ, අපේ මිනිස්සුන්ගේ.... විසඳන්න දහසකුත් ප්‍රශ්න තිබේ. ඒත් එවැනි ප්‍රශ්න තඹ සතේකට ගණන් ගන්නේ නැති, රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්වූ රටේ ජනතාවගේ සල්ලි වලින් පිස්සු කෙලින, රට සවාරි යන අපේම දේශපාලඥයින් තිදෙනෙක් පසුගියදා ලන්ඩනයට පැමිණුනි.

    ඒ අපේ රට වෙනුවෙන්ද, අපේ රටේ ප්‍රශ්නයක් වෙනුවෙන්ද ? නැත. කොහෙවත් ඇති එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත් වීම ගැන ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමටය. ලන්ඩනයේ රවුම් ගසමින් තැනින් තැන රැස්වීම් සංවිධානය කිරීමට මොවුන් වෙනුවෙන් කඩේ යන්නවුන් බොහෝ වෙහෙස විය.

    අම්මා පිලිබඳ හැමවිටම ගුණවයන පුද්ගලයෙකුත් (Harin Fernando), ඇඩම් ස්මිත්ගේ මුණුපුරු බඳු වූ, එමෙන්ම දේශයේ පිනට පහල වූ මහා ආර්ථික විද්වතෙකුත් (Harsha de Silva) හා කාන්තාවන් වෙනුවෙන් වෙහෙසී වැඩකරන හිටපු රූප රාජිනියක් (Rosy Senanayake) මේ අතර විය. ඔවුන්ගේ ඒකමතික යෝජනාව / ඉල්ලීම වූයේ යුරෝපා සංගමයේ රැඳී සිටීම වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් ගේ ඡන්දය පාවිච්චි කරන ලෙසය. සාකච්චාව මෙසේ යද්දී අයෙක් ඔවුන්ගෙන් ඇහුවේ යුරෝපා සංගමයෙන් එංගලන්තයට ඇති වාසි මොනාද යන්නයි. එකිනෙකාගේ මුණ බලාගත් තිදෙනාට කට උත්තර නැතිවිය.

    කෙසේ හෝ අවසාන, සභාවේ සිටි සියල්ලන්ගෙන්ම (කඩේ යන වන්දිබට්ටයින්ගෙන් හැර) කන පිරෙන්න අසා ගත් තිදෙනා පිටව ගියේ, ඔයාලට මේවා පස්සේ තේරෙයි කියාය.

    මිනිස්සුන්ට පස්සේ තේරුම් ගැනීමට අවශ්‍ය නැත. දැනටමත් තෙරෙමින් තිබේ. අපේ රටේ ජනතාව මහන්සියෙන් හම්බකර ගෙවන බදු මුදලින්, අපේ මිනිස්සුන්ගේ දහදිය මහන්සියෙන් එකතුවෙන සල්ලි වලින් රට රටවල් වල සවාරි ගසා, එම රටවල් වල ප්‍රශ්න විසඳීමට යාම ඔබ අනුමත කරන්නේද ? අපේ රටේ ප්‍රශ්න නැද්ද ? ඕකට කියන්නේ තමන්ගේ ඇසෙ තියන මෝල්ගහ අයින් කරගන් නැතිව අනුන්ගේ ඇස්වල තියන ඉදිකටු අයින් කරන්න යනවා කියලයි.

    ReplyDelete
  9. 52% බයියො ඉන්නෙ කොයි රටේද
    එන්ගලන්තෙ එන්ගලන්තෙ....

    ReplyDelete
  10. ඔය යකා කියන තරම් කළු නැත. අපි බලමු. බොරිස් ජොන්සන් මොකද්ද කරන්නේ කියල. මේ වෙලාවේ පොදුරාජ්‍ය මංඩලයට වැඩි වාසි ලැබෙන ගිවිසුමක් අපිට ගහ ගන්න පුළුවන්නම් හොඳයි !

    ReplyDelete
  11. ජනමතවිචාරණය අවසන් වීමෙන් පසු රට වැසියන් අමතමින් අගමැති ඩේවිඩ් කැමරන් කළ කතාව ඉතා වැදගත් එකකි. යුරෝපා සංගමය පිළිබඳ තමන් දැරූ අස්ථානය පරාජය වීමෙන් පසු ශිෂ්ට සමාජයක දේශපාලනඥයෙකු හැසිරිය යුතු ආකාරය පිළිබඳ පරමාදර්ශයක් කැමරන්ගේ කතාව තුළ ගැබ් ව තිබේ. එම කතාව සිංහලයට පරිවර්තනය කර පළ කිරීම පැරා විසින් කරනු ලැබ යුතු බව අපගේ අදහස ය. අපි පැරාට ඒ සඳහා ඇරයුම් කරමු.

    යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බිරිතානින් ගත් තීරණයෙන් කන්සර්වෙටිව් පක්ෂය තුළ පසුගිය සමයේ වර්ධනය වූ විසංවාදයන්ට කිසියම් සුජාතභාවයක් ලැබී ඇති බව පෙනේ. යුරෝපා සංගමයෙන් ඉවත් විය යුුතු බවට ප්‍රබල හඬක් කන්සර්වෙටිව් පක්ෂය තුළින් ම මතු කිරීමටත් ඒ සඳහා බිරිතානි ජනමතය සැකසීමටත් සුවිශාල කාර්යභාරයක් කළ බිරිතානි පාර්ලිමේන්තුවේ රිදී සීනුව වන සමර්සෙට් ප්‍රාන්ත නියෝජිත ජේකොබ් රීස්-මොග් මෙම ජයග්‍රහණය ටෝරි පක්ෂ ඉතිහාසයේ සුවිශේෂි සංධිස්ථානයක් වනු ඇති බව සලකයි. අපගේ විශ්වාසය නම් මෙම ජනමතවිචාරණ ප්‍රතිඵලය විසින් බිරිතානි දේශපාලනයේ වඩාත් සම්ප්‍රදායික පක්ෂය වන කන්සර්වෙටිව් පක්ෂයේ දේශපාලන දර්ශනයේ සැලකිය යුතු වෙනසක් සිදු කෙරෙනු ඇති බව ය. කන්සර්වෙටිව් පක්ෂය ඉතා සෙමින් වෙනස් වන පක්ෂයකි. 19 වන සියවසේ සර් රොබර්ට් පීල්ගේ සුප්‍රකට ටැම්වර්ත් අධිප්‍රකාශයට පසු කන්සර්වෙටිව් පක්ෂ ඉතිහාසයේ වැදගත් ම විපර්යාසය මෙම ජනමතවිචාරණය ඔස්සේ සිදු වේ ද යන්න අපි බලා සිටිමු.

    කන්සර්වෙටිව් පක්ෂය හෝ ලේබර් පක්ෂය හෝ වෙනත් කවර පක්ෂයක් හෝ බලයට පැමිණිය ද බිරිතානින් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන සෘජු දේශපාලන ස්ථාවරය වෙනස් වන්නේ නැත. Brexit හි පශ්චාත් ආචරණයන් ශ්‍රී ලංකාවට වඩාත් බලපානු ඇත්තේ ආර්ථික සාධකයක් ලෙස ය (එය ලාංකික දේශපාලන ස්ථාවරයන්ට අනියම් බලපෑමක් කළ හැකි ය).

    සිරිසේන මහත්මයා කැමරන් මතවාදයට සහය දීම සඳහා ලාංකීය සම්භවයක් ඇති බිරිතානින් දිරිමත් කිරීමට මෙරටින් නියෝජිතයන් යැවූ ව ද වික්‍රමසිංහ මහත්මයා විශිෂ්ට විවෘත ලිපියක් ලියූ ව ද (එය සිංහලයට පරිවර්තනය කර මෙහි පළ කිරීම පිළිබඳ පැරාට අපගේ ආචාරය) ලාංකීය සම්භවයක් ඇති බිරිතානිනටත් එහි වසන ලාංකිකයනටත් ඒවා එතරම් වැදගත් නැත. වික්‍රමසිංහ මහත්මයාට ඇති අවබෝධය එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ඇස ගසා ගෙන සිටින සෙසු “නායකකාරාදීනට” නැත. යුරෝපා සංගමය පිළිබඳ ලාංකිකයනට ඇති අඳෝනාවල සාරය නිරූපණය කරන වයිබර් පණිවුඩයක් තෙමසකට පමණ පෙර අපගේ මිත්‍රයෙකු විසින් එවන ලදී. එමඟින් ඔහු විමසා තිබුණේ මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වුව හොත් ලාංකීය වෛද්‍යවරුනට එංගලන්තයේ රැකියාවක් සොයා ගැනීම පහසු වන බවට පවතින මතය සත්‍යයක් ද යන්න ය. ලාංකික වෛද්‍ය කණ්ඩායමක් එසේ වන බව පවසමින් ලියූ සාවද්‍ය ප්‍රකාශනයක් එහි දී ඔහු විසින් උපුටා දක්වනු ලැබ තිබිණි. හංගේරියාවෙන් එංගලන්තයට පැමිණෙන වෛද්‍යවරුන් සංඛ්‍යාව අඩු වූ පමණින් රෝගීනට සතුනට මෙන් සලකන්නට පුරුදු වී සිටින ලාංකික වෛද්‍යවරුනට එංගලන්තයේ සෞඛ්‍ය බාර කරන්නට එංගලන්තයේ වෛද්‍ය සභාවට මනෝ ව්‍යාධියක් නැත (මේ පිළිබඳ අප ලියූ ලිපියක් පැරා කියවන්නට අකමැති සති අන්ත පුවත්පතක පළ විණි!!!). යුරෝපා සංගමය පිළිබඳ මෙකී අදහස එට්කා පිළිබඳ අදහස නො ඉක්මවන බව මින් නො පෙනේ ද?

    අගමැතිතුමා මොනවා ලියූ ව ද පැරා එවා පරිවර්තනය කළ ද පැරා සැලකිය යුතු ලිපි දෙකක් උක්ත කාරණය අලළා ලියූ ව ද ලාංකික දේශපාලන විඥානය සදා කූපමණ්ඩුක ය.

    බිරිතානින්ගේ මෙම ජනමතවිචාරණයේ ප්‍රතිඵලය ලාංකික ජාතිකවාදී දේශපාලන ව්‍යාපාරය ද වෘත්තීය සමිති අටමගලය ද වම්මුයි බබ්බුයි කියා ගන්නා සිවිල් ක්‍රියාකාරීන් ද එට්කාවට එරෙහි ව අපහරණය කරන ආකාරය ඉදිරියේ දී අපට දැක බලා ගත හැකි ය. ඉතිහාසය පුනර්කරණය වීමේ දී පළමු ව එය ඛේදවාචකයකි; දෙවනු ව එය විගඩමකි! ඛේදවාචකය ඉංගලන්තයේ ය. විගඩම ළඟ දී ම මේ කොදෙව්වේ දී දැක බලා ගත හැකි වනු ඇත.

    ReplyDelete
  12. අජිත් ධර්මාගේ නම් දැන් පුකේ ගූත් නැතුව ඇති.

    ReplyDelete
  13. ලිපිය ලියන මොහොතේ එසේ වුවද දැන් ජනමත විචාරණයේ ප්‍රථිපල පැමිණ අගමැතිතුමාද ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කර තිබේ.

    මා සිතන්නේ, දැන් කල යුත්තේ අපට වන හානිය වලක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද යන්න ඉක්මනින් සලකා බලා අවශ්‍ය ගිවිසුම් ගත වීම් වලට හැකිපමණ උත්සහ කිරීමයි. එය පහසු නොවන නමුත් නිවැරදි රාජ්‍යතාන්ත්‍රික මගපෙන්වීමක් ලැබුනොත් තරමක් දුරට හෝ සාර්ථක කරගත හැකි වෙනු ඇත.

    ReplyDelete
  14. මගේ කැමැත්ත පලකරේ යුරෝවෙන් ඉවත්වීම සඳහා බව පලමුවෙන් කිව යුතුවේ. කවුරු කෙසේ කීවත් මේ පුරවැසියාගේ තීරනයයි.මා ජීවත්වෙන ප්‍රදේශයේ ජනතාවගෙන් වැඩි ප්‍රමානයක් තීරනය කරේ ඉවත්වීම සඳහාය. රටේ ආර්තිකය හෝ තමාගේ පොකට්ටුව අමතක කෙරූ ජනතාවක් තීරනය කලේ වසර ගනනාවක සිට ජාතික දේශපාලනය සහ යුරෝ දේසපාලනය තුල තෙම්පරාදුවු හදගැස්ම මුදාහැරීමයි. ග්‍රාමීය, සුපිරි නොවන ගොවි, ධීවර, කම්කරු ජන කොටස්, යුරෝපීය රෙගුලාසි අතරේ හිරවී සිටි බව තේරුම් ගන්නට නම් සයිබරයෙන් එලියට විත් ඔවුන් හා සංවාදයෙ යෙදුනොත් ඒ පීඩනය වටහා ගත හැක.

    රටේ ආර්තිකයේ තාවකාලික පසුබැසීම් ඇතිවිය හැකිමුත්, එය නැවත ස්ථාවරත්වයකට ගෙන ඒම සඳහා පක්ෂ, විපක්ෂ දේසහපාලකයින් බ්‍රෙක්සිට් පාලනයක් යටතේ නැවත නැවතත් සංවාදයේ යෙදෙන බව දියුනු ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ යුතුකම බව ඔවුන් වටහා ගනී. ඒ සාකච්ඡා දැනටත් ආරම්භ වෙන ලකුනු පෙනේ. යුරෝපයෙන් ඉවත්වූ පමනින්, සමස්ත යුරෝපයම බ්‍රිතාන්‍ය ආක්‍රමනයක හෝ සබොටාජ් කිරීමක යෙදුනු ඇතැයි අනියත බියක් දේශපාලනය දන්නා කිසිම ගොබිලෙකුට ඇති නොවේ. මේ තීරනය නයිජෙල් ෆරාජ්ගේ නොව, ඔහු කවුදැයිවත් නොදන්නා සමහරුන් රටේ ජීවත්වේ. දකුනු ආසියානු හමගිය දේශපාලන මති මතාන්තර වලට වඩා පිටස්තර ස්වාදීන මනසකින් හෙබි ජනතාවක් රටේ ජීවත්වේ.

    ස්කොට්වරුන්ට වෙන්වීමට අවශ්‍යනම් ඔවුන් ඒ ජනමතයට ගරු කරනු ඇත. අයර්ලන්තයට එක්වීමට අවශ්‍ය නම් ඔවුන් එක්වනු ඇත. ලන්ඩනයට යුරෝපය සමග ජීවත් වීමටාවශ්‍යයි කියනා දඩිබිඩි මතවාදද ගෙන එනු පෙනේ. මේ සියල්ලක්ම අමු දේශපාලන විග්‍රහ සහ මේ මොහොතේ සාකච්ඡා වුවත්, තව සති, මාස කිහිපයකින් යටයන අරුත් සුන් මාතෘකා වේ.

    වෙන්වීයාමේ අයිතිය ගැන පුක හුරතල්, මූන කචල් තියරිවලින් බුදු ටෝක් දෙන සමහරුන් මේ තීරනය මත ස්කොට්ලන්තය වෙන්වී යැයි, කින්ඩමයට කෙලවේඅ යැයි කියා දෙබිඩි ආකල්පද බෙදයි. මේ සියල්ල වෙනුවෙන් කාලය සහ ජන මනස සෙට්ල්ඩවුන් වීමට නිවැරදි සහ ප්‍රමානවත් කාලයක් අවශ්‍යවේ.

    රනිල්ලාට හරශලාට සහ අපේ ලංකාවට ජීඑස්පී එහා මෙහා වීම දැනෙන එක සාදරන මුත්, එය බ්‍රිතාන්‍ය ජනතාවට අදාල් නොවේ. රනිල්ලා මේ තීරනය තුල පරාජයවී නොමැති බව මගේ අදහසයි. බ්‍රිතාන්‍ය මොහොතකට අමතක කලත් යුරෝපා සංගමය ලංකාව සමග බව මට හිතෙන්නේ, අපේ රට කැන්වස් කලේ යුරෝපයෙන් බ්‍රිතාන්‍ය ඉවත් නොවිය යුතු යන මතයේ සිටය. රනිල්ගේ මතය බ්‍රිතාන්‍යයෙදී පරාජය වුවත්, යුරෝපා සංගමය තුල ජය ලබා ඇත. මේ ශ්‍රීලාංකික දේශපානයේ අගු පිලකටවත් ලං නොකර ගතයුතු, බ්‍රිතාන්‍ය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී තීරනයකි. අපිට එක් පාඩමක් ඉගෙනගත හැක. ඒ නම් පක්ශ දේශපාලනයෙන් තොර ජාතික අවශ්‍යතා ඉදිරියේ ජනතාව කතිරය පාවිච්චි කිරීමේ ස්වාදීනත්වයයි. අද මේ රටේ එලියට ආවේ ටෝරි, ලේබර්, ලිබරල් හෝ ජාතිවාදි ෆරාජ් දේශපාලනය නොව, මිනිසුන්ගේ පීඩනයයි. ජනවාරි අට සහ ජූනි 23 නිකන් ඉන්නා ගමන් එහාට මෙහාට කරමින් හුරතල් කර සිතා බැලීම වටී. ජුනී 23 ච්නදය පාවිච්චි කෙරූ චන්ද දායක ප්‍රමානය සීයට 70කට වඩා වැඩිවූයේත් ඒ නිසාවෙන් යැයි මට හිතේ.

    මිනිසුන් තීරන ගත යුත්තේ කැම්‍රන්, කෝබින්, ෆරාජ් හෝ ස්කොට්, වේල්ස්, අයර්ලන්ඩ්, ඉන්ග්ලන්ඩ් යන අරුතෙන් නොවන බව මේ ජනමතවිචාරනය පෙන්නුම් කරයි. අපි ශ්‍රීලාංකිකයඉන් සිතිය යුත්තේත් ඒ අරුතින්ම නොවේ දැයි කිසිත් නොදන්නා මටත් සිතේ.

    ReplyDelete
    Replies
    1. ස්කොට්වාසීන් බ්‍රිතාන්‍යෙන් වෙන්වෙනවා යැයි කීමත්, බ්‍රිතාන්‍ය යුරෝපා සන්ගමයෙන් ඉවත්වීමත් යනු එකක් නොව දෙකකි. එය තීරනය කරන්නේ නිකොලා ස්ටර්ජන් නොව රටේ ජනතාවයි. උතුරේ විග්නේශවරන්ලාට සහ දකුනේ බහුභූතයින් තරමටම නිකොලා ස්ටර්ජන්ලාට සහ නයිජල් ෆරාජ්ලා ඒ තරමටම පිස්සු නැත. ස්ටර්ජන් සහ ෆරාජ් කියන්නේ ජනමනස නොවේ. මේ රටේ පුරවැසියා තීරන ගන්නේ ඒ ඒ අවස්තා මත බව මම තරයේ සිතමි. ස්කොට්ලන්තය වෙන්වීම ස්කොටිශ් නැශනල් පාටි එකේ ඇජෙන්ඩා එක වුනාට සමස්ත ස්කොට් වැසියාගේ අභිප්‍රාය නොවේ.

      Delete
    2. Aruna Perera,

      හරියට හරි ඔබ ප්‍රශ්නය තුල ඉන්න නිසා ඔබට තේරෙනවා සිදුවෙන දෙය. මේකම තමයි ශ්‍රී ලංකික පුරවැසියකු ලෙස ඉන්දියාව සමග නිදහස් වෙළද ගිවිසුම්වලට නොයායුතු බව මම කියන්නේ.

      තුවාලේ වේදනාව දැනෙන්නේ තුවාලය ඇති කෙනාටයි !
      ප්‍රශ්නය තියෙන්නේ සමහර මෝඩයන්ට වෙන්න යන තුවාලය ගැන අවබෝදයක් නෑ

      Delete
    3. මචං ලංකා සිතුවිලි.... උඹ කියන්නේ එට්කා සම්බන්දවනම්, මම ඒ හා සම්බන්ද ෆයිනල් ලියකියවිලි කියවලා නැහැ. නමුත් කොමන් මාර්කට් නම්වු යුරෝපීය සංකල්පය සමග බ්‍රිතාන‍ය එකඟවුනේ බොහෝ කාලයකට පෙර. එහි රස සහ නීරස මෙරට පුරවැසියන් ඇතිතරම් ටේස්ට් කරා. මේ තීරනය එන්නේ එහෙමයි. මට එට්කා හා ගනුදෙනුව දකින්න වෙන්නේ කාලාපීය ගිවිසුමක් ලෙසින් නොව, රාජ්‍ය දෙකක් අතර වෙන ගනුදෙනුවක් ලෙස පමනයි. මා නොදන්නා බොහෝ දේ උඹ දන්නවා ඇති. නමුත් තියරියට වඩා එහා ගිය ප්‍රැක්ටිකල් අමිහිරි තත්වයක් බ්‍රිතාන්‍යය මිනිස්සු සහ ගැහුනු දැක්කා. එයින් අදහස් කරන්නේ නැහැ..කාලා වරෙන් දැන් නාපං කියන එක. මම එට්කා දකින්නේ රටවල් දෙකක් අතර මියුචුවල් ඇග්‍රීමන්ට් එකක් ලෙස. මම වැරදි නම් ඒක හදාගන්න පුලුවන්. නමුත් යුරෝ යනු කලාපීය තුවාලයක් ලෙසයි මම දුටුවේ. හොඳ හා සමානව නරකත් ඇති. මම මේ සියල්ල දකින්නේ ලෝක පුරවැසියෙක් ලෙස ප්‍රායෝගික මනසින්. අපි සංවාසයේ යෙදෙමු. ඒක සංවාදයට වඩා සැපයි. විහිලුවට කිව්වේ. මම උඹලත් එක්ක සංවාදයේ යෙදෙන්නම්. හැබැයි මම වැඩට යන්න ඕන මිසක්, සාකච්ඡාවෙන් පැනලා යනවා එහෙම නොවෙයි. මතක තියා ගනින් මම පොලවේ මිනිසෙක් මිසක් ඊට උඩින් ඉන්නා න්‍යාචරි බුවෙක් නොවන බව.

      Delete
    4. අදෝමැයි, ලාංකික සිතුවිලි නැමැත්තා යුරෝපා සන්ගමයේ රටවල ඔනෑම අයෙකුට සංක්‍රමයේ සහ ව්‍යාපාර ඇරභීමේ කොන්දේසි සියල්ලම ඉතා ලිහිල් කල යුරෝපා සන්ගමයේ නිදහස් වෙලද ගිවිසුමත්, ඉන්දියාවේ වෘතිකයින් කිහිපදෙනෙකුට ලංකාවේ ආයෝජන සහිතව ඉන්දීය ශ්‍රමිකයින් ගෙන්වාගැනීමට ඉදලැබෙන එක්ටා ගිවිසුමත් එකක් යැයි දකින ජාතිකවාදී වෘශභයෙක් වූ හැටි...

      Delete
    5. අරූ යුරෝපයේ ආර්ථික සහයෝගීතාවය ඇවිත් දැන් ගොඩක් කල් නේද?. එතකොට නිදහසේ හුවමාරු වුණේ භාණ්ඩ පමණයි. බ්‍රිතාන්‍යට අද තියෙන සංක්‍රමණික සහ ඊට අනුබද්ධ රැකියා ගැටළුව ආවේ එය 1997 යුරෝපය ලෙස එකම ආර්ථික කලාපයක් බවට පත්වීම නිසා නේද? විශේශයෙන්ම එක්සත් රාජධානිය යුරෝ මුදල නොගත්තත් ෆ්‍රීඩම් ඔෆ් මූව්මන්ට් ඔෆ් පීපල් එක්ක තමයි මේ ප්‍රශ්ණ එන්න ඇත්තෙ. එතකොට යුරෝපයෙන් වෙන්වනවා කියන්නේ 1950-60 ගණන් වල තිබුණ තත්ත්වයට ආපසු යාමක් නේද? එතකොට trade diversion හරහා බ්‍රිතාන්‍යට තමන්ට කිට්ටුම රටවල් වලට භාණ්ඩ හා සේවා යැවීමේ අවාසියක් වෙනවා නේද?

      Delete
    6. ඉයන් මගෙන් අරූ කියලාම අහන නිසා උත්තරයක් දෙන්නම ඕන. ඒත් ආර්තික විශේෂාණ්ඥයෙයෙක් යන මොඩ්ල් එකෙන් නොවේ.

      යුරෝපයේ ආර්තික සහයෝගිකතාවය නම් වූ කොන්දේසියට මේ රට අත්සන් කරේ තැචර් යුගයේ බව කියලයි මට මතක. ඒ වෙනුවට තවත් නොයෙකුත් කොන්දේසි යුරෝපයට සීමාවු සීමිත රටවල් ප්‍රමානයක්(ආර්තික සහ මූල්ම්‍යමය ) අවශ්‍යතා වෙනුවෙන් භූගෝලීය ඉඩ කඩක් වෙන් කරගත්තා. එහේදී වෙලඳ පොලට එහා ගිය වපසරියක යුරෝපා වෙලඳ සංගමයක් වෙනුවට, භූගෝලිය වචන සහ වෙනස් උවමනාවන් වෙනුවෙන් ඔවුන් කතා කලා. ආරතික වෙලඳ පොල වෙනුවට, සේවා ආගමන විගමන ආදී වශයෙන් නොයෙකුත් ක්‍රියාමාර්ගයන්ට ගිවිසුම්ගත වුනා. මේ ගිවිසුම් සහ එකඟතා තුලින් එක් එක් රාජ්‍යන් ලබාගත් වාසි සහ අවාසි ප්‍රායෝගික තලයේදි අත්වින්දේ ඒ ඒ රටවල් වල පුරවැසියන්. එය බ්‍රිතාන්‍ය මිනිසුන් ඊයෙ එලියට දැම්මා. පෝලන්තය, බල්ගේරියාව ආදී රටවල් එය කිසි දිනෙක එලියට දාන එකක් නැහැ. ඒ ඇයි කියල අමුතුවෙන ඉයන්ට කියන්න ඕන නැහැ. ඉයන් කියන භාන්ඩ හුවමාරුව සිදුවන්නේ බැක් ඉන් ද කියුව් කියන ඔබාමා ගොන් ටෝක් එකේ නොවන බව මම හිතනවා. මීට වඩා සාර්තක වෙලෙඳ ගනුදෙනු සමාජවාදි රාජ්‍යන් ලෝකය ඉදිරිපිට කඩා වැටී, නන්නත්තාරවෙන කාලයෙත් සිදුවුනා. යුධමය තත්වයක් ඇතිවුවහොත් මේ නොන්යුරෝප් තත්වය බ්‍රිතාන්‍යට අවාසිදායක විය හැකියි. ඒ වෙනස් තත්වයක්. නමුත් මට නම් හිතෙන්නේ ලෝක ජනයා එදාට වඩා අද සවිඥානක බවයි. මගේ පෞදගලික මතය නම් බ්‍රිතාන්‍ය ආර්තිකය පවත්වා ගෙන යා යුත්තේ උන්ගෙ රටේ පුරවැසි සුභසාදනය මූලික කරගෙන බවයි. ඉයන්...මම බ්‍රිතාන්‍ය පුරවැසියෙක් නොවේ. නමුත් මේ යාතාර්තයයි

      Delete
    7. අරු,

      මම මුලින්ම https://www.youtube.com/watch?v=eYqzcqDtL3k සබැදිය යොමුකළේ මෙය පැහැදිලි කිරීම ලෙහෙසි වීමට.
      මෙහිදී අපුරු උදාහරණයක් පෙන්වනවා බ්‍රිතාන්‍ය මුහුදේ ජර්මන් ජාතිකයන් මාළු ඇල්ලීම් මගින් බ්‍රිත්න්යන්ට පාඩු සිදුවී ඇති අයුරු.

      //නමුත් තියරියට වඩා එහා ගිය ප්‍රැක්ටිකල් අමිහිරි තත්වයක් බ්‍රිතාන්‍යය මිනිස්සු සහ ගැහුනු දැක්කා. //
      එතකොට අපි ඕක දැක්කේ නැද්ද ඔබ දන්නවද 1998 දී ලංකා ජනාධිපතිනිය අත්සන්කළ වෙළද ගිවිසුමට සිදු වූ දේ ?
      ඉන්දියාවට අපනයනය කරන විට ඉන්දියාව විවිද අලුත් නීති සහ රෙකුලාසි පනවමින් අපගේ අපනයන වලක්වන අයුරුත් ඉන්දියාවේ ආනයන දිගටම
      ශ්‍රී ලංකාවට සිදුවන අන්දමත් ඔබ දැක නැද්ද?

      මටනම් මේ ගිවිසුම් දෙකම වැඩි වෙනසක් නෑ අවන්කවම මම සිතන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියකු ලෙස මිස ලෝක පුරවැසියෙකු ලෙස නෙමෙයි, ඔබ ලෝක
      පුරවැසියකු නම් ඔබට කිසිදු විසා ගැනීමකින් තොරව ඕනෑම රටකට යාහැකි වියයුතුයි.

      කවුරුහරි කියනවනම් ඔබ ලෝක පුරවැසියකු ලෙස සිතන්න කියල ඔබ ඔහුට කියන්න කරුනාකර මට ලෝකයේ සියලු රටවල පුරවැසිබාවය ලබාදෙන්න එවිට එසේ සිතන්නම් කියලයි.

      Delete
    8. ///කවුරුහරි කියනවනම් ඔබ ලෝක පුරවැසියකු ලෙස සිතන්න කියල ඔබ ඔහුට කියන්න කරුනාකර මට ලෝකයේ සියලු රටවල පුරවැසිබාවය ලබාදෙන්න එවිට එසේ සිතන්නම් කියලයි.///

      මසුරන් වටින කතාවක්.

      :D

      Delete
  15. Replies
    1. ILIKETOFUCKYOURASSHOLE

      Delete
  16. මේ තත්වය අපේ ආර්ථිකයටත් යම් සෘණ බලපෑමක් ඇතිකරයි නේද?

    ReplyDelete
  17. ඉවත්වීමට විපක්ෂව ඡන්දෙ දීලා තියෙන්නේ සංක්‍රමණීකයන් වැඩි වශයෙන් ඉන්න පලාත්.

    ReplyDelete
  18. එක්සත් ජනපදයේ 2016 වර්ෂයේ ජනාධිපතිවරණ නාමයෝජනා සඳහා සුදුස්සන් තෝරා ගැනීමට පැවැත්වෙන පුර්ව මැතිවරණ අපේක්ෂක තරඟය මේ වන විට තීරණාත්මක සංධිස්ථානයකට එළඹ තිබේ. වර්තමානයේ පාලන බලය හොබවන ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය හිලරි ක්ලින්ටන් විසින් හිමි කර ගනු ලැබීමට නියමිත ය. ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඇයට සැලකිය යුතු මට්ටමක හෝ අභියෝගයක් එල්ල කළ හැකි වූයේ යම් ආකාරයක මාර්ක්ස්වාදී දැක්මක් තිබූ බාර්නි සැන්ඩර්ස්ට පමණි (සැන්ඩර්ස්ට අනුව නම් ඔහු සමාජ-ප්‍රජාතන්ත්‍රවාදියෙකි). මේ වන විට සැන්ඩර්ස්ගේ ජනාධිපතිවරණ සිහිනය බිඳ වැටී අවසන් ය. දේශපාලන බලාපහරණයේ සටකපට රැජිනියක වන හිලරි ක්ලින්ටන් මෙලෙස එක්සත් ජනපදයේ 45 වන ජනාධිපති තනතුර සඳහා වඩ වඩාත් ළං වීම වාමාංශිකයනට නම් එතරම් සතුටු විය හැකි තත්ත්වයක් නො වේ.

    රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබා ගනු ඇති බව පැහැදිලි ය. ට්‍රම්ප්, ක්ලින්ටන්ට සාපේක්ෂ ව නම් සැර අඩු රාක්ෂසයෙකි. එක්සත් ජනපද ජනාධිපති ධුරය සඳහා වන ක්ලින්ටන්-ට්‍රම්ප් තරඟය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇති බව එක්සත් ජනපද දේශපාලන විශ්ලේෂණ වාර්තා පවසයි.

    හිලරි ක්ලින්ටන් විසින් පසුගිය සමයේ සිදු කරන ලද දේශපාලන බලාපහරණයන් ද නොපනත්කම් ද දැන් දැන් මතු ව පැමිණේ. එක්සත් ජනපද ඉතිහාසයේ මෑත කාලීන ව බිහි වූ වඩාත් සාධනීය ම ජනාධිපතිවරයා ලෙස පිළිගැනෙන බැරක් ඔබාමා ද (අකමැත්තෙන් වුව) පවසන පරිදි ක්ලින්ටන් යනු ඉතිහාසයේ එක්සත් ජනපද ජනාධිපති ධුරයට තරඟ වදින වඩාත් ම වෘත්තීය සුදුසුකම් ලත් අපේක්ෂිකාව ය. එහෙත් ඒ තරමට ම ඇගේ බලාපහරණ වාර්තාව ද අපකීර්තිමත් ය.

    ක්ලින්ටන්-ට්‍රම්ප් තරඟයට කුමක් සිදු විය හැකි ද යන්න අපි එක්සත් ජනපදයේ බර්ක්ලිහි කැලිෆෝර්නියා සරසවියේ දර්ශන අංශයේ අපගේ පැරණි මිතුරෙකුගෙන් විමසුවෙමු. ඔහුගේ අදහස නම් අප්‍රමාණ දූෂණ චෝදනා මධ්‍යයේ වුව ද එක්සත් ජනපද ජනතාව විසින් අවසානයේ දී හිලරි ක්ලින්ටන් තම 45 වන ජනාධිපති ලෙස පත් කර ගනු ලබනු ඇති බව ය. මෙය දේශපාලනය සම්බන්ධයෙන් වැදගත් විරුද්ධාභාසයකි. එක්සත් ජනපද ජනතාවගේ මනස අභිභවා හදවත ක්‍රියාවට නැංවීමට තරම් හිලරි ක්ලින්ටන්ට ඇති දේශපාලන කරිස්මාව කුමක් ද? නැත හොත් මෙය දේශපාලනය පිළිබඳ සුසමාර්දශයන්ගේ විතැන් වීමක් ද?

    ශ්‍රී ලංකාද්වීපයේ පසුගිය සමයේ අභියෝගයකට ලක් කළ නො හැකි දේශපාලන කරිස්මාවක් තිබූ පාලකයෙකු දෙවරක් පරාජය කර වීමට තරම් සූරවීර දේශපාලන න්‍යායාචාර්යවරයෙකු වූ ප්‍රවීණ දේශපාලන විචාරක අජිත් පැරකුම් ජයසිංහයන් එක්සත් ජනපද ජනාධිපතිවරණය පිළිබඳ ද ලාංකික හා ලෝක දේශපාලනය කෙරෙහි එක්සත් ජනපද ජනාධිපතිවරණයේ වැදගත් කම පිළිබඳ ද විග්‍රහයක් කළ යුතු බව අපගේ විශ්වාසය යි. එකී කරුණ සම්බන්ධයෙන් වියුණු සටහනක් සපයන මෙන් අජිත් පැරකුම් ජයසිංහයන්ගෙන් ඉල්ලා සිටිමු.

    ජනප්‍රිය රිපබ්ලිකන් ජනාධිපතිවරයෙකු වූ රොනල්ඩ් රීගන්ට දේශපාලන-ආර්ථිකය පිළිබඳ උපදෙස් සැපයූ විශිෂ්ට ලිබරල් ධනවාදී වින්තක මිල්ටන් ෆ්රීඩ්මන්ගේ ලාංකීය අවතාරය ලෙස සැලකෙන අජිත් පැරකුම් ජයසිංහයන් විසින් ලියවෙන එකී මහා තීසිසය ඉංගිරිසියට ඔවුන් ලවා ම පරිවර්තනය කරවා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂය වෙත යැවීමට සාදර අනුග්‍රහය සිටුවර ඒ. ඇස්. පී. ලියනගේ මහතා විසින් ලබා දෙනු ඇත.

    45 වන එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන- ආර්ථික උපදේශක ලෙස ශ්‍රී ලංකාවේ අජිත් පැරකුම් ජයසිංහයන් පත් ව ගිය කල කවරෙකුට නම් ආඩම්බර ද? එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහයන් හැර අන් කවරෙකු නම් ඒ ආඩම්බරකමේ සාඩම්බර හිමිකරුවා ද?


    ReplyDelete
  19. මට හිතෙන්නේ ඉස්සරහට ලොකු ජාතිවාදී රැල්ලක් එනවා කියල. ඇමරිකාවේ ජාතිවාදී ට්‍රම්ප් ට (ජනාධිපතිවරණෙ දිනාගන්න බැරි උනත්) තියන ජනතා සහයෝගය අවතක්සේරු කරන්න බැහැ. ලෝකේ ලොකුම බලවතුන් දෙන්නෙක් එක පාරක යනකොට ඉස්සරහට මොනවයින් මොනවා වෙයිද කියල හිතෙනවා. අපේ රටෙත් හම්බයෝ එළවමු කියල කිව්වට මේ වගේ ලොකු රටවල් වලට අපිත් හම්බයෝ වගේ තමා.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.