2016-06-03

නාම් තෙරියාදු කෝකිලා

කපිල එම්. ගමගේ විසින් ලියන ලද තෙරියුම් කෝකිලා සුවිශේෂ කවියක් වන්නේ මෑත අවධියේදී ඉතාම ප්‍ර‍බල ලෙස සමාජයට අලෙවි කරන ලද කවි පොත වන ඔහුගේ නවතම කාව්‍ය එකතුවේ නම එය වීම නිසා ය. 

තෙරියුම් කෝකිලා කවිය පෞද්ගලික අත්දැකීමක් පොදු එකක් බවට පත් කරන්නට ගත් උත්සාහයකි. එහි ඇති අතිශය පෞද්ගලික කල්පනා බොහොමයක් පාඨකයාට දුරවබෝධ ය. එය කවියෙහි ධාරණාවට ද බලපායි.

එහෙත්, එය සිංහල දෙමළ ප්‍ර‍ශ්නය ප්‍ර‍ස්තුත කර ගත් කවියක් ලෙස සාකච්ඡා කළ හැකි ය. 

එවැනි කවිවලට දෙමළ වචන, නල්ලූර් වැනි ස්ථාන නාම, උරහිස වැසූ සාරි පොට වැනි ඇඳුම්, පිච්ච මල්, මරතෝඩි වැනි සංස්කෘතිකාංග එක් කිරීම ඉතා සුලබ  ප්‍රයෝගයකි. තෙරියුම් කෝකිලා කවිය පුරා ම එවැනි ලක්ෂණ තිබේ.

එහෙත් මෙම කවියෙහි වැදගත් සංකල්පනා කීපයක් ගැන සාකච්ඡා කළ හැකි ය. ඇතැම් ඒවා ගැන සංවාද දැනට ම මතු වී තිබේ. පොතේ කවරයේ කෝකිලා කළුවට ඇඳ ඇත්තේ ඇයි ද යන්න එවැනි එක් සංවාද වස්තු බීජයකි. 

කෝකිලා නුඹ කළු තමයි
ඒත් සිනහව හරි සුදුයි

පශ්චාත් යටත් විජිත ලංකාවේ සුන්දරත්වය පිළිබඳ අර්ථකථනය සමග සුදු හම සම්බන්ධ වී තිබේ. දෙමළ ජනයා සිංහලයන්ට වඩා කළු ය යන අදහස මිථ්‍යාවකි. මෙම ජාතීන් දෙකෙහි ම මිනිසුන්ගේ හමේ පැහැය පුළුල් පරාසයක් තුළ විහිදේ. දෙජාතියේ ම මහන්සි වී වැඩ කරන, අව්වේ වේලෙන කම්කරු ගැහැනු පිරිමි කළු සමින් යුක්ත ය. පිරිසිදුකම හා සම්බන්ධ වන අධ්‍යාපනය, පෝෂණය, දිළිඳුකම හා සමේ වර්ණය අතර ද සම්බන්ධයක් ඇත.

එහෙත්, දෙමළුන්ට වඩා තමන් ‘සුදු' යයි සිංහලයෝ සිතති. දකුණේ සිංහල ගැමියාගේ මනසේ සිටින දෙමළ ජාතිකයා වනාහි දිළිඳු, පරාධීන වතු කම්කරුවා ය. උතුරේ දෙමළා යනු සිංහලයාට අභියෝග කරන සතුරෙකි. ඒ නිසා ඔහු කැත විය යුතු ය. අසුන්දර විය යුතු ය. කළු විය යුතු ය. නිදසුනක් ලෙස, ප්‍ර‍භාකරන් රූමත් මිනිහෙකු බව තේරුම් ගන්නට සිංහලයන්ට බැරි ය. සිංහල වුවත්, කළු, බියකරු පෙනුමක් ඇති මිනිසුන් පවා ප්‍ර‍භාකරන් වගේ යයි ඔවුහු කියති. 

සිංහල මනස තුළ කෝකිලා කළු වන්නේ හේතු කීපයක් මත ය. එක පැත්තකින් තමන් උසස් ය. ඒ නිසා සුදු විය යුතු ය. තමන් සුදු වන්නට නම් අනෙකා කළු විය යුතු ය. කෝකිලා දෙමළ ය. ඒ කියන්නේ සිංහලයාට අභියෝගාත්මක ජාතියකට අයිති කෙනෙකි. එවැනි අය ලස්සන වුණත්, ඔවුන් කළු විය යුතු ය. මන්ද, ඒ ලස්සන අහම්බයකි. ඒ ලස්සන මතු වන්නේ පහත් තැනකිනි. 

අනෙක් පැත්තෙන්, සිංහලෙන් ලියැවෙන ජාතික සමගි සාහිත්‍ය නිබන්ධනවල බොහෝ විට දක්නට ලැබෙන්නේ සිංහල පිරිමි පෙම්වතෙකි. දෙමළ පෙම්වතියකි. දෙමළ වීම නිසා ගැහැනිය තවත් දුබල ය. ආධිපත්‍යවාදීහු දුබලයන්ට ආදරය කරන්නට කැමති ය. ඒ ආදරය අනුකම්පාවේ ම තවත් ස්වරූපයකි. 

සුළුතර දෙමළ ජනයා යනු බහුතර සිංහලයාගේ අනුකම්පාව මත ජීවත් විය යුතු දුබල ප්‍රාණියකු විය යුතු ය. තෙරියුම් කෝකිලා නිරූපණය කරන්නේ මෙම යථාර්ථයයි. 

පිච්ච මල් ගවසා තිබුණු හිස
නර කෙසක් තැන තැන මතුව ඇත
නළල ඉහළින් තැබූ තිලකය
ඉකුත් වූ මහ බරැති සිහිනය

කෝකිලා කථකට අහම්බෙන් හමු වූ පැරණි පෙම්වතියයි. ඇය දැන් විවාපත් ය. බිඳ දමන ලද කෝකිලා නම් දෙමළ ගැහැනිය හිමි කර ගැනීමේ කථකගේ සිහිනය බිඳ වැටී ඇත.

එහෙත්, කෝකිලා නගන සිනහවේ සුද තවත් වැඩි වී ඇත. ඒ කථකගේ ඉහළ ගොස් ඇති ලාලසාව මිස වෙන කුමක් ද? දෙවන වරටත් යෙදෙන සිනාවේ සුද යනු කෝකිලාගේ යමක් නොව කථකගේ ආසාවයි. 

අපේ අම්මට දෙමළ පුළුවන් 
වතුර වාගෙයි කෝකිලා
මට දෙමළ කොන්ජම් තෙරියුම්
ලැජ්ජ හිතෙනව කෝකිලා

මගේ දරුවට දෙමළ අරහං
නරක ඒකයි කෝකිලා

සිංහල දෙමළ ජාතීන් අතර ඇති ප්‍ර‍ශ්නය සිංහලයාට දෙමළ භාෂාව නො වැටහීමේ ගැටලුවක් ලෙස කථකයා දකියි. මේ දුරස්ථර බව පරම්පරාවෙන් පරම්පරාවට වැඩි වෙමින් ඇති බව ද එය ඉතා නරක බව ද කවිය කියයි.

අවසානයේදී කථක පවසන්නේ මෙසේ ය:

මරාතෝඩි ඇඳි නුඹේ පාදය 
අහිමි වුණේ ඇයි දන්නවා මම කෝකිලා

කෝකිලාලාගේ ජීවිත අස්ථාවර වී ඇත්තේ ඇයි? ඒ බව කථක ඇත්තට ම දන්නවා ද? දන්නවා යයි කීමෙන් ම තවත් විමසා දැන ගන්නට දෙයක් නැති බව කියැවේ. 

කවියා මෙම කවියෙන් නිරූපණය කරන්නේ සිංහල ජාතියේ ඒ නො දැනුම ම ය. එසේම, දැනුවත් වීමට ඇති නො උවමනාව ම ය. 

සිය වසකට කිට්ටු කාලයක් තිස්සේ කරන ලද උද්ඝෝෂණවලින් හා තිස් අවුරුදු යුද්ධයකින් පසුව පවා අපි තවම දෙමළාට දෙමළ වීම නිසා ඇති සිංහලයාට සිංහල වීම නිසා නැති ප්‍ර‍ශ්නය කුමක්දැයි කිසිදු ලජ්ජාවකින් තොරව අසමු. 

ඒ ප්‍ර‍ශ්නය අසන අයට මට නම් දෙන්නට තිබෙන එක ම පිළිතුර දෙමළාට දෙමළ වීම නිසා තිබෙන ප්‍ර‍ශ්නය වන්නේ කොච්චර උත්තර දුන්නත් නැවත නැවත ඔය ප්‍ර‍ශ්නය අහන එක ම බව ය. 

කපිල එම්. ගමගේගේ තෙරියුම් කෝකිලා කවිය ඒ මනෝභාවයේ ප්‍ර‍කාශනයකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

68 comments:

  1. දෙමළාට දෙමළ විම නිසාම ඇති ප්‍රශ්නය මොකක්ද කියන එක මටත් තාම තියෙනවා.... සුළුතරයක් වන දෙමළ ප්‍රජාවගෙන්, උතුරු නැගෙනහිර ඉන්නෙත් 60% කට අඩු ප්‍රමාණයක්. කොළඹ ඇවිල්ලා තමන්ගේ වැඩ අපූරුවට කරගෙන ආතල් එකේ යනවා. ඒ මිනිස්සුන්ට ප්‍රශ්ණයක් නෑ. ප්‍රශ්ණය තියෙන්නේ අපේ වගේම කාළකන්නි දේශපාලකයන්ට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මේක දේශපාලන ප්‍ර‍ශ්නයක් තමයි. ඒ ප්‍ර‍ශ්නය අහන්නෙත් දේශපාලනයකින්. උත්තරෙත් දේශපාලනිකයි. ඒ නිසා අපට දේශපාලනය අනිවාර්යෙයන් ම සලකන්න වෙනවා.

      Delete
  2. දෙමළා ට ඇති ප්‍රශ්නය තේරුම් ගැනීම සඳහා, පහත දැක්වෙන ප්‍රශ්න වලට ලැබෙන පිළිතුරු ද සැලකිල්ලට ගත යුතුය.

    (1) භාෂාව පිළිබඳ ප්‍රශ්නය මේ රටේ ජීවත්වන දෙමළා ගේ ප්‍රශ්නයක් වුනාට එය, එංගලන්තයේ ජීවත්වන දෙමළා ගේ ප්‍රශ්නයක් නො වන්නේ ඇයි?

    (2) මේ රටේ ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පැවති සමයේ, එය මේ රටේ දෙමළ ජනයා ට ප්‍රශ්නයක් නොවුනේ ඇයි?

    (3) 1987 දී උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරන තුරු, නැගෙනහිර පළාතේ ජීවත්වන මුස්ලිම් ජනයා ට තමන් ගේ පාලනයක් පිළිබඳ අදහසක් නොතිබුනේ ඇයි?

    (4) මේ රටේ ජීවත්වන දෙමළ ජනයා ට පාසැලේ හෝඩියේ පංතියේ සිට විශ්වවිද්‍යාල උපාධිය දක්වා තම භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව තිබියදී, මේ රටේ මරාගෙන මැරෙන බෝම්බකාරයන් බිහි වුනාට, කැනඩාවේ ජීවත්වන දෙමළ ජනයා අනුන්ගේ භාෂාවකින් අද්‍යාපනය ලැබුවත් එම රටේ මරාගෙන මැරෙන බෝම්බකාරයන් බිහි නො වන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. //(3) 1987 දී උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරන තුරු, නැගෙනහිර පළාතේ ජීවත්වන මුස්ලිම් ජනයා ට තමන් ගේ පාලනයක් පිළිබඳ අදහසක් නොතිබුනේ ඇයි?//

      මෙය ඇසිය යුත්තේ මුස්ලිම් දේශපාලන ව්‍යාපාරවලිනි. මා නම් සිතන්නේ කුමන ප්‍ර‍ජාවක් වුව තීරණ ගැනීමේ ක්‍රියාවලියට තම මැදිහත්වීම ගැන ගැඹුරින් කල්පනා කිරීම හොඳ තත්වයකි.

      Delete
    2. මෙම ප්‍රශ්නය ගැන මුස්ලිම් ජනයා ගෙන් ඇසීමේ වරදක් නැත. එහෙත් මෙම ප්‍රශ්නය ට මුස්ලිම් ජනයා ට පමණක් නොව අන් අයට ද පිළිතුරු සෙවිය හැක. මෙම ප්‍රශ්නය ට මුස්ලිම් ජනයා දෙන පිළිතුරු, අන් අය දෙන පිළිතුරු වලට වඩා වලංගු වන්නේ ද නැත.

      Delete
    3. // මා නම් සිතන්නේ කුමන ප්‍ර‍ජාවක් වුව තීරණ ගැනීමේ ක්‍රියාවලියට තම මැදිහත්වීම ගැන ගැඹුරින් කල්පනා කිරීම හොඳ තත්වයකි. //

      මේ රටේ ජනයා, මේ රටේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට මැදිහත් වී, එට්කා ගිවිසුම ට එරෙහි වීම ත්, හොඳ තත්වයක් නේ ද?

      Delete
    4. //(1) භාෂාව පිළිබඳ ප්‍රශ්නය මේ රටේ ජීවත්වන දෙමළා ගේ ප්‍රශ්නයක් වුනාට එය, එංගලන්තයේ ජීවත්වන දෙමළා ගේ ප්‍රශ්නයක් නො වන්නේ ඇයි?//

      එංගලන්තයේ වසන සිංහලයා හෝ දෙමල සංක්‍රමනිකයින් විනා මුල් පදිංචිකරුවන් නොවේ.. ඔවුන් කැමැත්තෙන් ඉන්ග්‍රීසීන්ගේ රටට සංක්‍රමනය වුනානම් ඒ රටේ භාශාව පිලිගත යුතුයි..
      නමුත් ලාංකීය ද්‍රවිඩයින් ලංකාවේ සිංහලයින් තරමටම මේ භූමියේ විසූ එතරම්න ධීර්ඝ ඉතිහාසයක් ඇති පිරිසක්.. නැතිව සින්ංහල රටට වීසා අරන් මයිග්‍රේට් වුනු පිටස්තරයින් පිරිසක් නොවේ...
      ප්‍රශ්නයට උත්තරේ දැන් ලැබී ඇතැයි හිතනවා...

      Delete
    5. //මේ රටේ මරාගෙන මැරෙන බෝම්බකාරයන් බිහි වුනාට, කැනඩාවේ ජීවත්වන දෙමළ ජනයා අනුන්ගේ භාෂාවකින් අද්‍යාපනය ලැබුවත් එම රටේ මරාගෙන මැරෙන බෝම්බකාරයන් බිහි නො වන්නේ ඇයි?//

      කැනඩාවේත් ඉන්ග්‍රීසි හෝ ප්‍රංශ මව්බස වුනු සුදුහම ඇති ක්‍රිස්තියානින් මොබ් එකක් හැදිලා ආසියාතික දෙමල කැනේඩියානුවන්ට ගහලා උන්ට 2 වෙනි පන්තියේ පුරවැසියො හැටියට හිටපල්ලා කිව්වොත් අනිවාර්යෙන්ම බෝම්බ්කාරයො බිහිවේවි...
      (ඇමරිකාවේ වර්ණභේධවාදය තිබූ සමයේ Black Panthers වැනි කලු ත්‍රස්ත කල්ලි ඇතිවූ හැටි සොයා බලන්න )

      Delete
    6. // ලාංකීය ද්‍රවිඩයින් ලංකාවේ සිංහලයින් තරමටම මේ භූමියේ විසූ එතරම්න ධීර්ඝ ඉතිහාසයක් ඇති පිරිසක් //

      මේක හොඳ උත්තරයක්.

      මේක තමයි හරිම උත්තරේ. ඒ වාගෙම, මේක තමයි, මම කැමති ම උත්තරේ.

      මොකද ඔබේ පිළිතුරෙන් එක් ප්‍රශ්නයක් විසඳිලා තියෙනවා. ඒ තමයි, දෙමළ ජනයා ගේ ඉල්ලීම් ලබා දිය යුත්තේ එම ඉල්ලීම් වලට යම් පදනමක් තිබෙන නිසා ද, නැතිනම්, දෙමළ ජනයා යම් යම් ඉල්ලීම් ඉල්ලනවා, කිසියම් කෙනෙක් කිසියම් දෙයක් ඉල්ලනවා නම් අන් අය ඒ ඉල්ලන දේ දිය යුතුයි කියන පදනමින් ද, කියන එක, ඔබේ පිළිතුරෙන් විසඳිලා තියෙනවා. ඒ ගැන, ඔබට අනේක වාරයක් ස්තූතියි.

      දැන් අපේ වැඩේ ලේසියි. දැන් අපිට ඉතුරුවෙලා තියෙන්නේ, ඔබ කියන විදියට, මේ රටේ දෙමළ මිනිස්සු ඈත අතීතයේ සිට ඉඳලා තියෙනවා ද කියලා හොයන එක. මේ සම්බන්ධව, ගාමිණී ඊරියගොල්ල, නලින් ද සිල්වා, කේ. ඇම් ද සිල්වා, සූරිය ගුණසේකර, ගුණපාල සේනාධීර, කේ. ඇන්. ඕ. ධර්මදාස, ඇස් ඇල් ගුණසේකර, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, මැන්දිස් රෝහණධීර, ආදීන් ලියා ඇති දේ ඔබ කියවා ඇතැයි මම විශ්වාස කරනවා. මොකද මම නම් ඕවා විතරක් නෙමෙයි, යාලපානම් වෛපමාලෙයි ඉඳන්, රසනායගම් ගේ පොතේ ඉඳන් කියවලා තියෙනවා. ඔබත් මේවා කියවලා නම් තියෙන්නෙ, මගේ වැඩේ ලේසියි.

      අපිට මේක, අනුන්ගේ බ්ලොග් එකක ලියලා විසඳගන්න බෑ. ඔබට මේ ගැන ලියන්න උනන්දුවක් තියෙනවා නම්, ඒ සඳහා වෙන්වූ බ්ලොග් එකක් පටන් ගෙන, නැතිනම් දැනටත් තියෙන ඔබේ බ්ලොග් එකක, දෙමළ ජනයා මේරටේ ඈත අතීතයෙ ඉඳන්ම වාසය කර ඇතැයි පෙන්වාදීමට තිබෙන සාක්ෂි ඉදිරිපත් කරන්න. බ්ලොග් එකේ ලින්ක් එක මෙතන දාන්න. මම එතකොට එතැනට ඇවිත් උත්තර දෙන්නම්.

      මේ රටේ එක වර්ග මීටරයක් හරි ඈත අතීතයේ සිට පවතින දෙමළ නිජ බිමක් කියලා පෙන්වා දෙන්න පුළුවනි නම්, එම වර්ග මීටරයට ඊළම ලබා දීමට මම දිවි හිමියෙන් කැපවෙනවා.

      අපිට අනුන්ගේ රටවල් ඕනෙ නෑ. අපේ රට තිබුනාම හොඳටෝම ඇති.

      Delete
    7. // උන්ට 2 වෙනි පන්තියේ පුරවැසියො හැටියට හිටපල්ලා කිව්වොත් //

      කැනඩාවේ රාජ්‍ය භාෂා වන්නේ ඉංග්‍රීසි සහ ප්‍රංශ පමණයි. දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් නෙමෙයි.

      හැබැයි කැනඩාවේ දෙමළ මිනිස්සු දෙවන පංතියේ පුරවැසියෝ වෙලා නෑ.

      කැනඩාවෙ පාසැල්වල දෙමළ භාෂාවෙන් ඉගෙන ගන්න බෑ. මෙහේ පුළුවනි. හැබැයි කැනඩාවේ දෙමළ ජනයා දෙවන පංතියේ පුරවැසියො නෙමෙයි.

      ඕක තමයි ප්‍රශ්නෙ. ඔහොම වෙලා තියෙන්නෙ ඇයි කියලා තමයි හොයන්න ඕනෙ.

      Delete
    8. //මේ රටේ එක වර්ග මීටරයක් හරි ඈත අතීතයේ සිට පවතින දෙමළ නිජ බිමක් //

      ඔබ ඔය 'දෙමලාගෙ නිජබිම' කියන පටු මුඝ්ධ තැනින් එලියට එන්න... නිජබිම කාගෙද කියන එක වැඩක් නෑ... ලන්කාවේ දීර්ග ඉතිහාසයක් තියෙන ජන කොටසක භාෂා අයිතිය සුරකින්න අපි පෙනීසිටිනවා... ඔබ නලීන්ගේ පොත් කියව කියවා ඉන්න

      Delete
    9. ඕක තමයි ප්‍රශ්නෙ.

      ප්‍රශ්නය ශාස්ත්‍රීයව සාකච්ඡා කරන්න ආරාධනා කරපු ගමන් ම, එතනින් පනිනවා. ඒ වෙනුවට කිසියම් ඉල්ලීමක් තිබෙනවානම්, ඉල්ලීමක් තිබීම, ඉල්ලීම ලබා දීමට ප්‍රමාණවත්ය කියන තැනට පටස් ගාලා යනවා. එතකොට සාක්ච්ඡා කරන්න දෙයක් ඉතුරුවන්නේ නෑ.

      මේ රටේ දෙමළ ජනයා ගේ භාෂා අයිතියට කිසිවක් සිදු වී නෑ.

      මේ රටේ දෙමළ ජනයා ගේ භාෂාව රාජ්‍ය භාෂාවක් නො කිරීම වරදක් වන්නේ, අතීතයේ දී මේ රටේ දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් වී තිබුනි නම් පමණයි. නමුත් මේ රටේ දෙමළ භාෂාව කිසිම කාලෙක රාජ්‍ය භාෂාවක් වී තිබුනේ නෑ. එම නිසා දෙමළ භාෂාව, මේ රටේ රාජ්‍ය භාෂාවක් කිරීමේ අවශ්‍යතාවයක් නෑ.

      මේ රටේ සිංහල නොවන භාෂා භාවිතා කරන්නන් සමග ඒ ඒ භාෂාවලින් අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රමයක් හැමදාමත් තිබුනා. මහා පරාක්‍රමබාහු රජු, විදේශීය වෙළඳුන් දැනගතයුතු කරුණු දැන්වීම සඳහා ඒ ඒ භාෂා වලින් සෙල්ලිපි පිහිටෙව්වා. අදටත් ඒ ප්‍රතිපත්තියට සිංහලයන් විරුද්ධ නෑ.

      Delete
    10. දෙමල භාෂාව රාජ්ය භාෂාව කරනවට ඔච්චර මුන්නැහෙට පුකේ අමාරුව නම් දෙමල වඡන දකිනකොට ඇස් වහගෙන යන්න බැරිද?

      Delete
    11. [කැනඩාවෙ පාසැල්වල දෙමළ භාෂාවෙන් ඉගෙන ගන්න බෑ. මෙහේ පුළුවනි. හැබැයි කැනඩාවේ දෙමළ ජනයා දෙවන පංතියේ පුරවැසියො නෙමෙයි.]

      කැනඩාවේ ඔබවැනි වෙනත් ජනවර්ගයක් තම භාෂාවට පිලිගැනීමක් ලබාදෙනවා දැකීම මූලක්ගින්න හැදෙන්න හෙතුවක් කරගන්නා අය අවමවීම දෙමලාට තමන් කැනඩාවේ 2 වැනි පුරවැසියන් ලෙස නොදැනීමට හේරුවක් විය හැකියි

      Delete
    12. එට්කා ගිවිසුම් කතාව ගැනයි මේ කියන්නේ. මේ රටේ ජනතාවට එයට පක්ෂ වෙන්නට ද අයිතිය ඇත. එය ද තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමකි.

      Delete
    13. පක්ෂ වෙන්න ට අයිතියක් තිබුනා ට, ප්‍රශ්නය වන්නේ පක්ෂ නො වීම ය. (මතකනෙ, ජනමතවිචාරණයක් තියමුද කියලා ඇහුවාම, ඔයා කියපු කතා ටික.) සිංහල සමාජය තුල තරම් එට්කා විරෝධයක් දෙමළ සමාජය තුල නැතත්, දෙමළ සමාජය තුල හෝ එට්කාවාදයක් ඇතැයි කිව හැකි නොවේ.

      Delete
    14. //දෙමළ ජනයා මේරටේ ඈත අතීතයෙ ඉඳන්ම වාසය කර ඇතැයි පෙන්වාදීමට තිබෙන සාක්ෂි ඉදිරිපත් කරන්න.// කියන පුද්ගලයාට කියන්න තියෙන්නේ ඕව ඕනැ තරම් ඉදිරිපත් කරලා තියෙනවා. ටිකක් හොයලා බලන්න. අනෙක ඕවට කොච්චර උත්තර දෙන්න ගියත්, ආපහු ඔය ප්‍රශ්නෙ අලුතින් අහනවා. දැන් ඒක තවත් ලේසියි. ඇනොනිමස් ඇවිල්ලා අහන්නත් පුළුවන් නේ.

      ඕවට උත්තර දීලා පුදන්න බැහැ. ගත යුතු දේශපාලන පියවර ගන්න එකයි කළ යුත්තේ.

      Delete
    15. රටේ හැම දෙයකට ම ජනමත විචාරණ තියන්න ගියොත් වෙන වැඩක් නැති වෙයි. උතුරු නැගෙනහිර ජනතාව වෙන් වෙන්න කැමති ද කියන එක ගැනත් ජනමතවිචාරණයක් තියන්න ය කියලා ඔය ඉල්ලීමක් තියෙන්නේ. ජනමතවිචාරණ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන විධිවිධාන අනුව කටයුතු කරන්න. අපෙන් ප්‍රශ්නයක් නැහැ.

      Delete
    16. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනමත විචාරණ පැවැත්විය හැක්කේ, මුළු රට පුරාම මිස, රටෙන් කොටසක නොවේ. උතුරු නැගෙනහිර ගැන හරි එට්කා ගැන හරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනමතවිචාරණ පැවැත්විය හැක්කේ මුළු රට පුරාම මිස රටෙන් කොටසක නොවේ.

      ප්‍රශ්නය වන්නේ ජනමතවිචාරණ නො පැවැත්වීම ය.

      "රටේ හැම දෙයකට ම ජනමත විචාරණ තියන්න ගියොත් වෙන වැඩක් නැති වෙයි." යනුවෙන් කියන විට ජනමත විචාරණ කෙරෙහි ඇති ආසාත්මිකතාවය පෙනේ.

      Delete
    17. /**
      Max June 3, 2016 at 6:08 PM
      දෙමල භාෂාව රාජ්ය භාෂාව කරනවට ඔච්චර මුන්නැහෙට පුකේ අමාරුව නම් දෙමල වඡන දකිනකොට ඇස් වහගෙන යන්න බැරිද?
      */

      මට තියෙන අමාරුව තමයි මහත්මයා / මහත්මිය, මේ රටේ වසර සියය ක ට අධික කාලයක් ඉංග්‍රීසිය රජ බස ව තිබිය දී, දෙමළ ජනයා ගේ භාෂා අයිතිය සුරකින්න ආවේ කව්දැයි සෙවීම. එමෙන්ම ඉංග්‍රීසිය රජබස කිරීමෙන් පසු, එම තත්වය දිගට ම පැවතියා නම්, එනම් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව නො කෙරී දිගටම ඉංගිරිසි ය ම, රජ බස ලෙසින් තිබුනා නම්, දෙමළ ජනයා ගේ භාෂා අයිතිය සුරකින්න එන්නේ කව්දැයි සෙවීම.

      Delete
    18. /**
      Max June 3, 2016 at 6:33 PM
      [කැනඩාවෙ පාසැල්වල දෙමළ භාෂාවෙන් ඉගෙන ගන්න බෑ. මෙහේ පුළුවනි. හැබැයි කැනඩාවේ දෙමළ ජනයා දෙවන පංතියේ පුරවැසියො නෙමෙයි.]

      කැනඩාවේ ඔබවැනි වෙනත් ජනවර්ගයක් තම භාෂාවට පිලිගැනීමක් ලබාදෙනවා දැකීම මූලක්ගින්න හැදෙන්න හෙතුවක් කරගන්නා අය අවමවීම දෙමලාට තමන් කැනඩාවේ 2 වැනි පුරවැසියන් ලෙස නොදැනීමට හේරුවක් විය හැකියි
      */

      කැනඩාවේ රාජ්‍ය භාෂා වන්නේ ඉංග්‍රීසි සහ ප්‍රංශ පමණයි. එම තත්වය වෙනස් කළ හැකිදැයි සොයා බැලීම ඉතා හොඳ පරීක්ෂණයක්.

      දෙමළ භාෂාව පැත්තකින් තියමු.

      ප්‍රංශක්කාරයන් / ඉංග්‍රීසිකාරයන් කැනඩාව ට පැමිණීමට පෙර පටන් එහි සිටි ස්වදේශික ජනයා ගේ භාෂාවක් පුළුවන් නම් රාජ්‍ය භාෂාවක් කරමු බලන්න.

      ඇමරිකා භූමියට ඉස්සෙල්ලාම පය තියපු නූතන යුරෝපීයයා වුනු කොලම්බස් ස්පාඤ්ඤ ජාතිකයෙක් වීම සලකලා හරි, හතරවන ඇලෙක්සැන්ඩර් පාප්තුමා, කැනඩාව, ස්පාඤ්ඤය ට ලියා දීම සලකලා හරි, ඇමෙරිකා භූමිය හරහා ගිහින් ඉස්ඉස්සෙල්ලාම පැසිපික් සයුරේ නැගෙනහිර වෙරළ පාගපු නූතන මිනිසා ස්පාඤ්ඤ ජාතිකයකු වීම සලකලා හරි, ප්‍රංශක්කාරයෝ මොන්ට්‍රියෙල් වලට එන්න බොහෝම ඉස්සර ජුවාන් ද ෆූකා කියන ස්පාඤ්ඤ ජාතිකයා බ්‍රිටිෂ් කොලොම්බියා පැත්තෙ කරක් ගහලා තියෙන එක සලකලා හරි, දැනට ලක්ෂ ගාණක් භාවිතා කරන භාෂාවක් වීම සලකලා හරි, පුළුවන් නම්, ස්පාඤ්ඤ බස, කැනඩාවේ රජ බසක් කරමු බලන්න.

      කැනඩාවේ භාවිතා වන, දියුණු යැයි කියන ජාතීන් ට අයත්, ඉතාලි, ජර්මන්, වගේ භාෂාවක්, කැනඩාවේ රාජ්‍ය භාෂාවක් කරමු බලන්න.

      දැන් ඡන්දෙත් පැරදිලා ගෙදර ට වෙලා ඉන්න, රතිකා සෙබස්තියන් නෝනා ට කියමු බලන්න, කැනඩාවේ දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් කරන්න මෙහේ වගේ උපවාසයක් පටන් ගන්න කියලා.

      මේ ඕනෑම පරීක්ෂණයක් කළොත් මූලක්ගින්න ගැන දැන ගන්න පුළුවන් වෙයි.

      හැබැයි මූලක්ගින්න හොඳින්ම පෙනෙන්නෙ, ඔය පරීක්ෂණ වලින් නෙමෙයි. කැනඩාවෙ සී-24 පණතින්.

      කැනඩාවේ දෙමළ භාෂාවට සහ තවත් භාෂා ගණනාවකට අදහස් හුවමාරු කර ගැනීමේ භාෂාවක තත්වය තිබෙනවා. අප රටේත්, එම තත්වය, දෙමළ භාෂාවට සහ වෙනත් අවශ්‍ය භාෂා වලට ලබා දීමට සිංහලයන් එරෙහි වන්නේ නෑ.

      Delete
    19. // ඕව ඕනැ තරම් ඉදිරිපත් කරලා තියෙනවා. ටිකක් හොයලා බලන්න. //

      මේ රටේ වර්තමාන දෙමළ ජනගහණය මුළුමනින් ම වාගේ, ඉංග්‍රීසි යුගය තුල වැඩී ගිය එකකි. ඉංග්‍රීසීන් මෙරට ට එන විට, යාපනයේ සිටි දෙමළ ජනගහණය සංඛ්‍යාත්මක ව කොතරම් ද යන්න, 18 වන සියවස අවසානයේ ලංදේසීන් විසින් සිදු කරන ලද සංගණනයෙන් හෙළි වේ. මේවා ටිකක් හොයලා බලන්න ඕනෙ දේවල් නෙමෙයි; හොයන්නැතුවම දැනගන්න පුළුවන් බොහොම ප්‍රසිද්ධ කාරනා. ඉංග්‍රීසීන් ට තේසවලාමේ නීතිය යළි පැණවීම ට හේතු වීම ම, යාපනය ට ගෙනා දෙමළ ජනයා එහි රඳවා ගැනීම ට නොහැකි වීමේ අර්බුදය පෙන්නුම් කරයි. ලන්දේසි යුගයේ දීත්, ඉංග්‍රීසි යුගයේ දී මුල් භාගයේ දී ත්, දකුණු ඉංදීය දෙමළ ජනයා, යාපනය සැලකුවේ, දුම්කොල වාරයට මෙහි පැමිණ යළි ආපසු ගම් රටවල් බලා යාමට තිබෙන විදේශ රටක් විදිය ට යි. යාපනය තුල ස්ථිර දෙමළ ජනගහණයක් - ජේ. වී. පී. එකේ වගේ යන එන මිනිස්සුන්ගෙන් සැදුනු එකක් නෙමෙයි, පරම්පරාවෙන් පරම්පරාවට පවතින දෙමළ ජනගහණයක් - ස්ථාපිත කිරීම ඉංග්‍රීසීන් විසින් ආයාසයෙන් සිදුකරනු ලැබූවකි. ඉංග්‍රීසි යුගය තුල යාපනයේ ත්, උතුරු පළාතේ ත්, දෙමළ ජනගහණය ගැන, ඉංග්‍රීසි ලේඛන වලින් හෙළිවේ.

      Delete
    20. // ඔබ නලීන්ගේ පොත් කියව කියවා ඉන්න //

      ඔබතුමා නලින් ද සිල්වා ගේ පොත් කියවීම අරභයා ද්වේශසහගත ආකල්පයක් දැරීමේ පුදුමයක් නැත.

      මෙරට ඇති ප්‍රශ්නය ව්‍යච්ඡේදනය කිරීම සඳහා, ගාමිණී ඊරියගොල්ල, නීතියේ විධි ක්‍රමයේ ආභාෂය යොදා ගත්තේ නම්, නලින් ද සිල්වා, ඒ සඳහා භෞතික විද්‍යාවේ විධි ක්‍රමයේ ආභාෂය යොදා ගත්තේ ය. මේ ආදී සුධීමතුන්ගේ මැදිහත්වීමේ ප්‍රතිඵලය වූයේ දෙමළ මතවාදය, මෙරට මතවාදී අරගල භූමිය තුල මළ මිනියක තත්වය ට පත් වීම ය.

      ඒ තත්වය යටතේ, "ඕවට උත්තර දීලා පුදන්න බැහැ. ගත යුතු දේශපාලන පියවර ගන්න එකයි කළ යුත්තේ." යනුවෙන් කීමට සිදු වීමේ පුදුමයක් නැත.

      Delete
    21. //දෙමළ ජනයා මේරටේ ඈත අතීතයෙ ඉඳන්ම වාසය කර ඇතැයි පෙන්වාදීමට තිබෙන සාක්ෂි ඉදිරිපත් කරන්න.//
      මොක්කුද දෙමෙල්ලු කියන්නේ? උන් වෙනම පරිණාමය වූ හෝමෝ විශේෂයක්ද?

      දෙමලාට තිබෙන්නේ බාෂා ප්‍රශ්ණයක් නෙමෙයි. ඒක තේරුම් ගන්න එක ලොකු දෙයක්. සිංහල දෙමළ බාශාවලට සමතැනක් දියයුතුයි කියන අදහස යොදාගන්නෙ වාර්ගික බෙදීමක් පවත්වා ගැනීමට පමණයි.
      සිංහල දෙමළ බාශා සමාන කිරීමෙන් වෙන එකම දෙය ඉංග්‍රීසි බාශාව දෙවියන් වහන්සේගේ බාශාව වීම පමණයි. ‍‍‍‍

      Delete
    22. මේ රටේ දෙමළ ජනයා ගේ ඉතිහාසය w3lanka බ්ලොග් එකේ සාකච්ඡා කිරීමට මට උවමනා නොවුනු නිසයි මම කිව්වේ "අපිට මේක, අනුන්ගේ බ්ලොග් එකක ලියලා විසඳගන්න බෑ. ඔබට මේ ගැන ලියන්න උනන්දුවක් තියෙනවා නම්, ඒ සඳහා වෙන්වූ බ්ලොග් එකක් පටන් ගෙන, නැතිනම් දැනටත් තියෙන ඔබේ බ්ලොග් එකක, දෙමළ ජනයා මේරටේ ඈත අතීතයෙ ඉඳන්ම වාසය කර ඇතැයි පෙන්වාදීමට තිබෙන සාක්ෂි ඉදිරිපත් කරන්න." කියලා. නමුත් අජිත් පැරකුම් ජයසිංහ එයට පහර දීම මගින්, මා එම ගැටළුවෙන් මුදවා ඇත. එම නිසා මම තව ටිකක් විස්තර මෙතන ම ලියන්නම්.

      යාපනයේ දෙමළ ජනගහණය ගත්තාම, එය තමිල්නාඩු දෙමළ ජනගහණයට වඩා වෙනස් වන්නේ කෙසේ ද? ඊට සමාන වන්නේ කෙසේ ද යන්න සැලකූ කල, යාපනයේ දෙමළ ජනගහණය නිර්මාණය වූ ආකාරය පැහැදිලි වෙනවා.

      වෙනස්කම්:

      තමිල්නාඩුවේ දෙමළ බ්‍රහ්මණ ආධිපත්‍යයක් ඇතත්, යාපනයේ ඇත්තේ වෙල්ලාල ආධිපත්‍යයකි. එසේ වූයේ කෙසේ ද?

      තමිල්නාඩුවේ දෙමළ ජනගහණයේ වෙල්ලාල ප්‍රතිශතයට වඩා බෙහෙවින් වැඩි වෙල්ලාල ප්‍රතිශතයක් යාපනයේ සිටින්නේ ඇයි?

      සමානකම්:

      යාපනයේ ව්‍යවහාර කෙරෙන දෙමළ භාෂාව, තමිල්නාඩුවේ ව්‍යවහාර කෙරෙන දෙමළ භාෂාවට බෙහෙවින් ආසන්න වන්නේ ඇයි? මින් සියවස් දහයක ට දොලහක ට පෙර, මලයාලම් භාෂාව, වෙනම භාෂාවක් ලෙස දෙමළ බාෂාවෙන් කැඩී වෙන් වුනා. යාපනයේ එවැන්නක් සිදු වී නොමැත්තේ ඇයි?

      මේ තත්වය, 18 වන සියවස අවසානයේ සිදු කෙරුනු ලන්දේසි සංගණනයෙන් හෙළි වුනු යාපනයේ සිටි දෙමළ ජනගහණය සමග මැනවින් සැසඳෙනවා.

      1790 ලන්දේසි සංගණයට අනුව වයස අවුරුදු 16-70 අතර වෙල්ලාල කුලයේ පිරිමි අය යාපනේ ඉඳලා තියෙන්නේ 1570යි. මරවාර් කුලයේ අය නම් 49යි.

      මේ ගණන් හිලවු, ඉංග්‍රීසීන් ට යළිත් වතාවක් තෙසවලාමේ නීතිය පැණවීමට සිදු වීමත් සමග මැනවින් ගැලපෙනවා.

      Delete
    23. ජාතිවාදී පදනමක් මත සිට ලියවුණු නලින් ද සිල්වා, සූරිය ගුණසේකර, ගාමිණි ඊරියගොල්ල යනාදීන්ගේ පොත් සමාන කළ හැක්කේ විසිවන ශත වර්ෂය මුල දී ඒ ආකාරයෙන් ම ජාතිවාදී පදනමක සිට ලියවුණු නාට්සිවාදීන්ගේ "මයින් කම්ප්ෆ්", "අහ්ටුං ඔයිරෝපා" වැනි පොත්වලට ය. එම පොත් අද ඒ රටවල ජීවත් වන ජනයා පඩයකටවත් ගණන් නොගනිති.

      Delete
    24. @දෙමල භාෂාව රාජ්‍ය භාෂාව වීම නිසා කක්කි යන්නෙ නැති තරම් අමාරු ඇනෝට...

      තීත කතා අදට අදාළ නැහැ. කොටින් ම, 1910 අවුරුද්දේ උතුරුකරයේ කිසිම දෙමළෙක් පදිංචි නොවී සිටියත්, එය වුණත් අදට අදාළ නැහැ. අපි විසඳුම් සොයන්න ඕනේ අද පවතින ප්‍රශ්නයකට. අද රටේ ජනගහණයෙන් තිස්ලක්ෂයක් දෙමළ; ඒ කියන්නේ 15% ක්. මීට අමතරව දහඅටලක්ෂයක් (ජනගහණයෙන් 9% ක්) මුස්ලිම්. ඔවුන්ගේ මව් භාෂාව දෙමළ. මේ සියළු දෙනා ම ලංකාවේ නීත්‍යානුකූල පුරවැසියෝ. රටේ සිංහලය මව් භාෂාව වශයෙන් වහරන ප්‍රතිශතය 75% ඉක්මවන්නේ නැහැ. රටේ 25% කගේ ම මව් භාෂාව දෙමළ. ඒ කියන්නේ රටේ සෑම හතර දෙනෙකුගෙන් එක්කෙනෙක් දෙමළ කතා කරනවා. ඒක විශාල ප්‍රතිශතයක්. ඒක නිසා ම දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් කර තිබීම නිවැරදි යි. එය පාසල්වල ඉගැන්වීමත් නිවැරදි යි. රාජ්‍ය සේවයට බැඳෙන අය එය ඉගෙන ගැනීමත් නිවැරදි යි.

      නිතරම කැනඩාව ඇදලා ගන්න අයට මම කියන්නේ ඒ රටේ දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් නොකිරීම නිවැරදි යි කියලා. ඒ මොකද කෝටි 3.6 ක ජනගහණයක් ඇති ඒ රටේ දෙමළ භාෂාව තමුන්ගේ මව් භාෂාව ලෙස වහරන අය ඉන්නේ ලක්ෂ තුන යි. ඒ කියන්නේ 0.83% යි. ඒ නිසා ඒ අය ඉංග්‍රීසියෙන් තමුන්ගේ වැඩ කටයුතු කර ගන්න ඕන. ක්වීබෙක් ප්‍රාන්තයේ ජීවත් වෙනවා නම් ප්‍රංශ භාෂාවෙන් ඒවා කර ගන්න ඕන.

      ඒ වගේ නෙවෙයි ලංකාවේ. ලංකාවේ නීත්‍යානුකූල පුරවැසියන්ගෙන් හතරෙන් පංගුවක් ම කතා කරන්නේ දෙමළ. ඒ නිසා දෙමළ භාෂාව රටේ ප්‍රධාන භාෂාවක් වශයෙන් සුදුසුකම් ලබනවා.

      නැවතත් කැනඩාවට. කැනඩාවේ ප්‍රංශ භාෂාව තමුන්ගේ මව් භාෂාව වශයෙන් වහරන අයගේ ප්‍රතිශතය 22% යි. එය ලංකාවේ දෙමල භාෂාව තම මව් භාෂාව වශයෙන් වහරන අයගේ ප්‍රතිශතයට වඩා ඇබින්දක් අඩු යි.; ඒ වුණාට දෙමළ භාෂාවට මෙහෙ තියෙන පිළි ගැනීමට වඩා පිළිගැනීමක් ප්‍රංශ භාෂාවට කැනඩාවේ තියෙනවා.

      Delete
  3. දෙමළ ජනයාට ඇති ප්‍ර‍ශ්නය හුදු භාෂා ප්‍ර‍ශ්නයක් නො වන නිසා මේ ප්‍ර‍ශ්නවලට පිළිතුරු දීම අවශ්‍ය යයි නො සිතමි. එහි තිබෙන්නේ දේශපාලන ප්‍ර‍ශ්නයකි.

    ReplyDelete
    Replies
    1. "ගුරුවරයෙක් වන මගෙන් දෙමල සිසුන් ද ඉගෙනගන්නවා. කිසිදු වාර්ගික අභිලාශයක් නොදැක්වූ ඉතා සුහදශීලි එක්තරා සිසුවෙක් දෙමලෙන් ජාතික ගිය නිදහස් දින උත්සවයේ ගැයූ සතියට පසු සතියේ මගෙන් ඇසු දෙයකින් මම තුෂ්නිම්භූත වුණා. ‘sir. Why our school does not sing the national anthem in tamil ? now it is legal no ? why do they sing only in sinhala ?’ (සර් .. ඇයි අපේ ඉස්කෝලේ ජාතික ගිය දෙමලෙන් කියන්නේ නැත්තේ ? දැන් එය නිතයනුකුලයි නේ ? ඇයි සිංහලෙන් විතරක් කියන්නේ ?) එතෙක් දෙමලෙන් බැරිනම් ඕන බසකින් ජාතික ගිය කියපුදෙන් යන මතයේ සිටි මට ප්‍රශ්නය එකවරම තේරුණා. එතෙක් තමන්ගේ භාෂාවෙන් බය නැතුව කටයුතු කරන කතා කරන අතරේ ජාතික ගිය වැනි දෙයක් සිංහලෙන් තිබීම ප්‍රශ්නයක් ලෙස තේරුම් ගෙන නොසිටි මෙම සිසුවා එක්වරම එය දෙමලෙන් නොකිමෙන් තමන්ට විශාල අසාධාරණයක් වී ඇති බව හිතන්න ගත්තා. ඇත්තටම දෙමළුන්ට අසාධාරණයක් සිදුවී ඇති බව ඔහු හිතන්න ගත්ත. ඊනියා ප්‍රශ්න විසදීමේ සෑම පියවරක්ම ඉවර වන්නේ ඊළඟ පියවරට යාම සඳහා අවශ්‍ය ආවේගය දෙමල සමාජයට එන්නත් කිරීමෙන්."

      Delete
    2. ගුරුවරයෙක් ළමයින්ට ගහනවා ය කියා හිතන්න. යම් ආකාරයකින් ළමයෙක් ඉගෙන ගන්නවා එය නීති විරෝධී ක්‍රියාවක් බව. එතෙක් ගුරුවරුන්ගෙන් ගුටි කකා හිටි ළමයා ඊට පසු තේරුම් ගන්නවා තමන් මෙතෙක් ලක් වුණේ අසාධාරණයකට බව. ඔහු තීරණය කරනවා තමන්ට ගහන්න එපා ය කියා ගුරුවරයාට කියන්න.

      මළ හත්තිලව්වයි! ඒ පියවරත් ඉවර වන්නේ ඊළඟ පියවරට යාම සඳහා අවශ්‍ය ආවේගය ළමා සමාජයට එන්නත් කිරීමෙන්.

      Delete
    3. දැන් මෙතන ප්‍ර‍ශ්නය තියෙන්නේ ඒ ළමයාගේ ද ඔයාගේ ද? ඇයි ඔයා තුෂ්නිම්භූත වෙන්නෙ? ඔයා බයයි යටත් කර තබා ගත් මිනිසා නිදහස භුක්ති විඳින එක ගැන. මෙතන තිබෙන මූලික ගැටලුව මේ සමාජයන් දෙක ම එකිනෙකාට දක්වන බිය. නැති කර ගත යුතුව තිබෙන්නේ ඒකයි.

      Delete
    4. //එතෙක් තමන්ගේ භාෂාවෙන් බය නැතුව කටයුතු කරන කතා කරන අතරේ ජාතික ගිය වැනි දෙයක් සිංහලෙන් තිබීම ප්‍රශ්නයක් ලෙස තේරුම් ගෙන නොසිටි මෙම සිසුවා එක්වරම එය දෙමලෙන් නොකිමෙන් තමන්ට විශාල අසාධාරණයක් වී ඇති බව හිතන්න ගත්තා. //

      //එතෙක් දෙමලෙන් බැරිනම් ඕන බසකින් ජාතික ගිය කියපුදෙන් යන මතයේ සිටි මට ප්‍රශ්නය එකවරම තේරුණා.//

      ඔබේ ප්‍රශ්නයට උත්තරේත් ඔබේ කොමන්ට් එක ඇතුලේම තියෙනවානේ... දෙමලා තමන්ගේ අයිතිය (ජාතික ගීය දමිල භාශාවෙන් ගැයීම ) ගැන සංවේදී නොවනතාක් ඔබට ඒක මහා ප්‍රශ්නයක් නොවුනත් (.. එතෙක් දෙමලෙන් බැරිනම් ඕන බසකින් ජාතික ගිය කියපුදෙන් යන මතයේ සිටි) දෙමල ජනයා තමන්ගේ අයිතිය (ජාතික ගීය තම භාශාවෙනුත් ගැයීම ) ගැන සන්වේදී වූ වහාම ඔබ එක "දෙමලා සිංහලයාගෙන් සිදුවෙන අසාධාරනයක් සොයන්න 'ආවේගය එන්නත් කර ගැනීමක්' ලෙස දකින්න පටන් ගත්තා විනා ඒ ලමයාගෙ ඉල්ලීමටත් කන්දී එක සිදුකල හැකිදැයි සොයා බැලුවේ නෑ...
      ප්‍රශ්නයත් ඔන්න ඕකම තමා...

      Delete
  4. /**
    Ajith Perakum Jayasinghe June 3, 2016 at 2:34PM
    දෙමළ ජනයාට ඇති ප්‍ර‍ශ්නය හුදු භාෂා ප්‍ර‍ශ්නයක් නො වන නිසා මේ ප්‍ර‍ශ්නවලට පිළිතුරු දීම අවශ්‍ය යයි නො සිතමි. එහි තිබෙන්නේ දේශපාලන ප්‍ර‍ශ්නයකි.
    */

    (අ) ඉහත අංක (3) කිසිසේත්ම භාෂා ප්‍රශ්නයක් නොවේ. අනෙක් ඒවා ද දේශපාලන ප්‍රශ්න නොවේ යැයි කිව හැකි නොවේ. පාසැල්වල සංස්කෘත භාෂාව උගන්වන ලෙස ට, නවදිල්ලියෙන් එවන චක්‍රලේඛ, තමිල්නාඩුව ට, නයා ට අඳු කොල වීම, හුදු භාෂා ප්‍රශ්නයක් පමණක් නොව දේශපාලන ප්‍රශ්නයක් ද වෙයි.

    (ආ) මෙම ප්‍රශ්නය දේශපාලන ප්‍රශ්නයක් බව ඇත්තකි. එම ප්‍රශ්නයේ ස්වභාවය වටහා ගැනීමට ඉහත ප්‍රශ්න වල ට පිළිතුරු සෙවීම ප්‍රයෝජනවත්ය.

    (ඇ) භාෂා ප්‍රශ්නයට ත් වඩා, කොටි සංවිධානය බිහි වීමට තීරණාත්මක ව බලපෑවේ, ප්‍රමිතිකරණය පිළිබඳ ප්‍රශ්නයයි. එය දේශපාලන ප්‍රශ්නයක් තබා, භාෂා ප්‍රශ්නයක් වත් නොවේ යැයි කෙනෙකුට කිව හැකි බව ඇත්තය. එහෙත් ප්‍රශ්නයේ ස්වභාවය නිසි ලෙස වටහා ගැනීමට මෙකී සංයුක්ත කාරනා ගැන විමසීම, ඒ එක් එක් කාරණාවට අදාළ ව සිදුවී ඇත්තේ කුමක් ද යන්න දෙස අවධානය යොමු කිරීම, ප්‍රයෝජනවත් ය. ප්‍රමිතිකරණය යනු විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳ ප්‍රශ්නයක් මිස දේශපාලන ප්‍රශ්නයක් නොවේ යැයි කෙනෙකුට කිව හැකිමුත්. මේ කාරණා සංයුක්තව හැදෑරීමෙන් වැලකී සිටීම, ප්‍රශ්නයේ නියම ස්වභාවය හඳුනා ගැනීමට ඇති අවස්ථා අහිමි කරයි. වතු දෙමළ ජනයා ගේ පුරවැසිකම අහෝසි කිරීම, ජනපදකරනය, රාජ්‍ය භාෂාව පිළිබඳ ප්‍රශ්නය, ආදියට ත් වඩා කොටි සංවිධානය බිහි වීම ට බලපෑ ප්‍රශ්නය, ප්‍රමිතිකරණය වීමත්, ප්‍රමිතිකරණය, මෙකී ප්‍රශ්නයේ නියම ස්වභාවය හොඳින් ම පෙන්වන තැන වීමත්, එනම් මේ දෙකම එකක් වීම, අහම්බයක් නොවේ.

    ReplyDelete
  5. දෙමළ සමාජය තුල විශාල ලෙස ක්‍රිස්තියානි ආගම පැතිරී ඇතත් හින්දු දෙමළ දේශපාලනය මෙයට සංවේදී නැත්තේ මන්ද?

    ReplyDelete
    Replies
    1. මෙය වැදගත් ප්‍රශ්නයකි. (මේ රටේ ඇති ප්‍රශ්නයේ ස්වභාවය හඳුනා ගැනීම ට, මෙවැනි ප්‍රශ්නවල ට පිළිතුරු සෙවීම, ඉවහල් වේ.) ඇත්තවශයෙන් ම කියනවා නම්, ක්‍රිස්තියානි සාධකය මේ ප්‍රශ්නයේ සැබෑ ස්වරූපය මැනවින් හෙළිදරව් කරනවා.

      සංවේදී වීම කියන කාරනාව ට ප්‍රථමයෙන්, දෙමළ සමාජය තුල, ක්‍රිස්තියානි ආගම්, සිංහල සමාජය තුළ ඒවා පැතිරෙනවාට වඩා වැඩි වේගයකින් පැතිරෙන්නේ ඇයි ද යන්න ද වැදගත් ප්‍රශ්නයකි. මෙය හුදෙක් කුල සාධකයක් නිසා සිදුවන්නක් ද නොවේ. (උදාහරණයක ට, වෙල්ලාලයන් අතර, ක්‍රිස්තියානි ප්‍රතිශතය, ගොවිගමයන් අතර ක්‍රිස්තියානි ප්‍රතිශතය ට වඩා වැඩි ය.)

      දෙමළ ජනයා ට ඇතැයි කියන ප්‍රශ්න ගැන දෙමළ හින්දු පූජකවරුන් ට වඩා දෙමළ ක්‍රිස්තියානි පූජකවරු සංවේදී වන්නේ ඇයි ද යන්න ද වැදගත් ප්‍රශ්නයකි.

      Delete
    2. දෙමළ ජනයා ට ඇතැයි කියන ප්‍රශ්න ගැන දෙමළ හින්දු පූජකවරුන් ට වඩා දෙමළ ක්‍රිස්තියානි පූජකවරු සංවේදී ය යන නිගමනයට පැමිණීම සඳහා යොදා ගත් විද්‍යාත්මක අධ්‍යයනයක් තිබේ නම් දක්වන්න. නැතිනම්, මෙය ඔබගේ පෞද්ගලික අදහසක් පමණි.

      Delete
    3. යම් අදහසක් කෙනෙකු ගේ පෞද්ගලික අදහසක් යැයි කීම මගින් එම අදහස ව්‍යාජයක් යැයි කීමේ හැකියාවක් නෑ. (ඕනෑම උපන්‍යාසයක් ඉස්ඉස්සෙල්ලාම මතු වෙන්නේ කෙනෙක් ගේ පෞද්ගලික හැඟීමක් ලෙස තමයි.) ඕනෙ නම්, එසේ කිරීම මගින්, යම් අදහසක් හෙළා දැකලා, discredit කරලා, අන් අයගේ අවධානය, ඊට යොමු වීම අඩු කරන්න නම් පුළුවනි. හැබැයි දෙමළ හින්දු පූජකවරු සහ දෙමළ ක්‍රිස්තියානි පූජකවරු ගැන ඔය කතාව මම විතරක් කියන දෙයක් නොවන නිසා, ඒකත් ඒච්චර වැඩක් නෑ.

      ඔබතුමා ට political struggle සහ academic study අතර මාරුවීමට ඇති හැකියාව, හිරු කණ්ඩායම ආදීන් ඔබතුමා ගැන ගොඩනගලා තියෙන සාහිත්‍යය සමග හොඳින් ගැලපෙනවා. (ලෝකෙ හොඳ political conviction එකක් තියෙන කෙනෙක් බොහෝ විට academically oriented කෙනෙක් ද වෙනවා. මොකද ඔය දෙකට ම, හොඳ IQ level එකක් ඕනෙ වෙනවා. නමුත් IQ එක අඩු නම්, විගඩම්කාරයෙක් වෙන්න තමයි සිද්ධ වෙන්නෙ.)

      එක වෙලාවකට:
      "ඕවට උත්තර දීලා පුදන්න බැහැ. ගත යුතු දේශපාලන පියවර ගන්න එකයි කළ යුත්තේ."

      ඊළඟට, තව ටික වෙලාවකින්:
      "විද්‍යාත්මක අධ්‍යයනයක් තිබේ නම් දක්වන්න."

      දෙමළ ජනයා ට ඇතැයි කියන ප්‍රශ්න ගැන, දෙමළ හින්දු පූජකවරු න් ට වඩා, දෙමළ ක්‍රිස්තියානි පූජකවරු සංවේදී ය කියන එක, දිනපතා පුවත්පත් කියවන කෙනෙකුට අවබෝධ වෙන දෙයක්.

      ඔබතුමාට මේ ගැන හොයන්න උනන්දුවක් තියෙනවානම්, තෝමස් සෞන්ද්‍රනායකම් පාදිලි තැන ගේ හරි, රායප්පු ජෝසප් පාදිලි තැන ගේ හරි, හින්දු ප්‍රතිඛණ්ඩය (counterpart) කව්ද කියලා හොයන්න වෑයම් කළොත් මම කියන්නෙ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි.

      Delete
    4. පැරා ගේ ground rules වලට අනුව ඔහු විටින් විට කියන දේ එක තැනක කොපි පේස්ට් කර සන්සන්දනය කිරීම නීති විරෝධී ය.

      ඔහු විටින් විටින් කියන දේ අතර පරස්පරයන් තිබේ නම්, එය ඔහුගේ කියවීම නිසා සිදු වී ඇති චලනයක් ලෙස අන් අය විසින් සැලකිය යුතු යැයි ඔහු අපට යෝජනා කරයි.

      "හැම විට ම දේශපාලන සංවාද දිරි ගන්වනවා." 2016-06-02
      "මේ ප්‍ර‍ශ්නවලට පිළිතුරු දීම අවශ්‍ය යයි නො සිතමි." June 3, 2016 at 2:34 PM

      ආදී චලනයන් සිදු වීමට, පැරා පුදුමාකාර වේගයකින් කියවනවා විය යුතුයි.

      Delete
    5. Academically උත්තර දීලා තිබෙන ප්‍රශ්නවලට නැවත නැවත උත්තර දෙන්න යාම තේරුමක් නැති දෙයක්. ඒ උත්තර පිළි ගන්න සූදානමක් නැතිකම තමන්ගේ දෘඪ ස්ථාවරයක්. ඕනෑම සංවාදයක් එතැනින් එහාට තේරුමක් නැති වෙනවා.

      සරළව කිව්වොත්, අපි කතා කරන්නේ ලංකාවේ දැනට ජීවත් වන සිංහල, දෙමළ, මුස්ලිම් මිනිසුන්ගේ ප්‍රශ්නයක්. ඒක වර්තමාන ප්‍රශ්නයක්. ඒකට විසඳුම හොයන්න උත්සාහ කරද්දි ඔබ අහන්නේ ඒ අයගේ සම්භවය පිළිබඳ ප්‍රශ්නයක්.

      ඒකට තියෙන්නේ සරළ පිළිතුරක්. වර්තමාන අරුතින් දෙමළ ජාතියට තියෙන්නේ අවුරුදු 100කට අඩු විය හැකි ඉතිහාසයක්. ඒක සිංහල ජාතියටත් අදාළයි. ඉස්සර මේ රටේ තිබුණේ වෙනස් දේශපාලන ප්‍රජාවන්. ඒත්, සිංහල භාෂාවේ පැරණි ස්වරූප හා දෙමළ භාෂාවේ පැරණි ස්වරූප භාවිතා කළ ජනතාව මේ රටේ ඉතා දිගු ඉතිහාසයක් මුළුල්ලේ ඉඳලා තිබෙනවා.

      ඉතිහාසය පිළිබඳ ඔබේ මිථ්‍යා අදහස්වල පදනම වන ශ්‍රී ලංකාව හැදුණේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. ඊට කලින් ශ්‍රී ලංකාවක් තිබුණෙත් නැහැ. සිලෝන් කියන ඒකීය රට හැදුවෙ ඉංග්‍රීසි යටත් විජිත පාලකයෝ 19වන සියවස මැද භාගයේ. උන් කපපු පාරවල්වලින් තමයි දකුණෙ මිනිසුන්ට යාපනයට සම්බන්ධකම් හැදුණෙ.

      හැබැයි යාපනේ මිනිසුන්ට ඉතිහාසය මුළුල්ලෙම දකුණු ඉන්දියාව එක්ක සමීප සම්බන්ධකම් තිබුණා. ඒකට හේතුව භූගෝලීය සමීපත්වය.

      ආරුමුග නාවලර් කවදාවත් කොළඹට ඇවිත් නැහැ. ප්‍රභාකරන් අයත් වන කුලයේ මිනිස්සු ඉස්සර කරලා තිබෙන්නේ යාපනය, බුරුමය අතර හාල් ප්‍රවාහනය.

      ඉතිහාසය ගැන කතා කරනවා නම් මුලින් ම ඔය නූතන දේශ සීමා වැනි වර්තමාන සංකල්ප ඔලුවෙන් ගලවලා ඉවත් කරන්න. තමන් විසින් කැමති කැමති පරිදි අර්ථකථනය කර ගත් ඉතිහාසයන් ගෙනත් වර්තමාන ප්‍රශ්න අවුල් කරන එක සිංහල වගේ ම දෙමළ ජාතිවාදීන්ගෙත් මූලික ලක්ෂණයක්.

      ඒ නිසයි මම කියන්නේ වර්තමාන ප්‍රශ්නයට විසඳුම් හොයන දේශපාලන ක්‍රියාමාර්ග මේ ඊනියා සංවාදවලට වඩා වැදගත් කියන එක.

      අනෙක, සීරියස් සංවාද කරන අය නිර්නාමිකව එන්නෙ නැහැ. එහෙම අය වගකීමක් භාර නො ගන්න මිනිස්සු. එතික්ස් පටන් ගන්නෙ වගකීමෙන්. මගේ එතික්ස් හොයන අයට මට දෙන්න තියෙන උත්තරේ ඒකයි.

      මට මං ක්ලියර්. ඒ නිසායි මගේ අදහස වෙනුවෙන් මං පෙනී ඉන්නෙ. මං වැරදි නම් මං නිවැරදි වෙන්නෙත් එළියේ. හැංගිලා නෙමෙයි.

      Delete
    6. කවුරු හරි පුළුවන් නම් හරියට ම කියන්න ලංකාවේ දෙමළ ජනතාවගෙන් කී දෙනෙක් එහෙම නැත්නම් කුමන ප්‍රතිශතයක් ක්‍රිස්තියානි ද කියලා.

      Delete
    7. පළමු කොටස
      ============
      මෙතැන දී වුනේ මේකයි.
      එක් කෙනෙක් (Anonymous June 3, 2016 at 4:45 PM) ඇවිත් මෙන්න මෙහෙම කිව්වා.
      "ලාංකීය ද්‍රවිඩයින් ලංකාවේ සිංහලයින් තරමටම මේ භූමියේ විසූ එතරම්න ධීර්ඝ ඉතිහාසයක් ඇති පිරිසක්."
      එතකොට මම (Anonymous June 3, 2016 at 5:17 PM) මෙන්න මෙහෙම කිව්වා.
      "මේක හොඳ උත්තරයක්.
      මේක තමයි හරිම උත්තරේ. ඒ වාගෙම, මේක තමයි, මම කැමති ම උත්තරේ.
      මොකද ඔබේ පිළිතුරෙන් එක් ප්‍රශ්නයක් විසඳිලා තියෙනවා. ඒ තමයි, දෙමළ ජනයා ගේ ඉල්ලීම් ලබා දිය යුත්තේ එම ඉල්ලීම් වලට යම් පදනමක් තිබෙන නිසා ද, නැතිනම්, දෙමළ ජනයා යම් යම් ඉල්ලීම් ඉල්ලනවා, කිසියම් කෙනෙක් කිසියම් දෙයක් ඉල්ලනවා නම් අන් අය ඒ ඉල්ලන දේ දිය යුතුයි කියන පදනමින් ද, කියන එක, ඔබේ පිළිතුරෙන් විසඳිලා තියෙනවා. ඒ ගැන, ඔබට අනේක වාරයක් ස්තූතියි.
      දැන් අපේ වැඩේ ලේසියි. දැන් අපිට ඉතුරුවෙලා තියෙන්නේ, ඔබ කියන විදියට, මේ රටේ දෙමළ මිනිස්සු ඈත අතීතයේ සිට ඉඳලා තියෙනවා ද කියලා හොයන එක. මේ සම්බන්ධව, ගාමිණී ඊරියගොල්ල, නලින් ද සිල්වා, කේ. ඇම් ද සිල්වා, සූරිය ගුණසේකර, ගුණපාල සේනාධීර, කේ. ඇන්. ඕ. ධර්මදාස, ඇස් ඇල් ගුණසේකර, පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, මැන්දිස් රෝහණධීර, ආදීන් ලියා ඇති දේ ඔබ කියවා ඇතැයි මම විශ්වාස කරනවා. මොකද මම නම් ඕවා විතරක් නෙමෙයි, යාලපානම් වෛපමාලෙයි ඉඳන්, රසනායගම් ගේ පොතේ ඉඳන් කියවලා තියෙනවා. ඔබත් මේවා කියවලා නම් තියෙන්නෙ, මගේ වැඩේ ලේසියි.
      අපිට මේක, අනුන්ගේ බ්ලොග් එකක ලියලා විසඳගන්න බෑ. ඔබට මේ ගැන ලියන්න උනන්දුවක් තියෙනවා නම්, ඒ සඳහා වෙන්වූ බ්ලොග් එකක් පටන් ගෙන, නැතිනම් දැනටත් තියෙන ඔබේ බ්ලොග් එකක, දෙමළ ජනයා මේරටේ ඈත අතීතයෙ ඉඳන්ම වාසය කර ඇතැයි පෙන්වාදීමට තිබෙන සාක්ෂි ඉදිරිපත් කරන්න. බ්ලොග් එකේ ලින්ක් එක මෙතන දාන්න. මම එතකොට එතැනට ඇවිත් උත්තර දෙන්නම්."
      "දෙමළ ජනයා මේරටේ ඈත අතීතයෙ ඉඳන්ම වාසය කර ඇතැයි පෙන්වාදීමට තිබෙන සාක්ෂි ඉදිරිපත් කරන්න" කියලා මම කිව්වේ "Anonymous June 3, 2016 at 5:17 PM " ට. එමෙන්ම මේ රටේ දෙමළ ජනයා ගේ ඉතිහාසය සාකච්ඡා කරන්න උනන්දුවක් අදාළ කෙනා ගේ ඇතැයි මම සිතපු නිසා. එහෙම නැතිව, එම පුද්ගලයා අදාළ ප්‍රකාශය කළේ අන් අය ඒ බව සාකච්ඡාවෙන් තොරව පිළිගත යුතුයි යන අදහසින් යැයි මා දැන සිටියා නම්, මගේ ප්‍රතිචාරය වන්නේ මීට වඩා වෙනස් එකක්. තිම්පු ගිය අය මෙහෙත් එනවා යැයි මා සිතු වේ නෑ.
      මගේ ප්‍රකාශයේ තියෙන්නෙ " Anonymous June 3, 2016 at 5:17 PM " ට, අවශ්‍ය නම් "ලාංකීය ද්‍රවිඩයින් ලංකාවේ සිංහලයින් තරමටම මේ භූමියේ විසූ එතරම්න ධීර්ඝ ඉතිහාසයක් ඇති පිරිසක්." යන්න ගැන සාකච්ඡා කරන්න, මම ඒකට ලෑස්තියි කියන එක සහ ඊට තැන මේ w3lanka බ්ලොග් එක නොවේ කියන එක.
      "ලාංකීය ද්‍රවිඩයින් ලංකාවේ සිංහලයින් තරමටම මේ භූමියේ විසූ එතරම්න ධීර්ඝ ඉතිහාසයක් ඇති පිරිසක්." යනුවෙන් කිව්වාම, මම හිතුවේ මේ පුද්ගලයා මේ ගැන සාකච්ඡා කරන්න සූදානම් ඇති කියලා. මම බොහොම කැමති වුනා මොකද මෙහෙම අය දැන් මේ රටේ නැති නිසා. ඔක්කොම ඉන්නේ, "Academically උත්තර දීලා තිබෙන ප්‍රශ්නවලට නැවත නැවත උත්තර දෙන්න යාම තේරුමක් නැති දෙයක්." කියන අය. කෙනෙක් යම් දෙයක් කියන්නේ ඒ ගැන සාකච්ඡා කරන්න සූදානමක් නැතිව නම්, ඒ කියන්නෙ, තිම්පු ගිහින් කිව්වා වගේ මම කියන දේ සාකාච්ඡාවකින් තොරව අන් අය පිළිගත යුතුයි කියලා නම් කියන්නෙ, ඒ කියන්නේ එතැන සාකච්ඡාවක් පවතින්න හැකියාවක් නෑ.
      පිළිතුරු දීලා තියෙනවා කියලා කියලා කියන්නේ පිළිතුරු නැතිකම වසා ගැනීමට මිස වෙන දේකට නෙමෙයි. ඔය දීලා තියෙනවා කියන පිළිතුරුවල තරම බලාගන්න කැමති අය ට පුළුවනි, දි අයිලන්ඩ් පත්තරේ තිබුනු නලින් ද සිල්වා සහ ඊ. ඇම්. වී. නාගනාදන් අතර සංවාදය වගේ දෙයක් නැවත කියවා බලන්න. එහෙම නැතිනම්, ද සන්ඩේ අයිලන්ඩ් පත්තරේ ගිය කාලෝ ෆොන්සේකා සහ ගාමිණී ඊරියගොල්ල අතර සංවාදය වගේ එකක් නැවත කියවන්න. මේ සංවාද නැවත කියවීමේ දී හොඳින්ම පෙනෙන දෙය තමයි, එක් යුගයක උත්සාහ දැරුනා, මේ රටේ දෙමළ ඉතිහාසයක් තිබුනු බව ඔප්පු කරන්න. වැඩේ අතෑරලා දැම්මේ, වැඩේ හරියන්නේ නෑ කියලා පෙනුනාම. ඊට පස්සෙ තමයි සම්භවය හොයන්න එපා කියලා අඬන්න පටන් ගත්තෙ.
      මේ රටේ දෙමළ මිනිස්සු දිගු ඉතිහාසයක් මුළුල්ලේ ඉඳලා තියෙනවා කිව්වාට ප්‍රශ්නය වන්නේ, මේ අය ඉඳලා තියෙන්නේ, අදෘෂ්‍යමානව, කිසිදු සාක්ෂියක් ඉතුරු නොවන ආකාරය ට. මාරයි නේ? උදාහරණයක් දෙකක් කියනවා නම්, ඉහත ද කියා ඇති ලංදේසි සංගණනය වෙලාවෙදි මේ දිගු ඉතිහාසයක ඉඳන් ඉන්න දෙමළ මිනිස්සු පටස් ගාල හැංගෙනවා. හැංගෙන්න බැරිවෙච්ච අය තමයි ලංදේසි සංගණනයට අහුවෙලා තියෙන්නෙ.

      Delete
    8. දෙවන කොටස
      ===========
      ඔය දෙමල මිනිස්සුන්ට තිබුනාය කියන, Academically ම උත්තර දීලා තියෙනවාය කියන ඉතිහාසයේ, මූලිකම ලක්ෂණය තමයි, ඒක බොහෝ විට දේශපාලන කතාවකින් ඔබ්බට යන්නේ නෑ. උදාහරණයකට ආර්‍යචක්‍රවර්තී වගේ පාලනයක් ගැන විස්තර ටිකක් කියැවෙනවා. හැබැයි සිංහල මිනිස්සුන්ගේ ඉතිහාසය ගැන කියන කොට එතැන තියෙන්නේ රජවරුන් ගේ ලැයිස්තුවක් විතරක් නෙමෙයි. එතැන තියෙනවා තුන්වන සියවසේ සිංහලයා ගේ පොත්ගුල් සම්ප්‍රදාය මොකක්ද වගේ දේවල්. ඊළඟට, ක්‍රිස්තුපූර්ව පළමුවන ශතවර්ෂයේ සිංහලයා ගේ රෝහල්. එතැනින් ගියාම අනුරාධපුර යුගයේ පටන් පවතින සිංහලයා ගේ සාහිත්‍ය පොත් ටික. ඊළඟට වී වර්ග 1400ක් පමණ භාවිතා වුනු සිංහල යා ගේ වී ගොවිතැන. ඊළඟට සිංහලයා ගේ යකඩ තාක්ෂණය කොහොමද විදේශ වෙළඳාම කොහොමද වගේ දේවල්. ඊළඟට බදුලු ටැම් ලිපියෙන් හෙළි වන සිංහල වෙළඳ නීති රීති වගේ දේවල්. ඊළඟට, රජු, සිරිත්ලේනා, රටේ රාලලා, ගම් සභා ආදීය හරහා ක්‍රියාත්මක වුනු සිංහලයා ගේ පරිපාලන ක්‍රම, ඊළඟට සිංහලයා ගේ එක්සේසත් පාලන ක්‍රමය මොන වගේ ද එය වර්තමාන ඒකීය, පෙඩරල් ක්‍රම සමග සන්සන්දනය වෙන්නේ කොහොම ද කියන එක. මේ ඔක්කෝටම ඉහලින්, විදේශ රටවල, විවිධ සියවස් වල, සිංහලයන් හා සිංහල රජවරු ගැන තිබෙන සටහන්. (මේ විදේශීය මූලාශ්‍රවලින් හෙළිවන කාරණා ඉතාම වැදගත්. මොකද මේගොල්ල කියනවානෙ, අපේ ඉතිහාස ලේඛණ මතවාදී ආධිපත්‍යයක ට යටවෙලා ලියලා කියලා. එහෙනම්, මේ විදේශීය මූලාශ්‍රත් මේ මතවාදී ආධිපත්‍යයටම යටවෙලා ලියලා වෙන්නැති. මාරයි නේ? ඉස්සර ශ්‍රී ලංකාවක් තිබුනෙ නෑ තමයි. ඉස්සර තිබුනේ සිංහලය. අපේ රට විදේශ රටවල ජනයා හඳුන්වලා තියෙන්නෙ සිංහලය යන නමින් හෝ එහි විවිධ ව්‍යුත්පන්නයන් ගෙන්. සිලෝන්, ඊළාම්, කියන්නෙත්, එහෙම සිංහලය කියන එක ඇසුරෙන් හැදුනු නම් තමයි. මේ රට සිංහලය නමින් හැඳින්වුනේ, මේ රටේ හිටියෙ සිංහලයෝ නිසා. චීන්නු ඉන්න රට ට චීනෙ කියනවා වගේ. සිංහලයන් ජාතියක් වශයෙන් මෙහි නොසිටියා නම්, වෙනත් රටවල් මේ රට සිංහලය නමින් හඳිවූයේ ඇයි? මේ සිංහල ජාතියේ ඉතිහාසය ගැන, ලෙස්ලි ගුණවර්ධනගේ සිංහයා ගේ ජනතාව ලිපියට, කේ. එන්. ඕ. ජාත්‍යානුරාගය පොතේ සහ වෙනත් තැන් වල දීලා තියෙන උත්තරෙන් කරුණු හෙළිදරව් වෙනවා. හැබැයි කෙනෙක් මේ කාරනා සංයුක්තව නැවත මතු කරනවානම්, මේවා අපිට නැවත සාකච්ඡා කරන්න පුළුවනි, මෙතැනම හෝ වෙනත් තැනක. ඒත් මම හිතනවා මේ රට වෙනත්, රටවල් විසින් සිංහලය හෝ එහි ව්‍යුත්පන්නයන් ලෙසින් හෝ හඳුන්වා තිබීම හැර මේ රටේ අතීතයේ පටන් සිංහලයන් සිටි බවට වෙනත් සාක්ෂි අවශ්‍ය නෑ කියලා.)
      දැන් අපි මේ කාරණා ඔය දිගු ඉතිහාසයක් මුළුල්ලේ ඉඳලා තියෙන දෙමළ මිනිස්සුන්ට ආදේශ කරලා බලමු. මේ රටේ ඔය හිටියා ය කියන දෙමළ මිනිස්සු ගැන, විදේශ රටවල මූලාශ්‍රවල මොනවාද තියෙන්නෙ? තුන්වන සියවසේ දෙමළ මිනිසුන්ගේ පොත්ගුල් සම්ප්‍රදාය මොනවගේ ද කියලා ඇහැව්වොත් මොනවා ද කියන්න තියෙන්නෙ? ක්‍රිස්තු පූර්ව පළමුවන ශතවර්ෂයේ දෙමළ මිනිස්සුන් ගේ සෞඛ්‍ය ක්‍රම ගැන මොනවාද කියන්න පුළුවන්? මේ රටේ ඔය කියන දිගු ඉතිහාසය මුළුල්ලේ ඉන්න ගමන් දෙමළ මිනිස්සු ලියපු පොත් ලැයිස්තුව කියමු ද බලන්න? දෙමළ මිනිස්සුන් ගේ නිශ්පාදන ක්‍රම ගැන - දුම්කොල වවපු හැටි ගැන නෙමේ මේ අහන්නේ. ඒ හරිය නම් ඉතින් අපි දන්නවා නෙ. මේ අහන්නේ ඊට ඉස්සෙල්ලා - මොනවාද කියන්න පුළුවන්. දෙමළ මිනිසුන් ගේ යකඩ තාක්ෂණය ගැන, වාරික්‍රම ගැන, එතැනින් ගියාම, පළාත්පාලන ක්‍රම වගේ ඒවා ගැන විදේශ සබඳතා ගැන මොනවාද කියන්න තියෙන්නෙ? සිංහල මූළාශ්‍රවල අලිසන්දර නුවර කියලා කියන කොට අපි දන්නවා මේ කියන්නෙ ඇලෙක්සැන්ඩ්‍රියාව ගැන කියලා. මේ රටේ දෙමළ මූළාශ්‍රවල ඒ වගේ විදේශ නගර ගැන තියෙන තැන් එහෙම පෙන්නමු ද බලන්න. සිංහලයන් භාෂාව, වෙස්සගිරි සෙල් ලිපියේ , වල්ලිපුරම් රන් පතේ දැකිය හැකියි. අනුරාධපුරයෙන් හමුවූ වලං කැබලි වලත් තියෙන්නේ, සිංහල භාෂාවේ පැරණි ස්වරූප; සිංහල ප්‍රාකෘත. දිගු ඉතිහාසයක් මුළුල්ලේ මේ රටේ හිටපු දෙමළ ජනයා භාවිතා කළේ දෙමළ භාෂාවේ පැරණි ස්වරූප කියලා කියන්නෙ මොන පදනමින් ද? චෝල ආදී අක්‍රමණික්යන් ගේ සෙල් ලිපි ආදිය හැරුනු කොට මේ රටේ දෙමළ භාෂාවේ අළුත් හෝ පැරණි හෝ ස්වරූප දැකිය හැකි මේ රටේ දෙමළ මූළාශ්‍ර මොනවාද? දෙමළ මිනිසුන් ගේ දේශපාලන ව්‍යුහයන් ගැන විස්තර, ඈපාවරු, මාපාවරු වගේ දෙවන පෙල නායකයන් පත් කිරීම් කෙසේ සිදු වුනි ද කියන එක, පාලකයාට කළ හැකිව තිබූ දේ නොහැකි වූ දේ මොනවා ද කියන එක ගැන ඉදිරිපත් කරන්න පුළුවන් සාක්ෂි මොනවා ද?

      Delete
    9. තුන්වන කොටස
      ============
      අපිට එළඹෙන්න පුළුවන් නිගමනය තමයි, ඔය කියන දිගු ඉතිහාසය මුළුල්ලේ දෙමළ මිනිස්සු හිටියානම් ඉඳලා තියෙන්නෙ ghost community එකක් විදියට කියලා; කාටවත් හොයන්න බැරි විදියට කියලා; අදෘශ්‍යමානව කියලා. ආර්‍යචක්‍රවර්තී යුගයේ, පෘතුගීසි යුගයේ, ලංදේසි යුගයේ මෙහි ගෙනෙන ලද දෙමළ ජනයා මෙහි ස්ථීරව පදිංචි වීමක් සිදු වුනේ නෑ. කෝල්බෲක් කොමිසමේ සාක්ෂි විභාගයෙන් මෙහි ස්ථිර ව වාසය කරන දෙමළ ප්‍රජාවක් නොසිටි බව පෙන්නුම් කරනවා. මේක හරියට දැන් කාලෙක ඉඳන් සෞදි අරාබියෙ සිංහල ජනගහණයක් ඉන්නවා වගේ වැඩක්. ලක්ෂ ගාණක් හිටියාට ඉන්නේ එකම පිරිසක් නෙමෙයි. යනවා, එනවා.
      දෙමළ ජනයා වගේ සංක්‍රමණික ජනයා ලෝකෙ විවිධ තැන් වල හමුවෙනවා. හැබැයි ඒ කාගෙවත් භාෂා රාජ්‍ය භාෂා කෙරෙන්නේ නෑ. කැනඩාව, ඕස්ට්‍රේලියාව, වගේ රටවල වැඩිම වුනොත් අදහස් හුවමාරු කර ගැනීමේ භාෂාවක තත්වය ලැබෙනවා. සමහර තැන් වල ඒකත් නෑ. ප්‍රධාන ජන කණඩායම සමග බද්ධ වී ජීවත් වෙනවා. ඒ මිස පෙඩරල් ප්‍රාන්ත ලැබෙන්නේ නෑ. කොහේවත් නැති අමුතු ප්‍රශ්නයක් තමයි මෙහේ තියෙන්නේ.
      මේගොල්ල මෑත ඉඳන් කියන කතාව තමයි, (මේ වචනවලින් ම නැතිවුනත්) වෙනම දෙමළ රාජ්‍යයක් නොතිබුනාට, දෙමළ භාෂාව, රාජ්‍ය භාෂාවක් නොවුනාට, දෙමළ මිනිස්සු හැමදාමත් මෙහේ හිටියයි කියන එක. ඉතින් හැමදාම එහෙම හිටියානම්, දැන් මොකද එහෙම ඉන්න බැරි? ඉස්සරත් වෙනම භූමියක් තිබුනේ නැතිනම්, ඉස්සරත් දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් වුනේ නැත්නම්, මින් ඉදිරියටත් ඒ විදියටම හිටියාම ඉවරයි නෙ?
      අතීතයේ පැවති වෙනම දෙමළ රාජ්‍යක් පිළිබඳව කියන්නෙ නැතුව, වෙනම රටක් / පෙඩරල් ක්‍රමයක් ගන්න බැරි බව දන්න නිසා තමයි, එහෙම ඉතිහාස කතාවක් ලියා ගෙන ආවෙ. ඒ වැඩේ කුඩුපට්ටම් වුනාට පස්සෙ තමයි, "Academically උත්තර දීලා තිබෙන ප්‍රශ්නවලට නැවත නැවත උත්තර දෙන්න යාම තේරුමක් නැති දෙයක්." කියලා කියන්න පටන් අරගත්තෙ. දෙමළ ජනයා ගේ ඉල්ලීම් වලට පදනමක් තිබේ ද යන්න ගැන සකච්ඡා කරන්න සුදානම් නෑ, ඒවා "Academically උත්තර දීලා තිබෙන ප්‍රශ්නවලට නැවත නැවත උත්තර දෙන්න යාම තේරුමක් නැති දෙයක්." යන පදනමින් හෝ වෙනත් පදනමකින් හෝ අන් අය සාකච්ඡාවෙන් තොරව පිළිගත යුතුයි කියලා කියනවානම්, ඒ කියන්නෙ බලහත්කාරයෙන් තමයි මේ එන්න හදන්නෙ කියන එක. තිම්පු වල ඉඳන්ම වුනේ ඒකයි. පදනමක් නැතිව ඉදිරිපත් කරන ඉල්ලීම් / තර්ක කව්ද පිළිගන්නේ? එහෙම ලෝක චාරිත්‍රයක් කොහෙද තියෙන්නෙ? සුපිරි ජාතියක් ගැන හිට්ලර් ඉදිරිපත් කරපු අදහස් යුරෝපයවත්, දෙමළ රාජ්‍යක් ගැන ප්‍රභාකරන් ඉදිරිපත් කරපු අදහස් මේ රටේ මිනිස්සුවත් පිළිගත්තේ නෑ. හැබැයි වාතයක් වුනාට පස්සේ ඉවර කරලා දැම්මා.

      Delete
    10. ඕකට ඔයතරම් ඉතිහාස පොත් පෙරලන්න අවශ්‍ය නෑ.
      දැන් මේ පැරා සමාජවාදයක් ගැන විශ්වාස කරන කෙනෙක්. ඔහු කියන හැටියට ලංකාවේ සිංහල සහ දෙමළ, ජාතිවාද හෝ ජාතිකවාද හෝ මොන හු**වල් දෙකක් හෝ තියෙනවා. එක රටක ඕවා දෙකක් තියෙනවට වඩා එකක් තිබීම ප්‍රගතිශීලී short and sweet තත්වයක් නේද? ප්‍රායෝගික තත්වය අනුව දෙමළ ජාතිවාදය පරාජය වීම වඩා ප්‍රගතිශීලී දෙයක්. එමනිසා දෙමළ ජාතිවාදයට කඩේයාම සමාජවාදයක් නෙමෙයි කාලකන්නි කමක්.

      Delete
    11. ජගත් පතිරණ, ඔබ හරි. දෙමළ ජාතිවාදයට කඩේ යාම සමාජවාදයක් නෙමෙයි කාලකන්නිකමක්. ඒ වගේ ම තමයි දෙමළ ජාතිවාදය පාගා දැමීම වඩා ප්‍රගතිශීලීයි කියන ඔබ අන්ත ප්‍රතිගාමියෙක්. ඔතන තියෙන්නේ කැලෑවේ නීතිය. ඇමරිකාව ඇවිල්ලා කිව්වොත් ලංකාවේ සිංහල ජාතියක් ඕනැ නැහැ, ඉංග්‍රීසි තිබුණා ම ඇති කියලා, මේ තර්කය අනුව ඒකත් පිළිගන්නට වෙනවා.

      මළ කෙළියක් වෙන්නේ තමිල්නාඩුව ප්‍රමුඛ කරගෙන ඉන්දියාව ඇවිල්ලා ඕක කිව්වොත් තමයි. එතකොට ජගත් පතිරණට වෙන්නෙ මේ ලියන ඒවා ප්‍රින්ට් අවුට් කරගෙන පුච්චලා නළලෙ අළු ගා ගන්න.

      Delete
    12. එහෙම ආක්‍රමණයක් වුනොත් සමාජවාදයට විතරක් නෙමෙයි මුස්ලිම් ආගමට අනුව වුනත් ඒක හොඳයි. එහෙම අය කැමති අය ඒකට පක්ෂපාතී වෙයි.
      සමාජවාදය හෝ ඉස්ලාම් ආගම වැනි දෙයක අනුගාමියන් නොවන අය විරුද්ධව මොනවා හරි කරයි.

      Delete
    13. සමාජවාදයට විරුද්ධ සහ ජාතිවාදී දෙමෙල්ලු පුළුවන් විදියට ඊලාම් වැඩක් කරගනියි.
      ඔයා ඒක ප්‍රශ්ණයක් කරගන්න එපා. ඒවගේම තමන් සමාජවාදී යැයි කියාගන්න ගමන් ඊලාම් කතා කියන දෙමෙල්ලු ගැන විශ්වාස කරන්න එපා උන් බොරු කාරයෝ එහෙම අයගැන ඔයාට අත්දැකීම් තියෙනවා. ඒ ගැන ඔයාගෙම කලින් ලිපිවල සඳහන්.

      Delete
    14. AnonymousJune 4, 2016 at 4:34 PM
      +++++++++++++
      හෑලි ලිව්වත් කියවන්න පුළුවන් විදිහට ඉදිරිපත් කරනවා.ඔබ දක්ශයෙක්.
      ජයවේවා..!!

      Delete
  6. නිදහස් වෙළඳපොලක් හරහා දෙමළ ප්‍රශ්ණයට හොඳම විසඳුම ලබාදිය හැකියි.
    උදාහරණයක් ලෙස ලංකාවේ සිනමා කර්මාන්තය ගතහැකියි.
    යම් ජාතික උත්සවයකට (උදාහරණයක් ලෙස නිදහස් උත්සවය) දෙමළ සංස්කෘතිය නියෝජනය වන අංගයක් එක් කිරීමට දෙමළ කලා කරුවෙකුට බාරදුන්විට ඔහු
    කර්ණාටක සංගීතය සහ තමිල්නාඩු නැටුම් කලාවන් යොදාගෙන 100%ක් දෙමළ ලෙස ඇඟවෙන කලා නිර්මාණයක් ඉදිරිපත් කරයි. එය බලන අය "මොකක්ද දෙමළ මළ හුත්තක්" කියමින් ඈනුම් අරිමින් එය නරඹයි.
    නමුත් දෙමළ කලාකරුවෙක් මේ ආකාරයේම දෙමළ චිත්‍රපටයක් සාදා එය ප්‍රදර්ශණය කලහොත් එය අසාර්ථක වේ.
    ලංකාව තුල දෙමළ චිත්‍රපට කර්මාන්තයක් (කලාව නෙමෙයි/ කලාව කන්නද?) ගොඩනැඟීමට නම් එය තමිල්නාඩු සිනමාවෙන් වෙනස් වියයුතු අතරම සිංහල දෙමළ මුස්ලිම් සියල්ලන්ගේම රසඥතාවයන්ට ගැලපෙන එකක් වියයුතුය. තවමත් දෙමළ කලා කරුවන් එතැනට පැමිණ නැති නිසා ලංකාව තුළ දෙමළ සිනමාව අසාර්ථකවී ඇත. එසේම ජාතිවාදී නොවන දෙමළ කලාකරුවන් සහ නිශ්පාදක වරුන් තලතෙල් සුවඳ සිංහල සිනමා නිර්මාණ කලහ.
    කිසිම දේශපාලඥයෙක්ට කල නොහැකි ජාතික සංහිඳියාවක්. නිදහස් සිනමා ව්‍යාපාරයක් හරහා සිදුවී ඇත.

    එසේම
    http://uduwaage.blogspot.com/2016/03/blog-post_18.html
    මෙවැනි අහිංසක මුහුණු සහිත ජාතිවාදී පර දෙමළුන්ට සතයකවත් ආධාරයක් ලබා නොදිය යුතුය.

    ReplyDelete
  7. චිත්‍රය ඇඳපු චිත්‍ර ශිල්පියාවත් කවිය ලියපු කපිල වත් මේ ගැන මෙච්චර දුරට හිතුවද මංදා..

    ReplyDelete
    Replies
    1. කෝකිලා ත් ඇහුවාලු, දැන් තේරෙනව ද පැරා? කියලා.

      Delete
    2. රෝලන්ඩ් බාත්ස් කතුවරයාගේ මරණය යන සංකල්පයෙන් ඉදිරිපත් කළ දේ මෙතැනදී අදාළයි. කපිල කවුරුද, එයා මොනවද හිතුවෙ කියන එක අපට වැදගත් නැහැ. අපට වැදගත් ඔහුගේ කෘතියයි. ඒක ප්‍රසිද්ධ කළාට පස්සෙ කපිල ඉවරයි. දැන් ඉන්නෙ තෙරියුම් කෝකිලා විතරයි.

      Delete
    3. මේ කාරණේ මේ දවස්වල හොඳට ම නිරූපණය වන අවස්ථාවක් තමයි හඳගමගේ ‘ඇගේ ඇස අග' ගැන ප්‍රේක්ෂකයන් තබන රසවින්දනාත්මක සටහන්.

      මේකත් කියන්න ඕනැ. චිත්‍රපටයක්, කලා කෘතියක් තමන් රස විඳපු ආකාරය ගැන ලියපු මිනිසුන්ට තග දාපු සුමිත් චාමින්දලාට, විදර්ශන කන්නන්ගරලාට හා තවත් අයට දුවන්න ගහපු හින්ද තමයි මිනිස්සු කතා කරන්න බය නැති වුණේ.

      Delete
  8. අතීත කතා අදට අදාළ නැහැ. කොටින් ම, 1910 අවුරුද්දේ උතුරුකරයේ කිසිම දෙමළෙක් පදිංචි නොවී සිටියත්, එය වුණත් අදට අදාළ නැහැ. අපි විසඳුම් සොයන්න ඕනේ අද පවතින ප්‍රශ්නයකට. අද රටේ ජනගහණයෙන් තිස්ලක්ෂයක් දෙමළ; ඒ කියන්නේ 15% ක්. මීට අමතරව දහඅටලක්ෂයක් (ජනගහණයෙන් 9% ක්) මුස්ලිම්. ඔවුන්ගේ මව් භාෂාව දෙමළ. මේ සියළු දෙනා ම ලංකාවේ නීත්‍යානුකූල පුරවැසියෝ. රටේ සිංහලය මව් භාෂාව වශයෙන් වහරන ප්‍රතිශතය 75% ඉක්මවන්නේ නැහැ. රටේ 25% කගේ ම මව් භාෂාව දෙමළ. ඒ කියන්නේ රටේ සෑම හතර දෙනෙකුගෙන් එක්කෙනෙක් දෙමළ කතා කරනවා. ඒක විශාල ප්‍රතිශතයක්. ඒක නිසා ම දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් කර තිබීම නිවැරදි යි. එය පාසල්වල ඉගැන්වීමත් නිවැරදි යි. රාජ්‍ය සේවයට බැඳෙන අය එය ඉගෙන ගැනීමත් නිවැරදි යි.

    නිතරම කැනඩාව ඇදලා ගන්න අයට මම කියන්නේ ඒ රටේ දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් නොකිරීම නිවැරදි යි කියලා. ඒ මොකද කෝටි 3.6 ක ජනගහණයක් ඇති ඒ රටේ දෙමළ භාෂාව තමුන්ගේ මව් භාෂාව ලෙස වහරන අය ඉන්නේ ලක්ෂ තුන යි. ඒ කියන්නේ 0.83% යි. ඒ නිසා ඒ අය ඉංග්‍රීසියෙන් තමුන්ගේ වැඩ කටයුතු කර ගන්න ඕන. ක්වීබෙක් ප්‍රාන්තයේ ජීවත් වෙනවා නම් ප්‍රංශ භාෂාවෙන් ඒවා කර ගන්න ඕන.

    ඒ වගේ නෙවෙයි ලංකාවේ. ලංකාවේ නීත්‍යානුකූල පුරවැසියන්ගෙන් හතරෙන් පංගුවක් ම කතා කරන්නේ දෙමළ. ඒ නිසා දෙමළ භාෂාව රටේ ප්‍රධාන භාෂාවක් වශයෙන් සුදුසුකම් ලබනවා.

    නැවතත් කැනඩාවට. කැනඩාවේ ප්‍රංශ භාෂාව තමුන්ගේ මව් භාෂාව වශයෙන් වහරන අයගේ ප්‍රතිශතය 22% යි. එය ලංකාවේ දෙමල භාෂාව තම මව් භාෂාව වශයෙන් වහරන අයගේ ප්‍රතිශතයට වඩා ඇබින්දක් අඩු යි.; ඒ වුණාට දෙමළ භාෂාවට මෙහෙ තියෙන පිළි ගැනීමට වඩා පිළිගැනීමක් ප්‍රංශ භාෂාවට කැනඩාවේ තියෙනවා.

    අතිත් එක, දෙමළ භාෂාවට ඔය තරම් ඇලජික් වෙන්න ඕනේ නැහැ. ඒක සිංහලය තරම් ම පැරණි භාෂාවක්. භාෂා දෙක ම කරට කර දියුණු වුණු භාෂා දෙකක්. ක්‍රිස්තු පූර්ව යුගවල ආරම්භ වුණු ලංකාවේ සෙල් ලිපි කලාව වගේ ම සෙල් ලිපි කලාවක් සොළී රටෙත් තිබුණා. එහේ ප්‍රාග්-දෙමළ භාෂාවෙන් ලිපි ලියවුණා; මෙහේ ඒ ආකාරයට ම ප්‍රාග්-සිංහල භාෂාවෙන් ලියවුණා.

    ReplyDelete
    Replies
    1. පළමු කොටස
      ===========

      ඔබතුමා හිතන විදියට රටක රාජ්‍ය භාෂාව ජනගහණයේ ප්‍රතිශතය අනුව තීරණය කරන ක්‍රමයක් ලෝකයේ නෑ. ඔබතුමා ගේ නිර්ණායකයෙන් පුළුවනි ද ජනගහණයෙන් 50% කට වඩා අඩුවෙන් පිරිසක ගේ මවු භාෂාව වන හින්දි භාෂාව ඉංදියාවේ එකම රාජ්‍ය භාෂාව වෙලා තියෙන හැටි තේරුම් කරන්න? අට කෝටියක් භාවිතා කරන බෙන්ගාලි භාෂාව රාජ්‍ය භාෂාවක් නොකර ඉන්න එක තේරුම් කරන්න. ඊළඟට ජර්මානු භාෂාව බෙල්ජියමේ රාජ්‍ය භාෂාවක් වී තිබීම හෝ ස්වීඩන් බස පින්ලන්තයේ රාජ්‍ය භාෂාවක් වී තිබීම හෝ තේරුම් කරන්න. මොකද මෙතැන දි ප්‍රතිශත සෑහෙන්න කුඩායි. අනිත් පැත්තට ගත්තොත්, ඇමෙරිකාවෙ ස්පාඤ්ඤ බස කතා කරන අය ඉන්නවා 14%ක්. එක කුඩා නෑ. හැබැයි ස්පාඤ්ඤ බස රාජ්‍ය භාෂාවක් නොවෙයි.

      රාජ්‍ය භාෂාව තීරණය වෙන්නෙ ප්‍රතිශත වලින් නෙමෙයි. රටේ අනන්‍යතාවය අනුව. අනන්‍යතාවය එන්නෙ ඉතිහාසය අනුව. පින්ලන්තයේ රාජ්‍ය භාෂාවක් ලෙස ස්වීඩන් භාෂාව පවතින්නේ ස්වීඩන් භාෂාව කතා කරන අය ඉන්නේ කී දෙනා ද කියලා බලලා නෙමෙයි. ස්වීඩන් අනන්‍යතාවය, පින්ලන්තයේ අනන්‍යතාවයේ කොටසක් නිසා. පින්ලන්තයේ ඉතිහාසය ඇරඹෙන්නේ ස්වීඩන් ආක්‍රමණයෙන් පසුව නිසා. පින්ලන්තය ක්‍රිස්තියානි රටක් කලේ ස්වීඩනය නිසා. ඉන්දියාවේ අනන්‍යතාවය හින්දු. හින්දු ආගමේ භාෂාව සංස්කෘත. ඒ වගේම 75%ක් වන ඉන්දු-ආර්‍ය භාෂා වලට බලපාල තියෙන්නෙ, සංස්කෘත. සංස්කෘත භාෂාවේ වර්තමාන භාවිත ස්වරූපය හින්දි. ඉංදියාවේ රාජ්‍ය භාෂාව හින්දි වන්නේ ඒ නිසයි. නැතුව ප්‍රතිශතේකින් නෙමෙයි.

      කැනඩාවේ ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා රාජ්‍ය භාෂා වන්නේ ප්‍රතිශත ක්‍රමේකට නෙමෙයි. කැනඩාවේ අනන්‍යතාවය ඉංග්‍රීසි සහ ප්‍රංශ නිසා. කැනඩාවට ඉංග්‍රීසීන් ඒම ට (සියවසක ට පමණ) පෙර මොන්ට්‍රියෙල් වල ගොඩ නැගුනු ප්‍රංශ ජනාවාසය කැනඩාවේ ඉතිහාසය ගොඩ නැගීම අරඹා තිබූ නිසා. කැනඩාව, හන්ටිං ගැදරිං තත්වයෙන් මෙහාට ගත්තේ ප්‍රංශකාරයන් සහ ඉංග්‍රීසීන් විසින්. (වැඩේ පටන් ගත්තේ ප්‍රංශ කාරයෝ) ඒ නිසා ඒ භාෂා දෙක විතරක් රාජ්‍ය භාෂා වෙනවා. දෙමළ සහ අනිත් අය යනකොට කරන්න ඕනෙ දේවල් කෙරිලා ඉවරයි. ඒ නිසා ඒ කිසි භාෂාවක් රාජ්‍ය භාෂා කෙරෙන්නේ නෑ. එමෙන්ම ස්වදේශික ජනයා ගේ භාෂා රාජ්‍ය භාෂා වෙන්නෙත් නෑ. ඒ මිස ප්‍රතිශත ප්‍රශ්නයක් මෙතන නෑ. මෙතන තියෙන්නේ අනන්‍යතාවය ගොඩ නැගුවේ කව්ද කියන එක.

      හැබැයි ඔබ තුමා කියන ප්‍රතිශත කතාව අදාළ වෙනවා, මිනිස්සු තමන් කැමති භාෂාවකින්, රජය සමග ගනු දෙනු කිරීමේ දී. එතනදී පහසුව, කාර්‍යක්ෂමතාවය වගේ දේවල් වලට තේරුමක් තියෙනවා. කැනඩාවෙ රාජ්‍ය භාෂා වන්නේ ඉංග්‍රීසි සහ ප්‍රංශ වුනාට, වෙනත් භාෂා වලින් ද කැනඩා රජයේ වෙබ් අඩවි වල නිවේදන දැකිය හැකියි.

      මේක කිසිසේත්ම සිංහල මිනිස්සු විරුද්ධ වෙන දෙයක් නෙමෙයි. ඉහත ද කියා ඇති පරිදි මහා පරාක්‍රමබාහු රජ දවස, විදේශීය වෙළඳුන් දැන ගත යුතු කරුණු සඳහන් කරලා ඒ ඒ භාෂාවලින් සෙල් ලිපි පිහිටුවනු ලැබුවා. අනිත් එක ඒ, සිංහල හැර තවත් එක් භාෂාවකින් විතරකුත් නෙමෙයි, භාෂා කිහිපයකින්. අමාරුවෙන් සෙල් ලිපි කොටපු කාලෙත්, විවිධ භාෂාවලින් පරිවර්තන සැපයුවා නම්, ඒක මේ ඇන්ඩ්‍රොයිඩ් යුගයේ දී කරන්න කිසිම බැරිකමක් නෑ.

      උපුටා ගැනීම්:
      (1) “මේ රටේ සිංහල නොවන භාෂා භාවිතා කරන්නන් සමග ඒ ඒ භාෂාවලින් අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රමයක් හැමදාමත් තිබුනා. මහා පරාක්‍රමබාහු රජු, විදේශීය වෙළඳුන් දැනගතයුතු කරුණු දැන්වීම සඳහා ඒ ඒ භාෂා වලින් සෙල්ලිපි පිහිටෙව්වා. අදටත් ඒ ප්‍රතිපත්තියට සිංහලයන් විරුද්ධ නෑ.” Anonymous June 3, 2016 at 5:48PM

      (2) “කැනඩාවේ දෙමළ භාෂාවට සහ තවත් භාෂා ගණනාවකට අදහස් හුවමාරු කර ගැනීමේ භාෂාවක තත්වය තිබෙනවා. අප රටේත්, එම තත්වය, දෙමළ භාෂාවට සහ වෙනත් අවශ්‍ය භාෂා වලට ලබා දීමට සිංහලයන් එරෙහි වන්නේ නෑ.” Anonymous June 3, 2016 at 11:51PM

      රටේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය රටේ අනන්‍යතාවය අනුව සිදු කිරීමත්, රාජ්‍ය භාෂාව ඒ අනුව තීරණය කිරීමත්, ජනයා සමග කරන ගනුදෙනු ඒ ඒ භාෂාවෙන් සිදු කිරීමත්, එහිදී ඔබතුමා කියන ප්‍රතිශත ක්‍රමයක් හෝ වෙනත් නිර්ණායකයක් හෝ යොදා ගැනීමේත් සිංහලයන් ට එරෙහි වීමට දෙයක් නෑ. එය අප වසර දහස් ගණනක් තිස්සේ කරන දෙයක්.

      Delete
    2. දෙවන කොටස
      ============
      කැනඩා උදාහරණය වැදගත් වන්නේ, තම භාෂාව රාජ්‍ය භාෂාව වුනේ නැත්නම් තමන් දෙවන පන්තියේ පුරවැසියන් වෙනවා ද කියන එක නිසයි. කැනඩාවෙ නම් එහෙම වෙන්නෙ නෑ. එහෙම නම්, මේ රටේ දි එහෙම වෙන්නෙ ඇයි කියන එක තමයි හොයන්න ඕනෙ.

      මේ රටේ මුස්ලිම් ජනයා හැමෝගෙම ගේ මව් භාෂාව දෙමළ ය යන්න එතරම් නිවැර දි නෑ. මව් භාෂාව සිංහල වූ මුස්ලිම් ජනයා දැන් මේ රටේ ඉන්නවා. සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන මුස්ලිම් ළමයි ඉන්නවා. කොළඹ දෙමළ ජනයා වගේම දැන් වතුකරයේ දෙමළ ජනයා ද සිංහල භාෂාව සමග මුසුවෙමින් සිටිනවා. මව් භාෂාව දෙමළ වූ මුස්ලිම් ජනයා අතර ද සිංහලෙන් වැඩ කළ හැකි අය ඉන්නවා. ඒ නිසා මේ රටේ සිංහල පුළුවන් ප්‍රතිශතය 75% ට වඩා සැලකිය යුතු ලෙස වැඩියි.

      ඔබ තුමා අවසානයේ දී මෙහෙම කියනවා. “ක්‍රිස්තු පූර්ව යුගවල ආරම්භ වුණු ලංකාවේ සෙල් ලිපි කලාව වගේ ම සෙල් ලිපි කලාවක් සොළී රටෙත් තිබුණා. එහේ ප්‍රාග්-දෙමළ භාෂාවෙන් ලිපි ලියවුණා;” සොලී රටේ සෙල් ලිපි ලියැවුනු භාෂාව අනුව සොලී රටේ රාජ්‍ය භාෂාව කුමක් විය යුතු ද කියන එක තීරණය කරනවා මිසක්, ඒක උඩ, වෙන රටවල රාජ්‍ය භාෂාව කුමක් විය යුතු ද කියන එක තීරණය කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ.

      Delete
    3. //ද ජනගහණයෙන් 50% කට වඩා අඩුවෙන් පිරිසක ගේ මවු භාෂාව වන හින්දි භාෂාව ඉංදියාවේ එකම රාජ්‍ය භාෂාව වෙලා තියෙන හැටි තේරුම් කරන්න?//

      පට්ටපල් බොරු කියන්න එපා.. හින්දි හෝ වෙනත් කිසිම භාෂාවක් ඉන්දියාවේ 'රාජ්‍ය භාෂාව' නොවේ, මෙන්න ඒගැන ඉන්දීය අධිකරනයෙන් කෙලින්ම දීල තියෙන තීන්දුව.. ඇත්තටම ඉන්දියාවේ 'රාජ්‍ය භාෂාවක්' කියල දෙයක් නෑ, තියෙන්නේ හින්දි, උර්දු, බෙන්ගාලි, දමිල, පංජාබි ඇතුලු 'නිල භාෂා' 15 (හෝ ඊට ආසන්න අගයක් ) පමනයි...
      http://www.thehindu.com/news/national/hindi-not-a-national-language-court/article94695.ece

      ඉන්දියාවේ 75% පමන හින්දි භාෂාව 2වැනි බසක් ලෙස වැටහෙනව, ඒනිසා යම්කිසි ප්‍රමුඛස්තානයක් ලැබී තිබෙනවා.. ඒත් හින්දි කතා කරන බහුතරය නැති ප්‍රාන්තවල හින්දි ඇත්තේම නැති තරම් උදා. ලංකාවේ යාපනයේ පොලීසියේ, අජයේ රෝහලේ උනත් සිංහලෙන් නාමපුවරුවක් තිබෙනවා නමුත් තමිල්නාඩුවේ රාජ්‍ය ගොඩනැගිලි වල හින්දි නෑ. (පින්තූර මෙතැනින්: https://www.google.co.in/search?q=tamil+nadu+police+station&biw=1517&bih=741&source=lnms&tbm=isch&sa=X&sqi=2&ved=0ahUKEwiwuLz3047NAhXEvI8KHdESCC0Q_AUIBygC&dpr=0.9 )

      Delete
    4. ඔය ඔබ කියන 'සිංහල අනන්‍යතාවය' කියන එක බොහොම විවාදසම්පන්න කරුනක්... අපේ රටේ කවදාවත් සිංහල හෝ දමිල හෝ තනි අනන්‍යතාවයක් තිබ්බේ නෑ.. කොටින්ම කිව්වොත් අද තියෙන අනන්‍යතාවය මීට අවුරුදු 60-70 කලින් තිබ්බෙත් නෑ... ලංකාව ශිෂ්ටාචාර කලේත් බෙන්ගාලය ආශ්‍රිත නැගෙනහිර ඉන්දියාවෙන් සංක්‍රමනය වූ පිරිසක් සමග එක්වූ ලංකාවේ සිටි කුමක් හෝ බසක් කතා කරන ගෝත්‍රිකයින් පිරිසක් විනා අද විව්‍යහාර වන සිංහල කතාකරන පිරිසකුත් නොවේ (ඇමරිකාව හෝ කැනඩාව ශිෂ්ටාචාර ගත කලේ ඉන්ග්‍රීසි කතාකරන යුරෝපීයන් යැයි තර්ක කල හැකි උනාට ).. ඒවගේම තමිල්නඩුවට හැතැප 20 ඈතින් තිබූ ලංකාවට අඩුම තරමේ වසර 1000ට පෙර දමිලයින් සංක්‍රමනය වී නොසිටියායැයි සිතන්නත් බෑ...
      ඒනිසා ඔය කියන 'තනි සිංහල අනන්‍යතාවය' අනගාරික ධර්මපාලලා ඉපැද්දවූ, නලින්ලා පෝශනය කල ප්‍රභන්ධ ගොඩක එකතුවක්..

      Delete
    5. //රටේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය රටේ අනන්‍යතාවය අනුව සිදු කිරීමත්,//

      මේකත් දියුනු ලෝකයේ යල්පැන ගිය සිද්ධාන්තයක්.. රටවල් තීරන ගන්නේ රටේ කිසිවෙකුගේ අයිතීන් උල්ලංඝනය නොවන විදිහට හා අවශ්‍ය පාර්ශවයන්ට සෙත සැලසෙන විදිහට විනා 'මේ රටේ ඇත්තේ අපේ අනන්‍යතාවයයි' කියා සිතන එක් ගෝත්‍රයකට උවමනා විදිහට නොවේ...
      උදාහරනයකට ගත්තොත් 'ක්‍රිස්තියානි අනන්‍යතාවයක්' ඇතැයි සැලකිය හැකි බටහිර යුරෝපයේ ක්‍රිස්තියානි ආගමේ මූලධර්ම වලට සපුරා නොගැලපෙන සමලිංගික විවාහ, විවාහයෙන් පිට ලිංගික සබදතා ආදිය නීත්‍යානුකූලයි, ගබ්සාවට රජයෙන්ම පහසුකම් සලසල තිබෙනවා.. ක්‍රිස්තියානින් අතරින් ගත්තොත් බොහෝ අය ඊට අකමැති විය හැකියි. නමුත් එතැන ඒ රජයන් සලකන්නේ එවාට මුහුනදෙන ජනතාවගේ (සමලිංගිකයින්, ගබ්සාවක් බලාපොරොත්තුවන කාන්තාවන් ) මානව හිමිකම් රැකීම හා ඔවුන්ට අයිතීන් දීම නිසා වෙනත් කිසිවෙකුගේ මානව හිමිකම් කඩවෙනවාද නැත්ද යන්න පමනයි. සුලුතරයගේ අයිතීන් ලබාදෙනවාද නැත්ද යන්න තීරනය කරන සීමාව ඒනිසා වෙනත් කවරෙකුගේ හෝ අයිතීන් කැඩෙනවාද නැත්ද යන්න පමනයි (උදා, මුස්ලිම් අයට තමන්ගේ ආගමේ ඉගැන්වීම් කියා යුරොපයේ කාන්තා චර්ම චේදනය කල නොහැකියි, ඒ ඒවාට ලක්වෙන ගැහැනු දරුවන්ගේ අයිතීන් උල්ලංගනය වන නිසා )..

      එනයින්ම බැලුවහොත් මේ රටේ ජනගහනයෙන් 25% පමන භාවිතා කරන දමිල භාෂාව රාජ්‍ය බස කලයුත්තේ එය ඒ අයගේ භාෂනයේ හා අදහස් දැනගැනීමේ නිදහස වර්ධනයට රුකුලක් වන නිසාත් එයින් සිංහලයන්ට නැතිවන දෙයක් නැති නිසාත්.

      මෙතැනින් එහාට ඔබත තේරුම් කරදීම අවශ්‍ය නෑ... හොරට නිදා සිටින්නන් ඇහැරවිය නොහැකියි..

      Delete
    6. // Anonymous June 4, 2016 at 8:43PM //

      ඉංදියාවේ රාජ්‍ය භාෂාව හින්දි කියලා මම කිව්වේ, ඉන්දීය ව්‍යවස්ථාවේ 343 (1) වගන්තියේ මෙන්න මෙහෙම කියලා තියෙන නිසයි.
      343. (1) The official language of the Union shall be Hindi in Devanagari script.

      මේ වගන්තිය විතරක් නෙමෙයි, හින්දි භාෂාවේ සුවිශේෂී බව දැක්වෙන වගන්ති ගණනාවක් ගණනාවක්, ඉන්දීය ව්‍යවස්ථාවෙන් අරං පෙන්වන්න පුළුවන්. උදාහරණ:- 120(1), 210(1), 344(2)(a), 351, ආදී වශයෙනි.

      අපේ රටේ official language කියන එක සිංහල ට පරිවර්තනය කෙරෙන්නේ, රාජ්‍ය භාෂාව කියලයි. උදාහරණයක් වශයෙන්, මේ රටේ රාජ්‍ය භාෂා පණත, මේ රටේ දි ඉංග්‍රීසියෙන් වෙන්නේ Official Language Act කියලයි.(Official Language Act No. 33 of 1956)

      Delete
    7. // Anonymous June 4, 2016 at 9:09PM //

      හැම දෙයක් ම වෙනස් වෙනවා. ඒ බව අන් හැමෝටම වඩා, අනිත්‍ය ය මෙනෙහි කරන සිංහල බෞද්ධයෝ දන්නවා. හැබැයි වෙනස් වුනා කියලා අනන්‍යතාවය නැතිවන්නේ නෑ. වෙනස් වෙද්දී අනන්‍යතාවයක් ඉතිරි වෙන්නේ කෙසේ ද කියන එක අවසාන වශයෙන් දාර්ශනික ගැටළුවක්. ඒ ගැන මෙහි කීමේ ඉඩක් නෑ. කෙටියෙන් කිව හැක්කේ, වෙනස් වන්නේ කිසියම් අනන්‍යතාවයක් රැක ගනිමින් කියන එක. සිංහලයන් සම්බන්ධයෙන් එසේ රකින දේ බුදු දහම හා සම්බන්ධ දෙයක්; නිවන් කේන්ද්‍රීය දෙයක්.

      පුද්ගලයෙකුට හැඳුනුම්පතක් නිකුත් කරලා, ටික වෙලාවකට පස්සෙ ඒ පුද්ගලයා වෙනස් වෙනවා; හැඳුම් පත නිකුත් කරන වේලේ සිටි පුද්ගලයා ට වඩා වෙනස් කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි අර කලින් නිකුත් කරපු හැඳුම් පත ටික වේලාවකින් අහෝසි කරන ක්‍රමයක් ලෝකයේ නෑ. මම ගිවිසුමකට ඇතුළු වෙලා ටික දවසකට පස්සෙ කියන්න බෑ, මම නෙමෙයි අත්සන් කලේ, මම දැන් වෙනස් වෙලා කියලා. මට මිනී මරලා ටික දවසකට පස්සෙ කියන්න බෑ මරපු කෙනා දැන් නෑ කියලා.

      සිංහල අනන්‍යතාවය ධර්මපාලතුමා ගේ නිර්මාණයක් නෙමෙයි. උඩරට ගිවිසුමේ පස් වෙනි වගන්තිය ඇතුළු කිරීමට හේතු වුනේ සිංහල අනන්‍යතාවය කියලා දෙයක් 1815 දී ත් තිබුනු නිසයි. එදා උඩරට ගිවිසුමට පස්වෙනි වගන්තිය ඇතුළු කිරීමට එකඟ වුනා කියලා බ්‍රවුන්රිග් එයා ගේ බොස් ලා ගෙන් බැනුම් ඇහැව්වා. බ්‍රවුන්රිග් අද හිටියා නම්, ඕගොල්ලන්ගෙනුත් බැනුම් අහනවා. 1815න් පස්සෙත්, කැප්පෙටිපොල නිළමේ එක්ක, ජනතාව එකතු වුනේ අනන්‍යතාවය කියලා එකක් තිබුනු නිසයි. ධර්මපාලතුමා එන්නේ මේ ඔකෝටම පස්සෙ.

      පහුගිය වසර දෙදහස තුල මේ රටේ සිංහල භාෂාවේ විකාශනය, වචන වල විකාශනය, අක්ෂර වල විකාශනය, වියරණ රීතිවල විකාශනය ආදිය, මේවන විට හොඳින් අධ්‍යනය කෙරිලා තියෙනවා. ඒ ඒ සියවස් වල ඒ ඒ වචන, ඒ ඒ අක්ෂර කෙසේ වී ද කියන එක දැන් අපි දන්නවා. සෙල්ලිපියක් ලැබුනු ගමන්, අකුරු ටික දිහා බලලා කුමන සියවසේ ද කියලා කියන්න පුළුවන්. එහෙම පුළුවන් වෙලා තියෙන්නෙ, ඒ ඒ අක්ෂර වල, ඒ ඒ වචන වල, ක්‍රමික විකාශනයක් තියෙන නිසා. මේ විදියට සියවසෙන් සියවසට ක්‍රමිකව විකාශනය වෙලා තියෙන්නෙ එකම භාෂාවක්. එදා හිටි අය, අද ව්‍යවහාර කරන සිංහල ව්‍යවහාර කළේ නෑ. (වසර දෙදහසක් තිස්සේ වෙනස් නොවුනු භාෂාවක් ලෝකයේ කොහේ ද තියෙන්නේ?) අද කතා කරන සිංහල එදා කතා නො කල ත්, එදා කතා කල සිංහලෙන්, අද කතා කරන සිංහල විකාශනය වුනු හැටි පෙන්වන්න පුළුවනි. (ඒ සිංහල ගැන තත්වය. මේ රටේ ආදි දෙමළ ස්වරූප තිබුනාය කියන අයට, මේ රටේ මූළාශ්‍ර කීයකින් ඒ බව තහවුරු කරන්න පුළුවනි ද?)

      මේ රට ට කිසියම් දෙමළ හෝ වෙනත් පිරිසක් සංක්‍රමණය වුනා නම්, ඊළඟට සිදු වුනේ, ඒ අය, මේ රටේ ප්‍රධාන සංස්කෘතිය වූ, සිංහල සංස්කෘතියට අවශෝෂණය වී සිංහලයන් වූ එකයි.

      මෙතන වැදගත් වෙන්නේ, දෙමළ මිනිස්සු මේ රට ට සංක්‍රමණය වුනා ද කියන එක නෙමෙයි. මේ රටේ පරම්පරාවෙන් පරම්පරාවට විකාශනය වුනු අඛණ්ඩ දෙමළ සංස්කෘතියක් තිබුනා ද කියන එක. එහෙම එකක් තිබුනා නම්, අපිට ඒ සංස්කෘතිය ගැන, සංයුක්ත විස්තර සාකච්ඡා කරන්න පුළුවන් වෙන්න ඕනෙ.

      Delete
    8. // Anonymous June 4, 2016 at 9:09PM //

      රටක රාජ්‍ය භාෂා වන්නේ කුමන භාෂා ද යන්න තීරණය වන අයුරු මම ඉහත කියා තිබෙනවා. එහෙම නැතුව, ඔබතුමා හිතා ගෙන ඉන්න විදියට රාජ්‍ය භාෂාව තීරණය වන රටක් ලෝකයේ නෑ. ඔබතුමා හිතාගෙන ඉන්න විදියට රාජ්‍ය භාෂාව තීරණය වනවා නම්, ඔය කියන අළුත් සිද්ධාන්ත අනුව කටයුතු කරන රටවල, ඒ රටේ භාවිතා කරන බොහෝ භෂා රාජ්‍ය භාෂා බවට පත් කෙරිය යුතුයි. නමුත් එසේ වන්නේ නෑ. ඇමෙරිකාව, ස්පාඤ්ඤ් භාෂාව, රාජ්‍ය භාෂාවක් ලෙස පිළිගත යුතුයි. ඇමෙරිකාව එසේ ස්පාඤ්ඤ භාෂාව, රාජ්‍ය භාෂාවක් කලොත්, ඔබ කියන දේවල ගත යුත්තක් ඇතැයි අපට සැලකිය හැකි වෙයි.

      Delete
    9. Anonymous june 4, 2016
      8:43 PM, 8:53 PM, 9:09 PM

      ඔබ ඉතාමත් ම ලස්සනට කරුණු (භාෂා සහ මානව අයිතීන්) පැහැදිලි කරලා තියෙනවා. බොහොම ස්තුතියි.

      Delete
  9. කැනඩාවේ ප්‍රංශ කතාකරන බහුතරයකට ඉංග්‍රීසි පුළුවන්, නමුත් ඉංග්‍රීසි කතාකරණ බහුතරයකට ප්‍රංශ බෑ.
    https://en.wikipedia.org/wiki/Languages_of_Canada

    ලංකාවේ ගැටළුව දෙමළ රාජ්‍ය භාෂාවක් වීම නොවෙයි. ඉංග්‍රීසි සම්බන්ධීකරණ භාෂාව (දෙවියන් වහන්සේගේ භාෂාව) වීම.
    මීට හේතුව ලංකාවේ දෙමළ ජාතිවාදියෝ භාෂාව ආයුධයක් කරගැනීම මිස ලංකාවේ ගැටළුව භාෂාව මුල්කරගත් එකක් නෙමෙයි.
    ලංකාවේ දෙමළ දේශපාලණය නිර් ආගමික වීමටත් ඇත්තේ මෙවැනිම හේතුවක්.
    මාක්ස්වාදියෙක් හෝ ක්‍රිස්තියානි කාරයෙක් නොවන ඕනෑම සිංහලයෙක්ට මෙය අවබෝධවිය යුතුයි.

    ReplyDelete
  10. මුස්ලිම් අය දෙමළ කතාකරනවා යැයි සඳහන් කිරීම දෙමළ ජනගහනය දෙගුනකර පෙන්වීමට යොදගන්නා දෙමළ ජාතිවාදීන් ගේ ප්‍රචාරක උපක්‍රමයක් පමණයි. මුහම්මද් තුමාගේ උපදෙස් හරියට අනුගමනය කරනවානම් ලංකාවේ මුස්ලිම් වරු සිංහල භාෂාවට හුරුවිය යුතුයි. ඒ හරහා සිංහලයන් හැකිපමණ ඉස්ලාමයට හරවා ගැනීමට කටයුතුකල යුතුයි. මුස්ලිම් උගත්තු මේගැන සඳහන්කර ලිපි ලියා තිබෙනවා. භාෂාව අල්ලාගෙන දඟලන්නේ දෙමළ ජාතිවාදියා පමණයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මුස්ලිම් ජනයාගෙන් බහුතරය පැවත එන්නේ තමිල්නාඩුවෙන්. ඒකයි ඔවුන් සමහර දෙමළ සිරිත් විරිත් අනුගමනය කරන්නේ. ඔවුන් දෙමළ කතා කරන්නෙත් තමිල් නාඩුවෙන් පැවත එන නිසා. කොතරම් හොඳට සිංහල ඉගෙන ගත්තත්, සිංහල කතා කළත් ඔවුන්ගේ ගෙවල්වල පවුලේ සාමාජිකයන් අතර භාවිතා වන්නේ දෙමළ භාෂාව. මුස්ලිම් ජනයා සිංහල භාෂාව කතා කළ යුතුයි කීම බලහත්කාරයක්. ඔය මුස්ලිම් යැයි කියන උගතුන් මොනවා ලිව්වත්/කිව්වත්, මුස්ලිම් ජනයා දෙමළ කතා කරන එක තවම නවත්වලා නෑ. සිංහල ජාතිවාදීන් හරි කැමතියි යතාර්ථයෙන් ඈත් වෙලා ජීවත් වෙන්න. පවු!

      Delete
    2. ඕවා ඔහොම මෙතන දාන්න එපා බං. අපි බොහොම අමාරුවෙන්, මේ රටේ එවුන්ට උගන්නලා තියෙන්නෙ, අපි පැවතෙන්නෙ, අරාබියෙන් ආපු මුස්ලිම් වෙළෙන්ඳෝ මේ රටේ සිංහල කාන්තාවන් සමග විවාහ වී මෙහිම පදිංචි වීමෙන් කියලා. කොටින්ම බාහු සහෝදරයා පවා අපි කියන මේ බොරු විශ්වාස කරනවා. මිනිහා ඒවා එයා පත්තර වලට යවන කොලම් වල ඉඳන් දාලා යවනවා. සිංහල ජාතිවාදියෝ අපෙන් ඇහුවාම, අරාබියෙන් ආපු මුස්ලිම් වෙළෙන්ඳො සිංහල ගෑනු කසාද බැන්දා නම් උන්ගෙන් පැවතෙන අය අරබි හෝ සිංහල හෝ කතා නොකර ඇයි දෙමළ කතා කරන්නෙ කියලා, අපි ඇහුන් නෑ වගේ ඉන්නවා. දැන් උඹ ඕවා මෙතන කියලා දැම්මාම අපි මෙහෙ ආපු හැටි හැමෝම දැන ගන්නවා.

      Delete
    3. අරාබියෙන් ලංකාවට මුස්ලිම් වෙළඳුන් ආවා තමයි, හැබැයි උන්ගෙන් ඕන්නම් ටික දෙනෙක් මෙහෙ නවතින්න ඇති. අනිත් එවුන් මෙහෙ නැවතුණේ නැහැ. ලංකාවේ මුස්ලිම් අය අරාබින්ගෙන් පැවත එනවා නම් උන්ට අරාබින්ගේ දේහ ලක්ෂණ ටිකක් හරි පිහිටලා තියෙන්න ඕනේ (උදාහරණ හැටියට තරමක් හෝ පැහැපත් සම, උල් වූ නාස්). ඉතින් එහෙම නෑනේ.... ඒ අයට තියෙන්නේ සිංහල, දෙමළ වැනි දකුණු ආසියානු දේහ ලක්ෂණ. අනික ඒ ගොල්ලෝ කතා කරන භාෂාවේ එහෙන් මෙහෙන් හෝ අරාබි වචනයක්, දෙකක් තියෙන්න ඕනේ... එහෙමත් නැහැනේ....

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.