2016-08-05

අපි යන්නේ කොයි පාරේ - ග්‍රීසි ඇත්තො ගිය පාරේ

සමාජවාදී විසඳුම්
ලංකාවේ අපි මෙසේ කරමින් සිටිමු.

අප කැමති රජයේ රැකියාවලට ය. හේතුව එහි වැඩ අඩු ය. වැඩ ප්‍රමාණයට අනුව වැටුප හොඳ ය. ඕනෑ තරම් නිවාඩු ගත හැකි ය. වැඩ කළත්, නො කළත්, ලෙහෙසියෙන් රස්සාව නැති වන්නේ නැත. විශ්‍රාම වැටුප් ලැබේ. 

රජයේ සේවකයන් වැඩි දෙනෙකුට තමන් සේවය සැලසිය යුතු ජනතාව ගැන හැඟීමක් නැත. ඔවුන්ට සිනහවකින් හෝ සංග්‍රහ කරන්නට උවමනාවක් ඇති රජයේ සේවකයකු සොයා ගැනීම කළු නික සොයනවා වැනි ය. 

රජයේ සේවකයන් වැඩ කරන ජනතාව දෙස බලන්නේ පිළිකුළෙනි. ගාමන්ට්වල රැකියා කරන අයට, වතුවල දළු නෙළන අයට, මැද පෙරදිග රැකියා කරන අයට, කම්කරුවන්ට රජයේ සේවකයෝ හිනා වෙති. පාසල්වල උගන්වන්නේ එවැනි රැකියා පහත් රැකියා ය කියා ය. ඒ නිසා ඒ රැකියාවලට යන්නේ රජයේ රැකියාවකට යන්නට බැරි අයයි. එහෙත්, රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නට අවශ්‍ය මුදල් නිෂ්පාදනය කරන්නේ මේ කම්කරුවෝ ය. 

රජය යනු අතිශය දැවැන්ත ව්‍යූහයකි. එය මහජනතාවගෙන් බදු අය කරයි. ඉන්පසු යටිතල පහසුකම් සංවර්ධනය, නඩත්තු කිරීම ආදිය පමණක් නොව දුම්රිය දෙපාර්තමේන්තුව, ලංගම, තෙල් සංස්ථාව, සතොස, මිහින් ලංකා වැනි මුළුමනින් ම රජයට අයත් ව්‍යාපාර ද කරයි. රජය පෞද්ගලික අංශය සමග හවුලේ කරන ශ්‍රී ලංකා ටෙලිකොම්, ලිට්‍රෝ ගෑස් වැනි ව්‍යාපාර ද තිබේ. 

රජය දැවැන්ත සමාගමක් ලෙස සැලකිය හැකි ය. දේශපාලකයෝ හා නිලධාරීහු එහි දැවැන්ත වැටුප් හා වරප්‍රසාද ලබති. ඊට අමතරව, දේශපාලකයෝ, නිලධාරීහු හා රජය සමග කොන්ත්‍රාත් කරන ව්‍යාපාරිකයෝ විශාල වශයෙන් දූෂණයේ යෙදෙති. ඔවුන්ට බදු සහන ද ලැබේ. 

සමස්තයක් ලෙස බදු ආදායම්, ව්‍යාපාර ලාභ ආදී මොන ආදායම් ලැබුවත් රජය නම් සමාගම පාඩු ලබයි. හේතුව වියදම අධික වීමයි. වියදම්වලින් වැඩි ප්‍රමාණයක් යන්නේ දේශපාලකයන්ගේ හා රජයේ සේවකයන්ගේ වැටුප් හා වරප්‍ර‍සාද වෙනුවෙන් ය. තවත් විශාල ප්‍රමාණයක් දූෂණයට හා නාස්තියට ගොදුරු වෙයි. 

රජය අයවැය පියවා ගන්නේ දේශීය වශයෙන් හා විදේශ රටවලින් ණය ගැනීමෙනි. කාලයක් තිස්සේ කෙතරම් ණය ගත්තා ද යත් දැන් රජයේ ණය වාරික හා පොළී ගෙවීමට සමස්ත ආදායම ද මදි ය. එහෙයින් තව තවත් ණය ගත යුතු ය. 

ණය ගෙවීමට තරම් ආදායම් නැති අයට ණය දෙන ආයතන ණය දෙන්නට අකැමැති බව කවුරුත් දනිති. එසේ ණය දෙන විට පොළිය වැඩිපුර අය කරන එක ද සාමාන්‍ය තත්වයකි. ලංකාවට සිදු වී තිබෙන්නේ එයයි. 

කොයි තරම් දුෂ්කර වුණත් ලංකාවේ මිනිස්සු තමන්ගේ ජීවන විලාසයන් වෙනස් කරන්නට සූදානම් නැත. ඔවුන්ට රජයේ රස්සා ම අවශ්‍ය ය. ඒ අඩුවෙන් වැඩ කර, වැඩියෙන් පඩි හා වරප්‍රසාද ගන්නට ය. ඒ මදිවාට, රජය සියල්ල නොමිළේ දෙන්නටත් ඕනෑ ය. 

සාමාන්‍යයෙන් ගත් කල ලංකාවේ මිනිස්සු කම්මැලි ය. නිදසුනක් ලෙස, පසුගිය කාලයේ රජය පොහොර ඉතා අඩු මිළට දුන්නේ ය. ඒ පොහොර ලබා ගත් බොහෝ දෙනෙක් වෘත්තීය ගොවියෝ නො වූ හ. ඔවුන් කළේ කුලියට සේවකයන් යොදා කුඹුරු සී සා, වපුරා, පොහොර ගසා, ගොයම් කපන කාලයට නැවත කුඹුරට යාමයි. 

රටේ ජනතාවට රජය සියල්ල නොමිළේ දීම වෙනුවෙන් දැවැන්ත රාජ්‍ය අංශයක් නඩත්තු කළ යුතු ය. රාජ්‍ය අංශය දැවැන්ත මට්ටමින් ම අකාර්යක්ෂම ය. එය කොයි තරම් අකාර්යක්ෂම ද යත්, වැඩිපුර ලාභ ලබන අයගෙන් ආදායම් බදු එකතු කර ගන්නට හෝ එයට බැරි ය. 

ඒ නිසා ආණ්ඩුව කරන්නේ සියලු ජනතාව මත අධික ලෙස බදු පැණවීමයි. ඒකටත් ජනතාව විරුද්ධ ය. එවිට ආණ්ඩුවට ඉතිරි වන්නේ කොයි ලෝකෙන් හෝ වැඩි පොළියට ණය ගෙන ඒමයි. ඒ ණයවලින් වැඩි ප්‍රමාණයක් වැය වන්නේ මේ දැවැන්ත රජය නඩත්තු කරන්නටයි. 

එහෙත්, රජය පවතින තාක් කල් රජයේ සේවකයන්ට නරක නැත. දේශපාලකයන්, රජයේ සේවකයන් හා වෙනත් ආදායම් ඇති අය කා, බී, වැඩ නො කර සතුටින් ජීවත් වෙති. ඒ ලෝකයෙන් ණයට ගන්නා මුදලින් ය. 

බැංකු ද වැඩිපුර කැමති රජයට ණය දෙන්නට ය. යමෙක් නිෂ්පාදනයක් සුළු පරිමාණෙන් හෝ මහා පරිමාණෙන් කරන්නට උත්සාහ කරනවා නම් රජය එයට හැකි තරම් බාධා කර එපා කරයි. අන්තිමට වැඩ කරන ගැහැනු අඩු පඩියට මැද පෙරදිග ගෘහ සේවයට යති. නැතිනම්, බෝට්ටුවෙන් හෝ විදෙස් රටවලට යති. යන්නට පෙරත්, පසුත්, රජයෙන් ඔවුන්ට අනේක විධ කරදර සිදු වේ. එහෙත්, යන්තමින් හෝ විදේශ ණය ගෙවා ගන්නේ මේ මිනිසුන් එවන මුදලිනි. 

ග්‍රීසිය කියන්නේ මෙහෙම කාලයක් දුවපු රටකි. ඔහොම දුවගන්නට බැරි වෙනකොට කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පණවනු ලබන කොන්දේසි හැටහුටහමාරකට යටත් වී කොහොම හරි සහන ණයක් ලබා ගැනීමයි. 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන්නේ රජයේ වියදම් අඩු කරන්න ය කියන සරළ කාරණයයි. එවිට ආණ්ඩුව මුලින් ම කරන්නේ රජයට අයත් ව්‍යාපාර පෞද්ගලික අංශයට විකුණා දැමීමයි. එසේ කරන විට පෞද්ගලීකරණය එපා ය කියා ජනතාව උද්ඝෝෂණ කරති. 

ලාභ ලබන ව්‍යාපාර විකුණා දැමීමෙන් පසු රජය ඉඩම් හා ස්වාභාවික සම්පත් පවා විකුණා දමමින් ණය ගෙවීමට මුදල් සොයා ගන්නට උත්සාහ කරයි. 

ඉන් පසු නොමිළේ දුන් සේවා පවත්වාගෙන යන්නට බැරි තත්වයට පත් වේ. ඒ නිසා රජය ඒවා පෞද්ගලීකරණය කරන්නට උත්සාහ කරයි. ඒ සමග ම අධ්‍යාපනය විකුණනවා ය, සෞඛ්‍යය විකුණනවා ය කියා උද්ඝෝෂණ ඇති වේ. 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආයතනවල උපදෙස් ඇතිව හෝ නැතිව බොහෝ රටවල ආණ්ඩු ආර්ථිකයට බරක් වන මෙම රාජ්‍ය අංශය හකුළන්නට උත්සාහ කර තිබේ. එය කෙතරම් දේශපාලනිකව නිවැරදි දෙයක් වුවත්, ජනතාව අතර ජනප්‍රිය නැති ක්‍රියාමාර්ගයක් නිසා කිසිදු ආණ්ඩුවක් අධිෂ්ඨානයකින් යුතුව එය කරන්නේ නැත. කුමන හෝ ක්‍රමයකින් රජය කාර්යක්ෂම කර ගන්නට සමත් වූ රටවල් ආර්ථික වශයෙන් සමත් වී තිබෙන අතර, දැවැන්ත රජයක් ඇති සංවර්ධනය වෙමින් පවතින රටවල් රැසක් මේ වන විට ඕනෑම මොහොතක කඩා වැටිය හැකි භංගුර ආර්ථිකයන් බවට පත් වී තිබේ. ලංකාව එහෙම රටකි. 

ආර්ථික අර්බුදය හමුවේ නො වැටී සිටීමට නම් ලංකාව සිය රාජ්‍ය මුල්‍ය ප්‍ර‍තිපත්ති දැඩි කළ යුතු ය. රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගත යුතු ය. වියදම් අඩු කළ යුතු ය. එහෙත්, මේ දෙකෙහි ම අහිතකර ප්‍ර‍තිඵල රැසකි. නිදසුනක් ලෙස, බදු වැඩි වන විට ජනතාව මත මෙන් ම ව්‍යවසායකයන් මත ද පීඩනය වැඩි වේ. රාජ්‍ය වියදම් අවම කිරීම ද සංවර්ධනය අඩාල කරමින් එවැනි අහිතකර ප්‍ර‍තිඵල රැසකට හේතු වේ. එකක් අනෙක මත බලපාමින් විෂම චක්‍ර‍යක් ඇති වේ. ලංකාව දැන් ඉන්නේ එවැනි අවධියක ය. ග්‍රීසිය, පෘතුගාලය, අයර්ලන්තය වැනි රටවල් මෙම යුගය පසු කර පූර්ණ කඩා වැටීමකට ලක් වී හමාර ය. 

ලංකාව වර්තමානයේ සිටින තත්වය කළමනාකරණය කර ගැනීම රජයේ පමණක් නොව සමස්ත ජනතාවගේ ම වගකීමකි. මෙම මොහොතේ මෙම අර්බුදය කළමනාකරණය කර ගැනීමට අසමත් වුවහොත්, අප ඇද වැටෙන්නේ ගොඩ ආ නො හැකි අගාධයකටයි. 

රජය පැත්තෙන් යම් යම් විසඳුම් යෝජනා කරන ලදී. එහෙත්, ඒවා යථාර්ථවාදී ලෙස ක්‍රියාත්මක කිරීමට තරම් ශක්තියක් හෝ උවමනාවක් ද රජය පැත්තෙන් දකින්නට ලැබෙන්නේ නැත. උදාහරණයක් ලෙස, දේශපාලකයන්ට හා ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරීන්ට ලබා දෙන තීරු බදු රහිත වාහන වරප්‍ර‍සාදය ඉවත් කිරීමට රජය ගෙන ආ යෝජනාව මේ වන විට රජය ම හකුළා හමාර ය. මේ වන විට රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යෝජනා කරන ආකාරයේ ලුහුපෙවෙත් (austerity) ක්‍රියාමාර්ගවලින් ඈත් වෙමින් සිටින බව පෙනේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවා ග්‍රීසිය වැනි රටවල් සම්බන්ධයෙන් එම වැඩසටහන්වල අසාර්ථකභාවය පිළිබඳ කතා කර තිබේ. 

රජය මේ වන විට වැඩිපුර උත්සාහ කරමින් සිටින්නේ ආයෝජන ප්‍ර‍වර්ධනය කිරීමට බව හම්බන්තොට වැනි යටිතල පහසුකම් හා චීනය වැනි රටවල් සමග රජය කරන උත්සාහයන්ගෙන් පෙනේ. 

එහෙත්, ලංකාවේ ජනතාවගෙන් විශාල කොටසක් මේ සියල්ලට ම විරුද්ධ ය. ලංකාවේ වාමාංශික පක්ෂවල ඡන්ද පදනම දුර්වල මුත්, රටේ මධ්‍යම පංතික අසුබවාදී අදහස් සමග සමපාත වන විරෝධාකල්ප ගොඩනැගීමෙහි සාමාර්ථ්‍යය ඇත්තේ වමේ පක්ෂවලට ය. මෙය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අලුත් ම පෝස්ටර් ව්‍යාපාරයෙන් පැහැදිලි කළ හැකි ය. 

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ එක් සටන් පාඨයක් වන්නේ ‘වැට් බද්ද එපා. ධනපතියන්ට බදු ගසනු!' යන්නයි. මෙම සටන් පාඨයෙන් නිරූපණය වන්නේ ලංකාවේ ආර්ථික ප්‍ර‍ශ්න සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මුග්ධ, වගකීම් විරහිතභාවය පමණක් නො වේ. එය සමස්ත ලංකාවේ ම මධ්‍යම පංතිකයන්ගේ අසුබවාදී ඍණ ආකල්පවල ප්‍ර‍කාශනයකි. 

පෙරටුගාමීන්ගේ සටන් පාඨය සරළ ප්‍ර‍ශ්න කීපයක් මතු කරයි. ඔවුන් ඒවාට පිළිතුරු සැපයිය යුතු ය. 

1. ධනපතියා කියන්නේ කවුරු ද? සමාගම් කොටස් හිමියන්ගේ සිට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් හරහා බහුජාතික සමාගම් දක්වා පරාසය තුළ මෙසේ බදු ගසන්නට හඳුනා ගන්නා ධනපති කවුරු ද?
2. දැනට ව්‍යාපාරිකයන්ගෙන් බදු අය කරන්නේ නැද්ද? කරන්නට යන්නේ තවත් බදු අය කිරීම ද?
3. ව්‍යවසායකයන්ගෙන් අධික ලෙස බදු අය කළ විට ඔවුන්ගේ නිෂ්පාදන මිළ ඉහළ යයි. එවිට අපනයන වෙළඳපොළවල් කඩා වැටේ. විදේශ විනිමය අඩු වේ. දේශීයව භාණ්ඩ මිළ ඉහළ යයි. එයින් ජනතාවට සහනයක් ලැබේ ද?
4. ව්‍යවසායන් කඩා වැටුණ විට ඒවායේ රැකියා කරන්නන්ට ජීවනෝපාය අහිමි වේ.
5. අලුත් ව්‍යවසාය අධෛර්යවත් වේ. එවිට අලුතෙන් රැකියා බිහි නො වේ.
  


අගෝස්තු 7 රාවය පුවත්පතේ පළ වේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

32 comments:

  1. ග්‍රීසිය ජනාවාස කළේ අපේ මහා රාවනාධිරාජයා ගේ හෙළයින් බව පැරා අසා නැතිද? ඒ පැරණි නෑකම් මෙලෙස අලුත් කර ගැනීමට ලැබීම රාවණාධිරාජයාගේ නැවත පැමිණීම සමග සමපාත වීම ඉතා වැදගත් කාරණයක්!

    ReplyDelete
    Replies
    1. https://en.wikipedia.org/wiki/Hellenic කියන්නෙත් හෙල නිසා කියල අහුබුදු කිව්ව.
      දැන් ඊට එහා ගිහින් ඇස්ටෙක් මායා ඊජිප්තු ඇට්ලාන්ටිස් මෙකී නොකී ඔක්කොම රාවණාගෙලු. මං හිතන්නෙ ලඟම තියන ඉන්දියාව ඇර අනිත් ඔක්කොම ශිෂ්ඨාචාර එයාගෙ කියල තමයි රාවණාවාදීන්ගෙ අදහස

      Delete
  2. පැරාගෙ මේ ලිපිය දැක්කම මට අපේ තාත්තව මතක් වුණා. එයා රජයෙ සේවකයෙක්, වැඩ කළේ ග්‍රාම සංවර්ධන නිළධාරි විධියට ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙක. පැන්ෂන් ගිහිල්ලා දශකයකට වැඩියි. ඒ කාලෙ සතියට එක දවසයි office යන්න ඕනෙ, ඒ බදාද. අනිත් දවස්වල field එකේ. හැම මාසෙම, මාසෙ පටන් ගන්න ඉස්සෙල්ලා එයාගෙ මාසෙ schedule එක හදලා ප්‍රාදේශීය ලේකම්ගෙන් අවසර ගන්න ඕනෙ. ඒකෙ මොනවද තියෙන්නෙ, වෘත්තීය පුහුණු අධීක්ෂණය, අඩු ආදායම් නිවාස ණය දීම,රජයේ කුඩා ව්‍යාපෘති (ගොඩක්ම දෙශපාලකයන්හෙ විමධ්‍යගත අරමුදලින් කරන) වගේ දේවල්. ඉතින් අපේ තාත්තා බදාද හැර හැම දවසෙම ගෙදර, field එකේ ගියත් වැඩිම පැය 2ක් 3ක් තමයි. බදාද හැර හැමදාම බටා දානව. බදාද අනිවාර්යෙන් ග්‍රාමසේවකලත් යන්න ඕනෙ. ඉතින් බදාද office ඇරුනම, එයාගෙ යාළු ග්‍රාමසේවකලයි, අනිත් කීප දෙනෙකුයි එක්ක කොහෙ හරි සෙට් වෙලා බොනවා. සතියෙ වෙන දවස්වලත් කොහෙ හරි සෙට් වෙලා බීල තමයි එන්නෙ. මේ බොන ඔක්කොම රජයෙ විවිධ වෘත්තිකයො මිසක් සාමාන්‍ය අය නෙවෙයි. සමහර බදාදවල අපේ ගෙදර බොනවා, එතකොට අපේ අම්ම තමයි බයිට් හදන්නෙ. එකම තනතුරේ අවුරුදු තිස් ගණනක් ඉඳල, උසස්වීමක් ගන්න කිසිම උත්සාහයක් නොකර, අන්තිමට පැන්ෂන් ගියෙ 60න්. අපේ තාත්තා අඩුවෙන්ම වැඩකරල, වැඩියෙන්ම අයිස් ගහපු typical government officer කෙනෙක්. හැබැයි තාත්තගෙ එකම හොඳේ පගාව නොගහපු එක සහ හොරකම් නොකළ එක පමණයි. ඒත් එයාගෙ යාළුවො බොහෝ දෙනෙක් පගාකාරයො, ආණ්ඩුවෙ සල්ලි පොඩි ගණන්වලින් වංචා කරන අය. ඒ නිසා බොන්න හරි සෙට් වෙන්න හරි පඩියෙන් වැය වෙන්නෙ නෑ. ඔක්කොම යාළුවන්ගෙ පගා සල්ලි, නැත්නම් ප්‍රතිලාභ ලැබෙන අයගෙන් ලැබෙන පාටි. මේ තමයි බහුතරයක් රාජ්‍ය සේවකයන්ගෙ තත්වෙ.

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තත් මට රජයේ රැකියාවකටම පලයන් කියල ඒ කාලෙ නිතරම බනිනවා. හේතු විදිහට කියන්නෙ පුද්ගලික අංශයේ වගේ මැරීගෙන වැඩ කිරීමට උවමනා නොවීම හා පෙන්ෂන් එක. හැබැයි මේ තාත්තලාම රටටත් මාර විදිහට ආදරෙයි. කොටින්ට රට පාවා නොදෙනු. ඇමරිකන් කුමන්ත්‍රණ හෙලා දකිමු. පිටරටින් ණය ගන්නකොටත් බනිනවා. ඒ ණය ගන්නෙ මේ පින් පඩි ගෙවන්න කියල හිතෙන්නෙ නෑ.

      Delete
    2. අත්තටම තාත්තලගෙ කාලෙ ඔහොම
      ක්සේත්‍ර නිලධාරින් ටික දෙනය් හිටියේ.අද ඔය වගේ 100ක් 200ක් එක ප්‍රදේශීය ලේ.කා. ඉන්නවා.95%කට කරන්න වැඩක් නැහැ.බහුතරයකට වෙන බිස්නස් එකක් තියෙනව .ජොබ් එක පාර්ට් ටය්ම් .උඩ කමෙන්ට් එක සියලු ක්ශේත්‍ර නිලධාරින්ගෙ පොදු කතාව.මම අත්දැකීමෙන් කියන්නෙ.

      Delete
  3. ඔය පෝස්ටර් ගහන උන්ට ඔය ප්‍රශ්න වලට උත්තර නැහැ.ඒ වගේම උන් කැමතියි ඒ ප්‍රශ්න වලට උත්තර නොලැබෙන තරමට මොකද තමන්ගේ පැවැත්ම තියෙන්නේ රටේ තියෙන ප්‍රශ්න නිසා වෙන හින්දා?

    ReplyDelete
  4. හැමදේම ආණ්ඩුවෙන් නිකම් ගන්නට කැමති වුවද, ඒ වෙනුවෙන් බදු ගෙවන්නත්, ආණ්ඩුවෙන් ග්න්න පඩියට සරිලන ලෙස වැඩ කරන්නත් බොහෝ දෙනා අකමැතිය.

    රජය විසින් කලයුත්තේ පුද්ගලික අංශයට සේවා හා නිෂ්පාදන සැපයීමට ඉඩදී ඔවුනට පහසුකම් සලසා සුදුසු රෙගුලාසි මගින් ඒවායේ ගුණාත්මකභාවය පාලනය කර ඔවුන්ගෙන් නිසියාකාරව බදු අය කරගැනීමයි. රජය විසින් ඒවා සැපයීමට යාමේදී දුෂනයත් නාස්තියත් වැඩි වන බව පෙනේ.

    රජය සේවයේදී hiring සිදුවුවද firing සිදුවන්නේ කලාතුරකිනි. සේවයේ ගුණාත්මක භාවය නිරීක්ෂණ කිරීමට යෙදු විට, අත්සන් පොත් වෙනුවට ඇගිලි සලකුණ තබන මැෂින් එන විට ඔවුන් නිර්ලජ්ජිතව වර්ජනය කරති. පුද්ගලීකරණයට බොහෝවිට මුලින්ම විරුද්ධ වන්නේද අලස රාජ්‍ය සේවකයන්මය. ඊට මම දුටු ආසන්නම සිදුවීම ලෙස "පාඩු ලබමින් හෝ ජාතික ගුවන් සේවයනට මහජන මුදල් පොම්ප කරමින් පවත්වාගෙන යා යුතුය" යනුවෙන් ගුවන් සේවා වෘත්තීය සංගමයක පිරිස් පුවත්පතකට ලිපියක් ලියා තිබීම මතක්වේ. ඒ පුද්ගලික සමාගම් යටතේ වැඩකරන විට අලසව කල් ගෙවමින් සිටිය නොහැකි බව ඔවුන් දන්නා නිසා විය හැකිය.

    රජය සතු සමහර වාණිජ ආයතන පුද්ගලීකරණ කිරීමට රජයට ධෛර්යයක් නොමැති නම්, අඩුම තරමේ මහජන මුදල් පොම්ප කිරීමෙන් තොරව එම ආයතන විසින් උපයාගන්නා අදායමෙන්ම නඩත්තු වියයුතු තත්වයට පත්කළ යුතු බව මම සිතමි.

    ReplyDelete
  5. ඔබ ගෙන් පෞද්ගලික ප්‍රස්නයක් අහන්නට කැමතියි... ඔබ කැමතිනම් පමනක් උත්තර දෙන්න....

    පැරා, ඔබ මේ ලිපියේ ලියා දක්වන සන්කල්පය ඔබ ජීවිතේ මුල් කාලේ සිට ම විස්වාස කල දර්සනයක් ද? නැතිනම් පසු කලෙක ප්‍රායෝගිකව වැටහී වැලඳ ගත් දර්සනයක් ද? ඒසේ නම් ඒ වැටහීම සහ නව දර්සනය වැලඳ ගත්තේ කුමන වයසකදීද?



    ReplyDelete
    Replies
    1. මිනිස් ජීවිතය තිබෙන්නේ ද චලනයක් තුළ ය. ඒ නිසා දැනුම ද එක තැනක තිබෙන්නේ නැත. එය ද චලනයක පවතී. මා වාමාංශිකයකු ලෙස කටයුතු කරද්දී මා ද ඔය ආකාරයෙන් හැසිරී තිබේ. එහෙත්, මා දැන් කටයුතු කරන්නේ වගකීමක් සහිත පුරවැසියකු ලෙස මිස දෘෂ්ටිවාදයන් කරපින්නා ගත් කෙනෙකු ලෙස නො වේ.

      Delete
  6. මචං පැරා,
    රජයේ සේවය තුල වැඩක් කරන්න හදන එකාටත් දහඅට කොන්දේසිය දානවා..

    ReplyDelete
  7. රාජ්‍ය සේවය පවත්වාගෙන යන්නෙ සුබසාධනය වෙනුවෙන් ය කියන එක පට්ටපල් බොරුවක්. ඕකෙ ඇත්ත නම්, සුබසාධනය යන්තමින් නඩත්තු කරන්නේ ඔය රාජ්‍ය සේවය පවත්වාගෙන යන්නයි. ඕක ඕනැම ඉස්කෝලෙකට, ඉස්පිරිතාලෙකට ගියාම පීඩිතයෝ දකිනවා.

    ReplyDelete
  8. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මටනම් පෙනෙන්නේ, එළදෙනගේ පිටේ වහලා, මගේ බර දැනෙනවාද කියා ඇසු මැස්සා වගෙයි.

    ReplyDelete
  9. Good, most importantly very realistic article

    ReplyDelete
  10. අජිත් පොන්න ජයසිංහ වෙතයි,

    විවේනයක් දරා ගන්න තරම්වත් ආත්ම ශක්තියක් තියෙනවා නම් මේ කමෙන්ට් එක මකන්නේ නැතුව දාපන්.

    තෝ හිතුවද පොන්නයො පෙරටුගාමින් කියන්නේ තොපි වගේ නූගත් මොඩයො කියල? ලංකාවේ ඉන්න උගත් බුද්ධිමත් කොල්ලො කෙල්ලො ටික ඉන්නේ පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ. තොට කතාවක් කරන්න අවස්ථාවක් ලැබූනා කියලා තෝ තොගෙ පුක මූනට ගන්න එපා පර බල්ලා. තෝ මෙතන බුදු වෙන්න හැදුවට තොගේ අත්වල තියෙන ලේ පැල්ලම් තවම මැකිල නෑ.

    ඈ බොල නාකි හමෝ, තෝ හිතන් ඉන්නේ තෝ මහ දාර්ශනිකයා කියලද? තෝ මෙතන තොගේ බූරු ගෝලයො ටික චූන් කර කර උන්ගේ ගොන් කමෙන්ට්වලින් තෝත් චූන් වෙවී හිටපන්. එත් තෝ නොදන්න අපි ගැන නොදන්න මගුලි කතාකරන්න එන්න එපා. තොගේ අවලම් වැඩ අපි ලවා ප්‍රසිද්ධ කර ගන්න එපා.

    ඈ බොල ගස් බල්ලො, තෝ විශ්වවිද්‍යාලයකට වැස්සකටවත් ගිය එකෙක් ද? තොට ඉගෙන ගන්න බැරි අපතයෙක් වුණ එකේ කරුමෙට තෝ ඉගෙන ගත්ත එවුන්ට වෛර කරනවා. තෝ හිඟන්නෙක් වුණ එකේ කරුමෙට තෝ සල්ලි තියෙන එවුන්ට වෛර කරනවා. තොට තවම ඉහළ මධ්‍යම පන්තියට එන්න බැරි වුණ නිසා තෝ ඉහළ මධ්‍යම පන්තියට වෛර කරනවා. තොට හරියට සිංහලවත් ඉංග්‍රිසිවත් බැරි නිසා තෝ සිංහල ඉංග්‍රිසි හොඳින් දන්න එවුන්ට වෛර කරනවා. තොට ඉංග්‍රිසි වචනයක් හරි හැටි කතා කර ගන්න බැරි නිසා තෝ ලස්සනට ඉංග්‍රිසි කතා කරන එවුන්ට වෛර කරනවා. තොට හරියට ආණ්ඩුවේ රස්සාව කර ගන්න බැරි වුණ නිසා තෝ ආණ්ඩුවේ රස්සාව කරන එවුන්ට වෛර කරනවා. ඈ පර බල්ලො, තොගෙ රෙද්දෙ දේශපාලනය ඕකද? ඕකට කියන්නේ දේශපාලනය කියල නෙවෙයි හරකො. ඕකට කියන්නේ හීනමානය කියලා. තොපි වගේ හීනමානකාරයන්ට ලියන්න දුන්නා කියන්නෙ වඳුරන්ට දැළිපිහි දුන්නා වගේ වැඩක්.

    තෝ තොගේ බ්ලොග් පඩංඟුවේ ආණ්ඩුවට කඩේ යන ඕන රෙද්දක් ලියා ගනින් පරයා. මොකද තෝ තොගෙ සිටු කුමාරිවයි අර අහිංසක දරුවො දෙන්නවයි ජීවත් කරවන්න ඕනැනෙ. හැබැයි තෝ අපේ පුකේ ඇඟිලි ගහන්න එන්න එපා. ඒවට ආවොත් තොගේ ෆයිල් එක එළියට අදින්න වෙනවා අපිටත්. මොකද තෝ හිටපු තැනිවලින් අපිට තොගේ පර්සනල් ෆයිල්ස් එකතු කර ගන්න එක සිම්පල් වැඩක්. මොකද තෝ හිටපු හැම තැනකම ගූ කරන්නෙ එළියට බැහැල තියෙන්නේ.

    මේක අපි තොට දෙන පළවෙනි වගේම අන්තිම අවවාදය. තොගේ මේ කුණු බ්ලොග් එක කියවනවට වඩා අපිට වැඩ තියෙනවා. ඇඟිල්ලෙ තරමට ඉදිමියන් කාලකන්නියා.

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි වීරයන් අපට ජීවිතයේදී බොහෝ වර හමු වී තිබෙන බව පමණක් කියමි. ඔබට ලබා දෙන විශේෂ අනුග්‍රහයක් ලෙස මෙය බ්ලොග් පෝස්ට් එකක් ලෙස වුව පළ කරන්නට කැමැත්තෙමි. ඔබ කැමති නම්, මා ගැන ඔබ නගන ඔය චෝදනාවලට ද අවස්ථාවක් දෙන්නට පුළුවන.

      Delete
    2. Well done para, api oba samagayi.. Me rata ayeth agadhayata ada danna hadana me peratu gami kalakanni haththata wiruddhawa liyana eka itha hondayi, penawane mun katha karana hati.. Mun koheda buddhimaththu wenne. Puke buddhiya thamayi oya widahala pala thiyenne.. Para obata thawath dhairyaya labewa!!!

      Delete
    3. පෙරටු ගාමියා කතා කරන විදිහෙන්ම බුද්ධිමත් බව පේනවා හිකිස්...

      Well said para.

      Delete
    4. පව් පැරා, මේ අය ගෙදරින් ඉගෙනගත්ත බාසාවනේ. ඉතින් මේ අයගේ දෙමව්පියන්ට සැපවේවා කියනවා ඇරෙන්න වෙන දෙයක් කියන්න නැහැ.

      Delete
    5. තෝ හදන්නේ තොට විරුද්ධව කෙරෙන විවේචනවලිනුත් පබ්ලිසිටි ගන්නද? තෝ වගේ එවුන්ට පබ්ලිසිටි දෙන්න අපිට පුකේ අමාරුවක් නැහැ.

      අන්න තෝ එක්ක ගුද රමණයේ යෙදෙන එවුන් කුලප්පු වෙලා තොගෙ ඇත්ත එළි වෙනකොට.

      මිනිහෙක් වෙන්න බලපන්. කුහකකම අතහැරපන්. අනුන්ගේ ඇසේ තියෙන රොඩ්ඩ ගැන වද වෙන්න කලින් තොගේ ඇසේ තියෙන පොල් පරාලේ ඉවත් කර ගනින්. අපි කරපු විවේචනය ගැන හිතපන්. තෝ වගේ වල පයයි ගොඩ පයයි ඉන්න නාකි හමාලා එක්ක අපිට ගේමක් නැහැ.

      Delete
    6. Ane kurutta, kicha wela pacha wela kujeethama wela giya, duwapu parak wath na.. :-)

      Delete
    7. මේ දන්නේ නැති හින්දා අහන්නේ.... පෙරටුගාමි පක්ෂයේ ඉන්න ඔක්කොම කුරුට්ටෝ මේ වගේ අවුල් එවුන්ද ?

      Delete
    8. මේ අසික්ෂිත බැණ වැදීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සිම්පතයිසර් කෙනෙකු කළා විය හැක.

      නමුත් ඔවුන් අපකීර්තියට පත් කිරීම සඳහා වෙනත් පසමිතුරෙකු ඒ ප්‍රතිචාරය දැක්වූවා යැයි කීමට ද සමාන සම්භාවිතාවක් තිබේ.

      Delete
    9. පෙරටුගාමීන්ගේ පෙරටුගාමී බව ඔවුන්ගේ භාෂාවෙන්ම ඔප්පු කර තිබේ

      Delete
  11. Lankawe buddhimaththu natha- Nalin de Silva

    Poth tikak girawu wage kata padam karala campus giyata mun koheda buddhimaththu wenne.. :-)

    ReplyDelete
  12. Onna Parata puka dena ewun kulappu wela.

    ReplyDelete
  13. Ayi umbalata puka dena ewun nadda

    ReplyDelete
  14. ඇයි මහින්දව ඉඹලා පිලිගත්ත චාවේස්ගේ වැනිසියුලාව.... සත්තු වත්තේ හිටපු සත්තු ටිකත් මරාගෙන කෑවා... මාර සංවර්ධනයක් තියෙන්නේ..

    මේකේ ඉන්න ආචාර්ය මහාචාර්යවරුත් ගල් යුගයේ ඉන්නේ.. ඉතින් කුමන කතාද...?

    ReplyDelete
  15. peratugamin yanu kawurunda?

    Me prashnayata pilithuru soyana oba itha salakiilen kiyawiya yuthu saha surakshithawa thabagena an ayatath penwiya yuthu itha agana liyawillak ihatha dakweyi.
    Meya kiyaweemen mema wyaparaya itha ashilachara wooth, thamanta ekanga nowannawu anekage leyata leya illana manasikathwayak aththawooth prathamika hangim walin yuktha wuwange wyaparayak lesa peni yayi. Mema hasirima sadharanikaranaya karaganeemata mowun thaman buddhimathun wemuyi yana athmabhimanayak pawichchi karana bawa mema liyawillen peni yayi.
    Thaman buddhimathun yayi aththukkansanaya karana mowun ge niyama swabhawaya penweemata haki wenath kisima nidasunak mema liyawilla ta wada awasi natha. Itha pahadiliwa mema buddhi heenawoo, hangim saha mithayawen rawatee aththawoo pudgala gonnage chinthanaya ihatha liyawillen penwa atha.

    Mema liyawillen apata daka gatha haki thawath moola swabhawayak wanne mowunge kadakappalkaree chinthanayayi. Kisidu shashthriya hikmeemak nopenwana winashakaree hangeem walin uluppanu laboo mema kulakaye ashaya wanne dweshaya paliganeema menma awasi wita uparima bheeshanayak muda hareema bawa mema liyawillen monawata pahadili we.

    Mowun buddhimathun less samajayata pamineema Saha thamanwama penwa ganeema samajayata karana nindawaki. Heta mowun wada shilachara lesa oba hamuwe peni sitiya haka. Namuth mowunge athulanthaya monawata mema liyawillen pahadili wena athara eya esema pawathinu atha. Ema nisa ihatha sandahan peratugami liyawilla surakshithawa thaba gatha yuthu mahangu liyawillaki.
    Mema mahangu liyawilla pala kala parakum mahathata mage acharaya.

    Emenma mema liyawilla mema pakshaye podi sokkekuge boru ka gasimak lesa nosalakanna. Meya mema pakshaye nayaka karakadeenge Sita pakshaye hadawathama nirupanaya karana kadima liyawillaki.

    ReplyDelete
  16. //සාමාන්‍යයෙන් ගත් කල ලංකාවේ මිනිස්සු කම්මැලි ය.//
    ado! Walida?!!

    ReplyDelete
  17. පට්ටයි පැරෝ! මට හිතෙන්නේ මේ රටට ඕනෙ ඒකාධිපතියෙක්. එහෙම නැත්තං චන්ද තියන්න ඕනෙ අවුරුදු 10න් 10ට විතර. නැත්තං රටට හොඳ වැඩක් කරනකොට ඊළඟ චන්දෙන් පරාදයි.

    ReplyDelete
  18. The one who survived Eliaya Kanda trying to become one of the shameless NeoCons even loutish than Robert Kagan. What an Irony.

    ReplyDelete
    Replies
    1. Remember that the origin of neoconservatism is US nationalism. The ideologist radicals who call us various names are mere radical nationalists who are closer to neoconservatism than me.

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.